ගෙදර ඇවිත් මගේ පොත් පත් එකතුවෙන් මුලින්ම ඇදලා ගත්ත පරණ Reader's Digest සඟරාවෙ තිබ්බ මේ ඉතාම කෙටි කතා පිංච මගෙ බොක්කටම වැදුනා.
අපේ හුඟ දෙනෙක් බොහෝ විට බටහිරයන්ව දකින්නෙ අපි තරම් සංවේදී නොවන සත්ව කොට්ඨාශයක් හැටියටයි. සියලු සාරධර්ම, යහපත් මිනිස්සු ඉන්නෙ අපේ විතරයි, ලෝකෙ හොඳම සංස්කෘතිය අපේ කියලා තමයි අපි හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නෙ. නමුත් මේ කතාව කියවලා බලන්න.
මම මේ කතාව කියෙව්වෙ මෙන්න මේ පසු බිමේ ඉඳගෙන. මගෙ වැට උඩට වැටිච්ච අල්ලපු වත්තෙ ගහකින් වැට පාත් වෙලා. මමම ඇවිත් ගහ අයින් කරන කල් ගහ එහෙමම තිබුනා. .
තව කට්ටියක් මගේ වැටේ රෙදි වනනවා.
මම ආසම වැඩේ, ගිය අවුරුද්දෙ ප්‍රධාන පාරෙ කාපට් එක දෙපාරක් දාලා නිසා ගැට්ටක් හිටලා තිබ්බා වාහනයක් ගන්න බැරි වෙන්නම. මේක ගෙවල් දෙක තුනකට යන පොදු පාරක් වුනත් මම එනකල් පාර එහෙමම තිබ්බා. පස්සෙ මම තමයි පස් ගෙනත් පාර හැදුවෙ ආපු දවසෙ ඉඳන්ම. ඒ ගිය අවුරුද්දෙ. හැබැයි මම පාර හදපු වෙලේ ඉඳලා ඒ පාරෙ වාහන පාක් කරනවා. ගිය මැයි මාසෙ මම අම්මගෙ මරණෙට ගෙදර ආපු වෙලේ දවසක් මම මහ රෑ ගෙදර එනකොට පාරෙ ලොරියක් නවත්තලා. කරුමෙට හෝන් එකත් වදින්නෙ නෑ. පස්සෙ මම වාහනෙත් අරන් නංගිලාගෙ ගෙදර ගිහින් නිදා ගත්තා.
මේ පාරත් මම යන එන ගානෙ හෝන් ගහලා වාහන අයින් කරවාගෙන තමයි ගෙදර යන්නෙත්, ගෙදරින් එලියට යන්නෙත්. ඇඩ්‍රස් නැතුව යනවා කියන කතාවට හොඳම උදාහරණය මේක වෙන්න ඇති.
සමහර විට ඒක නිසාම වෙන්නැති මේ කතාව මගෙ බොක්කටම වැදුනෙ.
අසල්වැසියාගේ තිළිණය /A Neighbor's Gift
අවුරුදු අටක් තිස්සෙම, හැම නොවැම්බරයකම, මගෙ වහලෙ වැහි පීලි වල හිරවුනු කොළ ඉවත් කරන්න, මම මගෙ අසල්වැසියාගේ අඩි දහසයේ ඇලුමිනියම් ඉනිමඟ ඉල්ලනවා.
අවුරුදු අටක් තිස්සෙම, හැම නොවැම්බරයකම, ඝන කබායක් ඇඟලා ගන්නා බැරී, ඔහුගේ ගේ පිටිපස්සෙ ඉනිමග අරන් තිබ්බ තැනට මා කැඳවාගෙන යනවා.
මඳක් කුදු ගැහී එම ඉඩ කඩට රිංගන අපි දෙදෙනා, පරණ මකුළු දැල් බිඳගෙන, සමහර විට පරණ ට්‍රයිසිකලයක්, වතුර බට රෝලක් එහාට මෙහාට කරමින් ඉදිරියට යනවා.
බැරී ඉනිමඟේ එක කොණකින් අල්ලා ඔසවද්දී, මම එහි අනිත් කොණ ඔසවා ගන්නවා. අපි දෙන්නගෙ ඉඩම් දෙක වෙන්වුන වැටට උඩින් මම මගේ වත්තට පනිද්දී "ඉන්න මම මේක උස්සලා දෙන්නම්කො එහා පැත්තට,"යයි බැරී කියනවාමයි. ඇත්තෙන්ම මේ ඉනිමඟ බර එකක් නොවේ. අපි දෙන්නාම මේ චරිත රංගනයට ඇලුම් කලා.
"ඇත්තෙන්ම මාත් මේකක් ගන්න ඕනෙ කොයි වෙලේ හරි."
"අයියෝ, මොනවටද?" බැරී එතකොට කියනවාමයි. "ඔයාට ඕනෙම වෙලාවක මගෙ එක ඉල්ලගන්න පුලුවන්නෙ."
බැරීයි, ඔහුගෙ බිරිඳ පැටීයි, එයාලගෙ දරුවන්ට අඳින්න බැරිව පුංචි වෙන කලිසම්පොඩි, කමිසපොඩි, සපත්තුපොඩි දුන්නෙ මගෙ දරුවන්ට. අපේ නිවෙස උණුසුම් කල උඳුන ක්‍රියාවිරහිත වූ පෙබරවාරි මාසයක එක් සීතල රැයක සමාගමෙන් පැමිණ එය අලුත්වැඩියා කරන තෙක් පැය පහක් හෝ හයක් අපේ මුලු පවුලටම රැකවරණය ලැබුනේ බැරීගෙ වහල යට.
"ඕකෙ ඔය පුලී සිස්ටම් එක නම් පොඩ්ඩක් හිරවෙන්න බලනවා ඉනිමඟ දික් කරනකොට." බැරී අනතුරු හඟවනවා.
"ප්‍රශ්ණයක් නෑ. මම මේක පැය කීපයකින් ආපහු දෙනවා."
"කලබලයක් නෑ. මම ගෙදර නොහිටියොත් ඔන්න ඔය වැටේ මෙහා පැත්තෙන් තියන්නකො," කියන බැරී මට අතවනා ආචාර කර ගේ දෙසට යනවා.
හැම නොවැම්බරයකම මේ දේ මේ විදියටම සිදුවුනා.
එක් ශීත සෘතුවක, එක් අඳුරු දිනෙක බැරීගේ ගේ ඉදිරිපස තණබිමේ "විකිණීමට තිබේ" දැන්වීමක් දකින්න ලැබුනා. ඔහුට ඇත්තටම ස්ථානමාරුවක් ලැබිලා වෙනත් ප්‍රදේශයකට යන්න වෙන බව පිළිගන්න හිත මැලිවුනා.
බඩු අදින වෑන් රථය බැරීගෙ නිවෙස ඉදිරියේ නතර කර තිබියදී පවා මා ප්‍රතික්‍රියා දැක්විය යුතුව තිබූ ආකාරයට එසේ නොකලේ ඒ මැලි කම නිසාම විය යුතුයි. මම කලයුතුව තිබුන ඔහු වටා දෑත් යවා ඔහුව තදින් වැලඳ ගැනීම වුවත්, මම කලේ සාමාන්‍ය විදියට අතට අත දී ආයුබෝවන් කීම පමණයි. ඔහු රිය පදවාගෙන අපෙන් වෙන්වී යද්දි මා කලයුතුව තිබුනෙ ඔහු නොපෙනී යන තෙක් නොනවත්වා අත වැනීම වුවත්, මා එසේ කලේ නෑ.
එදා හවස, මම මගෙ පුතාගෙ ට්‍රයිසිකලය ගෙතුලට ගද්දීයි මම දුටුවෙ මගෙ ගරාජයේ බිත්තියට හේත්තු කර තිබූ අඩි දහසයේ ඇලුමිනියම් ඉනිමඟ.
A Neighbor's Gift
Christopher De Vinck
Reader's Digest - November 1993
Monday, November 26, 2012
26. අසල්වැසියාගේ තිළිණය /A Neighbor's Gift
Labels:
Reader's Digest,
පරිවර්තන
:)
:(
:))
:((
=))
=D>
:D
:P
:-O
:-?
:-SS
:-f
d(
:-*
b-(
h-(
g-)
5-p
y-)
c-)
s-)
d-)
w-)
:-h
:X
Show Emoticons
108 comments:
වැඩ දාලා කමෙන්ට් කරන්න:
Video: Youtube video link
Images: [im]...........................[/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
නා ගන්නෙ නැතුව HTML දාන්න.
ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>
Subscribe to:
Post Comments (Atom)
සාර ධර්ම අපට තියෙනවා.එත් එය පිළිපදින්න තරම් මනුෂ්‍ය කමක් නැති කමයි ප්‍රශ්ණය.විදේශිය පුද්ගලයින්ටත් හැදියාව,නිහතමානිකම,ඔය කියන දේ තියෙනවා.අපිට වඩා බෝහෝ සංකර උනාට ඔවුන් තුල ත් මිනිසත් කම කියන එක තියෙනවා.
ReplyDeleteස්තුතියි ගයනි.
Deleteබොහෝවිට අපි අනිකාගෙ පෞද්ගලිකත්වයට නිදහසට දක්වන සැලකිල්ල මදි කියලා මට හිතෙනවා.
ඩූඩ් ඔබේ මේ අදහසට ....++++++++++
Deleteආදර්ශමත් කතාවක්... සමහර වෙලාවට අපි නොහිතන පුංචිම පුංචි දේ තුල උනත් මහා දෙයක් තියෙන්නෙ පුළුවන්...මනුස්සයින්ට මනුස්සයෝ මිසක් වෙන කවුද...
ReplyDelete( නිවාඩුවට ගෙදර ඇවිත් බ්ලොග් එක අප්ඩෙට් කරන්නෙ ඩූඩ්ව අපිට අමතක වෙයි කියලා හිතලා වෙන්නැති...හි හි හී...නෑ නෑ එහෙම වෙන්නෙ නෑ...)
ඔව් ළිහිණි, මේ කතාවෙ ඈති දෙයක් නෑ බැලූ බැල්මට. නමුත් සංවේදී මනසකට මේ පොඩී කතාවෙ ලොකූ දෙයක් කියවෙනවා.
Delete(ඒක නම් ඇබ්බැහිය වෙන්න ඕනෙ ළිහිණි. බොහොම ස්තුතියි)
කතාව මරු ඩූඩ්.. ඊට වඩා මරු ඔයාට වෙච්ච වඩේ.. අම්මපා මේ මිනිස්සු අනුන්ගේ වැටවල් වල කුණු රෙදි, පාපිසි වනන එක කවදා නතර කරයිද... අපේ මහත්තයා නම් ඕවා එහෙමම අරගෙන කුණු ගොඩට දාලා පිච්චුවා දවස් දෙකක්..ඊට පස්සේ වැඩේ නැවැත්තුවා...
ReplyDeleteඇත්තෙන්ම ඒක නම් පුදුම සංකෘතියක් තමයි. කාලයක් පාර දිගටමත් රෙදි වැලක් තිබ්බා බං. සයිඩ් මිරර්ස්වල පෑන්ටීස්, බ්‍රාස් හෙම පැටලිලා එනවා හිටපු ගමන්. මම හොඳ කල්පනාවෙන් යන්නෙ.
Deleteමචං ඩූඩ් මගේ කමෙන්ට් එක මෙතනට ආදේශ කරන්නම්....
Deleteමගේ ගෙදරට යන පාර තාර පාරෙ ඉඳල ටික දුරයි...අතුරු පාරෙ..මිනිස්සු වැටවල් කපල දාන අකුල්..මිදුල නෙලල දාන වල්පැල ඔක්කොම පාර අයිනෙ ගොඩගහනව...පාරෙ කානුවට සින්ක් එකේ අපජලය ඉවත්කරන ජලය බස්සනව. මට එපාවෙලා ඉන්නෙ...වාහනය අයින්කරන්න බෑ හීරෙනව. මගේ කාර්‍යාලයට එන මිනිස්සු වාහනයේ එන්න කැමතිනෑ...
ඒත් පාරෙ තණකොල ටිකගලවන්නෙ මමයි මගේ යාලුවෙකුයි පමනයි...
මේ හේතු නිසා මම කාර්‍යාලය ප්‍රධාන පාරෙ වෙළද සංකීරණයකට ගන්න මේ දවස් වල වැඩ කරනව දරාගන්න අමාරුයි මිල ගනන් ටිකක් ..ඒත් කරන්න වෙලා තියෙන්නෙ...අපේ රටේ මිනිස්සුන්ගේ හොඳකම නිසා.
ඔහොම ඉන්නේ කීයෙන් කීදෙනාද අද? වැඩිහරියක් ඉන්නේ ඩුඩ් අන්කල්ට උනා වගේ වැඩ කරන අය තමා. (ම්ම..ඩුඩ් අන්කල් තමා හරි වචනේ නේද? මට තාම 20යිනෙ.) :P
ReplyDeleteඅව්ලක් නෑ නේද?
ඔව් සිහින. ඒක ඇත්ත. හුඟදෙනෙක්ගෙ මැනර්ස් තියෙන්නෙ මේ ප්‍රදර්ශණ කටයුතු සඳහා පමණයි.
Delete(අංකල් කිව්වාම කිසි අවුලක් නෑ සිහින. එච්චර මහන්සි වෙන්නත් ඕනෙ නෑ. ඩූඩ් කියාපං. ඒකෙ කිසි අපහාසයක් නෑ. මගෙ ළමයි දෙන්නාත් (Hiruz Theories and Blade) ඔය කමෙන්ට් දානකොට නිකම්ම ඩූඩ් කියන්නෙ. :)
හරියට මම වගේ...මම ලියන්නෙ නිකම්ම නිකම් ඩූඩ් කියලා...අයියා කෑලිත් නෑ...එතකොට හිතට ෆිට් එකක් වගේ දැනෙන්නෙ...
Deleteඅනේ මට නම් බෑ ඔය මූණ දිහා බලාගෙන ඩූඩ් කියන්න.. අන්කල් කෑල්ල තමයි එන්නේ.. ඒත් පවුනේ කියලා අයියා කෑල්ල දානවා.. හි හි...
Deleteමාත් කියන්නේ කෙලින්ම ඩුඩ් කියල..... :D
Deleteඑහෙනං ඉතින් ඩුඩ් ම තමයි ඈ. ලොවෙත් එල...:D
Deleteහප්පුච්චියේ .... අංකල් අයියා ගැන මෙයාල ලොකු සංවාදයක්නේ. ඔච්චර වද වෙන්න එපා අනේ, ඕන්නම් අර නිශානය වගේ ‘සෑර්‘ කියන්නකෝ.
DeleteWelcome home again. Waiting to read your posts from Sri Lanka.Hope everything is alright.(except the neighbours!)Now assume the Sri Lankan mentality or you will always be frustrated.A very heart warming story. I too have many old copies of Reader's Digest and I enjoy them a lot. Many Sri Lankans are very selfish and very rude.
ReplyDeleteEven the Maldivian mentality is not much different Blue Lotus. I make up my mind thinking these are our own people, whatever.
DeleteI have made a huge collection of Reader's Digest which I don't lend to anybody. It has copies from 1959, before I was born. Most are bought second hand.
ශෝයි කතාව
ReplyDeleteඔව් සමී. මටත් ඒකමයි හිතුනෙ ඒක කියෙව්වාම.
Deleteමෙච්චර වෙලා මම වැරදි රිප්ලයි එක මෙතන අලවලා තිබ්බෙ. :)
පුංචි කතාවකින් අපිට හිතන්න දේවල් කොච්චර ඉතුරු කරලා තියනවද. අපි තුල ඉන්න මිනිසා යටපත්ව, තිරිසනා, මෝඩයා, ගුණමකුවා, උඩට එන අවස්ථා අපි හැමදෙනාටම පොදුයි. එය පාලනය කරගැනීම තමයි ලොකුම සටන.
ReplyDeleteදන්නවද වැඩක්. අපේ ගෙදර තියන ඇලුමිනියම් ඉනිමග, ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් එක, ග්‍රයින්ඩර් එක, රිවට් ගන් එක, වැට කපන කතුර, ආදී මෙකීනොකී දෑ වලින් සමහරක්, අසල්වැසියාට දීමෙන් අතුරුදන් විය. අනෙක්වා විශාල මුදලක් ගෙවා අලුත්වැඩියා කරගැනීමට සිදුවිය.
ඉතින් මොකේදැයි දන් වළඳන්නේ?
අසමි දකිමි සොයමි ලියන විචාරක
මමත් ඒකයි මේ කතාවට ආසා වුනේ විචාරක. මමත් ඔන්න ඔය බැරී වගෙ මිනිස්සු අතර ජීවත් වෙන්න හරිම ආසයි.
Deleteඅර අනිත් කතාව විචාරක. බල මෙවලම්, පොත්, පත්තර, සඟරා, සීඩී, ඩීවීඩී, වීල්බැරෝ සහ ගෙවතු උපකරණ වලටත් පොදුයි.
සමහරවෙලාවට ඇණයක් ගහගන්න තමන්ගෙම මිටිය හොයාගන්න ගෙයක් ගානෙ යන්නෙ ඕනෙ.
ඒ වෙලාවට මට හිතෙනවා පොතක ලියාගෙන දෙන්න. ඒ එක්කම මතක් වෙනවා එක මිනිහෙක් එහෙම කරලා පස්සෙ පොත හොයාගන්න නෑලු. මොකද ඒකත් එකෙක් ඉල්ලං ගිහින්. :D :D
මගෙ තාත්තගෙ උපක්‍රමය තමයි. 'හොඳ එක' සහ 'එක එකාට දෙන එක' යනුවෙන් ආවුදවල පිටපත් දෙකක් තියාගැනීම. එහෙම කියත්, මිටි හෙම තිබ්බා තාත්තා ගාවා.
punchi punchi dewal godak wadagath...
ReplyDeleteපුංචි කතා පිටිපස්සෙ මහා අර්ථයක් තියෙන වෙලාවල් තියෙනවනෙ විකුම්. ස්තුතියි මේ පැත්තෙ ආවා මදිවාට කමෙන්ට් එකකුත් දැම්මට.
Deleteනේබර්ස් ගිෆ්ට් ගැන ලියන්න ගියොත් ඉතින් ලියන්න වෙන්නෙ කෙටි කතා නෙවෙයි... දිගම දිග නවකතා ..:)
ReplyDelete( මම මේ කල්පනා කලේ මම මෙතන කොමෙන්ට් කරල සබ්ස්ක්‍රයිබ් වෙන්නත් ඉස්සර කොහොමද මේකෙ කොමෙන්ට් මගෙ මේල් එකට එන්නෙ කියලා..
ඉතින් ලියමුකො ලකී, දිග බ්ලොග් පෝස්ට්!
Deleteමමත් දාන කමෙන්ට් රිප්ල්යි බ්ලොග් එකට කලින් මේල් එකට එනවා.
නියම සංවේදී කතාවක්.
ReplyDeleteගන්න යමක් ඇතියි කියලා මට හිතුනා ප්‍රසන්න.
Deleteඅහල පහල එවුං ඉල්ලගෙන යන්න එන්නෙ නැත්තෙ ගෑණි විතරයි මචං ..!
ReplyDeleteලංකාවේ උන් නම් තව ටික කාලෙකින් එකත් ඉල්ලයි ගාමිණි මාමේ :)
Deleteඇයි බං, ටූත් බ්‍රෂ් එකයි, ජොකයි ඉල්ලන්නෙත් නෑ. :D
Delete++++++
Deleteඒත් ශෝචනීය තත්ත්වය තියෙන්නේ එතන නෙවෙයි ගාමිණි මහත්තයෝ. උන් අපෙන් නොයිල්ලාම ගන්න එක.
මට කවදාවත් නරක අසල් වැසියො හම්බවලා නෑ. නෑදෑයන්ටත් වඩා හොද උන් තමයි ඉන්නෙ.
ReplyDeleteනියමයිනෙ කම්මල්! Lucky Dude.
Deleteමමනම් කවදත් විෂ්වාස කරනවා යුරෝපීය ජාතිකයන් තුල අපිට වඩා සංවේදී මනුස්සයෙක් ජීවත් වෙනවා කියලා... හැබැයි ඒ සංවේදී කම ඒ මිනිස්සු පෙන්නන්නේ අවශ්‍යවෙලාවට විතරයි.. අපේ උන් වගේ හෙම්බිරිස්සාවක් හැදුනත් අනේ කොහොමද අමාරුද කියල හුරතල් කරන්නේ නෑ
ReplyDeleteසමහර ජාතීන් තුල, පෞද්ගලික නිදහස ගැන වඩා හොඳ ආකල්ප තියෙනවා.
Deleteනියම කතාව ඩුඩ් අයියා.. බටහිර සාහිත්‍යයේ මං කැමතිම දේ තමයි ඔන්න ඔය වගේ දැනෙන විදිහට කතාව අවසන් වෙන එක. මට උනා වගේනේ දැනෙන්නේ කියවන කොට.
ReplyDeleteඅර පාරවල් වල වාහන පාර්ක් කරන කරදරේ නම් අපිටත් තියනවා. අපේ ගෙවල් වලට එන්න පාරක් නැතුව තිබුණු කාලේ ඉඩම් අයිතිකාරයෝ කැමති කරගෙන පාරක් කැපුවා. ඒක පටන් ගන්න තැන මොකෙක් හරි එකෙක් වාහනයක් නවත්තල යනවා. හැබැයි ඉතින් හැමදාම නම් නෑ. අපි ඉතින් ඉවුරු වල බඩගාලා ඕන එතනින් එහා පැත්තට පනින්න.. :)
ඔව් බං ඔන්න මට අදහාගන්න බැරි දේ තමයි ඕක. ඔන්න මම ගෙදරින් යනවා. හෝන් ගැහුවාම දුවගෙන ඇවිත් පාරෙ නවත්තලා තියෙන බයික් එක අහකට ගන්නවා. මීටර් සීයක් යනකොට මට මතක් වෙනවා යමක් අමතක වුන බව. මම ආපහු හරවාගෙන ගෙදර එනවා. මෙන්න යකෝ අර බයික් එක ආපහු පාරෙ. ඔන්න ආයෙ හෝන් ගහනවා. දුවගෙන ඇවිත් බයික් එක අහකට ගන්නවා. මම ගෙදරට ගිහින් අර අමතක වෙච්ච දේත් අරන් ආපහු එනකොට මෙන්න යකෝ අර බයික් එක ආයෙම පාරෙ. @#$%^%
Deleteඑක් නම් නියම කතාව අයියා, දැන් මට මතක් වෙන්නෙ පාරෙ බයිසිකලේ නවත්තපු එකා ගැන. හැබෑට උගේ කෝණෙන් ඔය කතාව කිව්වොත් කොහොමට හිටීද?
Deleteයකෝ .. මම බයිසිකලේ හදිසියට නවත්තල ගෙට ගියා විතරයි, මෙන්න මොකෙක්ද එකෙක් හොන් එක උඩ නැගගෙන සද්දෙ, ගිහින් අයින් කරල මෑන් යවල ආයිත් ගෙට ආව විතරයි, මෙන්න මේ යකා ආපහු හෝන් ගහනව, ඒත් කමක් නෑ කියල ආපහු මිනිහ යවල ආවා, මම ගෙට ගිහින් පුටුවක වාඩි වෙන්න උනේ නෑ මූ ආයිත් හෝන්කරනව. දැන් කෝමද සනීපෙ.
DDT ++++++++++++++
Deleteහෙන්රියෝ සුට්ටම සුට්ටං ,,මේ කතාව එකපාරටම හයියෙන් කණට ගැහුවා වගේ මට ..අදිසි කම්පනයක්. --හදවත කඩා බිද දැමීමක්, පුංචි රිද්දිල්ලක්. ඉතින් මගේ ඇස්වලට කදුළු ඉනුවයි කියන්න ලැජ්ජා වෙන්න ඕනෙද මම ..අපූරුයි.
ReplyDeleteඇත්තටම රතු මටත් හොඳටම වැදුනා ඒ කතාව කියවනකොට. මම මේ කතාවෙන් කියන්න හැදුවෙ ඒ අසල්වැසියගෙ හොඳ ගතිගුණ මිසක්, කාගෙවත් නරක ගතිගුණවත්, දේවල් ඉල්ලා ගැනීම වත් නෙවෙයි.
Deleteලංකාවේ සාරධර්ම ගුණ ධර්ම තියෙනවා කිව්වට දැන් ඒවා පිරිහෙමින් පවතින කාලයක් . ගොඩක් අය හිතන්නේ තමන්ගේ ගැනම විතරයි.. අනිකට හෙන ගැහුවත් කමක් නැහැ අපේ වැඩේ හරිනම් කියල හිතන මිනිස්සු අතර තවමත් අනුන් ගැන හිතන මිනිස්සු ඉන්නවා බටහිරයන් අතර උනත් එකට හොදම උදාහරණය තමයි ඩුඩ් ගෙ මේ පුංචි කතාව..
ReplyDeleteඅපේ සාරධර්ම අදත් තියෙනවා. නමුත් ආකල්ප එකම නෙවෙයි. උදාහරණයක් විදියට විපතකදි එක් රැස් වීම, ආගන්තුක සත්කාරය වගෙ දේවල්! නමුත් වැටට මරා ගැනිලි, ඉඩම් අල්ලා ගැනිලි, හූනියම් කිරිලිත් උපරිමෙන් තියෙනවා.
Deleteඅහල පහල එවුන් උනත් හොඳ එවුන් ඉන්නවා කරුමෙට එහෙම උන් හොයාගන්න බැහැ. කොරවෙන්න කඩ්ඩෙන් කෙටුවනම් ආයේ එන එකක් නැහැ.
ReplyDeleteඒකනෙ බං අපිට හම්බවෙන්නෙම ... වැඩක් නෑ කියලා.
Deleteමම කිසි දෙයක් කියන්න යන්නෙ නැත්තෙ, අලුතෙන් සතුරො හදාගන්න අවශ්‍ය නැති නිසා බං.
මේ හොඳ අසල්වැසියෝ. ජේසුතුමා කිව්ව වගේ මේ වගේ අසල්වැසියන්ට තමා ප්‍රේම කරන්න හරි ඕනේ. ඒත් දැන් හුඟක් අසල්වැසියෝ ඉන්නේ බඩු මුට්ටු ඉල්ලාගෙන ගිහින් නොදී ඉන්න හරි නැති කරන්න හරිනේ
ReplyDeleteමං අඳුනන බුවෙක් අසල්වැසියාගෙ බිරිඳට ප්‍රේම කරන්න ගිහින් ඒ කට්ටිය ගෙවල් අතෑරලා යන්නත් ගියා හසිත.
Deleteහික් ...හික්
Deleteඇත්තම කියන්න එපැයි ඩූඩ්. හැමතිස්සෙම එක එක දේවල් ඉල්ලං එන මිනිස්සුන්ට මං කැමති නෑ. එක පාරක් නං කමක් නෑ කියමුකො. ඒත් සමහරු ඉන්නව හැම මගුලම අනිත් අයගෙන් ඉල්ල ගන්න එක පුරුද්දක් කර ගත්තු.
ReplyDeleteඔන්න උදේ පාන්දරම ඇවිල්ල අයන් එක ඉල්ලං යනව. ඊට පස්සෙ මට රෙදි අයන් කරගන්න ඕනි උනාම මං යන්න ඕනි අයන් එක හොයාගෙන. නූල් පන්දුවකුයි ඉඳිකට්ටකුයි ගෙනල්ල ලඟ තියාගන්නෙ නෑ. ඒකටත් හිඟමනේ යනව.
ඔක්කොමත් හරි! ගෙනියන දේවල් පරිස්සං කරන්න ගොඩක් දෙනාට කිසි උනන්දුවක් නෑ. ඇයි ඉතිං තමන්ගෙ දේවල් නෙවෙයිනෙ. මං ගත්ත දවසෙ ඉඳං පරිස්සමට පාවිච්චි කරපු දේවල් කවුරු හරි ඉල්ලං ගිහිං දවස් දෙකෙන් කඩා බිඳ දාල ගෙනල්ල දීපු අවස්තා තියෙනව. ඒ කරලත් ලැජ්ජ නැතුව තවත් මොනා හරි ඉල්ලං එනව.
මං නං කියන්නෙ තමන්ට දිගින් දිගටම මොනා හරි ඕනි වෙනවනං ඒ දේ තමං සල්ලි දීල ගන්න ඕනි. එතකොට අපිට වදේකුත් නෑ අහල පහල මිනිස්සුන්ට වදේකුත් නෑ...
අනේ ඔව් පරිකල්පන. සමහර මිනිස්සු අනුන්ගෙන් ඉල්ලන්නෙ මේ තමන්ට ගන්න බැරි මහා වටිනා දේවල් නෙවෙයි. ඒක මිලට ගන්න උවමනාවක් නෑ. අනිකාට වාත වෙන එක ඊට ලේසියි කියලයි හිතන්නෙ.
Deleteවීල්බැරෝ එකක්, ෂවල් එකක්, ඉනිමගක් හෙම තියාගන්නම බෑ තමයි.
ආපෝ.... ලංකාවේ ඉන්න බහුතරයක් හරිම ආත්මාර්තකාමියෝ , අපෙන් මොනා හරි දෙයක් ඉල්ලන්නේ මන් තව පැයකින් ගෙනත් දෙන්නම් කියලා , ඒ වුනත් සති 2ක් විතර අපි මතක් කරන කොට තමයි ගෙනිච්ච එකාටත් මතක් වෙන්නේ , අනිත් හැමදේමත් ඒ වගේ තමා , ඔව්වා ඔහොම තමයි Duda මාමේ අපිට පුළුවන් ය මිනිස්සු වෙනස් කොරන්න
ReplyDeleteඔව් ඉමල්ක, සමහර වෙලාවට අපිට මතකත් නෑ කාටද දුන්නෙ කියලා. සමහර වෙලාවට තමන්ගෙම දේ ආපහු ගන්න ගිහින් හිඟා කන්නත් වෙනවා.
Deleteසුට්ටි කතාවක් එක්ක හිතන්න දේවල් ගොන්නක්..
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!!
හිතන්න හිතන්න පණුච්චි. පණුච්චිටත් සිනා බෝ වේවා.
Deleteඩූඩ්ගේ කතාවා අස්සේ මග ගොඩාක් දුර යන්න පුළුවන්...,
ReplyDeleteමගේත් කියවීමට ඔය වගේ මැගසින් තමා බොහෝම උදව් කලේ පොඩි කාලේ. කොහේද ඒ කාලේ අපි ලංකාවේ හිටියට රුසියන් හීන දැකපු අයනේ.
අසල්වැසියෝ ගැන නම් සොඳුරු මතක තමයි මට තියෙන්නේ. සමහරවිට අපිට අසල්වාසින් වෙන අය සැබෑ මිනිස්සු වෙන හින්දා වෙන්න ඕනේ. කොටින්ම අදටත් මම ලංකාවට ආවම මම ජීවත්වන ඕනෙම ගෙයක අසල්වැසියෝ එයාලාගේ වතුවල පළතුරු හා එයාලට හමුවෙන බොහෝ කෑම වර්ග මාත් එක්ක බෙදා ගන්නවා. සමහරවිට එකම දවසකටවත් මා කතා නොකරපු අය පවා. ඇත්තටම සමහරවෙලාවට මම වෙනුවෙන්ම එයාලා කොහෙන් හරි මිලට අරන් එන ඒවා වුනත් බහුලයි. ඒක සමහරවිට ඒ අය මම කියන කරන දේවල් එක්ක ඇසිල්ලෙන් ඉන්න හින්දා වෙන්න පුළුවන්. මටත් ඉතින් කොහේ හරි ගහක් දැක්කම උඩ බලාගෙන මිසක් ඉන්න බැරි වෙන කෙනෙක් නේ. හොඳ වෙලාවට හොඳ පැත්ත විතරමයි මට ලැබුනේ.
ඉස්සරට වඩා නාගරීකරණය වෙනකොට අපේ මිනිස්සු වනචාරි වෙනවද කියලා මටත් හිතාගන්න බෑ. ඔය ගොඩක් ගෙවල් වල තාප්ප බැඳෙන්නේ අසල්වැසියා එක්ක තියෙන නොමනාපකම් හින්දා බවයි මට නම් වැඩියම හිතෙන්නේ. අපි අනෙකාව ඉවසනවා අඩුයි. අනෙකාගේ දේවල් ඇතුලට එබෙන්න හදනවා වැඩියි. අනෙත් අයගෙන් ප්‍රෙටෙන්ඩ් වෙනවා වැඩියි කියලායි මට නම් හිතෙන්නේ. එහෙම නැත්නම් අපේ ආචාරශීලි ගතිය අඩුයි. කොටින්ම තමන්ගේ සීමාවන් වල නොඉඳීමට නොදන්නාකම නෙමෙයිද මේ. ඒ අයට අවබෝධයක් නැත්නම් අපි ඒක අවබෝධ කරවන්න ඕනේ.
මතක විදියට අපිත් තවමත් පැල ඉනි වැටටත් අයිතිවාසිකම් කියන මිනිස්සු.
අපි සුහදශීලි වන තරමට අසල්වැසියා සුහදශීලි වෙන එකත් අනිවාර්යයි. මම නම් හිතන්නේ එහෙම.
කතාව ඇත්ත රංගි. නමුත් දැන් තව දුරටත් තාප්ප නැතුව ජීවත් වෙන්න පුලුවන් වට පිටාවක් නෑ.
Deleteඅනික අපි සුහදශීලී වන තරමට අසල්වැසියා සුහදශීලී වෙනවා කියන එක හැමතිස්සෙම වෙන්නෙ නෑ. මෙතනදි මම අදහස් කලේ හිනාවෙලා කතා කරන එක නෙවෙයි. පාරක් වැනි පොදු දේපලක් ආත්මාර්ථකාමීව පරිහරණය කිරීම වගේ දේවල්.
ඔය ඉහතින් මම කිව්ව දේවල් එකක්වත් මම කරන්නෙ නෑ. නමුත් මට නො අඩුව හම්බවෙනවා.
මේක මම කීවේ ගෙනරල් ඩූඩ්. මම දන්නවා එහෙම අය ඉන්නවා කියලා.
Deleteමේව නම් මොකද අපේ වත්තේ පොල් හෙම අහුලන්නේ පිට මිනිස්සු. කෙසෙල් කපන්නෙත් පිට මිනිස්සු. වත්ත ලොකු වැඩි නිසා බිමට වැටෙන වැටෙන ගානට පොල් අහුලන්න යන්න ගෙදර කෙනෙක් නැති නිසා ගස් යට තියෙන එකම පොල් ගෙඩියක්වත් අපිට අහුලන්න වෙන්නේ නෑ. වත්තේ තියෙන ආදායමින් භාගෙට භාගයක් ඒ අයට අයිති වෙනවා. එක දවසක් අපේ අක්ක යනකොට මනුස්සෙක් ලොකු පොල් උරයක් අරන් එනවා අතටම අහු උනාම කීවලු මේ නිකම් ගස් යට වැටිලා යන ඒව ටිකක් අහුලගෙන යනවා කියලා. අපේ අක්කා කියලා ඉතින් ඔයාලා ඔය පොල් අහුලනවා වගේ වත්තත් ටිකක් සුද්ද කරලා දාන්නකෝ එහෙනම් කියලා.
ඕක තමයි ඉතින් වැඩිය හොඳ වුනාම වෙන්නේ.
අනෙකාට ගරු කරන එකත් අපේ රට වලදි මහ විහිළුවක් විතරමයි වෙන්නැති.
ad එක නම් එළ ඈ............
Deleteලංකාවෙ හුගක් තැන් වල අසල්වැසියො එක්ක අමනාපයි නේද.. මොකක් හරි ප්‍රශ්නයක් කවුරු හරි හදනවනෙ...
ReplyDeleteඅපේ එක අසල් වැසියෙක් ඉන්නවා ඌ උගෙ මුලු වත්තම සුද්ද කරනවා හැබැයි අපේ ගේ ඉස්සරහා කෑල්ල කැලේ වෙන්ඩ ඇරලා.. මොන හේතුවකටද කියලා හිතා ගන්ඩ බෑ..
බලමුකො ඒකෙත් හැටි...මගේ අසල්වැසියා ඕකෙ අනික් පැත්ත... මිනිහා පාර දිගටම සුද්ධ කරනවා... මිනිහගෙ ගේ ඉස්සරහ ඇරෙන්න.. හිතාගන්න පුලුවන්ද හේතුව....
Deleteඅහල පහල පොඩිවුන් ටික මිනිහගේ ගේ ඉස්සරහ සෙල්ලම් කරන එක වලක්වන්න...
සෙන්නා සහ ලකී: දෙන්නගෙම අසල්වැසියො එකතු කලාම ෆුල් ඔප්ෂන් තියෙන්නෙ. :D
Deleteඔබගේ සංසන්ධනය නම් මරේ මරු හෙන්රි....
ReplyDeleteසමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.
ස්තුතියි නලීන්. සංසන්දනය හොඳයි එහෙනම්? :)
Deleteපොඩි කාළේ මගේ අසල්වැසියෝ ගැන මම කූඩැල්ලා කතාවෙන් කිව්වානේ. දැන් උනත් තත්වේ එහෙම තමයි. අපි හොඳනම් යක්කුත් හොඳ වෙනවා මචං. අපේ ගෙවල් ළඟ හිටියා කොලු කාරයෙක්. ලංකාවේ ප්‍රසිද්ධ පොරක්, බැඳලා නෑ. අපි එනකොට පලාතේ එකෙක්වත් නෙමෙයි ඌ ආශ්‍රය කරන්නේ. මම මූ ආශ්‍රය කරේ මූ හම්බ වෙන එන කළාකාරයෝ අපේ ගෙදරින් තමයි මූගේ ගේ අහන්නෙ. මට ඕන උනේ මූගේ මාර්ගයෙන් කළාකාරයෝ අඳුනගන්න. එකෙකුටවත් පෙන්නන්න බැරිව උන්න එකා, අන්තීමට හැමෝටම නැතිව බැරිව ගියා. මූ අළිතෙන් පදිංචියට යන දව්සේ අපි ඔක්කෝගෙම ඇස් තෙමලා තමයි මූ යන්න ගියේ.
ReplyDeleteසතුටුයි බං එහෙම අසල්වැසියෝ ඉන්න එක ගැන.
Delete// අපි හොඳනම් යක්කුත් හොඳ වෙනවා මචං//.
නමුත්,සමහර බුවාලා, තමන්ගෙ වීදුරු කටු, පරණ බල්බ් ඔක්කොම මගෙ වත්තට වීසි කරන්නෙ මම එහෙම කරන නිසා නෙවෙයි.
අහුලලා ඉස්සරහ දොර ගාවම තියලා කතන්දරේ කියලා වරෙන්.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි....
Deleteඅපටත් බලා කියා ගන්න මේ කතාව පරිවර්තනය කල එක ලොකු දෙයක්.
ReplyDeleteකියවා රසවින්දෙමි.
ස්තුතියි මින් විසිතුරු.
Deleteමට හිතෙනවා ඩූඩ්. මේක මිනිස්සුන්ගෙ විවිධත්වය මිසක් රටේ වැරැද්ද නෙවෙයි කියලා. අපේ අයටත් හොඳ අසල්වැසියොත් නරක අයත් දෙගොල්ලොම ඉන්නවනෙ.
ReplyDeleteපිට රටවල ඔය බැරී වගේ අය වගේම ඩූඩ්ගෙ අසල්වැසියන්ටත් අන්ත අය ඇති.
හපොයි ඔව් ස්පයිඩර්.
Deleteනමුත් පෞද්ගලිකත්වයට සැලකීම අපේ හුඟක් අඩුයි.
මේ කතාව නම් මට සංවේදී එකක්
ReplyDeleteමටත් එහෙමයි නිශාන්.
Deleteඩුඩි මාමගෙ මෙ කත දාන වැඩෙට මම පට්ට ලයික්.
ReplyDeleteඅපිට හිතන්න පුන්චි පුන්චි දෙවල් උනත් කොච්චර තියනවද නේද මාමෙ
අනේ ඔව් බං ජිංජියා. පුංචි ලිඳේ වතුර රසයි කියන්නෙ ඒකනෙ.:)
Deleteපොඩි කතාවක් වුනාට හිතන්න දේවල් බොහෝයි...
ReplyDeleteසමහර පොඩී කතා පිටිපස්සෙ ලොකු ගැඹුරක් තියෙන අවස්තා තියෙනවනෙ සමනළී.
Deleteඅපේ ගෙදරට ත්‍රීවීල් එක ගන්නේ අල්ලපු ගෙදර වත්ත උඩින්. මේ දවස්වල වැස්ස නිසා පාර හොඳටම මඩ වෙලා. අද උදේ ලෙස්සුවා. (පාරේ යන මල්ලිලා දෙන්නෙක් අල්ලාගෙන තල්ලු කරලා ගත්තේ උන් දෙන්නත් මද නාලා. පස්සේ කි.මී.2ක් විතර ගිහින් ඉන් දෙන්නවත් ඇරලලා ආවා කරපු උදව්වට.)
ReplyDeleteඅල්ලපු ගෙදර අයියා අද හවස වැස්සේ බයික් එක ගෙනාවේ හරිම අමාරුවෙන්.
මන් අද හවස් වරුවෙම ගෙදර හිටියේ?
ඒත් ඇයි මුකුත් නොකළේ?
හෙන්රි අයියා උඹ මාව අපහසුතාවයට පත් කරනවා. ඒත් සාධාරණ දේකදී එහෙම කලාට මන් උඹත් එක්ක තරහා නෑ.
හෙට මන් පාර හදනවා.
එක දෙයක් විතරක් කියන්නම් අකමා. ත්‍රී වීල් එක අල්ලපු වත්ත දිගේ ගන්නෙ වැස්ස නිසා පාර මඩ වෙලානම් ඒක වෙනම කතාවක්. එහෙම නැතිව පාරක් නැති නිසා නම්, දැන්මම පාරක් ලබාගන්න කටයුතු නොකලොත් පස්සෙ උඹලගෙ ළමයිනුත් අමාරුවක වැටෙනවා.
Deleteඅද උදේ පාන්දරම පාර හැදුවා. ඔබගේ උපදේශයට 100%ක්ම එකඟයි. මොකෝ මේ දවස්වල බිසීද? අපේ පැත්තේ එන්නැත්තේ? කමක් නෑ නිවාඩුව ඉවර වුනාම ඇරියස් එක්කම අල්ලයිනේ.....
Deleteඇත්තටම මේ පොස්ට් එක දැක්කේ ඊයේ වුනත් මන් හිමිට කියවන්න හිටියේ . මන් හිතුවේ ගෙවල් ගාව කෙනෙක් ඔයාලට මොනවා හරි දීලා වෙන්න ඇති කියල . කලින් නිගමන වල එළඹීමේ පල විපාක . ලස්සන ලිපියක් නොව මග ඇරිලා තියෙන්නේ .
ReplyDeleteනෙතට කඳුළු ඉනුවා . සමහර විට අපෙන් වෙන්න පුළුවන් අපට කරන්න අමාරුත් නැති පුංචි දේවල් කොපමණ ලොකුවට දැනෙනවද . එවෙලේ කල යුතු දේ මග ඇරීම කොතාර්ම් පසු තැවීමක් ද පසු කලෙක .
ස්තුතියි කියන්න , සමාවෙන්න කියන්න දිව හොර වෙන එක . සංවේදී සමු ගැනීමකදී ලජ්ජා වෙන එක අපේ ලොකු අඩු පාඩුවක් .
බින්දිගෙ අන්තිම වාක්‍ය නම් ලිපියට ඌණ පූර්ණයක්.
Deleteඅසල්වැසියන් ගැන කියන්න කතන්දර කොච්චරක්ද . කොයි එකාගෙන් පටන් ගන්නද මන්දා .අපි කුලී ගෙවල් වල හිටපු නිසා කොඉ ජාතියේත් අසල්වැසියෝ ගැන අවබෝධයක් මට චුට්ටන් කාලේ ඉඳන්ම ලැබුනා . එකෙක් හැරෙනකොට කියන්න පුළුවන් .
Deleteඒ අතරේ කියන්න බැරි තරම් හොඳ මිනිස්සු , නරකයි කියන සිටන් සිටි උන් ළඟ ඉඳහිට තිබු සැඟවුන මනුස්සකම් . ...කොච්චර කල්පනා කලත් තේරුම් ගන්න බැරි උන්...හොඳත් නැති නරකත් නැති පතෝල වර්ගයේ උන් ...හරි යන්නේ නැහැ පොස්ට් එකක් ලියනම වෙනවා .
රීඩර්ස් ඩයිජස්ට් කියන්නේ අපේ ප්‍රියතම සඟරාවක් . අදටත් . අපේ අපාර්ට්මන්ට් එකේ ලොබියේ හැම මාසේකම අලුත්ම කිරිකිරි සඟරාවක් .
කොතරම් තාක්ෂනය දියුණු වුනත් මිනිස්සු තවම අලුත් කඩදාසි සුවඳට ආසයි . අපේ ගෙදර අය නම් කියන්නේ අලුත් ගෑනු එඩිටර් ආවට පස්සේ හරි නැහැ කියල .
ඒ වුනාට එහම කාන්තාවන්ට අපහාස කරන්න දෙන්න පුලුවන්ද . අපේ ලොකු දු ආසයි ඕක කියවන්න . ඔය සඟරාවේ හිටි ගමන් යනවා අනපේක්ෂිත විදිහට තමන්ට උදව් කල කෙනෙක් ගැන කතාවක් . හරිම ලස්සනයි . මන් ඉස්සරවෙලාම කියවන්නේ නම් විහිලු ටික .
සමහහරවිට ඉනිමග අරගෙන ගියානම් අසල්වැසියා ගැන මතකයත් ඒ සමගම අවසන් වෙන්න ඉඩ තිබුණා.
ReplyDeleteදැන් ඉතින් හැම නොවැම්බරයකදීම අසල්වැසියා ගැන මතකය අලුත් වෙනවා, රිදුම්දෙන හෘද සාක්ෂියත් සමගම....
ඒක ඇත්ත සුමිත්.
Deleteනමුත් මට හිතෙනවා වෙලාවකට, එහෙම සිදුවුනේ අසල්වැසියාගෙ වෙන්ව යාම ඒ තරම්ම වේදනාකාරී එකක් නිසා යටි හිතෙන් කල ප්‍රතික්ෂේප කිරීමක්ද කියලා.
අපොයි ඩූඩ් ඔය ගැන නම් කතාකරල වැඩක් නෑ. අපේ ගෙදර තිබුණ වතුර දාන්න දිග හෝස් එකක්. ඕක කවුරුහරි ඉල්ලගෙන ගියාම ටික ටික දිග අඩුවෙනව. අන්තිමට ඉල්ලගෙන ගිහින් ඒක අස්ථාන ගතවෙල, ගෙනිච්චෙ කවුද කියල හොයාගන්න නෑ, දැන් අපිටත් වතුර දාන්න එකක් නෑ. තව අඬු මිටියක් අල්ලපුගෙදරින් ගෙනිහින්, අපිට මතකත් නෑ ඒ මිනිස්සු ගෙනිහිපු බව, කොහොම හරි ඒක නැතිවෙල නිසා අපිට ඕන වෙල දවසක් අල්ලපු ගෙදරින් අඬු මිටියක් තියෙද ඇහුවම අපේ මිටියම දුන්නා එයාලගෙ වගේ. විල්බැරෝ එක ගෙනිහින් බදාම තට්ටු පිටින් ඇලවිච්ච එකක් ගෙනත් තියල ගියා, අන්තිමට අම්මා ඒක අක්කලගෙ ගෙදර යැව්ව, දැන් අපිටත් නෑ උවමනාවකටවත්. අලවංගුවත් කවුද ගෙනිහින් කොන්ක්‍රීට් කඩලද කොහෙද දැති කියත වගේ එහෙමම ගෙනත් දුන්න ලැජ්ජ නැතුව. එහෙම උනාම හරි ආස හිතෙනව.
ReplyDeleteහැබැයි මම නම් මොනව හරි ඕන වුනාම කාගෙන්වත් ඉල්ල ගන්න හරි අකමැතියි. හේතුව හදිසියෙවත් මොනවහරි වෙල ඕකට අළුත් එකක් අරන් දුන්නත් නරක නාමෙ හැමදාටම, ඊට වැඩිය හොඳයි පුළුවන් හැටියකට ඒ දේ අපිම අරගන්න එක.
ඔය තියෙන්නෙ ලෙසටම.
Deleteඅපිත් ඔය වාගෙම අත්දැකීම් වලට මූන පාලා තියෙනවා ඩීඩීටී. නමුත් මම ඒවා ලිව්වෙ නැත්තෙ මම මතුකරන්න ගිය ප්‍රධාන කාරණාව අසල් වැසියන්ගෙ අගුණ ගැන කතා කිරීම නොවන නිසා. ඇත්තෙන්ම ඒකෙ විරුද්ද දේ. අනික අර සමුගැනීමේදි දෙදෙනා හැසිරිලා තිබ්බ ආකාරය.
නමුත් ඩීඩීටී කියන ඔය කාරණානම් සහතික ඇත්ත.
ඩූඩ් ඒ උනාට මෙව්වා නොකියාම බැ
ReplyDeleteඩිඩිටී ලගේ අසල් වැසියන්ට හපං බං අපේ අසල් වැසියෝ,
මම තමා අහල පහල උන් අතරේ ඉන්න නැති බැරිම එකා , අපේ අටම්පවුලත් වෙස්සන්තරටයිප් හන්දා හැම මගුලකටම එන්නේ අපේ ගෙදරට තමා, ඉදිකටුද . අඩුද , මිටිද . හුලන් පොම්පද . අරකද , මේකද . රෙදිකෑලිද . හැම මගුලම සපයන්ඩ ඕන .
ඔන්න ගෙනිහිල්ලා කඩලා ගෙනත් දානවා . මම හදලා අරගන තියනවා . මට ඹ්නවෙලා ගත්තහම ආයෙත් කැඩිලා .
''එදා අරු කඩලා ගෙනාවට පස්සේ එක්දාස් ගානක කෑලි දාලා හදලනේ මම තිබ්බේ . කව්ද මේක ආයෙත් කෑවේ ''
'' තියාගන නෑ කියන්ඩ පුලුවන්ද අනේ අරයා ඉල්ලුවා මම දුන්නා ''
''හොද වෙලාවට මගේ අහවල් එක හමට ඇලිලා තියෙන්නේ නැත්තං තමුසේ ඒකත් දෙනවා ''
'' හම්... හිතේ ඇති ඒකනං දෙයි මං''
ඉතින් අපි දෙන්නා මරා ගන්නවා
තනකොල කපන මැෂින් දෙකක් කඩලා දැම්මා
බැරිම තැන වල්නාශක ගහන ස්ෆේකෑන් එකක් ගෙනාවා . වහ හින්දා ඒකවත් ඉල්ලන එකක් නැ කියලා හිතලා . එකත් ඉල්ලගෙන එනවා .දුන්නට පස්සේ .
''මොනවද මේකට දාන්නේ ,ආ කදානේ පත්තර කඩේ තියනවා වල්මැරෙන්ඩ ගහන්ඩ කියලා ඉල්ලන්ඩකෝ ''
''අයියා ගෙනත් ඉතුරු වෙච්චා නැනේ ''
ඔන්න දැන ්ඒකත් කඩලා ගෙනත් දාලා
වැඩිය ඕන්නැ බං බිලොග් ගල් , වැලි , මෙට්ල් ගල් පවා කෙලගන යනවා
''
උඹට බ්ලොග් පෝස්ට් එකක් ලියන්න තිබ්බ නිර්මාණයක්නෙ උඹ මෙතන දාලා තියෙන්නෙ.
Deleteඋඹ කිව්ව කතා ටික නම් සහතික ඇත්ත.
ඔන්න මෙතන කොමෙන්ටු දාපු අය තරහ වෙන්න එපා මාත් එක්ක... (තරහ වුනයි කියලා මට නැතිවෙන්න දේකුත් නෑ)
ReplyDeleteමෙතන අනේ හොඳයි, ශෝක් කියලා ලියලා දාපු අයගෙන් කී දෙනෙක් කාපු ටොපි කොලේ බිම දාලා යනවද ? කඩල ගොට්ටෙ කොලේ පාරෙ දාලා යනවද ? කුණු පාරෙ දානවද ?
අපි මෙතන කොච්චර ආදර්ශමත් වෙන්න හැදුවත් සමහර වෙලාවට අපිම ඒ වැරැද්ද කරනවා.
මම දවසක් ලංකාවෙදි කඩේකට ගිහින් බඩුවක් අරගෙන ඉරිච්ච ශොපින් බෑග් එකක් දාන්න කුණු කූඩයක් හොයාගෙන ටික දුරක් ඇවිද්දා... කඩේ මිනිහා ගාවත් කුණු කූඩයක් නෑ... පාරෙත් නෑ... අන්තිමට බෑග් එක සාක්කුවෙ දාගෙන ගෙදර ඇවිත් තමයි කුණු කූඩෙට දැම්මෙ.
මට හිත දුන්නෙ නෑ ඒක පාරෙ දාලා එන්න... මම මගේ දරුවට උගන්නලා තියෙන්නෙත් කුණු කූඩෙකට දාන්න නැතිනම් ගෙදර ඇවිත් හරි දාන්න කියලා...
අපට ඕන Idea revolution එකක්... ඉස්කෝලෙන් සාරධර්ම කියලා දෙන එක නතර වෙලා තියෙන්නෙ.. ගෙදරින් හිතං ඉන්නවා ඉස්කෝලෙන් කියලා දෙනවා කියලා.. නමුත් ළමයි නන්නත්තාර වෙනවා....
කිසිම කෙනෙක් වගකීමක් ගන්නෙ නෑ... මම කියන්නෙ බොරුද බලන්න... ඉහළම තැන ඉඳලා පහළම තැනට වෙනකල් හැමෝම කරන්නෙ බෝල පාස් කරන එක...
ඒකයි මම කියන්නෙ අපට Idea revolution එකක් අවශ්‍යයි කියලා...
නමුත් පවතින සමාජ තත්ත්‍වය තුල කවුරුවත් අනුන් දිහා බලලා අනුන්ට වැඩ කරන්නෙ නෑ.. තමන්ටම කර ගන්නවා මිසක්....
ඉතින් කොහෙද සාරධර්ම රැකෙන්නෙ ?
දැං ඉතිං මට බැනපල්ලා....
ඔන්න මන් නම් කුණු පාරේ දාන්නෙත් නැහැ . ළමයිනුත් එහමයි . අපි දහම් පාසල් යන කාලේ ජපන් කුමාරයා [ දැන් නම් රජතුමා වෙන්න් ඕන ] කුමාරිත් එක්ක ආවා . එයාට ගිනිකුර ගහල පාන පත්තු කරලා ගිනිකුර දාන්න තැනක් හෙව්වා . ළඟක නොතිබුන නිසා ආපසු ගීනි පෙට්ටියටම දැම්මා . මෙතනදී විද්‍යාත්මක පැත්ත ගැන අමතක කරලා මන් ඉගෙන ගත්ත පාඩම තවමත් එහමම පිළිපදිනවා .
Deleteකියන්න සතුටුයි. මගේ හෑන්ඩ් බෑග් එකේ ටොපි කොළ චොකලට් කොළ එකී නොකී දේවල් තියෙනව . ඒ ඉතින් ගෙදර ඇවිත් විසි කරන්න අමතක වෙච්චා . මගේ බෑග් එකේ කුණු වුනාට මන් ඒවා පාරට දැම්මේ නැහැනේ .
I Completely Agree with you
Deleteතනියෙම ලෝකය වෙනස් කරන්න අමාරු බව දැන දැනත්, ඔය දේ අපිත් කරනවා ඇල්. සමහරවිට සමහරුන්ගෙ අවඥාවටත් ලක්වෙනවා මෝඩයො කියලා.
Deleteඇල්කෙමියා.. මම ඔය පාඩම ඉගනගන්න මැදපෙරදිග එනකම්ම හිටියා. ඒත් කමක් නෑ. මම පසු තැවෙන්නේ නෑ. පරක්කුවෙලා හරි මම ඉගනගත්තු දේ අදත් එහෙමමයි. ලංකාවේදී වුනත් මම පාරේ කුණු දාන්නේ නෑ. දන්නා එකෙක්ට දාන්න දෙන්නෙත් නෑ.
Deleteසංවේදී කතාවක සංවේදී සටහනක්...
ReplyDeleteඩයිජස්ට් එකේ කතාවක් කියවපු ගමන් මටත් හිතුනෙ එහෙමයි, තරුවා.
Deleteඅසල්වැසියා කියන්නෙ පුදුම සත්වයෙක්. රංඩු කරගන්නවා, බැන ගන්නවා. ඒත් හදිස්සියක් උනාම මුලින්ම දුවගෙනත් එනවා.
ReplyDeleteඅන්න නියම අර්ථ දැක්වීම ඩි සිල්වා. අසල්වැසියා කියන්නෙ අන්න එහෙම සත්වයෙක් තමයි.
Deleteඔන්න මිනිස්සු....හරිම ලස්සන කතාව...දැන් ඒ මනුස්සයා දුක් වෙනවා ඇති හරියට සමු දෙන්න බැරි වුන එකට....මේ වගේ අසල්වාසීන් ලබන්න පින් කරන්න ඕනේ....
ReplyDeleteගෙදර වැට ගැන අහලා මම පුදුම නොවුනේ ඇයිද මන්දා....සමහර වෙලාවට අවුරුදු ගානක් තිස්සෙ පුරුදු වෙලා වෙන්න ඇති.....මේවට හිත කලබල කර ගන්න එපා.... :D :D :D
ඔව් Hiruz theories. සමහර වෙලාවට මිනිස්සු ගල්වෙලා ඉන්නවාගෙ අවශ්‍ය දේ නොකර. නමුත් බැරී වගේ මිනිස්සු තව කොච්චර ඇත්ද?
Delete//පස්සෙ මම තමයි පස් ගෙනත් පාර හැදුවෙ ආපු දවසෙ ඉඳන්ම// මම මේ කල්පනා කලේ ඩූඩ්ගෙ අර 'චික් මැග්නට්' ගතිය වැඩිවෙන්න ඔය වගේ සමාජශීලි වැඩත් උපකාර වෙන්න ඇති කියලා..
ReplyDeleteකතාව කෙටි වුනත් ගොඩාක් අපූරුයි.. ඒ වගේමයි අසල් වැසියාගෙන ලැබුණු තෑග්ගත්..
---- තොටියාz---
පළමු ගෙදර ඉන්නෙ දොස්තර මහත්තයෙක්. නෝන මල් වවනව. නෝනගෙ මල් වගාවෙ මදුරු කීටයො ඉඳල චූටි සුපියල් 2000ක් දඩ කෑවා. පව් දොස්තර මහත්තය.
ReplyDeleteඑයාට ඉස්සරහ ගෙදර ඉන්නෙ "ගඳය". එයාට ඒ නම වැටුනෙ පාරට වැසිකිලි වල උතුරල යන ගඳ ගහන වතුර පාරට හරවපු වෙලේ. ඒකාලෙ මිනිහට ගාමන්ට් ෆැක්ටරියක් තිබුන. වැසිකිලි වලවල් උතුරලගියෙ ස්ටාෆ් එක වැඩි නිසාලු. කොහොමහරි පාරෙ මිනිස්සු කොම්ප්ලේන් කරල UC එක දෙපාරක් නඩු දැම්මට පස්සෙ වලක් අලුතෙන් කපන්ට උනා මිනිහට.
http://emailkavikaari.blogspot.com/2012/07/blog-post_26.html
මතකද මංදා..........
ඒක නොවෙයි ඩූඩ්, ඩූඩ්ට උපහාර පිණිස හමුවක් තියමු කොහෙ හරි පොදු තැනක. අපි කවුරු කවුරුත් මොන මොනව හරි හදාගෙන පොට්ලක් gathering එකක් දාමුද??
ReplyDeleteකට්ටිය මොකද කියන්නෙ??
මටත් අර de Silva කියලා තියෙන දේම තමයි අසල්වැසියන් කියන අය ගැන කියන්න තියෙන්නේ.
ReplyDeleteහැබයි මෙ අවට සිටින අයට, අන් අයගෙ පුද්ගලිකත්වයට ගරුකල යුතු ආකරය ගැන තිබෙන අවබොධය තිබෙන අවබොධය නිල්.
අඩේ මට මේක මිස් උනානෙ
ReplyDeleteපරක්කු උනාට සමාවෙන්න... මේ දවස් වල පට්ටෙට බිසි ඒ අස්සෙ තාත්තට ශල්‍ය කර්මයක් කරන්නත් තියෙනවා...සිරිලංකාවෙන ආපහු ගියාද ?
ReplyDeleteමමත් ළගපාත නිවසකින් තමා තාමත් ඉණිමග ඉල්ලගන්නෙ... හැමදාම එකක් ගන්න හිතුවට එය සිතිවිල්ලක් විතරමයි...
ඒ මනුස්සයා බැරිට එයාගේ සිතුවිලි අනුව සමුනොදුන්නේ අයි කියලා මට තේරෙන්නේ නැහැ. මාත් එහෙමයි.හිතෙන දේ ගොඩක් වෙලාවට කරන්නේ නැහැ. එච්චර සංවේදී වෙන්න හිත ඉඩ දෙන්නේ නැහැ. ඇහැට කඳුලක් ආවා.අර මනුස්සයාගේ පසුතැවීම මටත් දැනුන නිසා වෙන්න ඇති.
ReplyDeleteපරක්කු වෙලා මේ පැත්තෙ ඇවිත් පෝස්ටුව එක්ක කමෙන්ට් ටිකත් කියෙව්වම හිතේ තිවුනු කොමෙන්ටුව දානවද නැද්ද කියලා දෙපාරක් හිතන්න වුනා..
ReplyDeleteරීඩර්ස් ඩයජස්ට් සඟරා කොච්චර පරණ වුනත් ආයෙ ආයෙ කියවන්න ආස හිතෙන කතා තියෙන්නෙ..මම පරණ පොත් සල්පිලකට ගිහාම අනිවාර්යෙන්ම රුපියල් 100 ගානෙ විකුණන පරණ සඟරා කීපයක් ගන්න එක නම් අනිවාර්යයි...අසූගනන් වල මේ ආරයෙන්ම කරපු කල්පනා සඟරාව මතක් වුනා..අපේ ගෙදර කොපි 20ක් 30ක් තිබුනා මම පොඩි කාලේ..
ඩුඩ්ගෙ අසල්වැසියො ගැන නම් කණගාටුයි..ඒත් හැමෝම එහෙමයි කියන්න අමාරුයි..බටහිර රටක මනුස්සයෙක් අසල්වැසියා දුන්න ඉණිමගට ස්තුති කරන්න බැරිවුන එක ගැන ලිපියක් ලියපු එක සඟරායෙ කතුතුමා ඒක පලකරන්න තීරණය කරන්න තරම් උසස් වෙලා තියෙන්නෙ ඒ වගේ දේවල් ඒ රටවල් වලට නුපුරුදු නිසා වෙන්න ඇති..
ආපහු නොදුන්නත් අපිත් අසල්වැසියෙක් මොනවා හරි ඉල්ලද්දි දෙසයරක් හිතන්නෑනෙ..අඩුම ගානෙ ඩූඩ් එහෙමයි නේද? මේ වගේ කතා අපේ සඟරාවල නොලියවෙන්නෙ අපි ඊට වැඩිය ගුණදම් වලින් පිරිලා නිසා කියලයි මට නම් හිතෙන්නෙ..
මට මේක පේන්නෙම අනිත් පැත්තට නේ. අසල්වැසියා වුනත් ඒ මනුස්සයා නෑදෑයෙක් වගේ වෙන තරමට කිට්ටුවට ආවාම කොහොමද අර වගේ ක්ෂණික වෙනසක් දරාගන්නේ? ඒ හිතවත්කම නැතිවෙන බව දැනගත්තම...
ReplyDelete