Wednesday, September 9, 2015

138. මෙතෙක් කතාව සහ අද එතැන් සිට - දෙවන කොටස.

අර පළවෙනි කොටසෙන් දැකපු සමනල් යොවුන් වියේ ප්‍රේම කතාවෙ ඉතුරු ටික අහන්න බලා හිටිය කෙනෙක් යම් බලාපොරොත්තු කඩ වීමකට භාජනය වුනානම් මට සමාවෙන්න ඕනෙ. ඒ කෙල්ල මම ඊට පස්සෙ කවදාවත් දැක්කේ නෑ. It's a small world කියන්නේ පට්ට පල් බොරු කතාවක්.


දශක එකහමාරකට පමණ පසු.
God forsaken Country: (North) Eastern Zone, Parallel Universe
ශාපලත් දේශය, (උතුරු) නැගෙනහිර පළාත, සමාන්තර විශ්වය.


මම රංජියගෙ ප්‍රෙස් එකෙන් අපිටම අච්චු ගස්සවගෙන ආපු ගුරු ස්ථාන මාරු  ඉල්ලුම්පත්‍ර පන්සීයක් එක්ක ඔට්‍ටු වෙනවා.  ඉල්ලුම්පත්‍ර පන්සීයක් මොකටද කියන ප්‍රශ්ණෙට මට දෙන්න තියෙන උත්තරෙ අර පර්ෆියුම් ස්ප්‍රේ එක කලිසම ඇතුලට ගහගත්ත හේතුවම තමයි. බඩු ෂුවර්ම වෙන්න. මම ඉඳගෙන ලියනවා. හිටගෙන ලියනවා. මෙට්ටේ වැතිරිලා ලියනවා. සිමෙන්ති පොළොවේ වැතිරිලා ලියනවා. නිදිමරාගෙන ලියනවා.

අවුරුදු තුනකට දුෂ්කර සේවයෙ යෙදෙන්න ගිවිසුමක් අත්සන් කරලා ජීවිතේ හොඳම කාලෙ මේ නරකාදියෙ ගෙවන්න හිත හදාගෙන ආවට, අවුරුදු හයක් ගිහිල්ලත්  තවම මෙතන.

දුෂ්කර සේවයට යන්න වෙන බව දැනගත්ත සමහරු ලොකු අතු හොයාගෙන පන්දම අල්ලලා කොහොම හරි වැඩේ ගොඩ දාගෙන සැපදායක  පළාත්වලට මුලින්ම යනවා. එහෙම ගියාම කවදාහරි දුෂ්කර සේවයට දාන්න ඉඩ තියෙනවා. ඉතින් දැන් ගිහින් ඕක ඉවර කලාම වැඩේ ගොඩනේ කියලා කියලා හිතන අපි පන්දම නො අල්ලා, සපත්තු ලෙව නොකා, දේශපාලුවෝ ගාවා දෙකට නොනැවී, අපි රටේ විවිධ දුෂ්කර පළාත් වලට යන්න කැමති වෙනවා. අපි ඇත්තටම රස්සාව ගන්නවත් දේශපාලුවෝ ලඟට ගියේ නැති එක  මොන එකකට උන්ට බලු වෙනවද?

මුලින්ම මුං වැඩේ දෙන්නේ පවුල් සංථාවට.

මම නැගෙනහිර (උතුරු නැගෙනහිර) පළාතේ ඇඹුල්පිතිබැම්මෙ. ගැබිණියක්ව ඉන්න බිරිඳ දකුණු පළාතේ.

පවුල් සැලසුම් සංවිධානය තවම ජාතිය වඳ කිරීමේ මෙහෙයුමේ රහසින් යෙදිලා ඉන්න බව තේරෙන්නේ අපිව අයිති අමාත්‍යාංශෙ නිලධාරි කියන උන් කියන කතා ඇහුවම. විවාහය ගැන, විවාහකයෝ ගැන අලුත උපන් කිරිකැටියෝ ගැන උන්ට හැඟීමක් නෑ. උන් නොකියා කියන්නේ කියන්නේ, දෙන්න රටේ කොන් දෙකක වැඩ කරපල්ලා. උඹලට තියෙන තදියමට ළමයි හදාගත්තට කරන්න දෙයක් නෑ කියලා.

උන්ගෙ ළමයි විතරයි ළමයි. අපේ ළමයි ළමයි නෙවෙයි. උන්ගෙ පවුල් විතරයි එකට ඉන්න ඕනෙ.

මෙහෙව් රටක ජීවිතේ සුන්දරතම අත්දැකීමක් වන දරු සුරතල් බැලීම වරප්‍රසාදලාභීන්ට පමණක් සීමා වෙනවා.
Parenthood for permit holders only.

එක විවාහක යුවලක් දරුවන් නැතිකමට දේවාල වලට, ෆර්ටිලිටි ක්ලිනික් වලට, ඉන්දියාවට යද්දි, තවත්  විවාහක යුවලකට දරුවකු පිළිසිඳ ගැනීම අසුභ බියකරු  ආරංචියක් බවට පත්වෙනවා.

 කසාද බැඳපු ජෝඩුවට එක වහලක් යට ජීවත් වෙමින් සේවය කරන්න  අවස්ථාව සලසා ගැනීමේ මානව හිමිකම ගැනවත් කිසිම හැඟීමක් නැතිව හදපු ප්‍රතිපත්ති  සම්පාදන යටතේ එන  චක්‍ර ලේඛ, අපි අත්සන් කරපු ගිවිසුම් අපිට හරස් වෙනවා. නමුත් අවුරුදු තුනකට දුෂ්කර සේවාවට අමාත්‍යාංශ ලේකම් එක්ක අත්සන් කරපු ගිවිසුම, අවුරුදු හයක් අපිව එතනම තියලා උංම උල්ලංඝනය කරනවා. එතකොට ගහන්නේ වෙනම බයිලාවක්.

"අපිට ඔහේලව/ ඔයාලව/ තමුන්නාන්සෙලව නිදහස් කරන්න බැරි අනුප්‍රාප්තිකයෝ නැති නිසා."

නිලධාරීවාදය කියන්නේ මහ අන්දොස් නැවියෙක්. ඌ  ඌට ඕනෙ ගමන් මගට අනුව මාලිමාව වෙනස් කරනවා මිස නැවේ ගමන්මග වෙනස් කරන්න ලෑස්ති නෑ.

මුලින්ම මුන්ට විරුද්ධ වෙන අපි පළවෙනි හිතුවක්කාරකම කරන්නේ දකුණු කොනේ දුෂ්කර සේවයේ යෙදුනු මගෙ ගැබිණි බිරිඳගෙ රස්සාව අතහැර දමා, එක පවුලක් හැටියට එක වහලක් යටට ඒමෙන්.  අපි හැම එකාගෙන්ම බැණුම් අහනවා. අම්මලා තාත්තලත් බණිනවා. අපි මහා නරක, හිතුවක්කාර, මුරණ්ඩු, දරදඬු, අලුගුත්තේරු, කිව්වා නාහන ජෝඩුවක් බවට පත්වෙනවා.

කොටින්ම මේ අපේ ගමේ ඉන්න වැඩිහිටියොත් පාරෙදි හම්බවුනාම දොස් කියන්න, හරස් ප්‍රශ්න අහන්න ගන්නවා. අපි සෙනග ඉන්න තැන් වලට යාම මග අරිනවා. නෑදෑ යාලුවෝ බලන්න යාමත් අඩු කරනවා. සෙනසුරාදා පොළේදි වුනත් කවුරුහරි කතාවට වැටෙන්න හැදුවොත් මොකක් හරි බොරු හදිස්සියක් පෙන්නලා මග අරිනව. කොටින්ම සමාජෙන් වහන් වෙලා ඉන්න වැඩ සිද්ද වෙනවා. කවුරුත් අපි දිහා බලන්නේ, අපරාදයක්, වේසකමක්, හොරකමක් කරපු උන් දිහා බලනවා වගේ. සමහරුන්ගේ මූණෙ තියෙන්නේ අනුකම්පාවක්.

හැම දෙයින්ම වෙන්නේ හිත තවත් පෑරෙන එක මිසක් සුවපත් වෙන එක නෙවෙයි.

අපි නෑදෑයෝ අතෑරලාම දානව, බණ අහගෙන ඉන්න බැරිකම නිසාම.

යාලුවොත් ඉතාම සීමා වෙනවා ලඟම කීප දෙනෙක් ඇරෙන්න.

මේ කොයි එකටත් අපේ පැත්ත ගන්න ඉන්නේ හැමදාම මහ මෙරක් වගේ මගේ පිහිටට හිතපු මගේ තාත්තා විතරයි.

වැඩට ගියාමත් ඊට දෙවෙනි නෑ. කෙනෙක් මාව කෙනෙකුට හඳුන්වල දෙන්නෙත්, "මේ අහවලානේ. මෙයාගෙ නෝනත් රස්සාව දමලා ගහලා ආවනේ. මං නම් කියන්නේ අපරාදෙ හදිස්සි වුනේ කියලා. තව ටිකක් ඉවසන්න තිබුනේ."

එකට වැඩ කරන උන් අහන්නේ,

"කෝ දීප? ගෙදරද? එයාට පාළු ඇති නේද? අර රස්සාවක් කරලා කරලා එක පාර ගෙදර ඉන්න වුනාම..."

"රස්සාව හදාගන්න බැලුවේ නැද්ද?" කෙනෙක් අහන්නේ අනුකම්පාවෙන් බලලා.

තව කෙනෙක් කටින් ප්‍රශ්ණෙ නොඇහුවත්, බලන බැල්මෙ හුඟක් දේ අඩංගු බව ඉතාම පැහැදිලියි..

කිඹුලා කනවා ඉවසන්න පුලුවන් වුනත්, කොහිල ක‍ටු ඇනෙනවා ඉවසන්න අමාරුයි.

හොඳ වෙලාවට කාරණා තේරුම් අරං බොක්කෙන් උදව් කරන යාලුවෝ කීප දෙනෙක් ඉතුරු වෙනවා.

දරුවෙක් ලැබුනාම සාමාන්‍යයෙන් වියදම් කිහිප ගුණයකින් වැඩි වෙද්දී. අපේ පවුලේ ආදායම හරි අඩකින් පහල වැටෙනවා. නමුත් කිසි කෙනෙකුට බරක් නොවෙන්න ජීවත් වෙන්න හිතන අපි වියදම් කපාහරිනවා.

දරුවට හොඳම දේවල් දෙන අපි,  අපි දෙන්නට අවමයෙන් වියදම් කරගෙන ජීවත් වෙනවා.

පඩිය ලැබුනම කොටස් වලට බෙදලා, එක එක විදියට ලේබල් කරපු  ලියුම් කවර ගණනාවකට වෙනම දාලා, අන්තිම පරිස්සමෙන් වියදම් කරනවා.  අපි වගේම තවත් ජෝඩු මහ ගෙවල් වලින් ආධාර ලබනකොට, අපි අඩුපාඩු ඇතිව වුනත් ස්වාධීනව ජීවත් වෙනවා.

Life's three best teachers are heartbreaks, empty pockets and failures කියලා කවුදෝ  කිව්ව කතාව ඇත්තක් බව නැවත නැවත පසක් වෙනවා.

නිවාඩුවකට ගමේ ඇවිල්ල හිටපු දවසක එක පාන්දරක, උන්ගෙ තාත්තගෙ සී නයින්ටිය ඉල්ලගෙන එන මගෙ හොඳම යාලුවා මහින්දයා, අපි දෙන්නව පටවගෙන කිලෝමීටර් දහයක් ගිහින් දකුණට යන පාන්දර එක්ස්ප්‍රස් බස් එකට අපි දෙන්නව පටවනවා. අපේ මෙහෙයුම පොඩි එකීව ගෙදරට බාර දීලා, දවසක් ඇතුලත දකුණු අධ්‍යාපන කාර්‍යාලෙන් නිදහස් කරන ලියුමක් අරන්, එදාම ආපහු එන්න.

ඉන් පස්සෙ මධ්‍යම පළාතේ අධ්‍යාපන කාර්යාලයට කී පාරක් දරුවත් වඩාගෙන බඩ ගෑවද කියලා මට මතකයක් නෑ.

අන්තිමේදි ජීවිතේ ලබපු ලොකුම ජයග්‍රහණයක් සනි‍ටුහන් කරමින් දීපට එක දුෂ්කර දිස්ත්‍රික්කයකින් තව දුෂ්කර දිස්ත්‍රික්කයකට මාරුවීම ගන්න හැකි වෙනවා. ඒ වුනාට බිරිඳ වැඩට යන්නේ දිස්ත්‍රික්ක සහ පළාත් දෙකක් එහා ඉස්කෝලෙකට. එක දවසක් නිවාඩු ගත්තොත් සෑහෙන මුදලක් ඉතුරුයි.

අපි එතනට ගිහින්, මම මෙතනට වැඩට නො එන්නේ හේතු ගණනාවක් හන්දා. එකක් පුදුම සටණක් දීලා ගත්ත ඇඹුල්පිතිබැම්ම රජයේ නිළ නිවාසය දාලා කුළී ගේකට ගෙවන්න වත්කමක් අපිට නෑ. අනික උදේට මේ පැත්තේ ඉඳලා ඒ පැත්තට මිසක්  ඒ පැත්තේ ඉඳලා මේ පැත්තට එන්න ප්‍රවාහණයක් නෑ. ගුරු රස්සාවට ලැබෙන හිඟණ වැ‍ටුපෙන් කරන්න පුලුවන් දේ සීමිතයි.

පොඩි එකීව දැනට බලාගන්නෙ මමමයි, රස්සාව කරන ගමන්ම. අසනීපෙන් ඉන්න මගෙ තාත්තා හැකි වෙලාවට රට හරහා ගමන් කරලා ඇවිත් දරුවත් එක්ක ඉන්නේ අපිට වැඩිම දවසක් වැඩට යන්න හැකිවෙන්න. නමුත් අධි රුධිර පීඩනයට ක්ලිනික් එකට යන්න තියෙන නිසා තාත්තට ඉක්මනටම ආපහු යන්න වෙනවා. එහෙම හොඳ තාත්තලට වැඩිකල් ජීවත් වෙන්න ලැබෙන්න දෛවය ඉඩ දෙන්නෙත්  නෑ.

අපි ගොංකමට පැනගෙන ගියාට මෙහෙට එන්න කවුරුත් කැමති නැති නිසා ඉන්න තැනින් නිදහස් නොකිරීමට අමතරව, අපිට ආපහු එන්න බැරි අනිත් ප්‍රධානම හේතුව අපේ පළාත්වල පුරප්පාඩු නැති වීම.

මෙහෙම ඉඳලා, ඔන්න අවුරුදු හයකට පස්සෙ, ආණ්ඩුවෙ පත්තරේ පි‍ටු ගණනාවක් පුරාවට බස්නාහිර, මධ්‍යම ඇතුළු ස්ථානවල තියෙන පුරප්පාඩු ප්‍රසිද්ධ කරනවා. මම පත්තරේ ගන්නේ පත්තර කාරයව ඇම්බුෂ් කරලා.

මම මුලින්ම කරන්නේ රංජියට කියලා ඉල්ලුම්පත්‍ර 500ක් අච්චු ගස්සා ගන්න එක. ඉන් පස්සෙ දිග ලියුම් කවර බන්ඩල්, පෑන්, මුද්දර ෂීට් එහෙම අරගෙන මෙහෙයුම පටං ගන්නවා.

ඉල්ලුම් පත්‍ර පන්සීයක් අතින් පුරවන එක ලේසි කෙලියක් නෙවෙයි. දවස් දෙක යනකොට මගේ ඇඟිලිවල දියපට්ට ඇවිත්, ඒවා පුපුරලා, පෑන අල්ලනකොට ඇඬෙනවා. ඒත් අපි අරින්නේ නෑ. ඒවා දිග ලියුම් කවරවලට දාලා තැපැල් කන්තෝරුවෙන ගෙනත් තිබ්බ මුද්දර ෂීට් එකෙන් මුද්දර ඉරලා අලවලා, කවරෙත් ලිපින දෙකක් ලියලා, ලි. ප. තැ. කියලා ලියලා, අලවනකොට ඇතිවෙන්නේ පුදුම ආත්මානුකම්පාවක්.

කාලා එන්න බැරි වැඩේ මේ ඔක්කොම ලියුම් වලින් ආපහු උත්තර එන්නේ එකම එක ඉස්කෝලෙකින් විතරයි. ඒකටත්  හේතුව ඒකෙ විදුහල්පති මගෙ මාමා කෙනෙක් වීමයි. නමුත් ඒකත් පත්තු වෙන්නේ නෑ.

ඔය ඉස්කෝලෙකට යන්න නම් ඉන්න තැනින් නිදහස් කරන ලියුම ඕනෙ.

කොහොම හරි වැඩේ ආපහු පටං ගත්ත තැනමයි.

කලාප කාර්යාලවලට කොයි තරම් ගාටනවද කිව්වොත් ඒවයෙ වැඩ කරන ලොක්කගෙ පටන් පොඩ්ඩා දක්වා සියළුව සේවකයන්ට මාව නයාට අඳුකොල වගේ පේන්න ගන්නවා. ඒක අන්‍යෝන්‍ය  හැඟීමක්.

සමහරු ලඟට ගියාම, උන් අපිව ගනං නොගෙන උන්ගෙ වැඩ දිගටම කරන හැටි දැක්කාම මම වෙලාවකට බිම බලනවා මම ඇත්තටම එතන හිටගෙන ඉන්නවද කියලා සැක හැර දැන ගන්න.

අවුරුදු තුනක් කන්න නියමිත කට්ට අවුරුදු හයක් කාලත් අපිට ගෙදර යන්න නොදෙන්නේ ඇයි කියලා ඇහුවම කියන්නේ ලේ උණුවෙන කතාවක්.

"අපිට ඔහේලව/ ඔයාලව/ තමුන්නාන්සෙලව නිදහස් කරන්න බැරි අනුප්‍රාප්තිකයෝ නැති නිසා."

"ඉතිං අපි එනකොට ඔය කතා කිව්වේ නෑනේ."

"මෙහෙට එන්න කවුරුත් කැමති නෑ."

"ඉතින් ඒක මෙතනට එන්න එකඟවුනු  අපේ වැ‍රැද්දක්යැ?  එහෙම කියලා කැමැත්තෙන් ආපු එකාව තියං ඉඳලා හරියනවෑ?

"ඔය කතාවල් වලට තර්ක වලට උත්තර දෙන්න අපි බැඳිලා නෑ. අනුප්‍රාප්තිකයෙක්  හොයාගෙන ආවොත් හෙට උනත් අත්සං කරන්නම් ලියුම."

මම එකෙක් දෙන්නෙක් නොමරා ඉන්නේ පුදුම ආත්ම පාලනයකින්. මම ටිකක් වෙලා ඇස් පියාන ඉන්නවා. දහයට ගණිනවා. ගැඹුරට හුස්ම ගන්නවා. ඒ නිසාම අරූට ජීවිත දානය ලැබෙනවා.

මම එක පාරක් ඔය නිදහස් කරන ලියුමක් අත්සන් කරගන්න මොකෙක්දෝ ඇමතියෙක්ගෙන් අත්සන ගහගන්න අර නටබුන් නගරෙන් හැරිලා, හූම් හූම් ගාන කුරුල්ලගෙ ගමටත් යනවා. ඇමතියා ඇවිත් නෑ. ආවත් ආරක්ෂකයෝ ඒකා ලඟට කිසි කෙනෙකුට යන්න දෙන්නෙ නෑ. මම ආපහු එනවා.

මේ වෙනකොට උතුරත් නැගෙනහිරත් ඒකබද්ධ කරලා නිසා මට සිද්ද වෙනවා හැතැප්ම ගානක් ගෙවාගෙන සුප්‍රසිද්ධ නාවුක වරායක් තියෙන නැගෙනහිර නගරයටත් යන්න මහ ඇමතිගෙ අත්සන ගන්න. ටෙරාලා මගදි ගහන නිසා බස් යවන්නේ කොන්වෝයි හදලා. රෑට ගමනක් නෑ.එක පාරක් මම නවතින්නේ නාවික හමුදා කඳවුරේ යාලුවෙක්ගෙ අයිය කෙනෙක් එක්ක. මම නැවතිලා ඉන්න දවස් කීපයෙදි මම නාවුක හමුදා ජීවිතය ගැන ඇති තරම් ඉගෙන ගන්නවා. නමුත් ගිය වැඩේ හරියන්නේ නෑ.

එක පාරින්ම වැඩේ හරි නොයන නිසා මම නැවත නැවත යනවා. තව පාරක් නවතින්නේ පොලිස් බැ‍රැක්කෙක, ගමේ යාලුවෙක්  වන නාලක මල්ලී එක්ක. යාලුවෙක් කිව්වට ඒකා ඇත්තටම මගෙ නෑදෑයෙක් ලඟ කලින් සුළු රස්සාවක් කරගෙන හිටපු ගමේ කොල්ලෙක්.  පොලිස්කාරයෝ ඔක්කොම බල්ලෝ කියන අදහස මම වෙනස් කරගන්නේ  මේ පොලිස් බැ‍රැක්කෙදි. උන් ඇත්තෙන්ම මට සලකන්නේ සහෝදරත්වයෙන්. කාපු පිඟාන මම හෝදන්න කලින් අරන් ගිහින් හෝදන, තමන්ගේ ඇඳ මට දීලා වෙන කොහෙ හරි ගිහින් නිදාගන්න පොලිස්කාරයෝ මම දකින්නේ එහෙදි. තමන්ගෙ සිගරට් එක මට බලෙන් දීලා තව එකෙක්ගෙ සිගරට් කොටේ ගහන පොලිස් කාරයෝ මම දකින්නේ එහෙදි.

"සාමාන්‍යයෙන් අපි දකින්නේ පොලිස් කාරයෝ ජරා උන් හැටියටනේ. ඇයි බං උඹලා විතරක් මෙහෙම?" මම අහන්නේ දරාගන්නම බැරි තැන.

උඩ බලාගෙන ගල් වඩිය කටට හලා ගන්න එකෙක් මූණ ඇඹුල් කරලා,
"දසයෝ ඉන්නවා අයියේ ඕනැ තරං. මේ අපි අතරත් ඉන්නවා. ඔන්නම් කණෙන් පෙන්නන්නං එකෙක්ව.," කියලා මහ හයියෙන් හිනාවෙනවා.

"මටත් මේ රස්සාවට එනකල්ම හම්බවෙලා තියෙන තරමක් පොලිස් කාරයෝ වැඩි හරිය දසයෝ තමයි අයියේ," තව එකෙක් කිව්වා.

ඔය මට උදව් කරපු නාලක මල්ලී පස්සෙ කාලෙක රස්සාවත් අහිමි වෙලා හිරේ යන්නේ ගමේ මිනිස්සුන්ගෙන් මරණාසන්න වෙන්න ගුටිකාලා හිටපු සැකකාරයෙක් අත් අඩංගුවට අරගෙන ගෙනියද්දි සැකකාරයා මගදි මැරිලා, වරද මූ පිට පැටවෙච්ච නිසයි.  හොඳට වැඩි ආයුෂ නෑ. ජරා බල්ලෝ උසස්වීම් ලබද්දි, හොඳ එවුන් හිරේ යනවා.

අවුරුදු ගානක් නඩු කියලා මේ ලඟදි යන්තම් නිදහස් වෙලා.

"පොලිස් කාරයෙක් රිමාන්ඩ් ඉන්නකොට අනිත් හිරකාරයෝ උඹව මාර පනිෂ්මන්ට් දෙන්න ඇති නේද  මල්ලි?"

"වැඩක් නෑ අයියේ, ඒ කාපු කෑම ගැන අපි කතා නොකර ඉම්මු. ජීවිතේ ඔහොම තමයි."


ඇමති මුණ ගැහෙන්න මාත් එක්ක කීප වතාවක් ගිය පොර පස්සෙ මොන ජාතියෙන් හරි ඇමතිව ලව්වා  ලියුම අත්සන් කරලා මගෙ අතටම දෙන වගකීම බාර ගන්නවා. 

මම අන්තිම වතාවට යන්නේ එහෙම අත්සන ගහපු ලියුම ගන්න. එදා මට චෙක් පොයින්ට් වලදි විඳින ගැහැටවත්, ලඳු කැලෑ, මුඩු බිම් හරහා වැටිච්ච අබලන් පාරේ ඕනෙම තැනකදි එල්ටීටීඊ  ප්‍රහාරයකට මූණ දීලා පරලොව යන්න පුලුවන් බවවත් ගානක් නෑ. බස් එකෙන් බැහැලා යද්දි නගරේ තිබ්බේ පොලිස් බංකරේ හිටිය නාලක මල්ලී ලියුම මගේ අතටම දුන්නාම මට ඌව පේන්නේ කාකි පොලිස් ඇඳුමක් ඇඳගත්ත දෙවි කෙනෙක් වගේ.

මුලින්ම හදාගන්න ලැබෙන්නේ දීපගෙ මාරුව. මගෙ මාරුව හදාගන්න තව පියවර කීපයක් යන්න ඕනේ. අහන අහන තැනින් කියන්නේ එහෙන් නිදහස් වෙලා ආවට පුරප්පාඩු නෑ කියලා.

අපි ගෙදර බඩු ටිකත් ට්‍රක් එකක පටවාගෙන ගමට ආපු දවසේ අවුරුදු හයක් ජීවත් වෙච්ච ශාපලත් දේශයේ දුෂ්කර ගම්මානය අවසන් දකින විට ඇතිවුනේ දුකක් නෙවෙයි. හිරෙන් නිදහස් වෙලා යන කෙනෙකුට ඇතිවෙන හැඟීම.

Promised Land: Western Province, Parallel Universe.
පොරොන්දු දේශය, බස්නාහිර පළාත, සමාන්තර විශ්වය.


උදේට  මෝට බයික් එකේ තුන්දෙනාම අගනුවර එනවා. පොඩි එකී බිරිඳගෙ ඉස්කෝලෙ ලඟම කන්‍යාරාමයක තියෙන දිවා සු‍රැකුම් මධ්‍යස්ථානයකට දාන්න හැකිවෙන්නේ පෙර වාසනාවකටද කොහෙද. දීපා ඉස්කෝලෙ ගාවින් බස්සන මම දිගටම යනවා අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටලා නියෙන නමින් කප්රුක වුනත් එතන වැඩ කරන උන්ගේ ක්‍රියාකලාපය නිසා අපාය යන සුරතල් නාමයෙන් හැඳින්වෙන  ගොඩනැගිලි සංකීර්ණයට.

මම හුඟක්  වෙලාවට දවල්ට කන්නේ අපායේ කැන්ටිමෙන්.  ඒකෙම රස්තියාදු වෙලා එතන ඉන්න සමහරු හිතන්නේ මම එතන වැඩ කියලා. එක එකා ගාවට ගිහින් හරි මගෙ වැඩේ ගොඩ දාගන්න මම පුදුම කට්ටක් කනවා.

එකෙක් නිවාඩු නම් ඒකගේ වැඩ කරන්න වෙන කෙනෙක් දාන වැඩ පිළිවෙලක් මෙතන  ඉන්න උන් අහලා වත් නෑ. අරූ ආපහු වැඩට එනකල්ම දිගටම එතනට යන්න ඕනේ. ඒකා ආපසු ආවාම දැනගන්න ලැබෙනවා ඌ නෙවෙයි ඒක කරන්නේ අර මම මෙතන රස්තියාදු වෙච්ච මුළු පහුගිය කාලේම එහාපැත්තේ මේසේ හිටපු එකා කියලා. නමුත් කණගා‍ටුව දැන් ඌ නිවාඩු ගිහින් තියෙන එකයි.

හිරකාරයෝ අඳින ඇඳුමට මම එච්චර හැඩ නැතිබව මතක් කරන මම දහයට ගැනලා කැන්ටිමට යනවා. සිගරට් එකක් පත්තු කරගෙන, ඇස් පියාගෙන, ගැඹුරට හුස්ම අරගෙන එකෙක්වත් නොමරා ඉන්න උත්සාහ කරනවා.

"මේකට මිස් භගමනීගෙ අත්සන ඕනෙ කරනවා." එකියක් මූණ පුළු‍ටු කරගෙන කියනවා.

ඔය ඔෆීස් වල වැඩ කරන උන් උන්ගෙ සගයන්ව අපිට හඳුන්වලා දෙන්නේ මැඩම්ලා සර්ලා හැටියට. අපි මේ, හලෝ වගේ අය.

මම ගිහින් භගමනීගෙ වීදුරු දොරට තට්‍ටුවක් දාලා ඇතුලුවෙනකොට මම දන්නෙ නෑ එයාගෙ ටැම්පොන් එකේ සේව නූලට කවුරු හරි ගිණිතියලා ගිහින් බව.

Excuse me. Miss Bhagamani?" වීදුරු දොරෙන් ඇතුල් වෙන මම කියනවා.

There's NO Miss Bhagamani here." ගෑණි ගුගුරනවා.

"Uh huh, they sent me here to meet a certain Miss Bhagamani to get this letter countersigned."

"I'm MRS BHAGAMANI. I'm NOT MISS BHAGAMANI." ගෑණි බුරා හැලෙද්දි කාමරේ හිටපු අනිත් ගෑණු පරානෙ මා දිහා අනුකම්පාවෙන් බලනවා.

"I'm very sorry MRS BHAGAMANI, that I called you Miss. Can I get this signed please?"

අවිවාහක ගෑණියෙකුට මිසිස් කිව්වොත් මැරුම් කන්න වෙන එක මට හිතාගන්න පුලුවන්. නමුත් විවාහක ගෑණියෙකුට මිස් කියලා මේවගේ මාරාවේශ වෙච්ච වෙලාවක් මම මීට කලින් අහලවත් නෑ. මින් මනත, ඕනෙම ගෑණියෙකුට, සැක සහිත අවස්ථාවල Missවත් Mrsවත් නොකියා Ms කියන්න මම හිතේ සටහන් කරගන්නවා.

මාරුවේ අවසාන අදියරටත් මම කොහොම හරි ඇවිල්ලා.  මම පෞද්ගලිකව මම ඉගෙනගත්ත රතුපාට ඉස්කෝලෙ ඇතුලුව අගනුවර තව ඉස්කෝල ගණනාවකට යනවා පුරප්පාඩු තියෙනවද කියලා බලන්න.

පුරප්පාඩු තියෙයිද අපි ඉගෙනගන්න  කාලෙ හිටිපු ගුරුවරු සෙට් එක තවම දෙයියනේ කියලා ඒ ඉස්කෝලවලම යහතින් වැජඹෙනකොට!  සමහර සුපිරි ඉස්කෝලවල සමහර ගුරුවරු පත්වීම ගත්ත දා ඉඳලා විශ්‍රාම යනකල් අඛණ්ඩව සේවය කරනවා. එහෙම නැත්නම් එක සුපිරි ඉස්කෝලෙකින් තව සුපිරි ඉස්කෝලෙකට මාරු වෙනවා. අනික, මහ උන්ගෙ ගෑණු රොත්තම හොඳ පළාත්වල, හොඳම ඉස්කෝලවල අර‍ටු බැහැලා ඉන්නේ.

මම අන්තිම දොරට තට්‍ටුවක් දාලා ඇතුල් වෙන්නේ මේක ඇතුලෙ ඉන්නේ ගෑණියෙක් නොවීම ගැන දෙවියන්ට ස්තුතිවන්ත වෙමින්. 

මේ කාමරේට ඇතුල් වෙච්ච ගමන්ම මම දකින්නේ බිම බිත්තියට හේත්තු කරලා තියෙන ගිටාර් එක. ඉන් පස්සේ ක්ලැරන්ස් විජේවර්ධන වගේම පෙනුමක් තියෙන ‍රැලි කොණ්ඩයක් සහිත ගිටාර් හිමි සංගීතකාමී අධ්‍යාපන බලධාරියා.

සංගීතයට ලැදි මිනිස්සු මෘදු හදවත් ඇති මිනිස්සු කියන උපකල්පනයේ ඉන්න මට ඇතිවෙන්නේ කවදාවත් අපායෙදි ඇති නොවිච්ච පහන් හැඟීමක්.

ක්ලැරන්ස් මගෙ ලියුම් කියවන අතරේ මම ගිටාර් එක දිහා කෑදර බැල්මකින් බලනවා.

"වේකන්සි නෑනේ." ක්ලැරන්ස් කියනව.

"මම මේ තාක් දුරට ආවේ පුදුම දුකක් විඳලා. අවුරුදු තුනකට දුශ්කර...."

"මේ, මේ, මේ, ඒවා වැඩක් නෑ. වේකන්සි නෑ අගනුවර."

"මම ශාපලත් දේසෙන් නිදහස් වුනේ පුදුම අපා දුකක් විඳලා. මම..."

"හරි හරි, ඕව මට කියලා වැඩක් නෑ. වේකන්සි නෑ මෙහෙ."

සංගීතයට ලැදි මිනිස්සු මෘදු හදවත් ඇති මිනිස්සු කියන උපකල්පනය මම නැවත සලකා බැලිය යුතුයි අංශයට හිතෙන් යොමු කරනවා.

"එතකොට දැන් මම මොකද කරන්නේ? මුලින් මෙහෙන් කිව්වේ අරෙහෙන් නිදහස් කරනකල් මෙහෙට ගන්න බෑ කියලා. අච්චර අමාරුවෙන් අරෙහෙන් නිදහස් වීමේ ලියුමත් අරගෙන ආවාම..."

"හරි ඉතින්, ඔයා ඒ ලියුම හදාගෙන එනකොට පෙරහැර ගිහින්."

මටත් මිටියක් අතට ගත්තාම හැමදේම පේන්නේ ඇණයක් වගේ තමයි.

"මම පහුගිය ටිකේ ජීවත් වුනේ මේ ගොඩ නැගිල්ලෙ. එක්කො අදාල නිලධාරියා නිවාඩු. නැතිනම්..."

"ඕවා මට කියලා වැඩක් නෑ."

මම වාක්‍ය ඉවරකරනකල් ඉන්න බැරි අමාරුවක් ක්ලැරන්ස්ට තියෙනවා. සමහවිට කලින් අහලම නවතාවය ගිහින් ඇති.

මගෙ ඔලුවේ සින්දුවක් වාදනය වෙන්න ගන්නවා

මම පැන්න පස්සට
ගිටාර් එක ගත්තා දෑතට
දුන්න ඔලුවට
ගිටාරෙකේ කෑලි හැලෙන්න

මම හිතුනට එහෙම කරන්නේ නෑ.  මාංචු එක්ක පොලිස් කූඩුවේ ඉන්න මට ඇප දෙන්න දීපා දරුවත් වඩාගෙන, තාත්තත් එක්ක ඇවිල්ල ඉන්න හැටි මනසින් දැකලා මම ආයෙම ගැඹුරට හුස්මගන්නවා.

"දැන් මම මොකද කරන්නේ?"

"මොනව කරන්නද. ආපහු යන්න තමයි වෙන්නේ," කියන ක්ලැරන්ස් ගිටාර් එක අතර අරගන්නවා. දැන් කොහොමත් මට ගිටාර් එක දෑතට ගන්න බෑ. මම පු‍ටුවෙන් නැගිටලා ආපහු හැරෙන්නේ දත්මිටි කාගෙන.

"එක වේකන්සි එකක්වත් නැද්ද?" මම මම නැවතිලා අන්තිම වතාවට අහනවා.

"එකක් තියෙනවා. එච්චරයි තියෙන්නේ."

උමගේ කෙලවර එලියක් මට පේන්න ගන්නවා.

"කොහෙද ඒ?" මම අහන්නේ කාන්තාරෙ දවස් ගානක් ඇවිදලා ක්ෂේම භූමියක් ඈතින් දැක්ක එකෙක් වගේ.

"ඒකෙ වැඩ කරන්න බෑ. ඒකයි ඒක ඉතුරු වෙලා තියෙන්නේ. අර කඳංයාය, යක්පුරේ, යක් ඉස්කෝලෙ."

උමගෙ කොනේ එලිය නිවිලා යනවා. ඉන්ධන ගැලපුම් ගාස්තුයි අරකයි මේකයි එක්ක හෙන බිලක් එනවා ඇති.

මට මතක් වෙන්නේ අර අතීත සිද්දිය.

"අයියෝ!" මට කියවෙන්නේ ඉබේම.

"ඒක තමයි ඒක ඉතුරු වුනේ.'"

"කැමතිනම් මෙන්න මේක අරන් යන්න පුලුවන්. නැතිනම් ආපහු ඇඹුල්පිතිබැම්ම සාපලත් දේශයට යන්න පුලුවන්," කියන ක්ලැරන්ස් ලියුමේ යට කෙටි සටහනක් සටහනක් දාලා අත්සන් කරනවා.

මම මරණ වරෙන්තුව අරන් එලියට එද්දී,  ක්ලැරන්ස් ගිටාර් එකේ  දිලීප පොඩී පුතූ සින්දුවේ ඉන්ට්‍රො එක ගහනවා මට ඇහෙනවා.

කාමරෙන් පිටවෙද්දි මට වීදුරු දොරේ පින්තාරපු කරපු ගාම්භීර නාම පුවරුව පේනවා.
'Clitoris Gudawansa ක්ලිටරස් ගුදවංශ. අධ්‍යාපන අහවලා.'

තව ඉවර නෑ.

Simulblogged @  මට හිතෙන හැටි for WordPress lovers.

120 comments:

  1. උපේක්ශගෙ කථාවට දෙවෙනි නැහැ. මේ වගේ කතා දානකොට, මම අද මෙතන ඉන්නේ නමුත් මේකයි ආපු පාර කියල කියවනනම් රස විඳින්න පුළුවන්. එහෙම නැතිකොට අස්සධාරණ කම් ගැණ ද්වේශයයි ඒක නිසා හැදෙන ආතතියයි නිසා රසවිඳනයට බාධා වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම Ian මමත් කැමති නැහැ ආතතිය ඇතිකරන කතාවලට. පත්තරයක් ගත්තත් මම ඉස්සෙල්ලම කියවන්නේ සිනා කතා. නමුත් ජීවිතයේ මෙහෙම පැත්තකුත් තියෙනවා අවාසනාවට වගේ.

      Delete
  2. හපොයි අයියෙ , බඩ පපුව දාල ගියා. ජොබ් එක හින්ද මෙච්චර කට්ටක් කෑවද ?
    දුෂ්කර සේවයට කියල මම දන්න කෙල්ලෙකුට ( ඔවු මගෙ කෙල්ලට ) යන්න උනේ වයඹ පලාතෙ කොනකට හැබැයි බස්නාහිර මායිම පේන දුර.
    දුෂ්කර සේවයට ගිහින් එහාටම අනුගත වෙලා බින්නබැස්ස එවුනුත් ගොඩක් ඉන්නව නේද ? ඒක නෙමෙයි අයියෙ අර කවුරු හරි ''කෝ දීප'' කියල අහන විදිහ මාරු කරල නේද ලියල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අෑපයියේ වගේ නේද බොලං කම්මලේ

      Delete
    2. අපි කාල තියෙන ක‍ටු මේ වගේ පෝස්ට් එකකින් ලියන්න බෑ බං. මෙතනත් උඩින් පල්ලෙන් ලිව්වේ නැතිනම් මේක මාගලක් වෙන නිසා. උඹලා ඇත්තම තතු දැනගත්තොත් වෙඩි තියාගෙන මැරෙනවා.

      ඔව් එහෙම තමයි.

      Delete
  3. හෙන්රි

    ඉස්කෝලෙක නොවුනත් මමත් එකම එක පාරක් ජීවිතේටම ගත්තමාරුවීම හදා ගන්න ගිය්හම ඔය පිලිවෙලම වුනා.අල්ලල දාල ඉන්නකොට හොඳ හිතවතෙක් එයාගෙ පංතියේ හිටපු ඇමතියගෙ මුනුබුරාට කියල වැඩේ කරවගෙන ලියුම මට දීල සප්‍රයිස් එකක් දුන්නා. ලංකාවෙ පිලිවෙලක් නැතිකම නිසා වෙන දේවල් මේව.නැතිනම් මුන්ට පුලුවන් ඕව ක්‍රමයකට කරන්න.

    ReplyDelete
    Replies
    1. තනිකරම ලංකාවෙ තියෙන ප්‍රතිපත්තියක් නැතිකමයි, පිළිවෙලක් නැති කමයි, ඕනෙ කමක් නැති කමයි.

      Delete
  4. / මම එක පාරක් ඔය නිදහස් කරන ලියුමක් අත්සන් කරගන්න මොකෙක්දෝ ඇමතියෙක්ගෙන් අත්සන ගහගන්න අර නටබුන් නගරෙන් හැරිලා, හූම් හූම් ගාන කුරුල්ලගෙ ගමටත් යනවා. /

    ෂිහ්, ඒ කාලෙ උඹව දන්නවනම් අපේ ගෙදර ඉන්න තිබුනා...:)

    Just brilliant Henry dear just brilliant. There is a specific name for this kind of writing but it's not registering at the moment. Will let you know when it gets through eventually.

    ReplyDelete
    Replies
    1. රවිත් බකමුණෙ පැත්තෙද ඇලහැරද දියබෙදුමෙද

      Delete
    2. >>ෂිහ්, ඒ කාලෙ උඹව දන්නවනම් අපේ ගෙදර ඉන්න තිබුනා...<<
      මචං මේ සමාන්තර විශ්වයේ. එතකොට සමාන්තර රවියත් එක්ක බෝතලයක් ගහන්න වෙන්නේ. Thanks Ravi.

      >>There is a specific name for this kind of writing...<<

      What kind of writing? I mean which features? Writing about a parallel world or...?

      Delete
    3. Henry,

      No, Machang, I mean writing about those not so happy past experiences of someone's life. Specially re-visiting those unpleasant experiences without bitterness during the old age ( Ha, ha, ha )

      Kind of looking back mostly from sort of a peak at trodden path sans any rancour. There is a specific word for that genre of writing. Still eludes me but be patient. it would come to me sooner or later, it always does.

      Delete
    4. නලින්,

      මම බකමූණ අවට රාජකාරි කලා අවුරුදු නවයක් විතර. දියබෙදුමත් ඇතුලුව. නලින් ඒ පැත්ත දන්නවද?

      Delete
    5. You mean like reminiscence? At least close to that?

      Delete
    6. Not reminiscence Henry, It was a portmanteau of composure and some other word. Still eludes me somehow . :(

      Delete
  5. මිනිස්සුන්ට රස්සාවල් කරන එක එපා කරවන්නෙ පුටු රත් කර කර ඈනුම් ඇර ඇර ඉන්න උන් තමයි. එකෙකුටවත් ඔළුව නවන්නෙ නැතුව ඔය වගේ කටු කාපු අප්පච්චි දැකපු මම ඉස්කෝලෙන් අවුට් වෙන්නත් කලින්ම තීරණය කලා රජයේ රස්සාවකට නම් යන්නෙ නෑකියලා එක එකාගෙ ලොකු කම් බලන්න බැරි නිසා. ඔය ඩූඩ් කියපු ඉවසීම ඒ වගේ වෙලාවට මං ළඟ නැති නිසා දහයට ගනින එකක් නම් නෑ. අඩු පාඩු නැතුවමත් නෙවෙයි. ඒ උනත් ප්‍රයිවට් සෙක්ටර් එකේ තියෙන එක හොඳක් තමයි ඔය ඔළු නැවිල්ල ඔය තරම්ම නැති එක.

    ReplyDelete
    Replies
    1. මගෙ ජීවිතේ හුඟක්දේවල් ලබාගන්න බැරි වුනේ සහ මේ හැටි අමාරු වුනේ ඔලුව සහ කොන්ද නවන්න තියෙන අකමැත්ත නිසා. මගෙ තාත්තත් ඒවගේ. මොන තරම් අසරණ වුනත් කවුරුවත් ලඟ බැගෑපත්වෙන්න නැවෙන්න හිතෙන්නේ නෑ. සර් කියන්න හිතෙන්නේ නෑ.

      මගෙ ඉවසීම ගැන උඹ හිතා ඉන්න විදිය වැරදියි. මම පස්සෙ වෙලාවක කියන්නම් එහෙම ඉවසන්න වුනේ ඇයි කියලා.

      Delete
    2. ආවේග පාලනය කිරීමේ ක්‍රම​
      1. 1 සිට 10 දක්වා ගණන් කිරීම​
      2. කිහිප වරක් හොඳින් හුස්ම ඉහල පහල යැවීම​
      3. ජම්පරයක් ඇඳගෙන බාල්දියක් ඇරගෙන ඇවිදින අයුරු මනසින් දැකීම​
      4. දුවා දරුවන් ගේ කඳුලින් නැහැවුනු අසරණ මුහුනු මතකයට නැගීම​
      +
      +
      +
      +
      +
      +
      5. තක්කාලි මල්ලකට මිටින් පහර දීම (අත්දුටුවයි, ප්‍රත්‍යක්‍ෂයි)

      Delete
    3. OMG, dude, You read HeyDude post, too, huh. I cant remember translating that.

      Delete
    4. Of course you have translated it and posted in your MyBlueJeans blog. Though I seldom comment for the blogs I follow yours and many others blogs regularly. You all are doing a great job by sharing your experiences and thoughts of wide spectrum. Like me, there are many who follows the Sinhala Blog but silent critics. Thus, keep it up the good work dude!!!!!

      Delete
    5. Really. I can remember attempting that. I thought I never translated that. The problem was the English song. Are you sure about this? I can't find it in Sinhala. Maybe, I had a link to the English one in the Sinhala blog.

      This may sound funny but can you give me the link to the Sinhala one, if it's no problem?

      Anyways, no matter how old and matured we get, a little bit of praise and encouragement goes a long way. So thanks a lot.

      Delete
  6. රෙස්පෙක්ට් ඩුඩ්ඩො...
    උඹල කාල තියෙන කටු එක්ක බැලුවම අපි මොනවද කාල තියෙන කටු...

    හැබැයි ශිෂ්‍යත්වේ පාස්වෙලා අපේ මෝඩ අක්කගේ අඩිපාරේ කොළඹ වල්පතනෙට ආපු මාව ඊළඟ අවුරුද්දේ එතනින් අස් කරගෙන ගමේ ඉස්කෝලෙට දා ගන්න ඕනේ උනා මට ඒක එපා වෙච්ච නිසා සහ ඉන්න බැරි වෙච්ච නිසා...
    ඉස්කෝලෙන් අස්වෙන්න නම් බිග් මැච් එකේ ටිකට් මෙච්චර ගන්න ඕනේ, තව මොකකටද අච්චර ඕනේ කියල අම්මට කියපු වෙලාවේ සහ ගමේ ඉස්කෝලෙට මාව දාගන්න ඔය කියපු අපායටමද මන්ද ගියපු වෙලාවේ අම්මගේ ඇස්දෙකෙන් කඩාගෙන හැලුන කඳුළු මතක් උනා උඹේ මේ ලිවිල්ල දැකලා...
    දැන් මම උදේ හවස ඒ ඉස්කෝලේ ඉස්සරහින් වැඩට එන දවසක් ගානේ මම කොළඹ ඉස්කෝලේ එන්න ඕනේ කියල හිතුනේ ආවේ මොන කාලකන්ණි කමකටද කියල හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. මම නං අදටත්, ඩුඩා වගේම මාත් ගමේ සිට ගෙන්දගං පොළවට ආපු පාසලටනං දොහොත් මුදුන් දි වදිනව ලොක්කෝ...

      Delete
    2. කොළඹ ඉඳලා ආපහු ගියපු ගමේ ඉස්කෝලේ ගැන කිසිම ගැටළුවක් නැහැ මචෝ...
      මට ඇරියස් එක තියෙන්නේ 1991 වගේ අපි බොහොම අසීරුවෙන් ජිවත් වෙච්ච කාලෙක නගරේ පඩත්තල ඉස්කෝලේ අපිට කරපු අරියාදුව ගැනයි...

      Delete
    3. මම නම් ගියේ සමාන්තර විශ්වයක ඔෆීස් එකකට නිසා ඒකම නොවෙන්නත් ඇති ලොකුපුතේ.

      උඹේ පාසැල් අත්දැකීම ගැන මම කණගා‍ටු වෙනවා. උඹට එහෙම හිතෙන්න සාධාරණ හේතු තියෙන්න ඇති.

      නලීන් මචං. මම ඉගෙන ගත්ත ඉස්කෝල කොයිකටත් ආදරෙය සහ ගරු කරනවා. ගුරුවරුන්ටත් එහෙමයි. නමුත් ඒක කොන්දේසි විරහිත එකක් නෙවෙයි.

      Delete
  7. බාගයක් කියෙවුවා ජෝර්ජ් එලියට ගෙනියන වෙලාව හරි රෑවෙලා ඉතුරු ටික කියෝනව,, රේල් පිලිදෙකයි පළවෙනි ජේදෙයි දැකපු ගමන් හිතුනේ පොස්ට් එක එච්චරයි කියලා.. .. පස්සේ එන්නම්

    ReplyDelete
    Replies
    1. නමුත් හිතුවට වඩා ඉක්මනට ආපහු ඇවිල්ලා කමන්ට් එකක් දාල තියෙනවා දැක්කා.

      Delete
  8. අනේ අම්මෝ බං.උඹ කාල තියෙන කට්ටෙන් කලඳක්වත් අපි කාල නෑ කියල තේරෙන්නෙ කියවද්දියි.

    ReplyDelete
    Replies
    1. උඹ සම්පූර්ණ කට්ටම දනී නම්...

      Delete
  9. ගස්ලබ්බගෙ මව් පිය දෙපලම ගුරු සේවයේ.. ඉතින් ආයෙ මොනව කියන්නද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මට තේරෙනවා බං මට තේරෙනවා. නමුත් සමහර වාසනාවන්තයොත් ඉන්නවා බං.

      ජයවේවා..!!

      Delete
  10. කියවලා යන්න හැදුවත් නවත්තන්න බෑ.. අයියේ මේ වගේ සිද්දි ගොඩක් අපි විනාඩි කීපයක් ඇතුලත කියෙවුවට දෙයියනේ මේක මට නම් හිතාගන්නවත් බැරි තරම්.. සමහර කොටස් ඔයා විහිළුවෙන් වගේ කොටස් එකතුකරලා ලිවට ඒවා ඔයයි ඔයාගේ බිරිඳයි කොහොම දරාගත්තද.. ලිපිය කියවන අතර නිතරම මට එයාගේ මුණ මැවිලා පෙවුනා අර ඔයා දාපු ෆොටෝ වල දැකපු මුණ තරුණ කරලා රූපේ හිතේ මවන් කියෝගෙන ගියා.. මං එහෙමනම් දමලා ගහලා ඇවිත් වෙන රස්සාවක් හොයාගනියි.. මේ වගේ දේවල් ලියා තැබීම ගැන ස්තුතී, අපේ ජීවිත වලට ශක්තිය එකතු වෙනවා.. ස්තුතී..

    ReplyDelete
    Replies
    1. සමහරුන්ට ලේසියෙන් ලබාගන්න හැකි දේවල් තවත් කෙනෙකුට ගන්න වෙන්නේ හරිම අමාරුවෙන්. අපිත් අර දෙවෙනි වර්ගයේ.

      මේ අද පවා කන්නේ පුදුම කට්ටක්. දවසක් ගෙවා ගන්නෙ පුදුම අමාරුවකින්.

      අර කන්දක් නැග්ගොත් පල්ලමක් ඇත, ඉවසීමෙන් සැනසීම ලැබේ වගේ කතා බුල්ෂිට්. අනිත් උන්ට මම දන්නේ නෑ. මට අනුව.

      Delete
  11. සමාන්තර විශ්වයක් ගැන තිබ්බ නිසා වැරදිලා සමනල විප්ලවේ පැත්තේ ආවද කියලා මුලින් හිතුනා

    ReplyDelete
    Replies
    1. මම වැරදිලා තමයි මුලින්ම සමනල විප්ලවය පැත්තේ ගියේ. ඒ ගමන්ම නිදි මරාගෙන ඔක්කොම පෝස්ට් කියෙව්වා. මෑතකදි ගියේ නෑ.

      අන්න බ්ලොගිං. මාරයි.

      Delete
  12. අර නෝනගේ නම clitoris කියලා වෙනස් කරගත්තානම් කොච්චර ලස්සනද?

    දුෂ්කර සේවයේ ඉන්න ගුරුවරු විඳින දුක් ගැන කොයිතරම් ලිපි, පොත්පත්, ලියවෙලා තියනවද? ඒත් අදත් ඒ දුෂ්කර බව තියනවා. නමුත් ප්‍රවාහනය සහ පණිවිඩ හුවමාරුව එදාට වඩා දියුණු නිසා තරමක සහනයක් තියනවා.

    වැලිඔය ප්‍රදේශයේ දුෂ්කර සේවයේ ඉන්න සමහර ගුරුවරුන්ට ගුරුනිවාස ඉදිකර දෙන්නත්, ඇඳන්, මෙට්ට, මදුරු දැල්, වැනි පහසුකම් දෙන්නත් යුද හමුදාවට හැකිවුනා.

    ReplyDelete
    Replies
    1. නෝනගෙ නම ඒක තමයි විචාරක. තව පොඩ්ඩක් ලංවෙලා බලන්න.

      >>දුෂ්කර සේවයේ ඉන්න ගුරුවරු විඳින දුක් ගැන කොයිතරම් ලිපි, පොත්පත්, ලියවෙලා තියනවද? ඒත් අදත් ඒ දුෂ්කර බව තියනවා. නමුත් ප්‍රවාහනය සහ පණිවිඩ හුවමාරුව එදාට වඩා දියුණු නිසා තරමක සහනයක් තියනවා. <<

      අද එහෙ ගියාම එදා අපි කාපු කට්ට ගැන හිතාගන්න බෑ. අද එහෙ පුදුම දියුණුවක් සහ වෙනසක් පේනවා. ඒකට එදා. අවීචි මහ නරකාදියක්.

      Delete
  13. පුෂ්පය අතේ තියාගෙන ලියපු කතාවක් වගේ.. තිත්ත යතාර්ථය නම් මේක තමා. මම නම් කවදාවත් කසාඳ නොබඳින නිසා ඔය ප්‍රශ්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. >>පුෂ්පය අතේ තියාගෙන ලියපු කතාවක් වගේ..<<

      හපොයි නෑ අඟහරුවා. කොහෙත්ම නෑ. මේකට දැන් මල පැනලා වැඩක් නෑ මොකද ඔය පරණ කතාවල් නිසා.

      කසාද නොබඳින එක ගැන මට කියන්න දෙයක් නෑ.නමුත් මේ කසාදය පිළිබඳ ප්‍රශ්ණයක් නෙවෙයි. නිළධාරීවාදය පිළිබඳ ප්‍රශ්ණයක්.

      Delete
  14. දැන් කතාවම කියෙව්වා අදහස් හෙට දාන්නං. මොකද ටිකක් දිගවෙයි.

    ReplyDelete
  15. රත්න ශ්‍රී මගේ සා පැටව්නේ අසාපන් ගීතය ලියන්නෙත් මේ වගේම සිද්ධියක් මුල් කොට ගෙන. ඔබේ හා ඔහුගේ කතාවේ පුංචි වෙනසයි ඇත්තේ. නමුත් මට හුගක් දේ කිය යුතුයි දැන් ඒකට කාලය නෙමේ හෙට දවසේ දාන්නම්.

    ReplyDelete
    Replies
    1. ඒ සින්දුව මොකක්ද කියලා හොයලා බලන්න කාලය එළඹිලා මම හිතන්නේ.

      Delete
    2. මේන් ඒක https://www.youtube.com/watch?v=_mf7icpvcHU

      Delete
    3. Thanks for the link X-Porter. I watched that.

      Delete
    4. නලිය, ඒක සින්දුවකට කලින් කවියක්. මුළු කවියම සින්දුවෙ නෑ.

      Delete
  16. මේක කියවනකොට හිතෙනවා ගුරුවරයෙකුගේ ජීවිතය නිලධාරීන් විසින් කොපමණ කොම්ප්ලිකේට් කරනවද කියලා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. නිළධාරීවාදය වගේ දෙයක් තවත් නෑ.

      Delete
  17. හිතට එන ඒවා කටින් කියන්නෙ නැතුව හිත අතුලෙන් කියන එක මමත් කරනවා..
    ඒ වුනාට අර කතාවේ ඉතුරැ ටික කියවන්න ආසාවෙන් හිටියා..

    ReplyDelete
    Replies
    1. මම ඒ වගේ වෙන කතා පස්සේ කියන්නම්.

      තමන්ට කතා කරන කොට උඹ උඹට මොකක්ද කියාගන්නේ මෙන්ඩා? මම නම් මට මචං කියලා කියාගන්නේ.

      Delete
  18. "කුකුලාපොළ කිරි අම්මියෙ
    නුඹෙ උණුහුම කොයි
    මේ පැටවුන් එක්කල මං
    කොයි බට යන්දැයි
    නිවැරැද්දේ අපට මෙහෙම
    පිටුපෑවේ ඇයි
    කුකුලාපොළ කිරි අම්මගෙ
    නුඹෙ උණුහුම කොයි"

    (රත්න ශ්‍රී විජේසිංහ )

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ බං.

      වැඩේ ඕක විවාහය සහ දරුවො නිසා විතරක් ඇතිවෙච්ච ප්‍රශ්ණයක් නොවීමයි.

      Delete
  19. හම්මෝ කියවලා ඇඟේ ලේ කෝප වුනා.

    //අපි හැම එකාගෙන්ම බැණුම් අහනවා. අම්මලා තාත්තලත් බණිනවා. අපි මහා නරක, හිතුවක්කාර, මුරණ්ඩු, දරදඬු, අලුගුත්තේරු, කිව්වා නාහන ජෝඩුවක් බවට පත්වෙනවා.//

    උදව් කරන්ට ඕනි වෙලාවක පවුලේ අය මෙහෙම කරන්නේ ඇයි කියලා හිතාගන්ට බෑ.

    පොඩ්ඩි හිටියානම් ඔය ඔෆිස්වල කීපදෙනෙක් ගුටි කනවා අර ඇඳුම කොච්චර කැත වුනත්. :P

    //මින් මනත, ඕනෙම ගෑණියෙකුට, සැක සහිත අවස්ථාවල Missවත් Mrsවත් නොකියා Ms කියන්න මම හිතේ සටහන් කරගන්නවා.//

    දැන් ඔය Miss and Ms සද්ද කරන්නේ කොහොමද? :D

    ReplyDelete
    Replies
    1. [දැන් ඔය Miss and Ms සද්ද කරන්නේ කොහොමද? ] මටත් ආපු ප්‍රශ්නයක්

      Delete
    2. I'll answer this first.
      Miss /mis/
      Ms /mƏz/ (like second syllabe in ගල)

      Delete
  20. අම්මෝ ඩූඩ්.... ඔයා මේවා විහිලුවෙන් ලිව්වට, ඒ කාලෙ ඔය දෙන්නම මොන කට්ටක් කන්න ඇත්ද!!

    හැක! අර බැඳපු ජෝඩු වෙන් වෙන්ව වාසය කල යුතුයි සහ ඒක මහ දෙයක් නෙමෙයි කියල හිතන පාණ්ඩිත්‍යයෙන් යුත් වැඩිහිටියොනම් තාම ඉන්නවා අෆ්ෆා.

    මට මතක් උනේ යාපනේ යුනිවර්සිටි එකේ එකවුන්ටන්ට් කෙනෙක් විදියට ගිය අපේ කසින් අක්කා කෙනෙක් කාපු කට්ට. එයා අවුරුදු අටකට පස්සෙ මාරුවක් හදාගත්තෙ. අන්තිමේ මොරටුව යුනි එකට ට්‍රාන්සර් එකක් ලැබිලා, එහෙ යන්න කුලී ගෙදර තිබුන බඩු ටික අරන් එන්න රෑ යාපනේ යද්දි වාහනේ ඇක්සිඩන්ට් වෙලා, අතකුයි කකුලකුයි කැඩිලා හෙන සීන් ගොඩක් උනා. රාජ්‍ය සේවයේ ඉහල පුටුවල ඉන්න සමහරුනම් වෙලාවකට මහ අමානුෂිකයි.

    ReplyDelete
    Replies
    1. බස්සි, ඒ කාලෙ නෙවෙයි. මේ දැනුත් කන්නේ මාරම කට්ටක්.

      ඕනෙම කෙනෙකුට අමාරුව අමාරුවක් හැටියට තේරෙන්නේ ඒක තමන්ට වෙනවානම් විතරයි. අන්න ඒකයි මම දැන් මිනිස්සු ගැන හදිසි තීරණ වලට බහින එක පරිස්සමින් කරන්නේ.

      Delete
  21. ඔබ කියනා සේම පළමු කොටස කියවා පැමිණ මෙහි පළමු ඡේදය කියවද්දීම බලාපොරොත්තු බිඳ වැටේ. එහෙත් පළමු ලිපියේ සංවාද තුළ ඔබ කළ යම් යම් ඉගි නිසා ඒය එතරම් තදින් බලපෑවේද නැත.
    දැන් ඔබේ දුෂ්කර ක්‍රියාව දෙසට හැරෙමු. මෙය ගුරු වෘත්තියට පමණක් නොව සමස්ථ රාජ්‍ය සේවාවටම පොදු දෙයක් බව නොකිව මනාය. නිලධාරීවාදයෙන් ඔද්දල් වූ සේම ස්ථාන මාරු සම්බන්ධයෙන් විධිමත් ජාතික ප්‍රතිපත්තියක් නොමැති කම මෙහි පළමු අවුලයි. මා හිතන ආකාරයට තාමත් ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් මතු නොව විධිමත් වැඩපිළිවෙළක් ද නැත. ගුරු මාරු වැඩපිළිවෙළවළක් ඇතත් එය විධිමත් නැත. එනිසාම පළාත් අධ්‍යාපන සේවාවේනම් මහ ඇමැති ගාව දණින් වැටිය යුතුය. ජාතික අධ්‍යාපනයේ නම් අධ්‍යාපන ඇමැති ගාව දණ නැමිය යුතුය. ඇමැති හෝ අධ්‍යාපන ලේකම් අදුනන්නේ නම් බොහොම ලේසියෙන් වැඩේ ගොඩය.
    දෙවැන්න අනුප්‍රාප්තික කතාවයි. එවන් කතාවක් එන්නේද විධිමත් සැලසුමක් ප්‍රතිපත්තියක් නොමැතිකම නිසයි.
    මෙහිදි නිලධාරින්ද අසරණ වෙයි. තම පාසලේ වගකිම් දරමින් සිටින ගුරුවරයකු නිදහස් කරන්නට කිසිම විදුහල් පතිවරයකු කැමති නැත. හේතුව එම ගුරුවරයා වෙත පවරා ඇති වගකිම් ඉටු කරන්නට තවකකු නොමැති කමයි. එනම් ඔහු උගන්වන පන්තිවල දරුවන් අනුප්‍රාප්තිකයෙක් නොමැතිකමින් අසරණ වීමයි. මේ හේතුව නිසාම වගකීම දරන්නා නිරන්තරයෙන් අනුප්‍රාප්තිකයෙක් ඉල්ලා සිටියි. (මෙතනදී මම බලධාරියානම් මා ගනනේ කුමන තිරණයද යන්නත් හිතන්න වෙනවා)
    මෙවන් පාසල්වල බොහෝ විට ගුරු හිගයක්ද නිරන්තර පවතී. කිසිවකු ඒ ගැන තකන්නේ නැත. තියන සීමිත සම්පතින් උපරිම ඵල ගන්නට එනිසාම විදුහල්පතිවුරුන් යොමු වේ. කරුණු එසේ වුවද දේශපාලන සවි ඇත්තෝ පාසලකට පත්විම ගෙන වසරක්වත් නොසිට ස්ථාන මාරු රැගෙන තම ගම්බිම් අහලට පැමිණෙති. මේවා සමස්ථ ක්‍රමවේදයේම වැරැදිය. තව දුරටත් දේශපාලන පළිගැනිමේ මාරුවීම් එහෙමත් සිදුවනවාදැයි නොදනිමි.
    //කොටින්ම මේ අපේ ගමේ ඉන්න වැඩිහිටියොත් පාරෙදි හම්බවුනාම දොස් කියන්න, හරස් ප්‍රශ්න අහන්න ගන්නවා. අපි සෙනග ඉන්න තැන් වලට යාම මග අරිනවා. නෑදෑ යාලුවෝ බලන්න යාමත් අඩු කරනවා. සෙනසුරාදා පොළේදි වුනත් කවුරුහරි කතාවට වැටෙන්න හැදුවොත් මොකක් හරි බොරු හදිස්සියක් පෙන්නලා මග අරිනව. කොටින්ම සමාජෙන් වහන් වෙලා ඉන්න වැඩ සිද්ද වෙනවා. කවුරුත් අපි දිහා බලන්නේ, අපරාදයක්, වේසකමක්, හොරකමක් කරපු උන් දිහා බලනවා වගේ. සමහරුන්ගේ මූණෙ තියෙන්නේ අනුකම්පාවක්.

    හැම දෙයින්ම වෙන්නේ හිත තවත් පෑරෙන එක මිසක් සුවපත් වෙන එක නෙවෙයි.

    අපි නෑදෑයෝ අතෑරලාම දානව, බණ අහගෙන ඉන්න බැරිකම නිසාම.

    යාලුවොත් ඉතාම සීමා වෙනවා ලඟම කීප දෙනෙක් ඇරෙන්න.//

    මෙතැනදී නම් බොහෝ විට වෙන්නේ මග තොට හමුවීමකදි වගේ ඔය නිකමට අහන්න දෙයක් නැතිකමට අහනවා වගේ දේවල් නේද? ඇත්තටම කෙනකුගෙන් එවන් හමුවීමකදී යමක් අහන්නත් බයයිවගේ හිතෙනවා මට දැන්. කෙනකු අගතියට හෝ අපහසුවට පත්කිරීමේ අරමුණක් නැතත් අහන්න දෙයක් නැතුවට වගේ ඔය ප්‍රශ්න නැගෙන්න හැකියි නේද?
    කලකින් හමුවෙන කෙනකු එක්ක කතාබහේදි දැන් සිට තෝරාබේරාගත් වදන්වලින් අමතන්න හිතා ගත්තා මමත්.

    //පොලිස්කාරයෝ ඔක්කොම බල්ලෝ කියන අදහස මම වෙනස් කරගත්තේ මේ පොලිස් බැ‍රැක්කෙදි.//

    ඇයි ඇත්තටම අපි මේහෙම හිතන්නේ. මටත් මේ අයව පේන්න බැරිවන අවස්ථා තියනවා. ඒ වගේම අපි හොඳට දන්න හදුනන පොලිස් නිලධාරියෙක් හමුවුණු හැම වෙලාවෙම හිතෙන්නේ යකෝ මුන් කොච්චර හොඳද කියන එකයි. ඒ කියන්නේ තමන්ට ලැබෙන දේ අනුව අපි අපේම අදහස් වෙනස් කරගන්නවා. මේ අය අපට අපුල වෙන්නේ එයාලා අපි වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න යන අවස්ථාවන්හිදියි. අපි මහ මග වරදක් කරලා පොලිස් නිලධාරියෙක් නැවැත්තුවොත් බලන්නේ ෂේප් වෙන්නමයි. වරදක් කර මහමග රියක් නැවැත් වූ විටක අනන්මනන් නොදොඩා හරි මගේ වරද මට දෙන්න දඩකොළයක් කියල ඉල්ලන අය දැකල තියනවද?
    එසේම වරදක් කර නොව, අවශ්‍ය සේවාවක් පොලිසියෙන් ගන්න ගියාම රැස් පිඹින අයත් නැතුවා නොවේ. එසේම දෙපාර්ශ්වයක් අතර ගැටලුවකදි නිලධාරීන් එක් පැත්තක් ගන්නේ නම් බොහෝ විට එතැන ඒ පාර්ශ්වය හා ඒ නිලධාරියා අතර මිතුරුකමක් හෝ සබදතාවක් ඇති විටයි.අප හා තව පාර්ශ්වයක් අතර ගැටලුවකදී විමර්ශන නිලධාරියා අපේ හිතවතෙක් නම් අපේ පැත්ත ගන්නවා නේද? අපේ පැත්ත ගන්නට අපම ඒ අයව පොළඹවනවා නේද,

    මචං අහවල් පොලිසියේ උඹ අදුනන එකෙක් නැද්ද මට පොඩි කේස් එකක් තියනවා ෂේප් කරගන්න ඕන බං.... මගෙන් මෙහෙම අහපු මිත්තරයෝ ගාණ ගණන්කරන්නත් බැරි තරම්. ඒ වගේම උදව් අරන්දීපු අවස්ථාත් බොහොමයක් තියනවා. අන්න එතකොට ඒ නිලධාරින් ඉතාම හොද උන්.

    මේ ටික දැම්මේ සංවාදයක් ඇතිවන්නයි.

    ඒ කොහොම වුණත් ජීවිතේ ජයගන්න උඹ කාලා තියන කට්ට සුලුපටු නොවන වග නම් හොඳට දැනුණා මචෝ මේ වියමනින්. මේ වියමනත් අර ඇන්ඩිගේ ස්ටයිල් එකටමයි ලියවිලා තියෙන්නේ..
    උඹට ජයවේවා......

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කමෙන්ට් එක කියවන්න මාත් ආවා.. ++++++++++++++++++++++

      Delete
    2. මේක වෙනම බ්ලොග් පෝස්ට් එකක්නෙ නලින් අයියෙ....

      Delete
    3. මම සිගරට් එකක් බිලා එන්නම් මේක කියවන්න

      Delete
    4. මෙච්චර දිග කමෙන්ට් එකක් ලියන්න උඹේ වටිනා කාලය කැප කලාට ස්තුතියි නලීන්.

      අපිට මොන ප්‍රතිපත්තියක්වත් නෑනේ බං. ප්‍රතිපත්තිය කියන්නෙ ඒ ඒ කාලෙට එන ආණ්ඩුවේ ඇමතියට එවෙලෙට හිතෙන දේ.

      ඊ ලඟට ඔය නිළධාරීවාදයට එරෙහිවෙන්න නිළධාරීන්ටම ඕනෙ කමක් තියෙනවද බලහං. සෞඛ්‍ය සේවයේ වැඩ කරන එකා ප්‍රවාහනයට බණිනවා අකාර්යක්ෂම තාවය ගැන. ප්‍රවාහණයේ එකා බේත් ගන්න ඉස්පිරිතාලෙට ගියාම ඌ බණිනවා සෞඛ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය ගැන.

      මචං, මම හරි අකමැතියි මිනිස්සුන්ගේ හරස් ප්‍රශ්ණ වලට උත්තර දෙන්න සහ නිදහසට කරුණු ඉදිරිපත් කරන්න. ඒ වගේම මම හරිම අකමැතියි අනුනේ අනුකම්පාවට භාජනය වෙන්න. අනික ඔය හම්බවුනාම මූණට කියන කතා අවංක නෑ මචං. ඒවා නිකං මූනිච්චාව කියලා පැහැදිලිවම තේරෙනවා.

      පොලිස් කාරයෝ ගැන පොලීසියෙම උන් කියන හැටි මම පෝස්ට් එකේ ලිව්වේ ඒකයි. හොඳ උන් ඉන්නවා. නමුත් ටිකයි. උන්ගෙන්ම අහලා බලපං උන් පොලිසියට බැ‍ඳෙන්න කලින් උන්ගෙ පොලිසිය ගැන තිබ්බ ආකල්පය සහ දැන් සමස්තයක් වශයෙන් පොලිසිය ගැන තියෙන ආකල්පය ගැන.

      අපි පොලිසියත් එක්ක බොහෝ විට ගැටෙන්නේ වරදක් කරලා ෂේප් වෙලා යන්නම නෙමෙයි මචං. සමහර පොලිස් කාරයෝ කරපු දේවල් මම මෙතන ලිව්වොත් කතාව චොර වෙනවා.

      මට පොලිසියත් එක්ක එහෙම කෝන්තරයක් නැති බව මේ පෝස්ට් එකේ මම කියලා තියෙන දෙයින්ම පැහැදිළියිනේ.

      Delete
    5. පොළිසියෙ උන් ඔපරේෂන් ඒරියාවලදි පට්ට හොඳයි, නගරෙදි බලුයි. හේතුව උන් එතනදි අපි වගේම අසරණයඉ, නගරෙදි අපි උන් ඉස්සරහ අසරණයි.

      Delete
  22. Replies
    1. මේකට හිනායන්නේ නැහැ ඩුඩ් . පපුව ඇතුලෙන් ආපු ගින්නක් එක්කම ඔලුවත් කර උනා මිසක්. සමහර ඇඩෙන තැන් වලදී මට හිනා යනවා උනත් ඒ වචන අස්සේ තිබ්බ ආවේගය සහ වේදනාව මට තේරුනා.
      ඩුඩ් , මතකද මම දවසක් ඔබේ ගුරු ජිවිතයේ අත්දැකීම් කියන්න කියලා කිව්වා. මම අදහස් කලේ මේවා තමයි. රසවිඳින්න නෙවෙයි, මිනිස්සුන්ට වැටහෙන්න. ගුරුවරු කියන්නේ දෙය්යෝ ජාතියක් නෙවෙයි ඔබ අප වගේම ලේ මස් ඇට නහර වලින් හැදිච්ච මිනිස්සු කියලා තාමත් මුන්ට තේරෙන්නේ නැහැනේ. ඒ නිසා ගුරුවරුන්ගේ මානසික තත්වයන් තේරුම් නොගෙන වැඩකරන වෙලාවල් තියෙනවා. උන්ගේ ළමයින් බලාගන්න ගුරුවරු තමුන්ගේ දරුවන් කොහේ කොහොම තියනවද කියලා පොඩ්ඩක්වත් හිතන්නේ නැති දෙමවුපියෝ තමයි වැඩිපුර ඉන්නේ.

      මම මගේ ඉස්කෝලෙදි ගුරුවරුන්ගෙන් ඇති තරම් කෙනෙහිලිකම් සහ දුෂ්ඨකම් වලට ලක් උනා. නමුත් මට අදටත් ඒ ගැන තරහක් නැහැ. මට හැබැයි එහෙම වද දුන්න ගුරුවරියෝ ඔබ කියපු ජාතියේ ලොකු ඉස්කෝලවල 'පැලවෙච්ච, අරටු බැහැපු' උදවිය. තමන්ගේ වෘතියට අලුතෙන් එන අයට අතදෙන ප්‍රමාණයට වඩා 'තමන් හොඳ කටු කාපු නිසා, උඹලත් කාපන් කට්ටක්' කියන උන් තමයි මම දැකලා තියෙන්නේ.

      මගේ අක්කා Teacher Counselor කෙනෙක් නිසා මමත් දන්නවා මේ කට්ට. සාපේක්ෂව ඇයට ලැබුනේ එතරම් දුරබැහැරක් නොවන පළාතක් නිසාත් ඇගේ සැමියා ගුරුවරයෙක් නොවන නිසාත් මෙතරම් ලොකුවට ප්‍රශ්නය දැනුනේ නැතත් මගේ ගුරු යහළුවන්ගෙන් මට මේවා අහන්න ලැබෙනවා.
      මම ඔබ හා දීපා ගැන දුකක් දැනෙන්නේ නැත්තේ ඔබ දෙන්නා 'අසරණයි' කියලා හිතන්නේ නැති නිසා.

      අනෙක් දේ තමයි මේවා කලින් අහලා දැකලා තියෙන නිසා රාජ්‍ය සේවය තරම් 'ජරා වලක්' මට නම් අදටත් නැහැ. මගේ අම්මත් රාජ්‍ය සේවයේ උසස් නිලයක් තමයි දැරුවේ. ඇය ඇගේ ගෝලයින්ට සහ පවුලට එකට ඉන්නට හැකිවෙන්න පුදුම තරම් උදව් කළා මට මතකයි. මාරුවීම් වලට එහෙම පුදුම සපෝර්ට් එකක් දුන්නේ. ඒ මදිවට ආදර සම්බන්ධතා වලට පවා මාර සපෝර්ට්. ඒ මිනිස්සු ඒ නිසා තාමත් අම්මට මාර ආදරෙයි. නමුත් අම්මාගේ රෑන්ක් එකේ අනිත් අය ( ගෑනු පිරිමි භේදයක් නැතුව) කරපු වැඩ ඇහුවම උන් මේ වෙනකොට විඳින ජිවිතේ සාධාරණයි කියලා හිතෙනවා.

      අනෙක් මේ වගේ පට්ටම කට්ටක් කන අය තමයි ලංකාවේ වෛද්‍යවරු. මම අහලා තියෙන ඔක්කොම වගේ බඩකුත් එක්ක පවුල දෙපැත්තට වෙලා ඉන්නේ. දොස්තර නිසා රස්සාවට පයින් ගහලාඑන්නත් බැහැ. මම කැමතියි ඒවා ලියනවා නම් ඒ අයත්. එයාලගේ සමහර වෘතිය ඉල්ලීම් සාධාරණයි කියල හිතෙන්නේ ඒකයි මට නම්. මගේ අවුලක්ද මන්ද.

      Delete
    2. ගුරු රස්සාව විතරක් නෙවෙයි හුඟක් රස්සාවල් මෙහෙම තමයි.

      ජරා පොලිස් කාරයෝ, ජරා දේශපාලනඥයෝ වගේ අන්තිම ජරා ගුරුවරුත් ඉන්නවා. මම ඒක පිළිගන්නවා. නමුත් සමස්ථයක් වශයෙන් ගුරුවරු නිතරම වරදවා වටහා ගැනීම්වලට භාජනය වූ සත්ව කොට්ඨාශයක්. මම මාව ගුරුවරයෙක් හැටියට හඳුන්වගන්නත් අකමැති එක හේතුවක් ඕක.

      අනික දෙමව්පියෝ, පාසැල් පරිපාලනය, ළමයි, සමාජය, අධාපන පරිපාලනය කියන හැම බලවේගයම තමන්ගෙ හිරි ඇර ගන්නේ ගූරුවරයට තඩි බාලා.

      >>මම ඔබ හා දීපා ගැන දුකක් දැනෙන්නේ නැත්තේ ඔබ දෙන්නා 'අසරණයි' කියලා හිතන්නේ නැති නිසා. <<

      හරියට හරි. මේක ලිව්වේ දුක කියන්න නෙවෙයි. අනුකම්පාව අයදින්න නෙවෙයි. මට පේන්න බැරි දෙයක් තමයි කෙනෙක් මට අනුකම්පා කරන එක. මගෙ දුවත් දන්නවා "අනේ පව් තාත්තා" කිව්වොත් මට මාරාවේශ වෙනවග. ඒ නිසා එහෙම කියන්නේ නෑ කවදාවත්.

      වෛද්‍යවරු ගැන ඒගොල්ල කියාවි.

      Delete
    3. //හරියට හරි. මේක ලිව්වේ දුක කියන්න නෙවෙයි. අනුකම්පාව අයදින්න නෙවෙයි. මට පේන්න බැරි දෙයක් තමයි කෙනෙක් මට අනුකම්පා කරන එක. මගෙ දුවත් දන්නවා "අනේ පව් තාත්තා" කිව්වොත් මට මාරාවේශ වෙනවග. ඒ නිසා එහෙම කියන්නේ නෑ කවදාවත්//

      මෙන්න මෙතනදී ඩූඩ් සහ සුදීක මාර සමානයි.

      Delete
  23. වෙලාවකට හිතෙනවා හෙන් රි අයියේ අපි හෙන ගොන් වහන්සෙලා කියලා. එක එකා පස්සෙ නොගිහින්, අපේ මහන්සියෙන් අපි බයික් එකක් අරන් යනකොට, එක එකාගෙ පුකවල් ලෙව කාලා, එක එකා එක්ක නිදාගෙන කාර් ගත්ත උන් අපෙන් අහනවා තාම බයික් එකේද කියලා.....

    මෙන්න මේ කෑල්ලට තමයි මගෙ පපුව දාලා ගියෙ,,,

    //දරුවෙක් ලැබුනාම සාමාන්‍යයෙන් වියදම් කිහිප ගුණයකින් වැඩි වෙද්දී. අපේ පවුලේ ආදායම හරි අඩකින් පහල වැටෙනවා. නමුත් කිසි කෙනෙකුට බරක් නොවෙන්න ජීවත් වෙන්න හිතන අපි වියදම් කපාහරිනවා.

    දරුවට හොඳම දේවල් දෙන අපි, අපි දෙන්නට අවමයෙන් වියදම් කරගෙන ජීවත් වෙනවා. //

    ReplyDelete
    Replies
    1. උඹේ පළවෙනි ඡේදයට මගේ උත්තමාචාරය. අන්න ඒකනම් සහතික ඇත්ත බං. නිතර වෙන දෙයක්. මේ තරම් අමාරු වෙන්නේ නෑ වැඩක් කරගන්න අර දේවල් කලා නම්. නමුත් කරුමෙට බඩගින්නේ මලත් ඒවගේ බලු වෙන්න හිතෙන්නේ නෑ.

      උඹේ පපුව දාලා ගියේ, උඹ මේ දවස්වල දරු සුරතල් බලන නිසා වෙන්නැති. මම මෙතන ලිව්වෙ අපි කාපු කට්ටේ අංශු මාත්‍රයයි බං. මගෙ අදහස ඒ ගැන වැඩිය කියල පෝස්ට් එකේ ගමන් මග වෙනස් කරන්න නෙවෙයි.

      Delete
  24. අවංකවම අපි කන කටු කටු ද කියල හිතෙනවා මේවා කියවද්දී.. මේක ඉතින් බහුතරයක් ආණ්ඩුවේ සේවකයින්ගේ කතාව නේද.. හැමදේම ප්‍රයිවටයිස් කරන්න ඕනේ කියල හිතෙන්නේ මේවා දකිද්දී..

    ලියපු විදිය නියමයි... මට අර Miss ගේ නමයි ක්ලැරන්ස් ගේ නමෙයි සීන් එක තේරුනේ පස්සේ හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. පැතුමට ඒක තේරුණ නේද?

      මම එතනදි අදහස් කරපු දේ මෙහෙමයි. ස්ත්‍රී ශරීරයක සංවේදීම ස්ථානයක් තමයි ඔය එතන පවතින ස්නායු අන්ත ගහනය නිසාම. නමුත් මිස් භගමනී සංවේදී වෙන්නේ තමන්ගෙ නමට එකතු කරන ටයිටල් එකට විතරයි. තමන් ගාවට වැඩක් කරගන්න එන මනුස්සයගේ අමාරුව ගැන කිසිම සංවේදී භාවයක් නෑ. හරියට අර අවයවය එක දේකට පමණක් අධි සංවේදී වීම වගේ.

      එතකොට ක්ලැරන්ස් බැලූ බැල්මට ක්ලැරන්ස් කෙනෙක් හිතුනට ඌ ඇත්තෙන්ම අර ගෑණි වගේම තමයි. වෙනස භාෂාව විතරයි. නමත් එකමයි. ඒක නිසයි උගෙ මුල්නම එහෙම වෙන්නේ. ගුද වංස කියන්නේ ඇත්තෙන්ම මුල වචනය උඹලා හොඳින් දන්න වචනේ. අලි වංසෙ = පාට්.

      එතකොට පොර ගහන සින්දුව බලපං. ඌට අපේ පවුල් ගැන අනුකම්පාවක් නෑ. නමුත් දිලීප පොඩි පුතු සනීපයට නිදී මවගේ උකුල් යහනේ උගෙ ප්‍රියතම සින්දුව.

      පුදුමයකට වගේ, දෛවයේ සරදමකට වගේ මේ ඔක්කොම ඇත්තටම සිද්ද වුනා සමාන්තර විශ්වයේ.

      Delete
  25. රාජ්‍ය සේවයේ මාරුවීම් පිළිබද ජාතික ප්‍රතිපත්තියක් නැතිද ?
    දැන් ඩුඩයියා ගුරු සේවයේ හිටියේ පළාත් රාජ්‍ය සේවය තුල නම් මාරුවීම් සිදුවිය යුත්තේ ඒ පළාත තුල පමණක් නේද?
    රාජ්‍ය සේවයේ පරිපාලන නිලධාරීන් චක්‍ර ලේඛ ඇතුලේ හිර වෙලාද ?එහෙමත් නැතිනම් ඔවුන් බහුතරය ආකර්යක්ෂම,අමානුෂික පිරිසක්ද ?
    ඔය "දුෂ්කර"යයි සම්මත පළාත් වලට ඒ පළාත් වලින්ම ගුරුවරු හොයාගන්න,නිර්මාණය කරගන්න ක්‍රමවේදයක්,සැලස්මක් නැති කමත් ගැටලුවක්.

    කොහොම වෙතත් ඩුඩයියාගේ "අපායේ"පන්ති ගැනත් දන්නා නිසා සහා මේ පරිපලකයින් ගේ වැඩ නිසා ඩුඩයියා ගේ ගුරු රස්සාව ගැන දක්වන ආකල්පය වටහා ගන්න පුළුවන්.

    පොලිසිය ගැන නම් මගෙත් පහන් හැඟීමක් නොවේ තියෙන්නේ.ඩුඩයියාට වගේ හොඳ පොලිස්කාරයෙක් හම්බු වෙනකම් එක එහෙම්ම තියෙයි.
    (හම්බ වෙන්න උවමනාවකුත් නැහැ.)

    කොහොම උනත් "ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය" කියලා ඉවසන්න බැරි උනත් ඉවසන එක වටිනවා.:)

    ReplyDelete
    Replies
    1. මනෝජ්, උඹ අහපු මුල් ප්‍රශ්ණ ටිකට නම් මට වඩා හොඳට ලංකාවේ රාජ්‍ය සේවයේ යෙදිලා ඉන්න කෙනෙක් උත්තර දේවි. තවමත් රාජ්‍ය සේවය එහෙමද දන්නේ නෑ.
      උඹ රජයේ සේවකයෙක් නිසා උඹට මම සමාන්තර විශ්වයේ පත්වීම් ලිපියක ඡේදයක් ඉදිරිපත් කරන්න,

      05. ( i ) ඔබගේ පත්වීම දිස්ත්‍රික් සේවා ක්‍රමය යටතේ කරන බව සැලකිය යුතුයි. ගුරුවරයෙකු වශයෙන් ඔබගේ සේවය කොළඹ දිස්ත්‍රික්කයට සීමාවේ. bla bla bla

      ( vi ) එසේ වුවත් දිස්ත්‍රික් සේවයේ කොන්දේසි අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පත්වීමක් ලැබීමට පෙර දුෂ්කර ප්‍රදේශයක අවුරුදු තුනක් සේවය කල යුතු බැවින් YYYY-MM-DD දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔබ අම්පාර දිස්ත්‍රික්කයට පත්කරනු ලැබේ. YYYY-MM-DD දින සිට ඔබ ‍තෝරාගන්නා ලද කොළඹ දිස්ත්‍රික්කයට මාරු කරනු ලබන අතර bla bla bla

      දැන් මේක උල්ලංඝනය කරන්න උන්ට තියෙන අයිතිය මොකක්ද අර කියන සේවා කාලය පහු වුනාට පස්සේ?

      Delete
    2. ඩුඩයියේ,මම රාජ්‍ය සේවයේ නෙමේ.
      දැන් මේ ගිවිසුමේ සඳහන් පරිදි සේවා කාලය සම්පුර්ණ වීමෙන් අනතුරුවත් අදාල මාරුවීම ලබාදෙන්නේ නැතිනම් ගිවිසුමේ කොන්දේසි උල්ලංඝණය අධිකරණ ක්‍රියාවකට යන එක පලක් නැතිද ?ඔය මානව හිමිකම් කොමිසමට මේ ගැන පැමිණිලි කරන්න බැරිද?

      Delete
    3. මනෝජ්. උසාවි ක්‍රියාමාර්ග කියන්නේ අපි ගන්න අකමැතිම ක්‍රියාමාර්ගයක් මොන ප්‍රශ්ණයක් වුනත්.

      Delete
  26. හපොයි මේක කියවල කියන්නෙ මොනවද කියල හිතාගන්න බෑ බොල.
    ඔය ලොකු පුටවල මෙලෝ වැඩක් නොකර ඉන්න කාලකන්නි හින්ද තමයි රාජ්‍ය සේවය වල පල්ලට ගිහිල්ල තියෙන්නෙ.

    //එකෙක් නිවාඩු නම් ඒකගේ වැඩ කරන්න වෙන කෙනෙක් දාන වැඩ පිළිවෙලක් මෙතන ඉන්න උන් අහලා වත් නෑ. අරූ ආපහු වැඩට එනකල්ම දිගටම එතනට යන්න ඕනේ.//
    මේකනං හැම රජයේ ආයතනයකම තියෙන ගොඩ දෙ‍නෙක් විඳල තියෙන දෙයක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඒ මිනිස්සු මොනවා හිතාගෙන වැඩකරනවද ප්‍රතිපත්ති සකස් කරනවද කියලා මටත් හිතාගන්න බෑ. අර පල්ලෙහා ඇනෝ කිව්වා වගේ අපි ඒකට අනුගත වෙලා කාලය ගෙවලා දාලා යන්න යනවා.

      Delete
  27. "සංගීතයට ලැදි මිනිස්සු මෘදු හදවත් ඇති මිනිස්සු කියන උපකල්පනයේ ඉන්න මට...."

    අනේ බං හෙන්රි අයියෙ බොලා ගුවං විදුලි සංගස්තාවෙ පැත්තෙ බොරුවටවත් ඔලුව දාලතිබ්බනං බොලාට තේරුං යන්න තිබ්බ බොලාගෙ උපකල්පනේ කොච්චර සාවද්දයද කියල. ඉන්න තරමක් ඉන්නෙ කුහකයො. අපි මහා කලාකාරයො කියල දකින උන් කරන අවලං කුප්ප වැඩ කැපිලි කෙටිලි බොරු සෝබන කෙහෙ වලු පටල ගැනීම් කුඩ කැඩෙනකං ගුටි දීම් බ්ලා...බ්ලා...බ්ලා.
    (ඒ අනූ ගනං වල හරිය. දැං කොහොමද කියල දන්නෑ..)

    සංදුක්කරේ බොලා ජීවත් වෙන්න කාල තියෙන කට්ටක්. ( මේ ආකාරයේ ක‍ටු කාපු නෙසාද දන්නෑ සමහර ටීචර්ල ගාව පොඩි කුනු ගතියක් තියෙන්නෙ නේහ්)

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න X-Porter මම ඔය හුලං විදුලියෙ ඉංග්‍රීසි සහන නිවේදකයෙක් වෙන්න ගිහින් තියෙනවා. ලේඛකයෙක් වෙන්න LakeHouse ගිහින් වෙච්ච දේශපාලන බැකප් එකක් නොතිබීම නිසා කැපිලා ගියා.

      මගෙ උපකල්පන වරදිනවා බං. මම ඒක පිළිගන්නවා. ගුරු කමත් එලම රස්සාවක් කියලා උපකල්පනය කරපු එකම මදෑ මගෙ බුද්ධියෙ දිග පළල වටහා ගන්න.

      උඹ කිව්වත් වගේ මට ඔය අත් දැකීම තියෙනවා. සමහර සෞන්දර්යය ගුරුවරු වගේ එකිනෙකාව කපාගන්න, එකිනෙකාගෙ බෙලි කපන, උගුල් අදින, වලවල් කපන වෙනත් වර්ගයක් මම දැකලා නෑ. :D

      Delete
    2. සංගීතයට ලැදි අය ගැන දැන ගන්න මියුසිකල් ෂෝ එකක් ඔගනයිස් කරානම් ඇති. උන් කා-කොටා ගන්න හැටි දැක්කම වමනේ එනවා.

      Delete
  28. හාපෝ ආණ්ඩුවේ කන්තෝරුද? කොයිකත් එකයි. නිකං ලේ පුච්චගන්නැතිව දැන් ඉන්න තැනක් ගැන හිතමු ඩූඩයියේ.
    (ඔය පර්ෆියුම් ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගහලා ඩූඩයියගෙ චූටයියට මක්කවත් වුනේ නැතෙයි ඒ කාලේ?)

    ReplyDelete
    Replies
    1. යකෝ එහෙම ගහන්නේ අරවගේ නිකං හම්බ වුනොත් තමයි. හොඳවෙලාවට. :))

      Delete
  29. කොහොමද බං ජම්පරේ අඳින්නේ නැතිව බේරුනේ....

    ගොඩක් උන්ගේ ජීවිතේ මේ වගේ තමයි.. රාජ්‍ය සේවය කියන්නෙම තනිකර අපායක්.. දන්න කියන උන් කියන විදියට..

    ඒත් අද උඹ ජය අරගෙන ඉවරයි නේ... මේ තමයි පන්නරය.. ඒකට...

    ReplyDelete
    Replies
    1. ජම්පරේ අඳින්නැතුව බේරුනේ ඇයි කියන එක තවත් කතාවක් මචං. ඒක පස්සේ කියන්නම්.

      ජය අරගෙන ඉවරයි කිව්වා? මොන පිස්සුද මචං.

      මට මේ සාත්තර කාරයගේ කතාව මතක් වුනා.

      "මහත්තයට අවුරුදු හතලිහ වෙනකල් දුක් විඳින්න වෙනවා."

      "ඒ කියන්නේ අවුරුදු හතලිහෙන් පස්සේවත් මට සැපක් විඳින්න පුලුවන් වෙයි කියලද?"

      "නෑ. ඒ වෙනකොට මහත්තයා දුකට පුරුදු වෙනවා."
      :))

      Delete
  30. පලවෙනි කොටසේ වෙනසයි දෙඅනි කොටසේ වෙනසයි, ඉස්සර රාජ්‍ය අංශය පුරාම හිටියේ භගමනිලයි , ගුද වන්ශාලයි තමා. දැන් හැබැයි මම හිතන්නේ ටිකක් විතර තත්වය හොඳයි. කොහොමත් අපේ රටේ රාජ්‍ය ප්‍රතිපත්ති හැම එකක්ම නමට තමා .

    ReplyDelete
    Replies
    1. ඔය දෙගොල්ලම තදාසන්න ප්‍රදේශවල ජීවත් වෙන අයනේ බං. ඉතිං ගතිගුණත් සමානයි.

      Delete
  31. අනුවේදනීය කතාවක් ! ඒත් මේ කතාව පිටි පස්සේ උඹ බලෙන්ම අමතක කරලා දාපු, වතුර යටට කරලා තද කරන් මිරිකන් ඉන්න තවත් අනුවේදනීය කතාවක් තියනවා නේද ? ඒකට උඹටවත්, උඹලටවත් දොස් කියලා වැඩක් නෑ... ක්‍රමේ තමා වැරද්ද තියෙන්නෙ.. ඒක හදන්න එකෙකුටවත් ඕනා කමක්වත්, හැකියාවක්වත් නෑ වගේ.. හැමෝම ‍රැල්ල යන අතට ගහගෙන යනවා තමන්ගේ ධූර කාලය ඉවර වෙනකම්.. එච්චරයි..අන්තිමට ඉතින් ඔක්කොම කර්මයට බාර දීලා "උන් එහෙ ඉපදෙන්නේ පෙර අකුසල් නිසා තමා" කියලා හිත රවට්ට ගන්නන කර්මයේ පිහිට හොයන එක විතරමයි කරන්න වෙන්නෙ..

    තමන්ගේ ‍රැකියාව විදිහට රාජ්‍ය නිළධාරිත් එක්ක වැඩ කරන්න වෙන මිනිස්සු මොන තරම් බෝසත් ගති තියන උන් වෙන්න ඕනද ? එහෙම නැත්නම් ඕකුන්ගෙ හැටි ඔහොම තමා කියලා උන් ඒකට අනුවර්තනය වෙලාද ? එහෙම වෙන්න ඇති නේද ? නැත්නම් මේ වෙනකොට බේතකටවත් රාජ්‍ය නිළධාරියෙක් හොයා ගන්න බැරි වෙන්න ඕනා..

    ReplyDelete
    Replies
    1. ඇනෝ උඹ කියන කාරණාව නොසලකා හරින්න බෑ. නමුත් ඒක වෙනස් කරන්න යන එකාට අර ජම්පර් එක අඳින්න වෙන බව මම පස්සෙ තේරුම් ගත්තා.

      මුලදි මම පාරේ යනකොට විශ්වාස කලා අනිත් උන්වත් හදන්න ඕනෙ කියලා. හුඟක් පස්සෙදි තමයි මට තේරුම් ගියේ මගෙ මිෂන් එක පාරෙ යන අනිත් උන්ව හදන එකවත්, උන් කරන වැරදි වලට කේන්ති ගන්න එකවත්, උන් එක්ක එකට එක කරන එකවත් නෙවෙයි, වාහනේ සහ මගේ මගීන්ට හානියක් අනතුරක් කර නොගෙන ගමනාන්තයට ලඟාවෙන එකයි කියලා.

      Delete
  32. අවංකවම කියන්නං ඩූඩ් අයියෙ මම නං ඔච්චර කට්ටක් නොකා අන්ඔෆීෂියලි කරගන්නවා.… !!

    ReplyDelete
    Replies
    1. මම මුලින්ම උසාවි ගියේ අවුරුදු දාහතරෙදි traffic violation එකකට. දඩ ගෙවලා උසාවියෙන් එලියට ආවාම මට නඩු දාපු පොලිස් කාරයා මටයි තාත්තටයි කිව්වා අපරාදෙනෙ මුලදිම ඕක ෂේප් කරගන්න තිබ්බනේ හරි දේ කලානම් කියලා.

      Delete
  33. මම මේක කියවද්දී හිතුවේ එක අතකට මේ පිටරට ඇවිත් කන කටු මොනවද කියලා.. ඇත්තටම ඩූඩ් අයියේ.. කියන්න දෙයක් නෑ..

    එක අතකට ඉතින් දැන් ජීවිතේ මතක් කරන්න කියලා එදා ඒ මතකයන් ඉතුරු වෙලා තියෙන්නෙත් ඒ දේවල් වලට මූණ දුන්න හන්දනේ..

    ReplyDelete
    Replies
    1. >>මේ පිටරට ඇවිත් කන කටු මොනවද කියලා..<<
      ඉතින් දැනට අපි කරන්නෙත් ඒකනේ බං. කවද්ද මේ ක‍ටු ඉවර වෙලා මස් ලැබෙන්නේ කියලා මම කල්පනා කරන්නේ දිනේෂ්.

      Delete
  34. රවී
    මචං
    උඹයි හෙන්රියි දෙන්නම හොඳම පරිවර්තකයෝ. දෙන්නම එක්කෝ තමන්ට තියන ටැලන්ට් එක දන්නෙ නෑ නැතිනම් දැන දැනම ඒ හැකියාවෙන් වැඩක් නොගන්න දෙන්නෙක්. මම කියවල තියන සමහර සිංහල පරිවර්තන බලු වටින්නෙ නෑ.ඒ අතින් සිරිල් සී පෙරේරා ,ඒ පී.ගුනරත්න වගේ අයගෙ පොත් කියෙව්වහම වෙනස තේරෙනවා.මයිකල් ඔන්ඩච්චිගෙ the Cats table මයිනාගේ නැව් ගමන කියල පරිවර්තනය කරල තියනව බලු වටින්නෙ නෑ. ඔය තියන හැකියාව වැඩි දෙනෙක්ගේ යහපත තකා ප්‍රයෝජනයට ගනිල්ලා. හෙන්රිගෙ අලුත්ම පොස්ට් එකේ මාරුවීමක් ගන්න කාපු කට්ට විස්තර විස්තර කරන ස්ටයිල් එක මරු.උඹේ පඳුරු තැලිල්ල ඒකට හාත්පසින්ම වෙනස්.ඒත් දෙන්නටම පොදු දෙයක් මටපේනවා ඒ තමයි කියවන්නාගේ කුතුහලය රඳවා ගන්න දෙන්නටම තියන හැකියාව.උඹල දෙන්නගෙන්ම ඉල්ලන්නෙ අඩුම ගානෙ පැන්ශන් ගියහමවත් ලියන්න පටන් ගනිල්ලා.
    හෙන්රි
    මේක මම රවිගෙ අන්තිම පෝස්ට් එකට දාපු කමෙන්ට් එක.ඒක දෙන්නා ගැනම කියන එකක් නිසා මෙතනත් ආයි දානවා.මේ ඉල්ලීම මම කලිනුත් කලා.අඩුම ගානෙ මේ තියන දෙවන අවස්ථාවවත් සලකා බලන්න.මේක මෙඋඹලා දෙන්නව මුරුංගා අත්තේ තැබීමක් නෙමෙයි

    පද්මකුමාර

    ReplyDelete
    Replies
    1. මචං කුමාර. මම දැක්කා උඹේ මේ කමෙන්ට් එක රවීගේ පෝස්ට් එකේ. ඒක රවියා දැකලා උත්තර දෙන්න කලින් මම එතන දාපු කමෙන්ට් එක මම මෙතන අලවන්නම්.

      >>කුමාර. ස්තුතියි මචං උඹ මාවත් රවියගෙ කැටගරියටම දැම්මට. ඒක මට අයුතු ගෞරවයක්දෝ කියල හිතෙනවා.

      පරිවර්තන කියවීම ගැන නම් මට රවියට තියෙන අත්දැකීම් නෑ. ඇත්තෙන්ම මම වැඩිය පරිවර්තන කියවලා නෑ ඒවයේ ගුණාගුන ගැන කතා කරන්න. මම සමහර රුසියක් කතාවල ඉංග්‍රීසි පරිවර්තන කියවලා තියෙනවා. උදාහරණයක් හැටියට The Story Of A Real Man. එතකොට ගීදමෝපසාං ගෙ ප්‍රංශ කතා මම කියවලා තියෙන්නේ ඉංග්‍රීසියෙන්. ඔරිජිනල් එක කියවන්න බැරි නිසා මට ඉංග්‍රීසි පරිවර්තනයේ අඩුවක් දැනිලා නෑ.

      එතකොට මං විසින්ම පරිවර්තනය කිරීම ගනෙ කිව්වොත් ඇත්තෙන්ම ඒක අහඹු සිදුවීමක්. උඹලා ඇයි ඒවට කැමති වුනේ කියන එක මටත් හිතාගන්න බෑ. මම පෞද්ගලිකව කැමති නෑ අනුන්ගේ කතාවක් පරිවර්තනය කරන්න. ඒම මට දැනෙන්නේ මම හොරකමක් කරනවා වගේ. මගේ අවුලක් වෙන්නැති.<<

      ඇත්තෙන්ම මචං අපි කොච්චර වයසට ගියත් ප්‍රසංසාවක් අහනකොට එයින් අප්‍රමාණ සතුටක් ලබනවා. මෙතනදි නම් මම ප්‍රසංසාවට සුදුසුද කියලා මට සැකයක් තිබුනා වුනත්. ඒ කොයි හැටි වෙතත් උඹට ස්තුතියි මචං, කියවලා යන්න නොගිහින් කියන්න හිතුන දේ කියලා අපිව ධෛර්යමත් කලාට.

      Delete
    2. හෙන්රි
      උඹ කියන විදියට පරිවර්තන කරනකොට හොරකමක් කරනව වගේ දැනෙනවාම කියමුකො.නමුත් මේ පොස්ට් එක පරිවර්තනයක් නෙමෙයිනෙ.මේක උඹ අපිට කියවන්න ඉදිරිපත් කරන උඹේ ජීවිත අත්දැකීමක්.මේ ඉදිරිපත් කිරීමේදි ඒක කරන්නේ අමුතුම ස්ටයිල් එකකින් සහ සහ භාෂා විලාසයකින්.මේකම බොහොම දියාරු විදිහට ලියන්නත් පුලුවන්.එතකොට ඒක කාටවත් දිගටම කියවගෙන යන්න හිතෙන්නෙ නෑ, එහෙම නේද?වෙනස එතනයි.පොතක් ලියපන්. මේ අත්දැකීම් වුනත් හොඳටම හොඳ්යි.

      පද්මකුමාර

      Delete
  35. මෙතන කතා එකකට දෙකකට නෙවෙයි බර ගානකට පසුබිම් තියෙනවා. උඹේ අත්දැකීම, කේන්තිය හා ආවේගය අකුරු කරන්න යක් ඉස්කෝලේ කතාවක් හරි පටලවල මේක නිර්මානශීලී ලිපියක් කරන්නත් උඹ උත්සහ කරලා තියෙනවා. අපේ පවුලේ වැඩි දෙනෙක් ගුරුවරුන් නිසා මේ අත්දැකීම් සෑහෙන දුරට මමත් විඳලා තියෙනවා. මේ හින්දාම පොඩි කාලේ ඉඳන් මට තදින් හිතට වැදිච්ච දෙයක් තමයි ඕනෑම වෙලාවක රස්සාව දාලා යන්න පුළුවන් ගානට ආර්ථික ශක්තියක් හදා ගන්නවා කියන එක .

    ReplyDelete
    Replies
    1. මචං යක් ඉස්කෝලෙට පටලවපු එක මම මේක ඩ්‍රමැටික් කරන්න කරපු වැඩක් නෙවෙයි. උඹ විස්වාස කරපං මේ කියන දේවල් මීටත් වඩා දැනෙන විදියට සිද්ද වුනා. මට ඒක ඒ විදියටම කියන්න බැරි කම විතරයි තියෙන්නේ මගේ භාෂා දැනුම, උඹලගෙ සහ මගෙ කාලය, කතාව සංක්ෂිතව තබා ගැනීම වගේ ගැටළු නිසා.

      අර විදියට ආර්ථිකය හදාගන්න උඹට හැකි වුනාද බං? මට නම් බැරි වුනා. එහෙම හැකි වුනානම් මම හෙටම යනවා ගෙදර.

      මට මතක්වෙන්නේ මේ ලඟදි දැකපු මරු quote එකක්.

      If I win a fifty million lottery today I wouldn't quit my job tomorrow like most of other people would do. I'd hang on for two more weeks here and make my boss's life a living hell. :))

      Delete
  36. අර නගර සභා සේවකයො රුක් රෝපණේ කරපු හැටි ගැන කතාව අහල තියනව නේද ඩූඩ්?

    එක්කෙනෙක් වලවල් හාරගෙන හාරගෙන යද්දි අනික් කෙනා ඒ හාරපු වලවල් වහගෙන වහගෙන යනවලු. මොකක්ද කරන්නෙ කියල ඇහුවම දෙන්නම දෙන උත්තරේ මේකයි.

    “අද පැළ හිටවන එක්කෙනා නිවාඩු.“

    ඉතින් අදටත් ගොඩක් තැන් වල රජයේ කාර්යාල දුවන්නෙ ඔය නියාම ධර්මයට අනුකූලව. මට කාලම ඉන්න බැරි කන්තෝරු වල මිනිස්සුන්ගෙ තියන ඔතෑනි කම. රජයේ සේවකයෙක්ට තියන මොනම වැඩක්වත් හරියට පිළිවෙලට කරනවනං ඔය ගන්න තරං කල් යන්නෙවත්, ඔය පෙන්නන තරං අමාරුවත් නැහැ. මං මේ කියන්නෙ අත්දැකීමෙන්.

    ඒත් දෙවියො රජයේ සේවකයන්ව මවල තියෙන්නෙ මනුස්ස වර්ගයත් එක්ක මොකක්දෝ තරහක් පිරිමහන්න ද කොහෙද? මොකද වැඩිහරියක් උන්දල හිතාගෙන ඉන්නෙ තමන්ට පඩිය හම්බ වෙන්නෙ පිනට ය, වැඩ කරනවට වෙනම කීයක් හරි ගෙවන්න ඕනි ය කියල.

    මනුස්ස කුහක කම් ගැන කියනවනං කියන්න තියෙන්නෙ ඩූඩ් රාජ්‍ය අංශයෙයි, පෞද්ගලික අංශයෙයි කියල මහා ලොකු වෙනසක් නෑ කියල තමයි. එකම වෙනස රජයේ සේවකයො අමු සිංහලෙන් කුහක කම් කරද්දි පෞද්ගලික අංශයේ අය ඉංග්‍රීසියෙන් ඒක කරන එක විතරයි.

    ReplyDelete
    Replies
    1. අහල තියෙනවා පරිකල්පන අහලා තියෙනවා. අන්න ඒකම තමයි වෙන්නේ. ඒක හොඳ උදාහරණයක්.

      ඔය මිනිස්සු තමන්ගෙන් සේවය ලබා ගන්න එන මිනිස්සුන්ට වඩා තමන් උසස් කියලා උපකල්පනය කරනවා. තමන් ඇත්තෙන්ම සේවය ලබාගන්න එන පුද්ගලයගේ සේවකයා බව අමතක වෙනවා විතරක් නෙවෙයි අර පුද්ගලයා තමන්ගේ සේවකයෙක් කියලා හිතන්න ගන්නවා. තමන්ගෙ රස්සාව තියෙන්නේ, තමන්ට පඩි ලැබෙන්නේ මොකටද කවුරු නිසාද කියලා අමතක වෙනවා. රජයේ සේවකයට තියෙන ‍රැකියා සුරක්ෂිත භාවය වගේම මොනව කලත් රස්සාව නැතිවෙන්නැති බවට ඇති හැඟීම, පැමිණිළි කලත් රාජ්‍යතන්ත්‍රයේ ඔඩු දුවා ඇති අකාර්යක්ෂමතාවය නිසා තමන්ට විරුද්ධව පියවරක් නොගැනෙන බවට ඇති විශ්වාසය, සමහර විට තමන් අයත් වෘතීය සමිතියේ හයිය වගේ දේවල් පවා ඔක්කොම අන්තිමේදි බලපාන්නේ සේවය ලබාගන්න එන අසරණයට.

      ඔය තැන්වලට අපි ගියාම අපිට වෙන්නේ හිටගෙන කතාකරන්න. ඉඳගන්න පු‍ටුවක් තියලා නෑ. කිසි සුවපහසුවක් නැති වැඩි වෙලා ඉඳගෙන ඉන්න බැරි පු‍ටුවක් තියලා තිබුනත් ඒකෙ ඉඳගන්න කියලා කියන්නේ නෑ.

      ඒ වගෙම නිලධාරියගෙ පු‍ටුව අනිවාර්යයෙන්ම වඩා ගාම්භීර, සැප පහසු එකක්. ඒ අර කුලබේදය ඉස්මතු කරලා එන එකාව මානසිකව වට්ටන්න.

      ඒ එක්කම පරිකල්පන මෙහෙම දේකුත් තියෙනවා.

      බලලා තියෙනවද මූවී එකක් Holes කියලා. මම ඒකෙ පොතත් බැලුවා.
      ඒකෙ ඉන්නේ ‍රැඳවියෝ වගයක්. උන්ට දීලා තියෙන්නේ වලවල් කපන්න. මොකුත් වැඩකට නෙවෙයි. උන්ගෙන් වැඩක් ගන්න. ඒක හොඳයිලු එහෙම කරන එක. හුඟක් ආයතනවල වෙන්නේ ඕක. කරන වැඩේ ඵලදායීතාවය නෙවෙයි වැදගත්. පඩි දෙන නිසා මොකක් හරි වැඩක උන් යොදවල තියෙන එක තමයි වැදගත්.

      Delete
  37. හෙන්රි ජයවර්ධන මහතා .....

    ඉතා රසවත්ව ඔබ අතින් ලියවුනු ඔබ දෙපලගේ කටුක වූ නීරස අත්දැකීම් ස්වල්පයක් අපත් සමඟ බෙදා හදා ගත්තට මාගේ ප්‍රණාමය..... මුලින්ම.

    ලිපිය කියවන් යනවිට ...... මොකොක්දෝ විශාල බරකින් මුලු සර්වාංගයම තෙරපෙනවා වැනි හැගීමක් තමා මා සිත්හි ඇති වන්නට වුනේ.

    ඔබ තූමා බොහෝම සැහැල්ලුවෙන් ඔබලාගේ අත්දැකීම් විස්තර කරන කොට..... අනේ අපොයි මේක දුෂ්කර සේවයේ යෙදෙන බොහොමයක්ම දෙනාගේ පොදු කදුළු කථාවම නේද...... ඔබ කෙසේ හෝ ඉතා ඉවසීමෙන් දරා සිටියත් ........ සමහරු ක්ෂණික කෝපය නිසා අනවශ්ය ගැටළු ඇති කර ගෙන ඇද්ද........ තව කොපමණ නම් දෙනෙක් බලවත් ඇත්තෝ ඉදිරියේ අසරණ වී ඇත්ද....... සට කපටියෝ මොන තරම් නම්, එවන් අසරණයින්ගෙන් අවශ්තාවාදිව අයුතු පල ප්‍රයෝජන අරන් ඇතිද.... වැනි දේ, විටින් විට මා තුල හොල්මන් කරන්නට වූ සිතුවිලිය.

    ඔබ "කදු නැන්ගට තවම පල්ලමක් නෑ" කියා කීවට .... ඔබ දෙපලගේ දරු දෙදෙනා, හොඳින් අධයාපන කටයුතු අවසන් කොට මුලු ලොවටම වැඩදායක නිහතමානී උගතුන් දෙදෙනෙකු වනු ඇත. නුදුරු දිනක උදාවන්නාවූ එදිනයි ඔබ මෙතෙක් නොදුටු පල්ලම වන්නේ... එයයි මාගේ පැතුමත්.

    හිතවත් හෙන්රි මහතා, සම්පුර්ණයෙන්ම ප්‍රථිවිරුද්ද වුවත් ඔය හා සම්බන්ධ අපගේ අත් දැකීමත් මෙතනම සටහන් කරන්නට අවසර......

    මාගේ දෙමව්පියන්ද ගුරුවරුන්ය. ඔවුන් මෙන්ම මාද උපන්නේ ඉතා දුෂ්කර පලාත් වලය (නුවරඑළිය දිස්ත්රිවක්කයේ ඈත එපිට ඉතා දුෂ්කර ගම් වලය). මා උපදින්නටත් පෙර සිට මා ලොකු මහත් වන තුරුම, සැලකිය යුතු කාලයක් ඔවුන් රාජකාරි කටයුතු කලේ ලඟ ලඟ වූ ගම් වල වූ පාසැල් දෙකක - තුනක වගේ.

    යාමට ඒමට පොදු මහා මාර්ග නොමැතිව (වතු පාරවල්වල, වෙල් - නියර උඩින්, ඇල-වේලි දිගේ පයින් ගාටමින්) හරිහමන් ආරෝග්‍යශාලා පහසුකම් නොමැතිව...... වසර ගනනාවක්ම ඉතා සතුටින් සේවාවේ යෙදෙන්නට හැකිවූවේ මොන තරම් දුෂ්කර වුවත් ඒ අපේ උපන් ගම හන්දත් දුෂ්කර සේවය සඳහා එහෙමකට කෙනෙක් එහි ඒමට මැලි කිරීමත් වන්නට ඇති.

    හැබැයි ඉතින් පසුකාලිනව දේශපාලනය සෑම තැනටම රින්ගීමත් සමගම ඔවුන්නටත් කිසිදු හේතුවකින් තොරවම (ඇතැම් විට, දුෂ්කර යැයි සම්මත පෙදෙසක් වුවත් ගම් පලාත් වලම සතුටින් රාජකාරි කරමින් සිටීම වහ කදුරු ලෙසින් පෙනීම හන්දා) වෙනත් පැති වලට මාරු කර යවනු ලැබුවා. අලුත් පෙදෙස් සාපේක්ෂව දුෂ්කර නොවුනත් හුරු වන තුරු යම්-යම් දුෂ්කරතා වලට ඔවුන් මුහුණ දුන්නා මතකයි.

    ඇත්තටම මෙහිදී මට කියන්නට උවමනා වූයේ ඔවුන් වෙනුවට නගරයෙන් හෝ වෙනත් පැතිවලින් එහි පැමිණි ඇත්තෝ; සමහරක් විට ඔබලා අත්දුටූ අපහසුතාවයම අඩු වැඩි වශයෙන් අත් විදින්නට ඇති.

    මට හිතෙන්නේ, දුෂ්කර සේවය සඳහා මානුෂිකව සලකා බැලෙන, විශේෂයෙන්ම අනවශය දේශපාලන අත පෙවීම් වලින් තොර ඉරිසියාව, කුහකකම් වැනි පටු සිතිවිලි වලින් තොරවූ හොද පොදු ජාතික ප්‍රථිපත්තියක් තිබිය යුතු අතර එහි ප්‍රායෝගික යෝග්යිතාවය පිළිබදවද විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු බවයි.

    අනික් කාරනය තමා දැන් ඉතින් ප්‍රවාහනය, සන්නිවේදනය මෙන්ම වෙනත් පහසුකම්ද වැඩි දියුණු වී ඇති හෙයින් එකල මෙන් එහෙමකට දුෂ්කර යැයි සිතිය හැකි පැති අඩු වීමත් එක්තරා සහනයක් නේද.... අනේ මන්දා.

    එහෙම නම් ස්තුතියි කීවා :)

    ReplyDelete
    Replies
    1. ඇනෝතුමා/තුමිය,

      ඔබතුමා/තුමිය මට ඉතාම ගරු නම්බු ඇතුව අමතලා තියෙන නිසා මමත් ඒ විදියටම ඔබට අමතන්න බැඳිලා ඉන්නවා.

      ක‍ටුක නීරස අත්දැකීම් මම බෙදාගන්න කැමතිත් නෑ ඔබ එහෙම කිව්වට. මම ‍රැකියාව කරන්නේ අධික පීඩනයක් යටතේ. මමත් අන්තර්ජාලයට ආවාම පොතක් පත්තරයක් චිත්‍රපටයක් ‍තෝරාගන්නකොට බලන්නේ හිත සැහැල්ලු කරගන්න හැකි විනෝදාත්මක දේ මිසක් මගේ පීඩනය වැඩි කරන දේ නෙවෙයි.

      නමුත් මට මේකත් කියන්න වුනා. මේක කියවලා පීඩනයට පත් හැම කෙනාටම මගෙන් අසාධාරණයක් වුනාද කියලා මට හිතෙනවා.

      ඇත්තෙන්ම මේ අත්දැකීම් මේ ලියා තියෙනවට වඩා ඉතාම පීඩාකාරියි. ඒ වගේම මේ ලියලා තියෙන්නේ අංශු මාත්‍රයයි.

      ඔබේ පැතුමට අනේක වාරයක් ස්තුතියි. එක අතකට නෙවෙයි, බොහෝ දුරට ඔබ හරි 'කන්ද සහ පල්ලම' ගැන. නමුත් මම අදහස් කරන්නේ අපිට තවම යමක් මිලට ගන්නකොට මිල ගැන නොසලකා හරින්න බෑ. වියදම ගැන නොසිතා හොඳ තැනකට ගිහින් බයක් නැතුව ආහාර වේලක් ගන්න බෑ. SALE, BARGAIN, 20%OFF, 50%OFF" කියලා තියෙන බෝඩ් දැක්කම දෙපා නතර වෙන එක නවත්තන්න බෑ. නමුත් අයථා මාර්ගවලින් හම්බ කරන අනිත් අයට එහෙම නෑ. මම හිතන්නේ මේක පල්ලමකට වඩා ලා බෑවුම් සහිත වඩා තැනිතලාවක් කියලා.

      මම දුෂ්කර පළාත් ගැන අද දරන මතය මේ කොටසින් නිරූපනය වෙන්නේ නෑ. ඒක තියෙන්නේ ඉතුරු කොටසේ. මම දුෂ්කර පළාත් විස්තර කරන්න යොදාගත්ත වචන වලින් දුෂ්කර පළාතක කෙනෙකුට හිත් රිදුනා නම් ඒ ගැන මම අවංකවම කණගා‍ටුවෙනවා. මේ හුදෙක් මම එදා දුෂ්කර සේවය දැකපු ආකාරයයි. මේකට හේතු හුඟක් තියෙනවා.
      දුෂ්කර පළාතක කෙනෙකුට මම අයිති බස්නාහිර පළාත දුෂ්කර වෙන්න පුලුවන් මොකද ඒක තමන්ගෙ ගෙදර නොවෙන නිසා. ඒක හැඟීමක්. ඔබතුමාත් දැකලා ඇති අපේ උපන් බිම කොළඹ අපිට ගෙදර වගේ දැනුනට, කොළඹම නැවතිලා කොළඹට පලු යන්න බැන බැන ඉන්න පිටින් ආපු උදවිය.

      ඔය පළාත් දුෂ්කර සහ අති දුෂ්කර කියලා වර්ගීකරණය කරලා අපිටත් ඒ හැඟීම දීලා තියෙන්නේ රජයෙන්මයි. ඒවාට යන එක දඬුවමක් කියලා අපිට පෙන්වාදීලා තියෙන්නෙත් රජයෙන්මයි.

      එතකොට අද මේ පළාත් කොහොම වුනත්, එදා ත්බිච්ච පහසු කම් අනුව ඒවා ඇත්තටම අපිට, විශේෂයෙන්ම අලුත උපන් බිළි‍ඳෙකුත් එක්ක රස්සාවකුත් අහිමි වෙලා ඉන්න යුවලකට අපායක් වීම පුදුමයක් නෙවෙයි.

      අනික යම් පොරොන්දු කාලයකට ගිවිසුමක් අත්සන් කරලා ආපු කෙනෙක් නියමිත කාලය වගේ දෙගුණයක් බලෙන් රඳවා ගැනීම ඒ ප්‍රදේශය හිරගෙයක් වීමට තදින්ම බලපානවා.

      අද වගේ අපටෛන්ටනෙට්, පරිඝනක, ස්මාට් ෆෝන් සහ වාහනයක් තිබුනා නම් එදා, මේ කතාව මෙහෙම වෙන්නේ නෑ. එදා පාරවල් වල තාර නෑ,මුලදිම විදුලියත් නෑ. ඉතින් තත්වය හාත්පසින්ම වෙනස්. අද ඔය පළාතේ ඉන්න අලුත් ජෝඩුවක් මම කියන දේ විශ්වාස කරන එකක් නෑ.

      ඔබටතුමාට/තුමියටත් ස්තුතියි

      Delete
  38. මේ කතාව කියවල ආන්ඩුවෙ උන්ට බණිනවද, උඹගෙ දුක ගැන පසු තැවෙනවද, නැත්තන් වෙන මොනා කියනවද කියල මේ කල්පනා කරේ!

    මේ වගේ දේ ආයි ලියන එක නිකන් ඇසිඩ් බීල වමනෙ කර්නව වගේ වැඩක් නිසා මමනම් ලියන්න කැමති නෑ. ඒත් ඉතින් මේක තමා ඇත්ත.

    මගෙ බඳින්න හොඳ නැති ගෑණු ලැයිස්තුවෙ ඉන්නව "රජයේ කන්තෝරුවල සේවිකාවන්ගෙ සහ විශේශයෙන් ටීචර්ලගෙ දූල. මේකනං තනිකරම ජෑමගෙ අදහසක්. මොකද උංගෙ අම්ම රජයේ සේවිකාවක්. ඉතින් කොච්චර හොඳ ගෑණු උනත් කම්මැලි අලි වෙන රජයේ සේවිකාවොන්ගෙ දූලත් ඒ වගේමයි කියල මිනිහ මට උංගෙ නෑදෑ පරපුරෙන් උදාහරනත් එක්ක අරං පෙන්නුව. මං දැකපු බහුතරයක් රජයේ සේවිකාවන්ගෙ දූලත් අම්මලත් ඇත්තටම කම්මැලි අලි තමයි. ටීචර්ලගෙ අවුල ඒගොල්ලන්ගෙ දූලත් අම්මල අනුව බොහෝවිට ට්ටිචර්ල වීම නිසා සහ එහෙම නොවුනත් අර අම්මල වගේම දැඩි පාලනයකට බර උන්දැල වීම."

    ReplyDelete
    Replies
    1. ‍ෙහෙොද ‍ෙවෙලාවට මං බාස්‍ෙකෙ‍ෙනෙක් උ‍ෙනෙේ

      Delete
    2. හරියට හරි ඉන්දික. මේක ඇසිඩ් බීලා වමනේ කරනවා වගේ. මේක මොන මගුලකට ලියන්න ගත්තද කියලා මටත් හිතාගන්න බෑ. එක අතකට ආයේ ගලනාලෙ පිච්චුනත් දැන් බඩේ ඇසිඩ් නෑ කියලා සතු‍ටු වෙන්න පුලුවන්.

      ටීචර්ලා ගැන කිව්වොත්, හොඳ නරක දෙවර්ගයම මම දන්නවා. ඉතුරු කොටස කියවපංකෝ. මේ කතාවෙ විශේෂය මේකයි. එකම කතාව වුනාට කොටස් තුනෙන් හාත් පසින් වෙනස් හැඟීම් ඇතිවෙන්න ලියලා තියෙන්නේ. මේක ඉවරවෙන්නේ කොහොමද කියලා කෙනෙකුට හිතාගන්න බෑ. මම ඒක ගැන සතු‍ටු වෙනවා.

      අටං. උඹ අපිට වඩා හුඟක් ස්වාධීනයී බං.

      Delete
    3. මගේ අක්කා මේ කියමන වෙනස් කරපු කෙනෙක්. එයා අපි හැමෝටම වඩා තුන් ගුණයක් උනන්දුයි. හැබැයි අපේ දෙමව්පියනුත් ගුරුවරු. නමුත් නොපසුබට, කඩිසර උදවිය. අක්කා රැඩිකල් තරුණ කාලෙදී. එකෙන් තමයි ඒ වෙනස ඇති වුණේ. එයාට අනුව මම කම්මැලියෙක්.

      Delete
  39. ඩුඩ් ට මේක ලියන්න හිතෙන්න ඇත්තේ, චෙෆාකි ගේ පොස්ට් එක කියෙව්වාට පසු වෙන්නට ඇති. මම එතනත් දැක්ක ඩුඩ් කියල තියනව, සැඟවුණු හේතු තිබිය හැකි නිසා මිනිසුන්ව ජජ් කරන්නෙ නැහැ කියල..

    අපේ අක්කත් ගුරුවරියක්. ඔය විදියටම දුෂ්කර පත්වීම් අරගෙන ගියා.. එයාගේ කතාවත් වැඩි වෙනසක් නැහැ. එයා විවාහ වෙලා හිටියේ නැහැ සහ කොල්ලෙක් හොයාගෙන හිටියෙත් නැහැ. අම්මල හොයන හැම මනමාලයම එයාගේ වැඩ කරන ප්‍රදේශය ඇහුවට පස්සේ, "අපෝ දුර නේද, එහෙනම් බැහැ" කියපු කාලයක් තිබුණ. අන්තිමට, අක්ක වැඩ කරන ප්‍රදේශයට වඩා අක්කට ආදරේ කරන, හොඳ කොල්ලෙක් ලැබුණ, එයත් එක්ක එකතු වෙලත් අක්ක මාරුවීම හදාගන්න උත්සාහ කළා, ප්‍රින්සිපල් රිලීස් කරන්නේ නැති නිසා ඇය ට මාරු වීම හදාගන්න බැරි වුනේ දුෂ්කර සේවා කාලය වසර 5ක් පිරී තිබෙද්දී. අපේ තාත්තා හදිසියේ අපව හැර ගිහිපු නිසා, ගෙදර සිටින්නට ඕන යයි අක්කා විසින් ප්‍රින්සිපල් ගෙන් ඉල්ලන ලද කාරුණික ඉල්ලීමට, ටිකක් පහු වෙනකම් ඉඳල හෝ ඔහු ඇහුම්කන් දුන්න, ඒ අනුව ඔහු රිලීස් කරපු නිසා අක්කට පුළුවන් උනා ළඟකින් පිහිටි පාසලකට එන්නට.

    ඩුඩ් කියල තියන විදියට, මටත්, ජීවිතේ කිසිම දෙයක් පහසුවෙන් ලැබෙන්නේ නැහැ. හැම දේටම කන්න වෙන්නේ පුදුම කට්ටක්. හැබැයි, ටික කලක් යනකොට මම ඒ බව තේරුම් ගත්ත.දැන් මම හැම දේම සැලසුම් කරන්නේ සහ බලාපොරොත්තු වෙන්නේ worst case scenario එකට අනුව. ඒ නිසා වැරදිලාවත් දෙයක් පහසුවෙන් ලැබුනොත්, ඒක bonus එකක්.

    අනිත් අය සමග මාව සංසන්දනය කරන අය ගෙන් ඈතට වෙලා, හැමදේම හරියාවි යයි කිසිම බලාපොරොත්තුවක් නැතුව, worst case scenario එකට අනුව කටයුතු සිදු වේ යයි බලාපොරොත්තු වෙමින්, මම ගොඩක් සතුටින් ජීවත් වෙනව. ඇත්තටම, හැම දේම first attempt එකෙන් හරි යන අයට වඩා සතුටින් මම ජීවත් වෙනව.

    කට්ට කන්න සිදු වෙන එක, මම හිතන්නේ අපේ පෙර කරන ලද කුසල් අකුසල් අනුව සිදු වන දෙයක් ඉතින්.. විෂ්ණු දෙවියොත් බටකොළ කෑව නේ ඩුඩ්.. ඔන්න ඔහේ අපි සන්තෝසෙන් ඉමු.. එකම බෝට්ටුවේ අය නේ අපි :)

    ReplyDelete
    Replies
    1. මානවිකා,මුලින්ම මානවිකා අපේ බෝට්‍ටු සගයෙක් කියලා දැනගන්න ලැබීම සතුටක්. ඉතින් ඔහොම ඉඳගන්න බෝට්‍ටුව බැලන්ස් වෙන්න.

      මුලින්ම මානවිකා මෙහෙම කියලා තියෙනවා දැක්කා.
      >>ඩුඩ් ට මේක ලියන්න හිතෙන්න ඇත්තේ, චෙෆාකි ගේ පොස්ට් එක කියෙව්වාට පසු වෙන්නට ඇති. මම එතනත් දැක්ක ඩුඩ් කියල තියනව, සැඟවුණු හේතු තිබිය හැකි නිසා මිනිසුන්ව ජජ් කරන්නෙ නැහැ කියල..<<

      ම්ම්ම් මම මේ තාම කල්පනා කරනවා ඒ පෝස්ට් එක මොකක්ද කියලා. මම නම් හිතන්නේ ඒක නිසා නෙවෙයි කියලා. මිනිස්සු ජජ් කිරිල්ල ගැන ඒ ආකල්පය ගුරු අපේ පුහුණුවේ මූලික සින්ධාන්තයක්.

      හුඟක් ගුරුවරු අමතක කලාට අපි ජජ් කල යුත්තේ ක්‍රියාව මිසක් පුද්ගලයව නෙවෙයි. ඕක සිද්ධාන්තය වුනාට මටත් ඕක අමතක වෙන වෙලාවල් තියෙනවා, නමුත් හරි දේ මොකක්ද කියලා අවබෝධයක් තියෙනවා. මාර්ගනීති නොදන්න නිසා වැරදි පැත්තෙන් එලවන එකෙයි, මාර්ග නීති දැනගෙන එහෙම කරන එකයි පොඩි වෙනසක් තියෙනවා.

      බණ කිව්වට මේ ලිපියේ මමත් කරලා තියෙන්නේ මේ මිනිස්සුන්ව ජජ් කරන එක තමයි. අපි වටපිට බැලුවොත් එහෙම නොවන ලිපියක් පොතක් පත්තරයක් කතාවක් හොයාගන්නත් අම්මරු වෙයි.

      මානවිකාගෙ අක්කා ගැන කියවලා මට හරිම කණගා‍ටු හිතුනා. බලං ගියාම ඈත් අපේ බෝට්‍ටුවෙනේ. එයාටත් අපි ගැන කියන්න වෙලාවක්. සමහරවිට අර බෝට්‍ටු කතාව නිසා පොඩි සතුටක් දැනෙන්න පුලුවන්.

      දේවල් ලේසියෙන් ලැබෙන එකට අදාල දෙයක් මම උඩ ඇනෝගෙ කමෙන්ට් එකට රිප්ලයි එකක් හැටියට දැම්ම. එක්කෝ මම ඒක මෙතන් අලවන්නම්.

      >>එක අතකට නෙවෙයි, බොහෝ දුරට ඔබ හරි 'කන්ද සහ පල්ලම' ගැන. නමුත් මම අදහස් කරන්නේ අපිට තවම යමක් මිලට ගන්නකොට මිල ගැන නොසලකා හරින්න බෑ. වියදම ගැන නොසිතා හොඳ තැනකට ගිහින් බයක් නැතුව ආහාර වේලක් ගන්න බෑ. SALE, BARGAIN, 20%OFF, 50%OFF" කියලා තියෙන බෝඩ් දැක්කම දෙපා නතර වෙන එක නවත්තන්න බෑ. නමුත් අයථා මාර්ගවලින් හම්බ කරන අනිත් අයට එහෙම නෑ. මම හිතන්නේ මේක පල්ලමකට වඩා ලා බෑවුම් සහිත වඩා තැනිතලාවක් කියලා. <<

      ඉතින් අපිට කවදද ඒ දවස එන්නේ. බය නැතුව, මිල ගැන නොහිතා දෙයක් මිලට ගන්න. කැමති දිහාක නිවාඩුවක් ගත කරන්න, අර පරණ වෑන් එක වෙනුවට අලුත්ම SUV එකක්, කාර් එකක් ගන්න, අමාරුවෙන් හදාගෙන යන ගෙදර ගිල්ටි ෆීලිං එකක් නැතුව ගිහින් ජීවත් වෙන්න...

      අපිත් worst case scenario ගැන හිතලා තමයි වැඩ කරන්නේ ඔයා වගේ. නමුත් අපේම දරුවෝ ඒකට කියන්නේ paranoid කියලා. :D

      And the funny thing is even I think they are right.

      Delete
  40. අනේ අය්යේ අපේ හාමිනේට පොඩ්ඩක් කෝල් කෝල් එකක් දෙන්න බැරිද... එයයි හිතන් ඉන්නේ ඉසුරුපොආයේ පොරවල් එයා දුක කියපු ගමන් කන් කද්දගෙන කොල්ලට ආනන්දේ දෙයි කියලා.කියලා.
    .මම මම වැඩ කනවලු ... මේක පෙන්නනනන ඕන ඕ

    ReplyDelete
    Replies
    1. ඩිලාන්, එහෙම කලබල වෙන්න එපා. ඉසුරුපායෙ අද ඉන්න අය හොඳ ඇති. මමත් ගිහින් තියෙනවා ඉස්සර. ඒ දවස්වලත් නරකම නෑ. නමුත් මම හිතාගත්තා මේ වැඩේ හරි ගියාම මම ආයෙමත් නම් මෙතනට එන්නේ නෑ කියලා මොන හේතුවකටවත්. ඒ එදා. අද එහෙම නැතුවත් ඇති. ආණ්ඩු කීයක් ආවද! හිත අවුල් කරගන්නේ නැතුව ගිහින් බලන්න.

      අනික මේ ලියලා තියෙන්නේ සමාන්තර විශ්වයක කතාවක්. සමාන්තර වුනාට හැම දේම සමාන්තර නැතුව ඇති.

      මගේ පෝස්ට් එක නිසා උඹලගෙ වැඩ බාදා කරගන්න එපා. All the best!

      Delete

  41. බ්ලොග් වෝකර්ස් ත් නිකන් ස්කයි වෝකර් වගේ ... යක් ඉස්කෝලේ කතා කලින් ලියපු ඔබ දැන් එහි නිධාන කතාවට ගිහින් .. හරියට ස්ටාර් වෝර්ස් වගේ ....

    විහිලු පැත්තක , කතාව රසවිඳිමි ... ජීවිතයේ අමතක නොවෙන , එහෙත් නොතිබුනා නම් හොඳයි යයි සිතෙන කාලයක අත්දැකීමක් ඒ රසය එහෙම්ම තියෙන්න ලියලා .. අපේ ජීවිත වලත් එහෙම කාල මතක් කලාදෝ කියලා හිතෙනවා . එහෙම දේවල් මතක් වෙනකොට මම පුරුදු විදියට , අපි පුංචි මිනිස්සු , කොච්චර දුරක් ඇවිත්ද ඒත් .. කියලා සැනසුම් සුසුමක් හෙළනවා ... එතකොට ඉස්සරහ තියෙන ප්‍රශ්න කන්ද දියවෙන්න ගන්නවා ...

    ReplyDelete
  42. පිස්සු හැදෙනවා බං..... ඒත් දැං ඒ ඔක්කොම වෙලා ඉවර වෙච්ච දේවල් කියන එකවත් උඹට පොඩි හරි සහනයක් ගේනවා ඇති... මාරුවීම් (තාත්තාගේ) සම්බන්ධව මටත් පොඩි පොඩි අත්දැකීම් තිබ්බට මේවා අහලකින්වත් තියන්න බෑ මට හිතෙන්නේ...

    උඹේ පොස්ට් එක කියවන්න ගත්ත ගමන්, මට පුටුවෙන් බිම වැටෙන සයිස් එකට හිනා... මොකවත් නිසා නෙමේ මෙන්න මේක දැකලා ... //ඒ කෙල්ල මම ඊට පස්සෙ කවදාවත් දැක්කේ නෑ. It's a small world කියන්නේ පට්ට පල් බොරු කතාවක්.//

    ReplyDelete
  43. ආණ්ඩුවේ ඔෆිස් වල 90% ඉන්නේ කාලකන්නි

    ReplyDelete
  44. පිස්සු හැදිලා ආයිත් හැදෙනවා. මේක මට මිස් උනා නේ.. තුන්වෙනි එක දැක්කම උඩ ගිහින් ඇවිත් බැලුවේ..

    ReplyDelete
  45. මේක බලන බහුතරයක් වගේ මමත් උඹේ පැත්තේ ඉඳන් මේක බැලුවේ. වැඩේ තියෙන්නේ අපේ දෙමව්පියන් අඩුවැඩි වශයෙන් මේ කට්ටවල් කාලා තියෙනවා. තාත්තා ගෙදරට පිටින් ජීවත් වීම වාසනාවක් කරගෙන හිටපු නිසා එයාටත් මේ වගේමයි.

    මමත් රාජකාරි ජීවිතේදී නැවන්න්නේ නැහැ. මට ලැබෙන්න තියෙන බොහෝ දේ අහිමි වෙන්නේ ඒ නිසා. නමුත් ඇසිඩ් බීලා වමෑරීම වශයෙන් ඉන්දික කියලා තියෙන දේ බැරෑරුම් පැත්ත මා කලින් දැන සිටි නිසා එසේ කරන්නේ නෑ.

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>