Wednesday, February 10, 2016

146. මඩ - 2

Christopher Atkins from my favorite movie Blue Lagoon

 "ඩාං"

("ඩාං" ගාන සද්දෙ  මොකක්ද කියලා හරියටම දැනගන්න කියවන්න මඩ පළමුවෙනි කොටස.)


"තාත්තේ" මම තාත්තගේ උරහිසට අතක් තියලා කතා කරනවා.

"මොකද?" තාත්තා කෙඳිරි ගානවා.

"තාත්තේ, ඔයාගෙ ඔලුවට ඔහොම කරන එක හොඳ මදි නේද?"

"වෙන මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ? තාත්ත කියන්නේ මැසිවිලි හඬකින්.

"අපි ගෙට ඇතුල් වෙන්න වෙන විදියක් බලමු."

"වෙන විදියක් ඇත්තේ නෑ.  දොරවල්  වලට ඩබල් ඩෙඩ් බෝල්ට් දාලා තියෙන්නේ. ජනෙල් වලට පොලු දාලා. අපි යකඩයක් දාලා ජනෙල් පොලු නවලා ඈත් කරන්න හැදුවොත් අපි ගෙට රිංගන්නත් කලින් අර මෝෂන් ඩිටෙක්ටර්  වලින් අලාම් එක වැදිලා පොලීසියෙන් මෙතනට එනවා."

"කියලවත් කරගන්න බැරි වැඩක්නේ තාත්තේ. කොච්චර හොඳද?. අපි එහෙම කරමුකෝ"

තාත්තා නහයෙන් පිඹිනවා ගිණි මකරෙක් වගේ

"ඔලුව පාවිච්චි කරන්න ඇන්ඩි. අපි දෙන්නගෙම ඇ‍ඟේ නූල්පොටක් නෑ. අපි කවුද කියන එක ඔප්පු කරන්න අපිට කට වචනේ ඇර කිසිම විදියක් නෑ.  පොලිසියෙන් ඉස්සෙල්ලම කරන්නේ අපි දෙන්නව අත් අඩංගුවට අරං කූඩුවේ දාන එක."

"අපිට පුලුවන්නේ අපි කවුද කියලා මේ අහල පහල අයගෙන් අහන්න කියලා පොලිසියට කියන්න. ඒ මිනිස්සු කියයි අපි හොරු නෙවෙයි කියලා."

තාත්තා නිකට අත ගගා, පොඩ්ඩක් කල්පනා කර කර කර ඉඳලා ඔලුව දෙපැත්තට වනනවා, කටත් ඇදකරලා.

"ම්හුම්. දැන් මේ වෙලා තියෙන හරිය මදිවට, අහල පහල ගෙවල්වල උං ඉස්සරහ අමු හෙලුවැල්ලෙං  හඳුනාගැනීමේ පෙරෙට්‍ටුවකටත් හිටපල්ලකෝ දෙන්න එක්ක. උං ඊට පස්සෙ අපිව දකින දකින ගානෙ බඩ අල්ලගෙන හිනාවෙන්න තියා  ගනී. මේ  නිකං විහිළුවක් වෙයල්ලකෝ!"

හ්ම්ම්ම්.  ඒකත් ඇත්ත.  පොලිස් බුවාලා ඉස්සරහ  මදිවට, අහල පහල ගෙවල්වල උං ඉස්සරහ  හෙලුවැල්ලෙන්  ඉන්න වෙන එක තාත්තට විතරක් නෙවෙයි, මටත් හෙනම අවුල්.  දැං මේ මට තාත්තා ඉස්සහ හෙලුවැල්ලෙන් ඉන්න වෙලා තියෙන චාටර් එකම මදෑ. ඊටත් එහා තාත්තට මා ඉස්සරහ හෙලුවැල්ලෙන් ඉන්න වෙච්ච එක! හයියෝහ්! රෙදි නෑ!

ඔන්න එතකොටම මට පහල වෙනවා හොඳ අදහසක්.

"එතකොට මේකෙ ඇතිනේ අමතර යතුරක්!" මම කියනවා.

"ඉස්සර ඒක තියන්නේ දොර ලඟ කාපට් එක යටනේ," තාත්තා කියන්නේ කෙඳිරිලි හඬකින්. " අර  Neighborhood Watch එකෙන් කිව්වනෙ ඒ වගේ හැම කෙනෙක්ම දන්න තැන්වල යතුර තියන්න එපා කියලා."

"ඉතිං දැං කොහෙද ඒක තියෙන්නේ?"

තාත්තා ආයෙ කෙඳිරි ගානවා.

"ඔෆීස් එකේ."

"ඉතිං අපි ගිහිල්ල ඒක අරං එමුකෝ." මම උද්‍යෝගයෙන් කෑ ගහනවා.

"ඔය ටිකට අමතක වුනාද දෙන්නම ඉන්නේ හෙලුවෙන් කියලා?"

තාත්තගෙ කතාවෙ ඇත්තක් තියෙනවා. ඒ වුනාට මේ ගැන මොකක් හරි කරන්න වෙනවා. මට සීතල ඉවසන්න බෑ.  උණුසුම රඳවගන්න මම එහාට මෙහාට හැල්මේ දුවනවා. එක පාරටම මම මඩ ගොඩක ලිස්සලා මඩ වුනු තණබිමේ උඩුබැලි අතට වැටෙනවා.

ඒ එක්කම මම  දනිපනි ගහලා නැගිටිනවා

මගෙ කකුල් මඩෙනුයි, තණකොල  රොඩු වලිනුයි වැහිලා.

ගෑවුනත් මඩ,  වැඩේ ගොඩ!

"තාත්තේ, මම දන්නවා ඔෆීස් එකට ගිහින් යතුර අරන් එන විදිය."

"කොහොමද?"

"අපි මඩයි, තණකොළ රොඩුයි ඇ‍ඟේ තවරගෙන camouflage වෙමු."

"මොකක්? අනේ මේ,  විකාර නං කතා කරන්නෙපා ඇන්ඩී, මේ ඔලුව ගිණිඅරං ඉන්න වෙලාවේ."

"විකාර නෙවෙයි තාත්තේ. මේ බලන්නකෝ," කියන මම නැමිලා මඩ තලියක් දෑතින්ම අරගෙන පපුවේ ගාගන්නවා.  තව මඩ තලියක්  බඩේ ගාගන්නවා.  ඉන් පස්සෙ මම මඩේ වැතිරිලා රෝල් වෙනවා ඔලුවේ ඉඳං පතුල්  දෙකට යනකල්ම මඩෙන් නෑවෙන  විදියට.

මම මඩ නාද්දි තාත්තා හිටගෙන  මා දිහා බලා ඉන්නේ පිටසක්වල ජීවියෙක් දිහා බලා ඉන්නවා වගේ.

"දැන් මොකද හිතෙන්නේ?" මම අහනවා.

"මට හිතෙන්නෙද? මට හිතෙන්නේ ඔයාට හොඳටම ඔල්මාදෙ කියලා පිණි බාලද කොහෙද."

"හරි හරි, මට තේරෙනවා. මේ අහන්නකෝ තාත්තේ," මම කියනවා.  "අපිට ඇත්තෙන්ම මහ දුරක් යන්න නෑනේ මෙතන ඉඳලා. ඇත්තෙන්ම බ්ලොක් දෙක තුනක් ඇති.  අපි මහ පාර මග ඇරලා, ගෙවල් පිටිපස්සෙන් වැටවල් වලින් පැන පැන ගියොත්, එතකොට ඔය ගෙවල් නැති තැන්වලින් පුලුවන් හයියෙන් දුවලා හෙම, මේ පට්ට පාන්දර හන්දා කවුරුවත් අපිව දකින එකකුත් නෑ."

 "මහ පිස්සු අදහසක්,"තාත්තා ඔලුව කසනවා. "ඒ වුනාට..."

"ඒ වුනාට තාත්තේ..."

"ඉන්නකෝ මම කියන්න හදන එක කියන්න දීලා," තාත්තා බාදා කරනවා. " මම කියන්න ගියේ පිස්සු අදහසක් වුනාට ඒක හරියන්නත් පුලුවන් කියලා.  ඇරත්  එහෙම නොකර කරන්න පුලුවන් වෙන හොඳ විදියක්  ගැන මටත් කල්පනා වෙන්නේ නෑ."

"හරියට හරි", මම කියන්නේ උද්‍යෝගයෙන්. "අපිට නැති වෙන්න දෙයක් නෑ."

"ඔයා හරි," තාත්තා එකඟ වෙනවා. "අපි එහෙම කරමු."

තාත්තත් නැවිලා මඩ අහුරු අහුරු අරන් ඇඟ පුරා තවරා ගනිද්දි එයාගෙ  මූණෙ මතුවෙන්නේ ලොකු හිනාවක්.

"දැං කොහොමද"

"නියමයි තාත්තේ," මම කියනවා. "ඔයා පේන්නෙ සාමාන්‍ය මඩචාරියෙක් වගේ. ඒකිව්වේ  mudman කෙනෙක් වගේ."

මඩ තවරා ගන්න, තවරා ගන්න තාත්තගේ උද්‍යෝගය වැඩි වෙනවා. හරියට පොඩි එකෙක් වගේ.  ඇඟ පුරා මඩ තවරලා ඉවර වුන තාත්තා ඔලුවෙත් මඩ  තලි අලවා ගන්නවා.  කොණ්ඩේ, ඇස්වල, කටේ හැම තැනම මඩ තවරගත්ත තාත්තගෙ තියෙන්නේ විකාර පෙනුමක් - හරියට අපේ තාත්තා නෙවෙයි වගේ.

අර ආදම් වගේ ගහක කොළයක් අලවලා අහවල් තැන වහගන්න තාත්තා මටත් කොළයක් දික්කරනවා.

"මේකත් අලෝගන්න කොයිකටත් කියලා."

"කොයිකටත් කිව්වේ මොකකටත්ද?" මම අහනවා.

"කොයිකටත් කිව්වේ කවුරු හරි අපිව දකී කියලා."

"කවුරුවත් අපිව දකින්නේ නෑ," මම සහතික වෙනවා. " ඒ මොකද අපි මඩචාරියෝ නිසා.  අපි කාගෙවත් ඇස් වලට අහුවෙන්නේ නෑ. අදෘශ්‍යමානයි.  අපි මඩචාරියෝ අපිට ඕනෙ දිහාක, අපිට ඕනෙ වෙලාවක, අපිට ඕනෙ විදියට යනවා."

"මඩචාරින්ට ජයවේවා!" කියන තාත්තා එයාගෙ මඩ අත අල්ල උඩට හරවලා අල්ලනවා. "දාන්න පහක්"

මම දානවා පහක්.  අපේ අත් 'තොහ්' ගාලාඑකට ගැටිලා මඩ වීසි වෙනවා.  තාත්තා මෙච්චර උද්දාමයෙන් ඉන්නවා මම දැකලා නෑ කිසි දාක.

අහසේ වැහි වලාකුල් පිරිලා. ඒකත් එක අතකට හොඳයි, අපිට කාටවත් නොපෙනී යන්න තියෙන හැකියාව වැඩිවෙනවා එතකොට.

අපි මුලින්ම අපේ වැටෙන් පනිනවා අල්ලපු ගෙදර මිස්ට බ්‍රෝඩ්බෙන්ට්ගෙ පිටිපස්සෙ ගෙවත්තට. බිමට නැවී ගෙන වත්ත හරහා දුවන අපි, එයාගෙ වැටෙන් පනිනවා ඊලඟ වත්තට.

"වැඩේ දැනට නම් නැගලම යනවා," තාත්තා ඒ වත්ත හරහා දුවලා වැටෙන් පනින ගමන් කියනවා.  ඊ ලඟ වත්ත ගස්කොළන් පිරිලා නිසා හුඟක් පහසුයි.

"මේක නම් මාර ලේසියි." තාත්තට හිනා.

"ඒකනෙ මං කිව්වේ. කොහෙද ඉතිං" මම කියනවා.

අපි හරියට මීටර් සියය බාධක  දිවීම වගේ එක එක ජාතියේ වැටවල් උඩින් පැන පැන දුවනවා. ලී වැටවල්, දැල් වැටවල්, අධි ආරක්ෂිත වැටවල් මොන වැටටවත් අපේ ගමන නවත්තන්න බෑ. අපි මඩචාරියෝ!

අපි කොම්පෝස්ට් ගොඩවල්, පිහිණුම් තටාක,  එළවලු පාත්ති මග ඇරලා දුවනවා. තව තවත් මඩ සහ කොළ රොඩු කෑලි වලින් ඇ‍ඟේ ඇලෙනවා.

අපි නැවතිලා හති අරිනවා. අපේ පාරෙ අන්තිම වත්ත.

"මම ස්කවුටිං කලාට පස්සේ මෙහෙම ජොලි වැඩක් කරලා නෑ," තාත්තා හති දදා කියනාඅ.

"ඒ කියන්නේ ඔයා ස්කවුටිං කරද්දි  මෙහෙම හෙලුවැල්ලෙං මඩ නාගෙන පාරවල් දිගේ දිව්වද?"

"නෑ නෑ" තාත්තා හිනාවෙනවා. " අපි කඳු නැග්ගා , එතකොට මාලිමාවෙන් පාරවල් හොයාගෙන ගියා, අන්න ඒවගේ. මෙච්චර නම් ජොලියක් තිබුනේ නෑ ඇත්තෙන්ම."

"හරි," මම කියනවා. "දැන් අපිට මේ ගේ පැත්තකින් ඉස්සරහට දුවලා පාර හරහා පැනලා එහා වත්තට පනින්න වෙනවා ඊලඟ බ්ලොක් එකේ ගෙවල් පේලියට යාගන්න. ලෑස්තිද?"

"මම ලෑස්තියි,"

අපි ගේ පැත්තකින් දුවලා නිවැසියන්ට පයින්  යන්න හදලා තියෙන ප‍ටු කොන්ක්‍රීට් තීරුවත්  පාරට කලින් තියෙන තියෙන ගස්වවපු තණකොල තීරුවත් පනිනවා.

හුටා!

අපි ගාවම තියෙන ගෙදර ඉඳලා කාර් එකක් පාරට දානවා.

හැංගෙන්න වෙලාවක් නෑ.

"අපි දැන් මොකද කරන්නේ?" තාත්තා අහනවා.

"ඔහොමම නොහෙල්ලී ඉන්න," මම කියනවා. "අත්දෙකත් දෙපැත්තට උස්සගෙන අපි ගස් වගේ ඉම්මු."

අපි දෙන්නම එහෙමම ගල් ගැහිලා අත් එක එක කෝණවලට උස්සගෙන ඉන්නවා.

"අපි ගස් වගේ පෙනෙයිද කියලා නම් මට සැකයි," තාත්තා කට කොණකින්  මුමුණනනවා.

එයා කියන කතාව ඇත්ත වුනත් ඒකෙන් ප්‍රශ්ණයක් වෙන්නේ නෑ. කාරෙක එලවන ඩයල් එක අපි දිහාවත් නොබලා කාරෙක පාරට දාලා ඉගිල්ලිලා යනවා.

"ෆුෆ්, ඒක නම් මාර බේරිල්ලක්" තාත්තා කියනවා.

"ඒ වුනාට අපි දිනුවනේ" මම තාත්තව අස්වසනවා.

"ඒක ඇත්ත," තාත්තා කියද්දි එයාගෙ මඩ ඇස් දිළිසෙනවා.. "අපි දිනුවා, යේ!"

තාත්ත පාර හරහා දුවලා කොනේ තියෙන ගෙදර ඉස්සරහා මිටි ගඩොල් තාප්පේ උඩින් පනිනවා. මාත් එයා පිටිපස්සෙන්, ගේ පැත්තකින්  පිටිපස්සෙ වත්තට, දුවලා වැටෙන් අල්ලපු වත්තට පනිනවා. දැන් තාත්තා දුවන වේගෙට යන්න මට උපරිම වේගෙන් දුවන්න වෙනවා.

මම කොළපාට ගාපු උස වැටකට නගිද්දි මට පේනවා මට ඉස්සහින් දිව්ව තාත්තා රෙදිවැලක් යට හිටගෙන ඉන්නවා.  එයාට ලොකු ඩෙනිම් ජීන්ස් එකක් හම්බවෙලා එයා ඒක ඉහලට අල්ලගෙන හැඩ බලනවා. මම වැටෙන් බිමට පැනලා එයා ලඟට යනවා.

"බලන්න  මට හම්බවෙච්ච දේ," එයා කියනවා. "මේකෙන් වැඩේ ලේසිවෙයි."

"නියමයි තාත්තේ, ඒ වුනාට අපි ඉක්මනට මාරුවෙමු මෙතනින් කවුරුවත් දකින්න ඉස්සෙල්ලා."

තාත්තා නැවිලා කලිසම අඳින්න හදන්නේ.

මට ඇස් කොණෙන් පේනවා මොකක්දෝ චලනයක්.

ඒ එක්කම ගෙරවිල්ලක්.

හෑහ්!

මම මේ පාරෙ අපි පහුකරලා ආපු ගෙවල් ගාන හිතෙන් අධිවේගී සමීක්ෂණයක් කරලා තේරුම් ගන්නවා අපි මේ ඉන්නේ කොයි ගෙදරද කියලා. මේක නොම්මර දහ නවය ගෙදර පිටිපස්ස. අර පිට්බුල් ටෙරියර් ජාතියෙ  මිනීකන යක්ෂ  බල්ලා ඉන්න ගෙදර.

පිට්බුල්  දුවගෙන එන්නේ තාත්තා දිහාට.

"තාත්තේ! ජීන්ස් එක දාලා දුවන්ඩෝ!"

මම වැට දිහාට දුවනවා. දත් විලිස්සගෙන ගොරවගෙන පිට්බුල් මා  පස්සේ පන්නගෙන එනවා.  මම වැටේ එල්ලිලා මුදුනට බඩ ගානකොට මූ හව් හව් ගාලා  මගෙ කකුල් හපන්න උඩ පනිනවා.

තාත්තා අපි දිහාට දුවගෙන එනවා. ජීන්ස් එක වෙලු කවලා කඹයක් වගේ අඹරාගන්න තාත්තා බල්ලට කස පාරවල් කීපයක් දෙනවා. බල්ලා මාව අතෑරලා තාත්තා දිහාට හැරෙනවා.

පිට්බුල්ගෙ පිටට පනින තාත්තා ඌව බඩ මැද්දෙන් අල්ලලා මිරිකගෙන බිම පෙරලා ගන්නවා. ඉන් පස්සේ දෙන්න එක්ක මඩගොඩේ පෙරලි පෙරලෙමින්, දත්විලිස්සමින්,  ගොරවමින් පොරකාගන්නවා.  දෙන්නගෙන් වඩා හයියෙන් ගොරවන්නෙ කවුද කියලා හිතාගන්නත් බෑ. මට මේක පුදුමක්. තාත්තා මේ වගේ හැසිරෙනවා මම දැකලා නෑ. මේක අහරියට ටාර්සන්  දිවියෙක් එක්ක පොර කනවා වගේ.

තාත්තා මා දිහා බලනවා.

"මොනවද තවත් බලං ඉන්නේ?" තාත්තා බෙරිහන් දෙනවා. "දුවන්න!"

ඒ වුනාට මම කොහොමද දුවන්නේ තාත්තව දාලා?  ඒ ගමන පිට්බුල් දිනාගෙන එන්නේ සටන.  ඌ තාත්තව බිම පෙරලගෙන දත් විලිස්සලා කට අරිනවා තාත්තගෙ බෙල්ල හපන්න.

"තාත්තේ!" මම ල‍තෝනි දෙනවා.

නමුත් අන්තිම මොහොතේ තාත්තා පිට්බුල්ගෙ බෙල්ල බදාගෙන එක අතකින් උගෙ කට වහලා ජීන්ස් එක ඔතනවා උගේ හොම්බ වටේට ඔලුවත් වැහෙන්න. ඉන්පස්සෙ කලිසම් කකුල් දෙක එකතු කරලා තදින් ගැටයක් ගහනවා.

පිට්බුල්ව අතෑරලා වැට දිහාට දුවගෙන එන තාත්තා වැටේ එල්ලිලා අනිත් පැත්තර පනිනවා.  ජීන්ස් ගැටේ නිසා පාර නොපෙනෙන පිට්බුල්, ගැටය ගලවාගන්න දඟලමින්, ගොරවමින්, වත්ත පුරා ගස් ගල් වල හැපෙමින් මාරාවේශයෙන්  දුවනවා. වැටෙන් පනින්න කලින් මම අවසන් වතාවට දකින්නේ ගහක වැදිලා බිම පෙරලෙන පිට්බුල්.

මමත් වැටෙන් පැනලා තාත්තට එකතු වෙනවා.

"ඔයා නම් පට්ටයි තාත්තේ!. ෆයිට් එක නම් ලොවෙත් නෑ! ඒත් අපරාදෙ ඔයාට ජීන්ස් එක නැතුව ගියා."

තාත්තාට අලුත්ම ජවයක්, ජීවයක්, පණක් ලැබිලා වගේ.

"ඒකට මොකෝ? මට මොකටද ජීන්ස්?  මම මඩචාරියෙක්!"

මඩචාරියෙක්? මචචාරියෙක් කෙසේවෙතත් තාත්තා  එයාගෙ මඩ ඇලිලා විකාර විදියට හැම අතට දික්වුනු කොණ්ඩෙයි, සුදු රවුම් ඇස්බෝලයි, පිට් බුල්ගෙ දත් පාරකින් තුවාල වෙලා ලේ ගලන උරහිසයි එක්ක පේන්නේ වනචාරියෙක් වගේ.

"හා හා යං, යං," තාත්තා කියනවා. "වෙලාව ගතවෙනවා මෙතනම."

තාත්තා මොනතරම් මේ වැඩේට බැහැලද ඉන්නේ කියන එක මට හිතාගන්නත් බෑ දැන් දැන්. හරියට අපේ තාත්තා නෙවෙයි වගේ.

 අපි ඊලඟ වතු පහ හරහා කිසි කරදරයක් නැතුව තරණය කරනවා. අන්තිම වැටෙන් පනින අපි දැන් ඉන්නේ ප‍ටු පාරක.

ප‍ටු පාරේ කෙළවරට දුවන අපි බිත්තියට පිට දීලා  මහ පාරට එබිකම් කරලා බලනවා.

මහපාර එකකට එකක් ගෑවෙන්න තරමට ලඟින් බඩ ගාන වාහනවලින් පිරිලා.

තාත්ත වැඩ කරන්නේ පාරෙන් එහා පැත්තේ තියෙන ගොඩනැගිල්ලේ.  පාරෙ එහා පැත්තේ කර්මාන්තශාලාවකුයි,  බඩු ගබඩාවකුයි තට්‍ටු දෙකේ ගොඩනැගිල්ලකුයි තියෙනවා. තාත්තා වැඩ කරන්නේ ඒ ගොඩනැගිල්ලෙ ඉඩ තට්‍ටුවේ.

"තව පොඩ්ඩයි," තාත්තා කියනවා. "පාරෙන් එහා පැත්තට පැනගන්න එක විතරයි තියෙන්නේ."

"පොඩ්ඩක් ඉන්නකෝ," මම කියනවා. "පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. අපි කොහොමද ඔයාගේ ඔෆීස් එකට යන්නේ. අපිට රිසෙප්ෂන් එක හරහා නම් මේ විදියට යන්න බෑ."

"අපි මඩචාරියෝ," තාත්තා කෑගහනවා."අපිට ඕනෙ තැනක යන්න පුලුවන්."

"හරි. ඒ වුනාට රිසෙප්ෂන් එක හරහා යන්න බෑනේ. පොඩ්ඩක් හිතලා බලන්න."

තාත්ත හිතනවා.

"ඔව්, ඔයා හරි තමයි. රිසෙප්ෂන් එකේ ඉන්න මිසිස් ලුවිස්ට හාට'ටෑක්කෙකක් හැදෙන්න පුලුවන් අපි දෙන්නව දැකලා ."


තවත් ඉවරයක් නෑ.

අවසාන කොටසට මෙතනින්.


මේ තවත්  ඇන්ඩි කතා.

"දැන් ලඟද තාත්තෙ ?"

 කැරපොත්තා / Cockroach

 මළා හා සමානයි. / Playing Dead.

 මාරක කේක් වට්ටෝරුව - Cake of Doom

බෝම්බයද? ඔබද? BEAT THE BOMB!

පච්චේ - BORN TO DIE

ප්ලාස්ටරේ / Band-Aid 

කුණු! - Trash!



ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් ලියු Mudmen කෙටි කතාවේ අනුවාදයකි.





110 comments:

  1. Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඇති යන්තං තාත්තයි පුතයි එක දේකට එකඟ උනා.
      දැං ඇන්ඩි කවුද තාත්ත කවුද කියල හොයාගන්න බැරි අවස්ථාවක් තියෙන්නෙ.
      බලමු මාරක පිම්ම පනින හැටි.

      Delete
    3. ඩ්‍රැකී, උඹට කලින් ආතරය ඇවිල්ල. හැක්..

      Delete
    4. හප්පට සිරි. අර කුඩයක් තියලා සීට් බුක්කරනවා වගේ.

      ආතරයත් එක්ක බෑ.

      Delete
  2. පට්ට.. :)

    හයියෝහ්! රෙදි නෑ! මේක හරියටම තේරුනේ අද.. එක හුස්මට කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. අන්න. උඹට තේරුනා 'රෙදි නෑ' කියන යෙදුමේ ඔරිජින් එක. නියමයි.

      Delete
  3. පට්ට කතාව. මයෙ පොඩි එකත් ලොකු උනාම, මාත් ඔය වගේ රන් එකක් දෙනවා ඌත් එක්ක...

    ReplyDelete
    Replies
    1. මතක ඇතිව ඊට කලින් අපිව දැනුවත් කරහං. අපි එන්නං කැමරා කෲ එකක් එහෙම අරගෙන උඹ හෙ‍ලුවෙන් දුවනව බලන්න.

      Delete
    2. දැම්ම ඉඳං රිහර්සල් කරපං.

      Delete
    3. ප්‍රසෝ, ඩූඩ්,
      මං හැමදාම දුවනව පාන්දර... වරෙව්!

      Delete
    4. 'ගෝඩ් මස්ට් බී ක්‍රේසි' කියල ෆිල්ම් කොරල තියෙන්නෙ ඩ්‍රැකී දුවන එක තමයි..

      Delete
  4. ඩූඩිටමයි වෙන්නෙ 2

    ReplyDelete
  5. මේ තියෙන්නේ... වරේ වාහ් !!

    ReplyDelete
    Replies
    1. මේකට මඩ කියන්නේ නැතුව 'රෙදි නෑ' කියල දැම්ම නම් වඩාත් ගැලපෙනවා කියල මට හිතෙනවා. අනේ කෝ.. තාමත් ඉවරයක් නැහැනේ. තව දවසක් රෙදි නැතුව ඉන්ඩ වෙයිද?

      Delete
    2. උඹ කියන දේ සහතික ඇත්ත. ඒක තමා නම. නමුත් දැන් පරක්කු වැඩියි.

      Delete
  6. කලින් එකයි මේකයි දෙකම එක පාර බැලුවා. පට්ට කතාව...
    හැබැයි ඉතින් මුන් දෙන්නනම් මහ මැටි මොල්ලු දෙන්නෙක් වගේ...

    ReplyDelete
    Replies
    1. මැටි මෝල්ලු වුනේ මඩ ගා ගත්ත නිසාද?

      Delete
  7. Replies
    1. ඕං බලහංකො උඹ කියන කතාව. :D

      Delete
  8. ඕකනේ වැඩේ. ඔය සුද්දගේ රටේ රෙදිවැලක තුවායක්වත් නෑ හදිස්සිකට. අපේ රටෙනම්, පාරේ යන එකෙක්ගේ සරමක් හරි ගලවන්න පුළුවන්. මට හිතෙන්නේ රිසෙප්ෂන් එකේ නෝනට කලන්තේ හැදෙයි.

    ඔය අහවල් ලොක් එක මෙන්න මේකද?

    [im#]http://mpc.assaabloy.com/yalefile//Fetchfile.aspx?id=19382&ft=.jpg&mh=420&mw=1020[/im]

    ReplyDelete
    Replies
    1. විචා,

      මොකද්ද බං මේ?...ඩන්කර්ක් යුදපිටියෙ තියෙන විනාස වෙච්චි MBT එකක පස්ස රෝද දෙක කියල මට එක පාරට හිතුනෙ...හෙහ්,හෙහ්...මෙව්ව ටිකක් සුට්ටියට දාපංකො..දැක්කම බය හිතෙනවනෙ...:)

      Delete
    2. යාල කැලේ අත ඇරලා දාල ගිය ගොන් කරත්තයක් කියලා මන් හිතුවේ.. අර Yale කියල ගහලත් තියෙන්නේ.. :p

      Delete
    3. අපිට ඔය පොඩියට දාලා පුරුදු නැහැනේ. දානවනම් දාන්නේ ලොකුවට තමා. :D

      Delete
    4. ලොකුවට දාන්න එකක් තියෙනවයි අංකල්. හැක්..

      Delete
    5. ආන්න ඒක ඩෙඩ් බෝල්ට් වර්ගයක්. හැබැයි ඕක එහෙම නිකං ලොක් වෙන එකක් නෙවෙයි. මමත් දාලා තියෙන්නේ ඔය ජාතිය.

      Delete
  9. / Christopher Atkins from my favorite movie Blue Lagoon /

    සික්…. තවම එහෙමද බං? මගෙත් එහෙම වෙලා තිබ්බ බලු ලැගූං බලල මාසයක් විතර. පස්සෙ ඒක ඇරිල ගියා.ඒ මාසෙවුනත් එහෙම වෙන්ට එකම හේතුව අර දැරිවි...හෙහ්.හෙහ්...දියදහරා පළිහක්කාර ළමයා

    / තාත්ත පාර හරහා දුවලා කොනේ තියෙන ගෙදර ඉස්සරහා මිටි ගඩොල් තාප්පේ උඩින් පනිනවා. මාත් එයා පිටිපස්සෙන්, ගේ පැත්තකින්  පිටිපස්සෙ වත්තට, දුවලා වැටෙන් අල්ලපු වත්තට පනිනවා. දැන් තාත්තා දුවන වේගෙට යන්න මට උපරිම වේගෙන් දුවන්න වෙනවා. /

    මෙහෙම තැන් වලට බොල බොට දාන්ඩ තිබ්බෙ මෙහෙම සද්දයක්...තොහ්..තොහ්..තොහ්...තොහ්..

    ලයික් දිස්...හෙහ්,හෙහ්

    තාත්ත පාර හරහා දුවලා කොනේ තියෙන ගෙදර ඉස්සරහා මිටි ගඩොල් තාප්පේ උඩින් පනිනවා….තොහ්..තොහ්..තොහ්...තොහ්…... මාත් එයා පිටිපස්සෙන්, ගේ පැත්තකින්  පිටිපස්සෙ වත්තට, දුවලා වැටෙන් අල්ලපු වත්තට පනිනවා. තොහ්..තොහ්..තොහ්...තොහ්…දැන් තාත්තා දුවන වේගෙට යන්න මට උපරිම වේගෙන් දුවන්න වෙනවා. ..තොහ්..තොහ්..තොහ්...තොහ්…

    ඒ සද්දෙ මොකද්ද කියල මම හිතන්නෙ උඹ දන්නව..එහෙම දන්නෙ නැත්තං පුතණ්ඩියත් එක්ක ඔය විදිහට දුවල බලපං...:)

    ReplyDelete
    Replies
    1. පට්ට සීතලයි කිව්වා නේහ් ??

      Delete
    2. //දියදහරා පළිහක්කාර // හෙහ් හෙහ්... got it..

      Delete
    3. //තොහ්..තොහ්..තොහ්...තොහ්..//
      //දියදහරා පළිහක්කාර//

      ha ha...awesome Ravi. You made my day :)

      Delete
    4. නියම නම. මටත් ඔහොම හැම දෙයකටම අනිත් භාෂාවට හරවන කාලයක් තිබුනා.
      අර සෙන්න කියන කතාව ඇත්ත.

      ප්‍රියතම මූවී එක කිව්වාම මම අදහස් කලේ මේකයි. ඒ ඒ කාලෙට අපිට ප්‍රියතම මූවී එකක් තියෙනවනෙ. ඒක එහෙම එකක්. අද මට ප්‍රියතම මූවී එකක්, නළුවෙක් කියලා නැතත් ප්‍රියතම මූවී වලින් එකක් නළුවන්ගෙන් කෙනෙක් වගේ දේවල් තියෙනවා. ඒ ලිස්ට් හෙන දිගයි. නමුත් අදත් Blue Lagoon එතකොට Seven Nights in Japan මගෙ ප්‍රියතම ලැයිස්තුවේ ඉන්නවා. ඒක.

      මගෙ ජීවිතේ වැඩිම කාලයක් ප්‍රියතම පොත වෙලා තිබුනේ The Adventures of Tom Sawyer. අදත් ඒ පොත කියවලා මම පුදුම රසයක් ලබනවා. ඒකත් මගෙ ප්‍රියතම පොත් කියන දිග ලැයිස්තුවේ ඉහලම වැජඹෙනවා.

      Delete
  10. Replies
    1. ඇයි උඹට දැං ගෙදරින් කන්න දෙන්නෙ නැද්ද?

      Delete
    2. අනේ බං මැරෙන්න නං එපා. ඇයි පොඩි මෙන්ඩියට මේ කතාව කියවපංකො. අර ගොලුබෙලි කතාව වගේ.

      Delete
    3. නියම අදහස අද රැට පොඩ්ඩට කතාවක් නැතුව හිට්යේ අද මේක කියලා දෙනවා

      Delete
  11. හම්මේ! සුපිරි එකක් ඩූඩ්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බස්සි ඒ stamp of approval එකට. :D

      Delete
  12. අහල පහල ගෙවල්වල උං ඉස්සරහ අමු හෙලුවැල්ලෙං හඳුනාගැනීමේ පෙරෙට්‍ටුවකටත් හිටපල්ලකෝ දෙන්න එක්ක/// ha ha ha ha

    ReplyDelete
    Replies
    1. Just imagine that it happened to you. :D

      Delete
  13. හයියෝ... රෙදි නෑ.... හිහ් මරු.

    ReplyDelete
    Replies
    1. ඕවගෙ බල්ලො හදනකොට ඉතිං රෙදි නෑ තමයි.
      අපේ එකෙක් ඉන්නවා. සෙරෙප්පු නෑ.

      Delete
  14. මචෝ මෙයින් පොතක් ගෙනත් දියන් කියලා රට ඉන්න යාළුවෝ කීප දෙනෙකුටම කිව්වා.. ඒත් තාම හම්බ උනේ නෑ.. ප්‍රධාන හේතුව උන් එකෙක්වත් පොත් කියවන උන් නෙමෙයි... උඹට පින් අත් වෙනවා මේ පොතක් ගෙනත් දෙනවා නම් උඹ එන වෙලාවක..

    උඹගේ අනුවර්තන හැකියාව නම් එළ...

    ReplyDelete
    Replies
    1. මාතේ, මේ පොත් මගේ නෙවෙයි. මේ ඉස්කෝලෙ පුස්තකාලෙ. මගෙ පවුලේ අය වතාවක් දෙකක් මට මේ පොත් කීපයක් තෑගි දීලා තියෙනවා උපන් දිනවලට.

      මම ලැබුනොත් e book එකක් හොයන්නම්. නැතිනම් උඹට පොතක් ගෙනත් දෙන්න හැකි හැම උත්සාහයක්ම ගන්නම්. අපිට තියෙන ප්‍රශ්ණෙ අපි ඔය බුක් ෂොප් තියෙන මාලෙ නගරෙට යන්නෙම නැති එක. ඩොමෙස්ටික් ෆ්ලයිට් එකේ ඇවිත් කෙලින්ම ඉන්ටර්නැෂනල් ෆ්ලයිට් එකේ ගෙදර එන්නේ. හුඟක් වෙලාවට රෑට. ඉතින් බුක් ෂොප් වල හොයන්න කාලයක් ඒ අතර ලැබෙන්නෙම නෑ. අනික ඔය එක එකාට කිව්වට උන් පොත් කියවන එවුන් නොවන නිසා උන්ගෙන් වැඩක් නෑ.

      Delete
  15. ඔයාගේ ඉට්ටයිල් එක මරු

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි කුකුලෙක් නෙවෙයි කුකුල් කො‍ටුවක්ම ඇවිත්. බොහොම ස්තුතියි.

      Delete
  16. යකෝ හොඳම හරියට එද්දි කතාව නතර කලානෙ... අම්මපා මේ වෙලාවට තමයි ඉතින්...

    ReplyDelete
    Replies
    1. යකෝ හොඳම හරියට එද්දි තමයි කතාව නතර කරන්න ඕනෙ. අර රවියා මේ පාර කතාව නතර කරලා තියෙනවා වගේ අර එක්කෝ ඩීසල් වලට හුලං ඇදලා, නැතිනං බස් එක ස්ටාට් එකේ තියෙද්දි ඩ්‍රයිවර් හොර පොලකට දුවලා වගේ නෙවෙයි.

      Delete
  17. මේක නම් අපූරුයි :)

    ඩූඩ් විසින් බොහෝ කල් නොලියා නිහඬව සිටීම මගින් පාඨක අප වෙත සිදු කරන ලද සියලු සිත් රිදවීම් වලින්, නිදොස් කොට නිදහස් කරන ලදී :)

    මේ කතා වල සුපුරුදු ස්ටයිල් එකත් එක්ක බැලුවම, මේ දෙන්න, කොයි වෙලාවේ හරි මාට්ටු වෙලා, රෙදි නැත්තටම නැති වෙයි කියල මට හිතුන. ඒ නිසා අද කොටස කියෙව්වේ හදවත ඩිග් ඩිග් ගාලා ගැහෙද්දි.

    I just hope that they will be fine until the end :)

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න ඇන්ඩි ග්‍රි‍ෆිත්ස්ට පිං සිද්ද වෙන්න මම (නො)කරපු පව් වලින් නිදහස් වෙලා.

      මානවිකාවත් කතාවක් කියවන්නේ කතාවට කිඳා බැහැලා නේ?

      Delete
  18. "බල්ලොත් එක්ක බෑ" කියන කතාව හැදුනේ මේකෙන් පස්සෙ වෙන්න ඕනා... බලමු මොකාටද මුන් දෙන්නා එන්න හදන්නේ කියලා...

    "බල්ලොත් එක්ක බෑ" කියන කතාව හැදුනේ මේකෙන් පස්සෙ වෙන්න ඕනා... බලමු මොකාටද මුන් දෙන්නා එන්න හදන්නේ කියලා...

    "බල්ලොත් එක්ක බෑ" කියන කතාව හැදුනේ මේකෙන් පස්සෙ වෙන්න ඕනා... බලමු මොකාටද මුන් දෙන්නා එන්න හදන්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක රිපීට් වෙනවා දැකලා තිබ්බට, ඒක මෙහෙම වෙනවා නම් මීට කලින් දැකලා නෑ... අලුත් ලෙඩ වෙන්න ඇති...

      Delete
    2. ඔහේගෙ පබිලිස් බටන් එකේ ලෙඩක් තියෙනව වගේ. වහාම ඒක හදාගන්න.

      Delete
    3. නෑ නෑ ඔහොම වෙන්නේ ටීවී එකෙන් කමෙන්ට් කළාම... :D

      Delete
    4. එහෙනං ඇන්ටනාව හදාගන්න වෙයි.

      Delete
    5. රිපීට් වෙන කමෙන්ට්වල අමුතුම එකක් මේක. උඹ ඉන්ටර්නෙට් යන්නේ ටීවී එකෙන්ද?

      Delete
    6. ටීවී එකෙන් යන්න බෑ බන්.. එකේ සිංහල ෆෝන්ට් නෑ... දාගන්න විධිහක් දන්නෙත් නෑ.. පහුගිය ටිකේ ජාලෙ පෙරලන් හෙව්වා හරිහමන් උපදේසයක් නෑ.. දන්නවනම් කියලා දියන්...

      Delete
    7. අනේ නෑ බං. ටීවී එක්ක කිසිම ආශ්‍රයකුත් නෑ. මට ඉන්ටර්නෙට් යන්න පුලුවන් ටීවී එකකුත් නෑ. නොදන්න මගුල් කියන්න ගිහින් උඹව අමාරුවේ දාන්නේ කොහොමද? නිකමට යූ ටියුබ් වල ගහලා වීඩියෝ සර්ච් කරපං.

      Delete
    8. මට තේරෙන්න නෑ සෙන්නා උපදේසයක් ඉල්ලන්නේ කමෙන්ට් එක රිපීට් වෙන එක නවත්ත ගන්නද, ටීවී එකෙන් කමෙන්ට් කරන්නද කියලා...

      Delete
    9. තිසර, උපදෙශයක් ඉල්ලුවේ ටීවී එකෙන් බ්ලොග් කියවගන්න විතරයි... ඒකෙන් කමෙන්ට් කරන්න ගියොත් දවසක් විතර යයි එකක් දාන්න... :D

      ඔය උඩ කමෙන්ට් එක රිපීට් වුනේ කොපි කරද්දි වෙච්ච වැරදීමකින් විතරයි.. ටීවී එකෙන් දැම්මා කියලා කිව්වේ විහිළුවට...

      Delete
    10. ඉන්ටනෙට් යන්නෙ ටී වී එකෙන් කිව්වා? ඒක හරියට නිකං බුල් ඩෝසරෙන් කඩේ යනවා වගේ වැඩක් නෙ

      Delete
  19. බල්ලො රඹුටන් නොකන නිසා හොඳයි.. වඳුරෙක් වගේ එකෙක් එක්ක ඔය සටන කරන්න උනානම් විනාසයි තාත්තයි පුතයි දෙන්නම්..

    ReplyDelete
    Replies
    1. මඩ ගැවුනට පස්සෙ රඹුටන් කොහෙද බොල, දොඹ ඇට මිසක.

      Delete
  20. මුන් දෙන්න එළ කෑමක් කන්න සැරසෙන බව පෙනී යනවා...

    ReplyDelete
    Replies
    1. උන් දෙන්නම උඹලෑ පැත්තෙ ඉන්නේ. ආරංචි නැද්ද?

      Delete
  21. අඩේ මුන් මරු තාත්තයි,පුතායි.ඇන්ඩියා ඔහොම නසරාණි වෙන්න ඇත්තේ ඌ තාත්තාගේම පුතා නිසා වෙන්ට ඇති ..:D

    ReplyDelete
    Replies
    1. ඇන්ඩියගෙ තාත්තත් මාර වැඩ කරන්නේ. මතකද එක පාරක් ඇන්ඩියව වැලලුවා? තව පාරක් ඌව පාරෙ දාලා ගියේ.

      Delete
  22. Replies
    1. නාඩියා නෝට් කලාද මඩචාරියා කියන වචනය මම නිර්මාණයක් කලා කියලා Mudman වෙනුවට

      Delete
  23. කොයි තරං මාංජමිකයිද කියනව නං ඊළග කොටහ එනකං ඉන්නත්බෑ බෑ වගේ..
    හරිම ලොල් සහගත සිද්ධියක් වෙන්න වගෙයි යන්නෙ. ඊළග කොටහත් ඉක්මණට පීස්

    ReplyDelete
    Replies
    1. එහෙමද? එහෙනං තව පොඩ්ඩක් ඉවසන්න වෙනවා පු‍තෝ.

      Delete
  24. ඔන්න කතා නම් කතා. අර ලින්ක්ස් වල තියන කතා ටික කලින් කියෙව්වත්, ආයෙම මේ කියවනවා. ඒ කාලේ ස්ට්‍රෙස් එක නැති කරගන්න දුමී අයියගේ බ්ලොග් එකයි මේකයි තමා මම පාවිච්චි කරේ.. නියමයි..

    ReplyDelete
    Replies
    1. බයි ද වේ, මම තාම යුස් කරන්නේ සිම්බියන් S60 ෆෝන් එකක්. (කලින් පොස්ටුවේ කමෙන්ටුව වෙනුවෙනි)

      Delete
    2. ඕං දුමියා ආයෙම කට කහන කතා කීපයක් ලියලා ගිය අවුරුද්දේ. මම මේ ගිය සතියෙ දැකලා කියවගෙන කියවගෙන ගියා. ඒකත් මාරම ලියවිල්ලක් තමයි.

      සිම්බියන් ෆෝන් එකක් මාලඟ තිබිලා නෑ ඇන්ඩ්‍රොයිඩ් මිසක. නමුත් ඒකත් හොඳ OS එකක් තමයිලු නේ? දැන් නොකියා එන්නේ Windows එක්ක නේ?

      Delete
    3. ඔව්. දැන් නොකියා එකේ ෆෝන් ඩිවිෂන් එක මයික්‍රොසොෆ්ට් එකටනේ තියන්නේ. හැබැයි මේ අවුරුද්දේ ආපහු නොකියා එකෙන් එයාලගෙම ෆෝන්ස් ගහන කතාවක් තියනවා. වින්ඩෝස් ඒකත් එච්චර අවුලක් නෑ. Android නම් මට එපාම උනා.
      සිම්බියන් නියමයි. හැබැයි පාවිච්චි කරන්න දැනගන්න ඕනේ. ඒකෙ ලිමිට්ස් තියනවා. ඒක හරියට අර විදුලි කෝච්චි යුගයේ වාෂ්ප එන්ජින් දුවනවා වගේ වැඩක්.

      Delete
    4. වින්ඩෝස් ෆෝන් නියමයි කියන එකෙක් දැක්කමයි..

      Delete
  25. මඩචාරියන්ට ජය වේවා.
    ඊලග එකත් ඉක්මනට දාමු..

    ReplyDelete
    Replies
    1. මඩචාරීන්ට ජයම වේවා.
      I'm working on it. Thanks.

      Delete
  26. අනේ ඩුඩ් මේවාගේ එකක් මාසෙකට සැරයක්වත් ලියපන්කෝ ....බ්ලොග් කියවන එකත් එපාවෙලා හිටියේ පහුගිය කාලේ ...පට්ටයි ... :D

    හරිම හොඳයි හරිම හැඩයි
    රාලහාමි වයස යන්න යන්න ලස්සනයි ...

    පිස්සු කථා ඇයිද පුතා
    මොට්ටපාල යනවා යන්න කවට කම් එපා ..

    (මෙහෙම සින්දුවක් මතක් උනා )

    ReplyDelete
    Replies
    1. >>බ්ලොග් කියවන එකත් එපාවෙලා හිටියේ පහුගිය කාලේ ...පට්ටයි ... <<

      ස්තුතියි උඹට. නමුත් බ්ලොග් කියවන එක ඇතිවෙලා ඉන්නවා නම් ගිහින් අර දුමීගේ කට කහන කතා කියවපං. මගේ බ්ලොග් රෝලේ ඇති.
      උඹ දැනටමත් අර සුරංගයගෙ යාංහෑල්ල නම් කියවනවනේ. එතකොට රවියගෙ පෝස්ට් කියවනද උඹ? (රවියගෙ දේශපාලන පෝස්ට් හැර. :D)

      Delete
  27. මැවිලා පෙනෙනවා ලොක්කා මැවිලා පෙනෙනවා. මැවිලා පෙනේ විරූපේ...හැක්! උඹේ එතකොට අර රවීගේ අනුවර්තන හැකියාව නම් හරිම අපරාධයක්. අපරාදේ කියුවේ මේවා බ්ලොග් බලන අපි වගේ මැට්ටොන්ට කියවන්න ලැබුණට බහුතරයකට කියවන්න ලැබෙන්නේ නැති නිසා. උඹලා වගේ උන් අඩු ගන්නේ ඉඳල හිටලාවත් ඉරිදා පත්තරයකට හරි column එකක් ලියනවනම් වටිනවා.

    //Christopher Atkins from my favorite movie Blue Lagoon// Really?? still obsessed after all these years? This is the sequel

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උදය උඹේ ඒ අගය කිරීමට. මම රවියගෙ මට්ටමට ඉන්නවද කියලා මට නම් සැකයි. කෙසේ හෝ උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා. මොනවද බං බ්ලොග් කියන්නේ කියලා අහන ගැටවරයොත් අදත් සමාජෙ ඉන්නවා.

      ඔහොම කොලම් ලියනවා අන්න අර බසු මහත්මිය නම්.

      අහා.

      මා ගාවා Return to Blue Lagoon වගේම Paradise ත් තියෙනවා.

      PS: still obsessed after all these years? This is the sequel?

      ප්‍රියතම මූවී එක කිව්වාම මම අදහස් කලේ මේකයි. ඒ ඒ කාලෙට අපිට ප්‍රියතම මූවී එකක් තියෙනවනෙ. ඒක එහෙම එකක්. අද මට ප්‍රියතම මූවී එකක්, නළුවෙක් කියලා නැතත් ප්‍රියතම මූවී වලින් එකක් නළුවන්ගෙන් කෙනෙක් වගේ දේවල් තියෙනවා. ඒ ලිස්ට් හෙන දිගයි. නමුත් අදත් Blue Lagoon එතකොට Seven Nights in Japan මගෙ ප්‍රියතම ලැයිස්තුවේ ඉන්නවා. ඒක.

      මගෙ ජීවිතේ වැඩිම කාලයක් ප්‍රියතම පොත වෙලා තිබුනේ The Adventures of Tom Sawyer. අදත් ඒ පොත කියවලා මම පුදුම රසයක් ලබනවා. ඒකත් මගෙ ප්‍රියතම පොත් කියන දිග ලැයිස්තුවේ ඉහලම වැජඹෙනවා.

      Delete
    2. No arguments on Tom Sawyer. It's a legend :)

      Delete
  28. හම්මේ.. අවුරුදු දෙකකට විතර පස්සෙ පලවෙනි පාරට තමා බ්ලොගක් පැත්තෙ ආවේ බන්.. ඉතින් කෝමද බන්.. ඇන්ඩිගෙ කතා උබ ලියන විදියට කියවන්න මං එදත් ආසයි.. ඒ වගේම අදත්.. ඇයිද මන්දා මට මේවා කියවද්දී රෝල් ඩාල්ගෙ පොත් මතක් වෙන්නේ..

    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. http://katuakula.blogspot.com

      වෙලාවක් තිබ්බොත් ඒ පැත්තට සෙට් වෙමු!

      Delete
    2. ඔන්න කොලුවෝ මං ඒ පැත්තේ ගියා. ක‍ටුත් ඇනගෙන ආවේ.

      මේ බ්ලොගේ Roald Dahl ගෙ කතා කීපෙකුත් තියෙනවා.Roald Dahl සර්ච් කරලා බලාපං

      Delete
  29. බූගරාභිලාශයෙන් නාස් කුහර ඇතුලාන්තයටම කිඳා බසිනා ඇඟිලිතුඩු යම් සේද මඩචාරීන් ගේ මීලඟ පියවර සොයා ගස්ලබු දෑස් නොඉවසිල්ලෙන් පසුවන වග නම්....
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලබ්බට ඒ යෙදුම මතකයි නේ? මටත් මතක් වුනේ උඹ කිව්වාම.
      බොහොම ස්තුතියි.
      නව ලබු යුග දිවියට සුභ පැතුම්.

      Delete
  30. අම්මේ..හරිම ප්‍රියමනාපයි පෙනුම. මී හරකෙක් වගේ...ඉස්සර මී හරකා කියලා චිත්රපටියකුත් මගේ මතකේ හැටියට

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. ඔය මල මුහුදෙ මඩ හෙම ටියුබ් වල දාලත් එනවා නේද බියුටි කචල් වලට?

      Delete
    2. මත්තක් කරන්න එපා මඩ් පැක් නම්!! මම හිතන්නේ මම කිව්වා මට වෙච්ච අලකලංචිය.


      ඒක නෙවෙයි දැන් මේ ජෝඩුව සෑහෙන දවසක් තිස්සේ හෙළුවෙන් මහමග නේද? අනික් කොටස දාන්නකෝ

      Delete
    3. උඹ මේ මගුලක් කතා කරනවා. මේ වොෂිං මැෂීන් එක ලෙඩ දෙන්න අරං. රෙදි බින් එකෙන් එකයි. මම මේ ඒක හදාගන්න දතකනවා. ඒක බැරි වුනොත් උඹ කිව්ව දේ තමයි තව සතියකින් දෙකකින්.

      Delete
    4. මගුලක්? අනේ ඇත්තද.. කොච්චර ලොකු දෙයක්ද.. මම කතා කරපු මගුලක් ගැන මමත් මේ ඇහුවමයි... කතාකරන්න තිබ්බ, පුතාටත් දැන් 18යි කිව්වා නේ?

      වොෂින් මැෂින් එක ලෙඩය කිව්වා? අනේ වාසනාවන්... මේ ඩෙනිම හෝදන frequency එක බැලුවම හිතාගත්තකි ඒ කොටස ගැන. දීපා තමයි දත්කුරු කනවා ඇත්තේ. ..හෙහ්....හෙහ්...

      ඒවයෙන් කාරී නැහැ, ඉතිරි ටික ලියහන් හෙළුවෙන් හරි ( මම කිව්වේ මේ සිංහලෙන්) නැත්තම් ඉතින් අර රවියා සිංහලෙන් ලියාගෙන ගියපු අනන්යාගේ හුටපටේ වගේ කියෝගන්න ඔරිජිනල් ලින්කුව දෙනවා හොඳයි!

      Delete
  31. ලගදි පරිවර්ථනය කරපු ඒවායින් හොදම එක බව කිව හැකියි...තාත්තයි පුතයි තකට තක...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා. තාත්ත වගේ නැතිනම් නොට් උගෙ පුතානෙ.

      Delete
    2. කවුද හැබෑටම ඔය නොට්ටි...

      Delete
  32. ලොවෙත් නෑ.. ලොවි ගහෙත් නෑ.. එලකිරිම තමයි.. ජයවේවා !!! තිලකසිත හරහා ආවේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කවිඳු. තිලකසිත සිරාම බ්ලොග් එකක්. ඒකෙ තියෙන්නේ අමුතුම මනුස්ස කමක්.

      Delete
  33. අප්පෝ මම මේකට කලින් කොමෙන්ටුවක් ලිව්වා . ඒකට මක්ක වෙලාද මන්ද. මම ලිව්වේ 'මට පුත්තරයෙක් නැති වෙච්ච එක ගැන දුකක් හිතුනා මේක රස විඳිද්දී කියල' . එළ !

    ReplyDelete
    Replies
    1. පුත්තරයෙක් හිටියානම් කියලා බ්ලොග් පෝස්ට් එකක් ලියාපං මචං. හැබැයි කෙල්ල කැමතිවෙන එකක් නෑ.

      Delete
  34. අම්මේ.. ඇති යාන්තං ඇන්ඩිට ඩුඩ්ව මතක් වෙලා කතාවක් ලියලම එවලා. එක හුස්මට කොටස් දෙකම කියෙව්වා. තුන්වෙනි කොටස බලාපොරොත්තුවෙන්..

    ReplyDelete
    Replies
    1. ඔන්න තුන්වෙනි කොටස බෙදලා තියෙන්.නේ ඇලෙක්ස්

      Delete
  35. Replies
    1. ස්තුතියි වසන්තයට පෙර.

      Delete
  36. ඩුඩ් අංකල්,
    තාත්තා මට ඊයේ රැ කතාව කියලා දුන්නා මම ආසම අංකල් ලියපු අර පචච්යක් ගහලා හගොල්ලෝ බිම එකක් බීපු කතවට. ඩාරැකි අංකල් ඔයා මට කියවන්න කතා ලියනවා කියලා තාත්තා කිව්වා. අපේ අම්මියයි මමයි හැමදාම නින්ද යනකන් තාත්තියාගෙන් කතන්දර අහගන්නවා එයා මහියංගනේ ගියාම අපි දෙන්නා රැට අඩනවා .

    පොඩි මෙන්ඩගේ ඉල්ලීම මත කොටන ලද කොම්මේන්ටුවක්

    ReplyDelete
    Replies
    1. චූටි මෙන්ඩා පුතේ.

      ඔයාගෙ කමෙන්ට් එක කියවලා මට හරිම සතු‍ටු හිතුනා. අපි මේ කතා ලියන්නේ පුතාලා වගේ කතා කියවන්න ආසා අයට තමයි. ඔයා අර හංගොලු බීම කතාවට කැමති බව තාත්තියා මට කලිනුත් කිව්වා. ඔයා වගේම ඩූඩ් අංකල් පොඩි කාලෙත් තාත්තගෙ බණ්ඩිය උඩ නිදාගෙන කතන්දර ඇහුවා. ඒ අහපු එක කතන්දරයක් විලියම් ටෙල්.

      ස්තුතියි පුතේ

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>