Thursday, February 4, 2016

145. මඩ


  


මම උපන් ඇඳුමෙන්.

මාව කට කට ගාලා වෙව්ලනවා.
ඒ ගමන්ම මම පිටිපස්සෙ දොරට පුලුවන් තරම් හයියෙන් තඩිබාන ගමන්.

"තාත්තේ, තාත්තේ, මේ දොර අරින්ඩෝ!"

මම දොරේ අණ්ඩ අල්ලලා හැකි වෙර දාලා පහලට කරකවලා තල්ලු කරන්න හදනවා. නමුත් වැඩක් නෑ.
 


මට එලියට එන්න කලින් දොරේ ඩෙඩ් බෝල්ට් එක ඉබේ ලොක් නොවෙන්න දාන්න තියෙන පෙත්ත උඩට දාන්න අමතක වුනා මම හිතන්නේ. දැන් මොකද කරන්නේ. ගෙට ඇතුල් වෙන්න වෙන ක්‍රමයක් නෑ. හැම ජනේලෙකටම ග්‍රිල් හයි කරලා.  ඉස්සරහ දොරට, මීටත් වඩා ෆුල්ම සිරා, මේ සම්මජ්ජාතියෙදි මෙලෝ යකෙකුට එලියෙන් අරින්න බැරි  ජාතියේ ඩෙඩ් බෝල්ට් එකක් හයි කරලා තියෙන්නේ.

මම මේ පට්ට පාන්දර, අමු හෙලුවෙන්,  සීතලේ ගැහි ගැහි මිදුලේ ඉන්නේ මගෙ වරදක් නිසා නං නෙමෙයි..

ඒක තනිකරම සූටියගෙ වැ‍රැද්ද. සූටියා  කිව්වේ අපේ බල්ලා.  ඌ කෙලින්නෙ තනිකර පිස්සු!

මම උදේම තුවායත් පටලගෙන් එළියට බැස්සේ රෙදි වැලේ වනලා තියෙන මගෙ ඉස්කෝලෙ යුනිෆෝම් එක ගන්න. ඒක වැලේ තිබුනේ නෑ, ඒක තිබුනේ  වත්ත පුරාම සී සී කඩ, කීතු කීතු වලට ඉරලා, ඒකත් මඩ ගොඩේ. මම මඩ නාගෙන කන්දෙක උස්සගෙන ඇස් රවුම් කරගෙන මා දිහා බලාගෙන ඉන්න ගොං සූටියට බණින අතරෙ  මූ පැන්න ගමන් මම පටළගෙන හිටපු තුවාය ඩැහැගෙන රිංගුවේ නැද්ද පෝර්ච් එකේ ලෑලි තට්‍ටුව යටට! අන්න දැන් ඌ ඒකත් කීතු කීතු වලට ඉරනවා.

මම සූටියවත් කීතු කීතු වලට ඉරනවා මටත් පෝර්ච් එක යටට රිංගන්න තරම් ඉඩ තිබුනා නම්...

"තාත්තේ! අනේ මේ දොර අරින්ඩකෝ. මට සීතලයි!"

තාත්තයි, තාත්තගේ මළ ඉලව් ඩෙඩ් බෝල්‍ටුයි!

අපේ ගෙදෙට්ට හොරු පැන්නට පස්සේ තමයි තාත්තට මේ සිකියුරිටි පිස්සුව හැදුනේ.  ලෝකෙ හදපු ඕනෙම සිකියුරිටි සිස්ටම් එකක් අපේ ගෙදර තියෙනවා මං හිතන්නේ. ඩෙඩ් බෝල්ට්ස්ද , ජනෙල් වලට ග්‍රිල්ද, CCTV කැමරාද, ඉන්ෆ්‍රාරෙඩ් මෝෂන් ඩිටෙක්ටර්ස්ද, පට්ටම සිරා අලාම් සිස්ටම් එකක්ද අරකද මේකද ඔක්කොම මදිවට ලියුම් පෙට්ටියෙ අර Neighborhood Watch ස්ටිකර් එකකුත් ගහලා තියෙන්නේ.

හැබැයි ඉතිං ඔය සිස්ටම් එකනම් සිරාම තමයි,  ඊයේ උදේ තාත්තට යතුර දාපු තැන අමතක වෙලා පැය දෙකක් අපි ගේ ඇතුලේ කො‍ටුවෙලා හිටියා එළියට යාගන්න බැරුව. අම්මයි ජෙනුයි මිල්ඩූරාවලා ආච්චිලගෙ ගෙදර ගිහින් ආයෙ කට උත්තරත් නෑ.  අන්තිමේදි අලාම් සිස්ටම් එක නිසා පොලිසියෙන් ඇවිත් තමයි දොර ඇරලා දුන්නේ.

"තාත්තේ!!!" මම දොරට තඩිබාන ගමන්ම යටි ගිරියෙන් බෙරිහන් දෙනවා. මොනවා කලත් වැඩක් නෑ. එයා තාම බාත් රූම් එකේ ඇත්තේ. වටෙන් ගිහින් බාත් රූම් එකේ ජනේලෙන් කෑ ගැහැව්වනම් හරිනේ.  මම පඩි බැහැගෙන ගෙයි පැත්තකින් යනවා නාන කාමරේ ජනේලෙ ලඟට.

මොනවා? ෂවර් එකේ වතුර සද්දයක් ඇහෙන්නේ නෑනේ.

"තාත්තේ!" මම කෑ ගහනවා. "ඔයා  බාත් රූම් එකේද?'

සද්දයක් නෑ.

"තාත්තේ!"

"ඇන්ඩී?"

තාත්තගෙ හඬ. නමුත් නාන කාමරෙන් නෙවෙයි. ගේ පිටිපස්සෙන් ඇහෙන්නේ. එයාට ඇහෙන්න ඇති මම කලින් කෑ ගහපු එක. මම ආපහු පඩි කීපය නැගගෙන ගේ පිටිපස්සට දුවනවා. තාත්තා පිටිපස්සේ දොර ලඟ එලියේ හිටගෙන ඉන්නවා, ඉණ වටේ තුවායක් ඔතාගෙන.

"ඔයා මොනවද  කරන්නේ?" තාත්ත අහනවා.

"දැං ඔයාට තියෙන්නේ හරිනම්  ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න නේද? මොන පිස්සුවක් හැදිලද මේ හෙලුවැල්ලෙන් වත්ත පුරා දඟලන්නේ, උදේ පාන්දර?

"මේ මගෙ වැ‍රැද්දක් නෙවෙයි," මම පහැදිළි කරනවා. "මම ඉස්කෝලෙ යන්න තමයි ලෑස්ති වෙවී හිටියේ. මම මේ රෙදිවැලෙන් මගෙ යුනිෆෝම් එක ගන්න මිදුලට ආවේ.  ඇවිත් බලනකොට සූටියා මගෙ යුනිෆෝම් එක කීතු කීතුවලට ඉරලා. ඒ මදිවට ඌ මගෙ ටවල් එකත් හොරකං කරා. මට ගෙට යන්න විදියක් නැතුව හිටියේ ඔයාගෙ මේ ඩෙඩ් බෝල්ට් නිසා."

තාත්තා  හුස්මක් උඩට අරගෙන ඔලුව දෙපැත්තට වනනවා.

"හැම තිස්සෙම කාගෙ හරි පිට වරද පටවන්න තමයි බලන්නේ නේද?" තාත්ත කියන්නේ අප්‍රසාදයෙන්. "ඔයා කවද්ද ඔයා කරන වරදකට වගකීම බාර ගන්න පුරුදුවෙන්නේ?

"මම කියන්නේ ඇත්ත. සූටියට හොඳටම පිස්සු."

"මේක අහගන්න," තාත්තා කියනවා."ඔක්කොටම ඉස්සෙල්ල  කරුණු හරියාකාරව පහැදිළි කර ගනිමු. පළවෙනි කාරණාව, සූටියට පිස්සු නෑ..."

තාත්තා කතා කරන අතරේ පෝර්ච් එක යටින් මතු වෙන්නේ සූටියා.

"තාත්තේ!" මම අනතුරු හඟවනවා.

"ඉන්න පොඩ්ඩක් ඔහොම මට කතාකරන්න දීලා, මැද්දට පනින්නේ නැතුව!" තාත්තා තදින් කියනවා.  "දෙවෙනි කාරණාව. ඔයාට ගෙට යාගන්න බැරි වුනේ මගෙ වරද නිසාවත්, මගෙ ඩෙඩ් බෝල්ට් වල වරද නිසාවත් නෙවෙයි.  මම ඔයාට පැහැදිළිව කියලා තියෙනවා කොහොමද ඩෙඩ් බෝල්ට් එක නිවැරදිව..."

"තාත්තේ," මම කෑ ගහනවා. "ඕං පිටිපස්සේ!"

"මම දැං එක පාරක් කිව්වා, මම කතාකරනකොට බාදා කරන්න එපා කියලා. "තාත්තා ඔරවනවා.

"ඒ වුනාට තාත්තේ මම...," මම කියද්දි මට පේනවා සූටියා කුරුමානම් අල්ලමින් තාත්තගෙ පිටිපස්සෙන් ගොදුරකට ලංවෙන කොටියෙක් වගේ ලංවෙනවා.

"තව එක වචනයක් කිව්වොත් බලාගත්තෑකි!" තාත්තා ගුගුරනවා.

සූටියා ගුවන් ගතවෙලා වාතය තුලින් පියාඹාගෙන එනවා. ඇවිත් එක පාරින්ම තාත්තගෙ ඉණවටේ දවටගෙන හිටපු තුවාය ඩැහැගන්නවා.

"මොන හ්..හුග්...!"තාත්තට කියවෙන්නේ ඉබේටම. විදුලි වේගයෙන් ආපහු හැරෙන තාත්ත දකින්නේ ඒ හා සමාන වේගෙකින් තුවායත් අරං පෝර්ච් එක යටට රිංගන සූටියාව විතරයි.

තාත්තා  කටත් ඇරගෙන අමු හෙලුබැල්ලෙන්   හිටගෙන ඉන්නවා.

'මම ඔයාට කිව්වා කියන එක කියන්න මං දැං කොච්චර අකමැති වුනත් තාත්තේ, මම ඔයාට කිව්වා කියලා නොකියම බෑ, කොච්චර අකමැත්තෙන් හරි. ඔයා සත පහකට මං කියන දේ ගණං..."

'කට වහප්, ඇන්ඩී!" තාත්තා කෑ ගානවා. "මේ ඔක්කොම ඔයාගෙ වරද."

"මගෙ වරද? මොනවා?" මට මේක අදහගන්න බෑ. "එතකොට ඔයා කවද්ද ඔයා කරන වරදකට වගකීම බාර ගන්න පුරුදුවෙන්නේ?"

මේ වෙනකොට ඒ මාතෘකාව ගැන  තාත්තාගෙ තිබුණ උනන්දුව හොඳටම පිරිහිලා.

"දැං කතාව නවත්තලා එන්න ගෙට යන්න. ගිහිං ඇඳගෙන ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න."

"ඒ වුනාට මං...මං...මං මොකක්ද අඳින්නේ?"

"ඔයා අක්කගෙ යුනිෆෝම් එකක් ඇඳං ඉස්කෝලෙ ගියත් මට කමක් නෑ," තාත්තා කියනවා. මට අදත් පරක්කු වෙලා වැඩට යන්න බෑ. ඊයෙත් මිස්ට බේයින්ස්බ්‍රිජ්ට යකා නැගලා හිටියෙ මම පරක්කු වුනාට."
තාත්ත පඩි නැගගෙන දොර දිහාට යනවා.

"එතකොට දොර?" මම උනන්දුවෙන් අහනවා. "ඔයාට ඩෙඩ්බෝල්ට් එකේ සෙයිෆ්ටිකැච් එක දාන්න මතක් වුනාද එලියට එනකොට?

"නැතුව?" තාත්තා ගොරවනවා."ඔයා හිතුවද මටත් මේ ඔයාට වගේ අසිහිය කියලා, ඔච්චර සුලු දෙයක් අමතක වෙන්න?

තාත්තා පපුව පුම්බගෙන වීරයා වගේ හැඬල් එක කරකවලා දොර තල්ලු කරනවා.

මොකුත් වෙන්නේ නෑ.

තාත්තා ආයෙම උත්සාහ කරනවා.

ඒත් මොකුත් වෙන්නේ නෑ.

තාත්තා දොරේ ඔලුව ගහගෙන ගහගෙන යනවා.

"ඇයි දෙයියනේ මටම වෙන්නේ?

"ඩාං"

"ඇයි මේ මටම වෙන්නේ?"

"ඩාං"

"යකෝ මං මොන වරදක් කරාටද?"

"ඩාං"

******************************** 
ඉවසන්න. තව ඉවර නෑ. 

ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් ලියු Mudmen කෙටි කතාවේ අනුවාදයකි.




 

72 comments:

  1. ඇන්ඩි කියලා කියන තැනට එනකම් මගෙ ඔලුවෙ හිටපු කතා නායකයා ඩූඩ්ගෙ පුත්‍රයා.... පින්තූරෙත් එයාගෙම හින්දා මම හිතුවා වැඩේ එහෙම තමා වෙන්න ඇත්තෙ කියලා.. හෙහ් හෙහ්...

    වැඩේ ආයෙ පටන් ගත්තු එක නියමයි... මේ රහ ඉතින් ඩූඩ්ගෙන් විතරමයි....

    ReplyDelete
    Replies
    1. එහෙම වැඩක් වුනොත් ආයෙ ඉතිං රෙදි නෑ නේද සෙන්නා? තෑන්ක්ස් කිව්වා.

      Delete
  2. වෙල්කම් බෑක් කිව්වා ඇන්ඩි ඇන්ඩ් ඩූඩ්..ද ගුඩ් ඩබල....:)

    ඔහොම බල්ලො ඉන්නව බං...සමහර එවුං අරං යන්නෙ නිල් පාට ජොක්කු විතරයි. සමහර උං රතුපාට බ්‍රා විතරමයි. ඒ එහෙම වෙනවයි කියන්නෙ පහුගිය ආත්මෙ ඒ ඒ පාට ඒ ඒ ඇඟලුං වලට ආසාවෙං ඉඳල මැරිල ගිහාමලු. දවසක් ඔහොම බණකට කිව්වෙ හෙට්ටිමුල්ලෙ වජිරබුද්ධි හාන්දුරුවො......:)

    සමහර බල්ලො දැකල තියනවද වාහන පස්සෙ බුරාගෙන එලවනව?..ඒ ගිය ආත්ම බාවයෙ ට්‍රැෆික් සාජන්ල...

    හරි දැන් බල්ලො ඔය එක එක එව්ව එකතුකරන්නෙ පහුගිය ආත්මෙ ඒවට දඩි ආසාවෙං හිටපු හින්දනෙ...මම මේ කල්පනා කලේ උඹ ලබන ආත්මෙ මොනව එකතුකරයිද කියල...Obvious isn't it?...හෙහ්,හෙහ්,

    පලි - මට මේ පස්සෙ මතක් වුනේ ඇන්ඩි ඇන්ඩ් ඩූඩ් කිවම නිකං බොනී ඇන්ඩ් ක්ලයිඩ් වගේ නේද?...:)

    ReplyDelete
    Replies
    1. ඔය හාමුදුරුවන්ටමද මන්දා අර නැන්සි කියන උපාසකම්මා දානෙගෙනාවයි කිව්වේ.

      යකෝ ඒ ට්‍රැ‍ෆික් සාජන්ලද ඇත්තටම? මම හිතුවේ ‍ෆිනෑන්ස් කොම්පැනිවල සීසර්ලා කියලා.

      ඔව්, උඹ කියන කතාව ඇත්ත. සමහර පාට වලට ඇඳුම් වලට සපත්තු ජාතිවලට කැමති බල්ලෝ ඉන්නවා.


      Delete
    2. / ඔය හාමුදුරුවන්ටමද මන්දා අර නැන්සි කියන උපාසකම්මා දානෙගෙනාවයි කිව්වේ./

      අම්මට උඩු නයා!! හෙහ්..මල්ලිත් දන්නව මල්ලි විස්තරේ එහෙනං...:)

      ඒ හාන්දුරුවො තමයි ඒ හාන්දුරුවො තමයි....කවියෙ අන්තිම පදේ පටන් ගන්නෙ " අති උත්තම " ....කියල..හෙහ්..මතකයි නේද?

      මම ඔය මහාර්ඝ කවිය ඉගෙන ගත්තෙ සුලෝහිතේදි......:)

      Delete
    3. නැචුව නැචුව. සුලෝහිතෙන් තමයි. හෙහ් හෙහ්.

      Delete
  3. හෙහ්හෙහ්.... අම්මයි ජෙනුයි මිල්ඩූරා ගිහින් එනකොට කොහොමද ආතල් එක....

    මටත් පේන්න බැහැ ඔය ඩේඩ් බොල්ට්.. කීප සැරයක් එළියේ ඉඳලා තියනවා.. හොඳ වෙලාවට ඔහොම බල්ලෙක් හිටියේ නෑ..

    ReplyDelete
    Replies
    1. මාත් දෙකක් හයි කලා බං ඉස්සරහ දොරට.

      උඹත් ඔහොම බල්ලෙක් හදාගනිංකෝ මචං.

      Delete
    2. ආ එහෙනම් මේ ජාතියේ බල්ලෙක් විතරි නේ ඩුඩ් ට අඩු???

      Delete
    3. ඔය පින්තූරේ ඉන්නේ නම් අපේ බල්ලා, ලෝටස්.

      Delete
  4. දෙන්නගෙම හෙළුවැලි සින් ටික cctv එකේ බලාගන්න තිබ්බ.. හික් හික් හික්..

    ReplyDelete
    Replies
    1. CCTV ඕන්නෑ. බලහංකෝ වෙනදේ.

      Delete
  5. එකම දුක අර එළකිරි වගේ අඳින චිත්‍රේ නැති එක ඉතරයි... මට මැවිලා පේනවා ඩූඩ් කළු පුකත් එක්ක වත්ත වටේ දුවනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතේ. යකෝ ඒක විතරක් සුදුවට තිබ්බොත් ඊට වඩා අවුල්නේ. කබර හැදිලවගේ තියෙයි.

      Delete
  6. මාතේට හිතුන තමයි මටත් හිතුනි

    ReplyDelete
  7. මාතේට හිතුන තමයි මටත් හිතුනි

    ReplyDelete
    Replies
    1. උඹට දෙපාරක් හිතිලා තියෙන්නේ මාතෙට එකපාරක් හිතුන එක. :D

      Delete
  8. ඩූඩිටමයි වෙන්නෙ :)

    ReplyDelete
  9. හම්මියෝ.. සංසාර සෝබනා...
    දැං ඉර එළිය වැටෙංඩ පටං ඇරං ලු
    අල්ලපු ගෙදර ඉසබෙලා අක්ක පාරෙ යනවලු..
    එක පාරටම....
    බුදු හම්මේ.....
    මහසෝනා......
    ඉසබෙලක්ක බිම...
    ඇන්ඩිය බිම බලනවලු උඩ බලනවලු කෝ බං මහසෝන...
    ඩූඩයිය අත්දෙකින් මූන වහගෙන ගේ වටේ දුවනවලු...
    එයා ගේ වටේ දුවද්දි
    නෑ එක්කොත් ඕන නෑ

    ReplyDelete
    Replies
    1. උඹේ පරිකල්පන ශක්තිය අපූරුයැ!

      Delete
  10. හෙහ් හෙහ්... මරු කතාව.. අනිවාර්‍යෙන් මෙතන තාත්තා ඩූඩ්..හැක්..අර ඇඳන් හිටපු තුවායෙන් ඇඩම්ස් ඔල්ලි කෑල්ලක් යනකොට ටීවී එක වැහුවෙත් ඔය තාත්තමද එතකොට?

    ReplyDelete
    Replies
    1. නෑ බං ඒ ලාංකික තාත්තෙක් කියනවනේ. මේ ඇත්තටම ඔසී තාත්තෙකුයි පුතෙකුයි!

      Delete
  11. හැක්...මහත කලු පුකයි කෙට්ටු කලු පුකයි....

    ReplyDelete
    Replies
    1. ක‍ටුසුට වුනා නම් තැන අනුව පාට වෙනස් වෙනවා.

      Delete
  12. කාලෙකින් ඇන්ඩි යලි ඉපදිල තියෙන්නෙ!
    හරිම සතුටුයි :)

    ReplyDelete
    Replies
    1. ඇන්ඩිගේ පුනරාගමනය කියලද ඒකට කියන්නේ, මානවිකා?

      Delete
  13. අඩේ මෙන්න නියමයි!!!

    මම උඩ පනිනවා කියල උපකල්පනය කරහන්....!!

    නියමෙනුත් නියමයි!!! හි

    ReplyDelete
    Replies
    1. ඇන්ඩිටයි තාත්තටයි බැරි එකේ උඹවත් උඩ පැනහං.

      Thanks very much.

      Delete
  14. වෙල්කම් බැක් ඩූඩ්. ඩෙනිම හොඳට හෝදල එහෙම ගන්න ඇති නේද. මේ දවස්වල සීකා එහෙමත් පැතිරෙනවනෙ. හැක්...

    මේක කියෝගෙන එනකොට මට හිතුන දේ ගොඩක් දෙනෙකුට හිතිල තිනෙව. මට මැවිල පෙනුනෙම ඩූඩයි පුතයි අමු හෙලිබැල්ලෙං පස්සෙ දොර ගාව පිස්සු කෙලිනව.

    මොනව උනත් දැං පොලීසියෙන් ඇවිල්ල උඹල දෙන්නව අයුතු ජනරාසිය යටතේ කූඩු කරල තමයි පස්ස බලන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඉස්කෝත්තුයි Praසන්ன ඩෙනිම හෝදපු ගමන්මයි බං තියෙන්නේ. මං ඔය ක්ලු‍ටුවට අඳින එකෙක් නෙවෙයිනේ ඔය එක එකා එහෙම කිව්වට.

      අයුතු ජනරාසිය! හෑ! එහෙමත් එකක්නේ? අවුලක් වෙන එකක් නෑ. මේ ඔසීනෙ.

      Delete
  15. "ඇන්ඩි"

    මේක දැකපු ගමන් මට හිතින් 'හුරේ! ඇන්ඩී ඇවිල්ලා!!' කියවුනා.

    ReplyDelete
    Replies
    1. මම දන්නවනේ බසු මහත්මිය මොන තරම් ප්‍රභල ඇන්ඩි රසිකයෙක්ද කියලා.

      ඇන්ඩි ස්තුති කලා කියලා කියන්න කිව්වා.

      Delete
  16. ඕං මේ බ්ලොග් එක මට ආයෙම මග ඇරිලා නොව..))

    ReplyDelete
    Replies
    1. කොහෙ ගිහින් හිටියද වැස්සේ තෙමි තෙමි?

      පහුගිය කාලේ නම් එපා වෙන්නම වැස්සා නේ?

      Delete
  17. "ඇන්ඩී?" කියන තැනට වෙනකන්ම මට හිතුනේ ඩුඩ් මේ කියන්න යන්නේ තමන්ගේ අත්දැකීමක් කියලා. මටත් පොඩි කාලේ ඔහොම විළිසන්ගේ නැතිඋන අත්දැකීමක් තියෙනවා. කියන්න තියා හිතන්නත් ලැජ්ජයි දැන් නම්. ඉස්සර අපේ ගෙදර හිටපු ජූඩෝ නම් කන තරමක් කෑවේ සපත්තු. අදටත් මම පුරුද්දක් විදියට සපත්තු එළියේ තියන්නේ නෑ.

    කතාවේ රස ගැන නම් විශේෂයෙන් කියන්න ඕනේ නෑනෙ. සූටියා ඉතුරු රෙදි ටිකත් ගලවන්න කලින් කතාව ඉකමනට ඉවර කරමු.

    ReplyDelete
    Replies
    1. අර රවියා උඩ කියලා තියෙනවා වගේ ඒ ඒ රස, පාට වලට කෑදර බල්ලෝ ඉන්නවා. ඔය පින්තූරේ ඉන්න අපේ බල්ලට පුතා සෙල්ලම් බඩු ගෙනත් දූලා තියෙන්නෙ කන්නම.

      ස්තුතියි උදය. මේ වැඩ. ඒ කිව්වේ I'm working on it.

      Delete
  18. ඇයි යකෝ දෙන්නම එකපාර ටිකක් ඈත ඉඳලා දුවගෙන ඇවිත් දොර ගලවෙන්නම කික් කරනවා ඉයා.......හඃ කියලා.

    (දොර ගැලවෙන්නේ නෑ. දෙන්නම බිම වැටිලා තැලිච්ච එව්වා බදාගෙන වේදනාවෙන් මිරිකෙනවා. ඔන්න මේ අතරේ ඉස්සරහ ගෙදර නෝනයි මහත්තයි එනවා මේ සද්දේ බලන්ඩ....................)

    ReplyDelete
    Replies
    1. මේ පාඨක ජනතාවගේ පරිකල්පන ශක්තිය දැක්කාම මට ලැජ්ජත් එක්ක.

      Delete
  19. එල ද බ්‍රා අයියන්ඩි මට නිකන් මැවිලා පේනවා සින් ඒක. මේ පාන්දර තනියම හිනා වෙනකොට සදු මාව එලියට දානවා හෙලුවල්ලෙන්.
    නැහැ නැහැ වෙන දෙයකට මේ පාන්දර නැගිට්ටා නෙමෛ මම දැන් තමයි වැඩ ඇරිලා ගෙදර ආවෙ

    ReplyDelete
    Replies
    1. හෙලු$%#@ මොකෙන්?

      Delete
    2. පොඩි අකුරු වැරදීමක් ඇනෝ සොරි මචෝ

      Delete
    3. හෙලු$%#@ !! කිව්වත් වගේ උඹටත් වරදින තැන්! හැබැයි ඒ හැටි අවුලකුත් නෑ

      Delete
  20. චූටිය විනොදෙට වගේ තුවාය කදාගත්ත ගමන් දුවල ගිහින් හැඟෙන්නේ එක පාරටම බයවෙන හින්ද වෙන්ට ඇති නේද.. හැක් ..

    ReplyDelete
    Replies
    1. ලැජ්ජා බය ඇතුව හැදිච්ච බල්ලෝ අම්බලංගොඩ. ඒකයි.

      Delete
  21. ithiri kotahath ikmanin dannna. Pandarama hina una hodat. 😂

    ReplyDelete
  22. අම්මට උඩු ඒ දොර ලොක් වෙන ගැජට් එකට කියන්නේ "ඩේඩ් බොල්ට්"කියලාද ?අපේ දොරෙත් තියෙනවා.දවසක් යතුර ගේ ඇතුලේ තියෙද්දී අමතක වෙලා දොර වහලා ජනෙල් ලොක් කරලා ඒ මදිවාට එව්වායේ ග්රිල් එහෙමත් ගහලා තියෙන්නේ.අන්තිමේදී කල්පනා වුනේ වහලේ එක ෂිට් එකක් තිබ්බා කුස්සිය පැත්තේ ඇණ දාලා තිබ්බේ නැති.ඒ ෂිට් එක අයින් කරලා අපේ මල්ලිව වහලෙන් බස්සලා (නිකම් කොමාන්ඩෝ ගේමක් වගේ නේ.. :D ) තමයි දොර ඇර ගත්තේ.

    ඇත්තමයි ඔය වගේ බල්ලෙක් හිටියානේ අපේ පුංචිලාගේ ගෙදරත්.ඒ යක්ෂ බල්ලා මගේ ටීෂර්ට් එකක් කීතු,කිතු කරලා තිබ්බා නේ.

    ReplyDelete
    Replies
    1. https://www.rona.ca/en/projects/Install-an-exterior-door-handle-or-lockset

      Delete
    2. Thanks Ano.උඹ කියන්නේ හරියටම ඒකද කියලා චෙක් කරලා බලාපං මනෝජ්. උඹ අදහස් කරන්නේ අර කාමර වලට හයි කරන බර්ඩ් වර්ගයේ නයිට් ලැච් එකද දන්නේ නෑනේ. ඒකත් ලොක් වුනාම අරින්න යතුරක් ඕනෙ. ඩෙඩ් බෝල්ට් එක සර්ච් කරලා බලලා සැක හැර ගනිං ටපලාගන්නේ නැතුව.

      හපොයි ඔය වැඩේ අපිටත් වෙලා තියෙනවා.

      බල්ලන්ට පොඩි කාලේ ඉඳලම අවවාද කරලා දඬුවම් කරලා ප්‍රසංසා කරලා හරි වැ‍රැද්ද කියා දෙන්න ඕනෙ


      Delete
    3. නයිට් ලැච් එක ඩෙඩ් බෝල්ට් වලට වැඩිය භයානකයි. අර බෝලෙ පල්ලෙහට වැටිල තියෙද්දි කරුමෙටවත් දොර වැහුනොත් යතුර තිබුණයි කියල වැඩක් වෙන්නෙ නෑ. එහෙම එකපාරක් අපිට වෙලා කාමරේ ජනෙල් ග්‍රිල් එක ගලෝල තමයි දොර ඇරගත්තෙ.

      Delete
    4. අන්න රායිට් ප්රසා අපෙත් තියෙන්නේ එහෙම එකක් පොඩි බෝලයක් තියෙන්නේ.එහෙනම් එක "නයිට් ලැච්"කියන එකක් ඇති.

      Delete
  23. ඇන්ඩිව ආයෙත් දකින්න ලැබීම හරිම සතුටක්.. මට මතකයි මම 2013 හුචස් පෙළ ක්ලාස් යන කාලේ ෆෝන් එකෙන් මේ කතා ටික කියෙව්වා.. නියමයි..

    ReplyDelete
    Replies
    1. මේ කතා ටික කිව්වේ අඟහරුවා මගේ ඩෙනිමේ ගිය පරිවර්තනද නැතිනම් ඔරිජිනල් ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් කතාද?
      Thanks.

      Delete
    2. ඔබතුමාගේ පරිවර්තන තමා. ඇයි ඒ දවස් වල අර සිම්බියන් ෆෝන් ඒකෙ සිංහල නැතුව සිංග්ලිෂ් වලින් කමෙන්ට් කරේ?

      Delete
    3. යකෝ සිම්බියන් කියලත් OS එකක් තිබුනා නේද!

      Delete
  24. ඇන්ඩි කියන නම දකිනකම් මාත් හිතුවෙ මේ නම් ඩූඩ්ට වෙච්චි සංගදියක් කියලමයි. කොහොමද පොලෝසියෙන් ඇවිත් දොර ඇරලා දෙනකොට....

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද ඉතිං. ඕවට කියන්නේ රස්සාවත් එක්කම එන අපල නිසා occupational hazards කියලනේ. මම කිව්වේ අසරණ පොලිස්කාරයෝ ගැන

      Delete
  25. මම හිතුවෙ මේක ස්වතන්ත්‍ර නිර්මාණයක් කියලා...අනුවාදන ශෛලියට ලියපු...

    // ඔයා අක්කගෙ යුනිෆෝම් එකක් ඇඳං ඉස්කෝලෙ ගියත් මට කමක් නෑ // තාත්තලා ගොඩාක් අය මෙහෙම තමයි...

    ReplyDelete
    Replies
    1. ඔව් බං, කෙක්කෙං හරි කොක්කෙං හරි වැඩේ කෙරෙනවනම් එච්චරනේ.:D

      Delete
  26. මුලදිම ඇන්ඩි කතාවක් කියලා හිතුණා... ඒත් සූටියා කියන නම දකින කොට හිතුණේ ඇන්ඩි කතා වල ආභාෂය අරන් ඔයා ලියන එකක් කියලා...

    යටින් පරණ ඇන්ඩි කතා වලට යන විදිහ දැම්මා නම් හොඳ නැද්ද???

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි චතුරංග. ඔය බල්ලගෙ නම් සූටි (Sooty). නමුත් එහෙමම දැම්මොත් අපිට දාන්න වෙන්නේ කලුපාට බල්ලෙක්. ඒකා මට පින්තූර හොයන්න වෙනවා. නමුත් මේ කතාවෙ උඩ රඟපාන්නේ අපේම බල්ලා, ලෝටස්. ඒනිසා ඌ සූටියා කලාම වැඩේ ගොඩ.

      >>යටින් පරණ ඇන්ඩි කතා වලට යන විදිහ දැම්මා නම් හොඳ නැද්ද???<<
      ඔව්. සුරංග. මම එහෙම කරන්න හිතා ගත්තා. මට තියෙන්නේ කාලය පිළිබඳ ප්‍රශ්ණයක්. නමුත් ඒක කරන්න ඕනෙ වැඩක් තමයි. බොහොම ස්තුතියි ඒ අගේ ඇති යෝජනාවට.

      Delete
    2. ඉතිං හෙන්රියෝ, මෙහෙම කරන්න. ඇන්ඩි කතා කියල ටැග් එකක් හදලා ඒ කතා ඔක්කොටම දාන්න. එතකොට ඒ වගේ කතා You might also like: කොටසේ ඉබේම එනවා. ලේසියි නේද?

      Delete
    3. Thanks Upeksha. All these are already tagged with Andy Griffiths. The way he suggests is even more effortless and effective.

      Delete
  27. ආවෙ පමා වෙලා.. උණු උණුවෙම දෙවනි කොටසත් කියවන්න යනෝ....
    ජයවේවා..!!

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>