Thursday, March 14, 2013

53. ඩයට් කෙරුවාව ගැන ඔබ (නො)දත් දේ.

 


ආතතිය අඩු කරන ආහාර සැලැස්මක් 
/ STRESS DIET.


උදෑසන ආහාරය:

දොඩම් ගෙඩියකින් භාගයක්
කර කරන ලද දුඹුරු පාන් පෙත්තක්
යොදය ඉවත් කරන ලද කිරි මිලී 300ක්
කැෆේන් රහිත කෝපි.

දිවා ආහාරය:

ග්‍රිල් කරන ලද කුකුල් මස් ග්‍රෑම් 80ක්
වාෂ්පයෙන් තම්බන ලද කැරට් අලයක්
ග්‍රීන් ටී හෝ කොල කැඳ කෝප්පයක්
චොක්ලට් ආලේපිත වේෆර් විස්කෝතු එකයි.


සවස තේ වේල:

චොක්ලට් ආලේපිත වේෆර් විස්කෝතු වල ඉතිරිය
අයිස්ක්‍රීම් ලීටර් එකයි.
වටලප්පන් හෝ කිතුල් පැණි සමග කිරි හට්ටියක්.

රාත්‍රී ආහාරය:

පාන් ගෙඩි දෙකයි
විශාල පීට්සා එකයි
සුදු හෝ රතු වයින් වීදුරු 6යි.
මාර්ස් චොකලට් බාර් 3යි.

ඩයට් කෙරුවාව ගැන ඔබ (නො)දත් දේ.


  1. ඔබ රහසින් කන දේවල  කැලරි අඩංගු නොවේ.
  2. ඩයට් කෝලා බොමින් කන චොකලට් වල ඇති කැලරි, ඩයට් කෝලා වලින් අවලංගු වේ.
  3. තවත් කෙනෙක් සමග ආහාර ගන්නා විට,  ඔබ අනෙකාට වඩා අඩුවෙන් කොටා බාන්නේ නම්, ඔබේ කැලරි ගනන් නොගැනේ.
  4. ඖෂධීය අරමුණු  සඳහා ගන්නා ආහාර වල අඩංගු කැලරි කිසිසේත්ම ගනන් නොගැනේ. (උදාහරණ: කෝපි, බ්‍රැන්ඩි)
  5. සිනමාවට අදාල අහාර (උදාහරණ: පොප් කෝන්, අයිසි චොක්ස්, චොකලට් පාන ) විනෝදාස්වාද පැකේජයේම කොටසක් වන බැවින් කැලරි අඩංගු නොවේ.
  6. විස්කෝතු කුඩුවල කැලරි අඩංගු නොවන්නේ, ඒවා කුඩුවීමේ ක්‍රියාවලියේදී කැලරි පිටවන නිසාය.
  7. කෑමක් පිළියෙල කරන විට හැඳිවලින් සහ පිහි තලවලින් ලෙවකන දෑවල කැලරි අඩංගු නොවන්නේ, කැලරි සම්පූර්ණ ආහාරයක කොටසක් බවට පත්වීමට නම් ආහාරය පිසීම අවසන්වී තිබිය යුතු නිසාය.  (උදාහරණ: හැන්දෙන් ලෙව කන අයිස්ක්‍රීම්, උකුකිරි, පිහිතලයෙන් ලෙව කන අයිසිං වැනි දේ)
  8. සමාන වර්ණයෙන් යුතු ආහාර වල ඇති කැලරි සංඛ්‍යාව සමානවේ.  (උදාහරණ:
    නිවිති සහ කොල පැහැති ජෙලි,
    බිම්මල් සහ වැනිලා අයිස් ක්‍රීම්  හෝ සුදු චොකලට්.)

සටහන: යොදය ඉවත් කල කිරි සමග බීමෙන් තේ කෝපි වල අඩංගු කැෆේන් මෙන්ම කැපුචීනෝ  හෝ චොකලට් පාන වල අඩංගු  මේද සහ සීනි වල ඇති හානිකර ගුණය උදාසීන වේ.



ප. ලි.: 

PLEASE DON'T TRY THIS AT HOME.
 මගේ සහෘදයා කෙන්ජි වර්ඩ්ප්‍රෙස් එකෙන් මේක කියවලා මෙහෙම කිව්වා.

>>හෙන්රි; බොලාට පිස්සුද?නොදරුවෝ මේවා බලල ඇත්තටම කෑවොත්?<<

මම හිනාවෙලා නිකං හිටියා. මෙන්න කෙන්ජියා බ්ලොගර් වලින් කියවලා මෙහෙමත් කියලා.

>>හෙන්රි,මේකෙ අන්තිමට මොනව හරි විස්තරයක් ලියන්න.නැත්නම් කෙට්ටුවට ඉන්න නංගිලා/මල්ලිලා ඔහොම ඇත්තටම කාල මල කෙලියක් වෙනවා:).<<

ඇයි මේකා මෙච්චර මෙහෙම කියන්නෙ? මම විහිලුවටනෙ මේක ලිව්වෙ. ඇත්තෙන්ම ලිව්වෙ  නෙවෙයි. සුලු සුලු වෙනස්කම් ඇතිව පරිවර්තනය කලේ. පස්සෙ අනිත් කමෙන්ට්සුත් කියවනකොට මට තේරුනා කෙන්ජි හරි කියලා. සමහර යාලුවො මේක සිරාවට අරගෙන. කෙන්ජි හරි. වෝර්නිං එකක් දාන්න වෙනවා.

මේක විහිලුවක් බොලල්ලා. මේක කරන්න යන්න එපා. මේ තමයි මිනිස් මොලය වැඩ කරන ආකාරය පිළිබඳව උදාහරණයක් හාස්‍යජනක විදියට  ඉදිරිපත් කරපු එක් අවස්ථාවක්. මෙතන සිරා පණිවිඩයක් තියෙන්නෙ. හුඟක් වෙලාවට අපි කරන්නෙ අපේම හිත රවටා ගැනීමයි. උදේට සහ දවල්ට මහ ලොකුවට ප්ලෑන් කරලා අරෙහෙම කෑවට, ඇරියස් එක්ක අල්ලනවා ටික වේලාවකින්, හවස තේ වේලෙ ඉඳලා.

අනික අර දීලා තියෙන නිදහසට කරුණු, අපි එකම දවසෙ නැතත්, වරින් වර අපිවම රවටාගන්න අපිටම දෙන නිදහසට කරුණු නොවෙයිද?

ඔන්න කිව්වා. PLEASE DON'T TRY THIS AT HOME.


My thanks to Allen Pease. 

Simulblogged @  මට හිතෙන හැටි The Way I See It.

73 comments:

  1. මටනම් ශෝක්ම ඩයට් එක..... මේකට තමා මම කැමතිම....

    " සවස තේ වේල:

    චොක්ලට් ආලේපිත වේෆර් විස්කෝතු වල ඉතිරිය
    අයිස්ක්‍රීම් ලීටර් එකයි.
    වටලප්පන් හෝ කිතුල් පැණි සමග කිරි හට්ටියක්."


    ඇත්තටම අද ඉදන් මම මේක අනුගමනය කරනව....

    ඇයි මේක කියවල හිනා ගිහින් පන ගියා.....

    "විස්කෝතු කුඩුවල කැලරි අඩංගු නොවන්නේ, ඒවා කුඩුවීමේ ක්‍රියාවලියේදී කැලරි පිටවන නිසාය."



    යේ.....................

    ReplyDelete
    Replies
    1. ඒ බිස්කට් කැඩෙන කොට කැලරි පිටවෙන එක විද්‍යාත්මකව ඔප්පු කරන්නත් පුලුවන් ඇති නේද?

      Delete
    2. කියල වැඩක් නෑ ඩුඩ්.....ඇයි අයිස් ක්‍රීම් වගේ දිය වෙද්දි කැලරි දිය වෙලා යන එක!!!! :D :D :D

      Delete
  2. උඹට පිස්සුද බන්.. ලංකාවේ උන්ගේ කෑම වට්ටෝරුව මෙන්න.

    උදේ
    බත් මේස හැඳි 1 හෝ පාන් පෙති භාගයක් සමග
    තම්බාගත් තණ කොළ

    දවල්
    බත් මේස හැඳි 2 හෝ පාන් පෙත්තක් සමග
    තණ කොළ වලින් සාදාගත් මැල්ලුමක්

    රාත්‍රී
    හුලන් බී නිදා ගැනීම.


    ** තණ කොළ සඳහා කිසිඳු කෘමිනාශක භාවිතයක් නොමැති හෙයින් ඉතා ගුණදායකය. නුදුරු අනාගතයේදීම බත් මේස හැන්දෙන් නොව තේ හැන්දෙන් බෙදීමට සිදුවනු ඇත. මෙලෙස අහර ගැනීමෙන් ශරීරයට අවශ්‍ය කරන කැලරි ප්‍රමාණය ලැබේ.

    ReplyDelete
    Replies
    1. හික් හික්, තණකොළ රහ ඇති බං.
      ඇයි බං, කො‍ටුකොළ මුකුණුවැන්න හෙමත් තෘණ විශේෂ තමයි.

      Delete
  3. අර නදී දරුව "ලියනදේ බලා අනාවැකි"යක් කියල තියෙනව ගිහිල්ල බලන්ඩෝ :).

    ReplyDelete
    Replies

    1. ස්තුතියි කෙන්ජි. මේ ටිකකට කලින් බැලුවා මචං, ඒකත් මේ පෝස්ට් එක වගේ අප්ඩේට් වෙලා නෑනෙ.

      Delete
  4. මම දන්නා කෙනෙක් , හොඳට අනුමත වෙනකොට ඩයට් එක මතක් වෙනවා . ඊට පස්සේ ඩයට් කෝක් හොයනවා ශැන්ඩි වලට .

    තව මම දැක්ක නිර්වචනයක්

    Calories - the little beings that live in your wardrobe , who in the nights make your clothes smaller .
    කැලරි - ඔබේ ඇඳුම් අල්මාරියේ ජීවත් වෙන කුඩා ජීවින් විශේෂයකි . ඔවුන් රාත්‍රියට ඔබේ ඇඳුම් හිරවෙන සේ මසන්නෝය

    ReplyDelete
    Replies
    1. //කැලරි - ඔබේ ඇඳුම් අල්මාරියේ ජීවත් වෙන කුඩා ජීවින් විශේෂයකි . ඔවුන් රාත්‍රියට ඔබේ ඇඳුම් හිරවෙන සේ මසන්නෝය //

      ලස්සන කියමනක් , මම ඇහුවේ අදම තමයි

      Delete
    2. ඒක නම් මමත් අහලා නෑ. සැබෑම අර්ථවත් කියමනක්.
      අපේ වෝඩ්‍රෝබ් එකෙත් ඉන්නවා ඕකුන්.
      නිවාඩු කාලෙට OT.

      Delete
  5. ආපෝ මේක අප්ඩේට් නොවිචිචි එකමයි හොද.. අපිව බඩගින්නේ තියන්න මේක කරපු වැඩක් තමා ඔය..හැක්..

    ඩුඩේ මේ ලින්ක් එක එල්ලල තව පෝස්ට්කටුවක් දාපන්, පහුගිය පාර අප්ඩේට් නොවිච්චි හින්දා ලින්ක් එක දානව කියලා.. දැම්ම දාපං

    ReplyDelete
    Replies
    1. මම එහෙම කලා බං. ඒත් හරි ගියේ නෑ. ඊට පස්සෙ දෙකක් දැම්මා. තවම පහුගිය පෝස්ට් එක පෙන්නන්නෙ.

      වැඩේ කියන්නෙ මේකට උත්තරයක් ජාලෙත් නෑනෙ.

      Delete
  6. අයියෝ මේක මගඇරෙනවා තව පොඩ්ඩෙන්, මම හැමදාම හිතනවා ඩයට් කරන්න ඕනී කියලා කොහෙද ඉතින් දාහක් වැඩ රාජකාරිනේ.. (දැන් සාස්තර කියන්නත් තියනවනේ) හැබැයි බලන් ගියාම මම ඩයට් කරනව වගේනේ මේ වගේ තමයි අයියේ මගේ කෑම ඒ කියන්නෙ මම ඩයටින්.. හිතන කොටත් සනීපයි අප්පා... ඔය රෑට කන එකෙන් පස්සෙ ආපහු පලතුරු කන්නත් ඕනි නැත්නම් මම වගේ පාට වැටිල එහෙම එන්නෙ නෑ.. :P

    ReplyDelete
    Replies
    1. සාත්තර කියලා සෑහෙන ගානක් හොයනවා ඇති නේද දැන්?

      පළතුරු කෑවම පාට වැටෙනවා කියන එක මාත් පිළිගන්නවා. මමත් පළතුරු කනවනේ හැමදාම. කොයි පාටද වැටෙන්නෙ කියන එකයි ප්‍රශ්ණෙ.

      Delete
  7. ඔන්න ඔහොමයි ඩයට් කරන්න ඕනේ. :D

    ReplyDelete
    Replies
    1. චන්දන, උඹ දීපු බැකප් එකට බොක්කෙන්ම ස්තුතියි. It's a BEAUTIFUL THING!

      මේ අප්ඩේට් නොවෙන ලෙඩේට මොකද කරන්නෙ බං?

      මම ඊයෙ ගූගල් කරලා හෙව්වා, නමුත් ප්‍රශ්නෙ මිසක් හරි උත්තරයක් ලැබුනෙ නෑ.

      Delete
    2. ඒක සුළු දෙයක්..

      ඔය අවුලට බෙහෙත නම් මටත් හොයා ගන්න බැරි වුනා dude අයියේ. මං දැන ගත්තොත් කියන්නම්.

      Delete
    3. උඹට සුළු දෙයක් වුනත් මේක බ්ලොග් ලෝකෙටම ලොකු දෙයක්. ඒකෙන් අදහස් වෙන්නෙ මගේ පෝස්ට් එක මහා ලොකු දෙයක් කියන එක නෙවෙයි.

      අද බ්ලොග් ලෝකෙ සිද්දවෙන වෙන අහන්නට තියෙන දේවල් වල හැටියට අපි අතරෙ මෙහෙම අනුන් ගැන හිතන, ප්‍රති උපකාරයක් බලාපොරොත්තු නොවී අනුන්ට උදව් කරන උන් ඉඳීම අපි ඔක්කොගෙම වාසනාවක්.

      මේ පෝස්ට් එක නෙවෙයි චන්දන ලස්සන. උඹේ ක්‍රියාවයි, ඒකට උමව යොමු කරපු උඹේ ලස්සන හදවතයි. උඹලා වගේ එවුන් ඉන්නකල් බ්ලොග් ලෝකෙට හෙටක් තියේවි.

      Delete
    4. ඒ කතාව ඇත්ත ඩූඩ් අයියේ, දැන් වෙන දේවල් එක්ක මම නම් කමෙන්ට් එකක් දාන්නෙත් පරිස්සමින්, නැත්නම් අනිත් පැත්තට උත්තර එන්නෙ ගෙදර මිනිස්සු මතක් කරලනෙ.. ඒ අතින් චන්දන කරපු දේ ගොඩාක් වටිනවා ඒ වගේම ඔයාගේ පෝස්ට් එකත්..
      මගේ අන්තිම පෝස්ට් එකටත් ඒ ප්‍රශ්නෙ ආවා.. ඒත් පස්සෙ ආපහු පබ්ලිෂ් කරාම හරි ගියා.. මහ වදයක් ඒක නම්..
      අහා මට උදව් කරපු චන්දනගේ දැන්වීමටත්, කෙන්ජි දීපු ප්‍රචාරයටත් ස්තූතියි..

      Delete
    5. චන්දනයට මගේ..ප්‍රමාණය.....හි.හි..ප්‍රණාමය..!

      ඩූඩ් බොගෙ අනිත් බ්ලොගෙ තිබුනත් මම කියවන්න ගියේ නෑ මගේ ඩෙනිමෙ දාවි කියල. දැන්නෙ දන්නෙ සන්තෑසිය..! හපොයි බයේ බෑ...!

      අනේ චනදනයො බොගේ ටෙලිපවසෙ නම්බරේ වත් ඉල්ල ගන්න ඕන..))))

      Delete
    6. චන්දනට අපි හැමෝගෙම "චන්දෙ"....!!!!:) :).

      Delete
    7. මාත් මෙතන්ට ආවෙ චන්දන හරහා තමයි.

      Delete
    8. චන්දනයා කියලා තිබුන විදිහට මම හිතුවෙම හෙන්රියා ලේ පෙරාගෙන වැටිලා ඇති කියලා.. :D මේ හොඳට ඉන්නෙ. :D

      ඔය අප්ඩේට් වෙන්නැති පුරස්නෙ මටත් තියනවා.. ෆොටෝ කෑලි දෙක තුනක් වැඩි වුන ගමන් බඩු අප්ඩේට් වෙන්නෑ..

      මම කරන්නෙ මෙහෙමයි...

      මුලින්ම පබ්ලිශ් කරනවා හිස් ලිපියක්.. මාතෘකාව විතරයි.. ඒක බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙනකන් ඉඳලා ඩෝන් ගලා කොපි, පේස්ට් කරලා ආයේ පබ්ලිශ් කරනවා..

      Delete
    9. Dude:
      Senna ඒක වෙන්නෙ ෆෝටෝ කෑලි දෙක තිනක් වැඩි වෙන නිසාම නෙවෙයි. උදාහරණයක් විදියට මේ පෝස්ට් එකේ තියෙන්නෙ එකම එක ෆෝටෝ එකයිනෙ. අර මගේ සබ්මැරීන් චාරිකාව, යාල ඇඩ්වෙන්චර් හෙමත් අච්චර ෆෝටෝස් එක්ක බබා වගේ අප්ඩේට් වුනේ!

      මේක වෙන අවුලක් හොඳේ කියන්නෙ මේකට උත්තරයක් කවුරුවත් දන්නෙ නෑ. හැමෝම යම් කාලෙකදි මේකෙන් පීඩා විඳලා තියනවා. පස්සෙ ඇරිලා යනවා.

      මම ඒ හිස් ලිපියේ වැඩෙත් කලා. හරි ගියේ නෑ.

      Delete
  8. යකඩෝ ඔහොම කන්න ගියොත් ඉඳලා හමාරයි.. උදේ ආහාරයට පාන් පෙත්තක් කාලා ඇතිද මං අහන්නේ.. ආයි හවසට //අයිස්ක්‍රීම් ලීටර් එකයි. වටලප්පන් හෝ කිතුල් පැණි සමග කිරි හට්ටියක්.// ඔහොම හැමදාම කන්න ගියොත් එළට තියෙයි...

    ReplyDelete
    Replies
    1. 2500න් නම් බැරි වෙයි නේද?

      Delete
  9. මොකද ඩූඩ් එකපාරටම මේවගේ එකක් දාන්න හිතුනේ...අසනිප ගතියෙන්වත්ද?

    ReplyDelete
    Replies
    1. Dude:
      ඔන්න කිව්වා. ඇයි එහෙම හිතුනෙ?

      Delete
  10. අඩේ.... මේක මගේ රෝලේ තිබ්බේ නෑනේ.... චන්දනගේ ලින්කුවෙන් ආවේ.....

    මරු ඩයට් කෙරුවාව ඈ.... මං නම් ඉතිං ඔව්වා කරන්න යන්නේ නෑ.... මාව ට්‍රාන්ස්පේරන්ට් වෙලා යාවි ඩයට් කොරන්න ගියොත් එහෙම.....

    ReplyDelete
    Replies
    1. Dude:
      දැනට 3D ඉන්න සමණළී 2D වෙලා යාවි.

      Delete
  11. හෙන්රි,මේකෙ අන්තිමට මොනව හරි විස්තරයක් ලියන්න.නැත්නම් කෙට්ටුවට ඉන්න නංගිලා/මල්ලිලා ඔහොම ඇත්තටම කාල මල කෙලියක් වෙනවා:).

    ReplyDelete
    Replies
    1. Dude:
      කෙන්ජි ඔච්චරත් කියන එකේ දැම්මා ඔන්න වෝනිං එකක්, ආයෙ සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතිව.

      Delete
  12. මටත් මේක ඇවිත් තිබුනේ නෑ. චන්දනගේ ලිංකුවෙන් තමා දැන ගත්තේ...මරු ඩයට් කෙරිල්ලක්..

    සිරාවටම ඩූඩ්. මම හුඟාක් කෑම පාලනය කරන කෙනෙක්. කෑම කිව්වට තෙල් කෑම. ඒ උනාට ඔක්කෝටම හරි යන්න ගෙදර ඉන්න දවසට අයිස් ක්‍රීම් කන්නේ...හි හි හි ලීටරයක් නම් නෙමේ..ඒත් සෑහෙන ප්‍රමාණයකට වග කියනවා...

    ReplyDelete
    Replies
    1. බ්ලොගර් මට අරියාදු කරනවා මේ දවස්වල.

      මමත් කෑම ගැන සැලකිලිමත්. තෙල් නම් කන්නෙම නෑ. නමුත් මාත් ඔය කේක්, අයිස්ක්‍රීම්, චොක්ලට් කනවා. කාලා එක්සසයිස් කරනවා.:D

      Delete
  13. ඒ කියන්නෙ ගෙදරින් පිටදී කෑවට කමක් නැහැ කියලද :) ???

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කරපල්ලා ගෙදරින් පිට// මම නැහැ ඕවට// එහෙමද???? :) :) :)

      Delete
    2. Dude:
      ඔව් මචං, මට ඒක කියන්න අමතක වුනා, දානෙ ගෙවල්, මගුල් ගෙවල් වල කෑම වල කැලරි අවලංගු වෙනවා, පිළිවෙලින් සංස්කෘතික උත්සවයක් හා මංගල උත්සවයක් නිසා.

      Delete
  14. වයින් වෙනුවට ගල් බාගයක් ආවනං රෑ කැම වේල නියමෙට සෙට් වෙනව.

    ReplyDelete
    Replies
    1. මේක වයින් කියල ලියල තියෙන්නෙ සුද්දො බලන හින්ද බොල.නැත්නම් අපිට හරි වචනෙ ගල්.

      Delete
    2. Dude:
      හුහ්, උඹලට වයින් දුන්නොත් නොගහ ඉඳී, මෙන්න කියලා. සමහර විට ගල් වලට ෂැන්ඩි කරන්නත් ගනී.

      Delete
  15. කන අතගාලා කනේ පාරක් දීලා නේද? මමයි මගෙ යාලුවෙකුයි එක පාරක් කෙට්ටු වෙන්න කියලා ග්‍රීන් ටී බොන්න පටන් ගත්තා. ඒක් බිව්වාම මාර බඩගිනියිනේ අප්පා. අපි දෙන්නාගේ වැඩේ ග්‍රීන් ටී බීලා රෑ එළි වෙනකල් කන එක. හිටියටත් වඩා මහත් වුණාට පස්සේ වැඩේ අතෑරල දැම්මා.

    ReplyDelete
    Replies
    1. Dude:

      ග්‍රීන් ටී බිව්වාම බඩගිනි වෙනවද සිතූ? අපිත් කාලයක් බිව්වා. මට නම් එහෙම තේරුනේ නෑ. එක්කෙනෙක් වමනෙත් දැම්මා ග්‍රීන් ටී බීලා

      එහෙමනම් ඒක අතෑරපු එක හොඳයි.

      Delete
  16. ආතතිය....
    එහෙම අපහසුවක් නැති නිසා.... මේ කෑම වට්ටෝරුව ඕන නෑ.

    මෙන්න මම ගානේ

    [im]https://www.google.lk/search?hl=en&sugexp=les%3Beappsweb&gs_rn=6&gs_ri=psy-ab&tok=MTlHFuhhwGMhfwm5v1sY9g&cp=20&gs_id=2n&xhr=t&q=%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AB%E0%B7%92&bav=on.2,or.r_cp.r_qf.&bvm=bv.43828540,d.bmk&biw=1422&bih=1025&um=1&ie=UTF-8&tbm=isch&source=og&sa=N&tab=wi&ei=MHBFUdq3HMPJrAfU_YG4AQ#um=1&hl=en&tbm=isch&sa=1&q=%E0%B6%9A%E0%B7%91%E0%B6%B8&oq=%E0%B6%9A%E0%B7%91%E0%B6%B8&gs_l=img.3...354252.358105.4.358395.6.5.1.0.0.0.448.986.0j4j4-1.5.0...0.0...1c.1.6.img.43WB9hvfg6Q&bav=on.2,or.r_cp.r_qf.&bvm=bv.43828540,d.bmk&fp=c099b534c32be16b&biw=1422&bih=1025&imgrc=qZZ-MupiKlEWlM%3A%3B1Ku2CqjNs5V4-M%3Bhttp%253A%252F%252F1.bp.blogspot.com%252F-9xs_yMKeyjA%252FT4j4h1NKUgI%252FAAAAAAAAAPM%252FvAgAydd-IgM%252Fs1600%252F561890_354590117911266_100000808430814_861650_1514757848_n.jpg%3Bhttp%253A%252F%252Fhutapataya.blogspot.com%252F2012%252F04%252Fblog-post_14.html%3B640%3B431[/im]

    ReplyDelete
    Replies
    1. වැඩදාලා කොමන්ට් කළාට කෝ එවපු රූපය....

      Delete
    2. Dude:

      ආතතියක් නැති එක මොන තරම් හොඳද නිර්මලා?

      ඇත්තට මොකද ඒ ඉමේජ් එක එහෙම පේන්නෙ දන්නෙ නෑ.

      Delete
  17. මගේ ඩයට් එකත් ඔය වගේ නිසානේ මේ ඉන්නේ අල ගෙඩිය වගේ... හි හි

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි තව තව කොම්පියුටරේ ඉස්සරහ ඉඳගෙන ඉන්න.

      කවද හරි අපේ මහත්තයා කියයි.
      ඔය අපේ හිරූ ඉන්නවා නේද, අපරාදෙ කියන්න බෑ ගෑණු කීප දෙනක් ගත්තා වගේ තමයි.
      My Hiru's a LOT OF WOMAN, A LOT OF WOMAN, OH YEAH!

      කියලා. :D

      Delete
  18. කියෝලම බඩ ෆුල්... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හිනා යනවා රජෝ..

      Delete
    2. Dude:
      සාගිනි නිවන බ්ලොග් පෝස්ට්!

      Delete
  19. චන්දන ගේ මඟ ඔස්සේ ආවේ.ඇත්තටම ඇත්ත.අපි ලොකුවට සිහින මවනවා නම් තමයි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. සිහින නරක දෙයක් නෙවෙයි, ගයනි.

      Delete
  20. කියල වැඩක් නැහැ ඩුඩ් අයියා කොහොමද දන්නේ මගේ ඩයට් කිරිල්ල මෙහෙමයි කියලා

    ReplyDelete
  21. මගේ තියරියනම් කාලා මැරුනත් මොකද අඩු ගානෙ පෙට්ටිය හරි බර තියනවනේ

    ReplyDelete
  22. අනේ මන්දා ඉතින්, මම නම් කාල මරණයට තමා යන්න ඉන්නේ :P

    ReplyDelete
  23. මට හිතුනා ඩුඩ් අයියා පචයක් තමයි අතාරින්න හදන්නේ කියලා. බැලින්නම් හරියටම හරි..

    යකඩෝ රෑට පාන් ගෙඩි 2ක්.. පිස්සු හැදෙයි..

    ලිපියට පාර පෙන්නපු චන්දන ලොක්කට ස්තුතිය..
    සිරාවටම බ්ලොගර් පිස්සු කෙලිනවා වගේ..මගෙත් කලින් ලියපු පරණ පොස්ට් එකක් අලුතෙන් රීඩරේට වැටිලා.

    ReplyDelete
  24. චන්දනයා නිසා තමයි මේ පැත්තට ආවෙ. මට එකපාරටම හිතාගන්න බැරිවුණා මොකද්ද මේ කියලා.
    හැබැයි හෙන්රි උඹේ අර ලැයිස්තු මේ ලංකාවේ 225 කගේ පවුල්වලට තමා සෑහෙන ගැළපෙන්නේ.

    ReplyDelete
  25. මම අඳුරන අක්කා කෙනෙකුත් ඔහොම ඩයට් කළා.. උදේ ඉඳන් අඩුවෙන් කාලා.. රෑ වෙද්දි දෙනවලු අත දිග ඇරලා.. අද විතරයි කිය කියා..

    හරියන්නෙ නෑ මේ වැඩේ..මාත් ගන්ඩ ඕන ඩයට් කරන්ඩ..

    ReplyDelete
  26. අර රෑට පාන් කනව කිව්වම ඔන්න අපේ ගෙදරත් ඔය සීන් එක වෙලා තියෙනව, ඉස්සර අපේ ගෙදරත් රෑට පාන් ගෙනාවොත් පාන් ගෙඩියක් දෙකට කපල පෙත්තක් අයියා ගන්නව, ඉතුරු පෙත්ත මම ගන්නව. පාන් ගෙඩිය ඉවරයි.

    අපේ භක්තිමත් කොළුව, හරීත් ඔන්න ගේමට එන්ටර් වෙලා. මාත් හෙන්රි අයියගෙ ලිස්ට් එක බලන් ඩයට් කරන්න පටාන් ගන්න ඕන.

    ReplyDelete
  27. අනේ මන්ද බං,හැමදාම ඩයට් කරනවා......මහත නම් අඩුවෙන්නෙ නෑනෙ

    ReplyDelete
  28. "ආතතිය අඩු කරන ආහාර සැලැස්මක්" භුක්ති විදීම කෙසේ වෙතත්, කියවීමෙන් පසු ඉල ඇදීම හේතුවෙන් තිබූ ආතතිය සුන්නද්දූලි වෙලා ගියා නොදැනුවත්වම..:D

    ඕන් ඒ ගමන්ම මටත් පුංචි කථාවක් මතක්වුනා;

    අපි හන්තාන මහා විද්‍යාලයේ ඉහළ බාලාංශයේ ඉන්න කාලේ බැචෙක් හිටියා "ඌව" පලාතෙන් ආපු. ඌට පරම්පරාවෙන් උරුම වෙච්ච කටු නැතිව රාත්තල් එකසිය ගානක් විතර ලේසියෙන්ම ගන්න පුලුවන් මස් පර්වතයක් වගේ ශරීරයක් තමා තිබුණේ. බොහෝම හිත හොඳ භාණ්ඩේ. හැබැයි ඉතිං නාග දර්ශන ටෝක් නම් අම්බානක. භාණ්ඩේ ගැන හොඳින් දන්න නිසා බැචාලා-බැචීලා කොයි කවුරුත් හෙමින් රවුමේ ගන්නව වැඩිපුර ටෝක්ස් දෙන විදිහට. මූ දීලා තියෙන නාග-ටෝක්ස් කාටත් රස සාගරයක් නිකන් ඉන්න වෙලාවට මතක් කරලා ආතතිය අඩු කරගන්න. ඔය ඉතිං මනුස්සයා ගැන පුංචි හැඳින්වීමක්. ඔන්න දැන් ඇත්ත කථාව....

    මුට දවසක් පපුවේ මස් පිඩු වල පුංචි වේදනාවක් ඇවිත් තියෙනවා. හැබැයි ඉතිං දෙය්යන්ගෙ පිහිටෙන් මොකුත් හෘදය හා සම්බන්ධ දෙයක් හෝ වෙනත් කිසියම් භයානක රෝගී තත්ත්වයක් නිසා එහෙම නොවේ මේ වේදනාව. සමහර විට එක ඇලේකට නිදා ගෙන ඉන්නකොට උගේම මස් වලට යට වෙලා තිබුණු මාංශ කොටසකට එදා ආපු පුංචි පහේ වේදනාවක් හරි එහෙම නැත්නම් අර කියන්නේ වාත අමාරුවක් කියලා..ඔය මොකක් හරි වෙන්ටැ. කොහොම වුණත් ඕනෑම රෝගී තත්වයකට (බොරු ලෙඩ වලටත් එක්ක) බෙහෙත් ගැනිල්ල කෙසේ වෙතත් "කෝස් වර්ක්" එකක් පරක්කු වෙලා සබ්මිට් කරන්න සමත්; පිලිගත්ත මැඩිකල් එකක් ගන්න පුඵවන් නිසා යන්නේ කැම්පස් එකේම තියෙන හෙල්ත් සෙන්ටර් එකටමනේ. ඉතිං මුගේ රූමා මූවත් ඇද ගෙන හෙල්ත් සෙන්ටර් එකට ගිහින්.

    එහේදි, උස බලලා බර එහෙම කිරලා හොඳින් පරීක්ෂා කරපු ඩොකා මූට කිසිම රෝගී තත්ත්වයක් නැති බව තේරුම් අරන් මූටත් ඒක විස්තර කරලා අවසානයේ කියලා තියෙනවා "දැන් ඉදලා හැමදාම රෑට පාන් කෑලි දෙකක් විතර ගත්තොත් හොඳයි" කියලා. මූ ගත් කටටම (ෆුල් සීරියස්) අහලා තියෙනවා.. "ඩොක්ටර් බත් කන්න ඉස්සෙල්ලාද? නැත්තම් පස්සේද?" කියලා. හිනාව තද කර ගත්ත ඩොකා කීවලු "මම ඔයාගේ බර වැඩි හන්දයි එහෙම කීවේ..ඔයා රෑට කන්න කලිනුත් පාන් කෑලි දෙකක් කන්න ඉවර වුනාට පස්සෙත් තව කෑලි දෙකක් කන්න.. එතකොට තවත් හොඳ වෙයි.." කියලා.:D

    මෙහෙත් තියෙනවා ෆුඩ් ගයිඩ් එකක් http://www.hc-sc.gc.ca/fn-an/food-guide-aliment/index-eng.php මෙහේ ඉන්න එවුන් කන ජන්ක් ප්‍රමාණය සහ උන්ගේ ශරීර දැක්කාම; මොකා ඕක follow කරනවාද කියලා හිතෙනවා...සමහරවිට ඩූඩ්ගේ ලිස්ට් එක හා සමාන කැලරි ප්‍රමාණයක් ගන්නවා ඇති මම හිතන්නේ:-))

    ReplyDelete
  29. හයියෝ සංසාරේ.... මරන්නද හදන්නෙ අපිව ගිල්ලෝලා... :)))

    ReplyDelete
  30. හිකිස්.. ඕකට කියන්නේ ඩයට් කරනවා කියලනම් මමත් ඩයට් කරනවා. අර තේ වේල තමයි මරු :D

    ReplyDelete
  31. පහුගිය දවස් දෙකතුනේ පොඩි ගමනක් ගියා නිකං විනෝදෙටත් වගේ... අර අංක 5ට අදාල වෙන නිසා ගිහින් කාපුවා බීපුවා අවුලක් වෙන එකක් නෑ... මට මතක් උනේ අර මයිකල් ෆෙල්ප්ස් ගේ ඩයට් එක...

    මගේ ඩයට් එක ගත්තොත් බං උදේට දවල්ට කන්නෙ නෑ ... නැගිට්ට ගමන් බෙඩ් ටී එකට පාන් පෙති දෙකක් (පාන් ගෙඩිය දෙකට කපලා) හොදි එක්ක කනවා.. කෝච්චියේ යමින් ගමන් හපන්න, චොකලට්, බිස්කට් වගේ ඒවගෙන් පැකට් එක පැකට් එක අරගෙන යනවා. උදේ තේ වෙලාවට බත් පිඟානක් කාල අයිස් ක්‍රීම් වගේ දෙයක් කනවා. උඹේ එකෙ තියන විදිහේ ජරා විදිහට කන්නෙ නෑ හවස තේ වෙලාවෙදි.. වැඩිම උනොත් පාන් පෙත්තක් (අර කලින් විදිහටමයි පෙත්ත කපන්නේ ) එකක් කෝපි කෝප්ප 3 ,4 බොනවා. රෑට වැඩිය කන්න හොඳ නැති නිසා, පොඩි අඩියක් ගහලා නිදා ගන්නවා... අහ්හ් බයිට් එකට ඕනෙ නං මස් ග්‍රෑම් 1000 වගේ කනවා ඇති, බිත්තර කීපෙකුත් එක්ක.

    ReplyDelete
  32. හප්පට සිරි.. ටෙස්ටින් පෝස්ට් එක ඇවිල්ලත් නෑනේ. ඩුඩ් අයියා, ටෙම්ප්ලේට් එක වෙනස් කරලා බලන්න. මතක ද වතාවක් "මී පැටියා" බ්ලොග් එකේ එහෙම කලාම හරි ගියා...

    ReplyDelete
  33. ඩුඩ්,

    මේ ඩයට් කිරිමේ පොස්ට් එක දැක්කාම මට මතක් වුනේ මමයි අක්කායි ටීනේජ්ස්ලා කාලේ අපිටත් හැදුනා ඔය ඩයට් කිරිමෙ මෙනීයාව.

    ඉතිං අපි දෙන්නා කතා වුනා අපි කොච්චර අමාරු වුනත් රෑට කන්නේ නැතුව ඉමු කියලා. ඒ වගෙම කොහොම හරි රෑට කන්නේ නැතුව ඉදලා ඊට පස්සෙ උදේ ඉදලා අර ස්කිප් කරපු කැම එකටත් එක්ක කිප වරක් දවස තිස්සේ කාලා ආයෙත් රෑට ඩයට් කරනවා.

    ඒ දවස් වල අපේ මෙ ඩයට් කිරිල්ල හරිම හිට් එකක් අපේ පවුලේ අය අතර. :D

    ReplyDelete
  34. අදයි මේක මගේ රෝලේ නම් update උනේ.
    "PLEASE DON'T TRY THIS AT HOME." කෙහෙම එකක් මම දැක්කේ නෑලු ඈ

    ReplyDelete
  35. හ්ම්හ්.. කනවනම් කොකෝ ,කවුරු කෑවත් අපට මොකෝ..!!

    ReplyDelete
  36. ඩයට් කිරිල්ල ගැන ෆිල්ම් එකක් බලලා තියෙනවා. ඒකෙ කෙල්ලෝ දෙන්නා හොඳට කාලා බඩ පුරෝගෙන පස්සේ ඇඟිල්ල උගුරට ගහලා ඔක්කොම දානවා. සෙන්සර් ඔක්කොම ශේප්නේ එතකොට. අන්තිමේදී එක කෙල්ලෙක් මැරෙනවා මන්ද පෝෂණයෙන්.

    මාත් කාලයක් ඩයට් කරන්න හැදුවා. ඒත් කට්ටිය ඉඩ දුන්නෑ මාව හොයාගන්න අන්වීක්ෂ ගන්න සල්ලි නෑ කියලා. :D

    ReplyDelete
  37. එක කාලයක් මගෙ කොලෙස්ටරොල් හොඳටම වැඩියි කියලා මාව ඩයටීශියන් කෙනෙක් ලඟට ඇරිය. එයා මට ලියල දුන්න වට්ටෝරුව කෑවා නං මං අද පස් යට.. ඒක දැක්කාම හිතුනා මං මොනවද මේ කන්නෙ ? කියලා,.

    ReplyDelete
  38. හොඳ වෙලාවට කෙන්ජි එහෙම කිව්වේ...මුල් වේල් දෙක කියෝලා හවස තේවලට එද්දි මගේ මොළෙත් කරකුට්ටන් වෙලා ගියා මේ මොකෑ යකොව් කියලා..හැක් හැක්..අපේ කට්ටිය ඔහොම ඩයට් ප්ලෑන් එකකට ගිහින් තමා ඉතින් වරද්දගන්නේ..:D

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>