පාර මැනපු හැටි
තාත්තගෙ ගමට යන පාරෙ වෙල අයිනෙ තියෙන දැවැන්ත මාර ගස් පේලිය පහු කරගෙන යන හැම විටම මට මතක් වෙන්නෙ, එයින් ලොකුම මාර ගහ පෙන්නලා තාත්තා අපිට කියපු කතාවක්.
ඒ කාලෙ ඉස්කෝලෙ දැනට වඩා ප්‍රායෝගික අධ්‍යාපනයට තැනක් තිබිලා තියෙනවා. දවසක් ගුරුතුමා පන්තිය කණ්ඩායම් දෙකකට බෙදලා කිව්වලු, පාර කොච්චර දිගද කියලා මැනගෙන එන්න කියලා. හැබැයි කණ්ඩායම් දෙක මැනීම පටන් ගන්න ඕනෙ, පාරෙ කොන් දෙකේ ඉඳලා. (මම දන්න විදියට කිලෝමීටර් දහයකට වැඩියි.)
කට්ටිය ටේප්, අඩිකෝදු අරගෙන වැඩේට බැස්සලු. ඉස්සෙල්ලම, කණ්ඩායම් දෙක කඩේට ගිහින් කඩචෝරු කාලා තේ බීල, ඊට පස්සෙ ඇලට බැහැල නාලා, ජල ක්‍රීඩා හෙම කරල, ගඩා ගෙඩි, පළවැල කාලා, නැග්ගලු, අර මුලින්ම කිව්ව මාර ගහට. නැගල ගණන් හදනවලු.
“දැං ඉස්කෝලෙ ඉඳල මෙතෙන්ට හැතැම්මක් ඇති, එතකොට මෙතන ඉඳලා අහවල් තැනට අච්චර ඇති…”
“එතකොට එතන ඉඳලා ..”
“පොඩ්ඩක් හිටපංකො. මම ඉන්නෙ පාරේ එහා කොනේනෙ. අපේ තාත්තා ඩ්‍රයිවර් කෙනෙක්නෙ බං. තාත්තා කියන්නෙ මේ පාර හැතැප්ම මෙච්චරයි කියලා.”
“ඒයි බලපං ඔය පොත පිටිපස්සෙ හැතැප්මට අඩි කීයද කියලා..”
“5280 යි? හරි වැඩි කරපං හැතැප්ම ගානෙං, ආ ඔය තියෙන්නෙ. දැන් ඕකට තව අඩි එකසිය පහහක් විතර අතිං දාමු. හා ඔය තියෙන්නෙ. හරි.”
කණ්ඩායම් දෙකම, අවසාන අගය අඩි හය හතකට වඩා වෙනසක් නොවෙන්න දත්ත පොතට ඇතුල් කරගෙන. ඊට පස්සෙ ගහට වෙලා කයිය ගගහ ඉඳලා, ඉස්කෝලෙ ඇරෙන වෙලාවට කිට්ටු කරලා කණ්ඩායම් දෙකම වෙන වෙනම ඉස්කෝලෙට ගිහින් වාර්තා කලාලු.
ගුරුතුමා අවසාන වාර්තා දෙක අතට අරගෙනෙ සංසන්දනය කරල බලල, පන්තියට නිවේදනය කලේ හරියට චන්ද ප්‍රතිඵලයක් දෙන තරං බැරෑරුම් විදිහටලු.
ඊට පස්සෙ ප්‍රායෝගික අධ්‍යාපනයේ වටිනාකම ගැන දේශනයකුත් කරලා.
තාත්තා පස්සෙ ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවෙ, සංඛ්‍යා ලේඛණ නිලධාරියෙක් හැටියට වැඩ කලා විශ්‍රාම යනකල්. හැබැයි මම දැකලා තියෙන අවංකම රජයේ නිලධාරියෙක්.
ඉංග්‍රීසි ගුරුතුමාගේ ජ්‍යාමිතිය පාඩම
තව දවසක ගණිත ගුරුවරයා නැති නිසා ඉංග්‍රීසි ගුරුවරයා රිලීෆ් ඇවිත්. ළමයි නැගිටලා ආචාර කලාට පස්සෙ ඇහුවලු,
“දැන් මොනවද තියෙන්නෙ?” ("What do you have, now?") කියලා.
ළමයි කිව්වලු, "ජ්‍යාමිතිය, සර්" ("Geometry, sir") කියලා.
"මොකක්ද?" ("What?")
"ජියොමට්‍රි, සර්" ("Geometry, sir")
"මොකක්ද?" ("What?")
ඔය දෙබස ඔය විදියට, කැඩිච්ච රෙකෝඩ් එකක් වගෙ ටිකක් දිගට ඇදීගෙන ගියාම, අන්තිමට ගුරුතුමාම කිව්වලු geometry උච්ඡාරණය කරනවා වැරදියි කියලා.
එතකොට එක බුවෙක් අහලා, එහෙනම් මොකක්ද හරි, කියලා මොකද දැං මේක මහ වාතයක් වේගන එන නිසා.
ගුරුතුමා කිව්වලු “Geometry නෙවෙයි Geometry” කියලා .
දැං එකෙකුටවත් තේරෙන්නෙ නැහැලු මේ අන්ඩර දෙමලෙ මොකක්ද කියලා.
පස්සෙ පැහැදිළි කලාලු ඕක හරියට උච්ඡාරණය කරන කොට ස්ට්‍රෙස් (Stress) කරන්න – ඒ කියන්නෙ බර කරලා කියන්න ඕනේ /ඉ/ නෙවෙයි /ඔ/ ස්වරය කියලා. ඉතින් එවෙලෙ ඉඳලා පීරියඩ් එක ඉවර වෙනකල්ම මෙහෙමලු.
ගුරුතුමා: geOMetry
ලමයි: GEometry
අන්තිමේදී ගුරුතුමා: geOMetry
ලමයි: geOMetry
ගුරුතුමා: geometry හරියට හරි. අද ඉගෙන ගත්තෙ geometry නෙවෙයි නමුත් geometry කියන වචනෙ හරියට කියන හැටි. ඉගෙන ගන්නවල වචනයක් හරියට කියන හැටි.
එහෙම කියපු ගුරුතුමා බෙල් එක ගැහුවම පිටවෙලා ගියාලු.
මේක ගැන, අද ඉන්න අධ්‍යාපන විශාරදයො මොනව කියයිද මම දන්නෙ නැහැ. නමුත් පාඩම නම් තාත්තගෙ ජීවිත කාලයෙන් පස්සෙත් මතක තියෙන බව පේනව නේද? ඔනෑ නම් dictionary එකක් ඇරල බලාගන්නකො ඕකෙ ඇත්ත නැත්ත.
ගුරු ගෞරවය
ඊලඟ කතාව තමයි මගෙ ප්‍රියතම කතාව. ඒ කාලේ ගුරු ගෞරවය කියන එක උපරිමයටම පෙන්වපු කාලයක්නෙ.
එක වැහි දවසක, එක බුවෙක් මොකක්ද මදාවි වැඩක් කරලා ගුරුතුමා වේවැල් කසාය දෙන්නලු ලෑස්තිය, තඩි වේවැලකින්.
පාර දෙක වදින කොට මේකා “අම්මෝ” කියාගෙන පන්තියෙනුත් එලියට පැනල දුවලා. ගුරුතුමා කෑ ගැහුවත්, “ඔහොම නවතිනවා!” කියලා. මොන නැවතිල්ලක්ද. නැවතුනොත් ඩබල් ද පෝරියල් කියලා දන්න බුවා, දැන් ඉගිල්ලෙනවලු පිට්ටනිය හරහා. ගුරු තුමාත් වේවැල අමෝරගෙන මූ පස්සෙ පන්නන්න ගත්තලු වැස්සෙම.
ඔන්න බලන්න ගුරු ගෞරවය, ගුරුතුමා වැස්සෙ තෙමෙන නිසා පන්තියෙ මොනිටර් බුවා, ගුරුතුමාගෙ කුඩෙත් දිගෑරගෙන, ගුරුතුමාගෙ ඔලුවට උඩින් අල්ලන්න පස්සෙන් දුවනවලු.
තාත්තා ඇතුලු අනිත් කොල්ලො සෙට් එක විතරක් නෙවෙයි, මුලු ඉස්කෝලෙම ලමයිනුයි, ගුරුවරුයි, පන්තිවල තාප්ප ගාවට වෙලා, හිනා කකා නරඹනවලු, මේ ෆ්‍රී කොමඩිය.
තාත්තා මේ කතාව කියන ගානෙ තාත්තාගෙ ඇස් වලින් කඳුලු වැක්කෙරෙනව, හිනා
වෙලාම. කතාවත් කියන්නෙ කැඩි, කැඩි. මොකද හිනා කන නිසා.
එදා කොයි තරම් ජොලියක් ලබන්න ඇතිද කට්ටියම කියල මට හිතෙනවා.
එදා කොයි තරම් ජොලියක් ලබන්න ඇතිද කට්ටියම කියල මට හිතෙනවා.
ඔය චිත්‍රයෙ තියෙන්නෙ ඔය සිද්දිය මගෙ හිතේ ඇඳුනු හැටි.
Originally published @ මට හිතෙන හැටි
අළුතින් කියවන කතාවක් විදියටම රස වින්දා. අර දිග පළල මනින විදියනම් මාත් වෙලාවකට කරනවා. ගෙස් කරලා රැවුම් කරලා පස්සේ අතින් දාලා.. :(
ReplyDeleteඔන්න පොරක් ගියාලු දශම සංඛ්‍යා සහිත ගානක් හදාගෙන සර් ගාවට පෙන්නන්න. අපි හිතමුකෝ 355 දහයෙන් බෙදුවයි කියලා. උත්තරෙත් 355ම තමයි. ඉතින් සර් ඇහුවලු කො මේකේ දශම තිත කියලා. දශම තිත ඇඟිල්ලෙන් පොයින්ට් කරන්න බෑනේ ලොකු වැඩියිනේ. ඉතින් කොල්ලා පෑනෙන්ම පෙන්නුවලු "මේ තියෙන්නේ සර්" කියලා.
ජයග්‍රාහී දෙවන වරටත් අකමා එක. :)
Deleteඅර සිත්තරේ නම් අනික් ඒවාට වඩා සුපිරියි! ඒත් පොඩි ප්‍රශ්ණයක්!!! මොනිටර්ට ගොට්ට අල්ලන එකෙක්වත් පන්තියේ ඉඳලා නැද්ද?
හප්පට සිරි. හැබෑට මේ තියෙන්නෙ දසම තිත. ඉක්මනටම කණ්නාඩි කුට්ටමක් ගන්න වෙනවා හදලිස් ඇඳිරියට. :-O
Deleteමොනිටර්ට ගොට්ට අල්ලන උන් ඉඳලා නෑ වගේ තමයි, අකමා. ඒකට ඒ වචනේ පාවිච්චි නොකලට, පන්දම අල්ලනවා වගේ වචනයක් පාවිච්චි වෙන්නත් ඇති සමහර විට.
පාර මැනපු විදිහ තමයි විදිහ...හැබැයි ප්‍රායෝගික තත්ත්වය ඕක තමයි කොයි වැඩෙත්.. අර කතාවටත් කියන්නෙ " කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි " කියලා..
ReplyDeleteඔය ඉංග්‍රීසි සර්ගෙ ජ්‍යාමිතිය පාඩමනෙ, මෙන්න පීටී සර්ගෙ ගණිත පාඩම.. :D
අන්තිම එකනම් හිනා කාලා පන යන සීන් එකක්.. සිත්තරෙත් නියමයි..
බැලුවා බැලුවා. ඇත්තටම ඔහොම නැති තැන කපන, ඇති තැන කරට අත දාගේන ඉන්න වුන් තමයි සමාජේ වැඩිපුරම අපිට මුන ගැහෙන්නෙ. එක පැත්තක්වත් නොගෙන ෂේප් න්‍යායෙන් නොහිටියොත්, අන්තිමේ වැරදි කාරයො වෙන්නෙ මේ අහක ඉන්න අපි. උන් දෙන්නම එකතු වෙලා අපිට කපන්න හදනවා.
Deleteස්තුතියි සෙන්නා.
මට මේක කියනකොට මතක් වුනේ මට ඉස්කෝලේ කාලේ වෙච්චි සිද්දියක්.දවසක් අපි පන්තියේ කාඩ් සෙල්ලම් කරලා අංශබාර සර්ට අහුවුනා.වේවැල් කසාය වඩි 2 ගානේ හැම එකාටම ලැබුනා.මගේ වේවැල් පාරවල් දෙක වැදිලා මගේ පිටේ හම පැලිලා ලේ බින්දු බින්දු මතුවෙන්න ගත්තා.සුදු ෂර්ට් එකේ පිට පුරාම ලේ පැල්ලම්.හැබැයි සර්ම හොස්ටල් එකට එක්ක ගිහින් බෙහෙත් දම්මෙව්වා ළමයෙක්ට කියලා.ඒත් මමවත් අපේ අම්මලා තාත්තාලාවත් සර්ට වචනයක්වත් කීවේ නෑ.දැන් කාලේ වුනානම් මානව හිමිකම් නඩු දාල සර් හිරේ දාලා....
ReplyDeleteබුදු අම්මෝ ... ඒකනම් භයානකයි මචං. අපි ඉස්කෝලෙ යන කාලෙත් ගුරුවරු ළමයින්ට ගැහැව්ව තමයි, ඒත් කාටවත් ලේ එන්න ගැහුවෙ නෑ. සමහර විට ඔහු එතරම් සැරට පහර දෙන්න නොසිතන්න ඇති, ඒත් ඒක නම් ගුරුවරයා සීමාව ඉක්මවා යෑමක්. මම නම් කියන්නෙ පැහැදිලිවම කෲරකමක්.
Deleteමටත් හිතාගන්න බෑ එදා එහෙම වුනේ ඇයි කියලා.ඊට කලිනුත් මං වේවැල් පාරවල් කාල තියෙනවා.ඒත් එහෙම වෙලා නෑ.හැබැයි මට ලේ ආවා කියලා අමුතුවෙන් රිදුනෙත් නෑ.කොහොමත් රිදෙන රිදිල්ල තමයි රිදුනේ.මම එතකොට පන්තියේ මොනිටර්.ඒත් ළමයි පාවලා නොදුන්න නිසා මට ටිකක් සැරට පාර වදින්න ඇති.
Deleteඒක අනිවාර්‍යයෙන්ම සීමාව ඉක්මවා යාමක්. සීමාවේ රැඳී ඉන්න එක තරමක් අමාරු දෙයක් වගේ පේන්නෙ.
Deleteමම මේ කමෙන්ට් කෙක කොටන්නේ ඉස්කෝලෙ පැන්ට්‍රි එකේ ඉඳන් උදේ කෑම කාලා ආපු ගමන්ම, එහා පැත්තේ තියෙන්නේ සුපර්වයිසර් කාමරේ. මම මෙච්චර වෙලා බලන් හිටියේ, වැරැද්දක් කරලා ආපු කොල්ලෙක්, කැරකෙන කුෂන් පුටුවක කකුලක් පිට කකුලක් දාලා ඉඳගෙන, ලෝඩ් ෆකීර් වගේ කැරකි කැරකි, සුපර්වයිසර්ට කියවනවා. සුපර්වයිසර් පුටුව ලඟ හිටගෙන ඉන්නවා අරූ කියන එක අහගෙන. මම ෆෝටෝ එකක් ගන්නත් හදලා, නිකං හිටියා.
ඉතින් මේක ඔය හරරැල් කිව්ව එකේ අනිත් අන්තය නෙවෙයිද?
සීමාව රැකීම අමරුයි.
මං නම් කොල්ලෙක්ට නොගහ හදන එකට අකමැතියි. ඒ වුනත් එහෙම කියන මමම අපේ ඉස්කෝලේ පීටී උගන්නපු ගුරා කොල්ලෙක්ට පුටු කකුලකින් ගහල අත කඩපු එක ඒ කොල්ලගේ බලවත් ඉල්ලීම මත( ඒ කොල්ලට සිහිය නැතිවී අත ද ඉදිමෙමින් පැවතිනි) ගෙදරට කී නිසා ගෙදරින් විත් පානා ලද විරෝධය හමුවේ එකල සිටි ප්‍රින්සිපල් හා ඒ ගුරා හට වූ අකරතැබ්බ මගේ පිටින් ඒ ප්‍රින්සිපල් යැව්වේ ලොග් එන්ට්‍රියක් මගේ හිසට කඩාපාත් කරවමිනි. (අද ද ඒ නිස්කාරනේ වූ සිද්ධිය ගැන මගේ බලවත් කෝපාග්නිය සිතේ තියන අතර මේ කතාවේ එන කොලුවා සුපිරි තරුවක්ව නුවරට 2010 දී පැමිණිනි.)
Deleteඒ විදියෙ පළි ගැනීමක් නම් ගුරුවරයෙක්ට තරම් නොවන්නක්. අඩුතරමෙ මහත්වරු ඒ වගේ වැඩ කරන්නෙ නෑ ක්සැන්ඩර්. ගුරුවරුන්ගෙ පලි ගැනීම්වලට ලක්වුනු ශිෂ්‍යෙයා ගැන මමත් අහල තියෙනව බං. ඒත් මම හිතන්නෙ ඒ වගේ ගුරුවරුන්ට මැරෙන මොහොතෙවත් සැනසීමක් ලැබෙන්නෙ නැතුව ඇති. තමන් විසින්ම කපා ගත්ත නාරාවලේම වැටිල විඳවනව ඇරෙන්න ඔවුන්ට වෙන ගැලවීමක් නෑ.
Deleteඑක චිත්‍රයනම් සුපිරිම තමා....
ReplyDeleteදෙක...හැබැයි ඒ කොල්ලෝ සුපිරි චින්තනයක් තිබ්බ වුන් ටිකක්.
තුන..මේ පාඩම කරන්න ඇත්තෙම ඩූඩ් ගුරුතුමාම වෙන්න ඇති කියා හිතෙනවා..
හතර... ඒ විදියේ එවුන්නම් අපේ කාලෙත් හිටියා...
ඉතා සුපිරි හැගුම් ගොන්නක් කෙටි විදියට දුන්න ඔබට තුති... මේ තමයි හැකියාව...
ස්තුතියි මචං. මේ අපේ තාත්තගේ ඉස්කෝලෙ කාලෙ තමයි. මම මේවට කිසිම සම්බන්ධයක් නෑ.
Deleteගොටු ඇල්ලිල්ල කවදත් තිබිලා තියෙනවා වගේම, බහුතරයක් දෙනා ඒ ක්‍රියාව කවදත් සමච්චලයට භාජනය කරපු බවත් දෙකම මම තේරුම් ගත්තා මේ කතාවෙන්.
ඒ වගේම, තවත් අතකට, මේක ගුරු ගෞරවයම වෙන්නත් පුළුවන්, මට ඒක හිතාගන්න අමාරු වුනත්.
පාර මැනපු හැටි නම් අපූරුයි, වැරැද්ද ළමයින්ට තරම් ප්‍රායෝගික නුවණක් ගුරුතුමාට නොතිබුනු එක. නැත්නම් සර් පොඩි සර්ච්පාරක් දැම්මනම් කට්ටියටම හොඳ වේවැල් කසායක් හම්බුවෙනව. කොහොම උනත් අපි උනත් ඔය වගේ වෙලාවට කරන්නෙ ඔහොම වැඩක් තමා.
ReplyDeleteවචන හරියට උච්ඡාරණය නොකරන එක ගණිත ගුරුවරයට ප්‍රශ්නයක් නොවුනට ඉංග්‍රීසි ගුරුවරයට ඉතිං ඒක ලොකු ප්‍රශ්නයක්නේ. ඒව ඉතිං හොඳටම තේරෙන්නෙ හෙන්රි අයියලටනේ. අපේ කාලෙ නම් ජ්‍යාමිතිය ගණන් ගණිතයට තිබුනට අංක ගණිතය, වීජ ගණිතය, ජ්‍යාමිතිය කියල බෙදිල්ලක් තිබුනෙ නෑ, ඔක්කොම එකට තමා ඉගැන්නුවෙ. මම නම් හුඟක්ම කැමති වීජ ගණිතයට. ජ්‍යාමිතිය ඉතිං නැතුවට හොඳයි. :)
අන්තිම සීන් එකනම් ඉතිං බලන් හිටී එවුන්ට පට්ට ආතල් සීන් එකක් වෙන්න ඇති. අපේ ඉස්කෝල කාලෙ ඔහොම වැඩක් උනානම් ළමය කෙසේ වෙතත් සර් ආයෙ ළමයිට මූණ දීල ඉවරයි, මෑන් පන්තියට එනකොට ළමයි පෙරළි පෙරළි හිනාවෙන්න තියාගනියි. හැබැයි කොයි කාලෙත් මොනිටර් නම් ඉතිං සර්ලගෙ ගොට්ට තමයි. චිත්තරේ ගුරුවරයගෙ නම් පරණ ඉස්කෝල මහත්තයෙක්ගෙ පෙනුම නියමෙට තියෙනව. අර හංවඩුවෙ ෆොන්ට් එකට මොකද වෙලා තියෙන්නෙ, ෆොන්ට් එක මිසිං ද නැත්නම් අලුත් කරල බලන්න හිතුවද?
හැබෑටම මාත් මේ බැලුවේ අපිට ඔහොම අර ගණිතය මේ ගණිතය කියලා බෙදිල්ලක් තිබුනේ නෑ නේ. ගණන් නම් ඉතින් කෝකත් හොඳයි
Deleteමෙතන වැරැද්ද වැඩේ අධීක්ෂනය කරන්න කෙනෙක් නොහිටිය එකයි, මම හිතන්නේ.
Deleteවචණ උච්ඡාරනය ගැන වද වෙන්නෙ ඉංග්‍රීසි ගුරුවරුන්ගෙත් අතලොස්සක් විතරයි බං. හුඟ දෙනෙක් ඔය කොහොම හරි අදහස ප්‍රකාශ වෙනවා නම් ඇතින් කියන ස්ථාවරයේ තමයි ඉන්නේ. ඒක මෙහෙම කතා කරන්න අමාරුයි.
අපිත් ඉගෙන ගත්තේ ගණිතය බෙදලා උගන්නපු අන්තිම බැච් එකේ වෙන්න ඕනෙ. ගණිතය බෙදලා කාල සටහනේ දාලා තිබ්බාට, විභාගෙට එන්නෙ ඔක්කොම එකම ශුද්ධ ගණිතය (Pure Maths) කියන පේපර් එකට. ඊට අමතරව ව්‍යවහාරික ගණිතය (Applied Maths) තිබ්බා. ඊටත් අමතරව, උසස් ගණිතය (Adv. Maths), O/L වලට කරපු උන් හිටියා.
මම නම් ගුරුවරයගේ හොඳකමට, ගණිතයට එච්චර කැමති නැති වුනත්, ජ්‍යාමිතියට කැමතියි. ඇයි බං චිත්‍රනේ. :)
මගේ සිස්ටම් අප්ග්‍රේඩ් එකක් කරන කොට සමහර ෆොන්ට් අතුරුදහන් වෙලා DDT. ඔය තියෙන එකකින් වැඩි දුන්නා. හැබැයි මේකෙ හරි සරළ ගතියකුත් තියෙනවා නේද?
Deleteමම කලිනුත් එක එක ෆොන්ට් වලින් අත්හදා බලලා තියෙනවා හැබැයි.
ආපෝ ... මටත් පේන්න බැරි එක්ක තමයි ජ්‍යාමිතිය.... ඇයි ප්‍රස්ථාර... මතක් වෙනකොටත් පිස්සු වගේ.....
Deleteමං ගාවා තිබ්බා ඔය අංක ගණිතය, වීජ ගණිතය, උසස් ගණිතය කියලා තිබ්බ පරණ පොත් කීපයක්.. එකෙන් තමයි මං දැනගත්තේ මේව මෙහෙම කොටස් වලට කඩලා තියෙන්නේ කියලා... නැත්තම් අපිට තිබ්බෙත් කලවම් ගණං තමයි.... හි හි
අපේ කාලෙදි ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය අහුවෙන්නෙ උසස් පෙළ ගණිත විෂයයන් හදාරනකොට. අපිට නම් ඒත් තිබුනෙ ඒ දෙකත් එකතු කරල සංයුක්ත ගණිතය (combined maths). තවමත් තියෙන්නෙ එහෙමමයි.
Deleteජ්‍යාමිතියට රූප සටහන් ඇන්දට ප්‍රමේයන් ඔළුවෙ තියන් සාධනය කරන්නත් එපෑයැ. ඒක මහ වස කම්මැලි වැඩක්. නැත්නම් රූප අඳින්න නම් මමත් කැමතියි ඩූඩ්.
ඇයි ෆොන්ට්ස්වල බැකප් තිබුනෙ නැත්ද, මම නම් මට නිතර අවශ්‍ය වෙන ෆොන්ට්ස්වල කොපි තියාගන්නවා. නැත්නම් නම මතක නම් ජංජාලෙනුත් හොයා ගන්න පුළුවන්නේ.
@ හිරූ,
Deleteහ්ම් ... මා ගාවත් ඒ විදියට කොටස්වලට වෙන් කරපු ජේ. ඊ. ජයසූරිය මහත්තයගෙ පොත් කීපයකි තව පොත් වගයකි තිබුන.
උඹේ චිත්‍රෙ නං මචං කියල වැඩක් නෑ නියමයි,හොඳම ලස්සන කතා තුනක් බං නියමෙට වදිනවා.
ReplyDeleteස්තුතියි මචං හැලපේ. ඒ වචනම ලොකු හයියක්. :-h
Deleteහැබෑවටම එදා ගුරුවරු අපට පාඩම් කියලා දෙනකොට කියාදුන්නේ පොතේ තියෙන දේවල් විතරක්ම නෙමේ. ඒනිසාම ඒ දවස් වල කියාදීපු බොහොමයක් පාඩම් අදටත් මතක තියෙනවා. මම ගොඩාක් වෙලාවලදි නංගි බබා එක්ක කතා කරද්දි හිනා කතා වලට කියන්නේ එහෙම ඒවා. සමහර සිද්ධි වලට මම කොයිතරම් ඇළුම් කරනවද කීවොත් මම එකම කතාව දෙතුන් ගමනත් කියලා තියෙනවලු. මේ මැට්ටිත් ඒබව මට කියන්නේ කතාව කියලා ඉවර උනාම. කියලා තියෙනවා නම්, ඇයි කලින් නොකීවේ කියලා මම තප්පුලනකොට තමයි කියන්නේ, ඔයා ඉතින් ආසාවෙන් කියන නිසා තමයි මතක් නොකලේ කියලා.
ReplyDeleteඅපේ දීපාගේ ළමා කාලේ කතාවලුත් ඔක්කොම මම සිය වතාවක් විතර අහලා තියෙනවා. පටන් ගන්නකොටම අපිට මතක් වුනත් අපි කවුරුවත් ඒ බව කියන්නේ නෑ. :)
Deleteමං වගේ තමා... උඩ පැන පැන, හිනා වෙවී කතාව කියලා ඉවර උනාම අපේ මහත්තයත් හිනා වෙලා එහෙම ඉවර වෙලා කියනවා “ රිපීට් ටෙලිකාස්ට් එකක් ” කියලා... හි හි
Deleteඉස්කෝලේ කාලේ එදත් අදත් සුන්දරයි බලාගෙන යද්දී.. අන්තිම කතාවට ඇන්ද චීත්‍රේ නම් නියමෙටම ගැලපෙනවා..
ReplyDeleteඉස්කෝලෙ යනකල්ම අපිට ඕක නොතේරෙන එකනෙ දිනේෂ් වැඩේ.
Deleteස්තුතියි, බං. :)
පාර මැන්න හැටි නම් හරිම ලස්සනයි. අහන්න දෙයක්ද තාත්තා විශ්‍රාම යනකල් අවංක සේවකයෙක් වුනු එක.:)
ReplyDeleteඔව් කතුවරී. තාත්තාගේ අවංක කම සහ සරළ බව මම අවඥාවෙන් දැකපු මෝඩ යුගයකුත් තිබ්බා. තාත්තා ගේ හදන්න ලෝන් එකක්වත් ගන්න කැමති වුන කෙනෙක් නෙවෙයි. ඒකත් ලැබෙන හැටියට ටික ටික හැදුවා අවුරුදු ගණනාවක්. :)
DeleteThis comment has been removed by the author.
Deleteපින්තුරේට නම් ලකුණු 100 ක් දෙන්න වටිනවා (ඒ කිව්වේ 100 න් 100 ක් :)
ReplyDeleteදෙයියනේ කිලෝ මීටර් 10 ක පාරක් මනින්න කිව්වම ළමයි ඔහොම කරපු එක පුදුමයක් නෙමේ
ස්තුතියි සයුරි. අත දිගෑරලම ලකුණු දුන්නාට. :-f
Deleteමම කල්පනා කලේ ඇයි මේ කට්ටියම මේ චිත්‍රෙට මෙච්චර ආසා කියලා.
මෙහෙමයි. කිලෝමීටර් දහයක පාරක් මනින්න අඩි කෝදුව පාවිච්චි කරන්න කියලා නැතිව ඇති. එක්කො ටේප්. නැතිනම් අඩි කෝදුවෙන් ලණුවක් මෑණගෙන ඒ ලණුව පාවිච්චි කරලා, වගේ උපක්‍රම තනියෙම පාවිච්චි කරන්න උනන්දු කරන එක තමයි මම හිතන්නේ ඕකෙන් බලාපොරොත්තු වෙන්න ඇත්තෙ. අද පවා පන්තියෙ ඉගෙන ගන්න දේ සැබෑ ජීවිතයෙදි යොදාගන්න නොදන්න අයනේද වැඩි? ඒ පුරුද්දක් නැතිකම.
චිත්‍රෙ හොඳ නිසානේ ඩූඩ් අයියේ ඒකට ආස... හි හි
Deleteතාත්තා මෙහෙම නම් පුතා මොනවා කරලා තියනවද දන්නේ නෑ.
ReplyDeleteගුරු ගෞරවය හී හී......
පින්තූරෙත් නියමයි. කතා ටිකත් එහෙමමයි ඩූඩ්. :-)
අනේ අපි නම් බෝ පැළ වගේ තමයි හිටියේ. ඒ ගැන නම් සැක සංකා ඇති කරගන්න එපා. අපි පාරේ යනකොට නිබ්බුත් පද කියනවා ඇහෙනවා කට්ටිය.
Delete:-h
ස්තුතියි පොඩ්ඩි.
hiks හික් හික්... අද කාලෙ නම් කොහොමද.. කොල්ලො දෙන්න සර්ට ගහන්න එලවන් යාවි...
ReplyDeleteයසිත් අද කාලෙ නම් කොහොමද කිව්ව එකට, මම ඉහලින් දාපු කමෙන්ට් එකක් මෙතන උපුටලා දාන්නද?
Delete>> මම මේ කමෙන්ට් කෙක කොටන්නේ ඉස්කෝලෙ පැන්ට්‍රි එකේ ඉඳන් උදේ කෑම කාලා ආපු ගමන්ම, එහා පැත්තේ තියෙන්නේ සුපර්වයිසර් කාමරේ. මම මෙච්චර වෙලා බලන් හිටියේ, වැරැද්දක් කරලා ආපු කොල්ලෙක්, කැරකෙන කුෂන් පුටුවක කකුලක් පිට කකුලක් දාලා ඉඳගෙන, ලෝඩ් ෆකීර් වගේ කැරකි කැරකි, සුපර්වයිසර්ට කියවනවා. සුපර්වයිසර් පුටුව ලඟ හිටගෙන ඉන්නවා අරූ කියන එක අහගෙන. මම ෆෝටෝ එකක් ගන්නත් හදලා, නිකං හිටියා. <<
Howzat?
අළුතින් චිත්තර කොම්පැනියක්ම දාලා වගේ.. හැක්.. තාත්තගේ කතා සෙට් එක නං එළස්. චිත්තරෙත් එළම තමා හැමදාම වගේ...
ReplyDeleteමේ පරණ චිත්‍ර කොම්පැණියම තමයි දේශා. දැන් උඹ මේ නියම දේශාද, ඩුප්ලිකේට් එකාද? ඇයි මට හිතෙන්නෙ උඹලා දෙන්නම එකයි කියලා? c-)
Deleteඅනුකරන වලට නොරැවටෙන්න.. නියම එකාගේ පින්තූරයක් ඇත.. පොරෆයිල් එකක් ඇත...
DeleteNiyamai.
ReplyDeleteJayawewa
ස්තුතියි සංජීව දිරි ගැන්වීමට. :)
Deleteසිතුවමනම් පට්ට.....:)
ReplyDeleteකතා තුනත් මරු ඇ.....:D
චිත්‍රේ අඳින්න වෙච්ච මහන්සිය අපතේ නොගිය බව පේනවා. ස්තුතියි මනෝජ්. :)
Deleteබලන්න අර පාර මැනපු සෙට් එක කොච්චර ප්‍රායෝගික විදියට අධ්‍යාපනය ලබල තියෙනවද කියල. මැනගන්න එකනං කොයි වෙලාවෙ කරන්න බැරිද ඒ වගේද අනික් දේවල්.
ReplyDeleteඅන්තිම කතාවනං නියම එකක් තමයි. ඒ වගේම ඩූඩ්ගෙ හිතේ ඇඳිච්ච චිත්තරෙත් නියමෙට ඇවිල්ල තියෙනව.
නැතුව නැතුව බං ප්‍රසන්න? පාර කොහෙවත් දුවන එකක්යැ? ප්‍රමුඛතා ලැයිස්තුවට අනුකූලව තමයි වැඩ කරන්න ඕනෙ. :D
Deleteඔව්, මගේ හිතේ ඇඳිච්ච චිත්‍රේ තාත්තට පෙන්නලා, "මෙහෙමද ඒක වුනේ තාත්තේ," කියලා අහන්න නොලැබීම, ලොකුම පාඩුවක්. :(
කතා ටිකත් හොදයි.මම ඔබගේ කියවපු කතා වල ලස්සනම චිත්‍රය.
ReplyDeleteගුරුතුමාගෙ මුන තරහ ගතියයි,වේවැල අර රවුම යටින් ඇගිලි 4 යවල මහපටගිල්ලෙන් හිර කරගෙන තිබුන නම් තවත් නියමයි.
ස්තුතියි, කෙන්ජි. මෙතන මම උත්සාහ කලේ, කේන්තිය, පුදුමය, අර ගොනා කුඩේ අරන් පස්සෙන් පන්නනවා දැකලා ඇතිවෙච්ච මිශ්‍ර හැඟීම, ඉස්කෝලෙම මේක දිහා බලාගෙන හිනාවෙනකොට තමනුත් මේකෙ නලුවෙක් නේද කියලා ඇතිවෙන අපහසුතාවය ඔක්කොම මූණට දාන්න. ඇත්තෙන්ම දැන් ගුරුතුමාට මේක අතෑරලා දාන්න බැරි කොටි වල්ගයක් වෙලා තියෙන්නේ මේ වෙලාවට. :-O
Deleteකෙන්ජි වේවැල ගැන කියන දේ හරි. නමුත් මචං, අපි චිත්‍ර වලට යටි හිත වමාරනවා. මට ගුටි දෙන ගානේ ගුරුවරු වේවැල ඇල්ලුවේ ඔය රවුමට ටිකක් එහායින්. අර තව වේවැල් පටියකින් ඔතලා තියෙන තැනින්. :)
මම හරි කැමතියි, කෙන්ජි මේවගේ විවරණ වලට. ඒකෙන් මම තව අලුත් සැඟවුනු මානයන් කරා යනවා.
ඩූඩ් අයියේ මට හිතෙන්නෙ අර පිටිපස්සෙ කුඩේ අල්ලගෙන යන කෙනාගෙ හැගීම වෙනස් වෙන්න ඕනි කියලා, එයා ටිකක් සන්තෝසෙන්නෙ යන්නෙ, ඒක වෙනස් උනානම් හොදයි වගේ..
Deleteදවසක් වයිස් ප්‍රින්සිපල් අපේ පන්තියට කඩා වැදුනා මාරාවේශ වෙලා, මම පන්තියේ ඉස්සරහින්ම හිටගෙන කෑගහනවා. ඇදලා ගත්තා මාව, 'චට, පට, චට, පට' ගාල වේවලෙන් වැදුනා පස්ස හරහා, නතර උනේ කම්මුලටත් 'සටාස්' ගාල පාරක් ගහලා. වේදනාවටයි හිතේ අමාරුවටයි මට ඇඬුණා.
ReplyDelete"තෝ හිතුවද යකෝ මේක තොගෙ තාත්තගෙ බජව් දාන කාමරේ කියලා"
"ඉහි ඉහි නෑ සර්"
"එහෙනම් මොකද යකෝ උගුඩුවා වගේ කෑගහන්නේ, අනිත් පංතිවල වැඩ කරන්නෙ නැද්ද?"
"නෑ, සර් මම මේ... මම මේ... මේ..."
"මැමැ මේ, මැමැ මේ.. ඉඳගං දැන්වත් ගිහින් තවත් ගුටි නොකා...... කෝ මේ පන්තියේ මොනිටර්, පංතිය නිශ්ශබ්ද කරගන්න දන්නේ නැද්ද?"
"ඉහි ඉහි... සර් මම තමයි මොනිටර්, ලමයි නිශ්ශබ්ද කරන්න තමයි මම හැදුවේ සර්... ඉහි ඉහි..."
හුටා පරි ජාලං! අම්මා ගහයි කී බෝඩ් එකෙන්! =D>
Deleteඇත්තෙන්ම උඹ පන්තිය නිශ්ශබ්ද කරගන්නද බං ට්‍රයි කර කර හිටියේ?
ඇත්තෙන්ම ගුටි මෙච්චර රසවත් වෙන්න පුලුවන්ද කාලයාගේ ඇවෑමෙන්?
ගුරුවරයෙක් අහල පහළ නැති වෙලාවක පන්තියක් නිශ්ශබ්ද කරන්න වෙහෙසිච්ච මොනිටරයෙක් ගැන මම මේ ඇහැව්වමයි බං. හික් හික් .....
Deleteඒ උනාට සීන් එක ඇත්ත නම් සර්ට වෙන්නෙ අර ගලේ පහරපු බළලට වෙච්ච දේ.
This comment has been removed by the author.
ReplyDeleteඅපිට කාලයක් හිටියා මරු ප්‍රින්සිපල් කෙනෙක්. හරිම සැරයි. ඒ වගේම ඔතෑනි නෑ. හිතන්නකො එහා බිල්ඩින් එකේ ළමයි කෑ ගහනවා කියලා. සර් ඉස්සරහ බිල්ඩින් එකේ ඉඳන් බලන් ඉඳලා කෙලින්ම ඒකෙ තාප්පෙන් පැනලා අර හෝල් එකට ගිහින් කොල්ලොන්ට ගහන්නෙ. බිල්ඩින් එක වටෙන් ආවොත් කොල්ලො දුවන නිසයි එහෙම කරන්නෙ. ඒ වගේම කමිසෙයි කලිසමයි දෙකම සුදු අඳින්නෙ. ඒ හන්දා කොල්ලොන්ටත් මෙයා ළඟට එනකල්ම පේන්නෙ නෑ. කොච්චර සැර උනත් කවදාවත් ඉස්කෝලෙ ප්‍රශ්නයක් පිටට අරගෙන ගියේ නෑ. පොලිසි යන තරමට සමහර ප්‍රශ්න තිබුනත් මෙයා හැම තිස්සෙම ගත්තෙ ළමයින්ගෙ පැත්ත. ඒ හන්දා කොච්චර ගුටි කෑවත් කොල්ලො සර්ට මාර ආදරෙයි
ReplyDeleteඔය රවී ලියලා තිබ්බා මතකද කොල්ලටම කියලා පුටුවක් ගෙන්නගෙන ඒක උඩට නැගලා කොල්ලට කම්මුල් පාරක් දීපු, එච්චර උස නැති සුලෝහිත ගුරුතුමෙක් ගැන? අන්න එයාවයි මට මතක් වුනේ. එයාත් අඳින්නේ සුදූ. හැබැයි විනය පාලක, විදුහල්පති නෙවෙයි. :D
Deleteනියමයි මචං , ඇත්තටම හැමෝගෙම පාසල් ජිවිතේ කොතරම් පුරුද නේද? මම අප මුලින්ම ලියලා තිබ්බේ පාසල් ජිවිතේ ගැන දෙක තුනක් විතරයි. හි හි... ලියනවානම් තව ගොඩක් තියෙනවා. පොඩි උන් නරක් වෙන නිසා ලියන්නේ නැහැ.
ReplyDelete//පොඩි උන් නරක් වෙන නිසා ලියන්නේ නැහැ.//
Deleteකපල කොටලා වත් පුළු පුළුවන් ඒවා ලියමු. ටිකක් හිනා වෙන්නත් එක්ක. :)
බීන්ස්ගෙ ජවනිකා ආපහු බලනවා වගෙ ඩුඩ්ගෙ ජවනිකාත් ඉතින් ආපහු බලන්න පුලුවං.. කොහොමටත් ජාතික සංඛ්‍යාලේඛන නං ඉතින් තාත්තගෙ පාරෙ දිග වගේම තමයි..
ReplyDeleteජාතික සංඛ්‍යාලේඛණ කොහෙත් එකයි මම නම් හිතන්නේ. මෙහෙ මේ කතා කරන සාක්ෂරතාවය ගැනත් මට සෑහෙන සැක සංකා තියෙනවා.
Deleteඅද ඉපදෙන ළමයින්ට ඕවයින් අංශු මාත්‍රයක්වත් විඳින්න නොලැබෙන එක ගැන අන්තිම දුකයි අප්පා
ReplyDeleteහැමදාම එක වගේ තියෙන්න ඕනෙ නෑනෙ පැතුම්. වෙනස් වීම අවශ්‍යයි.
Deleteඒ කතාවෙත් ඇත්තක් නැත්තෙමක් නෑ
Deleteසිරාමයි අප්පා.... පින්තූර කෑල්ලත් මරු! :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රජාටත් සුභ වේවා. රාජ සම්පත් ලැබේවා. :-h
Deleteචිත්‍රේ මමත් මවා ගත්තෙ ඔහොමම තමා ඩුඩ්.... :D :D :D
ReplyDeleteඒ දවස්වල් ඉස්කෝලෙ කාලෙ හරිම සුන්දරයි නේද? මට මතකයි ආච්චිත් කියනව එයා ඉස්කෝලෙ යන ගමන් දම් ගෙඩි කඩන්න කැලේට පැනල පරක්කු වෙලා ඉස්කෝලෙ යනව කියල....
හරිම ලස්සන අතීතයක මතකයන් තමයි මේ.. හරිම ආසාවෙන් කියවපු පෝස්ට් එකක්.... :D :D
ඔව් ඔව් මටත් මතකයි ඒ කතාවල් හොඳටම. ඒවා කියන කොට මූණෙ තියෙන සතුට මට අමතක වෙන්නේ නෑ.
Deleteකෙනෙක් තමන්ගේ අතීත කතාවක් කියනකොට ඒක කියන්න අරින්න ඕනෙ, තමන් ඒක අහලා තිබ්බත්. මොකද ඒක කියලා ලබන සතුට සල්ලි වලට ගන්න පුලුවන් එකක් නෙවෙයි.
අපි කොයි තරම් නම් පාසැල් කාලේ සතුටෙන් හිටියද නේද? දැන් ලමයින්ට කොහෙද එහෙම නිවනක් , මට හිතෙනවා තාත්තට වඩා කතා පුතාට ඇති කියලා.
ReplyDeleteමෙහෙමයි. මතක් කරලා බැලුවොත් හැමෝටම කතා තියෙනවා. සමහර විට ඒක වෙන කෙනෙකුට කියන විදියත් බලපානවා. අනික කෙනෙකුට රසවත් දේ, තව කෙනෙකුට රසවත් නොවෙන්නෙ පුලුවන්.
Deleteඅර චිත්‍රය නම් සිරා.. කුඩේ අරන් දුවන එකා දිහා බලා ඉඳලත් මට හිනා. :D :D ([si="1"]සර් ගේ ඇහේ බොලේ මුල්ලට ගියා නම් තවත් ලස්සනට එයි කියල හිතුන මට.[/si])
ReplyDelete"පරණ කොල්ලොත්" දැන් කොල්ලොත් අතර ඒ හැටි වෙනසක් නෑ වගේ.. :)
කොලු කම සර්වකාලීනයි. කියවලා ඇතිනෙ The Adventures of Tom Sawyer?
Deleteස්තුතියි චන්දන අදහස් වලට. :)
අද නම් සේරටම කලින් චිත්‍රෙ ගැන කොමෙන්ට් කරන්න ඕනෙ.මේන්න මං කැමති ස්ටයිල් එක.හරි ලස්සනයි. හරියටම ඉරියව් ඇඳල තියෙනවා. කතාවක් නැතත් චිත්‍රය විතරකුත් කතාවක් තමා.ෆොන්ට් එකත් මට නම් වෙනදට වැඩිය හොඳයි.
ReplyDeleteකතා ගැන නම් ඉතින් කියන්න දෙයක් නැනෙ.සුපර්බ්. අන්තිම එක වඩා සුපර්බ්. මමත් ඕ ලෙවල්වලට ජෝමෙට්‍රි, ඇල්ජීබ්‍රා කරපු කෙනෙක්. ඕල්ඩ් ස්කූල්.)
Deleteස්තුතියි නිල් මානෙල් චිත්‍රෙ ගැන දක්වපු අදහස් වලට.
අපි නම් අර ගනන් කොටස් වෙනම පන්තියේ ඉගෙන ගත්තත්, විභාගෙට කලේ Pure Maths කියලා එකට. අනික Applied Maths. තාත්තලා නම් කරලා තියෙන්නෙ SSC, HSC විභාගනේ. එයාලා ඔය විදියට ALGEBRA GEOMETRY කලා කියලා කිව්වා.
මාත් කලේ පිඕ මැත්ස් තමා. නමුත් විභාගෙට ආවෙ පේපර්ස් දෙකක්නෙ. ඩූඩ් මාව තාත්තගෙ වයසට දාන්න පව් නැද්ද?
Deleteඒකාලෙ "ගුරු ගෞරවය"ගැන සිහිවෙනකොට, දැන් ඩූඩ්ට ඇඩේනවා ඇති නේද???
ReplyDeleteඇඬෙනවා තනි ඇහැට.
Deleteනමුත් තිළිණ මම කොයි අන්තවාදයටවත් කැමති නෑ. ඔහොම ළමයින්ට නෙලන එක හරිත් නෑ, මෙහෙ තියෙන වල්බූරු නිදහස හරිත් නෑ මට නම්. ඔය දෙක අතරේ ත්යෙනවා ක්ෂේම භූමියක්.