Showing posts with label මතක මාවත දිගේ. Show all posts
Showing posts with label මතක මාවත දිගේ. Show all posts
Monday, April 10, 2017
160. මැක් ලොජික්
In the loving memory of Mack:
මැක්කා අපේ බැචා පේරාදෙණිය ටීචර්ස් කොලේජ් එකේ. බැචා කිව්වට ඌ හිටියෙ අපිත් එක්ක එකම බැච් එකේ විතරක් නෙවෙයි, එකම ගෲප් එකේ, එකම ක්ලාස් එකේ, එකම හොස්ටල් එකේ. මූ පොකුටු කොන්ඩයක් තියෙන, කන්නාඩි දාන ගීක් ටයිප් කොට ජීවිතේ. මේකාගෙ ඇත්ත නම මොක වුනත් මේකාට ඉස්සෙල්ලම වැටිච්ච නම ‘මැක්බෙත්’. ඒකට හේතුව මේකට තිබ්බ අසාමාන්‍ය English Literature උණ කිව්වොත් වැරදි නෑ.
Thursday, July 28, 2016
154. උණුවන හදවත / The Kindhearted One!
ඔහු කොහොමත් සතුන්ට ආදරෙයි, විශේෂයන්ම බල්ලන්ට. ඒ වගේමයි බල්ලොත් ඔහුට පෙන්නුවේ කොන්දේසි විරහිත ආදරයක්. ඔහු කොහේ ගියත් නාඳුනන බල්ලෝ ඔහු හොයාගෙන ඒම නිතර සිදුවුන දෙයක්. අවාසනාවකට වගේ ඔහුගෙ ළමාවිය ගතකරන්න සිදුවුන රටේ ගුවන් තොටුපළේම ප්‍රදර්ශණය වුනු තහනම් භාණ්ඩ දැන්වීමේ ඩාට් තුවක්කු, ගිණි අවි, ආගමික සංකේත, ඇල්කොහොල්, ඌරුමස් හා ඌරුමස් අඩංගු නිෂ්පාදන වලට අමතරව බල්ලොත් ඇතුලත් වුන නිසා ඔහුට මාලු ටැංකියකින් පමණක් සෑහීමට පත්වෙන්න සිදුවුනා.
Sunday, September 20, 2015
140. මෙතෙක් කතාව සහ අද එතැන් සිට - තුන්වන (අවසාන)කොටස.
Promised Land: The Capital, Western Province, Parallel Universe.
පොරොන්දු දේශය, අගනුවර, බස්නාහිර පළාත, සමාන්තර විශ්වය.
ගොරවමින් කන්ද අදින බර වාහන පෙලින් බේරී පාර මැද සුදු ඉරට සමාන්තරව මෝටර් සයිකලය පදවන මම කන්දේ පහලට වේගයෙන් ධාවනය වන විරුද්ධ පැත්තේ තීරුවේ වාහන වැලේ හිදසක් තුලින් දකුණට හරවා පදික වේදිකාවටම නග්ගා වාහනය නතර කරනවා.
මේ කතාවෙ අගක් මුල නොතේරෙනවා නම් මෙන්න මුල් කොටස් දෙක.
137. මෙතෙක් කතාව සහ අද එතැන් සිට - පළමු කොටස
138. මෙතෙක් කතාව සහ අද එතැන් සිට - දෙවන කොටස
යකඩ ග්‍රිල් ගේට්‍ටුව තුලින් බලන ගේට්‍ටු මුරකරු මා දිහා බලන්නේ සැකමුසු බැල්මක්.
"මට ප්‍රින්සිපල්ගෙ ඔෆීස් එකට යන්න ඕනේ. මට මාරුවීමක් ලැබිලා තියෙන්නේ."
මුරකරුගෙ නහය හරහා ක්ෂණිකව සිරස්ව වැටෙන රේඛාවක් නහය කේන්ද්‍රකරගෙන දක්ෂිණාවර්තව අංශක එකසිය අසූවක් භ්‍රමණය වෙලා සැකමුසු බැල්ම මිත්‍රශීලී බැල්මකට පරිවර්තනය වෙනවා.
"එන්න සර් ඇතුලට. අන්න අතන ඔෆීස් එක තියෙන්නේ. ඔහොම ඉස්සරහට ගිහින් අර පඩි පෙලෙන් නැගලා අර කොණට යන්න."
"බොහෝම ස්තුතියි. මම හෙල්මට් එක මෙතන තියලා යන්නද?"
"මෙතන තියලා යන්න සර්. හුටා! සර් බයික් එකකද ආවේ? පට් ගාලා දාන්ඩ ඇතුලට." පොර ගේට්‍ටු පලුව ඇරලා වහාම ඔලුව එලියට දාලා බලන්නේ බයික් එක තාම තියෙනවද කියලා සැක හැරගන්න වෙන්න ඕනේ.
අවුරුදු තිහට අඩු උපාධිධාරියෙක් වන වන විජයකුමාරතුංග දැකපු ගමන් මට සිහිවෙන්නේ කැරිකේචර් එකක්.
තනි සුදු කමිසය සහ කලිසමත්, කෙසඟ ශරීරයත් නිසා, බලෙන් විදුහල්පති පුටුවේ ඉඳගෙන ඉන්න උසස්පෙල පන්තියක කොල්ලෙක් සිහි ගන්වන විජයකුමාරතුංගගේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ විළුඹ ඉදිරියට හෝ පැත්තට සිටින සේ කරකවා මේස් පැළඳීමයි.
"ගුදවංශ මහත්තයා නේද ඔබතුමාව එව්වේ? මම එයාට විශේෂයෙන් කියලා ඉල්ලලා තිබ්බේ අපිට කොහොම හරි ඉංග්‍රීසි ගුරුවරයෙක් දෙන්න කියලා."
විජය කුමාරතුංගත් එක්ක කතාවෙ යෙදිලා ඉන්න මට මෙයා මොනවගෙ කෙනෙක්ද කියලා හරියට හිතාගන්න අමාරුයි.
"මිස්ට කුමාරතුංග, ඇත්තටම මෙතන වැඩ කරන්න පුලුවන් තැනක්ද? මට ඇත්තම කියන්න."
"ම්ම්ම්. අපි ඔය ඉන්නේ. මමත් මෙතනට අලුත්. තවම තැනට අනුවර්තනය වීගෙන එන ගමන්."
"මේකයි මිස්ට කුමාරතුංග. මම දුෂ්කර සේවයට ගිහින් කට්ටෙත් හොඳම එක කාල ඉන්නේ. මේ ඉස්කෝලෙ ගාවින් මම අනන්ත ගිහින් තියෙනවා නමුත් හිතේ ඇඳිලා තියෙන්නේ එච්චර හොඳ පින්තූරයක් නෙවෙයි. හෙහ්, හෙහ්, මට මතක් වෙන්නේ මායි යාලුවෙකුයි දවසක්..." මොනවද මම මේ කියන්නේ. මම කතාව වෙන පීල්ලකට මාරු කරනවා.
විජයකුමාරතුංගට අනුව, මට ඉක්මනින්ම හිත හදාගන්න වෙනවා. එක්කෝ අතේ තියෙන ලියුම බාර දීලා, ලොග් සටහන එහෙම ගහලා වැඩ බාරගන්න ඕනෙ. නැතිනම් මගෙ හිතේ තියෙන විදියට ආපහු බස්නාහිර පළාතේ ඉස්කෝලයක් ගානේ ගිහිල්ල ඉඩ තියෙන තැනකින් ලියුමක් අරං ආපහු කප්රුකට යන්න ඕනෙ.
මේක ජීවිතේ ගන්න තවත් වැදගත්ම තීරණයක් වෙනවා.
කලින් වගේම වැරදි තීරණයක් ගත්තොත්, ජීවිතේ ඉතුරු ටිකත් දුකම විඳින්න වෙනවා.
දුකම විඳින්නට,
දුක උහුලන්නට,
දුකට උපන් දරුවෝ - ඕ - ඕ - ඕ,
මිහි මව-ගේ දරුවෝ...
තාලෙට කිය කියා දිගටම ඉන්න මගෙ කැමැත්තක් නෑ.
මෙච්චර කට්ටක් කාපු මම, හොඳයි කියලා සම්මත ඉස්කෝලෙකටම යන්න උත්සාහ නොකරන්නෙ ඇයි? වම් උරහිසේ වැඩ ඉන්න සර්ව සුභවාදියා එහෙම කියද්දි දකුණු උරහිසේ වැඩ ඉන්න සර්ව අසුභවාදියා ඒ එක්කම මතක් කරන්නේ, වැඩි කල් බලා හිටියොත්, මෙතනත් නැතිව යන්න පුළුවන් බවයි. අර ගුලි තුනේ වරමෙන් තියෙන ගුද මාර්ගයත් නැති කරගත්තා වගේ වැඩක් වෙන්නෙ එහෙම වුනොත්.
මම කොරිඩෝවට ඇවිත් අහස පොළොව ගැට ගහන්න කල්පනා කරනවා. අතීරණය මොට්ට පිහියක් වගේ. කැපෙනවට වඩා තැලෙනවා.
වහාම තීරණයක් ගතයුතු වෙනවා.
මැදිවියේ පසුවුන, මල්ලවපොර සූරයෙක් වගේ ඇවිදින, නමටම ගැලපෙන හැඩිදැඩි යකඩ ගෑණියක් වුන ආයෝමා අකරුණාවන්ත චරිතයක් කියලා කියන්නත් බෑ. බේකරියකින් හරි මල් ශාලාවකින් හරි දැම්ම වගේ පේන මේක් අප් එකක් දාගෙන ආවත්, ලාලිත්‍යය කියන එක නිකං වැඩකට නැති කාලෙ නාස්තියක් හැටියට දකින අයෝමගේ කතාබහ පොල්ලෙන් ගහනවා ගහනවා වගේ. එකට වැඩ කරන කෙල්ලෝ ඉන්න තැන ව්‍යංගයෙන් දෙපැත්ත කැපෙන කුණුහබ්බ විහිළුවක් කියලා සමහර උන් ගෙ මූණු රතුවෙනවා දැකලා සතුටක් ලබපු අපි, කුණු හබ්බ කෙලින්ම කියලා, ඒක එලියට අරගෙන විශ්ලේෂනය කරලා, විහිලුව ඝාතනය කරලා දාන අයෝමා ඉන්න තැන, කට අරින්නෙත් පරිස්සමෙන්.
අයෝමගෙ ලොකුම අවුල, තැනක් නොතැනක් නොබලා, හැම එකාටම, හැම එකටම, මහා හයියෙන්, යටි ගිරියෙන්, ප්‍රසිද්ධියෙ අණදීම සහ බැණ වැදීමයි. රළුකම, ගොරහැඩිබව අයෝමගෙ ජීවන විලාසිතාවක්.
"මට දුක මේ ගෑණිගෙ හස්බන්ඩ ගැන බං. අපිට ඉවසන්න තියෙන්නේ පැය කීපයයි. ජීවිත කාලයක් මේ ගෑණි එක්ක ඉන්න ඒ යකාට කොහොම දැනෙනවා ඇද්ද!" මම කියලා තියෙන්නේ වරක් දෙවරක් නෙවෙයි.
"අඩේ උඹලා මේ අපි ඉන්න තැන්වල සෙක්ස් ගැන විහිළු කරාට, උඹලා අයෝමා ඉන්නකොට පූසෝ වගේ නේද?"
"අනේ උඹට කියන්න අහවල් අක්කේ, අයෝමා ලිංගික විහිළුවක් කරපු ගමන් අපිට ලිංගිකාශාව කියන එක එහෙම පිටින්ම නැතුව යනවනේ."
"ඒක ඇත්ත මචං. මාත් කල්පනාකලේ මට නශ්ටකාමය හැදෙයිද කියලා මේ ස්ටාෆ් රූම් එකේ වැඩි කල් හිටියොත්."
ලිංගිකත්වය ගැන කියනකොට අයෝමා තුල අපි දැකපු එක විශේෂ කාරණයක් නම්, එයා ඉතාමත්ම ලිංගික ආකර්ෂණයකින් යුත් කෙනෙක් හැටියට තමාවම දැකපු එකයි.
විශේෂයෙන්ම මේ ඉස්කෝලෙ යන කොල්ලෝ පවා, තමන්ව දුටු පමණින් පිස්සු වැටෙන ඉතාම ආකර්ෂණීය ලිංගික භාණ්ඩයක් හැටියට දකින බව ඒත්තු ගනවන්න අයෝමා කියන කතාවල් අපි අහං හිටියේ හරිම අමාරුවෙන්.
ඉස්කෝලෙ යන කොල්ලෝ අයෝමට දිනපතාම බස් එකේදි ලිංගික පීඩා කරන බව ඈ කියනවා හැමදාම වගෙ.
'අද මං එනකොට අර රතු ඉස්කෝලෙ කොල්ලෙක් මට ජැක් එකක් ගහගෙන ආවනේ."
"අනේ ඔය සෙනග වැඩි වෙලාවට ඌව තල්ලු වෙලා එන්න ඇති ඔයාගෙ ඇඟට."
"නෑ නෑ. මම දන්නෙ නැද්ද ඕකෙ වෙනස?"
"මම නං හිතන්නේ නෑ. පිරිමින්ට කොහොමත් එල්ල වෙන චෝදනාවක්නේ ඕක."
"මම වෙලවකට ඔය හේත්තුව දාන කොල්ලන්ට කෙලින්ම කියනවා ඔයාගෙ වයසෙ දරුවෝ මට ඉන්නවා කියලත්."
"මමත් කියන්නේ ඕක වැරදීමක්. ඔන්න වයසක ඩෑල් එකක් නං හිතන්න පුලුවන්."
"යකෝ මම නං වයසට යන්න කලින් එක්කෝ කාර් එකක් ගන්නවා. නැතිනං වෙඩි තියාගෙන මැරෙනවා. අංකල් කෙනෙක් වෙලා බස් එකේ යනවට හොඳයි..."
අයෝමගෙ කතාවට එහා පැත්තෙ ඉඳගෙන ඉන්න නිරෝෂා හිනා වෙන්නේ මූණ අතින් වහගෙන. ඔන්න ඒක කොච්චර වැරදි වැඩක් වුනත්, අපි කවුරුත් හිතෙන් කරනවා වගේ සංසන්දනය කරනවා නම්, නිරෝෂා බැලූ බැල්මටම අයෝමගේ සම්පූර්ණම විරුද්ධ පැත්ත.
අයෝමා 'අඩෝව්. චන්ඩි ඉන්නව නම් වරෙව් ඩෝව්' කියන්න වගේ උරහිස් දෙපැත්තට පද්දමින් ඇවිදිදිදි, නිරෝෂා ඇවිදින්නේ මිහිකත නලවාලා, බලාගෙන ඉන්න ඉන්න ආසා හිතෙන විදියට.
ඔය විදියට ලැයිස්තුවක් හදනවා නම්:
ගැඹුරු වොට් විසිපන්දාහෙ මරහඬට එරෙහිව කණට පවං සලන ලගන්නාසුළු හුරතල් කටහඬ,
ටකරමකට ගහන්නා වැනි කං අඩි පැලෙන හිනාවට එරෙහිව පපු කැවුතු වලට සමන් මලෙන් පවන් සැලෙන මිණිකිංකිණි හිනාව,
ඈත එනවා දැක්කොත් ලඟම තියෙන කඩේකට රිංගලා හෝ පාරෙ යන බස් එකක එල්ලිලා මග අරින්න හිතෙන පෙනුමට එරෙහිව, දැක්කාමට වේල් තුනක් නොකා ඉන්න හැකි හිත පිරෙන පෙනුම...
ඔය විදියට ලැයිස්තුව නොනැවතී ගලාගෙන යනවා.
ඒ වගේම ඔය දෙන්නටම ගැලපෙන පරිවාර ජනතාවත් ඔය ගුරු මණ්ඩලේම ඉන්නවා. ඒ කියන්නේ උප අයෝමලා සහ උප නිරෝෂලා.
යකා හිතන තරම් කලු නෑ. යක් ඉස්කෝලෙ මම ජීවිත කාලයක් හිතා හිටිය තරම් නරකත් නැති බව මට ටික කාලෙකින්ම තේරෙන්න ගන්නවා.
සමාජෙ පහත් යයි සම්මත ස්ථරයකින් එන බහුතරයකින් සමන්විත මේ ඉස්කෝලෙ උන්, අර උසස් යැයි සම්මත ඉස්කෝලවල උන්ට වඩා මට ලංවෙනවා වගේම, හිතට අල්ලලා යන වෙලාවල් තියෙනවා. දුරුවෙලාම යන්න කාලයක් ගියත් අර මුලින් තිබිච්ච සැක සංකා ටික ටික නැතුව යනවා. නමුත්, එහෙමයි කියලා, ජීවිතය සහ රැකියාව වඩා පහසු වන සැප ඉස්කෝල වලට අපි වගේ උන්ට දොර වැසීම සාධාරණීකරණය වෙන්නේ නෑ.
මේ ප්‍රදේශයේදි මම දකින තවත් කිසිසේත්ම බලාපොරොත්තු නොවියහැකි දෙයක් තමයි ලිං මැඩි මානසිකත්වය. දුර ඈත පළාත්වල නම්, අගනුවර, හෝ ගාන පොකුණ , දැකලා නැති ළමයි සහ මිනිසුන් ගැන කවුරුත් ඇතිවෙන්න කතා අහලා ඇතිනේ. නමුත් අගනුවරත්, ඒ වගේම, තමන් පදිංචිවෙලා ඉන්න සීමාවෙන් මීටර් පන්සීයක් එපිටට නොගිය ලිංමැඩියෝ ඉන්න බව මම දැනගන්නේ මේ ඉස්කෝලෙන්. නගර සීමාව ඇතුලත කිසිදා පදිංචි වී නොඉඳ, තදාසන්න ප්‍රදේශයක ඉඳලා දිනපතා අගනුවරට එන මට, මුළු නගරෙම ගැන තිබිච්ච හුරුබව සහ දැනුම, නගරයේම උපන් එහිම හැදී වැඩුණු මේ ළමයි වැඩි දෙනෙකුට නැතිවීම අදහගන්න බැරි දෙයක්. මුං තමන් උපන් නගරෙම අතරමං වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මම මේ ගැන ඇහුවාම එකෙක්ගෙ උත්තරේ මේකයි. "ඔව් සර්. ඒකට අපි කරන්නේ අගනුවර කියලා ගහලා එන බස් එකක් බලලා නගින එක. ඒවා නවත්තන තැන ඉඳලා වත්තට/ෆ්ලැට් එකට එන්න පාර අපි දන්නවා."
අයෝමා වගේ චරිත එක්ක ඉහ ගහගෙන ඉන්න බැරුවම යන්නේ නිවාස වලට බෙදිලා නිවාසාන්තර ක්‍රීඩා උත්සව පවත්වන කාලෙට. මගෙ කරුමෙට, මාව අයෝමගෙ නිවාසෙට වැටුණ බව දැනගත්ත අනිත් උන් උඩ පැන පැන හිනා වෙනවා. ඒ එක්කම මාව දිරිගන්නන්න මියුරු වදන් තෙපලනවා. යකෝ මටම වෙන හැටි!
"මම නං කියන්නේ තොට හොඳම වැඩේ!"
"අනේ සාදු!"
සාදු සාදු සාද්!
සාධූ. - සාධූ. - සාධූ.
"කියලවත් කරගන්න බැරි වැඩක් වුනේ යකූ!"
"පව් බං මූ!"
"දැන් ඔය ගෑණි උඹව ඇහේ ඉඳලා පට්ට ගහයි."
"උඹ කොට්න් නාස්ලණුවක් ගණිං මචං. කැපෙනවා අඩුයි."
ඒකාධිපති අයෝමා නිවාස නායිකාව හැටියට නිවාසය පාලනය කරන්නේ අයෝමය හස්තයකින්. මට තද වෙන්නේ ළමයින්ට කෑ ගහන විදියටම මටත් කෑ ගහන්න ගත්තාම. මේ නිසාම, නිරන්තරවම, මගෙත් අයෝමගෙත් අතර ඇතිවෙන්නේ ගැටුම්. ඒ විදියට කතාකරනවට මම කොච්චර අකමැති බව පෙන්නුවත්, කිව්වත්, ගෑණි ඒකට සංවේදී වෙන්නේ ඒ මොහොතට විතරයි.
අවසාන මහා තරඟේ දවසේ ස්ටේඩියම් එකේදි, මෙච්චර කාලයක් ලාවා පිටකරමින්, දුම් රොටු නංවමින් හිටි ගිණිකන්ද පුපුරලා යනවා. මම කොච්චර වැඩ කරත් හොඳක් නොදකින අයෝමා මට කෑ ගහන්නේ ළමයි ඉස්සරහමයි. හැබැයි මෙහෙමත් එකක් මම කියන්න ඕනෙ. ඔය ගෑණි එහෙම කෑගැහුවට ඒ අනාදරයකින් නෙවෙයි, කපන චේතනාවකින් නෙවෙයි. ඔය ගෑණි මොන වැරදි තිබ්බත්, පිටිපස්සෙන් පිහියෙන් අනින, කේලාම් කියන, බෙලි කපන මොඩල් එකක් නෙවෙයි. රළුකම, ගොරහැඩි බව ගෑණිගෙ ජීවන විලාසිතාව. ප්‍රශ්ණේ මට ඒකට අනුගත වෙන්න බැරිකම.
මාරාවේෂවෙන මම කරන්නේ, අයෝමට ඕනෙ මගුලක් කරගන්න කියලා, නැගිටලා ස්ටේඩියම් එකෙන් පිටවෙලා ගිහින් බස් එකක නැගලා ගෙදරම යන එක. ඇත්තෙන්ම මම කරන්නේ රාජකාරිමය වශයෙන් ලොකු වරදක්. නමුත් එතන හිටියනම් මම ඊට වැඩිය ගැටුමක් ඇති කරගන්නවා.
පහුවදා ඉස්කෝලෙ ගියාම අනිත් උන් මාව දැක්ක ගමන් මාව බයිට් කරන්න ගන්නවා.
"අඩේ උඹ ගියා කියලා අන්න අයෝමා පොළොවේ පස් කෑවේ නැති ටික විතරයි."
"යකෝ උඹ මාර පොරක්නේ. මොකෝ උඹ පැනලා ගියේ?"
"ඒයි උඹලා දන්නවද මම මේ ඉස්කෝලෙට ආපු කතාව?"මේ වෙනකොට ආපහු හොඳ මූඩ් එකකට ඇවිත් ඉන්න මම කියනවා.
මම මුලින්ම කියන්නේ අර පර්ෆියුම් ගහගෙන බස් එකේ ආපු කතාව. කතාවට ලැබෙන ප්‍රතිචාර වලින් ඒ කතාව යොවුන් ආදර කතා නොහොත් The Most Romantic Tales හිට් ලිස්ට් එකේ ඉහලටම නගිනවා.
ඉන් පස්සේ මම කියන්නේ දුෂ්කර සේවය කරලා මෙහෙට පත්වීම ගන්න කාපු කට්ට, අර ඇප්ලිකේෂන් පන්සීය සහ පොලිස් බැරැක්කෙ නිදාගත්ත කතාවත් එක්ක කෙටියෙන්. ඒක වැඩියම අනුකම්පාවක් ලබන ගුරු සේවයේ රස කතා නොහොත් Epic Stories ලිස්ට් එකේ මුල් තැනට නගින්නේ බලා ඉන්දැද්දි.
ඉන් පස්සේ මම කියනවා ක්ලිටරස් ගුදවංශගෙ කතාව. ඒ කතාව ප්‍රේක්ෂකයව කුපිත කරන Outrageous Stories හිට් ලිස්ට් එකේ මුදුනටම ගමන් කරනවා.
"...ඉතිං මම අතන කොරිඩෝවෙ හිටගෙන කල්පනා කරනවා තීරණයක් ගන්න බැරුව. මොකද මං කරන්නේ? "
"ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තා නසී වගේ." එකෙක් යෝජනා කරනවා.
"අන්න හරි. පස්සෙ මම හිතනවා ඕනෙ ගුද මාර්ගයක් කියලා තව ටිකක් ඇවිදලා බලන්න. එහෙම හිතලා මම ලියුම නවලා සාක්කුවට දාගන්නවා."
"ඉතිං ඉතිං උඹ ආපහු ගියාද?"
"නෑ. එතකොටම තමයි නිරෝෂා කොරිඩෝවෙ කොනෙන් මතුවෙලා මිහිකත නලවාගෙන, පද්ද පද්ද එන්නේ."
අනිත් උන් අනිත් උන් හිකි හිකි ගාන්න ගන්නවා. නිරෝෂා කර ඇරගෙන මං දිහා බලා ඉන්නවා.
"ඉතිං මම කල්පනා කරනවා. යකෝ මෙච්චර ආතල්-කී-බනානා-කෑලිත් මේ ඉස්කෝලෙ වැඩ කරනවා නම් මට බැරි මොකෝ. එතකොටම නිරෝෂා මාව දැකලා අර ලා හිනාව දානව."
මේකට කතාව අහගෙන ඉන්න නිරෝෂයි යෙහෙලියොයි, ඒ ඉස්කෝලෙම වැඩ කරන නිරෝෂගෙ අම්මයි පවා කැකිරි පලන්න ගන්නවා.
"ඉතිං මම ලියුම අරං කෙලින්ම ඇතුලට ගිහින් විජයකුමාරතුංග අතට දීලා කියනවා මම වැඩ බාර ගන්න හිත හදාගත්ත බව."
"ඒක මිසක්. තෝ එහෙම කරපු එක ගැන අපිටත් සතුටුයි මල්ලි. නැත්තම් තොගෙ මේ ඩ්‍රාම ඔක්කොම අපිට මිස් වෙනවනේ."
"ඉතිං. ප්‍රින්සිපල් කාරයා ලොග් සටහන් ගහලා මට අත්සන් කරන්න පොත දීලා හෙම ඔක්කොම කරනවා පට් පට් ගාලා. පොරටත් සතුටුයි. පස්සේ පොර කියනවා පල්ලෙහා ස්ටාෆ් රූම් එකට ගිහින් ඉඳගෙන ඉන්න කියලා."
"ඉතිං? ඔන්න ඔහොමලු උනේ නේද?"
"නෑ යකෝ. මම ඔන්න මම ඔෆීස් එකෙන් එලියට එන්න හැරෙනකොටම ඔන්න කාමරේම එක පාරටම අඳුරු වෙනවා.මම ඔලුව උස්සලා බලනවා ලයිට් ගියාද, නැතිනං කුණාටුවක්වත් එනවද කියලා. පුලුවන්නම් කවුද කියහං හිටගෙන ඉන්නෙ දොර හරස් කරගෙන.."
"කවුද?"
"අයෝමා."
හිනා හඬට කන්ද නගින බර වාහනවල හඬත් මොහොතකට යටපත් වෙනවා.
"ඉතිං මොකද උඹ කලේ? යකෝ මේ කතාව අපි දන්නේ නෑනේ."
"මොනව කරන්නද බං. එතකොට ලොග් සටහන් ගහලා වැඩ බාර අරන් ඉවරයි. Past the point of no returning. මට එක පාරටම ආපහු හැරිලා විජයකුමාරතුංගයගෙන් ලියුම උදුරගෙන, ලොග් සටහනත් ඉරාගෙන, පැනලා දුවන්න නොහිතුනා නෙවෙයි. ඒත් මං අර විචාර බුද්ධිය පාවිච්චි කරලා හැඟීම් වලට ඉඩ නොදී නිකා හිටියා. ඉතිං, මම ඒ නැවතිච්ච පාර තමයි මේ."
එතකොටම කාමරේට කඩා වදින්නේ අයෝමා. බෑග් හැටහුටහමාරක් එල්ලගෙන.
"අම්මෝ, මෙයාලගෙ සද්දෙ අර ගේට්‍ටුව ගාවට ඇහෙනවා. ඉතිං කොහොමද ළමයිට කියන්නෙ කෑ ගහන්න එපා කියලා," අයෝමා කියන්නෙ හිනාවකුත් එක්ක.
ඒකට කවුරුත් මොකුත් නොකිව්වත් කට්ටියම නිශ්ශබ්ද වෙනවා.
බෑග් මේසෙ උඩට අතාරින අයෝමා පුටුවක් උඩට වැටිලා ලේන්සුවකින් පවන් ගහගන්න ගමන් සුහද කතාබහ පටං ගන්නවා.
"අද මං සීට් එකක් ලැබිලා ඉඳගෙන එනකොට අහවල් ඉස්කෝලෙ කොල්ලෙක් පොට්ටනිය තියං ආවනෙ මගෙ උරෙස්ස උඩ."
නිමි.
පසු සටහන්:
සැබෑ ජීවිතේදි මේ කතාව ඉවර නොවුනත් මෙතනින් මේ කතාව නිමවන එක හොඳයි කියලා මම හිතනවා.
මේ කතාව පොලිටිකලි කරෙක්ට් නොවෙන්න පුලුවන්. ඒ වගේම චරිත ගැන, ස්ථාන ගැන අසාධාරණ ඒක පාක්ෂික විනිශ්චයන් ඉදිරිපත් කිරීමක් හැටියට කෙනෙකුට පේනවා වෙන්නත් පුලුවන්. නමුත් මිනිසුන් විවේචනය නොකර චරිතත්, සැබෑ ස්ථාන විවේචනය නොකර ඒ ඒ තැන්වල ගති ලක්ෂණත්, කතා රසය නොමරා, කතාවේ ජීවමාන ගුණය රඳවාගෙන, විවේචනය කරන්න ගත්ත උත්සාහයක් හැටියටයි මේ කතාව සමාන්තර විශ්වයක වෙන කතාවක් හැටියට ඉදිරිපත් කලේ.
ඒ එක්කම මේ මම ඒ ඒ අවස්ථාවල සිතූ පැතූ හැටියි. ඒක පිටින් බලන කෙනෙකුට, ඒ ඒ අවස්තාවලට මුහුණ නොදීපු කෙනෙකුට හිතාගන්න අමාරු දෙයක්. ඒ වගේම මම වුනත් එකම කරුණ සම්බන්ධව අද වෙනස් මත දරනවා වෙන්න පුලුවන්.
අයෝමා චරිතය ගැන කිව්වොත් මම මුලින් කිව්වා වගේ, අයෝමා රළු, ගොරහැඩි, මතුපිටක් තිබුනත්, කැපී පෙනෙන, ඇතුලතින් හොඳ චරිතයක් කියලා මම අද විශ්වාස කරනවා. අයෝමා ආශ්‍රය කරන එක මතු පිටින් වේදනාවක් වුනත් ඈ, මා දැනුවත්ව පරිපාලකයන්ට කේලාම් නොකියන, අනුන්ගේ විපතේදී උණුවන, අනුන් වෙනුවෙන් කතාකරන චරිතයක්.
දුෂ්කර සේවය සහ දුෂ්කර පළාත්. මේකත් සාපේක්ෂයි. මේ ලියන මම කොළඹ නගරසීමාව ඇතුලත කිසිදා පදිංචි වී නොසිටියත් කොළඹ ප්‍රදේශය සහ බස්නාහිර පළාත මගේ උපන්ගම. කොළඹ නගරය අපට හරියට හික්කඩුවේ කෙනෙකුට ගාල්ල වගේ. කොළඹ කොච්චර කටුක වුනත් මම කොහේ ගියත් ආපහු එන්න කැමති තැන එතැනයි. නුවර කෙනෙකුට නුවර ගැන ඇති හැඟීමමයි අපිට අපි උපන් බිම ගැන තියෙන්නෙත්. කොළඹට බැණ බැණ, කොළඹ දාලා නොයා, කොළඹම ඉන්න මාතර කෙනෙක් ගැන හිතන්න. වෙලාවකට කොළඹ ගෙන්දගම් පොළොවට ඔවුන් බනින විදියට, බස්නාහිර ප්‍රදේශය ගම්බිම් කරගත් අපට හිත රිදෙනවා. ඔවුන්ට ඇත්තෙන්ම කොළඹ දුෂ්කර තැනක් වගේ පේනවා ඇති. මේ අපේ ගෙදර කියන හැඟීම ඇති වෙන්නෙම නැතිව ඇති. ඔබට මාතරට ඒ තියෙන බැඳීමමයි අපටත් අපේ ගමට තියෙන්නේ. ඔබට ගෙන්දගම් පොළොව අපිට අපේ ගම. මෙන්න මේ තත්වයමයි දුෂ්කර සේවය ගැන කියන්න තියෙන්නෙත්. දුෂ්කර සේවයට ගිය රජයේ සේවකයා ආපසු එන්න උත්සාහ කරන එක අපරාධයක් නොවන්නේ ඒකයි. ඒ ඔහුගේ ගෙදර නෙවෙයි.
දැන් අද තියෙන පහසුකම් එක්ක ඔය පළාතක ඉන්න කෙනෙකුට මම කියන දේ වටහාගන්න අමාරු වෙන්න පුලුවන්. එදා ඒ දුෂ්කර ක්‍රියා කරපු තැන්වල අද භෞතික දියුණුව අදහාගන්නත් බැරි තරම්. අද මට ඔය දුෂ්කරක්‍රියාව කැමැත්තෙන්ම කරන්න පුලුවන් ඕනෙ නම්. ඇත්තෙන්ම වාහනයක්, ස්මාට් ෆෝන් එකක්, ලැප්ටොප් එකක්, අරන් අන්තර්ජාල සබඳතා ඇති තැනක වැඩකරන්න හැකි අද දුෂ්කර සේවා සංකල්පය විහිළුවක් වෙන්න පුලුවන්.
මේ කතාව කියවලා දුෂ්කර පළාතක් ගම්බිම කරගත්ත කෙනෙක්ගෙ හිත රිදුනනම් මම ඉතාම ඕනෑකමින් සමාව අයදිනවා. මම අදහස් කලේ ඔබේ පළාත අපායක් බව කියන්නවත් අපේ පළාත් සුරවිමනක් බව කියන්නවත් නෙවේ. එදා මට හිතුන හැටියි. එහෙම වෙන්න ප්‍රධාන හේතුවක් රජයේ වැරදි, දරදඬු ප්‍රතිපත්තියි. ආයෙ කවදාවත් ඒ පැත්ත පළාතේ පස් පාගන්නෙ නෑයි කියා පිටවෙලා ආපු මම නිවාඩු කාලවලට එහෙ යනවා අතීත මතක නිසාම.
යක් ඉස්කෝලෙ ගැන කියන්න තියෙන්නෙත් ඒකමයි. ඒ මම හිතා හිටි හැටි. ඒ මිසක් ඒ ඉස්කෝලෙ, ජනතාව, ළමයි ගැන කිසිම අහිතක් මගේ හිතේ නෑ. මම තවදුරටත් ඒ පැත්තේ නොයන්නේ දැන් මා දන්න කවුරුවත් එහි නැති නිසා. එහෙම නොවෙයිනම් මා දැනුත් ඒ බොක්ක හොඳ උන් බලන්න යනවා ඉඩලැබෙන විදියට.
ඒ වගේම එකම කතාවේ කොටස් තුන එකිනෙකට වෙනස් genreවලට අයත්වන සේ ලියන්න මා ගත් උත්සාහය ඔබ දුටුවාද?
Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.
Wednesday, September 9, 2015
138. මෙතෙක් කතාව සහ අද එතැන් සිට - දෙවන කොටස.
අර පළවෙනි කොටසෙන් දැකපු සමනල් යොවුන් වියේ ප්‍රේම කතාවෙ ඉතුරු ටික අහන්න බලා හිටිය කෙනෙක් යම් බලාපොරොත්තු කඩ වීමකට භාජනය වුනානම් මට සමාවෙන්න ඕනෙ. ඒ කෙල්ල මම ඊට පස්සෙ කවදාවත් දැක්කේ නෑ. It's a small world කියන්නේ පට්ට පල් බොරු කතාවක්.
දශක එකහමාරකට පමණ පසු.
God forsaken Country: (North) Eastern Zone, Parallel Universe
ශාපලත් දේශය, (උතුරු) නැගෙනහිර පළාත, සමාන්තර විශ්වය.
මම රංජියගෙ ප්‍රෙස් එකෙන් අපිටම අච්චු ගස්සවගෙන ආපු ගුරු ස්ථාන මාරු ඉල්ලුම්පත්‍ර පන්සීයක් එක්ක ඔට්‍ටු වෙනවා. ඉල්ලුම්පත්‍ර පන්සීයක් මොකටද කියන ප්‍රශ්ණෙට මට දෙන්න තියෙන උත්තරෙ අර පර්ෆියුම් ස්ප්‍රේ එක කලිසම ඇතුලට ගහගත්ත හේතුවම තමයි. බඩු ෂුවර්ම වෙන්න. මම ඉඳගෙන ලියනවා. හිටගෙන ලියනවා. මෙට්ටේ වැතිරිලා ලියනවා. සිමෙන්ති පොළොවේ වැතිරිලා ලියනවා. නිදිමරාගෙන ලියනවා.
අවුරුදු තුනකට දුෂ්කර සේවයෙ යෙදෙන්න ගිවිසුමක් අත්සන් කරලා ජීවිතේ හොඳම කාලෙ මේ නරකාදියෙ ගෙවන්න හිත හදාගෙන ආවට, අවුරුදු හයක් ගිහිල්ලත් තවම මෙතන.
දුෂ්කර සේවයට යන්න වෙන බව දැනගත්ත සමහරු ලොකු අතු හොයාගෙන පන්දම අල්ලලා කොහොම හරි වැඩේ ගොඩ දාගෙන සැපදායක පළාත්වලට මුලින්ම යනවා. එහෙම ගියාම කවදාහරි දුෂ්කර සේවයට දාන්න ඉඩ තියෙනවා. ඉතින් දැන් ගිහින් ඕක ඉවර කලාම වැඩේ ගොඩනේ කියලා කියලා හිතන අපි පන්දම නො අල්ලා, සපත්තු ලෙව නොකා, දේශපාලුවෝ ගාවා දෙකට නොනැවී, අපි රටේ විවිධ දුෂ්කර පළාත් වලට යන්න කැමති වෙනවා. අපි ඇත්තටම රස්සාව ගන්නවත් දේශපාලුවෝ ලඟට ගියේ නැති එක මොන එකකට උන්ට බලු වෙනවද?
මුලින්ම මුං වැඩේ දෙන්නේ පවුල් සංථාවට.
මම නැගෙනහිර (උතුරු නැගෙනහිර) පළාතේ ඇඹුල්පිතිබැම්මෙ. ගැබිණියක්ව ඉන්න බිරිඳ දකුණු පළාතේ.
පවුල් සැලසුම් සංවිධානය තවම ජාතිය වඳ කිරීමේ මෙහෙයුමේ රහසින් යෙදිලා ඉන්න බව තේරෙන්නේ අපිව අයිති අමාත්‍යාංශෙ නිලධාරි කියන උන් කියන කතා ඇහුවම. විවාහය ගැන, විවාහකයෝ ගැන අලුත උපන් කිරිකැටියෝ ගැන උන්ට හැඟීමක් නෑ. උන් නොකියා කියන්නේ කියන්නේ, දෙන්න රටේ කොන් දෙකක වැඩ කරපල්ලා. උඹලට තියෙන තදියමට ළමයි හදාගත්තට කරන්න දෙයක් නෑ කියලා.
උන්ගෙ ළමයි විතරයි ළමයි. අපේ ළමයි ළමයි නෙවෙයි. උන්ගෙ පවුල් විතරයි එකට ඉන්න ඕනෙ.
මෙහෙව් රටක ජීවිතේ සුන්දරතම අත්දැකීමක් වන දරු සුරතල් බැලීම වරප්‍රසාදලාභීන්ට පමණක් සීමා වෙනවා.
Parenthood for permit holders only.
එක විවාහක යුවලක් දරුවන් නැතිකමට දේවාල වලට, ෆර්ටිලිටි ක්ලිනික් වලට, ඉන්දියාවට යද්දි, තවත් විවාහක යුවලකට දරුවකු පිළිසිඳ ගැනීම අසුභ බියකරු ආරංචියක් බවට පත්වෙනවා.
කසාද බැඳපු ජෝඩුවට එක වහලක් යට ජීවත් වෙමින් සේවය කරන්න අවස්ථාව සලසා ගැනීමේ මානව හිමිකම ගැනවත් කිසිම හැඟීමක් නැතිව හදපු ප්‍රතිපත්ති සම්පාදන යටතේ එන චක්‍ර ලේඛ, අපි අත්සන් කරපු ගිවිසුම් අපිට හරස් වෙනවා. නමුත් අවුරුදු තුනකට දුෂ්කර සේවාවට අමාත්‍යාංශ ලේකම් එක්ක අත්සන් කරපු ගිවිසුම, අවුරුදු හයක් අපිව එතනම තියලා උංම උල්ලංඝනය කරනවා. එතකොට ගහන්නේ වෙනම බයිලාවක්.
"අපිට ඔහේලව/ ඔයාලව/ තමුන්නාන්සෙලව නිදහස් කරන්න බැරි අනුප්‍රාප්තිකයෝ නැති නිසා."
නිලධාරීවාදය කියන්නේ මහ අන්දොස් නැවියෙක්. ඌ ඌට ඕනෙ ගමන් මගට අනුව මාලිමාව වෙනස් කරනවා මිස නැවේ ගමන්මග වෙනස් කරන්න ලෑස්ති නෑ.
මුලින්ම මුන්ට විරුද්ධ වෙන අපි පළවෙනි හිතුවක්කාරකම කරන්නේ දකුණු කොනේ දුෂ්කර සේවයේ යෙදුනු මගෙ ගැබිණි බිරිඳගෙ රස්සාව අතහැර දමා, එක පවුලක් හැටියට එක වහලක් යටට ඒමෙන්. අපි හැම එකාගෙන්ම බැණුම් අහනවා. අම්මලා තාත්තලත් බණිනවා. අපි මහා නරක, හිතුවක්කාර, මුරණ්ඩු, දරදඬු, අලුගුත්තේරු, කිව්වා නාහන ජෝඩුවක් බවට පත්වෙනවා.
කොටින්ම මේ අපේ ගමේ ඉන්න වැඩිහිටියොත් පාරෙදි හම්බවුනාම දොස් කියන්න, හරස් ප්‍රශ්න අහන්න ගන්නවා. අපි සෙනග ඉන්න තැන් වලට යාම මග අරිනවා. නෑදෑ යාලුවෝ බලන්න යාමත් අඩු කරනවා. සෙනසුරාදා පොළේදි වුනත් කවුරුහරි කතාවට වැටෙන්න හැදුවොත් මොකක් හරි බොරු හදිස්සියක් පෙන්නලා මග අරිනව. කොටින්ම සමාජෙන් වහන් වෙලා ඉන්න වැඩ සිද්ද වෙනවා. කවුරුත් අපි දිහා බලන්නේ, අපරාදයක්, වේසකමක්, හොරකමක් කරපු උන් දිහා බලනවා වගේ. සමහරුන්ගේ මූණෙ තියෙන්නේ අනුකම්පාවක්.
හැම දෙයින්ම වෙන්නේ හිත තවත් පෑරෙන එක මිසක් සුවපත් වෙන එක නෙවෙයි.
අපි නෑදෑයෝ අතෑරලාම දානව, බණ අහගෙන ඉන්න බැරිකම නිසාම.
යාලුවොත් ඉතාම සීමා වෙනවා ලඟම කීප දෙනෙක් ඇරෙන්න.
මේ කොයි එකටත් අපේ පැත්ත ගන්න ඉන්නේ හැමදාම මහ මෙරක් වගේ මගේ පිහිටට හිතපු මගේ තාත්තා විතරයි.
වැඩට ගියාමත් ඊට දෙවෙනි නෑ. කෙනෙක් මාව කෙනෙකුට හඳුන්වල දෙන්නෙත්, "මේ අහවලානේ. මෙයාගෙ නෝනත් රස්සාව දමලා ගහලා ආවනේ. මං නම් කියන්නේ අපරාදෙ හදිස්සි වුනේ කියලා. තව ටිකක් ඉවසන්න තිබුනේ."
එකට වැඩ කරන උන් අහන්නේ,
"කෝ දීප? ගෙදරද? එයාට පාළු ඇති නේද? අර රස්සාවක් කරලා කරලා එක පාර ගෙදර ඉන්න වුනාම..."
"රස්සාව හදාගන්න බැලුවේ නැද්ද?" කෙනෙක් අහන්නේ අනුකම්පාවෙන් බලලා.
තව කෙනෙක් කටින් ප්‍රශ්ණෙ නොඇහුවත්, බලන බැල්මෙ හුඟක් දේ අඩංගු බව ඉතාම පැහැදිලියි..
කිඹුලා කනවා ඉවසන්න පුලුවන් වුනත්, කොහිල කටු ඇනෙනවා ඉවසන්න අමාරුයි.
හොඳ වෙලාවට කාරණා තේරුම් අරං බොක්කෙන් උදව් කරන යාලුවෝ කීප දෙනෙක් ඉතුරු වෙනවා.
දරුවෙක් ලැබුනාම සාමාන්‍යයෙන් වියදම් කිහිප ගුණයකින් වැඩි වෙද්දී. අපේ පවුලේ ආදායම හරි අඩකින් පහල වැටෙනවා. නමුත් කිසි කෙනෙකුට බරක් නොවෙන්න ජීවත් වෙන්න හිතන අපි වියදම් කපාහරිනවා.
දරුවට හොඳම දේවල් දෙන අපි, අපි දෙන්නට අවමයෙන් වියදම් කරගෙන ජීවත් වෙනවා.
පඩිය ලැබුනම කොටස් වලට බෙදලා, එක එක විදියට ලේබල් කරපු ලියුම් කවර ගණනාවකට වෙනම දාලා, අන්තිම පරිස්සමෙන් වියදම් කරනවා. අපි වගේම තවත් ජෝඩු මහ ගෙවල් වලින් ආධාර ලබනකොට, අපි අඩුපාඩු ඇතිව වුනත් ස්වාධීනව ජීවත් වෙනවා.
Life's three best teachers are heartbreaks, empty pockets and failures කියලා කවුදෝ කිව්ව කතාව ඇත්තක් බව නැවත නැවත පසක් වෙනවා.
නිවාඩුවකට ගමේ ඇවිල්ල හිටපු දවසක එක පාන්දරක, උන්ගෙ තාත්තගෙ සී නයින්ටිය ඉල්ලගෙන එන මගෙ හොඳම යාලුවා මහින්දයා, අපි දෙන්නව පටවගෙන කිලෝමීටර් දහයක් ගිහින් දකුණට යන පාන්දර එක්ස්ප්‍රස් බස් එකට අපි දෙන්නව පටවනවා. අපේ මෙහෙයුම පොඩි එකීව ගෙදරට බාර දීලා, දවසක් ඇතුලත දකුණු අධ්‍යාපන කාර්‍යාලෙන් නිදහස් කරන ලියුමක් අරන්, එදාම ආපහු එන්න.
ඉන් පස්සෙ මධ්‍යම පළාතේ අධ්‍යාපන කාර්යාලයට කී පාරක් දරුවත් වඩාගෙන බඩ ගෑවද කියලා මට මතකයක් නෑ.
අන්තිමේදි ජීවිතේ ලබපු ලොකුම ජයග්‍රහණයක් සනිටුහන් කරමින් දීපට එක දුෂ්කර දිස්ත්‍රික්කයකින් තව දුෂ්කර දිස්ත්‍රික්කයකට මාරුවීම ගන්න හැකි වෙනවා. ඒ වුනාට බිරිඳ වැඩට යන්නේ දිස්ත්‍රික්ක සහ පළාත් දෙකක් එහා ඉස්කෝලෙකට. එක දවසක් නිවාඩු ගත්තොත් සෑහෙන මුදලක් ඉතුරුයි.
අපි එතනට ගිහින්, මම මෙතනට වැඩට නො එන්නේ හේතු ගණනාවක් හන්දා. එකක් පුදුම සටණක් දීලා ගත්ත ඇඹුල්පිතිබැම්ම රජයේ නිළ නිවාසය දාලා කුළී ගේකට ගෙවන්න වත්කමක් අපිට නෑ. අනික උදේට මේ පැත්තේ ඉඳලා ඒ පැත්තට මිසක් ඒ පැත්තේ ඉඳලා මේ පැත්තට එන්න ප්‍රවාහණයක් නෑ. ගුරු රස්සාවට ලැබෙන හිඟණ වැටුපෙන් කරන්න පුලුවන් දේ සීමිතයි.
පොඩි එකීව දැනට බලාගන්නෙ මමමයි, රස්සාව කරන ගමන්ම. අසනීපෙන් ඉන්න මගෙ තාත්තා හැකි වෙලාවට රට හරහා ගමන් කරලා ඇවිත් දරුවත් එක්ක ඉන්නේ අපිට වැඩිම දවසක් වැඩට යන්න හැකිවෙන්න. නමුත් අධි රුධිර පීඩනයට ක්ලිනික් එකට යන්න තියෙන නිසා තාත්තට ඉක්මනටම ආපහු යන්න වෙනවා. එහෙම හොඳ තාත්තලට වැඩිකල් ජීවත් වෙන්න ලැබෙන්න දෛවය ඉඩ දෙන්නෙත් නෑ.
අපි ගොංකමට පැනගෙන ගියාට මෙහෙට එන්න කවුරුත් කැමති නැති නිසා ඉන්න තැනින් නිදහස් නොකිරීමට අමතරව, අපිට ආපහු එන්න බැරි අනිත් ප්‍රධානම හේතුව අපේ පළාත්වල පුරප්පාඩු නැති වීම.
මෙහෙම ඉඳලා, ඔන්න අවුරුදු හයකට පස්සෙ, ආණ්ඩුවෙ පත්තරේ පිටු ගණනාවක් පුරාවට බස්නාහිර, මධ්‍යම ඇතුළු ස්ථානවල තියෙන පුරප්පාඩු ප්‍රසිද්ධ කරනවා. මම පත්තරේ ගන්නේ පත්තර කාරයව ඇම්බුෂ් කරලා.
මම මුලින්ම කරන්නේ රංජියට කියලා ඉල්ලුම්පත්‍ර 500ක් අච්චු ගස්සා ගන්න එක. ඉන් පස්සෙ දිග ලියුම් කවර බන්ඩල්, පෑන්, මුද්දර ෂීට් එහෙම අරගෙන මෙහෙයුම පටං ගන්නවා.
ඉල්ලුම් පත්‍ර පන්සීයක් අතින් පුරවන එක ලේසි කෙලියක් නෙවෙයි. දවස් දෙක යනකොට මගේ ඇඟිලිවල දියපට්ට ඇවිත්, ඒවා පුපුරලා, පෑන අල්ලනකොට ඇඬෙනවා. ඒත් අපි අරින්නේ නෑ. ඒවා දිග ලියුම් කවරවලට දාලා තැපැල් කන්තෝරුවෙන ගෙනත් තිබ්බ මුද්දර ෂීට් එකෙන් මුද්දර ඉරලා අලවලා, කවරෙත් ලිපින දෙකක් ලියලා, ලි. ප. තැ. කියලා ලියලා, අලවනකොට ඇතිවෙන්නේ පුදුම ආත්මානුකම්පාවක්.
කාලා එන්න බැරි වැඩේ මේ ඔක්කොම ලියුම් වලින් ආපහු උත්තර එන්නේ එකම එක ඉස්කෝලෙකින් විතරයි. ඒකටත් හේතුව ඒකෙ විදුහල්පති මගෙ මාමා කෙනෙක් වීමයි. නමුත් ඒකත් පත්තු වෙන්නේ නෑ.
ඔය ඉස්කෝලෙකට යන්න නම් ඉන්න තැනින් නිදහස් කරන ලියුම ඕනෙ.
කොහොම හරි වැඩේ ආපහු පටං ගත්ත තැනමයි.
කලාප කාර්යාලවලට කොයි තරම් ගාටනවද කිව්වොත් ඒවයෙ වැඩ කරන ලොක්කගෙ පටන් පොඩ්ඩා දක්වා සියළුව සේවකයන්ට මාව නයාට අඳුකොල වගේ පේන්න ගන්නවා. ඒක අන්‍යෝන්‍ය හැඟීමක්.
සමහරු ලඟට ගියාම, උන් අපිව ගනං නොගෙන උන්ගෙ වැඩ දිගටම කරන හැටි දැක්කාම මම වෙලාවකට බිම බලනවා මම ඇත්තටම එතන හිටගෙන ඉන්නවද කියලා සැක හැර දැන ගන්න.
අවුරුදු තුනක් කන්න නියමිත කට්ට අවුරුදු හයක් කාලත් අපිට ගෙදර යන්න නොදෙන්නේ ඇයි කියලා ඇහුවම කියන්නේ ලේ උණුවෙන කතාවක්.
"අපිට ඔහේලව/ ඔයාලව/ තමුන්නාන්සෙලව නිදහස් කරන්න බැරි අනුප්‍රාප්තිකයෝ නැති නිසා."
"ඉතිං අපි එනකොට ඔය කතා කිව්වේ නෑනේ."
"මෙහෙට එන්න කවුරුත් කැමති නෑ."
"ඉතින් ඒක මෙතනට එන්න එකඟවුනු අපේ වැරැද්දක්යැ? එහෙම කියලා කැමැත්තෙන් ආපු එකාව තියං ඉඳලා හරියනවෑ?
"ඔය කතාවල් වලට තර්ක වලට උත්තර දෙන්න අපි බැඳිලා නෑ. අනුප්‍රාප්තිකයෙක් හොයාගෙන ආවොත් හෙට උනත් අත්සං කරන්නම් ලියුම."
මම එකෙක් දෙන්නෙක් නොමරා ඉන්නේ පුදුම ආත්ම පාලනයකින්. මම ටිකක් වෙලා ඇස් පියාන ඉන්නවා. දහයට ගණිනවා. ගැඹුරට හුස්ම ගන්නවා. ඒ නිසාම අරූට ජීවිත දානය ලැබෙනවා.
මම එක පාරක් ඔය නිදහස් කරන ලියුමක් අත්සන් කරගන්න මොකෙක්දෝ ඇමතියෙක්ගෙන් අත්සන ගහගන්න අර නටබුන් නගරෙන් හැරිලා, හූම් හූම් ගාන කුරුල්ලගෙ ගමටත් යනවා. ඇමතියා ඇවිත් නෑ. ආවත් ආරක්ෂකයෝ ඒකා ලඟට කිසි කෙනෙකුට යන්න දෙන්නෙ නෑ. මම ආපහු එනවා.
මේ වෙනකොට උතුරත් නැගෙනහිරත් ඒකබද්ධ කරලා නිසා මට සිද්ද වෙනවා හැතැප්ම ගානක් ගෙවාගෙන සුප්‍රසිද්ධ නාවුක වරායක් තියෙන නැගෙනහිර නගරයටත් යන්න මහ ඇමතිගෙ අත්සන ගන්න. ටෙරාලා මගදි ගහන නිසා බස් යවන්නේ කොන්වෝයි හදලා. රෑට ගමනක් නෑ.එක පාරක් මම නවතින්නේ නාවික හමුදා කඳවුරේ යාලුවෙක්ගෙ අයිය කෙනෙක් එක්ක. මම නැවතිලා ඉන්න දවස් කීපයෙදි මම නාවුක හමුදා ජීවිතය ගැන ඇති තරම් ඉගෙන ගන්නවා. නමුත් ගිය වැඩේ හරියන්නේ නෑ.
එක පාරින්ම වැඩේ හරි නොයන නිසා මම නැවත නැවත යනවා. තව පාරක් නවතින්නේ පොලිස් බැරැක්කෙක, ගමේ යාලුවෙක් වන නාලක මල්ලී එක්ක. යාලුවෙක් කිව්වට ඒකා ඇත්තටම මගෙ නෑදෑයෙක් ලඟ කලින් සුළු රස්සාවක් කරගෙන හිටපු ගමේ කොල්ලෙක්. පොලිස්කාරයෝ ඔක්කොම බල්ලෝ කියන අදහස මම වෙනස් කරගන්නේ මේ පොලිස් බැරැක්කෙදි. උන් ඇත්තෙන්ම මට සලකන්නේ සහෝදරත්වයෙන්. කාපු පිඟාන මම හෝදන්න කලින් අරන් ගිහින් හෝදන, තමන්ගේ ඇඳ මට දීලා වෙන කොහෙ හරි ගිහින් නිදාගන්න පොලිස්කාරයෝ මම දකින්නේ එහෙදි. තමන්ගෙ සිගරට් එක මට බලෙන් දීලා තව එකෙක්ගෙ සිගරට් කොටේ ගහන පොලිස් කාරයෝ මම දකින්නේ එහෙදි.
"සාමාන්‍යයෙන් අපි දකින්නේ පොලිස් කාරයෝ ජරා උන් හැටියටනේ. ඇයි බං උඹලා විතරක් මෙහෙම?" මම අහන්නේ දරාගන්නම බැරි තැන.
උඩ බලාගෙන ගල් වඩිය කටට හලා ගන්න එකෙක් මූණ ඇඹුල් කරලා,
"දසයෝ ඉන්නවා අයියේ ඕනැ තරං. මේ අපි අතරත් ඉන්නවා. ඔන්නම් කණෙන් පෙන්නන්නං එකෙක්ව.," කියලා මහ හයියෙන් හිනාවෙනවා.
"මටත් මේ රස්සාවට එනකල්ම හම්බවෙලා තියෙන තරමක් පොලිස් කාරයෝ වැඩි හරිය දසයෝ තමයි අයියේ," තව එකෙක් කිව්වා.
ඔය මට උදව් කරපු නාලක මල්ලී පස්සෙ කාලෙක රස්සාවත් අහිමි වෙලා හිරේ යන්නේ ගමේ මිනිස්සුන්ගෙන් මරණාසන්න වෙන්න ගුටිකාලා හිටපු සැකකාරයෙක් අත් අඩංගුවට අරගෙන ගෙනියද්දි සැකකාරයා මගදි මැරිලා, වරද මූ පිට පැටවෙච්ච නිසයි. හොඳට වැඩි ආයුෂ නෑ. ජරා බල්ලෝ උසස්වීම් ලබද්දි, හොඳ එවුන් හිරේ යනවා.
අවුරුදු ගානක් නඩු කියලා මේ ලඟදි යන්තම් නිදහස් වෙලා.
"පොලිස් කාරයෙක් රිමාන්ඩ් ඉන්නකොට අනිත් හිරකාරයෝ උඹව මාර පනිෂ්මන්ට් දෙන්න ඇති නේද මල්ලි?"
"වැඩක් නෑ අයියේ, ඒ කාපු කෑම ගැන අපි කතා නොකර ඉම්මු. ජීවිතේ ඔහොම තමයි."
ඇමති මුණ ගැහෙන්න මාත් එක්ක කීප වතාවක් ගිය පොර පස්සෙ මොන ජාතියෙන් හරි ඇමතිව ලව්වා ලියුම අත්සන් කරලා මගෙ අතටම දෙන වගකීම බාර ගන්නවා.
මම අන්තිම වතාවට යන්නේ එහෙම අත්සන ගහපු ලියුම ගන්න. එදා මට චෙක් පොයින්ට් වලදි විඳින ගැහැටවත්, ලඳු කැලෑ, මුඩු බිම් හරහා වැටිච්ච අබලන් පාරේ ඕනෙම තැනකදි එල්ටීටීඊ ප්‍රහාරයකට මූණ දීලා පරලොව යන්න පුලුවන් බවවත් ගානක් නෑ. බස් එකෙන් බැහැලා යද්දි නගරේ තිබ්බේ පොලිස් බංකරේ හිටිය නාලක මල්ලී ලියුම මගේ අතටම දුන්නාම මට ඌව පේන්නේ කාකි පොලිස් ඇඳුමක් ඇඳගත්ත දෙවි කෙනෙක් වගේ.
මුලින්ම හදාගන්න ලැබෙන්නේ දීපගෙ මාරුව. මගෙ මාරුව හදාගන්න තව පියවර කීපයක් යන්න ඕනේ. අහන අහන තැනින් කියන්නේ එහෙන් නිදහස් වෙලා ආවට පුරප්පාඩු නෑ කියලා.
අපි ගෙදර බඩු ටිකත් ට්‍රක් එකක පටවාගෙන ගමට ආපු දවසේ අවුරුදු හයක් ජීවත් වෙච්ච ශාපලත් දේශයේ දුෂ්කර ගම්මානය අවසන් දකින විට ඇතිවුනේ දුකක් නෙවෙයි. හිරෙන් නිදහස් වෙලා යන කෙනෙකුට ඇතිවෙන හැඟීම.
Promised Land: Western Province, Parallel Universe.
පොරොන්දු දේශය, බස්නාහිර පළාත, සමාන්තර විශ්වය.
උදේට මෝට බයික් එකේ තුන්දෙනාම අගනුවර එනවා. පොඩි එකී බිරිඳගෙ ඉස්කෝලෙ ලඟම කන්‍යාරාමයක තියෙන දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට දාන්න හැකිවෙන්නේ පෙර වාසනාවකටද කොහෙද. දීපා ඉස්කෝලෙ ගාවින් බස්සන මම දිගටම යනවා අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටලා නියෙන නමින් කප්රුක වුනත් එතන වැඩ කරන උන්ගේ ක්‍රියාකලාපය නිසා අපාය යන සුරතල් නාමයෙන් හැඳින්වෙන ගොඩනැගිලි සංකීර්ණයට.
මම හුඟක් වෙලාවට දවල්ට කන්නේ අපායේ කැන්ටිමෙන්. ඒකෙම රස්තියාදු වෙලා එතන ඉන්න සමහරු හිතන්නේ මම එතන වැඩ කියලා. එක එකා ගාවට ගිහින් හරි මගෙ වැඩේ ගොඩ දාගන්න මම පුදුම කට්ටක් කනවා.
එකෙක් නිවාඩු නම් ඒකගේ වැඩ කරන්න වෙන කෙනෙක් දාන වැඩ පිළිවෙලක් මෙතන ඉන්න උන් අහලා වත් නෑ. අරූ ආපහු වැඩට එනකල්ම දිගටම එතනට යන්න ඕනේ. ඒකා ආපසු ආවාම දැනගන්න ලැබෙනවා ඌ නෙවෙයි ඒක කරන්නේ අර මම මෙතන රස්තියාදු වෙච්ච මුළු පහුගිය කාලේම එහාපැත්තේ මේසේ හිටපු එකා කියලා. නමුත් කණගාටුව දැන් ඌ නිවාඩු ගිහින් තියෙන එකයි.
හිරකාරයෝ අඳින ඇඳුමට මම එච්චර හැඩ නැතිබව මතක් කරන මම දහයට ගැනලා කැන්ටිමට යනවා. සිගරට් එකක් පත්තු කරගෙන, ඇස් පියාගෙන, ගැඹුරට හුස්ම අරගෙන එකෙක්වත් නොමරා ඉන්න උත්සාහ කරනවා.
"මේකට මිස් භගමනීගෙ අත්සන ඕනෙ කරනවා." එකියක් මූණ පුළුටු කරගෙන කියනවා.
ඔය ඔෆීස් වල වැඩ කරන උන් උන්ගෙ සගයන්ව අපිට හඳුන්වලා දෙන්නේ මැඩම්ලා සර්ලා හැටියට. අපි මේ, හලෝ වගේ අය.
මම ගිහින් භගමනීගෙ වීදුරු දොරට තට්‍ටුවක් දාලා ඇතුලුවෙනකොට මම දන්නෙ නෑ එයාගෙ ටැම්පොන් එකේ සේව නූලට කවුරු හරි ගිණිතියලා ගිහින් බව.
Excuse me. Miss Bhagamani?" වීදුරු දොරෙන් ඇතුල් වෙන මම කියනවා.
There's NO Miss Bhagamani here." ගෑණි ගුගුරනවා.
"Uh huh, they sent me here to meet a certain Miss Bhagamani to get this letter countersigned."
"I'm MRS BHAGAMANI. I'm NOT MISS BHAGAMANI." ගෑණි බුරා හැලෙද්දි කාමරේ හිටපු අනිත් ගෑණු පරානෙ මා දිහා අනුකම්පාවෙන් බලනවා.
"I'm very sorry MRS BHAGAMANI, that I called you Miss. Can I get this signed please?"
අවිවාහක ගෑණියෙකුට මිසිස් කිව්වොත් මැරුම් කන්න වෙන එක මට හිතාගන්න පුලුවන්. නමුත් විවාහක ගෑණියෙකුට මිස් කියලා මේවගේ මාරාවේශ වෙච්ච වෙලාවක් මම මීට කලින් අහලවත් නෑ. මින් මනත, ඕනෙම ගෑණියෙකුට, සැක සහිත අවස්ථාවල Missවත් Mrsවත් නොකියා Ms කියන්න මම හිතේ සටහන් කරගන්නවා.
මාරුවේ අවසාන අදියරටත් මම කොහොම හරි ඇවිල්ලා. මම පෞද්ගලිකව මම ඉගෙනගත්ත රතුපාට ඉස්කෝලෙ ඇතුලුව අගනුවර තව ඉස්කෝල ගණනාවකට යනවා පුරප්පාඩු තියෙනවද කියලා බලන්න.
පුරප්පාඩු තියෙයිද අපි ඉගෙනගන්න කාලෙ හිටිපු ගුරුවරු සෙට් එක තවම දෙයියනේ කියලා ඒ ඉස්කෝලවලම යහතින් වැජඹෙනකොට! සමහර සුපිරි ඉස්කෝලවල සමහර ගුරුවරු පත්වීම ගත්ත දා ඉඳලා විශ්‍රාම යනකල් අඛණ්ඩව සේවය කරනවා. එහෙම නැත්නම් එක සුපිරි ඉස්කෝලෙකින් තව සුපිරි ඉස්කෝලෙකට මාරු වෙනවා. අනික, මහ උන්ගෙ ගෑණු රොත්තම හොඳ පළාත්වල, හොඳම ඉස්කෝලවල අරටු බැහැලා ඉන්නේ.
මම අන්තිම දොරට තට්‍ටුවක් දාලා ඇතුල් වෙන්නේ මේක ඇතුලෙ ඉන්නේ ගෑණියෙක් නොවීම ගැන දෙවියන්ට ස්තුතිවන්ත වෙමින්.
මේ කාමරේට ඇතුල් වෙච්ච ගමන්ම මම දකින්නේ බිම බිත්තියට හේත්තු කරලා තියෙන ගිටාර් එක. ඉන් පස්සේ ක්ලැරන්ස් විජේවර්ධන වගේම පෙනුමක් තියෙන රැලි කොණ්ඩයක් සහිත ගිටාර් හිමි සංගීතකාමී අධ්‍යාපන බලධාරියා.
සංගීතයට ලැදි මිනිස්සු මෘදු හදවත් ඇති මිනිස්සු කියන උපකල්පනයේ ඉන්න මට ඇතිවෙන්නේ කවදාවත් අපායෙදි ඇති නොවිච්ච පහන් හැඟීමක්.
ක්ලැරන්ස් මගෙ ලියුම් කියවන අතරේ මම ගිටාර් එක දිහා කෑදර බැල්මකින් බලනවා.
"වේකන්සි නෑනේ." ක්ලැරන්ස් කියනව.
"මම මේ තාක් දුරට ආවේ පුදුම දුකක් විඳලා. අවුරුදු තුනකට දුශ්කර...."
"මේ, මේ, මේ, ඒවා වැඩක් නෑ. වේකන්සි නෑ අගනුවර."
"මම ශාපලත් දේසෙන් නිදහස් වුනේ පුදුම අපා දුකක් විඳලා. මම..."
"හරි හරි, ඕව මට කියලා වැඩක් නෑ. වේකන්සි නෑ මෙහෙ."
සංගීතයට ලැදි මිනිස්සු මෘදු හදවත් ඇති මිනිස්සු කියන උපකල්පනය මම නැවත සලකා බැලිය යුතුයි අංශයට හිතෙන් යොමු කරනවා.
"එතකොට දැන් මම මොකද කරන්නේ? මුලින් මෙහෙන් කිව්වේ අරෙහෙන් නිදහස් කරනකල් මෙහෙට ගන්න බෑ කියලා. අච්චර අමාරුවෙන් අරෙහෙන් නිදහස් වීමේ ලියුමත් අරගෙන ආවාම..."
"හරි ඉතින්, ඔයා ඒ ලියුම හදාගෙන එනකොට පෙරහැර ගිහින්."
මටත් මිටියක් අතට ගත්තාම හැමදේම පේන්නේ ඇණයක් වගේ තමයි.
"මම පහුගිය ටිකේ ජීවත් වුනේ මේ ගොඩ නැගිල්ලෙ. එක්කො අදාල නිලධාරියා නිවාඩු. නැතිනම්..."
"ඕවා මට කියලා වැඩක් නෑ."
මම වාක්‍ය ඉවරකරනකල් ඉන්න බැරි අමාරුවක් ක්ලැරන්ස්ට තියෙනවා. සමහවිට කලින් අහලම නවතාවය ගිහින් ඇති.
මගෙ ඔලුවේ සින්දුවක් වාදනය වෙන්න ගන්නවා
මම පැන්න පස්සට
ගිටාර් එක ගත්තා දෑතට
දුන්න ඔලුවට
ගිටාරෙකේ කෑලි හැලෙන්න
මම හිතුනට එහෙම කරන්නේ නෑ. මාංචු එක්ක පොලිස් කූඩුවේ ඉන්න මට ඇප දෙන්න දීපා දරුවත් වඩාගෙන, තාත්තත් එක්ක ඇවිල්ල ඉන්න හැටි මනසින් දැකලා මම ආයෙම ගැඹුරට හුස්මගන්නවා.
"දැන් මම මොකද කරන්නේ?"
"මොනව කරන්නද. ආපහු යන්න තමයි වෙන්නේ," කියන ක්ලැරන්ස් ගිටාර් එක අතර අරගන්නවා. දැන් කොහොමත් මට ගිටාර් එක දෑතට ගන්න බෑ. මම පුටුවෙන් නැගිටලා ආපහු හැරෙන්නේ දත්මිටි කාගෙන.
"එක වේකන්සි එකක්වත් නැද්ද?" මම මම නැවතිලා අන්තිම වතාවට අහනවා.
"එකක් තියෙනවා. එච්චරයි තියෙන්නේ."
උමගේ කෙලවර එලියක් මට පේන්න ගන්නවා.
"කොහෙද ඒ?" මම අහන්නේ කාන්තාරෙ දවස් ගානක් ඇවිදලා ක්ෂේම භූමියක් ඈතින් දැක්ක එකෙක් වගේ.
"ඒකෙ වැඩ කරන්න බෑ. ඒකයි ඒක ඉතුරු වෙලා තියෙන්නේ. අර කඳංයාය, යක්පුරේ, යක් ඉස්කෝලෙ."
උමගෙ කොනේ එලිය නිවිලා යනවා. ඉන්ධන ගැලපුම් ගාස්තුයි අරකයි මේකයි එක්ක හෙන බිලක් එනවා ඇති.
මට මතක් වෙන්නේ අර අතීත සිද්දිය.
"අයියෝ!" මට කියවෙන්නේ ඉබේම.
"ඒක තමයි ඒක ඉතුරු වුනේ.'"
"කැමතිනම් මෙන්න මේක අරන් යන්න පුලුවන්. නැතිනම් ආපහු ඇඹුල්පිතිබැම්ම සාපලත් දේශයට යන්න පුලුවන්," කියන ක්ලැරන්ස් ලියුමේ යට කෙටි සටහනක් සටහනක් දාලා අත්සන් කරනවා.
මම මරණ වරෙන්තුව අරන් එලියට එද්දී, ක්ලැරන්ස් ගිටාර් එකේ දිලීප පොඩී පුතූ සින්දුවේ ඉන්ට්‍රො එක ගහනවා මට ඇහෙනවා.
කාමරෙන් පිටවෙද්දි මට වීදුරු දොරේ පින්තාරපු කරපු ගාම්භීර නාම පුවරුව පේනවා.
'Clitoris Gudawansa ක්ලිටරස් ගුදවංශ. අධ්‍යාපන අහවලා.'
තව ඉවර නෑ.
Simulblogged @ මට හිතෙන හැටි for WordPress lovers.

Wednesday, September 2, 2015
137. මෙතෙක් කතාව සහ අද එතැන් සිට
දශක කීපයකට පෙර දෙසැම්බර් මාසයේ එක්තරා ගිණි මද්දහනක:
මම ගේට්‍ටුවෙන් ඇතුල්වෙනකොට නිශ්ශංකයා සුදු කිට ගහලා සාලෙ ඉන්නවා මට පේනවා.
"යමං යමං," මම ඌව කුලප්පු කරනවා.
විභාගෙ තියෙන්නේ හවස් වරුවෙ නිසා නිශ්ශංක කලින් කියලා තිබුනා මට උන්ගෙ ගෙදරට එන්න කියලා දෙන්නම එකට යන්න.
"ඔහොම හිටිං. හඩ්ඩෝ වගේ යන්නැතුව පොඩ්ඩක් සුවඳ ගගහ යං නේද බං? අද බස් එකේ විභාගෙට යන බඩු කෑලි හෙම ඉන්න පුලුවං. උන්ගෙ කරුමෙට හරි එකක් වැටුනොත් හෙම එපා කියන්ඩද," කියන නිශ්ශංකයා මාත් ඇදගෙන නිදන කාමරේකට ඇතුල් වෙනවා.
"අද අම්මලා ගෙදර නෑ," ඌ කියනවා.
දැවැන්ත කන්නාඩි මේසේ උඩ සලෝන් එකක්, නැතිනම් සුවඳ විළවුන් සාප්පුවක් වගේ. නැති දෙයක් නෑ. Pour Hommeද, Pour Femmeද කියලා බලන්න වෙලාවක් නෑ. නමුත් ඒවායින් සීයට අනූවක්ම කාන්තාවන්ට හදපු ඒවා (Pour Femme) බව තව බොහෝම ටික වේලාවකින් මට තේරෙනවා. දෙන්නම අතට අහුවෙන අහුවෙන විළවුන් බෝතල්වලින් ඉහගෙන ඉහගෙන යනවා. කොහොමටත් ජාති විස්සක් විතර කලවං වුනාම නිකං කල්පනාව එහෙමෙහෙ වෙන තරම් සුවඳක් එනවා. බඩු ෂුවර්ම වෙන්න මාපට ඇඟිල්ලෙන් කලිසමේ ඉණ එලියට පළල් කරන මම අන්තිම ස්ප්‍රේ කෑන් එකෙන් බර්ස්ට් එකක් ඇතුලට විදිනවා.
Monday, March 16, 2015
128. මයි ෆස්ට් ලව්ස්. (My First Loves) - 1
මයි ෆස්ට් ලව්ස්?නෑ... වැරදිලා ලිව්වා නෙවෙයි. ලව්ස් තමයි.
බඳින්න කලින් ලව්ස් ඔක්කොම ෆස්ට් ලව්ස් කියලා කියමුකෝ.
අපේ එකෙක් (Blogger පල්ලා මම නෙවෙයි බොලව්) ගැල්ලමයෙකුට හෙන ට්‍රයි එකක් දෙන කාලෙ. ඒකි මූව ගනං ගන්නෙවත් නෑ. හරියට ඌ කියලා එකෙක් නැතුව වගෙ තමයි හැසිරීම. අන්තිමේදි මූ මෙන්න මෙහෙම ඩෙස්පරාඩෝ ප්ලෑනක් ගැහුවා.
"ඒ මචංලා, මං කියන්නද වැඩක්. මං දුවලා ගිහිල්ලා අර එන බස් එකේ එල්ලෙන්නං. උඹලා ඔක්කොම මට හූ කියාපල්ලා."
එතකොට තමයි අනිත් උන්ට දේරුනේ ඉතුරු ටික. හූ කියන කොට හැමෝම බලනවනෙ 'යකෝ කාටද මූං මේ හූ කියන්නෙ?' කියලා. 'Desperate times call for desperate measures' කියලා අර කවුද කිව්වලුනෙ. මේ වර්ණපාල තියරිය නෙවෙයි. වෙනත් ඊට වැඩිය සරළ ප්‍රථමික අහවල් එකක්.
අපි උදේට විවිධ පැති වලින් බස් වලින් ඇවිල්ලා මග ස්පොට් එකක සෙට් වෙලා තමයි යන්නෙ. මෙතන තමයි යුධෝපක්‍රම, යුධ සම්මන්ත්‍රන හෙම පවත්වන තැන. හරිම රසවත් දෙබස් මෙතන යන්නෙ. ම්ම්ම් .. එහෙම කාලයක්!!! ඒ කාලෙ කාපු බූට් වලට ඉතාලියටත් ලැජ්ජ හිතෙන්න ඇති. අනිත් එක අපි කියන දේ අහල පහල ඉන්න අනිත් ජහමනයාට ඇහුනාය කියලා ගානක්වත් අපිට තිබ්බෙ නෑ. අන්න මේ මොහොතේ අයිෆල් කුලුණ පැත්තෙන් කිඹුහුමක් ගියා කියලා රේඩාර් වුනා.
"අඩෝව්, මේ අහගනිල්ල," එකෙක් කියනවා, "පුදුමා...කාර තත්වයක් සහෝදරවරුනි උද්ගතවෙලා තියෙන්නෙ. ග්‍රහයො ඔක්කොම නීච වෙලා. සිකුරා ගැන කත්...තා කරලා වැඩක් නෑ."
දැන් අහල පහල ඉන්න බස් එනකල් ඔහේ බලාගෙන හිටපු ඩයල් ඔක්කොම බලා ඉන්නෙ අපි දිහා.
"දැන් අලුතෙන් බඩු දාගන්න නෙවෙයි. තියෙන බඩු රැක ගන්න බලාපල්ලා. ඒ තරං නරක කාලයක් ඩෝ."
පාරෙන් එහා පැත්තෙ පිරවුම් හලේ පෙට්‍රල් ගගහා හිටපු පොරත් හිනාවෙලා ඔලුව වනලා නොසල් එක පොම්පේ එල්ලුවා. ඌත් ඒ සන්තෑසියම වෙච්ච පොරක් වෙන්න ඇති.
ඒ වගෙම සපෝටර්ලගෙ සපෝට් එක ගන්න ගිහින් කෙල්ල සපෝටර්ට සෙට් වෙලා චාටර් වෙන අවස්ථා එමටයි.
අද වගේම 50% ලව් ඒ කාලෙත් තිබ්බා.
"ඒයි කොහොමද මචං උඹේ ලව?"
"සීයට පනහක් ගොඩ මචං."
"සිරාවටම?"
"ඔව් මචං හැබැයි ඒ පනහම මගෙ පැත්තෙන්. ඒකි දන්නෙවත් නෑ."
(aka One Way Love Affairs)
තව දෙයක් තමයි ගට නොමැති වීම. ඕක අහන්න ගියොත් මේ තියෙන අහවල් එකත් නැතිව යන්න පුලුවන් කියලා අස්ථාන බියක් ඇතිකර ගැනීම. ඒ නිසාම approach එක දවසෙන් දවසට කල් දැමීම. අද නෙවෙයි හෙට ෂුවර් එකටම අහනවා කියලා කිසිදා නො එන හෙට දවසකට කල් දානවා බාලගිරි දෝශය වගෙ. අන්තිමේදි බොහෝ විට වෙන්නෙ කොහේවත් ඉඳලා පාත් වෙන හැලපයෙක් (බ්ලොග් ලියන හැලපකඩේ එකා නොවේ. පොදු යෙදුමකි) කෙල්ලව ඩැහැගෙන යාම. වැඩේ චාටර්ම වෙන්නෙ පස්සෙ ඒකිත් කැමැත්තෙන් හිටපු බව ආරංචි වීම. එතකොට තමයි පශ්චාත් භාගයට පයිං ගහගෙන දිව විකාගෙන මැරෙන්න හිතෙන්නෙ.
කෙනෙක් තව කෙනෙකුට ආකර්ශණය වෙන්නෙ මොකක් හරි විශේෂ ශාරීරික ලක්ෂණයක්, නැතිනම් ගතිගුණයක් හෝ ඒවාගෙ එකතුවක් නිසා. සමහරවිට අනෙකා ලඟ ඇති තමා රුචි නොකරන ඍන ලක්ෂණ පවා අර ධන ලක්ෂණවලට ටිකෙන් ටික යටපත් වෙනවා.තවත් විශේෂ දෙයක් තමයි මගේම වචනයෙන් කිව්වොත් "කැත ගෙවී යාම". කවදහරි පුදුමවෙලා තියෙනවද 'ඇයි දෙයියනේ අරූ අර වගෙ හුචක්කුවක් එක්ක යාලු වුනේ. මූට ඇස් පේන්නෙ නැත්ද?" කියලා. ඒක බොහෝ විට වෙන්නෙ දවස ගානෙ දකින මුන ගැහෙන ආශ්‍රය කරන කෙනාගෙ බාහිර ඍණ ලක්ෂණ යටපත්වෙලා, වෙනත් හැඟවිලා තිබ්බ ගතිගුණයක් ඉස්මතුවීම වෙන්න ඇති කියලා මට හිතෙනවා.
මට මතක් වෙනවා අපේ මලයා දවසක් කිව්ව කතාවක්. ඉතාම කෲශ (painfully thin, a man could get serious injuries on contact) කෙල්ලක්ව අතින් ඇදගෙන පේව්මන්ට් එක දිගේ වේගයෙන් ඇවිදගෙන ගිය ඩයල් එකක් දැකපු අඳුරන්නෙත් නැති පොරක් මල්ලිට කිව්වලු, "සුප් එකකට වෙන්නැති" කියලා.
ඒ වගේම නැලවිල්ලෙන් පැද්දිල්ලෙන්, ඇහැ කොනින් හොරෙන් බැලීමෙන් පටන් අරං අහස උසට බලාපොරොත්තු දීල, (මගෙම වචනවලින් කිව්වොත් Dangling sex in front of your face© මූණ ඉස්සරහ වැනීම), පස්සෙ බලනකොට වෙන කොහෙ හරි යන හාල්පාරුවෙක් එක්ක බස් හෝල්ට් එකක කතා කරකර ඉන්නවා, නැත්නම් මල්වත්තෙ අත් අල්ලාගෙන ඇවිදිනවා දකින කොට කොහොමද පපුවට දැනෙන සනීපේ?
ගෑල්ලමයින්ගෙන් මට ලැබිලා තියෙන උත්තර මම වර්ගීකරනය සඳහා ලැයිස්තුගත කරල බැලුවා.
ප්‍රශ්ණය: "ඇයි ඔයා මාත් එක්ක තරහ වෙලාද/ තරහද/ තරහෙන් වගේ? ඊ ටී සී.
පිළිතුරු:
"තරහවෙන්න අපි යාලු වෙලා හිටියයැ?"
කතාව ඇත්ත. යාලුවෙල හිටියා කියන එක නිර්වචනය කරන්නෙ කොහොමද?
"අනේ ඩූඩ් අයියෙ, එයා කියනවා ඔයා කොච්චර හොඳ කොල්ලෙක් වුනත් ඔයා සීරියස් මදිලු"
මේ පණිවිඩය කියන්නෙ සපෝටර් නංගි. අඩු ගානෙ මං හොඳ කියන කැටිගරියෙ ඉන්නවනෙ
"අනේ ඩූඩ් අයියෙ, අපි සහෝදරයො වගෙ ආශ්‍රය කරමු."
මට කොච්චර නං සහෝදරියො හිටියද ඒ දවස්වල. තාත්තා පුදුම වෙයි දන්නවා නම්!
ඇති ඇති. ඔය ඇති.
ඔන්න ඔහොම එක කේස් එකක් කඩා වැටෙන කොටම තමයි මම අහම්බෙන් ලියපු තරඟ විගාගයකින් සමත් වෙලා ගුරු පත්වීමක් ලැබිලා අම්පාරට ගියේ. අප්‍රේල් නිවාඩුවට ගෙදර ආවම වැඩිපුරත් සතියක් නිවාඩු දාලා ඉන්න ගමන් මම පරන පුරුද්දට ගියා අර බස් එකේ. ඔන්න යකෝ අර ගැන්සිය ඉන්නවා.
මාව වටකරත්ත කෙල්ලො මගෙන් අහනවා:
"අනේ ඇයි ඩූඩ් අයියෙ ඔයා අපිව දාලා ගියේ?"
"ඔයා අපිත් එක්ක තරහද?"
"ඇයි ඔයාට අපිව එපා වෙලද?"
"ඇත්තටම ඩූඩ් අයියෙ ඔයා කොහෙද ඉන්නෙ?"
"මම ඉන්නෙ අම්පාරෙ" මම කිව්වා.
"අම්මෝ අම්පාර තියෙන්නෙ හරී ඇත නේද?"
"අනේ කැලේ නේද අනේ?"
"ඔයා බය නැද්ද ඔය කැලේ මැද්දෙ ඉන්න?"
"එහෙ සත්තුත් ඇතිනේ?" ("හුහ් සුකොමල ලලනාවො ටික!")
"අනේ අලි විමානෙලු නේ?"
"ඉන්නවා ඕනැ තරම්." මම කිව්වා.
"ඉතිං අයියේ එහෙ ඉන්නේ? මේ අපේ ඉස්කෝලෙට එන්නකො ඔයා."
"අනේ, අනේ ඔව් අනේ අපේ ඉස්කෝලෙට එන්න ඔයා." ඔන්න කට්ටියම උඩ පනිනවා දැං.
"නෑ. එහෙ ඉන්න දාර පිඹුරු වග වලස්සු මෙහෙ එවුන් තරම් දරුණු නෑ."
මේක කිව්වම මට මාර සනීපයක් හිතට දැනෙන්න ගත්තා, කාලයක් හිතේ තිබ්බ බරක් නිදහස් වුනා වගේ.
"ඔයා ඔය අපිට නේද කියන්නෙ? ඔයා හරී...නරකයි"
"කැමති විදියකට හිතාගන්න."
"ඒක නෙවෙයි අයියෙ, ඇත්තටම එහෙ අලි ඉන්නවද?"
"නංගි ඔයා මොනවද මේ කියන්නෙ? අලි තමයි උදේට ඇවිත් හොඬවැලෙන් බ්ලැක් බෝඩ් එක පිහදාලා යන්නෙ." මම කිව්වා.
කෙල්ලො ටික කට ඇරන් මගෙ දිහා බලා ඉන්නවා මගෙ මූනට එබීගෙන මම කිව්වෙ ඇත්තක්ද බොරුවක්ද දැනගන්න. ඇත්තෙන්ම මට ලැබිලා තිබ්බෙ අම්පාර නගරයෙ පිහිටලා තිබ්බ හොඳම පාසැල් වලින් එකක් කියලා මම මුන්ට නොකිව්වෙ ආතල් එක කැඩෙන නිසා.
"හරි නංගිලා, මම යනවා, Good Bye!" කියපු මම ඒ නංගිලාගෙ ජීවිතවලින් ඇත්තටම ඉවතට ඇවිදගෙන ගියා අලුත් ලොවක් කරා.
Originally published @ මට හිතෙන හැටි.
Friday, July 11, 2014
116.හේයි ජූඩ් Hey Jude
දෙමව්පියො වගේම හුඟක් ගුරුවරුත් තමන් උගන්නපු ළමයි සමාජයේ උසස් තැන් වලට පත් වෙනවට ආසයි. නමුත් හැම තිස්සෙම ඒක එහෙම වෙන්නෙ නැහැනෙ. විශේෂයෙන්ම මම කොළඹදි වැඩ කරපු කොට අදින ඉස්කෝලෙ. ඒකට ඉස්කෝලෙ පිහිටපු පරිසරයත් බලපානවා මම හිතන්න. හැමෝම නැතිවුනත් ඒකට ආපු සමහර ළමයි, අපි කුඩු කාරයො, බෝම්බ කාරයො, පාතාලයො කියලා හඳුන්වන සමාජ ස්ථරයෙ ජීවත් වුනු 'වතු' වලින් ආපු ළමයි. මුළදිම මේ ඉස්කෝලෙ ගැන මගෙ තිබුන හැඟීම කෙසේ වෙතත්, අවුරුදු දහයක් මේකෙ උගන්නන කොට මම සහ මගෙ ආකල්පත් සෑහෙන්න වෙනස් වුනා. මේ ළමයිනුත් මාත් අතර ඇති වුනු බැඳීම, බොහෝ විට කොළඹ උසස් යයි සම්මත ඉස්කෝලවල වැඩ කරපු මගෙම සගයොයි ඒ අයගෙ ගෝලයොයි අතර ඇතිවෙච්ච බැඳීමට වඩා හුඟක් සමීපයි, අව්‍යාජයි.
Wednesday, October 9, 2013
96.◘කො◘ටු◘කො◘ටු◘ කතාවක්. Magic Label Old Arrack & Everlasting Cigarette.
![]() |
| මේකට දාන්න අඳින්නේ මොනවගේ චිත්‍රයක්ද කියලා තවමත් කල්පනා කරන ඩූඩ්ගේ චිත්‍රයක්. :D |
◘කො◘ටු◘කො◘ටු◘ කතාවක්.
Magic Label
Old Arrack &
Everlasting Cigarette
Everlasting Cigarette
අවවාදයයි: මෙම ලිපියේ නිකොටීන්, කාබන් මොනොක්සයිඩ්, ඇල්කොහොල් සහ තාර අඩංගු වේ. ප්‍රවේශමෙන් කියවන්න.
"ස්ලා○○○○○○○○○○○○○○○!!!!"
යකඩ වියල් ඇඳේ ඉඳගෙන, මහන මැෂිමේ ලෑල්ල උඩ එලාගෙන, ටින් ටින් පොතක්කියවමින් ඉන්න මම ඔලුව උස්සලා බලනවා. ඒ එක්කම අම්මා දොරෙන් මතු වෙනවා. තාත්තා කාමරේ දොර ලඟම ගහලා තියෙන බෝල කූඩුව ගාවා හිටගෙන ඉන්නේ, මොන ජාතියෙද කියලා හිතාගන්න අමාරු හිනාවක් මූණෙ රඳවගෙන. තාත්තගේ පාමුල සී-සී කඩ වෙච්ච පිඟානක්. සමහර පිඟන් කටු ජනේලෙ ලඟ ඉන්න මා ලඟටත් වීසි වෙලා.
Sunday, October 6, 2013
95. හොරි බනිස්
කොට අදින ඉස්කෝලෙ වැඩ කරන කාලෙ, ගමයයි මායි යනවා පාරෙන් එහා පැත්තෙ තියෙන බේකරි කඩේට (Bakery Shop), තේ එකක් බීලා, දුමක් හෙම ඇදලා එන්න. මේක බේකරි කඩයක් නිසා උණු උණු බේකරි නිශ්පාදන හුඟක් වෙලාවට තිබ්බා. අපේ ප්‍රියතම කෑමක් තමයි හොරි බනිස්. මේක ගමයයි මායි මේ බනිස් ජාතියට දාලා තිබ්බ නම. රසයෙන් උපරිම උනාට මේකෙ උඩ පැත්තෙ තිබ්බෙ බිබිලි බිබිලි දාපු හොරි වගෙ අමුතු ටෙක්ස්චර් එකක්. මේක අපි කවදාවත් කඩේ එවුන්ට ඇහෙන්න කියන්නෙ නෑ.
Wednesday, August 7, 2013
88. කටට බ්‍රේක් නැති විදුහල්පති සුපිරිපාල.
අපි හුඟ දෙනෙක් කරන රස්සාව ගෙදර ගෙනියන්නේ නැති වුනාට සමහර රස්සාවල් සමාජය විසින් 24/7 රස්සාව කරන පුද්ගලයගේ කරේ පටවලා තියෙන්නේ. නීතිය, අධ්‍යාපනය එයින් සමහරක්. ඒකේ හරි වැරැද්ද කෙසේ වෙතත්, මේක පෞද්ගලික නිදහසට නම් බාධාවක්.
උඹලා කවුරුහරි ගුරුවරුන්ගේ ළමයි නම් මම කියන දේ උඹලට තේරෙනවා ඇති. අම්මා, තාත්තා ගුරුවරු වීම නිසා අහිමි වෙන දේවල් අතර, නිදහස ඉහලින්ම වැජඹෙනවා. ගුරුවරුන්ගේ ළමයින්ට ඉස්සෙල්ලම කොක්ක අදින්නේ ගුරුවරු.
"ෂික්! බලන්න නිර්මලා, ඔයාගේ අම්ම ටීචර් කෙනෙක් වෙලත් ඔයා හැසිරෙන හැටි! බලන්න අර චරිත් කියන එකා කියපු කතාව. ඒ වුනාව උගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු!"
මම ගුරුවරයෙක් නිසා ඩෙනිම් ඇඳගෙන උගන්නන එකත් සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඇත්තෙන්ම, මම ජීවිතේට අපේ ගමේ ඉස්කෝලෙක උගන්නන්න හිතුවේවත් නැති ප්‍රධාන හේතුවක් මට ෂෝට ගහගෙන කැමති විදියක පාරේ යන්න තිබ්බ නිදහස මට ඕනේ වීම.
හරි. දැන් යමු කතාවට.
අම්පාරේ ඉස්කෝලෙක වැඩ කරපු විදුහල්පති සුපිරිපාලතුමා සුපිරිම ඩයල් එකක් තමයි. මම හිතන්නෙ, ගම නම් මොරටුව හරි පානදුරේ හරි. සුපිරිපාලතුමා මගෙ ප්‍රින්සිපල් නොවුනට, මට නිතර මුණ ගැහෙනෙවා, මොකද, මම උමේෂ් මුණ ගැහෙන්න නිතර ඒ ඉස්කෝලෙට යන නිසා .
Saturday, August 3, 2013
87. මචං බාප්පලා සහ 'පටුන'
පහුගිය පෝස්ට් එකේ මම හිරු, DDT, AKM, රෙහානි, සහ සයුරිට දීපු පොදු පිළිතුරක මෙන්න මේ කොටස අඩංගු වුනා.
>>මගේ මචං බාප්පලා සෙට් එකේ බාලම එකා මට වඩා අවුරුද්දක් බාලයි. මම ඌටයි ඊ ලඟ එකාටයි මචං කියනවා. උගේ ඊ ලඟ අයියට අයියා කියනවා, වැඩිමල්ම එකාට බාප්පා කියනවා. අපිට වඩා අවුරුදු කීයක් වැඩිමල් වුනාමද අයියා ඉවරවෙලා, මාමා පටන් ගන්නේ කියන එක ඇත්තෙන්ම ගැටළුවක්. ලොක්කට මම අයියා නොකියන්නේ ලොක්කා මට අවධාරනය කරලා පුතා කියන නිසයි. හෙහ් හෙහ්.<<
ඉතින් මට මතක් වුනේ මචං බාප්පලා ගැන මම අවුරුදු කීපෙකට ඉස්සෙල්ලා මට හිතෙන හැටි අඩවියට ලියපු මේ කතාව
මචං බාප්පලගෙ පවුලට තිබ්බා ව්‍යාපර කීපයක්ම. මුලින්ම ඔය ඔක්කොම තිබ්බෙ එක වහලක් යට. පිළිවෙලින්, ටේලර් සාප්පුව, පත්තර ඒජන්සිය සහ මුද්‍රණාලය. (මුද්‍රණාලය කියන එකට මට මැවෙන චිත්ත රූපය අර ඉස්කෝලෙදි චිත්‍ර පාඩමට, බ්ලේඩ් එකකින් දෙකට කපලා, ඩිසයින් එකක් හාරලා, ඒකේ පාට ගාලා මෝස්තර මුද්‍රණය කරපු අර්තාපල් මුද්‍රණ අලය.) ඔය කඩ පේලියම තිබ්බෙ මහජන පුස්තකාලයට යන ලේන් එකේ.
මේ මචං බාප්පලාට උඩ ඉඳලා පහලට, ලොක්කා, සුද්දා, පොඩ්ඩා සහ චූටි කියලා අපි කිව්වට ගමේ මිනිස්සු කිව්වෙ ලොකු රාළහාමි, සුදු රාළහාමි, පොඩි රාළහාමි සහ චූටි රාළහාමි කියලා.
ඔතන පත්තර ඒජන්සිය තිබ්බ නිසා paper route දෙකේ යන paper boys ල දෙන්නෙකුත් ඉන්නව. එකෙක් දවසක් කන පාත් වෙන්න ගහලා මචං බාප්පලට අදටත් වලංගු වෙන්න දුන්නනෙ චරිත සහතිකයක් කඩේ ඉස්සරහට ඇවිත් මය හයියෙන්, "මුං මහ _කේ රාළහාමිලා", කියලා. මේක අදත් කට්ටිය කිය කියා රස විඳිනවා. කතාව ඇදුනොත්, "මොනාද රාළහාමි, මේ කාපු බීපු වෙලාවට කියන දේවල්", කියල පොර හිනාවක් දාල ෂේප් වෙනවා.
ඉතිං ඉස්සර ඉඳන්ම 'කියවලා සම්පූර්ණ මිනිස්සු වෙන්න' කියලා හිතාගෙන අපි පුස්තකාලයට රිංගලා බුද්ධියේ නිම් වලලු පුලුල් කරනවා. ඇත්තටම පොත පත් කියවන්නත්, ඒ හා සමානවම පුස්තකාලයට එන නංගිලාට බැල්ම දාන්නත් යන දෙවැදෑරුම් කාරණාම නිසා තමයි අපි නිතර ඔතන වන්දනාමාන කලේ. ඒ මදිවට, සටහන් පොතකුත් අරගෙන ගිහින්, පුස්තකාලෙ ලොකු රිෆරන්ස් පොත් පෙරලගෙන, සටහන් ගන්න බවකුත් පෙන්නනවා. නමුත් ලංවෙලා බැලුවොත් ඇඳලා තියෙන්නෙ කුරුටු. මේ වගෙ.
අනිත් හැම පුස්තකාලයකම වගෙ මේකටත් 'පිටතින් ගෙනෙන පොත් මෙතනින් තබන්න' කියලා දැන්වීමක් ගහපු රාක්කයක් තියෙනවා. මොන හේතුවකට හරි අපි ඕකට කැමති නෑ. අපි කරන්නෙ එන ගමන්ම අපේ පොත් අර මචං බාප්පලගෙ කඩේ තියලා එන එකයි. ඒ ගමන්ම එතනත් ටිකක් වල බැහැලා, කැහි කූරක් දෙකක් ඇදලා, තෙල බෙදලා තමයි ඉතින් යන්නෙ.

Friday, July 19, 2013
84. ඉංගිරිස් ඉන්ටර්විව්
ඔන්න එකෝමත් එක කාලෙක, හෙන්රිබ්ලොග්වෝකර් අධි සුඛෝපබෝගී ජර්මන් කාර් වර්ගයක් ගෙන්වන සමාගමක මෝටර් ඉන්ජිනේරු විද්‍යා ආධුනිකයෙක් හැටියට හිටියා. ඕකෙ හිටියා රංග කියලා, අර කටින් වෙට්‍ටු දම දම කතා කරන, කටින් ගහලා ඕනෙ වැඩක් කරගන්න පුලුවන් ඩයල් එකක්. ඒ නිසාම මූට හිටියා සැලකිය යුතු ෆෑන් බේස් එකකුත්. මමත් මුගෙ කට දිහා බලාගෙන ඉන්න හරි ආසයි ඒ දවස් වල. මූත් අපි වගෙම ඇපෙක් වුනාට නිතරම හිටියෙ එන්ජිමක් එල්ලගත්ත ෆෝක්ලිෆ්ට් එකක් කරකවමින්.
Monday, May 27, 2013
75. අඹ අඹමයි, ලෙඩ ලෙඩමයි. Dude's Wisecracks
එයාලා
පළතුරු ඇරෙන්න ඕනැම කෘතිම ආහාරයක්, තුන් වේලටම රස කර කර කයි, ඉඩ දෙනවා නම්.
පොටේටෝ චිප්ස්ද, ෆ්‍රයිස්ද, ටිපි ටිප්ද, කොකා කෝලාද, රෙඩ් බුල්ද ඕනැ එකක්,
ඕනැ වෙලාවක ඔට්‍ටුයි.
නමුත් පළතුරු අනිවාර්ය කරලා තියෙන නිසා, වැඳලා වගෙ තමයි කවා ගන්න වෙලා තියෙන්නෙ. ඇහැ ගහගෙන හිටියෙ නැත්තම්, ශීතකරණයෙ හංගන්න බලනවා. කෑ ගැහුවම වෙන විකල්පයක් නැති නිසා, මූණ ඇඹුල් කරගෙන, තිත්ත කසායක් බොනවා වගෙ අප්පිරියාවෙන් ගිල දමනවා. හරියට මම ඉස්සර කරවිල කෑවා වගේ.

Monday, May 6, 2013
70. පලුප්පු මාතියා. the amazing journey of a torch bulb
කොහොම හරි, බල්බ් එක දිවෙන් පෙරලමින්, ටෝච් එකේ පිටිපස්සෙ මූඩියේ ස්ප්‍රිං එක එලියට අදින කොටම, අත වැදිලා එක බැටරි කෑල්ලක් රෝල් වේගන, රෝල් වේගන ඈතට ගියා. බ්ලොග්වෝකරුත් බැටරිය පස්සෙන් රෝල් වේගන, රෝල් වේගන, ගිහින් බැටරිය අල්ල ගත්තත්, බල්බ් එක තව දුරටත් කටේ නැති බව එක පාරටම තේරුනා.
එතකොටම ඔතනින් යන්න ආපු අම්මා, “අයියෝ මේ ලමයා ටෝච් එක කෑලි කෑලි කරලනෙ” කියලා ගේ ඇතුලට යනකොටම බ්ලොග්වෝකර් කට හඬ අවදි කලා.
“අම්මේ!”
අම්මා නැවතිලා ප්‍රශ්නාර්ථයක් මූණේ තියාගෙන බැලුවා.
“අම්මේ, බල්බ් එක…”
“බල්බ් එක බින්දා?”
“නෑ අම්මෙ, බල්බ් එක ගිලුනා.”
“මොකක්?”
Wednesday, March 6, 2013
51. ලොකු අයියයි, ටිකිරි මොලෙයි
| මට බ්‍රේක් හදන්න බැරිවුන හන්දා හෝන් එකේ සද්දෙ පොඩ්ඩක් වැඩි කලා, ඕං! |
Tuesday, February 19, 2013
47. යකෝ කෝච්චිය එනවා!! / Stuck On The Rail Crossing!
Thursday, February 14, 2013
45. මයිකල්ගේ දෛවෝපගත මුකුණුවැන්න මැල්ලුම.
උගන්නන රස්සාවෙ ලංකාවෙදි සහ මෙහෙදි පුදුම වෙනසක් තියෙනවා, සමානකමුත් නැත්තෙ නෑ. ලොකුම වෙනස තමයි ලංකාවෙදි අපි විශ්‍රාම වැටුප් සහිත ස්ථිර රජයේ සේවකයො හන්දා අපිට තියෙන බලතල වැඩියි.
මෙහෙදි, රජයේ ඉස්කෝලවල ඉගැන්නුවත් අපි අවුරුද්දකට සැරයක් ගිවිසුම අලුත් කලයුතු විදේශීය සේවා දායකයො. ඉතින් බලතල ගැන කතාකරලා වැඩක් නෑනෙ.
ඒකට ලංකාව!! හම්බවෙන පඩියෙන් ජීවත් වෙන්න බැරි වුනත්, ජීවිතෙන් බාගයක් පාරට වැය කලත්, අපිට (සෑ)හෙන බලතල තිබ්බා. නිවාඩු ඕනෙ තරම්! අධ්‍යාපන අධ්‍යක්ෂලත් එක්ක කොකු දාගන්න එක ‘ජීවනාංගයක්’. (ඔන්න මම මේ දැන් නිර්මාණය කරපු වචනයක්. “It’s a way of life” වලට සමාන කියලයි අදහස් කලේ! අම්මෝ, තිබ්බ නිදහසක්! :)

Thursday, January 10, 2013
34. සහාය ගැල් කරුවාට යාලු කම පරදුවට තබා මලෙන් ලියමි
ඔබ සමහරෙකුගේ යෝජනා සලකා බලා මෙම ලිපිය ඉවත් කරන ලදි.
එහෙත්…
මෙම ලිපිය ලිවීමේදී සිද්ධිය මිස අනන්‍යතාවය හෙලි වෙන අයුරුන් කටයුතු නොකලෙමි.
අනික, මේ සිද්ධියේදී මතුකලේ, පෙමින් වෙලී සිටියදී නිරතුරුව අනෙකා ගැන තොරතුරු සොයාබලන පෙම්වතුන්, පසු කලකදී සම්පූර්ණ වටයක් ආපසු හැරී එකිනෙකා නොසලකා හරින කාලකන්නි ක්‍රමය ගැනයි.
මෙය මොවුන් දෙදෙනාට පමනක් පොදුවූ දෙයක් නොව සමාජයේ සුලභව දැකිය හැකි දෙයක් නිසා යම් අයෙකුගේ ඇස් ඇරවීම පිණිස මෙම ලිපිය ඉවහල් වේ යයි උදක් සිතුවෙමි.

Wednesday, January 2, 2013
32. යුරේකා!!!!!
අද පාන්දර දෙකකුත් ගානකට අපි ආපහු ආවා.
අපිට කලින් ගෙදර ගිය ඉන්දියානුවො අපිට දවස් පහකට පස්සෙ ආපහු එද්දි කප්පාදුවට ලක්වෙච්ච අපේ නිවාඩුව හමාරවෙලා ආපහු එන්න සිද්ද වුනා.
නිවාඩු කාලේ බාස්ලත් එක්කම ගතකරපු නිසා ඇවිදින්න ලැබුනේ අඩුවෙන්. කොහොමත් අපි ගමන් යන්නෙ ක්ෂණිකව ගන්න තීරණ මත නිසාත්, පළවෙනිදා හැන්දෑවෙ ආපහු යන්න තියෙන නිසාත් පහුගිය දෙසැම්බර් තිස්වෙනිදා අපි A4 මාර්ගය දිගේ ඔහේ යන්න තීරණය කලා එක දවසේ රෝඩ් ට්‍රිප් එකක්.

Monday, November 5, 2012
19. සයිකල් ශූර වි. ප. බටුවංගලතුමා
මිස්ට බටුවංගලගෙ මඩ පුවක් බැක් අප් එක මතකයිනෙ? කියවලා නැති අය මෙතන ඔබන්නකො.
මෙම බ්ලොග් සටහන මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ මුල් වරට පලවිය.
බටුවංගල තුමා ඇත්තටම නිල්වන් කඳුකරයෙන් ආපු ඩයල් එකක් නිසා බයිසිකල් කියන ජාතියට ආගන්තුකයි. ඒ මොකද ඒ පලාත් වල තියෙන කඳුවල හැටියට බයිසිකල් වලින් වැඩක් නැහැනෙ. ඉතිං බයිසිකල් ඇත්තෙත් නැහැ. ඒ නිසාම හුඟ දෙනෙකුට බයිසිකල් පදින්නත් බැහැ.
Subscribe to:
Posts (Atom)