Friday, November 9, 2012

20. කැරපොත්තා / Cockroach 1




"ඕනෙකම කියන එක තියෙනවා නම් අද කාලෙ අවස්ථාවන් අසීමිතයි," මිස්ට බේයින්ස්බ්‍රිජ් කියවාගෙන යන්නෙ බැරෑරුම් හඬකින්. "අනික ඇන්ඩි වගෙ තරුණ ළමයින්ට  තියෙන අවස්ථාවල නිමක් නෑ. ඕව් ඕව් ඔව්.  ඕනෙකම විතරයි ඕනෙ."

"ඔව්, මිස්ට බේයින්ස්බ්‍රිජ්," කියලා මගෙ කටින් පිට වුනත්, මට ඇත්තටම ඕනෙ කරන්නෙ 'හනේ, මේ පිස්සු කෙලින්නෙ නැතුව කට වහං ඉන්නවද, බේයින්ස්බ්‍රිජ් ලොක්කා,' කියලා කියන්න අවස්තාවක් විතරයි. නමුත් මම එහෙම කියන්නෙ නෑ, මගෙ තියෙන ආචාරශීලී කමට. ඇරත්, මිස්ට බේයින්ස්බ්‍රිජ් කියන්නෙ මගෙ තාත්තගෙ බොස්.


අද ගෙදරින් එලියට බහින්න ඉස්සෙල්ලම,  මට විශේෂයෙන් උපදෙස් ලැබිලා තියෙන්නෙ, අතපය හතර එක විදියකට තියාගෙන,  'මීක්' නැතුව, මගෙ හොඳම හැසිරීමෙන්, ඉඳගෙන ඉන්න, පිස්සු නං කෙලින්න හිතන්නවත් එපා කියලා. කාලම ඉන්න බැරි වැඩේ, මගෙ ඔය practical jokes කියන ජාතිය නම්, කරන්න තියා හිතන්නවත් එපා කියලා, තාත්තා මාව පොරොන්දු කරවා ගත්ත එක.

තව විදියකින් කිව්වොත්, වතුර විදින මල්, පුපුරන රටකජු ටින්, රබර් වමනේ ඔක්කොම තහනම්. 

තාත්තා කියලාමයි එක්ක ආවේ, මොනවා හරි ඕන්නැති වැඩක් කරලා අහුවුනොත්, කිසිම සමාවක් නැතුව, මාසයක් පොකට් මනි කපා හරිනවා කියලා. ඔව්, මාසයක්!

ඉතින් වෙන කරන්න දෙයක් නැති කමට මම පොරොන්දු වුනා තමයි. නමුත් මට මේක කොච්චර අමාරුද කියලා තාත්තා තේරුම් ගත්තාය කියලා නම් මම හිතන්නෙ නෑ. මම ඇත්තටම practical-jokaholic කෙනෙක්.  ඒ කියන්නෙ කොලොප්පම් ඇබ්බැහියක්නෙ. ඔය අනිත් මිනිස්සුන්ට, හුස්මගන්න, වතුර බොන්න ඕනෙ වගේම, මට practical joke එකක් කරලා ආතල් එකක් ගන්නම ඕනෙ.


මට ඇත්තටම  තේරෙන්නෙ නැත්තෙ, මම ඔය ඉඳලා හිටලා පොඩි කොළොප්පමක් කරලා පොඩි ආතල් එකක් ගත්තම තියෙන වැ‍රැද්ද මොකක්ද කියලා.  ඒකෙන්ම  පුලුවන්නෙ ඔය බොරු ලැජ්ජාවල් නැති වෙලා, අලුත් මානව සම්බන්ධතාද , යාලුකම්ද, අරකද, මේකද ඔක්කොම ඇති කරගන්න. හැබැයි ඉතින් එහෙමයි කියලා මේ බේයින්ස්බ්‍රිජ් ජෝඩුව එක්ක නම් මට ඇති කරගන්න ඕනෙ සම්බන්ධතාවයක්වත්, කතා කරන්න පුලුවන් පොදු මාතෘකාවක් වත් නෑ.

මම කියන්නෙ මේකයි. අයිස් තේ බීමක් කියලා හිතන මිනිස්සුත් එක්ක ආයෙ කතා කරන්න දෙයක් තියෙනවද? 'මෝර්ටල් කොම්බැට්' එකේ Sektor පරද්දන්නෙ කොහොමද කියලා කල්පනා කරනවට වඩා, ඉස්කෝලෙන් දීපු ගෙදර වැඩ කරන එක වැදගත් කියලා හිතන මිනිස්සුත් එක්ක ආයෙ කතා කරන්න දෙයක් තියෙනවද? ඒ ඔක්කොටම හපන් මේක පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන ගානෙ මූණට නිකං දෙහි ඇටයක් හැපුනා වගෙ පෙනුමක් ඇවිත්, ඇස් නිකං වීදුරු බෝල දෙකක් වගෙ වෙන මිනිස්සුත්  එක්ක මොනවා කියලා තව කතා කරන්නද?

මලම ඇණයක්! වාතයක්! ඔය ඇහෙන්නෙ නැද්ද?

"දැං කාලෙ ඉන්න ළමයි..." ඕං බේයින්ස්බ්‍රිජ් ලොක්කා ආයෙම පටාං ගත්තා දේශනාව. " ...අවස්ථාව තමන්ගෙ කකුල් දෙක ලඟට එනකල් ඔහේ බකං නිලාගෙන ඉන්නවා. ඉතිං හරි යයිද, මං අහන්නෙ? අවස්ථාව කියන එක, අපි මේ හොයාගෙන ගිහිල්ලා, බෙල්ලෙංම අල්ලාගන්න ඕනෙ දෙයක්. මම ඔය වයසෙදි..."

"කෑම ලෑස්තියි!" මේ මොහොතෙම, විශාල සලාද භාජනයක් උස්සාගෙන කාමරේට ආපු මිසිස් බේයින්ස්බ්‍රිජ් නිවේදනය කරනවා.

"දෙවියන්ට ස්තුති වේවා!" මට නිකම්ම කියවෙනවා.

"මොකක්ද කිව්වෙ?" බේයින්ස්බ්‍රිජ් ලොක්කා අහන්නෙ ඇස් බෝල රවුම් කරලා.

"ම්...ම්...ම්...මම කිව්වෙ, ම්...ම්...ම්... අර වගෙ ලස්සන සලාදයක් ලබා දීම ගැන දෙවියන්ට ස්තුති වේවා කියලයි."  මම යන්තම් ජාම බේරා ගන්නවා. අම්මයි තාත්තයි  ගිණි පුපුරු විසි වෙන ඇස් වලින් මා දිහා ඔරවාගෙන ඉන්නවා.

"ආ, එහෙම නම් කමක් නෑ,"මිස්ට බේයින්ස්බ්‍රිජ් කියනවා. "මම ඒත් හිතුවා මේ දෙවියන් වහන්සේගෙ නාමය නිරපරාදේ පාවිච්චි කලාවත්ද කියලා. ඔන්න අද ඉන්න තරුණ පරම්පරාවෙ තියෙන තව එක අඩු පාඩුවක්. අද ඉන්න ඉලංදාරින්ට නෑ..."

"ඇන්ඩිම එහෙනම් ග්‍රේස් එක කියමු නේ?"  මිසිස් බේයින්ස්බ්‍රිජ් කියනවා. "ලසාඥා එක සීතල වෙනවා."

"අහ්හ්.. ඔ...ඔව්"

මම එහෙම කිව්වත්, යාඥා කරපු කාලයක් මතක නැති  නිසා වචන මතක නෑ.

හැමෝම ඔන්න ඇස් පියාගන්නවා.

මට හිතෙනවා දැන්,

"බලං ඉන්නෙ මොන මගුලට?
අඹරමු බුරි උලවෙන්නට,"

කියලා කිව්වොත් මොන ආතල් එකක් තියෙයිද කියලා.
එතකොටම මට තාත්තගෙ අවවාදය මතක් වෙනවා.

"අද දින අප ලබන්නා වූ මේ දේට..."

මම දන්නවා  හරි නම් මමත් ඇස් වහගෙන ඉන්න ඕනෙ කියලා, නමුත්, අනිත් අය හරියට ඇස් වහගෙනද ඉන්නේ කියලා බලන්නත් කෙනෙක් ඇස් ඇරගෙන  ඉන්න එපායැ. ඉතිං යාඥාව කියන්නෙත් මමම නිසා මමම ඒ වැඩේත් කරන්නම්කො.

නමුත් ඊලඟ පේලිය මොකක්ද කියලා මතක් කරන්න හදන කොටම මම දකිනවා සලාද භාජනයේ ඕවලාකාර යමක්! තද දුඹුරු පාට යමක්! මැරිච්ච කැරපොත්තෙක් වගේ පේන යමක්!

මම හිතනවා ඌ මැරිච්ච එකෙක් කියලා. හරියටම කියන්න නම් බෑ. හරියටම කියන්න පුලුවන් දේ නම් සලාද භාජනේ කැරපොත්තෙක් ඉන්න බවත්, කවුරුවත් ඌව එතනට හිතා මතාම නොදාපු බවත් විතරයි. ඒ බේයින්ස්බ්‍රිජ්  ජෝඩුව කැරපොත්තො කන්නෙ නැත්නම්. මම හිතන්නෙ නෑ  තාත්තට වඩා ලොකු පඩියක් ලැබෙන මිස්ට බේයින්ස්බ්‍රිජ්ට  කැරපොත්තො කන්න ඕනෙ කමක් තියෙනවා කියලා.

"දෙවියන්වහන්සේට ස්තුති වේවා!"

මොනවා? ස්තුති වේවා? මේ කැරපොත්තෙක් ලබා දුන්නාට?

මේක මෙච්චර බරපතල, පට්ට සිරා අවස්ථාවක් නොවුනා නම්, හිනා කන වැඩේ ඒක නම්.

මට පුලුවන් කමක් නෑ, එක පාරටම අත උස්සලා, "සමාවෙන්න, මෙන්න මැරිච්ච කැ
පොත්තෙක් ඉන්නවා මේ සැලඩ් එකේ," කියලා කියන්න. එහෙම කිව්වොත් ඒක හරියටම  බේයින්ස්බ්‍රිජ්ලගෙ කුස්සිය හරිම අපිරිසිදු එකක් කියලා කිව්වා වගේනෙ.  එතකොට,  හැම තිස්සෙම එයාලගෙ කෑම වලට කැරපොත්තො වැටෙනවා ඇති කියලා, අපි හිතනවා කියලා හිතලා,  ඒ දෙන්නා අපහසුතාවයට පත්වෙනවා.


ඒ ඔක්කොටම වඩා, අපේ තාත්තා හිතනවාමයි, මමයි ඌව ඒකට දැම්මෙ කියලා. ඒක ලෝක ලෙඩක්.

ඉතින් අපි හැමෝගෙම යහපතට, මට සිද්ද වෙනවා ඌව අහකට ගන්න, කවුරුවත් දකින්න කලින්.

මම හැන්ද අතට ගන්නවා කැරපොත්තව සලාද කොලෙන් අහකට ගන්න.

"ආමේන්!" මිස්ට බේයින්ස්බ්‍රිජ් මා වෙනුවෙන් යාඥාව හමාර කරලා, ඇස් අරිනවා.

"සැලඩ්, ඇන්ඩි?"

"ඔව් ටිකක් කමු."

වාසනාව තවමත් මගේ පැත්තෙ. මිස්ට බේයින්ස්බ්‍රිජ් සලාද භාජනය මට පාස් කරනවා. මම ලොකු හැඳි දෙකක් කොත ගහලා ගන්නෙ, මැරිච්ච කැරපොත්තා ඉන්න උඩම සලාද කොල දෙකත් එක්ක. හ්ම්හ්, නරකම නෑ වැඩේ. ඔහොම යංකෝ.


 
මිසිස් බේයින්ස්බ්‍රිජ් මගේ පිඟානේ අනිත් පැත්තට ලොකූ ලසාඥා කුට්ටියක් බෙදනවා. සාමන්‍යයෙන් මේ වෙලාවට මගේ කටට හෝ ගාලා කෙල උනන්න ගත්තත්, අද නම්,  මේ කැරපොත්තා මගේ කෑම රුචිය එහෙම පිටින්ම අවුල් කරලා වගේ.

"අර්තාපල් ටිකකුත් බෙදාගන්න ඇන්ඩි" මිසිස් බේයින්ස්බ්‍රිජ් දුම් දමන අර්තාපල් භාජනය මට ලං කරනවා. මම එකක් අරන් භාජනය මිස්ට බේයින්ස්බ්‍රිජ්ට යවනවා.

දැන් කැරපොත්තා ඉන්නෙ මගෙ පිඟානෙ නිසා මට තියෙන්නෙ, කාටත් හොරෙන් මූව මගෙ සාක්කුවට දාගන්න එක විතරයි. නමුත් මට මුලින්ම මේ අයගෙ අවධානය වෙන අතකට යොමු කරන්න වෙනවා.

"ෂා, නියමම සීනරි එකක්නෙ"  මම අම්මගෙ ඔලුවට උඩින් බිත්තියෙ එල්ලලා තියෙන චිත්‍රය දිහා බලලා කියනවා.

හැමෝම ඔලුගෙඩි හරවනවා චිත්‍රය බලන්න.

මම සලාද කොලය උස්සනවා. නමුත් කැරපොත්තාට තියෙන්නෙ වෙනම සැලැස්මක්...

ඌ මැරිලා නෑ!

ඌ සලාද කොලෙන් එලියට පැනලා මේසෙ දිගේ දුවගෙන එනවා මා දිහාට. මේසෙ දාරෙට ඇවිත් මූ පනිනවා මගෙ ඔඩොක්කුවට. මම ඌට අතින් ගහලා  බිම දාන්න හැදුවත්, ඊට කලින් ඌ රිංගනවා මගෙ නැප්කින් එක යටට. හොඳ වෙලාවට අනිත් හැමෝම තවම චිත්‍රය රස විඳින නිසා කිසි කෙනෙක් දකින්නෙ නෑ, කැරපොත්තගෙ අඟල් දොළහේ කෙටි දුර ධාවනය. මම හෙමීහිට නැප්කින් එකේ කොනක් උස්සලා බලනවා මූ කොහේ ගියාද කියලා.

මු ආගිය අතක් නෑ!

එතකොටමයි මට දැනෙන්නෙ මගේ බඩෙන් කිති ගතියක්. මූ මගෙ ටී-ෂර්ට් එක අස්සට රිංගලා!

මම නොසෙල්වී ගල් ගැහිලා බලා ඉන්නවා. කැරපොත්තා මගේ  ඉණ වටේ රවුමක් ගහලා පිට පැත්තට යනවා. දඩාස් ගාලා පු‍ටුවේ ඇන්දට පිට  වේගයෙන් වැද්දුවොත් මූව චප්ප කරන්න පුලුවන් වෙයි කියලා මට හිතුනත් ඒක එක පාරින්ම කරන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. එක පාරකට වඩා ඒක කරන්න ගියොත් බේයින්ස්බ්‍රිජ් ජෝඩුව වරදවා හිතන්න පුලුවන් මට පිස්සු හැදීගෙන එනවා කියලා.

"ඇන්ඩි පේයින්ටිංස් වලට කැමතිද?" මිසිස් බේයින්ස්බ්‍රිජ් අහනවා.

"කැමතියි. ඒ වුනාට මට එච්චර චිත්‍ර නම් බෑ," මම කියන්නෙ කලබල නොවී ඉන්න සෑහෙන සටනක් දෙන ගමන්.

"ආහා..." ඔන්න බේයින්ස්බ්‍රිජ් ලොක්කට මාතෘකාවක් අහුවෙනවා මාව බයිට් කරන්න. "නිරන්තර අභ්‍යාසය තමයි පරිපූර්ණත්වයට මග. Practice makes perfect. ඕනැම කෙනෙකුට යමක් කරන්න දැඩි උවමනාවක් තියෙනවානම්, ඒ වගේම අවශ්‍ය තරම් කාලය, ශ්‍රමය ඒ වෙනුවෙන් වැය කරන්න ලැහැස්ති නම්..."

"ඔව් ඩාලිං," මිසිස් බේයින්ස්බ්‍රිජ්  කියනවා. "ඔයා කියනදේ ඇත්ත තමයි. නමුත් ඇන්ඩිට චිත්‍ර ශිල්පියෙක් වෙන්න අදහසක් නැතුව ඇති. ඇන්ඩි, ඔයා ආසම විෂයය මොනවද ඉස්කෝලෙදි?"

මම මේ කතාවට අවධානය යොමු කරගෙන ඉන්න ලොකු සටනක් දෙනවා. කැරපොත්තා දැන් මගෙ වම් කිහිල්ල යට ඉන්නෙ. මට හුස්ම වැටෙන්නෙත් නැති තරම්. ඌ කිහිල්ල යට ඉඳගෙන තව ඇතුලට යන්න හාරනවා වගේයි මට දැනෙන්නෙ.

"මම ඉංග්‍රීසි වලට තමයි ආසම. විද්‍යාවටයි, ගණිතයටයි නම් එච්චරම කැමති නෑ."

"හපොයි, හපොයි." පනිනවා බේයින්ස්බ්‍රිජ්  බුවා මැද්දට. "විද්‍යාවයි, ගණිතයයි නොසලකා හරින එක නම් මහා මෝඩ කමක්. තමන්ට තියෙන විකල්ප අහුරාගන්න එපා. මම නම් කියන්නෙ ඒකයි. අද අවස්ථා වැඩිම ගණනක් තියෙන්නෙ විද්‍යා හා තාක්ෂණ අංශයෙන්."

මිසිස් බේයින්ස්බ්‍රිජ්ගෙ කලු ඉංගිරියාවල්  උඩු ඇසිපිය යට හැංගෙනවා. ඇය සුසුමක් හෙලනවා. මට, මේ මොහොතේ වගේ, මා ගැනම දුක් වෙන්න හේතුවක් නොතිබුන වෙලාවක නම්, ම
ඇත්තෙන්ම  මිසිස් බේයින්ස්බ්‍රිජ් ගැන දුක හිතෙන්නත් ඉඩ තියෙනවා. මට මේ යකාගෙ වාත කිරිල්ල ඉවසගෙන ඉන්න වෙලා තියෙන්නෙ එක ‍රැයයි. මේ අසරණ මනුස්සයා මේ මඤ්ඤං ඩයල් එකත් එක්ක මුළු ජීවිත කාලයක් ඉන්න එපායැ.

මගෙ කිහිල්ලත් එක්ක සෙල්ලම් කරලා හති වැ‍ටුණු කැරපොත්තා, දැන්
මගෙ පපුව හරහා ඇවිදගෙන යනවා මට තේරෙනවා. මට තව දුරටත් මේක දරාගෙන ඉන්න බෑ. මේ හිපා‍ටුවා, මේ මොහොතේ, මගේ බුරියේ බිත්තර දානවද කවුද දන්නෙ? මගෙ ඇඟ ඇතුලෙදි බිත්තර ‍රැකිලා, මුංබිත්තර බිඳගෙන අලියට ඇවිත් මගෙ පපුව ඉරාගෙන එලියට ආවොත් හරියට Alien මූවී එකේ අර ෆේස් ග්‍රැබර් වගේ!

මම අහ ගන්නවා නාන කාමරයට යන පාර. ඉන් පස්සෙ අවසර අරගෙන පු‍ටුවෙන් නැගිටිනවා.
 

දෙන්නං ජම්බු.

නාන කාමරේ තියෙන්නෙ උඩ තට්‍ටුවේ. මම දොර වහපු ගමන්ම ටී ෂර්ට් එක ඇදලා ගලවනවා. කාමරය හරහා පියාඹාගෙන යන ටී ෂර්ට් එක ටොයිලට් සීට් එක උඩින් ලිස්සලා ගිහින් එතනම බිම පතිත වෙනවා.

කැරපොත්තා මගෙ පපුවෙ නම් පේන්න නෑ. 

පිටෙත් නෑ.

හයියයියෝ. ඔහොම හි‍ටු!

මම සපත්තු දෙක පයින්ම පාගලා ඇදලා දාලා යට ඇඳුමත් එක්කම ජීන්ස් එක ඇදලා ගලවන්නෙ අධි වේගයෙන්. දැන් ඇ‍ඟේ ඇඳුමකට තියෙන්නෙ මේස් දෙක විතරයි. ඒත් මට කැරපොත්තව හොයා ගන්න බෑ.මූ ඉන්න පුලුවන් තැන් දෙකයි තව තියෙන්නෙ. එයින් එකක් ගැන නම් හිතන කොටත් මොකක්ද වෙනවා.


ඇන්ඩි කැරපොත්තා හොයාගත්තද? මී ලඟ කොටසින්...



ඕස්ට්‍රේලියානු ලේඛක ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් ලියූ Cockroach  කෙටිකතාවේ කතාවේ සිංහල අනුවාදයයි.

150 comments:

  1. දැන් නිදිමතයි හෙටම කොමෙන්ට් කරන්නම්

    ReplyDelete
    Replies
    1. නිදිමත නැතුවෑ බං. බලාපං වෙලාව!

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. පාඩම් කර කර ඉදලා මේ පැත්තට ආව විතරයි...මට නම් කෑමක් ලැබුන වගේ දැනුනා මේ ලිපිය දැක්කම....එක හුස්මට කියවගෙන කියවගෙන ගියා....ආයෙ කියන්න දෙයක් නෑ වෙනද වගේම හරිම ලස්සනට ලියලා තියෙනවා....චිත්‍රෙ ඉන්න ලමයා අපේ මල්ලි වගේද මන්දා...කොන්ඩෙ පාට වෙනස් වුනාට....

    අනිත් කොටසත් ඉක්මනටම දාන්න හරිද ඩුඩ්.... :D :D

    මුලින් දාපු කමෙන්ට් එකේ අකුරු වැරදුනා

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් පාඩම් කරලා මහන්සිවෙලා ඉන්නකොට පොඩි රිෆ්‍රෙෂ්මන්ට් එකක් වුනානම් කොච්චර හොඳද? මම මෙච්චර වෙලා මේ චිත්‍රෙ ඇන්දා. දෙවෙනි කොටසෙ එකත් ඇන්දා. ඉතින් හොඳටම රෑ වුනා.

      Delete
    2. පූතූ, ඔව්මයි මල්ලියා වගෙම තමා කොණ්ඩෙ කලු පාට වුනා නම් :P

      Delete
  4. නිදාගන්න යන්න ඕනි කියල හිතෙන කොට තමයි මේ පෝස්ට් එක දැක්කේ. කියෙව්වම නිදිමත යකාට ගියා.. :D මේ කතා වල ඉන්නේ සිරා චරිත නේ.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ නිදිමත යකාට ගියානම්.

      නින්ද කියන එක මම නම් හරිම ආස දෙයක්, සමහර වෙලාවට නිදාගන්න අමාරුවුනාට.

      ස්තුතියි චන්දන. ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් චරිත කීපයකින් සහ සුලු සිද්ධියකින් හරිම රසවත් කතා මවන්න රුසියෙක්.

      මේ කැරපොත්තෙක් නිසා වෙන දේවල් කියෙව්වාම මටත් තනියෙම හිනා.

      කියවන්නකො ඊලඟ එකත්.

      Delete
    2. මේකනේ ඩුඩ් අයියා.. නිදා ගන්න මමත් රුසිය තමයි..:) ඒ වුනාට හිනා වෙවී මෙහෙම කතාවක් කියවන කොට කොහොමද.. ඉතින් පස්සේ ෆිට් එකේ නිදා ගත්තා. අර "ඇන්ඩි".. එයා කරන වැඩ රූප රාමු වගේ මැවෙන්නේ නැද්ද මේවා කියවන කොට. මං කොහොමත් මෙහෙම පෝස්ට් එකක් ලැබුනාම එවෙලේම කියවනවා. :):)

      Delete
  5. අපූරු පරිවර්තනයක් ඩූඩ් අංකල්.. නියමයි ! :)

    ඉතිරි ටිකත් කියවන්න මඟ බලාගෙන ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වකා. මොනවද අප්පේ මේ වෙලාවට ඇහැරගෙන කරන්නෙ? බලන්න වෙලාව!

      Delete
    2. අයියෝ නෑ අංකල්..මෙහේ වෙලාවෙන් උදේ නේ කමෙන්ට් එක දැම්මේ..

      Delete
  6. ඒ වෙලාවෙම ‘මෙන්න කැරපොත්තෙක් සලාද එකේ’ කීවා නම් කොහොමට හිටීද?

    මම දන්න ආන්ටි කෙනෙක් ඉන්නවා එයා රටඉඳි කන්නේ නෑ කැරපොත්තෝ වගේ කියලා. ඉස්සෝ කන්නේ නෑ අර කකුලෙන් ඇන්නාම රෝල් වෙන එක්කෙනා වගේ කියලා. (Centipede )දැල්ලෝ කන්නේ නෑ එයා ගොලුබෙලි පවුලෙන් ඒනවා කියලා. ඒක මතක් උනා කතාව කියවගෙන යද්දි.

    //"බලං ඉන්නෙ මොන මගුලට?
    අඹරමු බුරි උලවෙන්නට," //

    මේක දැක්කාමත් මොකක්ද මතක් උනා. ඒ මොකක්ද කියලා මතක නෑ හී හී...බලාගෙන යනකොට මාත් ඇන්ඩි වගේ.

    ReplyDelete
    Replies
    1. මම අඳුරන කෙනෙක් ඉන්නවා, ලුණු කොළ කන්නේ නැහැ ලීක්ස් රසයි (එහෙමද ?) කියල. හැබැයි ලීක්ස් නම් කනව...

      Delete
    2. @පොඩ්ඩි: ඇත්තටම "මෙන්න කැරපොත්තෙක් සලාද එකේ," කියලා මුලදිම කිව්වා නම් කොච්චර ලේසිද කියලා පොඩ්ඩිට හිතේවි ඊ ලඟ කොටස කියෙව්වාම.
      මොකක්ද මතක්වුනේ බුරි උල්වෙන එක කියෙව්වාම?

      @රාමා: ඒක මාරයිනෙ. හැබැයි ලීක්ස් කනවා නේ? :D අපිට නම් ලීක්ස් ලූණු කොළ රහයි!

      Delete
  7. කැරපොත්තාස් ආ එඩිබල් නේ...

    ReplyDelete
    Replies
    1. ෂුවර් ෂුවර්. ටැබූ උනාව ඔය කන්නෙ රෝස්ට් කරලා, තෙල් දාලා හෙම. රහ ඇති බං.
      Taboo - National Geographic Channel.

      Delete
  8. හි හි.. නියමයි.. එක හුස්මට කියවගෙන යන්න පුලුවන්.. මුලින්ම බලනකොට චිත්‍රෙ කැරපොත්තෙක් දැක්කෙ නෑ.. ඒත් කියෙව්වට පස්සෙ නම් දැක්කා..

    ReplyDelete
    Replies
    1. බණ්ඩා ස්පෑම් වෙලා මේ දැන් ගොඩ ගත්තෙ? කැරපොත්තව දැකකනම් තමයි පුදුමෙ.

      ඒක රටඉඳි කෑල්ලක් වගේ නේද බණ්ඩා?

      චික්, රටඉඳි කාලත් ඉවරයි!:D

      Delete
  9. :D නියමයි අෆ්ෆා ...මැවිලා පේනවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කැරලිකාරි. :) ඇත්තටම කැරලි ගහනවද නැතිනම් කොන්ඩෙ කැරලි කැරලිවගේද? :D

      Delete
    2. හහ්!!!! මාව එහෙම අන්ඩඑස්ටිමෙට් කරන්න එපා හරිද ඩුඩ් අන්කල්....!!! මම ගහපු කැරලි බලන්න කැමති නම් http://www.karalikaari.blogspot.com/ වෙත එන්න.. :)

      Delete
    3. කැරළිකාරියක්ම තමයි. :O මම මේ දැන් ප්‍රොෆයිල් එක එබුවාම profile not found කියලා ආවා. ස්තුතියි ලින්ක් එකට. මේ යනවා බලන්න.

      Delete
  10. අපරාදෙ කියන්න බෑ..පරිවර්තනය නම්.....එල..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වීයා. පොඩ්ඩක් මහන්සි වුනාම ගොඩ දාගන්න පුලුවන්! :)

      Delete
  11. නියම පරිවර්තනයක්.. මමත් එතට හිටියා වගේ දැනෙනවා. මෙන්න මේක විතරක් කියපං
    //"බලං ඉන්නෙ මොන මගුලට?
    අඹරමු බුරි උලවෙන්නට," //
    ඕක කෙහෛාමෙයි බං ඉංගිරිසියෙන් නෙලන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකයා පරිවර්තනය ගැනයි භාෂාව ගැනයි තියෙන උනන්දුවට.

      //"බලං ඉන්නෙ මොන මගුලට?
      අඹරමු බුරි උලවෙන්නට," //

      කියලා පරිවර්තනය කලේ..

      "Two, four, six, eight
      Dig in - Don't wait!

      ඇත්තෙන්ම මම කරන්නෙ වචන පරිවර්තනය කිරීම නෙවෙයි. අදහස උපරිම ප්‍රතිඵලය ලැබෙන විදියට පරිවර්තනය කිරීමට උත්සාහ කිරීමයි.

      දැන් ඔය ඉංග්‍රීසියෙන් තියෙන එක
      "දෙක, හතර, හය, අට
      හාරන්න පටන්ගමු බලා නොඉඳ" කිව්ව නම් වැඩේ අන්දොස් නේ?

      Delete
    2. නෑ නෑ. මට ඕන උනේ මුලාශ්‍රය කොහොමද තිබ්බේ කියල බලල උඹේ කතාව රස විදින්න. සුපිරියි කියන්නේ ඩුඩේ මේ වගේ හරඹ වලට තමා. අම්මප උඹේ මොළ කෑල්ලෙන් ඇබින්දක් මටත් තිබුනනං.. හික්ස්. නියමයි ඩුඩෙ

      Delete
  12. ආයිමත් ඇන්ඩ්ගේ ලොකටය අපව සජීවිවම එක්කන් ගියා ඔබ හෙන්රි. හරිම ආසාවෙන් කියෙව්වේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලීන්. ඉතිරි කෑල්ලත් හැකි ඉක්මනින් දානවා.

      Delete
  13. හෙන්රි.. මේ කතාව කියවනකොට මට මතක් උනේ බොහොම් ඉස්සර කාලෙ අපේ බාප්පා බැන්ද වෙලාවෙ තිබුන රාත්‍රී කෑම මේසය. හරියටම ඔය වගේ කැරපොත්තෙක් මගෙ බත් පිඟානට බෙදිලා ආවා.. ඌ නම් හොඳට උයලා .. මම ලඟින්ම හිටියේ අම්මා. මම කට ඇද කරලා අම්මාට පෙන්නුවා. අම්මා ෂ්.. කෑගහන්න එපා ඔක්කොම කන එක නතර කරයි කියල කිවුවා. මම මේ වෙනකොටත් තොගයක් කාල හමාරයි.. බඩේ එවුවා කටින් එන්න හදනවා අප්පිරියාවට.. මම කට අතින් වහගෙන එලියට දිවුවා. අම්ම පස්සෙන්. කොහොම හරි කාටවත් නොකියා ආවා. ගෙදර ඇවිත් කිවුවාම තමයි අපේ සංහතියම මාව කන්න පැන්නේ. කැරපොතු රයිස් අඹරලා ඔක්කොම යහමින්..

    ReplyDelete
    Replies
    1. සරත් අයියා කාපු රහම බත් එක ඒක නේද?

      හි හි
      අපි නොදන්නවට හුගක් හෝටල් වලත් කැරපොත්තො, හූණෝ ගන්නවා කෑම රහ වැඩි කරගන්න

      Delete
    2. මුදියන්සෙ කියපු එකම තමයි මටත් කියන්න තියෙන්නෙ. ඇත්තටම මම කැරපොත්තෙක්ව කාලා නැති වුනත් කැරපොත්තා මේ රහයි කියලා අදහසක් තියෙනවා. ඒ තේ එක කැරපොතු රහයි කියන්නෙ ඒකනෙ.

      අපේ කෙල්ල නම් බඩගාන කාලේ කුරුමිණියෙක්ව අල්ලගෙන කෑවා. ගිලින්න කලින් කෑ ගහද්දි කටට ඇඟිල්ල දාලා කෑලි කැලි එලියට ගත්තා.

      Delete
    3. හහ් හහ් හා!! උමට මේ වෙලාවෙ මාව අමතක වෙන්ඩ නං බෑ අයියෙ!!! මං කාපු දේවල් උඹ දන්නව නෙව...

      Delete
    4. පස්ට කථාව සරත් අයියා... ඔබතුමාගෙ මෑණියන් බොහොම නුවණින් කටයුතු කරලා තියෙනවා ඒ වෙලාවෙ... එහෙම නොවුනා නම් සංග්‍ර‍හය ලබාදුන් අය සෑහෙන තරමේ අපහසුතාවකට පත්වෙන්න ඉඩ තිබුනා..

      Delete
    5. @ජනූ: නැහ්නං බං. :D මම එතනත් දැම්මෙ අපේ කෙල්ල කුරුමිණියා කාපු එකමයි කෙමෙන්ට් එක හැටියට මට මතක විදියට.

      @සිරා: සරතුයි ඇන්ඩියි දෙන්නම එකම විදියට නේද බං හිතන්නෙ? :D

      Delete
    6. බේකරි නිෂ්පාදන සඳහා මිනිස් කෙස් භාවිතා කරන බව දන්නවද ?

      http://www.wotwaste.com/waste-articles/human-waste/is-human-hair-really-used-in-pizzas-and-bakeries

      Delete
    7. අපේ මල්ලි කෑවේ හංගොල්ලෙක්ව... දණගාන කාලේ.... මස් ටික විතරනේ... හොඳට අතට අරගෙන, ටිකක් මිරිකලා එහෙම කටට දාගන්නකොට දැක්කේ....

      කටට සබන් දාලා හේදෙව්වේ ... හි හි

      දණගාන කාලෙට පොඩි එවුන්ට හොඳට කුණු පේනවා... බිම දිගේ දණ ගාගෙන ගිහින්, බඩ ගාගෙන බඩු යටට රිංගලා කුණු හොයලා කටේ දාගන්නේ.. අත්දැකීමෙන්මයි කියන්නේ... හි හි....

      Delete
    8. හෆොයි ! කාට කාටත් හරි හරි අත්දැකීම් තියෙනව නොවැ. අපේ අක්කගෙ කොළුවෙක් දනගාන කාලෙ නෑදෑ ගෙදරකට ගියපු අතරෙ, අස්කරන්න අමතක වෙල පත්තු කරල ඉතිරිවෙල තිබුණු මදුරු කොයිල් කෑල්ලක් කාල, දවස් දෙකක් හොස්පිට්ල් තියන් හිටියා.

      Delete
  14. කැරපොත්තා කොහෙටද රිංගුවේ ????? හිතලා බලන්නම් ඊළඟ පෝස්ට් එක එනකම්ම ...
    හෆොයි ඒලියන් සීරීස් එකම තාමත් මන් ළඟ..Face grabber මන් හීනෙනුත් දැකලා තියෙනවා !

    ReplyDelete
    Replies
    1. මොනවද බං ඔච්චර හිතන්නෙ. තැන් දෙකයිනෙ තියෙන්නෙ.
      ඔව් Alien සෑහෙන්න පරණ එකක් තමයි.

      Delete
  15. හැන්රි ලස්සනට සිංහලීකරණය කරල තියෙනවා .. පරිවර්තනය කියන එක මේකට හොඳ මදි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සරත්. අර මම දේශකයට දීපු උත්තරේ බලන්නකො. නමුත් පරිවර්තනය නොකිව්වාමත් ලෙඩක්. මොකද මම භාෂාව තරමක් දේශීයකරනය කලාට සිද්ධි, ස්ථාන සහ චරිත එහෙමම තියෙන්න අරිනවා.

      Delete
    2. සරත් බොසාගේ කතාවට මාත් එකගයි. ඇත්ත මේක පරිවර්තනයක් කියනවට වඩා හෙන්රියාවර්තනයක් ලෙස හැදින්වීම සුදුසුයි. මේ අයියේ මෙතන බෝතල් කටවල් පිටින් කඩනවා එහෙම නෙමෙයි

      Delete
    3. හෙන්රියාවර්තනය! ඒකනම් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ දේශකයා! :D

      Delete
  16. පට්ට මචෝ කියවගෙන යන කොටම මම දැනගත්තා ඇන්ඩි ග්‍රිෆිත්ගේ කියලා. ඒ උනාට මේවා උඹගේ රහ පොඩ්ඩක් අඩු අපේ කෑම සහ අපේ චරිත නොවන නිසා. ඒ උනාට පට්ටම රහයි.. උඹ මූගෙන් අවසර අරගෙන පොතම පරිවර්ථනය කලත් අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මචං ඒකයි මම ලසාඥා පින්තූරෙකුත් දැම්මෙ.

      Delete
  17. පරිවර්තනය ඉතා අනර්ගයි අයියේ.

    මම කිය්වලා තියන පොත් වලින් වැඩි හරියක් පරිවර්තන, කියවන්න ආසත් පරිවර්තන. ඒ අතරින් මේ පරිවර්තන නම් ඉතා ඉහල තලයක තියෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මුදියන්සෙ ඒ කිව්ව වචන ටිකට. අත්තෙන්මමම නම් කියවන්නෙම නැති ජාතියක් තමයි පරිවර්තන.

      Delete
  18. මේ තාලෙටම තමා ඩූඩ් අයියේ රෝල් ඩාල්ගේ පොත් ටිකත් පරිවර්තනය වෙලා තියෙන්නේ.. හි හි...මහ ලොකු බර බර ඡේද නැති නිසා එක දිගට කියවගෙන යන්න පුළුවන්...

    ඇන්ඩිටම වෙච්ච වැඩක් නිසා මම ගෙස් කරන එක පැත්තකින් තියලා අනිත් එක දානකම් ඉන්නවා... හි හි.. එයාට වෙන වැඩ මේ ලෝකේ එකෙකුට වෙන්නේ නෑ... හි හි..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඇන්ඩි ගැන predict කරන්න පුලුවන් එකම දේ ඌ හරිම unpredictable කියන එක විතරයි.
      ඌට වෙන වැඩත් වෙන තවත් උන් ඉන්නවා. ඇත්තෙන්ම ඇන්ඩි හිතන්නෙත් මම හිතනවා වගේමයි.

      //එහෙම කිව්වොත් ඒක හරියටම බේයින්ස්බ්‍රිජ්ලගෙ කුස්සිය හරිම අපිරිසිදු එකක් කියලා කිව්වා වගේනෙ. එතකොට, හැම තිස්සෙම එයාලගෙ කෑම වලට කැරපොත්තො වැටෙනවා ඇති කියලා, අපි හිතනවා කියලා හිතලා, ඒ දෙන්නා අපහසුතාවයට පත්වෙනවා.

      ඒ ඔක්කොටම වඩා, අපේ තාත්තා හිතනවාමයි, මමයි ඌව ඒකට දැම්මෙ කියලා. ඒක ලෝක ලෙඩක්...//

      Delete
  19. කෑවා ආතල් එක... හොදම හරියට එනකොට //ඇන්ඩි කැරපොත්තා හොයාගත්තද? මී ලඟ කොටසින්...
    // කියලා තිබ්බනේ....

    ReplyDelete
    Replies
    1. ඉඳපං නරකයා, ආතල් එක සම්පූර්ණයෙන්ම කැඩෙන්න කලින් ඊලඟ කෑල්ල දානවා. :)

      Delete
  20. හපොයි දෙයියනේ..දෙවියන්ටම ස්තුති වේවා!!!

    ReplyDelete
  21. හෙන්රියාවර්තනය!!! ඒක තමා උඹ මේ කරන එකට හරිම වචනෙ....
    වචනෙට වචනෙ පරිවර්තනය කරපු පොත් කියවල, රූපවාහිනී නාටක බලල තියෙන හන්ද තමා මෙහෙම දේක වටිනාකම තේරෙන්නෙ...
    උඹට කියන්ඩ අයියෙ මට කතාව මතක නෑ... මොකක් හරි අපි පොඩි කාලෙ ගියේ!!! ඒකෙ අර “අයි ෆීල් සම්තිං ෆිෂී“ කියන ඉංග්‍රීසි යෙදුම පරිවර්තනය කරල තිබුණෙ “මට මාලු ගඳක් එනවා“ කියල.... (මගේ යාලුවෙකුයි මායි තාමත් අයි ෆීල් ෆිෂී කියනව වෙනුවට පාවිච්චි කරන්නෙ මාලු ගඳ තමයි.... හැබැයි අපි දෙන්න කතා කරද්දි විතරයි)
    ඇයි අර ටින් ටින් කතාවෙ බිබිලි නගින බෙලිකටු!!!
    ඒව කොච්චර ලස්සනට හෙන්රියාවර්තනය කරන්ඩ පුලුවන් වෙයිද කියලයි මං කල්පනා කරන්නෙ දැන්!!!!

    උඹ මට බයිනවනෙ කම්මැලි කමෙන්ට් දානවයි කියල... ඔන්න අද දැම්ම මාගලක්ම...

    ReplyDelete
    Replies
    1. අර කලින් කිව්වා වගෙ මම පරිවර්තන කියන්වන්නෙම නෑ බං ජනූ. බොහෝම ස්තුතියි වර්ණනාවට.

      ඇති උඹලා "මට මාලු ගතියක් වගෙ දැනෙනවා," කියලා පාවිච්චි නොකලෙ.

      ඔහොම පුද්ගලික ජෝක්ස් අපෙත් තියෙනවා. LOADING, PLEASE WAIT කියන එකේ අපේ ගෙදර පාවිච්චි කරන කෑල්ල තමයි, "ඉන්නවා ඕයි. පටවනවා!"

      එක සබ්ටයිටල් එකක තිබ්බා එක පොරක්ව රස්සාවෙන් අස් කලාම ගෙදර ගිහින් කියනවා "I was fired" කියලා. සබ්ටයිටල් එකේ වැ‍ටුනා ඕං. මාව ගිණිගන්නවා වගෙ කියලා.

      ඇයි උඹ නින්දෙන් අවදිවුනේ? අමෙරිකානු ජනාධිපතිවරනය හන්දාවත්ද? :D

      Delete
  22. බ්ලොග් කියවන්නෙ කීප දෙනෙක් විතරනේ. ඉතින් මේ පරිවර්තන පොතක් හැටියට නිකුත් කරමුකො "හුදී ජන පහන් සංවේගය සඳහා"!
    මේ පරිවර්තන ශෛලියට මම හරිම ආසයි. ඒවා කියෙව්වම මුල් කෘතියත් හොයාගෙන කියවන්න හිතෙනවා. අනිත් එක පරිවර්තනය කියන එකේ නියම තේරුම මේක තමයි. වචන ගෙඩි පිටින් පරිවර්තනය කිරීම නෙවෙයි!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ලකී, මේ කට්ටිය නම් එහෙම කියනවා, නමුත් කොටි වලිගයක් අල්ලාගත්තා වගෙ වෙයිද දන්නෙ නෑනේ?
      ලකී ඇත්තටමෙ එහෙම කරන්න. මේවා තියෙන්නෙ Andy Griffiths ගෙ JUST සීරීස් එකේ.
      මේක Just Joking පොතෙන්.

      ඇත්තටම ඔරිජිනල් එක කියවන්න වටිනවා. පිස්සු ලෝකයක්.

      Delete
  23. නියමයි ඩූඩ්...
    මේකෙ වැදගත්ම දේ තමා කෑම එකේ කැරපොත්තෙක් හිටියොත් හැසිරෙන්න ඕන විදිය ගැන පූර්වාදර්ශයක් දීම...:D :D

    ReplyDelete
    Replies
    1. හරියට හරි ලකී.

      බත් එකේ කැරපොත්තෙක් හිටියාම සරත් හැසිරිලා තියෙන්නෙත් ඔය විදියටමනෙ.

      අර උඩ තියෙන්නෙ! :D

      Delete
  24. බේයින්ස්බ්‍රිජ් මේ නම නම් ටිකක් විතර උච්චාරනය අපහසුයි... අපේ සමාජයේ පුද්ගල නාම ආරෝපණය කලොත් කථාවට ඉන් හානියක් වෙනවද... ඉංග්‍රීසි චරිත නාම එක්ක කථාව කියවනකොට යම් කිසි දුරස්ථ භාවයක් දැනෙනවා... පරිවර්ථනය වෙනදා වගේම සුපිරියි...

    මම හිතන්නෙ කැරපොත්තා ඉන්නෙ කොල්ලගෙ අධෝමුඛයෙ...

    ReplyDelete
    Replies
    1. එහෙම කලොත් සිරා වැඩේ අඤ්ඤකොරොස් වෙනවා. හිතලා බලාපංකො බ්ලොන්ඩ් කොන්ඩයක් තියෙන චින්තක සමරකෝන් කියලා සුද්දෙක් ගැන! :D

      ඔන්න බලාපංකො උඹ හිතන තැන්! හෙහ් හෙහ්. හිටපං සිරා, අනික ඉක්මනට දානව. එතකං එහෙනම් ඌ එතන් හිටපුදෙන්කො.:D

      Delete
    2. පරිවර්තනයකදි පුද්ගල නාම අපිට ඕනා ඕනා විදිහට වෙනස කරන්ඩ බෑ නේද සිරා. අනුවාදයකදිනම් එහෙම පුලුවන්..

      ඔය වගේ නම් සිංහල අකුරෙන් නොලියා ඉංග්‍රීසි අකුරුවලින්ම දැම්මනම් කොහොමද ඩූඩ් ?

      Delete
    3. මම නම් කැමතිම නෑ සිරා ඔහොම ලංකාවේ නම් ඔබපු ඉංග්‍රීසි පරිවර්තන වලට. ඒවායේ මටනම් කිසිම රහක් නෑ.

      Delete
    4. සෙන්නා මේ ඉංග්‍රීසි නම් සිංහල අකුරෙන් නොලියා ඉංග්‍රීසියෙන් ලිවීම ගැන මට හිතෙන විදිය.
      ඒක සෙන්නා ලියන තාක්ෂනික ලිපියකට නම් 100%ක් ගැලපෙනවා. උදාහරණයක් හැටියට විදේශ නමක් ගම්මු. Jean මෙක ඇත්තෙන්ම ජීන් නෙවෙයි. හක්ක පනින ප්‍රංශ උච්චාරණයක් තියෙන්නෙ ආසන්න වශයෙන් ෂෝන් කියලා (ආසන්න වශයෙන් හරි ඒ ෂ යන්න සිංහලෙන් නෑ) Kӧln කියන නම ගනිමු. ඒක කොල්න් නෙවෙයි. මේ සම්මජ්ජාතියෙදි ඕක සිංහලෙන් ලියන්න බෑ. ඔය සිංහලෙන් ලෝකෙ ඕනෙ භාෂාවක් ලියන්න පුලුවන් කියන්නෙ ජනප්‍රිය මතයක් මිසක් ඇත්තක් නෙවෙයි. අර සද්දෙ ගන්න 'ඔ' කියන්න වගෙ කට හදලා 'එ' කියන්න ඕනෙ.

      ඉතින් සෙන්නා තාක්ෂණික ලිපියක් ලියනකොට අර විදේශ නම එහෙමම ඉංග්‍රීසියෙන් හරි ඉටැලියන් වලින් හරි දාන එකෙන් ගැටලු අවම වෙනවා.

      නමුත් මෙතනදි මම ඒ දේ කලොත් මේක තාක්ෂනික ලිපියක් වගේ පේන්න පුලුවන්.

      නමුත් සමහර වචන (practical jokaholic) වගෙ, එතකොට සමහර යෙදුම් (Not Cool! වගේ)

      වලට සිංහල විකල්ප හොයනවට වඩා ඒ වචනෙම කතාවට හානියක් නොවී එහෙමම යොදන්න පුලුවන් වෙලාවට, මම එහෙමම ඇදලා අරිනවා. :)

      Delete
    5. එකඟයි ඩූඩ්. මමත් හුඟක් නම් ඉංග්‍රීසියෙන්ම දාන්නෙ ඒකෙ නියම උච්චාරනය නොදන්න නිසා හෝ ඒක ලියන්ඩ බැරි නිසා තමයි. සමහර ලියන්ඩ පුලුවන් නම් මම මුලින්ම දාද්දි ඉංග්‍රීසියෙන් දාලා ඊට පස්සෙ සිංහල අකුරින් භාවිතා කරනවා.

      Delete
    6. සෙන්නා ඒක හරි. මේ ඒක නෙවෙයි. මොකෝ උඹේ පෝස්ට් එකේ කමෙන්ට් වහලා?

      Delete
    7. අන්න කමෙන්ට් ඇරියා ඩූඩ්.. ඔබතුමාගේ වටිනා අදහස එහි පළ වෙනතුරු බලා සිටිමි.

      Delete
    8. ලියල බලමුකෝ වියට්නාම - සිංහලෙන් . මුන් කට ඇතුලෙයි උඩු තල්ලෙයි අලවන් කියන එව්වා මේ කපේට අපිට ලියන්න හැකිද

      Delete
  25. "කැරපොත්තා දැන් මගෙ වම් කිහිල්ල යට ඉන්නෙ. මට හුස්ම වැටෙන්නෙත් නැති තරම්. ඌ කිහිල්ල යට ඉඳගෙන තව ඇතුලට යන්න හාරනවා වගේයි මට දැනෙන්නෙ." මේ ටික කියවන කොට මගේ ඇග හිරි වැටුනා... එර්ර්ර්ර්... ඉතුරු කොටසත් දාන්නකෝ ඉක්මනට...

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියාපං මල්සරා! කැරපොත්තන්ට බයයි නේද? හූ ඈ!:D :D

      Delete
    2. බය නම් නෑ... ඒ වුනාට මට කැරපොත්ත මට එච්චර අල්ලන් නෑ... දැක්ක තැන සොරිම තමා..

      Delete
  26. ආයෙමත් ඇන්ඩ් ගේ කථාවක්..එල.. දැන් ඇන්ඩ් ඉස්සෙල්ලා කථා වලට වඩා ලොකුයි නේද..
    පරිවර්තනය සුපර් ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ඇත්තෙන්ම ඇන්ඩියා චූට්ටක් විතර ලොකුයි වගෙ නේද? ඉතින් බං උන් ලොකු වෙනවනෙ.
      ස්තුතියි චමී!

      Delete
  27. කාලෙකට කලින් "දඟයා" කියලා කාටුන් එකක් බැලුවා.. ඌත් මූ වගේම නසරානියෙක්..

    ReplyDelete
    Replies
    1. දගයා තමයි ඔය...වින්සන් මාමා විතරයි අඩු ...හික්

      Delete
    2. මම කියන්න ආවෙත් ඒ ගැන. දඟයා තාත්තගෙ ඔෆිස් එකට ගිහින් කරන මැරෑටි වැඩ, අසරණ වින්සන් මාමට දෙන වධ තිස්දෙකම මතක් වුනා මේක කියවද්දි.

      Delete
    3. ඔය දඟයා කියන්නෙ Dennis the Menace වෙන්න ඇති නේද? අන්න මම ආසම චරිතයක්!

      Delete
    4. ඒකමද කියන්ඩනම් දන්නෙ නෑ ඩූඩ්. සිරසෙ ගිය කාටුන් එකක් සිංහල හඬ කවලා. මගෙ අම්මේ ඒ යකා කරන වැඩ. දුකේ බෑ අර විල්සොන් මාමා.

      පුලුවන්නම් ඒකත් කරහන්කො ඩූඩ්.. උඹ අත ගැහුවොත් වැඩේ නියමෙටම තියෙයි...

      Delete
    5. ඩෙනිස් තමා දඟයා උනේ

      Delete
  28. නියමයි හෙන්රි.. උඹ අපූරුවට වැඩේ කරනවා ..ඇත්තටම මේ කතාව කියවලා ඉවරවුණාම මම කල්පනා කරේ අපේ රටේ සාහිත්‍යකරුවට මෙ වගේ චරිත නිර්මානය කරන්න බැරි වුනාද කියලා ..ඒහෙමමත් නෑ ..ඇයි උපාලි ? ඒ මදෑ ගමකට. ඇන්ඩි ට නියමෙට ගැලපෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. උපාලි කිව්වේ උපාලි ගිනිවැල්ලේ හොදේ ...

      Delete
    2. ඒක ඇත්ත මේ වගෙ එකෙක් ඇති තමයි ගමකට.

      ඕව් ඔව් උපාලි ෆයර්සෑන්ඩ්ස්නෙ. අර දාවිත් තඹකුඹුර (David Copperfield) වගෙ. :D

      Delete
  29. ඇත්තටම විශිස්ඨයි කියලම තමයි කියන්න තියෙන්නේ යාළුවා. දන්නවද ඇත්තටම මට මේකේ මුල් කෘතිය කියෙවුවානම් මේතරම් හිනා යන එකක් නෑ. මොකද කියනවානම් ඉංග්‍රීසි ලියන්න කියවන්න හැකියාව තිබුනට මම ඒ ගැන "සුපිරි දැනුමක්" තියෙන කෙනෙක් නෙමේ. ඔය ඉතින් "යේස් දහයයි නෝ පහලොවයි" දාලා ඕනම එකෙක් එක්ක කතා කොරන්න ඕනම වැඩක් ගොඩදාගන්න හැකියාව තිබ්බට "සාහිත්‍ය" කියන්නේ එතනිනුත් එහාට විහිදුනු මහා විශාල විෂයක් නොවැ. මේ තරමට සාර්ථකව එහෙම එකක් තේරුම් ගන්න පරිවර්ථනය කරන්න ඒ දැනුම ප්‍රමාණවත් නෑ කියන්න මම දන්නවා. අන්තිමටත් කියන්න තියෙන්නේ "ලෙසටම තියෙනවා" කියලා තමයි.

    ReplyDelete
    Replies
    1. උඹත් ඒක විස්තර කරලා තියෙනවා ලෙසටම.
      "යෙස් දහයෛ නෝ පහලොවයි" ඔන්න මමත් අහුලා ගත්තා උඹෙන්.:D
      අපේ එකෙකුත් ඉන්නවා Yes, No, Thank you වලින් ඕනෙ එකක් ගොඩදාගන්න පුලුවන්. :D

      Delete
  30. අර දේශකයා කියල තිබ්බා වගේ මේ වැඩේට සුදුසුම වචනේ හෙන්රියාවර්තනය. මේකට පරිවර්තන අනුවර්තන කියලා නොන්ඩි කරන්න ඕනේ නෑ. වැඩේ නියමෙටම යනවා.

    ReplyDelete
    Replies
    1. උඹලා මාව කරටියටම නග්ගනවා බංස්. :D බොහෝම ස්තුතියි.

      උඹ අද හෙට යනවාද ලංකාවට නැත්නම් මේ ගිහිල්ලද ඉන්නෙ?

      Delete
  31. ඉකේ..... මට අප්පිරියම සතා කැරපොත්තා...
    ඕන්.. ඕන් .. ඉතිං ආයිත් පටන් අරං කුතුහලේ අවුස්සන්න.. හැබැයි ඩුඩ් මේ කතාවේ ඉතිරිය සුටුස්‌ ගාල දැම්මේ නැත්තම් ඩුඩ් ගෙ මාළු පාන් එක අස්සට කරපොත්තෙක් දාන්නේ මම...

    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. හයි යයියෝ පණුච්චි. එහෙම නම් කොරාන්ට එපා. හැබැයි මාලු පාං එකේ කැරපොත්තෙක් ඉන්න එක හොඳයි පණුවෙක් ඉන්නවට නම් වඩා නැද්ද? Dead or Alive! :D

      Delete
    2. චීයා..... කැරපොත්තා හපෙද්දීම "චරස්!!!! " ගාල සද්දයක් ඇහෙයි.. ඒ වගේද පනුවෝ... නො සද්ද බද්ද....
      හඃ හඃ හා... :D :D

      මං පණුභවනේ පනුච්චි

      Delete
  32. රස වින්දා . හොඳට ලියල තියෙනව . අපේ ගෙදර ඔහොම වුනොත් ඉස්සර වෙලාම දුවන්නේ ලොකුම එක්කෙනා .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බින්දි. මම මේ අහන්න හිටියෙ? එයාලා මේක කියවනවද? එතකොට බනියලගෙ තාත්තා?

      Delete
    2. බනිලගේ පියා තමයි ඉතින් දුවන්නේ . ළමයි නම් මොකෝ . උන් දෙන්නට ඒ හැටියකට සිංහල බැරි එකනේ වැඩේ . බනිලගේ තාත්ත නම් මේක බලනවා . මේකේ ඔරිජිනල් එක ජාලය පුරා සොයල මන් දැක්ක වැඩේ අල්ලලා දානවා .

      ඇත්තටම එයා තමයි මේ බ්ලොග් කියවිල්ල පටන් ගත්තේ . මන් ඊට හරිම පස්සෙන් . අදටත් කොච්චර වෙලා ගිහින් ගෙදර ආවත් බ්ලොග් එකක් දෙකක් හරි කියවල තමයි නිදා ගන්නේ

      Delete
    3. anyway lokki saw this and told ''nice denim, good background''

      Delete
  33. නියමෙට පරිවර්තනය කරලා තියෙනවා... ඊළග කොටස ඉක්මනින් දාන්නෝ......

    මේ හෙඩින්ග් එක දැක්ක ගමන් මට මගේ යාළුවෙක්ව මතක් වුනා....ඌ හෙන බයයි කැරපොත්තන්න්ට....හික්ස්.....

    ReplyDelete
    Replies
    1. කිව්වාම මොකද සමනළී, කැරපොත්තෙක් කලිසම අස්සට හෙම ගියොත් ඕන්නෑ! :D ඔය හුඟ දෙනෙකුට තියෙන්නෙ ඔය භීතිකාව තමයි.

      Delete
  34. හෙට දිහාට කියවන්න ලිපි දෙක තුනක් තියෙනවා. අනිත් කොටහත් දානවද මේ එක්කම.

    ReplyDelete
    Replies
    1. එකක් නම් කුරුන්ද. මම දැක්කා උඹත් මම වගෙ කම්බි පොට අස්සෙන් රිංගලා ගිහින් සෙන්නට තර්ජනය කරලා තියෙනවා.

      දානවා දානවා. උඹ කුරුන්ද කපලා දරට පටෝලා ගාමන්ට් එකක් දාන එකේ, ඩෙනිමට මොනවා කරයිද දන්නෙ නෑනෙ.:D

      Delete
    2. :D

      ඔය දරට කපලා ගාමන්ට් දාන කතාව, මූ මොන අර්තයෙන් කිව්වත්, ඒක භයානක විදිහට සත්‍යයට ආසන්නයි ඩූඩ්..

      Delete
  35. මම ඒත් කම්පනා කලේ මට ඊයේ රෑ මේක මඟ හැරුනෙ කොහොමද කියල.

    පෝස්ට් එකේ දිග දැක්කම ටිකක් කම්මැලි කමෙන් ආවෙ කියවන්න, ඔන්න කියවන්න පටන් ගත්ත, මෙන්න ඉවර වුනා. දැන් මට තියෙන ප්‍රශ්නෙ තව ටිකක් නොලියා මොන මඟුලක් කරාද කියල. (මේක මාර උභතෝකෝටිකයක් නේ අයියා, වචනෙ හරිද මන්දා)

    කතාව ගැන නම් කියන්න දෙයක් නෑ ආයෙ, ඉතුරු ටික ඉක්මනට ඕනා අයියා. මට මැවිල පේනව අර තරම් භක්තිමත් වැදගත් තැන්පත් බේයින්ස්බ්‍රිජ් ලොක්ක මේ වගේ නැහැදිච්ච කොල්ලෙක් හෙළුවෙන් නටනකොට බලන් ඉන්න හැටි, ඇස් ලොකුකරන්.

    අර ‘බේයින්ස්බ්‍රිජ්‘ නම නම් මරුනේ, එතනට ආවම කතාව කියවන වේගෙ අඩුවෙනව, ඔන්න ආයිත් රේස් එකට කියවගෙන යනව, ආයිත් ‘බේයින්ස්බ්‍රිජ්‘ හම්බවුනාම ස්ලෝ වෙනව, සිරාවටම අර රුසියන් කතා පොත්වල එන නම් වගේ.

    කවදත් වගේ ඔයාගෙ චිත්තරේ නම් සුපිරි. ඒකෙ මට හැමදාම ඉස්සරවෙලාම පේන දේ අවුට්ලයින් එකේ ඝනකම, ඇයි ඒක එච්චරම තදට අඳින්නෙ.

    (හෙන්රි අයියා දුමී අයියට යවපු මේල් එකක් වැරදිල මට ඇවිත් තිබුණ, මගේ නමෙත් දුමි කෑල්ල තියෙන නිසා පැටලෙන්න ඇති. පහුගිය දවස්වල මම ටිකක් මඤ්ඤං කෙළපු නිසා ඒ මේල් එක ගැන කියන්න බැරි වුනා, මේලක් දාන්ට වුනෙත් නෑ.)

    ReplyDelete
    Replies
    1. DDTයාගෙ කමෙන්ට් එකක් නැති පෝස්ට් එකක් ලුණු නැති හොද්දක් වගේ. මම ඊයෙ පට්ට පාන්දර මේක පෝස්ට් කරලා, නිදාගන්න යන්න කලින් පොඩ්ඩක් බැලුවා උඹේ කමෙන්ට් එක එනකල්. ඒ එහෙම වෙලා තියෙන නිසා.

      මම පැටලිලා ඉන්න උභ‍තෝකෝටිකය දැන් උඹට හොඳාකාරව වැටහෙනවනෙ. ඕක තමා පුරස්නෙ. to be or not to be ගෙදර ගියොත් අඹු නසී, මගෙ හිටියොත් ‍තෝ නසී.

      මට හිතාගන්න බැරි උඹ අර ඇන්ඩියා හෙලුවෙන් නටනකොට බේන්ස්බ්‍රිජ් බයවෙන හැටි ගැන කියන්නෙ කොහොමද කියලා? ඕකට කියන්නෙ put two and two together and make four කියලනෙ.

      ඔය ඇන්ඩි, බේයින්ස්බ්‍රිජ් වගෙ සුද්දටත් කියවන්න අමාරු දිව උලුක්වෙන අසාමාන්‍ය නමක් ඔය මිනිහට යොදාගත්තෙ බුවාගෙ චරිත ලක්ෂනවලට ගැලපෙන්න කියලයි මට හිතෙන්නෙ.

      උඹ හැමදාම මගෙ චිත්‍ර රස විඳිනවනෙ.අවුට්ලයින් එක ගැන කිව්වොත්, හොඳ ලමයා වගෙ උඩට ස්ක්‍රෝල් කරලා බලාපං එකම චිත්‍රෙ පෝස්ට් එකේ අති විශාලව තියෙන හැටියි බ්ලොග් රෝල් එකේ මගේ ඩෙනිමෙ පුංචියට සහ මට හිතෙන හැටි එකේ ඊට ටිකක් ලොකුවට තියෙන හැටියි. පොඩි වුනත් එකම ඉෆෙක්ට් එක වගෙ තියෙනවා නේද? අන්න අවුට්ලයින් එකේ රහස.

      උඹලා දෙන්නගෙම නම එක හන්දා මට පොඩ්ඩක් ටැපලුනා. මම කියන කතාව ඇත්ත කියලා උඹත් පිළිගන්නවා ඇති නේද?

      Delete
  36. නියමයි හෙන්රි අයියේ. විගහට අනිත් ටිකත් දාපං.

    ReplyDelete
    Replies
    1. දානවා දානවා රාජ් මල්ලි! උඹලව තරහ කරගෙන කොහොමද? :)

      Delete
  37. පරිවර්තනය අපූරුයි ඩූඩ්! ඉතුරු කොටසත් ඉක්මනටම දාන්න..

    ReplyDelete
  38. විශිෂ්ටයි ඩුඩ් අයියේ විශිෂ්ටයි....කැරපොත්තා මගේ ඇඟ ඇතුලේ නලියනවා වගේ දැනුනා.. අපේම වචන වලින් කතාව පට්ට විදිහට දැනෙනවා. මැක්සා ආ .....ඊගාව කොටස කියවන්න පිපාසයක් ආවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුම්. ඒ පිපාසය සංසිඳේවි ඉක්මනින්ම.

      Delete
  39. ඇන්ඩි ඉල්ලන්නේ කාලා තියෙන්නේ :)
    බලමුකෝ ඉතිරි ටිකත්

    ReplyDelete
    Replies
    1. ඉල්ලං කන එක ඇන්ඩිගෙ ලක්ෂණයක්නෙ! දැන් අර සික්ස් පැක් එකේ අන්තිම දෙක ආවද?

      Delete
    2. හික් ... හික් ... මුගේ දෙක එනකොට බැරියැ.

      Delete
  40. දවසක් මම හිටපු මිරිහාන බෝඩිමේ රෑ ඇඟ දිගට මොකුන්ද සත්තු වගයක් දුවනවා දැනිලා ලයිට් එක දාලා බලනකොට විශ්වාස කරපං හෙන්රි අයියෙ කැරපොත්තො 30-40 අතර කාමරේ පුරා පිරිලා.මටනම් දැන් ඕකුන් පේන්නම බෑ ඒත් කරුමෙකට තියෙන්නෙ මට ඕකුන් මරන්න හිත් දෙන්නැති එකනෙ.

    ReplyDelete
    Replies
    1. මම උඹව විස්වාස කරනවා සිතුවම්. එක දවසක් මේ අපි හිටපු ගෙදරදිත් එක රෑක සීලිමේ ඉඳලා කැරපොත්තො එන්න ගත්තා ඔය වගෙ හමුදාවක් වගෙ. රෑ පැය ගානක් උන් එක්ක සටන් කලානෙ අපි. ඒක කොහොම වෙනවද මන්දා.

      Delete
  41. මටනම් කැරපොත්තො පේන්න බෑ.දවසක් පන්නිපිටියෙ මම වැඩ කළ තැනක එක රැයකදි පැයක් ඇතුළත කැරපොත්තො 72 ක් මැරුවා මමයි එතන වැඩට හිටිය තව දෙමළ හාදයෙකුයි දෙන්න එක්ක.
    කොහේ ඉදලා එනවද මන්දා..? කලාතුරකින් තමයි එහෙම වෙන්නෙ.සමාන්‍ය දවස්වල එකෙක්වත් නෑ.සමහරවිට සමුළු එහෙම තියෙනවද දන්නෑ.

    ඒ වගේම දිය නයිත් 50-60 එකම තැනකට එකතුවෙන අවස්ථා මම දැකලා තියෙනවා.(මේ ගැන ගාමිණි අයියනම් යමක් දන්නවා ඇති)

    කතාව නියමයි.....

    ReplyDelete
    Replies
    1. සුමිත් මමත් ඔය උඩ කමෙන්ට් එකේ සිතුවම්ගෙ අත්දැකීමට උත්තර දුන්නෙ ඔය වගෙම අත් දැකීමකින්. මටත් දැනගන්න ඕනෙ ඒක වෙන්නෙ කොහොමද කියලා.

      බොහොම ස්තුතියි සුමිත්.

      Delete
  42. ආයෙත් පරිවර්තනයක් වගේ. ඉස්සෙල්ලම බැලුවේ කතාව කොච්චර දිගද කියලා. මාගලකට පොඩ්ඩක් අඩුයි. ඊ ලඟට කමෙන්ට් ටික. ශතකේ පන්නලා. ඉතින් දැන් හෙන්රි අයියම කියන්න මන් මේක කියෝලා හෙට ඔෆිස් එකේ නිදා ගන්න එකද හොඳ? නැත්නම් හෙටම ඇවිල්ල කියෝනවද කියලා.

    උත්තරයක් දීලා තියන්නකෝ. මන් උත්තරේ බලන්නත් එක්ක හෙට එන්නම්කෝ. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. නියම කතාව ඒක. මමත් නිදාගන්න ගිය නිසා ඕං අදයි දැක්කෙ මේක. ඔක්කොටම වඩා රස්සාව කරගෙන ඉන්න එපෑ. ඉතිං පස්සෙ කියවමු. මම මෙහෙම කමෙන්ට් එකකට උත්තර දුන්නාමයි. :D

      Delete
    2. අකමා මගෙ බොක්කටම වැදුනු පෝස්ට් එකක් ලියලා අම්මා ගැන. ඒක කියෙව්වාම මට හිතුනෙ මම අපේ අම්මා ගැන කියවනවා කියලා. ඒක නොකියවපු අය මෙතනින් ගිහින් බලන්න. අකමා ලියපු හොඳම පෝස්ට් එකද මන්දා.
      අකමාගෙ අම්මට ඉක්මන් සුව පතනවා මම.

      Delete
    3. දවස දෙක උනා. ඊයේ වැඩිය නෙට් එකේ හිටියේ නෑ. අනික දිග වැඩියි කියලා බැන බැන හිටියට කියවන්න ගත්තම කොට වැඩි උනා නොවැ. මෙන්න මෙහෙම තමයි පොස්ට් දාන්න ඕනි. අනික තමයි හෙන්රි අයියාගේ පරිවර්තන තරම් හොඳට පරිවර්තනයක් කරන්න ලංකාවේ ඉන්න කිසිම ප්‍රවීනයෙකුට බෑ. අනිවා. තරඟයක් තිබ්බොත් ඔයා 1.

      මරු ඇන්ඩියා. හික් හික්.

      ඔයා වගේ මනුස්සකම් වලින් පිරුනු අයගෙන් මේ ලෝකේ පිරෙනවානම්.....

      Delete
  43. තවත් රස සාගරයක්.මේවා කියවද්දී ඇස් ,කට ,නාසය,දිව සේරම උල්වෙනවනේ මචං.නරකද ඇල්කෙමිගේ චිත්‍රපටියට සම්බන්ද උනොත්.????

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං. මොකක්ද ඒ සීන් එක? බලන්න ඕනෙ. :D

      Delete
  44. ඉතුරුටිකත් ඉක්මනට දාපං මචං ... කැරපොත්තා හිටියේ මම හිතාපු තැනමද කියලා දැනගන්නකම් නින්ද යන එකක් නෑ...

    පරණ සිද්ධියකුත් මතක් උනා. 1985 දි විතර මම දෙපාර්තමේන්තුවෙ කස්ටියක් එක්ක ගමනක් යන ගමන් රාජ්‍ය ආයතනයකට අයිති නවාතැන් පොලකින් දවල් කෑම කෑවා. කතා බහ අස්සේ අන්තිමට දීපු කිරිපැණි එක කනකොට අමුතු යමක් තියෙනවා දැනිලා අතට අරන් බලනකොට මැරිච්ච කැරපොතු පැටියෙක්. ඇන්ඩියා වගේ මමත් ඉතිං හිමින් සීරුවේ කාටවත් නොකියා ඌව මේසෙ යටට දාලා සද්ද නැතුව හිටියා. මේ වෙනකම් කවුරුවත් දන්නෙ නෑ ...!

    ReplyDelete
    Replies
    1. බලං ගියාම ඇන්ඩියලා වැහි වහැලනෙ. ඒ කියන්නෙ ඒක තමයි හරි ක්‍රමවේදය නේ? :)

      Delete
  45. අම්මෝ අද මම එන්න පරක්කුයි. ඇන්ඩිට එහා පුටුවේ වාඩිවෙලා බලන් හිටියා වගෙයි.

    ReplyDelete
    Replies
    1. ඈක්! මට හම්බවෙලා තියෙනවා රෝල් එකක් තිබිලා කෙස් ගුලියක්. ඊට පස්සෙ අවුරුද්දක් රෙස්ටොරන්ට් වලින් කෑවෙ නෑ.

      Delete
    2. මෙහෙ ලංකාවේ කෑම දෙන බුවෙක් ගෙනාව පාර්සල් වල තිබුණු කෙස් ගස් වලට බැන්න එකට ඌ මාත් එක්ක අදටත් තරහයි. නයි වයිරයි

      Delete
  46. මං ඉතිං බෝඩිං කාරය නිසා කෑම පිඟානෙ ඉඳල එක එක සත්තු මුනගැහිල තියෙනව. දවසක් කඩල කද්දි ඒකෙ තිබිල අහු උනේ නැද්ද තැම්බිච්ච කැරපොතු බිත්තරයක්... :P

    ReplyDelete
    Replies
    1. ඈක්! මට හම්බවෙලා තියෙනවා රෝල් එකක් තිබිලා කෙස් ගුලියක්. ඊට පස්සෙ අවුරුද්දක් රෙස්ටොරන්ට් වලින් කෑවෙ නෑ.

      Delete
  47. නියමයි. හුඟක් රස වින්දා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලිනි. අනිත් කෑල්ල මේ කොටනවා.

      Delete
  48. ඒ.......මරුනේ ඈ............

    ReplyDelete
    Replies

    1. හායි තරුවා. තැංකූ වේවා.

      Delete
  49. හොල්මන් තිලකයගේ කතාවේ ඉදලා මේ දක්වා ඔක්කොම කතා ටික කියෙව්වා. නියම කතා ටිකක් කලින් ලියලනේ ඩුඩ් උඔ. දැක්කද බ්ලොගර් වලට මාරුවුනාම තියෙන වෙනස. උඔට ඕක මම කලින් කිව්වද නැද්ද?

    හරි කෝම හරි මම මේ කතාව කියෙව්වෙ නෑ. ඒක කියවන්නෙ කැරපොත්කගේ අනිත් කෑල්ලත් දැම්මට පස්සෙ.

    ReplyDelete
    Replies
    1. උඹට එහෙනම් නිවාඩුවක් හම්බවෙලා වගෙ. මොකක්ද රහස?

      ඒක ඇත්ත බං ඒ වුනාව වාසි අවාසි දෙකම තියෙනවා.
      අනික මම මට හිතෙන හැටි පටන් ගත්තෙ නවකයෙක් හැටියට. අද ටිකක් විතර ඊට වඩා කට්ටිය අඳුනනවනෙ.
      හරි උඹට බලා ඉන්න ඕනෙ නෑ වැඩි වෙලා තව ටිකකින් දානවා. මේ කොටනවා.

      ඇයි බං උඹ ලියන්නෙ නැත්තෙ?

      Delete
  50. මට පුංචි කාලෙ හම්බෙලා තියෙන්නෙ කරෝල බැදුමක කුරුමිණියෙක්.
    ගොඩාක් කල් යනකම් කරෝල බැදුම් නොකා හිටියා.

    ReplyDelete
    Replies
    1. ප.ලි.
      කුරුමිණියා පන පිටින් නෙවේ. හොඳට බැදිලා කරෝල වෙලා හිටියා. පරිස්සමෙන් බැලුවෙ නැත්නම් අඳුනගන්න බෑ.

      Delete
  51. මුකුත් එපා මේව හොයාගන්නෙ කොහෙන්ද කියපං !

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඔය පොත් වල තියෙන්නෙ. මම නම දාලත් තියෙන්නෙ. ආ ආ උඹ අහන්නෙ පොත් කොහෙන්ද කියලා නම්,මේ අපේ පුතාගෙ පොත් බං. සමහර ඒව ලයිබ්‍රරි එකෙන් ගත්ත ඒවා.
      තැංකූ සෑමා.

      Delete
  52. Sorry, I couldn't visit your blog as promised because my son was working online. Some comments are as funny as the story itself.They ad spice to the story.I too wanted to ask Deshakaya's question and the answer was not what I expected. You are very clever in using words not to harm the gist of the story.You adapt the exact word for Sinhala readers. That is why many appreciate your translations. On the other hand you translate stories very fast and only who try to translate something knows how difficult it is to do one!I too like to say that word' හෙන්රියාවර්තනය'for your translations. ENJOYED THOROUGHLY AS I WAS ABLE TO READ BOTH PARTS AT THE SAME TIME. Your stories reminded me of Denise the menace. I read one of his stories. Good luck with your translations and I hope one day we will be able to read your books.(make them cheap!!.)

    ReplyDelete
    Replies
    1. Thanks again Blue Lotus. Actually the comments add spice to the post, no doubt. Yeah that Dennis is a favorite character of mine. Specially the tuft of hair on the top of his head.

      Delete
  53. කැරපොත්තො ගැන පොඩි කතා තුනක් විතරක් කියඤ්ඤං..හොඳේ..හෙන්ස්...

    1. උඹ දන්නවද කැරපොත්ත තමයි අද ඉන්න ජීවින්ගෙන් පරිසරයට හොඳටම අනුවර්තනය වෙලා ඉන්නෙ කියල...ඌට ඕනම දෙයක් කාල දිවිරැකගන්න පුලුවන්ලු..ඒ වගේම සෑහෙන කාලයක් නිරාහාරව ඉන්නත් පුලුවන්ලු. තව කාරණයක්..දන්නවද අද මේ මොහොතෙ න්‍යාෂ්ඨික පිපිරීමක් වෙලා සියලුම සත්තු ගහ කොල විනාස වෙලා ගියත් නොමැරී ඉතුරුවෙන්න වැඩිම සම්භාවිතාවය තියෙන්නෙ කැරපොත්තට...

    2. අනික් කතාව පර්සනල් එකක්. මම නම් මාර ආසයි කැරපොත්තො ඇඟේ දුවනවට..හෙහ්, හෙහ්, උංගෙ කකුල් වල මචං අර බූව වගෙ තියනවනෙ ඔව්ව හමේ වදිනකොට මට ආතල් කිචියක් එනව...ගෙදර ඉන්න ගමන් කැරපොත්තෙක් එහෙම දැක්කොත් මම කරන්නෙ අල්ලල..........හෙහ්, හෙහ්,

    3. කථා අංක තුන.මේක මේ හෝටලේක වෙච්චි එකක්. මේසෙට ගෙනාපු කරෝල බැදුමෙ හිටිය අලි කැරපොත්තෙක්. දැං වේටර්ට හෙන දෝස්මුරේ...කට්ටිය කඩේ කුඩු කරන්ටයි ලෑස්තිය.

    '' අඩෝ..මෙහෙමද ඩෝ මිනිස්සුන්ට කන්ට දෙන්නෙ?...අපි මෙව්ව නිකං නෙවෙයි ඩෝ කන්නෙ අරිද?..'' අරකද මේකද..හෙන සද්දයක්..වේටර්ල ඔන්න ඉන්නව බිරාන්ත වෙලා..

    මුදලාලිය ඔන්න වෙලාවට ආව හරියටම ඔය වෙලාවෙ..මිනිහ දවල්ට කන්ට ගිහින් තිබ්බ අල්ලපු හෝටලේට....හෙහ්, හෙහ්,

    '' මොකද මොකද මේ කළබලේ?..ඇයි මේ කෑ ගහන්නෙ? ''

    '' මොකද????..හුහ් මොකද තමයි බලනව මේ කරෝල බැදුමෙ ...අලි කැරපොත්තෙක්...මෙහෙමද හලෝ මිනිස්සුන්ට කන්ට දෙන්නෙ? ''

    '' කැරපොත්තෙක්??...කෝ බලමු...''මුදලාලි පාත් වෙලා කැරපොත්ත ඇඟිලි දෙකින් ගත්ත...හැබැයි තව බැදිච්චි ලූණු කෑලිත් එක්ක..

    '' මොන කැරපොත්තෙක්ද මහත්තය.., මේ කරවෙච්ච ලූණු කෑල්ලක්නෙ...''දාගත්ත ඒ ටික ඔක්කොම කටේ..හොඳට හපල එහෙම ගිල්ල..ඒ කරල ඔළුව එහෙම වනල බැලුව වේටර් දිහාවෙ..

    " ළමය ..මේ අර උයන හාදයට කියනව ලූණු තෙල් දානකොට කර කරන්ට එපාය කියල. එහෙම උනාම හරියට කැරපොත්තො වගේමයි, ඕන කෙනෙක් රැවටෙනව...නිකං අපෙ හෝටලේ නම තමයි මේවයින් සවුත්තු වෙන්නෙ..හරි, හරි..මහත්තයල කන්න...මහත්තයල කන්න....ඔහොම වැරදීම් කාටත් වෙනව...''

    It's called using your imagination and doing conflict resolution as well as destroying incriminating evidence at once :) :)

    ReplyDelete
    Replies
    1. මරු කතා තුන බං. ඔය කැරපොත්තා අපිට වඩා කාලයක් පෘථිවියෙ වාසය කරපු බව මම අහලා තියෙනවා. කැරපොත්තෙකුට වැඩේ දෙන හැම වෙලවකම මට ඕක මතක් වෙනවා. :D

      Delete
  54. I am sorry that I couldn't comment on your nice drawings.They are very very beautiful. Especially the second one with a partial scene of the arse. ha, ha.

    ReplyDelete
    Replies
    1. Well you made a very encouraging comment already. Yeah, it is nice to be appreciated.

      Well, I drew it in a way nothing will be violated. He he :D

      Delete
  55. දෙවනි කොටස තියන පෝස්ටුව දැකලා ඒක නොකියව මේකට ආවා.. හ්ම්ම්ම් කැරපොත්තා අහවල් තැන වත් හැංගුණාද? බලමුකෝ දෙවනි එකත් කියවලා

    ReplyDelete
    Replies
    1. තොටියා පරක්කුවෙලා ආ එක වාසියට ගිහිල්ල. කියවලා බලන්නකෝ.

      Delete
  56. අම්මෝ! මේ ඇන්ඩියා නම් හරීම පිස්සු පුසෙක්! අම්මා, තාත්තා, අක්කා, නැදෑයෝ, යාළුවෝ, අසල්වැසියන්, ගුරුවරු මෙහැම කෙනෙක්ටම පුදුම ඉවසිමක් තිබිලා තියෙනවා මෙයත් එක්ක මෙ විදිහට ජිවත් වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඇන්ඩි පොත් වල තමන් ගැන කරන හැඳින්වීමෙදිත් ඔය කතාව කියලා තියෙනවා. හැබැයි ඒ ගෙදර අනිත් උනුත් ඒවගෙ තමයි.

      Delete
  57. දෙවෙනි කොටසත් බලමු ,,

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>