පෝල් ජෙනිංස් මගේ ප්‍රියතම ලේඛකයෙක්. නැවතත් මම මේ උත්සාහ කරන්නේ, මම රසවිඳි දෙයක් මා ලඟම රඳවා නොගෙන, ඔබත් සමඟ බෙදා ගන්නයි. මෙවර මේ කතාව කියවෙන්නේ නව යොවුන් දැරියකගේ ඇසින්. ප්‍රථම වරට.
ඔව් ප්‍රථම වරට. මම හිතන්නේ පෝල් ජෙනිංස්ටත් මටත් දෙන්නටම අලුත් දෘෂ්ඨි කෝණයක් මේක. මම භාෂාව නැවතත් පොඩ්ඩක් වෙනස් කලා දැරියකට ගැලපෙන්න. ඇන්ඩිගේ භාෂාව මේකට හරි යන එකක් නෑනේ නේද?
෴ Paul Jennings ෴ මගේ ඩෙනිම ෴ A Mouthful ෴ මගේ ඩෙනිම෴ Uncovered ෴
සමහර දරුවෝ කරන වැඩ වලින්, දෙමව්පියන් අපහසුතාවයට පත් වෙන එක අලුත් දෙයක් නෙවෙයිනේ.
නමුත් දෙමව්පියෝ කරන සමහර වැඩ වලින්, දරුවන් අපහසුතාවයට පත්වෙන වෙලාවලුත් තියෙන බව ඔයාලා දන්නවද?
හොඳම උදාහරණේ අපේ තාත්තා. රැයක් ගත කරන්න මගේ යාලුවෙක් අපේ ගෙදර ආවොතින්, තාත්තා මොකක් හරි ඇස් රතුවෙන විහිළුවක් කරනවාමයි. ඔන්න මාව වරදවා වටහා ගන්න එපා. අපේ තාත්තා නියම තාත්තෙක්. මම එයාට පණ ඇරලා ආදරෙත් එක්ක. ප්‍රශ්ණේ, එයා තාමත් එයාගේ තියෙන කොලු ගති අතෑරලා, වැඩිහිටියෙක් වගේ හැසිරෙන්න ඉගෙන ගත්තේ නැති එකයි.
එයා පුදුම ආසයි කවටකම් කරන්න.
මේ වැඩේ මුලින්ම පටන් ගන්නේ, ඇනා රැයක් ගත කරන්න අපේ ගෙදර ආ දවසේ. ඉස්සෙල්ලම තාත්තා මටත් හොරෙන් මගේ කාමරේට වැදිලා, අපේ පූසි ඩූනාව, අර මගේ යාලුවෝ ආවාම නිදාගන්න තියෙන වැඩිපුර ඇඳේ නිදි කරවනවා. ඩූනාත් එපා කියයි! එයා මාර ආසයි ඇඳන් වල නිදියන්න. කොයි පූසාද අකමැති, නේද?
ඊට පස්සෙ, එයා අර මැජික් සාප්පුවෙන් ගත්ත පොඩී පාර්සලයක් අරිනවා.
හිතන්න පුලුවන්ද ඒකෙ මොකක්ද තියෙන්නේ කියලා? ඔයාලා විස්වාස කරන එකකුත් නෑ අනේ. ඒකෙ තියෙන්නෙ දුඹුරු පාට බළල් බෙට්ටක්. ඒ කියන්නේ රබර් වගේ ප්ලාස්ටික් ජාතියකින් හදපු, ඇත්ත එකක් වගේම පේන, දැනෙන සෙල්ලම් බළල් බෙට්ටක්. එයා මේක ඇනාගේ කොට්ටේ උඩින් තියලා, පොරෝනයෙන් වහනවා. ඊට පස්සෙ, එයා හොරා වගේ, ඇඟිලි තුඩුවලින්ම කාමරෙන් පිට වෙලා යනවා දොරත් වහගෙන.
මේ කිසි දෙයක් නොදන්න මම, ඇනාත් එක්ක රෑ වෙනකල් වීඩියෝ බල බල ඉන්නවා. ඇනා සෞඛ්‍ය ගැන හරීයට වදවෙන කෙල්ලක්. ඒකා විශබීජ වලට පරාණ බයයි. ඇනා අර ටොයිලට් සීට් එකටත් කඩදාසි එලලා වාඩිවෙන ජාතියෙ බඩ්ඩක්. හැබැයි මාර පිරිසිදුයි. ඒ ගැන නම් කියලා වැඩක් නෑ.
ඔන්න ඇනාත් එයාගේ බාබි ඩෝල් පිජාමා එකත් ඇඳගෙන, නිදා ගන්නයි ලෑස්තිය. ඇඳට නගින්න කලින්, ඇඳේ පොරෝනය පහලට ඇදපු ගමන්, එයා දකින්නේ කොට්ටේ උඩ තියෙන බළල් බෙට්ට!
"ඊයා! ...ඊයා!!... ඈක්කා!..." ඇනා මර හඬ දෙනවා. "බලන්නකෝ... චික්!... ජරාව!! මේ බලන්නකෝ පූසි මගේ කොට්ටෙට කරලා තියෙන දේ!"
ඔන්න එතකොටම, තාත්තා කඩාගෙන, බිඳගෙන කාමරේට දුවගෙන එනවා.
"මොකද, මොකද දරුවනේ කෑ ගහන්නේ?" එයා අහන්නේ අමුතු හිනාවකුත් හංගාගෙන. "මොකක්ද ප්‍රශ්ණේ?"
"අර බලන්නකෝ," මූණ ඇද කරගෙන ඉන්න ඇනා කොට්ටේ පෙන්නලා කියන්නෙ, බියපත් ඇස් රවුම් කරගෙන.
තාත්තා ගිහින් බළල් බෙට්ටට ලං වෙලා හොඳින් බලනවා.
"අයියෝ, මේ වගේ සුළු දේවල් ඔච්චර ගනන් ගන්න එපා. නැට්ට පිටිං අලි මැරෙන එකේ, මේක මොකක්ද?" කියන තාත්තා බළල් බෙට්ට අතට අරගෙන කෙලින්ම දාගන්නවා කටට. ඊට පස්සේ හිනා වෙනවා.
"මාර රහයි, ඈ!" එයා කියන්නේ දත් අතරින්.
"ඈයියා! ඈක්කා!!!!" වහලේ උළු උඩ යන්න බෙරිහන් දෙන ඇනා, කෙලින්ම දුවන්නෙ ජනේලෙ ලඟට. පව්! ඒකා ජනේලෙන් එලියට ඔලුව දාලා, අපි වීඩියෝ බලද්දි කාපු බීපු පොටේටෝ චිප්ස්, සෝස්, ඩයට් කෝලා ඔක්කොම වමනේ දානවා. ඊට පස්සෙ, ආපහු හැරිලා, තාත්තා දිහා බලන බැල්ම විස්තර කරන්න, මම දන්න භාෂාවේ වචන මදි.
ඇනාට වමනේ ගිය එකට නම් තාත්තත් පොඩ්ඩක් සැලෙනවා.
"අයියෝ ගණං ගන්න එපා ඇනා," කියන තාත්තා, ප්ලාස්ටික් බළල් බෙට්ට කටෙන් එලියට ගන්නවා. "මේක ඇත්ත එකක් නෙවෙයි. ප්ලාස්ටික් එකක්." කියන තාත්තා හයියෙන් හිනා වෙලා යන්න යනවා. ඇනාත් යන්නම යනවා ඒ එක්කම. ඒකා එවෙලෙම තීරණය කරනවා ගෙදර ගිහින් නිදාගන්න. ඒකට වරදක් කියන්න බෑ අප්පා.
ඇනා යනකල් ඉඳලා මම තාත්තට කෑ ගහනවා.
"ඔයා හරි නරකයි, තාත්තා. මම ආයෙ නම් ඔයා එක්ක කතා කරන්නේ නෑ. හරිම පල් වැඩක් කලේ, ඔයා!"
"හයියෝ, වැඩක් නෑනේ ඔයාලගෙන්," එයා කියනවා. "මම විහිලුවක්නේ කලේ."
ඔන්න ඔය විදියයි.
කවුරු හරි යාලුවෙක් වරෙං රැයක් ඉන්න! ඕන්න තාත්තා පිස්සුවක් කෙලිනවා. එක්කෝ ඩස්ට් බින් එකේ තිබිලා මිනිස් අතක් හම්බවෙනවා. එක්කෝ බීම කෑන් එකක් අරින කොට ඒක පුපුරනවා. නැතිනම් කෑමට ගම්මිරිස් වැඩියි. තවත් වෙලාවකට පොරවන්න ගියාම පොරෝනය කොටයි. එක්කෝ තාත්තාගේ කටෙන් ඩ්‍රැක්‍යුලාගේ වගේ ලේ කාන්දු වෙනවා.
මගේ සමහර යාලුවොන්ටත් මේක මාර ජොලි. එයාලා කියනවා, 'අනේ අපිට නෑනේ ඕවගේ ජොලි තාත්තෙක්!' කියලා.
නමුත්, මම කැමතිම නෑ මේ වැඩේට. මට ඕනෙ සාමාන්‍ය තාත්තෙක්.
එයා බියැන්කාව විහිලුවකට ගත්තා.
ආයේ යැස්මින්.
ආයේ න්ගා.
ආයේ කාර්ලා.
මේ එක්කෙනෙක්වත් ඇනා වගේ ගෙදර ගියේ නම් නෑ. නමුත් හැම පාරම මගේ මූණ නම් රතු වුනා.
මම අද මාර අප්සෙට් එකේ ඉන්නේ.
අද සින්තියා එනවා රෑ නවතින්න. එයා අපේ ස්කූල් කැප්ටන්. ඒකා ලස්සන කෙල්ල. අනික හෙන ස්මාට්. එයාගේ යාලුවෙක් වෙන්න හැමෝම පොර කනවා. අද එයා රැයක් ගත කරන්න අපේ ගෙදර එනවා.
"අනේ තාත්තේ," මම කියනවා. "ඔන්න අද නම් මොකූත් ඕන්නැති විහිළු කරන්නෙ නෑ හොඳද? සින්තියා ඔය අනිත් අය වගේ බොළඳ කෙල්ලක් නෙවෙයි. එයාගේ තාත්තා කවදාවත් ඔයා වගේ විහිළුකරන එක්කෙනෙක් නොවෙයි. ඒ හන්දා ඔයා කරන විහිලු එයා වරදවා තේරුම් ගනීවි."
"හරි හරී, ඇති බර බරේ" තාත්තා කියනවා.
සින්තියා එනවා. නමුත් අපි වීඩියෝ බලනවා වෙනුවට, ඉංග්‍රීසි ගෙදර වැඩ කරනවා පණ දාගෙන. ඊ ලඟට සඳුදා කතික තරඟෙට තියෙන කතා පුහුණු වෙනවා. ඊ ලඟට අපේ පාසැල් නාට්‍යයේ අපිට තියෙන දෙබස් පාඩම් කර ගන්නවා. මේ ඔක්කොමත් කරලා අපි එලියට ගිහින්, නෙට්බෝලේ ගෝල් එකට දාන්න පුහුණු වෙනවා, සින්තියා නෙට්බෝල් කණ්ඩායමේ නායිකාව හන්දා. ඔය අල්ල පනල්ලේ, මම වරින් වර කාමරේට ඇවිත් බලනවා තාත්තා මොකුත් ඇටවුමක් හෙම කරලද කියලා. පරෙස්සම් වෙන එක කොයිකටත් හොඳයිනේ.
අපි කෑම කාල පිඟනුත් සෝදනවා, මොකද සින්තියා ඒකට ස්වේච්ඡාවෙන්ම - ඔව් ස්වේච්ඡාවෙන්ම තමයි - ඉදිරිපත් වෙච්ච නිසා.
ඔන්න අන්තිමේදි නිදාගන්න වෙලාවත් එනවා. සින්තියා නාන කාමරේට ගිහින් නයිටිය දා ගෙන නිදන කාමරේට එනවා.
"පූසී මගේ ඇඳේ," එයා කියනවා. "ඒකෙ ගානක් නෑ. මම කොහොමත් පූසන්ට ආදරෙයි."
සින්තියා පොරෝනය පාතට අදිනවා ඇඳට නගින්න.
ඉන් පස්සෙ බෙරිහන් දෙනවා.
"ඈක්!! බළල් කක්කා! මගේ කොට්ටේ උඩ ජරා බළල් කක්කා," සින්තියා මර හඬ දෙනවා පළාතම දෙවනත් වෙන්න.
ඔන්න, තාත්තා කාමරේට කඩා වදිනවා, එයාගේ අර කට කොණකින් මතුවෙන මෝඩ හිනාවත් දාගෙන. එයා වීරයා වගේ ගිහින් බලනව කොට්ටේ උඩ තියෙන දුඹුරු පාට බළල් බෙට්ට දිහා.
"අයියෝ, මේ වගේ සුළු දේකට ඔය හැටි අප්සෙට් වෙන්න එපා," කියන එයා, බළල් බෙට්ට අරන් කටේ ඔබා ගන්නවා.
නමුත් මේ පාර එයා හිනා වෙන්නේ නෑ, වෙන පාරවල් වල වගේ. එයාගේ මූණ එහෙමම ගල් වෙනවා.
"තාත්තා, මේකද හෙව්වේ?"
මගේ අතේ තියෙන, තාත්තා කලින් ඇවිත් කොට්ටේ උඩ තියපු ප්ලාස්ටික් බළල් බෙට්ට තාත්තා දිහාට පාමින්, මම අහනවා.
තාත්තා පූසි දිහා බලනවා.
ඊට පස්සේ පුදුම වේගෙකින් ජනේලෙ ලඟට පනින තාත්තා, ඔලුව එලියට දාලා වමනේ දානවා.
සින්තියයි මායි බිම පෙරළි පෙරළි හිනා වෙනවා.
ඇයි අපිටත් බැරිද විහිළුවක් කරන්න ඉඳහිට?
Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers
Paul Jennings - Uncovered - A Mouthful
අනර්ඝයි... !! ලිංග භේදයට අනුව භාෂාවේ වෙනස උත්කෘශ්ඨයි...
ReplyDeleteබොක්කෙන්ම රස වින්දා ඩූඩ්..ඇත්තමයි.
thanks !
ස්තුතියි සෙන්නා. මටත් කියවලා 'හෑහ්' ගෑවිච්ච ඒවා තමයි මම බොහෝ විට පරිවර්තනය කරලා දාන්නේ උඹලටත් 'හෑහ්' ගෑවෙන්න. :))
Deleteඅනේ ඩූඩෙ පට්ට තාත්තයි පුතෙකුයිනේ මේ.. කතාව නං නියමම තමා.. වෙලාවකට හිතෙනවා ඔබයි පුතයිද කියලත්... ඇත්තටම මෙහෙම තාත්තෙත් වෙන්න ඇත්තං ඒකත් මරු තමා
ReplyDeleteතාත්තයි දුවෙකුයි නලියෝ.දෙකක් දාගෙනද බැලුවෙ? :).
Deleteමට ටැපලුනෝ...කෙන්ජි.... කොහොමත් මං අදහස් කරන්නේ තාත්තා හා දරුවෝ යන අරුතින්.
Deleteමටත් පේන්නේ නලියා දෙකක් දාගෙන බලලා වගේ තමයි. d-)
Deleteදෙකක් නෙවෙයි බං 10ක් විතර..:))
Deleteහොද වැඩේ තාත්තට....ඕන නැති විහිලු කරනවට..!
ReplyDeleteඈක්කා!!!!!!!
Deleteඅනේ ඒ වුනාට මාම් නම් කැමතියි ඒ වගේ තාත්තලාට. :)
Deleteනව යොවුන් දැරියකගේ ඇසින් කතාවක් කියන එක හරි අමාරු දෙයක් වෙන්න ඕනි. මොකද නව යොවුන් , වුනත්, දැරියක් වුනත් ගෑණු පරාණයක් නේ. උන් හිතන විදියට හිතන්න පිරිමි මොළ හැඩ ගැහිලා නැහැ(ලු). :P
ReplyDeleteඒත් ඇසුරු කරන කාන්තාවෝ සංඛ්‍යාව වැඩිනම් මේ වගේ හැකියාවක් ඇති කරගන්න එක රචකයෙකුට අපහසු නැහැ(ලු).
අර පලුප්පු මහත්තයාගේ කතාව දැක්කේ අද. ඒකෙ කියවෙලා තියෙන ඕලුගන්තොට රෝහලේ ඉස්සර වුනු සිද්ධියක් අහන්න ලැබුනා ළඟදී. ඉස්සර ලොකු ගංවතුරක් හදිසියේ ඇවිත් රෝහල යට වුනාම අළුත ඉපදුණු ළමයෙකුත් එක්ක අම්මා කෙනෙක් වහලෙට නැගගෙන බේරිලා හිටියලු. සම්මාන එහෙමත් හම්බ වුනාලු.
ඇයි බං රාමා උඹ කියෙව්වා නේද අර මම Parallel Blogging සංකල්පය හඳුන්වාදෙන ගමන් කරපු පිරිමි මොළෙයි, ගෑණුමොළෙයි වෙනස.
Deleteහෑ? ඕලුගන්තොට එහෙම සිද්ධියක් වුනාද? මම දන්නෙත් නෑනේ.
මරු කතාව. හැබයි ඇන්ඩිට කිට්ටු කරන්නවත් බෑ.. එක ඔෆීස් එකක වැඩ කරන කාලේ එකෙක් රට ගිහින් එනකොට ඕකක් අරගෙන ඇවිත්, උදේම ඔෆිස් එන හැම එකාගෙම මේසේ යට තිබ්බා. ඔක්කෝම මාට්ටු උනා. මැනේජර් නෝනනේ අන්තීමට එන්නේ ඒ මේසේ යටත් තිබ්බා. ඔෆීස් එකට කජු විකුනන්න එන කජු ආච්චි කෙනෙක්. ඒයා එක්කෙනුකුට කජු විකුනන අතරේ මූ ඒක දැම්මා කජු බෑග් එකට. අනේ වයසක උන්දැ දුවන්න ගිහින් ඇදගෙන වැටිලා ඉස්පිරිතාලේ ගෙනියන්න උනෙත් අරූටමයි. ඊට පස්සෙ ඉඳන් ඌගේ නම්, මිස්ට ඩෝග් ෂිට් උනා, ඕඅක කෙටි වෙලා පේ උන් අදත් ඌට කියන්නේ බෙට්ටා කියලා...
ReplyDeleteඋඹෙත් ඇන්ඩියාට පුදුම සංසාරගත බැඳීමක්නෙ බං තියෙන්නෙ! :D ඕ ඌ අන්දොස් වැඩ කලාට හරිම හිත හොඳ එකා තමයි. මම පස්සෙ දාන්නම්කො උගේ බොක්ක ගැන කියවෙන කතාවක්.
Deleteඅරක කෙල්ලෙකුට දැම්මානම් බෙටී කියලා දාන්න තිබ්බා කිසිම අවුලක් නැතිව.
හරිම ලස්සනයි,හරියට රස වින්දා.....
ReplyDeleteබොහොම ස්තුතියි මනෝජ්. එච්චරයි ඕනෙ. :)
Delete//ඇයි අපිටත් බැරිද විහිළුවක් කරන්න ඉඳහිට!//
ReplyDeleteමේකනම් මරු... හිනා වෙලා පන යනවා අයියෝ....
ඇයි මොකෝ අපි කලාම නරකද, නේද uwiniran? අම්මෝ උඹව දැක්ක කල්? :-O
Deleteඋඹ දාපු හොඳම කතාවද මන්දා,උපරිමයි
ReplyDeleteතැංකූ මචං හැලපේ. උඹ ඒ තරම් ආස වුනාද වැඩේට? :))
Deleteමේ කතාව නම් ශෝක් ඩුඩ්…..පව් තාත්තා….ඒ මනුස්සයට කොච්චර අප්පිරිය ඇත්ද?:D =D>
ReplyDeleteමතකද අර Dumb and Dumber ෆිල්ම් එකේ එක කෑල්ලක හිටිය America’s funniest home videos එකේ host?
ෆිල්ම් එක අන්තිමේට ෆිල්ම කරද්දි වැරදුන ඒවා පෙන්නද්දි …. එක චොක්ලට් වෙනුවට බිත්තියේ ජරාව ගාල එයා ඒක කනවා..හිහ් හිහ් හිහ් :))
ඒ තාත්ත නම් ආයෙම ඒ වගේ විහිලු කරන්න නැතුව ඇති…:D d(
චිහ් ඩුඩ් පින්තුරේ!!!!! :-D
Paul Jenings ට මමත් හරිම කැමතියි…ඒ කතා කවදාවත් අමතක වෙන්නෙ නෑ…. :-f
ReplyDeleteDumb and Dumberer කියලත් එක ආවද කොහෙද ඊට පස්සේ.
Deleteපින්තූරේ එච්චරට අප්සෙට්ද? ඒක අයින් කරන්න කියලද ඔය කියන්නේ? ඔන්න මම මට හිතෙන හැටි එකෙත් අයින් කලා ඔයා කියන හන්දම.
බලමු, එහෙනම්. :)
ඩුඩ්!!!! මේ පින්තුරේ හරිම හොදයි....අරකත් කතාවට ගැලපෙනව....ඒත් කන ගමන් පෝස්ට් එක බැලුවොත් එහෙම......හිහ් හිහ් හිහ් :))
Deleteතැන්ක් යු ඩුඩ්.....කතාව ගැන කියල වැඩක් නෑ...... g-)
හරිම ලස්සනයි.... :D:D :D
කතාව මරු වුනත් පලිප්පු මහත්තයාගේ කතාවටයි ඇන්ඩිගේ කතාවටයි ළඟින්වත් තියන්න බෑ..ගොඩක් හිතන්නැතුව ඇන්ඩිගේ ශෛලියෙන්ම ලියන්න බලන්න ඉතුරු ඒවා...
ReplyDeleteඔන්න මගෙනුත් මල් මිටක්...
මෙන්න තවත් ඇන්ඩි ලවර් කෙනෙක්. :-* අර උඩ මාතලං කියලා ත්යෙන එක දැක්කද රූ?
Deleteම්ම්ම්... මේක විතරයි මම දන්න ගෑණු දෘශ්ඨි කෝණයකින් ලියපු කතාව. පෞල් ජෙනිංස්ටත් බොහෝදුරට ඇන්ඩි ශෛලියම උපයෝගී කරගන්න පුලුවන් පරිවර්තනයෙදි.
ඒක හන්දා ඒ ප්‍රශ්නෙත් හරියයි, මම හිතන්නේ.
:-f
මම හිටියා නම් මමත් කරන්නේ ඔය වැඩේ. ඔක්කොමත් හරි Cat Poo ??? yuck... 5-p
ReplyDeleteඔයා ඔය වැඩේ නොකරයි කියලා මමත් විශ්වාස කරන්නේ නෑ.
Deleteයකෝ මේ බළල් බෙට්ටට තියෙන විරෝධය! දෙකායි!!
මරු රිටර්න් එකක්නේ දීලා තියෙන්නේ.... :D
ReplyDeleteලෙසටම දීලා නේද තොටියා? හික් හික්! :))
Deleteඈඈඈඈඈ.....ක්කාකාකාකාකා.........
ReplyDeleteහැබැයි තාත්තට හොද විහිළුව කරලා තියෙන්නේ...... g-) ආයි විහිළු කරන්න නොහිතෙන්නම......
ෂිඃ! මට මෙහෙමයි මාතෘකාව දාන්න තිබ්බේ!ඈඈඈඈඈ.....ක්කාකාකාකාකා......... :-O
Delete:D රැවටීමෙන් රැවටීම උතුම් රැවටීම
ReplyDeleteඑසේය, එසේය! :)
Deleteඒ කනතාවත් මරේ මරු ඔයා මෙහෙම මේවා නොදාන්ඩ මම කොහොම කියවන්ඩද
ReplyDeleteදුක හිතෙන කතා කියන්න එපා බං.
Deleteඇත්තෙන්ම උඹ දැන් වුනත් පරක්කු නෑ අටම්. එක පාර මහා ලොකු දේවල් කියවන්න නොගිහින් පොඩියට පටං ගනිං. උඹ, උඹ හිතං ඉන්නවට වඩා ඉංග්‍රීසි දන්නවා. ඉස්සෙල්ලම මට බෑ කියන අදහසයි කම්මැලි කමයි අතෑරපං. පොඩී කතාවලින් පටං ගනිං. මම තව උපදෙස් දෙන්නම්, පස්සේ.
මට නිකමට හිතුන මුලදීම, පූසා ඇත්තටම කොට්ටේ උඩ මාක් කරලා තියෙයි ද කියල.. බලපුවම ඒක වෙලා. පූසා ඔය සිද්ධිය දැක්ක නම් ඌට කොච්චර සතුටු හිතෙයි ද :D
ReplyDeleteපූසා දැක්කනේ චන්දන. පූසා එතනම තමයි හිටියේ.
Deleteමේක පූසා කොට්ටේ උඩ කරපු වැඩක් නෙවෙයි. මම හිතන්නේ කෙල්ලො දන්නම කතා වෙලා මේක මිදුලෙන් ගෙනල්ලා ප්ලාන්ට් කරලා.
කතාව නම් නියමයි... අර Cat Poo තමයි අවුල...
ReplyDeleteතැංකූ බණ්ඩෝ. අඩේ, මේකත් විරෝධය පාලනේ බළල් බෙට්ටට! තුනායි.!!!
Deleteඈක්කා..............
ReplyDeleteමොනවා උනත් නියම විහිලුව...
ආයේ ඇස් වල රතු වෙන්න දෙයක් නෑ. මම හිතන්නේ කටත් හාපික් දාලම හේදුවද දන්නේ නෑ! :))
Deleteඔන්න අද සිංහලෙන් කමෙන්ට් කරනවා! අද කතාව නම් මාරු තමයි. හැබැයි මටත් නම් අල්ලලා ගියේ ඇන්ඩිගේ කතාව තමයි! පරිවර්තනයක් කරනවා කියන එක ලේසි නෑ විශේෂෙන්ම මුල් කතුවරයා/ කතුවරියගේ අදහස එහෙම්මම දෙන්න කරන එක කොහොමටත් ලේසි නෑ! ඒ අතින් මේක අතිසාර්ථකයි කියන්න පුළුවන්!
ReplyDelete:-h නියමයි අඟහරුවෝ. මට පිස්සු කොර වෙලා තිබ්බේ අර සිංග්‍රීසි කියවන්න ගියාම. ජයවේවා!
Delete[im] http://www.banglatorrents.com/images/smilies/btnew/bt_thank_you.gif [/im] for the comment
කැචයි ඈ ....
ReplyDeleteකැචයි හොඤ්ජේ?
DeleteThanks for sharing these with us. Started getting Andy Griffth books from the library, becuase of your recommendation. Once I'm done with that this will be my next option :-)
ReplyDeletePerhaps one of the best things that could have happened because of a blog! I'm so happy. Keep it up. You'll never regret it.
Delete:-f
සික්! පට්ට සීන් ඒක බං අයියේ!
ReplyDeleteඔව් බං. මම මේක කියවපු මුල් වතාවේ මටත් හිතුනා පස් හය වතාවක් දත් මදින්න. :D
Deleteඅඩේ පටස් ගාද්දි සිත්තරේකුත් ඇඳිලා තියෙන්නෙ..ඉස්සර උඩින් පල්ලෙන් සිතතරේ බල්පු මම දැන් හොඳට බලන්න පටන් අරන්.. මිනිස්සු වෙනස් වෙන හැටි.. :D
ReplyDeleteඅර බළල් බෙට්ට අයින් කළානම් හොඳයි අප්පා..
ඔව් බං. මේක පබ්ලිෂ් කලාට පස්සෙ චිත්‍රයක් ඇන්දා. මම කලිසමයි ටී ෂර්ට් එකයි ඇන්දගෙන ජනේලෙන් ඔලුව එලියට දාලා දීපට කිව්වා ෆෝටෝස් කීපයක් ගන්න කියලා. ඊට පස්සෙ කාඩ් එක ලැප්ටොප් එකට ගහලා ඒ ආශ්‍රයෙන් කාටූන් එකක් වගේ ස්කෙච් කලා.
Deleteබළල් බෙට්ටට විරෝධය නැවතත්. හතරායි!!!!. ඔන්න අයින් කලා. වලලලාම දැම්මා අර ලෙමන් ගය යට.
හෙක් හෙක්, මිනිස්සු වෙනස් වෙන හැටි! ඒක හොඳ වෙනසක්!
අඩේ ඒක සෑහෙන කැපකිරීමක්..නොවැ..
Deleteමරු විහිලුව :D ඒ උනාට පවු තාත්තා. :)
ReplyDeleteShort and Sweet කතාවක් :)
ඇත්තෙන්ම මෙහෙම දෙයක් වුනානම් හොදි ඕනෙ නෑ! :D
Deleteඅපොයි මේ කෙල්ලගෙ තාත්තා ඇන්ඩි වගේ තමයිනේ... අපේ තාත්තිත් මගේ යාලුවෝ ආවහම සිංදු කියනවා නටනවා, හැබැයි මෙහෙම දේවල් කරන්න හිතන්නෙවත් නෑ, මොකද තාත්තිට පිළුණු උන කෑමක් උනත් ගොඩාක් අප්පිරියයි..
ReplyDeleteනදිනිගේ තාත්තත් ජොලි තාත්තෙක්නේ. මම ඔයාගේ බ්ලොග් එකේ කියවලා තියෙනවා එයාගේ කතා කීපයක්. හික් හික්! :D
Deleteසින්තියාට විතරක් නෙමේ මටත් මේ සිද්ධ උනානම් ඉතින් වමනේ යනවා. :)
ReplyDeleteමට නම් වමනේ ගිහින් නවතින එකක් නෑ, අලුතෙන් කටක් දාන්න හිතෙයි. :D
Deleteපරිවර්තනය වෙනදා වගේම මරු .
ReplyDeleteපොඩි කාලේ අපේ ගේ හදන කොට මිදුලේ ගොඩ ගහල තිබිච්ච වැලි ගොඩ , අපේ ආතම්මා ගේ කරුණාවට කෑම දී , වත්තේ තැනින් තැන පදිංචි වුන බැළලියන් ....වැලි හලන්න ගන්න කොට , වයසක බාස් උන්නැහෙ ගේ මුවින් පිට වුන සුමදුර වදන් ....
ඔබ මාව අතීතයට ගෙන ගියා ඩුඩ්
[im] http://www.banglatorrents.com/images/smilies/btnew/bt_thank_you.gif [/im]JP!
Deleteලංකාවෙදි අපි දවසක් උදේ ඉස්කෝලෙ යනකොට බයික් එකේ හුලං බැස්සා. මම බයික් එක ගත්තා පාරෙන් අහකට. ඇත්තටම කඩවල් වගයක් තියෙන වැලි සහිත මිදුලකට. වැලි ඇටයක් ගානේ බළල් බෙටි! හයියෝ!! :-O
කර උසට දුවෙක් ඉන්න තාත්තලාට හැමදාම සෙල්ලන් දාන්න බැහැ කියල ලියල තියෙන ඉට්ටයිල් එකෙන් කදිමට පෙන්නල තියෙනව.
ReplyDeleteදෝනියන්දගෙන් හෙන්රිට වුන ඇත්ත දෙයක් එහෙම නෙවෙයි නේද :)?.
ඒ වුණාට කෙන්ජි මේ විදියට ඉන්න හැකිනම් නියමයි කියලා හිතෙනවා මට.. කෝ අද ඔයාගේ ඇනෝ මල්ලිලා සෙට් එක..
Deleteඇනෝ මලයන්ඩිල මා එක්ක සෙල්ලම් කරන්නෙ "මාතලන් ස්ටේඩියම්" සහ "කතන්දර ස්ටේඩියම්" දෙකේ විතරයි.:).
Deleteකෙන්ජි, බොට විස්වාස නැතිනම් ඔන්න පොතේ නමත් තියෙනවා, මේක පෝල් ජෙනිංස් ලියපු එකක් බව ඔප්පු කරන්න. :D
Deleteමම කල්පනා කරේ උඹේ සිලෙක්ෂන් මොන තරං ඉස්තරම්මද කියලයි. ඇයි බොල අපිත් ඇස් ගෙඩි ලොකු කරන් බලන්න ඕන ඒවාම මූ දාන්නේ කියලා..හැක් හැක්. ඒ වාගේම තමා හෙන්රියාවර්තයත් හැමදාම වගේ ඈක්කා..
ReplyDeleteඒකෙන් පේන අනිත් වැදගත්ම දේ නම් අපේ රුචිකත්වයන් සමානයි කියන එක නේද? තැංකූ වේවා දේශා!
Deleteනියම විහිළුවක් තමයි තාත්තට කරල තියෙන්නෙ. ැමදාම එකම විහිළුව කරන්න යන්න එපා කියන්නෙ ඕකට තමයි.
ReplyDeleteනියම කතාවක් ඩූඩ්.
කෝ මේකෙ ඊයෙ රෑ බලද්දි තිබ්බ බෙට්ට. ඇයි ඒක අයින්කළේ. b-(
ඒක ඇත්ත බං.
Deleteබෙට්ටට වලි දැම්මනේ බං. අපේම ගෙදරින් දෙන්නයි උඹලා තුන් දෙනෙකුයි. අනේ ඉතින් මම ඒක අර ඇන්ඩියව වල දාපු ලෙමන් ගහ යටම වලලලා දැම්මා පසුත් බුරුල් එකේ. =))
අර ඇබිත්තයාගේ කතාව මතක් වුනා. දන්නවා නේ මචං ඒ කතාව.
ReplyDeleteහක්ක රෙදෙනකම් හිනා වුනා බං. මම හිතුව මිට වැඩ වෙනස් දෙයක් වෙයි කියල.
මට මතක් වුනේ නෑනේ බං ඇබිත්තයගේ කතාව උඹ කියන කල්. ඉස්සර අහපු කතාවක්. එහෙන් මෙහෙන් අමාරුවෙන් තමයි මතකයට නගා ගන්න පුලුවන්.
Deleteඋඹ නුවරද අසරණයා?
ගැනු ලමයෙක්ගෙ භාශාව මටසිලිටිය්. ඔබ සැහෙන උත්සාහයක් අරන් තියෙනවා ඒ වෙනස කරන්න. ඇන්ඩිගෙන් ජේන්ට වෙනස් වෙන්න සැහෙන අමාරු වුනා නේද? ඒකා කියල තියෙන්නෙ ඇයි කෙල්ලෙකුට?
ReplyDeleteඑහෙනම් මම බ්ලූ ලෝටස්ට වඩා කෙලි බාසාව දන්නවා. කෙල්ලො ඒකා ඌ කියලා තමයි අනිත් කෙල්ලන්ව හඳුන්වන්නෙ. :D
Deleteඅපේ අර රවියා හිටපු චමරියෙත් රබර් සර්පයො කීප දෙනෙක් තිබුනා..එක දවසක් ඇත්තටම ආපු සර්පයෙක්ව අපේ එකෙක් අල්ලන්න හැදුවෙ රබර් සර්පයෙක් කියලා..ඇයි ඒ වගේමනෙ..
ReplyDeleteරබර් සර්පයෝ ගැන මට තියෙන එක ප්‍රභල භීතිකාවත් ඔන්න ඔය උඹ කිව්ව සංසිද්ධියයි. :-O
Delete"හෑහ්!!!!" :-O
ReplyDeleteපව් අප්පා අප්පොච්චි. අර කෙල්ලන්ට තිබුනේ ඒ ගැනවත් හිතලා සෝස් ටිකක්වත් දාලා තියන්න. කලින් බලද්දී තිබුණු චීස් බර්ගර් එක හොඳට බලන්න ආවා මදැයි. :(
කතාව ලස්සනයි. හැබැයි ෂෝර්ට්.
සිත්තරේ අඳින්න වෙච්ච මහන්සිය උද කමෙන්ට් එකකින් දැක්කා. ඔය පින්තූරෙ අල්ලන්න කිව්වම "මළ විකාර" කියලා කිව්වෙ නැද්ද? එක්කො එහෙම වෙන්නේ කොහොමද දෙන්නම ජාඩියයි මූඩියයි වගේනේ. :))
ඔව්, ඇත්තෙන්ම කීප වතාවක් ලඟ නවලා ඉන්නකොට සමහරු ඕක කටගැස්මකට වුනත් ගන්න නැරි නෑ ගැඹුරු තෙලේ බැදලා හෙම දුන්නොත්. :-O
Deleteඉතින් කතාව ෂෝර්ට් උන එක හොඳ නැද්ද? Short and sweet. :)
අන්න උඹ දැක්කනේ, චිත්‍රයක් අඳින්න කරන කැපවීම!
You are correct.
ඒවගේ විහිලුවකට ඒ වගේ ප්‍රායෝගික පිළිතුරක් තමා හරියන්නේ. හැබැයි විහිලු කරනවානම් විහිලු විඳින්නත් පුළුවන් වෙන්න ඕනෙ. අනික එකම විහිලුව හැමදාම කරනකොට එක මල විකාරයක් මිසක් විහිළුවක් වෙන්නේ නැහැ. පරිවර්තනය බොහොම හොඳයි.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
[im] http://www.banglatorrents.com/images/smilies/btnew/bt_thank_you.gif [/im]Wicharaka.
Deleteඈක්කා.... :D
ReplyDeleteRinse your mouth! :-O
Deleteචරිතෙට අනුව භාෂාව හසුරුවන්න පුළුවන්කම rare talent එකක් ඩූඩ්. මං කියෝල තියෙන පරිවර්තන වල ඒ ගතිය තිබිල තියෙන්නෙ සීයට දහයක වගේ තමයි. ඈක්ක කතා කියද්දි මට මතක් වෙන්නෙ Around the Twist ටීවි සීරීස් එක. ඒකත් ඕස්ට්‍රේලියන් වැඩක්. ඈක්ක කතා විමානයක්...
ReplyDeleteකතාව ගැන කියනවනං:
පූසො ජරා කරාම හැතැප්මක් එහාට ගඳ එනවනෙ... ෂුවර් එකටම ඔය ගෑල්ලමයගෙ තාත්තට තදේට හෙම්බිරිස්සාව. :)
බොහෝම ස්තුතියි පරිකල්පන. :)
DeleteAround the Twist ලිව්වේ Paul Jennings. මම හිතන්නේ ඒක නම් ලංකාවේ හුඟ දෙනෙක් බලලා ලිව්වේ මේ ලේඛකයම බව නොදැන වුනත්.
ඒක ඇත්ත. බලල් බෙට්ට මාර ගඳයිනේ. මේක වේලිච්ච එකක් වෙන්න ඇති බං. නැතිනං අරං කටේ දාගන්නත් ටිකක් අමාරුනේ. :))
බලල් බෙට්ට සෑහෙන්න රහ ඇති නේද...කෙල්ලගෙ තාත්තගෙන්ම තමා අහන්නෙ වෙන්නෙ....
ReplyDeleteඔව් බං. ඔය කියන තරම්ම අජූව නැතුවත් ඇති. මිනිස්සු ඔය බොම්බිලි කරවලත් කන්නේ. ඇයි මෝර කරවලත් කන්නේ. :))
Deleteඇතිවෙන්න රස වින්දා මචං..! උදේ පාන්දර ලේ පිරිසිදු උනා.
ReplyDeleteමේ බ්ලොග් කලාව ලස්සන වෙන්නෙ උඹල වගේ උන්ගෙන්. මිනිස්සු සතුටු කරන එක පිනක්,හිතේ සතුටට හේතුවන දෑ දකින්න ලෑබීමත් සතුටක්.
මට ගලප ගන්න බෑ උඹ ගැන හිතෙන මෙව්ව..! නියමයි ඩූඩ්..!
උඹ එහෙම කලේ නැහැනෙ ඕය වගේ විහිලු දුවට..?...:))))))
[im] http://www.banglatorrents.com/images/smilies/btnew/bt_thank_you.gif [/im]very much මචං.
Deleteබැලූ බැලූ අත තියෙන්නේ හිත සවුත්තු වෙන, ජීවිතාශාව අතෑරලා දාන්න හිතෙන දේ නිසාමද කොහෙද. මමත් කැමති පොඩ්ඩක් හරි හිනාවෙලා සතුටින් ඉන්න හැකි දේටයි.
පට්ටයි හොඳේ.... පරිවර්තනය නියමයි..
ReplyDeleteඇත්තටම ඩූඩ් බලල් බෙට්ට මොන රහද ?
තැංකූ වේවා යසිත්.
Deleteකිව්වට උඹ විස්වාස කරන එකක් නෑ යසිත්, බළල් බෙට්ට ඇත්තෙන්ම උඹේ ප්‍රියතම කට ගැස්මේ රහමයි. :))
මට නං ඇන්ඩි ගෙ වගේ වංගු වලින් හැරි හැරි ඉන්නේ නැතුව කෙලින්ම හයි වේ එකේ යනව වගේ ගියපු නිසා මේ කතාව ඇන්ඩිටත් වඩා හොඳයි වගේ. මම කිව්වෙ, බොලාට හරියන්නෙ පරිවර්තන තමා. නරකද සයිඩ් බිස්නස් එකක් විදිහට පටන් ගත්තොත්? :)
ReplyDeleteඇන්ඩියා වංගු වලින් හැරි හැරි ගියේ කේක් හදන්න විතරනේ මුහුදු. අනිත් ඒව කෙලින්ම freeway.
Deleteයකා බැඳගත්තා වගේ තියෙයි බං. :)
මමත් එකක් හොයාගන්න ඕන
ReplyDeleteඋඹට ඇත්ත එකක් හරියන්නේ නැද්ද? Genuine ම ගත්තෑකි. :))
Deleteහි හී.. මාර තාත්තා කෙනෙකුයි දුවෙකුයි තමා.. මට තාම හිනා යනව තාත්ත අර බලල් බෙට්ට කටේ දාගත්ත විදිහ ගැන කියද්දි..
ReplyDeleteවෙනදා වගේමයි.. කතාව අදත් ගොඩාක් රසවින්දා.. ලියල තියන බස් වහර වගේම චිත්‍රයත් කතාවට ගොඩක්ම ගැලපෙනවා.. ලිංග භේදය වෙනස් කිරීමෙදි වුනත් සාර්තකයි.. තව මේ වගේ කතා හෙන්රි අයියාගෙන් බලාපොරොත්තු වෙනවා..
බොහොම ස්තුතියි සචින්. තව තියෙනවා බං. ලියාගන්න වෙලාවක් තමයි නැත්තේ. අනික සිත්තරේකුත් අඳින්න එපායැ. :D
Deleteඅන්න එහෙම තමයි ඉන්න ඕන.. කතාවනම් හිතට වැදුනා නියමෙටම..
ReplyDeleteනැතුව බෑ බං දිනේෂ් මේ වගේ තාත්තලත් ඉහ ගහගෙන ඉන්න. :)
Deleteකලකට පස්සෙ වෙලකට බැස්සේ ..කියෙවුවේ ඉස්සෙල්ලම මේක.. හොකෑස් කියලා පටන් ගත්ත හිනාව බරාස් ගාල බ්‍රේක් එකකින් ඉවර උනේ ඉස්සරහින් ඉන්න උන්ටික මං දිහා පුදුමෙන් බලනකොටයි.. ආයිත් නං ඔෆිස් එකේදි උඹේ කතා කියවන්නෙ නැතෝ.
ReplyDeleteමගේ නෙවෙයි බං. මේ ඕස්ට්‍රේලියානු ලේඛකයන් දෙන්නගෙ වරද. මුන් දෙන්නම ලියන්නේ අපිව අමාරුවේ දාන කතානේ. :))
Deleteතැංකූ බොසා.
[co="red"]තාත්තටත් ගේමක් දීලා තියෙන්නේ නියමයි හොද වැඩේ ..හික්..හික්.. පස්ට කථාව, මේකාගේ තව කතා නැද්ද මේ වගේ ..[/co]
ReplyDeleteතියෙනවා. මේ පොත් සෙට් එක මෙහෙ නෑ බං. ඒවා තියෙන්නෙ ගෙදර. ඒකයි පුරස්නේ. ඒත් කීපයක් මා ලඟ තියෙනවා.
Deleteකොමෙන්ට් එක පරක්කු වුනාට අපි මේක කියෝලා අප්පිරියාවට පත් වුනේ ලිව්වා දාම . සික් ..ඈක්කාම තමයි. ලස්සනම වැඩේ සෙනසුරාදා අපේ දිහා කෙල්ලෝ තුන් දෙනෙක් ආවනේ ලොක්කිගේ උපන්දිනේට . උන් මෙහෙ නිදාගත්තා . අපි දෙන්න සරින් සැරේ මේක මතක් කර කර හිනා වුනා . අපේ ලොක්කි තර්ජනය කළා ඔන්න තාත්ති එහෙම ඕන නැති වැඩ කරන්නේ නැහැ කියල .
ReplyDeleteමෙන්න ජීවමාන කමෙන්ට්! මේක කියවලත්, කතාව ලිව්ව වගේම රසයක් වින්දා මම. :D
Deleteකාලෙකින් කියෙව්ව මරු කතාවක් මචං.
ReplyDeleteටැංකෝ ඩ්‍රැකී!
Deleteඅඩේ උඹ සිල් අරං නේ!
අඩේයප්පේ කෝ බොලේ මං දාපු කමෙන්ට් එක ?
ReplyDeleteඔහෙප්පලයන් ඒක දැම්මේ අනික් එකේද කොහෙද
Deleteමම දැක්කා. ඒත් මම කල්පනා කලා දිගින් දිගටම එහෙම කියනකොට උඹ හිතයි කියලා, මම, උඹ 'මට හිතෙන හැටි' එකට එනවට අකමැතියි නිසා කියනවයි කියලා. :)
Deleteමම හිතුවෙ පළවෙනි විහිලුවෙදිම බළල් බෙට්ට මාරු වෙයි කියල :D.
ReplyDeleteහැබෑටම නියමෙට භාශාව වෙනස් කරලනෙ. මෙයාගේ තවත් ඔය වගෙ කතා දන්නෙ නැද්ද?
ඔන්න අපේ සීමාවාසිකේ ලබන සතියෙ පටන් ගන්නවලු!
හලෝ ගිමන්.
Deleteඔව් තව තියෙනවා. වෙලාව තමයි හිඟ.
ඕව් මම දන්නවා. මම ඒක ගැන කමෙන්ට් රිප්ලයි එකකුත් දැම්මා ගිමන්ගෙ කමෙන්ට් එක යට.
හඃ හඃ හා .............. අපොයි ඊයා !
ReplyDeleteතාත්තාට හිතන්න තිබ්බා දුව එයාගේ යාළුවා ගැන කලින් කියපු විස්තරේ ගැන චුට්ටක්... ෂුවර් එකට යාලුවගෙ අදහසක් වෙන්න ඇති. ඒත් ඉතින් ඔය වගේ ගති නම් ආරෙට යනවා. හිහ් හිහ් හී......
අපිත් ඉස්සර පුංචිම කාලේ ඔය වගේ වැඩක් කරනවා. ඒ දවස් වල අපේ ගේ ගාවින් ළමයි යනවා grade 11 වලට tuition. අපි කරන්නේ රත්තරං පාට චොක්ලට් කොල වලින් රුපියල් 5 කාසි උඩ කොටස වගේ පිටපත් කරලා යන පාර දිගේ තැනින් තැන තණකොළ අස්සේ (අව්ව තියෙන තැන් වල) තියනවා. අනිවාර්යයෙන් 10ක් තිබ්බොත් 10ම අහුලනවා. අහුලලා බලනකොට කොලයක්! හූ ... හූ.... රැවටිච්චි පොල්කිච්චි...!!! හී.. හී... හී ...
ප.ලි. ඕක අපේ අය්යාගේ අදහසක් ....... ඉස්සර (මීට අවුරුදු 15 කට කලින්) රුපියල් 5ක් කියන්නේ සැලකිය යුතු ගානක්!
ඒක නරක වැඩක් වුනත් ඒක කියවනකොටත් පුදුම ආතල් එකක් දැනෙනවා මට. අපි කා තුලත් තරමක බුලියෙක් හැංගිලා ඉන්නවා මම හිතන්නේ.
Deleteඅර පින්තුරේ අයින් කරපු එක නම් ලොකු දෙයක්. g-) කතාව පරිවර්තනය කරලා තියෙනවා හරිම ලස්සණට. :-f
ReplyDeleteඒ පින්තූරේ කැතයි නේ ඇත්තෙන්ම? Just revolting! එහෙම වෙන්නේ මේ කතාව නිසා. නිකම්ම එහෙම පින්තූරයක් තිබ්බා නම් ඒකේ ගානක් නෑනේ. තව විදියකට කිව්වොත් කතාවෙන් ඒ පින්තූරෙට අලුත් අගයක් ලැබිලා.
Deleteඌරගේ මාළු ඌරගේ පිටේ තියලා කපනවා කියන්නේ මේ වගේ දේවල්වලට තමා :D
ReplyDeleteසමහරවෙලාවට එහෙමත් නොකර බැරුවම යනවා හසිත.
Deleteමේක මිස්වෙලා බං!
ReplyDeleteමම උඹේ කමෙන්ට් එක දැකලා ඇවිත්, තවත් තුනකට රිප්ලයි කලා. ස්තුතියි රාජ්.
Delete