Saturday, October 1, 2016

157. “ඌ අපේ බැජ් එකේ එකෙක් මචං.” එන්න ගොඩ දාන්න ඉංග්‍රීසි!



“ඒයි, මටත් ඉංග්‍රීසි ටිකක් කියාදීපංකො.”
 
“ඒ මොකද උඹට හිතුනෙ මේ හදිස්සියෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න?”

 “කඩ්ඩ බැරුව සෑහෙන කේස් වෙනවා බං. දැං අපේ පොඩි උං හෝම්වර්ක් එකක් ඇහුවත් ගොඩ දාගන්න බැරි වුනාම ඒකත් හෙන ප්‍රශ්ණයක්නෙ. ඔය වගෙ එකී නොකී ප්‍රශ්ණ වැලයි බං.”


මේ දෙබස ගියේ මාත් එක්ක කොට අදින ඉස්කෝලෙ වැඩ කරපු ගමයායි මායි අතර. ගමයා ජ්‍යේශ්ඨ අංශ ප්‍රධානියා. මම ඩෙපියුටි. දෙන්න එක්ක කරන නරක වැඩක් තමයි සිගරට් බොන එක. අර හොරි බනිස් කතාව උනෙත් ඔය වගෙ වෙලාවක. ඉතින් දෙන්න එක්ක පාර පැනලා බේකරි කඩෙන් හොරි බනිස් කාලා, ප්ලේන්ටී එකත් ගහලා, ආයෙම පාර පැනලා, අනිත් කඩෙන් කැහි කූරු දෙකකුත් අරගෙන, කඩේ ඉස්සරහම හිටගෙන බිබී ජීවිතය ගැන කතා කරනවා. සිගරට් බීම නරක වුනත් මේකෙන් අපි දෙන්න සෑහෙන්න එකිනෙකාව හඳුන ගත්තා. එක එක මාතෘකා ඕස්සෙ සෑහෙන දුර ගියා. ගමයා සිංහල උපාධිධාරියෙක්. සමාජ අධ්‍යනයනයි, සිංහලයි තමයි ඉගැන්නුවෙ. අප්සෙට් එක, ඒක ඉංග්‍රීසි අතහැරලා කරපු උසස් අධ්‍යාපනයක් වීමයි. ඒකයි ගමයා අරවගෙ ඉල්ලීමක් කරන්න හේතුව.

“මෙහෙමයි මචෝ. උඹට පන්තියක් දාලා වගේ නං උගන්නන්න බෑ. උඹ දවසකට එක වාක්‍යයක් ඉගෙන ගනින්. ඒක හරියට දිගටම කලොත් ඒ ඇති.”

“ඒක හොඳ අදහස. උඹ මගෙ අඩුපාඩු දැක්කොත් හදන්න ඕනෙ.”

“අන්න ඒක නම් කරන්න උඹේ අවසර ඕනෙ. මොකද සමහරු කැමති නෑ අඩුපාඩු පෙන්නලා දෙනවට.”

“අන්න අන්න. මට ඕනෙ මගේ අඩු පාඩු හදා ගන්න. උඹ වැ‍රැද්දක් දැක්ක ගමන් මට කියන්න ඕනෙ.”

“හරි එහෙනම් මේ මොහොතේ සිට ක්‍රියාත්මකයි, හරි.?”

“හරියට හරි. ඔන්න යටින් අත්සනුත් කලා, හරි?”

එතකොටම එතනින් ගිය රතු පාට මොන්ටෙරෝවක් පොඩ්ඩක් ඉස්සරහට ගිහින් නවත්තලා රිවර්ස් කලා අපි ලඟට. වීදුරුව පහත් වුනා.

“හලෝ මචං ගමයා..”
 
“ආඩේ මචං සේරෝ.. යකෝ දැක්ක කල්. කොහොමද ඉතිං?”

“අපිත් ඉන්නවා බං උඹලගෙ පිහිටෙන්.”

“අනේ පලයං ඩෝ යන්න. අපේ පිහිටෙන්…”

කියපු ගමයා හිනාවෙලා යාලුවව මටත් අඳුන්නලා දුන්නා.

“මේ සේරා මචං මූ ඉස්සර ඉඳන්ම ඔය වගෙම ලෝකෝත්තරයා..”

තව පොඩ්ඩක් කතා කරපු සේරා පාවෙලා ගියා මොන්ටෙරෝවෙ වීදුරු වහගෙන. කාලේකින් හමුවුනු යාලුවා ගමයගෙ හිතට සෑහෙන සතුටක් ගෙනාපු බව පෙනුනා මූන පුරා ඇඳුන හිනාවෙන්ම.

“ඕකා අපිත් එක්ක කැළනියෙ බං හිටියෙ. අපේ බැජ් එකේමයි.”

“ඒ වුනාට උඹ තාම බස් එකේ යනවා, ඌ මොන්ටෙරෝ එකේ යනවා.”

ඒකට ගමයාට හිනා ගියා.

“සේරා ඉස්සරත් හෙන බිස්නස් මයින්ඩඩ් තමයි බං.

“මේ, ගමයෝ”

ගමයා මං දිහා බැලුවා.

“මං උඹේ පළවෙනි වැ‍රැද්ද පෙන්නන්නද?”

“හහ්, හහ්, හදපං මචං, බිස්නස් මයින්ඩඩ් කිව්ව එකවෙන්නැති.”

“නෑ. ඌ උඹේ බැජ් එකේ වෙන්න බෑ මචං.”

“එහෙනං?”ගමයා විමතියෙන් මා දිහා බැලුවා.

මෙන්න බැජ් එකක්!


මෙන්න අපේ බැජ් එකේ පොරවල්!



බැජ් එක කියන්නෙ බං ලාංඡනයක්නෙ. ඔය යුනිෆෝම් එකේ හෙම ගහගෙන ඉන්නෙ.”

“හ්ම්ම්ම්”

“ඉතින් ඕකෙ කී දෙනෙකුට ඉන්න පුලුවන්ද ඔය වගෙ ඉඩක?”
  ගමයාට හිනා.

කී දෙනෙකුට ඉඩ තියෙනවද මේ බැජ් එකේ?

හැමෝම කියන්නෙ බැජ් එක කියලා තමයි බං.”
 
“යකෝ, හැමෝම කිව්වට යමක් නිවැරදි වෙන්නෙ නැ.”

“හරි මොකක්ද එතකොට හරි වචනෙ?”

“බැච් එක. අරූ උඹලගෙ බැච් එකේ. B-A-T-C-H.
අනිත් වචනේ බැජ් B-A-D-G-E.”


“යකෝ මං ඕක දැනං හිටියෙ නෑනෙ.”

“උඹ විතරක් නෙවෙයි හුඟ දෙනෙක් එහෙම තමයි කියන්නෙ.”

“තැංක් යූ මචං, ඈ.”

“වෙල්කම් මචං”






. Originally published @ මට හිතෙන හැටි.

54 comments:

  1. අපේ 'බැජ්' එකේ එකෙක් ඌට 'ඉන්ග්‍රීමන්ට්' ලැබෙන්නේ නෑ කියලා 'සූසයිට්' කරගෙන මළා.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ උගෙ ෆන්ට් එකට කපපු සල්ලි. බන්ට් එකෙන් පැනලද මැරුනෙ?

      Delete
    2. ෆන්ට් එකේ සල්ලි ලැබුණා ම උගේ වයිෆරේ හිතාගෙන ඉන්නේ හදන්න පටන් අරං බවිංඩේසන් එක දාපු ගේ සටලිං එක දක්වාවත් හදාගන්න ලු.

      Delete
    3. අපේ ඩ්‍රයිවර් කෙනෙක් දවසක් බීලා ඉවර වෙලා කිව්වා එල ෆන්ට් එක කියලා

      Delete
    4. ගෙයි ප්ලෑන ඇන්දෙ ආකිටෙක්චර් කෙනෙක් වෙන්න ඇති....

      Delete
  2. මං මේ කතාව බ්ලොග් ලියන විවි සිසුන්/උපාධිකාරයින් දා පහළොස් දෙනෙකුට කියා තියෙනවා. නමුත් වැඩක් නෑ.

    වාග් විද්‍යාව අමුතුයි.

    ReplyDelete
    Replies
    1. බැච් එකට බැජ් කියන අයගෙන් වැඩිම පිරිස විශ්ව විද්‍යාල සිසුන් සහ උපාධිධාරීන් තමයි.
      වාග් විද්‍යාව අමුතුයි.

      Delete
  3. ගෙදර බවුන්ඩෙසම දැම්මයි... සමහර භාන්ඩ වලට අපි ඉන්ගිරිසියෙන් කියන්නෙත් නිවැරදි වච්නය නෙමෙයි.

    උදා : සෙලෝ ටේප්

    ReplyDelete
    Replies
    1. ලන්ච් සීට්, ටොයිලට් ශීට්, බෙඩ් සීට්, බස් ශීට්, පිකස් එක, ත්‍රී පේස්, ප්‍රයිඩ් රයිස්, ත්‍රී වීල්, පුටාර්, තව ගොඩක් තියනවා.

      Delete
    2. පිස්සුද මෙව සින්හල් වචන නෙ

      Delete
    3. එහෙහෙනං. මේව සිංහල වචනනෙ. ඕව හදලා අනන්‍යතාවයට හානිවෙන්න පුලුවන්.

      Delete
  4. “තැංක් යූ මචං, ඈ.”

    ReplyDelete
  5. ඔයා ගුවන් යානයක ෂීට් එකක් අස්සේ ඉදගෙන බෙඩ්සීට් එකක් අරගෙන ඉන්නවා මං දැක්කා.. හැක්.. හෙන්රිට මං කියන්න හිටියේ.. ඊයෙ කියන්නත් හැදුවා.. ඇමරිකන් ඉංග්‍රිිසි ටිකක් උගන්නනන්න කියලා..

    I rest my case

    ReplyDelete
    Replies
    1. ඇමරිකන් ඉංග්‍රිිසි ටිකක් උගන්නනන්න

      "ආයි රෙස්ට් මායි කෙඉස්" :D

      Delete
    2. හාප්සීට් එහෙක ලියාගත්ත

      Delete
  6. අනුන් වෙනුවෙන්, දැලි පිහියෙන් කිරි කන ඩූඩ් ට අපේ ප්‍රණාමය...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා. මේක කියවන උඹලත් අඩුම ගානෙ දහ දෙනෙක් නිවැරදි කලොත් ඒ රිස්ක් එක අරගෙන ඒකයි මගෙ සතුට.

      Delete
  7. Replies
    1. ස්තුතියි හීන දකින්නී. ඒක වැරදීමක්. හැදුවා ඒක.

      Delete
  8. මගේ යාලුවෙක් රයිස් එකක් කාල මළා

    ReplyDelete
    Replies
    1. විජලනය හැදිලා වෙන්නැති :)

      Delete
    2. බත් කෑවනං ඔහොම වෙන්නෙ නෑ.

      Delete
  9. බොහොම ස්තුතියි ඩුඩ් මේ ලිපි වලට.

    ඔය වැරැද්ද නම් ගොඩක් ම දකින දෙයක්. කොටින්ම "බැච්" කියන අයට වඩා "බැජ්" කියන අය වැඩිපුර ඉන්නවා ලංකාවේ, ඕන ඔට්ටුවක්.

    ReplyDelete
    Replies
    1. අන්තිම ටික දෙපාරක් ලියවිලා තියනවා ඩුඩ්

      Delete
    2. Thanks. Really appreciate it. Going to edit now.

      Delete
  10. දැං ඔහෙත් මේව කියල දීල බ්ලොග් පොලෝසියෙ බැජ් එක ගහගන්නද හදන්නෙ. හැක්..

    පෝස්ට් එකේ අන්තිම ටිකට කම්මල සහලක්ෂණය හැදිල.

    ReplyDelete
    Replies
    1. එක පාරක් කලා. තව එක පාරක් මතක් කරලා දෙන්න කල්පනා කලා ලෙඩේ එන්න එන්නම වැඩිවීමක් මිසක් අඩු වීමක් පේන්න නැති නිසා.

      ඒක හැදුව බං.

      Delete
  11. අපේ බැජ් එකේනම් හැමෝටම වගේ ඉංග්‍රීසි පුළුවන් . ගමයා වගේ වැරද්දක් කියල දෙනකොට පිළිගන්න ඒවා හදා ගන්න කැමති යාළුවො හරි වටිනවා ඩූඩ්

    ReplyDelete
    Replies
    1. සමහර විට සමහරු ඒ තත්වෙට පත් වෙනවා පීඩනය නිසා. ගමයත් ඒක විස්තර කරලා තියෙන්නෙ මුලින්ම.

      Delete
  12. ඩූඩ්....මෙහෙමවත් කියලා දෙන එක හොඳයි. වැඩි දෙනෙක් මේ වැරැද්ද කරනවා. දන්න ටික හරි නිවැරදිව උච්චාරණය කරන්න උත්සාහ කරනවානම් හොඳයි කියන එක තමයි මගේ අදහස.

    බොහෝ අය Saint කියන්නේ සෙන් කියලා. අපි බොහෝ විට කතාවේදි යොදන today morning සහ yesterday night යන්න this morning සහ last night යෙදුවාම නේද වඩා සුදුසු?
    මේ වගේ දේවල් කාටත් ප්‍රයෝජනවත් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඕවර්නයිට් රේන් කියලත් කියනව මැච්වල එහෙම කලිංදා වැස්සම

      Delete
  13. ඩූඩ්.....තවත් පටලගන්න දෙකක් තමයි desert සහ dessert. ඒකත් අද පාඩමට හෝ වෙන පාඩමකට එකතුකරන්න බලන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරුණ. සමහරු නෑසූ කන් ඇතිව දිගටම ඔහේ යනවා. සමහරු ඇබ්බැහියට යට වෙලා ඉන්නවා.

      ස්තුතියි මචං අදහස් වලට.

      Delete
  14. ඔය බැච් බැජ් කතාව ලොකු උගත්තුත් පටලවගන්නවා

    ReplyDelete
  15. උගෙ මොන්ටෙරො එකේ වීල් බ්‍රස් එක තිබ්බද? නැත්තන් කැබි එකේ බලන්න කියහන්

    ReplyDelete
    Replies
    1. මොන්ටෙරෝ එකේ කබිහෝල් එක කොච්චර ලොකුද කියනවනං. වීල් බ්‍රස් එකත් දාං යන්නෙ ඒකෙ.

      Delete
  16. වැරදි හදා ගන්න මිනිහා ඉදිරියට යනවා. පණ්ඩිත කමට ඉන්න අය එතනම ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. සමහරවිට වැරදි පෙන්නන එකා වැරදි කාරයා වෙනවා.

      Delete
  17. ඔය කිව්වට වීල් එහෙක ගිහිං, චයිනීස් එහෙකිං රයිසෙකක් කාලා, ගෝල්ලිපෙහෙකුයි ලේන්ටියකුයි ගහලා ඕප්වෙන වෙලාවට ලන්චෙක නොකෑවත් කිසි ආතල්ලෙකක් නෑ.

    හැබැයි බස්සෙහෙක ජැක්කෙකක් ගහනවා තරං ත්‍රිල් එකක් ලොවෙත් නෑ

    ReplyDelete
  18. මේ අපේ යංග් ජෙනෙරේෂන් එකේ අයට ගොඩක් ඉංග්‍රීසි වරදිනවා.එක පෙන්නලා හදලා දෙන එක සැහෙන්න වටිනවා ඩුඩයියා.

    ReplyDelete
  19. ඩුඩ් කියන ජාතියෙ නං හැබෑ වැරදි. හැබැයි සමහර වැරදි තියනව සංස්කෘතියත් එක්ක බද්ධ වෙච්ච.
    බවුන්ඩේසන් එක කියන්නෙ එහෙම එකක්. ෆ්‍රයිච් රයිස් පසුකාලීනව රයිස් වුනා. දැං රයිස් එකක් ඉල්ලුවොත් ලැබෙන්නෙ ෆ්‍රයිඩ් රයිස් එකක්. ටී එකක් ඉල්ලුවම කිරිතේ එකක් ලැබෙන්නෛ. මේ වගේ වැරදි නං නිවැරදි කලයුතු නෑ මට අනුව.

    ReplyDelete
  20. A/L, O/L දෙකම වලට ගත්තු කොල්කේ සුද්දෙක් එක්ක උනත් සට සට ගාල කොටනව.
    (ඔව් මම තමයි)
    A/L ලුත් පේල් හොදේ එකම රහස බලපන් සබ් නැතිව තේරෙන්නෙ නැති ඒව රිවන් කරල ආයෙ බලපන්.

    ReplyDelete
    Replies
    1. සබ් නැතිව Hollywood film.

      Delete
    2. හොඳම විදිහ ඉන්ග්‍රීසි මූවීස් ඉන්ග්‍රීසි සබ් ටයිට්ල් එක්ක බලන එක

      Delete
  21. වැරදියි කියල හිතල හරි ඒවා වැරදි කරන අවස්ථා ගැනත් ලියන්න.
    "ස්ට්‍රයික්" කියන එකට "ඉස්ට්‍රයික්" කියන එක වැරදියි කියල දන්න නිසා ඇත්තටම "ඉස්" තියන ඒවත් හලනවා.
    උදා. ඉස්ලාම් - ස්ලාම්, ඉස්තාන්බුල් - ස්තාන්බුල්

    මාර වැඩේ කියන්නෙ "Estate - එස්ටේට්" වැරදියි කියල හිතාගෙන "ස්ටේට්" කියන අය හරියට ඉන්නවනෙ.

    මං එක්කෙනෙක් දන්නවා එයාට state කියවෙන්නේ "ඉස්ටේට්" කියලා. ඒක බහුල දෙයක්. අතීතයේ ඔක්කොම වගේ සිංහල අය ඒ විදිහට ඉන්ග්‍රීසි ශබ්ද කරන්න ඇති නිසා අමුත්තක් නෑ .ඒත් පුදුමය ඔහු Estate එකට කොහොමහරි "ස්ටේට්" State කියනවා

    ReplyDelete
  22. සමහර පොස් අයට ඉලවන් නිකම්ම ලෙවන් වෙනවා.. ගොඩක් අය ෆ්‍රයිඩ් රයිස් කන එක ප්‍රයිඩ් එකක් කරගන්නවා. ඒකටම 'ඩෙවිල් චිකන්' එකකුත් දාගෙන වැඩේ ඩෙවල්ඩ් කර ගන්නව.. අපේ සමහර සයිට් වල පයිල් ගහන්න ගෙන්නන උන් සයිඩ් එකේ ෆයිල් වල වැඩ කරගෙන ඉන්නවා.. මේවා දැක්කම 'පෙඩප්' වෙනවා අප්පා..

    ReplyDelete
  23. සිංහලෙන් කතා කරන කොට "බැඡ් "කියන ඵකේ අවුලක් නෑ."ප්රයිඩි රයිස් "",කාර්",කියනව වගේ. කියනදේ වැටහෙනවා නම් ඵචිචරයි!

    ReplyDelete
  24. සමහර අයට කොච්චර කිව්වත් ඔය වගේ වැරදි හදා ගන්නේ නෑ.. නිකමට හිතල බලන්නේ නෑ මේ කියන්නේ මොකක් ද කියන එක. ඒ වෙලාවට හරි හරි කිව්වට පස්සේ ආයෙත් ඒ වැරැද්දම කරලා ඔහේ ඉන්නවා ඔක්කොම හරි වගේ හෙහ් හෙහ්..

    ඩුඩ් හිතන විදියට සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් ලිවිම සහ කියවීම දෙකටම තියෙන කෙනෙකුට ඒක වැඩි දියුණු කර ගන්න පුළුවන් හොඳම ක්‍රම මොනවාද? හොඳම ක්‍රමය කියවීම ද?

    ReplyDelete
  25. මටත් අහන්ට ලැබිලා තියෙන දෙයක් තමයි ඔය...
    තවත් ඒවා තියෙනවා හදිස්සියට මතක් වෙන්නේ නෑ...

    ReplyDelete
  26. හෙන්රි සෑර්ගෙන් වටිනා ඉංග්‍රීසි පාඩමක්...ඔන්ලයින් ඉංග්‍රීසි පන්තියක් ආරම්භ කොරමුද ? මොකෝ කියන්නෙ...

    ReplyDelete
  27. සොකට්සෝබර් ගිහිල්ලා බන්

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>