Thursday, March 28, 2013

59. ක්ලීන් ස්වීප් ඉග්නේෂස් Clean Sweep Ignatius: Part 2



පළමු කොටස මෙතනින්...

ජිනීවා වෙත ලඟාවීමෙන් අනතුරුව, අප්‍රකට හෝටලයක නවාතැන් ගත්  ඉග්නේෂස්  පැය අටක සුව නින්දක් ලැබීය. පසුදා උදෑසන ආහාර වේල ගන්නා ගමන්ම තමා නයිජීරියාවේදී කල ගවේශනයේදී සිය අත් අකුරින්ම පිළියෙල කරගෙන තිබූ බැංකු ලැයිස්තුව නැවත අධ්‍යයනය කලේය.

ඔහුගේ හෝටල් කාමරයේ කවුලුවෙන්ද දිස් වූ, ප‍ටු ම‍ඟේ භාගයක්ම යටකර ඉදිකර තිබූ Gerber et Cie බැංකුවෙන්ම වැඩ ඇරඹීමට ඉග්නේෂස් තීරණය කලේය. හෝටලයෙන්ම දුරකථන අංකය නිවැරදිදැයි පසක් කර ගත් ඔහු බැංකුව ඇමතීය. බැංකුවේ සභාපති, මධ්‍යාහ්න දොළහට ඔහුව මුණ ගැසීමට එකඟ විය.

පට්ට ගැසූ බ්‍රීෆ්කේසයක් අතින් ගත් ඉග්නේෂස්, නියමිත වෙලාවට විනාඩි කිහිපයකට පෙර බැංකුවේ කිරිගරුඬින් නිමකල පිළිගැනීමේ ශාලාවට ගොඩ වැදුනි.

"වෙලාවට වැඩකරන නයිජීරියන් කාරයෙක්!"  ඔහුගේ පැමිනීම අපේක්ෂාවෙන් එහි  ‍රැඳීසිටි අළු පැහැ ඉස්තරම් ඇඳුම් කට්ටලයකින්ද සුදු කමිසයකින් සහ  සහ අළු පැහැ සිල්ක්  ටයි පටියකින් හැඳ සිටි බැංකු නිලධරයා ඔහුව පිළිගනිමින් සිතීය.

හිස නමා ඇමතිවරයාට ආචාරකල තරුණයා, තමා බැංකු  සභාපතිගේ පෞද්ගලික ලේකම් බව පැවසීය. ඉන් අනතුරුව ඉග්නේෂස්ව සභාපතිවරයා වෙත කැඳවාගෙන යාම සඳහා දොර විවෘත කරගෙන රඳවාගෙන සිටි විදුලි සෝපානයට දෙදෙනාම ගොඩ වූහ. සෝපානය එකොලොස්වන මහලට ලඟාවන තෙක්ම දෙදෙනා අතර පැවතියේ ගැඹුරු නිහඬතාවයකි.

සභාපතිගේ දොරට තරුණ නිළධරයා ඉතාම මෘදුව තට්‍ටු කල විට කාමරය තුලින් "Entrez," යනුවෙන් පිළිතුරු ලැබිණි. දොර විවරකල නිළධාරියා ඉග්නේෂස්ට  ඇතුලු වීමට සන් කලේය.

"නයිජීරියාවේ මුදල් ඇමති, සර්,"  තරුණ නිළධාරියා පැවසීය.

අමුත්තාට ආචාර කිරීම සඳහා බැංකු සභාපතිවරයා සිය අසුනෙන් නැගිට ඉදිරියට පැමිණියේය. ඔහුද අළු පැහැ ඉස්තරම් ඇඳුම් කට්ටලයකින්ද සුදු කමිසයකින් සහ  සහ අළු පැහැ සිල්ක්  ටයි පටියකින් හැඳ සිටි බව ඉග්නේෂස් දු‍ටුවේය.

"සුභ දවසක් ඇමතිතුමා,  අපි  වාඩි වෙලා කතා කරමු." කී සභාපතිවරයා ඉග්නේෂස්ව සුවිසල් කාමරයේ අනිත් පස වූ  වීදුරු ලෑල්ලක් සහිත මිටි මේසය වටා පිළියෙල කර තිබූ සුව පහසු අසුන් කරා කැඳවාගෙන ගියේය.

" මම දැනටම කෝපි ඇණවුම් කරලා තියෙන්නෙ. ඔබතුමා කෝපි බොනවනෙ?"

ඉග්නේෂස් හිස සලා, සිය බ්‍රීෆ්කේසය බිම තබා  සැප පු‍ටුවක අසුන් ගෙන සුවිසල් වීදුරු ජනේලයෙන් පිටත දර්ශනය නැරඹීය. කාමරයට ඇතුල්වූ තරුණ සේවිකාවක් කෝපි පිළිගන්වා අවසන් වන තෙක් ඉග්නේෂස් ජනේලයෙන් පෙනුන මනරම් වතුර මල ගැන වර්ණනාවක් කලේය.

තරුණ සේවිකාව කාමරයෙන් පිටතට ගිය වහාම ඉග්නේෂස් වැඩ ඇරඹීය.

"අපේ රාජ්‍ය නායකයා මගෙන් ඉල්ලා හිටියා තමුන්නාන්සෙලගෙ බැංකුවට ඇවිත් තරමක් අමුතු ඉල්ලීමක් කරන්න කියලා," ඉග්නේෂස් කීය. සභාපතිගේ හෝ ලේකම්ගේ මුහුණේ ඉරියව්වල විශ්මයට පත්වූ බවක සේයාවකුදු නොවීය. " තමුන්නාන්සෙලාගේ බැංකුවේ අංකිත ගිණුම් පවත්වාගෙන යන නයිජීරියානු පුර වැසියෝ කවුද කියලා හොයා ගැනීමේ වගකීම එතුමා මට පවරලා තියෙන්නෙ."

මේ ඇසුනු වහාම සභාපතිවරයා කටහඬ අවදි කලේය.

"මට අවසරයක් නෑ..."

"පොඩ්ඩක් ඉන්න  සභාපතිතුමා මම  මගේ  කතාව කියනකල්.  මුලින්ම කියන්න ඕනෙ මම ඇවිල්ලා ඉන්නෙ නයිජීරියානු රජයේ සම්පූර්ණ බළතල ඇතිව බව." කී ඉග්නේෂස්, සිය කබායේ ඇතුලත සාක්කුවේ වූ කවරයක් එලියට ගෙන, සභාපති වරයාට දිගු කලේය. එය අතට ගත් සභාපති එතුල වූ  ලිපිය ඉවතට ගෙන ප්‍රවේශමෙන් කියවන්නට විය.

මඳ වේලාවකින් ලිපිය කියවා හමාරකල සභාපතිවරයා උගුර පෑදුවේය.  "සමාවෙන්න ඇමතිතුමා, මේ ලිපිය අපේ රට තුල වලංගු වෙන්නෙ නෑ," යි කී හෙතෙම, ලිපිය ප්‍රවේශමෙන් නැවත කවරයට රිංගවා එය ඉග්නේෂස් අතට දුන්නේය. " තමුන්නාන්සෙට නයිජීරියානු රාජ්‍ය නායකතුමා විසින් ඇමතිවරයෙකු හැටියටත්, තානාපතිවරයෙකු හැටියටත්  පූර්ණ බලතල පවරා ඇති බවට කිසිම සැක සංකාවක් මට නෑ ඇමතිතුමනි. නමුත් ඒ නිසා බැංකුවේ නීතිවල හෝ රහස්‍යභාවයේ කිසිම වෙනසක් වෙන්නෙ නෑ. මොනයම්ම අවස්ථාවකදීවත් බැංකුව, ගිණුම් හිමියන්ගේ අවසරයෙන් තොරව ඔවුන්ගේ කිසිම තොරතුරක් අනාවරණය කරන්නේ නෑ, කිසිම හේතුවක් නිසාවත්. තමුන්නාන්සෙට මීට වඩා සහයෝගයක් දක්වන්න නොහැකිවීම ගැන ඇත්තෙන්ම මම ඉතාම කණගා‍ටුවෙනවා. නමුත්  මේ තමයි බැංකුවේ දැනට සහ ඉදිරියේදීත් බලපවත්නා නීතිය."

මෙසේ කී සභාපතිවරයා සාකච්ඡාව අවසන් බැව් සිතා අසුනින් නැගී සිටියේ  'ක්ලීන් ස්වීප් ඉග්නේෂස්' ගැන ඔහු හරි හැටි දැන නොසිටිය නිසා විය යුතුය.

"මගේ රාජ්‍ය නායකයා...," ඉග්නේෂස් මෘදු හඬින් පැවසීය, "...මට පූර්ණ බලතල දීලා තියෙනවා, මින් මතුවට නයිජීරියාව සහ ස්විට්සර්ලන්තය අතර ඇතිවන ඕනෑම මූල්‍ය ගණුදෙනුවකදී,  අතරමැදියා ලෙස ක්‍රියාකරන්න තමුන්නාන්සේගේ  බැංකුවට අවස්ථාව ලබා දෙන්න."

"අප ගැන තබපු ඒ විශ්වාසය ඇත්තෙන්ම අපිට ආඩම්බරයට කරුණක් ඇමති තුමා," නැවතත් අසුන් ගැනීමට තැත් නොකල සභාපති වරයා කීය. "නමුත් අපේ ගණුදෙණුකරුවන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියට ඉන් බලපෑමක් ඇති නොවෙන බව  තමුන්නාන්සේ  තේරුම් ගනීවි කියලා  මම විශ්වාස කරනවා."

ඉග්නේෂස් ඉන් කැළඹුනු බවක් නොපෙන්වීය.

"එහෙනම් ගර්බර් මහත්මයා, මට ඉතාම කණගා‍ටුවෙන් ඔබට දැනුම් දෙන්න සිද්ධ වෙනවා,  නයිජීරියානු පුරවැසියන් ගැන තොරතුරු ලබා ගැනීමට අප රජය, ඔබෙන් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන්, ඔබ සතු‍ටුදායක  මට්ටමේ සහයෝගයක් නොදැක්වීම ගැන, මට අපේ  ජිනීවා තානාපති මාර්ගයෙන් ඔබේ විදේශ කටයුතු කාර්යාංශයට,  නිල වශයෙන් දැනුම් දෙන්න සිදුවෙන බව."

තම වචන වල බැරෑරුම්බව බැංකුකරුවන් දෙදෙනාට අවබෝධවීමට මඳ විරාමයක් තැබූ ඇමතිවරයා මෙසේද කීය.

"එවැනි අපහසුතාවයක් ඇතිවීම වලක්වා ගන්න , ඇත්ත වශයෙන්ම ඔබට කරන්න ඇත්තෙ, Gerber et Cie බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන නයිජීරියානුවන්ගේ නම් ලැයිස්තුව  මට ලබාදීම පමණයි.අපේ තොරතුරු වල මූලාශ්‍ර, අපි මොනයම්ම හේතුවක් නිසාවත් හෙලි නොකරන බවට මට සහතික වෙන්න පුලුවන්."

"ඔබතුමාට කිසි ප්‍රශ්නයක් නැතිව ඒ නිල දැනුදීම කරන්න පුලුවන් ඇමති තුමනි. මට හොඳටම විශ්වාසයි  ස්විට්සර්ලන්ත නීතිය යටතේ,  විදේශ කටයුතු කාර්යාංශයට එවැනි අනාවරණයක්  කරන ලෙස ස්විස් බැංකුවකට බලපෑම් කිරීමේ  බලයක් නොමැති බව, අපේ ඇමතිතුමා තමුන්නාන්සෙලාගේ තානාපතිතුමාට ඉතාම  කාරුණික හා රජ්‍යතාන්ත්‍රික භාෂාවෙන් පැහැදිළි කරලා දේවි කියලා."

"එහෙමනම්, මම අපේ වෙලඳ කටයුතු අමාත්‍යාංශයට නියෝග කරනවා, මේ නම් ලැයිස්තුව අපට ලබා දෙන තෙක්, ස්විස් ජාතිකයන් සමඟ  නයිජීරියාවේ ඇති සියලුම  අනාගත ගණුදෙණු අත්හිටවන්න කියලා."

"ඒක තමුන්නාන්සෙලාගේ වරප්‍රසාදයක්." කිසිසේත් නොසැලුනු සභාපතිවරයා කීය.

"ඒ වගේම, තමුන්නාන්සෙලාගේ පුරවැසියෝ නයිජීරියාවේ දැනට කරගෙන යන කොන්ත්‍රාත් කටයුතු නැවත සලකා බලන්නට අපිට සිද්ධ වෙන්න පුලුවන්. ඊට අමතරව, ගිවිසුම්වල වන්දි ගෙවීම් සම්බන්ද ඡේද  නොසලකා හරින ආකාරයට වැඩ සිද්ධ කිරීමට, මම පුද්ගලිකව වග බලාගන්නවා."

" තමුන්නාසෙට හිතෙන්නෙ නැද්ද ඒක නම් එච්චර ඥානවන්ත ක්‍රියාවක් නෙවෙයි කියලා?"

"තමුන්නාන්සෙ දැනගත්තොත් හොඳයි, මම ඒවගේ තීරණයක් ගන්න කිසිසේත්ම පසුබට වෙන්නෙවත්, පසුතැවිලි වෙන්නෙවත් නැති බව. මට ඔය නම් ලැයිස්තුව අතට ගන්න වැඩේදි තමුන්නාන්සෙලාගේ රට බිමටම වට්ටන්න සිදු වුනත් මම නෙවෙයි ඒ ගැන පසුතැවිලි වෙන්නේ."

"හොඳමයි, ඇමතිතුමා," සභාපතිවරයා කීය. " ඒ කොයි හැටි වෙතත්, රහස්‍යභාවය ගැන බැංකු ප්‍රතිපත්තිවලටවත්,  ආකල්පයටවත් එයින් කිසිම වෙනසක් සිද්ධ වෙන්නෙ  නැහැ."

"තමුන්නාන්සෙලාගේ ප්‍රතිපත්තිය එහෙමනම්, මේ අදම මම ජිනීවාවල ඉන්න අපේ තානාපතිට අණදෙනවා තානාපති කාර්යාලය වහලා දාන්න. ඒ එක්කම ලාගෝස් වල ඉන්න ස්විස් තානාපතිව අපට පිළිගත නොහැකි පුද්ගලයෙක් හැටියට නම් කරනවා. ඔව්, Persona non Grata!"

සාකච්ඡාව ඇරඹීමෙන් පසු ප්‍රථම වරට සභාපතිවරයා බැම එසැවීය.

"ඒ විතරක් නෙවෙයි. අපේ රාජ්‍ය නායකයාට තමුන්නාන්සෙලාගේ බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඇතිවූ අප්‍රසාදය මුලු ලෝකයටම පළකරන්න අපි ලන්ඩන්වල පුවත්පත් ජාත්‍යන්තර සාකච්ඡාවක් පවත්වනවා. ඒ වගේ ප්‍රසිද්ධියකට පස්සෙ මට විශ්වාසයි මේ බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන ගණුදෙණුකරුවෝ වැඩි දෙනෙක් , ගිණුම් වසා දානවා වගේම, මේ වෙනකල් මේ බැංකුව ආරක්ෂිත තැනක් කියලා හිතා හිටි තවත් සමහරු වෙනත් විකල්ප හොයා ගන්න උත්සාහ කරාවි කියලා."

ඇමතිවරයා මඳක් බලා සිටියත් සභාපතිවරයා මුනිවත ‍රැකීය.

"වැඩේ සිද්ද වෙන්නෙ එහෙම නම්, මට වෙන කරන්න දෙයක් නෑ," ඉග්නේෂස් හුනස්නෙන් නැගිටිමින් කීය.

ඉග්නේෂස් අන්තිමේදී සමුගන්නට යන්නේ යයි සිතා සැනසුම් සුසුමක් හෙලූ සභාපතිවරයා,  ඔහුට සමු දීමට සුරත දිගුකල මුත් සිදුවූයේ වෙනත් දෙයකි. සිය කබා සාක්කුවට අත දැමූ ඉග්නේෂස් ඉන්  කුඩා පිස්තෝලයක් පිටතට ගනු  ඔහු බලා සිටියේ සංත්‍රාසයෙනි.

පිස්තෝලය අමෝරාගත් ඉග්නේෂස්,  පියවර කිහිපයක් ඉදිරියට පැමිණ අවියේ කට  සභාපතිගේ  හිසට තබා තෙරපූ විට බැංකුකරුවන් දෙදෙනා හුන් තැනම ගල් ගැසුනහ.

"මට ඒ නම් ලැයිස්තුව  ඕනෙමයි මිස්ටර් ගර්බර්. දැන් ඔහේට තේරෙන්න ඕනෙ මම ඒක ලබාගෙන  මිසක් පස්ස බලන්නෙ නැති බව. මට මේ දැන් ඒවා නොදුන්නොත් ඔහේගෙ ඔලුව  කුඩුවෙන්න වෙඩි තියනවා, තේරුණාද ඔහේට?"

සභාපති යන්තමින් හිස සැලීය. ඔහුගේ නලල් තලයෙන් දහඩිය බිඳු මතුවිය.

"ඊ ලඟට වෙඩි කන්නෙ අර හාදයා," පියවර කීපයක් ඔබ්බේ සෙල් රුවක් මෙන් නොසැලී සිටි තරුණ නිලධරයාව හිසෙන් පෙන්වූ ඉග්නේෂස් තර්ජනාත්මක ස්වරයෙන් කීය.

"මේ බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන හැම නයිජීරියානුවෙකුගෙම නම් මට වහාම අරන් දෙනවා හොඳයි." තරුණයා දෙස බලමින් පහත් හඬින් කී ඉග්නේෂස්,  "නැතිනම් ඔහේගෙ සභාපතිගේ  මොළ කෑලි මේ බිම් එලලා තියෙන වටිනා, ලස්සන,  බුමුතුරණය පුරාම විසිරේවි. වහාම! ඔහේට ඇහුනද?"යි තියුණු හඬින් නැවත අණ කලේය.

තරුණයා වික්ෂිප්තව සභාපති දෙස බැලීය. බියෙන් වෙව්ලමින් සිටියද සභාපතිගේ වචන පැහැදිළි විය.

"Non, Pierre, jamais."

"D'accord," සහායකයා කෙඳිරීය.

"මම ඔහේලට දෙන්න පුලුවන් හැම අවස්ථාවක්ම  දුන්නා." කී ඉග්නේෂස් පිස්තෝලයේ ආරක්ෂිය ලීවරය  පැන්නීය. සභාපතිගේ මුහුණ දිගේ දහඩිය ගංගා ගලා බැසීමට පටන් ගත් අතර, සහායකයා වෙඩි පහරට බියෙන් මුහුණ ඉවතට හැරවීය.

"පංකාදු පහයි." කී ඉග්නේෂස් පිස්තෝලය සභාපතිගේ හිසෙන් ඉවතට ගෙන  ආපසු සිය අසුන වෙත පිය මැන්නේය. බැංකුකරුවන් දෙදෙනාම තවමත් කතාකර ගත නොහැකිව, වෙව්ලමින් පසුවූහ.

ඇමතිවරයා සිය ආසනයේ පසෙක බිම  තිබූ හම ගිය බ්‍රීෆ්කේසය ගෙන තමා ඉදිරිපිට තිබූ මිටි වීදුරු මේසය මත තැබීය. ඔහු එහි අගුල් දෙක පැන්නූ වහාම එහි පියන ස්වයංක්‍රීයව ඉහලට එසවුනි.

බ්‍රීෆ්කේසය තුල කදිමට පිළිවෙලට අසුරා තිබූ ඩොලර් සියයේ නෝට්‍ටු මිටි දෙස බැංකුකරුවන් දෙදෙනා  දෑස් විසල් කොට බැලූහ. කිටි කිටියේ අසුරා තිබූ මුදල් නෝට්‍ටුවල වටිනා කම සමහරවිට ඩොලර් මිලියන පහ ඉක්මවනු ඇතැයි සභාපති සිතෙන් ගණනය කලේය.

"දැන් මට කියන්න බලන්න මහත්වරුනි, මේ බැංකුවේ අලුත් ගිණුමක් විවෘත කරන හැටි." ඉග්නේෂස් කීය.

෴ *නිමි* ෴

මගේ ප්‍රියතම ලේඛකයෙකු වන  බ්‍රිතාන්‍ය ජාතික Jeffrey Archerගේ කෙටි කතාවල ඇති තවත් සුවිශේෂිත ලක්ෂනයක් වනුයේ ඒවායේ ඇති අනපේක්ෂිත අවසානයන්ය. මා ගියවර සඳහන් කල ආකාරයට කෙටිකතාව කියවා අවසන් වූ වහාම එය තව අයෙකුට කියන තෙක් ඉස්පාසුවක් නැති ගතියට එයද ප්‍රභල හේතුවක් විය හැකියයි මට සිතේ.

ඔබේ ප්‍රතිචාර වලට මා පිළිතුරු සැපයීම ප්‍රමාද කලේ මේ කතාවේ රසවින්දනයට එය බාධාවක් වේයයි සිතූ බැවිනි.


෴ *** ෴

ප. ලි.:

මේ චිත්‍රයේ කතා වස්තුව:

 

මේ පෝස්ට් එකට මුලින්ම දාපු චිත්‍රය තමයි මේ තියෙන්නෙ. මම ඒක වෙනස් කරලා පස්සෙ දාපු චිත්‍රය තමයි උඩම තියෙන්නෙ. ගර්බර් කාරයා බර්බර් ගාපු නිසාම නෙවෙයි බුවාව පොඩ්ඩක් තරුණ කරලා බය කරලා ඇන්දෙ. මගේ සහෘදයො කිව්ව දේවල් අහලා. ඇත්තෙන්ම මගේ ලිපි කියවලා රස විඳින වගේම මගේ චිත්‍ර රස විඳින රසිකයො පිරිසකුත් ඉන්න එකමට ආඩම්බරයක්.මෙන්න 

මේවයි යාලුවෝ කිව්වේ.

සමාවෙන්නොනේ මෙහෙම කියනවට.. අර චිත්‍රෙ නම් ටිකක් හැගීම් ප්‍රකාශනය අතින් ටිකක් දුර්වලයි වගේ..
ක්සැන්ඩර් - මට හිතෙන හැටි

චිත්‍රෙ ගැන කියන්න බැරිඋනා. මිනිහනං වෙඩිකන්න ආසාවෙං වගේ ඉන්නෙ. :D
Praසන්ன - මගේ ඩෙනිම


මේ වැඩ අස්සෙ චිත්‍රයකුත් ඇඳල දැම්මට ස්තූතියි, මම හෙන්රි අයියගෙ පෝස්ට්වල කැමතිම අංගය ඔයාගෙ චිත්තරේ. මොකද එහෙම තමංගෙම අතින් ඇඳපු චිත්‍රයක් පළකරන්න පුළුවන් අය අපි අතරෙ ඉන්නෙ අතලොස්සක්නේ. අපරාදෙ කියන්නෙ කළු ජාතිකයගෙ අතයි සුදු ජාතිකයගෙ මූණයි නම් කැපී පේන්න ඇඳල තියෙනව. අපේ සුදු ජාතික බැංකු සභාපතිගෙ මුහුණෙ තැතිගැන්වුනු පෙනුම මදිවගේ නේද? මස් පිඬුවලින් ඒ ගතිය ගන්නත් අමාරු ඇතිනේ, මූනෙ මස් එල්ලල වැටෙන තරමට. ඔන්න ටිකක් පුදුමයට පත්වුනු පෙනුමක් නම් තියෙනව. අනෙක් දේ මට කොච්චර උත්සාහ කළත් ඔය විදියට ඇස්වල පෙනුම මට අවශ්‍ය විදියට අඳින්න බෑනේ. ඒ ගැන පොඩි උපදේශයක් දෙන්න බැරිද.
DDT- මගේ ඩෙනිම

මම හරි කැමතියි උඹලා මගේ චිත්‍ර ගැන මේ වගේ විවේචන ඉදිරිපත් කරනවට.
ඔන්න මුලින්ම මම වෙන චිත්‍රයක් ඇන්දා පට් ගාලා. ගර්බර් කාරයව තව ටිකක් තරුණ කලා. අතින් පයින් යනවෑ. මොකද ප්ලාස්ටික් සර්ජරි කරන එකක්යැ? පොරව හොඳටම බය කලා. කලිසමේ බඩු යන සයිස් එකටම!

උඹලට කියන්න මම මේක ඇන්දේ ‍රැවුල කපන කන්නාඩියක් මේසෙ උඩ තියාගෙන  ඒක දිහා බලාගෙන ඇස් ලොකු කරලා කට ඇරලා හෙම තමයි. හැබැයි ඒ විදියටම නොවෙන්න වෙනස් කම් කලා.

අර DDT අහලා තිබ්බ දේට හොඳ උපදේශයක් නම් අන්න එහෙම තමාවම බලාගෙන අඳින්න උත්සාහ කරන එකයි.


දැන් ඊ ගාවට පරණ චිත්‍රය ගැන කිව්වොත් ඒක මෙහෙමයි වුනේ.


උඹලා දකින්න ඇති, ඉග්නේෂස් ආපු වෙලාවේ ඉඳලා ගර්බර් නියම ජෙන්ටා වගේ, ඒ වගේම හරිම කූල් පිට ඩිප්ලොමැටික් විදියට තමයි හැසිරුනේ. ඉග්නේෂස් මොනවා කිව්වත් පොර නෙවෙයි සැලුනේ. අන්න ඒක නිසා තමයි පිස්තෝලෙ කනට තිබ්බත් ගර්බර් පුලුවන් තරම් හැඟීම් නොපෙන්නා හිටියේ පිටට. ඇතුලෙන් කලබල වෙන එක ඇත්ත. ඕකට කියන්නෙ පෝකර් ෆේස් කියලා. පොර පස්සෙ හොඳටම බය වෙන එක සාධාරණයි, මොකද මිනිහා උගත් ඒ වගේම ධනවත් බැංකු කරුවෙක් මිසක් ‍රැම්බෝවත්, ටර්මිනේටර්වත් නෙවෙයිනෙ. අන්න ඒක වෙන්න ඕනෙ මගේ අතින්
පොරව එහෙම ඇඳුනේ.

අනික ඔයවගේ විශාල බැංකුවක්  හිමි, ඒකෙ සභාපතිත්වය දරණ පොරක් තරමක් වයස වෙන්නත් ඕනෙ. ඒකයි පොරව වයස කරලා, බෙල්ල යටින් මස් පොඩ්ඩක් එල්ලෙන්න දැම්මේ.

කෙසේ හෝ වේවා, ඔන්න දැන් බුවාව වෙනස් කලා.

෴ *** ෴


Jeffrey Archer  රචනා කල A Twist In The Tail කෙටිකතා සංග්‍රහයේ පළවූ Clean Sweep Ignatius කෙටි කතාවේ සිංහල අනුවාදයයි.

Simulblogged @  මට හිතෙන හැටි for WordPress Lovers.

෴ *** ෴

92 comments:

  1. කලින් කියූ කතාවමයි කියන්න තියෙන්නේ. මේක මම කලින් කොහේ හෝ කියෙව්වා.. ඒත් උඹ ලිව්වම රහයි.. දැන් පොලිටික්ස් ගැනත් ලියනවා එහෙනම්.

    ReplyDelete
    Replies
    1. නයිජීරියාවේ පොලිටික්ස් ගැන විතරයි මචං.

      ස්තුතියි මාතලන් මහාචාර්යතුමා.

      Delete
  2. එළ එළ! මං හිතුව මූත් මගෝඩි වැඩකට සෙට් වෙයි කියල. ඒත් මේකෙ මැදහරියට එද්දි හිතුන අවංකවම රට වෙනුවෙන් හිතනව කියල. අන්තිමට.... කියන්න දෙයක් නෑ හෙන්රි. උඹේ පරිවර්තනය නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ්. රටවැසියෝ හොඳට හිටියොත් රටටමනෙ හොඳ බං. :)

      Delete
  3. හී හී නියම නයිජීරියානුවෙක්. මුලට තියෙන්නේ 'නයි' කෑල්ලක් නේද?
    කතාව ලියලා තියනවා හරිම රසවත් ඩූඩ්...පොතකට යමුද?

    මට ඉතින් දැන් ඔයාගේ ලියවිල්ල දැක්කාම Jeffrey Archer මතක් වෙනවා...:D

    ReplyDelete
    Replies
    1. මම කොමෙන්ට් එක කොටන ටිකට එතනට රිංගුවා නේද?

      Delete
    2. එහෙම තමයි ඉතින් අපි....:D

      Delete
    3. නයිජීරියාවෙත් නයි දකිනවා එහෙනම් ඈ? ඔය ටොක්ක මට වෙන්න බෑ. මම කවදාවත් නයි කතාව්ක් කාටවත් කියලා නෑ. :D

      Delete
  4. හැමදාම කියන එකම තමයි මචන් කියන්න තියෙන්නේ, උඹේ පරිවර්තන උපරිමයි.

    මොනවා උනත් "රියට අත ඇල්ලු මගියා" තාමත් මගේ අංක 1.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයිලාස්. උඹලගේ දිරිගැන්වීම් මම ඇත්තෙන්ම අගය කරනවා.

      Delete
  5. අප්පට සිරි ලංකාවෙ බැංකුවකින් ඔය ඩී‍ටේල් ගන්නනං ඔච්චර කරදර වෙන්න ඕන නෑ.

    කතාව පංකාදු පහයි තව ටිකයි.

    ReplyDelete
    Replies
    1. චිත්‍රෙ ගැන කියන්න බැරිඋනා. මිනිහනං වෙඩිකන්න ආසාවෙං වගේ ඉන්නෙ. :D

      Delete
    2. බොල, කතාව කියලා බැංකුවල වැඩ කරන උන් තරහා වෙනවා දැන්.

      ඔන්න මම චිත්‍රෙට වෙනම කෑල්ලක් එකතු කරලා පෝස්ට් එක යට update කලා. :)

      Delete
  6. කතාව නම් උපරිමයි. සුපිරියි.
    මැනේජර් කාරයට ඩොලර් කීපයක් පෙන්නල අහල බැලුවනම් ලිස්ට් එකට දෙකක් ගන්න තිබුනා.
    :P

    ReplyDelete
    Replies
    1. එහෙම උන් ස්විස් බෑන්ක්ස් වල ඇති කියලා මම හිතන්නෙ නෑ කොලුවෝ.

      ස්තුතියි කමෙන්‍ටුවට ඉමල්ක.

      Delete
  7. අන්තිමටම වුනේ මොකක්ද කියල තවම කල්පනා කරනවා.

    මම හිතන්නේ ඔහුත් සාමාන්‍ය නයිජිරියනුවෙක් විදියටම ගිණුමක් ඇරියා එහෙම නේද ?.

    ReplyDelete
    Replies
    1. උඹ ඕනෙවට වඩා කල්පනා කරනවා. මූ සාමාන්‍ය නයිජීරියානුවන්ටත් වඩා කෛරාටික වෙට්ටපිත්තලයෙක්.

      Delete
  8. මේ කතාව එක පාරම කියලා දැම්මනම් මට ඒක රසවිඳින්න තිබුනා. ඒත් මේ කතාව ම වෙන ආකාරයකට උපුල් ශාන්ත සන්නස්ගලගේ පන්තියකදි මම අහලා තියනවා. අද කතාව පටන් ගන්නකොටම මට ඒ කතාව මතක් උනා.

    ReplyDelete
    Replies
    1. ඈ ලොකු අයියෙ, ඔයා සන්නගෙ පන්ති ගිහින් තියෙනවද? එහෙනම් පොරට අම්බානක වයස වෙන්න එපෑයැ.

      Delete
    2. මම ගනිත විශයන් හැදෑරුවේ ඒත් සිංහල සහ නාට්‍යකරනය සඳහා පමනක් පන්ති ගියා ඒ 94දි

      Delete
    3. ජෙෆ්‍රිගෙ කතාවලා විශේෂයක් හැටියට මම සඳහන් කරපු තව කාට හරි කියන්නම හිතෙන දොලදුක්ගාය එහෙනම් සන්නස්ගලටත් තිබිලා තියෙනවා.

      Delete
  9. මල් හතයි. ශුවර්ද ඔය රට නයිජීරියාව කියල? මට නම් හිතෙන්නෙම ලන්කාව කියල

    ReplyDelete
    Replies
    1. ඔන්න අපි නෑ. උකුස්සා තමයි එහෙම කිව්වේ ඈ.

      Delete
  10. මම මේ කතාව කලින් කියවල නැති උනත් මට නිකමට මෙහෙම අවසානයකුත් හිතුන, එහෙම නැත්නම් අර ලිස්ට් එකේ උඩින්ම අපේ පොරගෙ ජෙනරල්ගෙ, නයිජීරියන් ජනාධිපතිගෙ නමත් තියේවි කියලත් මට හිතුන. කමක් නෑ, මේක මෙහෙම වෙච්ච එක වඩාත්ම තාත්විකයි.

    ඒක නෙවි ඩූඩ්, ඔයා කලින් කියපු වගේ මේ ලේඛකයගෙ කතා ශෛලිය වේගවත්ව ගලායනව වගේම නිකන් නොසැලකිලිමත් විදියට භාෂාව භාවිත කරපු ගතියක් තිබුනද?

    මේ වැඩ අස්සෙ චිත්‍රයකුත් ඇඳල දැම්මට ස්තූතියි, මම හෙන්රි අයියගෙ පෝස්ට්වල කැමතිම අංගය ඔයාගෙ චිත්තරේ. මොකද එහෙම තමංගෙම අතින් ඇඳපු චිත්‍රයක් පළකරන්න පුළුවන් අය අපි අතරෙ ඉන්නෙ අතලොස්සක්නේ. අපරාදෙ කියන්නෙ කළු ජාතිකයගෙ අතයි සුදු ජාතිකයගෙ මූණයි නම් කැපී පේන්න ඇඳල තියෙනව. අපේ සුදු ජාතික බැංකු සභාපතිගෙ මුහුණෙ තැතිගැන්වුනු පෙනුම මදිවගේ නේද? මස් පිඬුවලින් ඒ ගතිය ගන්නත් අමාරු ඇතිනේ, මූනෙ මස් එල්ලල වැටෙන තරමට. ඔන්න ටිකක් පුදුමයට පත්වුනු පෙනුමක් නම් තියෙනව. අනෙක් දේ මට කොච්චර උත්සාහ කළත් ඔය විදියට ඇස්වල පෙනුම මට අවශ්‍ය විදියට අඳින්න බෑනේ. ඒ ගැන පොඩි උපදේශයක් දෙන්න බැරිද.

    ReplyDelete
    Replies
    1. ඒ ලිස්ට් එකේ ජනාධිපතිගෙ නම තියෙන්නත් ඇති තමා.

      >>ඒක නෙවි ඩූඩ්, ඔයා කලින් කියපු වගේ මේ ලේඛකයගෙ කතා ශෛලිය වේගවත්ව ගලායනව වගේම නිකන් නොසැලකිලිමත් විදියට භාෂාව භාවිත කරපු ගතියක් තිබුනද?<<

      මම හිතන්නෙ DDT උඹ කියන්නෙ මේ වේගය ගැනම තමයි. ජෙෆ්‍රිගෙ නවකතාවල් සාමාන්‍යෙන් දිගයි. උදාහරනයක් විදියට මේ දැන් මගේ ඇඳ අයිනෙ කබඩ් එක උඩ තියෙන Kane & Abel පි‍ටු 550යි. මේ ජෙෆ්‍රිගෙ මේ කෙටි කතාව පි‍ටු නවයක විතර එකක්. ඉතින් මෙච්චර හරියක් පි‍ටු නවයකින් කියන්න, (විශේෂයෙන්ම මේ කතාවෙන්ම අඩුම ගානේ පි‍ටු 360ක වත් නව කතාවක් ලියන්න හැකියාව තියෙද්දි), කතාව හැකි ඉක්මනින් නමුත් අවශ්‍ය දේවල් ඉස්මතු කරලා කියන්න වෙනවා. නමුත් උඹ කිව්වා වගේ, උදාහරණයක් විදියට ඉග්නේෂස් පත්වීම ගත්ත දා ඉඳලා කරපු කියපු දිවල් තව පුම්බලා කියන්න තිබ්බා.

      මේ බලාපංකෝ:

      >>පත්වීමෙන් දින කීපයකට පසු, ධාන්‍ය ආනයන ගණුදෙනුවක් සඳහා ව්‍යාජ ලේඛණ සකස් කර කො‍ටුවූ අමාත්‍යාංශයේ සුළු නිලධාරියෙකු දඟගෙයි ලෑමට හේ සමත් විය. <<

      මේක එක වාක්‍යයයි, .අමුත් මේකෙන් හරියටම පරිච්ඡේදයක් ලියන්න පුලුවන් නවකතාවකදිනම්. නැද්ද?

      ඉතින් ඔන්න ඕක වෙන්න ඕනෙ හේතුව.

      චිත්‍රෙ ගැන නම් ඔන්න මම අප්ඩේට් කරලා ඇති පෝස්ට් එකට යටින්ම. උඹට මම වෙනම ස්තුතිවන්ත වෙනවා මගේ චිත්‍ර රස විඳීම ගැන.

      චිත්‍ර පාඩමක් කියාදෙන්න නම් මට සුදුසුකම් නෑ. නමුත් නිකමට කොලේකුයි පැන්සලකුයි අරන් උමේ වම් අත ඇඳපන් එක එක ඉරියව්වලට. ඇඟිලි අඳින්න පුහුණු වෙන එක නියම වැඩක්. ඊ ලඟට ස්කෙච් කරපං උඹේ මූණ බලාගෙන කන්නාඩියෙන්. මේවා මම කරන දේවල්.

      Delete
  11. නියමයි.. මරු කතාව... මට මිනිහා පිස්තෝලෙ ඔලුවෙන් අහකට ගන්නකම්ම ඕක මීටර් වුනේ නෑ...

    ලෙසටම තියනවා ඩූඩ්.. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ජෙෆ්‍රිගෙ කතාවල අනපේක්ෂිත අවසාන ගැන මම දැන හිටලත් මටත් මීටර් වුනේ නෑ බං.

      අනික තමයි එකම කතාවට අනපේක්ෂිත අවසානයන් අපි හිතනවට වඩා වැඩි සංඛයාවක් තියෙන්න හැකි වීම! :)

      Delete
  12. ඩුඩ්,

    තව ටිකකින් මෙකට අළුත් චිත්‍රයක් එකතු වෙන බව මට හොදටම ෂුවර්.

    ReplyDelete
    Replies
    1. ඒවා ඔට්‍ටු නෑ. ඒ හොරෙන් බලා ඉඳලා. :D

      Delete
    2. කණ්නාඩිය මිසින් වීමේ රහස දැනගෙන වගේ... :D

      Delete
  13. ඉග්නේෂස් කාරයත් ලංකාවෙ "අපේ හාමුදුරුවනේ"කියල කතා කරන අයට දෙවැනි නැහැනේ.
    කවුරුත් බලාපොරොත්තු නොවූ අවසානයක්.
    මොක උනත් කියන්න තියෙන්නෙ >>අති විශිෂ්ටයි සර්<<කියල තමා මචං!!!

    ReplyDelete
    Replies
    1. කපටි සූට් එක අඩුයි නේ?

      ස්තුතියි කෙන්ජි.

      Delete
  14. Machan,
    what the name of the book?

    ReplyDelete
    Replies
    1. Dude, It's a short story book by Jeffrey Archer.
      Book Title: A Twist In The Tail
      This short story" Clean Sweep Ignatius.

      Thanks for the comment and your interest.

      Delete
    2. got it. Thanks :-)

      http://www.amazon.com/A-Twist-Tale-Jeffrey-Archer/dp/0312933525

      Delete
  15. උඹගෙ පරිවර්තනය පංකාදු පහයි මචං.....ආයෙ නැද්ද මේ වගේ කතා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං.
      තියෙනව මචං. වෙලාව තමයි බං හිඟ!

      Delete
  16. චිත්‍ර කතා පටන් ගන්න කාලෙ හරි වගේ හෙන්රියෝ :)

    උබ කලින් දාපු කාර් එකට මැස්ස රිංගපු ස්ටෝරිය වගේම මේකත් උපරිමයි !

    ReplyDelete
    Replies
    1. චිත්‍ර අඳින්න මාර කැප කිරීමක් ඕනෙ සෑමෝ. දෙන් බලාපං අනිත් උන්ට තියෙන්නෙ කතාවක් කොටලා, ජාලෙන් පින්තූරයක් හොයලා දාන්න විත්‍රනේ. මට දැන් කොහොමවත් ඒක කරන්න බැරි උඹලා මම චිත්‍රයක් අඳීම කියලා බලාපොරොත්තු වෙන නිසා.

      අරක මගේත් ප්‍රියතම කතාවක් තමයි සෑමා.

      Delete
  17. එතකොට මේ රාස්‍යයභාවය කොයිතරම්ද කියලා දැනගන්න තමා ඉග්නේෂස් මේ දේවල් කරලා තියෙන්නෙ. ..

    නියමයි ඩූඩ්...

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නෙ. ස්තුතියි ළිහිණි.

      Delete
  18. ඇත්තටම මට තාම අදහගන්න බෑ වුන දේ... ඒ කියන්නෙ ඉග්නේශස් හොරෙක්ද???? :O :O :O

    අනේ එතකොට එයා ඔක්කොටම වඩා අන්තයිනේ!!!

    හැබැයි මේක හරිම ලස්සන කතාව....අවසානය හරිම අනපේක්ශිතයි

    චිත්‍ර දෙකම ගැලපෙනව....මේකෙ හොදට මුනෙ බය ගතිය පේනව....

    ඉක්මනටම තව ඒව පරිවර්තනය කරන්න ඩුඩ්.....මේ කතාව කවදාවත් අමතක වෙන එකක් නෑ...එච්චරටම රසවත් :D :D :D

    ReplyDelete
    Replies
    1. ඉග්නේෂස් නිකං හොරෙක් නෙවෙයි පට්ටම හොර නායකයෙක්. අලි බබා සහ හොරු හතලිහටම වැඩිය හොරෙක්!

      Delete
    2. පිස්සුද බන් අපේ උන් ඊට වඩා ලොකු හොරු..

      Delete
  19. පංකාදු පහයි අයියේ, චිත්‍ර ගැන නම් කියන්න තේරෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. චිත්‍ර ගැනත් ඔන්න ඔහෙ හිතෙන දෙයක් කියාපං නදිනි. ගුඩ් එකක් දෙන්න පුලුවන්ද, තරුවක් දෙන්න පුලුවන්ද කියලා වත්. :D

      Delete
    2. චිත්‍ර නම් කොහොම ඇදල තිබුනත් මම තරුවයි ගුඩ් එකයි දෙකම දෙනවා, මොකද මට හරියට කෝටු බබෙක්වත් ඇදගන්න බෑ..

      Delete
  20. හැමදාම කියවලා හොරෙන් යන කෙනෙක් මම නම්....
    ඊයේ මේ කතාව කියවලා හිතාගෙන හිටපු කතාව (මවාගෙන හිටපු කතාවාට හාත්පසින්ම වෙනස් නේ.
    බලාගෙන ගියාම ඔය වගේ තැන් වලට එන එවුන්ට වෙනස් වෙන්න ක්‍රමයක් ඇත්තේම නැතිව ඇති.

    ReplyDelete
    Replies
    1. උඹ හොරෙක්නෙ මචං රංගි. ඇයි බං හොර පාරෙ යන්නෙ කමෙන්ට් එකක් නොදා? ඔන්න මමත් එහෙම කරනවා... :D

      ඊස්ටර් එක හොඳට තියෙයි නේ ඉතාලියේ?

      Delete
  21. අලුත් පින්තුරෙ නම් මංගල සමරවීරට ආණ්ඩුවෙ එකෙක් පිස්තෝලේ ඔළුවට තියල වගේ.

    ReplyDelete
    Replies
    1. අම්මපා උඹත් එක්ක බේරිලා ඉන්නෙ කොහොමද බං කෙන්ජියෝ උඹේ ගෙදර උං?
      දෙයියම්පා උඹ එහෙම කිව්වට පස්සෙ මම උඩට ස්ක්‍රෝල් කරලා බැලුවා. උඹ වැරදිමත්නෑ තමයි බලං යනකොට! හික්ස්!

      Delete
    2. මටත් පින්තුරේ දැක්කම මතක් වුනේ කෙන්ජි කියපු කෙනාමයි. :)

      Delete
  22. 1) මම හැමදාම කියවන සහ කමෙන්ට් කරන වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකේ කමෙන්ට් කරන්නට බැරිය( ඕනෑ කමින් කළ දෙයක්ද දන්නෙ නැත )
    2)මේ ළඟදී යාහූ ලිපිනයට ඊයක් එව්වා. ලැබුණාද දන්නෙ නැත.
    3)මම දැනගතිමි- මම සැක කළෙමි වෙන්න යන්නේ මේක බව. ඒත් ඒ අවසානයට ගෙනැවිත් තියෙන හැටි සුපිරිය. :)
    4) පරිවර්තනයත් චිත්‍රත් කවදත් වගේ සුපිරිය.

    ReplyDelete
    Replies
    1. වර්ඩ්ප්‍රෙස් එකේ allow comments වැරදීමකින් අන්ටික් වෙලා තිබ්බා ලකී. දැන් හරි. ඕනෙ කමින් නෙවෙයි. වැරදීමක්.
      අර මේල් එකට මාම් උත්තර එව්වා. හරිනේ?
      ස්තුතියි ඇගයීමට ලකී.

      Delete
  23. වීරයෙක් දුෂ්ඨයෙක් කරන්න වැයකරන්න ඕනි වාක්‍ය දෙකතුනක් විතරයි නේද?

    ReplyDelete
    Replies
    1. මේක සුපිරි කියමනක්නෙ පරිකල්පන! ඒක නම් පට්ටපල් ඇත්ත බොල!

      උඹේ නමටම ගැලපෙන කමෙන්ට් එක!

      Delete
  24. අන්න එහෙම එන්න මහත්තයා නයිජීරියාවෙ කොහෙද අව්ංක ඇමතිවරු.. එහෙමනං අපේ රටෙත් ඉන්න ඕනෙ.. හෙන්රි කියවල තියෙනවද ෆොර්සයිත් ගෙ නෝ කම් බැක්ස් කියන කෙටි කතා සංග්‍රහය ? කියවන්නකෝ. නියමයි..

    ReplyDelete
    Replies
    1. අන්න අනිත් බුවා. ඔව් මචං , මම ඒක කියවලා තියෙනවා. ඒකත් සුපිරියි. Frederick Forsyth!

      Delete
  25. නියමයි හෙන්රි.අන්තිම වගන්තිය කියවනතුරු මම දැනගෙන හිටියේ නෑ මේකා සූර චෞරයෙක් වෙයි කියලා. තවත් මේ වගේ කතා තමයි ඕනෙ.

    ReplyDelete
    Replies
    1. වෙලාව තියෙන හැටියට කරන්නම රතු. ඒක නෙවෙයි. ගිහින් බලාපං චන්දනගේ බ්ලොග් පෝස්ට් එක. උඹට වැඩක් තියෙන එකක්.
      http://chandanadm.blogspot.com/2013/03/scrolling-effect-to-blogger-link-list.html

      Delete
  26. ඇත්ත කතාවක් නෙමෙයි නේද :) හැබැයි කතාව නම් උපරිමයි (Y)

    ReplyDelete
    Replies
    1. ඇත්තත් මීට දෙවෙනි නෑ හසිත.

      Delete
  27. මම හිතන් හිටපු විදියට වඩා සහමුලින්ම වෙනස් නේ? මට කොහෙහරි මඟ හැරිලද බලන්න කීප සැරයක්ම කියෙව්වා.

    මගේ බ්ලොග් එකේ ඩූඩ්ගේ කමෙන්ට් එකට උත්තර දුන්නා. උත්තරේ පරක්කු වුණාට සමාවෙන්ට.

    ReplyDelete
    Replies
    1. ඔන්න මම ඒකට උත්තර දුන්න සිතූ. ඕවා ගනං ගන්න එපා.

      Delete
  28. හැම ක්ලීන් ස්වීප් ලාගේම වැඩ ඔයිට සමාන යයි මට සිතේ

    ReplyDelete
    Replies
    1. මේ හුදෙක් නයිජීරියන් කාරයෙක් පමණක්ම නොවේ.

      Delete
  29. මුලින් ඇඳපු චිත්‍රයේ මුහුනෙ තියෙන තේජාන්විත බව...නොසැලෙන බව,තමන්ගෙ වෘත්තීයමය බව ආදී දේවල් ගැබ්වෙලා තියෙනව කියලයි හිතෙන්නෙ. පොඩි වෙනසයි වෙන්න ඕන. ඕනම පුද්ගලයෙක් තැති ගැන්මක් ඇතිවෙන බව පෙන්නන්න මුහුනෙ සෘජු බව ඔහොම්ම තියෙද්දි..කට පොඩ්ඩක් ඇරුනනම් හරි. අනික ඒ මූනෙ සුද්දෙකුගෙ ප්‍රථාපවත් ගතිය තියෙනව. පිස්ටල් එකනම් අර උඩින් තියෙන පින්තුරෙ තියෙන විදියට තිබුන නම් හොඳට පේනව.(කමක් නෑ නේද කිව්වට..))) )

    මට පරිවර්ථන මතක හිටින්නැති ලෙඩක් තියෙනව නම් වල.
    ඕය ඇති.

    ReplyDelete
    Replies
    1. කිව්වට කමක් නෑ බං. අදහස් වලට විවෘතයි.

      රුසියානු නම් මතක තියාගැනීමේ අපහසුවක් නම් හුඟ දෙනෙකුට තියෙනවා.

      Delete
  30. Though read twice I enjoyed the story both times.I picked up the subtle meanings in the story in my second reading. You are a fast translator.I know how hard it is to translate even a single sentence properly.I always forget to comment your art as I am in a hurry to comment the post. As others say you have an added advantage of enhancing your posts with your own drawings. So that you can exactly depict the scene you wanted.Wait and see. I am coming to compete with you soon. :D

    ReplyDelete
  31. රස නොමැරූ ඕනෑම වයසක කෙනෙක්ට කියවන්න පුලුවං මට්ටමේ පරිවර්තනයක්. ඕරිජිනල් එක කියවපු කෙනෙක්ට ෂෝක් එකට රස විඳින්න පුලුවං.

    මෙයාගෙම The Perfect Murder එක පරිවර්තනේ කරොත් මරුවට තියෙයි. ඒත් කොටස් නං ගොඩක් වෙයි

    ReplyDelete
    Replies
    1. අලුත් කොල්ලා අද මුලු බ්ලොග් එකම කියෙව්වා නේද? සාදරයෙන් පිළිගන්නවා. :)

      අන්න අලුත් කොල්ලා ඔරිජිනල් එක කියවපු කෙනෙක් බව මට වහාම තේරුනා. ඇත්ත. ඒ කතාව දිග වැඩියි. අනික උසාවි සීන් දරාගෙන ඉන්න පුලුවන් වෙයිද කියලා මට සැකයක් තියෙනවා එච්චර කොටස් ගානක්.

      අර බ්ලොග් දෙකම දැන් ලියනවද අලුත් කොල්ලා? නැතිනම් ලියන එකට අර අනිත් එකේ තියෙන ඒවත් පෝස්ට් කර

      Delete
    2. නෑ වෙනම අලුතෙං එකක් ඇරියෙ පරන එකට යන්න බැරිව තිබ්බ නිසා ටික දවසක්. මං මේලක් දාන්නං. පොඩි වැඩක් තියෙනවා :D

      Delete
  32. නියමයි . ඇති යන්තන් මිනිහ නයිජීරියන් කාරයෙක් .

    ReplyDelete
    Replies
    1. මට පේන්නෙ බින්දි නයිජීරියන් කට්ටිය ගැන හුඟක් දැනුවත් වගේ.

      Delete
    2. වැඩිය නැහැ . ඔච්චර තෙල් හෙම තිබිලා ඔය විදිහට ඉන්න මේ වගේ පොරවල් මිසක් වෙන කවුද . අඩු ගානේ අරාබියාට රට දියුණු කරන්න ඕන කම තිබුන . අප්‍රිකාවේ උන්ට එහ්මත් නැහැ

      Delete
  33. අම්මපා මූව කාලත් මදි නෙව. ඒ අතින් ලංකාවෙ ඉන්න උන් අවංකයි. උන් මොනවා කරත් මෙච්චර දෙපිට කාට්ටු වැඩ කරන්න යන්නැති අහිංසක පොරවල්.

    අර පින්තූරේ අඳින්න කන්නාඩිය ඉස්සරහා හිටියේ මොන හිතකින්ද හෙන්රි අයියේ...? :D

    ජෙෆ්රි ආචර් ගැනත් මුකුත් නොකියා යන එක අසාධාරණයි වගේ. ෂර්ලොක් හෝම්ස්ගේ කතාවකදී උණත් (එයාගේ ඔක්කොම කතා ඒකාකාරීයි නේ..) දැනෙන්නැති විශ්මයාර්ථයක් කතාව අවසානෙදි ලබා දීලා තියෙනවා ලස්සනට. මේ වගේ ලස්සන කථා පරිවර්තනය කරන්න බැරි තරමට අපේ පරිවර්තක ලේබලය ගහ ගත්තු ලේඛකයෝ දුප්පත් ඇතියි කියලයි මට හිතෙන්නේ. ඒ වගේම ඔය වගේ ලේඛකයන් බිහි නොවීමත් අපේ අවාසනාවම තමයි. අනික මේ වගේ පොත පත අත පත ගාන්න බැරි වෙන සමස්ථ ජනතාව ගැන දුකත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අහිංසක පොරවල්! :-O !

      එහෙම තමයි බං කැපවීම!

      ඇත්තටම එහෙම කණගා‍ටුවෙන නිසාම තමයි මේ වගේ පරිවර්තන කරන්නෙ ඉඳහිට. නමුත් මම පුද්ගලිකව පරිවර්තන කියවන්නවත්, ලියන්නවත් ආසා නෑ ස්වනිර්මානයක් කරනවා තරම්. පුදුමයිද උඹට?

      Delete
    2. ඔයාටත් පුදුම හිතුනා නේද මං අහිංසක පොරවල් කියලා දැම්මම? මං කිව්වේ අපේ රටේ උන්ට ඔච්චර හරියක්වත් ජෙනුයින් විදියට කරගන්න බෑ කියලයි. හත්පලේ ගාගෙන තමයි කොරන්නේ. හොරා කවුද කියලා ලොක්කගේ ඉඳන් ගමේ ගෙදර ඉන්න අපිත් දන්නවා. :D

      ....//මම පුද්ගලිකව පරිවර්තන කියවන්නවත්, ලියන්නවත් ආසා නෑ//..... පුදුමද කියලත් අහනවා. මමනම් වැඩිපුරම ආසා පරිවර්ථන වලට. හේතු දෙකක් තියෙනවා.
      1). අපේ රටේ බිහිවෙන කෘතිවල යම් ඒකාකාරී ගතියක් තියෙනවා.
      2). පලවෙනි හේතුව මග ඇරගන්න වෙනත් කෘති කියවන්න උණත්, භාෂාව හරස් වෙනවා.

      Emily Brontë ගේ wuthering heights (පෙම් වියරුව), ලෙනාඩ් වුල්ෆ්ගෙ Village in the jungle (බැද්දේගම) මං අදටත් ආසා කරන කෘති දෙකක්. ඇයි Lost world?

      Delete
  34. ඇමති කාරයාත් එහෙනම් ආයේ ආයේ බැංකුවට යයි නේ.. ?

    මෙහෙම එකක් වෙයි කියල අන්තිම හරියට එනකල් හිතුනේ නෑ. චිත්‍ර දෙකෙන් නම් උඩ එක තමයි වඩාත් හරියන්නේ.

    එලම කතාව dude අයියේ....!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන. මමත් මේ කතාව කියවපු මුල් දවසේ හොල්මං වුනා.

      Delete
  35. කිසි විටෙක බලාපොරොත්තු නොවු අවසානයක් !..:0

    පරිවර්ථනය අති විශිෂ්ඨයි ඩූඩ්. අනේ මන්දා කොහොම ස්තුති කරන්නද කියලා අපට බෙදා දෙන රසයට.

    සෑම දිනකම ඇද ඇති චිත්‍ර දෙස දෙවතාවක් වත් ඕන කමින් බලන එක සිරිතක්. පෝස්ටුව කියවාගෙන යන විට (කියවීමට පෙර යම්තමින් වාගේ දුටු චිත්‍රයට අමතරව) සිතේ මැවෙන චිත්‍රයකුත් තියෙනවානේ. අවසානයේ නැවත ඕනකමින් බැලීමේදී ඔය දෙකටම වෙනස් දෙයක් තමා දක්නට ලැබෙන්නේ. ඩූඩ් ඇද ඇති ඇතැම් චිත්‍ර වල කුඩා ඉරි කෑල්ලක පවා යම් දෙයක් ඇති බව පේන්න තියෙනවා. ඒ ඩූඩ් මෙහි සඳහන් කල ඇති අයුරින්ම කැපවීමකින් චරිතයටම ගැලපෙන පරිදි චිත්‍රයත් අදින නිසා විය යුතුයි.

    සියල්ල සුපිරියි !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගමේ හිතව‍තෝ. අපිට තව කැනඩාවේ කතාවල් ඕනෙ.
      ඔන්න මේ කාලේ පට්ට සීතල කැනඩාවේ ගම්මානයක වාසය කරන සිංහල පවුලක උණුසුම් අත්දැකීම් විඳගන්න කට්ටිය මෙන්න තැන. ඔන්න මගේ බ්ලොග් රෝලෙත් තියෙනවා නැතිනම් මේකාගේ ප්‍රොෆයිල් එක උඩ කොටලා ගියෑකි.

      ස්තුතියි ගමේ එකෝ චිත්‍රය ගැන. චිත්‍ර අඳිනකොට යටි හිතේ තැන්පත් වෙලා තිබ්බ හුඟක් දේ එලියට එන බව නම් මට තේරිලා තියෙනවා.

      Delete
    2. දැනුයි බලල ඉවර කලේ අවසානේ නම් මගේ හිතටත් ඇල්ලුවා. අනපේක්ෂිත ක්ෂණික අවසානයක්. අනේ අයියේ සොරි වෙන්න ඕනේ පහුගිය ටිකේ එන්න බැරි උනාට මගේ ලැපේ ස්ක්‍රීන් එක ගිහින් තිබුනේ. ඔෆිස් එකට ගියෙත් නැහැ. මැක් එකෙන් තමයි ඔය එහෙන් මෙහෙන් ඇවිත් ඔලුව දැම්මේ. එක සිංගල සපෝර්ට් කරන්නේ නැහැ. ෆොන්ට් දැල්ල බැලුත්ව හරි ගියේ නැහැ යුනිකෝඩ් කොටන්න බැහැ

      Delete
    3. හප්පට සිරි බොල! ලැපේ ස්ක්‍රීන් එක දාන එක ලැපක් ගන්නවා තරම්ම වියදම් යන වැඩක් වෙන්නැති නේද? සමහර රටවල්වල නම් එහෙමයි.

      මැක් නම් සිංහල සපෝට් කරන්න විදියක් නෑනේ නේද? මම නම් මැක් එක්ක වැඩ කරලා නෑ.

      Delete
    4. ඔව් අයියේ ඩිරාම් 850ක් ගියා ඒ කියන්නේ 850x36 අයියෝ සල්ලි............ ඒක දාන්නත් සෑහෙන්න කාලයක් ගිය ඔරිජිනර් පාර්ට් ඕනේ කියල මේ මැෂින් එකටැ වෙන ඒවා හරියන්නේ නැහැලු ගොඩක් පාර්ට් තවම මෙහෙ මාර්කට් එකේ නැහැලු අලුත් නිසා. core i 7 3rd generation CPU එක 16 GB RAM,2GB Graphic, blu-ray RW anti glare LED screen එකක් මම මේ නයෙක් අත ඇරිය නෙවෙයි එහෙම කිව්වේ මේකට මෙච්චර ගානක් ගියේ ඇයි කියල කියන්න. සාමාන්‍ය ලපකටනම් ලංකාවේ සල්ලි වලින් හාර පන්දාහක් යද්දී වැඩේ කරගන්න පුළුවන් මේකත් මෙච්චර ගියේ ඒජන්තයටම දුන්න නිසා නැත්නම් වරන්ටිය නැතිවෙනවනේ. මැක් එකත් core i7 තමයි මේ ලැපට වැඩිය දෙගුනේකටත් වැඩිය ගණන් ඒ කියන්නේ ඩිරාම් 130000ක් විටහ්ර වෙනවා ඒත් මෙලෝ රහක් නැහැ. ග්‍රැපික් වලට ගේම් වලට වීඩියෝ එඩිටින් වලට ඇර මම එක පාවිච්චි කරන්නේ නැහැ. මොනවා උනත් බිල් මාමා මගේ හිතවතානේ සහතික මිටියක්ම දුන්න එකේ කෙලෙහි ගුණ තියන්න එපැයි. හික් හික් හික්

      Delete
  36. මේ කතාව කලින් කියවල තිබ්බත් උපරිමෙන්ම රස වින්ද. කමෙන්ට් ටික ඔක්කොටම වඩා වටිනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉන්දික. ඒක මට හුඟක් සතු‍ටු වෙන්න පුලුවන් ප්‍රතිචාරයක්! :)

      Delete
  37. අඩේ මම මාර්තු 27 ඉග්නේෂස්ගෙ කතාවෙ මුල් කොටසට දාපු කමෙන්ට් එකට මොකද උනේ?....දැනුයි දැක්කෙ ඒක ආගිය අතක් නෑ කියල....කමක් නෑ ආයෙම දාන්නම්කො..

    **********************************

    අන්න මගෙත් ප්‍රියතම ලේඛකයෙක්..( තව ඉන්නව වීස්සක් විතර හෙහ්, හෙහ්, )

    ආචර් ගොයිය අර කචල් එක දාගෙන හිරේ නොගියනං එංගලන්තෙ අගමැති වෙන්ට තිබ්බ තැචර්ට පස්සෙ...හෙහ්, හෙහ්,

    මිනිහ මේ දවස්වල ලියනව පොත් 7 ක සීරීස් එකක්.ඒක අමුතුම ෂානරයක්. Fictional Autobiography ...කොහොමද ඒක..ඔලුව නරක් වෙනව නේද?

    මුල් පොත් දෙක මම කියෙව්ව. . තුන්වෙනි පොත මේ ඊයෙ පෙරේද එලියට දැම්මෙ.....මේ ටිකේ මිනිහ යනව ලෝකෙ වටේ පොත ප්‍රොමෝට් කරමින්. ඔන්න බලාපං මල්ලි වඩේ හටි කියන්නෙ මම මේ දවල් ලන්ච් වෙලාවෙ බලපු පත්තරේ තිබ්බ මිනිහගෙ අලුත් පොත සහ ටුවර් එක ගැන ආටිකල් එකක්. ඒ ක කියවල පැයක් ගියේ නෑ උඹේ පෝස්ට් එක ගැන ඊ මේල් එක ආව...

    ReplyDelete
  38. අඩේ මං උඹෙන් ආසාවෙන්ම කියවපු මේ කතාව ගැන මං මුකුත්ම කියල නැද්ද? විලි ලැජ්ජයි බං.. මට..

    ReplyDelete
  39. මේ කතාවත් උඹේ අනිත් බ්ලොග් එකේ මුලින්ම කියවපු ඉතාම රසවත් කතාවක්, අද නැවතත් කොටස් දෙකම කියෙවුවා.

    උඹ නම් සැබෑ දක්ෂ පරිවර්තකයෙක් හෙන්රි....

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>