ආයෙම අඟහරුවාදා රෑ ඇවිත්.
අඟහරුවාදා රෑ කියන්නේ අන්තිම වැදගත් රැයක්.
අන්තිම වැදගත් කිව්වේ වැලන්ටයින්ස් ඩේ එක නිසා නෙවෙයි.
අඟහරුවාදා රාත්‍රිය තමයි කුණු රාත්‍රිය. Trash Night!
මොකක්ද මේ කුණු රාත්‍රියේ තියෙන වැදගත්කම?
අම්මයි තාත්තයි කියන විදියට, අපේ අහල පහල හැමෝගෙම නිරෝගීබව ගෙඩි පිටින්ම රැඳිලා තියෙන්නේ මට අඟහරුවාදා රෑට අපේ කුණු බක්කිය පාර අයිනෙන් තියන්න මතක් වෙනවද නැද්ද කියන කාරණාව මතයි.
ඒක වෙන්නෙ මෙහෙමයි.
මට මොන කරුමෙට හරි, වැරදිලාවත්, අඟහරුවාදා රෑට කුණු බක්කිය පාර අයිනෙන් තියන්න අමතක වුනොත්, බදාදා උදේට එන කුණු ලොරියට ඒක පටව ගන්න බැරුව යනවා.
කුණු ලොරියට ඒක පටව ගන්න බැරුව ගියොත්, කුණු පිරිච්ච කුණු බක්කියට තවත් කුණු දාන්න බැරුව යනවා.
කුණු පිරිච්ච කුණු බක්කියට තවත් කුණු දාන්න බැරුව ගියොත්, කුණු උතුරලා ගිහින් බිමටත් හැලෙන්න ගන්නවා.
කුණු බිමට හැලෙන්න ගත්තාම, මීයෝ එන්න ගන්නවා.
මීයෝ එන්න ගන්නවා කියන්නේ, අහල පහල හැමෝටම මීයන්ගෙන් බෝවෙන මහාමාරිය වගේ භයානක වසංගත රෝග බෝවෙලා, එකා පිට එකා වැටිලා මැරිලා යනවා.
ඒ ඔක්කොමත් හරි. කාලා එන්න බැරි වැඩේ ඕකේ වැරැද්ද මට පැටවෙන එක.
අන්න ඒකයි 'කුණු රාත්‍රිය' සතියේ අනික් හැම රාත්‍රියකටම වඩා වැදගත් වෙන්නේ.
අහල පහල හැම කෙනාගෙම ජීවිත රැඳිලා තියෙන්නේ මගේ අතේ. හැම පිරිමියෙක්ම, හැම ගැහැණියක්ම, හැම පොඩි එකෙක්ම, මට අඟහරුවාදා රෑට අපේ කුණු බක්කිය පාර අයිනෙන් තියන්න මතක් වේවායි කියන පරම අපේක්ෂාවෙන්, පරම විශ්වාසයෙන් තමයි ජීවිතේ ගෙනියන්නේ.
මෙතුවක් කාලෙකට මම එයාලගේ අපේක්ෂාවන් බිඳ හෙලලා නෑ. විශ්වාසය කඩ කරලා නෑ. මට අමතක වෙලත් නෑ.
හැම සතියෙම මම මගේ සුළඟිල්ලේ සුදු නූලක් ඕතලා ගැටයක් ගහ ගන්නවා කුණු බක්කිය පාර අයිනෙන් තියන්න තියෙන බව මතක් වෙන්න.
අද නම් පුතෝ නූල ගැට ගැහිලා තියෙනවා තද වැඩියි. මගේ ඇඟිල්ලේ ලේ පිරිලා, චෙරි ගෙඩියක් වගේ ඉදිමිලා, රතු වෙලා නාඩි වැටෙන ගානට ඇදුම් කනවා දැනෙනවා. ගැටේ තද වැඩි නිසා ඒක ගැලවෙන්නෙත් නෑ. මේක කතුරෙන් කපන්නයි වෙන්නේ.
මම පඩිපෙල බැහැලා යනවා කුස්සියට.
මට යන්න වෙන්නේ සාලේ ඉඳගෙන ඉන්න තාත්තව පහු කරගෙන.
"අද මොන දවසද කියලා මතකයි නේද?" තාත්තා අහනවා.
"ඔව් තාත්තේ."
"කුණු එළියෙන් තිබ්බද?"
"තාම නෑ."
"හරි, ඔන්න අමතක කරන්න එපා, "තාත්තා පටං ගන්නවා. " කුණු බිම හැලෙනවා කියන්නේ මීයෝ එන්න ගන්නවා..."
"මං දන්නවා තාත්තේ. ෆූෆ්..." මම සුසුමක් හෙලන ගමන් කියනවා."මීයෝ එන්න ගන්නවා කියන්නේ, අහල පහල හැමෝටම මීයන්ගෙන් බෝවෙන මහාමාරිය වගේ භයානක වසංගත රෝග බෝවෙලා හැමෝම එකා පිට එකා වැටිලා මැරිලා යනවා."
"හුහ්, මේක විහිළුවකට ගත්තා නේද?" තාත්තා ඉස්සරහට නැවිලා මගේ දිහාට ඇඟිල්ල දික් කරගෙන කියනවා. "හරි අපිට විහිළුවේ තරම බලාගත්තෑකි, කට්ටියටම මීයෝ නලියන කුණු ගොඩේ දණක් එරි එරි ඇවිදින්න වෙලා, මහාමාරිය හැදිලා, ඇඟ පුරා ගඩු දාලා එනකොට. අපිට හොඳට හිනා වුනෑකි කහින කොට පෙනහලු කෑලි කටින් විසිවෙන්න ගත්තාම..."
"හරි තාත්තේ, හරි. මට ෂෝක් එකට පැහැදිළිවුනා. මම කුණු එක එලියෙන් තියන්නම්. එතකොට ඔය කිසි අවුලක් නෑනේ..."
"මේ දැන්?"
"තව විනාඩියකින්." මම කියනවා." මේ ඇඟිල්ලේ බැඳපු නූල කපාගත්ත ගමන්ම."
"අමතක කරන්නේ හෙම නෑ ඔන්න."
"හයියූඌඌ...හ්... අමතක වෙන්නේ නෑ. දෙයියම්පල්ලා."
තාත්තගේ අන්දොස් ගතිය එන්න එන්නම, දවසෙන් දවස බලා ඉන්දැද්දී වැඩි වෙනවද කොහෙද.
මම කුස්සියට ගිහින් දෙවෙනි ලාච්චුව ඇරලා කතුර හොයන්න ගන්නවා. එතකොටම අම්මා එනවා කුස්සියට.
"කුණු එළියෙන් තිබ්බද ඇන්ඩි?"
"තාම නෑ අම්මෙ. තියන්න තමයි යන්නේ."
හරි, ඔන්න අමතක කරන්න එපා," අම්මා කියන්න ගන්නවා."අපිට..."
"...මීයෝ ගෙන්න ගන්න ඕනෙ නෑ." මම වාක්‍ය සම්පූර්ණ කරනවා.
"ඔයා කොහොමද දන්නේ මම ඒකයි කියන්න ගියේ කියලා?"අම්මා අහනවා.
"මම දැනගෙන කිව්වා නෙවෙයි. වෙලාවට හරි එක කියවුනේ. ලකි ගෙස්."
ඔන්න ෆෝන් එක වදින්න ගන්නවා.
මම යනවා ෆෝන් එක ලඟට.
"අල්ලන්නේ නෑ ෆෝන් එක!" ජෙන් කියන්නේ මාව තල්ලු කරගෙන, පෙරලගෙන ෆෝන් එකට පනින ගමන්. "ඔය ක්‍රේග්. ඒ නැතත් තමුසෙට කුණු එලියට දාන්න තියෙනවා නේද? දැනටමත් ගඳේ බෑ. මගේ කාමරේට එනවා ගඳ."
"තමුසෙගේ ගඳට ඉහලින් තව ගඳක් දැනෙනවා කිව්වාම පුදුමයි," මම කියනවා. ජෙන් මට ඔරවලා රිසීවරේ අතට ගන්නවා.
මම ෆෝන් එක ලඟින් නොහෙල්ලී එතනම හිටගෙන ඉන්නේ ජෙන් ෆෝන් එකේ ඉන්න කොට මම ලඟ ඉඳගෙන එයා කියන දේ අහගෙන ඉන්න එක එයාට පේන්න බැරි බව මම දන්න නිසාමයි.
"අම්මේ,"ජෙන් රිසීවරේ අතින් වහගෙන කෑ ගහනවා. " මෙන්න ඇන්ඩි මගේ කතාව අහගෙන ඉන්නවා."
"තමුසෙට පිස්සුද ඕයි? තමුසේ කතාව පටන් ගත්තෙත් නැතුව කොහොමද කියන්නේ මම අහගෙන ඉන්නවයි කියලා?"
"තමුසේ අහගෙන ඉන්න තමයි බලා ඉන්නේ."
"මොකක්ද කිව්වේ?"
"මම කිව්වේ තමුසේ අහගෙන ඉන්න තමයි බලා ඉන්නේ කියලා," ජෙන් බෙරිහන් දෙනවා.
"මොකක්? මට ඇහෙන්නේ නෑනේ තමුසේ කියන එක. මම බීරි වේගන එනවද කොහෙද."
"අම්මේ," ජෙන් කෑ ගහනවා.
"ඇන්ඩී" අම්මා මැදිහත් වෙනවා."ඔයාට කරන්න වැඩක් තියෙනවනේ. ඔයා ගිහින් ඒ වැඩේ කරන්නකෝ."
"හරි හරී," මම කිව්වත් මම ෆෝන් එක ලඟින් හෙලවෙන්නේ නෑ.
"ඇන්ඩි," ජෙන් කියනවා.
"හරි, හරි ඕයි. මම මේ යනවා."
"ඔහොම ඉන්නවා," ජෙන් රිසීවර් එක මගේ දිහාට දික් කරගෙන කියනවා. "කෝල් එක තමුසෙට."
"මට?"
"ඔව්. පුදුමයි ඒත් ඇත්තයි. නොසිතූ දේ සිදුවෙයි. තමුසෙටත් කෝල් දෙන්න අය මේ ලෝකේ ඉන්නවා."
"කවුද?" මම අහනවා "කවුද මට කතාකරන්නේ?"
"කවුරු කතා කරනවා කියලද කියන්නේ?" ජෙන් රිසීවරෙන් අත අරන් අහනවා.
ජෙන් ඉඟිමරනවා.
'ලීසා මැක්නී කතා කරන්නේ," ජෙන් මට කියනවා.
"ලීසා මැක්නී! තමුසෙට ෂුවර්ද?"
"මොකද මම අහන්නද එයා ලීසා මැක්නී කියලා එයාට ෂුවර්මද කියලා? ජෙන් අහනවා.
"එපා, එපා" මම පැනලා රිසීවර් එක ඩැහැගන්නවා.
ලීසා මැක්නී! වාව්! ෂුවර් එකටම මම අද උදේ එයාගේ බෑග් එකට හොරෙන් දාපු වැලන්ටයින් කාඩ් එක එයා දකින්න ඇති. ඒත් එයා කොහොමද දැනගත්තේ ඒක මගෙන්මය කියලා. සමහරවිට කවරේ සුවඳින් වැඩේ මාට්‍ටු වෙන්නැති. ඇත්තෙන්ම ඒක සෙන්ට් එකක්ම නෙවෙයි. මට සෙන්ට් එකක් හොයා ගන්න බැරි වෙච්ච හන්දා මම කලේ බාතෲම් එකට පාවිච්චි කරන පයින් සුවඳ එයා ෆ්‍රෙෂ්නර් එකෙන් කවරෙට සාත්තුවක් දුන්න එකයි. ඒක මගේ ඇඟ පුරාමත් ඉහිලා මුලු දවස පයින් ගඳ ගගහා හිටියේ මම. ඒකයි ලීසාට වැඩේ මාට්‍ටු වෙන්න ඇත්තේ.
ජෙන් තවම ෆෝන් එක ලඟ හිටගෙන.
"අම්මේ, මෙන්න ජෙන් මගේ කතාව අහගෙන ඉන්නවා." ඒ පාර බෙරිහන් දෙන්නේ මම.
"අනේ තමුසෙගේ අඳබාල ෆෝන් කෝල් අහගෙන ඉන්නවට වඩා වෙන වැඩක් නෑ මට," කියන ජේන් ගස්සගෙන යන්න යනවා.
"හෙලෝ," මම රිසීවරයට කියනවා.
"හායි ඇන්ඩි. මම ලීසා."
"ඕ..., අම්ම්.... ආආආ...,"කියන්න සුදුසු දෙයක් හිතා ගන්න බැරුව මට ගොත ගැහෙනවා. "හායි"
"මම ඔයාට කතා කලාට ප්‍රශ්ණයක් නෑ නේද?" ලීසා අහනවා.
ඇත්තටම එයා මේ මොනවා අහනවාද? මේ තමයි ලෝකේ බිහිවෙච්ච දා ඉඳලා ලෝකේ වෙච්ච හොඳම සිදුවීම. ඒ වුනාට මට එහෙම කියන්න බෑනේ. එයා ෂුවර් එකටම හිතයි මම විහිළු කරනවා කියලා. මේකට බොහොම කූල් පිට හැන්ඩ්ල් කරන්න ඕනේ.
"නෑ," මම කියනවා.
පුදුමේ කියන්නේ මට කියන්න දේවල් මෙච්චර තියෙද්දි, ඊට වඩා දෙයක් කියන්න මට මතක් වෙන්නේම නැති එක. මට කියන්න ඕනේ එයා කොච්චර ලස්සනද කියලා, මම එයාට කොච්චරනම් ආදරේද කියලා, එයා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න කියලා මම දවසකට කී පාරක් නම් ප්‍රාර්ථනා කරනවද කියලා. නමුත් වචන එන්නේ නෑ.
"ඇන්ඩි ඔයා මුකුත් වැඩක්ද?" ලීසා අහනවා." මම එහෙනම් පස්සේ කතා කරන්නම් ප්‍රශ්ණයක් නැති නම්"
මේකට මොකද කියන්නේ? මට මොකුත් වැඩක් නෑ කිව්වොත් එයා හිතයි මම ඔහේ වැඩක් නැතුව ගෙදර වැනි වැනි ඉන්න, මෙලෝ රහක් නැති ඩයල් එකක් කියලා. මම කිව්වොත් එහෙම මම මේ කුණු අදින ගමනුයි ඉන්නේ කියලා එයා හිතයි මම කුණු අදිනවට වඩා කරන්න වැදගත් වැඩක් ගෙදර නැතුව නැතුව ඉන්න චාටර් පොරක් කියලා.
මම දන්නවා අවංක භාවය තමයි හොඳම ප්‍රතිපත්තිය කියලා. නමුත් මේ වෙලාවේ මම හිතන්නෙ වංක භාවය ඊටත් වඩා හොඳ ප්‍රතිපත්තියක් කියලා.
"නෑ මං මේ පොඩි බ්‍රේක් එකක් ගත්තා." මම කියනවා." මම මේ වෙයිට් ට්‍රෙයිනිං කර කර හිටියේ. අර රාත්තල් පන්සීයේ වෙයිට්ස් ටිකක් අමාරුයි."
"ඔයා වෙයිට් ට්‍රෙයිනිං කරනවා?"
"වැඩිය නෙවෙයි. ටික ටික. දන්නේ නැද්ද?"
"ටිකක්?" රාත්තල් පන්සීය කියන්නේ හොඳ ටික!"
"එච්චරම නෑ," මම කියනවා. "ඒ වෝම් අප් එකට. රාත්තල් දාහේ වෙයිට්ස් උස්සනකොට තමයි ඇත්තෙන්ම තනි ඇහැට ඇඬෙන්නේ."
ලීසා 'හෑහ්' ගානවා මට ඇහෙනවා. මම හිතන්නේ මම ලීසාව හොඳ ගානට ඉම්ප්‍රෙස් කලා කියලා.
"ඇන්ඩි," ලීසා කියනවා. "අනේ ඔයාට එක මොහොතකටවත් පොඩ්ඩක් සීරියස් වෙන්න බැරිද?"
"හහ්, ලීසා, මම ෆුල් සිරා."
හොරා, නමුත් සිරා.
"මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. වැදගත් දෙයක් ගැන," ලීසා කියනවා. " මට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. සීරියස් ප්‍රශ්නයක්."
"හරි" මම කියනවා. "ඉතින් අහන්නකෝ. මොකක්ද ප්‍රශ්ණේ?"
"ඔයා මට කාඩ් එකක් එව්වා නේද?"
"මොන කාඩ් එකක්ද?" මම පොඩි බබා පාට් එකක් දාලා බලනවා මුලින්ම.
"වැලන්ටයින් කාඩ් එක."
"ආ ඒකද?" මම එච්චර ගණනකට නොගෙන වගේ කියනවා. "ඔව්, එව්වා තමයි."
"මං හිතුවා."
ඉන් පස්සේ එන නිහඬතාවය මට ගෙන එන්නේ පුදුම අපහසුතාවයක්. දැන් මොකද කියන්නේ මම?
"මට ඒකට ස්තුති කරන්න ඕනේ."
"සුළු දෙයක්නේ." මම කියනවා.
"නෑ, එහෙම නෙවෙයි. ඔයාව මුණ ගැහිලා. මම කල්පනා කලේ හෙට උදේට ඔයාව මුණ ගැහෙන්න පුලුවන්ද කියලා ඉස්කෝලේ පටන් ගන්න කලින්?"
මට මේක අදහගන්න බෑ. ලීසා මට, මේ මට, ඩේයිට් එකකට කතා කරනවා!
"ඇන්ඩි," ලීසාගේ හඬ. "කෝ ඔයා?"
මම ඇත්තෙන්ම පෘථිවියත්, හඳත් අතර පාවෙවී ඉන්නේ සතුට වැඩි කමට. වහාම ආපහු මහ පොළොවට බහින්න ඕනෙ ලීසාට උත්තර දෙන්න.
"මේ ඉන්නවා ලීසා. මේ ඉන්නවා. ඉතින් අපි කොහෙදිද මුණ ගැහෙන්නේ?"
"ඉස්කෝලේ ගාවා පාක් එකේ ගේට්‍ටුව ලඟදි හමුවෙමුද?" ලීසා අහනවා. " හෙට උදේ අට හමාරට?"
"ඕකේ ලීසා," මට දැන් ඕනේ ෆෝන් එක තියන්න මම මොකක් හරි ගොං කතාවක් කියලා මෙච්චර හොඳට නැගලා යන වැඩේ අංජබජල් කරගන්න කලින්. "එහෙනම් හෙට උදේ හම්බවෙමු."
"එහෙනම් හරිනේ. මේ ඒක නෙවෙයි ඇන්ඩි..."
"ආ ලීසා?"
"ඒකත් ඔයාගේ විහිළුවක් නෙවෙයි නේද?"
"ම්ම්ම්...මොකක්ද?"
"කාඩ් එක."
"අ...අයියෝ නෑ."
"එහෙම නම් කමක් නෑ. ඔන්න එහෙනම් වරද්දන්නෙපා. මම බලාගෙන ඉන්නවා. "
"ඇයි මමත් බලාගෙන ඉන්නවා," මම කියනවා.
"ඔයා ලස්සනයි. මම ඔයාට ආදරෙයි" කියලා මට එතනට එකතු කරන්න ඕනෙ වුනත්, මගේ කට ඇරෙනවා වැහෙනවා විතරයි. සද්දේ පිට වෙන්නේ නෑ. හරියට මාලුවෙකුගේ වගේ.
මම රිසීවරේ තියනවා.
මට මේක අදහන්නත් බෑ. මේක හීනයක්ද?
ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ල මට කතා කරලා හෙට මුණ ගැහෙමු කිව්වාම, ආයේ වෙන මොනවද? එයා මට කිව්වොත් එයා මට කැමතියි කියලා? කෙල්ලෝ කොල්ලන්ගෙන් එහෙම අහනවද? ඇයි නැත්තේ? එයා මගෙන් කිව්වොත් එයාව කසාද බඳින්න කියලා? ඇත්තෙන්ම අපිට එහෙම කරන්න පුලුවන්ද? අපිට වයස ඇතිද කසාද බඳින්න? මුද්දකුත් ගන්න වෙයිද? එයා කිව්වොත් එයාව කිස් කරන්න කියලා? මම ජීවිතේට කෙල්ලක්ව කිස් කරලා නෑ.
කොහොමද ඒක කරන්නේ? කණ්නාඩියෙන් බලාගෙන කිස් කිරිල්ල ප්රැක්ටිස් කරන්න ඕනෙ වහාම.
මම පඩි පෙල නැගගෙන යනවා නෙවෙයි, පාවෙලා යන්නේ උඩ තට්‍ටුවට.
ලීසා මට කතා කලා.
ලීසා මට කතා කරලා හෙට මුණ ගැහෙමුද ඇහුවා.
එයයි මට කතා කලේ.
මටම මේක අදහා ගන්න බැරි නිසා, මම දිගින් දිගටම මටම කියා ගන්නේ, මටම මේක ඒත්තු ගන්නා ගන්න.
ලීසා මට කතා කලා.
එයා මට හෙට මුණ ගැහෙමු කිව්වා.
මම නෙවෙයි කතා කලේ. එයයි කතා කලේ. ඒ කියන්නේ එයා මට කැමතියි කියන එකනේ.
මගේ නරක කාලේ ඉවරයි වගේ.
මම කාමරේට පාවෙලා ඇඳට පාත්වෙනවා.
එයා මට ආදරෙයි.
එයා මට ආදරෙයි.
මම ඇඳේ වැටිලා හෙට උදේ ගැන හිතනවා.
මට මැවිලා පේනවා මම පාරදිගේ ඇවිදගෙන යනවා පාක් එක දිහාට.
මගේ අතේ ලස්සන රෝස මල් පොකුරක්.
ලීසා ඉන්නවා හිටගෙන මලක් වගේ සුන්දරව.
ඇගේ වටේට හැම දෙයක්ම බොඳ වෙලා. හරියට ඔය ස්ටූඩියෝ වල ඉස්සරහා ගහලා තියෙන රොමෑන්ටික් ෆෝටෝස් වල වගේ. නමුත් ලීසා ඉන්නවා මැද්දෙ නියමෙට ෆෝකස් වෙලා.
ඈ හිනා වෙලා අත වනනවා.
"හායි ලීසා," මම කියන්නේ ගැඹුරු, ප්‍රභල, ආත්ම විශ්වාසයෙන් පිරිණු කටහඬකින්.
ඈ මගේ ඇස් වලට එබෙනවා.
මගේ දෑස් ඇගේ දෑස් වල ගිලෙනවා. මාව ඉටිපන්දමක් වගේ උණු වෙලා වැගිරෙන්න ආසන්නයි.
"හායි," ඈ කියන්නේ සුරංගනාවියකගේ වගේ මෘදු ලස්සන හඬකින්.
මම ඈට රෝස පොකුර දෙනවා.
"මේ ඔයාටයි"
ඈ රෝස පොකුර දිහා බලනවා. ඇගේ දෑස් කඳුලින් පිරෙනවා.
"ඒවා හරී ලස්සනයි," ඈ ඉකි බිඳිනවා. "හරී...ම ලස්සනයි..."
"ඒත් ඔයා තරම් ලස්සන නෑ," කියන මම මගේ දෑත් ඈ වටා යවනවා.
මම මගේ මූණ ඇගේ සිනිඳු හිසකේ අතරේ සඟවා ගන්නවා. ඇගේ හිසකේ හරියට සේද වගේ දිලිසෙනවා.
"අනේ ඇන්ඩි," ඈ කියනවා. "ඔයා කොයි තරම් කල්පනාකාරී, කොයි තරම් උතුම් , කොයි තරම් මහත්මා..."
"ඔයාට 'කඩවසම්' අමතක වුනා," මම මතක් කරලා දෙනවා.
"ඔව් කොයි තරම් කඩවසම්..."
"පිරිමි කම...?"
"නියම පිරිමි කමක් ඇති"
"ශක්තිමත්...?"
"අනේ ඇන්ඩි පොඩ්ඩක් සීරියස් වෙන්නකෝ දැන්වත්."
"මම සීරියස් තමයි."
ඈ මා දිහා ඇසිපිය නොහෙලා ටිකක් වෙලා බලා ඉන්නවා.
"අපි තව දුර යන්න ඉස්සෙල්ලා මට තියෙනවා ඔයාගෙන් අහන්න ප්‍රශ්ණයක්."
"අහන්න ඕනෙ ප්‍රශ්ණයක්."
"ඔයා මට ඇත්තම කියනවා කියලා පොරොන්දු වෙන්න, මගෙ රත්තරං."
"මං පොරොන්දු වෙනවා."
ඈ ඉස්සරහට නැඹුරු වෙලා මගේ කනට කොඳුරනවා.
ඇගේ හුස්ම මගේ ඇඟේ වදිද්දී මගේ ඇඟ දිගේ විදුලි සැරයක් වගේ වගේ වෙව්ලුමක් උඩ ඉඳන් පහලට ගමන් කරන්න ගන්නවා. මට කලන්ත ගතියක් දැනෙනවා. මගේ ලේ නහර දිගේ මොළයට ලේ ගමන් කරනවා මහා ඝෝෂාවට නගාගෙන. ඒ සද්දෙට මට ඈ කියන දේ ඇහෙන්නේ නෑ. මග ඇහෙන්නේ 'කර කරාස්...ග්ර්ර්ර්ර්ර්ර් ග්ර්ර්ර්ර්ර්...' සද්දයක් විතරයි.
ලීසා අඩියක් පස්සට ගන්නවා.
ඉන් පස්සේ මගේ මූණ දිහා බලා ඉන්නේ පිළිතුරක් බලාපොරොත්තුවෙන් වගේ.
"ඔව්?" ලීසා අහනවා
"ඔව්, මොකක්ද?"
"ඔයා මොකක්ද කියන්නේ ඒකට?"
"මොකකටද? මොකක්ද ඔයා අහපු ප්‍රශ්ණේ?"
"මම ඇහුවේ," ඈ අර ඝෝෂාව යටපත් වෙන්න තරම් කට හඬ උස්සලා අහනවා,"...ඔයා කුණු එළියෙන් තිබ්බද?"
"මොනවා එළියෙන් තිබ්බද?"
"කුණූඌඌඌ." ඈ කියන්නේ යටි ගිරියෙන්.
කුණු? කුණු? මොන කුණුද?
"අහ්-ඕඕඕහ්හ්!... බඩුම තමයි! කුණු!!!!! චාටර්!
එක වරම ඉර වලාකුලක් පිටිපස්සේ හැංගෙනවා. අප අවට පාරේ මිලියනයක් මීයෝ නලියනවා. ලීසාගේ අර සිනිඳු සේද කෙස් වැටිය එක පාරටම මකුළු දැලක් වෙනවා. ඇගේ මූණේ හම ගැලවිලා හැලෙනවා. ඈ මමියක් වගේ කුඩුවෙලා බිමට කඩං වැටෙනවා.
මම යටි ගිරියෙන් කෑ ගහනවා.
මුළු පාරම උණුවෙලා, දියවෙලා යනවා. ලීසා අතුරුදහන් වෙනවා.
මම ඇස් ඇරලා බලනවා. කාමරේම එලියයි. ඒක වෙන්නේ කොහොමද? මම ඔරලෝසුව දිහා බලනවා. උදේ 7.30යි. මට නින්ද ගිහින්. පාරේ හරවන කුණු ලොරියේ ඝෝෂාවෙන් කාමරේ පිරිලා. මගේ ඇඟිල්ල තවම ලේ පිරිලා ඉදිමිලා ඇදුම් කනවා. මට අමතක වුනානේ නූල කපලා දාන්න. ඒ ඔක්කොටම හපං, මට අමතක වුනානේ කුණු බක්කිය පාරඅයිනෙන් තියන්න!
මම එක පිම්මට ඇඳෙන් පැනලා කාමරෙන් එලියට දුවනවා. මම හොඳ වෙලාවට ඇඳගෙන ඉන්නේ මගේ සුපර්මෑන් පිජාමාස්. මට මේක ඇඳන් ඉන්නකොට සුපිරි වේගයෙන් දුවන්න පුලුවන් බව අත්දැකීමෙන් දන්නවා...
දෙවෙනි කොටසට මෙතනින්
ඕස්ට්‍රේලියානු ලේඛක Andy Griffiths ගේ Just Wacky කෙටි කතා සංග්‍රහයේ පළවූ Trash කෙටිකතාවේ පරිවර්තනයකි..
◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙
Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.
:D :D :D
ReplyDelete:)) is the best medicine.
Deleteg-)
ReplyDeleteකියවගෙන යනකොට හිතුණ පරිවර්තනයක් වෙන්න ඇති කියල.. මරු ඈ..
ස්තුතියි සංචාරකයා.
Deleteඔය කුණු දවස අපිටත් හරි වැදගත්. නැත්නම් තව සුමානයක් බලා ඉන්ට එපායැ කුණු එලියට දාන්ට.
ReplyDelete//ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ල මට කතා කරලා හෙට මුණ ගැහෙමු කිව්වාම, ආයේ වෙන මොනවද? //
//කොහොමද ඒක කරන්නේ? කණ්නාඩියෙන් බලාගෙන කිස් කිරිල්ල ප්රැක්ටිස් කරන්න ඕනෙ වහාම.//
ඇන්ඩි පව් අප්පා. අර ‘විනාඩියක් පමණයි’ ඇන්ඩි කොහොම කරයිද හිත, හිතා තමා මම ඒ පෝස්ට් එක ලීවේ... :D
ඇන්ඩියි පොඩ්ඩියි එකම රටේ නේද ඉන්නේ? මම ඒත් කල්පනා කලා ඕස්ට්‍රේලියාව වෙලත් සතියකට එක දවසද කුණු ගෙනියන්නේ කියලා. ඒක එහෙමද?
Delete>>ඇන්ඩි පව් අප්පා. අර ‘විනාඩියක් පමණයි’ ඇන්ඩි කොහොම කරයිද හිත, හිතා තමා මම ඒ පෝස්ට් එක ලීවේ... :D<<
Nice to know Andy inspires some people. :)
// ඇන්ඩියි පොඩ්ඩියි එකම රටේ නේද ඉන්නේ? //
DeleteHenry, now we have living proof that madness is infectious. The only thing we've to find out is which way it was, A to P or vice versa.. ;-)
@ඩූඩ්,
Deleteඒක වෙන්නේ මෙහෙමයි. හැම අඟහරුවාදම කුණු එක ගෙනියනවා. ඒත් එක්ක, එක සුමානෙක
“recycling” දේවලුත්, අනිත් සුමානේ “garden waste” ත් ගෙනියනවා. පොඩිපවුලක ඉතින් ඔය බින් ලේසියෙන් පිරෙන්නේ නෑ. මාලු වගේ දේවල්වල ඉතුරුවෙන ඒවා freezer එකේ තියලා ගෙනියන දවසට බින් එකට දානවා.
@බූරා,
:-*
අය්යෝ මේ වැරදි එක. අර ගහන එකක් මට දාන්ට ඕනි වුනේ.... b-(
Deleteවැරදි එක නෙවෙයි හරි එක දාලා තියෙන්නේ බුරාට. :)
Deleteස්තුතියි පොඩ්ඩි විස්තරේට.
මගේ කොමෙන්ට් එකටත් මෙතන හොඳයි කියලා හිතුණා... මටත් තියන වැඩක් තමයි බින් එක පාරෙන් තියන එක... මටත් ඇන්ඩියට වගේම අමතක වෙනවා... උදේට ට්‍රක් එකේ සද්දෙට ඇහරිලා දුවගෙන එනවා.. හැබැයි පොරට වගේ මට සුපර්මෑන් පිජාමා නෑ... සරම තමා... හොඳ වෙලාවට පලවෙනි පාර ට්‍රක් එක යනකොට ඇහැරුනොත් ගොඩ. අපේ ගේ පාස් කරලා ගියත් පාරේ අනිත් පැත්තේ ඒවා ගන්න ආයෙත් එනවා... ඉතින් මම ශේප් එකේ බින් එක පාරේ අනිත් පැත්තෙන් තියනවා.
Delete:D උඹත් බලං ගියාම ඇන්ඩියෙක් තමයි තිසර. කියවපංකෝ දෙවෙනි කොටස.
Deleteඅඩෙ හප්පා ඇන්ඩියා ඉලන්දාරියෙකුත් වෙලා එහෙනම්, :D
ReplyDeleteමේ යකා ජෝගී දාදා හිටියට කෙල්ලෙට කිස් එකක් දෙන්න වත් දන්නෑනෙ. ;D
පට්ටයි කියන්නෙ උපරිමයි ඩූඩ් අයියෙ. දෙවනි කොටසත් ඉක්මනට දෙනවනෙ.
ලියලා තියෙන්නේ ප්‍රියා. තව පොඩ්ඩක් ටචප් කරන්න ඕනේ. ඒ ඔක්කොමත් හරි චිත්‍රයක් අඳින්නත් එපායැ බං. නැතිනම් මගේ ඔලුව කන්න බලා ඉන්න පාඨකයෝ ඉන්නවා කිව්වාම බලහංකෝ ඉතිං.
Deleteබොහොම ස්තුතියි.
//නැතිනම් මගේ ඔලුව කන්න බලා ඉන්න පාඨකයෝ ඉන්නවා කිව්වාම බලහංකෝ ඉතිං.//
Deleteකෝ ... කෝ ... කොහෙද ඕකුන් ඉන්නෙ. චැහ් ... මුංව අල්ලන් කන්නෙපෑයැ. ;-)
කණෙං පෙන්නන්නං, කණෙං. :D
Deleteමට මැවිල පෙනුනෙ,නිල් පාට පිජාම එකට උඩින් රතු පාට අන්ඩර්වෙයා එකක් අරන් කුනු ලොරිය පස්සෙ දුවන කොල්ලෙක්.
ReplyDeleteඒක එච්චරම නරක උපකල්පනයක් නෙවෙයි කම්මල. සත්‍යයට බොහොම ආසන්නයි.
Deleteදෙවැනි කොටස එනකම් ඉවසගෙන ඉන්න එක තමයි දැන් අමාරුම වැඩේ
ReplyDeleteමට ඒ කොටස මිස් උනොත්............
එහෙම නැත්නම් මගේ රෝලේ එක අප්ඩේට් නොව්නොත්............
ඔපිසියෙන් පිට වැඩකට ගිහින් ඉන්න වෙලාවක එක ආවොත්.......
රාමසාන් නිවාඩුකාලේදී ආවොත්........
කරන්න දෙයක් නෑ ....
හැමදාම මගේ ඩෙනිමට ඇවිත් බලන්න වෙනවා
එකත් මට අමතක උනොත්
මම දන්නවා කරන්න ඕනා දේ
ගැට ගහගන්න ඕනා ඇඟිල්ලේ සුදු නුලක්........
රායිට් දැන් වැඩේ හරි ....
ඉක්මනට දාපියව් මගේ ඇඟිල්ල රිදෙනවා
:)) මගේ ප්‍රියතම කමෙන්ට් එක. :-h
Deleteනිල්පාට ඩෙනිමක් ඇදලා.. උඩින් වයිෆ්ගේ රතුපාට පෑන්ටියක් ඇදගෙන නිදා ගන්න. එතකොට ඔයා සුපර් මෑන් වෙනවා.
Deleteඋදේම ඩබල් ස්පීඩ් එකෙන් ඇවිල්ලා, කාටත් කලින් දෙවෙනි කොටස බැලුව හැකියි. :|]
1න්ම එල ද බ්‍රා කමන්ට් දෙක
Delete:-h
ReplyDelete:-h
Deleteශා හරිම ලස්සන කතාව :-h ....එක හුස්මට කියෙව්වේ! පින්තුරෙත් හරිම ලස්සනයි! :-f ඩුඩ් ඉක්මනටම් ඉතිරි ටිකත් දාන්න හරිද y-)
ReplyDeleteඇන්ඩි නිසා මිනිස්සු ඔක්කොම මැරෙයිද? නැත්නම් ඇන්ඩිට ලොරිය අල්ලගන්න පුලුවන් වෙයිද? මට හිතාගන්න බෑ :-?
ඉතුරු ටික ලියලා තියෙන්නේ. චිත්‍රයක් අඳින්න ඕනේ. මේ පාර ඕනේ එකක් කියලා කොටස් දෙකකට විතරක් කැඩුවා. දිග වැඩිද කියලත් හිතුනා මොකද කියවන්න ගියාමත් එපා වෙනවනේ.
Delete:-h
මට කියන්න දෙවැනි කොටසක් තියනවද කියලා විතරක්... අනේ මගේ සුදු අයියන්ඞි නෑනම් කියන්න එපා ලියපු එකාට බම්බු ගහගන්න කියලා ඔයා හරි අලුතෙන් කොටසක් ලියන්න.
ReplyDeleteදෙවෙනි කොටසක් තියෙනවා මගෙ සුදු මලයන්ඩි. හෙහ් හෙහ්, මට හරි ලියලා දාන්න වෙනවා කිව්වම මට බයත් හිතුනා බං. ඊ ලඟට තමයි වැඩේ ගොඩ දාගන්න දෙන ගේම තියෙන්නේ.
Deleteඇන්ඩිට විතරක් නෙවෙයි හලෝ... අපිටත් ඔය කුණු දවස හෙන වැදගත්... නැත්තං ඉතිං තව සතියක් ඒ කුණු ටික තියාගෙන ඉන්න වෙනවනෙ...
ReplyDelete( හැබැයි ඒ ඉස්සර... මේ පැත්තෙ සතියකට දවස් තුනක් කුණු අරන් යනව.. හි හි)
එහෙනං ඕස්ට්‍රේලියාවටත් වඩා දියුණුයිනේ. ඔය පොඩ්ඩි කියලා තියෙන්නේ එයාලගේ පැත්තේ කුණු ගෙනියන විදිය.
Deleteශා ඇන්ඩියා ලව් කරනවද ඒ ගමන ..
ReplyDeleteදැන් ඇන්ඩියා ලව් කරන හැටි පොටෝවක්ද ඒ තියෙන්නේ , එක ඇන්දේ ඩූඩ් ද ඇන්ඩියාද?
දැන් එතකොට .......................
හුටා ...................කුණුඑක තියන්න අමතක වුනා
:-O ඇයි උඹලට විතරද ලව් කොරන්ට හොඳ?
Deleteදුවපං දුවපං. ඉස්සෙල්ලා ගිහිල්ලා කුණු එක තියලා වරෙං එළියෙන්.
ස්තුතියි ඉවාන්.
උඹට පින් සිද්ද වේවා හෙන්‍රි... මචෝ මේ ඇන්ඩියා වගේම පිස්සු ලියන හෝන්තුවක් ඉන්නවා බස්සි කියලා. උඹ කියවලා තියෙනවද.. ඒකිත් මරු බං.. මම ඇත්තටම දැකලත් තියෙනවා බස්සෙක්ගේ වගේ ඇස් දෙකක් තමයි තියෙන්නෙත්..
ReplyDelete//පිස්සු ලියන හෝන්තුවක්// මට ලැබුන හොඳම කොම්ප්ලිමන්ට් එක :D
Deleteඇන්ඩියට වෙන වැඩ වල හැටියට බස්සිට වෙන ඒව මොනාද කියල හිතෙනව.
බස්සිට පිස්සු මදිවට ඒකි ලියන එවා බලලා අපිටත් පිස්සු.
Deleteස්තුතියි මාතලන්. උඹ කොහොමත් ඇන්ඩියට මනාප බව මම දන්නවා. ඔව් මම බස්සිගේ බ්ලොග් එක කියවනවා. පිස්සු හෝන්තුවක් කිව්වට මට එහෙමම හිතුනේ නෑ මොකද මටත් පිස්සු නිසා වෙන්නැති.
Deleteමචං....පිස්සන්ට තව පිස්සෙක්ව පිස්සු පොරක් වගේ පෙනුනාට , පිස්සියෙක්ව එහෙම පේන්නෙම නැහැ :D
Deleteහැබැයි අපි වගේ නෝමල් එවුන්ට බස්සි නම් පිස්සියෙක් :D
වත්තේ පිටියේ ඇති වෙන්න ඉඩ කඩ තියෙන නිසා අපිට නම් ඔය කුණු ප්‍රශ්න නෑ
ReplyDeleteඒක කොයි තරම් වාසනාවක්ද ආචාර්ය තුමා. කුණු හන්දා ආඩම්බර බලන මිනිස්සු ලෝකේ පුරාම ඉන්නවා බලං ගියාම.
Deleteකාලෙකින් ඔබේ පරිවර්ථනයක් කියෙව්වෙ. මේ කර්තෘ තුමාගෙ කථා කීපයක්ම ඔබ දැනට පරිවර්ථනය කරලා හමාරයි. ඉතිරි කීපයත් පරිවර්ථනය කරලා මම හැමදාම කියනවා වගේ නිසි අවසරය අරගෙන සිංහලෙන් පොතක් මුද්‍රණය කරමු. වෙනදා වගේම හොද රහට තිබුනා. Andy Griffiths ගෙ කථා වල මම දකින සුවිශේෂීම ලක්ෂණය තමයි ඉතාම සුලු දෙයක් මූලික කොට ඔහු ලස්සන කථාවක් ගොඩ නගන අපූරුව. ස්තූතියි මේ රස බෙදා දුන්නාට හෙන්රි අයියා...අපිට ජය වේවා !
ReplyDeleteඔය කියන අදහස ක්‍රියාත්මක කරන්න කම්මැලි කමක් බං සිරා තියෙන්නේ. ඒත් පස්සේ කල්පනා කරලා බලන්න ඕනේ.
Deleteඔව්. ඒක ඇත්ත. සුළු සිද්දියක් පාදක කරගෙන ලස්සන කතා මැවිල්ල තමයි මාත් ඇන්ඩි ග්‍රිෆිත්ස්ගේ විතරක් නෙවෙයි, පෝල් ජෙනිංස්ගෙත් දකින්නේ. අනිත් එක කුතුහලය රඳවාගන්න ආකාරය සහ කියවනවිට යකෝ අපිටත් ඔය විදියටමනේ හිතෙන්නේ ලියාගන්න බැරි වුනාට කියන සිතුවිල්ල ඇතිවෙන ආකාරයට ලියන එකත් මම දකින අනිත් ලක්ෂණ.
මතු සම්බන්ධයි නේද? නියමයි ඩූඩ් පරිවර්තන නම්.. මාරම රහයි..
ReplyDeleteස්තුතියි හරී.
Deleteඔව් හරී. මම කිව්වේ නැති වුනාට මතු සම්බන්ධයි. මම හිතුවා පළමු කොටස කියලා මාතෘකාව දැම්මාම උඹලට ඒක නෝට් වෙයි කියලා.
වෙන මොනා කියන්නද ? වෙනදා වගේම සුපිරියි.. ආවේනික රසය.. ඩෙනිමෙන්ම පමණයි...
ReplyDeleteඅපිට නම් කුණු කන්ඩ වෙලා තියෙන්නෙ...
ස්තුතියි සෙන්නා දිරි ගැන්වෙන වචන වලට වෙනදා වගේම.
Deleteඇයි කුණු කන්ඩ වෙලා තියෙන්නේ? උඹලටත් අර අපි හුඟ දෙනෙකුට වගේ අකාර්යක්ෂම, බදු අයකරගන්න නමුත් කුණු ටික ගෙනිහින් දාන එක අපිට කරන ලොකූ පෞද්ගලික උදව්වක් හැටියට සලකන ප්‍රාදේශීය සභාවක්ද තියෙන්නේ?
අපේ පැත්තෙ කවදාවත් කුණු ගෙනිච්චෙ නෑ බන්.. ඉස්සර අපිට ඕක ප්‍රශ්ණයක් වුනේ නෑ වත්ත ලොකුවට තිබුනු නිසා.. පල්ලෙහාට වෙන්න ලොකු වලක් කැපුවා කුණු එකතු කරලා පුච්චලා දැම්මා.. දැන් කට්ටිය ලොකු වෙලා වත්ත කෑලි කෑලි වලට බෙදිලා පර්ච්ස් දහයෙ කොහෙද බන් කුණු දාන්නෙ.. අර බයෝ ගෑස් ප්ලාන්ට් එකක්වත් ගන්න ඕනා කිය කිය ඉන්නවා ඒකටත් ටිකක් ලොකු ගානක් යනවා.. එතකන් ඉතින් .. අනේ මංදා...
Deleteහරිම ලස්සනයි. පරිවර්තනයේ උසස් බව නිසා රසයෙන් ඉහලයි. මේ වගේ චරිත සර්වකාලීනයි.
ReplyDeleteබොහොම ස්තුතියි විචාරක. ඇන්ඩි සර්වකාලීන වෙන්න ඕනේ විචාරක. මේ ලේඛකයත් එක්දාස් නවසිය හැටේ දශකයේ උපන්න කෙනෙක්. නමුත් මේ අද ඊයේ උනුත් මේ චරිතේ ප්‍රිය කරන හැටි දැක්කම මටත් එහෙම හිතුනා.
Deleteඅර ටොම් සෝයරුත් එහෙමෙ නේද? එතකොට ඩෙනිස් ද මෙනස්?
මටනම් ටොමා තමා බෙස්ට්.. මාර්ක් ට්වේයින්ගේ උපහාස රසය උපරිමයි...
Delete//සර් තද උනාම මට කියන්නෙ තොමස් සොයර්. ඒත් හොඳ මූඩ් එකේ ඉද්දි මගෙ නම ටොම්. ඒ නිසා මට ටොම් කියන්න.//
Deleteටොම් සෝයර් තමයි අප්පා මිනිහා.... මාර්ක් ට්වෙයින්ගෙ කතා ශෛලිය පට්ටයි.
ඒ වගේම මාව පිස්සු වට්ටන කතුවරු දෙපලක් තමයි රෝල් ඩාල් සහ ඩේවිඩ් විලියම්ස්!!!
ඇයි අප්පේ ජෙරී ඩරල් එයාගෙ පවුලෙ ඈයො ගැන ලියපු my family and other animals පොත් ත්‍රිත්වය. හිනා කාල මැරෙනව ඒවායෙ උපහාස රසය උපරිමයි.
දැන් නම් මං දේශක ගේ කතා වලටයි පරිවර්තන වලටයි ඇබ්බැහි වුණා වගේ වුඩ් අයියා ගෙත් පරිවර්තන වලට වශී වෙන ගමන් තියෙන්නෙ ,රසය උපරිමයි ,කියන්න වචන නෑ නියමයි ...ඊළඟ කොටසත් ඉක්මනින් ...
ReplyDeleteදානවා. සහෝ. බොහොම ස්තුතියි අගය කිරීමට. ඇත්තෙන්ම දේශකයගේ සුරංගනා කතා පරිවර්තන වලට මමත් ප්‍රිය කරනවා. උඹට කියන්න මම පරිවර්තන කියවන්නවත්, පරිවර්තනය කරනනවත් කිසිම ආසාවක් නැති එකෙක්. මේක මේ අහම්බෙන් වෙච්ච දෙයක්. ඒත් දැන් දැන් මම ඇන්ඩිගේ කතා පරිවර්තනය කරලා රසයක් ලබනවා කියාඅ මාත් හිතනවා
Deleteපට්ට....
ReplyDeleteඒත් කෝ ඉතුරු ටික..
ඒටික දාන්න අමතක වුණාද..
නෑනෑ එහෙම වෙන්න බෑ...
හෙන්රිය කෙල්ල හම්බවෙන්න යන්න ඇති..
ඒත් මේ තියෙන්නෙ අර සෝදස පාට ජංගිය...
;සුපර් මෑන් හෙලුවෙන්ද ගිහින් තියෙන්නෙ...
ඉතුරු ටික දැම්මනම් උඹලා ඔක්කොම බනිනවා පෝස්ට් එක දිගවැඩියි කියලා.
Deleteසෝස පාට ජංගි එකමයි තියෙන්නේ කියලද හිතුවේ සුපර්මෑන්ට? ඔය ලොන්ඩරියට දාන්න ගත්තට පස්සේ තමයි රතු පාට ෆේඩ් වෙලා තියෙන්නේ. :D
අඩේ පට්ටයි ඩුඩ්යියා.
ReplyDeleteමේ ඇන්ඩියා මම ද කියලාත් හිතෙනවා.
අර මැලේගේ ඇගිල්ල ගැන හිතලා හරි මේකේ අනිකත් ඉක්මනින්ම දාලා දාහන් දුඩ් අයියේ.]
චිත්‍රත් නියමයි.
ආ මේ :-f ටිකත් තියා ගනින් ඩුඩ් අයියේ උඹයි ඇන්ඩියායි දෙන්නාම...
ඇන්ඩියා මමද කියලා මටත් හිතෙනවා.
Deleteමැලේගේ ඇඟිල්ල ගැන අපි අනුකම්පා කරන්න ඕනේ තමයි. ඒත් ඌ මොකටද එච්චර තදට නූල ගැට ගැහුවේ?
මෙන්න උඹටත්.
:-f
ආ ... අද ඔයා චිත්තරේකුත් ඇඳලා. ස්තූතියි හෙන්රි අයියා. :-h පාටපැන්සල්වලින් ඇඳල පෑනකින් අවුට්ලයින් ගිහින් මතුකරල නේද කරල තියෙන්නෙ. පාටපැන්සල්වල තියෙන වියළි පිරවුම අතරට පැන්සල් තුඩ පොඩ්ඩක් තෙත්කරල අරන් ඇන්දම සමහර තැන්වල ත්‍රිමාණ ගතිය මෘදුව අරගන්න පුළුවන්. මමත් කාලයක් චිත්‍ර අඳින්න උත්සාහ කළත් පස්සෙ ඒ වැඩේ අතෑරුනා. හෙන්රි අයියගෙ චිත්‍ර එහෙම දැක්කම ආයිත් ආස හිතෙනව උත්සාහ කරල බලන්න. දැන් ඉතිං විවේකය තමා ටිකක් අඩු.
ReplyDeleteකතාවෙ හැටිද, නැත්නම් කාලෙකින් කරපු වැඩක් නිසාද මන්ද සුපුරුදු රිද්මය චුට්ටක් වෙනස් වෙලා වගේ කියල මට හිතුනා කියවන් යද්දි. මොකක්දෝ වෙනසක් තිබුන. නැත්නම් ඇන්ඩියා දැන් ටිකක් ඉලන්දාරියෙක් නිසා පොඩි කාලෙ තරම් ඌට මඤ්ඤං නැතුවත් ඇති සමහර විට. හැබැයි උගේ මනෝවිකාරවල නම් තවම ඉවරයක් නෑ වගේ. බලමු ඊළඟ කොටසත් කියවලාම.
බලමු ඉතිං, ටින් ටින් වයසෙදි කෙල්ලෙක් පොඩ්ඩක් කතා කරපු ගමන් වෙන හරියක්. හෙහ් හෙහ් හෙහ්.......
මෙතන කමෙන්ට්ස්වලිනුත් පේන්නෙ හුඟක් අයට කුණු ප්‍රශ්න තියෙනව වගේ. අපිට නම් හැබැයි එහෙම එකක් නෑ දැනට. සතියකට දවස් තුනක් ද කොහෙද නගර සභාවෙන් කුණු ගෙනිච්චත් අපි නම් කුණු පාරට දාන්නෙ නෑ. වත්තෙම කෙළවරක දානව. එහෙම කිව්වට ඉතින් මහ විශාල වත්තක් නෑ. පර්. 30 ක් විතර, ඒත් ඉතිං දැන් කාලෙ පර්. 10 ගෙවල් හදන් ඉන්න මිනින්සුන්ට කුණු සදාකාලික ප්‍රශ්නයක් තමයි.
උඹටත් චිත්‍ර අඳින්න හිතෙනවා නම් ඊට වැඩිය සතුටක් තියෙන්න පුලුවන්ද?
Deleteඔව් බං මේ පරණ පාට පැන්සල් ටිකක් හොයලා අරන් උලලා දැම්මා. වැඩිය යමක් කරන්න වෙලා තිබ්බේ නෑ.
උඹ කිව්වා වගේ කාලෙකින් කරපු නිසා රිද්මය වෙනස් වෙලා තියෙන්න පුලුවන්. මම සාමාන්‍යයෙන් ඒ රිද්මය ගන්න පරණ ලියාපු ඇන්ඩි කතා කියවනවා. මේ පාර කියෙව්වේ ප්ලාස්ටරේ විතරයි. නමුත් ඒකෙන් එච්චර හානියක් වෙලා නෑ නේද?
අපිට උඹලට තරම් වත් වත්තක් නෑ බං ලංකාවේ. පර්චස් විස්සකට අඩුයි මම හිතන්නේ. එහෙ නම් කුණු ගෙනියන්න එනවා නමුත් අපි නැති නිසා අපි ඒකේ කස්ටමර්ලා නෙවෙයි. මම කරන්නේ කුණු වර්ග කරලා වාහනේ දාගෙන අර එකතු කරන මධ්‍යස්ථානෙට ගෙනිහින් දෙනවා. පුච්චන්න පුලුවන් ඒවා පුච්චනවා. හැබැයි පුච්චන එක වාතයක් නේ?
ස්තුතියි කමෙන්ට් එකට DDT.
සා ඇන්ඩියට පොම් සිතුවිලි පහල වෙලාද?මරු මරු.ඉලග කොටස ඉක්මනට දාන්ඩො
ReplyDeleteපෙම් සිතුවිලි පහල නොවුනොත් මූට ප්‍රතිකාර ලබා දෙන්න වෙනවනේ බං.
Deleteහරි දානවා, දමිත්.
ඉවසීමෙන් වැනසීම ලැබේ.
ඇන්ඩි නම් හෙන්රි- හෙන්රි නම් ඇන්ඩි සයිස් එකට ඇවිල්ලා තියෙන්නේ. ඇන්ඩි මට ලංවෙන්නේ උඹෙන්.
ReplyDeleteවෙනින් කවුරුත් නෙවෙයි ලෙනින් මොරායස් කිව්වලු නේද?
Deleteතවත් එකක් තියනවා මතක් වෙන්නේ නෑ. ආ ටයිප් කරනකොට මතක් වුනා.
මල් නම් ජයරත්න. ජයරත්න නම් මල්.
ස්තුතියි අරූ.
ටවුන් වල ඉන්න අයට කුණු අයින් කරන එක මහම මහ වදයක් ඩූඩ්. ඔය කුණු දවස් වලට ෂොපින් බෑග් පිටින් කුණු පුරවල පාර අයිනෙ ගේට්ටු වල එල්ලල හරි ගේට්ටු කණු උඩ තියල හරි තියන එක උදේ පාන්දරට පාරෙ යන අයට දකින්න වෙන මනස්කාන්ත දර්ශණයක්. අනිත් අතට මං මීටර් කරල තියෙන තවත් දෙයක් තමයි ලංකාවෙ කුණු දාන තැන් මාක් කරන්නෙ “මෙහි කුණු දැමීම තහනම්“ කියල ලියවිච්ච බෝඩ් වලින් කියන එක. :-)
ReplyDeleteඅපි ඉන්නේ ටවුමක් නෙවේ. අර්ධ නාගරික ප්‍රදේශයක. ගමටත් නගරයටත් නැති තැනක්. එහෙත් ඔහොමයි බං. කුණු මලු ලයිට් කණුවල, ගේට්‍ටුවේ හෙම ගැටගහලා තියෙන මනස්කාන්ත දර්ශණය දකින්න පුලුවන්.
Deleteඇයි බං මුත්‍රා කරන තැන් හොයාගන්නත් ඔය වගේ බෝර්ඩ් තියෙනවනේ.
පරිකල්පන අන්තිමට බ්ලොග් එක අප්ඩේට් කලේ කාලෙකට කලින් නේද?
ඩූඩ් කාමරේට යනකොට කුණු ටික එළියෙං තිබ්බෙ නෑ නේද කියල මිසිස් ඩූඩ් මතක් කරනව.
ReplyDeleteකාමරේට ගිය හැටිය පේන්නෙ ලැප් එක.
එතකොට කවුරු හරි එවපු මේල් එකක් මතක් වෙනව.
ඉඳගෙන ලියන්න පටං ගන්නව පරිවර්තනේ.
වෙලාව යනව තේරෙන්නෙ නෑ.
වැඩේ ඉවර වෙනකොට එළි වෙලා.
ඔන්න කුණූ කියන සද්දෙ ඇහෙනව
ඉවරයි.... ඔන්න එතකොට තමයි මතක් වෙන්නෙ කුණු එක.
සරම කරේ තියාගෙන දුවනව කුණු කූඩෙ අරං පාරට.
ඊට පස්සෙ.........
ன
උඹට කියන්න, මෙහෙත් තියෙනවා ඔය කුණු ගෙනියන පුද්ගලික සේවයක්. වැඩේ කියන්නේ මුන් එන්නේ අපි ගෙදර ඇවිත් කාලා නැප් එකක් දානකොට. ඒ හන්දා මම තමයි කුණු ගෙනිහින් ඩම්ප් එකට දාන්නේ. දවස ගානේ නෙවෙයි. සතියකට තුන් පාරක් විතර.
Deleteඋඹ කියන කතාවේ තියෙන අවුල මට සරමක් නැති එක විතරයි. :))
එළ!!!!
ReplyDelete:-O යකෝ වෙනදට මාගල් කමෙන්ට් දාන රවියට මේ මොකද වුනේ? මේකද උඹ දාපු කොටම කමෙන්ට් එක? එහෙනම් ඒ වාර්තාව මගේ ඩෙනිමට.
Deleteඔය සුපර්මෑන් කිට් එක ඇන්දේ පරන සුපර්මෑන් වගේද නැත්නම් අළුත් සුපර්මෑන් වගේද දන්නේ නෑනේ?
ReplyDeleteමරු කතාව.. මෙහේ අපිනම් ඉතින් තාම පාරේ කුණු දාන තැනටම වැඩට යන ගමන් දාගෙන යන හන්දා ඔය අවුල නෑ කොහෙත්ම...
මේක සුපර් මෑන් පිජාමා. මට උඹේ ප්‍රොෆයිල් පික් එක හැමදාම පෙනුනේ සුපර් මෑන් කෙනෙක්ගේ කිට් එකක් ඇඳන් ඉන්නවා වගේ තමයි ඇත්තටම. :))
Deleteමමත් කුණු දාන්නේ හවසට ජොග් කරන්න යන ගමන්.
අයියෝ ඉතින් මෝඩ අන්ඩියට ලීසා හම්බ වෙන්න වෙන්නේ නම් නැහැ. මැට්ටා...මොනවා හරි ජල්බරියක් කර ගනීවි දැන්.
ReplyDeleteබලමු. ඇන්ඩියා මෝඩ නෑ. ඌට වෙන්නෙම අකරතැබ්බ.
Deleteවැඩක් නෑ කතා කරලා. දැං දැං භාෂා ව නං පංකාදු පහයි. අවංකව කිව්වොත් බ්ලොග් කියලා දෙයක් මේ ලෝකෙට එන්න කලින් මේ වගේ කතා තියන පත්තර කෑල්ලක් පොතක් හොයා ගන්න මොන ගේමක් දෙන්න ඕනෙද? එහෙම බලද්දි බ්ලොග් ලියන පරිවර්තන කාරයෝ හැටියට උඹලට අපි සලකනවා මදි. ඊ ලඟ පාර ලංකාවට එද්දි කියපන්. එයාපෝට් හන්දියෙදී මල් මාලාවක් දාලා පිලිගන්නම්. මතක ඇතුව කටුනායකින් වරෙන්.
ReplyDelete(පරක්කු උනා කියලා මේවට උත්තර දුන්නෙ නැත්තම් ඊලඟ දවසෙ මේ පැත්ත පලාතෙ පස් පාගන්නෙත් පරක්කු වෙලා... :D)
පරක්කු වුනාට මොකෝ බං. උඹ දන්නවනේ බ්ලොග් ලියන එකෙක් කමෙන්ට් වලට කොච්චර ආසද කියලා. ඇත්තෙන්ම බ්ලොග් කප්පිත්තෙක්ගෙන් මෙහෙම ප්‍රසංසාවක් ලබන එකත් කොයි තරම් දිරි ගැන්වීමක්ද.
Deleteඋඹට ස්තුතියි බුද්ධි. දෙවෙනි කොටසත් කියවහං.