Friday, May 10, 2013

71. ඈක්කා!!!!!!! A Mouthful!

මෙවර ඔබ රස විඳින්න යන්නේ පෝල් ජෙනිංස් ලියපු කතාවක්.  ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් වගේම ඔහුත් ඕස්ට්‍රේලියානු ලේඛකයෙක්. ඇත්තෙන්ම උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ ඔහු, වයස අවුරුදු හයේදි, බ්‍රිතාන්‍යයේ ඉඳලා පවුල පිටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙද්දි, ඔවුන්ට  ගමන් වියදම ගියේ  පවුම් දහයයි. ඉතිරිය ඕස්ට්‍රේලියානු රජය දැරුවා.

පෝල් ජෙනිංස් මගේ ප්‍රියතම ලේඛකයෙක්. නැවතත් මම මේ උත්සාහ කරන්නේ, මම රසවිඳි දෙයක් මා ලඟම රඳවා නොගෙන, ඔබත් සමඟ බෙදා ගන්නයි. මෙවර මේ කතාව කියවෙන්නේ නව යොවුන් දැරියකගේ ඇසින්. ප්‍රථම වරට.


ඔව් ප්‍රථම වරට. මම හිතන්නේ පෝල් ජෙනිංස්ටත් මටත් දෙන්නටම අලුත් දෘෂ්ඨි කෝණයක් මේක. මම භාෂාව නැවතත් පොඩ්ඩක් වෙනස් කලා දැරියකට ගැලපෙන්න. ඇන්ඩිගේ භාෂාව මේකට හරි යන එකක් නෑනේ නේද? 


එහෙනම් මෙන්න කතාව.

  Paul Jennings ෴ මගේ ඩෙනිම ෴ A Mouthful ෴ මගේ ඩෙනිමUncovered
 

සමහර දරුවෝ කරන වැඩ වලින්, දෙමව්පියන් අපහසුතාවයට පත් වෙන එක අලුත් දෙයක් නෙවෙයිනේ.

නමුත් දෙමව්පියෝ කරන සමහර වැඩ වලින්, දරුවන් අපහසුතාවයට පත්වෙන  වෙලාවලුත් තියෙන බව ඔයාලා දන්නවද?

හොඳම උදාහරණේ අපේ තාත්තා. ‍රැයක් ගත කරන්න මගේ යාලුවෙක් අපේ ගෙදර ආවොතින්, තාත්තා මොකක් හරි ඇස් රතුවෙන විහිළුවක් කරනවාමයි.  ඔන්න මාව වරදවා වටහා ගන්න එපා.  අපේ තාත්තා නියම තාත්තෙක්. මම එයාට පණ ඇරලා ආදරෙත් එක්ක.  ප්‍රශ්ණේ, එයා තාමත් එයාගේ  තියෙන කොලු ගති අතෑරලා, වැඩිහිටියෙක් වගේ හැසිරෙන්න ඉගෙන ගත්තේ නැති එකයි.

එයා  පුදුම ආසයි කවටකම් කරන්න.

මේ වැඩේ මුලින්ම පටන් ගන්නේ, ඇනා ‍රැයක් ගත කරන්න අපේ ගෙදර ආ දවසේ. ඉස්සෙල්ලම  තාත්තා මටත් හොරෙන් මගේ කාමරේට වැදිලා, අපේ පූසි ඩූනාව, අර  මගේ යාලුවෝ ආවාම නිදාගන්න තියෙන වැඩිපුර ඇඳේ නිදි කරවනවා. ඩූනාත් එපා කියයි! එයා මාර ආසයි ඇඳන් වල නිදියන්න. කොයි පූසාද අකමැති, නේද?

ඊට පස්සෙ, එයා අර මැජික් සාප්පුවෙන් ගත්ත පොඩී පාර්සලයක් අරිනවා.

හිතන්න පුලුවන්ද ඒකෙ මොකක්ද තියෙන්නේ කියලා?  ඔයාලා විස්වාස කරන එකකුත් නෑ අනේ.  ඒකෙ තියෙන්නෙ දුඹුරු පාට බළල් බෙට්ටක්. ඒ කියන්නේ රබර් වගේ ප්ලාස්ටික් ජාතියකින් හදපු, ඇත්ත එකක් වගේම පේන, දැනෙන සෙල්ලම් බළල් බෙට්ටක්. එයා මේක ඇනාගේ කොට්ටේ උඩින් තියලා, පොරෝනයෙන් වහනවා. ඊට පස්සෙ, එයා හොරා වගේ, ඇඟිලි තුඩුවලින්ම කාමරෙන් පිට වෙලා යනවා දොරත් වහගෙන.

මේ කිසි දෙයක් නොදන්න මම, ඇනාත් එක්ක රෑ වෙනකල් වීඩියෝ බල බල ඉන්නවා. ඇනා සෞඛ්‍ය ගැන හරීයට වදවෙන කෙල්ලක්. ඒකා විශබීජ වලට පරාණ බයයි. ඇනා අර ටොයිලට් සීට් එකටත් කඩදාසි එලලා වාඩිවෙන ජාතියෙ බඩ්ඩක්. හැබැයි මාර පිරිසිදුයි. ඒ ගැන නම් කියලා වැඩක් නෑ.

ඔන්න ඇනාත් එයාගේ බාබි ඩෝල් පිජාමා එකත් ඇඳගෙන,  නිදා ගන්නයි ලෑස්තිය. ඇඳට නගින්න කලින්, ඇඳේ පොරෝනය පහලට ඇදපු ගමන්, එයා දකින්නේ කොට්ටේ උඩ තියෙන බළල් බෙට්ට!

"ඊයා! ...ඊයා!!... ඈක්කා!..." ඇනා මර හඬ දෙනවා. "බලන්නකෝ... චික්!... ජරාව!! මේ බලන්නකෝ පූසි මගේ  කොට්ටෙට කරලා තියෙන දේ!"

ඔන්න එතකොටම, තාත්තා කඩාගෙන, බිඳගෙන කාමරේට දුවගෙන එනවා.

"මොකද, මොකද දරුවනේ කෑ ගහන්නේ?" එයා අහන්නේ අමුතු හිනාවකුත් හංගාගෙන. "මොකක්ද ප්‍රශ්ණේ?"

"අර බලන්නකෝ," මූණ ඇද කරගෙන ඉන්න ඇනා කොට්ටේ පෙන්නලා කියන්නෙ, බියපත් ඇස් රවුම් කරගෙන.

තාත්තා ගිහින් බළල් බෙට්ටට ලං වෙලා හොඳින් බලනවා.

"අයියෝ, මේ වගේ සුළු දේවල් ඔච්චර ගනන් ගන්න එපා. නැට්ට පිටිං අලි මැරෙන එකේ, මේක මොකක්ද?" කියන තාත්තා බළල් බෙට්ට අතට අරගෙන කෙලින්ම දාගන්නවා කටට. ඊට පස්සේ හිනා වෙනවා.
"මාර රහයි, ඈ!" එයා කියන්නේ දත් අතරින්.

"ඈයියා! ඈක්කා!!!!" වහලේ උළු උඩ යන්න බෙරිහන් දෙන ඇනා,  කෙලින්ම දුවන්නෙ ජනේලෙ ලඟට. පව්! ඒකා ජනේලෙන් එලියට ඔලුව දාලා, අපි වීඩියෝ බලද්දි කාපු බීපු පොටේටෝ චිප්ස්, සෝස්, ඩයට් කෝලා ඔක්කොම වමනේ දානවා. ඊට පස්සෙ, ආපහු හැරිලා, තාත්තා දිහා බලන බැල්ම විස්තර කරන්න, මම දන්න භාෂාවේ වචන මදි.

ඇනාට වමනේ ගිය එකට නම් තාත්තත් පොඩ්ඩක් සැලෙනවා.

"අයියෝ ගණං ගන්න එපා ඇනා," කියන තාත්තා, ප්ලාස්ටික් බළල් බෙට්ට කටෙන් එලියට ගන්නවා. "මේක ඇත්ත එකක් නෙවෙයි. ප්ලාස්ටික් එකක්." කියන තාත්තා හයියෙන් හිනා වෙලා යන්න යනවා. ඇනාත් යන්නම යනවා ඒ එක්කම. ඒකා එවෙලෙම තීරණය කරනවා ගෙදර ගිහින් නිදාගන්න. ඒකට වරදක් කියන්න බෑ අප්පා.

ඇනා යනකල් ඉඳලා මම තාත්තට කෑ ගහනවා.

"ඔයා හරි නරකයි, තාත්තා. මම ආයෙ නම් ඔයා එක්ක කතා කරන්නේ නෑ. හරිම පල් වැඩක් කලේ, ඔයා!"

"හයියෝ, වැඩක් නෑනේ ඔයාලගෙන්," එයා කියනවා. "මම විහිලුවක්නේ කලේ."

ඔන්න ඔය විදියයි.

කවුරු හරි යාලුවෙක් වරෙං ‍රැයක් ඉන්න!  ඕන්න තාත්තා පිස්සුවක් කෙලිනවා. එක්කෝ ඩස්ට් බින් එකේ තිබිලා මිනිස් අතක් හම්බවෙනවා.  එක්කෝ බීම කෑන් එකක් අරින කොට ඒක පුපුරනවා.  නැතිනම් කෑමට ගම්මිරිස්  වැඩියි.  තවත් වෙලාවකට පොරවන්න ගියාම පොරෝනය කොටයි. එක්කෝ තාත්තාගේ කටෙන් ඩ්‍රැක්‍යුලාගේ වගේ ලේ කාන්දු වෙනවා.

මගේ සමහර යාලුවොන්ටත් මේක මාර ජොලි.  එයාලා කියනවා, 'අනේ අපිට නෑනේ ඕවගේ ජොලි තාත්තෙක්!' කියලා.

නමුත්, මම කැමතිම නෑ මේ වැඩේට. මට ඕනෙ සාමාන්‍ය තාත්තෙක්.

එයා බියැන්කාව විහිලුවකට ගත්තා.
ආයේ යැස්මින්.
ආයේ න්ගා.
ආයේ කාර්ලා.

මේ එක්කෙනෙක්වත් ඇනා වගේ ගෙදර ගියේ නම් නෑ. නමුත් හැම පාරම මගේ මූණ නම් රතු වුනා.

මම අද මාර අප්සෙට් එකේ ඉන්නේ.

අද සින්තියා එනවා රෑ නවතින්න.  එයා අපේ ස්කූල් කැප්ටන්. ඒකා ලස්සන කෙල්ල. අනික හෙන ස්මාට්. එයාගේ  යාලුවෙක් වෙන්න හැමෝම පොර කනවා. අද එයා ‍රැයක් ගත කරන්න අපේ ගෙදර එනවා.

"අනේ තාත්තේ," මම කියනවා. "ඔන්න අද නම් මොකූත් ඕන්නැති විහිළු කරන්නෙ නෑ හොඳද? සින්තියා ඔය අනිත් අය වගේ බොළඳ කෙල්ලක් නෙවෙයි. එයාගේ තාත්තා කවදාවත් ඔයා වගේ විහිළුකරන එක්කෙනෙක් නොවෙයි. ඒ හන්දා ඔයා කරන විහිලු එයා වරදවා තේරුම් ගනීවි."

"හරි හරී, ඇති බර බරේ" තාත්තා කියනවා.

සින්තියා එනවා. නමුත් අපි වීඩියෝ බලනවා වෙනුවට, ඉංග්‍රීසි ගෙදර වැඩ  කරනවා පණ දාගෙන. ඊ ලඟට සඳුදා කතික තර‍ඟෙට තියෙන කතා පුහුණු වෙනවා. ඊ ලඟට අපේ පාසැල් නාට්‍යයේ අපිට තියෙන දෙබස්  පාඩම් කර ගන්නවා.  මේ ඔක්කොමත් කරලා අපි එලියට ගිහින්, නෙට්බෝලේ ගෝල් එකට දාන්න පුහුණු වෙනවා, සින්තියා නෙට්බෝල් කණ්ඩායමේ නායිකාව හන්දා. ඔය අල්ල පනල්ලේ, මම වරින් වර කාමරේට ඇවිත් බලනවා තාත්තා මොකුත් ඇටවුමක් හෙම කරලද කියලා. පරෙස්සම් වෙන එක කොයිකටත් හොඳයිනේ.

අපි කෑම කාල පිඟනුත් සෝදනවා, මොකද සින්තියා ඒකට ස්වේච්ඡාවෙන්ම - ඔව් ස්වේච්ඡාවෙන්ම තමයි - ඉදිරිපත් වෙච්ච නිසා.

ඔන්න අන්තිමේදි නිදාගන්න වෙලාවත්
එනවා.  සින්තියා නාන කාමරේට ගිහින් නයිටිය දා ගෙන නිදන කාමරේට එනවා.

"පූසී මගේ ඇඳේ," එයා කියනවා. "ඒකෙ ගානක් නෑ. මම කොහොමත් පූසන්ට ආදරෙයි."

සින්තියා පොරෝනය පාතට අදිනවා ඇඳට නගින්න.

ඉන් පස්සෙ බෙරිහන් දෙනවා.

"ඈක්!! බළල් කක්කා! මගේ කොට්ටේ උඩ ජරා බළල් කක්කා," සින්තියා මර හඬ දෙනවා පළාතම දෙවනත් වෙන්න.

ඔන්න, තාත්තා කාමරේට කඩා වදිනවා, එයාගේ අර කට කොණකින් මතුවෙන මෝඩ හිනාවත් දාගෙන. එයා වීරයා වගේ ගිහින් බලනව කොට්ටේ උඩ තියෙන දුඹුරු පාට බළල් බෙට්ට දිහා.

"අයියෝ, මේ වගේ සුළු දේකට ඔය හැටි අප්සෙට් වෙන්න එපා," කියන එයා, බළල් බෙට්ට අරන් කටේ ඔබා ගන්නවා.

නමුත් මේ පාර එයා හිනා වෙන්නේ නෑ, වෙන පාරවල් වල වගේ. එයාගේ මූණ එහෙමම ගල් වෙනවා.

"තාත්තා, මේකද හෙව්වේ?"

මගේ අතේ තියෙන, තාත්තා කලින් ඇවිත් කොට්ටේ උඩ තියපු ප්ලාස්ටික් බළල් බෙට්ට තාත්තා දිහාට පාමින්, මම අහනවා.

තාත්තා පූසි දිහා බලනවා.

ඊට පස්සේ පුදුම වේගෙකින් ජනේලෙ ලඟට පනින තාත්තා, ඔලුව එලියට දාලා වමනේ දානවා.

සින්තියයි මායි බිම පෙරළි පෙරළි හිනා වෙනවා.

ඇයි අපිටත් බැරිද විහිළුවක් කරන්න ඉඳහිට?


Simulblogged @ මට හිතෙන හැටි  for WordPress Lovers

Paul Jennings - Uncovered - A Mouthful


 

118 comments:

  1. අනර්ඝයි... !! ලිංග භේදයට අනුව භාෂාවේ වෙනස උත්කෘශ්ඨයි...

    බොක්කෙන්ම රස වින්දා ඩූඩ්..ඇත්තමයි.

    thanks !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා. මටත් කියවලා 'හෑහ්' ගෑවිච්ච ඒවා තමයි මම බොහෝ විට පරිවර්තනය කරලා දාන්නේ උඹලටත් 'හෑහ්' ගෑවෙන්න. :))

      Delete
  2. අනේ ඩූඩෙ පට්ට තාත්තයි පුතෙකුයිනේ මේ.. කතාව නං නියමම තමා.. වෙලාවකට හිතෙනවා ඔබයි පුතයිද කියලත්... ඇත්තටම මෙහෙම තාත්තෙත් වෙන්න ඇත්තං ඒකත් මරු තමා

    ReplyDelete
    Replies
    1. තාත්තයි දුවෙකුයි නලියෝ.දෙකක් දාගෙනද බැලුවෙ? :).

      Delete
    2. මට ටැපලුනෝ...කෙන්ජි.... කොහොමත් මං අදහස් කරන්නේ තාත්තා හා දරුවෝ යන අරුතින්.

      Delete
    3. මටත් පේන්නේ නලියා දෙකක් දාගෙන බලලා වගේ තමයි. d-)

      Delete
    4. දෙකක් නෙවෙයි බං 10ක් විතර..:))

      Delete
  3. හොද වැඩේ තාත්තට....ඕන නැති විහිලු කරනවට..!

    ReplyDelete
    Replies
    1. අනේ ඒ වුනාට මාම් නම් කැමතියි ඒ වගේ තාත්තලාට. :)

      Delete
  4. නව යොවුන් දැරියකගේ ඇසින් කතාවක් කියන එක හරි අමාරු දෙයක් වෙන්න ඕනි. මොකද නව යොවුන් , වුනත්, දැරියක් වුනත් ගෑණු පරාණයක් නේ. උන් හිතන විදියට හිතන්න පිරිමි මොළ හැඩ ගැහිලා නැහැ(ලු). :P

    ඒත් ඇසුරු කරන කාන්තාවෝ සංඛ්‍යාව වැඩිනම් මේ වගේ හැකියාවක් ඇති කරගන්න එක රචකයෙකුට අපහසු නැහැ(ලු).

    අර පලුප්පු මහත්තයාගේ කතාව දැක්කේ අද. ඒකෙ කියවෙලා තියෙන ඕලුගන්තොට රෝහලේ ඉස්සර වුනු සිද්ධියක් අහන්න ලැබුනා ළඟදී. ඉස්සර ලොකු ගංවතුරක් හදිසියේ ඇවිත් රෝහල යට වුනාම අළුත ඉපදුණු ළමයෙකුත් එක්ක අම්මා කෙනෙක් වහලෙට නැගගෙන බේරිලා හිටියලු. සම්මාන එහෙමත් හම්බ වුනාලු.

    ReplyDelete
    Replies
    1. ඇයි බං රාමා උඹ කියෙව්වා නේද අර මම Parallel Blogging සංකල්පය හඳුන්වාදෙන ගමන් කරපු පිරිමි මොළෙයි, ගෑණුමොළෙයි වෙනස.

      හෑ? ඕලුගන්තොට එහෙම සිද්ධියක් වුනාද? මම දන්නෙත් නෑනේ.

      Delete
  5. මරු කතාව. හැබයි ඇන්ඩිට කිට්ටු කරන්නවත් බෑ.. එක ඔෆීස් එකක වැඩ කරන කාලේ එකෙක් රට ගිහින් එනකොට ඕකක් අරගෙන ඇවිත්, උදේම ඔෆිස් එන හැම එකාගෙම මේසේ යට තිබ්බා. ඔක්කෝම මාට්ටු උනා. මැනේජර් නෝනනේ අන්තීමට එන්නේ ඒ මේසේ යටත් තිබ්බා. ඔෆීස් එකට කජු විකුනන්න එන කජු ආච්චි කෙනෙක්. ඒයා එක්කෙනුකුට කජු විකුනන අතරේ මූ ඒක දැම්මා කජු බෑග් එකට. අනේ වයසක උන්දැ දුවන්න ගිහින් ඇදගෙන වැටිලා ඉස්පිරිතාලේ ගෙනියන්න උනෙත් අරූටමයි. ඊට පස්සෙ ඉඳන් ඌගේ නම්, මිස්ට ඩෝග් ෂිට් උනා, ඕඅක කෙටි වෙලා පේ උන් අදත් ඌට කියන්නේ බෙට්ටා කියලා...

    ReplyDelete
    Replies
    1. උඹෙත් ඇන්ඩියාට පුදුම සංසාරගත බැඳීමක්නෙ බං තියෙන්නෙ! :D ඕ ඌ අන්දොස් වැඩ කලාට හරිම හිත හොඳ එකා තමයි. මම පස්සෙ දාන්නම්කො උගේ බොක්ක ගැන කියවෙන කතාවක්.

      අරක කෙල්ලෙකුට දැම්මානම් බෙටී කියලා දාන්න තිබ්බා කිසිම අවුලක් නැතිව.

      Delete
  6. හරිම ලස්සනයි,හරියට රස වින්දා.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනෝජ්. එච්චරයි ඕනෙ. :)

      Delete
  7. //ඇයි අපිටත් බැරිද විහිළුවක් කරන්න ඉඳහිට!//

    මේකනම් මරු... හිනා වෙලා පන යනවා අයියෝ....

    ReplyDelete
    Replies
    1. ඇයි මොකෝ අපි කලාම නරකද, නේද uwiniran? අම්මෝ උඹව දැක්ක කල්? :-O

      Delete
  8. උඹ දාපු හොඳම කතාවද මන්දා,උපරිමයි

    ReplyDelete
    Replies
    1. තැංකූ මචං හැලපේ. උඹ ඒ තරම් ආස වුනාද වැඩේට? :))

      Delete
  9. මේ කතාව නම් ශෝක් ඩුඩ්…..පව් තාත්තා….ඒ මනුස්සයට කොච්චර අප්පිරිය ඇත්ද?:D =D>

    මතකද අර ‍Dumb and Dumber ෆිල්ම් එකේ එක කෑල්ලක හිටිය America’s funniest home videos එකේ host?

    ‍ෆිල්ම් එක අන්තිමේට ‍ෆිල්ම කරද්දි වැරදුන ඒවා පෙන්නද්දි …. එක චොක්ලට් වෙනුවට බිත්තියේ ජරාව ගාල එයා ඒක කනවා..හිහ් හිහ් හිහ් :))

    ඒ තාත්ත නම් ආයෙම ඒ වගේ විහිලු කරන්න නැතුව ඇති…:D d(

    චිහ් ඩුඩ් පින්තුරේ!!!!! :-D

    ReplyDelete
  10. Paul Jenings ට මමත් හරිම කැමතියි…ඒ කතා කවදාවත් අමතක වෙන්නෙ නෑ…. :-f

    ReplyDelete
    Replies
    1. Dumb and Dumberer කියලත් එක ආවද කොහෙද ඊට පස්සේ.

      පින්තූරේ එච්චරට අප්සෙට්ද? ඒක අයින් කරන්න කියලද ඔය කියන්නේ? ඔන්න මම මට හිතෙන හැටි එකෙත් අයින් කලා ඔයා කියන හන්දම.

      බලමු, එහෙනම්. :)

      Delete
    2. ඩුඩ්!!!! මේ පින්තුරේ හරිම හොදයි....අරකත් කතාවට ගැලපෙනව....ඒත් කන ගමන් පෝස්ට් එක බැලුවොත් එහෙම......හිහ් හිහ් හිහ් :))

      තැන්ක් යු ඩුඩ්.....කතාව ගැන කියල වැඩක් නෑ...... g-)

      හරිම ලස්සනයි.... :D:D :D

      Delete
  11. කතාව මරු වුනත් පලිප්පු මහත්තයාගේ කතාවටයි ඇන්ඩිගේ කතාවටයි ළඟින්වත් තියන්න බෑ..ගොඩක් හිතන්නැතුව ඇන්ඩිගේ ශෛලියෙන්ම ලියන්න බලන්න ඉතුරු ඒවා...

    ඔන්න මගෙනුත් මල් මිටක්...

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් ඇන්ඩි ලවර් කෙනෙක්. :-* අර උඩ මාතලං කියලා ත්යෙන එක දැක්කද රූ?

      ම්ම්ම්... මේක විතරයි මම දන්න ගෑණු දෘශ්ඨි කෝණයකින් ලියපු කතාව. පෞල් ජෙනිංස්ටත් බොහෝදුරට ඇන්ඩි ශෛලියම උපයෝගී කරගන්න පුලුවන් පරිවර්තනයෙදි.

      ඒක හන්දා ඒ ප්‍රශ්නෙත් හරියයි, මම හිතන්නේ.

      :-f

      Delete
  12. මම හිටියා නම් මමත් කරන්නේ ඔය වැඩේ. ඔක්කොමත් හරි Cat Poo ??? yuck... 5-p

    ReplyDelete
    Replies
    1. ඔයා ඔය වැඩේ නොකරයි කියලා මමත් විශ්වාස කරන්නේ නෑ.

      යකෝ මේ බළල් බෙට්ටට තියෙන විරෝධය! දෙකායි!!

      Delete
  13. මරු රිටර්න් එකක්නේ දීලා තියෙන්නේ.... :D

    ReplyDelete
    Replies
    1. ලෙසටම දීලා නේද තොටියා? හික් හික්! :))

      Delete
  14. ඈඈඈඈඈ.....ක්කාකාකාකාකා.........
    හැබැයි තාත්තට හොද විහිළුව කරලා තියෙන්නේ...... g-) ආයි විහිළු කරන්න නොහිතෙන්නම......

    ReplyDelete
    Replies
    1. ෂිඃ! මට මෙහෙමයි මාතෘකාව දාන්න තිබ්බේ!ඈඈඈඈඈ.....ක්කාකාකාකාකා......... :-O

      Delete
  15. :D රැවටීමෙන් රැවටීම උතුම් රැවටීම

    ReplyDelete
  16. ඒ කනතාවත් මරේ මරු ඔයා මෙහෙම මේවා නොදාන්ඩ මම කොහොම කියවන්ඩද

    ReplyDelete
    Replies
    1. දුක හිතෙන කතා කියන්න එපා බං.
      ඇත්තෙන්ම උඹ දැන් වුනත් පරක්කු නෑ අටම්. එක පාර මහා ලොකු දේවල් කියවන්න නොගිහින් පොඩියට පටං ගනිං. උඹ, උඹ හිතං ඉන්නවට වඩා ඉංග්‍රීසි දන්නවා. ඉස්සෙල්ලම මට බෑ කියන අදහසයි කම්මැලි කමයි අතෑරපං. පොඩී කතාවලින් පටං ගනිං. මම තව උපදෙස් දෙන්නම්, පස්සේ.

      Delete
  17. මට නිකමට හිතුන මුලදීම, පූසා ඇත්තටම කොට්ටේ උඩ මාක් කරලා තියෙයි ද කියල.. බලපුවම ඒක වෙලා. පූසා ඔය සිද්ධිය දැක්ක නම් ඌට කොච්චර සතුටු හිතෙයි ද :D

    ReplyDelete
    Replies
    1. පූසා දැක්කනේ චන්දන. පූසා එතනම තමයි හිටියේ.

      මේක පූසා කොට්ටේ උඩ කරපු වැඩක් නෙවෙයි. මම හිතන්නේ කෙල්ලො දන්නම කතා වෙලා මේක මිදුලෙන් ගෙනල්ලා ප්ලාන්ට් කරලා.

      Delete
  18. කතාව නම් නියමයි... අර Cat Poo තමයි අවුල...

    ReplyDelete
    Replies
    1. තැංකූ බණ්ඩෝ. අඩේ, මේකත් විරෝධය පාලනේ බළල් බෙට්ටට! තුනායි.!!!

      Delete
  19. ඈක්කා..............
    මොනවා උනත් නියම විහිලුව...

    ReplyDelete
    Replies
    1. ආයේ ඇස් වල රතු වෙන්න දෙයක් නෑ. මම හිතන්නේ කටත් හාපික් දාලම හේදුවද දන්නේ නෑ! :))

      Delete
  20. ඔන්න අද සිංහලෙන් කමෙන්ට් කරනවා! අද කතාව නම් මාරු තමයි. හැබැයි මටත් නම් අල්ලලා ගියේ ඇන්ඩිගේ කතාව තමයි! පරිවර්තනයක් කරනවා කියන එක ලේසි නෑ විශේෂෙන්ම මුල් කතුවරයා/ කතුවරියගේ අදහස එහෙම්මම දෙන්න කරන එක කොහොමටත් ලේසි නෑ! ඒ අතින් මේක අතිසාර්ථකයි කියන්න පුළුවන්!

    ReplyDelete
    Replies
    1. :-h නියමයි අඟහරුවෝ. මට පිස්සු කොර වෙලා තිබ්බේ අර සිංග්‍රීසි කියවන්න ගියාම. ජයවේවා!

      [im] http://www.banglatorrents.com/images/smilies/btnew/bt_thank_you.gif [/im] for the comment

      Delete
  21. Thanks for sharing these with us. Started getting Andy Griffth books from the library, becuase of your recommendation. Once I'm done with that this will be my next option :-)

    ReplyDelete
    Replies
    1. Perhaps one of the best things that could have happened because of a blog! I'm so happy. Keep it up. You'll never regret it.

      :-f

      Delete
  22. සික්! පට්ට සීන් ඒක බං අයියේ!

    ReplyDelete
    Replies
    1. ඔව් බං. මම මේක කියවපු මුල් වතාවේ මටත් හිතුනා පස් හය වතාවක් දත් මදින්න. :D

      Delete
  23. අඩේ පටස් ගාද්දි සිත්තරේකුත් ඇඳිලා තියෙන්නෙ..ඉස්සර උඩින් පල්ලෙන් සිතතරේ බල්පු මම දැන් හොඳට බලන්න පටන් අරන්.. මිනිස්සු වෙනස් වෙන හැටි.. :D

    අර බළල් බෙට්ට අයින් කළානම් හොඳයි අප්පා..

    ReplyDelete
    Replies
    1. ඔව් බං. මේක පබ්ලිෂ් කලාට පස්සෙ චිත්‍රයක් ඇන්දා. මම කලිසමයි ටී ෂර්ට් එකයි ඇන්දගෙන ජනේලෙන් ඔලුව එලියට දාලා දීපට කිව්වා ෆෝටෝස් කීපයක් ගන්න කියලා. ඊට පස්සෙ කාඩ් එක ලැප්ටොප් එකට ගහලා ඒ ආශ්‍රයෙන් කාටූන් එකක් වගේ ස්කෙච් කලා.

      බළල් බෙට්ටට විරෝධය නැවතත්. හතරායි!!!!. ඔන්න අයින් කලා. වලලලාම දැම්මා අර ලෙමන් ගය යට.

      හෙක් හෙක්, මිනිස්සු වෙනස් වෙන හැටි! ඒක හොඳ වෙනසක්!

      Delete
    2. අඩේ ඒක සෑහෙන කැපකිරීමක්..නොවැ..

      Delete
  24. මරු විහිලුව :D ඒ උනාට පවු තාත්තා. :)
    Short and Sweet කතාවක් :)

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මෙහෙම දෙයක් වුනානම් හොදි ඕනෙ නෑ! :D

      Delete
  25. අපොයි මේ කෙල්ලගෙ තාත්තා ඇන්ඩි වගේ තමයිනේ... අපේ තාත්තිත් මගේ යාලුවෝ ආවහම සිංදු කියනවා නටනවා, හැබැයි මෙහෙම දේවල් කරන්න හිතන්නෙවත් නෑ, මොකද තාත්තිට පිළුණු උන කෑමක් උනත් ගොඩාක් අප්පිරියයි..

    ReplyDelete
    Replies
    1. නදිනිගේ තාත්තත් ජොලි තාත්තෙක්නේ. මම ඔයාගේ බ්ලොග් එකේ කියවලා තියෙනවා එයාගේ කතා කීපයක්. හික් හික්! :D

      Delete
  26. සින්තියාට විතරක් නෙමේ මටත් මේ සිද්ධ උනානම් ඉතින් වමනේ යනවා. :)

    ReplyDelete
    Replies
    1. මට නම් වමනේ ගිහින් නවතින එකක් නෑ, අලුතෙන් කටක් දාන්න හිතෙයි. :D

      Delete
  27. පරිවර්තනය වෙනදා වගේම මරු .

    පොඩි කාලේ අපේ ගේ හදන කොට මිදුලේ ගොඩ ගහල තිබිච්ච වැලි ගොඩ , අපේ ආතම්මා ගේ කරුණාවට කෑම දී , වත්තේ තැනින් තැන පදිංචි වුන බැළලියන් ....වැලි හලන්න ගන්න කොට , වයසක බාස් උන්නැහෙ ගේ මුවින් පිට වුන සුමදුර වදන් ....
    ඔබ මාව අතීතයට ගෙන ගියා ඩුඩ්

    ReplyDelete
    Replies
    1. [im] http://www.banglatorrents.com/images/smilies/btnew/bt_thank_you.gif [/im]JP!

      ලංකාවෙදි අපි දවසක් උදේ ඉස්කෝලෙ යනකොට බයික් එකේ හුලං බැස්සා. මම බයික් එක ගත්තා පාරෙන් අහකට. ඇත්තටම කඩවල් වගයක් තියෙන වැලි සහිත මිදුලකට. වැලි ඇටයක් ගානේ බළල් බෙටි! හයියෝ!! :-O

      Delete
  28. කර උසට දුවෙක් ඉන්න තාත්තලාට හැමදාම සෙල්ලන් දාන්න බැහැ කියල ලියල තියෙන ඉට්ටයිල් එකෙන් කදිමට පෙන්නල තියෙනව.
    දෝනියන්දගෙන් හෙන්රිට වුන ඇත්ත දෙයක් එහෙම නෙවෙයි නේද :)?.

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට කෙන්ජි මේ විදියට ඉන්න හැකිනම් නියමයි කියලා හිතෙනවා මට.. කෝ අද ඔයාගේ ඇනෝ මල්ලිලා සෙට් එක..

      Delete
    2. ඇනෝ මලයන්ඩිල මා එක්ක සෙල්ලම් කරන්නෙ "මාතලන් ස්ටේඩියම්" සහ "කතන්දර ස්ටේඩියම්" දෙකේ විතරයි.:).

      Delete
    3. කෙන්ජි, බොට විස්වාස නැතිනම් ඔන්න පොතේ නමත් තියෙනවා, මේක පෝල් ජෙනිංස් ලියපු එකක් බව ඔප්පු කරන්න. :D

      Delete
  29. මම කල්පනා කරේ උඹේ සිලෙක්ෂන් මොන තරං ඉස්තරම්මද කියලයි. ඇයි බොල අපිත් ඇස් ගෙඩි ලොකු කරන් බලන්න ඕන ඒවාම මූ දාන්නේ කියලා..හැක් හැක්. ඒ වාගේම තමා හෙන්රියාවර්තයත් හැමදාම වගේ ඈක්කා..

    ReplyDelete
    Replies
    1. ඒකෙන් පේන අනිත් වැදගත්ම දේ නම් අපේ රුචිකත්වයන් සමානයි කියන එක නේද? තැංකූ වේවා දේශා!

      Delete
  30. නියම විහිළුවක් තමයි තාත්තට කරල තියෙන්නෙ. ැමදාම එකම විහිළුව කරන්න යන්න එපා කියන්නෙ ඕකට තමයි.
    නියම කතාවක් ඩූඩ්.

    කෝ මේකෙ ඊයෙ රෑ බලද්දි තිබ්බ බෙට්ට. ඇයි ඒක අයින්කළේ. b-(

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බං.

      බෙට්ටට වලි දැම්මනේ බං. අපේම ගෙදරින් දෙන්නයි උඹලා තුන් දෙනෙකුයි. අනේ ඉතින් මම ඒක අර ඇන්ඩියව වල දාපු ලෙමන් ගහ යටම වලලලා දැම්මා පසුත් බුරුල් එකේ. =))

      Delete
  31. අර ඇබිත්තයාගේ කතාව මතක් වුනා. දන්නවා නේ මචං ඒ කතාව.

    හක්ක රෙදෙනකම් හිනා වුනා බං. මම හිතුව මිට වැඩ වෙනස් දෙයක් වෙයි කියල.

    ReplyDelete
    Replies
    1. මට මතක් වුනේ නෑනේ බං ඇබිත්තයගේ කතාව උඹ කියන කල්. ඉස්සර අහපු කතාවක්. එහෙන් මෙහෙන් අමාරුවෙන් තමයි මතකයට නගා ගන්න පුලුවන්.

      උඹ නුවරද අසරණයා?

      Delete
  32. ගැනු ලමයෙක්ගෙ භාශාව මටසිලිටිය්. ඔබ සැහෙන උත්සාහයක් අරන් තියෙනවා ඒ වෙනස කරන්න. ඇන්ඩිගෙන් ජේන්ට වෙනස් වෙන්න සැහෙන අමාරු වුනා නේද? ඒකා කියල තියෙන්නෙ ඇයි කෙල්ලෙකුට?

    ReplyDelete
    Replies
    1. එහෙනම් මම බ්ලූ ලෝටස්ට වඩා කෙලි බාසාව දන්නවා. කෙල්ලො ඒකා ඌ කියලා තමයි අනිත් කෙල්ලන්ව හඳුන්වන්නෙ. :D

      Delete
  33. අපේ අර රවියා හිටපු චමරියෙත් රබර් සර්පයො කීප දෙනෙක් තිබුනා..එක දවසක් ඇත්තටම ආපු සර්පයෙක්ව අපේ එකෙක් අල්ලන්න හැදුවෙ රබර් සර්පයෙක් කියලා..ඇයි ඒ වගේමනෙ..

    ReplyDelete
    Replies
    1. රබර් සර්පයෝ ගැන මට තියෙන එක ප්‍රභල භීතිකාවත් ඔන්න ඔය උඹ කිව්ව සංසිද්ධියයි. :-O

      Delete
  34. "හෑහ්!!!!" :-O

    පව් අප්පා අප්පොච්චි. අර කෙල්ලන්ට තිබුනේ ඒ ගැනවත් හිතලා සෝස් ටිකක්වත් දාලා තියන්න. කලින් බලද්දී තිබුණු චීස් බර්ගර් එක හොඳට බලන්න ආවා මදැයි. :(

    කතාව ලස්සනයි. හැබැයි ෂෝර්ට්.
    සිත්තරේ අඳින්න වෙච්ච මහන්සිය උද කමෙන්ට් එකකින් දැක්කා. ඔය පින්තූරෙ අල්ලන්න කිව්වම "මළ විකාර" කියලා කිව්වෙ නැද්ද? එක්කො එහෙම වෙන්නේ කොහොමද දෙන්නම ජාඩියයි මූඩියයි වගේනේ. :))

    ReplyDelete
    Replies
    1. ඔව්, ඇත්තෙන්ම කීප වතාවක් ලඟ නවලා ඉන්නකොට සමහරු ඕක කටගැස්මකට වුනත් ගන්න නැරි නෑ ගැඹුරු තෙලේ බැදලා හෙම දුන්නොත්. :-O

      ඉතින් කතාව ෂෝර්ට් උන එක හොඳ නැද්ද? Short and sweet. :)

      අන්න උඹ දැක්කනේ, චිත්‍රයක් අඳින්න කරන කැපවීම!

      You are correct.

      Delete
  35. ඒවගේ විහිලුවකට ඒ වගේ ප්‍රායෝගික පිළිතුරක් තමා හරියන්නේ. හැබැයි විහිලු කරනවානම් විහිලු විඳින්නත් පුළුවන් වෙන්න ඕනෙ. අනික එකම විහිලුව හැමදාම කරනකොට එක මල විකාරයක් මිසක් විහිළුවක් වෙන්නේ නැහැ. පරිවර්තනය බොහොම හොඳයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. [im] http://www.banglatorrents.com/images/smilies/btnew/bt_thank_you.gif [/im]Wicharaka.

      Delete
  36. චරිතෙට අනුව භාෂාව හසුරුවන්න පුළුවන්කම rare talent එකක් ඩූඩ්. මං කියෝල තියෙන පරිවර්තන වල ඒ ගතිය තිබිල තියෙන්නෙ සීයට දහයක වගේ තමයි. ඈක්ක කතා කියද්දි මට මතක් වෙන්නෙ Around the Twist ටීවි සීරීස් එක. ඒකත් ඕස්ට්‍රේලියන් වැඩක්. ඈක්ක කතා විමානයක්...

    කතාව ගැන කියනවනං:

    පූසො ජරා කරාම හැතැප්මක් එහාට ගඳ එනවනෙ... ෂුවර් එකටම ඔය ගෑල්ලමයගෙ තාත්තට තදේට හෙම්බිරිස්සාව. :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි පරිකල්පන. :)

      Around the Twist ලිව්වේ Paul Jennings. මම හිතන්නේ ඒක නම් ලංකාවේ හුඟ දෙනෙක් බලලා ලිව්වේ මේ ලේඛකයම බව නොදැන වුනත්.

      ඒක ඇත්ත. බලල් බෙට්ට මාර ගඳයිනේ. මේක වේලිච්ච එකක් වෙන්න ඇති බං. නැතිනං අරං කටේ දාගන්නත් ටිකක් අමාරුනේ. :))

      Delete
  37. බලල් බෙට්ට සෑහෙන්න රහ ඇති නේද...කෙල්ලගෙ තාත්තගෙන්ම තමා අහන්නෙ වෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. ඔව් බං. ඔය කියන තරම්ම අජූව නැතුවත් ඇති. මිනිස්සු ඔය බොම්බිලි කරවලත් කන්නේ. ඇයි මෝර කරවලත් කන්නේ. :))

      Delete
  38. ඇතිවෙන්න රස වින්දා මචං..! උදේ පාන්දර ලේ පිරිසිදු උනා.

    මේ බ්ලොග් කලාව ලස්සන වෙන්නෙ උඹල වගේ උන්ගෙන්. මිනිස්සු සතු‍ටු කරන එක පිනක්,හිතේ සතුටට හේතුවන දෑ දකින්න ලෑබීමත් සතුටක්.

    මට ගලප ගන්න බෑ උඹ ගැන හිතෙන මෙව්ව..! නියමයි ඩූඩ්..!

    උඹ එහෙම කලේ නැහැනෙ ඕය වගේ විහිලු දුවට..?...:))))))

    ReplyDelete
    Replies
    1. [im] http://www.banglatorrents.com/images/smilies/btnew/bt_thank_you.gif [/im]very much මචං.
      බැලූ බැලූ අත තියෙන්නේ හිත සවුත්තු වෙන, ජීවිතාශාව අතෑරලා දාන්න හිතෙන දේ නිසාමද කොහෙද. මමත් කැමති පොඩ්ඩක් හරි හිනාවෙලා සතුටින් ඉන්න හැකි දේටයි.

      Delete
  39. පට්ටයි හොඳේ.... පරිවර්තනය නියමයි..
    ඇත්තටම ඩූඩ් බලල් බෙට්ට මොන රහද ?

    ReplyDelete
    Replies
    1. තැංකූ වේවා යසිත්.

      කිව්වට උඹ විස්වාස කරන එකක් නෑ යසිත්, බළල් බෙට්ට ඇත්තෙන්ම උඹේ ප්‍රියතම කට ගැස්මේ රහමයි. :))

      Delete
  40. මට නං ඇන්ඩි ගෙ වගේ වංගු වලින් හැරි හැරි ඉන්නේ නැතුව කෙලින්ම හයි වේ එකේ යනව වගේ ගියපු නිසා මේ කතාව ඇන්ඩිටත් වඩා හොඳයි වගේ. මම කිව්වෙ, බොලාට හරියන්නෙ පරිවර්තන තමා. නරකද සයිඩ් බිස්නස් එකක් විදිහට පටන් ගත්තොත්? :)

    ReplyDelete
    Replies
    1. ඇන්ඩියා වංගු වලින් හැරි හැරි ගියේ කේක් හදන්න විතරනේ මුහුදු. අනිත් ඒව කෙලින්ම freeway.

      යකා බැඳගත්තා වගේ තියෙයි බං. :)

      Delete
  41. මමත් එකක් හොයාගන්න ඕන

    ReplyDelete
    Replies
    1. උඹට ඇත්ත එකක් හරියන්නේ නැද්ද? Genuine ම ගත්තෑකි. :))

      Delete
  42. හි හී.. මාර තාත්තා කෙනෙකුයි දුවෙකුයි තමා.. මට තාම හිනා යනව තාත්ත අර බලල් බෙට්ට කටේ දාගත්ත විදිහ ගැන කියද්දි..

    වෙනදා වගේමයි.. කතාව අදත් ගොඩාක් රසවින්දා.. ලියල තියන බස් වහර වගේම චිත්‍රයත් කතාවට ගොඩක්ම ගැලපෙනවා.. ලිංග භේදය වෙනස් කිරීමෙදි වුනත් සාර්තකයි.. තව මේ වගේ කතා හෙන්රි අයියාගෙන් බලාපොරොත්තු වෙනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සචින්. තව තියෙනවා බං. ලියාගන්න වෙලාවක් තමයි නැත්තේ. අනික සිත්තරේකුත් අඳින්න එපායැ. :D

      Delete
  43. අන්න එහෙම තමයි ඉන්න ඕන.. කතාවනම් හිතට වැදුනා නියමෙටම..

    ReplyDelete
    Replies
    1. නැතුව බෑ බං දිනේෂ් මේ වගේ තාත්තලත් ඉහ ගහගෙන ඉන්න. :)

      Delete
  44. කලකට පස්සෙ වෙලකට බැස්සේ ..කියෙවුවේ ඉස්සෙල්ලම මේක.. හොකෑස් කියලා පටන් ගත්ත හිනාව බරාස් ගාල බ්‍රේක් එකකින් ඉවර උනේ ඉස්සරහින් ඉන්න උන්ටික මං දිහා පුදුමෙන් බලනකොටයි.. ආයිත් නං ඔ‍ෆිස් එකේදි උඹේ කතා කියවන්නෙ නැ‍තෝ.

    ReplyDelete
    Replies
    1. මගේ නෙවෙයි බං. මේ ඕස්ට්‍රේලියානු ලේඛකයන් දෙන්නගෙ වරද. මුන් දෙන්නම ලියන්නේ අපිව අමාරුවේ දාන කතානේ. :))

      තැංකූ බොසා.

      Delete
  45. [co="red"]තාත්තටත් ගේමක් දීලා තියෙන්නේ නියමයි හොද වැඩේ ..හික්..හික්.. පස්ට කථාව, මේකාගේ තව කතා නැද්ද මේ වගේ ..[/co]

    ReplyDelete
    Replies
    1. තියෙනවා. මේ පොත් සෙට් එක මෙහෙ නෑ බං. ඒවා තියෙන්නෙ ගෙදර. ඒකයි පුරස්නේ. ඒත් කීපයක් මා ලඟ තියෙනවා.

      Delete
  46. කොමෙන්ට් එක පරක්කු වුනාට අපි මේක කියෝලා අප්පිරියාවට පත් වුනේ ලිව්වා දාම . සික් ..ඈක්කාම තමයි. ලස්සනම වැඩේ සෙනසුරාදා අපේ දිහා කෙල්ලෝ තුන් දෙනෙක් ආවනේ ලොක්කිගේ උපන්දිනේට . උන් මෙහෙ නිදාගත්තා . අපි දෙන්න සරින් සැරේ මේක මතක් කර කර හිනා වුනා . අපේ ලොක්කි තර්ජනය කළා ඔන්න තාත්ති එහෙම ඕන නැති වැඩ කරන්නේ නැහැ කියල .

    ReplyDelete
    Replies
    1. මෙන්න ජීවමාන කමෙන්ට්! මේක කියවලත්, කතාව ලිව්ව වගේම රසයක් වින්දා මම. :D

      Delete
  47. කාලෙකින් කියෙව්ව මරු කතාවක් මචං.

    ReplyDelete
    Replies
    1. ටැංකෝ ඩ්‍රැකී!
      අඩේ උඹ සිල් අරං නේ!

      Delete
  48. අඩේයප්පේ කෝ බොලේ මං දාපු කමෙන්ට් එක ?

    ReplyDelete
    Replies
    1. ඔහෙප්පලයන් ඒක දැම්මේ අනික් එකේද කොහෙද

      Delete
    2. මම දැක්කා. ඒත් මම කල්පනා කලා දිගින් දිගටම එහෙම කියනකොට උඹ හිතයි කියලා, මම, උඹ 'මට හිතෙන හැටි' එකට එනවට අකමැතියි නිසා කියනවයි කියලා. :)

      Delete
  49. මම හිතුවෙ පළවෙනි විහිලුවෙදිම බළල් බෙට්ට මාරු වෙයි කියල :D.
    හැබෑටම නියමෙට භාශාව වෙනස් කරලනෙ. මෙයාගේ තවත් ඔය වගෙ කතා දන්නෙ නැද්ද?
    ඔන්න අපේ සීමාවාසිකේ ලබන සතියෙ පටන් ගන්නවලු!

    ReplyDelete
    Replies
    1. හලෝ ගිමන්.

      ඔව් තව තියෙනවා. වෙලාව තමයි හිඟ.

      ඕව් මම දන්නවා. මම ඒක ගැන කමෙන්ට් රිප්ලයි එකකුත් දැම්මා ගිමන්ගෙ කමෙන්ට් එක යට.

      Delete
  50. හඃ හඃ හා .............. අපොයි ඊයා !
    තාත්තාට හිතන්න තිබ්බා දුව එයාගේ යාළුවා ගැන කලින් කියපු විස්තරේ ගැන චුට්ටක්... ෂුවර් එකට යාලුවගෙ අදහසක් වෙන්න ඇති. ඒත් ඉතින් ඔය වගේ ගති නම් ආරෙට යනවා. හිහ් හිහ් හී......

    අපිත් ඉස්සර පුංචිම කාලේ ඔය වගේ වැඩක් කරනවා. ඒ දවස් වල අපේ ගේ ගාවින් ළමයි යනවා grade 11 වලට tuition. අපි කරන්නේ රත්තරං පාට චොක්ලට් කොල වලින් රුපියල් 5 කාසි උඩ කොටස වගේ පිටපත් කරලා යන පාර දිගේ තැනින් තැන තණකොළ අස්සේ (අව්ව තියෙන තැන් වල) තියනවා. අනිවාර්යයෙන් 10ක් තිබ්බොත් 10ම අහුලනවා. අහුලලා බලනකොට කොලයක්! හූ ... හූ.... රැවටිච්චි පොල්කිච්චි...!!! හී.. හී... හී ...

    ප.ලි. ඕක අපේ අය්යාගේ අදහසක් ....... ඉස්සර (මීට අවුරුදු 15 කට කලින්) රුපියල් 5ක් කියන්නේ සැලකිය යුතු ගානක්!

    ReplyDelete
    Replies
    1. ඒක නරක වැඩක් වුනත් ඒක කියවනකොටත් පුදුම ආතල් එකක් දැනෙනවා මට. අපි කා තුලත් තරමක බුලියෙක් හැංගිලා ඉන්නවා මම හිතන්නේ.

      Delete
  51. අර පින්තුරේ අයින් කරපු එක නම් ලොකු දෙයක්. g-) කතාව පරිවර්තනය කරලා තියෙනවා හරිම ලස්සණට. :-f

    ReplyDelete
    Replies
    1. ඒ පින්තූරේ කැතයි නේ ඇත්තෙන්ම? Just revolting! එහෙම වෙන්නේ මේ කතාව නිසා. නිකම්ම එහෙම පින්තූරයක් තිබ්බා නම් ඒකේ ගානක් නෑනේ. තව විදියකට කිව්වොත් කතාවෙන් ඒ පින්තූරෙට අලුත් අගයක් ලැබිලා.

      Delete
  52. ඌරගේ මාළු ඌරගේ පිටේ තියලා කපනවා කියන්නේ මේ වගේ දේවල්වලට තමා :D

    ReplyDelete
    Replies
    1. සමහරවෙලාවට එහෙමත් නොකර බැරුවම යනවා හසිත.

      Delete
  53. මේක මිස්වෙලා බං!

    ReplyDelete
    Replies
    1. මම උඹේ කමෙන්ට් එක දැකලා ඇවිත්, තවත් තුනකට රිප්ලයි කලා. ස්තුතියි රාජ්.

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>