Thursday, April 4, 2013

61. අපායේ ගතකල හොඳම විනාඩි විස්ස!



මේ දැන් මාරම වැඩක් වුනානෙ බංස්ලා. මම දැන් පැයකට කලින් ගියා අපායට. අපාය කියන්නෙ මම උගන්නන එක පන්තියක්. දැන් උඹලා කියන්න එපා එහෙම කියන එක අසාධාරණයි කියලා.   සීමිත විෂය මාලාවක් උගන්නන පන්ති (Limited curriculum classes) හදලා තියෙන්නෙ ඉස්කෝලෙ ඉන්න එපාම කරපු යමපල්ලො ටික දාලා. මේවායේ ඉන්නෙ ඇත්තටම ඉස්කෝලෙක තියාගන්න බැරි, නමුත් ළමා අයිතිවාසිකම් කේස් එක නිසා එලියට වීසි කරන්නත් බැරි ජීවී විශේෂයක්. මේ පන්තිවල උගන්නන්නෙ ආගම, මව් භාෂාව , ඉංග්‍රීසි, විත්‍ර සහ ගණිතය විතරයි. උදේ ඉඳලා පීරියඩ් හතරයි වැඩ. ඉන්ටවල් එකට ගෙදර  ගියාම ආයෙ එන්න ඕනෙ නෑ අනිත් සාමාන්‍ය ළමයි වගේ.  ලිමිටඩ් කරිකියුලම් කියන ඒකට යන,  ගිය ආත්මේ ගෙවාගන්න බැරි පාප කර්ම කරලා තියෙන අවාසනාවන්ත ගුරුවරු කවුරුත් ඒකට කියන්න අපාය තමයි. අපායට යන්න කලින් මම රවියගේ වාංපතුල් ගැනත් ජනුවගේ තාත්තගේ කිරි බෝතලේ ගැනත් කියවලා මූඩ් එක හදාගෙන ගියේ.

මම කලිනුත් කියලා තියෙනවා වගේ, අර යාඥාවක් එහෙම කරලානේ ඔය පන්තියට යන්නේ. මේකට ඇතුල් වෙන්නෙත් ඔය සාමාන්‍ය පන්තියකට ඇතුල් වෙන විදියට නෙවෙයි මම නම්. දොර ලඟට ගිහින් ඉස්සෙල්ලම
දොරබෝලෙ කරකවලා බලනවා. ලොක් කරලා නම් එහෙමම ඉන්නවා කවුරුහරි ලොක් එක අරිනකල්.  නැති නම් බෝලෙ කරකවලා, අඟලක්  දොර අතින් තල්ලු කරලා අත ගන්නවා. ඒ එක්කම අඩියක්  පස්සට අරගෙන, සපත්තුවේ ටෝ එකෙන් දොර තල්ලු කරලා තව අඩියක් පස්සට අරන්, බලා ඉන්නවා දොර මුල්ලක් ඉතිරි නොවී දොර සම්පූර්ණයෙන් බිත්තියට ගිහින් හේත්තු වෙනකල්. මේ ඔක්කොම කරන්නෙ දොර බූබිට්‍රැප් කරලා තියෙන්න පුලුවන් නිසා. ඊට පස්සෙ උඩ සහ වම හොඳට බලලා සැක හැරගෙන තමයි පන්තියට ඇතුල් වෙන්නෙ.

ඉතින් වෙනද වගේම මම හිල් කලේට වතුර අදිමින් විනාඩි විස්සකට වඩා වැය කලා. මතක තියාගනිල්ලා. මේ පන්තියෙ විනාඩියකට තප්පර හයසීයක් තියෙනවා. වෙන පන්තිවලට ගුරුවරු ගියාම ළමයි නිතර ඔරලෝසුව දිහා බලනවා ඒක නැවතිලාද කියලා දැනගන්න. අපායට
ගියාම, නිතර ඔරලෝසුව දිහා බලන්නෙ ගුරුවරු, ඒක නැවතිලාද කියලා දැනගන්න.

මාත් ගිහින් තනියෙම පාඩමක් කරනවා. මම හිතන්නෙ මේ අපාය කියන පන්තිවල වැඩ කෙරෙන හැටි පොඩ්ඩක් විස්තර කලොත් හොඳයි, කොයි ගුරුවරයා ගියත්, හොඳ හෝ නරක.

එකෙක් ගුරුවරයට  කුණුහරපෙන් බනිනවා මව් භාෂාවෙන්. තව එකෙක් කඩදාසි බෝල විසිකරනවා. එක කඩදාසි බෝලයක් ගුරුවරයගේ කණ ගාවත් වදිනවා. භැමෝම හිනා වෙනවා. ගුරුවරයා මොකුත් නොවුන ගානට ඉන්නවා. නැගීගෙන එන, පහළ අපායේ පන්තියෙන් එලියට දාලා ඉන්නවුන් මේ පන්තියෙ උන්ට, ජනේලෙන් කෑ ගහනවා. මේ පන්තියෙ උන් පැනලා ජනේලෙන් අත දාලා අරුන්ගෙන් එකෙක්ව අල්ලාගෙන ජනේලෙන් ඇතුලට අදින්න හදනවා, කෙල්ලො, කොල්ලන්ව වට කරගෙන අතේ පච්ච කොටවා ගන්නවා. තව එකෙක් චිත්‍ර අඳිනවා. තව එකෙක් ඔහේ බලාගෙන ඉන්නවා. එකෙක් පාර පැත්තෙ ජනේලෙ ගාවට දුවලා පාරෙ යන ගෑණියෙක්ගෙ පස්ස වැනෙන හැටි දැකලා කෑගහලා, අනිත් උන්ටත් කියනවා. කට්ටියම ජනේලෙ ගාවා. ගුරුවරයා එතනට ගිහින් අරුන්ට කෑගහනවා, 'ගිහිල්ල ඉඳගනිල්ලා' කියලා. අරුන් ගුරුවරයට අර 'පස්ස' පෙන්නලා කියනවා, 'පට්ට කෑල්ලක් යනවා සර්, අර බලන්ඩකො, මට ම්ම්ම්ම් හිතෙනවා...', කියලා. ගුරුවරයා ආයෙම බලනවා ඔරලෝසුව නැවතිලාද කියලා.

ඔන්න  ඔයාකාරයි.

දැන් ඔන්න නිතරම සින්දු කියන බෙර ගහන එකෙක් ටොයිලට් එකට ගියා. ටිකකින්, පන්තියෙ අද ඇවිල්ලා ඉන්න උන්ගෙන් ජරාම එකා වගේම, පන්තියෙ ජරාම උන්ගෙන් එකෙකු වන සිරිමත් මගේ සකි, යහපත් ළමයෙකි තව එකෙකුත් එක්ක ජනේලෙ ගාවට දුවනවා. මේ  හදලා මාස දෙකක්වත් නැති අලුත්ම බිල්ඩිමේ පන්ති කාමරයේ එක පැත්තක එලියට ඇරෙන ඇලුමිනියම් ජනේලත්, කොරිඩෝව පැත්තට පීල්ල දිගේ ලිස්සන ඇලුමිනියම් ජනේලත් දාලායි, හදලා  තියෙන්නෙ.

ජනේලෙ ගාවට ගිය මේ දෙන්නා, මුලින්ම මොකක් හරි වාදයක් ගියා මව් භාෂාවෙන්.  ඊට
ටිකකට පස්සෙ පස්සෙ දෙන්නම ජනේලෙ වීදුරු දෙකකට අත් තියලා තල්ලු කරනවා මම බලාගෙන. 'මේ ඕක නවත්තනවා!' කියලා කෑ ගහල කට ගන්න හම්බවුනේ නෑ, වීදුරු ජනෙල් පියන් දෙක දඩාස් ගාලා පීල්ලෙන් පැනලා කොරිඩෝව පැත්තට පෙරලුනා. මුන් දෙන්න දඩිබිඩි ගාලා ජනෙල් පියන් දෙක යන්තම් අල්ලා ගත්තා. දැන් දෙන්න එක්ක මේක ආපහු දාන්න හදනවා, හරියන්නෙ නෑ. මොකද ඒක කරන්න පුලුවන් වැඩක් නෙවෙයි , පියන දෙන්නෙක්වත් දෙපැත්තෙන් අල්ලන්නෙ නැතුව. 

දැන් දෙන්නගෙම මූණු අර ගලේ පහරපු බළල්ලු වගේ. අතෑරලා දුවන්නත් බෑ, ජනේලෙ පෙරලෙනවා, අල්ලගෙන ඉන්නත් බෑ මාට්‍ටු වෙනවා. අපරාදෙ කියන්න බෑ වෙන එකෙක්වත් මුන්ට උදව්වක් කරන්න ආවේ නෑ. 'හක හක' ගගා බඩවල් අල්ලගෙන හිනා වෙනවා. මම කෙලින්ම පන්තිය දාලා ගියා සුපවයිසර්ට කියන්න. සුපර්වයිසර්ට කලින් මෙන්න ප්‍රින්සිපල් එනවා කොරිඩෝව දිගේ. මම ප්‍රින්සිපල්ව දැනුවත් කරලා ආවා.

මෙහෙම නීතියක් තියෙනවා. දැන් කවුරුහරි ඩෙස්ක් එකක් පොඩි කලොත්, කුණුහරපයක් ලිව්වොත්, අතේ පච්චයක් කොටා ගත්තොත්, පරිපාලනය ඉස්සෙල්ලම ඇඟිල්ල දික් කරන්නෙ හිටපු ගුරුවරයාටයි. වැ‍රැද්ද කරපු එකාට දඬුවම් දෙන එකට වඩා ප්‍රමුඛතවයක් දෙන්නෙ ගුරුවරයට ලෙඩේ අදින්නයි. ඒක නිසා මට අනිවාරයයෙන්ම ඒක කරන්න වෙනවා.

ප්‍රින්සිපල් එනකොටත්, පොරවල් ජනෙල් වල එල්ලිලා අල්ලගෙන ඉන්නවා. පන්තිය ඇතුලේ උන් මහා හයියෙන් හිනාවෙනවා. මටත් හිත ඇතුලෙන් මැරෙන්ඩ හිනා වුනත්, මමත් සීරියස් මූණක් හදාගෙන ඉන්නවා.

ප්‍රින්සිපල්ට මුන් දෙන්නත් එක්ක මල පැනලා මදිවට, පන්තියෙ ඉන්න උන් එකිනෙකාට ගහ ගහා, බිම පෙරලි පෙරලි, හිනාවෙන එකට කරන්න දෙයක් නෑ.

ටිකකින් ආවා අර ටොයිලට් ගිහින් හිටපු එකා. මූ ප්‍රින්සිපල් ලඟ නැවතිලා කටවල් ඇරලා ඇස් රවුම් කරලා බැලුවා සීන් එක. බලලා එතනම ඉඳන් ඇතුලෙ උන්ගෙන අහනවා මොකද යකෝ වුනේ කියලා. මුන් කියනවා විස්තරේ, අතිනුත් දාලා මහා හයියෙන්. ඒක අහපු බුවා, ප්‍රින්සිපල් ගාවම බිත්තියට මිට මොලවලා ගහ ගහ, උඩ පැන පැන, හිනාවෙනවා. 


ප්‍රින්සිපල් කෙනෙකුටත් පුදුමාකාර ඉවසීමක් තියෙන්න ඕනෙ.


ටිකකින්, ප්‍රින්සිපල් කිව්වා ඔය ජනෙල් දෙක හෙමීහිට උස්සලා අහකට අරගෙන බිත්තියට හේත්තු කරන්නය කියලා, එකෙක් නම් එහෙම කලත්, අර සිරිමත් ඒක එහෙම්මම හිර කරලා, තර්ක කරනවා ප්‍රින්සිපල් එක්ක. ටිකකින් බුවාත් ජනෙල් පියන බිම තියලා ප්‍රින්සිපල් එක්ක එකට එක කියාගන්න පටන් ගන්න කොටම බෙල් එක ගැහුවා. ඔව්! සීමිත විෂයමාලා පන්තිවලට යන ගුරුවරු කවුරුත් අර ආසාවෙන් බලා ඉන්න සද්දෙ. මම මාකර් දෙකත් සාක්කුවේ දාගෙන එලියට එ
කොට එක කොල්ලෙක් දුවගෙන ආවා මාත් එක්කම.

"සර් මාත් එනවා."

"කොහෙද යන්නෙ?"


"මම යනවා ටොයිලට් එකට."

"දැන් එක පාරක් ගියානේද?"

"දැන් යන්නෙ හොඳට  හිනාවෙන්ඩ."

"හම් යං. මාත් මේ ස්ටාෆ් රූම් එකට යනකල් ඉන්න බැරුව ඕයි ඉන්නෙ මේක කාට හරි කියලා හිනාවෙන්න."

ඒක අහලා, ඒකා කොරිඩෝවෙ ඉඳගෙනම හිනාවෙන්න පටන් ගත්තා.

Simulblogged @  මට හිතෙන හැටි for WordPress Lovers.

125 comments:

  1. ඕකට තමයි කියන්නෙ වල් බූරු නිදහස කියලා.. ඒත් ඕවා දියුණුවේ ලක්ෂණලුනෙ.. ඔහොම යමු ඉතින්..

    අවංකවම උඹලා ගැන දුකයි..ඒත් මොනවා කරන්නද.

    ReplyDelete
    Replies
    1. නිදහසේ කිසි වැ‍රැද්දක් නෑ සෙන්නා. ඒක පාවිච්චි කරන විදියයි වැදගත්.

      Delete
  2. ///"දැන් යන්නෙ හොඳට හිනාවෙන්ඩ."

    "හම් යං. මාත් මේ ස්ටාෆ් රූම් එකට යනකල් ඉන්න බැරුව ඕයි ඉන්නෙ මේක කාට හරි කියලා හිනාවෙන්න."

    ඒක අහලා ඒකා කොරිඩෝවෙ ඉඳගෙනම හිනාවෙන්න පටන් ගත්තා.///

    මං දැන් කල්පනා කරන්‌ෙන් ඔය කියන තරමට මුන් නරකද කියලා....

    මේක කියවන්න පටන් ගත්ත වෙලාවේ ඉඳලා මට මතක් උනේම “ To Sir, with love” .....

    ReplyDelete
    Replies
    1. නෑ බං අපියි නරක. ළමයි හොඳායි. මගේ ප්‍රබන්ධ ලිවීමේ හැකියාව හොඳයි නේද?

      Delete
  3. හප්පේ..ඔය වගේ කඩප්පුලි ළමයින් දැකලා තියෙන්නෙ ඉංග්‍රීසි ෆිල්ම් වල විතරයි. උනුත් නාහෙට අහන්නෙ නැතුව උගන්වන ගුරුවරුන්ව සෙල්ලමට ගන්නවනේ..ඇත්තටම ඩූඩ් ඔය වගේ වාතාවරණයක් ඇතුලේ උගන්වන්නෙ කොහොමද ? මළ පනින්නෙ නැද්ද ?

    එක අතකට ලංකාවේ ළමයින් තාමත් හොඳයි. ගුරුවරුන්ට කීකරුයි.අපි සතුටු වෙන්න ඕනෙ ඔය වගේ වාතාවරණයක් තාමත් අපේ පාසැල්වල නැති එක ගැන..මේවා නම් ඉතින් කටුම තමා නේද ඩූඩ්.

    ReplyDelete
  4. ඇයි දෙයියනේ කෝ මගේ කොමෙන්ටුව ?

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම ඔන්න කමෙන්ට් එක ස්පෑම් එකේ තිබිලා හොයා ගත්තා.

      අපි හැම දේම බලන්නෙ සාපේක්ෂවනේ ළිහිණි. මල පැනීම මුලදිම 100%යි.

      දැන් සෑහෙන්න අඩුයි. මල පැනීම නෙවෙයි මෙතන ප්‍රශ්ණෙ. තමන්ව පාලනය කරගැනීම.

      Delete
  5. ක්ලාස්වල එහෙම හිනා වෙන් බැරි වුනාම අපිත් ඉක්මනට දුවනවා ටෙයිලට්. ඒ හිනාවෙන් උපරිම ඵල ගන්න..

    අපායේ තප්පරඅසුහාරදාහක් වගේ නේද බොල සමහර පන්ති?

    අපි ගත්ත ආතල් වලින්, ගුරුවරු කෝම බේරිල ඉන්න ඇත්ද කියල දැන් තමා තේරෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් හිනාව නාස්ති කරන්න හොඳ නෑ. හරි ගනං. :)

      Delete
  6. සර් ල දෙන්නෙක් තුන්දෙනෙක්ගෙ ඔලු පැලුවට ලංකාවෙ ඉන්න ශිෂ්‍යයොකොච්චර හොඳ්ද නේ බං..!

    යකෝ උඹ ගැන අවංකවම දුකයි බං..!මන් නම් දමලගහල ඇවිල්ල,නැත්තම් හිරේ එකෙක්ගෙ කන පලල..!
    ඇත්තමයි අනෙක් ගුරුවරුන්ටත් සෙත් වෙන්නත් එක්ක එකෙකුට දුන්න නම්..හිරේ ගියත් කමක් නෑ...ඕකුන් පඩ ෂෝකාර්යො වෙන්න ඇතිසල්ලිවලට කරන්න දෙයක් නැති.

    ReplyDelete
    Replies
    1. මේක අනුකම්පාව බලාපොරොත්තුවෙන් ලිව්ව පෝස්ට් එකක් නෙවෙයි වීයා. උඹලා මීට කලින් කියවලා තියෙනවද විදේශයක උගන්නන ගුරුවරයෙකුගේ අත්දැකීම්? උඹලා පියසේන කහඳගමගේ ගුරුසේවයේ රසකතා කියවලා ඇති. නමුත් මේක වෙනත්ම පරිසරයක්. ලාංකික සමාජය දකින එකහමාරට ගෙදර එන නිකං බොරු කරලා පඩි ගන්න ගුරුවරයා ලෝබ කුණාලගේ තවත් නොපෙනෙන පැතිකඩක්.

      එකෙක්ව බාවන එක හරිම ලේසියි මචං. ඒක තමයි ඉතාම ස්වභාවික දේත් කරනවානම්. ඒක නොකර දිගටම වැඩකරන එක තමයි අමාරුම දේ. අපි කරන්නේ ඒ අමාරුම දේ. Mission Impossible.

      නෑ මචං මේ සල්ලි වැඩි වෙලා නෙවෙයි. මේ සමහරු හරිම දුප්පත්.

      Delete
    2. //එකෙක්ව බාවන එක හරිම ලේසියි මචං.// වරදවා හිතන්න එපා එච්චර දරුනු එකක් නෙවේ කිව්වෙ. කන පුරෝල මතක හිටින පාරක් වගේ දෙයක්..))

      Delete
    3. ලාංකික සමාජය දකින එකහමාරට ගෙදර එන නිකං බොරු කරලා පඩි ගන්න ගුරුවරයා -

      හෙන්රි පොඩි කාලේ ඉස්කෝලේ ගියෙත් ඔය රටේම වෙන්න ඇති.

      Delete
  7. අනේ අපි කොයිතරම් වාසනාවන්තයෝද

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒ බව නිතර මෙනෙහි කරපං.

      Delete
  8. අයියලට සම්මානයක් දෙන්න ඕනිනෙ... ඒත් ඉතින් ගෑණු ලමයි වෙලා අපි කරපුව මතක් වෙනකොට මට දුක හිතුනා අපේ ගුරුවරුගැන...

    ReplyDelete
    Replies
    1. සම්මාන ඕනෙ නෑ නදිනි. හිරකාරයෝද මනුශ්‍යයෝය කියනවා වගේ ගුරුවරුද එසේමය කියලා කෙනෙක් හිතුවොත් ඒ ඇති.

      Delete
  9. අදනේ තේරුම් ගන්න පුළුවන් භාෂාවෙන් ලියල තියෙන්නෙ.මම ඇත්තටම හිතුවෙ නැහැ හෙන්රි ඔබලා ඔච්චර දුකක් විදිනව කියල.ඔය හැතිකරේ ඔය රටේ එවුන්ද?අර වීයා කියල තියෙනව වගේ අපි වගේ උන් හිටියනම් කූරු ගණන් කරනව බෝඩිමේ.

    ReplyDelete
    Replies
    1. මේ භාෂාවෙන් ලියන්න මාත් ආසයි මචං.

      මේ මේ රටේ ළමයි තමයි. හැම පන්තියම මෙහෙම නෑ. මම මෙහෙම නැති පන්ති දෙකක් කරනවා. මම අපායේ ඉඳලා කෙලින්ම ඒ පන්තියට ගියාම ළමයි අහනවා මොකද සර් මූණ? අර පන්තියෙ ඉඳලද ආවේ කියලා.

      මචං මමත් ඉස්සර එහෙම තමයි. වලි ඇත්තේ කොහේදැයි සොය සොයා ගිය එකෙක්. අහක යන වලි වලට හොම්බ දාපු එකෙක්. නමුත් පවුල් වගකීම් වැඩි වෙන කොට ජීවිතයට සිදුවෙන වෙනස පුදුමාකාරයි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  10. මට මාර ආසාවක් ආවා බං ඔය පන්තියට උගන්නන්න... බලපං උඹ කොච්චර සංතෝසෙන් ඉන්නවද කියලා... හිනාවෙන්නත් යන්නෙ ටොයිලට්...

    ReplyDelete
    Replies
    1. විලි ලැජ්ජා සන්තෝසෙ බෑ බං. සැප කනේ!

      Delete
  11. මට නම් හිතුනේ මේ වගේ ලමයි කොටසකට මේ විදියටවත්, ඉස්කෝලෙකට එන්ට ලැබෙන එක මොනතරම් දෙයක්ද කියලා. ඔයාලටත් පින්.

    අනෙක බලන්ට හිනා උනා වගේම, පෝස්ට් එකක් දාන්ට කරුණුත් ලැබුනානේ. මට මතක් උනේ අර ආමීර් ඛාන් ඉන්න මොකක්දෝ හින්දි ෆිල්ම් එක.:)

    //මම රවියගේ වාංපතුල් ගැනත් ජනුවගේ තාත්තගේ කිරි බෝතලේ ගැනත්කියවලා මූඩ් එක හදාගෙන ගියේ.//
    මේවා කියෙව්වාම අපායට යන්ට පෙරහුරුවක් ලැබෙනවද? හී හී ……

    ReplyDelete
    Replies
    1. තිරි ඉඩියට්ස් ද නංගියේ!!!

      Delete
    2. අනේ පොඩ්ඩි පින් නම් ඕනෙම නෑ. මේක තනිකර රස්සාවක් කරන්නේ, අවංකවම.

      ඒ වගේම උපනුපන් ජාතිත් ගුරුවරයෙක් වෙන්න අදහසක් නෑ ආයෙ.

      සත්තුවත්තේ වඳුරන්ගේ මැක්කො කැඩුවත්. පෝස්ට් ඔෆීස් එකේ මුද්දර පොඟවන්න දිව එලියට දාං හිටියත්... :))

      Delete
  12. මටත් මතක් වුණේ ඩූඩ් අංකල් අර "To sir, with love" කියන පොත තමයි. :)

    ReplyDelete
    Replies
    1. මේක වෙනස්. මේක To low life, with hate. :))

      Delete
    2. ඒක තමා මාත් කියන්නේ ගියේ බ්‍රෙත් රිකාඩෝ කරපුවා කරලා හරියන්නේ නැද්ද මේ පංතියට :D

      Delete
  13. ලංකාවෙත් මැති ඇමති පුත්තු ඉගෙනගන්න කැලෑසි ඔය වගෙ ඇති කියල හිතෙනවා. අපොයි මං හිතං හිටියා උගන්නන එකත් ජොලි වැඩක් කියලා අර අපේ කාලෙ පුරුද්දට. ඔය රටෙත් ඔහොමයි ?

    ReplyDelete
    Replies
    1. උගන්නන එක ජොලි වැඩක් කියලා මට මතකත් නෑ මචං. ස්ට්‍රීම් සබ්ජෙක්ට්ස් උගන්නන උන් ඔය පන්තිවලට යන්න ඕනෙ නෑ මචං. උන්ට මේකෙ අමාරුව තේරෙන්නෙත් නෑ.

      ඔය රටෙත් එහෙමද කියලා ඇහුවේ? ඇයි මැලේෂියාවේ කොහොමද?

      Delete
  14. යම පල්ලෝ ටිකක්ම වගේනෙ. හැබැයි ඔය තත්ත්වය ඇත්තේ ඩූඩ් කියපු සීමිත විෂයමාලා පන්තිවල විතරයි වෙන්න ඇති මම හිතන්නේ...:)

    අපිත් ඉස්සර ඉස්කෝලෙ යන කාලේ දොරවල් වල උඩ උගුල් අටවනවා. හැබැයි ගුරුවරුන්ට නම් නොවේ. වෙනත් පංතිවලින් එන කොල්ලන්ට හා ශිෂ්‍ය නායකයන්ට. පංතියේ ගුරුවරයෙක් නැති වෙලාවට බාගෙට ඇඩවල් කරපු දොරට උගුල් අටවලා, දොර පැත්තේ තියෙන අන්තිම ජනේලේ ගානකට අරිනවා. ඔය ජනලේ වීදුරුවේ යට කොනට පුංචි කන්නාඩි කෑල්ලක් හයි කරලා තියෙන්නේ ඈත ඉදන් දොරපැත්තට එන්නේ කවුද කියලා බලන්න. ටීච කෙනෙක් එනවා නම් පට් ගාලා උගුල අයින් කරනවා.

    මෙහෙත් ඉන්නවා අපේ ගුරාලා සෙට් එකක්. හම්බවුන වෙලාවක අහන්න ඕනෑ මෙහේ තත්වය ගැන. :D

    ඩූඩලා ඉන්න දූපතේ නම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒ සීමිත විෂය මාලා පන්ති වල තමයි. අනිත්වා මෙච්චර දරුණු නෑ. ඒ සාපේක්ෂව. ලංකාවට සාපේක්ෂව නෙවෙයි.

      ඔව්, අර සෙට් එකෙන් අහලා කියාපංකො අපිටත්.

      Delete
  15. කතන්දරගේ බ්ලොග් එකෙන් පාර හොයාගෙන ආවේ. මගේ මුල් පිවිසුම ඔබේ බ්ලොගයට.

    මේ කතා කරන්නේ Attention Deficit Hyperactivity Disorder (ADHD) ලමයි සමූහයක් ගැනද? මොනවා උනත් ඔබලා මේ කරන සේවය හරියට වටිනවා.

    ReplyDelete
    Replies
    1. කතුවරීව සාදරයෙන් පිළිගන්නවා මගේ ඩෙනිමට. මම මේ ගැන මීට කලිනුත් පෝස්ට් වගයක් දාලා තියෙනවා. Abroad 1, 2 වගේ. නමුත් මගේ ඩෙනිම බ්ලොග් එක විවිධ රසවලින් යුක්තයි. එහෙම කිව්වේ ආපු ගමන් කතුවරී depressed වුනා වත්ද කියලා හිතලා.

      හැමෝගෙම කේස් එක ADHD කියලා කියන්න බෑ. ඒක මේ වගේ තැනක කෙටියෙන් කතාකරන්න පුලුවන් දෙයක් වත් වත් සුදුසුවත් දෙයක් නෙවෙයි.

      ස්තුතියි කතුවරී.

      Delete
  16. හපොයි දෙය්යනේ මෙහෙමත් ළමයි .. අපාය හොදා වගේ,

    ReplyDelete
    Replies
    1. යේ... අපායේ! යේ අපා...යේ! y-)

      Delete
  17. මචං මම දවසක් කිව්වෙ උඹට හතරවරං දෙවිවරුන්ගෙ පිහිටයි කියල,අද කියන්නෙ තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙ පිහිටයි ආරස්සාවයි කියල, යකෝ උඹ වැඩ කරන්නෙ ඉස්කෝලෙකද බාල අපරාධකාරයො ඉන්න කඳවුරකද.

    ReplyDelete
    Replies
    1. මාත් ඒකමයි කල්පනා කරන්නෙ වෙලාවකට. උඹටත් ආයිබෝ වේවා! :-O

      Delete
  18. මගෙත් මුල්ම පිවිසුම බ්ලොග් එකට.

    බලාගෙන ගියාම අපි හොදයිනේ මේ ළමයි එක්ක බලනකොට.
    කොහොම උනත් මේ කරන්නේ බොහොම උතුම් සේවයක් තමයි.

    ReplyDelete
    Replies
    1. මනෝජ්ව සාදරයෙන් පිළිගන්නවා මගේ ඩෙනිමට. දිගටම එන්න. :)

      Delete
  19. අපේ ඉස්කෝලෙක සර් කෙනෙක්, ඩූඩ්ගෙ ස්කෝලෙට ආවනම් ඔය පන්තියට "මානුෂීය මෙහෙයුමක්" දියත් කරලා, ඩූඩ්ලව ගලවා ගන්නවා. පස්සෙ බැරියෙ "ජිනීවා" යන්න. :D :D :D

    ReplyDelete
    Replies

    1. @ thilina
      ++++++++++++++++++++++++

      Delete
    2. ජිනීවා කෙසේ වෙතත් කූරු ගනින්න නම් ගියෑකි. :)

      Delete
  20. අපොයි මීට වැඩිය හොඳයි වගේ බරපතල වැඩ ඇතුව විස්සකට ඇතුලට යන එක. ආතල් එකේ කාල බීල ඉන්න පුලුවං.

    ඇත්තටම හෙන්රිනං මාර කැපවීමක් කරනව වගේ.

    ReplyDelete
    Replies
    1. මම විතරක් නෙවෙයි ප්‍රසන්නයො. ඕවගේ ක්ලාස් වලට යන කවුරුත්.

      Delete
  21. හිකිස්....කොච්චර නරක උනත් මෙහෙම වෙන් කරන එක තවත් නරක් වෙන්න හේතුවක්මද කයලත් හිතුනා...වරද ඇත්තටම ළමයින්ගෙද....

    ReplyDelete
    Replies
    1. ඕකත් කෙටියෙන් උත්තර දෙන්න බැරි ප්‍රශ්ණයක් හන්දා මම ඊ ලඟ ප්‍රශ්ණෙට යනවා. ස්තුතියි තරුවා. :)

      Delete
  22. මමත් අවුරුදු තුනක් ගුරු වෘත්තියේ ඉඳලා තියනවා. හැබැයි මේ ඉස්කෝලෙට ගියානම් එක දවසයි. කොල්ලෝ ඉස්පිරිතාලේ, මම හිරේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies

    1. අම්මප මටත් කියන්න තියෙන්නේ ඔය ටිකමයි ..
      එකෙක් මරල නෝ ඩේට් ගියත් හිතට සැපයි ...

      Delete
    2. මමත් එහෙම ප්‍රශ්ණ විසඳපු කාලයක් තිබ්බා. දැන් හදවතට වඩා මොලේට තැන දීලා තියෙන්නෙ තීරණ ගන්න.

      Delete
  23. හප්පා, ඔහෙත් ළමයින්ට තලන්ඩ බැරිද ? ඔය වෙලාවට තමා ලංකාව කොච්චර හොඳද කියල හිතෙන්න. කන හරහා එක පාරයි. Anti social behavior අනන් මනං ප්‍රශ්න, උන් ලොකු වෙලා කරන මදාවි වැඩ නිසා උසාවි දාන ප්‍රශ්න, එව්වට වියදං වෙන මහජන මුදල්, එව්ව ඔක්කොම ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඔව් බං මුහුදු. හොරු සම්බන්ධ නීතියත් උඹලෑ ආච්චිගේ රටේ ඒවා වගේ තමයි.

      Delete
  24. ඔන්න බලාපං උඹල කොල්ලන්ටත් උගන්නල තියෙන්නේ අහවල් එක කරන්නැතුව ටොයිලට් එකේ හිනාවෙන්න කියල නෙව.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඩූඩ් අලුත් විදියට හිතන එකානෙ බං. :))

      Delete
  25. හපෝයි ඩූඩ්! මෙහෙ ඉන්න ළමයි කොච්චර හොඳද? ඇත්තටම ඔය පන්තියේ ළමයි ඔය කියන තරම් නරකද? මම එහෙම ගියා නම් උගන්නන්න පැය බාගයක් වත් ඉන්න එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගේ තියෙනවා තමා ගාව තියෙන බව තමන්ම නොදන්න දරා ගැනීමේ හැකියාවක්. :)

      Delete
    2. මම ගොඩක් දරා ගැනීමේ හැකියාව අඩු කෙනෙක් කියලයි දන්න අය කියන්නේ. ඒකයි පැය බාගයක් වත් ඉන්න එකක් නෑ කිව්වේ. එක්කෝ තරහ ගනියි. නැත්තම් අඬයි. කොච්චර දරාගැනීමේ ශක්තියික් ඕනේද ඔහොම පන්තියක උගන්නන්න?

      Delete
    3. සිතූ, අපි එහෙම හිතන එක වැරදියි. අපි තුල තියෙන හැකියාවල් අපිවත් දන්නේ නෑ. මම කොහොමත් ඉවසීමක් නැති එකෙක් හැටියට තමයි ප්‍රසිද්ධ වෙලා තිබ්බේ. නමුත් මෙහෙ රස්සාව කරනකොට තමයි දැනගත්තේ මම වත් නොදන්න ඉවසීමක් මගෙ තුල තිබිලා තියෙන බව. ඒක කාටත් පොදු ලක්ෂණයක් මම හිතන්නේ.

      Delete
  26. මේ කතාව කියවද්දි ඒ ළමයි ගැන දුකත් හිතෙනවා. හැබැයි මට මා ගැනම තරහක් ආවා. සිංහල මිස් ක්ලාස් එකට එනව පෙනි පෙනීම තවත් යාලුවෙක් එක්ක එලියට ගිහින් මිස්ගෙ හිත රිද්දුව හැටි මතක්වෙලා.අපේ ක්ලාස් මිස් ඒ කතාව දැනගෙන සිංහල මිස්ගෙන් සමාව ඉල්ලන්න කියල අපිදෙන්නවම යැව්ව. ඒ වෙලාවේ මිස් වෙන ක්ලාස් එකකට උගන්වන වෙලාවක්. මගෙ යාලුව නම් කිසිම පැකිලීමක් නැතිව සමාව ඉල්ලුවා. මම මිස් මට කිව්ව විතරයි මට හයියෙන් හිනා ගියා. ඒ ක්ලාස් එකේ ළමයිනුත් හොඳටම හිනාවුනා. අමාරුවෙන් ඉතිරිටිකත් කියල මම එලියට ඇවිල්ලත් හොඳටම හිනාවුනා. ඒ උනත් දැන්නම් හරි දුකයි, ඒ මිස් කොච්චර අපහසුවට පත් වෙන්න ඇද්ද :(

    ReplyDelete
    Replies
    1. හොඳ යයි අපි හිතන් ඉන්න ළමයෙක් හරි තමන්ගෙ ආදරය දිනාගෙන ඉන්න කෙනෙක් හරි අතින් වරදක් වුනාම හිත රිදීම සිය දහස් ගුණයක් වැඩියි සෝන්යා.

      Delete
  27. මේක කියවලා ප්‍රශ්න කීපයක් ආවා ඩූඩ්..
    1. අපායේ පන්ති කරන්න බාරගන්නැතුව ඉන්න බැරිද?
    2. අපායේ ළමයි ඉගෙන ගෙන ඉවර වෙලා මොකද කරන්නේ?
    3. මේ ළමයිනගේ දෙමව්පියන්ට මොකද වෙලා තියෙන්නේ?එයාලා ළමයින්ගේ වැඩ ගැන හොයලා බලන්නැද්ද?
    4. මේ ළමයින්ට පැවරුම් විභාග එහෙම නැද්ද?

    ඩූඩ්ට වන් දුකක් මෙලෝ කිසිම ගුරුවරයෙකුට සිදු නොවේවායි පතමි..!

    ReplyDelete
    Replies
    1. රූ. මම උත්තර දෙන්න පුලුවන් ඒවට විතරක් දෙන්න පුලුවන් උත්තර දෙන්නම්.
      1. අර කිව්ව විෂයයන් 5 උගන්නන ගුරුවරු තමයි මේවට කර ගහන්නෙ. ඔය Chem, Phy, Bio වගෙ ස්ට්‍රීම් සබ්ජෙක්ට් වලට ඔය කේස් එක නෑ. ඉංග්‍රීසි උගන්නන එක අන්තිම අමාරු දෙයක්. නොගෙන ඉන්න බැරිද? ඉතින් කවුරු හරි කරන්න එපායැ නේ? නැතිනම් ඒක රාජකාරිය පැහැර හැරීමක්.

      2. මේකට මට උත්තර තියෙනවා. දෙන්න බෑ රූ, දේශපාලනය.

      3.මේවට ප්‍රධාන වශයෙන් වගකියන්න ඕනෙ දෙමාපියෝ තමයි. නමුත් එයාලා කියන දෙයක් අහන්නෙ නැතිලු. ලෝකෙ වැඩීම දික්කසාද තියෙන රට මේක.

      4. ඇයි නැත්තේ. මෙයාලා මේ අවුරුද්දේ ඔක්තෝබර් නොවැම්බර් Cambridge IGCSE එකට ලියනවා.

      මම විතරක් නෙවෙයි රූ. මේ රටේ විතරක් නෙවෙයි රූ. තව හුඟක් තැන්වල මේ තත්වය තියෙනවා

      Delete
  28. To sir with love මතක් වුනා...

    ReplyDelete
    Replies
    1. මම මේ කමෙන්ට් එක ලියලා තව තප්පර ගානකින් අපායට යනවා. හික් හික්. Thanks. :)

      Delete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. තූ නොඳකින්... අපේ ඉස්කෝලෙ තිබ්බෙ නෑනෙ ඔහොම පන්තියක්.... අවාසනාව අවාසනාව

    ReplyDelete
    Replies
    1. ඔන්න මම මේ දැන් ඒකෙ ඉඳලා තව එකකත් ඉඳලා ආවේ. ඉතින් දැන් වරෙං. :))

      Delete
  31. //
    "දැන් යන්නෙ හොඳට හිනාවෙන්ඩ."
    "හම් යං. මාත් මේ ස්ටාෆ් රූම් එකට යනකල් ඉන්න බැරුව ඕයි ඉන්නෙ මේක කාට හරි කියලා හිනාවෙන්න."
    //

    මේක කියවලා අපි හිනා උනාට, යලි යලි මතක් කරලා ඔබට හිනා වෙන්න පුළුවන් උනාට, හැමදාම මේ වගේ පන්තියක උගන්නන්න සිද්ද වෙන එක මට නම් හිතාගන්න වත් බෑ... මම නම් මොනව කරගනීවිද දන්නෙ නැහැ මේ වගේ පන්තියකට උගන්නන්න සිද්ද වුනොත්...
    ඉතාමත් අගය කරනවා ඔබේ ඉවසීම සහ, තීරණ ගන්නා ආකාරය. (කලින් කොමෙන්ට් එක ඉවත් කලාට සමාවෙන්න.)

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම පිළිතුරු ප්‍රමාද වුනාට සමාවෙන්න.

      ඔව්. මේක උග්‍ර මානසික පීඩනයක් තමයි. ඒ වුනාට මෙහෙ ගුරුවරු ඉවසන ඉවසිල්ල අපිටත් තාම පුදුමයි. මේ අය දන්න එකම ක්‍රමය මේකනේ. අපි, ඒකටත් එක්ක මේවට ලංකාවේදි ගන්න පියවරවල් සහ දක්වන ප්‍රතික්‍රියා වෙනස් නිසා තමයි මෙච්චර කල් කරලත් අපිට තවමත් පුදුම. :)

      Delete
  32. //එකෙක් ගුරුවරයට කුණුහරපෙන් බනිනවා මව් භාෂාවෙන්, තව එකෙක් කඩදාසි බෝල විසිකරනවා. එක කඩදාසි බෝලයක් ගුරුවරයගේ කණ ගාවත් වදිනවා. භැමෝම හිනා වෙනවා. ගුරුවරයා මොකුත් නොවුන ගානට ඉන්නවා..............//

    මේ වගේ අවස්ථා ෆිල්ම්ස් වල දැකල තිබුනට මං හිතුවෙ නෑ ඒ වගේ දේවල් ඇත්තටම සිද්ධ වෙනව ඇතියි කියල.
    මේ පන්තිවලට ළමයි දාන්නෙ මොන විදිහට තෝරලද ඩූඩ්? එයාල දිගටම වැරදි වැඩ කරනව නම්ද මේ පන්තිවලට දාන්නෙ? තමන්ගෙ ළමයව limited curriculum class එකකට දාලා කියල දැනගත්තම දෙමවුපියන් මොන විදිහෙ ප්‍රතිචාරයක්ද දක්වන්නෙ?

    ReplyDelete
    Replies
    1. චාම්ස්. හැම පන්තියෙම එහෙම වෙන්නේ නෑ. මේ අපායේ උනත් එහෙම නොකරන ළමයි ඉන්නවා.

      ඔව් චිත්‍රපට හදන්නෙ සැබෑ ජීවන අත්දැකීමුත් උපයෝගී කරගෙන තමයි හුඟක් වෙලාවට්ට.

      මේ විදියට වෙන්නෙ 7 සහ 8 පන්තිවල ප්‍රතිඵල උපයෝගී කරගෙන. මෙහෙ තියෙන්නේ බ්‍රිතාන්‍ය ආකෘතියේ අධයාපනයක් . අටේදි විද්‍යා, ව්‍යාපාර, කලා විශය ධාරාව ‍තෝරා ගැනෙනවා. ඒ තුනටම අහු නොවෙන ප්‍රතිඵල අන්තිම පහත් අය තමයි මේවට එන්නෙ. හැසිරීම නිර්ණායකයක් නොවුනට අර ප්‍රතිඵලත් එක්ක එන පැකේජ් ඩීල් එකක් ඒක.

      ළමයි ගැන හැඟීමක් යන්තමින් හෝ තියෙන අය විරුද්ධ වෙනවා. නමුත් මේක ට අර ප්‍රතිඵල නිර්නායකය තියෙන නිසාත්, පාසැල් මණ්ඩලයේ අනුමැතිය ඇති නිසාත් කරන්න දෙයක් නෑ. එක අතකට ළමයින් ගැන හොයා නොබලන දෙමව්පියොත් මේකට වග කියන්න ඕනෙ.

      Delete
  33. අපෝ ඩුඩ්.....මම ඉන්න කාලෙටත් වඩා අන්තද මම දන්නෙ නෑ!

    කවදමහරි දවසක ඔය ලමයි ලොකු වෙලා එයාලට ලමයි ඉන්නකොට ඩුඩ්ලා විදපු දුක තේරෙයි.....

    අනේ මන්දා ඩුඩ්...ඉවසනවා ඇරෙන්න වෙන මොනව කරන්නද?

    ඩුඩ් පන්තියට ඇතුල් වෙන විදිහ මට ඇක්ශන් මුවි එකක් වගේ මැවුනේ...හිකිස් :D :D :D

    ReplyDelete
    Replies
    1. ඔයා ඉන්න කාලෙත් මෙහෙම තිබ්බා. ඔයා දැකලා නැත්තේ ඔයා limited curriculum class එකක ඉඳලා නැති නිසා. ම්ම්ම්... සමහර විට මෙහෙම වෙන් කරන්න ගත්තෙ ඔයා ගියාට පස්සෙ මට මතක විදියට.

      ඇක්ෂන් හීරෝලත් limited curriculum පන්තියකට ගියොත් යන්නේ මෙහෙම තමයි. Jean Claude Van Dammeලා Schwarzeneggerලා Sly Stalloneලා වුනත්! :))

      Delete
  34. කලින් පොස්ට් එකේදී මම තේරුම් ගත්තා ඒ රටේ ළමයින්ට කොච්චර අමාරුද උගන්වන්න. ගුරුවරයෙක් විඳින දුක තේරුම් ගන්න මේ පොස්ට් හොඳටම ඇති.

    මාලදිවයිනේ මව් භාෂාවට කියන්නේ කොහොමද?.අම අහල තියෙනවා අතරින් පතර සිංහල වචනත් භාවිතා කරනවා කියල.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි අසරණයා. මේකට අනුකම්පා කරන්න දුක හිතන්න නෙවෙයි තියෙන්නෙ. අපිත් උඹලා වගේම ජීවත් වෙන්න රස්සාවක් තමයි කරන්නේ. ඒකෙන් සේවයක් වෙන බව ඇත්ත. නමුත් මේක මේ ලෝකය ගලවා ගැනීමේ මෙහෙයුමක් නෙවෙයි. චොයිස් එකක් තියෙනවානම් මේ විදියට උගන්නන්න ගුරුවරු කීදෙනෙක් ඉතුරු වෙයිද කියලා මම දන්නේ නෑ.

      මේකෙන් උඹලා ගුරුවරයන්ට අනුකම්පා කරන එක පැත්තක තියලා, ගුරුවරුත්, මම අදහස් කලේ සමහර ගුරුවරුත් මාර කට්ටක් කන්නේ කියන එක තේරුම් ගත්තොත් එච්චරයි.

      අනික මම මේ ලියන්න ගිය පෝස්ට් එක සතු‍ටු දායක දෙයක් ගැනයි. නමුත් චිත්‍රයේ පසු බිම පාට කරන්න ගියාම ඒකට පාට වැඩි වෙලා වගේ මට පේන්නෙ.

      භාෂාව දිවෙහි. උඹ හරි.

      Delete
  35. අහම්බෙන් ඉන්ටනෙට් එකට කඩා වැටුනත් කියවන්න හොද ලිපියක්. වෙන මුකුත් නෙමේ හිනාවෙන්ඩ. මේකට හිනා වෙන්න නම් කියවලා විතරක් නෙමේ හොදට චිත්තරූප මවා ගැනීමේ හැකියාවකුත් තියෙන්න ඕනේ.....

    කොහොම වුනත් ඇම්ඩන්ලව වෙනම පංතියකට කොටු කිරීමෙන් ගුරුවරුන්ටයි ළමයින්ටයි දෙගොල්ලන්ට ම හොද විතරක් නෙමේ නරකකුත් ඉතුරු වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. මගෙ ගොන් මොලේට තෙරෙන විදිහට ඒකෙන් ඒ ළමයින්ට අවැඩක් වෙනවා වැඩ්යි වගේ..

      Delete
    2. ඕකෙ දෙපැත්තටම සාධාරන වාගේ පේන හේතු තියෙනවා. කොහොමත් තීරණ ගැනීමේ අයිතිය තියෙන්නෙ අපි අතේ නෙවෙයි.

      Delete
  36. ඒ ලමයි පව්ද? උගන්නපු කෙනා පව්ද. ඒත් ඒ ලමයින් එහෙම වෙන්න හේතුවකුත් ඇති නේද?

    ReplyDelete
    Replies
    1. අන්තෝ ජටා. බහි ජටා. බිත්තරේද කිකිළිද?

      Delete
  37. ෆිල්ම් වල දකින ඔය වගේ පන්ති වලට හොද ගුරුවරයෙක් ඇවිත් අන්තිමට ඒ ළමයි හොද වෙනවනේ.. ඔය කියන පන්තියේ හොද ගුරුවරයා ඩූඩ් වෙයිද??

    ReplyDelete
    Replies
    1. අම්මපා ‍ෆිල්ම් වල නම් අනිවා එහෙම වෙනාවාමයි නේ?

      මම ඒ ඕසෝන් වියන ‍රැකගත්, ගෝලීය උෂ්නත්වය වැඩිවීමෙන් ලෝකය බේරාගත් ලෝකය පිටසක්වල ජීවීන්ගෙන් අන්තිම බොහොතේ බේරාගත් ඒ සුපිරි පොර නෙවෙයි බං.

      මම නම් කරන්නේ රස්සාවක් වගේම ඒක රස්සාවක් කියලත් බය නැතුව කියනවා. ඕනෙම රස්සාවකින් සේවයකුත් සැලසෙනවා වගේම මගෙනුත් සේවයක් වෙනවා.

      අර හොඳ ගුරුවරයාගේ කතාවෙදි වගේ පැය එකහමාරක් අවසානයෙදි ඉක්බිතිව සියල්ලෝම සතුටින් ජීවත් වුනේ නැතත් කියන්න කතන්දර නම් තියෙනවා සාර්ථක වෙච්ච දේවල් වල. ඒවත් ටික ටික කියන්නම්.

      Delete
  38. අපේ පන්තියටත් ගුරුවරු කීවේ අපාය කියලද දන්නේ නෑ.. හෙමීට අහල බලන්ඩ ඕනෑ

    ReplyDelete
    Replies
    1. හෙමීහිට අහලා බැලුවා නම් හරි ඉමල්ක. හික් හික්. :)

      Delete
  39. හප්පේ යමර පැටව් නේ. අර බෙල් සද්දේ.. මොන තරම් මිහිරි විදිහට ඇහෙනවා ඇති ද..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි දවසේ මිහිරිම සද්දේ. හදවත් ඉල්ලා අඬාවැටෙන සද්දේ! y-)

      Delete
  40. ඈ මචං එක අපායද? දිව්‍ය ලෝකෙද?

    ReplyDelete
    Replies
    1. එකෙක්ගෙ ටී ෂර්ට් එකක ගහලා තිබ්බා මචං

      I don't like Mondays, Tuesdays, Wednesdays, Thursdays and half of Friday කියලා.

      ඒක අදාලයි ලෙසටම. h-(

      Delete
  41. කොහොමද ඉතින් ඔය ළමයින්ව මනුස්සයන් කරන්නේ?.අපේ රට ගැන සන්තෝෂයි ඒ අතින් නම්.අදටත් අපේ ඉස්කෝලවල ගුරුවරුන්ට බය තියෙනවා පස්සෙන් මොනවා හරි කිව්වත්.

    ReplyDelete
    Replies
    1. ඒත් කරනවා බං. බෑ කියලා නිකා ඉන්නේ නෑ.

      Delete
  42. අර කලින් ලිපියකත් කියපු "මැර පංති පාලනයේ" රඟ හොඳටම අවබෝධ වුනා... අර බූබිට්‍රැප් කරපු එකකට ගුරුවරයෙක් අහුවුනාය කියමුකෝ පංතියට ඇතුල් වෙනකොට. එතකොට ඒ ගුරුවරයාට බැරිද අර ළමයින්ට විරුද්ධව විනයානුකූල මොනම පියවරක්වත් ගන්න? :O

    ReplyDelete
    Replies
    1. මම හුඟක් පරීක්ෂාකාරී පොරක්. මම සාමාන්‍යයෙන් මේ දැන් නැගිට්ට පු‍ටුවෙ ආයෙ වාඩි වෙනකොටත් පු‍ටුව තියෙනවද කියලා බලනවා. ටිකක් paranoid වගේ තමයි. නමුත් මට ඉස්කෝලෙ යන කාලේ ඉඳලා තිබ්බ අතීත අත්දැකීම් එක්ක එහෙම වෙච්ච එක පුදුමයක් නොවෙයි.

      යම් ගුරුවරයෙක් එහෙම අහුවුනොත් පැමිණිළි කරන්න පුලුවන්. විනයානුකූල පියවර ගන්න පුලුවන්. නමුත් ඒකෙ ප්‍රායෝගික ගැටලු තීයෙනවා.

      Delete
  43. අම්මෝ.ඩූඩ්ට හොඳ ඉවසීමක් තියෙනවනේ.ඔහොම ලමයි ඩිස්ටර්බ් කරන කොට උගන්නන්න්න පුලුවන්ද?ටර්ම් ටෙස්ට් එකට ලකුනු අඩු වුනාම ගුරුවරයට දොස් අහන්න වෙන්නැද්ද?
    මන්ද, මට නම් ඔහොම කරන්න බැරිවෙයි. මම හරි ක්වික් ටෙම්පර්ඩ්.


    සින්හල වචන මැදින් ඉන්ග්‍රිසි වචන දන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. Out there in the jungle, someone has to have the edge.

      Type English words between | and |.

      Delete
  44. // ඉන්ටවල් එකට ගෙදර ගියාම ආයෙ එන්න ඕනෙ නෑ අනිත් සාමාන්‍ය ළමයි වගේ //

    අඩේ .... මම ඉස්කෝලෙ යන කාලෙක උනා නම් මම බලෙන්ම ගිහින් ඇතුල් වෙනව ඔය පන්තියට.

    ඩූඩ් ඔය දොරට පයින් ඇනල පන්තියට යන විස්තරේ කියවනකොට ඇත්තට මට මතක් වුනේ මිස්ටර් බීන්ගෙ ඇක්ෂන්.


    කොහොම උනත් ඩූඩ් ළමයින්ට ශාරීරික දඬුවම් නොකල යුතු බව ඇත්ත. ඒත් මම හිතන්නෙ යම් විකල්පයක් තිබිය යුතුයි. මේ අපිට ආසන්න ආසියානු රටක සමහර පන්ති කාමරයක තත්ත්වය මෙහෙම නම් තව මොන කතාද. අපේ රටේ ළමයි මොන දඟ වැඩ කළත් තවමත් ගුරුවරයෙකුට යම් ගෞවරව සම්ප්‍රයුක්ත බියක් තිබෙනව, විශේෂයෙන් විදුහල්පතිවරයාට. ඒත් තව නොබෝ කාලෙකින් ලංකාවෙ තත්ත්වෙත් ඕකම වේවි. දැනටත් ළමයින්ට දඬුවම් කරපු ගුරුවරුන්ව උසාවි ගෙන යන තත්ත්වයට බොහෝ දෙමව්පියන් පත්ව සිටිනව. කොහොම උනත් මෙතන තියෙන නරකම දේ ළමයින්ට ලැබිල තියෙන වරප්‍රසාද ඔවුන් සමහරෙක් අනිසි විදියට භාවිත කිරීම. ඔය තත්ත්වයේ අවසාන ප්‍රතිඵලය කවදකහරි මුළු රටටම විඳවන්න වෙයි. අර ඇමරිකාවෙ වගේ මොකෙක් හරි ඇවිත් හතර අතේ වෙඩි තියන්නත් බැරි නෑ. මට පුදුම මේ පාසල් පරිපාලනය හොඳාකාරවම ඇත්ත තත්ත්වය දැන දැනත් ඒව පාලනය කිරීම වෙනුවට ඒවට උල්පන්දම් දෙන එක.

    ReplyDelete
    Replies
    1. මෙහෙ ඉන්ටවල් එකට ගෙදර ගිහින් එන එක සාමාන්‍ය සම්ප්‍රදාය.

      මිස්ට බීන් වගේ නෙවෙයි ඩීඩීටී. එහෙම උනොත් නමක් වැටෙයි සිං ගාලා. මේක ඔය NYPD වගේ cop movie action එකක්. නමුත් පැවැත්මට අත්‍යාවශ්‍යයි.

      නිදහසේ සහ අයිතිවාසිකම් වල කිසිම වරදක් මම දකින්නේ නෑ ඩීඩීටී, වරද අර උඹ කිව්වා වගේ ළමයින්ට ලැබිල තියෙන වරප්‍රසාද ඔවුන් සමහරෙක් අනිසි විදියට භාවිත කිරීම තමයි. සීමාව ඉක්මවා යාම සහ සීමාව කොතනද කියන එකට හරි අර්ථ දැක්වීමක් නොවීමෙන් වෙන්නෙ, එක ළමයෙකුගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන අතරේ, අනිත් ලමයින්ගේ නිදහසේ ඉගෙන ගැනීමේ අයිතිය වැලලෙනවා එක්කම, ගුරුවරයාගේ ගුරුවරයෙකුට හිමි අයිතිවාසිකම්, වරප්‍රසාද විතරක් නෙවෙයි, මනුෂ්‍ය අයිතිවාසිකම් පවා අහිමි වීමයි.

      අර ඉස්කෝලවලට පැනලා හතර අතේ වෙඩි තියන්නේ හිටපු ගුරුවරු වෙන්න ඈති කියලා මට අනන්ත හිතිලා තියෙනවා. =D>

      Delete
  45. සා හරිම හොඳ ළමයි ටිකක් නෙහ්.. අපි කොච්චර හොඳද ඈ...

    ReplyDelete
    Replies
    1. ඇයි අපි? වැඩිය කඩන නරක ළමයි හෙම නොවෙයි අපිත්!

      Delete
  46. අම්මෝ මටනම් විනාඩි 5 ක් ඔතන ඉන්න බැරි වෙයි. ඉවසීම ප්‍රගුණ කරන්නනම් කියාපු පන්තියක් වගේ. ලියල තියන හැටියට හිනා ගියාට මේ ළමයි ගැන දුකත් හිතුනා.

    ReplyDelete
    Replies
    1. අර්බුදයකදී අපි නොදන්න ශක්තීන් අපි තුල ඇති බව අපි ට දැනගන්න ලැබෙනවා. :)

      Delete
  47. යකෝ මුන් ළමයිද නැත්නම්.......... ද?

    ReplyDelete
    Replies
    1. මේ ළමා අයිතිවාසිකම් බං. ළමයි නෙවෙයි. :))

      Delete
  48. Replies
    1. සංජීව එහෙම කිව්වාම මට හිතෙනවා මම මේ අත්දැකීම් බෙදා ගත්ත එක කොච්චර හොඳද කියල. ස්තුතියි.

      Delete
  49. ආන්න බලාපං මල්ලි..අපි බ්ලොග් එකක් ලිව්වොත් එහෙම තමයි තේරුණාය....නරකාදියට උනත් සිනාමුසු මුහුණින් ගිහෑකි හොඳද? හැබැයි උඹ අපායට යන්ට ඉස්සර වාං පතුල් කියෙව්වෙ හිනාවෙලා හිත සැහැල්ලු කරගෙන ඕන දේකට මූණ දෙනවයි කියල හිත හයි කරගන්ටද එහෙම නැත්තං මුං දෙන්න එකතු වෙල මටකරල තියෙන අපහාස වල හැටියට අපායෙදි මට තවත් මොනව වෙන්ටද කියල හිතලද?

    ReplyDelete
    Replies
    1. අපාය සහාය මිත්‍රයා කියන්නේ අපායෙදි පවා උදව් කරන එකා. අපාය සහය බ්ලොග් එකක් කියන්නෙ එහෙම එකෙක් ලියන බ්ලොගක්. c-)

      Delete
  50. ඒක ඉස්කෝලයක්ද ? කණ පැලෙන්න ගහල එළියට ඇඳල දැම්ම නම් ඉවරනෙ..........

    ReplyDelete
    Replies
    1. ළමා අයිතිවාසිකම් අනුව යසිත්, කණ පැලෙන්න ගහනවා තියා, ළමයාගේ ආත්ම ගෞරවයට හානි විය හැකි වචන පාවිච්චි කරන්නවත් බෑ. අවවාද කරන්න විතරයි පුලුවන්.

      Delete
  51. හෙන්රි මහත්මයටත් බැරිවයැ රිකාඩෝ බ්‍රෙත්වේට් වගේ ඉවසීමෙන් ඔය ළමයින්ව හදලා ගන්න ;-)

    ReplyDelete
    Replies
    1. ප්‍රවීන්, මුලින්ම මගේ ඩෙනිමට පැමිණියාට ස්තුතියි.

      මේක මේ දශක ගානක ගුරු ජීවිතයේ එකතරා පන්තියක සිදුවෙච්ච එක්තරා සිදුවීමක් විතරයි ප්‍රවීන්. මෙතන වුනේ ලාංකික අත්දැකීම වලට සහ ගුරු ජීවිතයට ආගන්තුක අයගේ අත්දැකීම් වලට හාත් පසින් වෙනස් අත්දැකීමක් මේකෙ පසු බිමේ තියෙන බව දැනගත්තාම ඇතිවෙච්ච කම්පනය නිසා, මම කියන්න ගිය ප්‍රධාන සිද්ධිය යටපත් වෙච්ච එකයි.

      මේක මේ මම විතරක් විඳින අත්දැකීමක් නෙවෙයි. මේක බටහිර රටවල පාසැල් සෑහෙන ප්‍රමාණයකත් දකින්න පුලුවන් සමාන්‍යකරණය වෙච්ච අත්දැකීමක්.

      චිත්‍රපටියකින් අර සිද්දි සිනමාත්වකව නිර්මාණය කලාට අපිත් ඒ දේ කරනවා ජීවිත කාලයක්, කාගේවත් අවධානයක් හිමිකර නොගෙන. ඒකයි මේක thankless job එකක් කියලා කියන්නෙ. දැන් මේ ලැබෙන අවධානය පවා මේවගේ කට්ට කන ගුරුවරුන්ට ලැබෙන්නෙ මම ඊ ලඟ පෝස්ට් එක දානකල් විතරයි නේද? මම ඒකෙ වරදක් දකින්නෙ නෑ.

      Delete
  52. අඩෝ මේක මරු ප්‍රොජෙක්ට් එකක්නේ බන්... මම දවල් හීන දකිනවා කියලා හිතන්න එපා... උඹේ අමාරුකම් පිට ඉදන් අපිට තේරෙන්නේ නෑ තමයි... ඒත් ට්‍රයි කලොත් උඹට මුන්ව හදාගන්න පුළුවන් කියලා මට හිතෙනවා...

    මම කියන්නේ උඹ මුන්ට උගන්නන්න එපා... එක අකුරක් උගන්නන්න එපා... උඹ ගුරුවරයෙක් උනොත් තමයි මේ සේරම අවුල... මේ පංතියට විතරක් උබ නසරාණියෙක් වෙයන්... උන්ට වඩා නසරාණියෙක් වෙයන්... කොටින්ම කොච්චර නසරාණියෙක්ද කිව්වොත් උඹ තමයි උන්ගේ මෙන්ටර් විදියට සලකන තරම් නසරාණියෙක් වෙයන්...

    කොලබෝල ගහන උන්ට කියලා දීපන් උඹ ඉගෙන ගද්දී කොලබෝල ගහපු හැටි... උබ කියපන් උබගේ කාලේ සර් බෝර්ඩ් එකේ ලියද්දී මාකර් එකේ ටොප් එකට කොල බෝලෙන් ගැහුවා කියලා... එහෙම ගහන්න බැරිනං වැඩක් නෑ කියපන්... ඊට වැඩිය හොඳයි නොගහා ඉන්නවා කියපන්... ඒකවත් කරගන්න බැරි උන් පි ඩයල් විදියට උබලගේ කාලේ සැලකුවේ කියපන්... මාසයක් පුරුදු වෙලා හරි උබට උන්ට වඩා හොඳට කොල බෝල ගහගන්න පුරුදු වුනොට් පට්ට... අන්න උන් කොර කරපන්... බැරි උනත් අවුලක් නෑ... ඉස්සර පුළුවන් උනාට උඹ 9MM එක ගත්තට පස්සේ කොලබෝල ගහන එක නැවැත්තුවා කියපන්... :)

    ටැටූ ගහන උන් එක්ක ඒවා ගැනම කතා කරපන්... උන් දන්නේ මොනවද ටැටූ ගැන උබනේ දන්නේ කියලා උන් හිතන තත්වෙට ගනින්... උඹත් කවර් වෙන්න ටෙම්පරි ටැටූ දෙකක් විතර ගහගන්න පුළුවෙන්නම් එල..ඒවා උන්ට පෙන්නපන්... ඒ ටැටූ වල තේරුම උන්ට කියලා දීපන්... උන්ට කියපන් උබ ටැටූ මැශින් එකක් ගන්න යන්නේ කියලා... පට්ටම ටැටූ ආර්ටිස්ට්ලා ගැන උන්ගෙන් අහපන්.. උන් ගැන කියලා දීපන්... මෙසී අලුතෙන් ගහපු ටැටූ එක දැක්කද අහපන්.. ඒකේ තේරුම උන්ගෙන් අහපන්... ආෆ්ටර් ස්කූල් සෙට් වෙලා ටැටූ වලට කැමති උනුත් එක්ක ඔහෙ තියෙන ටැටූ ෆෙස්ටිවල් එකකට පලයන්... :)

    හැම එකටම උන්ට වඩා දේවල් උඹ කලබව වැටහෙන්න බොරු හරි කියපන්... පාරේ යන ගැණියෙක්ගේ පස්ස ලස්සනයි කියද්දී ඕවා පස්සවල්ද කියලා අහපන්... උබ ඉස්කෝලේ යනකාලේ ට්‍රයි කරපු පට්ට සෙක්සි ප්‍රින්සිපල් කෙනෙක් ගැන ලොවෙට් නැති කතාවක් හදලා කියපන්... උඹ ට්‍රයි කරලා කරලා ඒ ගෑනිව අන්තිමට බීජේ එකකට කැමති කරකවගන්න හැටි ගැන හෙන දිග කතාවක් ගොතපන්... එක දවසෙන් ඉවර කරන්න එපා... මාසයක්වත් ඇදපන්.. අන්තිමට ඒ කතාව අහන්නම උන් ඉස්කෝලේ එයි... කතාවේ එන්ඩ් එක ලෙසටම ගනින්... අන්තිමට අරක උඹ එපා කියන තැනට ගනින්... අන්තිමට උබ අවුට්වෙන දවසේ ප්‍රින්සිපල් ඒකට උඹේ පස්සෙන් එන තත්වෙට ආවත් උඹ ඒක රිජෙක්ට් කරන තැනට බොරුව හදන්න ඕනේ... :)

    කොටින්ම උඹ උන්ගේ පාතාලේ ගෝඩ් ෆාදර් වෙයන්... උන්ගේ බඩු සීන් වලි සීන් බේරගන්න බැරිඋනාමකාන්තිම ඔප්ශන් එක විදියට උබ ළගට ගේන තත්වෙට ගනින්.. පත්තියේ ඉන්න නසරාණිම දෙතුන්දෙනා සෙට් කරගෙන උන්ටත් නොතේරෙන්න උඹ ගැන් එකක් හදාගනින්... අන්තිමට කවුරු හරි උඹට ෆක් යූ ඈස් හෝල් කිව්වොත් අර මරිසින්ගෙන් එකෙක් උබට කලින් උගේ ඇ* දෙක මිරිකන තත්වෙට ගනින්...

    මම දන්න විදියට ගොඩක් නරක එවුන් කපටි නෑ... ෆිට් උනොත් බොක්ක දෙනවා... ඒ වගේ උන්ව උඹට බොක්ක දෙන තත්වෙට ෆිට් කරගනින්... එතකොට උබ යමක් කිව්වොත් අර ෆිට් එකට ඒක අහනවා... ඊට පස්සේ උබ ටික ටික වෙනස් වෙයන්... උන් අනුගමනය කරන්නේ උබ හින්දා උනුත් වෙනස් වෙයි... අන්න එතකොට උබට උන්ට ලාවට මොනවා හරි උගන්නන්න පුළුවන්...

    හක හක... මේවා ඇත්තට කරන්න පුළුවන්ද දන්නේ උබ විතරයි... මට හිතුන හැටි මම කෙටුවා... :)

    ReplyDelete
    Replies

    1. [im]http://www.banglatorrents.com/images/smilies/btnew/bt_omg02.gif[/im]

      Delete
    2. උඹ මාර පොරක් බීටල්... ඇත්තමයි.. මේකනම් බොහොම වැඩකරණ සූත්‍රයක් වෙයි ඩූඩේ.. ප්‍රායෝගිකව කරන්න පුළුවන්නම්..

      ට්‍රයි එකක් දීලා මාසෙට එක ගානේ අප්ඩේට් පෝස්ට් එකකුත් දාහන්..

      Delete
    3. අනේ අපේ ඩුඩ්.......????????????????????????

      Delete
    4. බීටල්, උඹේ කමෙන්ට් එක නම් පට්ට කමෙන්ට් එකක් කියලා මට ඉස්සෙල්ලම කියන්න ඕනෙ. ඒ වගේම උඹට උත්තර දෙන්න දවස් ගානක් ගිය එකට සමාව ඉල්ලන අතරම, උඹ මට උදව්වක් කරන අවංක චේතනාවෙන් මේක කොටන්න වෙච්ච මහන්සිය මම ඉහලින්ම අගය කරන බවත් කියන්නම ඕනෙ.

      ඊ ලඟට උඹ පෝඩ්ඩකට මම ඉහලින් ප්‍රවීන් ඉන්ද්‍රනාමට දීපු උත්තරෙත් කියවපංකෝ. ඒකත් මේකට අදාලයි. එක්කො මම ඒක මෙතන අලවන්නම්.

      >>මේක මේ දශක ගානක ගුරු ජීවිතයේ එකතරා පන්තියක සිදුවෙච්ච එක්තරා සිදුවීමක් විතරයි . මෙතන වුනේ ලාංකික අත්දැකීම වලට සහ ගුරු ජීවිතයට ආගන්තුක අයගේ අත්දැකීම් වලට හාත් පසින් වෙනස් අත්දැකීමක් මේකෙ පසු බිමේ තියෙන බව දැනගත්තාම ඇතිවෙච්ච කම්පනය නිසා, මම කියන්න ගිය ප්‍රධාන සිද්ධිය යටපත් වෙච්ච එකයි.

      මේක මේ මම විතරක් විඳින අත්දැකීමක් නෙවෙයි. මේක බටහිර රටවල පාසැල් සෑහෙන ප්‍රමාණයකත් දකින්න පුලුවන් සමාන්‍යකරණය වෙච්ච අත්දැකීමක්.

      චිත්‍රපටියකින් අර සිද්දි සිනමාත්වකව නිර්මාණය කලාට අපිත් ඒ දේ කරනවා ජීවිත කාලයක්, කාගේවත් අවධානයක් හිමිකර නොගෙන. ඒකයි මේක thankless job එකක් කියලා කියන්නෙ. දැන් මේ ලැබෙන අවධානය පවා මේවගේ කට්ට කන ගුරුවරුන්ට ලැබෙන්නෙ මම ඊ ලඟ පෝස්ට් එක දානකල් විතරයි නේද? මම ඒකෙ වරදක් දකින්නෙ නෑ.<<

      ඊට පස්සෙ කෙලින්ම උඹේ කමෙන්ට් එකට බැස්සොත්. ඔය කියන දේවල්වලින් කරන්න පුලුවන් දේවල් මම අඩු වැඩි වශයෙන් ලංකාවේ උගන්නන කාලෙ ඉඳන් අත්හදා බලලා තියෙනවා.

      නමුත් මෙහෙම සීමා බන්ධන තියෙනවා. අපි පීඩනයට පත් වෙන්නෙ මේ වගේ පන්තිවල ඉන්න ශිෂ්‍යයන්ගෙ හැසිරීම නිසා විතරක් නෙවෙයි. ඒ හා සමානවම හෝ ඊට වැඩියෙන්, පරිපාලනයෙන්, දෙමාපියන් පරිපාලනයට කරන බලපෑමෙන්, දෙමාපියන්ගෙන්, සමාජයෙන් සහ නීති ක්‍රියාත්මක කරවන ආයතනවල බලපෑමෙන් පීඩනයට පත් වෙනවා. තියෙන එකම ප්‍රශ්ණෙ මේ ශිෂ්‍ය හැසිරීම නම් සහ ඒක මැඩපවත්වන්න අර මං කිව්ව තැන්වලින් සහයෝගය ලැබෙනවා නම් ඕවා වැඩ නෙවෙයි.

      අර උඹ කියලා තියෙන ඒවායින් මම මෙතෙක් නොකරපු දේවල් ක්‍රියාත්මක කරන්න බැරි, අර අනිත් බලවේග ගුරුවරයාට එරෙහිව වහාම ක්‍රියාත්මක වෙන්න ගන්න නිසයි. ඒ ක්‍රියාත්මකවීම අර ශිෂය විනය ප්‍රශ්ණය සම්බන්ධයෙන් ඒ බලවේග ක්‍රියාත්මක වන මන්දගාමී අලස විදියට නෙවෙයි, ඉතාම කාර්යක්ෂම විදියට, අධි වේගයෙන්, සාමුහිකව, මනා සම්බන්ධීකරණයකින් යුක්තව ක්‍රයාත්මක වෙනවා.

      අනික මම ප්‍රතිපත්තියක් විදියට බොරු කියන්නේ නෑ. ඒකට හේතුව එක බොරුවක් ‍රැක ගන්න තව බොරු දාහක් කියන්න වෙන බව මම අත්දැකීමෙන් දන්න නිසයි. නමුත් ඔය මම උඹලට එහා නසරාණියෙක් කියන එක සම්බන්ධයෙන් බොරු කියන්න අවශ්‍ය වෙන්නෙ නෑ මට, මොකද මම එහෙම නෙවෙයි කිව්වොත් තමයි බොරුව.

      මම බොරු නොකිව්වට, මට ඇත්ත නොකියා ඉන්න වෙන වෙලාවල් තියෙන්වා. ඒක වෙනම කතාවක්.

      ඔය උඹ කියන විදියෙ කරන්න පුලුවන් සමහර දේවල් මම දශක කීපයක් තිස්සෙ කරලා ලබපු අත්දැකීම් මම පස්සෙ බ්ලොග් පෝස්ට් ගනනාවකින් දාන්නම්. නමුත් එක දිගටම නෙවෙයි. මී ලඟ පෝස්ට් එක මේවගේ උඹලා depress වෙන එකක් නොවෙන්න මම වග බලා ගන්නවා. මොකද මගේ ඩෙනිම කියන්නෙ මිනිස්සු අසහනයට පත් කරන බ්ලොග් එකක් වෙනවට මම කැමති නෑ.

      තව පාරල් උමට ස්තුතියි බීටල්. ඒක පට්ටම කමෙන්ට් එකක්. g-)

      Delete
  53. අනේ හෙන්රි අයියේ මෙන්න මෙහාට වර, මොකක් හරි කරලා දෙවෙලක්වත් කාලා සන්තෝසෙන් ඉන්න.

    ReplyDelete
  54. කමෙන්ට් කියවන්න කලින් තමයි ඉස්සෙල්ලා කමෙන්ට් එක දැම්මේ. පෝස්ට් එක කියවද්දී හිතට ආපු දේ කියලා දැම්මට ඒ කමෙන්ට් එකට ඔයා අකමැතියි කියලා හිතුනේ පස්සේ.

    මගෙත් ජොබ් එක ගැන ලියන්න හදලා නොලියපු, ලියලා මකපු පෝස්ට් ගොඩයි. මගෙත් ආසම නැති දෙයක් තමයි "අනේ පව්" "මට කණගාටුයි" වගේ අනුකම්පාවල් අහන්න ලැබෙන එක.ඒත් එහෙම කියන අය කියන්නේ බොක්කෙන් බව දන්නවා. එහෙම හිතන එක මගේ මෝඩකමද ලොකුකමද කියන එක අදටත් මට ගැටළුවක්.

    ReplyDelete
    Replies
    1. ඔව් අකමා. උඹ හරි. මම අකමැතිම දෙයක් තමයි අනිත් මිනිස්සු මට අනුකම්පා කරන එක.

      මම විශ්වාස කරනවා [hi="yellow"][si="4"]"කෙනෙක් ජීවත් විය යුත්තේ අනිත් උන්ගේ අනුකම්පාවට භාජනය වෙන පරිදි නොව, ඊර්ෂ්‍යාවට ලක් වන අයුරිනි"[/si][/hi] කියන එක.

      මගේ දුව මගේ ඔය ගති ස්වභාවය හොඳට දන්නවා. මම මොන අමාරුවක වැ‍ටුනත් 'අනේ පව් තාත්තා!' කියනවා ඇහුනොත් මට මල් පොකුරම පනින බව එයා හොඳටම දන්න නිසා ඒක නම් කියන්නේ නෑ! :-f

      Delete
  55. ඩුඩ්,

    මමත් මේ විදිහේ පන්ති සමග වැඩ කරලා මෙ හැසිරිම් ගැන හොද අවබෝධයක් හා අත්දැකිම් තියෙනවා අඩු වැඩි වශයෙන්. එකම දේ මම මාවත්, ඔවුන්වත් පාලනය කරගෙන ඒ ඒ වෙලාවට ගැලපෙනවා කියලා හිතෙන ක්‍රම භාවිතා කරලා කොහොම හරි ගුරු ගෝල ගැ‍ටුමක් ඇති නොවන ලෙස කටයුතු කරගෙන යැමක් තමයි අද වෙනකල් කරගෙන ආවේ. :-?

    ReplyDelete
    Replies
    1. You ara a much better teacher than I am.

      Delete
  56. ලොල් මාර කතාවක් නෙ මෙක ඇග හිරි වැටුනා

    ReplyDelete
    Replies
    1. හුඟක් රටවල සමහර ඉස්කෝල වල මේ තත්වය තියෙනවා. නමුත් මේක අපි ලාංකික ඇස් වලින් බලන නිසා කම්පනය වැඩියි. :-O

      Delete
  57. අඩේ හෙන් රි අයියා, කතාව කියෙව්වම පිස්සු හැදුණා.. ෆිල්ම් එකක් වගේ නෙ.. පොර ටෝක් දෙන්න කියනවා නම් නෙමෙයි.. මාත් හරිම ආසා කරන රස්සාවක් තමයි උගන්වන එක.. ඒත් අවාසනාවට ප්‍රොෆෙෂනල් විදිහට ඒක කරන්න චෑන්ස් එකක් නම් ලැබිලා නෑ.. ඒත් පොඩි එවුන්ටයි, ලොකු එවුන්ටයි පොඩි පොඩි කුප්පි දාලා නම් අත්දැකීම් තියනවා.. ඒනිසා පොඩි එවුන්ට කියලා දෙන එක කොච්චර අමාරු දෙයක්ද කියලා නම් දන්නවා... ඒවා වැඩක් නෑ...ඔබ තුමාගෙ කතාවට බහිමුකො...


    මේක කියෙව්වට පස්සෙ හිතුනෙ හෙන් රි අයියා නම් මාර පොරක් නෙ කියලම තමයි. අපේ ගලයා ගෙන් මං කලින් දැනගෙන හිටියෙ ඔබ තුම ගුරුවරයෙක් විත්තිය.. ඒත් මේ තරම් අමාරු දේවලුත් කරනවා කියල නම් දැනගෙන හිටියෙ නෑ..

    අති විශිෂ්ටයි හෙන් රි අයියා.. මගේ හදපිරි ප්‍රණාමය... ඒ වගේම හෙන් රි අයියා කලින් කොමෙන්ටුවක දාලා තියනවා වගේ ඔබ තුමාගේ ඉවසීමේ හැකියාව ගැන මට ඉරිසියයි.. මොකද අපේ ගෙදර ඉන්න පොඩි එකාට ගණන් උගන්නන ගිහින් ඒකි ඒවා වරද්දනකොට මං ටොකු ඇනපු තරම මතක් වුණා....

    නැවතත් මගේ හදපිරි ප්‍රණාමය...

    ReplyDelete
  58. මළහත් ඉලව්වයි මුං එක්ක සංසන්දනය කරපුවම ඉස්කෝලෙ හිටපු චාටර් එවුන් වෙච්චි අපිත් නිකං දිව්‍ය පුත්‍රයො ගානට වැටෙනව !

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>