Wednesday, March 6, 2013

51. ලොකු අයියයි, ටිකිරි මොලෙයි

මට බ්‍රේක් හදන්න බැරිවුන හන්දා හෝන් එකේ සද්දෙ පොඩ්ඩක් වැඩි කලා, ඕං!
ලොකු අයියා කිව්වෙ මගෙ නැන්දගෙ පුතා. අපේ ගෙදර නං ලොකු අයියා මමනෙ.ලොකු අයියා නාහෙට නාහන එකෙක් කියලා තමයි වැඩිහිටියො නං කිව්වෙ. නමුත් ලොකු අයියගෙ තවත් පැති තිබුනා කියලයි මට නං හිතෙන්නෙ. ඇත්තටම දවසක් මට බඩේ අමාරුවක් හැදිලා මාව කරේ තියාගෙන ගෙදර ගෙනාවා මට මතකයි.


ලොකු අයියත් මාත් අතර සෑහෙන වයස් පරතරයක් තිබ්බා. ඒ කාලෙ එයා හිටියෙ අර ‍රැඩිකල් අදහස් එන, ඒ වගෙම ඕනැම ප්‍රශ්නෙකට උත්තරයක් තියෙන වයසෙ. මම හිටියෙ අර හැම දෙයක් ගැනම පුදුමාකාර කුතුහලයක් තියෙන, ඉවරයක් නැතුව ප්‍රශ්න අහන කාලෙ. ඉතිං දෙන්නා හොඳට ගැලපුනා.

ඉස්සර තිබුනා ගුවන් විදුලි සඟරාව කියල මාසෙකම ගුවන් විදුලි වැඩ සටහන් (Radio Program Schedule ) තියෙන සඟරාවක්.   දවසක් මම ඉස්සරහ පඩිපෙල උඩ ඉඳගෙන ඕක කියවනව. මේකෙ තියෙනවා මෙන්න මෙහෙම:

පෙ.ව. 9.00              ප්‍රවෘර්ති ලුහුඬින් (නැ. ප්‍ර)
ප. ව  8.30                ගුවන් විදුලි රඟමඬල (නැ. ප්‍ර)

ප. ව. යි, පෙ. ව. යි නම් අවුලක් නෑ. ඒත් මොකද්ද යකෝ මේ නැ. ප්‍ර. කියල දහ අතේ කල්පනා කර කර ඉන්නකොට ඔන්න ආවා අපේ පඬියා – ලොකු අයියා, කොහෙද රස්තියාදුවක ගිහිල්ලා.

“ලොක්කයියෙ, මොකද්ද මේ නැ. ප්‍ර. කියන්නෙ?”

“එහෙම තනි වචනෙං කියන්න බෑ. මුලු වාක්‍යයම කියනවා.” 

ඔන්න ඉතිං එයාට (context) එක ඕනෙ වෙලා ප්‍රශ්නෙ මග අරින්න. දැන් මේකාට යන්න හදිස්සිය. අර අපේ බාප්ප කියනව වගේ මේකා බයිසිකලේ පස්ස පැත්තෙ ගහගත්ත ගමන් තමයි දවසම. (හැබැයි බාප්ප නම් පාවිච්චි කලෙ පස්ස පැත්ත කියන වචනෙ නෙමේ අර ‘පු’ යන්නෙන් පටන්ගන්න අකුරු දෙකේ වචනෙ. ඒක දාල බලන්නකො රයිම් වෙන ලස්සන)

ඉතින් මමත් කියෙව්ව මුලු වාක්‍යයම.

“පෙ.ව. 9.00             ප්‍රවෘර්ති ලුහුඬින් (නැ. ප්‍ර)

ප. ව  8.30                ගුවන් විදුලි රඟමඬල (නැ. ප්‍ර)”

“ඉතිං මොකද්ද නැ. ප්‍ර. කියන්නෙ? ඔයත් දන්නෑ නේද?”

"ආ ඕකද? හුහ්! ඕකවත් දන්නෙ නැද්ද තමුසෙ? නැ. ප්‍ර. කියන්නෙ ඕයි 
නැගෙනහිර ප්‍රංශයෙන්,” කියපු මේකා. බයිසිකලෙත් පස්ස පැත්තෙ ගහගෙන ඉගිල්ලිලා ගියා.

මූ කෙලියෙ බොරුවක් කියලා මගෙ ටිකිරි මොලේටත්  මූ වංගුවෙන් නොපෙනි යද්දිම වැටහුනා.

පස්සෙ හවස තාත්තා ගෙදර ආවම මං දැනගත්තා නැ. ප්‍ර. කියන්නෙ ‘නැවත ප්‍රචාරය’ කියලා.



තවත් දවසක පොර ඉනිමගේ නැගල මොකක්ද වැඩක්. මම තමයි ඉතිං ගෝලයා.  

  • "හා ඔය අඬුව දෙනවා", 
  • “දැන් මිටිය දෙනවා”, 
  • “ආ දැන් ඇණයක් අරං දෙනවා”, 
  • “ආ දැන් මේ අඬුව ගන්නවා”,
  • “ආවුදයක් දෙනකොට හැම තිස්සෙම මිට පැත්ත හරවල දෙනවා. ඉගෙනන්නවා හරියට වැඩක් කරනහැටි. හැමෝම ඕව කියල දෙන්නෙ නෑ. හැම දාම නෑ: හැම තැනම නෑ”
ඉතිං මම ඉනිමගත් අල්ලගෙන, ශිල්ප ඥානයත් ඒ එක්කම ගෙඩි පිටිං ගිලදමන අතරේ, අනිත් එවුං අඹ ගහට පොලු ගහලා, අඹ ගෙඩි පෙති ගහලා, ලුණුයි මිරිස් කුඩුයි ඉහලා, මගේ කොටසත් අතටම දුන්නා. (කෙළ ගිල්ල නේද? නෑයි කියන්න එපා. මමත් ටයිප් කරන ගමං කෙල ගිල්ලා.)
මමත් ගෝල වැඩේ කරගෙන යන අතරේ කෑමත් කරගෙන යනවා. නමුත් දැන් දැන් බඩු සප්ලයි කිරිල්ල එච්චර කාර්යක්ෂමව කෙරීගෙන යන්නෙ නැතිබව ලොක්කයියට තේරුණා. මොකද ඒ එක්කම  ඉනිමගත් පොඩ්ඩක් පැත්තට ගියා, මොකද මම හරියට අල්ලං හිටපු නැති නිසා.
“මේ.. එක පාර වැඩ දෙකක් කරන්න බෑ.” ලොක්ක කිව්වා.
 
දැන් මගෙ ටිකිරි මොලේ ඒ ප්‍රකාශය අධි වේගයෙන් ප්‍රෝසෙස් කරල බැලුවා.
 
“ඇයි බැරි? මම ඇහුවා.
 
“එතකොට මනුස්සයෝ එක වැඩක් වත් හරියට කරන්න බැහැ.”
 
මමත් ඇරියෙ නෑ.
 
“අනේ නිකං ඉන්නව ලොක්කයියෙ. එහෙම පුලුවන් වැඩත් තියෙනවා.”
 
ලොක්කයිය වැඩේ නැවැත්තුවා. මිටිය එල්ලුවා ඉනිමගේ හරස් පොල්ලක.එක අතකින් ඉනිමග අල්ලගෙන, අනිත් අත ඉනට තියාගෙන, මිනිහෙකුට ඉනිමගක හිටගෙන අභියෝගාත්මකව ප්‍රතිවාදියෙකුට මුහුණ දෙන්න පුලුවන් හොඳම ඉරියවෙන් හිටගෙන ඇහුවා,
 
“ආ කියනව බලන්න එකට කරන්න පුලුවං වැඩ දෙක මටත් දැනගන්න.”
 
“ඇයි ලොක්කයියෙ, ටොයිලට් ගියහම කක්ක කරන ගමන් චූත් කරන්න පුලුවන්නෙ, කිසි අප්සෙට් එකක් නැතුව.”
 
ලොක්කට තේරුනා වැඩේ ගස් කියලා. ඒත් මේකා අත ඇරියෙ නෑ.
 
“ඒ දෙකම අයිසෙ එක කොම්පැනියෙ වැඩනෙ! ඒ දෙක එකට පුලුවන් තමයි. මම කියන්නෙ අනිත් වැඩ.” කියපු ලොක්ක මිටිය අරන් බිත්තිය පැත්තට හැරිලා ඇනේට ගහගෙන ගහගෙන ගියා.


ලොක්කයියාගෙ මුහුණ  බිත්තිය පැත්තට හැරිලා තිබුනත් කම්මුල් පිම්බිලා වාගෙ පෙනුනෙ මිනිහා හොරෙන් හිනාව ගිලින නිසයි කියලා මට හිතුනා.

මෙම ලිපිය මුල් වරට මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ පළවිය.

85 comments:

  1. අයියයි මල්ලියි දෙන්නත් එක කොම්පැණියෙම වගේ තමා මට පේන්නේ.

    ReplyDelete
    Replies
    1. එකම ජාන ඇතිනෙ බං. නැන්දගෙ පුතානෙ.

      Delete
  2. ඊයා කක්කා කතාවක්... බලාගෙන ඕවා ලියන්නෙ පොඩි අය කළබල වෙයි....

    ReplyDelete
    Replies
    1. ඔව් නේ මචං, තුන්දොස් නොකිපෙන්න ලියන්න වෙයි නේ? :D

      Delete
  3. අම්මප හිනා ගියා සිරාවට බොක්කටම.. පස්ට කතාව. ලොක්කයියා ටොයිලට් එකේ තීන්ත ගාලා ඇති නේද එහෙනං. හහ් හහ් හා

    ReplyDelete
    Replies
    1. මේ ටොයිලට් එකේ නෙවෙයි බං. එලියෙ බිත්තියක.

      Delete
    2. අඩේ සොරි ඩෝ වැරදි වැටහීමක් වෙලා තියෙන්නේ මට...

      Delete
  4. හි හි..... ඒ කාලේ ඩුඩ් අයියට වීරයා වෙලා හිටියේ ලොක්කයියා නේද... හි හි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. 50%ක් විතර හරි හිරු. නමුත් මගේ ඇත්තම වීරයා ලයනල් අයියා කියන ලොකු අයියගේ යාලුවෙක්. එයාලගේ ගෙදර ගරාජ් එකක් තිබ්බා. හැම තිස්සෙම කාරුත් තිබ්බා එක එක ජාතියෙ. මම දවසෙන් වැඩි හරියක් කාර් එකක් ඇතුලෙ හරි යට හරි තමයි.

      Delete
    2. ඒක තමා වයර් කෑලි බල්ලන්ට කන්න දෙන්නේ මේකා....

      Delete
  5. “ඒ දෙකම අයිසෙ එක කොම්පැනියෙ වැඩනෙ!" හී හී කඳුලුත් ආවා හිනා වෙලා

    ReplyDelete
    Replies
    1. ඇත්තට එකම කොම්පැණියෙ වැඩ කියලා තමයි මමත් හිතුවේ, අප්සරා. අඩු ගානේ සමූහ ව්‍යාපාර, අනුබද්ධිත සමාගම් වගේ. අර තිසරයි දේශකයයි කියන්නෙ එහෙම නෙවෙයි කියලා. :D

      Delete
  6. මාත් හිනාව ගිලගන්න ට්‍රයි කලත් බැරිවුනා.

    ReplyDelete
    Replies

    1. මල්ලියෝ හිනා ගිලින්න එපා බං. හොඳ නැහැල්ලු. පස්සෙ පිට දානවලු නොහිතන තැන්වලින්.

      Delete
  7. අයියයි මල්ලි එකෙක්ට එකෙක් දෙවැනි නැහැ. නැගෙන හිර ප්‍රංශය මාරු කේස් එක එකනම්. :)

    ReplyDelete
    Replies

    1. අරූ බොරුව උනත් නිර්මාණාත්මක විදියට ක්ෂණිකව කියන්න දක්ෂයා.

      Delete
  8. යකෝ මටත් හිටියනේ ඔහොම එකෙක්... අපේ දෙවැනි මහප්පගේ පුත්තරයා.. දැන්නං පොර කැන්ගරු දේසේ... ඌ තමා මගේ ගුරා..සහ මගේ පරමාදර්සේ.. උගෙන් ඉගෙන ගත්තේ නැත්තේ සිගරැට් බොන එක විතරයි... ඌ සිගරට් පප්පා.. එකක් නිවෙනකොට අනික ඒකෙන් පත්තු කර ගන්න ජාතියේ එකා.. ඒක ඇර අනිත් හැම දේම කොපි කරන්න තමා මං උනන්දු උනේ... උගේ තාත්තා ඒ කියන්නේ මගේ මහප්පා ඇවිල්ලා පළාතෙම ප්‍රසිද්ධ වැඩ්ඩෙක්.. වැඩ්ඩෙක් කිව්වේ පාසල් ගුරෙක්.. වඩ්ඩෙක්..චිත්තර සිල්පියෙක්.. කැටයං කාරයෙක්... රා මදින්නෙක්... ඕනම දෙයක් කරන්න හැකි බැහැයි කියා දෙයක් නැති ජාතියේ පොරක්... මහප්පා මලේ මං ඉපදෙන්නත් ඉස්සර... මහප්පගේ නම ගෙනියන්න මූත් එහෙමම එකෙක් උනා... මූටත් බැරි රෙද්දක් නැහැ... ඉතිං මාත් ගියා උගේ අඩිපාරේ... ඒ තරෙදී ඔය හෙන්රි කිව්ව ජාතියේ ලොකු ටෝක් වගේම... වලිවලත් ඉවරයක් නැහැ... අපි දෙන්නගෙත් වසය් පරතරය ටිකක් තියෙනවා උනත් ඌ මාත් එක්ක හෙන ෆිට්.. උගේ චක්ගෝලයා මංනේ... හැබැයි අපරාදේ කියන්න බැහැ හැම දේම කියා දෙනවා ආයේ හංගන්නේ නැතිව... එක පාරක් මේකා රට ගිහින් ගෙනාව අළුත්ම වගේ බයික් ඇන්ජිමක් තියං හිටියා විකුණනන්න කියලා... මට හෙන ආසයි ඕක ගලවන්න... එතකොට මට වයස 16යි... වෙන එකෙක්නං ගානකට විකුණගන්න තියෙන දේ ඔහොම නාස්ති කරන්න දෙයියෑ... මං ඕක අත ගගා ඉන්නවා දැකලා මූ කලේ මට ලාම්පුතෙල් බෝතලයකුයි පින්සලේකුයි ආයුධ ටිකයි දීලා කොනක ඉදන් ගලවලා තිබුන හෝදලා වේලලා ආයෙම ඒ තිබුන පිළිවෙලටම හයි කරපං කියලා කියන එකයි... මාත් කලා... අන්තිමේදී වැඩේ ඉවර උනාම මෑන් ඇවිත් කාබලේටරයකුත් ඕකට පටලලා පිටින් පැස්ටෝල් ලයින් එහෙකුත් දීලා ඕක බිම තියලම ඉස්ටාට් කරපු එක..වැඩේ හරි ගියා... හිනා වෙලා සිගරට් එහෙකුත් පත්තු කොරං ආයේ වතාවක් ඕනනං ගලෝලා හයි කරගනින් කියලා යන්න ගියා... ඒ තමා උගේ හැටි...

    දැන්නං කාලෙකින් කතා කලේ නැහැ..අන්තිමට අපි දෙන්නා තරහා වෙලා හිටියේ වලියක් දාං... ඒත් ඉතිං දැක්කොත් ඒවා අමතකයි... හප්පා අගක් මුලක් නැතිව ලියවෙන්න ගත්තා නේද..?

    ReplyDelete
    Replies
    1. අන්න නියම බුවෙක් මාරේ. ඌ ගැන මටත් පැහැදීමක් ඇති වුනා. ඇත්තෙන්ම අර එන්ජිම උඹට ගලවන්න දෙන්න! සමහර අම්මලා තාත්තලා වත් සෙල්ලම් බඩුවක් ගලවලා බලන්න ලමයින්ට ඉඩ දෙන්නෙ නැති එකේ මේක සැබෑ වෙනසක්!

      අර උඹ අන්තිමට කිව්ව කතාවට මම අනේ බං ඌට කතාකරලා බලාපංකො කියලා කියන්න යන්නෙ නැත්තෙ, මගේ බුවත් මට අවුරුදු බර ගානකින් මුණ ගැහිලා නැති හන්දා. අපි දැන් සෑහෙන්න දුරස් වෙලා බං. මම මේ ලඟකදිත් ගෙදරට ගියා එතනින් යන ගමන්. පොර හිටියේ නෑ. ආයෙම බලන්න ඕනෙ.

      කාලෙකින් බොල උඹේ කමෙන්ට් එකක් දැක්කෙ, බොක්කෙන්ම ලියපු.

      Delete
  9. අයියෝ... මරු අයියයි මල්ලියි...අර කිව්ව වගේ මේ දෙන්නත් එක කොම්පැනියෙමද කොහෙද... :D

    //අඹ ගහට පොලු ගහලා, අඹ ගෙඩි පෙති ගහලා, ලුණුයි මිරිස් කුඩුයි ඉහලා, මගේ කොටසත් අතටම දුන්නා. (කෙළ ගිල්ල නේද? නෑයි කියන්න එපා. මමත් ටයිප් කරන ගමං කෙල ගිල්ලා.)//
    අනේ ඇත්තමයි මටත් කෙළ ගිලුනා ඒක කියවනකොට...ඒ විතරක් නෙවෙයි, දතුත් හිරි වැටුනා...හික්ස්...


    ReplyDelete
    Replies
    1. ඔය සහෝදරකම් දරු පවුල් වෙලා වෙන් වුනාට පස්සෙ ඈත් වෙනවා.

      අපේ ළමයින්ටත් එහෙම වෙයිද කියලා හිතෙනකොටත් දුකයි.

      Delete
    2. අවංකව කියනවනම් මටත් දත් හිරි වැටුනා වගේ දැනුනා.

      Delete
  10. නෑ මචං අයියා වැරදියි... එකක් ජාතික පොහොර සංස්ථාව... අනික ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය.

    ReplyDelete
    Replies
    1. අඩේ බොලාට අහුවෙලා නෑ නෙව.. ජාතික තරල යුෂ්ම අධිකාරිය.. ඒක තමා ලොක්කයියට මේකා කියල තියෙන්නේ මං හිතන්නේ...

      Delete
    2. ඒකෙත් කෑල්ලයි හරි. ජල සම්පාදන කෑල්ල කපල "ජලාපවාහන මණ්ඩලය" කිව්වනං හරි.

      Delete
    3. අඩේ උඹලා තුන් දෙනාම කියලා තියෙන දේවල් වල ඇත්තක් තියෙනවා තමයි. හැබැයි දෙන්නම් ඔය දෙකම යන්නෙ එකම කොම්පැණියට Sewage and Drainage ද මොකක්ද. . ඒකට මාසෙකට රුපියල්ම නවසිය ගානක් ගෙවනවා.

      Delete
  11. මරු ඩබල වගේ...හි හි හී

    ReplyDelete
    Replies
    1. මරු ඩබලද අහලා. අපේ තාත්තලා බාප්පලා කියන්නෙ ලොක්කයියත් එක්ක කතාකරලා පිරිමහන්න බෑ කියලා. ලොක්කයියා අර මම උඩ කමෙන්ට් එකක කිව්ව ලයනල් අයියට මේ සිද්දිය ගැන කියලා කියනවා මං අහගෙන, 'අරූ එක්ක කතා කරලා පිරිමහන්න බෑ බං,' කියලා! :D

      Delete
  12. අයියටම ගැලපෙන මල්ලි..!!
    මේ එපිසෝඩ් එකෙන් විතරක් සීරිස් එක ඉවර කරන්න බෑ ඔන්න..

    ReplyDelete
    Replies
    1. ඕව් නේ? හොඳ අදහස රූ. ස්තුතියි.

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඕකට තමයි කියන්නේ [co="red"]ජාඩියට මුඩිය[/co] කියලා, නේද බන්?

      Delete
    2. Exactly මචං. පොඩි නැන්දා කිව්වේ කොහොඹ ගහට කරවිල වැල ගියා වැනී කියලා.

      Delete
    3. ඇයි බොල වැල වරකා වගේ කියන්නේ.. මොකා වැලාද නොදනී.. හික්

      Delete
    4. නෑ ඕකට කියන්නේ අමුඩෙයි පු... යි වගේ කියලා

      Delete
  14. කෙලත් ගිලුන.හිනාව නවත්තගන්නත් බැරි වුනා.. :D

    ReplyDelete
    Replies
    1. ඔයා ඒ අතින් ලොකු අයියට වඩා වෙනස්. ඌ මගෙ වැඩ වලට හිනා වෙන්නෙ හොරෙං. ඒ මට අනවශ්‍ය ගෞරවයක් ලැබෙයි කියලා වෙන්නැති. :D

      Delete
  15. අයියා හොඳයි ... මල්ලි හොඳායි ...

    ReplyDelete
    Replies
    1. අඩේ උඹ කොහෙද බං මල්ලියෙ හිටියේ මෙච්චර දවසක්? දැන් ලියන්නෙම නැද්ද? කතා ඉවරද? වෙලාවක් නැද්ද?

      Delete
    2. මිනිහා සිගරට් එකට පිච්චිල ඉන්නේ තාම..

      Delete
  16. [box]ටිකිරි මොලේ තාම ඒ වගේනේ? :D[/box]

    ReplyDelete
    Replies
    1. [card="yellow"]ඔව්වොව්, වැඩිය පිණි බාන්න හෙම දෙන්නෙ නෑ මං.[/card]

      Delete
  17. හපොයි නියම අයියයි මල්ලියි දෙන්නෙක්නෙ.

    එතකොට ඒ කාලෙ ප්‍රවෘත්ති කියල තියෙන්නෙ නැගෙනහිර ප්‍රංශයෙන්ද.

    ReplyDelete
    Replies
    1. ඔව් බං ප්‍රසන්න ඒකාලෙ මම හිතන්නෙ ප්‍රංශුවා මිතරොං ද කොහෙදනෙ හිටියෙ ප්‍රංශෙ. එයාමයි ප්‍රවෘති කියන්නෙ.

      ඔය ප්‍රවෘති ලුහුඬින් කියන එකට ලොක්කයියා කියන්නෙ. "දැන් මෙන්න බොරු කෙටියෙන්" කියලා.

      Delete
  18. [ma]දැන් හෙන්රි දිහා බැලුවහම හිතා ගත්තැහැකි ඔය ලොකු අයියා මොන වගේ ඉන්න ඇතිද කියලා ?!....[/ma]

    ReplyDelete
    Replies
    1. අන්න හරි මචං, පොර හෙන ගාම්භීර, වැදගත්, කඩවසම්, උගත්, බුද්ධිමත්, ප්‍රතාපවත්, නිර්භීත, ආකර්ශනීය, ප්‍රභාසම්පන්න පොරක්. හැබැයි පොර පාප මිත්‍ර සේවනය නම් කරන්නෙ නෑ. එච්චරයි වෙනස.
      :D :D :D

      Delete
    2. මෙන්න මේක යනවා

      Delete
    3. [si="4"]මං ඒත් කිව්වා ඔය පාපමිත්‍රයො ආශ්‍රය කලාට සේවනය කරන්න එපාමය කියලා..ඇහුවෙ නෑනෙ.. නාහන ගුරා ගොඩින් ගියත් එකයි මඩින් ගියත් එකයි ![/si]

      Delete
  19. ඒයි උඹේ මේ පෝස්ට් ඔක්කොටමත් මාතෘකාව එක්කම දාපං වරහං ඇතුලෙ ( විතින් බ්‍රැකට්ස් තුල ) නැ. ප්‍ර. කියල, කිසි අවුලක් නෑ.

    මරු කතාවක් මතක් උනා...

    " හෙන්රි කියන්න බලන්න මූදෙ ඉන්න අඬු අටක් තියෙන සතෙක්?.."

    " මැඩම්...බූ වල්ලා…"

    " හරි, කියන්න බලන්න තව එහෙම සතෙක්……"

    " ම්ම්ම්ම්...තව බූවල්ලෙක්…"

    ReplyDelete
    Replies
    1. >>ඒයි උඹේ මේ පෝස්ට් ඔක්කොටමත් මාතෘකාව එක්කම දාපං වරහං ඇතුලෙ ( විතින් බ්‍රැකට්ස් තුල ) නැ. ප්‍ර. කියල, කිසි අවුලක් නෑ.<<
      උඹේ අර දඩ්ගෙ මතු සම්බන්ධයි වගේ? මචං ඒකෙ සීසන් වන් හෙම නෙවෙයි නේද ඉවර වුනේ? මගේ ඇ‍ඟේ ලේවතුර වෙලා ඉන්නෙ උඹ සීසන් ටූ, එපිසෝඩ් වන් කියලා ආයෙම්න පටං ගනී කියල, පලි ගැනීමේ චේතනාවෙන්ම.:D

      මම අහලා තියෙන්නෙ වෙනත් politically incorrect විදියකට.
      අඩා, ටෙල් ඇන් ඇනිමල් හූ ලිව්ස් ඉන් වාටර් ඈස් වෙල් ඈස් ලේන්ඩ්?
      ඒ ෆ්‍රොග් සේර්
      (ඔන්න ඔය විදියට..)

      Delete
  20. පෝස්ට් එක කියවලා කොමෙන්ට් ටිකත් කියවල මේක ඔක්ටන අතරෙත් තවමත් හිනා යනවා. හිකිස්

    ReplyDelete
    Replies
    1. කීයක් හරි දීපං විනෝද බද්ද. :D

      Delete
  21. [ma]හෙහ් හෙහ් ඔය ප්‍රශ්නේ ඉස්සර මටත් තිබුන... එකට කරන්නැතුව වෙන වෙනම කරන්න බැරිද කියන එක. කොච්චර ට්‍රයි කලත් පලවෙනි දේ කරන්නේ නැතුව දෙවෙනි දේ කරන්න බැරි වුනා. දත්මිටි කාගෙන ට්‍රයි කළා.. ම්හු...හරියන්නේ නෑ[/ma]

    ReplyDelete
    Replies
    1. මාත් ට්‍රයි කරලා තියෙනවා අනන්ත. හැබැයි ඕකෙ අනිත් පැත්ත වුනොත් නම් අනාතයි නේහ්? :D

      Delete
  22. [ce]........හිහ් හිහ් හිහ්...ටිකිරි මොලයක්ම තමයි....අනික ලොක්කයියත් හරිම ජොලි ඇතිනේ.... :D : D :D

    ඩුඩ් හොදවෙලාවට ඉනිමග අල්ලන් හිටියෙ ( හරියටම නොවුනත් :D )...මොකද හිනා ගිය පාර බිමට වැ‍ටුනනම් ගුටි කන්න වෙන්නේ අබ වෙනුවට.... :D :D :D

    ඉක්මනටම තව ලොක්කයියගෙ කතා ලියන්නකෝ..........[/ce]

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... ඔව් තව දෙක තුනක් තියෙනවා... එහෙම කලා නම් හරි නේ?

      Delete
  23. අන්න නියම බුවෙක්.. නැගෙනහිර ප්‍රංශය....

    ඩූඩ් මෙහෙම ඉතුරුවෙලා ඉන්න එකට අපි දෙවියන්ට උදේ හවා පින් දෙන්න ඕනා.. ( මේක අර රේල්පාර උඩ කෝච්චිය හිටපු එකට වැඩිය මේකට ගැලපෙනවා නේද ? :D )

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං. බලාපං ඌට එහෙම එකක් මතක් වෙච්ච හැටි! නැගෙනහිර ප්‍රංශය!

      ඔව් නේ! :)

      Delete
  24. මාර්තුකාවේ තියෙන කොටස කියවන්නයි කෙලගෙන ආවේ... කෝ ඒක.... කමන්නැ... අයියලා මල්ලිලා දෙන්නෙක් එක්කහු වුනා කියන්නෙ අවුලක් නැතුව බ්ලොග් එක කරගෙන ගියැකි අවුරුද්දක් විතර..... නැද්ද?

    ReplyDelete
    Replies
    1. අන්න උඹ කිව්වා කතාවක්.

      උඹලගේ හොඳ වෙලාවට එච්චර ඇදගෙන යන්න කතා නෑ ලොකු අයියගේ. මොකද අපි ගමේ හිටියේ ටික කාලයයි. :D

      Delete
  25. අඹ ගැන කියද්දී නම් අර වරහන් ඇතුලේ තිබුණු එක වුනා. :)

    අපේ ගේ ළඟ තිබුනා නම දන්නේ නැති ගහක්. හපුතලේ පැත්තේ වතුවල එහෙම තියනවා ඒවා. ගහ කපපුවම වතුර බේරෙන ගානයි. ඔය ගහ වැඩක් නැති නිසාත් පොල් ගස් වලට කරදරයක් නිසාත් කපල තේ ෆැක්ටරියකට දරට පැටෙව්වා. එකේ මැනේජර් ඇහුවා "මොනවද දර..?" ලොරියේ ගිය එකා ගත් කටටම කිව්වේ "මේ දියතාලිය නේ මහත්තය..?" කියලයි. මැනේජර් "ආ.." කියල ගියා යන්න. එහෙම ගහක් නෑ. ඒත් එදා ඉඳන් ඒ නම රෙජිස්ටර්.. :)

    ReplyDelete
    Replies
    1. උඹේ ජීර්න පද්ධතියේ මුල් කොටස නිරෝගියි කියන එක තමයි කියන්න පුලුවන්.

      දියතාලිය! හික් හික්.

      ඔය හක්ක පටස් කියන එකත් ඔය විදියටම වෙන්න ඇති හැදෙන්න ඇත්තෙ කියලා මට හිතෙනවා.
      ඇයි ගල් කටස් තුවක්කුව!

      Delete
  26. ඩූඩ් දැන් දෙන්න විරසකයිද,කතා බහ කරන්නෙ නැත්තෙ

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මචං. මොනව බෙදා ගන්න බැරුවටද? අර Our paths don't dross any more ලෙඩේ තමයි තියෙන්නෙ. අර කියන එක. ඒක තව හුඟක් යාලුවන්ට නෑදෑයන්ට වෙච්ච දෙයක්.

      සමහර විට මට උඹලා කිට්‍ටුයි උන්ගෙන් සමහරෙකුට වැඩිය දැන් දැන්

      Delete
  27. ඇත්තටම ඩූඩ් අපි හැමෝටම වගේ...මටත් ඔහොම පරමාදර්ශී චරිත කීපයක් තිබුන විවිධ ක්ෂේත්‍ර වල. මේ පෝස්ට් එක දැක්කම මතක් උනේ.
    ඒ අය කිහිපදෙනෙක් දැන් ජීවතුන් අතරත් නෑ.

    අනික ඒ දවස් වල අපිට පරමාදර්ශී චරිත උනේ ගමේම,හෝ ආසන්න අය.ඒත් දැන් දරුවන්ට ටී වී වල කා‍ටුන් චරිතද මන්දා.
    මේ ලඟදී පොඩි එකෙක්ගෙන් ඇහැව්ව ලොකු උනාම කවුරු වගේද වෙන්න ආස කියල.

    දරුව ගත් කටටම කියාපි බෙන්10 කියල.

    ReplyDelete
    Replies
    1. එක අතකට කමක් නෑ බං! බෙන් ටෙනුත් නරකම නෑ. :D ඕවා ටික කාලයයි. ඊට පස්සෙ වෙනස් වෙනවා වයසත් එක්ක. එතකොට සමහර වෙලාවට හිතෙයි මූ බෙන්ටෙන් වගේ උනා නම් කොච්චර හොඳද කියලා. :D

      Delete
  28. මේ අඹ අච්චාරුවක් නිසා මට වෙච්ච දෙයක් කමෙන්ට් එක දාන්න පල්ලෙහාට එන්න එන්න තව පෙරේතකම වැඩි උනා... මේ වෙලාවෙ තිබුනනම් අච්චාරු.......මට අපේ ඉස්කෝලෙ ලග අච්චාරු විකුනපු අන්කල්වත් මතක් උනා...
    අයියල මල්ලිලා නම් නියමයි නේ... අයියට හිතීන්න ඇති මගේ තැනගන්න එකෙක් ඉන්නව දැන් කියල..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නදිනි ඔය කෑම වලට ගෑස්ට්‍රයිටිස් හැදුන වුනත්, පිළියෙල කරන විදිය කොයි තරම් පිරිසිදුද කියලා දන්නෙ නැති වුනත්, පාර අයිනෙ තියාගෙන විකිණුවා වුනත්, කිළිටි අත් වලින් බෙදුවා වුනත් පුදුම රහයි තමයි.

      Delete
    2. අඹ අච්චාරුවේ පෙරේතකම මෙතකින් නිමාවිය... :(

      Delete
  29. මිනිහා ජේවීපී කාරයෙක්ද? :)

    ReplyDelete
    Replies
    1. නෑ බං. ඕනැම කෙනෙකුට නව යොවුන් වියේදී තරමක් විප්ලවකාරී අදහස් ඇවිත් පස්සෙ සංසි‍ඳෙනවනෙ එක එක විදියට.

      Delete
  30. //උඹලගේ හොඳ වෙලාවට එච්චර ඇදගෙන යන්න කතා නෑ ලොකු අයියගේ. මොකද අපි ගමේ හිටියේ ටික කාලයයි. :D// ....කියලා ඩූඩ් රිප්ලයි එකක් දාලා තියෙනවා දැක්කම දුක හිතුනා..:-( මේ ලොකු අය්යලා දෙන්නගේ තව හැඩ-වැඩ වැඩි පුර කථා ටිකක් අහන්න නැති වෙනවානේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ලොකු අයියා ගැන කියන්න කතා හුඟක් නැත්තේ අර හේතුව නිසාම තමයි.

      ඔය ලොකු අයියා ගැන තියෙන මෑතම කාලීන මතකය වුනත් එච්චර හොඳ එකක් නෙවෙයි.

      ඒ කියන්නෙ එයාගෙ පුතා විභාගේ ඉවර වෙලා යාලුවොත් එක්ක කැළණි ග‍ඟේ හොරෙන් නාන්න ගිහින් ගිලිලා මැරුණා. අයියා අඬනවා තමයි මගේ හිතේ ‍රැඳිලා තියෙන්නෙ.

      Delete
  31. ලොකු අය්යත් මල්ලි වගේම නැතැ.ඩූඩ්ටත් ඉන්නෙ නියම නැදැයො.කොම්පැනි කතාව තේරුම් ගන්න ටිකක් වෙලා ගියා. අනිත් අය සින්හලෙන් දාද්දි මගෙ කොමෙන්‍ටුව ඉන්ග්‍රිසියෙන් දැම්මම මන් තනි වෙලා වගේ. මම එමේල් එකක් එව්වා. කෝ රිප්ලය්?

    ReplyDelete
    Replies
    1. බ්ලූ ලෝටස්, ඉංග්‍රීසි කමෙන්ට් එකකට රිප්ලයි කරන එක මට ලේසියි මොකද අර යුනිකෝඩ් වලින් ගහලා කොපි කරලා අලවන්න ඕනෙ නැති නිසා. ඒ වුනාට ඔයාට ඕනෙ භාෂාවකින් දාන්න.

      මේල් එකක් හම්බ වුනේ නෑනෙ. යාහූවලට නෙවෙයිද එව්වෙ? මම ස්පෑම් ට්‍රෑෂ් දෙකේම බැලුවා. නෑ. අනේ ආයෙම එවන්නකො තරහ නැතිව. To Yahoo, Please.

      Delete
  32. අයියටම ගැලපෙන මල්ලි. ජෝඩුව නම් රයිගමයයි ගම්පොලයයි වගේ.
    //ඇත්තටම දවසක් මට බඩේ අමාරුවක් හැදිලා// ඒ කියන්නේ නිතර නිතර බොරු බඩේ අමාරුත් හැදෙනවා වගේ? ඩූඩ්ට දැන් නම් උගන්නන ඉස්කෝලේ ළමයි බොරු බඩේ අමාරු ගන්නකොට පටාස් ගාල මීටර් වෙනවා ඇති නේද?

    ReplyDelete
    Replies
    1. හායි තොටියාස්! අම්මපා ඔය නමත් කිව්වා තමයි මට අමතක වෙලා තිබ්බේ.
      එදා මගේ බඩේ ක්‍රෑම්ප් එකක් ආවා. මට කෙලින් ඉන්න බෑ නැවිලා ගුලිවෙලා බඩ බදාගෙන තමයි හිටියේ.

      තොටී. මේ ඉස්කෝලවල ළමයි ඇබ්සන්ට් වෙන්නෙ නෑ. උන් පට්ට වැස්සෙ හරි ඉස්කෝලෙ එනවා. මොකද ඉස්කෝලෙ වගේ පිස්සු කෙලින්න හම්බ වෙන්නෙ නෑනෙ කොහෙවත්. ඒ අපි තමයි ස්කූල් කට් කලේ.

      අනික ඕනෙ නම් මට ගෙදර යන්න ඕනෙ ඔලුව කැක්කුමයි කිව්ව ගමන් යැව්වා ගෙදර.

      Delete
    2. අපේ AL පන්තියේ කොල්ලෙක් හිටියා මිනිහා කලින් පනින්න ඕන වුනාම බොරු ලෙඩ කියලා සෙක්ෂන් හෙඩ් සර්ගෙන් ලියුමක් ගන්නවා. පංති පාලනය පහසු නිසා සර්ල මිස්ලත් කැමතියි මිනිහා ඉන්නවට වඩා යන එකට. ඒත් ඌ කවදාවත් ලියුම ගේට්ටුවට පෙන්නලා යන්නේ නෑ.ඇයි official විදියට ගේට්ටුවෙන් ගියොත් "ඉස්කෝලෙන් පැන්නා" වෙන්නෙ නෑනේ (ඒක උගේ ප්‍රතිරූපයට හානියක්ලු). තාප්පෙන් යනකොට වැරදිලාවත් මාට්ටුවුනොත් සාක්කුවෙන් පර්මිෂන් ලියුම පෙන්නනවාලු.

      Delete
  33. මේ බේබි හෙන්රි කාලේ සිද්දියක් නේද?.

    අන්දරේගේ කතාවක් මතක් වුනා මේ කතාව කියෙවුවාම.

    ReplyDelete
    Replies
    1. ඔව් බං. පැංචා කාලෙ. අන්දරේගෙ කතාව මොකක්ද කියලා මම කල්පනා කලේ.

      Delete
  34. මේක ලියනවද නැද්ද කියලා ටිකක්වෙලා කල්පනා (කම්පනා)කරා. අන්තිමට මෙහෙම කරා. මම හිතුවා කාසියක් උඩ දමලා (රු 2 කාසියක්) 2 පැත්ත වැටුනොත් ලියනවා. 'ආණ්ඩුවේ සීල් එක' තියන පැත්ත වැටුනොත්? ඒත් ලියනවා. :D කාසිය එහි දාරයෙන් කෙලින් අතට හිටියොත් ලියන්නේ නැහැ කියලා. :D :D හොඳ වෙලාවට කාසිය එහෙම දාරයෙන් කෙලින් අතට හිටියේ නැහැ. ඒ නිසා කතාව මෙන්න මේකයි.

    මම වවුනියාව ප්‍රදේශයේ සේවය කරද්දී එක්තරා ආරක්ෂක අංශයකට සම්බන්ධ නිලධාරියකු හිටියා බොහෝම 'කුප්‍රසිද්ධ' එක්කෙනෙක්. පුදුම වැඩක් කියන්නේ වවුනියාව නගරයට මෙන්ම ඒ ආසන්න ප්‍රදේශවල පවා එල්.ටී.ටී.ඊ. පිස්තෝල කල්ලි ක්‍රියාත්මක වෙද්දී මෙයා කිසි ගණනක් නැතුව තමන්ගේ මෝටර් බයිසිකලයෙන් ප්‍රදේශය පුරා 'හක්කලං' කොරපු එකයි. ඒ සම්බන්ධ විවිධ කතා පැතිරිලා තිබුනා. ඒ වගේම තමයි මෙයා දක්ෂයි ඉතා ඉහල නිලධාරීන්ට, විවිධ කඩමලු සැපයීම, ගෙදර වැඩට ගෑණු සොයාදීම වැනි දේ වලට. ඒ වගේම මෙයා අවුරුදු බැර ගානක් වවුනියාවෙමලු සේවය. මම පසු කාලෙක ඒ ආරක්ෂක අංශයේ සේවය කල කෙනෙකුගෙන් ඇහුවම දැනගන්න ලැබුනා මෙයා විශ්‍රාම යනතුරු වවුනියාවේම සේවය කල බවත්, කොළඹට උතුරෙන් වෙරල ආශ්‍රිත නගරයක මොහු තම ජීවිතකාලයෙදී හිතාගන්නවත් බැරිතරම් විශාල මන්දිරයක් සාදා තිබෙන බවත්, යාන වාහනද කීපයක් තිබෙන බවත්. මේ සඳහා ඔහු ධනය උපයාගත් ආකාරය ගැන තිබුන කටකතා මොහුගේ ක්‍රියාකලාපය තුල මහා භයානක රාජ්‍ය විරෝධී කටයුතු කල බවට කරුණුද ඇතුලත්. ඒ වගේම මොහුගේ බාහිර පෙනුම අනුව කවුරුහරි මොහුට ඉතාම සුදුසු අන්වර්ථ නාමයක් පටබැඳ තිබුනා. එක්තරා බටහිර රූපවාහිනී මාලා නාටකයක චිම්පන්සියකුට යොදලා තිබුන නම තමයි මොහුට දාලා තිබුනේ. මා මෙය කියන්නේ අපහාසයකට නොවෙයි. ඇත්තවශයෙන්ම පුදුමාකාර ලෙස ඔහුගේ පෙනුම ඒ අන්වර්ථ නාමය සමග ගැලපුනා. ඒ කාලයේ ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර විශේෂයක් තිබුන හදිසි අවස්තාවකදී තම ආරක්ෂක අංශයෙන් පිට වෙනත් ආරක්ෂක අංශ සමග වුවද පණිවිඩ හුවමාරු කරගත හැකි. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් යුද හමුදාවට පුළුවන් ගුවන්, නාවික, පොලිස්, යන ඕනෑම අංශයක් සමග කෙලින්ම පණිවිඩ හුවමාරු කරගන්න. ඉතින් අපේ ඉන්න නැහැදිච්ච සංඥා ක්රියාකරුවෝ පුල පුලා බලා සිටිනවා මොහු ගුවන්විදුලි ජාලයේ කතාකරන තුරු. මොහු කතා කලොත් කතා කරන්නේ පෞද්ගලික පණිවිඩ. (යුදහමුදාවෙදී එහෙම කලානම් ගෙදර තමයි යන්න වෙන්නේ) මෙයා කියන්නෙම අර මම කිව්වා අහවල් දේවල් අතනට එවන්න. අහවල් ලොකු මහත්තයාගේ අවශ්‍යතාවයකට අහවලා අහවල් තැනට එවන්න වගේ පණිවිඩ.හදිසි ක්‍රියාන්විත තොරතුරු හුවමාරුවට තිබෙන ජාලයට මෙයින් අනවශ්‍ය බාධක ඇතිවෙනවා. ඒ නිසා අපේ සංඥා ක්රියාකරුවෝ කටහඬ වෙනස් කරලා අර මෙයාගේ අන්වර්තනාමය කියනවා. මෙයා කරන්නේ, මේ ජාලයේ මේ වෙලාවේ ඉන්න සියලුම උසස් නිලධාරීන් මට සමාවන්න. ඔය අරවා මේවා කියන එකාගේ අම්...... කියන එකයි. මෙයාව මෙහෙම කටගැස්මක් කරගන්න බව තේරුම් ගන්න ඒ වනවිටත් අවුරුදු 25 කැ පමණ සේවා කාලයක් මෙයාට නොතිබුනේ පහත නිලයක ඉඳලා පන්දම් මගින් උඩට ආ නිසා බවයි එයා අයිති ආරක්ෂක අංශයේ යම කියන්නේ.

    මෙන්න උච්ඡාන්තය. මෙය සම්පූර්ණ සත්‍ය බව කිව්වේ, එවකට අප සමග නිතර සහයෝගයෙන් කටයුතු කල, ඔහුගේම සගයෙක්. ඒ ආරක්ෂක අංශයේ අයට සකසා ඇති වැසිකිලි පහසුකම් තිබෙන්නේ එක පෙළට ඉදිකළ වැසිකිලි කීපයකින්ලු. මේ වැසිකිලියේ ඉන්න කෙනාට අල්ලපු වැසිකිලියේ එක්කෙනා නිකුත් කරන 'ශබ්දමාලා' ඇහෙනවනේ එතකොට. එක දවසක් උදේ, මේ කතාව මට කිව්ව නිලධාරියායි, අපේ කථානායකයායි, යාබද වැසිකිළි දෙකක අදාළ කාර්යයේ යෙදී සිටිනවාලු. නමුත් මගේ මිත්‍රයාට ඇහෙනවලු වෙනදට නොඇහෙන 'චව් චව්' සද්දයක්. මෙයා ඇහුවලු '....අයියේ, මොකක්ද ඔය සද්දේ' කියලා. අරයා උත්තර දෙනවලු 'වෙලාව නෑ මල්ලි උදේට කන්නවත්. ඒ තරමට මේ අපේ මහ එවුන්ගේ පක්කලි වැඩ ගොඩ ගැහිලා. මම මේ මේ ගමන්ම ආප්ප දෙකක් කනවා' කිව්වලු. ඔය තියෙන්නේ යස රඟට වැඩ දෙකක් එක පාරම කරලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අර කාසිය උඩ දාන එක මාත් කරන්න ඕනෙ තීරණයක් ගන්න බැරි වෙලාවට. ඕකෙම තව එකක් තියෙනවනෙ විචාරක Heads I win. Tails you lose කියලා.

      අර කතාව නම් මාරයි. ඒ කියන්නෙ අප්ලෝඩිං ඩවුන්ලෝඩිං දෙකම එකට.

      ජරාව කන එකා නිසා ගඳ ප්‍රශ්ණයක් නැතිව ඇති. :D

      Delete
  35. මේක නැවත ප්‍රචාරයක් ගැන නැවත ප්‍රචාරයක් ?
    ඔන්න මේකෙන් ආපු අදහසකට මමත් පටන් ගත්ත නැ ප්‍ර එකක්

    ReplyDelete
  36. ඩුඩ්,

    මෙක තමයි මම එදා ' මට හිතෙන හැටි' බ්ලොග් එකේ මෙ පොස්ට් එකට දාපු කමෙන්ට් එක.

    ෂා ! හරි ෂෝක් කතන්දරේ . ඒවගෙම ඔයා , ඔයාගෙ ආටිකල්ස් වලට මැච් වෙන පික්චර්ස්ඇඩ් කරන හැටි නම් එක්සලන්ට්. මම ඔයාගෙ බ්ලොග් එකේ කතාවලට වගෙම එවාට ඇඩ් කරන පික්චර්ස්වලටත් හරිම ආසයි.

    ReplyDelete
  37. ලොකු අයියටම හරියන පොඩි මල්ලි :D :D

    ReplyDelete
  38. අයියෝ.. මං හැමදාම උදේට වැඩ දෙකක් එකට කරනවානෙ.. දත් මදින්නෙ ශරීරකෘත්‍යය කරන ගමන්..

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>