Monday, July 29, 2013

86. සය වසකට පසු... After Six Long Years...





එදා, අපේ ‍දියණිය රැගත් ගුවන් යානය පැමිණෙන තෙක් මම ගුවන් තො‍ටුපලේ ලතවෙමින් සිටියා. 

කවුරුන් හෝ විසින් ගුවන් තො‍ටුපොළ ජෙටියේ අතැර දමා ගොස් තිබුණු මේ ගමන් මලු ගෙනයන ට්‍රොලිය අහම්බෙන් මගේ ඇස ගැ‍ටුනු මොහොතේ, මගේ හදට නිතැතින්ම නැගුනේ ඉවසිය නොහැකි පාළු හැඟීමක් සහ විස්තර කල නොහැකි දුකක්. මා අත තිබූ කැමරාව නොකඩවා ක්‍රියාත්මක වෙත්දී, මගේ දෑස බොඳ වූ බවත්, උගුරේ  යමක් සිරවී ඇති ලෙසත් මට දැනුනා. සමහර විට මට පිස්සු වෙන්නැති. මොකක්දෝ හේතුවකට මේ ට්‍රොලිය මට සිහි කලේ කාගෙ හෝ තාත්තෙක්ව...



DAD



With you my son,
This is as far as I can come,
Shouldering your burden for you.
Unlike me, my son,
Who's at the end of the line,
Whole new world's waiting for you.
For you my son,
The limit is the sky,
Like a bird soaring high, with a twinkle in yer eye.
For you my son,
I'll be hanging around,
Praying for the day, our paths will cross again.

මා පබැඳූ මේ පද පෙළ, අද දහසය වැනි උපන් දිනය සමරණ අපේ පුත් හිරූෂට පිළිගන්වනවා.

Tuesday, July 23, 2013

85. හරි දේ The right thing to do: Comments better than the post series:


මම කාලෙකට ඉස්සෙල්ලා කියවපු සඟරාවක හරි, පත්තරේක හරි පළවුණු, ප්‍රශ්ණාවලියක තිබුණු මේ ප්‍රශ්ණය මට යන්තමින් මතකයි.



පදික වේදිකාවක් දිගේ ඇවිදගෙන යන ඔබ, බිම වැටී ඇති රුපියල් සියයේ නෝට්‍ටුවක් දකිනවා.  ඔබ...


A. රුපියල් සියය නොදැක්කා සේ ඔබේ ගමන යනවා.

B.රුපියල් සියය හුළ‍ඟේ නොයන ලෙසට කුඩා ගල් කැට දෙකකින් බර තබා ඔබේ ගමන යනවා.

C. රුපියල් සියය අහුලාගෙන සාක්කුවේ දාගන්නවා.

D.රුපියල් සියය අහුලාගෙන, ඉන් පසු මුණ ගැහෙන හැමෝගෙන්ම රුපියල් සියයක් නැති වුනාදැයි විමසමින් යනවා.

E. රුපියල් සියය අහුලාගෙන එහි අයිතිකරුවා සොයා ගැනීම පිණිස රුපියල් එකසිය පනහක් වැයකර පුවත් පතේ දැන්වීමක් පළකරනවා.
රුපියල් සීයක් හොයාගන්න බැරි වුනා.
මේකත් අරන් පාරට දුවලා පේව්මන්ට් එකේ තියලා  ෆෝටෝ එක ගන්න කොට
පාරේ වැඩ කර කර හිටපු කට්ටිය පුදුම වෙලා මං දිහා බලා හිටපු හැටි දැක්ක නම්!

Friday, July 19, 2013

84. ඉංගිරිස් ඉන්ටර්විව්



ඔන්න එකෝමත් එක කාලෙක, හෙන්රිබ්ලොග්වෝකර් අධි සුඛෝපබෝගී ජර්මන්  කාර් වර්ගයක් ගෙන්වන සමාගමක මෝටර් ඉන්ජිනේරු විද්‍යා ආධුනිකයෙක් හැටියට හිටියා. ඕකෙ හිටියා රංග කියලා, අර කටින් වෙට්‍ටු දම දම කතා කරන, කටින් ගහලා ඕනෙ වැඩක් කරගන්න පුලුවන් ඩයල් එකක්. ඒ නිසාම මූට හිටියා සැලකිය යුතු ෆෑන් බේස් එකකුත්. මමත් මුගෙ කට දිහා බලාගෙන ඉන්න හරි ආසයි ඒ දවස් වල. මූත් අපි වගෙම ඇපෙක් වුනාට නිතරම හිටියෙ එන්ජිමක් එල්ලගත්ත ෆෝක්ලිෆ්ට් එකක් කරකවමින්.

Monday, July 15, 2013

83. කලු සහ සුදු BLACK & WHITE


අපායේ ගතකල හොඳම විනාඩි විස්ස මතකද? 


අමතක වෙන්න නම් අමාරුයි. නමුත් එහෙම වුනා නම් මෙතනින් ගිහින් කියවලාම එන්නකෝ. 






 ඔව්, ඉතිං ඒ ජනේලේ එදා බේරුනානේ. මේ ඊට සති කීපයකට පස්සේ වෙච්ච දෙයක්. මේත්, ඒ වගේ නැගීගෙන එන අපා පන්තියක  ජනේලෙට වෙච්ච දේ. හොඳයි හැඳින්වීම ඉවරයි. දැන් මෙන්න කතාව.

Thursday, July 11, 2013

82. කාකි හදවත.

මගේ අතීසාර මිත්‍රයා රංජිත්, බාබර් ලඟට ගියාම ඩබල් චාජ් කරනවා. හේතුව, වර්ග සෙන්ටිමීටරයකට තියෙන කෙස්ගස් ප්‍රමාණය සාමාන්‍ය පුද්ගලයෙකුගෙ වගෙ දෙගුණයක් නිසාවත්, කොන්ඩෙ ගනකම වැඩිකමට ආවුද මොට්ට වෙන නෙවෙයි. "Search & Snip" කියන Technique එකට සාමාන්‍ය ක්‍රමයට වඩා දෙගුණයක් කල්ගතවෙන නිසාලු. 

රංජියයි මායි කලාතුරකින් හමු වුනාම, හීනියට, ඔය තැඹිලි වතුර ටිකක්, හොඳින් නිවපු කොත්තමල්ලි වතුර වගෙ ශාක සාර ඩ්‍රින්ක් එකක් හෙම ගන්නවා. (දැන් නම් එහෙම හමුවෙන්නෙ නැතිම තරම්, දෙන්නගෙම පවුල් බරට) මේ, ඔය වගෙ වෙලාවක රංජියා කියපු කතාවක්.