මම මොකක් ගැනද මේ කතා කරන්නෙ කියලා නොතේරෙනවා නම්, මෙතන කොටලා, “දැන් ලඟද තාත්තෙ?” පළවෙනි කොටස කියවලාම එමුකො.
ආහා!!! මම බලනවා මගෙ අත් ඔරලෝසුව දිහා. ඒ ගොල්ලනට එහෙනම්, විනාඩි පහලොවක්ම ගියා පරාජය බාර අරන්, ආපහු මාව ගන්න එන්න, ආ?
මේකෙන් මට ඉගෙන ගන්න තියෙනවා හොඳ පාඩමක්!
නමුත් දැන් දැන්, ඒ එන්ජිමේ ගුමු ගුමුව, මම බලාපොරොත්තු වුන හඬට වඩා වෙනස්. ටිකක් ගැඹුරු , උගුරෙන් එන හඬක්!
තාත්තගෙ කාරෙකේ හඬ නෙවෙයි!
බයිකර් මෑන්!!!
මම උඩ පැන, පැන අත වනනවා.
බුවාත් මාව දැක්ක ගමන්, මට අත වනාගෙන ඇවිත්, මා ගාවා නවත්තනවා.
ලඟට, මේ බුවාගෙ තියෙන්නෙ, අර ඈතින් දැක්කටත් වඩා පිස්සු, විකාර පෙනුමක්. අර රතු රැවුලෙ ඇලිලා, පැටලිලා, පිරිලා ඉන්නවා කෘමීන් රංචුවක්! සමහරුන්ට තවම පණ තියෙනවා!
“ඉතිං?,” බුවා කියනවා. “මේ මගෙ පුංචි යාලුවනෙ! මොකෝ කරන්නෙ තනියෙම මෙතන?”
“අම්මයි, තාත්තයි දැම්මනෙ මාව කාරෙකෙන් එලියට, පයින් එන්න කියලා.”
“හ්ම්හ්… ඒකත් එහෙමද? ඔයා බයික්ස් වලට ආසද?”
“මොනවද මේ කතා!”
“නගින්ඩ.” බුවා කියනවා. “මොකක්ද ඔයාගෙ නම?”
“ඇන්ඩි. ඔයාගෙ නම මොකක්ද?”
“මැක්ස්. සන්තෝසයි අඳුනාගන්න ලැබුනට!”
බුවා මටත් දෙනවා හෙල්මට් එකක්.
“ආ, මේක දා ගන්ඩ.”
ඒකත්, එයා දාං ඉන්න එක වගේමයි.
“එහෙනං අල්ලගන්ඩ,” මැක්ස් කියනවා.
“මොකක්ද අල්ල ගන්නෙ?” මම බෙරිහන් දෙනවා, නමුත් හාර්ලි ඩේවිඩ්සන් මෝටර් සයිකල් එන්ජිමේ ගෝරනාඩුව නිසා බුවාට ඒක ඇහෙන්නෙ නෑ.
මැක්ස් කරකවනවා ඇක්සලරේටරේ.
මගෙ ආමාශය බිමට පාත් වෙනවා වගෙ දැනෙනවා, බයික් එක අදින ඇදිල්ලට. මම, මැක්ස්ගෙ ඉන වටේ අත දාලා, පුලුවන් හයියෙන් අල්ලා ගන්නවා. හුලඟ හෝ ගානවා. මගෙ මුලු ඇඟම ‘ඩ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්’ ගාලා දෙදරනවා. මම සීතලෙන් ගැහෙන්න ගන්නවා. ෂික්, ජර්කින් එකක් වත් තිබ්බ නම්!
මට ඈත පේනවා අපේ කාරෙක.
“අන්න එයාලා!” මම මැක්ස්ගෙ කණට කෑ ගහනවා.
මැක්ස් ආයෙම කරකවනවා ඇක්සලරේටරේ, කෙලවරටම. අර මම නූඩ්ල්ස් රැලක් කටින් උරලා ගන්නවා වගේමයි, යෝද හාලි ඩේවිඩ්සන් බයික් එක තාර පාර ගිලගන්නෙ!
අපි කාරෙකට ලංවෙනකොට, මම මැක්ස්ට කියනවා හෝන් එක ගහන්න කියලා. මැක්ස් හෝන් එක දිගටම ගහනවා. මම අත වනනවා. නමුත් කාරෙක නැවතීම කෙසේ වෙතත්, වේගය වැඩි කරනවා. සමහරවිට තාත්තා හිතනවා ඇති. මැක්ස් මොකක් හරි කොක්කක් ඇද ගන්න එනවා කියලා. සමහරවිට හෙල්මට් එක නිසා, මාවත් අඳුනාගත්තෙ නැතුව ඇති.
“මෑක්ස්!” මම කෑ ගහනවා. “අපි යං ලඟට. මං හිතන්නෙ එයාලා මාව ඇඳින්නෙ නෑ.”
මැක්ස් බයික් එක කාරෙකත් එක්ක කරට කර පදිනවා.
මම අත වනනවා.
තාත්තා නහයට කෙලින් ඉස්සරහා බලාගෙන යනවා.
“තාත්තේ,!” මම යටි ගිරියෙන් කෑ ගහනවා. “නවත්තන්ඩෝ!”
ම්හ්ම්, වැඩක් නෑ.
මම අත් දෙකම වනනවා. තාත්තා, ඇස් කොනින් එක පාරක් අපි දිහා බැලුවත්, අඳුනාගත්ත බවක් පේන්න නෑ. එයා කොන්ද කුදු කරගෙන, පාගනවා ලෑල්ලටම.
“පට්ට පට පට! යකෝ මම දන්නෙ නෑනේ අපේ වන්ඩියෙත් මෙහෙම ඇරලා යන්න පුලුවන් කියලා. අඩේ, තාත්තා මෙහෙම එලවනවා නම් හැමදාම, මට අරවගෙ පට්ට කම්මැලි හිතෙන එකකුත් නෑ! හික් හික්!”
මැක්ස් නෙවෙයි සැලෙන්නෙ. මැක්ස් හදනවා කාරෙකට ඉස්සර කරන්න. මෙන්න අපේ තාත්තා – ඔව් ඔව්, මේ අපේ තාත්තා – අර ඇක්ෂන් මූවීස් වල වගෙ, කාරෙක ඇඟට කපලා, මැක්ස්ව බ්ලොක් කරනවා!
කූ………………..ල් නේ!!!! මට මාර ආතල්!
මැක්සුත් වැඩ දන්න නිසා බේරෙනවා. මැක්ස් පොඩ්ඩක් පහු බැහැලා, බයික් එක, කනට වැලි යන්න නවලා, ගන්නවා කාරෙකේ අනිත් පැත්තෙන්, තාත්තා කලින් හිටපු ලේන් එකට .
දැන් ඔන්න අපි ආයෙ කරට කර, හැබැයි දැන් අපි වැරදි ලේන් එකේ.
මැක්ස් ඔලුව පොඩ්ඩක් හරවලා කෑගහනවා, එන්ජින් සද්දෙට උඩින්.
“එයාලා නවත්තන්නෙ නෑ. ඔයාට පනින්ඩ වෙනවා කාරෙකට.”
මැක්ස් විහිලු කරනවද?
එක්කො එහෙමයි, නැත්නම් බුවාගෙ පිස්සු මීටරේ රතු කට්ට පැනලාද?
“මට බෑ!” මම කෑ ගහනවා.”මම ඔයත් එක්ක ඉන්නවා.”
“හිට ගන්ඩ.” මැක්ස් කියනවා. “මම බයික් එක පුලූවන් තරම් කාරෙකට කිට්‍ටු කරන්නම්”
මම මැක්ස්ගෙ උරහිසේ එල්ලිලා, සීට් එක උඩට කකුල් අරන්, දණ ගහගන්නවා. මගෙ කකුල් දෙක දැනටමත් වෙව්ලන්න අරගෙන!
තවම වාහන දෙක අතරෙ ලොකු පරතරයක් තියෙනවා.
“දුර වැඩි……යි!” මම කෑ ගහනවා.
මැක්ස්, බයික් එක පුලුවන් තරම් කාරෙකට ලං කරනවා.
කාරෙකේ වහලෙට අඩි කීපයයි දැන් දුර තියෙන්නෙ.
මගෙ බඩ ඇතුලෙ, දිය සුළියක් කැකෑරෙනවා වගෙ තේරෙනවා. මට නිකං ඔක්කාරෙට වගෙ එනවා.
අනේ මේක කරන්න බෑ අප්පා!
මට තාම මැරෙන්න තරම් වයසකුත් නෑ!!
මං තාම පොඩි එකා!!!
මම, මැක්ස්ගෙ කණට ලංවෙනවා.
“මට බෑ මැක්ස් මේක කරන්න.”
“බෑ කියලා බෑ,” මැක්ස් මට ගොරවනවා.
“ඇයි මට ඔයත් එක්ක ඉන්න බැරි?” මම අහනවා.”මම ඔයාගෙ ගෝලයා වෙන්නං.”
මැක්ස්ට හිනා. හැක් හැක් හැක්!!!
“මහ පාරෙ ජීවිතේ ඔයා වගෙ එල කොල්ලෙකුට හරියන එකක් නෙවෙයි. ඔයා ආපහු යන්ඩ. ඉස්කෝලෙ හිහින් එග්සෑම් ගොඩ දාගන්ඩ.”
“මම එල කොල්ලෙක් නෙවෙයි,” මම කියනවා. “මම හෙනම ඇණයක්.”
ඒකට මැක්ස්ට හොඳටම හිනා. ඒ හිනාවට, මට බයත් හිතෙනවා. අර හයිනාවෙක් වගෙ, හූ කියලා මැක්ස් හිනාවෙන්නෙ.
“හ්ම්… පනින්ඩ,” මැක්ස් කියනවා.
මැක්ස්ගෙ ඇස් වලට පිස්සු පෙනුමක් ඇවිත් ඒ ගමන. මේ යකා එක්ක ඉන්න එකත් එච්චර හොඳ අදහසක් නෙවෙයි වගෙ.
මම හිටගන්නවා සීට් එක උඩ. මේක නම් මහ මොලේ කොලොප්පං වෙන වැඩක්!
මම ගැඹුරු හුස්මක් ගන්නවා. ඇස් වහගන්නවා. අත් මිට මොලවා ගන්නවා. මේ වගෙ වෙලාවක අත් මිට මොලවා ගන්න එකේ ඇති වැඩේ මට හිතාගන්න බැරිවුනත්, මට හිතෙනවා එහෙම කරන එක හොඳයි කියලා.
ඉතින්, ආයුබෝවන් කුරිරු, දුෂ්ට ලෝකය.
මම ගුවන් ගත වෙලා ඇදිලා යනවා පැත්තකට හුලං කපාගෙන.
දඩාං!
මම කාරෙකේ වහලෙ උඩ! මම වැඩේ කලා, කොහොම හරි!
තාත්තා වෙට්‍ටු දාන්න ගන්නවා, වමට, දකුණට, පාර පුරාම! එයා හදන්නෙ මාව වහලෙන් බිමට දාන්න.
තාත්තට මොන විදියෙන් හරි පෙන්නල දෙන්න වෙනවා, මේ මමයි වහලෙට පැන්නෙ කියලා.
මම අත මිට මොලවලා, වහලෙට තඩි බානවා. තාත්තගෙ වෙට්‍ටු දැමිල්ල දරුණු වෙනවා.
මට අදහසක් පහල වෙනවා.
මම පුලුවන් තරම් ඉස්සරහට බඩ ගානවා ඇඟිලි පුලුවන් තරම් විහිදලා කාරෙකේ වහලෙ බදාගෙන.
පොඩ්ඩ වැරදුනොත් සොරිම තමයි.
අනේ තාත්තට දකින්න සැලැස්සුවොත් මේ මම කියලා, එයා නවත්තයි කාරෙක.
මම වින්ඩ්ස්ක්‍රීන් එක දිගේ ඔලුව පහලට රූට්ටනවා.
මට පේනව අම්මයි තාත්තයි බය වෙනවා මාව දැකලා.
ඒ දෙන්නගෙ ඇස් රවුම් වෙනවා.
කටවල් ඇරෙනවා.
එක පාරටම මම ඉගිල්ලිලා යනවා ඉස්සරහට.
තාත්තා එක පාරට බ්‍රේක් ගහලා!
මාව කැරකිලා, උඩුබැලි අතට හැරිලා, කාරෙකේ බොනට් එක උඩ. මම රේඩියෝ ඇන්ටෙනාවෙ එල්ලිලා නිසා, යන්තම් තාර පාරට නොවැටි බේරෙනවා.
කාරෙක නවතිනවා.
මම බොනට් එක උඩ වැතිරිලා, නිල්වන් අහස දිහා බලං ඉන්නවා, හති දමමින්.
ඇති යාන්තම් අතක් පයක් නොකැඩි බේරුනා!
තාත්තයි අම්මයි එලියට පනිනවා.
මම හෙල්මට් එක ගලවනවා.
“මේකාට මොනව කරොත් හිත් වදීද!” තාත්තා කෑ ගහනවා. “මොනවද මිනිහෝ කරන්න හදන්නෙ? මැරෙන්ඩද ඕනෙ?”
ඕං තවත් මෝඩ ප්‍රශ්න.
“නෑ,” මම කියනවා. “මම ආපහු කාරෙකට නගින්නයි හැදුවෙ. ඔයාලා මාව කාරෙකෙන් එලියට දැම්මනෙ. ඇයි මතක නෑ?”
“ඔව්,” තාත්තා කියනවා. “තමුසෙට පාඩමක් උගන්නන්න.”
“මොන ජාතියෙ පාඩමක්ද ඒ?”මම අහනවා. “මාව අර කාන්තාරෙ මැද්දෙ දාලා ඇවිල්ල, වතුරත් නැතුව, සිතියමක්වත් නැතුව, සන්ස්ක්‍රීනුත් නැතුව?”
“අපි ආපහු එන්න තමයි හැදුවෙ,” තාත්තා කියනවා අම්මගෙ මූණ දිහාත් හොරෙන් බලන ගමන්. අම්මගෙ කම්මුල් ලැජ්ජාවෙන් රතු වෙනවා.
“කවද්ද?” මම අහනවා. “ආපහු ගෙදර යන ගමන්?”
තාත්තට අර ගලේ කක්කා දාපු ඤාව්වාට වෙච්ච වැඩේ තමයි වෙලා තියෙන්නෙ.
අපි ආපහු හරෝගෙන එන්න හදනකොටම තමයි, අර බයිකර් අපි පස්සෙ පන්නන්න ගත්තෙ. මම හැදුවෙ, ඒ යකාව පුලූවන් තරම්, ඔයාගෙන් ඈතට යවා ගන්න. ඔය සමහර බයිකර්ස්ල කිසිම අණක් ගුණක් නැති තිරිසන්නු!
මම නගිනවා කාරෙකට.
“තාත්තෙ බයිලා කිව්ව ඇති,” මම කියනව. “ඔයා මගෙ කරදරෙන් බේරෙන්න, මාව අතරමං කලා. වැඩේ ගැස්සුනා. දැන්වත් ඉතිං, යං.”
“පුතේ, අපි ආපහු එන්නයි හැදුවෙ,” තාත්තා කියනවා. “දෙයියම්පල්ලා, මාව විස්වාස කරන්න.”
තාත්තා එන්ජිම ස්ටාට් කරනවා. එයාගෙ මූණ හත්තිලව්වට ගහපු කලාබරේ වගේ. හොඳ වැඩේ, මම නං කියන්නෙ!
තාත්තා කාරෙක ආපහු පාරට දානවා.
එලියෙන් ඇහුන එංජිමක ගෙරවුම හඬක් නිසා මම වීදුරුවෙන් පිටත බලනවා. මැක්ස්! ඔන්න අපිත් එක්කම පෙලට යනවා. මම වීදුරුව පාත් කරලා, හෙල්මට් එක විසිකරනවා මැක්ස්ට. මැක්ස් තනි අතින් හෙල්මට් එක රැකගන්නවා. ඊට පස්සෙ මට ලොකු හිනාවක් දාන මැක්ස්, රොකට් එකක් වගෙ ඉගිලිලා යනවා ඈතට.
මම ආපහු සීට් එකට පිට දීලා, සුසුමක් හෙලනවා.
පිස්සු උනත්, මැක්ස් නම් මැක්සාම බුවෙක් තමයි. කූල් ඩූඩ්!
ආපහු වීදුරුව උස්සනකොටයි, මම මැස්සව දකින්නෙ!
ඌ මේ පාර වහල ඉන්නෙ තාත්තගෙ ඔලුවෙ.
“මේ ඔක්කොම වුනේ උඹ නිසා,” මම මැස්සට කියන්නෙ පහත් හඬින්. “මාව අතරමං වුනා. තව පොඩ්ඩෙන් මගෙ නිවාඩු කාලෙත් ඉවරයි. තව පොඩ්ඩෙං මං මැරෙනවා, ස්ටන්ට් කරන්න ගිහින්. මේ ඔක්කොම උඹ නිසා. දැන් ලෑස්ති වෙයං වන්දි ගෙවන්න.”
මම සීට් එකේ ඉස්සරහට වෙන්න ඉඳගෙන, තාත්තට ලංවෙනවා. අත්දෙක තාත්තගෙ ඔලුවට උඩින් විහිදුවලා අල්ලාගෙන, මැස්සට ගහන්න ලෑස්ති වෙනවා.
අන්තිම මොහොතෙ, මැස්සා පනිනවා .
මගෙ අවධානය මොහොතකට බිඳිල, එල්ලය වරදිනවා. මගෙ අත්දෙකම චටාස් ගාලා, තාත්තගෙ කන් දෙක මත පතිත වෙනවා, කන් දෙකෙන් දුම් දාන්න.
හපෝයි!
තාත්තගෙ ඇඟිලි පුරුක් සුදුපාට වෙනවා පේනවා.
“අනේ තාත්තෙ. සොරි තාත්තෙ - ඒක නම් වැරදීමක් වුනේ. ඇත්තමයි තාත්තෙ, මම ඇත්තටම හැදුවෙ…”
තාත්තා මාව නවත්තනවා.
“කමක් නෑ ඇන්ඩි, ඔයා නිදහසට කරුණු කියන්න ඕනෙ නෑ පුතා.”
“හෑ?”
“අපි හැමෝම අතින් වැරදි වෙනවා.”
ආහ් හා. දැන්නෙ තේරුනේ. ඒ කියන්නෙ මම මොනවා කලත්, අම්මයි තාත්තයි ආයෙම මාව කාරෙකෙන් එලියට දාන්නෙ නෑ කියන එකයි. එයාලා එයාලගෙ තියෙන ලොකුම තුරුම්පුව ගහලා තියෙන්නෙ, නමුත්, වෙලාවට, ඒක පත්තු වුනේ නෑ. ඒකෙන් වුනේ, දෙන්නටම ඇඩ්‍රස් නැතුව යන එකයි. ආහ් හා. ට්‍රල ලල ලා..
මම බොහොම සැහැල්ලුවට සීට් එකේ වැටිලා ඉඳගෙන ඇස් පියා ගන්නවා.
මට දැන් ඕනෙ දෙයක් කලෑකි. මට ඕනෙම දෙයක්. නරකම නෑ නේද වැඩේ.
නමුත් මට එක පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.
“තාත්තේ?”
“හ්ම්ම්ම්?”
“දැන් ලඟයිද?”
__________________________________________________________________
නිමි.
Andy Griffiths – Just Annoying – ARE WE THERE YET?
මුල් වරට මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ පළවිය.
කලින් තිබුනට වඩා කතාව වෙනස්කරලද මන්දා
ReplyDeleteඋඹේ මතකය වෙනස් වෙලා නැතිනම්න් කතා ඔක්කොම එකට පැටලිලා වෙන්නැති අටම්. :)
Deleteටෙස්ටින් තාම ඉවර නැද්ද හෙන්රි අයියේ... කෝ කතා පෙට්ටිය හිස් වෙලාද?....
ReplyDeleteඅළුත් ඩෙනිම් කෑලි ටිකක් අන්දවලා තියෙන්නේ.....
කතා පෙට්ටිය හිස් වෙලා නෑ අකමා. මම මේ දවස්වල මේ ඩිනිමේ අප්සෙට් එකට මහන්සි වුනා. ඒ එක්කම HeyDude එකට අර 'Flight Beyond All Hope' ලියනවා. ඒක පුදුම දුෂ්කර ලියවිල්ලක්. ඒක පරිවර්තනයක් නෙවෙයි. මගේම කතාවක්. මම කිසිම කතාවකට ඔච්චර කාලයක් වැය කරලා, මහන්සියක් වෙලා නෑ. ඒ අතරෙම ඩෙනිමටත් කතාවක් පරිවර්තනය කරනවා.
Deleteඔව් බං. ඔය ඩෙනිම් ටික මගේමයි. ෆෝටෝස් ගත්තෙ අයනිං ටේබල් එක උඩ තියලා.
එහෙනං ඒක තමා මේ, මම බැලුවා මොනිටරෙන් හඩු ගදක් එන්නේ මොකද කියලා
Deleteදත් මැදපිය අටමෝ. අර උඹේ කතාවෙ ඉන්න කෙල්ල වගේ නැතුව. ඔය මොනිටරේ නෙවෙයි ගඳ|
Delete@අටම් ++++++++++ :b
Deleteබයවෙන්න දෙයක් නෑ අටමෝ. බ්ලොගර් දෙයියන්ට හැදු ගඳ ඉවසගන්න බැරි හින්දනේ එක පාරක් රෙදි ගැලෙව්වේ. මේ පාර ගලවන්න ඉස්සෙල්ලම මාසෙකට සැරයක්වත් හෙන්රි අයියම හෝදයි.
Delete:D
ඩෙනිම් ටික ලස්සනයි.:)
ReplyDeleteකතාව ගැන කලිනුත් කීවා. ඔයාට තියෙන්නේ පරිවර්තනයේ පුදුම හැකියාවක්. සිද්ධ වෙන සිද්ධිය කෙටි එකක් උනත්, ඒ හැකියාව හන්දා දිග විස්තරයක් වෙලා තියනවා. ඒ වගේම රසවත්ව කියවගෙන යන්ට පුලුවන් වෙලා තියනවා. එක හුස්මටම. ඒ වගේම චිත්ත රූපත් මැවෙනවා අපූරුවට.ඔය විදියට පොතක් කලොත් , ලංකාවේ ලමයි ආසාවෙන් බලයි.
ඔයාගේ සිංහල බ්ලොග් දෙකේම ඔයා පබ්ලිෂ් කරනවද?
නැත්නම් සිංහල එකයි, ඉංග්‍රීසි එකයි විතරද? මට අර සිංහල එකක් සපතේරු ගේ බ්ලොග් එකත් එක්ක පැටලෙන ගතියක් තියෙනවා.
Deleteඩෙනිම් ලික ලස්සනයි කියලා අහන්නත් ආසයි. ඔව්, අර අකමට කිව්වා වගේ ඔය ඩෙනිම් ටික මගේමයි. ෆෝටෝස් ගත්තෙ අයනිං ටේබල් එක උඩ තියලා.
ස්තුතියි වර්ණනාවට. ඔව් මම 'මට හිතෙන හැටි' අතෑරලා නෑ. නමුත් හුඟක්වෙලාවට දෙකේම යන්නෙ එක. Simulblogging and sometimes parallel blogging. :D
එකක් වර්ඩ්ප්‍රෙස් අනික බ්ලොගර්.
සපතේරුගෙ බ්ලොග් එක 'මට මතක හැටියට'. මගේ එක 'මට හිතෙන හැටි'. ඔව් පැටලෙන්න පුලුවන් තමයි. :/
හෙන්රියෝ හෙන්රියෝඕඕඕඔ.... ,,මේක නම් පට්ට මචං. අර රස්තියාදුකාර යතුරුපැදිකරුවාගේ බයික් හැසිරවිල්ල ඇගට දැනෙන්න උඹ ලියලා තියෙනවා. මේ අතිශයෝක්තියෙන් කියනවා නෙමෙයි. ඇත්තටම උඹ දක්ෂ විදිහට වැඩේ කරලා තියෙනවා.
ReplyDeleteහෙන්රියෝ උඹේ අප්ඩේට් ප්‍රශ්නෙ දැන් හරිනේ? මමත් උඹව උඩින්ම එල්ලගෙනයි ඉන්නේ. මගේ බ්ලොග් රෝලෙනම් ඩෙනිම අප්ඩේට් වෙනවා.
Deleteස්තුතියි බං රතු ඇගයීමට. බ්ලොග් කාරයෙකුට ඊට වඩා අහන්න ආසා දෙයක් දෙයක් තියෙනවද!
Deleteඅප්ඩේට් ලෙඩේ හදාගන්න මම මාර කට්ටක් කෑවා බං. මේ පොඩී ඉරි කෑල්ලක් වැඩි වෙලානෙ මේ ඔක්කොම ප්‍රශ්ණ තිබිලා තියෙන්නෙ.
නියමයි..
ReplyDeleteරස වින්දා
වෙන මොනවා
ලියන්නද මන්දා..
හරි හරි මචං. සරත් මම මට හිතෙන හැටි එකේ දාප එකක් මේකෙ ලියන ගානෙ මට මතක් වෙන පුද්ගලයෙක් ඉන්නවා. කවුද කියලා කියන්න ඕනෙ නෑනෙ. :D
Deleteකතාව තුලින් ලොකු සංස්කෘතික වෙනසකුත් මම දකිනවා මචං. අපිට නම් මොහොතකටවත් දරු පැටියෙක් තනියම පාරෙ දාලා යන්න බැරිවෙයි, මොන වරදක් කළත්.
ReplyDeleteමේක කතාවක් විතරනෙ මචං. සැබෑ ජීවිතේ ඔහොමදෙයක් කලා නම් අනිවා පොරට නඩු වැටෙනවා ළමා හිංසනයට ඔය රටවල.
Deleteඅපේ දැන් ඒ සංස්කෘතිය නැති වෙලා මචං. දැන් වෙන දේවල් ඔය පත්තරවල තියෙන්නෙ.
අර පැත්තට ගොගින් මෙව්ව කියොල අවෙ අයියෙ. ඒකෙ කමෙන්ට් දාන්ට කරදරයි 4න් එකෙන් ආවහම.
ReplyDeleteස්තුතියි දේශ්! ඒක නෙවෙයි දැන් මේකට උඹ කමෙන්ට් කරන්නෙත් ෆෝන් එකෙන්ද? කොහොමද බං සිංහල ගහන්නෙ?
Deleteත්‍රාසය,භීතිය කුතුහලය උපරිමයි.(මේ තාමත් මයිල් කෙලින් වෙලා)
ReplyDeleteඩෙනිම හෝදලා කිව්වට අලුත්ම ඩෙනිමක්නෙ.
ලොඹු ඩැහැගැන්විලා නැද්ද මචං? උඹට එච්චර වයසක් නෑනෙ නේද?
Deleteකොහොමද අලුත් ඩෙනිම වීයා? හොඳයි නේද ලේබල් ටිකයි රෙඩ් ටැබ් ටිකයි?
කතාවනං මැක්ස. සිද්ධි ටික මැවිල පේන්න ලියල තියෙනව. සිත්තරෙත් ලස්සනයි.
ReplyDeleteකොට කොට යන බුවෙක් උනත් කවුරුහරි පස්සෙං එනවනං කෑලි හැලි හැලි හරි ඇරල යනඑකනං ගොඩක් වෙලාවට වෙනව.
අර ඩෙනිම් ටික මේකට දාන්නම හොඳට හෝදල ගන්න ඇති නේද?
ස්තුතියි ප්‍රසන්න.
Deleteයකෝ මඩ ගන්න එපා ඩෙනිම් ටිකේ වදී. :O
උබ ලියන ඒවා දඩිබිඩියෙ එක දිගට කියවගෙන යැවෙන ඒවා බං !
ReplyDeleteජය !
ස්තුතියි සෑමා. උඹත් එහෙනම් සුපර්ස්ටාර් කෙනෙක් ඈ!
Deleteඅඩේ...මම මේක කියවලා තියෙනවනේ ඩූඩ්. පරණ පෝස්ටුවක් නේද ?
ReplyDeleteදැන් නම් ඩෙනිම ගොඩ වගේ..ඔය තියෙන්නෙ ලෙසටම..අර ටික හොඳයි වගේ නේද..මම මේ කිව්වේ අකුරු...:D
අකුරු වලට ස්තුතියි ළිහිණි. ඒ සමහර අකුරු එක එක වැඩ සටහන් වලාදි අසාමාන්‍ය විදියට පිහිටනවා.
Deleteඔව් මේ පරණ පෝස්ට් එකක් තමයි.:)
ලස්සන කතා ශෛලියක් ඩූඩ්.රූප මැවෙනවා හිතේ
ReplyDeleteඒකමයි බලාපොරොත්තුව වුනෙත් ප්‍රමුදි.
Deleteබැනර් ඒක ලස්සනයි. මාර මහන්සියක් වෙලානේ ඒක හදන්න..
ReplyDeleteකතාව රූප මැවෙන්නම දීල තියන්නේ. හොඳ පණිවිඩයකුත් එක්ක හොඳ අවසානයක්.. තව ඉස්සරහටත් ඇති නේ මේ වගේ කතා ?.
ඔව් බං. මාර කට්ටක් කෑවා ඒක හදාගන්න මට ඕනෙ විදියට. නදිනිගෙ බ්ලොග් එකට මොකද වෙලා තිබ්බෙ කියලත් කියාපංකො අපිඔටත් ඉගෙනගන්න.
DeleteOh, yes!
නදිනිටත් RSS එක දාන්න සපෝට් එකක් දුන්නු එක විතරයි කලේ.
Deleteනියමයි නියමයි..
ReplyDelete"" අර මම නූඩ්ල්ස් රැලක් කටින් උරලා ගන්නවා වගේමයි, යෝද හාලි ඩේවිඩ්සන් බයික් එක තාර පාර ගිලගන්නෙ!""" මේක නම් නියම උපමාව...සිරාම සිරා. ඔරිජිනල් එකෙත් මෙහෙමමද තියෙන්නේ අයියේ.
පැතුම් එහෙම කිව්වාම මම නැගිටලා ගිහින් පොත හෙව්වා, නමුත් හොයාගන්න බැරි වුනා බං. මම හිතන්නෙ එහෙම තමයි තිබ්බෙ. මට මතක නෑ.
DeleteThe Harley sucked in the tarmac like a string of spaghetti වගේ වෙන්නැති.
පස්සෙ බලලා කියන්නම්.
නෑ නෑ ඩුඩ් අයියේ හදිසි නැතෝ...ඒ උපමාව ඇතුලේ මට අමුතු රසයක් දැනෙනවා..ඒ කියන්නේ ගැලපෙන නියම උපමාව ඒක තමයි...ජීවිතේට අහලා නැති එකක්. ඒකයි මට ඒකට ලෙසටම හිත ගියේ.
Deleteසමහර වචන ඒ විදිහටම තියලා නිසා කතාව රසවත්.ඒවාට සිංහල වචන හොයලා දැම්මොත් රස නැතිවෙනං පුළුවන් උදා: // ඔයා ආපහු යන්ඩ. ඉස්කෝලෙ හිහින් එග්සෑම් ගොඩ දාගන්ඩ.//
ReplyDeleteඇයි අප්පා ඉංග්‍රීසිය අමු අමුවෙම පරිවර්තනය කරන්නැතුව ඒ තේරුම ගන්න දාපු සිංහල මෙව්වා....
Delete...//"මේ, මට ඔය මල පනින කතාව කියන්නෙපා. මට යකා නගිනව ඔය කතාවට." //.........
මෙහෙමයි කොල්ලනේ. මේ භාෂා විලාශය මේ වර්ගයේ කතාවලට ගැලපෙනවා මොකද ඔරිජිනල් එකත් මේ වගේම භාෂාවෙන් ලියපු යොවුන් කතාවක් නිසා. නමුත් මේක හරි නොයන කතාවලුත් තියෙනවා. මම ඊ ලඟට දාන පරිවර්තනය බලන්නකෝ. ඒකට මේ ක්‍රමය හරියන්නෙ නෑ.
Deleteමරු කියන්නේ ඩූඩ්...මරේ මරු! යේ ඉතිං ලොවෙත් නෑ! එහෙන්පිටින්ම ට්‍රාන්ස්ලේට් කරනවට වඩා අපේ වචන දාලා ට්‍රාන්ස්ලේට් කරලා තියෙන නිසා ගොඩක්ම හොඳයි. කියවන්ඩ ආසයි. එළ!
ReplyDeleteස්තුතියි ඉමල්ක, මේක පරිවර්තනය කරන්න ගිහිනුත් මම ඉමල්ක කියවලා ලබපු රසයට සමාන රසයක් ලැබුවා. නමුත් හැම කතාවටම ඔහොම කරන්න බෑ ඉමල්ක. මීට උඩින් තියෙන කමෙන්ට් එකත් බලන්නකෝ.
Deleteකලින් කියවා ඇත! ;)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එසේය රජතුමනි. :)
Deleteමන් මේක අරකෙත් කියෙව්වා
ReplyDeleteකවුද නිශානයානෙනි නෑයි කිව්වෙ? :D
Deleteමේ ඩෙනිම් කෑල්ල නම් ලස්සනයි. එත් අපරාදේ තිබුන එක.
ReplyDeleteස්තුතියි අසරණයා. උඹ ඒක කිව්ව හැටියටම මට පේන්නෙ උඹත් ඩෙනිම් ලෝලියෙක් වගේ. උඹ දන්නවද මගේ යාලුවෙක් ඉන්නවා ජීවිතේට ජීන්ස් එකක් ඇඳල නැති.
DeleteP.S.:මේ බැනර් එකත් තනිකර ස්වයංනිර්මාණයක්. ඒ වගේම මේක පට් ගාලා ලෝඩ් වෙනවා නේද දැන්?
Deleteපුංචි කාලේ කියවපු පොත් මතක් උනා, සෑහෙන්න ත්‍රාසය භීතිය කැටිකරගත්ත එකක්නේ.
ReplyDeleteමගේ බ්ලොග් එකටත් චන්දන අයියාට ස්ක්‍රීන් ෂොට් යවල යවල හදාගත්තා, හරිද බලන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා.අදවත් දාන්න ඕනි..
අලුත් ඇදුම ලස්සනයි, අයියා ෆොටෝ එක ගන්නම අලුතෙන් ඩෙනියමක් ගත්තද?
ඉතින් බ්ලොග් එකට හරියටම මොකක්ද වෙලා තිබ්බෙ කියලා උඹලා දෙන්නගෙන් කවුරුහරි මට කියනවද? මොකද මට ඔය තාක්ෂණික දේවල් ගැන පුදුම උනන්දුවක් තියෙන නිසා.
Deleteඅලුත් ඩෙනිමක් නෙවෙයි. ඇත්තෙන්ම මේ ඩෙනිම් ෆෝටෝස් ගත්තෙ ගිය අවුරුද්දෙ. අර පරණ ඇඳුම අන්දන්න.
බොලව්. ඔය හඩ්ඩො එහෙම ඇන්දට ඩෙනිම් කිලුටුවටම අඳින්න ඕනෙ නෑ. අනිත් උන් අහලා තිබ්බ ෆෝටෝ ගන්නම කලිසම හේදුවද කියලා. බොලව් මම දවසකට අවම වශයෙන් තුන්පාරක් නාන එකා. :D
සුදු වෙන්නද දන්නෑහ්!!!!
Deleteදැන් බ්ලොග් එකේ ලෙඩේ සනීපයි නේද? මම අර මගේ බ්ලොග් රෝලේ අමුනපු අමතර ලින්ක් තුන මකන්නද?
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ස්තුතියි විචාරක දීපු සහයෝගයට. ඇත්තෙන්ම ඒකෙ සමහර ලින්ක් වැරදියට නම් වෙලා තියෙන්නෙ. මගේ ඩෙනිමයි, මට හිතෙන හැටියි තියලා අමතර ඒවා මකන්න විචාරක
Deleteනියමම නියම පරිවර්තනයක් ඩුඩ්.... කියන්න වචන නෑ.... මට කතාව ලෙසටම මැවිලා පෙනුනා.....
ReplyDeleteකලින් එකේ බලලා තිබුන හන්දා ඔලුව දාලා ගියා, ළඟදි අලුත් පරිවර්තනයකට අත ගැහුවෙ නැද්ද ?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete[co="red"].........ශා....අපරාදේ...ඒ කරලත් මැස්සව අල්ලගන්න බැරි වුන එකයි දුක..... :D :D :D
ReplyDeleteඇත්තටම ඩුඩ් පරිවර්තනයක් පටන් ගත්තොත් නරකද ටිල ටික ටික කරන්න හරි.....මේක හැමෝටම බෑ....හරිම ලස්සනයි
ඩෙනිමෙ බැනර් එකත් හරිම ලස්සනයි................... :D [/co]
ඩුඩ්,
ReplyDeleteමම 'මට හිතෙන හැටි' බ්ලොග් එකේ දාපු කමෙන්ට් එකම මේකෙත් අලවනවා. D
වාව් !!!!!. :D හරිම සතුටුයි ඔයා ගේ මේ පරිවර්තනය ඔක්කොමලාම අගය කරලා තියෙන හැටි හා රසවිදලා තියෙන හැටි ඇහුවාම. මොකද මමයි චුටි පුතායි දන්නව ඔයා මේක ලියන්න සහ චිත්‍ර අදින්න සැහෙන්න මහන්සි වුනා අනිකුත් වැඩ අතරේ.
ඉතිං ඒ මහන්සියෙ ප්‍රථිපල ඔය කමේන්ට් වලින් ලැබිලා තියෙනවානේ :D . ඔයාට අපේ තුන්දෙනාගේම සුභ පැතුම්!!!!!!!!!!