Tuesday, September 15, 2015

139. නමුත් ඔයා ගුරුවරයෙක් නෙවෙයි.

අද හැමෝම කියනවා මට නියමෙට චිත්‍ර අඳින්න පුලුවන් කියලා. ඔයාගෙ චිත්‍ර මම දැකලා තියෙනවා. ඇත්තෙන්ම ඒවා ලස්සන නෑ. හොඳ උත්සාහයක් කියලා කියන්න පුලුවන් වුනාට, ඒවා හොඳ නිර්මාණ කියලා කියන්න බෑ ඔයා මගෙ තාත්තා වුනත්. ඔයාගෙ චිත්‍ර මගෙ තරම් ලස්සන නැති වුනාට මාව චිත්‍ර ශිල්පියෙක් කලේ ඔයා කියලා ඔයා දන්නවද?

මම අර අපි මුලින්ම හිටපු කුලී ගෙදර ඉස්තෝප්පු කෑල්ලේ බිම වැතිරිලා ඇඳපු බලි චිත්‍ර ඔයාට මතකද. ඒ පාරේ, ඒ කාලේ බස් එකක් යන්නේ ඉඳලා හිටලා වුනත් මම හරිම ආසයි ලංගම බස් අඳින්න. බස්  එක ගේ ඉස්සරහ නැවැත්තුවාම මම වේගයෙක් ඒක පිටපත් කරනවා බස් එක පිටත් වෙන්න ඉස්සර. මුලින්ම දිගටි පෙට්ටියක් ඇඳලා ඒකට රෝද දානවා. ඉන් පස්සේ  ජනෙල් සහ ෆුට් බෝර්ඩ්. ඉස්සරහම ජනේලෙ අස්සෙන් උඩට මතුවෙන කොකිස් අච්චුව වගේ ස්ටියරිං වීල් එක තමයි මට බස් එකේ හැමදේටම වඩා වැදගත් අංගය. ලොකුම ප්‍රශ්ණෙ බස් එකේ ඉඳගෙන යන මිනිස්සු අඳින එක.  මිනිස්සුන්ගෙ නහය කට අඳින එක තාම මොන්ටිසෝරිවත් යන්නේ නැති මට ලොකුම අභියෝගයක්.

එතකොට මම ඔයාගෙන් උදව් ඉල්ලනවා,

ඔයා කවදත් මගේ මගෙ උදව්වට එනවා.

මුලින්ම ජනෙල් රාමුව ඇතුලෙ බස් එකේ පස්ස පැත්තට හැරෙන්න රවුම් තුන්කාලක් අඳිනවා. බස් එකේ ඉස්සරහ පැත්තට තියෙන පැත්තෙ සිග්සැග් ඉරි වලින් මූණ අඳිනවා. ඉන් පස්සේ ඔලුව සම්පූර්ණ කරලා ඉරි දෙකකින් බෙල්ල අඳිනවා ජනේලෙ අඩිය දක්වා.


ඒ තමයි ඔයා මා මිනිස් මුහුණක් අඳින්න කියාදුන්න විදිය. පස්සෙ පස්සෙ මම සිග්සැග් ඉරි පාලනය කරලා ඒවා නළල, නහය කට නිකට බවට පරිනාමය කරනවා. නමුත් මූලික අඩිතාලම දැම්මේ ඔයා. ඒක මට අමතක නෑ. ඔයා පෙන්නපු පාර දිගේ ඔයා වැඩි දුරක් නොගියට මම සෑහෙන දුරක් ගියා කියලා මටත් හිතෙනවා.

නමුත් ඔයා චිත්‍ර ගුරුවරයෙක් නෙවෙයි.

මට මතක් වෙන්නේ මගෙ දුවගේ සෞන්දර්යය ගුරුවරියෝ හතර දෙනා. කෙල්ල චිත්‍ර අඳින්න ගියාම චිත්‍ර ගුරුතුමී කියනවා ඔයාට චිත්‍ර අඳින්න බෑ හිරුණි, ඔයා සංගීතෙට හරි නැ‍ටුම් වලට හරි යන්න.

නැ‍ටුම් ගුරුතුමී කියනවා හිරුණි ඔයාට නටන්න බෑ, ඔයා වෙන සෞන්දර්යය විෂයකටයන්න

පෙරදිග සංගීතේ ගුරුතුමී කියනවා ඔයාට සින්දු කියන්න බෑ හිරුණි, ඔයා වෙස්ටර්න් මියුසික් ගන්න බලන්න.

බටහිර සංගීත ගුරුතුමී කියනවා, ඔයාට සින්දු කියන්න බෑ හිරුණි ඔයා වෙන සෞන්දර්යය විෂයයක් යන්න.

පස්සේ කෙල්ල ඉංග්‍රීසි සාහිත්‍යය ‍තෝරාගන්නවා.

ඒ වෘත්තීය ගුරුවරු. තාත්තා ‍රැකියාවෙන් සංඛ්‍යාලේඛණ විමර්ෂක නිළධාරියෙක් වෙලත් මාව චිත්‍රශිල්පියෙක් කරනවා.


ඔයා හරි ආසයි පොත් කියවන්න. ඔයා පොත් කියවලා අම්මගෙන් බැණුම් අහන හැටිත් මම අනන්ත අහලා තියෙනව. "හනේ දෙයියනේ මේ මනුස්සයට පොතක් අතට ගත්තාම මෙලෝ සිහියක් නෑනේ," මම ගිහින් ඔයාගෙ ඔඩොක්කුවෙ ඉඳගෙන ඔංචිලි පදිනකොට ඔයා මගෙ ඔලුවත් අත ගගා පොත කියවනවා.

මගෙ තොර‍තෝංචියක් නැති ප්‍රශ්ණ වලටත් ඔයා පොත කියවන ගමන්ම උත්තර දෙනවා.

රෑ වෙන්නෙ කොහොමද තාත්තේ?

ඔයා පොත පැත්තකින් තියලා ගෙට ගිහින් අවශ්‍ය බඩු අරන් එනවා. ටෝච් එක. ලොකු ප්ලාස්ටික් බෝලෙ, පොඩි ටෙනිස් බෝලයක්. ඔයා ටෝච් එකේ රසදිය කෝප්පෙ තියෙන කොටස ගලවනවා බල්බ් එක විතරක් එළියට එන්න. ඉන් පස්සේ ටෝච් එක බිම හිටවනවා ඉටි පන්දමක් වගේ. ඉන් පස්සේ ප්ලාස්ටික් බෝලෙත් ටෙනිස් බෝලෙත් අරන් මට කියාදෙනවා පොළොව ඉර වටේ යන හැටි, පොළොව තමන්ගෙ කක්ෂය වටේම කැරකෙන හැටි. හඳ පොළොව වටේ යන හැටි. මට තේරෙන හැටියට. මගෙ මට්ටමට බැහැලා.

ඒත් ඔයා වෘතීය ගුරුවරයෙක් නෙවෙයි. කිසිම වෘතීය ගුරුවරයෙක් ඒ විදියට මට දශක ගණනාවකටත් පස්සෙ මතක තියෙන පාඩමක් කියාදෙන්න සමත් වෙලා නෑ. ඊට දශක ගාණකට පස්සේ මම මගෙ ළමයින්ට ඔය පාඩම කියාදුන්නෙත් පෙර පාසල් වත් නොයන මට කියාදුන්න ඔයාගෙ පාඩම අනුගමනය කරලා.

පසු කාලවලදිත් මම අහපු ප්‍රශ්ණ වලට ඔයාට හැම වෙලේම උත්තරයක් තිබුණා. මට මතකයි සංකීර්ණ විෂයයක් වන Forensics ගැන මම අහපු ප්‍රශ්ණයකට ඔයා දීපු සරළ උත්තරයක්. දියේ ඉඳලා හම්බවෙච්ච මිනිහෙකුගේ පෙණහල්ල කපලා වතුරට දාලා බලන්න පුලුවන් ඒක පාවෙනවද ගිලෙනවද කියලා. ඒ කියන්නේ ඒක ඇතුලෙ වතුර තියෙනවද කියලා. මරලා වතුරට දැම්මා නම් තවදුරටත් හුස්ම නොගන්නා නිසා පෙනහල්ලේ වතුර තියෙන්න විදියක් නෑ. නමුත් දියේ ගිලුනානම් හුස්මගන්න උත්සාහ කරන නිස පෙනහල්ලට වතුර ඇතුල් වෙනවා. මේකෙ ඇත්ත නැත්ත කෙසේ වෙතත් එතන තිබුන සංකල්පය ගැන මම අදත් පුදුමයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන විමර්ෂක නිලධාරියෙක් හැටියට අනිත් විශේෂඥ විෂයයන් ගැන ඔයාට තිබුන සාමාන්‍ය දැනුම ගැන මම අද පවා පුදුම වෙනවා.

කොච්චර ඉස්කෝලෙ ගියත්, අවුරුදු ගානක් ඉංග්‍රීසි ඉගෙන ගත්තත්, මට ඉස්කෝලෙදි ඉගෙන ගත්තෙ මේ පාඩමයි කියලා කිසිම පාඩමක් ඔලුවට නගා ගන්න බෑ. ඒත්  buffet, Cholmondeley, bomb වගේ වචන හරියට උච්ඡාරණය කරන හැටි මට කියලා දුන්නේ ඔයා කියලා මට අදත් බය නැතුව කට ඇරලා කිව්වෑකි.

නමුත් ඔයා ඉංග්‍රීසි ගුරුවරයෙක් නෙවෙයි.

 අවුරුදු ගානක් වෘතීය ගුරුවරුන්ට කරන්න හැකි වුන බලපෑමට වඩා වැඩි බලපෑමක් ඔයා ගෙදර ඉඳන් මගෙ ජීවිතයට දැනුමට කලා, සමහරවිට ෂොට් දෙක තුනක් දාගෙන හිටියත්.

ඔය ෂොට් දෙකතුනක් දාගත්තාම වල් සතෙකු නොවී තව තවත් ජෙන්ට්ල්මන් වෙන කෙනෙකුට මම දැකලා තියෙන්නේ ඔයා ඇතුලු තව කීප දෙනයි.

මට තාම මතකයි ඔයා නංගිටයි මටයි සුරුට්‍ටු පෙට්ටි කපලා හදලා දීපු සෙඩාන් එකයි ස්ටේෂන් වැගන් එකයි. 

'තාත්තට ඔයා කියන්නෙ මොකද ඔයාලා? ඒකෙ කිසි ගෞරවයක් නෑනෙ. එතකොට නිකං යාලුවෙකුට කතා කරනව වගේ,' කියලා කවුදෝ ගෙදරට ආපු බක පණ්ඩිත අමුත්තෙක් අහපු වෙලාවෙ ඔයාගෙ කටකොණකට ආපු සමච්චල් හිනාව මට අදවගෙ මතකයි

මීට හරියටම අවුරුදු විස්සකට ඉස්සර අද වගෙ දවසක අකාලයේ අපිව අතහැර ගියත් ඔයා තවමත් මගෙ හිතේ ජීවමානයි. මට මුලදි තරම්ම නිරන්තරයෙන්ම ඔයාව සිහිනොවුනත්, අනේ තාත්තා හිටියනම් කියලා අවස්ථාවල් තවමත් නිතර උදාවෙනවා, තාත්තේ.


Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers. 



117 comments:

  1. හෘදයාංගම සටහනක්.. එපමනයි..

    ReplyDelete
    Replies
    1. ඔව් බං. හිතට ආපු දේ ලියාගෙන ලියාගෙන ගියා. පබ්ලිෂ් කරලා තමයි වැරදි හදාගෙන යන්නෙත්.

      Delete
  2. Replies
    1. බස්සිට හිතෙන දේ මම දන්නවා.

      Delete
    2. මටත් දැනුනා. බසු මුණ මැවිලත් පෙනුනා.

      Delete
  3. ඕනෙම දෙයක වටිනාකම වැඩියෙන් දැනෙන්නේ ඒක නැති උනාමයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මට තව තාත්තත් එක්ක එකට වෙලාව ගත කරන්න තිබුණා.

      Delete
  4. ඇත්ත, වෘත්තීය ගුරුවරයෙකුට ළමයෙකුට හිතට වදින විදියට උගන්නන්න පුලුවං කමක් නෑ. මොකද එයා කරන්නෙ පොතේ තියෙන විදියට කියල දෙන එක විතරයි.

    නියම සටහනක්.

    ReplyDelete
    Replies
    1. හුඟක් වෘතීය ගුරුවරුන්ට කියලා කිව්වොත් වඩා හරි බං.

      ස්තුතියි ප්‍රසන්න.

      Delete
    2. හුඟක් වෘතීය ගුරුවරුන්ට කියලා කිව්වොත් වඩා හරි බං. :D

      Delete
    3. හරී, එකක්, මම මා ගැන කිව්වා නෙවෙයි. මම හොඳ ගුරුවරයෙක් කියලා මම කියන්නේ නෑ මම හිතන්නෙත් නෑ.
      අනික සංඛ්‍යාවෙන් අඩුවුනත් හොඳ ගුරුවරු ඉන්නවා කියලා මම දන්නවා. කිසිම වෘතියක හැමෝම නරක වෙන්න බෑ කොහොමටත්.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඵලය අපි දකිනකොට මුල් කොහොමට තියෙන්න ඇතිද කියලා අපිට හිතිලා තිබුණේ. මේ සටහන ලිව්වත් නැතත්. එක හුස්මට කියවන්න පුළුවන්. ඉතාම අපූරු සටහනක්.

      Delete
    2. ස්තුතියි සුදීක. මගෙ තාත්තා නිසා කියනවා නෙවෙයි. ඒවගෙ මිනිස්සු අඩු බව කවුරුත් පිළිගන්නවා.

      Delete
  6. හෙන්රි, සටහන ගැන කිසිදෙයක් නොකියමි. ඉතාම හෘදයාන්ගමයි. එපමණකි.

    පොඩි වැරදි දෙකක්...තරහ නෑනෙ.. ලේඛන සහ Cholmondeley

    ReplyDelete
    Replies
    1. Sure Thanks machan. Correcting now.

      Delete
  7. හිත ඇදගන්නා සටහනක්.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බුද්ධි.

      Delete
  8. මිනිසුන් හෝ දේවල් කිසිවක් සදාකාලික නැහැ. නමුත් මතකයන් විතරක් යම් තරමකට පවතිනවා. වඩා වැදගත් වන්නේ ඒ මතයන් තුලින් අපේ ජිවිතේ ආලෝකමත් වෙන එකද නැත්තම් පල්ලමට යනවා කියන එකද මතයි.

    පියෙකුගෙන් ලැබිය හැකි යමක් දරුවෙක් පරිපුර්ණව ගන්නත්, ඒ දරුවාට හැකියාවක් තියෙන්න ඕනේ. සමහර උතුම් දෙමවුපියන්ට ලැබෙන දරුවන් දිහා බැලුවම හෙන්රි, ඔබ වාසනාවන්ත බවත් ඔබේ පියා ඊටත් වඩා වාසනාවන්ත බවත් හිතෙනවා. කොතරම් අපුරුද ?

    සංවේදී සටහනක්. මිට වඩා කියාගන්න බැහැ මට.

    ReplyDelete
    Replies
    1. නමුත් අවාසනවාවකට only the good die young කියලා දෙයක් තියෙනවා. ජරා පොරවල් දීර්ඝායුෂ ලබද්දි හොඳ මිනිසුන් අඩු වයසින් මියයනවා ස්මහරවිට දුක් විඳලා.
      ස්තුතියි උපේක්ෂා.

      Delete
  9. මම නම් පොඩි මෙන්ඩට හොද තාත්තා කෙනෙක්..ඒත් මට ඒ අත්දැකිම ගැඔුරට ලැබුනේ නෑ..

    ReplyDelete
    Replies
    1. උඹ පොඩි මෙන්ඩට හොඳ තාත්ත කෙනෙක් නම් පොඩි මෙන්ඩාට උඹව මෙහෙම මතක හිටීවි.

      Delete
  10. මචං, සටහන හදිස්සියකින් කියවගෙන යද්දි මට මතක් උනේ උඹ. මම හිතුවෙ උඹේ දුව උඹ ගැන ලියපු සටහනක් කියල.

    ReplyDelete
    Replies
    1. නෑ බං රාජ්. මේ මගේ තාත්තා ගැන මම ලියන එකක්. තාත්තා නැති වුනේ 1995 සැප් 15.

      Delete
  11. තාත්තල ඒ කාලේ හිතපු හැටි තේරුම් ගන්න, අපත් ඒ කාල වකවානු පසු කරන්නම ඕනේ නේද බං?

    ReplyDelete
    Replies
    1. හරියට හරි රයිගම්. මම ඒ ඒ වයසෙදි තාත්තා කරපු කියපු දේ ගැන ඒ ඒ අවුරුදු වලට ආපහු ගිහින් බලනවා.

      Delete
  12. අම්මා තාත්තා ගැන ඔවුන්ගෙ සෙනෙහස-ආදරය-රැකවරණය-මගපෙන්වීම ගැන හිතල-කියල-ලියල ඉවරකරන්න බැරි තරම්. මතකයන් අවදි කරන්න කරන්න තව තවත් ඒ ගැන සංවේදී වෙනව. අපි කුඩා අවදියෙදි ඒ ගැන ඒ තරම් හැඟීමක් නැති උනත් වයසින් මුහුකුරා යද්දි ලෝකය තේරුම්ගනිද්දි නැත්නම් අපිත් දෙමව්පියන් වෙලා ඒ වගකීම් දරන්න වුනු කාලෙක වඩාත් තදින් ඒ හැඟීම ඇති වෙන්න පුළුවන් කියල මට හිතෙනව.

    ඔය වෘත්තීය ගුරුවරු කියන්නෙ මම හිතන්නෙ වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම වෘත්තීය ගුරුවරු වෙන්න ඇති. නමුත් ඔවුනුත් තවත් කවර හෝ දරුවන්ගෙ දෙමාපියන්නේ. දෙමාපිය තනතුරු වෘත්තීය නොවන නිසා ඔවුන් තම දරුවන් සම්බන්ධයෙන් මේ වගේම සංවේදී වෙනව ඇති. නමුත් එසේ නොවන ගුරුවරුත් මගේ ජීවිතයෙදි නම් මට මුණගැහිල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව්, තමනුත් ඒ වයස පහුකරනකොට තාත්තව තේරුම් ගැනීම වඩා පහසු වෙනවා. ඒ ඒ සිදුවීම් වලට නව අර්ථකථන ලැබෙනවා.

      Delete
  13. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිරිපුන් පියෙකු ගැන තබන ලද හෘදයංගම සටහනක්. මෙලොව හැරගිය එතුමන්ට නිවන්සුව පතමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලීන්.

      Delete
  14. ඇඬුනා මචං

    වෙන කියන්න දෙයක් නෑ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං.
      Memories don't leave like people do.

      Delete
  15. නිල් අහස පුරා උණුසුම සදලා  
    සැමදා මගේ තාත්තා 
    සෙනෙහස වපුරා මහමෙර උතුරා සැමදා 
    මගේ තාත්තා 

    සිහිනයේ සැබෑව මට පහදා
     සෙවනැල්ලෙත් නුඹ මා ළඟ උන්නා 
    නිදි නැති කප්තුර බොහො සේ
    ගෙවුනා ඔබ හින්දා මං ලෝකය දිනුවා
     
    සිනහව කැන්දා  කඳුළැල් සඟවා
     නුඹ උන්නා මගේ තාත්තා
    දෙවිවරු පරදා නුඹ මට සැනසුම සැදුවා 
    මගේ තාත්තා 

    නෙතු වෙහෙසා බලමින් උන්නා
     මා දිනු ලෝකය දෝතට රන්දා 
    දෙපා මුලින් තවත් නුඹ හිඳුවා
    ආයෙත් නොයෙන්න නුඹේ නෙතු වැසුනා .…

    කොහෙදෝ නුඹ ඈතක ඇදුනා  
    සැනසී හිඳින්න මා දැන් දිනුවා ……

    ගායනය - රොමේෂ් /ලක්ෂාන්

    ReplyDelete
    Replies
    1. තාත්තාට උපහාරයක්ම වේවා ඩූඩ් අයියා !!!!!!

      Delete
    2. ස්තුතියි පත්තර මල්ලී ඒ ලස්සන සින්දුවට.

      පියාණෙනී මා නැවත උපන්නොත් සින්දුවෙත් මට අහගෙන ඉන්න අමාරු ගතියක් තියෙනවා.

      Delete
    3. මම වරක් "තාත්තා" ගැන ලියු ලිපියකට ඩුඩයියා මේ පියාණෙනී මා නැවත උපන්නොත් සින්දුව ගැන කියලා කමෙන්ට් එකක් දැම්මා මට තාමත් මතකයි.

      Delete
  16. මේ වගේ තාත්තෙක් මටත් උන්නනං!

    ReplyDelete
    Replies
    1. මම කියවලා තියෙනවානේ උඹේ කතාව. ඉතින් මම මොකද කියන්නේ කියලා කල්පනා කලේ...

      Delete
  17. /*ඔයා පෙන්නපු පාර දිගේ ඔයා වැඩි දුරක් නොගියට මම සෑහෙන දුරක් ගියා කියලා මටත් හිතෙනවා.*/

    මෙහෙම ගුරුවරයෙක් මටත් ඉන්නවා. ඒ මගේ අයියා. මට චෙස් අදින්න මුලින්ම කියලා දුන්නේ මගේ අයියා. එතකොට මම හුඟක් පුංචියි. එයා මට චෙස් ඉත්තෝ අදින හැටි කියලා දුන්නට එයා චෙස් සෙල්ලම් කළේ නෑ. අයියා මළල ක්‍රීඩා වලින් තමයි ඉස්සරහට ගියේ. අයියා මට කියලා දුන්නේ ඉත්තෝ අදින හැටි විතරක් වුනාට ඒ අපූරු ක්‍රීඩාව මගේ හිතට සෑහෙන්න ඇල්ලුවා. අන්තිමට පාසැල් කණ්ඩායමට ක්‍රීඩා කරලා සමස්ථ ලංකා ජයග්‍රහණ වෙනකල්ම ගියා. පාසලේදී ප්‍රවීණ ගුරුවරුන්ගේ උපදෙස් ලැබුණත් මට ඒ පාරේ යන්න අඩිතාලම වැටුණේ කවදාවත් සැබෑ තරඟෙකට චෙස් ක්‍රීඩා කරපු නැති මගේ අයියගෙන්.

    මාත් සාමාන්‍ය පෙළට කළේ ඉංග්‍රීසි සාහිත්‍යය. ඒ ඊට කළින් කරපු චිත්‍ර විෂය මට අමාරු වෙච්ච නිසා. චිත්‍ර ගුරුතුමීගෙන් ගුටිත් කාලා තියෙනවා. (එහෙව් මං තමයි අද සිත්තරෙක්ගේ බිරින්දෑ වෙලා ඉන්නේ). නැටුම් සංගීතය ගැනනම් මං හිතුවෙවත් නෑ. ඒ අමාරු නෙවෙයි මට ඒවා බැරිම බව මං හොඳටම දන්න නිසා. ඒත් මට අද සතුටෙන් මතක් කරන්න පුළුවන්, මං ජීවිතේටම ගත්ත හොඳම, වටිනාම තීරණ වලින් එකක් තමයි ඉංග්‍රීසි සාහිත්‍යය හදාරන්න පටන්ගත්ත එක. මං බ්ලොග් එකේ දාපු මගේ ටෝස්ට්මාස්ටර් අයිස් බ්‍රේකිං ස්පීච් එක (ට්‍රාන්ස්ලේටඩ් වන්) අයියා කියෙව්වා නේද? ඒකේ මං කිව්වා ඒ ගැන.

    මම මේ කමෙන්ට් එක ලියන්න පටන් ගත්තේ පෝස්ට් එක කියවගෙන යන අතරෙදී. ඒ තැන් වලදී කියන්න හිතට ආපු දේ එහෙම ලියාගත්තෙ නැත්තම් අමතක වෙයි කියලා හිතුණා. අවසානය වෙනකල්ම කියෙව්වා අයියේ. ඒ හෘදයාංගම බව තදින්ම හිතට දැනුණා. කොච්චර ලිව්වත්, කොච්චර කතා කළත් ඒ වගේ උත්තරීතර බැඳීමකින් දැනෙන හැඟීමට සම කරන්න බෑ නේද.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ඒ හා සමානම අත්දැකීමක් ලැබිලා තියෙන්නේ. මේකෙන් පේන්නේ ජනප්‍රිය විශ්වාසය කෙසේ වෙතත්, දෙයක් උගන්නන්න තමන්ට තියෙන විශය දැනුමට වඩා ආකල්පය බලපානවා කියන එකද?

      ඔයාත් එහෙනම් ඉංග්‍රීසි සාහිත්‍යය කලා නේ? හිරුණිට සෞන්දර්යය විෂයයන් කරන්න එපා කියලා අරයලා කිව්වේ හිරුණි ඒ දේවල් බැරි නිසා නෙවෙයි. ගුරුවරියන්ගෙ තිබ්බ කම්මැලි කම සහ සෘන ආකල්ප නිසා කියලා අපි තේරුම් ගත්තා.

      හිතට ආපු දේ එවෙලෙම ලියන එක මාත් කරනවා. නැතිනම් සමහර ඒවා අමතක වෙලා යනවා.

      ඔව්. ඒ බැඳීම සදා අමරණීයයි.

      Delete
  18. Wow thaththa!!!!! This made me cry. Really even atha knows how much you love and adore and reslect him. Not only as a father, even as a grandfather he was an amazing person. I knew him only for 10 years and still i remember him much more than him the feeling of love and comforting feeling. Thats how athas house was for me. Remember he let me play with the radio, his torch, and gives me old saline bottles to play with. Malla never knew him but from what he has hears he says i never got the chance to know him. We will always love and remember atha always.

    P.S. And thaththa this is part of why you are such a good dad to us

    ReplyDelete
    Replies
    1. There are two people here on this comments list that have seen him in flesh and known him so well. It's you and Bappa who commented below.
      I really regret Malla never had a chance to know that wonderful person. I bet they would have loved each others company so much that Atha would have spoiled him completely.

      Delete
    2. Here comes the third person who has seen him in flesh :) Since the day I got to know him he has treated me like one of his kids not as a daughter-in-law O:) he is a memorable person, no doubt about it at all <3 (Y)

      Delete
    3. He sure is a memorable person, no doubt.
      Memories don''t leave like people do.

      Delete
  19. අප්පච්චිව මතක් උනා ඩූඩ්... එයත් ඔය වගේ. පොත් පිස්සෙක්. ඒ පිස්සුව මටත් බෝ කලා. ඒ වගේම ඕනෙම ක්ෂේත්‍රයක් ගැන හොඳ දැනුමක් තියෙනවා. ආයුර්වේද වෛද්‍යවරයෙක් උනාට නොදන්න දෙයක් නෑ.
    //එතකොට නිකං යාලුවෙකුට කතා කරනව වගේ// අනේ මන්දා මගෙ නම් හිටපු හොඳම යාළුවා අප්පච්චි තමයි. ලබන මාසෙට අවුරුදු 15ක් අප්පච්චි නැතිවෙලා.

    ReplyDelete
    Replies
    1. සරළව මටත් හිතපු හොඳම යාලුවෙක් තමයි තාත්තා. නමුත් ඒක ඊටත් වඩා හැඹුරුයි.

      මා ගැන කිසි කෙනෙක් නොදන්න රහස් ආරක්ෂා කරපු, කිසි දාක මට පි‍ටු නොපාපු, මා වෙනුවෙන් ඕනෙ වෙලාවක ජීවිතය පවා පුදන්න ලැහැස්ති කෙනෙක් මම හිතන්නේ ඊටත් එපිටින් ඉන්නේ.

      අවුරුදු පහළොවක්? ඒ කියන්නේ හුඟක් අඩු වයසින්.

      Delete
    2. මට අවුරුදු 14යි එතකොට. අප්පච්චිට 53යි.

      Delete
  20. තාත්තගෙ වටිනාකම දැනෙන්න නං එක්කෝ තාත්ත මැරෙන්න ඕනෙ . . . නැත්තන් තමන් තාත්තෙක් වෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. පොඩි දෝණිට නුඹත් හොඳ තාත්තා කෙනෙක්

      Delete
    2. නෑ බං ඕනෙ. තාත්තගෙ වටිනාකම දැනෙන්න තාත්තා නැතිවෙන්නම ඕනෙ නෑ. මේ තාත්තා ගැන නම් මම ජීවත් වෙන කාලෙදිත් දැනගෙන හිටියා.

      Delete
  21. මේ පෝස්ට් එකට මේ වෙලාවෙ මොනාවත් ලියන්න බෑ ඩූඩ්.

    ReplyDelete
    Replies
    1. මම දන්නවා ඒ හැඟීම. මතකද මගෙ කමෙන්ට් එක පරිකල්පනගෙ පෝස්ට් එකේ?

      Delete
  22. ඒ සෙවනැල්ලෙ මහිම තේරෙන්නෙ ගහ දිරාගිහිං පොලොවට පස්වෙලාත් කාලයක් ගිහාම.

    ReplyDelete
    Replies
    1. ඔව්. නමුත් ඕනයට කිව්වා වගේ, ගහ තියෙද්දිත් ඒ හෙවනැල්ලෙ මහිම මම තේරුම් අරන් හිටියේ මධුවා.

      Delete
  23. අවුරුදු විස්සක් ගියද කියල දැනුනේ වත් නෑ . තවම දැනෙන්නේ උදේ වැඩට ගිහින් තාම ආවෙ නෑ වගේ කියලා

    ReplyDelete
    Replies
    1. හරියට හරි මල්ලි. ඔයාගෙ කමෙන්ට් එකක් දකින එකත් සතුටක්.

      Delete
  24. අප්පච්චි මතක් උනා ඩූඩයියෙ.. පොඩි කාලෙ මම පැහිලා වැඩියි කියලා කස්ටිය කිව්වෙ එයාලට නොලැබුනු උත්තර මට ලැබිල තිබුන නිසා කියලා තේරුනෙ දැං..
    පියවරුන් හට ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. උඹේ පැහිච්ච කමේ මූලාශ්‍රය හොයාගත්තා එහෙනම්! සමහර තාත්තලට ඕවට වෙලාවක් නෑ බං.

      එසේම වේවා.

      Delete
  25. මම පුංචි කාලේ මගේ සහ මල්ලිලාගේ කොන්ඩේ කැපුවේ, අපට පොඩි කලිසම් කමිස මැහුවේ අපේ තාත්තා. චිත්‍ර අඳින්න, තොරන් ගහන්න, සිමෙන්තියෙන් ලස්සන මල්පෝච්චි හදන්න, ළී බඩු හදන්න, අහස් කූරු හදන්න, වෙසක් බකට් හදන්න, බෙහෙත් තෙල් හිඳින්න, තාත්තා දැනසිටියා. තාත්තා පුහුණු ගුරුවරයෙක්. නමුත් ඔය කියපු දේවලින් කිසිවක් ගුරු පුහුණුවට අදාලව ලබාගත් කුසළතා නෙවෙයි. තාත්තා පරිපූර්ණ සාම්ප්‍රදායික සිංහල ගැමියෙක්.

    ඔබේ පියා මගේ පියාගේම පරපුරේ කෙනෙකු බව පෙනෙනවා. ඔවුන් අසමසමයි. අපි දන්නේ ටිකයි. ඔවුන් බොහෝ දේ දැනගෙන හිටියත් අපට දුන්නේ අවශ්‍ය ටික පමණයි. සුපිරි වැඩකාරයෝ වීමේ හීනමානය ඔවුන් තුළ තිබුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. /// චිත්‍ර අඳින්න, තොරන් ගහන්න, සිමෙන්තියෙන් ලස්සන මල්පෝච්චි හදන්න, ළී බඩු හදන්න, අහස් කූරු හදන්න, වෙසක් බකට් හදන්න, බෙහෙත් තෙල් හිඳින්න, තාත්තා දැනසිටියා. ///

      ඒකටත් එක්ක පුතා .. වෙඩි තියන්න.. බෝම්බ දාන්න ,බංකර් හදන්න යුද අගල් කපන්න හපනා :D

      ඔබේ පියා ගැන ඔබට ඇති ගෞවරවය ඔබේ දරුවන් තුළ ඔබටත් තියෙනවා.. මට විස්වාසයි

      Delete
    2. අන්න විචාරකගෙ තාත්තත් ඒ වගේ.
      Jack in all trades.
      සමහරවිට මේ සමහර පොඩි දෙයක් (ඉදලක් වගේ) කඩෙන් ගන්නෙ නැතුව තමන් හදන්නෙ මොකටද කියන එක මට තේරුම් ගන්න කාලයක් ගියා. ඒක සල්ලි ප්‍රශ්ණෙකට වඩා ආත්ම තෘප්තිය.

      Delete
    3. @ ඔමා

      වරෙන්කො ලංකාවට. බෝම්බයක් ඔබනවා කටේ. :D

      Delete
  26. අප්පච්චි ගැන කියන්නේ වචන නෑ අයියේ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලහිරු ප්‍රතිචාරයට. මේක මටත් හොඳටම හිනා ගිය කතාවක්.

      Delete
  27. :'(

    තාත්තාට නිවන් සුව ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉවාන්.

      Delete
  28. කැමරාවෙන් එහා ලෝකය
    ඌගේ හිත රිදිලා...එක්කෝ
    වහ බොනවලු...නැත්නම්
    තපසට යනවලු....බැරිනම්
    ගගේ මුහුදේ පනිනවලු...
    අනේ ..කට්ටිය ගිහින් පොඩ්ඩක් අහිංසකයාගේ මුණ අන්තිම වතාවට බලලා එනවද..

    ReplyDelete
  29. ඇත්තමයි එයාලා තාත්තලානේ අයියේ.. ඒකයි ඒ

    ReplyDelete
    Replies

    1. ඒක වෙන්නැති මිත්‍ර වර්ණ

      Delete
  30. කලකට පසු හමුවූ පියා.මටත් ඔය වගේ.තාත්ත අද ජීවත් වෙලා හිටිය නං කොච්චර හොඳද කියල හිතෙනවා වෙලාවකට.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ එක් එක් වයස්වල තාත්තා ගැන දරන ආකල්පය වෙනස් වෙන හැටි ගැන අර සුප්‍රසිද්ධ කතාව මට මතක් වුනා.

      Delete
  31. හෙන් රි අයියේ මෙ වැඩේ හරියන්නේ නැහැ. ඔයා අපිව ඉමෝෂනල් කරනවා අෆ්ෆා හරියට. ඊයෙත් මම 4.30 වෙද්දි ගෙදර ගියා කොළු පැටියා බලන්න. දැන් අදත් යන්න සෙට් කලානේ...

    මම හරි ආසයි පරමාදර්ශී තාත්තලා ගැන දැනගන්න. මට පුළුවන් වෙයි ඒකෙන් වඩා හොඳ තාත්තෙක් වෙන්න..

    ReplyDelete
    Replies
    1. ඉමෝෂනල් කරන්නම නෙවෙයි බං. මම අර අනිත් කතාවේ මැද්දෙනෙ හිටියේ. නමුත් මේක නොදා බැරිවුනා.

      Delete
  32. හදවත විවනිවිද ගිය ලියමනක් ඩුඩ්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිලිනි. හදවතක් ඇති අයට පමණයි.

      Delete
  33. මම මුලදී හිතුවේ ඩුඩ් ගේ දුව ඩුඩ් ගැන ලියනවා කියලා ...

    සුමුදු කුමුදක් පිපී පුරුදු සුවඳක් ගෙනෙයි
    සොලොස් කලා පිරි සඳක් සිනාසෙන මේ රාත්‍රි යාමයේ..
    මං බාලේ උර තලයේ රන්දා අනන්ත ආදරයෙන්
    දුන්න ඔවා මට තාම ඇසේ රහසේ
    පියාණනේ.. පියාණනේ..
    පියාණනේ.. පියාණනේ..

    ආශිර්වාද ඇසේ ලොවෙන් නින්දා වරුසාවන් අතරේ
    මට දැනුදු දැනේ.. ඔබේ අගේ දිවා ‍රැයේ
    නින්දා අභියස මහමෙර වන් පියාණනේ..

    මල් මාලා ගෙලට ඇතී අවමන් වරුසාවන් අතරින්
    මට දැනුදු ඇසේ.. ඔබේ අගේ දිවා ‍රැයේ
    අවමන් අභියස නොසැලී හුන් ඔබේ සෙනේ..

    සුමුදු කුමුදක් පිපී පුරුදු සුවඳක් ගෙනෙයි
    සොලොස් කලා පිරි සඳක් සිනාසෙන මේ රාත්‍රි යාමයේ..
    මං බාලේ උර තලයේ රන්දා අනන්ත ආදරයෙන්
    දුන්න ඔවා මට තාම ඇසේ රහසේ
    පියාණනේ.. පියාණනේ..
    පියාණනේ.. පියාණනේ..

    ගායනය: ගුණදාස කපුගේ

    ReplyDelete
    Replies
    1. දුව මා ගැන ලියපු ඒවත් බ්ලොග් වල තියෙනවා. විශේෂයෙන්ම අර HeyDude ඉංග්‍රීසි බ්ලොග් එකේ.

      බොහොම ස්තුතියි සින්දුවට සිංදුවෝ.

      Delete
  34. You are (I use the present tense intentionally) very lucky .

    ReplyDelete
    Replies
    1. Thank you Prajay. It took a while to analyze what you said. And yes. You have a point there.

      Delete
  35. ඹුලනැටුවගම සෙදෝනාගේ කඩේ නිෂ්පාදිත, පෝෂ්‍ය ගුණයෙන් අනූන පුස්ලෝඩං ...කාලා තියනවද?

    යන්ඩ..ඉක්මනට යන්න..“ඩ්‍රැකියාගේ අඩවියට“..
    ඉවර වුනා කියලා අපිට දොස් කියන්න එපා..
    දැනටමත් කැමර කටයි, දෙමල ණ යන්නයි බිබික්කමකට මරා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. එපා බං. මට පොඩ්ඩ බැරි වෙනකොට බඩ අප්සෙට් වෙනවා.

      Delete
  36. සංවේදීව දැනුන සටහනක්..

    ReplyDelete
    Replies
    1. සංවේදී අයට පමණයි.

      Delete
  37. මගේ තාත්තා ගැන මගේ මතකයත්, හැමදාටම සුන්දරයි ඩුඩයියේ.

    අපේ තාත්තාලා අපි වෙනුවෙන් කරපු කැපකිරීම අපේ දරුවන්ට අපෙන් කරන්ට පුළුවන් නම්.

    ReplyDelete
    Replies
    1. ඒ පියපුතු සම්බන්ධයට මම කැමතියි. එහෙම තියෙන්නෙත් කලාතුරකින් සමාජය දිහා බැලුවාම.

      ඇයි උඹලට බැරි වෙන්නේ?

      Delete
    2. ඔව්,බැරිකමක් නැහැ මමත් එහෙම වෙන්ට උත්සහා ගන්නවා....:)

      Delete
  38. කාලෙකට කලින් 'අප්පච්චි' කියලා ලීව පෝස්ට් එකක් මතක් වුනා. දුවලාගේ වීරයෝ අප්පච්චිලා. අම්මලාට කොච්චර ආදරේ තිබ්බත්, අප්පච්චි කෙනෙක්ගෙන් දැනෙන්නේ පුදුම ආරක්ෂා සහිත හැඟීමක්.

    හිතට පුදුම බයකුත් දැනුනා ඩූඩ්. අපි ආදරේ කරන අය නැති වෙන එක ගැන. :(

    ReplyDelete
    Replies
    1. ඕ මට මතකයි ඒ පෝස්ට් එක. ඔය පියාවරු ගැන හැමෝම වගේ ලියපු පෝස්ට් මට කොහොමත් මතකේ තියෙනවා. මොකද මම හිතෙන් සසඳන නිසා.

      Delete
  39. ///මට මුලදි තරම්ම නිරන්තරයෙන්ම ඔයාව සිහිනොවුනත්, අනේ තාත්තා හිටියනම් කියලා අවස්ථාවල් තවමත් නිතර උදාවෙනවා, තාත්තේ. ///
    මටත් මේ හැඟීම උඹට හා සමානවම දැනෙනවා ඩුඩ් අයියේ...

    මමත් මුලදී හිතුවේ මේ උඹ ගැන දුව ලියපු සටහනක්දෝ කියලා...
    අපේ තාත්තල කියන පරම්පරාවෙන් පස්සේ අපේ පරම්පරා වල තාත්තල පරණ තාත්තල තරම් ස්කිල් නැහැ නේද...
    අපි බහුතරයක් "කඩෙන් ගේන" තාත්තලා වෙලා කියලයි මට හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. ඒක අලුත් පරණ දෙයක් නෙවෙයි බං. අපේ තාත්තර පැරලල්ව හිටිය ඕනෙතරම් තාත්තලා අනිත් ගෙවල්වල බලු වටින්නේ නැති. ළමයින්ට පේන්න බැරි. ඔය අදත් ඉන්නේ ෂෝක් තාත්තලා.

      Delete
  40. තාත්තා සම්බන්ධව මගේ ජීවිතය මම බ්ලොග් එකේ කාලෙකට කලින් ලිව්වා. හැබැයි ඒක එක පැත්තක් විතරයි. අදට පවා මම ආස කරන, රස විඳින බොහෝ දේවල් වල මූලික ගුරු හරි කම් ලැබුණේ තාත්තාගෙන්...

    "පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව
    දූදරුවන් හිනැහී ඇතිදෝ
    උන්ගේ හිත රැඳි තනිය මකන්නට
    මව්නට කවදා හැකිවේදෝ"

    ReplyDelete
    Replies
    1. කාලෙකට කලින් වෙන්න ඕනෙ. උඹට බ්ලොග් එකක් තියෙනබව හරි මතක් තියෙන එකම මදෑ බං.

      මදර්ස් බෝයිස්ලා ඉන්නවා. ෆාර්දර්ස් බෝයිස්ලා ඉන්නවා. දෙගොල්ලම ඉන්නවා. නැද්ද?

      Delete
  41. මට මේක කවියක් වගේ.. හරි අපුරු රිද්මෙකට ගලා ගිහින් අපිව සියුම්ව කොනිත්තනවා.. පිය සෙනෙහස ගැන නිර්මාණ අඩු යුගයක මේක තවත් වටිනවා.. මේ තාත්තා ඩුඩ්ගේම තාත්තා වූ එක ඔබේ වාසනාවක්.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කමි. පිය සෙනෙහස ගැන මව සෙනෙහසට සාපේක්ෂව ලියැවිලා තියෙනවා අඩුයි තමයි. ඒ ඇයි කියලා හොයන්න මම උත්සාහ කරන්නේ නෑ. කොහොම හරි මම තාත්තට හුඟක් කිට්‍ටුවෙන් හිටියේ. මව තේරුම් ගත්ත ඉතාම කීපදෙනාගෙන් වැදගත්ම කෙනෙක් එයා.

      Delete
  42. ස්තූතියි ඩූඩ් මතකයන් අවදි කලාට. මටත් හිටියා මේ වගේ අප්පච්චියෙක්. සොඳුරු චරිතයක්. මට ඉස්කෝලෙන් කට්ටි පැනලා ෆිල්ම් බලන්න පුරුදු කලේ ඔහුයි කියලා කිව්වොත් ඔබ පිලිගන්නවද? මම එතකොට 8 පංතියේ. දවසක් උදේ 10ට විතර අප්පච්චි හදිසියෙම ඉස්කෝලෙට ඇවිත් මගේ පංතිය හොයාගෙන ආවා. මට හොඳට මතකයි ඒ ඉංග්රීිසි පීරියඩ් එක. අපට ඉංග්රීඇසි ඉගැන්නුවේ කතෝලික පියතුමෙක්. එතුමා දොර ගාවට ඇවිත් අප්පච්චි එක්ක මොනව ද කතා කරා මගේ දිහා බලන ගමන්. ඊට පස්සේ පියතුමා මට කිව්වා you can go now, Your grandmother is not well. මට හරි පුදුමයි. මම බෑග් එකත් කරේ එල්ලගෙන එන ගමන් අප්පච්චිගේ මූන බැළුවා. මොකද අත්තම්මා නැතිඋනේ අප්පච්චිට වයස අවුරුදු 3දී. එතකොට දැන් කවුද මේ ඉස්පිරිතාලෙ ඉන්නේ. පොඩි හිනාවකුත් එක්ක හෙමිහිට මට කිව්වා " හොඳ ෆිල්ම් එකක් ඇවිල්ලා New Cinema එකට, අපි යං 10.30 ට හැබැයි අම්මට කියන්න එපා”. ඒ ෆිල්ම් එක තමයි The Great Escape. ඔහොම ඒ කාලේ කුරුණෑගලට ආව හොඳ ෆිල්ම් රාශියක් බලන්න ඔහු මාව එක්කන් ගියා. සමහරක් දවස්වල 2.30 ෆිල්ම් එක. එක දවසකට වඩා තියෙනවනං හවස 6.30 ඒ වගේම තමයි පොත් කියවීමටත් ඔහු අපිව පුරුදු කලේ. අදටත්, අතට අහුවෙන ඕනෑම පොතක් කියවන්න අඩිතාලම දැම්මේ ඔහු
    2009 දී අප්පච්චි මියගියා. තවමත් මට ඒ අඩුව දැනෙනවා. ඕනෑම විෂයක් ගැන සාමාන්යඔ දැනීමක් ඔහුට තිබුනා. මගේ සමහරක් ප්ර ශ්ණවලට ඔහු දුන්න විසදුම් වල තිබුන ප්රා යෝගිකතාව ගැන තවමත් මට පුදුමයි. ඔහු ගැන තව ගොඩක් දේවල් මතකයට එනවා ඒත් ලියන්න වෙලාවක් නැහැ. ඔබගේ ලිපිය තමයි මේ දේ හරි ලියන්න මාව පෙලඹෙව්වේ...
    Dude = ජේත්තුකාරයා (Y / N)

    ReplyDelete
    Replies
    1. [im]https://upload.wikimedia.org/wikipedia/en/thumb/c/c7/Great_escape.jpg/225px-Great_escape.jpg[/im]
      මේකනේ ප්‍රසන්න ඔය මූවී එක? පුදුමෙ කියන්නේ අපි දෙන්න ගිය මාසෙ ඕක ඩවුන්ලෝඩ් කරලා බැලුවා. මට එහෙම කරන්න හිතුනේ Steve McQueen ඉන්න හන්දා.

      ප්‍රසන්නගෙ අප්පච්චිත් කෙනෙකුට ලේසියෙන් ලැබෙන ජාතියෙ අප්පච්චි කෙනෙක් නෙවෙයි. එහෙම කෙනෙක් ලබන්න පුදුම වාසනාවක් තියෙන්න ඕනෙ. ඔව් ටික කාලෙකට හරි. ඔය අප්පච්චිව තේරුම් ගන්නත් හැමෝටම බැරි වේවි.

      ඩූඩ් ජේත්තු කාරයද කියන එක මම දන්නෙ නෑ ප්‍රසන්න. ඔහොම තේරුමක් ඕකට තියෙනවා කියලා කියන්නෙ මම හිතන්නේ සිංහල ශබ්දකෝෂයක්. මම ඒක දන්නෙත් බ්ලොග් යාලුවෝ වරින් වර ඒක සඳහන් කරන නිසා.

      නමුත් ඩූඩ් කියන එකෙන් මම අදහස් කලේ සාමාන්‍ය සරළ අදහස, හරිටම පොර, බුවා, මචං වගෙ අන්තිම සාමාන්‍ය.

      ප්‍රසන්න, බොහොම ස්තුතියි මේ කමෙන්ට් එකට. මමත් ඒ අප්පච්චිගෙ ෆෑන් කෙනෙක් අද ඉඳලා.

      Delete
    2. මං ගැනත් මගේ කෙල්ලයි කොල්ලයි කවද හරි මේ වගේ කතා වෙනවනම් මං කැමතියි :)

      Delete
  43. ඩූඩ් හදවත ලස්සනට වචන වලට ගලපළා තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිහාන්. :)

      Delete
  44. අම්මා වරුන් පමණද මතු බුදුවන්නේ ??

    ReplyDelete
  45. හරිම සංවේදී සටහනක් අයියේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයුරි.

      Delete
  46. පියෙක් ගැන ලස්සන සටහනක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත්.

      Delete
  47. Dear Dude
    I have read few of your blog posts.....during last few days....for the first time.
    This is one of the best posts I believe.

    Being a new reader....I enjoyed every bit of your post about your father and your happy memories.

    My father too encouraged me to read book and he spend so much money to buy books.
    Late 70s and early 80's. ....he used to go to Gunasena Book Stores in Olcott Mawatha Colombo-11 in Every September to buy loads of books.

    In late 70'sTo middle of 80's time period was kind of a difficult task to go to a library and get a membership. But my father's collection of books provided me an oasis to fulfill my hunger for reading pleasure.

    Most of the time people talk about goodness of Mother. But fathers are different kind of species who doesn't show their inner feelings and love towards to family openly.

    Thanks for bringing back my great memories about my father.

    Dude....
    Keep on writing. ..
    Even I make a comment or not.....believe me....I'm a fan of yours.

    ===Adrian Channa from Toronto====

    ReplyDelete
  48. Dear Dude
    I have read few of your blog posts.....during last few days....for the first time.
    This is one of the best posts I believe.

    Being a new reader....I enjoyed every bit of your post about your father and your happy memories.

    My father too encouraged me to read book and he spend so much money to buy books.
    Late 70s and early 80's. ....he used to go to Gunasena Book Stores in Olcott Mawatha Colombo-11 in Every September to buy loads of books.

    In late 70'sTo middle of 80's time period was kind of a difficult task to go to a library and get a membership. But my father's collection of books provided me an oasis to fulfill my hunger for reading pleasure.

    Most of the time people talk about goodness of Mother. But fathers are different kind of species who doesn't show their inner feelings and love towards to family openly.

    Thanks for bringing back my great memories about my father.

    Dude....
    Keep on writing. ..
    Even I make a comment or not.....believe me....I'm a fan of yours.

    ===Adrian Channa from Toronto====

    ReplyDelete
    Replies
    1. Dear Adrian,

      Thank you for this touching comment. Yes, fathers are not appreciated as much as mothers. And you are so lucky to have a father as cool as mine. I'm still in the process of understanding why he did what he did, how he must have felt when I said or did what I did, at that particular time, as I am getting older and older walking the same road he did passing the same landmarks.

      Thanks again Adrian. I really appreciate your comment.

      Delete
  49. එළකිරි දිගටම ලියන්න... සහෝ

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>