Friday, March 8, 2013

52. සැබෑම වෙනසක්! Parallel Blogging!

අපි වරක් කියෙව්වා පොතක් Men Are From Mars, Women Are From Venus ද කොහෙද කියලා. දෙගොල්ලන්ගෙ තියෙන ජානමය වෙනස් කම් ගැන.

මේ ඒ පොතෙන් නොවුනත් මේත් දෙගොල්ලන්ගෙ මොළවල ඇති වෙනස් කම් ගැන Allen Pease ගෙ The Ultimate Book of Rude and Politically Incorrect Jokes කියන පොතේ තිබිච්ච පින්තූරයක්. ඒ පොතේම ඕනෙ නම් ෆෝටෝ කොපි කරලා යාලුවන් අතර බෙදා ගන්න කියලා කියලා තියෙන නිසා කොපි රයිට් ප්‍රශ්ණත් නෑ.

එහෙනම් මෙන්න වෙනස.


Female Brain ගැහැණු මොළය

නමුත් මේක ඉංග්‍රීසියෙන්ම තේරුම් ගන්න උත්සාහ කරන එක වඩා හොඳයි. බැරිම නම් විතරක් පහතින් තියෙන ගැට පද විවරණය පාවිච්චි කරන්න.
 

ගැට පද විවරණය:


Need for commitment hemisphere: සහකරුගේ කැපවීම අපේක්ෂාකිරීමේ අර්ධගෝලය

Clothes and shoe nucleus:  ඇඳුම් සහ පාවහන් න්‍යෂ්ඨිය (පාලක මධ්‍යස්ථානය)

Telephone and talking skills: දුරකථන සහ කථන කුසලතා

Indecision nucleus: අතීරණයේ න්‍යෂ්ඨිය (පාලක මධ්‍යස්ථානය)

Chocolate center:චොකලට් මධ්‍යස්ථානය

Shopping spree cell: සාප්පු සවාරි සෛලය / කුටීරය

Listening skills: ඇහුම්කන්දීමේ කුසලතා

jealousy  nerve center: ඊර්ෂ්‍යා ස්නායු මධ්‍යස්ථානය

after marriage sex micron: විස්තර කිරීම අනවශ්‍යයි

lie detector gland: බොරු ඇල්ලීමේ / ඉව කිරීමේ ග්‍රන්ථිය

Continually put toilet seat down nerve: කොමෝඩ් සීට් එක කොච්චරවාත් පහලට දමා යෑමේ ස්නායුව

Map reading particle: සිතියමක් කියවා අවබෝධ කර ගැනීමේ  අණුව

Fart detection center: ගුද වාත (පඩ) ඉව කිරීමේ මධ්‍යස්ථානය

Juicy gossip center: රස වෑහෙන ඕපා දූප මධ්‍යස්ථානය

Parallel Parking neurone: පදික වේදිකාවට/ යාබද වාහනයට  සමාන්තරව  රිය නැවැත්වීමේ නිපුණතා නියුරෝනය

Sense of direction cell: දිශාව ගැන අවබෝධයේ සෛලය


මේ කාන්තා දිනයේ  කාන්තාවන්ට මඩ ගහන්න උත්සාහ කරනවා කියලා වරදාවා හිතන අය පිරිමි මොළය ගැන දැන ගන්න මෙතන ඔබන්න. ටැබ් දෙකක ඇරගත්තොත් තමයි වඩා හොඳ!

106 comments:

  1. අපෝ බොලේ
    මෙන්න මොලේ
    අරන් කොලේ
    ලියා ගන් බොලේ

    ReplyDelete
    Replies
    1. උඹ පිරිමි මොලේ බැලුවේ නැද්ද ලින්ක් එකෙන් ගිහින්? :D

      Delete
    2. බැලුවා.... බැලුවා...

      Delete
  2. පිරිමි මොලේ ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න ඕනි.අනාගතේට ප්‍රයෝජනවත් වේවී නේ.. ^_^

    ReplyDelete
    Replies
    1. අන්න අන්තවාදියා. ඇයි බෝල ගෑණු මොලෙත් අරන් සයිඩ් බයි සයිඩ් දැම්ම නම් ගෙවෙනවද? :D

      Delete
    2. අරගෙන බෑග් එකේ දාගෙන තියාගන්න

      Delete
  3. Replies
    1. මගෙත් මොළේ කොළොප්පන්ම වුනා මේක දැකලා.

      Delete
    2. මටත් කියන්න තියෙන්නෙත් මේකමයි :)

      Delete
  4. අනේ අම්මප අයියේ....පිරිමින්ගේ එක නම් සහතික ඇත්ත, තව එකතු කරන්න ඔතනට ෆෝන් එකෙන් පාර හොයන එක, දවසෙම ලැප්ටොප් එක අස්සේ රින්ගගෙන ඉන්න ඒවා එහෙම...

    ReplyDelete
    Replies
    1. මෙන්න අනිත් අන්තවාදියා! ඇයි බොල ගෑණු මොළේ ගැන මොකුත් නොකියන්නෙ?

      කතාව ඇත්ත. මමත් එහෙම තමයි. ඒ දෙක දාන්න ඕනෙ TV and remote control addiction වලට
      TV , remote control. laptop and mobile phone addiction කියලා.

      Delete
    2. මේක දැක්කම මට බකාස් ගාල හිනා ගියා. මමත් ඔය එක එක ෆෝන් වැඩකෑලි ටෙස් කරනවා. අදත් එකක් ටෙස් කොරා; පාර හොයන අතරේ සයිඩ් එකෙන් අපි යන ස්පීඩ් එකයි මුහුදු මට්ටමෙන් උසයි වැටෙනවා.
      තව එකතු කරන්න ඕන ඒවා තියනවා. ඇයි ආ ඇයි ෆෝන් එකේ සැටලයිට් ඉමේජ් වලින් දන්න කියන තැන් වලට අහසින් ගොහින් බලන එක? මැප් එකේ ගෙදර හොයන එක? දවල්ට කාපු හෝටලේ ගූගල් මැප් වල මාර්ක් කරලා තියනවද බලන එක?

      Delete
    3. තොටියා බැන්දලද? එහෙනම් මම කියන්න ඕනි නෑ නේ බිරිද කියන ඒවා ඔය ෆෝන් ටෙස්ට් කරනවට?? :P මටනම් හිතෙන්නෙ කෙහෙල්මල් ෆෝන් එකයි ලැප්ටොප් එකයි දෙකම විසිකරල දාන්න. කියන දෙයක් අහගෙන ඉන්නෙත් නෑ. එක්කො ආයෙ ආයෙ අහනවා මතක නැතුව, අනික කේන්තිම යන වැඩේ කියන්නෙ මේ ඉපදුන දවසේ ඉදන් හිටපු ගෙදර යන්නෙත් ෆෝන් එකෙන් පාර බලාගෙන. මට ඉතින් මතක් වෙනවා අයි ෆෝන් එක හොයාගත්ත අයව ගෞරවයෙන්.

      Delete
    4. අපේ ගෙයි වහලෙ ගූගල් අර්ත් වල තියෙන්නෙ 2010 තිබ්බ විදියට තාම. මම නිතර ගිහින් බලනවා අප්ඩේට් කරලද කියලා.

      ඒ වගේම ෆෝන් එකේ නැවිගේෂන් එක හරියට වැඩ කරනවද කියලා බලන්න ඕනෙ නිතරම. නැද්ද?

      ලැප්ටොප් එකක් නැතුව නම් ජීවත් වෙන්නෙ කොහොමද කියලා මටත් හිතාගන්න බෑ. ජීවිතේම ඒකෙ හාඩ් ඩිස්ක් එකේ.

      ගෑණුන්ට අපි ගැන පුදුමයිලු නේහ් තොටියා?

      වෙලාවකට හිතෙනවා මේ ඔක්කොම අතෑරලා වනචර, කුපාඩි, කුඩුකාර, බේබද්දෙක් වෙන්න. :D

      Delete
    5. @ nadini: ඩබල් වෙලා නැති නිසා තාම නම් ඒවගේ කේස් එන්නෙ නෑ. ඒත් ගෙදර ආවම අම්මලා නම් බර බරං ගානවා කොයිවෙලෙත් ෆෝන් එකෙයි නෙට් එකෙයි කියලා.
      @ ඩූඩ්: ඒකනේ පිරිමින් තේරුම්ගැනීමට අදාල ගෑනු මොලේ කොටස නම් අයියෝ... කතා කරලා වැඩක් නෑ හෆ්ෆා
      // කුපාඩි, කුඩුකාර, බේබද්දෙක්// අම්මෝ සර් කෙනෙක් කියන කතාද මේ? හැක් හැක්

      Delete
    6. අඩේ අප්පා නදිනි.......අපේ ගැනී දැක්කනම් ඔයාට සම්මානයක් දෙනවා ඒකාන්තයි.

      Delete
  5. මම දැකලා තිබුනේ පිරිමි මොළේ හැම කොටසෙම "සෙක්ස්" කියලා ගහලා තියෙනවා විතරයි.. මේක දැක්කේ අදයි.. තෑන්ක්ස් මචෝ...

    ReplyDelete
    Replies
    1. උඹ මේක අගය කරන බව මම දන්නවා මචෝ. මේවා ඇත්ත නේද? :D

      Delete
  6. මූත් අපිව මීයො කරන්න අරන්ද ඒ පාර.. ?

    ඔය මුලින්ම කියලා තියන පොත මට ඊයේ ඊමේල් එකකින් ආවා.. පිටු ගානක එකක්.. ඕනනම් සහන ගාස්තු යටතේ සපයන්න පුලුවන්..

    Ctrl + V

    ReplyDelete
    Replies
    1. Men are from Mars? ඒයි මට එවාපංකො ඒක. මේ පොත ඉස්කෝලෙ ලයිබ්‍රරියේ එකක්. ඒක ආපහු දෙන්න ඕනෙ. එවාපං ඈ?

      ඔය අනිත් පොත නැද්ද?

      Delete
    2. Men Are From Mars, Women Are From Venus කියන්නෙ එක පොතක් නෙමේද ?

      මට ඊමෙල් එක දෙන්න ඩූඩ්.. හෙටම ලැබෙන්න සලස්වන්නම්..

      Delete
    3. henry_jayawardene@yahoo.com

      And, Thanks Senna.

      Delete
    4. @සෙන්නා,
      මමත් ඊමේල් ඇඩ්ඩ්‍රස් එක එව්වොතින් මටත් එවනවද?

      Delete
  7. පිරිමින්ගෙ මොළෙන් බාගයක් තියෙන සෙක්ස් වලට ගෑණු මොළේ තැනක් ඇත්තෙම නැද්ද ඩූඩො.

    ReplyDelete
    Replies
    1. අනේ මචං ඔය ඇලන් කාරයා කියන දේවල්. අහිංසක මගෙන් ඕවා අහලා මාව අමාරුවේ දාන්න එපා.
      (එයාලා මේ උඹලා අපි වගේ නෙවෙයි බං. යහපත් කට්ටිය)

      Delete
    2. ඒක තමා මාත් බැලුවේ. මේක නම් බොරු මොළයක්ද කොහෙද ඩූඩ්...වෙන්න බැරි වැඩක්නෙ. එතකොට ගැහැණු අයට " හැඟීම් දැනීම්" නැද්ද ?

      Delete
    3. ඔන්න ළිහිණිගෙ මීලඟ පෝස්ට් එක අප්ඩේට් කරන ලද ගැහැණු මොළය.

      The Truth About the Ultimate Female Brain!

      Delete
  8. >> after marriage sex micron: විස්තර කිරීම අනවශ්‍යයි <<

    චැහ් ! අවශ්‍යම එකට ගැටපද විවරණයක් සපයල නෑ නොවැ. දැන් කොහොමද මම මේක තේරුම්ගන්නේ .......

    ReplyDelete
    Replies
    1. ඕකම තමයි මචන් මටත් තියෙන ප්‍රශ්නේ, මේ ඩුඩා වැඩක් නැති එකෙක්. ඕනෑම දේ කියලා දෙන්නේ නැහැ.

      Delete
    2. මම වැඩක් නැති එකෙක් කියන එක මම දවසකට කීපාරක් අහනවද බං! :D

      Delete
    3. හික් හික් හික්..... අම්මපා මට ඇහුනේ එච්චරයි....!හැක්

      Delete
  9. උඹ කියනවනම් විස්වාස කරනවා ඔය කවදාවත් නොදන්නා ඇලන් කාරය කියන ඒවා ඒ හැටි ගණන් ගන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. උඹ මා ගැන තිබ්බ ඒ විශ්වාසයට මම ගරු කරනවා අසරණයා. ඒක වටිනවා. හැබැයි මේකෙ අයිති කාරයා ඇලන්.

      Delete
  10. මොනවයි බං මේ..මොලෙත් කොලොප්පන් වෙනව.

    ReplyDelete
    Replies
    1. සන්තෝෂ වෙයං!

      කොච්චර හොඳද බං.

      මොලේ තියෙන උන්ගෙ විතරයි මොලේ කොලොප්පන් වෙන්නෙ. :D

      Delete
  11. මොළ දෙක සැසඳිමේදී කැපී පෙනෙන වෙනස්කමක් නම් පිරිමි මොලේ මූලිකම අංශයට අනුරූපී ගැහැණු මොළේ කොටස after marriage තත්වයට upgrade වීමේදී න්‍යෂ්ටව ගොස් ඇති බවයි....

    ReplyDelete
    Replies
    1. [ma]ඔන්න කියපු එකේ වැඩ දාලත් කමෙන්ට් එකක් දැම්මා. නැතිනම් ඩූඩ් පවු නේ[/ma]

      Delete
    2. අන්න ගෑණු පිරිමි මොල වල වෙනස වෛද්‍යවරයකුගේ ඇසින්. ෂා කොච්චර වටිනවද ඒ එන්ඩෝස්මන්ට් එක!

      Delete
  12. පිරිමි මොළේ ගැන නම් දැනගන්න වටිනවා. හි හි හී

    ReplyDelete
    Replies
    1. ඇයි මේ පිරිමි මොලේට විතරක් හිනාවෙන්නෙ උඹලා?

      Delete
    2. ඒක දැක්කම නිකම්ම හිනා යනවා :P

      Delete
  13. ඇත්ත ද අයියා මෙව්වා :D:D

    //ටැබ් දෙකක ඇරගත්තොත් තමයි වඩා හොඳ!// ඔටෝ ම වෙන ටැබ් එකක ඇරෙන්න ක්‍රමයක් දෙන්න ද?

    ලින්ක් එක ඇඩ් කරලා HTML වලට මාරු වෙලා ලින්ක් එකේ අගට මෙහෙම දෙන්න. target="_blank" එතකොට මෙහෙම පෙනෙන්න ඕන.

    <a href="http://matahithenahatty.wordpress.com/2013/03/08/117-%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%91%E0%B6%B8-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A/" target="_blank">මෙතැන</a>

    ReplyDelete
    Replies
    1. It's the truth, nothing but the truth කියලානෙ කියන්නෙ.

      එහෙම බොරුවක් මුසාවක් මම කියයිද මගේ පාඨකයො වන උඹලට?

      මම ඕවා ටැස් කොරලා බලලා තියෙනවා.

      අරක මම දැම්මා. උඹට ස්තුතියි චන්දන. දැන් රයිට් ක්ලික් නොකර හිටියෑකි නේ?

      Delete
    2. එහෙනම් මොකටෙයි සාංකාවක් තියා ගන්නේ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. :)

      ඔව්.. දැන් රයිට් ක්ලික් කරන්න ඕනේ නෑ. වැඩේ හරි.

      Delete
    3. චන්දන, ඔය ඔප්ෂන් එක වර්ඩ්ප්‍රෙස් වල නිකම්ම එනවා. බොක්ස් එකක් ටික් කරන්න විතරයි තියෙන්නෙ ලින්ක් එක දානකොටම.

      Delete
  14. [ma] I feel like floating in the mid air! [/ma]

    ReplyDelete
    Replies
    1. Uh, huh! so happy about this? Nice to hear.

      Delete
  15. ශා මේකනම් ඇත්ත.....ඇයි ගෑනු අයගේ නැති වු දේවල් සෙවීමේ මොලේ....හිහ් හිහ් හිහ් ඇත්තම ඇත්ත ඩුඩ්.... :D :D :D

    ReplyDelete
    Replies
    1. හැබෑට අර මොළේ ආපස්සට ගෙනියන එක මේකෙ නෑනෙ!

      Delete
  16. ගෑනුන්ගේ Need for commitment hemisphere කොටස පිරිමින්ගේ මුලුමනින්ම වැහිලා තියෙන්නේ sex වලින්නේ. හී හී...

    දර්ශන ගොඩක් මවාගත්තෑකි මේ ටිකෙන්.:D

    ReplyDelete
    Replies
    1. ඇයි අර map reading, parallel parking juicy gossips, fart detection දැක්කෙ නැද්ද?

      වැඩේ තමන්ට ඕනෙ දේ විතරනෙ දකින්නෙ!:D

      Delete
  17. පිරිමි මොළේ හොඳ nerve එකක් තියනවා දැක්කා. hikz.

    ReplyDelete
    Replies
    1. ඇයි ගැහැණු මොලෙත් මරු වැඩ කෑලි ටිකක් තිබ්බා නේද ඉඳුවරී? :D

      Delete
  18. හ්ම්ම්..ගෑනු මොලේ නම් සංවිධානය වෙලා තියනවා හරිම මදි!

    ReplyDelete
    Replies
    1. ඔව් බං 5S ක්‍රමේට තියෙන්නෙපෑ අපේ වාගෙ, නැද්ද? :D

      Delete
  19. යකෝ තඩි සෙක්ස් ගුලියක් මගෙ මොලේ ඇතුලේ ????

    ස්කෑන් නොකර හිදිමි :)

    ReplyDelete
    Replies
    1. උඹ ඒක දැන්ද දන්නෙ? මම නම් ඒක දැනගෙන හිටියා උඹ ලියන එව්වෑං! :D

      Delete
  20. යකෝ පිරිමි මොළෙන් 1/4 ක් ම තියෙන කෑල්ල ගෑනු මොළේ ගෑවිලාවත් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. මේක අප්ඩේට් කරලා වැරදි හදලා ගනිල්ලකො. :D

      Delete
  21. මේ වගේම පිරිමි මොලේ පිංතූරෙකුත් මං දැක්කා කොහේ හරි! ඒකත් පැත්තකින් හොයලා දැම්මනම් මරු! :)

    ReplyDelete
    Replies
    1. මොනවා බං! අර දිලිසි දිලිසි තියෙන ලින්ක් එක දැක්කෙ නැද්ද මේකා!!!!!!! :O

      Delete
  22. මචෝ මොලේ ගැන ප්‍රශ්න ගොඩයි..

    ඔය ගෑනු මොලේ තියෙනව නේ මෙහෙම් එකක් after marriage sex micron...
    කෝ බන් before marriage sex කොටස?
    පිරිමි මොලේ නම් නියමයි ඔහොම after, before කතන්දර නැහැ.

    ReplyDelete
    Replies
    1. මේක හරියන්නෙ නෑ මචං. දැන් මේකෙ නිරවද්‍යතාවය ගැන එක එකා ප්‍රශ්ණ කරනවා. කට්ටිය එකතුවෙලා කමි‍ටුවක් පත් කරලා මේක හදමුකො. නැතිනම් උඹලා එහෙම වැඩිදියුණු කරපු රූපසටහනක් හදලා පෝස්ට් එකක් දාමුකො උඹලෑ බ්ලොග් වල :D

      Delete
  23. මුකුත් නොකියන එක ඇඟට ගුණය ....

    ReplyDelete
    Replies
    1. නොඉඳ හිතේ තද කරන් ඔන්නොහෙ කියන්න.

      ආයෙ නහයට උඩින් ගියාට පස්සෙ කොච්චර යට උනත් එකයිනෙ. :D

      Delete
  24. අර පිරිමි මොලේ ගැන කියල තියෙන ඒවා නම් සෑහෙන ප්‍රමාණයක් වගේ ඇත්ත නේද.......

    ReplyDelete
  25. සිරා නෙහ්....

    මගෙ මොලේ නං අර අකුරු 3 තඩි කෑල්ල ඔයිට වඩා ලොකුයි! අනිවා! ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ++++
      උඹ නොකිව්වත් අපි ඒක නොදන්නවා කියලා හිතුවද? මම හිතන්නෙ උඹේ සුෂුම්නාව දිගටම ගිහින් වල්ගෙ කපපු තැනටම තියෙන්නෙ ඒ අකුරු 3 තඩි කෑල්ල වෙන්න ඕනෙ.;p

      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  26. ගෑණුන්ට මොලේ තිබ්බට වැඩක් නැහැ කියලා මම හිතන් හිටියා හරි.

    ReplyDelete
    Replies
    1. උඹ ගුටි කන කතා කියන්න එපා. ඒක නැතුව අපේ මොළ වලින් වැඩක් නෑ. Counterpart.

      Delete
    2. වයිෆ්ට බයේ දැමු කොමෙන්ටුවක් බව පෙනේ :D

      Delete
  27. මමත් කොහේ හරි දැක්ක ගැහැනුන් ක්ෂණිකව දෙන උත්තර බුද්ධිමත්, කල්පනා කර දෙන උත්තර මෝඩයි වගේ කතාවක්.

    ReplyDelete
    Replies
    1. එහෙමද? ඒක ගැන මම අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී ඉන්න කැමතියි.

      Delete
  28. ඩුඩ් මේක මරු වැඩක් . සාමාන්තර සටහන් ..... ගන්න පේටන්ට් එකක් සංකල්පයට වහාම ...මොළ දෙක ගැන නම් එකඟයි ඉතින් අඩු වැඩි වශයෙන් . අර ගෑනු මොලයේ සැකය උපදවන කෑල්ලක් නැත්ද ..ඒක ඉරිසියාව ග්‍රන්තියෙන් ශ්‍රාවය වන එන්සයිමයක්ද ?

    එතකොට පිරිමි මොලයේ නැත්ද කෑල්ලක් කඳුළු දැක්කම , තර්කන ශක්තිය බිඳ වැටෙන , හිතට බය හිතෙන

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා JP මේක මගේ නිර්මානයක් නම් තව කෑලි එකතු වෙන්න තිබ්බා. සමහර විට මේ හරස් කඩට අහුවෙන්නෙ ඇතිව දෙපැත්තෙ සම්පූර්න ලොකු කෑලි ඇති කියලා හිතෙන්වා මට. :(

      Delete
  29. අපොයි ඉරිසියාවටත් වෙනම කොටසක් තියෙනවද? එක තමයි මෙච්චර කැට් ෆයිට් යන්නේ. හිකිස්.............

    ReplyDelete
    Replies
    1. උඹට මේකෙ ගැන ප්‍රැක්ටිකල් එකක් කරන්න පුලුවන් සතියක් හරියට නිරීක්ෂනය කලොත්!

      Delete
  30. හී හී...පිරිමි මොලේ කතාව නම් ඇත්ත ගොඩක්

    ReplyDelete
    Replies
    1. ගෑණු මොලේ ඊට වඩා නිවැරදි නොවෙන්නෙ ඒකෙ තව කෑලි අඩු නිසා කියලා ඔය කට්ටිය කියන්නෙ. :)

      Delete
  31. ඩුඩ්,

    මේ ඇලන්, පිරිමි සහ ගෑණු ගැන සැහෙන්න අධ්‍යයනයක් කරලා තියෙනවා, මේහෙම මොල දෙක ක්‍රියාත්මක වෙන විදිය පෙන්නුම් කරන්න. :D

    ReplyDelete
    Replies
    1. මේක සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් කියලාමයි මට හිතෙන්න.

      Delete
    2. පොස්ටුවෙන් පස්සෙ ඇවිද ඇවිද හෙව්වෙ දීපා මොකද කියන්නෙ කියලා තමා..හ්ම්..වලියක් දාගන්න පාටක් නෑ!!

      Delete
  32. මම නම් කියන්නේ දෙකම ගොඩක් දුරට සමානයි කියලා. හා නැද්ද ඩුඩ් අයියේ ?

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නෙ සමාන කමකට වඩා ගැලපීමක් තියෙනවා කියලා. අර food to fart conversion and fart detection කතාව බලාපං.

      Delete
  33. හපොයි පිරිමි මොලේ කිසිම වැදගම්මටකට දෙයක් නෑ නේ.. ඔක්කොම වැහිලා තියෙන්නේ වැඩකට නැති දේවල් වලින්... පව් අප්පා..

    ReplyDelete
    Replies
    1. පුංචි කුමාරිහාමිට රූප සටහන් දෙක මාරු වුනාවත්ද කියලා මම කල්පනාකලේ!! :O

      Delete
  34. දෙකම කියෙව්වා.... ගැහැණුන්ගේ ඇහුන්කන්දීමේ කුසලතාවය නම් ඔච්චර ලොකු වෙන්න බෑ... මං නම් හිතන්නේ ඒක ලොකු වෙන්න ඕනේ පිරිමින්ගේ.

    පිරිමින්ගේ පාර ඇසීමේ මයික්‍රෝනෙ නම් හරියටම හරි... :D

    එක නෙමේ.. පැරලල් බ්ලොගිං අයිඩියාව මරු...

    ReplyDelete
    Replies
    1. තිසර, මම උඹට රහසක් කියන්නද? (මේක උඹ හොඳාකාරව දන්නවා උඹ බැඳලා නම්.)
      පිරිමි අහගෙන ඉන්නවා වගේ පෙනුනට අහගෙන ඉන්නෙ නෑ. සද්ද නැතිව ඉන්නවා භාර්යාවට කතාකරන්න දීලා. භාර්යාවෝ ඔහේ කතාකරගෙන යනවා. අරූගෙ ඔලුවට අර කිව්ව ඒවායින් 5%ක් වත් යන්නෙ නෑ. සද්ද නැතිව ඉන්න එකයි අහගෙන ඉන්න එකයි දෙකක්නෙ බං.

      ගැහැණු එහෙම නෙවෙයි. හොඳ කල්පනාවෙන් අහගෙන ඉන්නෙ. අනිත් ගෑනුන්ගෙ වයස, කාර් එක කීයකට ගත්තා කියලද ගිය අවුරුද්දෙ කිව්වෙ, එයාගෙ පුතාගෙ රිසල්ට් Aස් කීයක් කියලද කිව්වෙ අවුරුදු දෙකකට කලින්, සෙක්‍රටරි බැඳලා කියලා නේද කිව්වෙ, සෙක්‍රටරි වයසක ගෑණියක් කියලා නේද කිව්වෙ, අලුතෙන් ඔෆීස් එකට කෙල්ලො වගයක් ආවා කියලා ඔයා මට කිව්වෙ නෑ, ඔන්න ඔයවගෙ අහගෙන ඉන්නවා මදිවට ස්ටෝර් කරලත් තියාගෙනයි ඉන්නෙ.

      දැන් තේරුනාද?

      ස්තුතියි පැරලල් බ්ලොගිං ගැන වචනෙට.

      Delete
  35. මොකෝ බං මොල හෝදන්නේ.. හැක්.. අරක ඔබන්න හිතුනෙම නෑ පිරිමි මොලේ ගැන මම නොදන්නවැයි.. හෙක්...

    ReplyDelete
    Replies
    1. මේක මොළ හේදිල්ලක්යැ බං, මොළ විශ්ලේෂණයක් මිසක.

      ඒයි ඒයි, ඒවා ඔට්‍ටු නෑ. පිරිමි මොළේ ගැන උම දන්නෙ මොනවද කියලා හිතෙයි ඒකට ගිහින් බැලුවාම ....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මට පේන්නෙ උම ඒක බලලා දැන් ලැජ්ජාවට ඒක බැලුවේ නෑ කියනවා වගේ....

      Delete
    2. ඒක නේ බං කියන්නේ..

      Delete
  36. Replies
    1. මෙන්න තවත් වෛද්‍ය සහතිකයක්!

      Delete
  37. දෙපැත්තම කිච කරලා දෙපැත්තෙන්ම ලකුණුත් දාගන්න ක්‍රමයක් හොයාගෙන ඩූඩ්..

    ReplyDelete
    Replies
    1. ඔන්න බලාපං ඉතින්! සරත් තුමා එක දැකපු හැටි! ඒකනෙ. පරිපාලන මොලේ!:D

      Delete
  38. අච්චර ලොකු පඩ ඉව කිරීමේ මධ්‍යස්ථානයක් මොකටද බං... ආ... හැබෑටම පිරිමිත් එක්ක ඉන්නකොට ඕක ඕන තමයි අදාල වෙලාවට පැත්ත පළාතෙ නොගිහින් ගව් ගාණක් දුරින් ඉන්න... වැඩක් නෑ වැඩක් නෑ... මේක ඇලන්ගෙ ගෑණු මනුස්සයගෙ මොළේද කොහෙද.... හරි නම් රස වෑහෙන ඕප දූප මධ්‍යස්ථානයක් ගෑණු මොළේ තියෙන එකටත් වැඩිය ලොකුවට පිරිමි මොළේ තියෙන්න ඕන... කෝ ඒකත් නෑ... ඒ මගුලෙ තියෙන්නෙ සෙක්ස්ම විතරයිද කොහෙද...

    සරත් අයියා උඩින් කියල තියෙන එක නම් ඇත්තම ඇත්ත... පිළිතුරු ගී බැලුවම ඒක හොඳට පේනවා... අයියෝ ඩූඩෝ... හික්ස්...

    ReplyDelete
    Replies
    1. ඒ තරම්ම සෙන්සිටිව්. දොරවල් දෙකකට එහා පැත්තෙ බ්ලෙන්ඩර් එකක් ගහගෙන වැඩකරකර ඉන්න සමහර නෝනලට අර සද්දෙට උඩින් ෆාර්ට් එක ඇහෙනවනෙ. අනික මේක නිකුත් වෙන්න කලින්ම දැන්ගෙනත් ඉවරයි. කුණුලොරියෙ ගඳට උඩින් මේක දැනෙනවා.

      ඕපාදූප ගැන උඹ ඔහොම කියන්නෙ තනිකර ද්වේෂසහගතව. තනිකර හෙලා දකිනවා.

      Delete
  39. මට හිතෙන්නේ ඇලන් විතරක් නෙමෙයි අදහස් දක්වපු අයත් ඔයත් හරි. මොනා හරි කියන්න ගියොත් මමයි වැරදි වෙන්නේ. මොකද එතකොට හැමෝම දැන ගනීවි මට මොලේකුත් නෑ කියලා. ඕං මම ගියා. හැක්....!

    ReplyDelete
  40. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
  41. මේවා ප්‍රින්ට් කරලා තියාගන්න වටිනවා.

    ReplyDelete
  42. ඩුඩ්, බොලාට බ්ලොග් කීයක් තියෙනවද?? එක එක දවසට, එක එක එව්ව අහු වෙනව. :D

    ඔය පොත වගේම එකක් තමා " Why men lie and women cry "

    ReplyDelete
  43. ම්..මේ පින්තූරයට මම නම් සම්පූර්ණයෙන්ම විරුද්ධයි අප්පා..මම එකක් අඳින්න ඕන හොඳට හිතලා බලලා..

    ReplyDelete
  44. පිරිමි මොළේ 100%ක් ඇත්ත. ගෑණු මොළෙත් එහෙමයි කියලා අහලා තියෙනවා.

    --------------
    මොකෝ මේ මං නැති දවස් ටිකට කරගෙන තියෙන්නේ. බ්ලොග් රෝලේ පරණ එකක්. එතකොට ජස්ටින් පුහ්: ඒවා. රිපීට් එව්වා වැහි වැහැලා. ඒ මදිවට බ්ලොග් එකේ ඇඳුමත් වෙනස් වෙලා. ප්‍රොෆයිල් පික් ඒකත් මාරු වෙලා. අනේ මංදා. අර මූණත් තහඩුව අයින් කළානම් හරියන්නත් ඉඩ තියෙනවා. :D.

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>