මම එක පිම්මට ඇඳෙන් පැනලා කාමරෙන් එලියට දුවනවා. මම හොඳ වෙලාවට ඇඳගෙන ඉන්නේ මගේ සුපර්මෑන් පිජාමාස්. මට මේක ඇඳන් ඉන්නකොට සුපිරි වේගයෙන් දුවන්න පුලුවන් බව අත්දැකීමෙන් දන්නවා.
අමතක නම් ගිහින් කියවලා එන්න මෙතනින්.
ඊට පස්සේ...
පඩි පෙල දිගේ පහලට එක පිම්මේ පනින මම කුස්සියේ දොර දිහාට දුවනවා නෙවෙයි විදිනවා.
කුණු බක්කිය ඩැහැ ගත්තාමයි මට තේරෙන්නේ ඒකේ බර. යකෝ රාත්තල් දාහක් විතර බරයිනේ මේක! හොඳ වෙලාවට මේක රෝද තියෙන ජාතියෙ එකක්.
කුණු බක්කිය පස්සට ඇල කරගෙන පාරට දුවන මම දකින්නේ කුණු ලොරිය අපේ පාරේ කෙළවරේ තියෙන පල්ලමේ වංගුවෙන් හැරිලා නොපෙනී යන හිත් කම්පා කරවන දර්ශනය.
ආආහ්හ්හ්හ්හ්!
තාත්තා මාව මරයි!
අම්මා මාව මරයි!
(ඒ දෙන්නා ඊට කලින් මහාමාරියෙන් මලේ නැතිනම් ඒ.)
මේ කුණුබක්කිය කොහොම හරි ලොරියට පටවන්න වෙනවා.
මේකට තියෙන්නේ එකම එක ක්‍රමයයි.
කුණු ලොරිය එච්චර ඈතක වෙන්න බෑ . මොකද ඕක හැම තැනම නවත්ත නවත්ත යන්නේ. මටත් අවශ්‍ය වෙලාවට වේගෙන් දුවන්න පුලුවන්.
මම කුණු බක්කිය තල්ලු කරගෙන පල්ලමේ පහලට ඉගිලෙනවා.
එහෙම කිව්වට ඇත්තෙන්ම කුණු බක්කිය මාවත් ඇදගෙන පල්ලමේ පහලට ඉගිලෙනවා. ගඳ නැත්නම් පට්ටම රයිඩ් එක ඒකත්. ඇත්තමයි. පල්ලම ඉවර වෙලා තැනිතලා හරියට ආවාම මට ආපහු තල්ලු කරන්න පටං ගන්න වෙනවා. මම වමට හැරිලා ඊලඟ කන්ද නගින්න පටන් ගන්නවා.
අම්මෝ මේක කරන්න බැරියෝ!
මේක පණ යන වැඩක්.
මාර බරක්නේ යකෝ.
කන්දේ මාර බෑවුමක්නේ තියෙන්නේ.
එතකොටම මට මතක් වෙනවා මීයන්ව.
මම මතක්වෙනවා, මට කුණු බක්කිය පාරෙන් තියන්න අමතක වෙච්ච නිසා එකා පිට එකා වැටිලා වේදනා විඳ විඳ මැරෙන ප්‍රදේශයේ ජනතාව. තමන්ට මුහුණ දෙන්න වෙන විපත ගැන හාංකවිසියක් නොදැන, මට මේ කුණු බක්කියක් එලියෙන් තියනවා වගේ සුළු, නොවැදගත් කරන්න අමතක වෙච්ච නිසා, තමන්ට ජීවිතය අහිමි වෙන්න යන බව හාංකවිසියක් නොදැන, නිදි දෙව් දුව තුරුලේ තවම නිදන අහිංසක කිරි දරුවන්ව.
ප්‍රදේශවාසීන්ගේ ඉරණම රඳා පවතින්නේ තනිකරම මගේ අතේ. මට මොන ජාතියෙන් හරි වේගය පවත්වාගන්න වෙනවා.
මම ඉස්සරහට නැවිලා මගේ ඇඟේ තියෙන මුළු වෙර යොදලා කුණු බක්කිය කන්ද උඩහට තල්ලු කරනවා. මම කොයි තරම් ඉස්සරහට නැවෙනවද කිව්වොත්, ඒ හා සමාන කෝණයකින් පස්සට ඇලවෙන කුණුබක්කියේ පියන ඉබේම ඇරිලා, 'පටෝරියං' ගාලා මගේ ඔලුවට පාරක් වදිනවා කං දෙකෙන් දුම් විසි වෙන්න. වෙන ඕනැම සාමාන්‍ය පුද්ගලයෙකුට සිහි නැති වෙන්න ප්‍රමාණවත් ඒ පාරටවත් මම නෙවෙයි සැලෙන්නේ. මට තියෙන්නේ බොහොම හයිය ඔලු ගෙඩියක්. මම පියන ආපහු වහලා දාලා පටන් ගන්නවා ආපහු කන්ද උඩට තල්ලුව. ඔය ප්‍රතිගාමී බලවේග වලට මාව නවත්තන්න බෑ.
කුණු ලොරියේ සද්දේ දැන් ලඟ ලඟම ඇහෙනවා.
ඒ කියන්නේ තව ටිකයි. මම කන්දේ මුදුන පහු කරපු ගමන් යාර සීයක් විතර ඉස්සරහින් නවත්තලා තියෙන කුණු ලොරියේ සුන්දර, අයස්කාන්ත, මනස්කාන්ත දසුන මට පේනවා.
" හෝව් හෝව්! ඔහොම ඉන්ඩෝ!" මම කෑ ගහනවා. "ඔහොම ඉන්ඩෝ! ඔයාලට මේක අමතක වෙලා!"
කුණු ලොරියට සමාන්තරව දුවමින් ඉන්න ලුමිනස් කහ ජැකට් ඇඳගත්ත බුවාලා දෙන්නා පාරේ අන්තිම කුණු බක්කි දෙකත් උස්සල ලොරිය පිටි පස්සේ තට්‍ටුව උඩින් තියනවා. තට්‍ටුව ඉස්සිලා, ඇලවෙලා කුණු බක්කිවල තියෙන කුණු, ලොරිය මුදුනේ බලියාගෙන ඉන්න කට ඇතුලට හැලෙනවා
මම කුණු බක්කියත් එක්ක පල්ලමේ පහලට ඉගිලෙනවා.
බුවාලා දෙන්නා හිස් කුණු බක්කි ආපහු තුබුණ තැන්වල තියලා ලොරිය පිටිපස්සේ එල්ලෙනවා ඊ ලඟ පාරට යන්න.
"පොඩ්ඩක් හෝව්, පොඩ්ඩක් හෝව්! මම බෙරිහන්දෙනවා. "ඔහොම ඉන්ඩෝ!"
පිටි පස්ස බලන එක බුවෙක් මාව දැකලා ඩ්‍රයිවර්ට කියනවා නවතින්න.
ලොරිය නවතිනවා.
මම හති හලමින් ලොරියට ලං වෙනවා.
"අම්මට හුඩු යකෝ මේ සුපර් මෑන් නේද කුණු බක්කියකුත් තල්ලු කරගෙන එන්නේ!" එක බුවෙක් කියනවා.
"ඔයාලට මේක අමතක වුනා." මම හති හලමින් කියනවා. "...එහා පාරෙදි."
"අමතක වුනා? ඒක වෙන්න බෑ. අපි ඒ පාරට එනකොට ඕක පාර අයිනේ තිබුනයි කියලා ෂුවර්ද?"
"ඔව් ඔව්," මේත් වංකත්වය හොඳම ප්‍රතිපත්තිය බවට පත්වෙන තවත් අවස්ථාවක්. මේ බොරුවෙන් ජීවිතම කීයක් නම් රැකෙනවද?
බුවා අනිකා දිහා බලනවා.
"මේක උඹට අමතක වුනාද, මචං?"
"පිස්සුද මචං? ඕක පාරේ තිබ්බේ නෑ."
"සොරි සුපර්මෑන්," බුවා මට කියනවා. "ඕක පාර අයිනේ තියලා තිබුනා නම් අපි ඕක නොගෙන ඉන්නේ නෑ."
"ඔයා කියන්නේ මම බොරු කියනවා කියලද?" මට කෑ ගැස්සෙනවා.
"මම එහෙම මොකුත් කියනවා නෙවෙයි, යාලුවා," පොර ඒ ගමන දෙන්නෙ නීතියෙන්. "මම කියන්නේ අපිට ඕක පටවන්න බෑ කියලයි. ගේ ලඟ එලියේ පාරේ තියලා නැති කුණු බක්කියක් පටවන්න අපිට අවසර නෑ. කවුද දන්නේ ඔයා ඔයා නීති විරෝධීව, අනුන්ගේ ප්‍රදේශයක් කුණු දාන්න උත්සාහ කරන පිටස්තරයෙක්ද කියලා."
"මම එහෙම කරනවා නෙවෙයි," මට ඇඬෙන්න ලඟයි (ඇස් දෙකටම). "මම මොකටද එහෙම කරන්නේ?"
"සමහර පොරවල් කරන වැඩ ඇහුවොත් බල්ලෝ බත් කන්නේ නෑ බොසා, මාර ගේම් දෙන්න ට්‍රයි කරන්නේ," කියන මිනිහා ලොරියේ බඳට අතින් දෙපාරක් ගහලා කෑ ගහනවා,"හරේ මැක්, අපි යං."
ලොරිය පිටත් වෙනවා. බුවා පැනලා පිටිපස්සේ එල්ලෙනවා. ලොරිය ඊ ලඟ පාරට හැරෙන වංගුවෙන් අතුරුදහන් වෙන හැටි මම බලා ඉන්නේ පුදුම අසරණ කමකින්.
නමුත් එහෙම ලේසියෙන් සටන අතාරිනවද මම?
මම දන්නවා එහා පාරට ෂෝට් කට් එකක්. මට කරන්න තියෙන්නේ ලොරිය එන්න කලින් කුණු බක්කිය නියම තැන ගානට තියලා, හැංගිලා බලා ඉන්න එක විතරයි. අරුන් දෙන්න සීන් එක නොදන්න නිසා ඕක ගානට පටවගනී.
මම කන්ද පහලට ටික දුරක් දුවලා, දකුණට තියෙන පටු පාරෙන් හැරෙනවා. මම හැකි වෙර යොදලා කුණු බක්කිය තල්ලු කරගෙන එහා පාරෙන් මතුවෙනවා.
මේ පාරට හැරෙන කුණු ලොරියේ නිවෙන පත්තු වෙන කහ එළිය මෙතනට මට යන්තමට පෙනුනත්, බුවාලාට මාව පේන්න තරම් දුර වැඩියි තාම.
එළ.
මම කුණු බක්කිය පාර හරහා තල්ලු කරගෙන ගිහින් එහා පේව්මන්ට් එකට නග්ගනවා. කරුමෙට ඒකේ එක රෝදයක් කාණුවට ගිහින් කුණු බක්කිය ඇල වෙනවා. සමබරතාවය මාව අතෑරලා වෙනතක් බලද්දි මම ඇදගෙන වැටෙනවා පෙරේතයා පොළොවේ ගැහුවා වගේ. තනියම නෙවෙයි පියන ඇරුණු කුණුබක්කියෙන් එලියට පනින කුණු වරුසාවක් එක්ක.
මට ඇස් අදහගන්න බෑ.
කුණු බක්කියෙන් බාගෙකට වැඩිය පාරේ හැලිලා. අම්මයි තාත්තයි තවත් කබඩ් එකක් අස් කරලා වගේ. මට පේන්න බෑ එයාලගේ ඔය වැඩේ නම්. එයාලා හොඳ බඩුත් විසි කරලා. එයින් සමහර දේවල් මගේ. මගේ වෝටර් වින්ග්ස්. මම ගිණිකූරු වලින් හදපු ගෙයක්. මගේ ඉලෙක්ට්‍රික් රේසිං කාර් සෙට් එක! හරි හරි ඒකේ කන්ට්‍රෝලර්ස් නැති වෙලා තමයි. ට්‍රැක් එකේ කෑලි අඩුයි තමයි. කාර් වල එක රෝදයක්වත් නෑ තමයි. ඒ එකක්වත් මෙච්චර හොඳ රේසිං කාර් සෙට් එකක් කුණු ගොඩට දාන්න තරම් සාධාරණ හේතු නෙවෙයි. එයාලට වටින්නේ නෑ මේක මටත් හොරෙන් විසි කරන්න. පට්ට අසාධාරණයි!
බලන්න ඕනේ තව මොනවද මගේ බඩු මේකට දාල තියෙන කියලා. මම කුණු බක්කිය කෙලින් කරලා ඇතුලට එබිලා බලනවා.
මේ මොන අපරාදයක්ද!
අම්මා මේ ලෝකෙ මට අයිති වටිනාම වස්තුවත් විසි කරලා. මම නාන කොට තනියට හිටපු මගේ සුවච, කීකරු රබර් තාරා පැටියා විසි කලේ මොන හිතකින්ද මෙයාලා? උගේ කහ පාට හොට කුණු අස්සෙන් එලියට මතුවෙලා.
මම ඔලුව උස්සලා බලනවා.
කුණු ලොරිය පාරේ බාගයක් දුර විතර ඇවිත්. තාරා පැටියව බේරගෙන ලොරිය එන්න කලින් පැන ගන්න වෙලාව තියෙනවා.
"බය නොවී හිටපං. මම උඹව බේරාගන්නවා."
මම කුණු බක්කියට එබෙනවා. නමුත් තාරාව ඉන්නේ අඩියේ. මගේ අත දිග මදි. මම තවත් එබෙනවා. ඔහ් ඕහ්හ්හ්. ඒත් දිග මදි. තව ටිකා..යි...
මම කුණු බක්කිය ඇතුලට ඔලුව යටට හිටින්න ඇදගෙන වැටෙද්දි, ඔලුව ගිහින් ඇනෙන්නේ, චොර වෙච්ච, ගඳ, මොකක්දෝ ජරාවක් උඩට. ඒකේ රසත් එච්චර හොඳ නැති බව මට මොහොතකින් වැටහෙනවා.
ඒ ඔක්කොමත් හරි. මට හෙලවෙන්නවත් බෑ.
මට නැගිටින්න බෑ.
ඇයි ඔලුවෙන් හිටගෙන නේ ඉන්නේ.
ලොරියේ සද්දේ ලඟ ලඟම ඇහෙනවා.
මම කකුල් වනලා, දඟලලා, පයින් ගහලා හදන්නේ කුණු බක්කිය පෙරලාගන්න, එතකොට මට එලියට බඩගාගන්න පුලුවන් වෙයි කියලා හිතලා.
ඒත් කොච්චර දැඟලුවත්, පයින් ගැහුවත් නෙවෙයි වැඩක් වෙන්නේ. වෙච්ච එකම වැඩේ කුණු බක්කියේ පියන වැහිච්ච එක විතරයි.
දැන් මම හිර ගතවෙලා.
මම මේක ඇතුලේ හිර වෙලා ඉන්න බව කවුරුත් දන්නේත් නෑ.
කුණු ලොරිය කුණු බක්කිය ලඟටම ඇවිත් නතර වෙලා ඉන්න බව සද්දෙන් කියන්න පුලුවන්. කුණු බක්කිය පේව්මන්ට් එකෙන් බිමට තල්ලු වෙලා පාරට බැහැපු බව මට තේරෙන්නේ ඒක 'ඩොහ්ක්' ගාලා බිම වැදුනු කම්පනයෙන්. මම හිතන්නේ මේක උස්සලා අර ලොරිය පිටිපස්සේ තට්‍ටුව උඩ තිබ්බද කොහෙද. ඔව්, ඔව්. ඔන්න මාව ගුවන් ගත වෙනවා. හරියටම ලිෆ්ට් එකක යනවා වගේ. නමුත් ගඳේ වෙනස තියෙනවා.
මම කොච්චර හයියෙන් බෙරිහන් දුන්නත් වැඩක් වෙන්නේ නෑ. ලොරියේ සද්දේ නිසා මගේ හඬ යටපත් වෙනවා.
මම තාරා පැටියා අල්ලා ගන්නවා. එතකොටම කුණු බක්කිය ඇලවෙලා උඩ යට මාරු වෙනවා. අපි දෙන්නත් කුණු එක්කම ලොරිය බලියාගෙන ඉන්න කට ඇතුලට වැටෙනවා.
කුණුගඳ!
ඈක්!!
ඇහ්ක්-ඇහ්ක්-ඕහ්ක්හ්
අම්මෝ!!!
මට වෙලා තියෙන පජාතම, ගඳම, කුණුම, චාටර්ම, සීන් එක මේ.
මාව කුණුත් එක්ක හොඳට මිශ්‍ර වෙමින් ඇනෙන්න ගන්නවා යාන්ත්‍රිකව. මම කෑ ගහන්න කට ඇරියත් පාවිච්චි කරපු ටිෂූ ගුලියක් කටට ගිහින් සද්දේ 'බහ්' ගාලා වැහෙනවා. තව තව අලුතෙන් කුණු බක්කි මගේ ඇඟ උඩට වැටෙමින් මිශ්‍ර වෙමින් රවුමට ඇනෙද්දි, මට හැම දෙයක්ම බොඳ වෙලා පේන්න ගන්නවා. පුස් කාපු එළවළු, කුණු මාලු, පාචිච්චි කරපු ඩයපර්ස්! විශ්වාස කරන්න බැරි තරම් විකල්ප. එක පාරටම මගේ මූණට මූණ දාලා ඉන්නේ මැරිච්ච පූසෙක්. හැබැයි මොහතකින් ඌ අතුරුදහන් වෙනවා - යාන්ත්‍රිකව මිශ්‍ර වීම නොනවත්වාම සිදු වෙනවා. හොඳ හුස්මක් අරන් කුණු ගොඩ මුදුනට බඩ ගාගන්න හැකි වෙච්ච හැම වතාවෙම නැවුම් කුණු බක්කියකින් හැලෙනකුණු ලෝඩ් එකකට යටවෙන මම ආපහු යට ගිලිලා මිශ්‍ර වෙන්න ගන්නවා.
මේකෙන් එලියට පැන ගන්න ඕනේ.
මට ප්‍රදේශවාසී මහ ජනතාව බේරාගන්න හැකි වුනාට ඒ කාටත් හොරෙන් මට බඩු බනිස් වෙන්නයි යන්නේ!
මට මහාමාරිය හැදෙයි.
මට දැනටමත් මහාමාරිය හැදීගෙන එනවා වගේ දැනෙන්න අරන්.
තාත්තා හරි.
"අපිට විහිළුවේ තරම බලාගත්තෑකි කට්ටියටම මීයෝ නලියන කුණු ගොඩේ එරි ඇවිදින්න වෙලා..."
දණක් කුණු වල එරිලා ඉන්න එක විහිළුවක් නෙවෙන එකේ ඔලුවටත් උඩින් යන්න කුණුවල ගිලිලා ඉන්න එක හිතාගනිල්ලකෝ. දැන් මට තේරෙනවා තාත්තේ . නමුත් තාත්තට ඒක කියන්න මම ජීවත් නොවෙන එකයි දුක.
මොකද තව දුරටත් සටන් කරන්න මගේ ඇඟේ ශක්තියක් ඉතුරුවෙලා නෑ.
මම මැරෙන්න යන්නේ කුණු වල ගිලිලා. කොහෙත්ම නම්බුකාර මරණයක් නම් නෙවෙයි.
මම මගේ තාරා පැටියා පපුවට තුරුළු කරගෙන ඇස් වහගෙන මරණය පිළිගන්න ලෑස්ති වෙනවා.
මොකක්දෝ වෙනසක් දැනෙනවා.
ලෝකෙම නැවතිලා වගේ.
හැමදේම නිහඬයි.
ඒ කියන්නේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම නැති කරගන්න ඕනේ නෑ.
මම ඉහලින් පේන එළිය දිහාට කුණුගොඩ හාරාගෙන යනවා.
මම පුස් පාන් ගොඩක්, හිස් බලු කෑම ටින් රංචුවක්, බලල් බෙටි තලියක් අතරින් ඔලුව එලියට දාලා කුණු ගොඩෙන් මතුවෙනවා.
දැන් මට කුණු, කුණු ගඳ ගානක් නැතුව යන ගානට ඇවිල්ලා. මට පේනවා අහස.
මම තාරා පැටියව ඔලුවට උඩින් උස්සනවා.
"අපිට පණ බේරගෙන මෙතනින් පැනලා යන්න පුලුවන් වෙයිද බලමු," මම කියනවා.
තාරා පැටියා සතුටින් පීප්-පීප් ගානවා.
මම පණුවෙක් වගේ රිංගගෙන කුණුගොඩ හාරාගෙන උඩට මතුවෙලා කුණු ගොඩ මුදුනේ ඉඳගන්නවා. ඉන් පස්සේ ඇස් වැහිලා තියෙන සෙවල ජරාව අතින් සූරලා වටපිට බලනවා.
අපි යන්නේ ප්‍රධාන පාරක් දිගේ. මට පේන විදීයට දැන් කට කපලා එකක් කුණු පැටවිලා තියෙන නිසා මේක මේ කුණු හලන්න අර කුණු දාලා ගොඩ කරන වගුරු බිමේ තියෙන ලෑන්ඩ් ෆිල් යනවා. ඊට කලින් මේකෙන් පැනගන්න ඕනේ. මගේ ජීවිතේ ඉතිරි කොටස ලෑන්ඩ් ෆිල් එකක කොටසක් හැටියට ගෙවන්න මට ආසාවක් නෑ.
ලොරිය හතරමං හන්දියක රතු එළියට නවත්තනවා.
මෙන්න මේකෙන් පැනගන්න අවස්තාව.
මම ලොරියේ පිටිපස්සෙන් බිමට බැහැලා අර කුණු බක්කි තියන තට්‍ටුව උඩ හිටගන්නවා. කොළ එලිය වැටිලා ලොරිය පිටත් වෙනකොටම මම පනිනවා. දුවන ලොරියෙන් පනින මම, කකුල් පැටලිලා වැටිලා, කරණමක් ගහලා නතරවෙන්නේ කාණුවේ.
ඌයි.
ඒක නම් රිදුනා. ඒත් ඒක කුණු ලොරියක් ඇතුලේ කැලැත්තෙමින් ඉන්නවට වඩා දාහෙන් සම්පතයි.
"ඔයාට මේ මොකද වුනේ?" ලස්සන කට හඬක් අහනවා.
දිව්‍යාංගනාවකගේ කට හඬක්.
ඒ කියන්නේ මම මැරිලා.
ඒ කියන්නේ මට කොහොම හරි අන්තිමේදි මහාමාරිය හැදිලා දිවියලෝකේ ගියා.
ඒත්...ඒත් මේ කටහඬේ මොකක්දෝ අහලා පුරුදු ගතියක් තියෙනවනේ.
මම ඇස් ඇරලා බලනවා.
ලීසා!
ලීසා මැක්නී කාණුවේ ලැගගෙන ඉන්න මා දිහා එබීගෙන බලා ඉන්නවා.
"ඇන්ඩී?"
"ලීසා? ඔයා මැරුණේ කවද්ද?"
"මැරුණේ?" ලීසා පුදුමෙන් අහනවා. "ඔයා මොනවද මේ කියන්නේ? අපි දෙන්න මුණ ගැහෙන්න කතා කරගත්තා නේද මෙතනදි?"
මම කාණු ගැට්ටේ ඉඳගන්නවා.
වටපිට බලනවා.
මේ දිවියලෝකේ නෙවෙයි.
මේ අපාය.
මම ඉන්නේ පාක් එක ඉස්සරහ.
හරියටම මම ලීසාව මුණ ගැහෙන්න පොරොන්දු වුන තැන.
මම හරි වෙලාවට හරි තැනට ඇවිත්. නමුත් අනිත් හැම දේම වැරදිලා. ආයේ හදන්න බැරි විදියටම වැරදිලා.
එයා හිටගෙන ඉන්නවා පිවිතුරු, නැවුම්, කුමාරිකාවක් වගේ එයාගේ සිනිඳු ලස්සන හිසකෙස් උදේ නැවුම් හිරු එලියෙන් බබලමින්. මම ඉන්නවා මගේ පජාමාස් ඇඳගෙන , කුණු වලින් නාලා, මැස්සෝ පිරිවරාගෙන, රබර් තාරා පැටියා පපුවට තුරුල් කරගෙන, කාණු ගැට්ටේ ඉඳගෙන.
පට්ටම රොමෑන්ටික් සීන් එක.
"ඔයා සීරියස් කියලා මොහොතකට හරි විශ්වාස කරපු හිතපු මමයි මෝඩි," නහය අතින් වහගෙන අඩි කීපයක් පස්සට ගන්න ගමන් ලීසා කියනවා."අනේ මම අහුවුනානේ ඔයාගේ තවත් මෝඩ විහිළුවකට ඔයාගේ හැටි දැන දැනත්."
"නෑ නෑ ලීසා. මම විහිළුවක් කලා නෙවෙයි." මම නැගිටලා එයා දිහාට අඩියක් තියන ගමන් කියනවා. මගේ උරහිසේ රැඳිලා තිබුන පණුවෝ නලියන සෙවල මස් කුට්ටියක් ලිස්සලා ගිහින් ලීසාගේ පාමුල වැටෙනවා. එයා අතින් කට වහගෙන පස්සට පනිනවා.
"එන්නෙපා මා ලඟට," එයා කෑ ගහනවා. "ඔයා, ඔයා ලඟ ... ගඳේ බෑ!"
මම තව අඩියක් ඉස්සරහට තියනවා එයාට ලං වෙන්න. මගේ ඇඳුම් වලයි කොණ්ඩෙයි රැඳිලා තිබුන බළල් බෙටි, සිගරට් කොට, බිත්තර කටු වැස්සක් වගේ බිම හැලෙන්න ගන්නවා.
එයා ආපහු හැරිලා දුවන්න ගන්නවා.
මම නැවතිලා ගල් ගැහිලා බලං ඉන්නවා, මං පණට වැඩිය ආදරය කරන කෙල්ල, මාව අතෑරලා අප්පිරියාවෙන් ඈතට ඈතට දුවගෙන යන හැටි .
මගේ ජීවිතේ අමතක නොවන, සුන්දරම උදෑසන වෙන්න තිබුණ එක, නරකම මූසලම, මුස්පේන්තුම උදෑසන බවට පත් වෙච්ච හැටි! ෂික්!
මට කාලම එන්න බැරි, එයා ආයේ කවදාවත් මාව කිස් කරන්න හිතන එකක් නෑ. කණ්නාඩිය ඉස්සරහා ප්‍රැක්ටිස් කරපුවා ඔක්කොම වතුරේ.
නමුත් අඩුම ගානේ, මම මොන කට්ටක් කාලා හරි, කුණු වැඩේ ගොඩ දා ගත්තා. තවත් වතාවක් ප්‍රදේශවාසීන් මහාමාරියෙන් බේරාගත්තා.
මම ජීවිත නම් කීයක් බේරාගත්තාද කියලා කාට කියන්න පුලුවන්ද?
රබර් තාරා පැටියගේ ජීවිතේ සඳහන් නොකලත්, මම කියන්නේ.
බලාපොරොත්තු නැතිම කරගන්න හොඳ නෑ.
මම ගෙදර යනවා. ගිහින් මේ මල ඉලව් නූල කපලා දාලා හොඳට නාගන්නවා. ඔව් හොඳ...ට. හුඟාක් වෙලා ෂවර් එක යට ඉන්නවා. අවශ්‍ය වුනොත් අර එයා ෆ්‍රෙෂ්නර් එකෙන් තව ටිකකුත් ගහ ගන්නවා - ඒක සෑහෙන පවර්ෆුල් ඈ. ඊට පස්සේ ඉස්කෝලෙට ගිහින් එයාට කරුණු පැහැදිළි කරනවා. එයා එතකොට තේරුම් ගනීවි.
ඔව් මට මැවිලා පේනවා.
මම දීපු ගේම ගැන ඇහුවම එයා තේරුම් ගනීවි මම මොනතරම් වැඩ්ඩෙක්ද කියලා. ඊට පස්සෙ මා ලඟ ගඳයි කිව්ව එකට එයා සමාව ඉල්ලයි. බැගෑපත්ව සමාව ඉල්ලයි. මම එයාට සමාව දෙනවා. දීලා කිස් එකකුත් දෙනවා.
හොඳ වෙලාවට මම කණ්නාඩියෙන් බලාගෙන ප්‍රැක්ටිස් කලේ, ඈ.
නිමි.
◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙
◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙
ඕස්ට්‍රේලියානු ලේඛක Andy Griffiths ගේ Just Wacky කෙටි කතා සංග්‍රහයේ පළවූ Trash කෙටිකතාවේ පරිවර්තනයකි.
Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.
හපොයි කැව නේද ගම....
ReplyDeleteපව් අෆ්ෆා ඇන්ඩිය...
කෝම හරි ගේම දීල කුනු ගොඩ දැම්මත් කෙල්ල සැට්ටුන්නෙ නෑනෙ...
සැක් ඉතරක්....
කෑවා නේන්නං ගම. මටත් දුකේ බෑ මහේෂ්. අතට ආපු චෑන්ස් එක.
Delete:-o :-?
ReplyDeleteහත්වලාමේ වෙච්ච දේට මක්කොරන්නදෑ.
Deleteෂිට්.. මම කෙල්ල හම්බවෙන්න ගිහින් මිස් වුනා වගේ දුකයි. (ඇන්ඞියා අපේ එකෙක් කරාට උඔට පිං අයියන්ඞි)
ReplyDeleteමටත් මට වුනා වගේ දුකයි බං.
Deleteමොකද කරන්නේ ඉතින්.
මාර නෑමක් නාන්න වෙනවා.
අඩේ ඔව් බං මටත් ඒ හැඟීමමයි ආවේ...
Deleteඇයි අප්ප මේ අපිට වෙච්ච වැඩ. ... ( නෑ මං කිව්වෙ අපේ මල්ලිලට වෙච්ච වැඩ) ම ඇන්ඩියටත් වෙන්නෙ... හි හි
ReplyDeleteක්ලාස් යන කාලෙ ඔය වගේ චාටර් වැඩ නං කීයක් වෙලා ඇද්ද.... හම්මෝ...... ඒව කුණු ලොරි නෙවේ.. කුණු කඳු.. බ්ලූමැන්ඩල් පරාදයි... හි හි
:) අහා, ඉතින් ඒවත් වැඩ දාලා ලියන්නෙපෑ හිරු.
Deleteහි හි...
Deleteහි හි...
හි හි..
හි හි....
අපිට උන දේවල් වලයි මේකෙයි වෙනස මු ඇත්තටම කුණු ලොරියෙන් ආපු එක විතරයි......
ReplyDeleteපට්ට පටපට ගුරෝ..............
දැංවත් අර නූල ගලවලා දාහං මැලේ. උඹේ ඇඟිල්ල බේරාගන්නමයි මෙච්චර ඉක්මනට මේක පබ්ලිෂ් කලේ.
Deleteසිරාවටම බොලෑ එක තාමත් ඇඟිල්ලේ ...... හොන්දවෙලාවට මතක්කරේ එක ගලවන්න ... :D
Deleteහපොයි කුණු කේස් එකක්නෙ ඇන්ඩියට වෙලා තියෙන්නෙ.
ReplyDeleteඇත්තටම ඇන්ඩිය දීපු ගේම දැනගත්තම අර කෙල්ලට උෟව කිස් නොකර ඉන්න හේතුවක් නෑ.
කුණු කේස් එකෙත් හොඳම එක.
Deleteඇත්තටම එහෙම වෙයිද? පැයක් දෙකක් ෂවර් එක යට ඉඳලා හත් අට වතාවක් සබං ගාලා, ෂැම්පූ නාලා, අර එයා ෆ්‍රෙෂ්නර් එකෙන් සාත්තුවක් දාලා ට්‍රයි කරොත් බැරිම වෙන එකක් නෑ. ලීසාමනේ මුලින් කතා කලෙත්.
අපොයි ඇන්ඩ් ට වෙච්ච දෙයක්.. මම හිතුවෙම මු කොහොමහරි මේ වැඩේ ගොඩ දාගනි කියල. මොන..
ReplyDeleteඒකනේ බං. මටත් පුදුම හිතේ අමාරුවක් තියෙන්නේ මේ වෙච්ච දේ ගැන.
Deleteෂිට් ! මම හිතන් උන්නෙ මූ මේ තව හීනයක් දකිනව කියල. ගම හාලා. :D
ReplyDeleteවැඩිය වද දෙන්නත් හොඳ නෑනේ. ඒ නිසා දිලිසි දිලිසි තියෙන කුණුබක්කිය දිහා බලල හිත සනස ගන්නව ඔන්න.
ඔන්න එක කඩුල්ලක් පැන්නා එහෙනම්.(වැඩිය වද දෙන්නත් හොඳ නෑනේ. ඒ නිසා දිලිසි දිලිසි තියෙන කුණුබක්කිය දිහා බලල හිත සනස ගන්නව ඔන්න. )
Deleteඔව් බං. මම මේ කුණු බක්කියේ ෆෝටෝ එකක් අරගෙන ආවේ මේකටමයි. ඇත්තෙන්ම ඒක එතනට නියමෙට ගැලපෙන්නේ නැද්ද? :D
I'm pushing my luck.
පිස්සු පීකුදු!!!!
ReplyDeleteඒක නෙවෙයි..කොයි දැං අර උඹ මේ කොටසට අඳිනවයි කියපු චිත්තරේ?
මම එහෙම කිව්වද මචං චිත්‍රයක් අඳින කතාවක්?
Deleteමේකයි. ඔය ඇඟිල්ලක් වගේ දෙයකට යන ලේ ඔහොම බ්ලොක් කරලා තිබ්බාම - හරි හරි ඇඟිල්ලෙන් හෘදය වස්තුවට යන ලේ තමයි - ඒක හොඳ නෑ. ලේකැටියක් හිටං හැදෙන්න පුලුවන්. අර DVT (Deep Vein Thrombosis) කියන එක මාරාන්තික වෙන්න පුලුවන්.
ඉතින් අර මැලේ රාලයාගේ තව වැඩ ගන්න තියෙන ඇඟිල්ල ගැන හිතලමයි මම චිත්‍රේ ඇඳිල්ල පැත්තක තියලා ෆෝටෝ එකක් අරන් දාලා වැඩේ ගොඩ දැම්මේ ඕං.
ඇන්ඩි නැගලම යනවනේ. මේකේ සින්හල ට්‍රාන්ස්ලේසන් එක මරු
ReplyDeleteස්තුතියි බං.
Deleteරංගි පරණ ඇන්ඩි කතාවල් ඔක්කොම කියෙව්වද?
පට්ට ..හැබයි මම එහෙමනම් ඔය කුණු,පනුවෝ පිටින්ම ලීසව බදාගෙන එවේ,එවෙලේම කිස් එක දීලම තමයි එන්නේ .ආයේ දෙකක් නෑ
ReplyDeleteකියන්න කටට එන එකම වචනේ = පට්ටයි ඩූඩ්
උඹ එහෙම කිව්වට ඇන්ඩියගේ ස්ට්‍රැටජි එක ඊට වඩා හොඳයි කියලා මම හිතනවා. උඹ කියන හැටියට කලොත් බං ඒකි කවදාවත් කාවවත් බඳින එකක් නෑ.
Deleteටැංකෝ.
අනේ මේ බොරු නොකියා ඉදිං ඉවාන්...අපි කියෙව්වනෙ අජන්තයට භයේ උඹ බයිසිකලේ උඩ ගැහුන හැටි ලැම්බට් කොක්ක ලග තියාගෙන....
Deleteඉයෑක්කා... මදැයි ඇන්ඩියට වෙච්චි දෙයක්....!!!
ReplyDelete=D>
අනේ බස්සි ඉතිං මොකද කරන්නේ? මේක මහ නරක වෙලාවක්. මෝල් ගසුත් පත්තු වෙන කාලයක්.
Deleteපට්ටයි,ආවසානේ සුපිරි ,එහෙම කියන්නෙ ක්තාව කැරකිලා ගියා හිතා ගන්න බැරි වෙන්නම,භාෂාවත් නියමයි වුඩ් අයියා ගේ ...ඇණ්ඩියා ආයේ වතාවක් ට්‍රයි කරන කතා එහෙම නැත්ද ? :D
ReplyDeleteස්තුතියි සහෝදර. ඇත්තටම ලොකු හයියක්.
Deleteඇන්ඩියා ආයේ වතාවක් ට්‍රයි කරන එකක් නේද? හිටපංකෝ බලන්න. නැති වෙන්න බෑ.
ඇන්ඩියා කෑවා මේ පාර නං.. අනේ බං ඔය කතා ටික ඉංගිරිසියෙන් කියවන්න ආසයි.. තැනක් කියහං..
ReplyDeleteඅනේ බං දේශා මම මේවා ඔන්ලයින් නෙවෙයි ගත්තේ. පොත් වලින්. පොත ඇරගෙන ටයිප් කරගෙන කරගෙන යනවා. සමහර පොත් ඉස්කෝලේ ලයිබ්‍රරි එකේ සමහර ඒවා මගේ පුතාගෙ.
Deleteඋඹ සර්ච් කරපංකෝ Andy Griffiths, Just Series, Just Wacky, Trash වගේ search words ගහලා.
ඉංග්‍රීසියෙන් කියවන එක පට්ටම අදහසක්. අනිත් උන් කම්මැලියි බං.
//ඉංග්‍රීසියෙන් කියවන එක පට්ටම අදහසක්. අනිත් උන් කම්මැලියි බං.//
Delete:-O :-O :-O මොකෑ කිව්වා. අපි කම්මැලියි ! ඔහේට විකාාාාර. :))
කතාව කොච්චර තාත්විකව ලියවිලාද කිව්වොත් ඔෆිස් එකේ ඉන්න මටත් කුණු ගදක් ආවා. දෙයියම්ම්පා...!!
ReplyDeleteඇන්ඩියා කුණු කූඩේ හිරෝෂීමාවට දාපු පරමාණු බෝම්බෙ කියලද දන්නෑ හිතන් හිටියෙ.. මොන ඉලව්වක්ද නැත්නම් ඕක සතියක් තිබ්බා කියලා මීයො එනවයෑ...
යකෝ එහෙම කුණු ගඳක් එන්න ලියන්න පුලුවන් කියන්නේ සැබෑම පොරක් වෙන්න එපායැ බං. අනිත් උන්ට පුලුවන් කුණු රස එන්න ලියන්න විතරයි. මාර නම්බුවක් ඈ. උමට ස්තුතියි සෙන්නා. නිකං බුකර් ප්‍රයිස් එක හම්බ වුනා වගේ. :-h
Deleteඇන්ඩියාට එහෙම හිතෙන ගානට බය කරන්නේ අම්මයි තාත්තයිනේ බං. මූ වගේ මනෝ ගහන එකෙකුට එහෙම කිව්වාම ඉතින් දන්නවනේ. :)
අඩේ මම මේ උඹව බොරුවට අප් කරන්න එහෙම කියනවා නෙමේ, කතාව කියවගෙන යන එක නිමේශයකදි මගේ නහයට කුණු ගඳක් දැනුනා කියලා මගේ දරුවගෙ නාමෙන් දිව්රලා උඹට කියන්න පුළුවන්.. ඒක අර කතාවකට සම්වැදිලා කියවනකොට දැනෙන හැඟීමක් වෙන්න ඕනා..
Deleteඩුඩ් අයියේ මේ තකහනියේ ආවේ මල්ලිට happy B'day කියලා යන්න....:)
ReplyDeleteමම මේ නැප් එකක් දාන්න යන්න කලින් මේක බැලුවා. හිරුෂ කිව්වා උඹට ස්තුතියි කියලා මනෝජ්.
Deleteඔන්න සත්තලනේ කතාවේ අන්තිමට මට හිතුනේ අනේ අපොයි ඇන්ඩියා කියලායි.:((
Deleteහැබැයි ලීසා තේරුම් ගන්න ඕනේ මේකා කොයි තරම් සීරියස් පොරක්ද කියලා.
ලීසා ඇන්ඩියට දුන්නොත් බුට් එක පස්සේ කාලෙක ලීසාටම තමයි දුක් වෙන්න වෙන්නේත්.
ඒවා වැඩක් නැහැ ඩුඩ්යියා දැන් මේ ජාතියේ තවත් එකක් ඕනේ.නැතිනම් දැන ගනින් නගිනවා වහල උඩට..
මේක කියවපුවහම මට මතක් උනු සිද්දිය කියන්ඩ මේ සබාව වැදගත් වැඩියි.
ReplyDeleteමගෙ අනුමානෙ යම්තාක් දුරට හරිගියා. ඒත් හාන්කවිස්සියක් හිතුවෙ නෑ ඇන්ඩියට මේ වගේ අකරතැබ්බයක් වෙයි කියල.
හප්පට සිරි. උඹට එහෙම සෙන්සර් කරන්න වටින දේවලුත් හිතුනද? :-O
Deleteඔව් බං මූට වෙන්නේ මෙලෝ යකෙකුට වෙන්නේ නැති දේවල්මනේ.
ඇන්ඩිගෙ ලවට පටන් ගත්තු ගමන් කෙළ උනානෙ. :-/ පවු කොල්ලා.
ReplyDeleteකතාව කියවත්දි අපිත් කුණු ලොරියක යනවා වගේ තේරුණා. පට්ට.
කෝ අද චිත්‍රෙ.
පව්දත් අහනවා. උමට කියන්න මම මේ කතාවට නම දානකොට "කුණු" කියලා නොදා "චාටර්වූ ප්‍රේමය"
Delete"චාටරිත (අලුත් වචනයක් හැදුවා ඈ) ප්‍රේමය"
"චාටර්වූ මගේ කුළුඳුල් ප්‍රේමය"
වගේ නම් ගොඩාක් හිතලා අන්තිමේදි ඔරිජිනල් Trash වලට හරියන්න කුණු කියලා දැම්මා.
චිත්‍රේ?
ෂ් ෂ් ෂ් කට කට
කතාව බලලා දුවලා ගිහින් ෂවර් එකක් ගත්තා. හරියට කුණු ලොරියක ගියා වගේ දැණුනු හන්දා. :D
ReplyDeleteඇන්ඩි ඒ කුණු පිටින්ම ලීසාට උම්මා එකක් දෙන චිත්රයක් ඇන්දානම් හරිනේ ඩූඩ්... :P
කෙල්ලො කවද්ද මෙයා කුණු කොල්ලන්ගෙන් උම්මා ගත්තෙ ?
Deleteසෙන්නටත් කුණු ගඳ දැනුනා කියන්නේ ඔෆීස් එකට. එහෙනම් මේ කතාව පස් දොරටම වදින එකක් ඈ?
Deleteඕක මොකක්ද බං සෙන්නා. සමහර කුමාරිකාවෝ හැල ගෙම්බොත් ඉඹින්නේ සාපෙන් ගැලවෙන්න. :))
වදිනවා කියන්නේ ලෙසටම වදිනවා... මම හොඳටම දන්නවා මගේ ඔලුවේ තියෙන්නේ කැප් එක කියලා... ඒත් අතගාලා චෙක් කරලා බලනකල් මට හිතුනෙම පාවිච්චි කරපු ඩයපර් එකක් වෙන්න බැරිද කියලා... :D
Deleteහෙමිහිට සීරිස් එකම පරිවර්තනය කරපන්... ජයවේවා...!
:)) තැංකූ වේවා බීට්ල්. පාවිච්චි කරපු ඩයපර් එකක් කියනකොට මට මතක් වුනේ මේක.
DeleteMy boss is like a diaper.
Always on my ass.
And full of shit.
:)
ශා හරිම ලස්සන කතාව! :-h අනිතිම වෙනකල් හිතාගන්න බැරි වුනා මොකක් වෙයිද කියල! ලීසා තේරුම් ගත්තොත් හොදයි :D
ReplyDeleteඩුඩ් තව පරිවර්තන ලියන්න .....කතාත් ලියන්න..... g-) අපි හරිම ආසාවෙන් කියවන්නෙ. මේ හැකියාව හැමෝටම නෑ. ඒක හරිම දුර්ලබයි :-f
ඇත්තෙන්ම මේ කතාවේ ලස්සන ගැන සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනේ ඇන්ඩි ග්‍රිෆිත්ස්ට. ග්‍රිෆිත්ස් මගෙත් හද බැඳගත්ත ලේඛකයෙක්. මටත් මේ කතා කියවනකොට හැමදේම අමතක වෙලා, වෙනමම ලෝකෙක ඉන්නේ.
Deleteආයේ ලියන්නම්. :-f
මිනිහගෙ හොදම ගතිය තමයි ඉලග පාර හරියයි කියල හිතාගෙන හොද දෙවල් ටික විතරක් මතක තියාගන්න එක.නියම පොසිටිවු තින්කින්.
ReplyDeleteඋඹත් ඒ positive attitude එක නෝට් කලා නේද දමිත් මල්ලි? මාත් ඕක කල්පනා කලා. ඌ ඕනෙම impossible situation එකකදි හොඳ පැත්ත දකින පට්ට සර්ව සුබ වාදියෙක්.
Deleteමම මුගෙ කැමතිම ඔකට.ඔය විදියට හිතුවම ලෙසියෙනම සතුටෙන් ජිවත් වෙන්න පුලුවන්.වරද්දගන්න බලාගෙන කිසිකෙනෙක් වැඩකරන්නෙ නැනේ.මමත් ෆුල්ල් ට්‍රයි කරන්නෙ ඔය විදියට හිතන්න. එවුනාට ලෙසි නැ.
Deleteමදැයි එච්චර සීන් එකක් වෙලත් අන්තිමේ කෙල්ල මිසින් උනානේ.. ඒකනේ අවුල කියන්නේ..
ReplyDeleteඒකනේ බං කියන්නේ කරුමෙට කකුල් අටයි කියලා.
Deleteමටත් මට වුනා වගේ දුකයි. :((
මු මචෝ මම පොඩි කාළේ පොරක්. ඒකයි මට මූව බොක්කටම වදින්නේ. මමත් පොඩි කාළේ ඉඳලම හිතන්නේ හරහට.
ReplyDeleteඋඹට බොහෝම පින් මචෝ.. මම හිතුවා මේකටත් අළුත් චිත්‍රයක් අඳියි කියලා. මොකෝ උඹේ චිත්‍රත් පට්ට..
උඹ දැනුත් වෙලාවකට හරහට හිතනවා තමයි මචෝ. :)) මම ඒ වෙලාවට මග ඇරලා යනවා.
Deleteඅනේ බං චිත්‍රයක් අඳින්න ගියානම් වැඩේ කල් යනවා. ඔය අපූරු ට්‍රාෂ් කෑන් එකක් තියෙන්නේ බං දිලිසි දිලිසි. ඒක මංමයි ගත්තේ. ඒ ඔක්කොමත් හරි අර මැලේ රාළයාගේ ඇඟිල්ල සියදිවි නසාගනී කියලා මට බය හිතුනා කල් දාන්න ගිහින්. දැන් මේ ටයි වලින් එල්ලෙන සීන් එක හන්දද මන්දා ඌ එහෙම දෙයක් කලේ.
ඇන්ඩියාගේ වැඩ බංකුවකට වෙලා බලන් ඉන්නවා වගේනේ බං උඹ ලියන්නේ. උඹ නම් නියමයි ඩූඩ්!!
ReplyDelete>>බංකුවකට වෙලා බලන් ඉන්නවා වගේ<< :-?
Deleteඅමුතු expression එකක්.
ඇත්තෙන්ම එහෙම ලියන්නේ මම නෙවෙයි මචං. Andy Griffiths. Thanks go to him.
පට්ටම පට්ටයි..
ReplyDeleteමේ වගේ පරිවර්තන දිගටම ලියාන් ඈ...
ස්තුතියි සංචාරකයා.
Deleteනැතුව නැතුව බං. දැන් අල්ලගත්ත කොටි වල්ගේ අතාරින්නැයි කියලයැ?
මට එක පාරටම මතක් වුනේ මෙහෙ තියන ගාබේජ් ට්‍රක් ජාතියක්, වැඩි හරියක්ම පාවිච්චි වෙන්නේ නාගරික සීමාවෙ... ඒකෙ කුණු දාලා කම්ප්‍රෙස් කරනවා. සාමාන්‍ය ගෙවල් තියන පැති වල නම් මේ කතාවේ කියන ඒවා තමයි තියෙන්නේ... එක සැරයක් හොරෙක් ඔය වගේ ට්‍රක් එකක හැංගිලා ඌව කම්ප්‍රෙස් වෙලා යාන්තන් නොමැරී බේරුණු සිද්ධියක් තිබ්බා.
ReplyDeleteඇන්ඩියා ගැන නම් මට එකම දෙයයි හිතුණේ... "ඌ පව් බං".
උ පවු නැ බන්.ඌ සතපකට ගනන් ගත්තෙ නැ ඕක.
Deleteමචං ඒ කම්ප්‍රෙස් වෙන එක තමයි කොළඹත් තිබුනේ. අර කොළ පාට හීනෝ එක. දැන් තියෙන්නේ වොල්වෝ ට්‍රක් නේද?
Deleteමූ මාර බේරිල්ලක් බේරිලා තියෙන්නේ එහෙනම්.
දමිත්. Positive thinking නේද?
පරිවර්ථනේ වුණාට කතාව ටිකක් වෙනස් කරල.. අපේ හිත හැදෙන “ඌ පව් නොවෙන“ විදිහට වෙනස් කරන්න තිබ්බ බං...
ReplyDeleteඋඹට තියෙන හිතේ අමාරුව මට තේරෙනවා සෑමා. මටත් එහෙමයි.
Deleteකන ගමන් කියවන්න කියාපු පෝස්ටුව...බොහොම ඉත්තුතියි ඈ...
ReplyDeleteකන ගමන් කියවන්න හොඳ පෝස්ට් එකක් තමයි "ඈක්කා". Appetizer.
Delete:D අනේ පව් ඇන්ඩ්ගේ ලව් එකත් ඉවරයි ..
ReplyDeleteඉවරයිම කියන්නත් බෑ නේද චමී? ඌ ගොඩ දා ගනී කියලා හිතමු.
Deleteමෙයත් අනීත් කතා වගේම සුපිරි පරිවර්තනයක්
ReplyDeleteස්තුතියි අයිලාස්. එහෙම කරන්න පුලුවන් වුනේ මුල් කෘතිය සුපිරි නිසා මචං.
Deleteකොච්චර කුණු නාගත්තා වුනත් කමක් නෑ සටන අතාරින්න හොඳ නෑ. සටන දිනන්න නම් කුණු නාගන්නත් වෙනවා.
ReplyDeleteඅපි නොදන්න සටන්, නේද විචාරක?
Deleteකියන්න වදන් නෑ දොරේ අති සාර්ථක පරිවර්ථනයක්. කොටසින් කොටස හොදින් බද්ධ වෙලා මේ කථාව මේ තරම් තාත්විකව ගොඩනගන්න ඇන්ඩි ගොයියා කොයිතරම් සූරයෙක්ද කියලයි මම මේ කම්පනා කොලේ. මැයි 1 වෙනිදා දවසක පන්ති යන්න ගිහින් බස් එකෙන් වැටිලා කෑලි කෑලි වලට ඉරුනු ටී ෂර්ට් එකයි, හමගිය ඩෙනිමයි, ලේ වැගිරෙන අත් දෙකයි අරගෙන අතිරේක පන්තියේ කාන්තා පරාණ ඉදිරියට ගිය දවස මතක් උනා මේ කොලුවා වින්ද වේදනා දැක්කම.
ReplyDelete//පාවිච්චි කරපු ටිෂූ ගුලියක් කටට ගිහින් සද්දේ 'බහ්' ගාලා වැහෙනවා// ඇඩෙනවා....
ඔය තියෙන්නේ අත්දැකීම්. එහෙම වුනාම කතාව දැනෙනවා වැඩියි නේද සිරා?
Deleteඒකනේ බං. හොටු ගුලියක් වෙන්නැති නේද? ඇයි අර ඔලුව දාන්නේ පුස් පාන් ගොඩක්, හිස් බලු කෑම ටින් රංචුවක්, බලල් බෙටි තලියක් අතරින්.
මම ඒ කථාව අකුරු කලා හෙන්රි අයියා....එදා මගේ ලේ දැකලා දැරිවියක් කලන්තෙ දැම්මා පන්තිය ඇතුලෙම.
Deleteසික්, මදැයි ඇන්ඩියා ගොඩ යනකං බලං හිටියා, :(
ReplyDeleteකමක් නෑ ඌ නාල ගිහින් ශේප් කොරගනී කියල හිතමු.:D
කතාව සුපිරි dude , :)
ඌ නාගෙන ගිහින් වැඩේ ෂේප් කරගනී.
Deleteස්තුතියි ගොළු බෙල්ලා.
උඹ පරිවර්තන අපේ කරල ලියන එක නම් මචෝ පට්ටය......
ReplyDeleteඅර පොඩ්ඩි කියපු දේ හරි.......නාගන්න හිතෙනව කියවල අහවර වුනාම....
ස්තුතියි කෙන්ජි. Hang over එක යන්නත් එක්ක තැඹිලි ගෙඩියක් බීලා නාගනිං මචෝ එහෙනං.
Deleteමේ අවසානයට මම නං කැමති නෑ. නමුත් මේක වෙයි කියල නං හිතුව හරියටම.
ReplyDeleteමේ අවසානයට කවුරුත් කැමති නෑ බං. ඉතින් මොකද කරන්නේ?
Deleteඩූඩ්ගේ පරිවර්තනය අතිවිශිෂ්ටයි. කොටස් දෙකම උපරිමයෙන් රස වින්දා. හැබැයි ඉතින් ඇන්ඩියා "ගාබේජ් බින්" එක ඇතුලට වැටෙන එක, අච්චර කෑගසද්දී "ට්‍රක්" එක ඇතුලට "ඩම්ප්" කිරිල්ල... "ට්‍රක්" එක ඇතුලේ යාන්ත්‍රිකව තෙරපෙනවා වෙනුවට හොඳින් කුනුත් එක්ක කවලම් වීම... වගේ දේවල් නම් අතාත්විකයි නේද? ඉතින් ඩූඩ් මොනවා කරන්නද මේක පරිවර්තනයක් නොවෑ.... :D
ReplyDeleteමේක කියවනකොටත් සුපුරුදු ලෙසින්ම අතීත සිද්ධි කිහිපයක්ම මතක්වුණ.
ඒ අතරින් අවුරුදු විසි ගානකට විතර කලින් ... අපි පේරා හිටපු කාලේ වෙච්ච දෙයක් කොටලා දාන්න හිතුනා.
අපි සෙට් එක පෙලක් දාට, අක්බාර් හෝල් එක ඉස්සරහා ගම්පොල පාරේ තියෙන බෝක්කු ඇන්දෙ වාඩිවෙලා ඉන්නවා.... ජොලියට. ඔය බෝක්කුව යටින් තියන කානුවේ යනනේ අක්බාර් (කැන්ටිම, නාන කාමර යනාදියෙන්...) හෝල් සංකීර්ණයෙන් පිටකරන අපවිත්‍ර වතුර තමා. හවසට පාලමේ ඇන්ද උඩ වාඩිවෙලා කට්ටියත් එක්ක තෙලක් බෙදාගෙන ගන්න ආතල් එක යටින් යන පිඵණු වතුර කානුවේ සුඝන්ධවත් දුර්ගන්ධයට කොහොමටවත් යටපත් කිරිල්ල නම් බොරු.
සැරයක් අපි සෙට් එක පේරා වලේ (සරත්චන්ද්‍ර එළිමහන් රංග පීටයේ) නාට්‍යක් බලලා ඇවිත් සලාක ක්‍රමේට සිගරට් එකකුත් ඇද ඇද.... තෙලකුත් බෙදා ගෙන ඉන්නවා. නාට්‍ය බලපු පැනිදෙනිය, මීවතුර වගේ පැතිවල ඉන්න ප්‍රේක්ෂක ජනතාව වැල නොකැඩී, කණ්ඩායම් වශයෙන් ගෙවල් දොරවල් බලා ඉබිගමනින් ඇදෙන්නේ ඔය පාලම ළගින් තමා.
අපි ඉතින් ඔය ගෙවල් දොරවල් බලා යන අය අතර ඉන්න යුවතියන්ට ලාවට අදින්නේ, පැය ගානක් වාත වෙලා නාට්‍ය බලලා... සෑහෙන දුරක් පයින් ගාටලා... හෙම්බත් වෙලා ඉන්න කොයි කාටත් මහන්සිය මොහොතකට අමතක කරවීමේ උදාර අරමුණින්මය.
ඔය හැඩ වැඩ ඇති ආඩම්බර නංගිලා රවලා ඔරවලා ගියාට අපි ප්‍රසංගය දිගටම කරගෙන යන්නේ මුලින් කියපු පවිත්‍ර චේතනාව හන්දාම තමා.... :P ඔය කන්ඩායම් අතර ඉන්න සමහර අැන්ටිලා, අන්කල්ලා, ආච්චිලා කකා යන කඩල ගොට්ටෙන්... නෙල්ලි, වෙරලු, අඹ... වගේ දේවලින් කොටසක් අපටත් පූජා කරලා පිං ලබා ගත්ත අවස්තාත් බොහොමයි... :)
දවසක් ඔහොම ඉන්නකොට එනවා මල් පාත්තියක්ම. අපිත් පහන් සිතුවිල්ලෙන් පාත්තියට, අදින්න ගත්තා විතරයි... එතන හිටපු එක කට-කාර නංගි කෙනෙක් අහනවා "අය්යලාට ඔය කුණු කානුව උඩ වාඩිවෙලා ඉන්න අප්පිරියා නැද්ද.... ඔතන කොච්චර ගදද..." කියලා. දැන් නංගිලා සෙට් එකම කින්ඩි හිනාවකුත් එක්ක කෝචොක් බැල්මක් දාගෙන යනවා.... අපි දිහාට.
අපි සැලෙයි ඕවට.... මොහොතයි ගියේ..... උන්ට අපිව පහු කරන්න ලැබුනේ නැහැ... අපේ බුවෙක් කියනවා .... "නංගී අපේ මේ පයිනල් ඉයර් එක යන්නේ... හෙට අනිද්දා පාස් අවුට් උන ගමන්ම ... අපි සෙට් එකම කසාද බදින්න ඉන්නේ... ඉතින්, සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න හිතාගෙන; මේ දවස්වල අපි කුනු කානුවේ සුවඳට හුරුවෙනවා...... " කියලා.. :D
ඒක ඇහුනා විතරයි අපේ සෙට් එකට වඩා හිනා වුනේ ..... කින්ඩි බැල්මක් දාපු කෙල්ලො සෙට් එක; කටවල් තද කරගෙන.
රූම් එකට ගියාට පස්සේ, ඉතිං කුනු කථා කෝටියයි .... ඒ අතරින් එකක් ලියන්නම්කෝ ප්‍රසිද්දියේ කියන්න පුලුවන් සයිස් එකේ...
මගේ රූමාගේ ගෙවල් ලග ගෙදරක වැසිකිළි වල පිරිලා - ඒක අදින්න වෙලා. ඒ කාලේ ඉතින් gully emptier එහෙම තියෙන එකක්යෑ දැන් කාලේ වගේ .... අතින්ම තමා වැඩේ යන්නේ. ඕවා අදින්න කොන්ත්‍රාත් කාරයෝ ඉන්නවා. එහෙම පොරවල් දෙකකට වැඩේ බාරදීලා.... උන්දෙන්නා උදේ පාන්දරම වැඩේ පටන් අරන්.
ඇන්ටි කුස්සිය ලග තියෙන මඩුවේ ගෙදර තිබුණු බිස්කට් දෙක තුනකුත් එක්ක තේ පෝච්චිය තියලා, උන් දෙන්නට එලියේ පයිප්පෙන් අතපය හෝදගෙන ඇවිත් බොන්න කියලා තියෙනවා දහයට විතර පාන් ගෙනැල්ලා තේ දෙන්නම් කියලා. උන් කියලා තියෙනවා, අදින ඒවා දාලා, පස් වලින් වහන ටෙම්පරි වල ඉවර කරලම තව ටිකකින් එනවා කියලා. කිවවත් වගේ විනාඩි 10 කින් විතර එලියේ පයිප්පෙන් අත පය හෝදගෙන තේ බීලා එහෙම.... උතුරන වල ඉහින්න පටන් අරන්.
ඇන්ටි දහය වෙන්නත් කලින් මහන්සි වෙන මිනිස්සුනේ කියලා පාන් ගෙනැල්ලා කථා කරලා තේ බොන්න .... සුපුරුදු ලෙසම අතපය සෝදාගෙන මඩුවට එන්න කියල. ඒ වෙලාවේ එකෙක් වල ඇතුලේ බැහැලා පනිට්ටුව පුරවනවලූ.... අනිකා උඩ ඉදලා බාල්දිය ඇදලා අරන් ටෙම්පරි වලට හලනවාලු.
ෂරි නෝනා කියලා මඩුවට ආපු උඩ හිටපු එකා පානුයි තේයි අරන් වල පැත්තට යනවලු. මේක දැකපු ඇන්ටි අහලා තියෙනවා කෝ වේලූ කියලා.
" තව චුට්ට තමා තියෙනවා නෝනා. කදිරවේල් වල ඇතුලේ තමා ඉන්නවා... ඌට කේම ඇතුලට යවනවා..." කියලා. :D
ඔන්න තව චුට්ටෙන් එදා වගේම අමතක වෙනවා ස්තුතියි කියන්න. බොහෝම ස්තුතියි ඩූඩ්. :)
:D :D :D :D මරු සීන් එක,
Deleteබොහොම ස්තුතියි ඇනෝ මේ කමෙන්ට් එක ලියන්න වෙච්ච කැපවීමට.
Deleteඔය පැණිදෙණියෙ ඉංග්ලිෂ් ටීචර්ස් කොලේජ් එකේ අපිත් හිටියනේ එක්දාස් නවසිය බර ගනං වල. ඒ කාලේ පේරා කැම්පස් ටෙරිටරියේ නිතර රස්තියාදු වෙන නිසා ඔය කිව්ව කතාවට වැඩිමනත් අර්ථයක් ලැබුනා.
අර බුවාගේ කට තමයි කට. පොර අද මොකද දන්නෑ කරන්නේ. :D
ටොයිලට් වල අදින කතාව නම් කියලා වැඩක් නෑ. ඔය මූවී වලත් තියෙන්නේ මෝචරියේ ශරීර කොටස් කප කප ඉඳලා එතනම ඉඳන් ග්ලව්ස් ගලවලා බර්ගර් එකක්, සැන්විච් එකක් කාලා කෝපි බොන සීන්.
අපිටත් එක පාරක් අනුන්ගේ ටොයිලට් වලක් වහන්න වුනා අපේ ලිඳ බේරාගන්න. ඒ වැඩේ කරන්න ගිහිල්ලත් 'රසවත්' වැඩ කීපයක්ම වුනා පස්සේ ලියන්න ඕනේ. දැන් කියන්න බැරි ඒක ගැන පැහැදිළි කිරීම් සෑහෙන කරන්න වෙන නිසා අවශ්‍ය තැන්ට එන්න.
බොහොම ස්තුතියි රසවත් කමෙන්ට් එකට.
ආ තව එකක්. ඇන්ඩි ග්‍රිෆිත්ස් 1961 උපන්, හැට සැහ හැත්තෑව දශක වල ළමා කාලය ගත කරපු බුවෙක්. ඒ කාලේ garbage truck අතරේ වල ඔය පිටිපස්සෙන් පටවන, ඩ්‍රම් එක සිමෙන්ට් මික්සර් එක වගේ කැරකෙන ස්ටයිල් එකේ ඒවා තිබිලා තියෙනවා, ඔය උඩ කමෙන්ට් එකක තිසර කියලා තියෙන්නෙ ගම්බදව තවමත් ඒ ස්ටයිල් එකේ ඒවා තියෙනවා කියලා. අන්න ඒකයි මූ බේරුනේ. නැතිනම්, හයිඩ්‍රොලික් බලෙන් තැලෙන, ඇඹරෙනෙ, ඉරෙන, එකකට අහුවුනා නම් ඇන්ඩියෙක් නෑ. එහෙනම් සොරිම තමයි. :-O
මේ ඇනෝගෙ කමෙන්ට් එක මමත් ඉතාම රසවින්දා...හොද බ්ලොග් රචකයෙක් වෙන්න පුලුවන් බව ඉතාම රහට මේ කමෙන්ටුව කෙටීමෙන්ම මට දැනුනා...නරකද ඇනෝ බ්ලොග් අඩවියක් පටන් අරගෙන හන්තාන සුළග දැවටුන ඔය අත්දැකීම් යුනිකෝඩ් බවට පත් කලොත්...
Deleteහපොයි....වෙච්චි දෙයක්...
ReplyDeleteදුක තමා. මොකද කරන්නේ ඉතින්... :(( :-?
Deleteඅපරාදේ කිස් එක....
ReplyDeleteඩූඩ් අයියා පරිවර්තන කරන්න පටන් අරන් වගේ! ආයේ දෙකක් නෑ සුපිරි! ටොම් සෝයර්, හකල්බරි මතක් වුනා.
ReplyDelete( මුලින් හිතුනෙ ඩූඩ් අයියට පොඩි කාලෙ වුනු දෙයක් කියල :D )
පරිවර්තනය කලින් කිව්වා වගේම සුපිරියි. එත් අවසානය සාමාන්‍යයි. දැං දැං භාෂා ව නං පංකාදු පහයි. අවංකව කිව්වොත් බ්ලොග් කියලා දෙයක් මේ ලෝකෙට එන්න කලින් මේ වගේ කතා තියන පත්තර කෑල්ලක් පොතක් හොයා ගන්න මොන ගේමක් දෙන්න ඕනෙද? එහෙම බලද්දි බ්ලොග් ලියන පරිවර්තන කාරයෝ හැටියට උඹලට අපි සලකනවා මදි. ඊ ලඟ පාර ලංකාවට එද්දි කියපන්. එයාපෝට් හන්දියෙදී මල් මාලාවක් දාලා පිලිගන්නම්. මතක ඇතුව කටුනායකින්
ReplyDelete(පරක්කු උනා කියලා මේවට උත්තර දුන්නෙ නැත්තම් ඊලඟ දවසෙ මේ පැත්ත පලාතෙ පස් පාගන්නෙත් පරක්කු වෙලා... :D)
සුපිරියි.. මූ නම් මාර සයිකො මාස්ටර් කෙනෙක් මේ ඇන්ඩියා
ReplyDelete