Wednesday, February 24, 2016

147. මඩ - 3 (අවසාන කොටස)

අපි ප‍ටුමගේ ඉඳං පාරෙ එහා පැත්තේ ගොඩනැගිලි අධ්‍යයනය කරනවා.

අතට ලැබිච්ච දේ කටට දාගන්න පින නැති හැටි!

තාත්තයි මායි මෙතන හිටගෙන මොකද කරන්නේ කියලා නොදන්න අයට මෙන්න
පළවෙනි කොටස
දෙවෙනි කොටස.

මම ඇත්තටම හිතුවේ වැඩේ ලේසියෙන්ම ගොඩ දාගන්න හැකි වෙයි කියලයි.  අපි මෙච්චර කට්ටක් කාගෙන මෙතනටම ඇවිත් වැඩේ අතෑරලා දාන්න වෙන්නද මේ යන්නේ?


එක පාරටම තාත්තා මගෙ උරහිසෙන් අල්ල ගන්නවා.

"මට ආවා කල්පනාවක්.  ඔයාට පේනවද  අර වැටට එහා පැත්තේ  තියෙන මඩුව?"  තාත්තා ගේට්‍ටුව පිටිපස්සේ පේන අලු පාට   තීන්ත ගාපු පොඩි මඩුව දිහාට ඇඟිල්ල දික් කරලා අහනවා.

"හ්ම්හ්, ඔව්. පේනවා. ඉතිං?"

"ඕක ඔය නඩත්තු අංශෙ හට් එක. ඕක ඇතුලේ තියෙනවා ඕවරෝල්.  අපි එයින් දෙකක් ඇඳගෙන ඇතුලට ගිහිං යතුර ගමු.  එතකොට කිසි කෙනෙකුට හාට'ටෑක් හැදෙන්නෙත් නෑ, වැඩෙත් කෙරෙනවා. හරි එහෙනං යං."

තවම පාරේ වාහන එකකට එකක් ගෑවෙන ගානට. 

"පොඩ්ඩක් හෝව්, පොඩ්ඩක් හෝව්!" මම තාත්තව වලක්වනවා. "අපි මේ විදියට පාර පනින්නද යන්නේ? පොඩ්ඩක් වාහන අඩුවෙනකල් ඉන්න ඕනෙ නැද්ද?"

"අපි තව කොච්චර වෙලා කියලා බලා ඉන්නද?" තාත්තා කරුණු දක්වනවා.,  "අඩුගානෙ තව පැයක්වත් යනකල් වාහන අඩුවෙන්නේ නෑ. නහයට කෙලින් ඉස්සරහ බලාගෙන, පස්ස නොබලා, ඇරලා දාල යන එකයි තියෙන්නේ, හරියට අපිට නෙවෙයි වගේ."

මම තාත්ත දිහා බලා ඉන්නවා. එයා මගෙ පිටට තට්‍ටුවක් දානවා.

"යං යං මඩ කොල්ලෝ, තවත් නිකං තැවරි තැවරි ඉන්නෙ නැතුව. අපිට පුලුවං මේකත් කරන්න."

මම අත් දෙක බොකු‍ටු කරලා ඇස් දෙක දෙපැත්තෙන් තියාගන්නවා ඉස්සරහ විතරක් පේන විදියට.  මට කාවවත් පේන්නැත්නම්, කාටවත් මාව පේන්නත් බෑනේ.

අපි වාහන අතරින් එහාට මෙහාට රිංගමින් පාර පනිනවා.  අපිට ඇහෙනවා වාහනවල ඉන්න මිනිස්සු කෑගහනවා, හූ කියනවා, ඒ එක්කම හෝන් ගහනවා.

පැහැදිළිවම මුං මීට කලින් මඩචාරීන්ව දැකලා නෑ.

තාත්තා මට ඉස්සරහින් වාහන අතරින් වේගයෙන් රිංගාගෙන පාර හරහා යනවා.අපිට ඉස්සරහින් තියෙන SUV එක ඊට ඉස්සරහ කාරෙකට ගෑවෙන්න වගේ නවත්තලා නිසා අපිට රිංගන්න ඉඩක් නෑ.  තාත්තා SUV එකේ බොනට් එකට අත් තියලා ඒකට උඩින් එහා පැත්තට පනින්නේ එක පිම්මට.  ඒ වැඩේ කරන්න මට අත් දෙක මූණෙන් ගන්න වෙනවා. 

"ඇන්ඩී?" මම බොනට් එක උඩින් බඩගාගෙන යද්දි මට ඇහෙන්නේ අහලා පුරුදු කට හඬක්.

එහෙමම බොනට් එක උඩ නවතින මම ඔලුව හරවලා බලනවා වාහනේ දිහා.

රෙදි නෑ!

ඒ මගෙ පන්තිබාර ගුරුතුමී, මිස් ලිවිංස්ටන්. එයා වීදුරුව පාත් කරලා ඔලුව එලියට දාගෙන.

"හායි," මම කෑ ගහනවා. "මේකයි වුනේ මිස් ලිවිංස්ටන්..."

එයා හිනාවෙලා අත උස්සලා මාව නිහඬ කරනවා. හරියට පන්ති කාමරේ වගේ.

"හරි හරි. ඒවා අපි පස්සෙ කතා කරගම්මුකෝ." එයා කියනවා.  "මම මාස හයක් මඩචාරීන් එක්ක කැලේ  ජීවත් වෙලා තියෙනවා. මට කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ කාලෙනම් අප්පා. ඔන්න එක වතාවක්..."

අහ්-ඕ!   හුටා
4 නොහොත් හුටා!xහුටා!!xහුටා!!!xහුටා!!!!  

කටින් වෙට්‍ටු දම දමා කියන මිස් ලිවිංස්ටන්ගෙ දේශාඨන කතන්දර හොඳයි. නමුත් අවුල, එයා ඒවා පටං ගත්තාම ඉවර කරන්නේ නෑ වරුවකට.

"මට වෙලාවක ඒ කතාව කියන්න මිස්. නමුත් දැන් නම් මේ හදිස්සි ගමනක් යන්නේ."

මිස් ලිවිංස්ටන් හිනාවෙලා ඔලුව වනලා සමුදෙනවා මට. 


"අනිවාර්යයෙන්ම!  මඩචාරීන් ඔය විදියම  තමයි. අර බල්ලට ඇති වැඩකුත් නෑ, හෙමින් ගමනකුත් නෑ වගේ, කොච්චරවත්  දුවාගත්ත ගමන්මයි.  ඕං ඇන්ඩි, තව වතාවක් මම..."

මම බොනට් එකෙන් පහලට රූටලා දුවන්න ගන්නවා.  

පාරෙ එහා පැත්තට ලඟාවෙන තාත්තයි මායි වැටට සමාන්තරව දුවලා තාත්තගෙ කාර්යාල ගේට්‍ටුව ලඟ නතර වෙනවා.

කවුරුවත් පේන්න නෑ.  කියලවත් කරවගන්න බැරි වැඩක්. අපි අර මඩුව දිහාට දුවනවා.

තාත්තා දොර අරින්න බලනවා. අද  අපිට හම්බවෙච්ච අනිත් හැම දොරක්ම වගේ මේකත් අගුල් දාලා.  ඉතිං  මොකද කරන්නේ?

"නෙද්දකිං!", තාත්තා දොරට තඩිබානවා.  "මටමනෙ වෙන්නේ!මේක බලාගන්න යකා අනිත් දවස්වල නම් මේ වෙලාව වෙනකොට මේක ඇරලා."

තාත්තා අඩි කීපයක් පස්සට ගිහින් මඩුව දිහා බලාගෙන නිකට අතගාන්න ගන්නවා.

"දැං අපි මොකද කරන්නේ? වැඩේ ඔක්කොම හබක්නෙ!"

"නෑ තාත්තේ," මම කියනවා. "මතකනේ. අපි මඩචාරියෝ. අපිට කරන්න බැරි දෙයක් නෑ."

"අපි මොන මඩචාරියොද?" තාත්ත කියනවා. " අපි මේ හෙලුවැල්ලෙන් ඉඳං, ඇ‍ඟේ මඩ ගාගෙන, පාරවල් දිගේ දුව දුව, මාර මඩක් කන පිස්සු හුටංලා දෙන්නෙක්නේ. ඒකනේ ඇත්ත.  මේක හරියන වැඩක් නොවෙන බව මට මුලින්ම තේරුම් ගන්න තිබුනා. ඔයාගෙ පිස්සු, මෝඩ, ගොං,මරි ප්ලෑන්වලට ඇහුංකන් දෙන්න මට මොන යකෙක් වැහිලා හිටියද? මාත් කරන ගොං, බූරු, මරි වැඩ නං..."

මම තාත්තා දිහා බලනවා. මොකක්දෝ විපර්යාසයක් ,මේ පොඩ්ඩකට කලින් වැටවල් උඩින්, කාර් උඩින් පැන පැන, නිරායුධව බල්ලොත් එක්ක පොර කකා, හෙලුවැල්ලෙන් වගේ වගක් නැතුව පාරවල් දිගේ දුවපු මිනිහා දැන් මා දිහා බලන්නේ අන්ත අසරණ දෑසින්. මම ඉදිරිපත් වෙන්න ඕනෙ වෙලාව.

මම ආපහු හැරිලා මඩුව අධ්‍යයනය කරනවා.  දොරට උඩින් තියෙනවා වීදුරු තහඩු ලූවර්ස් හයි කරපු ජනේලයක්. 

"මට අර ජනේලෙන් රිංගන්න පුලුවන් වෙයි.  අර වීදුරුව පන්නලා ඇතුලට බැස්සෑකි."

"හරි. ඔයා එතනට නගින්නේ කොහොමද?"

"ඔයාගෙ කරට නැගලා," මම කියනවා. "වෙන කොහොමද? පාත් වෙන්නකෝ පොඩ්ඩක්.

"එහෙනං  ඉක්මං කරන්න වෙයි," දොර ලඟ බිම ඇණ තියාගෙන වටපිට බලන තාත්තා කියනවා. "තව පොඩ්ඩෙන් කට්ටිය එන්න ගන්නවා."

මම තාත්තගෙ මඩින් වැහුණු උරහිසට එක අඩියක් තියලා බලනවා.  බාගෙට වේලිච්ච මඩ තට්‍ටුව නිසා ලිස්සන ගතිය අඩුයි.  තාත්තා අත් දෙක උස්සගෙන ඉන්නේ.  එයාගෙ දකුණු අතින් අල්ලගෙන කරට නැගගන්නවා. ඉන්පස්සෙ එයාගෙ වමතත් අල්ලගෙන සමබර වෙනවා.

"හරි, මම ලෑස්තියි." මම කියනවා.

තාත්තා හෙමිහිට නැගිටිනවා. මට දැන් ජනේලෙට ලං වෙන්න පුලුවන් ලේසියෙන්.

තාත්තගෙ අත් අතහරින මම ජනේලෙ එල්ලිලා වීදුරුව අයින් කරන්න උත්සාහ කරනවා.  ඒක ලේසි වැඩක් නෙවෙයි. වීදුරුව හෙලවෙන්නෙ වත් නෑ. මම වෙර දාල වීදුරු තහඩුව අදිනකොට ඒක තරමක් බුරුල් වෙනවා, නමුත් ගැලවෙන්නේ නෑ.

"මේක ගැලවෙන්නේ නෑනේ තාත්තේ, මේක හොඳට හිරවෙලා තියෙන්නේ"

"ඕක අතෑරලා ඊලඟ එක බලන්න. හැබැයි ඉක්මන් කරන්න, මොකද දැන් කට්ටිය එන වෙලාව."

මම ඒ ජනේලෙත් බලනවා. ඒක බොහොම සාධාරණ විදියට ලේසියෙන්ම ගැලවිලා. එනවා.  මම වීදුරුව ඊට උඩින් තියෙන වැහිපිහිල්ලට බස්සලා තියලා තුන්වෙනි වීදුරුවට යනවා. ඒක ඊටත් ලස්සනට ගැලවිලා එනවා.

මම දැන් ආපහු පළවෙනි වීදුරු කෑල්ලට යනවා.  ඒක තවම තදයි.

මට දැනෙනවා ඔලුවට වතුර බින්දුවක් වැටෙනවා.

ඒ එක්කම තව එකක්.

මට ඉබේටම උඩ බැලෙනවා.

අහ්-ඕ!! මෙන්න යකෝ වැස්සක් එනවා.

එච්චරයි අඩුවකට තිබුනේ.

එතකොටම අපිට ඉහලින් අහසේ හෙණගෙඩියක් පුපුරලා අහස දෙබෑවෙලා මහා වැස්සක් ඇද හැලෙන්න ගන්නවා එකසිය ගානට. හරියට ඒ වළාකුල
සති ගානක්, මාස ගානක්, සමහරවිට අවුරුදු ගානක් එකතු කරගෙන හිටපු වතුර කන්තරාවක් වගේ.  අපිව නෑවෙනවා. අපේ මඩ හේදෙනවා. 

"ඉක්මන් කරන්න ඇන්ඩී" තාත්තා කෑ ගහනවා.

"මේ ඉක්මං කරනවා තමයි. මේ වීදුරුව හිරයි."

"ගහලා කඩන්න ඒක." තාත්ත කියනවා.  "මම ඒක දාලා දෙන්නම්. අපිට මොන ජාතියෙන හරි අර ඕවරෝල් ගන්න ඕනෙ දැං."


දැන් තියෙන  අවුල  කොණ්ඩේ තිබිච්ච මඩ දියවෙලා ඇස්වලට වැක්කෙරෙන නිසා මට කිසි දෙයක් නොපෙනි යාමයි.  තාත්තට ඊට වැඩිය අවුල් වෙන්න ඕනෙ, මොකද මගෙ මඩ ඔක්කොම හේදි හේදි එයාව නෑවෙන නිසා. මම එක අතකින් ඇස් පිහදාගෙන කල්පනා කරනවා වීදුරුව බිඳින හැටි.

මම ජනේලෙට කරාටේ චොප් එකක් දෙන්න ලැහැස්ති වෙනකොටම ඇහෙන සද්දයක් නිසා මම මොහොතකට නවතිනවා. කාරෙකක් අපි ලඟටම ඇවිත් නැවැත්තුවා වගේ.

මම උරහිසට උඩින් පස්ස බලනවා.

අහ්-ඕ!! බෙයින්ස්බ්‍රිජ් කාරයා. තාත්තගෙ බොසා! අලි මදිවට හරක් කිව්වලු.

එයා කාරෙකේ වම් පැත්තෙන් එලියට බහිනවා. කාරෙක එලවගෙන ඇවිත් තියෙන්නේ මිසිස් බේයින්ස්බ්‍රිජ්!

"ඇන්ඩී?" මාව අඳුනගත්ත මිස්ට බේයින්ස්බ්‍රිජ් පුදුමෙන් කෑගහනවා.''

"ඒ කවුද?" කියන තාත්තා ආපහු හැරෙනවා කටහඬ කාගෙද කියලා බලන්න.

"තාත්තේ එපා!" මම උරහිස උඩ ඉඳං කෑ ගහනවා. "හැරෙන්නෙපා!"

කොහෙද! පරක්කු වැඩියි.  මම වැටෙන්න යන නිසා තාත්තා අත් උස්සලා මාව අල්ලගන්න හදනවා. මම ඒ අත් දෙකෙන් අල්ලගෙන යාන්තම් නොවැටී ඉන්නවා.

""ආආම්මද බොල! ග්‍රි‍ෆිත්ස්!!!" ඒ තාත්තව හදිසියේ අඳුනගෙන අඩි කීපයක් පස්සට විසි වෙන තාත්තගෙ බොස්.

"හප්පට හුඩු! යකෝ බොස්නෙ!!!" ඒ තමන්ගෙ බොස්ව හඳුනාගන්න තාත්තා.

"ඇස් වහගන්න ඩාලිං, ඇස් වහගන්න," කියලා මොර දෙන බොස් කා‍ටුන් චරිතයක් වගේ එකතැන පිකප් කරලා කාරෙක වටේ දුවලා මිසිස් බේයින්ස්බ්‍රිජ්ගෙ ජනේලෙයි අපියි අතරින් හිටගන්නවා එයාට අපිව නොපෙනෙන්න.

දැං ඕං කට්ටිය මාව වරදවා තේරුම් ගන්න එපා මෙහෙම කිව්වට. බේයින්ස්බ්‍රිජ් ජෝඩුව මාව හෙලුවැල්ලෙං ඉන්නවා දැක්කට මට එච්චර ගානක් නෑ. මොකද ඔය දෙන්නා ඉස්සරහ මගෙ රෙදි නැතුව ගිය පළවෙනි වතාව ඕක නෙවෙයිනෙ. මතකනේ කැරපොත්තා? එතකොට අර ෂවර් එකේ කතාව? ඒක දැං සාමාන්‍ය දිනචරියාවෙ අංගයක් වෙන්න වගේ යන්නේ. මට දුක මා ගැන නෙවෙයි. තාත්ත ගැන. මේක එයාගෙ පළවෙනි වතාව.

"ඒකනේ ඔය මදාවි කොලුවා ඔය විදියට හැදෙන්නේ." මිස්ට බෙයින්ස්බ්‍රිජ් කියනවා. "තාත්ත වගේ නැත්නං ඌ නොට්ටිගෙ පුතා කියනවනෙ. තාත්තා හැදිල එපායැ පුතාට කියන්න. කක්කුට්ටා ඇදේට යන ගමන්..."

"බොහොමත්ම කණගා‍ටුයි මිස්ට බේයින්ස්බ්‍රිජ්," තාත්තා පටන් ගන්නවා.  " බැලූ බැල්මට මේක පේන්නෙ හරිම අසාමාන්‍ය සිදුවීක්මක් වගේ තමයි.  නමුත් ඇත්ත වශයෙන්ම කිවොත් මෙහෙම දෙයක් වෙන්න ඉතාම සාධාරණ..."

බොස් අත් උස්සලා තාත්තව නවත්තනවා.

"මගේ වෙලාවයි, ඔහේගෙ වචනයි නාස්ති කරන්න ඕනෙ නෑ." බේයින්ස්බ්‍රිජ් දේශනය පටන් ගන්නවා. " ඔහේ හොඳින්ම දන්න ආකාරයට මම ඉහලම ප්‍රමිතියට ඇප වෙච්ච කැප වෙච්ච ආයතන ප්‍රධානියෙක්. මම ඒ ප්‍රමිතියම මගේ සේවකයන්ගෙනුත් බලාපොරොත්තු වෙනවා. මම උදේ වැඩට එනකොට, මගෙ සේවකයො, නිරුවස්තරෙන්, මඩ නාගෙන, සර්කස් පෙන්නනවා දකින්න මම කිසි සේත්ම බලාපොරොත්තු වෙන්නේ නෑ.  ඔය වගේ හැසිරීමක් ඔහෙගේ මේ  නැනැදිච්ච පුත්තරයගෙන් බලාපොරොත්තු වුනත්, ඔහේගෙ වයසේ ඉන්න, ඔහේගෙ වගේ  වැදගත් වගකීම් සහිත තනතුරක් දරණ පුද්ගලයෙකුගෙන් දකින්න ලැබීම හරිම නින්දිතයි. ඛේද ජනකයි. ඒක සමාව දෙන්න පුලුවන් කාරණයක් නෙවෙයි.  මම මේකට කිසිම බුරුලක් දෙන්නේ නෑ. ඔහේව මම අස් කරලා දානවා, ඕව් ඔව් ඔව්. අස් කරලම දානවා මේ මොහොතේ ඉඳං, වහ්-හාම ක්‍රියාත්මක වෙන ආකාරයට."

"ඒ වුනාට මිස්ට බේයින්ස්බ්‍රිජ්," තාත්තට වචන පැටලෙනවා. " මම...මම...මං..."

අනේ පව් තාත්තා. තාත්තා නන්නත්තාර වෙලා ඉන්නේ.  තාත්ත මං වගේ නිදහසට කරුණු හැටියට අල්ලේ පැළවෙන කෙබර ඇදබෑමේ  කලාව ප්‍රගුණ කරලා නැති බවයි පේන්නේ. තාත්තගෙ පිහිටට ඉන්නේ මං තමයි මේ මොහොතේ.

"ඔහොම ඉන්නකෝ තාත්තේ," මම තාත්තට කියනව පහත් හඬින්. "මං මේක ගානට හැඬල් කරන්නං."

"ඔයාට එහෙම මගෙ තාත්තව අස්කරලා දාන්න බෑ." මම ලොක්කට කියනවා

"හුහ්," බේයින්ස්බ්‍රිජ් මල අතට ගන්නවා. "ඇයි බැරි කියනවා බලන්න."

"බැරි වෙන මොකවත් හන්දා නෙවෙයි. මේ සිදුවීම ඇත්තටම සිද්දවෙන එකක් නොවෙන හන්දා."

 "මොකක් කිව්වා? ඒ මොන පිස්සු විකාර කතාවක්ද?  මොනවද මේ ඔය ළමයා දොඩවන්නේ?"

"මේක මායා දර්ශනයක්," මම කියන්නේ ඉතාම නිවුණු තැන්පත් හඬින්."ඔයා මේ පහුගිය ටිකේ හුඟාක්ම මහන්සිවෙලා වැඩ කරලා තියෙනවා. පුද්ගලයෙකුට දරාගන්න බැරි තරම් වැඩ තොගයක්, ඒ වගේම වගකීම්. දැන් මේ ඔයා දකින්නේ අවුල්වූ මනසක ප්‍රතිඵලයක් හැටියට පේන මායාවක්.  දැන් කරන්න තියෙනෙ හොඳම දේ මිස්ට බෙයින්ස්බ්‍රිජ්, ආපහු කාරෙකට නැගලා, ගෙදර ගිහින්, හොඳ සැප නින්දක්..."

"හා ඇති ඇති ඇන්ඩි," තාත්තා මාව නවත්තනවා.

"එයාට ඇහුම්කන් දෙන්න එපා මිස්ට බෙයින්ස්බ්‍රිජ්," මම කෑගහනවා. " එයා දෘශ්ඨි මායාවක්.  එයා දන්නේ නෑ එයා මොනවද කියන්නෙවත් කියලා."

"නෑ ඇන්ඩි," තාත්තා කියනවා."ඔය කිව්ව බොරු හොඳටම ඇති."

තාත්තා නැවිලා මාව කරින් බිමට බානවා. ඉන්පස්සෙ කෙලින් හිටගෙන බේන්ස්බ්‍රිජ්ව අමතන්නේ ස්ථිරසාර හඬකින්.

"මිස්ට බේයින්ස්බ්‍රිජ්, මාව අස්කරපු එක ලොකු දෙයක් මොකද දැන් මට ඉල්ලා අස්වෙන්න අමුතුවෙන් වද වෙන්න ඕනෙ නෑ."

ඒ කතාවට බේයින්ස්බ්‍රිජ් ලොක්කට හෑහ් ගෑවෙනවා. මටහ් හෑහ් ගෑවෙනවා. ඊට අමතරව අපි දිහා මෙච්චරවෙලා එබීගෙන බලා හිටපු මිසිස් බෙයින්ස්බ්‍රිජ්ටත් හෑහ් ගෑවෙනවා.

"අද උදේ," තාත්තා කියනවා." මම යමක් අලුතෙන් වටහාගත්තා.  ඒ තමයි මම මෙච්චරකල් ගතකරලා තියෙන්නෙ අසම්පූර්ණ ජීවිතයක්. ඒ වගේම අවදානම් නොගන්න ජීවිතයක්. ඒ වගේම ඒක මහ ඒකාකාරී ජීවිතයක්.  වගකීම් වලින්ම පිරුණු විනෝදයක් කියන නාමයක් නැති ජීවිතයක්. ඒ වගේම ආරක්ෂිත ජීවිතයක්."

තාත්තා මොනවද මේ දොඩවන්නේ? මම හිතන්නේ රෙදිත්, නැතුව ගෙට යන්නත් නැතුව, කො‍ටුවෙච්ච එකේ කම්පනයට එයාගෙ ඔලුව නරක් වෙලා.

"තාත්තේ, ඔයා මේ මොනවද කියවන්නේ? ඔයාට පිස්සුද?"

"ඔව්," කියන තාත්තා මගේ කරවටේ අතක් දානවා.  මට පිස්සු තමයි.  ඒ පිස්සුව වඩා හොඳ ජීවිතයක් ගත කරන්නයි.  මට ඕනෙ අවදානම් ගන්න, කඳු නගින්න, ගංගාවල්වල පීනන්න, කවදාවත් නොගිය තැන්වල ඉඳං ඉර බැහැලා යනවා බලන්න. මේ වගෙ කෙටි ජීවිත කාලයක් මෙහෙම එකම තැනක කො‍ටුවෙලා ඒකාකාරීව ගෙවමින් අපතේ යවන එක ලෝක  අපරාදයක්. මේක නෙවෙයි ජීවිතය කියන්නෙ. ජීවිතය නිකං ඔහේ නාස්තිකරලා දාන්න කොට වැඩියි.  ඇන්ඩි, ඔයයි මායි අම්මයි ජෙනුයි හතර දෙනාම මේ දුවන දිවිල්ල නවත්තමු.  අපි මේ නගරෙන් යන්න යමු. ගිහින් අපිම වවා ගන්න දෙයක් කාලා, කැලේ කොලේ කරක් ගහලා, බොරු සෝබන නැති ජීවිතයක් ගතකරමු."


"ඇත්තටම අපි එහෙම කරන්නද යන්නේ?" මම අහන්නෙ විශ්මයෙන්.

"ඔව්," කියන තාත්තා අත්දෙක විහිදනවා. " අපිට මේ එකක්වත් ඕනෙ නෑ.  අපි යං. යන්නම යං."

"ඒ වුනාට තාත්තේ අපිට ඕවරෝල්ස් ගන්න ඕනෙ නැද්ද?"

තාත්තා නැවිලා මඩ තලියක් අරං ඇ‍ඟේ තවරාගන්නවා. "ඕවරෝල්ස්? අපිට මොකටද ඕවරෝල්ස්? මේ මඩ තියෙන්නේ ඕනෙ තරම්."

"හරි, ඒ වුනාට අපිට යතුර ගන්න බැරි වුනා නේද?"

"අපිට යතුරු ඕනෙ නෑ." තාත්තා කියනවා. "අපි වහලෙට නැගලා අපිට මුලින්ම කරන්න තිබිච්ච විදියට චිමිනිය දිගේ ඇතුලට බහිමු. ඒක අභියෝගයක්.  ඊටත් වඩා ඒක පට්ට ආතල් වැඩක්."

මෙන්න තාත්තත් 'පට්ට ආතල්' කිව්වා. තාත්තා තව මඩ අහුරු ටිකක් අරන් ඇ‍ඟේ තවරාගන්නවා. ඉන් පස්සේ පාර දිහාට ඇවිදගෙන යනව පස්සවත් නොබලා. 

වැස්ස නැවතිලා.  වලාකුලු අතරින් රන්වන් හිරු එලිය වැටිලා තාත්තගේ ඇ‍ඟේ හැම මස්පිඩුවක්ම අමුතු ප්‍රභාවකින් දිලිසෙනවා.  ඒ හැම මස්පිඬුවක්ම ශක්තිමත්ව නෙරා ඇවිත් වගේ පේනවා.  මම කවදාවත් නොහිතපු තරම් ශක්තිමත් පුද්ගලයෙක්   හැටියට මට තාත්තව පේන්නේ මේ අමුතු එලියෙන්.

බේයින්ස්බ්‍රිජ් ජෝඩුව තවම කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා. 

මම ඒ දෙන්න දිහා බලලා උරහිස් අකුලලලා ඔලුව පැත්තකට ඇල කරලා අත්ලවල් උඩට හරවලා පෙන්නලා තාත්තා පස්සෙන් දුවන්න ගන්නවා.

වෙන මොනවද තව කරන්න ඉතුරුවෙලා තියෙන්නේ? විකල්ප හිඟයක් පවතින්නේ.

අපේ අලුත් ජීවිතය මොනවගේ එකක් වෙයිද කියලා වගේම, අම්මයි ජෙනුයි ආපහු ආවාම මේ ගැන මොනවගේ   දෙයක් කියයිද කියන කාරණාව ගැන මගෙ හිතේ සැක සංකාවක් නෑමයි කියන්න බෑ.  නමුත් මගෙ පෞද්ගලික මතය නම් ඒක හරිම පට්ට ආතල් ජීවිතයක් වෙයි කියලයි.

ඔව් පිස්සු බම්ප් වෙන පට්ට ආතල් ජීවිතයක්.

ඕං ඉවරයි.



මේ තවත්  ඇන්ඩි කතා.

"දැන් ලඟද තාත්තෙ ?"

 කැරපොත්තා / Cockroach

 මළා හා සමානයි. / Playing Dead.

 මාරක කේක් වට්ටෝරුව - Cake of Doom

බෝම්බයද? ඔබද? BEAT THE BOMB!

පච්චේ - BORN TO DIE

ප්ලාස්ටරේ / Band-Aid 

කුණු! - Trash!



ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් ලියු Mudmen කෙටි කතාවේ අනුවාදයකි.




82 comments:

  1. ඒ විදිහේ අවසානයක් හොඳයි තමයි...

    ReplyDelete
    Replies
    1. මටත් පෞද්ගලිකව හිතුනා ඒ අවසානය හොඳයි කියලා. නමුත් අනිත් අය කැමතිවෙයිද නැද්ද කියලා දැන් තමයි බලාගන්න පුලුවන්.

      Delete
    2. ඇන්ඩි ග්‍රිෆිත්ස්ගේ ලෙවල් එකෙන් පොඩ්ඩක් අවසානය අන්ජබජල් මදි වගේ....

      Delete
  2. Replies
    1. Thanks Kumara. Honor goes to Andy Griffiths.

      Delete
  3. Replies
    1. SO you think so? It's Griffiths who owns the compliment. Thanks.

      Delete
  4. අනර්ගයි.. මටත් හිතිලා තියෙන්නේ මේ ඒකාකාරී ජීවිතෙන් මිදිලා වනගත වෙන්න.. ඕක වයිෆ් ට කියුවම හිතන්නේ මට පිස්සු හැදීගෙන එනවා කියලා..

    අර තාත්තා 'පට්ට ආතල් කියන්න කලින් කෑල්ල රිපීට් වෙළද මන්ද..

    එළ! ජයවේවා මිස්ටර් ග්රිෆිත්ස්.. ඇන්ඩ් ඇන්ඩි සනා..

    ReplyDelete
    Replies
    1. වනගත් වෙනවානම් ලැප්ටොප් එකයි ෆෝන් එකයි තියලා පලයං.

      උඹට ස්තුතියි වරද පෙන්නලා දුන්නට. ඒක රිපීට් වෙලා තමයි. ඕං හැදුවා

      Delete
  5. හැක්.. හැක්.. මිනිහෙක් අකරතැබ්බකට පත්වෙන්න ඕනලු මොළේ පෑදෙන්න. මිස්ටර් ග්‍රිෆිත් ට උනෙත් ඒකෙම හොඳ එක තමයි. බැරි වෙලාවත් යතුර ගන්න පුලුවන් උනානං තවම මිනිහ ඔෆිස් එකේ දුක් විඳිනව. හැබැයි මිසිස් බේයින්ස්බ්‍රිජ්ට නං එදා නූල් බඳින්න වෙන්න ඇති.

    නියම අවසානයක්.

    චිමිනිය දිගේ ජොලි විදියටයි පට්ට ආතල් විදියටයි දෙපාරක් බැහැල තියෙනව වගේ.

    ReplyDelete
  6. එදා කතාව පොඩ්ඩට කියලා දුන්නා අද ඉතුරු ටික හැබයි උටත් මඩ නාන්න ඕන උනොත් ඩුඩ් අයියන්ඩි තමයි

    ReplyDelete
    Replies
    1. ඊට වැඩිය භයානක තත්වයක් උද්ගතවෙයි උඹ ඔය වටේ ඉන්න කෙල්ලොටික ඉස්සරහට නිරුවස්තරෙන් ගියොත්. හැක්..

      Delete
    2. ඒක හරි තනි තනියම දැකලා තිබුනට කටියම ඒක පාර දැකලා නැනේ ...
      මිත්‍රද්‍රහියා.....ඉරිසියාව ඉරිසියාව

      Delete
    3. ප්‍රසන්න, උඹ මේක කියවන්නේ ගූග්ල් රීඩර් එකෙන්ද? ඒ මොකද කළ්‍යාන මිත්‍ර අර වරද පෙන්නලා දුන්නට පස්සෙ මම ඒක හැදුවා. උඹ ඊට පස්සෙත් ඒක දැකපු නිසා ඇහුවේ. එහෙම නැතිනම් ඒ පි‍ටුව වෙන ටැබ් එකක ඇරලා තියලා පස්සේ කමෙන්ට් එක දාන්න ඇති. කෙසේ හෝ වේවා උඹත් අර ඩී ඩී ටී වගේ ඉතාම කල්පනාකාරි පොරක් බව නම් මට පේනවා.

      මෙන්ඩෝ ඉතිං එහෙම කරපංකෝ.

      Delete
    4. රීඩරෙන් නෙමෙයි ඩිරෙක්ට් ඕපන් කරල තමයි කියවන්නෙ. එත් කමියට උත්තර දීල තියෙනව දැක්කෙ ම‍ගේ කොමෙන්ට් එක පබිලිස් කලාට පස්සෙ.

      මෙන්ඩට කරන්න කියන්නෙ ගෑණු ළමයි ටික ඉස්සරහට නිරුවස්තරෙන් යන එකද? හපොයි...

      Delete
  7. මම නම් මේ අවසානයට කැමති නෑ... මම බලාපොරොත්තු වුනෙම ඩබල මොන කට්ටක් කාගෙන හරි ටාර්ගට් ඇචීව් කරයි කියලා..

    මම හිතන් හිටියේ ලංකාවෙ උන්ට විතරයි හූ කියන්න දන්නෙ කියලා...ඇත්තටම වෙන අරටවල මිනිස්සු හූ කියනවද ??!!

    හෙන්රියාවර්තනය වෙනදා වගේ සුපිරියි... ස්තූතියි ඩූඩ්..

    one more !!

    ReplyDelete
    Replies
    1. එහෙමද? උන් ගෝල් එක ලඟට ගියාම ඒක රීඩිෆයින් වුනානේ.

      ඇත්තෙන්ම හූ කියනවා. උන් සතුටට, චියර් කරන්න හූ කිව්වාම අපි වරදවා ගන්න වෙලාවලුත් තියෙනවා අපේ අපහාසත්මක නරි හූවත් එක්ක.

      බොක්කෙන්ම ස්තුතියි සෙන්නා.

      Delete
    2. උං හූ කියන්නෙ චියර් එකට, බූ කියන්න‍ෙ අපහාසෙට නේද?

      Delete
  8. ඩුඩ්,
    මේ කතාව මුළු කතා මාලාවේම හෝ එක කතා මාලාවක හෝ අවසාන කතාවද?
    මොකද මේක කියවල ඉවර වුනාම, පොතක් කියවල ඉවර උනාම දැනෙන හරිම පාලු මූසල මුස්පේත්තු ගතිය දැනුන මට.

    අපිත් එක්ක මෙච්චර ආදරෙන් හිටපු ඇන්ඩි, ලේ වතුර කරන් අපි කියවපු ඇන්ඩි ට එහෙමත් ඈත කට යන්න දෙන්න පුලුවන්ද?

    මටත් මේ අවසානය දුක්බරයි, අනපෙක්ෂිතයි, පාලුයි, අඳුරුයි,
    හරියට වැහිබර අහසක් වගේ...

    ReplyDelete
    Replies
    1. මේක එක පොතක අවසාන කතාව. නමුත් කතා මාලාවක අවසනය නෙවෙයි වෙන්න ඇති. ඔයාට එහෙම පේන්න ඇත්තේ චරිතයට හුඟක් ආදරය කරපු නිසා වෙන්න ඕනෙ. අර ඉයන් ෆ්ලෙමිංගෙ බොන්ඩ් කතාවක පොර පර්වතේකින් පහලව වැටිලා මැරුණා කිව්වාම පාඨකයෝ කැරලි ගහලා. ඒ ගමන ෆ්ලෙමිං තව කතාවක් ලියලා ජේම්ස් බොන්ඩ්ව ආපහු ගෙනාවලු, අර පහලට වැ‍ටුනට පොර මට පඳුරක් අල්ලගෙන බේරිලා කියලා.

      මූ පිස්සු කෙලින් කතා තව තියෙනවා. ආයෙ එකක් දෙකක් ඉඳහිට දැම්මාම හරිනෙ?

      බොහොම ස්තුතියි මානවිකාස්

      Delete
    2. පර්වතේකිං පහලට වැටිල මළාය කිව්වෙ ෂර්ලොක් හෝම්ස් නේද? රයිෂන්බාක් දියඇල්ලෙං නෙ වැටුණයි කිව්වෙ. ඒ උනාට එයා වැටිල නෑ, ඇල්ල දිගේ ඉහළට නැගල කියල ආපහු ලියන්න පටං ගත්තා...

      Delete
    3. අම්මපා ඔව් නේන්නං, ඒ ෂර්ලොක් තමයි. සර් ආතර් කොනන් ඩොයිල් නේද එහෙම කලේ. මට ටැපලුනා. තෑන්ක්ස් ඩ්‍රැකී. උඹලා වගේ මොළගෙඩි ඉන්නකල් බය නෑ.

      Delete
    4. මොළගෙඩි? නෑ මම එච්චර ලොකු මොළයක් නෙමෙයි.

      බයිද වේ, ජේම්ස් බොන්ඩ් ඔය විදිහට මළා එක සැරයක් මට මතකයි, You only live twice ෆිල්ම් එකේ.

      Delete
  9. හැහ් ඩූඩ්ට නෙමෙයිද මේක වුණේ.?

    ReplyDelete
    Replies
    1. ඕං බලහංකො ඉතිං. ආයෙ ෂොට් එකක් දාගෙන නිදාගනිං.

      Delete
  10. ඩුඩ් මාමේ ඔන්න තාත්තයි මමයි දොයියන්න යන්නේ අද තාත්තා කතාව කියලා දෙනවා කිව්වා..
    මම අද පන්ති නායකයා උනා..
    පුතා

    ReplyDelete
    Replies
    1. හරි පුතේ. මට මේ කමෙන්ට් එකට උත්තර දෙන්න පුලුවන්කමක් තිබුනේ නෑ ඒ වෙලාවෙ. දැන් ගුඩ් නයිට් කියලත් වැඩක් නෑනේ.

      හෑහ්! පන්ති නායකයා වුනා. ෂෝක්නෙ. එතකොට මොනවද ඔයාට කරන්න තියෙන වැඩ? උදේට රෙජිස්ටර් එක අරන් එන්න වගේ වැඩද?

      Delete
    2. //උදේට රෙජිස්ටර් එක අරන් එන්න වගේ වැඩද?//
      හැක්... බොලාට කියන්න මම ඒ ලෙවල් හිටපු අවුරු‍දු දෙකේම නායකය වෙලා ඉඳල කළේ ඔය වැඩේ විතරයි.

      Delete
    3. ඒ මදෑ බං. අතක් පයක් කඩා නොගෙන අවුරුදු දෙකක් මොනිටර් වෙලා හිටියා කිව්වම ඒකයි මදිද.

      Delete
  11. පොඩි මෙන්ඩ ලගට වෙලා අකුරු ගැට ගගහා කියවනවා..උඩ කොම්මේන්ටුව උගේ ඉල්ලීමක්

    ReplyDelete
    Replies
    1. කලින් කොටසේ පොඩි එකාගෙ අනිත් කමෙන්ට් එකට මම උත්තර දුන්නා මෙන්ඩා. ඒක පෙන්නපං.

      Delete
    2. ඒක උට පෙන්නුවා පොරට මාර හැපී. මම උව බ්ලොග් ලෝකෙයට එක්කරගෙන එනවා

      Delete
    3. අන්න වැදගත් වැඩක් මෙන්ඩෝ...
      තව කොච්චර කාලයක් බලන් ඉන්න වෙයිද බන්

      Delete
  12. ඩූඩයියෙ මරු බං...මරු4 ඒ කියන්නෙ මරුxමරුxමරුxමරු
    මටත් ඕන මේවගේ පට්ට ආතල් ජීවිතයක් තමයි

    ReplyDelete
    Replies
    1. එහෙම ජීවත් වෙන්න ඕනෙනම් එක්කෝ කසාද නොබැඳ හිටපන්, බැඳලානම් ඩිවෝස් වෙයන්...

      Delete
    2. උඹ දැනටමත් ගෙවන්නේ පට්ට ආතල් ජීවිතයක් තමයි. අර වගේ ට්‍රිප් යන්න හෙම හැම එකාටම වාසනාව නෑ.

      Delete
  13. හම්මෝ.................නිකං මටම වෙච්චි දෙයක් වගේ. හැබැයි ඔය බටහිර මිනිස්සු ඔයවගේ වෙලාවක කතා නොකර වැඩ විතරක් කිරීම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. හම්මෝ කනක් ඇහිලා ඉන්න මිනිස්සු කොච්චර ආසද කියලා මේ කමෙන් එකෙන්ම තේරෙනවා.

      Delete
  14. hayiyo..deyyane.
    mokada manda sinhala weda karanne nathi una.

    pariwarthanayanam ela

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයුරි. මගෙත් සිංග්‍රීසි යුනිකෝඩ් එරර් එකක් එන්න ගත්තා. ඒ පාර මම ඒකෙම පරණ වර්ෂන් එක පාවිච්චි කරන්න ගත්තා.

      Delete
  15. අප්පා මේක කියවන්න මම බලං හිටිය තරම්.. අර බොසාගේ නම කියපු ගමන්ම මට මතක් උනේ අර කැරපොත්තගේ කතාව ෆෝන් එකෙන් කියවලා ඒ ලෙවල් ෆිසික්ස් ක්ලාස් එක මැද්දේ මම හිනාව නතර කරගන්න දීපු ගේම..

    ReplyDelete
    Replies
    1. අඟහරුවා තරු පහේ ඇන්ඩි රසිකයෙක් වග පෙනී පෙනී යයි.

      බොහොම ස්තුතියි අඟහරුවා. අපි ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ස්කූල් වෑන් එකේ හිටියා ඩී එස් ගිය අයියා මලෝ දෙන්නෙක්. උන් දෙන්නා දැවැන්ත වතුර බෝතල් පිටේ එල්ලගෙන යන හන්දා උන්ට කියන්නේ අඟහරුවා කියලා. මට ඒක මතක් වෙනවා මේ නම දකින ගානේ.


      Delete
    2. හෆොයි.. අඟහරුවා කියන නම කාලනේ කට්ටිය..
      ඇන්ඩි රසිකයෙක් උනේ ඔබතුමාගේ පරිවර්තනයටත් එක්ක තමා. මම ඉංග්‍රීසි කියවනවා බොහොම අඩුයි. මොකද ඉංග්‍රීසි පොතක් කියවද්දී සිංහලෙන් කියවන තරම් රහක් නෑ.

      Delete
    3. අනේ කොල්ලෝ. එහෙම කියන්න එපා. ඉංග්‍රීසියෙන් කියවාපං කම්මැලි නොවී.

      Delete
  16. මේකනං පිස්සු බම්ප් වෙන පට්ට අතල් කතාවක් , අද තමයි තුනම කියෙව්වේ , තුනම කිව්වේ කොටස් තුනම :D

    ReplyDelete
    Replies
    1. උඹ තමයි හරි දේ කලේ කම්මැලි කමට හරි.
      ස්තුතියි ඉවාන්.
      What is procrastination?
      I'll tell you after having a coffee.

      Delete
    2. Procrastination is the avoidance of doing a task which needs to be accomplished. It is the practice of doing more pleasurable things in place of less pleasurable ones, or carrying out less urgent tasks instead of more urgent ones thus putting off impending tasks to a later time.

      ටක් ගාල කොපි කරලා පේස්ට් කළා :P

      Delete
  17. පික්සු හැදෙනවා.... මැක්සෝ මැරෙනවා කිව්වලු!

    මොකද්දෝ අවුලක් තිබ්බ වගේ. පරිවර්තනේ නෙවෙයි, කතාවෙමද කොහෙද. වෙනද ඇන්ඩි කතා වලදී අවසානේ ඇන්ඩි පොර වෙන හින්දා ( පොර වෙනවා කියන්නේ කුජිත වෙනවා කියන එක!) උනත් මේ කතාවේ තාත්තා පොර උන හින්දද කොහේදෝ...

    //"ආආම්මද බොල! ග්‍රි‍ෆිත්ස්!!!"

    ඕක වගේ දෙබස් මම දැක්කහම සමහර උන් කියනවා අප්පා. කරුමයක්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. උඹේ මේ අන්තිම වාක්‍යය තේරුම් ගන්න මට සෑහෙන වෙලා ගියා. දැන් තේරුනා. ආ ආ ආම්මද බොල! උපෙයා!

      කිව්වත් වගේ ඇන්ඩියා පොර වීම කෙසේ වෙතත් නාගන්න එක නම් වෙනවා. ඌ එහෙම නොවුනේ අර Beat the Bomb කතාවෙ විතරයි මේ වෙනතෙක් මේ කතාව ඇර.

      Delete
    2. අනේද හෙන්රියා...

      ඔය ඕනෑම වැදගත් සභාවක් තියෙනවා නේද.. ඔතනට ගියාම ඒ තැන්වලට එනවනේ මගේ පරණ යාළුවො, අඳුනන් උන් සහ හතුරෝ කියන තුන් ජාතියම. ඒ වගේ තැන්වලට මම යන්නේ කිට මරල, මේ ඉන්නේ මාවද කියල හොයාගන්න බැරිවෙන විදියට. එහෙම යන්නේ හේතු දෙකක් හින්ද.එකක් තමයි මම මාර පොරක් කියලා ඒ වෙලාවේ එතන ඉන්න උන්ට එත්තුගන්නන්න වෙන විදියක් නැහැනේ. කට අරින්න බැහැ ඇරියොත් වැඩේ සුං ! අනිත් එක තමයි මගේ අතීතේ අමතක කරලා මට එතන වෙනම සතෙක් වගේ ඉන්න තියෙන උවමනාව ( දන්නවනේ මගේ අර පර්සනලිටි ඩිස්ඕඩර් සෙල්ලම?) . කවුද දන්නේ මගේ කරනම් සොරි ඉරණම් කාරය තැනකදී හම්බෙයිද කියල? අපෝ රිස්ක් එකක් ගන්න බැහැ කොහොමත්ම! සෙල්ලංද ?

      ඔන්න ඔහොම ගියාම ඔන්න ටික වෙලාවකින් මගේ පුරුදු කැසිල්ල පටන් අරගෙන වටපිට 'බැලෙන්න' පටන්ගන්නවා. එතකොට ඇහැට ගැටෙන්න අර උඩ කියාපු ජාතියෙන් එකෙක් උන්නොත් උන්ගේ කටින් මුලිම්ම පිටවෙන්නේ ඔය කියාපු වචනේ.. අම්මප මට එතකොට තමයි අඩි උස සපත්තුවක් උනත් කාගෙන කාගෙන කාගෙන කාගෙන යන්න හිතෙන්නේ.....

      ඉතිරි ටික කියල වැඩක් නැත!

      Delete
  18. මේ වගේ අවසානයක් හොඳයි ඩූඩ්! අපිටත් ඒ වගේ හැම දේකින්ම ඈත් වෙලා ඉන්න පුළුවන් නම් කොච්චර හොඳද?

    ReplyDelete
    Replies
    1. එතකොට මේ අවසානයට කැමති තවත් කෙනෙක් සිතූ.

      Delete
  19. කෝ බොලේ මගේ කොමෙන්ට් එක.. හෑ

    ReplyDelete
    Replies
    1. මම ඒක ලුණු මිරිස් තලියක් එක්ක කාල දැම්මා. (ස්පෑම් වෙලත් නෑ බොල)

      Delete
    2. ඔට්ටු නෑ ඔට්ටු නෑ. මම මෙතන දවසට දෙතුන් සැරේ මේ සයිට් එකට ඇවිත් ,මඩ ඊළඟ කොටස දානකම් වේලි වේලි ඉඳල , දාපු ගමන් කියෝලා දැම්ම මගේ කොමෙන්ට් එකට වෙලා තියෙන වැඩේ නම් හරිම කුජීතයි.
      ඒ වැඩේට ගිහින් මෙතන ටැක් ගැහෙන්න වුනාම මේ සයිට් එකේ තිබ්බ ඔක්කොම ලිපි ටික මුල ටික සරලව කියෙව්වා කියහන්කෝ

      Delete
    3. කතාව ගැන කතා කරනවා නම් සුපිරි ලියවිල්ල. හැබැයි මුගේ තාත්තගේ කැරැක්ටර් එකේ හැටියට , මඩ තලියක් උලාගෙන ගම් මැද්දේ නිරිවස්තරෙන් දිව්වා කියල එකපාරටම ඔහොම වෙනස් වෙයි කියල හිතන්න අමාරුයි නේද? අර මේකා මිස්ට බේයින්ස්බ්‍රිජ් ට අඹරන්න හදපු ගුලිය දිගටම අඹරලා වැඩේ ගොඩ දාගත්තානං මරු. කොහොම හරි පොත දාල, මිස්ට බේයින්ස්බ්‍රිජ් ගේ ඇඳුම් ටිකත් ගලෝල , මඩ ටිකක් උලල ගෙදර ඇරිය නං කොහොමද සනීපෙ

      Delete
  20. අවසානය මට නම් නෑල්ලුවෙමි. ලයික් සෝට් ඔෆ් ඇන් ඇන්ටි ක්ලයිමැක්ස්...ලයික් යූ නෝ ප්‍රිමේචුවර්.......හෙහ්,හෙහ්...:)

    ReplyDelete
    Replies
    1. අවසානයට අකමැති කට්ටිය ආයෙම ගැනලා රවියා කීවෙනියද කියලා බලන්න ඕනෙ.

      Delete
  21. මේ ලඟදි අපි දන්න තාත්තෙකුයි පුතෙකුයිත් බයිසිකල් වලින් කඳු නැඟ නැඟ අමුතු අමුතු වැඩ කර කර උන්න වගේ මතකයි.... ඇන්ඩියි පුතයි වෙන්න ඇති.. හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උන් දෙන්නගෙ රෙදි තිබුනා නේද ගස්ලබ්බා?

      උඹලටත් ජයම වේවා.

      Delete
  22. හෆොයි කතාව ඉවර වෙන්නේ මම හිතපු විදියට නෙමෙයි නේ. මම හිතුවා අන්තිමට තාත්තායි පුතයි වැඩේ ගොඩ දාල ඒක සැලිබ්‍රේට් කොරන්ට පොඩි පාටියක් දාල එකේදී කරන කුපාඩි වැඩක් නිසා ඇන්ඩියා කුජීත වෙයි කියල :)

    ReplyDelete
    Replies
    1. හලේ, උදය බලා ඉන්නෙම ඇන්ඩියා කුජීත වෙනකල් නේ. :D ඇත්තෙන්ම ඌට වෙන තරමක් වෙන්නේ එහෙම වැඩ තමයි. කතා එකක දෙකක ඇර. ස්තුතියි උදය.

      Delete
  23. මේකේ අන්තිම ටික නං නිකං රියලිටි ෂෝ එකක අනුන්ගේ සින්දු කියල දිනපු එකෙක් ඒක ඉවරවුණු හැටියේම ස්වතන්ත්‍ර නිර්මාණ වල ගුණ කියනවා වගේ සීන් එකක්.. කතාව ඇත්ත වුනත් එතනට හරියන්නේ නෑ. එතනයි අවුල..

    ReplyDelete
    Replies
    1. මම අහල තියෙන උදාහරණ වලින් හොඳම එකක් බං. :))

      Delete
  24. ඔව් ඉතින් දැන් ඉතින් ඇන්ඩියාගේ තාත්තාට තියෙන අන්තිම විකල්පය තමයි ඕක.නැතිනම් බොසා ඉස්සරහා මොනවා කියලා කියන්නද ?බොසා ඉස්සරහා දෙකට,තුනට නැමිලා ඇබරෙනවාට වඩා එක දාහකින් හොඳයි.

    හැබැයි බං ඩුඩයියේ මේ නාගරිකව ඉන්න යන්තර වගේ ජිවිත ගත කරන අපිත් හිතනවා ඔය ඇත පළාතකට ගිහින් ගොවිතැනක් කරන් ඉන්න තියේ නම් හොඳයි කියලා.වැඩේ කියන්නේ එව්වායේ නිස්කලංක ජිවිත ගත කරන උන් ජිවිත රේස් එක දුවන්න නගරෙට එන එක කියහන්කෝ.

    අර කිව්වාත් වගේ ඇන්ඩියාට මෙහෙම යන්න දෙන්න එපා අයියෝ.හුදී ජන පාඨක අපේ පහන් සංවේගය උදෙසා තවත් ඇන්ඩිකතා ගෙන එන මෙන් ඩුඩයියාගෙන් උදක්ම ඉල්ලා සිටිමු.

    ReplyDelete
    Replies
    1. >>හැබැයි බං ඩුඩයියේ මේ නාගරිකව ඉන්න යන්තර වගේ ජිවිත ගත කරන අපිත් හිතනවා ඔය ඇත පළාතකට ගිහින් ගොවිතැනක් කරන් ඉන්න තියේ නම් හොඳයි කියලා.වැඩේ කියන්නේ එව්වායේ නිස්කලංක ජිවිත ගත කරන උන් ජිවිත රේස් එක දුවන්න නගරෙට එන එක කියහන්කෝ.<<

      ඇත්තම කිව්වොත් මනෝජ්, මම එහෙම හිතන්නේ නෑ. මට මේ ගත කරන ජීවිතය හොඳයි. මට ලයිට් නැතුව, වයිෆයි නැතුව, පාරක් තොටක් නැතුව, රෝද නැතුව , අතිං රෙදි හෝද හෝදා, ලි‍ඳෙං නාලා, ගෙයින් ඈත තියෙන කක්කුස්සියක බොග දාලා, නැතිනම් ලන්දට එළි බැහැලා ජීවත් වෙන්න ඕනෙ නෑ. අවංකවම කිව්වොත්.

      ඇන්ඩියා යන්නේ නෑ බං. උඹ නාඩා ඉඳිං. උඹ ගෑණුංගෙ හැටි දන්නෙ නෑ.

      Delete
    2. අපෝ මටත් බෑ. වැඩිම උනොත් දවස් දෙකක් ඉන්න පුළුවන් වෙයි. කොමෝඩ් එකේ වාඩි වෙලා බලන හීන, ලන්දට එලිබැහැල බලන්න බෑ

      Delete
  25. සොරියි මචන්. අන්තිම කොටස විතරක් කියවලා වැඩක් නෑ.. ඔක්කොම ටික නිවාඩු පාඩු වෙලාවක කියවන්නම්.

    ReplyDelete
  26. ආයේ නිවාඩු වෙලාවල් හම්බු වෙන්නේ කවදද ඕන් මාත් කොටස් තුනම එක හුස්මටම කියවලා දැම්මා.
    මාර කතාවක් මචන්. අර බ්ලොක් කියන්නේ කොච්චර දුරක්ද???

    ReplyDelete
    Replies
    1. සිංහ මචං. අපි මෙහෙම හිතමු. දැන් ඔන්න අපි නගරෙක ප්‍රධාන පාර දිගේ ඇවිදගෙන යනවා. ඔන්න වමට අතුරු පාරක් තියෙනවා. අපි එතනින් නොහැරි කෙලින්ම යනවා. ගොඩනැගිලිකීපයක් පහු කලාට පස්සෙ ටිකකින් ආයෙම වමට පාරක් තියෙනවා. දැන් අර කලින් පාරෙ ඉඳන් මෙතනට බ්ලොක් එකයි. උඩින් බැලුවොත් මේ බ්ලොක් එක වටේටම පාරවල් හතරකින් වටවෙලා ඇතිබව පේනවා. එතකොට නගරයක් හැදිලා තියෙන්නේ ඔය වගෙ බ්ලොක් ගණනාවකින් බව පේනවා. එතකොට මේ බ්ලොක් වෙන්වෙන්නේ පාරවල් වලින් බවත් පේනවා. බ්ලොක් එකට සිංහලෙන් මොනවා කියනවද දන්නේ නෑ.

      Delete
    2. ඒ කියන්නේ බ්ලොක් වලට නිච්චිත දුරක් නෑනේ.. සුලු සුලු වශයෙන් දුර වෙනස් වෙන්න පුලුවන් නේද
      පැහැදිලි කර දුන්නාට ස්තුතියි මචන්.

      Delete
  27. අපි හුඟක් දෙනෙක්ට ජීවිතේ තේරුම් යන්න කල් ගෙවෙනවා. ඒත් අන්තිම වෙන්න කලින් ඒ දේවල් ඔළුවට යන එකයි වඩා වටින්නේ. කතාව නම් මරේ මරු.

    ReplyDelete
  28. අයියෝ!
    මේකෙ ග්‍රිෆිත්මය ගතිය මදි මදි වගේ...

    ReplyDelete
  29. elagata andige thaththage kathaa set ekak eyida

    ReplyDelete
  30. elagata andige thaththage kathaa set ekak eyida

    ReplyDelete
    Replies
    1. ජස්ට් විලියම් troglodyte කෙනෙක් වුන කතාව මතක් වුනා

      Delete
  31. හම්මේ.. පිටවෙනකල් බලන් හිටියෙ මේ කොටස..
    ඩේටා පැකේජ් එක ඉව්ර් වුන නිසා අද ආපු ගමන් කියෙව්වා :)
    මරු!

    ReplyDelete
  32. පරිවර්තන කියවීමේ පිස්සුව නැවත ඇති වීමේ රෝග ලක්ෂණය ඇති කරන්න සමත් පරිවර්තනයක්!

    ReplyDelete
  33. කාලෙකට පස්සෙ බ්ලොග් කියවන්න ගත්ත ඩුඩ් ... හැමදාමත් වගේ අපූරු කතාව ...

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>