Sunday, March 24, 2013

56. YEAH I DID IT! චන්දන උඹට ස්තුතියි!


මගේ බ්ලොගර් අවුල දැන් කවුරුත් දන්නවනෙ. දන්නෙ නැති අය මෙතනින් ගිහින් බලන්නකො මගේ SOS පෝස්ට් එක. :)

සරළව කිව්වොත් පබ්ලිෂ් කරන  අලුත් පෝස්ට්  රීඩර් වල වත් මගේ හෝ උඹලගේ බ්ලොග් රෝල් වලවත් අප්ඩේට් වෙන්නෙ නෑ, අඩියට වෙලා පරණ පෝස්ට් එකක් පෙන්නගෙන ඉන්නවා.

මම කරපු දේවල් මෙන්න:

ජාලේ හැමතැනම බැලුවා සර්ච් කරලා. ප්‍රශ්ණෙ විතරයි. කිසිම තැනක උත්තරයක් හම්බවුනේ නෑ.

යාලුවන්ගෙන් ඇහුවා. හුඟදෙනෙක් කිව්වෙ ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න කියලා.

මට ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න දුක නිසා, අලුතෙන් ඇරියා බ්ලොග් එකක් ඒ සඳහාම Glidepath කියලා.

අපරාදෙ කියන්න බෑ Glidepath නිසාත්, ජාලෙ සර්ච් කරලත් සෑහෙන
වෙනත් දේවල් ඉගෙනගත්ත, හොයා ගත්තා. (උඹලටත් කියන්න, වෙනත් ප්‍රශ්ණවලටත් උත්තර ලැබුනෙ)

අන්තිමේදි ටෙම්ප්ලේට් එකත් වෙනස් කලා, අකමැත්තෙන්. රෙදි ගැලෙව්වා අප්පා. ඩෙනිම හේදුවා. දුකේ බැරුවා!

අන්තිමේදි අර SOS පෝස්ට් එක දාලා හැමෝගෙන්ම ඉලුවා HeyDude සහ මට හිතෙන හැටි බ්ලොග් රෝල් වල එල්ලගන්න කියලා. e-mail subscribe කරන්න කියලත් කිව්වා.


ඒ අතරෙ මගෙ යාලුවො කරපු දේවල්:

චන්දන වෙනම බ්ලොග් පෝස්ට් එකක්ම දැම්මා මා වෙනුවෙන් redirect වෙන්න.

අයිලාස් සැමරුමේ සයිඩ් බාර් එකේ ගැජට් එකක් එල්ලුවා මගේ ඩෙනිමට ලින්ක් කරලා.

බුද්ධියා දුන්නා වැප් දොස්තරගෙ  ඊ මේල් එකත්.

අනිත් උන් ප්‍රාර්ථනා කලා ඉක්මන් සුව සහ වෙනත් විකල්ප.



බැරිම තැන උණුවතුර ලිඳකට පනින්නත් හදලා...



...වතුර රස්නෙ හන්දා පැන්නෙ නෑ

අන්තිමේදි මෙහෙමයි ගොඩදාගත්තෙ!

චන්දන කිව්වා මෙහෙම:

 


මේ වෙනකොට මම ෆීඩ් චෙක් කරලා තිබ්බෙ. කිසිම අප්සෙට් එකක් පේන්න තිබ්බෙ නෑ.

මම කල්පනා කලා චන්දනයගෙ ‍රැවුල නැතුවට හෙඩ් ෆෝන් දාලා කැප් එක දාලත් ඉන්න එකේ (ඉස්සර ඕකා ජොකෙක් ඔලුවෙ දාගෙනත් හිටියා නෙව) මූ කියන  එකත් කරලා බලන්න.

ඇලෙව්වා චන්දන කියන feed එක කොපි කරලා ටෙක්ස්ට් ඩොක් එකක. (හරි ඒක තමයි දැනටත් තියෙන්නෙ)

ඕනෙ ගුද මාර්ගයක් කියලා ඇලෙව්වා සෙටිංස් වල තියෙන original එකත් ඊට යටින්.

http://bluejeansntshirts.blogspot.com/feeds/posts/default?alt=rss    - What Chandhana says

http://bluejeansntshirts.blogspot.com//feeds/posts/default?alt=rss   - original


ඉතින්? ඒක තමයි යකෝ තියෙන්නෙ.

ඈ?

මොනවා?

මේ යට පේලිය පොඩ්ඩක් දිගයි නේද?

ම්ම්ම්ම්?

ඔව් නේ!


ඊට පස්සෙ අකුරෙන් අකුර චෙක් කලා. සල්ලි සල්ලි කියලා බැලුවෙ නෑ.

යුරේකා! මෙන්න ප්‍රොබ්ලම් එක! යේ! 


http://bluejeansntshirts.blogspot.com/feeds/posts/default?alt=rss    - What Chandhana says

http://bluejeansntshirts.blogspot.com//feeds/posts/default?alt=rss   - original


මෙතන  / වෙනුවට // තියෙනවනෙ යකෝ!!!!! ඒකනෙ අවුල!

අම්මා ගහයි කී බෝඩ් එකෙන්!

චන්දන නිසයි මේක අහුවුනේ.

අරක remove කලා. සෙටිංස් සේව් කලා.

ඇලෙව්වා තනි / එකේ ෆීඩ් එක.

සෙටිංස් සේව් කලා.

හම්ම්.

දැන් රිලෝඩ් කරලා බලමු බ්ලොග්.

නෑ වෙනසක්. බලමු.

ඇරියා පොස්ට් එක එඩිට් කරන්න. ඇලෙව්වා මේ කෑල්ල

(Glidepath එක පර්යේෂණ බ්ලොගක් හන්දා මම කාටවත් ඒක ගැන කිව්වෙ නෑ. මෙන්න මගෙ බොක්කවල් ඒකත් එල්ලගෙන! බොක්කෙන්ම තෑන්ක්ස් වේවා.)

අප්ඩේට් කලා.

දැන් මේ දවස් තුනක් උදේ ඉඳලා රෑවෙනකල් ලැපිය ඉස්සරහ ඉඳගෙන ඇස්වල පොට යනකල් මේක  විසඳන්න කාපු කට්ටෙ අග්‍ර ඵලය භුක්ති විඳින්නයි යන්නෙ.

අඩේ මෙන්න අප්ඩේට් වුනා. මගේ ඩෙනිමේ බ්ලොග් රෝලෙම.






ඇරියා මගේ පර්යේෂණ බ්ලොග Glidepath

රීලෝඩ් කලා.

මෙන්න බඩු වැඩ! එළ නේ!


උඹට ස්තුතියි චන්දන! අක්මාවෙන්ම! උණ්ඩුක පුච්ඡයෙන්ම! උඹව මුණ ගැහිච්චදවසක උඹයි මමයි කමු ඉඳි ආප්ප වක්‍ර පිධාන දිගෑරෙන්නම! ලැංගර්හැන් දීපිකා පරල වෙන්න!  ආමාෂයික යුෂ දෝරෙ ගලන්නම!මට වචන එනවා මදි අර සිතුම් පැතුම් රයිටරයා තමයි මේවගේ හැඟීම් විස්තර කරන්න දන්නෙ! :D


උඹලා හැමෝටම ස්තුතියි බොක්කෙන්ම!


ප.ලි.:
ඔය ලියන පෝස්ට් බ්ලොග් රෝල් වල අප්ඩේට් නොවෙන්න තව හේතුවක් මට පස්සේ දැනගන්න ලැබුනා. ඒ තමයි ෆෝටෝස් හෙම වැඩි වීම. ඒකට කරන්න තියෙන්නේ ෆෝටෝ එකක් දෙකක් පහුවෙනකල් ඉඳලා Page Break එකක් දාන එක. එතකොටත් හුටාස් ගාලා ලෝඩ් වෙනවා.

99 comments:

  1. ජය වේවා ! ඒක තමයි මාත් දැක්කෙ හිටි හැටිය මගේ බ්ලොගර් ඩෑෂ් බෝඩ් එකෙයි ගූගල් රීඩරෙයි පේලියට ඩෙනිමෙ පෝස්ට් ටික වැටිල තියෙනව.

    [box]හැබැයි අර චන්දනට අන්තිමට කියල තියෙන දේවල් කලිං කිවුවනං මිනිහ කීයටවත් ඔය උදව්ව කරනව තියා හිතන්නෙවත් නෑ. :D[/box]

    අර උණුවතුර ළිං සූරියවැව ඒව නේද?

    ReplyDelete
    Replies
    1. ඒකනේ ප්‍රසන්න... බලන්ටකෝ මට කියල තියන දේවල් ටික. :D

      Delete
    2. හැබෑට චන්දන බය වුනාද දන්නෙත් නෑ නේද?

      ඔව් ප්‍රසන්න සූරියවැව තමයි.

      Delete
    3. උඹ මචං මත්තල පැත්තෙ ගියාද හොරෙන්ම

      Delete
    4. මේ අවුරුදු දෙකකට කලින් ගිය රෝඩ් ට්‍රිප් එකක් මචං!

      Delete
  2. මාත් ඒක තමයි බැලුවෙ..මගේ බ්ලොග් රෝලටත් ඔක්කොම අප්ඩේට්ස් එක පාර ඇවිත් තිබ්බ. කොහොම හරි වැඩේ ගොඩ දාගත්තනෙ...නියමයි!
    පෝස්ට් එකක් පබ්ලිශ් කරද්දි බ්ලොගර් මට දුන්න කරදරයටත් විසඳුමක් හොයාගත්තෙ චන්දන අයියගෙ පෝස්ට් එකකින්..

    ReplyDelete
    Replies
    1. බලන් ගියාම චන්දන කොයිකටත් තෛලය නේ?

      Delete
  3. හෙහ් හෙහ් .... සුබ පැතුම් ! සුබ පැතුම් ! නිවන් ගියා වගේ ඇති නේද?

    මැදෑ මේ ඉරි කෑල්ලක් මෙයාට දුන්නු වදයක්.

    ReplyDelete
    Replies
    1. ආ ... චන්දනයව අමතක උනා.

      අනේ මන්ද ... අපි චන්දනට සලකනව මදිද කොහෙද. :)

      Delete
    2. මදි මදි.. හිටපල්ලා මං මට සලකන්න ඕන විදිහේ ලිස්ට් එක හදනකල් :)

      Delete
    3. ඒක මතක් වුනා නම් පෝස්ට් ටයිටල් එකට ඒක දාන්න තිබ්බා.


      ඉරි කෑල්ලක් දුන් වදයක්!

      Delete
    4. චන්දනය හොද එකතා, හෙන්රියෝ උඹත් හොද එකා, ඉතින් වරදින්ඩ විදිහක් නැ

      Delete
    5. ඒ ක නෙමෙයි අන්න ඒපාර විචාරකට අවුලක් වගේ බලහල්ලා වම් පැත්ත

      Delete
  4. හිනා කාල මැරෙන post එක ඩුඩ් අයියේ ..අයියෝ සල්ලි ..
    මාත් බැලුව මොකෝ මේ පේන්න නැත්තේ කියල..ඒත් කව්ද
    / වෙනුවට // දැම්මේ ?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි සහන් වැඩේ. මට ඕක වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ නෑනෙ.

      Delete
  5. මදෑ ඔයින් ගියා.... :-)

    ඒත් කොහොමද ඕක වෙනස් වුනේ... ?

    චන්දනයට අපෙනුත් ස්තූතිය...දැන් දොස්තරව දන්නවනෙ..ලෙඩ හැදුනට බය නෑ.. :-)

    ReplyDelete
    Replies
    1. මමත් කල්පනා කට්‍රන්නෙ ඕක වෙනස් වුනේ කොහොමද කියලා සෙන්නා..

      Delete
  6. ///උඹට ස්තුතියි චන්දන! අක්මාවෙන්ම! උණ්ඩුක පුච්ඡයෙන්ම! උඹව මුණ ගැහිච්චදවසක උඹයි මමයි කමු ඉඳි ආප්ප වක්‍ර පිධාන දිගෑරෙන්නම! ලැංගර්හැන් දීපිකා පරල වෙන්න! ආමාෂයික යුෂ දෝරෙ ගලන්නම!මට වචන එනවා මදි අර සිතුම් පැතුම් රයිටරයා තමයි මේවගේ හැඟීම් විස්තර කරන්න දන්නෙ! :D///

    සතුට වැඩිකමට මක්කවත් වෙලාද මන්ද.

    ReplyDelete
    Replies
    1. නෑ බං දේශ්. අපි ප්‍රශ්ණයක් තියෙනකොට අනිත් වුන්ට කෑ ගහලා කිව්වා නම් ඒ වගේම හයියෙන් ඒක විසඳගත්ත බවත් කියන්න ඕනෙ. ඊටත් වැඩිය හයියෙන් උදව් කලේ කවුද යන බව කියන්නත් ඕනෙ නේද? :)

      Delete
  7. ඕකනේ කියන්නේ ඩෙනිම් කියන ජාතිය ඉඳහිට සෝදන්න ඕන . මොනවා වුනත් සුබ පැතුම් . අපි ඉතින් දන්නා එකක් නැති නිසයි මුකුත් නොකියා හිටියේ

    ReplyDelete
    Replies
    1. හේදුවා හේදුවා. දැන් ආං වැලේ! මේ ටවල් එකත් හෝදලා හන්දා ජනෙල් රෙද්දක් ඇඳගෙන ඉන්නෙ! :D

      Delete
  8. හෙහේ... ෆිට්ම තමයි.. වැඩේ ගොඩ නේ.. (y)

    //ඉස්සර ඕකා ජොකෙක් ඔලුවෙ දාගෙනත් හිටියා නෙව//

    බඩත් රිදෙනවා හිනා වෙලා.. මගේ සර්වාංගෙටම ස්තුති කරලා නේ.. :D :D

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව!
      අපි ඉස්තුති කරන්න ගියාම ලෝස් නෑනෙ.

      Delete
  9. දැන් මම ඔටුච්චියෙක්ද? උදව් කරපල්ලා මේ මගුල හදාගන්න මටත්..

    ReplyDelete
    Replies
    1. ඊයක් එව්වා බලාපියෝ :)

      Delete
  10. එල කිරි මචන්. චන්දන උඹටත් ස්තුති කරන්න ඕනේ අපි හැමෝම.

    ReplyDelete
    Replies
    1. උඹටත් බොක්කෙන්ම ස්තුතියි අයිලාස්, A! :)

      Delete
  11. හයියෝ.. අපිටත් යන්තම් කනක් ඇහිලා ඉන්න පුළුවන් දැං.. ඊයේ රෑ ඉඳලා මෙයා වද දෙනවා... තැන්ක් යු චන්දන....




    ( හි හි)

    ReplyDelete
    Replies
    1. හරි හරි, දැන් හරි බොලව්!

      Delete
  12. හම්මේ චන්දන වගේ එකෙක් ඉන්න එකත් ලොකු දෙයක්නේ.අපි මිනිහට සලකනවා මදි අප්පා.තියමුද උපහාර උළෙලක්වත්...

    ReplyDelete
    Replies
    1. උඹ ඌට අපහාස නොකර ඉඳිං හස‍රැල්!

      Delete
    2. අනේ අපහාස කළා නෙවෙයි,අපි ඉතින් බ්ලොග් කෙටුවට ඔය තාක්ෂණික පැත්ත දන්නේ නැහැ නොවැ.මගේ බ්ලොගේත් වැඩ කෑලි කිහිපයක්ම දාගෙන තියෙනවා චන්දනගේ මගපෙන්වීම් වලින්,කොමෙන්ටුවෙන් වැරදි අදහසක් ආවනම් සමාවෙන්න.ඒත් ඉතින් මං ඇත්තටම කිව්වේ චන්දන වගේ අය ඉන්න එක වටිනවා කියලා.

      Delete
    3. අනේ නෑ හස‍රැල්! උඹ ඇයි එහෙම හිතන්නෙ. මම අදහස් කලේ උපහාර උත්සව වලට කැමති ඔය දේශපාලුවෝ වගේ උන්නෙ. ඒකයි. ඒකයි එහෙම කිව්වෙ. ඒකට උඹේ හිත රිදුනද? සමාවෙයං එහෙම වුනානම්.

      Delete
    4. හසරැල්ලෝ, ඩූඩ් අයියා විහිළුවක් නේ බං කරලා තියන්නේ.. උඹ සීරියස් ගත්ත ද.. :)

      Delete
    5. හය්යෝ නෑ අනේ,මං ඉතින් පොඩ්ඩ ඇත්නම් ටිකක් කලබලවෙනවා තමයි ,කවුරුත් කියනවා ඒක

      Delete
  13. ඇති යන්තං...... ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇති යාන්තං නේන්නම් මහරජ! :)

      Delete
  14. කොහොම හරි ඩූඩා ගොඩ.. දැන් නදිනියවත් ගොඩ දාමු.. චන්දන ඔබට ජය.

    ReplyDelete
    Replies
    1. ගොඩ මචං! ඒ වුනත් මාර කට්ටක් කෑව බව නම් නොකියාම බෑ.

      නදිනිගෙ බ්ලොග් පෝස්ට් ඔය අප්ඩේට් වෙන්නෙ. බලමු මොකද කියන්නෙ කියලා.

      Delete
    2. මේ චන්දන අයියාගේ ඊය බැලුව දැන්, අනේ ඔය කියන කෑලි බෑලි නෑනේ මගෙ එකේ,, ඉහි ඉහි...දැන් මොකද කරන්නේ,
      ඩූඩ් අයියා, එකක් අප්ඩේට් වෙනවා, තව එකක් නෑ ඔන්න ඔහොමයි වෙන්නෙ, සමහරවිට බ්ලොගර් අයියගෙ මූඩ් එක අනුව වෙනස් වෙනවා ඇති.

      Delete
    3. එකක් අප්ඩේට් වෙන්නයි අනික නොවෙන්නයි විදියක් නෑ අප්සෙට් එක අර කිව්ව ෆීඩ් එකේ නම්. ඒක අප්සෙට් නම් වෙන්නෙම නෑ.

      ඔය චන්දන කිව්ව දේ මම දන්නෙ නෑනෙ. ඔය කෑලි නැතිවෙන්න බෑ. හරියට පාර අහගෙන ගියානම් හරි. වෙනස් කම් කරනවා නම් ස්ක්‍රීන් ෂොට් එකක් හරි ගන්න.

      කියන්නකො බලන්න මොකද වෙන්නෙ කියලා.

      Delete
  15. මේ සැරේ නිවාඩුවට ගියාම කොල්ල කැමති තැනකින් කන්න අරන් දෙන්න "බුරි උල් වෙන්න".

    ReplyDelete
    Replies
    1. ඒ කෙසේ වෙතත් අන්තිමේදි ඩූඩා එහෙ ගිහින් චන්දනයගෙ ගෙදරින් කෑම කාලා ගිය බව නම් උඹලට ආරංචි වෙන්න පුලුවන්.

      Delete
  16. චන්දන මම වඩා කැමති හෙන්රි හමු නොවෙනවානම්. බලහං උඹල දෙන්න එකතු වුණායින් පස්සේ කන්න හිතන් ඉන්න විදිය.

    ReplyDelete
    Replies
    1. එක අතකට උඹ කියන එකක් ඇත්ත. ඒක gastronomical disaster එකක් වෙන්න පුලුවන්!

      Delete
  17. අරී..., කොහොබින් හරි උඹ ගොඩ ගියානෙ අයියේ. චන්දනයා රන් කදක් නොවැ.

    ReplyDelete
    Replies
    1. මාර ගොඩ යාමක් බං. මේ බ්ලොග් කෙරුවාවට ඇබ්බැහි වෙලා තියෙන්නෙ උඹලා අපි ඔක්කොම!

      චන්දනයා පොරක් තමයි!

      Delete
  18. එහෙනං ඒක තමයි මේ,මම බලනවා ඩූඩා කෝ කියල හරි මචං ජයවේවා අපි ඉතිං ඔය සබ්ජෙක්ට් එක වැඩිය දන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං හැලපේ!

      දන්නෙ නැතිනං ඉගෙන ගනිං හැලපේ. එතකොට කාමත වත් යැපෙන්න ඕනෙ නෑ.

      Delete
  19. අම්මේ..උඹට වරුවක් හිරකරන් ඉඳපු බොකක් පිලිවෙලකට දැම්මා වගේ සනීපයක් ඇතිනේ.
    ඩෙනිම නැතිව පාලුවෙන් හිටියෙ බං..!

    උඹ අර හදාගත්ත කියල දාපු කෝඩ් හත්තිලව්ව නම් මට තේරෙන්නෙ නෑ ..ඕනෙත් නෑ..!

    චන්දනය මගේ ෆෙඬා උඹටත් උම්මා එකක්...!

    ReplyDelete
    Replies
    1. අම්මපා පට්ට ඇත්ත කතාව. එහෙමම තමයි. ම්ට පොඩි කතවකුත් මතක් වුනා Reader's Digest එකේ තිබ්බ. මේක ඉංග්‍රීසියෙන් විතරයි කියන්න පුලුවන් රසය නොමැරී.

      I was so constipated. I thought the bottom has fallen through my world.
      Then I found this super powerful laxative, I felt the world has fallen through my bottom.

      //උඹ අර හදාගත්ත කියල දාපු කෝඩ් හත්තිලව්ව නම් මට තේරෙන්නෙ නෑ ..ඕනෙත් නෑ..!//

      හික් හික්! හරි. මම නම් තාක්ෂණික දේවල වලට ලැදියි මචං.

      Delete
  20. ආයෙ මේ වගේ ප්‍රශ්නයක් ආවම උත්තරයත් විසදුම් ක්‍රමයත් දීලා තියෙනවනේ..
    විසඳුමටත් මේ ප්‍රශ්න සඳහනටත් තුති..
    ජයවේවා..!

    ReplyDelete
    Replies
    1. නන්ඳු, මේ ප්‍රශ්ණෙට විසඳුමක් මම ජාලේ කොච්චර හෙව්වත් මට නම් හොයා ගන්න බැරි වුනා. ප්‍රශ්ණෙ ඇතිවෙලා තියෙන්නෙ මේ විදියට නම් මේ විසඳුම හරි. වෙනත් හේතුත් තියෙයිද දන්නෙ නෑ.

      Delete
  21. වෙල්කම් බෑක් හෙන්රි අයියා.....

    පහුගිය දවස් ටිකේම යන එන ගමන් ෆෝන් ඒකෙන් ලොග් වෙනකොට අවුලක් වෙලා තියෙනවා කියලා දැක්කට දුක සැප අහන්නවත් එන්න බැරි උණා නෙව. ආපු දවසෙත් කින්ඩියක් දාලා ගියා මිස උදවු කරන්න හදපු එකක්යැ. (හැදුවත් පුළුවන් එකක්යැ)

    චන්දනයෝ.... උණු වතුර ළිඳ තව කාලයක් මිනිස්සුන්ට පාවිච්චි කරන්න සැලැස්සුවාට බොට බොහෝම පිං.

    ReplyDelete
    Replies
    1. මං ඊයේ රෑ දාපු කමෙන්ට් එකට රිප්ලයි එකක් උදේ දැක්කා. ඒත් දැන් බලනකොට නෑනේ. දන්නා කියන ඔක්කොම බ්ලොග්වල (දෙක තුනේම) බැලුවා. ඒත් නෑ. අඩුම ගානේ මටවත් මතක නෑ මොන පෝස්ට් එකක් යටතේ මොන බ්ලොග් එකේද තිබුණේ කියලා. (ඔන්න නිදිමත.)

      Delete
    2. කමක් නෑ බං. උඹ දවල්ට පට්ට බිසි කියලා අපි දන්නවනෙ.

      මොකක්ද බං ඒ කමෙන්ට් එක? මගෙ බ්ලොග් පෝස්ට් එකකටද?

      Delete
    3. ඇයි අප්පා අර එකම ලින්ක් එක දෙපාරක් දාපු එක බලලා මං ඇහුවේ කොයිකද එල්ල ගන්න ඕනි කියලා. අන්තිමේදී ඔයා මට පොට්ටයා කියලා (නොකියා) කිව්වේ... :D
      (බලනකොට මූත් ගංජා ගහලනේ)

      -----
      ඔයා අපේ පැත්තෙ එද්දී මං ක්ලාස් එහෙක හිටියේ. ඔන්න අද ඒකෙ ප්‍රැක්ටිකල් එක. ඊයේ පෙරේදා දෙකේ හිටියේ වෙනත් OS එහෙකින් PC එක බූට් කරගෙන. සිංහල නැතුව. බ්ලොග් අතඇරලා. ආයෙත් පොඩ්ඩක් නිදහස් උණා බ්ලොග් පැත්තෙ එන්න.

      Delete
  22. ඩූඩ් චන්දන හිනදා කොහොම හරි ගොඩ ගියානේ නේද ..

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රමුදි, චන්දනගෙ කමෙන්ට් එක තමයි මාව ප්‍රශ්ණය ලඟට යොමු කලේ. අපි කවුරුවත් "// "කතාව දැනගෙන හිටියේ නෑ.

      Delete
  23. අයියෝ ඇඳුම වේලිලා ඉවර නම් ආපහු එල්ලමුද?!!

    හැට්ස් ඔෆ් චන්දන..බ්ලොගේ ගොඩදාන්න දුන්න සප් එකට තැන්කූ වේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රූ. මටත් ඕනෙ ඩෙනිම එල්ලන්න තවත් ටිකක් improve කරලා.

      Delete
  24. කියන්න අමතක වුනා,ආයෙත් ඩෙනිම අදිමු.මගේ උඩ කොමෙන්ටුවෙන් අදහස් කරපු දේ මං එතන ආයෙත් ලිව්වා හොදේ .වැරදි අදහසක් ආවනම් සමාවෙන්නලා

    ReplyDelete
    Replies
    1. අනේ නෑ හස‍රැල්! උඹ ඇයි එහෙම හිතන්නෙ. මම අදහස් කලේ උපහාර උත්සව වලට කැමති ඔය දේශපාලුවෝ වගේ උන්නෙ. ඒකයි. ඒකයි එහෙම කිව්වෙ. ඒකට උඹේ හිත රිදුනද? සමාවෙයං එහෙම වුනානම්.

      ඔව් ඩෙනිම ආයෙ අඳිමු. නිකං හෙලුවෙන් වගේ ඒක නැතුව.

      Delete
  25. අප්පට සිලි....එහෙනම් වැඩේ ගොඩ...

    ReplyDelete
    Replies
    1. ගොඩදත් අහලා. මාර කට්ටක් බං කෑවේ දැන් දවස් කීපයක් තිස්සෙ.

      Delete
  26. මෙවන් මිතුරන් වාසනාවන් (Y)

    ReplyDelete
    Replies
    1. එය නම් සැබෑවකි. නිබ්බුත පද කිව්වෑකි නේ හසිත? :)

      Delete
  27. එහෙනම් වැඩේ ගොඩනේ. සතු‍ටුයි...!! මමත් චන්දනගෙන් උපදෙස් ගත්තා මේ ලඟ දොහකදි ඒත් මේ බ්ලොග් සම්බන්ධව. ඕවා ගැන මහ ගොඩක් නොදන්න හිංදා මාත් කරන්නේ දන්නවා ඇති කියලා හිතෙන කෙනෙක්ගෙන් අහන එක තමයි. කොහොම උනත් සතු‍ටුයි. පරණ පෝස්ට් ටිකත් කියවලාම එඤ්ඤං...

    ReplyDelete
    Replies
    1. එයා කන්ඩිෂනර් වලයි බ්ලොග් වලයි සෑහෙන වෙනසක් තියෙනවද බං? :D

      හොඳයි හොඳයි ගොහින් වරෙංකෝ!

      Delete
  28. උඹ දන්නවද අපි පට්ට ගගහා ඇන්දට ඩෙනිම.. හෝදන්න සිද්ධ වෙන දවසක් එනවා..

    මම මනාප මෙහෙම සරල ටෙම්ප්ලේට් එකකට..
    මුල් කාලෙ මාත් තඩි බැක්ග්‍රවුන්ඩ් ඉමේජ් එකක් දාගෙන ඉදල කෙලව ගත්ත..

    ජය !
    චන්දනට පිං !

    ReplyDelete
    Replies
    1. යකෝ අපි ඩෙනිම් හෝදනවා තමයි බොල. මම ඉරුණු ඩෙනිම් ඇන්දත් කිලු‍ටු ඩෙනිම් අඳින්නෙ නෑ. :D

      ඒ වුනාට මේක ඒ එකක වත් අවුලක් නෙවෙයි. ටෙම්ප්ලේට් එක මාරු කරපු එක හරියට ඩයරියාවට බෑන්ඩ් ඒඩ් එකක් ඇලෙව්වා වගේ.

      Delete
  29. ජයවේවා ඩුඩ්..හැබැයි ඩෙනිම තිබ්බනම් තමා හොඳ..:)

    චන්දන ඔබටත් තුති...

    ReplyDelete
    Replies
    1. ඩෙනිම ආයෙ වෙන විදියකට දානවා අරුන්දතී. සතු‍ටුයි තවත් ඩෙනිම් ලවර් කෙනෙක් මුණ ගැසීම ගැන.

      Delete
  30. ඇති යාන්තම ගොඩ දාගෙන. ජය වේවා !

    මොනා උනත් චන්දන හන්දා වත් ඩෙනිම ගලවපු එක හොඳයි. ඒකේ හඩු ගඳටද කොහෙද ඔක්කොම නින්නැහි වෙලා තියෙන්නේ..දැන් තියෙන්නෙ ඔය බැබලි බැබලි...හි හි හී

    ReplyDelete
    Replies
    1. බොල ළිනිණිච්චි, අර සෑමට කිව්වා වගේ මම ඩෙනිම නිතර සෝදලා අඳින්නෙ. අපිට ඩිටර්ජන්ට් වලටම සෑහෙන වියදමක් යනවා මාසෙට, ඕ යෙස්

      Delete
    2. හිරුවගේ හිනාව මෙයත් නයට අරං.

      Delete
    3. අපොයි නෑ. කාගෙන්වත් ණයට ගන්න කලින් පටන් ගැන්මේ ඉඳන් මට ඔය හිනාව තිබ්බා. ඕනෙ නම් මගෙ පරණ පෝස්ටුවලට ගිහින් බලන්නකෝ...කොහෙද මේ නාකි හුටන්ලට ඉක්මනට අමතක වෙනවනේ ඕවා..

      Delete
  31. චන්දනට අපිත් ස්තූති කරමු.. මටත් සති දෙකක් විතර මේ ප්‍රශ්ණයම තිබ්බා.. එතකොට නම් හදන්න මලයා හරි හිටියා..

    ReplyDelete
    Replies
    1. ඉතින් කියාපංකො දිනේෂ් ඒක ගොඩදාගත්ත හැටි මලයගෙන් වත් අහලා පියවරෙන් පියවර. මොකද අපිට ඒවා හුඟාක් වැදගත් වෙනවා.

      Delete
  32. දැන් ඉතින් අපිත් බය නෑ. චන්දන ඉන්නවනේ...:D

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ ඔය වලව්වෙ නෙද්ද ඔය පරිගනක ආවතේවකාරයෝ හෙම?

      Delete
  33. මටත් ඔය ලෙඩේම තිබ්බා.. හැබැයි ගූගලයාම ඌටම දුක හිතිලා හොඳ කලේ.. දොස්තරලා කාටවත් ලෙඩෙ හොයාගන්න බැරි උනා. අනේ හොඳයි.. ඩොක්ටර් හොඳහිත චන්දන මහත්තයා

    ReplyDelete
    Replies
    1. මම සරත්ව හෙව්වත් මොකද ඒකට කලේ කියලා දැන ගන්න.

      Delete
  34. හොරේකාං...හොරේකා............

    ReplyDelete
    Replies
    1. [si="6"]හෑ! ඒ මොන බාසාවද යසිත්? :D[/si]

      Delete
  35. හෙක්...හෙක්.... මෙයාට වෙලා තියෙන දේවල් මේ දවස් ටිකට.....හැබැයි ඉතිං අවුරුද්දකට පාරක් වත් ඩෙනිම හෝදපු එක නම් ලොකු දෙයක්.නැත්තන් අහල පහල අය පව් අප්පා....

    ReplyDelete
    Replies
    1. ඔන්න හෝදලා එල්ලුවත්! දැන් බලන්නකො පිරිසිදුකම.

      Delete
  36. යේ....................... සුබ පතනවා ඩුඩ් ප්‍රශ්නේ විසදුනාටත් ඒ වගේම ඔච්චර හොද යාලුවෝ ඉන්න එකටත්.... :D

    දැන ඉතින් අලුත් පෝස්ට් එනකල් අපි බලාගෙන ඉන්නවා...... :D :D :D

    ReplyDelete
    Replies
    1. හම්මෝ ඔව්. ඉන්න මේ දානවා.

      Delete
  37. හෑ! උඹට මක්කැයි උනේ? මම දන්නෑ කිසි දෙයක්.
    //ලැංගර්හැන් දීපිකා පරල වෙන්න!// වෙලාවට "දීපිකා" දීපා නොවුනෙ!

    ReplyDelete
    Replies
    1. එක කාලයක් ගෑල්ලමයින්ට නම් වලට දැම්මෙ බයෝ වල තිබ්බ වචනනෙ. නාලිකා, කෝශිකා වගේ.

      උඹ කියන එකත් ඇත්ත.

      Delete
  38. apoyi dude ayiye mama dauyi danne case eka adn thamayi online aawe congratulation

    ReplyDelete
    Replies
    1. ඒකනෙ! මාත් කල්පනා කලා කෝ මේ අයි ටී ඉන්ජෝ ටික කියලා. :)

      Delete
    2. ඉන්ජෝන්ටත් කෙල වෙලා අයියේ. අප්පේ නිවන් ගියා වගේ මගේ සුපුරුදු සම්සුන්ග් එක හම්බ වුනා. ඇපල් පැපොල් මට නම් එපා................... මෙලෝ රහක් නැහැ.

      Delete
  39. මම දවස් ගානකින් බ්ලොග් පැත්තේ ආවේ නැත්තම් ඕක එකෙන්ම කියලා දෙනවා.මොනා වුනත් චන්දන ඩූඩ් සර්ව හම්බ වුනොත් එහෙම පොඩ්ඩක් පරිස්සම් වෙන එක හොඳයි මොකද අර කියපු වචන මට එච්චර ෂුවර් නැහැ :P

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං. උඹලා ඉස්කෝලවල ඕවා කියා දෙනකොට එක්කො අහගෙන ඉඳලා නෑ. නැතිනම් පන්තියෙ ඉඳලා නෑ. :D

      Delete
  40. ඔන්න එහෙනම් එහෙම කෙරුවා. :)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං. උඹලා ඉස්කෝලවල ඕවා කියා දෙනකොට එක්කො අහගෙන ඉඳලා නෑ. නැතිනම් පන්තියෙ ඉඳලා නෑ.

      Delete
  41. ඩුඩ්,

    ඔයාගෙ මෙ ඩෙනිම ආයෙමත් යථා තත්වයට පත් කරගන්න පාර පෙන්නලා උදව් දුන් [co="green"]චන්දන ද ග්‍රෙට් බ්ලොග් හීලර් !![/co]ට අපේ හද පිරි ස්තුතිය හා සතුට.

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>