Wednesday, April 6, 2016

150. තිලකසිතෙන් බිහිවුන කෙටිම කෙටිකතා සංග්‍රහය.

හැඳින්වීම

තිලකසිතේ පළවුනු පළතුරු ගෝනිය හා තිබොල්කැටිය ඉස්කෝලේ -සමන් මතක 2 බ්ලොග් සටහනේ තිබුණු මේ කොටස තමයි මගේ මේ සටහනේ inspiration එක

' බලපන් ඔය සුපර් මාර්කට් වල ඇවිදින වැඩිහිටි පිරිමි විශේෂයෙන් ලංකාවේ හා ඉන්දියාවේ උන්. උන් බලන්නෙම දරුවන්ට හෝ ගෑනුන්ට සුදුසු යමක්. රස කැවිල්ල්ලක්, සෙල්ලම් බඩුවක්, සෙන්ට් කුප්පියක්  දැක්කොත් නතර වෙලා බලනවා. උන් ජීවත් වෙන්නෙම දරු පවුල වෙනුවෙන්. මේ ඉන්න දුෂ්කර  කාලෙත් උන් තමන්ට කියල කිසි දෙයක් ගන්නේ නෑ '


හොඳම දේ ළමයින්ට?

ඔය කතාව ගැන කියන්න වචන නෑ. මේ ගති ගුණය අපි අතරෙත් අඩු වැඩි වශයෙන් තියෙනවා.  අපිත් මෙච්චර කාලයක්, මෙච්චර කට්ටක් කාගෙන රට රස්සාවක් කරලත් ඉතුරු කරගත්ත දෙයක් නැති බව මට ආයෙම මතක් වුනා.  පහුගිය නිවාඩු කාලෙ යෙදුන බිරිඳගෙ උපන් දිනේට ඇයට සර්ප්‍රයිස් පාටියක් සහ තෑග්ගක් දෙන්න අපේ දරුවො දෙන්න කටයුතු කරලා තිබුනා. රහසින් මාත් එක්ක අම්මට තෑගි ගන්නත්, අවුරුද්ද මැද යෙදෙන මගෙ උපන්දිනයත් ඒ ගමන්ම සමරන්න මට රහසින් දීපත් එක්ක තෑගි ගන්නත්, උන් දෙන්නා කුමන්ත්‍රණය කරලා.  උන් දෙන්නගෙ වියදමට දෙන සල්ලි එකතු කරලා අපි දෙන්නට තෑගි ගන්නයි දෙන්නගෙ සැලැස්ම වෙලා තිබුනේ.

වෑන් එක කො‍ටුවේ පාරක් අයිනේ දාලා, අම්මයි දුවයි වෑන් එකේ ඉන්දැද්දි, මොකක්දෝ බොරු උවමනාවක් පෙන්නලා චූටි පුතා මාත් ඇදගෙන ගියේ ලංකාවට වෙලාව දක්වන විමලධර්ම සහෝදරයෝ ගාවට. එතන ඔරලෝසුවල ගණං ඇහුවම මට හීන් දාඩිය දාන්න ගත්තත්, කොල්ලා ඔරිජිනල් ජපන් ඔරියන්ට් අත් ඔරලෝසුවක් අරගන්න හදනකොට මම ටිකක් පස්ස ගැහුවේ ඒ ගාන දරාගන්න බැරි එකක් නිසා. එතකොට කොල්ලා කිව්ව කතාවට නිරුත්තර වුනා. කොල්ලා කිව්ව වාක්‍යයේ සිංහල අදහස මෙහෙමයි.

"ඔයාලා දෙන්න අපිට හොඳම දේ දීලා, ඔයාලා පිරිමහගෙන ජිවත් වෙන එක තමයි කලේ හැමදාම. මේ වගේ වෙලාවකවත් හොඳම දෙයක් ගත්තේ නැත්තම්, අම්මට කවදාවත්  හොඳම දෙයක් පාවිච්චි කරන්න ලැබෙන්නේ නෑ."

එතනින් එහාට ඔරලෝසුව අරගෙන සාප්පුවෙන් එලියට බහිනකල්ම මට හැම දෙයක්මෙ පෙනුනේ බොඳ වෙලා. වෑන් එකට ආපු අපි තවත් බොරුවක් කියලා, පස්ස දොර ඇරලා ඔරලෝසුවත් එක්ක දීපු කැලැන්ඩරේ ආවුද පෙට්ටිය අස්සේ හැන්ගුවා.

අපි හොඳම දේ ගන්නේ නෑයි කියන පුතාගෙ අදහසට සීයට සීයක් එකඟවෙන්න බැරි වුනත්, උන් දෙන්නගෙ ආකල්පය ගැන මට යටි හිතෙන් සතු‍ටු වුනා. උන් දෙන්නා පස්සේ මාවත් මග ඇරලා, මටත් වටිනා සිටිසන් අත් ඔරලෝසුවක් අරන් තිබුනා තවත් දේවල් එක්ක දෙන්නට එකටම දෙන්න.

රොබින් නම් ඉන්දියානුවා



දැන් මේ තියෙන පින්තූරෙ මම ගත්තේ තිලකසිත කියවපු ගමන්මයි. ඔය පේන කණ්නාඩි කේස් එකයි, බෑග් එකයි අයිති රොබින්ට.

රොබින් කියන්නේ දීපයි මායි ඒ ඉන්දියානුවට දාපු අනවර්ත නාමයක්. මුලින්ම කියන්න ඕනෙ රොබින් මගෙ ප්‍රියතම පුද්ගලයෙක් නම් නොවන වග.  නමුත් ඒක මෙතනට අදාල නෑ.

රොබින්ගෙ විශේෂය තමයි මේ ගුරුමණ්ඩලේම ඉන්න ස්මාට් දුරකථනයක් හෝ ලැප්ටොප් පරිගණකයක් නැති එකම ගුරුවරයා වීම. මේ ඊයෙ පෙරේදා අලුතෙන්ම ආපු අය ලඟත් ලැප්ටොප් තියෙද්දි, රොබින් පාවිච්චි කරන්නෙ ඉස්කෝලෙ පරිගණක. ඉස්කෝලෙ ඇරිලා අනිත් උන් ගෙවල් වලට යද්දි රොබින් ඉස්කෝලෙ පරිගණයක් ඉස්සරහ උඩ බලාගෙන පාඩම් සටහන් හදනවා.

නිවාඩු දවසක අපි දෙන්නව ගෙදරින් එලියට ගන්න හරිම අමාරු වුනත්, රොබින් ඇතුලු හුඟක් ඉන්දියානුවෝ කියන්නේ "හරිම බෝරිං" කියලා. ඒකට හේතුව හිතාගන්න අපිට දැන් අමාරු නෑ.

ඉබි කේස් එක

මේ පින්තූරේ වම්පැත්තේ පේන්නේ රොබින්ගෙ බෑග් එක. මේ මේසේ උඩ තියෙන අනිත් බෑග් එක්ක බැලුවාම ඒක සෑහෙන පාවිච්චි කරපු අබලන් බෑග් එකක්. මේක බොහෝ විට රොබින්ගෙ දරුවෙක් පාවිච්චි කරලා අයින් කරපු එකක් වෙන්න ඕනෙ. ඉබ්බා දාලා තියෙන්නේ මොනව හරි වටිනා දෙයක් ආරක්ෂාකරගන්න වෙන්න ඕනෙ. අපි කිසි දවසක අහලා නෑ ඒකෙ මොනවද තියෙන්නේ කියලා. ඒ එක්කම කියන්න ඕනෙ, අනිත් හැමෝම අර මුලින් කිව්ව ලැප්ටොප් , ස්මාට්ෆෝන් මේස උඩ තියලා ඉවත යනවා ඕනෙ තරම්. දැනුවත්ව කවදාවත් කිසිම දෙයක් නැතිවෙලා නෑ. නමුත් රොබින් මේ තරම් පරිස්සම් කරන දේ මොකක් වෙන්න පුලුවන්ද?

කණ්නාඩි කේස් එක

දවසක් රොබින්ගෙ කණ්නාඩි කේස් එක නැතිවෙලා. මිනිහා ඒකට හොඳටම කලබල වුනා.  පස්සේ ගෙදර තිබිලා ඒක හමුවුනා කියලා රොබින් කිව්වේ සිනා සිසී. මේ ලඟදි ඔය පසුම්බියේ ප්ලාස්ටික් සරනේරු කැඩිලා මිනිහ කහ පාට සෙලෝටේප් ගහලා ඒක අලුත් වැඩියා කරගෙන ඉන්නවා අපි දැක්කා. ගෙදර වැඩිපුර තිබිච්ච පාවිච්චි නොකරපු කණ්නාඩි කේස් එකක් අපි රොබින්ට ගිහින් දුන්නම මිනිහාගෙ මූණෙ මතුවුනේ පුදුම හිනාවක්. මට නොසෑහෙන්න ස්තුති කරපු රොබින් ඒ අලුත් කණ්නාඩි කේස් එක පාචිච්චි කරන පරිස්සම දැක්කාම ඇයි අපි මීට කලින් මේක නුදුන්නේ කියලා අපිට හිතුනා. ඔය පින්තූරේ තියෙන්නේ ඒ අලුතින් දීපු කණ්නාඩි කේස් එක.

ඔව් මේ පින්තූරේ ගත්තේ හොරෙන් තමයි රොබින්වත් වෙන කවුරුවත් නැති වෙලාවක් බලලා.

Ye-Ye!

මේ  පින්තූරේ පේන්නේ මේ රටේ ජනප්‍රියම ක්ෂණික කෝපි පැකට්‍ටුවක්. සිංගප්පූරු නිෂ්පාදනයක් වන යේ-යේ, නෙස්කැෆේ තරම්ම ජනප්‍රියයි. අපි උදේට ගන්න දෙවෙනි උදේ කෑමට (බ්‍රන්ච් එකට) එක්ක අපි යේ-යේ බොනවා. ස්ට්‍රෝං කොෆී වලට කැමති දීපා මග් එකෙන් හරියටම බාගයක් උණු වතුර පුරවලා යේ-යේ පැකට් එක දිය කරනවා. මම තුන්කාලක් උණු වතුර දාලා යේ-යේ පැකට් එකක් දියකරනවා මොකද මට වැඩි ප්‍රමාණයක් බොන්න ඕනෙ නිසා. රොබින් කෝප්පෙට කට කපලා එකක් වතුර දාලා යේ යේ පැකට් එකෙන් බාගයක් දාලා දිය කරලා, ඉතුරු බාගේ ප්ලාස්ටික් බෑග් එකක දාලා ශීතකරණයේ දොරේ අරන් තියනවා අපි දකිනවා.

කැපවීම

ඉන්දියාවෙ ඉන්න රොබින්ගෙ දුව විභාගය සමත් වුනාම මේ රොබින් ගුවන් ටිකට් පත් වලට අතින් වියදම් කරගෙන ගෙදර දිව්වේ හදිසි නිවාඩු අනුමත කරගෙන.

කෑම මේසෙ එකට ඉඳගෙන බ්‍රන්ච් එක ගන්න ගමන් මේ දුව ගැන රොබින් දවසක් අපි දෙන්න එක්ක කියපු දේ මගෙ හිතේ තාම ‍රැව් පිළි‍රැව් දෙනවා.
"මේ ලඟදි දුවගෙ හිත නරක් වුනා."
"ඒ මොකෝ?"
"මම දොස් කියලා"
"?"
"මේ ලඟදි මගෙ වයිෆ් කිව්වා ලෑන්ඩ් ෆෝන් බිල එනවලු අදහගන්න බැරි ගනං වලින්. පස්සෙ මේං දවසක්  බලනකොට කෙල්ල එයා යන ටියුෂන් පන්තියට එන්න බැරිවුන යාලුවන්ට ෆෝන් එකෙන් සම්පූර්ණ නෝට් එකම කියවනවලු ලියාගන්න. ඉතිං මම ටිකක් අවවාද කලා. ඒකට කෙල්ලගෙ හිත නරක් වෙලා"
"!"

පසුවදන

මම කවදාවත් මේ පෝස්ට් එක ඉංග්‍රීසියෙන් ලියන්න අදහස් නොකරන්නේ ඇයි කියලා කියන්න අවශ්‍ය නෑනේ.



Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.





87 comments:

  1. මේ වගේම තමන් එක්ක වැඩ කරන ඉන්දියානුවෙක් ගැන කතාවක් ලියලා තිබුනා තව කවුරු හරි...

    මට මතක විදියට ඒ උඹමද කොහෙද.... නැත්නම් තිලක සිත....

    අපරාදේ... ආයෙත් විමළධර්‍ම එකෙන් ඔරලෝසු ගන්නවා නම් මට කියහන්... අඩු කරලා අරගෙන දෙන්නම්...

    ReplyDelete
    Replies
    1. මමම තමයි බං. අර කසාදයක් බඳින්න ඉන්දියාවට ගිය පොර ගැනනේ. හෙට දීගෙකයන නුඹ මට specifications දීලා කියන එක.

      තැංකූ වේවා. නමුත් ඒකෙනුත් මෙතනදි තෑග්ග ගන්න යොදන උත්සාහයේ සැර බාලවෙයි කියලා මට හිතෙනවා.

      Delete
  2. රොබින් කෙනෙක් වීමටත් සැමටම බැරිය...නමුත් ඉන්දියන්ම වෙන්නටත් ඕනෑය..ඉන්දියන් වී විතරක් මදිය..සවුත් ඉන්දියන්ද විය යුතුය...!
    මට මතක් වෙන්නේ මචෝ..මෙච්චර කල් ගිහිල්ලත් මට තාම මොනාහරි දෙයක් ගන්නකොට දෙකක් ගන්න බෑ හතරක් ගන්නවා..ගෙදර ඉන්නේයි මායි ෂෙෆීයි විතරක් උනාට දෝනියැන්දටයි පුත්‍රයාටයිත් ගැනෙනවා..ඒ වගේම තාමත් අපි දෙන්නාට චිකන් එකක් ඉව්වාම ඩ්‍රම්ස්ටික්ස් කන්න හිතෙන්නේ නෑ මොකෝ ඒ දවස්වල ඒවා කන්නේ උන් දෙන්නා නිසා...
    මෙතෙන්ට අදාලද මන්දා කමෙන්ට් එක..ඒත් හිතට ආවේ කියවනකොට ඔය ටික....

    ReplyDelete
    Replies
    1. අදාලයි. මොකද අදාල නැතුව. අපේ චූටි පුතා ආපහු ලංකාවට ගියාට පස්සෙ සෑහෙන කාලයක් තේ හදන්න කෝප්ප තුනක් ගැනෙනවා. තුන් දෙනෙකුට වතෙර රත් කෙරෙනවා. තුන් දෙනෙකුට බත් උයන්න හදනවා. පිඟන් තුනක් ගැනෙනවා බත් බෙදන්න.

      සවුත් ඉන්ඩියන්ම වෙන්න ඕනෙ නෑ මචං. අපිත් එක්ක ඉන්නවා හයිද්‍රාබාද් එකෙක්. හම්මෝ උගෙන් තියෙන කරදරයක් උගෙ වැඩේ වයිෆ් එක්ක ෆෝන් එකෙන් කතා කරන එක. අපි ඌ පැන්ට්‍රි එකෙන් යනකල් ඉන්නවා කෑම කන්න මොකද කන පිරෙන නිසා. ඌ වෙන හැම දෙයක්ම වයිෆ්ට කියනවා. ‍රැස්වීමක් තිබ්බත් ඒකත් කියනවා.

      Delete
    2. උගේ වයිෆ්ට ඌ එපාවෙන්න නැතිවෙන්න ගුරුකමක් කරලා ඇති ඒකත් එකට.

      Delete
    3. මමත් කල්පනා කලේ බුවාගෙ වයිෆ්ට මොන තරම් කන්දොස්කිරියාවක් ඇද්ද කියලා.

      Delete
    4. උබගේ කෙමෙන්ට් ඒක මෙතනට හොදටම අදාලයි චෙපා

      Delete
  3. හ්ම්ම්...
    මේ දවස් වල හිතට වදින ඒවා ලියවෙනවා වැඩියි බ්ලොග් වල. ඒක හොඳයි...
    දැන් ඇති බං, වැඩිය කොටන්න බැහැ, හිත ඔද්දල් වෙලා වගේ...

    ReplyDelete
    Replies
    1. හිතට නොවදින එව්වා ලිව්වාමත් වැඩක් නෑ නේද බං. මොකෝ හිත ඔද්දල් වෙලා කිව්වේ?

      Delete
    2. මේ වගේ ලිපිම කියෝලා බං...

      Delete
    3. එහෙනං කමක් නෑ. මම හිතුවා මේ බිස්නස් අවුලක් කියලා.

      Delete
  4. හෙන්රි
    මේ තියරිය වැඩියම වලංගු වෙන්නේ ආසියානු දෙමව්පියන්ටයි කියලයි මම හිතන්නේ.ඒත් මගේ ලමයි දෙන්නා හිතන්නෙත් හෙන්රිගෙ දෙන්නා හිතන විදියටමයි.පරම්පරා වෙනසක් වෙන්න ඇති.

    පද්මකුමාර

    ReplyDelete
    Replies
    1. එහෙමද කුමාර? නමුත් මට නම් එහෙම හිතෙන්නේ නෑ. සමහරවිට අපිට එහෙම හිතෙනවා ඇත්තේ ලමයින්ගෙ ස්වාධීනත්වය, නිදහස,පෞද්ගලිකත්වය වගේ දේවල් වලට තියෙන ආකල්පමය වෙනස නිසා වෙන්න ඇති කියලා. රොබින් වගේම වීම කෙසේ වෙතත් අපි වගේ දෙමව්පියෝ නම් ඔය දෙපැත්තෙම අඩු වැඩි වශයෙන් ඉන්නවා මම හිතන්නේ.

      Delete
  5. රොබින් කියන්නේ තාත්තා කෙනෙක්නේ.තාත්තාලා එහෙම තමයි අපේ ඩුඩයියේ ඒ ගොල්ලෝ අපි වෙනුවෙන් කඩමලු අඳිනවා අපිට හොඳම එව්වා අරන් දීලා.

    මට මතකයි අපේ තාත්තා ඉස්සර ලේසියකට ඇඳුමක් ගන්නේ නැහැ.ගත්තත් ගන්නේ මිල අඩු චාම් එකක්.අපේ නැන්දලා කියනවා මම අහලා තියෙනවා තාත්තා කසාද බඳින්න කලින් නම් හරි ලස්සනට ඇන්දා ලගින් යන්න බැහැ සෙන්ට් සුවඳයි කියලා.එහෙම සෙන්ට් ගාගෙන ලස්සන ඇදුම් ඇඳන් හිටිය මනුස්සයා තමන් විවහා වෙලා දරුවෝ ලැබුවාම තමන් හම්බ කරන එක උන් වෙනුවෙන් වැය කෙරුවා මිසක් තමන් ගැන වැඩිය සැලකිලිමත් වෙන්න ගියේ නැහැ...:(

    දැන් තාත්තා ගෙදර ඉන්නේ,අපි රස්සා කරනවා.අපි හම්බ කරලා තාත්තාට ඇඳුමක් පැලඳුමක් ගිහින් දුන්නාම කියනවා "අපරාදේ නේ මෙච්චර හොඳ එකක් ගත්තේ,උඹට මොනවා හරි ගන්න තිබ්බානේ" කියලා.

    මේ ළඟදිත් ටි ෂර්ට් එකක් දුන්නාම තාත්තා කිව්වා "ඇයි මෙච්චර ගාණක එකක් ගත්තේ කියලා" ඒ ගමන මම කෑගැහුවා "අනේ මේ ඕක අදින්න,ඕක ලොකු ගාණක් නෙමේ කියලා" ..:)

    ReplyDelete
    Replies
    1. මම මනෝජ්ගෙ තාත්තා ගැන කලිනුත් කියෙව්වා. දැන් ආයෙම කියෙව්වා. ඇත්තටම අර අලියා බීම බෝතලේ ගැන නම් මට කියන්න වචන නෑ. මෙහෙව් රටේම තමයි අර ජරා තාත්තලත් ඉන්නේ කියලා හිතාගන්නත් අමාරුයි නේ?

      Delete
    2. අපේ තාත්තාත් ඔහොමමයි. මොනවාහරි ගිහින් දුන්නාම කියන්නෙ මේ ගානට මේ වගේ පහක් මට ගන්න පුලුවන් කියලා. ඉතින් එතකොට මට හිතෙනවා ඒගොල්ලන්ට වටිනාකමක් නැත්නම් එහෙම අරන් දෙන එකත් අපරාදෙ නේද කියලා.

      හිතමුකො ලොකු ගානක් දීලා හොඳ හොටෙල් එකකට යන එක මට හොඳ දෙයක් වෙනකොට ඒක ඒගොල්ලන්ට දැනෙන්න පුලුවන් පලක් නැති වියදමක් හැටියට.

      කාලෙකට කලින් පොශ් සංගමයක ඉන්න කෙනෙක් කිව්වා ඒගොල්ලො පොත් පත් වගේ දේවලින් නෙමෙයිලු ගම්වල ළමයින්ට උදව් කරන්නෙ. ඒ ළමයින්ට කන්න තියා හිතන්නවත් බැරි කෑම අරන් දීලාලු. උදාහරණයකට චොක්ලට් වගේ දේවල් තමයි කිව්වෙ. මම් කිව්වා ඒ ළමයි ඔය බ්‍රෑන්ඩ් නේම් දන්නෙ නෑ. මොනා දුන්නත් නිකම්ම නිකම් චොක්ලට් කෑල්ලක් කෑවා කියන අදහස විතරයි ඇතිවෙන්නෙ. ඒක නිසා මොළය පාදන දෙයක් දුන්නම කවදහරි දවසක ලොකුවෙලා බ්‍රෑන්ඩ් නේම් හොයාගෙන කයි කියලා

      Delete
    3. >>ඉතින් එතකොට මට හිතෙනවා ඒගොල්ලන්ට වටිනාකමක් නැත්නම් එහෙම අරන් දෙන එකත් අපරාදෙ නේද කියලා. <<

      ඒක තමයි නොකල යුතුම වැඩේ. ඔය ගානට පහක් ගන්න පුලුවන් කියන්නේ උඹලගෙ සල්ලි නාස්ති කරන්න එපා මා වෙනුවෙන් කියන දේම වෙනත් වචන වලින් කීමක්.

      Delete
  6. හෙන්රිගේ දරු පැටව් දෙන්නා ගැන බ්ලොග් එකෙන් කලින් කියවලා තිබුන නිසාද කොහෙද මේ පෝස්ටුව කියෙව්වාම පුදුම හිතුනේ නෑ..
    ඒත් මට හිතෙන විදිහට ඔහොම හැමදාම ළමයි ගැන හිතලා එයාලටම සලකන එක ළමයින්ට ගොඩක් ලොකු බරක් මට හිතෙන විදිහට..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මට එහෙම හිතුනේ නෑ. නමුත් අපේ රූ කියන කතාවෙත් ඇත්තක් තියෙන බව මට දැන් තේරුණා. ඇත්තටම ඒක බරක් තමයි සංවේදී දරුවන්ට. දෙමව්පියන්ගෙ දේ කොල්ලකාගෙන එයාලව එලියට අතුගාලා දාන දරුවොත් එක්ක සංසන්දනය කරනකොට.

      Delete
  7. පෙරදිග ඉන්න අපි විතරද මෙහෙම බඩේ බැඳගෙන, ඔලුව උඩ තියාගෙන, සලකන්නේ? ඒ බැඳීම කොච්චර හොඳද? සංසාරය පුරාම යන බැඳීමක් එතන තියනවා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නෑ විචාරක. මම දන්න තරමින් ඕක වෙනස් වෙන්නේ අපි බලන කෝණය අනුව. ළමයෙක් විශ්ව විද්‍යාලෙ යවන්න විවි අරමුදලක් බටහිර හුඟක් දෙමව්පියෝ පටන් ගන්නේ ළමයා ඉපදුන අලුතමයි. ඒකට සල්ලි එකතු කරන්න පුදුම කට්ටක් කනවා හුඟ දෙනෙක්.

      Delete
    2. (මේක තියරි එකක් නෙමෙයි නිකම් බාගෙට විහිලුවට ඔබ්සර්වේෂන් එකක් විතරයි)

      මට නිකම් හිතුනා මෙහෙ දෙමව්පියන් මාන්සිවෙලා ලමයින් dependent කරනවා
      බටහිර දෙමාපියන් මාන්සිවෙලා ලමයින් independent කරනවා කියල

      Delete
    3. මම හිතන්නේ ඒක විහිළු observation එකක් නෙවෙයි.

      Delete
    4. ඒක ඇත්ත කියල මටත් හිතෙනව. විශේෂෙන්ම මටත් independent වෙන්න මාර ගේමක් දෙන්න උනේ...

      Delete
    5. සමහරවිට ඒ බැඳීම් අහිතකර වෙන්නත් පුළුවන්. මමත් ස්වාධීන වෙන්න මාර ගේමක් දෙමින් ඉන්නෙ.

      Delete
    6. ඒ අත් අරින්න බැරි කම නම් අපේ පුරුද්දක් තමයි.

      Delete
    7. Pra Jay හරි මටත් හිතෙන විදිහට. බැලු බැල්මටනම් අපිට පේන්නේ මේ බටහිර මිනිස්සු ළමයිට කිසිම ආදරයක් නෑ නේ කියලා තමයි. හැබැයි ප්‍රතිඵල එන්නේ පහු වෙලා.

      Delete
  8. අර කියුවත් වගේ පෙරදිග මාපිය දූදරු සම්බන්ධය හරිම දැඩි බැදීමක් තමයි... ඒක එහෙම වෙන්න ගොඩක් දේ බලපානවා නේද???

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ අර කලින් කමෙන්ට් දෙකේම මම කිව්ව වගේ ඕක අපි දකින විදිය අනුවයි. නිර්මාණි වෙනස් වෙන්නේ, මගේ ඩෙනිමට සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  9. මේ ටොපික් එක ගැන කල්පනා කරගෙන යද්දී ගොඩක් දේවල් කල්පනා වෙනවා මචන් . බොහෝ විට මැද පෙරදිග ඉන්න අම්මලාගේ දුක ගැන ලියවිලා ඇති . ඒත් අප්‍රමාන කැප කිරීම් කරගෙන මෙහෙ ඉන්න තාත්තලා ගැන ගොඩක් සංවේදී කතා තියෙනවා. ඒවා ගැනත් ටික ටික ලියන්න උඹේ මේ සටහන මාව උනන්දු කළා . තැන්කිව් මචෝ

    ReplyDelete
    Replies
    1. Two way inspiration? You inspired me. And now I inspired you in return? This is priceless, dude. :D

      Delete
  10. පෝස්ට් එක ඉංගිරිසියට හරවලා, මෙතනම ලින්ක් එක දාමුද? :D

    ReplyDelete
    Replies
    1. අන්න කරනවනම් වැඩේ. උඹේ තාත්තත් උඹව දාගෙන බොල්ලෑගල කන්ද පාගනවා මතකද?

      Delete
  11. ගස්ලබ්බ පොඩි පැටිය කාලෙ පොතකින් කියවලාද මන්දා තෝර මාළු කතාවක් ඇදිලා පහුවදා රස බැලුව මතකයි.ගොඩ කාලෙකට පස්සෙ වැරදීමක් නිසා දැනගත්තෙ ඒ මාළු පෙත්ත දුන්න වෙළෙන්දා පූසෙකුට දෙන්න කියල හිතාගෙන කපපු පොඩිම පෙත්තක් බවත්,ගෙදර ආපු ගමන් ඒක හදලා තියෙන්නෙ ගිණි අව්වෙ ඒකත් අරන් බස් දිහා බල බල ගස්ලබු පියා පයින් ආපු නිසා නරක් වෙයි කියන බයට බවත්..

    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උඹ විස්වාස කරහං PawPaw ඔය පොත අපි පොඩි කාලෙත් තිබුනා. නංගිට ගෙනත් දුන්නේ ඔය සිබිල් වෙත්තසිංහගෙ 'රතුකැටය' කියන පොත. මට ගෙනත් දුන්නෙ 'අකීකරු පුතයි හොඳ අම්මයි' පොත. රතු කැටය පොතේනෙ අර නංගිට අමාරු නිසා දෙළුම්, ‍තෝරමාලු හෙම දෙන්න කියලා දොස්තර කියන්නෙ.

      උඹේ කතාවත් බොක්කටම වදින එකක්. ප්‍රශ්ණ හුඟක් ඔලුවට ආවත් ක්ෂණිකවම ඒවට උත්තරත් හිතා ගන්න පුලුවන් වුනා.

      Delete
  12. බටහිර ලෝකයේ මිනිසුන් අතරත් මේ වගේ මානව සම්බඳතා මම දකිනව​.

    ReplyDelete
    Replies
    1. උන්ගේ අපිට වඩා තියෙනවා.... ඒ වගේම එකිනෙකාගේ නිදහසටත් ඉහලින්ම ගරු කරනවා...

      Delete
    2. මමත් දකිනවා. මම උඩ කමෙන්ට් කීපයක ඒ ගැන කිව්වා. මේ වගේ:

      "...සමහරවිට අපිට එහෙම හිතෙනවා ඇත්තේ ලමයින්ගෙ ස්වාධීනත්වය, නිදහස,පෞද්ගලිකත්වය වගේ දේවල් වලට තියෙන ආකල්පමය වෙනස නිසා වෙන්න ඇති කියලා. රොබින් වගේම වීම කෙසේ වෙතත් අපි වගේ දෙමව්පියෝ නම් ඔය දෙපැත්තෙම අඩු වැඩි වශයෙන් ඉන්නවා මම හිතන්නේ."

      "මම දන්න තරමින් ඕක වෙනස් වෙන්නේ අපි බලන කෝණය අනුව. ළමයෙක් විශ්ව විද්‍යාලෙ යවන්න විවි අරමුදලක් බටහිර හුඟක් දෙමව්පියෝ පටන් ගන්නේ ළමයා ඉපදුන අලුතමයි. ඒකට සල්ලි එකතු කරන්න පුදුම කට්ටක් කනවා හුඟ දෙනෙක්. "

      Delete
    3. මමත් මේක කියවන අතරේ හිතුවෙ බටහිර දෙමව්පියොත් මේ වගේම කැප කිරීම් කරනවනේද කියල. දරුවන් නිසාම විවාහ ජීවිතයේ issues ඉවසගෙන divorce නොවී ඉන්න බටහිර අයත් ඉන්නවා. එකම වෙනස මටනම් හිතන්නේ අපේ දෙමව්පියෝ සමහර අය හිතන්නේ ආදරය කිරීම කියන්නේ ළමයින්ට අතට පයට හැමදේම කරලා දෙන එක කියල අර උඩ Pra Jay කියල තියෙනවා වගේ. Westerners are much better at letting go with wisdom.

      Thank you for the awesome post.

      Delete
    4. @Ano: අපිට පේන්නේ අපි කරන ඒවා විතරයි කැපකිරීම් හැටියට.
      And you are welcome.

      Delete
  13. පෝස්ට් එක කියෙවුවම හිත හිරවුණා වගේ දැනුනා. අපේ අම්මා තාත්තාත් මේ වගේ තමා. අපිත් එහෙමයි :)

    Your post just made my day dude. Respect !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි උදය.

      I am honored.

      Delete
  14. ඩූඩ්, පෞද්ගලිකව මට ගොඩක් දැනුණ පෝස්ට් එකක්. ඔය දේවල් හැම එකක්ම මං දරුවෙක් හැටියට අත් විඳලා තියෙන නිසයි. මේ අවුරුද්දෙ තමයි මං රස්සාවක් කරන්න පටන් ගත්තෙ. ඉතින් පළවෙනි පඩියෙන් මං අම්මටයි, තාත්තටයි, නංගිටයි තෑගි ගත්තාම අම්මයි තාත්තයි කියන්නෙ ඔය සල්ලි වියදම් කරන්නෙ නැතුව බැංකුවේ දාලා තියාගන්න කියලා.

    අපි මොනවහරි ඉල්ලන හැම වෙලාවෙම් අපි ඉල්ලන දේට වඩා වැඩිපුරෙ දෙන්න හැම වෙලාවෙම උත්සහ කරනවා. :( ඒත් ඒ පිටිපස්සෙ තියෙන කතාව කොච්චර සංවේදියිද කියල හිතන්න අවස්ථාවක් දුන්නට ඩූඩ්ට ගොඩක් තූතියි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිතූ. පොඩි කාලෙ අම්මලා ඔයාව විනෝද ගමන් එක්ක ගියා වගේ දැන් ඔයා එයාලව විනෝද ගමන් එක්ක යන්න බලන්න බලෙන් හරි. ඒකත් කරන්න ඕනෙ ප්‍රමාද වැඩි වෙන්න කලින්. වන්දනා ගමන්ම වෙන්න ඕනෙ නෑ.

      Delete
    2. බලෙන් තමයි එක්ක යන්න වෙන්නෙ. මං ගේන තෑගි ගණන් ගන්නෙ නෑ කියලා රණ්ඩු වෙනවත් එක්ක. ඒත් අම්මලා කියන්නෙ ඒ සල්ලි ඉතුරු කරගන්න කියලයි.. :(

      Delete
  15. පෙරදිග සමාජය කොහොමත් මවුපිය දූදරු සම්බන්ධය වැඩි සමාජයක්නේ, ඉතිං ඒ ගතිය හැම කෙනෙක්ගෙන්ම ඇඟේ අඩුවැඩි වශයෙන් තියෙනවා , එත් එහෙම කියල මේ සංවේදී සටහන දිහා දෙපාරක් නොබලා යන්න හිතෙන්නේ නෑ , අති විශිෂ්ටයි සර්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉවාන්. මවුපිය සබඳතා පෙරදිග අපරදිග කියලා අඩු වැඩි බවක් මම දැකලා නෑ ඉවාන්. අපිට එහෙම හිතෙනවා විතරයි. හරියට අපේ පැණි දොඩම්, පිටරට දොඩම් නාරං වලට වඩා රහයි කියලා අපි හිතන්න කැමති වගේ.

      Delete
  16. පොඩිකාලෙ විවිධ දේ ඉල්ලල කරදර කලාම ඒව හම්බඋනත් පසු කාලෙක ඒ ගැන මතකයක් තියෙනවනං ළමයෙකුට ඒදේ අරන් දෙන්න ඒ කාලෙ කොච්චර මහන්සි උනාද කියන එක ගැන දුකක් ඇතිවෙන එක වලක්වන්න බෑ.

    ඉන්දින් කාරයො ගැන කියවෙන කතා වලින් බොහෝ ඉන්දියානු රොබින්ල වගේ කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ඒක නම් කියලා වැඩක් නෑ බං. ඔය සාප්පු වලට ගිහින් එක එක දේවල් ඉල්ලලා බිම හැපෙන ළමයි දැක්කම මෙට හිතෙන්නේ අපේ උන් නම් කවදාවත් එහෙම කරලා නෑ නේද කියලා. මගෙ කොල්ලගෙ දතේ අමාරුව ගැන කතාව උඹ කියවලා ඇති නේද?

      ඉන්දියානුවො අපිට වඩා මාරම කට්ටක් කනවා ගෙදර උන් වෙනුවෙන්.

      Delete
  17. කෝපි කේස් එක නම් රොබින් ස්ට්‍රෝන්ග් කෝපිවලට අකැමැති නිසා විය හැකියි.

    උදාහරණයක් ලෙස මෙහේ සමහරු එක්ස්ප්‍රෙසෝ බොනවා, මට නං සාන්ද්‍ර වැඩියි. මං ෆ්ලැට් වයිට් කියන මධ්‍යම සාන්ද්‍රණය තියෙන එක බොනවා.

    මගේ බිරිඳ කැමති ඊටත් තනුක කැපෂීනෝවලට, ලාතේ කියන එක මට නං වතුර වගේ!

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ නිරීක්ෂණයක්. රසික යේ යේ එක නෙස්කැෆේ වගෙ ක්ෂණික කෝපි නෙවෙයි. ඒක කෝපි මිශ්‍රණයක්. ඒ කියන්නේ කෝපි, ක්‍රීමර් සහ සීනි ඔක්කොම තියෙන නිසා හදාගන්න ලේසියි. නෙස්කැෆේ වගෙ සැර නෑ. Espresso වගේ නම් කොහොමත් නෑ.

      Delete
  18. කතාවටත් කමෙන්ට් වලටත් ඉහලින්ම එකඟයි.හැබැයි මට හිතට ආවෙ වෙන දෙයක් දරුවො සිංහල කතා නොකරන්නෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ප්‍රශ්නෙම ආව. කතා නොකරනවම නෙමෙයි වෙන්න ඇති.

      Delete
    2. ඒ දෙන්නා භාෂා දෙකම ඉතාම හොඳට හසුරවනවා.

      Delete
    3. අහන්නත් සතුටුයි :)

      Delete
  19. අද තමයි මේ පැත්තට ආවේ තිලකසිතගේ ලින්ක් එක හරහා. සංවේදී ලස්සන පෝස්ට් එකක් !! ජයවේවා

    ReplyDelete
    Replies
    1. කවිඳුව සාදරයෙන් පිළිගන්නවා මගේ ඩෙනිමට. බොහොම ස්තුතියි.

      Delete
  20. උඹල දෙපැත්තට ඉන්ස්පයරින් කර කර හිටහල්ලා. මට මේ දැනුත් කල්පනා උනා තිලකේ කවද්ද අයිසුලුගේ දූගේ පිත්තුරයක් දාන්නේ කියලා... හරි හැඩට ඇති නේද බං කෙල්ල...

    ReplyDelete
    Replies
    1. Every creation may have some kind of inspiration, sometimes not so noticeable.

      Delete
  21. ඒ වුනාට, පිය සෙනෙහසට කව් ගී ලිය වුනා බොහොම මදි නේද ? රොබින් පව් බන්....

    මගෙත් එක්ක හිටපු ඉන්දියන් කාරයෙක් උගේ අක්කට දෑවැද්ද හොයන්න කාපු කට්ටත් මට මේකත් එක්ක මතක් වුනා...

    ReplyDelete
    Replies
    1. පිය සෙනෙහසට කව් ගී ලියවුනා හොඳටම මදි තමයි.

      ඇත්තෙන්ම රොබිනා පව් තමයි. මම උත්සාහ කලේ මම ඒ බව නොකියා සිද්ධිය වාර්තාකරලා උඹලට එහෙම හිතෙන්න අරින්න. මම කොතනකවත් රොබින්ව ජජ් කරලා නෑ.

      හම්මෝ බං. ඉන්දියානුවන්ට ජීවිතයක් නෑ මේ දෑවැදි කේස් හන්දා. නමුත් උන් ඒක අත් අරින්න කැමතිත් නෑ. ක්‍රමයේ වරදක් දකින්නෙත් නෑ.

      Delete
    2. උඹ දන්නවද එච්චර අමාරුවෙන් හොයලා දෑවැද්ද දීලා අන්තිමට වුනේ මොකද කියලා..?

      පොර මෙදාපාර නිවාඩු ඉඳලා ආපහු යනකොට ක‍ටුනායකදී මාව හම්බෙලා ගියේ.. ඌ ඒ වෙලේ ඇස් දෙකේ කදුලු පුරෝගෙන කිව්වා, මස්සිනා බයික් ඇක්සිඩන්ට් එකකින් මළා කියලා.. උගේ අක්කා ප්‍රෙග්නට්ලු එතකොට.. ඉන්දියාවෙ ඔහොම වුනාම ගෑණි ඉවරෙටම ඉවරයි.... දැන් මූ ආයෙ අක්කගෙයි, ළමයගෙයි බර අදිනවා...

      Delete
    3. හපොයි! මේකට කියන්න දෙයක් නෑ.

      Delete
  22. හොඳ සේෆ්ටි සුස් දෙකක් ගන්ඩ ඕනේ කියල හිත හිතා හිටියේ මේ මාසේ සිංහල අවුරුදු නිසා කල් දැම්ම, ලබන මාසේවත් ගන්ඩ ඕනේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලලිත් මේ කමෙන්ට් එකේ සැඟවුනු අර්ථයක් ව්‍යංගයක් තියෙනවා නම් මගෙ මොළගෙඩියට ඒක අල්ලගන්න බැරි වුනා.
      මේක වෙන පෝස්ට් එකකට දාන්න හිටපු කමෙන්ට් එකක් නම්... ආ එහෙනම් මට සතු‍ටුයි .

      Delete
  23. අම්මගෙයි, තාත්තගෙයි ආරෙට යන හොද ළමයි දෙන්නෙක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කම්මල. නමුත් මේ පෝස්ට් එක ඒ දෙන්න ගැන නෙවෙයි.

      Delete
  24. ඔය රොබින් වගේම ලංකාවේ කෙනෙක් මගේ කාර්යමණ්ඩලයේ හිටියා. මිනිහත් ස්මාට් ෆෝන් නෑ. ලැප්ටොප් නෑ. ගන්න බැරි පඩියක් ගන්න කෙනෙකුත් නෙවෙයි. ලංකාවේ ගෙවල් දෙකතුනක කුලිය එහෙමත් එනවා ලු. හැබැයි පවුලේ විස්තරයක් නං දන්නේ නෑ.මං හිතන්නේ රොබින් වගේමයි.

    ඒත් පව්.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං. අපිට හරි අමාරුයි මිනිස්සුන්ව තේරුම් ගන්න. අපිට Keanu Reeves බස් එකේ යන එක තේරුම් ගත්තෑකි. නමුත් උඹ කියන පොර...?

      Delete
  25. එක අතකට උන් උන්ගේ ජීවිත තත්වය අනුව වෙනස් කරගන්නේ නෑ . . ඒක උන්ට පහසු ඇති . මෙහෙ මම දැකපු එකක් තමයි මෙහෙ එන ඉන්දියානුවන කෝට් අඳින්න තියෙන ආසාව .ග්රිස්මයේ මැදත් කෝට් ඇඳලා යනවා , එකෙක්ගෙන් අහපුවම කීවේ එහෙම ඇඳලා ගියාම වැඩ කරන්න උත්තේජනය වෙනවා කියලා ...අනේ මන්දා . එක එක අයට එක එක ආතල් ..අපෙත් ඔය වගේ මෝඩ ආතල් කොච්චර තියෙනවද

    ReplyDelete
    Replies
    1. එක එකාට එක එක ආතල් තමයි. මගෙත් එක්ක වැඩ කරන උන් ඕකෙ අනිත් පැත්ත. උන් සමහරු ටයි එක දාන්නේ ස්ටාෆ් රූම් එකේදි. දවසේ කීයට හරි තමන් වැඩ කරන අන්තිම පීරියඩ් එක ඉවරවෙච්ච ගමන් උන් ටයි එක ගලවලා අතට ගන්නවා. මට නම් ටයි එක බෙල්ලේ තියෙන එක ඒක අතේ තියාගෙන පරිස්සම් කරනවට වඩා ලේසියි.
      මෙහෙ ගුරුවරු අයිති සිවිල් සේවයට. ටයි දැමීම අනිවාර්යයි.

      Delete
  26. මම ආයේ තිලකෙගේ සටහන කියෙව්වා . ආයෙත් මේ සටහනත් කියෙව්වා . තව තැන් අහුවුනා . මම හිතන්නේ අර බෑග් එකේ ඉබ්බා දාලා තියෙන්නේ උගේ ආත්මගරුත්වය පරිස්සම් කරගන්න . ඒක තමයි ඇතුලේ තියෙන වටිනා දේ . උඹලා ඔය තාත්තලා ගැන කතාව කිව්වාම උඹලට නිකන් හරි දැනුනද අපේ ළමයින්ගේ හිත්වල තියෙන අවශ්‍යතාත් ඉතා අඩුයි කියලා ..අපේ හිත්වල තිබුනත් අපිත් හිටියේ නොපෙන්වා තමයි දෙමව්පියන්ට දුක නොහිතෙන්න . එහෙම බලපුවහම උනුත් අසරණයි , අපිත් අසරණයි

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔය පාස්පෝට් එක, ID එක ATM කාඩ් එක වගේ දේවල් වෙන්න පුලුවන්. ඒක හරි. ඕකක් නැතිවුනොත් හෙම විෂේෂයෙන්ම පාස්පෝර්ට් එක වගේ එකක්, ආයෙ හොදි ඕනෙ නෑ. ඒක හරි.

      මමත් අවශ්‍යතා තිබිලත් නොපෙන්වා ඉඳලා තියෙනවා දෙමව්පියන්ට බර නොදැනෙන්න සහ දුක නොහිතෙන්න.

      Delete
  27. තිලක්ගෙ කතාව වගේම ඔබේ සටහනත් බොහොම තදට හිතට දැනුනා හෙන්රි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රවි. I report. You decide විදියට මට මේක ලියන්න ඕනෙ වුනේ. මම හිතන්නේ මම රොබින්ව ජජ් කලේම නෑ. ඒක කියවන්නාට ඉතුරු කලා.

      Delete
    2. / මම හිතන්නේ මම රොබින්ව ජජ් කලේම නෑ./

      You know my name, not my story. You've heard what I have done, not what I have been through

      Delete
  28. කියන්න ඕනේ ගොඩක් දේවල් ඔලුව ඇතුලේ එකට පැටලිලා. හරියට එලියට දාගන්න තේරෙන්නේ නැහැ :)

    1. මගේ කාර්යාල සගයෙක් (US) - My parents are selling their house. I'm thinking to buy it
    2. මගේ මිතුරෙක් තවත් මිතුරෙකුට - උඹනේ පවුලේ බාලයා. කවදාහරි මහ ගේ උඹට තමයි...

    මගේ හිතට දැනුන සිද්ධි දෙකක්..

    ReplyDelete
    Replies
    1. පුදුම contrast එකක්.ඕක තමයි හෙනේ.

      Delete
  29. මේකට කොමෙන්ටුවක් මට තාමත් කොටාගන්න බැහැ ඩුඩ්... පෝස්ටුවක්ම ලියවෙයි එහෙම උනොත්. මේ හැම අනු මාතෘකාවක් එක්කම ගියපු ලොකු අතුරු කතා ගොඩක් තියෙන බව මම දන්නවා. ( ඩුඩ් පවා දන්නවා ) නමුත් මම මෙහෙම කියන්නම්කො

    ඉන්දියන් කාරයෝ සමහර වෙලාවට කට්ට කන්නේ කට්ට කන්න අවශ්‍යම හින්ද නෙවෙයි. ලෙවකෑම උන්ගේ ජාන බද්ද වෙච්ච සිරිතක් ( අපහාසයක් නෙවෙයි මම කියන්නේ ඇත්ත)
    මාසෙකට මිලියන ගානක් හම්බ කලත් ඉන්නේ පෙරේත මාක් එකෙන්.

    ඒ හින්දා ඔබේ කට්ට කෑම එක්ක රොබින්ව එක පෙලට තියාගෙන පිස්සු කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. බොක්කෙන්ම ලියවුනුනු කමෙන්ට් එකක්.

      වැඩේ කියන්නේ මටත් මේ කමෙන්ට් එක ගැන මොකුත් කියන්න බෑ මොකද මේ පෝස්ට් එකේ තේමාව I report. You decide නිසා

      Delete
  30. I can't comment as I haven't read Thilake's book. 'Monkeys are praising their own tails!

    ReplyDelete
  31. පුතාගේ ක්‍රියාවනම් අගය කළ යුතුයි අයියේ... දරුවන් දෙමාපියන් ගැන හිතනවා දෙමාපියන් දරුවන් වෙනුවෙන් අසීමිත කැපකිරීම් කරනකොට. තිලක සිත පොත ඇතුලු පොත් ගණනාවක් කියවන්න තියාගෙන ඒක දිනෙන් දින කල් යනවා. අඩු තරමේ බ්ලොග් එකක් කියවන්නත් බැරි කාලයක හිටියේ...දැනුයි යන්තම් ඒ සියලු කලබල අඩුවේගෙන යන්නේ....බබා ලොකුයිනේ !

    ReplyDelete
  32. අපේ තාත්තලත් ඔහොමයි අපිට දේවල් අරන් දුන්නාට එයලා ගන්නෙ නෑ. ඉතින් මං ජොබ් එක කරන්න පටන් ගත්තට පස්සෙ පුලුවන් පුලුවන් සැරේට ඒගොල්ලොන්ට ඕන දේවල් අරන් දෙනවා. ඒ ගොල්ලො අපි වෙනුවෙන් කොච්චර කැපකිරීම් කරලා තියෙද. ඒවා වෙනුවෙන් අපි එයාලට සලකන්න ඕනේ බලගන්න ඕනේ.
    මතකද දන්නෙ නෑ කාලෙකින් මේ පැත්තෙ ආවේ

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>