Friday, August 23, 2013

90.පච්චේ - BORN TO DIE



මෙදා පොටේ දුන්න බැටේ, ඈ. ඔන්න ඉඳලා ඉඳලා අන්තිමේදි වැඩේ  ගොඩදාගත්තයි කියහංකෝ.

මම මේක කරගන්න කාලයක් තිස්සේ පෙරුම් පුරලා, පුරලා, කල් දාලා, දාලා, අන්තිමේදි අද උදේ වැඩේ කලා ඕං.

දැන් මටත් පච්චයක් තියෙනවා.

ඒකෙ තියෙන්නේ හිස් කබලක්. ඒකට ඉහලින්  ගානට රවුමට කැරකිලා ගිය රාජාලි ත‍ටු දෙකක්. හිස් කබලේ ඇස් කුහරවල පතුලේ කොළපාට භයංකාර ඇස්ගෙඩි දෙකක්.  දෙපැත්තෙන් උඩට නැවිලා රාජාලි ත‍ටු දිහාට යන හීනි රතු උඩු ‍රැවුලක්. හිස් කබලේ යට BORN TO DIE කියලා  කියලා ලියපු පොඩී රිබන් එකක් වගේ බැනර් එකක්.

මේකට මහ ගානක් ගියෙත් නෑ. වෙනදට ඩොලර් දෙකයි සත අනූපහට දෙන පච්චේ, අද TARGET එකේ සේල් දාලා තිබ්බ
සත අනූ නමයකට.හොඳම දේ තමයි, මේක ගහගන්න ගිහින් චූට්ටක්වත් රිදුන්නැති එක.

ඔන්න ඉස්සෙල්ලම, අර උඩින් අලෝලා තියෙන ඉටි කොලේ ගලෝලා දාලා, ඇලෙන පැත්ත හමට තියලා තද කරනවා. ඊට පස්සේ, තෙත ස්පොන්ජ් එකකින් පච්චේ පොඟවලා, තප්පර තිහක් ඉඳලා, චිරිස් ගාලා කොලේ ඇදලා ගලවලා දානවා.

හරි හරි ඉතිං, මේක ඇත්ත පච්චයක් නෙවෙයි තමා. නමුත් මේකේ වෙනස හොයන්න බැරි තරම් තාත්විකයි. පුදුම වැඩේ කියන්නේ, මේක ගැහුවට පස්සේ මට මාර වෙනසක් දැනෙන එක. මට දැනෙනවා මම වෙනදට වඩා විශාලයි වගේ, ශක්තිමත් වගේ, නිර්භීතයි වගේ. කොටින්ම වෙනදට නැති පොරත්වයක් දැනෙනවා. මට මේ වගේ සිරාම සිරා පච්චයක් තියෙන බව දකින කිසිම එකෙක්, අදින් පස්සේ නම් මගේ ඇහැට වැලි ගහලා, මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් උස්සන්න හීනෙකින්වත් හිතන එකක් නෑ. හරි හරී. මට මේ මොහොතේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැති බව ඇත්ත. නමුත් අදින් පස්සේ තත්වේ වෙනස්වෙයි. මට ෂුවර්, මේ පච්චේ දැක්ක ගමන්, ඉස්කෝලේ කෙල්ලෝ එකා පිට එකා වැටිලා මගේ පස්සෙන් එන්න ගනී කියලා, කෙල්ලො විතරක් නෙවෙයි, ටීචර්ස්ලා පවා...

පැකට් එකේ ගහලා තියෙන්නේ මේක දවස් ගානක් පවතිනවා කියලයි. ඒ කියන්නේ කල්පාන්තරයක්! ඒකෙම තියෙනවා පවුලේ අයව, යාලුවන්ව විශ්මයට පත් කරන්න පුලුවන් කියලා.  නමුත් මගේ අදහස පවුලේ අයවවත්, යාලුවන්වවත් විශ්මයට පත් කරන්න නෙවෙයි. මගේ සතුරන්ව විශ්මයට පත් කරන්නයි. ඒ කියන්නේ ස්ටීව් ලික් සහ රොබට් ලීච් බාන තමයි.

ස්ටීව් ලික් ඉන්නේ කන්ද පාමුල. පොර මට වඩා අවුරුදු කීපයක් වැඩිමල් වුනත් ඌයි මායි කාලයක් එකට වල බැස්සා, ඔය සති අන්තවල.  පස්සේ තමයි පොරට ඔය රොබට් ලීච් සෙට් වුනේ.

කන්දේ එහා පැත්තේ ඉන්න රොබට් ලීච්, කම්බි වලින් හදපු කපු‍ටු කූඩුවක් වගේ  කොණ්ඩයක් තියෙන පොරක්.  පොරගේ මූණ හරියට මීයෙකුගේ වගේ. හීනි උල් නහය. එලියට නෙරපු දුඹුරු පාට ඇස්. බුවාට ‍ෆිෆ්ටීන් ස්පීඩ් රේසිං බයික් එකක් තියෙන හන්දයි, සිගරට් බොන හන්දයි, බුවා හෙන පොරක් කියලා ඇඳලා ඉන්නේ. බුවාට මාව දිරවන්නේ නෑ. දිරවන්නේ නෑ නෙවෙයි, මාව පේන්න බෑ, ඇලර්ජික්! මම දන්නේ නෑ ඇයි කියලා. මම උපන්න වැ‍රැද්දට වෙන්නැති.

මෑතකදි ඉඳන් මුන් දෙන්නා කන්ද පාමුල  ලික්ගේ ගේ ගාවා ඉඳන් බලං ඉන්නවා මං එනකල්.  මුං දෙන්න මට යන්න දෙන්නෙම නෑ පාස්වර්ඩ් එක කියනකල්. අදයි කියලා වෙනසක් නෑ, මම වංගුවෙන් ඒ පාරට හැරෙනකොටම මට පේනවා මුං දෙන්නා බලං ඉන්න හැටි මං එනකල්.  ලීච් පේව්මන්ට් එකේ මැද බිම ඉඳගෙන කට උල් කරගෙන සිගරට් දුම් වළලු යවනවා එකක් පිටිපස්සේ එකක්. ලික්, කහපාට ප්ලාස්ටික් බාල්දියක් අතේ තියාගෙන ලියුම් පෙට්ටියට හේත්තු වෙලා ඉන්නවා. මම පාරේ එහා පැත්තට මාරු වුනත් ඕකුන් ටක් ගාලා ඒ පැත්තට ඇවිත් මාව අල්ලාගන්න බව මම දන්නවා.  මම හදන්නේ මුංව ගණං නොගෙන, නොදැක්ක පාට් එකෙන් යන්න.

"හප්පට සිරි බොල," ලීච් කියනවා. "මේ අපේ පරණ බොක්ක ඇන්ඩියා නේද?"

ලික් හිකි හිකි ගානවා.

"මට මෙතනින් යන්න ඉඩ දෙනවද පොඩ්ඩක්?" කියන මම, ලීච්ව මග ඇරලා වටෙන් යන්න හදනකොටම ලීච්ගේ අත විදුලි වේගයෙන් දික්වෙලා මගේ වළලුකරින් අල්ලා ගන්නවා.

"මොකෝ මේ හදිස්සිය?" ඒ ලීච්. "අනේ කරුණාකරලා කියාපං."

"අනේ කරුණාකරලා," මම කියන්නේ කෙලින්ම ඉස්සරහ බලාගෙන.

'අනේ, අනේ මට අනුකම්පාකරලා කියාපං."

'අනේ, අනේ මට අනුකම්පාකරලා."

'අනේ, අනේ සර් මට අනුකම්පාකරලා කියාපං."

මේ කතාව තව සෑහෙන්න ඇදි ඇදි යන එකක් බව මම අත්දැකීමෙන් දන්නවා. නමුත් අද මං ‍රැග් වෙන්න ඕනේ නෑ මෙච්චර සිරා පච්චෙකුත් තියාගෙන.  මම ගානක් නැතුව කූල් පිට ජර්සියේ අත උඩට රෝල් කරනවා. ඔය තියෙන්නේ පච්චේ දිළිසි දිළිසි! හිස්කබලේ ඇස් වලින් ගිණි පිටවෙනවා වගේ පේනවා.

"හරි හරි, අනං මනං ඕනේ නෑ.  අයිං වෙයල්ලා මට යන්න මෙතනිං. නැතිනං..."

ලීච් හිනාවෙනවා.

"ඇයි, නැතිනං මොකෝ?"

හෝ ගාලා කෝච්චියක් වගේ දුම් වළලු යවන පොර මගේ පච්චේ දකින්නේ නෑ. නමුත් මට පේනවා ලික් එක දැකපු බව, මොකද බුවා දැනටමත් අඩි දෙකක් පස්සට අරං!

"ඒයි, ලීච්, ඔය ඇති."

ලීච් හිනාව නවත්තනවා.

"ඈ?"

ලික්, ලීච් ලඟට ගිහින් කණට කොඳුරනවා.

ලීච් දඩි බිඩි ගාලා පේව්මන්ට් එකෙන් නැගිටිනවා. විශ්මයෙන් රවුම් වෙච්ච උගේ ඇස් රැඳිලා තියෙන්නේ මගේ පච්චේ. ලීච් අඩි කීපයක් පස්සට යනවා.

"දැංවත් මට ගියෑකිද?"

"ඔ...ඔ...ඔව්වොව්. අපි මේ පොඩි අ.. විහිළුවක් කලේ. මේ...මේ නිකං ජොලියට."

"ජොලියට? උඹලා ජොලිය කියන්නේ මේ වගේ පජාත වැඩ වලටද?"

ලීචුයි ලිකුයි දෙන්නම හරියට බය වෙච්ච හා පැටව් දෙන්නෙක් වගේ ගල් ගැහිල බලා ඉන්නවා. මුං දෙන්නා ඇත්තටම බය වෙලා තියෙන්නේ මගේ පච්චෙටද නැතිනම් පච්චේ නිසා මගේ හැසිරීමේ ඇතිවෙලා තියෙන වෙනස් කමටද කියන එක මට හරියටම කියන්න අමාරුයි. මට කොහොම වුනත් කමක් නෑ.  මම මැණික් ක‍ටුව නව නවා අතේ  මස් පිඬු පුම්බන්න උත්සාහ කරනවා.  නමුත් ඒක මම හිතන තරම් ලේසි නෑ. මොකද පිම්බෙන්න දෙයක් නැති නිසා. නමුත් හිස්කබලට පණ ඇවිත් වගේ සතුටින් නලියන්න පටං අරන්. හරි නම් මම බය වෙලා ඉන්න ඕනෙ මේ මොහොතේ, මට දැනෙන්නෙ අමුතුම සැහැල්ලු, නිශ්චල ගතියක්.  හරියට මට ඕනෙම දෙයක් කරන්න බලයක් ලැබිලා වගේ. ඔව්. මට ඕනෙ නම් පුලුවන් මම මෙච්චර කල් කාපු චාටරේට හරියන්න මුන්ට අමතක නොවෙන පාඩමක් උගන්නන්නත්!

ලික්ගේ අතේ තවමත්  කහපාට බාල්දිය.

"මොනවද ඔය බාල්දියේ?" මම අහන්නේ පොර වගේ.

"හ...හංගොල්ලෝ." ලික් කියන්නේ පහත් හඬින්.

"මොනවටද?" මම අහන්නේ උත්තරේ නොදැන නෙවෙයි. මුං අර නට්සි වදකාගාරවල වගේ හංගොල්ලො මරන්න අලුත්ම, ජරාම ක්‍රම අත්හදා බලලා අමුතුම කික් එකක් ලබනවා කියලා මම දන්නවා.

"ම්ම්ම්...අපේ තාත්තා තමයි කිව්වේ මුංව එකතු කරන්න කියලා එයාගේ රෝස පාත්තිය විනාශ කරන නිසා."

"අනේ මේ, මට ඔය බබා පාට් නොදා ඕකුන්ට යන්න දීපං."

ලික් ලීච් දිහා බලනවා. ලීච් ඔලුව වනලා හා කියනවා. ලික් බාල්දිය අනිත් පැත්ත හරවනවා. අලු පාට, පුශ්ඨිමත් හංගොල්ලො විස්සක් විතර බඩවැටියට හැලෙනවා. එක ගුලියට හිටපු උං අමාරුවෙන් එකිනෙකාගෙන් වෙන් වෙලා යන්න දඟලනවා දකින මම ඔලුව දෙපැත්තට වනන්නේ අප්‍රසාදයෙන්.

"උඹලට කොහොමද මම දන්නේ නෑ. මට නම් මේ වැඩේ අල්ලන්නේ නෑ."

දෙන්නම සද්ද නෑ.

"මට අල්ලන්නේම නැති අනිත් වැඩේ තමයි, උඹලා හැමදාම මං එනකල් මග ‍රැකගෙන ඉඳලා මාව අල්ලගෙන ගොං ආතල් ගන්න එක. ඒ වැඩේ වහාම නවත්තපල්ලා, මාව මාරයෙක් කර නොගෙන."

"සොරි මචං," ලික් කියනවා. "ඕවා ඔක්කොම හරියන්නත් එක්ක යං අපේ ගෙදරට ගොඩ වෙලා මිල්ක් ෂේක් එකක් බොන්න."

හරි නම් මම කලයුත්තේ දැන් මෙතනින් පිටත් වෙලා කන්ද නැගගෙන ගෙදර යන එක වුනත්, මට මේ අලුතින් ලැබිච්ච බලය පාවිච්චි කරලා ගන්න මේ ආතල් අතහැරලා යන්න ලෝබ හිතෙනවා. ලික් මාත් එක්ක වල,බහින කාලේ, ඌ හදලා දීපු සීතල මිල්ක් ෂේක්වල රස මට දැනෙනවා වගේ. අපරාදේ කියන්න බෑ ඌට ඒක නම් නියමෙට පිහිටලා තියෙනවා. පුරවපු මෝල්ට් තේ හැඳි දෙකයි, බිත්තර, අයිස්ක්‍රීම්, තව චොකලට් සිරප් බෝතල් බාගයක් විතර...

ඊලඟට මොකද වෙන්නේ? දින කීපයක් ඉවසපල්ලා ඈ. පේනවනේ පච්චේ?




Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers. 



 

147 comments:

  1. //බුවාට ‍ෆිෆ්ටීන් ස්පීඩ් රේසිං බයික් එකක් තියෙන හන්දයි, සිගරට් බොන හන්දයි, බුවා හෙන පොරක් කියලා ඇඳලා ඉන්නේ.//
    සිරාම කතාව තමයි ඩුඩ් අයියේ බයික් පදින සිගරට් බොන හුගක් උන් හිතං ඉන්නේ උන් තමයි පොරවල් කියලා..:D

    ReplyDelete
    Replies
    1. තව තියෙනවා මනෝජ් ඔය ලිස්ට් එකට. පොරත්වය කියන එක හරි පුදුම දෙයක්. පුම්බපු බැලුම් බෝල වගේ.

      Delete
  2. ලංකාවෙත් දැන් සෑහෙන්න පච්ච කෙටීම වර්ධනය වෙලා තියනවා. ගෑණු ළමයිනුත් පච්ච කෙටීමට යොමුවෙලා ඉන්නවා. ඒක පෞද්ගලික නිදහස. මට හොඳ දේ තව කෙනෙකුට නරකයි. ලෝකයේ සමහර රටවල ත්‍රිවිධ හමුදාවට බැඳෙන ආධුනිකයන් පච්ච කොටාගෙන සිටීම, (නිළ ඇඳුමෙන් ආවරණය වන ප්‍රදේශවල පමණයි) ප්‍රශ්නයක් නොවේ. නමුත් අපේ ත්‍රිවිධ හමුදාවේ ඒ සඳහා ඉඩක් නැහැ. පච්ච කෙටීමෙන් පෞරුෂත්ව වර්ධනයක් වෙනවා යයි සිතීම නම විහිළුවක්.

    ReplyDelete
    Replies
    1. //අපේ ත්‍රිවිධ හමුදාවේ ඒ සඳහා ඉඩක් නැහැ//
      ඒහෙම කිවාත් මම දැකලා තියෙනවානේ පච්ච කොටාගෙන ඉන්න ආමි ඈයෝ.
      මම දන්න දෙන්නෙකුත් ඉන්නවා එහෙම පච්ච තියෙන ආමි එකේ ඉන්න

      Delete
    2. මාත් දැකලා තියේ

      Delete
    3. මටත් අහන්න හිතුනේ ඔය ප්‍රශ්ණෙමයි. ඒක මනෝජුයි ලක්මාලුයි අහලා.

      ඇත්තෙන්ම ඔය පච්ච කෙටීම අලුත් දෙයක් නෙවෙයි නේද? මොකද අපේ මාමටත් තිබ්බා සෑහෙන පච්ච තොගයක්. උරෙස්සේ තිබ්බා රතු ඉන්දියානු නායකයෙකුගේ ඔලුවක්. අතේ කිණිස්සක එතිච්ච සර්පයෙක්. තව... එක්කෝ ඕනේ නෑ.

      Delete
    4. නීති රීති තිබුනට ඒවා පිළිනොපදින අය ඕනේ තරම් ඉන්නවනේ. මම කිව්වේ ඒ සඳහා තිබෙන ප්‍රතිපත්තියයි. නිළ ඇඳුමට වැහෙන තැනක පච්ච කෙටුවොත් එය පෙනෙන්නේ නැහැ. සමහර අය පච්ච කෙටීම තහනම් කියලා නීතියක් තියන බව දන්නෙත් නැහැ.

      Delete
    5. මොලය පාවිච්චි කරලා පච්චයක් ගහපු ලාංකිකයෙක් ගැන නම් අහලා තියනවා.ඔහු දෙවන ලෝක යුද්ද කාලේ යුද හමුදාවට බැදුනු කෙනෙක්.බ්‍රිතාන්‍ය කිරීටය( සිංහලෙන් කියන්නේ British Crest ) කෙලින්ම ගහගෙන තියෙන්නේ පපුවේ වම් පැත්තේ හදවතට උඩින් . නිලධාරීන් ඔහුට බොහෝ ලෙන්ගතුව හා විශ්වාසනීයව සලකලා තියනවා.

      Delete
    6. //ඔය පච්ච කෙටීම අලුත් දෙයක් නෙවෙයි නේද
      Dude අහලා තියනවද Chris Rainier ගැන ඔහු ලෝකේ වටා ගමන්කර සම්ප්‍රදායක පච්ච ගැන හොයන්නෙක්.අපුරු පොත් කිහිපයක් ඔහු එලි දක්වා තියනවා.ඔහුට අනුව ගෝත්‍ර වල තම පන්තිය (level එක) පෙන්වන්න,මරපු සතුරන් ගණන පෙන්වන්න,තමා නායකයා කියා පෙන්වන්න, දුක කියන්න පච්ච භාවිතා වෙනවා.
      විචාරක තුමා,
      //ඒක පෞද්ගලික නිදහස
      තමන් කරන්නේ මොකක්දැයි දැනුවත්ව පෞද්ගලික නිදහස පාවිචි කරනවානම් එය තවත් උතුම්.
      නැත්තන් අර ඇමෙරිකාවේ ගැන්සි වල hand signals අපේ එව්වෝ ෆොටෝ වලට පෙනී ඉන්නකොට පාවිචි කරනවා වගේ තියෙයි.

      Delete
    7. නිකමාව සාදරයෙන් පිළිගන්නවා මගේ ඩෙනිමට. නිකමා කියලා තියෙන කතාව ඇහුවම මට හිතුනා ගිහින් නිකමගේ බ්ලොග් එක කියවලා බලන්න. කෙ‍ටුවා ප්‍රොෆයිල් එක උඩ නමුත් ඒක බ්ලොක් කරලා. ඇයි බ්ලොග් එකක් නොලියන්නේ පුලුවන් වෙලාවටවත්.

      Delete
    8. ඕන් කීවා කතාවක්.මං මේ කොරන්න ඉන්නේ අර "දෙමල ප්‍රසන්න"ගොයියාගේ ජාතියේ එකක් :-)

      Delete
    9. අනේ වාසනාවං!

      Delete
  3. හික්ස්!! පච්ච්චයක් ගහගන්න හිතෙනවා දැන් නම්!!

    ReplyDelete
    Replies
    1. හයියෝ .... සිම්පල් ප්ලෑන් එකක්. පලයන් හන්දියෙ කඩේට. ගනිං රුපියල් 3 චුයින්ගම් එකක්. ඒක කාලා කොලේ තියෙන පච්චෙ ගනිං අතට. දැන් අ- ගහපන්. =)) =))

      Delete
    2. ඔය තියෙන්නේ බං ප්‍රශ්ණෙයි උත්තරෙයි දෙකම. ඇත්තෙන්ම ඒ චුවිංගම් වල තියෙනවා ඇත්ත පච්ච වලට වඩා හෙන ගති එව්වා.

      Delete
  4. හෙන්රි මේ කතාව ඇතුළේ මහා ගඹුරු දෙයක් නේ කියැවෙන්නේ. මායාව හා යථාර්තය අතර දෝලනය ගැන කියැවෙන ලොකු කතාවක් මෙතැන සගවලා තියනවා.
    මේ ගැන ලොකු දෙයක් කියන්න හැකි තත්ත්වෙක නො‍වෙයි මා දැන් ඉන්නේ. ඒ කොහෛාම වුණත් මේ කතාව නිකම් බැහැර කරන්න හැකි එකක් නොවේ. ඇන්ඩියාගගේ කතාවක් වුවත් මේ තමා යතාර්ථය.

    ReplyDelete
    Replies
    1. පුංචි ලිඳේ වතුර රසයි කියන්වනේ නලීන්. මොකෝ බං මේ ගැන ලොකු දෙයක් කියන්න හැකි තත්වයක නෙවෙයි මා ඉන්නේ කිව්වේ? උඹ මැලේෂියා ගිහින් ආවා නේද?

      Delete
    2. එහෙ ගිහිල්ල ගත්ත සොමියට ආපු දවසෙ ඉදල සතියෙ දින 7 තේම උදේ ඉදල රාත්‍රී 10 වෙනකන් වැඩලු.

      Delete
  5. / වෙනදට ඩොලර් දෙකයි සත අනූපහට දෙන පච්චේ, අද TARGET එකේ සේල් දාලා තිබ්බ ඩොලර් අනූ නමයකට. /

    යකාගෙ සේල් එකක්නෙ බං ඒක....සේල් කරාම ඩොලර් 96.05 කින් වැඩි වෙනවය?

    / ලීච්ගේ අත විදුලි වේගයෙන් දික්වෙලා මගේ වළලුකරින් අල්ලා ගන්නවා /

    වළලුකර?....

    ReplyDelete
    Replies
    1. අනේ මමත් ඒක අහන්ට ආවෙ, මගේ හිතේ .99 වෙන්ටැති.

      Delete
    2. සමාවෙයල්ලාමේ හදනවා. සත අනූනමයයි.

      වළලුකර තමයි මචං. අරූ බිම ඉඳගෙන ඉන්නේ.

      Delete
    3. / වළලුකර තමයි මචං. අරූ බිම ඉඳගෙන ඉන්නේ /

      Sorry Henry, My mistake :(

      Delete
    4. සොරි මොකෝ බං. වැරදි පෙන්නා දෙන එක කොච්චර හොඳද? අපේ ගෙදර ඉන්න විවේචකයෝ ඊයේ මේකෙ පෲෆ් රීඩිං කලේ නෑ හෙන බිසි නිසා. මම කොහොමත් පබ්ලිෂ් කලාට පස්සෙත් දකින වැරදි හදනවා. මොකෝ ලකුණු කපනවයි කියලයැ? :))

      Delete
  6. //මේකට මහ ගානක් ගියෙත් නෑ. වෙනදට ඩොලර් දෙකයි සත අනූපහට දෙන පච්චේ, අද TARGET එකේ සේල් දාලා තිබ්බ ඩොලර් අනූ නමයකට.//

    මහ පුදුම සේල් එකක් නෙ....

    ReplyDelete
    Replies
    1. සමාවෙයල්ලාමේ හදනවා. සත අනූනමයයි. :D

      Delete
    2. මට අද හරිම සතුටු දවසක් ඩුඩ්ඩට වැරදිලා , ඒයි මේ බලපල්ලා ඩුඩ්ඩට වැරදිලා

      Delete
    3. අඩේ අප්පා අටං! ඒ කියන්නේ උඹලා හිතාගෙන ඉන්නෙ මම වැරදි නොකරන එකෙක් කියලද? මටත් අනන්ත වැරදි වෙනවා බං. අර උඩ කමෙන්ට් එකේ කිව්වා වගේ ඉස්සෙල්ලම පවුලේ අය කියවලා ඒවා පෙන්නුවාම මම හදනවා. ඊ ලඟට උඹලා පෙන්නන ඒවා සහ මමම දකින ඒවා හදනවා.

      Delete
    4. උ ෂොට් එකක් දාගෙන මේවා ලියන්නේ අටමෝ, අද බ්‍රෑන්ඩ් එක වෙනස් වෙලා...

      Delete
  7. ආ .... ටිකෙන් ටික රුපියලෙන් රුපියල ශතකෙටත් ලං වෙනව නේ......


    මේ අණ්ඩපාලය දවල් හීනයක් දකිනව නෙවෙයිනේ, උනොත් හොඳයි කියල ඌ හිතන විදිහට. එහෙම නැත්නම් ඉතිං අරුන් දෙන්න මූව වෙනස්ම විදියකට බයිට් එකකට අරගෙන. :-?

    ඉතිරි ටිකත් බලමුකො. ඔන්න ඉක්මනටම දාන්ටෝන, හරිය.

    චිත්තරේ අඩුව නම් තදින්ම දැනේ, ඔය බැනර් කෑලි එල්ලල ඒක වහන්න බැරියෝ. :(

    මම ඒත් කියවන්න පටන් ගත්ත ගමන් බැලුවා මේක මේ හෙන්රි අයියා ගැන කියන එකක්ද කියල, පච්චෙ පාට ගැන කියද්දිම පට්ගාල ක්ලික් උනා ඒක නම් කීයටවත් වෙන්න විදියක් නෑ කියල. ඔය සුදු හමට මොන කලර්ස්ද දෙයියනේ. :))

    ReplyDelete
    Replies
    1. චිත්‍රේ නැති නිසා මාව කන්න හදන එවුන්ගෙන් පෙරටම එන්නේ මෙන්න මුං:

      DDTයා නොහොත් මදුරු නාශකයා.
      සෙන්නා
      සිංහල රාජ්

      උඹලට ස්තුතියි. දැන්වත් ඇඳලා දාන්නම්.

      මම ටිපෙක්ස් වලින්වත් පච්චයක් කොටාගන්න සිරාවටම හිතනවා බං. ඒයි උඹ දන්නවද? මට වඩා කලු බාස් කෙනෙක් සිරාම පච්චයක් ගහන් හිටියා ගිය අවුරුද්දේ. :D

      Delete
    2. ඒකනේ රාජ්. දැන් කීපාරක් ආවද දාලද කියල බලන්න.

      Delete
    3. හලේ, පොඩ්ඩක් අනුකම්පා කරපල්ලා බං. මම අද ගෙදරින් ආවේ අයිටම් 14ක ලිස්ට් එකකුත් හදාගෙන කරන්න ඕනෙ දේවල්. ඒකට ඊට පස්සෙත් තව දෙකක් එකතු වුනා. මට බං තවම මේ කමෙන්ට් වලට උත්තර දීලා ඉවර කරන්නත් බැරි වුනා.

      Delete
  8. මෙන්න අයිමත් ඈන්ඩි ඈවිල්ලා.වෙල්කම් වෙල්කම්..අර රවි අයිය දෑකපු ටික නම් මමත් දෑක්ක මචො

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දමිත්. ඔන්න මචං එවෙලෙම හැදුවා.

      Delete
  9. මතකද පච්චෙකට හෙන වලියක් ගියා! ;D

    ReplyDelete
  10. ඒ මාරන්තික පච්චය සමඟින් ඇන්ඩි නැවතත් !!

    නියමෙට, ගානට තියනවා ඩුඩේ. වෙනදා වගේම උපරිමයි. හොඳට රස වින්දා.

    විචාරක තුමා කිව්වා වගේ ලංකාවෙ තරුණ පරපුර අතර පච්ච කෙටීමේ වර්දනයක් පෙන්නුම් කරණවා. නිකන් දෙකයි පණහේ පුන්චි පච්ච නෙමේ, අත පය පුරාම විහිදිච්චි දැවැන්ත පච්ච. ඒවා කොටලා කොට අඳුම් ඇඳල ප්‍රදර්ශණය කරමින් යන එක විලාසිතාවක් වේගන එනවා වගේ. ඒවත් මේ ජාතියෙ ඒවද මංද! මොකද මන්දා ඒ පච්ච දැක්කට එච්චර බයක් හිතෙන්නෙ නෑ අර අමාරුවෙන් හතරැස් අකුරු වලින් කොටපු "මරුවා බුදු වේවා !! අම්මා සමඟ වාසේ" වගෙ ඒවා ඊට වඩා භයක් ජනිත කරනවා.

    මෙතන උඹ හැබෑවටම පරිවර්තනය කළාද ? අතින් දාලා ලිව්වද ?

    ------
    "මොකෝ මේ හදිස්සිය?" ඒ ලීච්. "අනේ කරුණාකරලා කියාපං."

    "අනේ කරුණාකරලා," මම කියන්නේ කෙලින්ම ඉස්සරහ බලාගෙන.

    'අනේ, අනේ මට අනුකම්පාකරලා කියාපං."

    'අනේ, අනේ මට අනුකම්පාකරලා."

    'අනේ, අනේ සර් මට අනුකම්පාකරලා කියාපං."
    -------

    ඔතන කොහොමද ඔරිජිනල් එකේ තිබුනෙ ?

    කෝ චිත්‍රෙ ?

    ReplyDelete
    Replies
    1. මෙතන තිබ්බේ මෙහෙමයි සෙන්නා.

      "Not so fast," he says. "Say please."

      "Please," I say, looking straight ahead.

      "Say pretty please," he says. "With sugar on top."

      "Pretty please with sugar on top." I say.

      "Say pretty please with sugar on top,sir!"

      ඔන්න ඔහොමයි.

      චිත්‍රේ අඳිනවා. මේ දවස් වල පේපර් හතරක් මාක් ස්කීම් එක්ක බාර දෙන්න තියෙනවා බං. ඒත් අඳින්න ඕනේ. ඇඳලා පස්සේ අප්ලෝඩ් කරන්න තමයි හිතාගෙන හිටියේ.

      උඹට කියන්න, මමත් පච්චයක් කොටාගන්න හැමදාම ආසාවෙන් හිටියේ. කොහෙද මේ රස්සාවත් එක්ක බෑනේ බං. ඒක මේ හෙන ආටිස්ටික් එකක්. මම දකින පච්ච හුඟක් ඒවා එහෙම ලස්සන නෑ. එතකොට අර හමේ රෝගයක් හැදිලා වගේ හැම තැනම ගහන ඒවා නෙවෙයි. සමහර පච්ච දැක්කම අප්පිරියයි.


      Delete
    2. මේකෙ තියන විදිහටනම් මුන් ඇන්ඩියව බයිට් එකට ගන්න තමා මේවා කියන්නෙ නේද ? මම හිතුවෙ උන් පාස්වර්ඩ් එක කියන්න කියලා කිව්වම, ඇන්ඩියා උන්ව බයිට් එකට ගන්න උන් කියන එකම කියනවා කියලා.

      Delete
    3. මටත් සෙන්නාගෙ ප්‍රශ්නෙම ආවා... මට නිකමට හිතෙනව මෙහෙම වුණා නම් හොඳා කියලා...

      //"මොකෝ මේ හදිස්සිය?" ඒ ලීච්. "අනේ කරුණාකරලා (කියලා) කියාපං."

      "අනේ කරුණාකරලා," මම කියන්නේ කෙලින්ම ඉස්සරහ බලාගෙන.//

      වරහන් දැම්මේ ඒ වචනේ එකතු කල බව අඟවන්න විතරයි හොඳේ...

      Delete
    4. ඔව් තිසර නැතිනම් 'අනේ කරුණාකරලා' ඉන්වර්ටඩ් කොමා ඇතුලේ දාන්නත් තිබ්බා නේද? එතන දැනටමත් ඩබල් කොමා තියෙන නිසාත් ඉංගිරිස් එකෙත් එහෙම මොකුත් තිබ්බේ නැති නිසාත් තමයි එහම ලිව්වෙ. නමුත් 'කියලා' කියන එක මතක් වුනා නම් ඒක දාන්න තිබ්බා. දැන් වුනත් පුලුවන්. හිටපල්ලකො. ඉඩක් ලැබිච්ච හැටියෙම ඒක හදන්න. ස්තුතියි උඹලා දෙන්නටම. :)

      Delete
  11. //"මේක ගැහුවට පස්සේ මට මාර වෙනසක් දැනෙන එක. මට දැනෙනවා මම වෙනදට වඩා විශාලයි වගේ, ශක්තිමත් වගේ, නිර්භීතයි වගේ. කොටින්ම වෙනදට නැති පොරත්වයක් දැනෙනවා"//
    සහතිකයි ඕයි ඔය කතාව මටත් ඔහොමම දැනිලා තියෙනවා ,හැබැයි ඕක ටික ටික ගැලවෙනකොට හිතෙනවා නිකන් නාකිවෙලා වගේ කියලා.

    ReplyDelete
    Replies
    1. තව එකක් ගහගනිං ඉවාන්. එක පාර පෙට්ටියක්ම හෝල් සේල් ගනිංකෝ බබ්ල්ගම් ගන්නකොට. ඒක නෙවෙයි මට උඹ ගැන තියෙන මනෝ චිත්‍රේ උඹේ උරෙස්සේ චේගේ පච්චයක් තියෙනවා. :))

      Delete
  12. ඔය මතු සම්බන්දයි කියල කතා දාන එවුන් මට පෙන්නන් බෑ ................................... හි... හි.... හි .....

    ReplyDelete
    Replies
    1. අඩෝ මේ! උඹ පරිස්සමෙන් ඉඳහං හරිද? මේ පේනවනේ මගේ පච්චේ?

      Delete
  13. ඇන්ඩියා පත මනෝපාරක වගේ....:D (එක පාරටම එහෙම හිතුනට .... ඊට වඩා දෙයක් ඔතන අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෑ.... මොකද මේ වෙන කවුරුත් නෙමේ "ඇන්ඩියා"නේ..D... ඉතිං ඩුඩ් කීවා වගේ ඉදිමු... ඉවසා ගෙන ටික දවසක්..:( )

    "ප්ලාස්ටරේ"ත් රස වින්දා බොහෝම ස්තුතියි ලිංක් එකට ඩූඩ්.

    ReplyDelete
    Replies
    1. ඔව් බං. වෙනින් කවුරුත් නෙවෙයි ලෙනින් මොරායස් කිව්වනේ.
      හේයි! උඹ ප්ලාස්ටරේ කියවලා තිබ්බේ නැද්ද? :-O

      Delete
  14. යකඩෝ...පච්චයක් කොටපුවාම ඔච්චර කික් එකක් එනවා නම් මාත් කොටනවා පච්චයක්...මං ආසයි මල් දෙණියේ සිමියොන් කියලා කොටා ගන්න...

    ව්‍යාපාරික සහකරු හෙන්රි තුමා...ඔන්න කාලෙකට පස්සෙ තමයි සිරා වෙලකට බැස්සෙ...ජය !

    ReplyDelete
    Replies
    1. "හප්පට සිරි බොල, මේ අපේ පරණ බොක්ක සිරා නේද?" :-O

      අම්මා තාත්තා දැක්කා වගේ පාට්නර්. පුදුම සං‍තෝසයි. මගේ පළවෙනි ප්‍රශ්ණේ.
      ජොබක් සෙට් වුනාද?

      Delete
    2. පච්ච කිව්ව ගමන් මතක් උනේ අර උන්නු ජැමෙයිකන් කාරයාගේ කතාව. අනික තරුන කාලේ සරීර පුම්මන් ඉන්න කාලේ කොටා ගත්ත මකරු, නාකි වෙලා ගත වැහැරුන කලේ නිකන් කටුස්සෝ හිකන්නල්ලු වගෙ පෙනෙන්නේ

      Delete
    3. හනේ හනේ සිරෝ, දැන් කොහෙද ඉන්නේ අඟහරු ලෝකෙද නැත්නම් බ්‍රහ්ම ලෝකෙද?

      'මල්දෙනියේ සිමියොන්' කොට වැඩියි. අහලා නැද්ද මිනිහෙකුගේ ........කොටලා තුබුණා කියලා 'සාගර ජලය මදි හැඬුවා නුඹ හන්දා' කියලා.

      Delete
    4. ඇයි Aids වෙච්ච Adidas :D

      Delete
    5. ඇයි Wendy වෙච්ච Welcome to Jamaica, Have a ‪nice day. :D

      Delete
    6. දැන් ඉන්නෙ මැලේසියාවෙ...හිතේ සතුටින් නිදහසින් දැන් හොද රැකියාවක නිරත වෙනවා...ඒ ආපු කික් එකට මම සැප්තැම්බර් ඉදලා කාමරේ ලෑලි දොර අරිනවා ඔන්න...

      Delete
    7. අහන්නත් සන්තෝසයි සිරා. අහන්නත් සන්තෝසයි partner... :)

      Delete
  15. මේකත් නැගලා යන එකක වගේ, වෙනදා වගේම සුපිරි පරිවර්තනයක් මචං. අනිත් කොටස එනකල් බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. හිටපං අයිලාස්. උඹලව මෙච්චරවත් රස්තියාදු කරන්න නෙවෙයි හිටියේ, නමුත් උඹ විස්වාස නොකරන තරම් බිසි බං මම මේ ටිකේ.

      Delete
  16. දැන් ඉතිං බලන් හිටපියකො... :D

    පරිවර්තනයක් නේද/? ඇත්තටම පච්චයක් ගැහුවහම ඔය මෙව්ව එක මොරාල් වෙලා එනවද ඈ? හ්ම්ම් බලමු ලීක් ගේ ගෙදර මිල්ක් ෂේක් බොන හැටි.කුතුහලය උපරිමේටම ආවහම මෙහෙම නතර කරපු එකනං වැරදියි ඔන්න

    ReplyDelete
    Replies
    1. කෝ මේ රෙහානි, කෝ ම්ම්ම්... බලන් යන්න ඕනේ පහලට..

      ආ මේ ඉන්නේ..!

      අනේ රෙහානි අක්කේ.. බුදු අක්කේ,සුදු අක්කේ..
      වටලප්පන් එක්ක නොමිලේ බෙදාහැරපු අසමෝදගම් තව නැද්ද?

      මගේ බඩ ජුරු ජුරු ගාන්න ගත්තා මේක දැකලා..

      //පුදුම වැඩේ කියන්නේ, මේක ගැහුවට පස්සේ මට මාර වෙනසක් දැනෙන එක. මට දැනෙනවා මම වෙනදට වඩා විශාලයි වගේ, ශක්තිමත් වගේ, නිර්භීතයි වගේ. කොටින්ම වෙනදට නැති පොරත්වයක් දැනෙනවා.//

      මට බයයි! සුළු දිය වැගිරෙන්න වගේ.. :D

      ආ හරි.
      ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ දැන් තහවුරු කළා මං ඉන්නේ දැන් නීල ජලාශේ කියලා.
      :D

      Delete
    2. එහෙම වෙනවා ඇති රෙහානි. ඒක නම් ගහලම බලන්න ඕනේ. ඇයි ලිප්ස්ටික් ගාලා මේකප් දැම්මාම එහෙම නැද්ද?

      @අල්තයීර්: බඩ ජුරු ජුරු ගානවානං දුවහං තවත් බලා ඉන්නේ නැතුව. :))

      Delete
    3. මේ දුවනෝ මේ දුවනෝ! සරම කරට අරන් දුවනෝ!

      Delete
    4. ආ ....මේකද මේ චන්ඩියා මට බලන්න කිවුවේ :D

      ඔය බඩ ජුරු ගාන්නේ මගේ වටලප්පම කාලා නං වෙන්න බෑ අලී ඔඳේ. ඇයි අප්පා මගේ වටලප්පමට හැමෝම මඩ ගහන්නේ :D

      Delete
  17. එල එල. ආයෙමත් ඇන්ඩිගේ කතාවක්. අර කියල තියෙන පේපර් වැඩ ඉවර උනාම ඉක්මනට දාන්න ඈ

    ReplyDelete
    Replies
    1. ඔව් ඉමල්ක. එහෙම තමයි ප්ලෑන.

      Delete
  18. සිගරට් එකක් උරනකොට, ෂොට් එකක් දාගත්තම එන කික් එක වගේ එකක් වෙන්න ඇති පච්චයක් ගහගන ඒක පෙන්න පෙන්න ඇවිදිනකොටත් තියෙන්නෙ.
    මිල්ක් ෂේක් එකෙන් පච්චෙ හෝදගනී වගේ පොර.

    වහාම මේකට චිත්‍රයක් නොදැම්මොත් ඔය පච්චෙ ගැන බලන්නෙ නෑ හරිද.....=D>

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න පේන්නැති තැන්වල පච්ච ගහලා වැඩක් තියෙනවද? මිල්ක් ෂේක් එක ගැන අනාවැකි කියන්න එපෝ. (උඹට එහෙම හිතුනද ඈ?)
      අඩේ උඹ තරජනය කරලා නේද? පව් බං මං!

      Delete
  19. යකෝ පච්චේකට කරන්න පුළුවන් හරියක් .. මමත් ගහනවා අදම එකක් .. අර බබල්ගම් වල තියෙන එකක් හරි .. ගහනවා ..ඊට පස්සේ බලමුකෝ ..

    ReplyDelete
    Replies
    1. චමී, සුදු පාට එකක් හම්බවුනොත් අරං තියහං ඈ. අපි දෙතුන් දෙනෙක්ම ඉන්නවා ලාපාට පච්චයක් හම්බ වෙනකල්.

      Delete
  20. බීච්/පූල් වලදි මම දැකල තියෙනව උෟරු කට කෙල්ලන්ගෙ තට්ටමේ ලස්සනට පච්ච කොටලතියෙනව.
    ඒ මොකටද දන්නෙ නැහැ නේද?
    මාර ගති අප්පා.....!

    ReplyDelete
    Replies
    1. ඉතිං කෙන්ජි අයියට හිතුනෙ නැත්ද ඔක්කොම අතෑරල පච්ච කොටන්න පටන් ගත්තා නම් හොඳයි කියල. :))

      Delete
    2. කොටන්න හිතුනත් ඒ පච්ච නොවේ මල්ලියො.

      Delete
    3. වෙන්න ඇති කෙන්ජි. අර බිල් බ්‍රැඩ්මන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එහෙම එකක් ගහගෙන මල කෙලියක් වුනානේ.

      Delete
  21. අලංකාර චිත්‍රය නොමැතිවීම දැඩිසේ හෙලාදකිමි

    ReplyDelete
    Replies
    1. හෙලා දකින්න එපෝ! I'm working on it!!!

      Delete
  22. මගේ යාලුවෙක් ඉන්නවා ඔය වගේ පච්ච පිස්සුවක් තියෙන.. දවසක් මං ඔහේ නිකම් කරකෝ කරකෝ ඇඳ ඇඳ හිටපු චිත්‍ර කෑල්ලක් දැකලා මෙන්න මේකා ඒක ඉල්ලගෙන ගිහින් දවල් වෙලා ඔෆිස් එනවා අරක අතේ පච්චයක් ගහගෙන... හි හි...

    ReplyDelete
    Replies
    1. මේක නම් මම පච්ච ගැන අහපු හොඳම ඔරිජිනක් කතාවක්. අරූ නිකං ක‍ටුසටහන් පොත වගේ ඇති නේ?

      Delete
  23. මගේ ප්‍රියතම ඇන්ඩි ගේ කතන්දර ආයිමත්..මම හිතුවා අමතක වෙලා කියලා මේ සීරීස් එක ලියන්න..කාලයක් මතයක් සහ ඇදහිල්ලක් තිබුනා පච්ච කොටන්නෙ චන්ඩි කියලා..උරිස්සෙ පච්චයක් කොටලා සරම කැහැපට ගහලා උජාරුවෙන් එහෙ මෙහෙ යන හයිකාරයො අපේ ගම් වලත් හිටියා. පුංචි අපිත් හිතුවා ඒ කාලෙ චන්ඩි සංකේතයක් තමයි පච්චය කියන්නෙ කියලා..සමාජ පරිනාමය එක්ක අද නම් පච්චය විලාසිතාවක් වෙලා..පුද්ගලිකව නම් හෙන් රි අපි දෙන්නගෙම ඇඟේ පච්ච කෙටුවට ආයි මොකෙකුටවත් පෙනෙයිද බන්..කට්ට කළු උන්ගෙ මොන පාටින්ද පච්ච කොටන්නෙ ? ඕකට මම පෝස්ට් එකකුත් ලීවද කොහෙද..
    මේ තියෙන්නෙ !
    ඇඩ් එකකුත් දා ගත්තා ඔය අව් අස්සෙ...

    ReplyDelete
    Replies
    1. ඕකෙ මමත් කමෙන්ට් එකක් දැම්මනේ.
      උඹ බය නොවී ඉඳහං මචං. මම අර චමියට කියලා තියෙන්නේ සුදු හරි ලා කහ හරි පච්චයක් හම්බවුනොත් අරන් තියන්න කියලා.

      Delete
  24. කලින් දවසක සෑම් අයියා කියලා තිබුණා ඩූඩ් අයියගේ පරිවර්තනවල රස! කවුද දන්නේ මෙච්චර රස යි කියලා. ඉතුරු කොටසත් ඉක්මනින් දැම්මා නං :D

    ReplyDelete
    Replies
    1. ගිය පාර මම ධාරාට, රාධා කියලා නාගත්තා. මේ පාර නම් බොහොම පරෙස්සම්.

      රාධා, ඇයි අනේ ඔය ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් ටැග් එකට හරි පරිවර්තන ටැග් එකට හරි ඇනලා බැලුවානම් මෙච්චර කල් කරපු අනිත්වා බලන්න පුලුවන්නේ. සෑමාටත් ස්තුතියි.

      Delete
  25. හිස් කබලට යටින් කතිර හැඩේට ඇට කටු දෙකකුත් තිබ්බ නන් පච්චේ තවත් සාර්තකයි! හැමදාම වගේ ඩූඩ් ගෙන් සුපිරි පරිවර්තනයක්!

    ReplyDelete
    Replies
    1. අඩේ මුහුදු උඹලගේ කොඩියේ එහෙම තියෙන හන්දා තමයි උඹ ක්‍රොස් බෝන්ස් ප්‍රොමෝට් කරන්නේ නේද? අපිනම් අහුවෙයි ඕවට!
      Thanks, Dude.

      Delete
  26. ඇන්ඩි ගොඩක් කාලෙකින් නේ. හැමදාමත් වගේ පරිවර්තනේ රස වින්දා.

    දවසක් අපි ward class එකක ඉන්නකොට හිටපු patient කෙනෙක්ගේ අතේ පච්චයක් ගහලා තිබ්බා. සර් ආපු ගමන් patient දිහ බලලා ඇහුවා "ආ මේ මොකද්ද කියලා" පච්චේ පෙන්නලා. ඒ මනුස්සයා කියනවා "අනේ සර් දන්නේ නැද්ද මේ තරුණ කාලේ කරන වැඩ" කියලා. සර් කියනවා "එහෙනම් මාත් නාකි වෙන්න කලින් පච්චයක් ගහගන්න ඕනේ කියලා." සර්ට වයස 60ක් විතර ඇති.

    ReplyDelete
    Replies
    1. අන්න ප්‍රොෆෙසර්ලා! සිතූ හොස්පිටල් වලට සම්බන්ධයි කියලා මට කවදාවත් හිතිලා නෑ. ඔයා මෙඩිකෝ කෙනෙක්ද?

      Delete
    2. නැහැ ඩූඩ්. මම මෙඩිකෝ කෙනෙක් නෙවෙයි. මම ඩෙන්ටෙක්. ඒ කියන්නේ ඩෙන්ටල් ස්ටුඩන්ට් කෙනෙක්. ඒ වුණාට මේ අවුරුද්දේ අපි හොස්පිටල් වල ඉගෙන ගන්නවා මෙඩිසින් සබ්ජෙක්ට් එක.

      Delete
  27. එක පච්චයක් ගාහල ඔච්චර කික් එකක් එනව නම්, පච්ච සිරාට අච්චර මොරාල් එකක් තිබුනෙ ඇයි කියල තේරෙනවා :)

    ReplyDelete
    Replies
    1. මටත් කොච්චරනම් හිතිලා තියෙනවද යසිත් පච්චයක් කොටාගන්න වරින් වර! ඕනෙ *කක් කියලා කොටා ගන්න හිතෙනවා බං. හුටා! එහෙම කොටාගත්තොත් නම් විනාසයි...

      Delete
  28. තවම කල්පනාවෙ නෙ. මට හිතෙන්නෙ ඇන්ඩිට පච්චෙ හින්දා තව පරිප්පුවක් සෙට් වෙයිද දන්නෑ කියලයි. ඔන්න අනාවැකියකුත් කිව්වා.. :)

    ReplyDelete
    Replies
    1. අන්න ප්‍රසන්නයත් ඔහොම අනාවැකියක් කිව්වා ඉහලින්.

      Delete
  29. ඇන්ඩිව අමතක වේගෙන ගියේ... ඔය වගේ වැඩක් කරොත් නම් ඉතින් ඇන්ඩි තමයි.... මටත් පොඩි ආසාවක් තියනවා පච්චයක් කොටන්න... ඒත් ඉතින් සම්ප්‍රදාය හරස් වෙලා...
    අයියේ මම පොඩි උදව්වක් ඉල්ලල තියනවා මගේ බ්ලොග් එකේ, පුලුවන් නම් උදව්ව කරනවද?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ සැමි අයියයි ඔයයි දෙන්නම කොටාගන්න මකරු දෙන්නෙක්. :))

      මම එහෙ ගියා. හැබැයි උදව්වක් කරන්න නම් දන්නේ නෑ.

      Delete
  30. කාලෙකින් ආවේ... පාඩු නෑ... ඇන්ඩිගේ කතාවක්... :)

    අනවශ්‍ය වෙලාවට කවර් කරගන්න පුළුවන් විදියට ගහන පච්චයකින් කිසිම හානියක් වෙනවා කියලා මමනං හිතන්නේ නෑ... තමන්ගේ ජීවිතේ වැදගත් සිදුවීම් සමරන්න පච්චා කොටන එකට මමනං හරි ආසයි...

    එකම දේ පච්චයක් කොටද්දී හදිසි වෙන්න හොඳ නැහැ... ඉස්සෙල්ලාම අති දක්ශ ටැටූ ආර්ටිස්ට් කෙනෙක් හොයාගන්න ඕනේ... ඊට පස්සේ තමන්ට හිතට අල්ලන ඩිසයින් එකක් තීරණය කරන්න ඕනේ... අවශ්යනම් ඒ ඩිසයින් එකෙන් තාවකාලිකව පච්චයක් ගහගෙන මාසයක් විතර ඒකත් එක්ක ජීවත් වෙලා හිතට අල්ලනවනං විතරක් ඒක පර්මනන්ට් ගහන්නත් පුළුවන්...

    ReplyDelete
    Replies
    1. //අවශ්යනම් ඒ ඩිසයින් එකෙන් තාවකාලිකව පච්චයක් ගහගෙන මාසයක් විතර ඒකත් එක්ක ජීවත් වෙලා හිතට අල්ලනවනං විතරක් ඒක පර්මනන්ට් ගහන්නත් පුළුවන්...//

      හරියට ගෑනු ලමයෙක් එක්ක මාසයක් යාලුවෙලා ඉඳලා බලනව වගේ. :)

      Delete
    2. බීට්ල් අනිවාර්යයෙන්ම බලලා ඇතිනේ 'මෙමෙන්ටෝ' චිත්‍රපටිය... අමතක වෙනවට පච්ච කොටාගන්නේ....

      Delete
    3. බීටලයා කියන කතාවේ සෑහෙම්න ගැඹුරක් තියෙනවා. පච්ච කොටාගන්නකොට හදිස්සි වෙන්න හොඳ නෑ කියන එක නම් මමත් ඉස්සර ඉඳන්ම විශ්වාස කලා. ඒකෙ වෙන්නැති මට එක පච්චයක්වත් නැත්තේ තවම.
      හප්පා උඹේ කතාව ගිහින් තියෙන දුර!

      Delete
  31. ඩූඩ්ගෙ පරිවර්තන නං ඉතින්.....

    ReplyDelete
    Replies
    1. ....ආයේ ලොවෙත් නෑ

      Delete
    2. එල ඩුඩ් සුපිරියි , මට කියන්න වචන නෑ .....
      :)))))))

      Delete
    3. මෙන්න යකෝ ෂැගියා ඩ්‍රැකියගේ වාක්‍යයේ හිස්තැන් පුරවලා. ස්තුතියි බං මුරුංගා අත්තේ නැග්ගුවට.

      Delete
  32. පරිවර්තනය ලස්සනයි. ඒත් පච්ච කොටන අය නම් විශ්වාස කරන්ට බෑ. :D

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙම කියන්නේ?

      Delete
    2. ඒ කියන්නේ...අත්දැකීමෙන්ද?

      Delete
  33. දශක ගානකට ඉස්සර නුගේගොඩ මං අඩි පුඩි පංතියක් කලා.. ඒක කලේ සල්ලි හොයන්න නෙවෙයි.. පටියට අංක එකතුකර ගන්න නං ගුරෙක් වෙලා අවුරුදු ගනනක් ඉන්න ඕනෙ හින්දයි.. ඔන්න ඔය හින්දා මං නැති බැරි කීපදෙනක්ටම නිකං උගැන්නුවා. ඔය අතරෙ හිටියා කරෙක් වගෙ කොල්ලෙක්. බජාර් එකේ චණ්ඩියෙක් වෙන්න ඕනෙ.. දවසක් කොල්ලාගෙ කිට් එකේ උඩ කබාය සටනකදි විවෘත උනා.. එතකොටයි ඔක්කොම දැක්කෙ පපුවෙ තිබ්බ පච්චෙ.. "වැඩ දෙනව ගුටි කනව " කොල්ලො ඔක්කොම හිනා උනා... පවු ඊට පස්සෙ ඒ කොල්ලා ආයිත් ආවෙ නෑ.

    ReplyDelete
    Replies

    1. අඩි පුඩි පංතිය කිව්වාම මට එක පාරට හිතුනේ බාර් එකක් වත්ද කියලා.
      ඒක මරු පව්වේ. ඌ මට ගහනවා, මට ඌ ගහනවා වගේ.

      Delete
  34. සුපිරි පරිවර්තනයක් ඩූඩ් අයියේ, කියවන වාක්‍යයේදී ඊගාව වාක්‍ය කියවන්න තිබහයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අල්තයීර්. ඒක අමුතුම වාක්‍යක්!

      Delete
    2. හික් හික්! මගේ කටට ආවේ මේක කියවනකොටමයි.. :D

      Delete
  35. පච්චෙ කිව්වම මතක් වුනේ , කලින් දවසක් ඩූඩ් කිව්වා නේද පච්චයක් කොටාගත්තොත් මැර පංති පාලනයට තාවකාලික විසඳුමක් වේවි කියලා. නරකද ඇන්ඩිගෙන් පච්චයක් ටික දවසකට ඉල්ල ගත්තොත්.... නිකමට ටැස් කොරලා බලඤ්ඤ

    ReplyDelete
    Replies
    1. මටත් ඕක නොහිතුනාම නොවෙයි, තොටියා. නමුත් දැන් ඒ පංතියේ තත්වය ඉඳුරාම වෙනස්.

      Delete
  36. මගේ අතේ පොඩි එකී ඇන්දා පච්චයක්. මම ඒක fb එකේ දැම්ම. ප්‍රතිචාර හෝ ගාලා. සමහරුන්ට ඉරිසියත් හිතිලා. ඔන්න පච්චෙට් තියෙන ඩිමාන්ඩ් එක.

    සුපිරියි ඩූඩා. ඉස්සෙල්ලම මීයෙකුට කියලා කවා ගනින්. ඊට පස්සේ පච්චේ ගැන හිතන්න බැරියයි. වෙනියටත් ඕකම කරන්න බැරියැයි.

    ReplyDelete
    Replies
    1. ඔය මොනවා කිව්වත් පච්ච මාර ඩිමාන්ඩ් කියලා මටත් හිතෙනවා.

      මීයට කියලා කවාගන්නවද මයිකල් ජැක්සන් කොහොමද වැඩේ කලේ කියලා හොයලා බලනවද කියලා කල්පනා කලේ.

      Delete
  37. මචං උඹටයි මටයි පච්චයක් කොටාගන්න බැරි එකම හේතුව නිසා.... සුදු පාට තීන්ත (දැන් නම් තියනවද දන්නෙත් නෑ) හොයාගත්ත දවසක බලමු...

    මම දැකලා තියන හොඳම පච්චේ තිබ්බේ ගැල්ලමයෙක්ගේ බඩේ... ෆිඩෙල් කැස්ත්‍රෝගෙ රූපයක්... කට්ටිය දැකල ඇති...

    ReplyDelete
    Replies
    1. අඩේ ඒ කියන්නේ උඹත් මගේ පාටමද? Welcome to the club! අනිත් උන්ගේ ඇඟවල් වල ලේ නෑ බං. ඒකයි ඔය සුදුමැලි පාට. අපි ටිපෙක්ස් වලිං හරි ගහගම්මු මචං.

      උඹ දෙවෙනියට කිව්ව පච්චේ ගැන මම කල්පනා කලේ. මම දැකලා නෑ.

      Delete
  38. ඇන්ඩි මගේ පච්ච පුතා ඇවිල්ල ආයේ..

    ReplyDelete
    Replies
    1. නාඩා ඉඳිං. ඔය ඇවිත් ඉන්නේ.

      Delete
  39. ඉස්සර ට්‍රිපක් යනකොට යාළුවන්ගෙ අතේ පයේ පච්ච අඳින්නෙ මම.
    ඇන්ඩි නම් හෙන්රි හෙන්රි නම් ඇන්ඩි. වර්ණනා ඕන නෑ නෙව.

    ReplyDelete
    Replies
    1. රාජ්. ඔය වැඩේ ඉස්සර මාත් කරනවා. දැන් ඔය පන්තිවල ඉගෙනගන්න උනුත් කරගෙන ඉන්නවා මම දකිනවා. බොඩි ආර්ට්නේ බං.

      Delete
  40. වැඩි වැඩ දාන්න ගිහින් ඇන්ඩි නාගනියි වගේ. විහිලු කතාවක් වුනත් ගන්න ලොකු දෙයක් තියෙනව.සමහර විට පොඩි දෙයක් ඇති ලොකු ගැම්මක් එන්න ජීවිතේට.

    ReplyDelete
    Replies
    1. ඇන්ඩි නාගනියි කියලා හුඟ දෙනෙක් හිතන බව පේනවා. එතකොට ඉතුරු වෙලා තියෙන්නේ කොයි විදියට නාගනීද කියලා අනුමාන කරන්න විතරයි නේද බින්දි?

      Delete
  41. අතේ ගහපු පච්චේද පොර, පච්චේ නිසා ඇතිකරගත්ත ධනාත්මක පෞර්ෂයද පොර ?

    ReplyDelete
    Replies
    1. There you are talking in bumper stickers! :))

      Delete
  42. ඒ පට්ටම පරිවර්තනේ බං ...... මාරම ගති ,,,,
    පරිවර්තන නං ඉතින් ඩුඩා තමයි ....

    ReplyDelete
    Replies
    1. ඈ බං, ඊයෙත් ඇවිත් මරු - පෂ්ටයි කියල ගිය උඹ අදත් මේ පට්ට පට පට කියල තියෙන්නෙ උඹටත් ඇල්සයිමර්ස් ඩිසීස් ද. මම හිතා උන්නෙ ඒක තිබුනෙ ඔබා මාමට විතරයි කියල. ඔය ලෙඩේ නම් එච්චර හොඳ එකක් නෙවි පුතෝ. :))

      Delete
    2. පුදුමයක්යැ බං, මූ අර අච්චර විකිරණශීලීතාවයක් තියෙන චර්නොබොල් එක අස්සෙත් හොරෙන් රිංගපු එකානේ. කිරි බීපං.

      Delete
  43. Replies
    1. Do you really think so? Well, Thanks very much Panuus! :)

      Delete
  44. හිහි...ඊ ලගට මොකද වෙන්නේ? අරුන්ගේ ඇස් ඉස්සරහපිට පච්චේ දිය වෙනවා නේද?

    ReplyDelete
  45. අපේ යාළුවෙකුත් ඔය විදිහට පච්චයක් කොටාගත්තලු අහවල් තැන. කොටලා තිබ්බේ රුපියල් 5000 නෝට්ටුවක්. එතකොට මෑන්ස්ට හිතෙනවලු පොර හෙන සල්ලි කාරය කියලා...(ඇත්තක් නෙවෙයි, ජෝක්)

    අනේ ඉතින් පච්ච ගැහුවම, 250CC වලට වැඩිය ලොකු බයික් එකක නැග්ගම, කණේ කරාබුවක් දැම්මම පොරක් වෙනවා නම් මොනවා කරන්න බැරිද?

    ඉතින් ඊට පස්සේ මොකොද උනේ?

    ReplyDelete
  46. පොඩි කාලෙ මාත් චුයිංගමේක තිබුනු පච්චයක් අතේ ගහලා අහගත්තා ආයෙ කල්ප කාලාන්තරේකට පච්චයක් ගහනව තියා පච්චයක් දිහෑ නොබලන්ඩම.. ඊලඟ කොටහත් ඉක්මනටම දානකම් බලාන් ඉමි :)

    පරක්කු උනාට සමාවෙන්න ඈ :)

    ReplyDelete
  47. පචිචයක් කොටුවොත් ගැනි ගෙදරින් යනවා කිවිවා (එ උනාට මටත් දැන් පචිචයක් කොටන්නම හිතිලා තියන්නේ)

    ReplyDelete
  48. Replies
    1. අඩේ මේ කොමෙන්ටුව්ට පොටෝ කෑල්ලක් දාන වැඩේ හරියන්නෙම නෑ වගේ , බලන් ඉන්නේ නැතුව උපදෙසක් දීපංකො... HTML එහෙම දාගෙන ඉන්නේ .

      Delete
    2. සොරි ඉවාන් මම හිටියෙ නෑ ජාලේ. උඹේ HTML හරි. අප්සෙට් එක තියෙන්නේ ඉමේජ් එකේ. උඹ image එකේ address එක browser address bar එකේ ගහලා බලාපං. ඒක පෙන්නන්නේ නෑ. මමත් බැලුවා. මම කියන්නද? ඉමේජ් එක අප්ලෝඩ් කරපං උඹේ බ්ලොගට. එහෙම කරලා ඒකේ ලින්ක් එක අර දාපු විදියට දාපං.

      Delete
    3. මේ බලාපංකෝ

      [im#]http://2.bp.blogspot.com/-qRyR_rE0CYY/Uhz6pADwCeI/AAAAAAAACEk/ror_ta0nPDM/s400/DSCN3507_2_2.JPG[/im]

      Delete
    4. ඈ තැන්කු වේවා ට්‍රය් කරන්නම් ආයෙත්.

      Delete
  49. මචං....පච්ච කලාව සම්බන්ධ කතා දෙකක් දන්නවා.එකක් කිව්වේ මගේ වයිෆ්.ඒ ගොල්ලන්ගේ ගමේ කොලොන්නාවේ හිටිය මාලු මුදලාලි තමයි මාලු පාල.මිනිහගේ වයිෆ් දයා.පාලගේ වයිෆ් දයා වෙන බුවෙක් එක්ක පැනලා ගිහිල්ලා.දවස් දෙකකට පස්සේ පාල මාලු ලෑල්ල ඉස්සරහ ඉන්නවාලු පපුවේ තඩි පච්චයක් කොටාගෙන"බිරිඳ දයා--පැනලා ගියා" කියලා.
    දෙවෙනි කතාව කිව්වේ යාලුවෙක්.උගේ යාලු ෆාදර් කෙනෙක් හිටියාලු තට්ටමේ යට හරියට වෙන්න මෙහෙම පච්චයක් කොටාගෙන"GOD IS COMING..ARE YOU READY?"කියලා.

    ReplyDelete
    Replies
    1. දෙවෙනි එකනම් මරු, අරූ. :D

      Delete
  50. මම ආවා. කමෙන්ට් එක කියවන්න කරුනාකර දෙවන කොටසට යන්න.:)

    ReplyDelete
  51. අහා...පච්චයක් ගහ ගෙනම කියවන්න වටිනා කතාවක් නේ...ඔහොම යමුකො...
    කතාව මරු...

    ReplyDelete
  52. පච්චෙට තියෙන බය නැති වෙලා යයිද දන්නේ නෑ පච්චෙ මැකිල ගියාම :D :D :D

    හරිම ලස්සන කතාව ඩුඩ් :-g

    මිල්ක් ශේක් පේරේතකමට ගිහින් මොනවහරි වෙයිද දන්නේ නෑ. අපරාදෙ එහෙමම ගෙදර ගියා නම් හොදයි :-?

    ReplyDelete
    Replies
    1. ඒකනේ. මුගේ වැඩි වැඩ! He's pushing his luck.

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>