Monday, February 25, 2013

48. යං මහත්තයා! හා මහත්තයා!





>>අඹුසැමි ටුවර්ස් කියලා. ඇත්තටම බස් එකක් තිබුණා අඹේපුස්ස, තලගම පැත්තෙ...ඒ බස් රථය පාරෙ දුවන එකක්...වැඩ පෙන්නන්න එල්ලිලා යන කොල්ලොත් ඇතුළට දාලා බස් එකේ පඩියෙ එල්ලිලා යන්නෙ රියදුරු තුමාගෙ බිරින්දෑ... බස් රථයට හැමෝම කිව්වෙ අඹුසැමි ටුවර්ස්...<<මගේ ඩෙනිම

මගේ ඩෙනිමේ පළ වෙච්ච, "මං කවුරු වෙන්නද ආසා"  පෝස්‍ටුවට, සිරාගේ කාමරේ සිරා දාපු මේ කමෙන්ට් එක දැක්කාම තමයි මට මේ කතාව මතක් වුණේ. මේක මට කිව්වෙ අර මැක්කත් එක්ක BC ගිය කතාවෙදි සරා හැටියට රඟපාපු, ගාමිණී නොහොත් ආතර් අයියා.
මගේ ඩෙනිම


ඌ කිව්ව විදියටම කතාව මෙහෙමයි.
මගේ ඩෙනිම

අපේ  පැත්තෙ හිටියා ඉස්කෝලෙ මහත්තුරු දෙන්නෙක්.  එක්කෙනෙක් විදුහල්පති, අනිත් එක්කෙනා නියෝජ්‍ය විදුහල්පති. මේ ප්‍රයිවට් බස් හෙණට හිට් වෙලා යන කාලෙ. දෙන්නගෙම අදහසක් තිබුණ විශ්‍රාම ගියාට පස්සෙ අර අතට ලැබෙන විශ්‍රාම පාරි‍තෝෂිකෙත් දාලා, අතිනුත් ගානක් දාලා,  ප්‍රයිවෙට් බස් එකක් අරන් පාරට දාන්න. මගේ ඩෙනිම


කිව්වත් වගේ දෙන්නම එකතු වෙලා ගත්තා බස් එකක්.මගේ ඩෙනිම

"මහත්තයා, ඔය ඩැයිවර්ලයි, කොන්දොස්තරලයි පිට එවුන් දැම්මාමනෙ ඔය මාටියා ගහන්නෙ.
කොන්දා ටික දවසකින්  බස් එකක් ගන්නවා. අන්තිමේදි අයිති කාරයට වෙන්නෙ තියෙන බස් එකත් විකුණලා, බෙල්ලෙ වැල දාගන්. අපි මෙහෙම කොම්මු. මහත්තයට බස් ලයිසන් තියෙන එකේ මහත්තයා බස් එක එලවන්ට. මම කොන්දොස්තර වෙන්නම්."මගේ ඩෙනිම

"මහත්තයාට පුළුවන් නම්, මම ඔට්‍ටුයි ඕනැ දේකට."
මගේ ඩෙනිම

මෙහෙම සෙට් වෙච්ච දෙන්නා බස් කෙරුවාව පටන් ගත්තා.
මගේ ඩෙනිම

ඉතින් ඔය පරණ ඉස්කෝලෙ මහත්තුරු කොහොමත් එකිනෙකාට කතා කරගන්නෙත් 'මහත්තයා' කියලා නම්බු දීලනෙ. මේ ජෝඩුවත් ඉතින් වෙනසක් නෑ. ඔය වෙන අවසේස උන් වැඩ කරන බස් වල වගෙ නොහොබිනා විදියට මිනිස්සුන්ට කතා කිරිල්ලකුත් නෑ. ඉතින් මිනිස්සු පොර කනවා, රෙදි බැනියම් අඳින විදුහල්පති රියදුරෙකුයි, නියෝජ්‍ය විදුහල්පති කොන්දොස්තර කෙනෙකුයි වැඩ කරන, මේ බස් එකේ යන්න. වැඩියෙන්ම, මේ දෙන්නගෙ දෙබස් අහගෙන ඉන්න.
මගේ ඩෙනිම

"මේ, ඔය ඉස්සරහ හෝල්ට් එකේ පොඩ්ඩක් නවත්තන්ට මහත්තයා, එක්කෙනෙක් බහිනවා."
මගේ ඩෙනිම

"හා මහත්තයා."
මගේ ඩෙනිම

දැන් ඔන්න බස් එක නවත්තනවා. තව කීප දෙනෙක් එල්ලෙනවා. මගේ ඩෙනි
හපේ කටේ පැත්තකට කර ගන්න
නියෝජ්‍ය විදුහල්පති කොන්දොස්තර මහත්තයා, බුලත් කෙල නොපෙරෙන්න කට ටිකක් උඩට හරවාගෙන,

"කරුණාකරලා ඔය මහත්තුරු උඩට වෙන්ට ෆුට් බෝඩ් එකෙ
න්, ආං හරි. ආ හරි මහත්තයා. හරී, යං මහත්තයා."මගේ ඩෙනිම

"හා මහත්තයා,"

කියලා පිළිතුරු දෙන විදුහල්පති රියැදුරු මහත්තයා, දබ‍රැඟිල්ලයි මැදඟිල්ලෙනුයි හදන කරුව තුලින් බුලත් කෙළ පාරක් පාරට විදලා කාරිය, ක්ලච් එක පාගල, 'ඩිහ්' ගාලා ගියර් එක ෆස්ට් එකට දානවා.

එහෙම නැත්නම්, නග්ගා ගත්ත සෙනගට ටිකට් කඩන
නියෝජ්‍ය විදුහල්පති කොන්දොස්තර මහත්තයාගෙන් සද්දයක් නැති වෙලාවට, විදුහල්පති රියැදුරු මහත්තයා,මගේ ඩෙනිම

"හරිද මහත්තයා, යංද?"
මගේ ඩෙනිම

"හා, හරි මහත්තයා. යං මහත්තයා," කියලා බෙල් එකත් ගහනවා, 'ටිං' කියලා.
මගේ ඩෙනිම

අර සිරා කිව්ව බස් එක නම අඹු සැමි ‍ටුවර්ස් කිව්වනෙ. මේ ඉස්කෝලෙ මහත්තුරු දෙන්නගෙ බස් එකට මිනිස්සු දාපු නම මට ගාමිණී කිව්වා, මේ මතක් වෙන්නෙ නෑනෙ. මේ දිව අගම තියෙනවා.
මගේ ඩෙනිම


අර හැකර කටවල් වලින් කුප්ප කතා කියන කොන්දලා වැඩ කරන බස් එකක යනවට වඩා මේ වගේ බස් එකක යන්න වුරුත් කැමති වෙන එකත් පුදුමයක් නොවෙයි, නැද්ද?

♥♥♥මගේ ඩෙනිම♥♥♥මගේ ඩෙනිම♥♥♥මගේ ඩෙනිම♥♥♥

ඒ එක්කම මට මේ මහත්තුරු දෙන්නගෙ කතාවත් මතක් වුනා.මගේ ඩෙනිම


ඉස්සර සුද්දො ලංකාව පාලනය කරන කාලේ, පොලීසියෙ ලොක්කා. නඩු කාරයා, දිසාපති හෙම හැටියට ඉඳලා තියෙන්නෙත් බොහොමයක් සුද්දොනෙ. මේ සමහරක් සුද්දො, ටික ටික සිංහල ඉගෙන ගෙන තියෙනවා ඒ කාලෙ, රාජකාරිය පහසු වෙන්න.  ඉතින් මේ කියන පොලිසියෙ ලොක්කත් සුද්දෙක්ලු.මගේ ඩෙනිම

දවසක් කසියා පෙරලා මදිවට, හරකෙකුත් හොරකම් කරලා අහුවෙච්ච අයියෙකුයි මල්ලියෙකුයි පොලිසියට අරං ඇවිත්. සාජන්ට් දැන් විස්තර ලියාගන්නවලු. සුද්දා ඉණට අත්දෙක තියාගෙන බලා ඉන්නවලු සීන් එක.

"මොකක්ද තමාගෙ නම?"
මගේ ඩෙනිම

"පී. කේ. පොඩි මහත්තයා, සෑර්."
මගේ ඩෙනිම

"තමාගේ නම?"
මගේ ඩෙනිම

"පී. කේ. ලොකු මහත්තයා, සෑර්."
මගේ ඩෙනිම

මේක බලා හිටපු සුද්දා පොළොවෙ  අඩි  හප්පලා කෑගැහුවලු.
මගේ ඩෙනිම

"What the hell...! තමාලා, වැරදි වැඩ කොරානවා මදිවට, තමන්ට මහත්තයා කියාලත් කියාගන්නවා නේ? මහාත්තුරු කොරාන වැඩද මේවා? සාජන්ට්, ලියා ගන්නවා පී. කේ. පොඩී and පී. කේ. ලොකූ කියලා. Ugh , calling themselves gentlemen, huh!"
මගේ ඩෙනිම



♥♥♥මගේ ඩෙනිම♥♥♥මගේ ඩෙනිම♥♥♥මගේ ඩෙනිම♥♥♥

124 comments:

  1. [hi="red"]හිනාකාලා මැරුනා අන්තිම කතාවටනම් ඩූඩේ...නියමයි..[/hi]

    ReplyDelete
    Replies
    1. අලේ..සෙන්නා මොකෝ මේ රතු පාටින් කොමෙන්ටුවක් දාලා ?

      Delete
    2. [hi="yellow"]ඩූඩ් කිව්වනෙ වැඩ දාලා කමෙන්ට් කරන්න කියලා. ඕන් කොළා...[/hi]

      Delete
    3. [box]මේවා හැම තැනම වැඩ කරන්නැද්ද ඩූඩ් ? අකමගේ එකේ එකක් දැම්මා.. ම්හ්ම්.. [/box]

      Delete
    4. ඒකත් එහෙමද..හැබැයි සෙන්නො ඩූඩ්ට කොමෙන්ටුව කියවන්න දුක් විඳින්න වෙයි වගේ. වයසක මනුස්සයානේ.. :b

      Delete
    5. @ස්තුතියි සෙන්නා වැඩ දාලා කරපු කමෙන්ට් එකට. මේක වැඩ කරන්න නම් ටෙම්ප්ලේට් එකට පොඩි කෑල්ලක් දාන්න ඕනෙ. එහෙම දාපු ඒවයේ යටින් ඒ බව කියලාත් ඇති. චන්දනගෙ මුරණ්ඩු හු‍ටු හු‍ටුව පෝස්ට් එකේ කමෙන්ට් එකක තියෙනවා යන විදිය. අන්න අයිලාස්ගෙ එකෙත් තියෙනවා දාලා.

      @හික්ස්. ඔව් ළිහිණි, කහපාට පසු බිමේ සුදු පාටින් හෙම කමෙන්ට් දාන්න එපා. ඉස්සර ලංකාවේ මුද්‍රණ තීන්ත හිඟයක් තිබ්බ කාලෙක පත්තරේ ගහනවනෙ කහපාට අකුරෙනුත්. කියවන්න ගියාම පිස්සු හැදෙනවා.

      Delete
    6. මං උදේ බැලුවේ ෆෝන් එකෙන්. සෙන්නගේ කමෙන්ට් එක මගේ එකේ දැම්මා වගේ පෙනුණේ. මං හිතුවේ ලිහිණියා කින්දියක් දාලා කියලා. මදැයි හූ කියන්න ආවා. අන්න මං මගේ එකෙත් වැඩ දාන්න දුන්නා.

      ...//කහපාට පසු බිමේ සුදු පාටින් හෙම කමෙන්ට් දාන්න එපා.//....
      හෙහ් හෙහ් තද කොළ පසුබිමේ කළු අකුරු දැම්මොත්?...... [hi="green"](සෙන්නෝ විහිළුවක් හොඳේ)[/hi]

      Delete
    7. අකමා,

      මම හිතුවෙ Green කියලා ගහපුවම අර උඹ තණ කියලා දාලා තියන පින්තූරෙ පාට එයි කියලා.. ඒත් ආවේ මේ කොල පාටනෙ බන්.. විහිළුව රස විඳිමි. :D

      Delete
  2. " හරී යං මහත්තයා..." " හරි මහත්තයා " හි හි හී මරු වැඩේ.. කොහොමත් ඔය ආණ්ඩුවේ ආයතන හැම එකකම කතා කරන්නේ " මහත්තයා " බාසාවනේ..

    ඩූඩ් ඔය ගමේ ගොඩේ හුඟාක් අයට ගෙදරින් දාපු අපූරු ආදර නම් තියෙනවනේ..මේ මටත් තියෙනවා හි හි හී..ඔය නම් හුඟාක් වෙලාවට " නෝනා, සුදූ,මහතුන්,චුට්ටි , බට්ටි , " වගේ ඒවනේ..සමහර අයට " මහත්තයා " කියලත් තියෙනවා.. අපේ ගේ ලඟ ඉන්නවා එක මනුස්සයෙක්.එයාට ගෙදරින් පුතා පුතා කියන එකට ගමේ ඔක්කෝම කියන්නේ " පුතා " කියලා. අවුරුදු 50 ක් විතර ඇති. ඉතින් දෙයියනේ ඒ මනුස්සයාට මමත් පුතා කියලා කතා කරන්නයෑ..මම කියන්නේ " පුතා මාමා " කියලා..

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්න.. පොඩ්ඩක් ඉන්න.. මමත් ඔහොම එකක් අහලා තියනවා කොහෙද කියලා හරියටම මතක නෑ.. කුරුණෑගල පැත්තෙද මංදා.. ලිහිණි කුරුණෑගල පැත්තෙද ?

      Delete
    2. මම වෙන්නප්පුවේ සෙන්නෝ :)

      Delete
    3. එහෙමද ? මට හරියටම නිච්චි නෑ ඔය මම අහලා තියන [b]පුතා[/b] කොහෙද හිටියෙ කියලා..

      Delete
    4. @ ලිහිණි;
      එහෙනම් ඔබ "හෝලි ෆැමිලි"යන්න ඇත්තෙ.මම 77 වෙනකන් "ජෝශප් වාස් "ගියෙ.ඒ දවස් වල ඔබ ඉපදිල නැද්ද පොඩි ලමයිද දන්නෙ නැහැ.දුම්මලදෙණියේ ඉදල පාසල් ගියෙ.දැන් ඒ පැති සමග දැන් සම්බන්දයක් නැහැ.රසවත්,සුන්දර ගැමි මතකය තමයි ඉතිරිව ඇත්තෙ :).!!!!

      Delete
    5. ඇයි ළිහිණි ඔය 'උක්කුං සීයලත්' ඉන්නෙ. ඇයි අර කෝපි කඩෙත් හිටියෙ 'ගජං ළමයා' හෙම. මගෙ බර්ගර් යාලුවෙකුත් ඉන්නවා [hi="yellow"]'බබා'[/hi] කියලා.

      Delete
    6. @Kenji.Japan

      හප්පේ ඔව්. මගෙ ඉස්කෝලේ හෝලි ෆැමිලි එක තමා. ඒත් ඉතින් ඔයා ජෝශප් වාස් ගිය කාලෙ නම් මම මේ ලෝකෙට එන්න හිතලාවත් නෑ ..හි හි හී මම අසූවේ අන්තිමකාලෙ මේලෝකෙට ආව එකෙක්නේ.

      දුම්මලදෙනිය පැත්ත මම දන්නවා. මමත් ලුණුවිල :)

      Delete
  3. :D :D අපේ පැත්තෙ හිටියා කොන්දොස්තර කෙනෙක් ඉතිරිවුණොත් රු.2ක් දෙන්නෙ නෑ.. කටිටිය දාලා තිබුණෙ ඒ බස් එකට [co="red"]දෙකේ මාටියා[/co] බස් එක කියලා.. :D තව තිබුණා උඩින් කිව්වා වගේම නෝනා කොන්දොස්තර කම කල බස්එකක්.. මඟීන් නංවගෙන හැම නැවතුමකමට පස්සෙ කියන්නෙ.. [co="red"]රයිට් සුදා...යං..![/co] :D

    ReplyDelete
    Replies
    1. දෙකේ මාටියා කියලා දාන්න තිබ්බේ බස් එකට නෙවෙයි, කොන්දට. නෝනා කොන්දොස්තර වෙච්ච ස්කූල් සර්විස් නම් තිබ්බ මතකයි.

      බලන්නකො එක කතාවක් කිව්වාම කොච්චර රසවත් බස් කතා මතුවෙනවද කියලා.

      එදාවේල ‍ටුවර්ස් කියලා කියන්නෙ ප්‍රයිවට් බස් වලට කොහෙත් කියන පොදු නමක් නේද, නන්ඳු?

      Delete
    2. අපේ පැත්තේ තිබුනේ කෑලා කුමාරි ටුවර්ස් කියලා.

      Delete
    3. හානේ අපේ පැත්තෙත් තිබුනා කැලෑ කුමාරි කියලා.....

      Delete
  4. මේ මහ රෑ හිනා තදකරන් මේක කියවල බඩත් කොරවෙල වගේ. අර ඉස්කෝල ජෝඩුව නම් සිරාවට මරුවට තියෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මේ මම හිතන්නෙ අපේ DDTයාගේ කෙටිම කමෙන්ට් එක වෙන්න ඕනෙ. මොකද බං? ආ නිදිමත නේද? අඩේ වෙලාව 2.13 නේ? :O

      Delete
  5. අපූරු චිත්‍රය. සයිඩ් කන්නාඩියෙන් පිටිපස්ස බලලා බොහෝම පරිස්සමට ඉස්සරහට ගන්න හදන විදිහක් සිරාවටම දිස් වෙනවා. මේ රියදුරු මහත්තයා දැකපු ගමන් මතක්වුනේ අපි ඉස්කොලේ යන කොට "ස්කූල් බස්" එක එලවපු කාගේත් ගුණතිලක අය්යා. එයාගේ නහය ඔයතරම් ලොකු නැතත් ඔය වගේම තමා සයිඩ් කන්නාඩියෙන් පස්ස බලන්නේ. එයත් බොහෝම නිවිච්ච බොහෝම වගකීමෙන් රාජකාරිය කරන රියදුරු මහත්තයෙක්. (මම අහලා තියෙනවා ඩිපෝවේ ඉන්න හොඳම සහ විනීතම අයලු "ස්කූල් බස්" වලටත් වැඩකරන්න දාන්නේ කියලා.)

    පින්තූරේ කොන්දොස්තර මහත්තයාගේ රූපේ දැක්කම මැවිලා පේනවා අපි පොඩිකාලේ ලංගම බස් වල දැකලා තියෙන බුලත් හපයක් එක්ක ඉන්න වයසක කොන්දොස්තරලා.

    මම මේ කල්පනා කලේ, ඔය විදිහට දැහැමෙන්-සෙමින් ඔය මහත්තුරු දෙන්නට නොගැලපෙන මේ කාර්ය කරගෙන යන්න පුලුවන් වෙන්න ඇත්තේ; දන්න කියන අය හැමදාම ආවගිය නිසා වෙන්ට ඇති කියලා.

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම චිත්‍රයක් රසවිඳින අය කරන ඇගයීම් දැක්කාම චිත්‍ර ශිල්පියා කොයි තරම් ධෛර්යමත් වෙනවද කියලා මට හොඳට තේරෙනවා දැන්. බොහොම ස්තුතියි ගමේ හිතවතා.

      >>මම මේ කල්පනා කලේ, ඔය විදිහට දැහැමෙන්-සෙමින් ඔය මහත්තුරු දෙන්නට නොගැලපෙන මේ කාර්ය කරගෙන යන්න පුලුවන් වෙන්න ඇත්තේ; දන්න කියන අය හැමදාම ආවගිය නිසා වෙන්ට ඇති කියලා.<<

      ඇත්තෙන්ම බස් කෙරුවාව ජරා විදියටම කරන්න ඕනෙ කියලා එකක් නෑනේ, නේද? හැම එකාම හරියට දුවනවා නම් රේස් යන්න ඕනෙත් නෑ, කොට කොට යන්න ඕනෙත් නෑ. මම හිතන්නෙ මේ ජෝඩුවට අර කලින් කරපු රස්සාව හන්දා මිනිස්සුන්ගෙ ගෞරවයකුත් තියෙන්න ඇති. ඔය යාලුවෙක් කියපු කතාවක්නෙ.

      Delete
  6. උදේ පාන්දර හොඳට හිනාවුනා. මරු පෝස්ට් එක මහත්තයා .

    ReplyDelete
    Replies
    1. හා JP මහත්තයා. බොහෝම ස්තුතියි මහත්තයා.

      Delete
  7. Pattai anthima kathaava thama supirima
    Ape gameth innava mahathvaru godaak
    Heen mahaththaya
    Dingi mahaththayaa
    Baala mahaththaya
    Peti mahaththayaaa

    Oya vage godaak aya innavaa :)

    ReplyDelete
    Replies
    1. ඇයි බං මඩයා, මහතුංලත් ඉන්නවනේ.
      අර අන්තිම මහත්තයා පැටී මහත්තයා වුනේ පැට්‍රික් නිසාද නැතිනම් පැටියා මහත්තයා නිසාද?

      මම පොඩි කාලේ අපේ ගෙදර වැඩට උදව්වට හිටපු ගෑණු ළමයෙක් මට හියන්නෙ චූටි මහත්තයා කියලා. මට මල පනිනවා එහෙම කිව්වාම. මම කෑ ගහනවලු, "මම මහත්තයෙක් නෙවෙයි! මට මහත්තයා කියන්න එපෝ!" කියලා. ඒ ගමන ලොකු බබා කියන්න ගත්තා. ඒ ගමන මම ලැජ්ජාවටම අර කලින් නම ඉවසන්න පුරුදු වුනාලු. :D

      Delete
  8. මචන් ඔය වගේ බස් එකක යන්න තියේනම් වාසනාවක්. එහෙම එකක් තියෙනවා නම් ම හැමදාම ගැන බිබන් එකෙන් තමයි. මේ බස් වල ඉන්න උන් හිතන්නේ ඒවගේ යන්නේ සත්තු කියලනේ බන්.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම එහෙම බස් එකක් තියෙනවා නම් මමත් ඒකෙමයි යන්නෙ. සමහර බස් කාරයොන්ට මිනිස්සු අඳුනාගන්නත් ටික දවසක් යනවනේ.

      Delete
  9. අපේ තාත්ත ඉස්කෝලෙ උගන්නන කාලෙ තාත්ත එක්ක එකට ඉස්කෝලෙට ඇවිදගෙන ගිය තව ඉස්කෝලෙ මහත්තයෙක් හිටියා. ඉතින් එයා එනකල් අපි ටික නොඉවසිල්ලෙන් බලං ඉන්නෙ ගමන පටන් ගන්න. දෙන්නාම දෙන්නාට කතා කරගත්තෙ මහත්තයා බාසාවෙන්.. ඇත්තටම කිවුවෙ ඉස්කෝලෙ මහත්තයා කියලා.. අපි හැමදාම හිනා උනා දෙන්නටම.. අර මහත්තයයි මේ මහත්තයයි කියල ..හිනා උනේ අම්ම ඉන්න තැන විතරයි.. තාත්ත ඉන්න තැන හිනා උනා නම් ඉතින් කන්න තමයි වෙන්නෙ පාරක්..

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ තවත් මහත්තයා කතන්දර! :D ඇත්තෙන්ම අහගෙන ඉන්න උන්ට තමයි නියම විනෝද සමය.

      Delete
  10. //අර සිරා කිව්ව බස් එක නම අඹු සැමි ‍ටුවර්ස් කිව්වනෙ. මේ ඉස්කෝලෙ මහත්තුරු දෙන්නගෙ බස් එකට මිනිස්සු දාපු නම මට ගාමිණී කිව්වා, මේ මතක් වෙන්නෙ නෑනෙ. මේ දිව අගම තියෙනවා.//

    මහත්තුරු ටුවර්ස්? :D:D

    ReplyDelete
  11. Replies
    1. [co="red"]wow. this is fun...[/co]

      Delete
    2. Of course it's fun! Even I played around a lot.

      මහත්තයා ‍ටුවර්ස්? ම්හ්ම්, doesn't ring a bell.

      Delete
  12. මට මතක් උනේ "පුක ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස්" කතාව.. අදටත් මහත්තයා නොනා කියලා කතාකරන වසවර්ති මාරයොත් මම දැකලා තියෙනවා. ඒක නම් පුදුම කටු ජොබ් එකක්. මම හරි අනුකම්පා කරනවා ඒ මිනිස්සුන්ට. කිසිම විනයක් නැති 100 ක් කොන්ට්‍රෝට් කරන් යනවා කියන්නේ ලේසි පාසු වැඩක්ද...?

    ReplyDelete
    Replies
    1. ඔන්න මචං උඹ නිකං කුතුහලය ඇවිස්සුවා. මොකක්ද ඒ කතාව? මම දන්නෙ නෑනෙ. මෙතන කියන්න බැරි එකක්ද?

      Delete
    2. පුන්‍යවර්ධනයි කරුණාවතියි හවුලේ දාපු බස් සමාගමේ නම තමා පුක ටැවල්ස්

      Delete
  13. හෙන්රි අයියේ ලංකාවට වරෙං. අපි දෙන්නත් දාමු මහත්තුරු ටුවර්ස් එකක්.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්,

      [ma][si="6"]රාජ් මහත්තයා: හරී, යං මහත්තයා. ඩූඩ් මහත්තයා: හා මහත්තයා.[/si][/ma]


      එක්කො උඹ ඩ්‍රයිවර් වෙනවද?

      Delete
    2. මහත් හොරු ට්‍රැවල්ස් කියල දාපං හෙන්රියා.

      Delete
  14. මගේ මිත්‍ර දොස්තර කෙනෙක් ඉන්නවා කොන්දොස්තර හැඳුනුම්පතකුත් තියෙන. මිනිහා දොස්තර වුනාට පස්සෙනම් කොන්දොස්තර වැඩේ කලේ නැහැ. ඒත් වෙන්න දොස්තර කාලේ සමහර දවස් වලට කොන්දොස්තර වැඩේ කලේ තාත්තගෙයි, මාමගෙයි බස් එකේ. ඒ මදිවට නයිට් බස් රේස් පවා කලා. දවසක් තවත් යාලුවෙක්ගෙ ගමේ රෑට නවත්තලා තියන ලංගම බස් එක අරං ගිහින් වෙන තැනක දාල එන්නත් මිනිහ මුලික වුනා.

    අද ෂුවර් මේකේ ටෙස්ට් කමෙන්ට් ගොඩක් වැටෙනවා. ඔන්න මමත් ටැස් කරනවා.

    1. වීඩියෝ
    http://www.youtube.com/watch?v=7_y8d9JA57g

    2. පින්තුර
    [im]http://ecx.images-amazon.com/images/I/51u23aZtqdL._SL500_AA300_.jpg[/im]

    3. කවලම් :)

    [ma][hi="yellow"][co="red"][/co][/hi][im]http://ecx.images-amazon.com/images/I/51u23aZtqdL._SL500_AA300_.jpg[/im][/ma]

    ReplyDelete
    Replies
    1. [youtube]http://www.youtube.com/watch?v=7_y8d9JA57g[/youtube]

      Delete
    2. [vi]http://www.youtube.com/watch?v=7_y8d9JA57g[/vi]

      [video]http://www.youtube.com/watch?v=7_y8d9JA57g[/video]

      Delete
    3. වීඩියෝ ක්‍රමය පැහැදිලි නැත..

      Delete
    4. වීඩියෝ එකට තව වෙනසක් කරන්න ඕනෙ ටෙම්ප්ලේට් එකට. ලෝඩ් වෙන්න වෙලා යයි කියලා හිතලා ඒක මම දැම්මෙ නෑ රාමා.

      Delete
    5. මොකක් රාමා? නයිට් බස් රේස් කියලාත් එකක් තියෙනවද?

      Delete
    6. :) ඒක මිනිහ තනියෙන් කරන රේස් එකක්. සමහර දවස් වලට බස් නැවතුමේ ඉඳල බස් එක ගෙදරට අරං එන්නේ ඒ කොන්දොස්තර. යු ටියුබ් එකෙන් පේජ් එක ලෝඩ් වෙන එකට එහෙමට බලපෑමක් නැහැ මම හිතන්නේ, වීඩියෝ එක ලෝඩ් වෙන්නේ ඔන් ඩිමාන්ඩ් විතරක් නිසා. කොහොම වුනත් වීඩියෝ එකනම් ඉතින් අනවශ්‍ය විදියට පාවිච්චි වෙන්න ඉඩ තියෙනවනේ. ඉමේජ් වලත් ඒ අවදානම නැතිවම නෙවෙයි නේද ?

      Delete
  15. සුද්ද උනත් ඇත්තනේ කියල තියෙන්නේ. හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. නැහ්නං! වැරදි වැඩ කරනවා මදිවට තමන්ටම මහත්තයා කියලත් කියාගන්න!
      ඒක නෙවෙයි. උඹත් කෝරළේ [co="red"]මහත්තයා[/co]නේ? :D

      Delete
  16. font color: [co="purple"]ඩුඩ්,

    මේ කතාවේ ඉන්න ඩ්‍රයිවර්ගේයි කන්ඩක්ටගේයි දෙබස් ඒ බස් එකේ ගිය පුංචි අය හොදට රස විදින්න ඇති.

    මෙ චිත්‍රයේ ඩ්‍රයිවර් දැක්කාම මට මතක් වෙන්නේ ඔයා දුෂ්කර සේවය කරපු ඉස්කොලේ හිටිය ප්‍රින්සිපල් කෙනෙක්ව [ අර පුතූට 'චුටී පුටූ' කියලා අමතන ][/co]

    ReplyDelete
    Replies
    1. ලොකු අයත් රස විඳින්න ඇති.

      ඔය කියන්නෙ අර සිංහයා. ඇයි අම්පාරෙ හිටපු විදුහල්පති කෙනෙකුත් මගේ හිතේ ඇඳිලා තිබිලා එලියට ඇවිල්ලා. පීනසේ තියෙන එක්කෙනෙක් වගේ නෙවෙයිද පේන්නෙ? :D

      Delete
  17. scrolling effect in right side: [ma+]දැන් කාලෙ කොන්දොස්තරලා මහත්තුරු කියල අමු කුනුහරපෙන් බං බනින්නේ...[/ma+]

    ReplyDelete
    Replies
    1. යකෝ මේකේ අරාබි විදියටනේ අකුරු යන්නේ. ආපස්සට කියවන්න එපැයි.

      Delete
    2. යකෝ සෑමා කියන්නෙ වයර් මාරුවෙච්ච බුවෙක් බව උඹ තව්වම දන්නෙ නැති එකනෙ අසරණයා පුදුමෙ!

      Delete
  18. කොහොමත් මහත්තයල දෙන්න උපරිම ලාබ ලබන්න ඇති නේද හෙන්රි?තනිකර ශුද්ධ ලාබය අතේ නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම කෙන්ජි ඩීසල් වල්ටයි රනිං රිපෙයාස් වලටයි විතරනෙ වියදම් වෙන්නෙ. මාටියා ගැහිල්ලකුත් නෑ. කෲ එකට පඩි ගෙවිල්ලකුත් නෑනෙ.

      Delete
  19. වැඩ දාපු කමෙන්ට් එකක්වත් මට පේන්නේ නෑනේ. මේක දැක්කාම මටත් කතා කීපයක්ම මතත් වුණා. අපේ ගමෙත් ඉන්නවා කිරි මහත්තයා කෙනෙක්. ඒවා ලියන්න වෙලාව මදි මේ වෙලාවේ..

    ReplyDelete
    Replies
    1. මොනවා බං නලීන්? වැඩ දාපු කමෙන්ට් එකක් වත් පේන්නෙ නෑ? ම්ම්ම් සමහර විට මෝබයිල් වර්ෂන් එකේ ඒක ඩිසේබල් වෙනවා ඇති. ඉතිං වැඩ නැතුව කමෙන්ට් එක පේන්නෙ නැතිද?

      Delete
  20. [box]පෝස්ට් එක වගේම කොමෙන්ට් ටිකත් පංකාදුයි මහත්තයා. :p[/box]

    ReplyDelete
    Replies
    1. ආයිබෝං ඉමල්ක මහත්තයා.

      Delete
  21. මොකද්ද බං..උඹ මේ අමුතු කමෙන්ට්ස් දාන ක්‍රමයක් බෝ කරල මහ වදයක්නෙ...අපිට එව්ව පේන්නෙ මෙහෙම..

    / නැහ්නං! වැරදි වැඩ කරනවා මදිවට තමන්ටම මහත්තයා කියලත් කියාගන්න!
    ඒක නෙවෙයි. උඹත් කෝරළේ [co="red"]මහත්තයා[/co]නේ? :D /

    එක්කො මටත් ඔව්ව පාටිං පාටිං බලන විදිහ කියල දීහං...නැත්තං…. ඔන්න නොකිව්වයි කියන්න එපා....හරිය?

    හෙහ්, හෙහ්, බස් කතා සුද්දංගෙ කතා එලෝ කෝටියට මතක් උනා බොලේ...ඉඳහං වෙලාවක් බලල ලියඤ්ඤං....

    හුද්දෙක් ගැන එක කතාවක් විතරක් කියඤ්ඤං දැනට...

    මම කියන සුද්ද ඉඳල තියෙන්නෙ වටවල පැත්තෙ වත්තක. මිනිහ බොහොම නිවිච්ච සාදාරන මනුස්සය. ආපු ගමං ඔන්න සිංහල එහෙම ඉගෙන ගත්ත.

    ඉතිං මේ සුද්ද තමං යටතෙ වැඩ කරන කම්කරුවන්ට එහෙම කතා කලේ ඔබ කියල. මිනිස්සුන්ට මේක මහ විහිලුවක් උනා. උං සුද්ද නැති තැන හිනාවෙන්ට ගත්ත.මොකද කලින් හිටපු සිංහල දන්න සුද්දො කතා කලේ තෝ උඹ අන්න එහෙම කියල. මිනිස්සුන්ට පුරුදු ඒ වචන වලට. වත්තෙ කංකානි ඉන්නවනෙ, මිනිහ බැලුව මේ වැඩේ හරි යන්නෙ නෑ. මෙහෙම ගියොත් මුං සුද්දව කෙයාර් කරන එකක් නෑ පිච්චියකට...

    ඒ කරල සුද්දට කිව්ව මෙහෙම… " සෑර්..ඔය මිනිස්සුන්ට කතාකරනකොට ඔබ කියන්න එපා. ඒක හරි නෑ...තෝ කියල කිව්වම තමයි හොඳ" කියල

    අනේ අපේ සුද්ද හිතුවෙ ඔබ කියන්නෙ මහ අන්තිම කුණු හරපයක් කියල..මිනිහ බෝම කනගාටුවෙලා කිව්ව " ඕල් රයිට්, මට බෝම කනගාටුයි. මීට පස්සෙ මම ඒ විදිහට කතා කරන්නෙ නෑ " කියල

    මාසෙකට විතර පස්සෙ ඔන්න හෙන අප්සෙට් එකක් වෙලා. කොලඹට යවපු තේ ලොට් එකක්ම රිජෙක්ට් වෙලා. මොකද ඉල්ලපු කොලිටි එක නෙවෙයි යවල තියෙන්නෙ. සුද්දට කොළඹ හෙඩ් ඔෆිස් එකෙං කතා කරල අම්ම මෝ නැතුව බැණල. මූ ආපහු වත්තට ඇවිල්ල තියෙන්නෙ වෙඩි කාපු ඌර වගෙ. පැක්ටරිය ගාව බැහැල තියෙන්නෙම හද්ද කුණුහරපෙං දැක්ක දැක්ක එකාට බැණගෙන.

    " තෝත් ඔබ..තෝත් ඔබ...සී වට් යූ හෑව් ඩන්?...තොපි ඔක්කොම ඔබ...තොපි ඔක්කොම ඔබ. "

    මිනිස්සු කටවල් ඇරං බලා හිටියලු මේ මොකද මේ කියල...සුද්දට යස්සය ආරූඩ වෙලයි කියලනම් පේනව බොහොම පැහැදිලිව. ඒත් මොකක්ද මේ බණින විදිහ..ඔබ..ඔබ ..කියල...බොහොම අමාරුවෙං හිනාව තද කරගෙන හිටියට වැඩි වෙලා එහෙම ඉන්ට බැරිඋනා. උංගෙ හිනාවට සුද්දට තවත් මල...

    " තෝත් ඔබ...තෝත් ඔබ...යූ ආ ලාෆිං නව්? ආන්ට් යූ?....තොපි ඔක්කොම ඔබ…" සුද්ද දිගටම බැනගෙන ගියා හිතේ හැටියට.

    ReplyDelete
    Replies
    1. මරු කතාව ඒක. :D:D:D:D

      Delete

    2. LOL!
      ඔය තියෙන්නෙ කතානෙ. මම ඕක අහලා තියෙනවා "උඹත් තමුසෙ, උඹත් තමුසේ" කියලා බනින විදියට. මේකෙන් මට තව සුද්දා කතා කීපයක් මතක් වුනා. ඔන්න කමිං අප් නෙක්ස්ට්!

      Delete
  22. Replies
    1. බස් තියං පයිං යන්නෙ මොකටද කියලා හිතුනා රොබින් මහත්තයා!

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. ශා නියම කතාව...මහන්සි වෙලා ගෙදර ඇවිත් කෑම කන ගමන් කියෙව්වේ....දැන් නම් මහන්සිය කොහෙන් ගියාද නෑ...එකම ප්‍රශ්නේ තව පොඩ්ඩෙන් කෑම හිරවෙනව හිනාවෙන්න ගිහින්....

    මෙහෙ නම් ආන්ඩුවේ බස්වල ඇරෙන්න, ප්‍රයිවට් ඒවගේ කොන්දෙස්තරල නෑ....කෙලින්ම ඩ්‍රයිවට සල්ලි දෙන්නෙ, වෑන වගේ ඒවගෙ නම නැගපු ගමන් සල්ලි ඩ්‍රයිවට පාස් කරනව අනිත් ඒවගෙ බහින ගමන් දෙනව.... :D :D :D

    අනික සල්ලි කොතනින් බැස්සත් ගාන එකයි....

    පින්තුරෙ නම් හරිම තාත්විකයි....කිව්ව ඒ ප්‍රින්සිපල් අන්කල්ව මට තාම මතකයි....මුන නම් හරියට මතක නෑ...

    gave up on trying to add color to the comments, made two mistakes he he he

    ReplyDelete
    Replies
    1. අනික ෆුට් බෝඩ් එක තියෙන්නෙත් අනිත් පැත්තෙනෙ, නේද? ඔය කොතනින් බැස්සත් එක ගාන සිටි සර්විස් වල විතරක් වෙන්න ඇති.
      ඒ ප්‍රින්සිපලුයි තව ප්‍රින්සිපල් කෙනෙකුයි දෙන්නෙක්ගෙම ෆීචර්ස් අරං තමයි මේ ඇන්දේ.
      ඇයි ඔය ඕනෙ ඉෆෙක්ට් එකක් දාන්න පුලුවන් ඔයා තිත් ඉර උඩ කමෙන්ට් එක දැම්මා නම්.

      Delete
  26. Replies
    1. වීඩියෝ අප්ලෝඩ් කරන්න පහසුකම මම දැම්මෙ නෑ ගයනි ඒක ලෝඩ් වෙන්න වෙලා යයි කියලා හිතලා.

      Delete
  27. "Thanks very much " කිව්වම නිකං අමුතුයි වගෙ නේද?

    ReplyDelete
  28. මේ මහත්තයා මං මහත්තයට පිස්සු හැදිලා තියෙන්නේ ඔය කොමෙන්කටු මහත්තුරු පාට මහත්තුරු කරල, යන මහත්තුරු කරල, අනේ මහත්තයෝ දැන්නං ඩෙනිම් මහත්තයා නිකං පොෂ් මහත්තයෙක් වගේ.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. හා දේශකයා මහත්තයා. :D

      Delete
  29. මගේ තාත්තා ට යහළුවෝ සිටියේදැයි මට විටෙක සැක සිතුණි. එයට හේතුව නම් ඒ මැන්ගෝ ෆෙන්තෝ සියළු දෙනාම මහත්තුරු වීමයි. ගුරු සේවයේ පුරුද්දට ඔවුන් පැන්ක්‍ෂන් ගිය පසුවද එකිනෙකා අඳුණා ගත්තේ මහත්තයා යනුවෙනි. කොටින් දුරින් නෑකමට මස්සිනා වූ ඔහුගේ හොඳපම යාළුවා සහ මගේ පියා කතා එකිනේකා අමතා ගත්තේද මහත්තයා ලෙසිණි.

    ඒ යුගය දැන් අවසන්.

    ReplyDelete
    Replies
    1. මමත් ඔහොම අවස්ථා දැකලා තියෙනවා. ඒ යුගය අවසන් තමයි මාත් හිතන්නෙ.

      Delete
  30. [si="4"]හෙහ් හෙහ් හෙහ්..පට්ට මට මතක් වුනේ පුණ්‍යසිරිගෙයි කමලාවතිගෙයි බස් කතාන්දරේ.. මොකක්ද අප්පා මේ කමෙන්ට් කතාව බලමු ට්‍රයි එකක් දීලා [/si]

    [ma]හෙහ් හෙහ් හෙහ්..පට්ට මට මතක් වුනේ පුණ්‍යසිරිගෙයි කමලාවතිගෙයි බස් කතාන්දරේ.. මොකක්ද අප්පා මේ කමෙන්ට් කතාව බලමු ට්‍රයි එකක් දීලා[/ma]

    ReplyDelete
    Replies
    1. මට දැන්නෙ තේරුණේ ඒ කතාව.


      [im]http://www.picgifs.com/graphics/l/laughing/graphics-laughing-590695.gif.[/im]

      Delete
  31. හිකිස්... අයියෝ...
    සුද්දෝ ඔහොමමයි...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. තව සුද්දන්ගෙ කතා දෙකක් මට එනවා පණුච්චි.

      Delete
  32. මෝකක්ද බං මේ ටෙස්ටින් ලෝකයක්නෙ..!!!

    මම ලිපියක් දැක්ක කැනඩාවෙ(මතක හැටියට) පාසල් බස් රථ ධාවනය කරන්නේ කාන්තාවන් කියල .හේතුව ආවේගශීලී නොවීම,කලබල නොවීම,හා කේන්ති නොයාම වගේ කාරනා දාල තිබ්බ. ලංකාවෙ කාන්තා රියදුරන් අඩු නිසා මේ වගේ පෙන්ශන් ගිය අය දාල පාසල් සේවයක් ආන්ඩුවෙන් කරා නම් කොහොමද..

    ReplyDelete
    Replies
    1. අපි කට්ටියම පොඩ්ඩක් විනෝද වුනා බං. මේවට කියන්නෙ small pleasures of life කියලනෙ.

      කැනඩාවේ විතරක් නෙවෙයි බං. හුඟාක් රටවල් වල ගෑණු බස් එලවනවා. මෙහෙත් ‍ෆිලිං ස්ටේෂන් වල ගෑණු වාහන වලට පෙට්‍රල්/ඩීසල් ගහනවා මම දැකලා තියෙනවා.

      ඒකෙත් රිස්ක් එකක් තියෙනවනෙ වීයා. හතලිහෙන් පස්සෙ හෘදයාබාධ අවදානම හෙම වැඩිනේ.

      Delete
  33. සුද්දගේ කතාව නම් මරු නෙහ් :)

    ReplyDelete
    Replies
    1. [box]සුද්දගෙ තව කතා දෙකක් මතක් වුනා. [/box]
      [ma]COMING UP NEXT.[/ma]

      Delete
  34. [co="red"][si="5"]නියම කතාව මහත්මයා.[/si][/co]

    ReplyDelete
    Replies
    1. [si="100"]නියම කතාව මහත්මයා.[/si]

      Delete
    2. [si="6"]ස්තුතියි හරී මහත්තයා.[/si]

      Delete
  35. Young මහත්තයා... Hurry මහත්තයා.... ඒ අස්සේ [co="red"]හාට්[/co] පිරිච්ච සෙපරේටර් එකකුත්...

    අර ඩ්‍රයිවර් මහත්තයානම් මාරම ලස්සනට ඇඳලා තියෙනවා. Nice work dude.

    ඉස්සර බලංගොඩ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික ඒ වගේම දේශපාලකයෙක්ගේ බස් කීපයක්ම තිබුණා. අපි පොඩි කාලේ ඒකට කොන්දොස්තර, ඩ්‍රයිවර් තනතුරු වලට ගෑණු අය ගත්තා. නිල පාට යුනිෆෝම් එකක් හෙම දීලා. දැන් තමයි තේරෙන්නේ ඒ ජොබ් එක ඉක්මණටම නැති වෙන්න හේතුව. :D

    ReplyDelete
    Replies
    1. දන්නෙ නැද්ද අකමා, මොකක් හරි වෙනසක් තියෙන්නත් එපායැ.

      ස්තුතියි චිත්‍රය ඇගයීමට. ඔය හිතේ තිබ්බ රූපයක්. මගේ ප්‍රින්සිපල්ලා දෙන්නෙක්ගෙ සංයෝගයක්.

      ඇත්තට දැන් ඒ කාන්තා කොන්දොස්තරලා නෑ නේ?

      Delete
    2. [card="yellow"]ඒ බස් ෆුල් ලෝඩ් උණාම කොල්ලෝ පොරකකා නගින්නේ. ජැක්සන්ලා වැඩි හරියක්. ඒ නිසා නොමිලේ යන අය ඉතුරු ටික. [co="red"](ටිකට් කඩන්න ඇතුළට එන්නෑනේ.)[/co][/card]

      Delete
  36. [co="red"]අහා..[/co] [co="green"]පාට[/co] [co="blue"]පිරුණු[/co] [co="pink"]ලෝකයක්...![/co] වැඩේ නැගල යනවා නේ දැන්. :)

    අද හොඳට හිනා වුනු දවසක්.. :D
    මහත්මයා කියල නම තියන අයත් ඉන්නවා නේ. හීන්, පුංචි, ලොකු, කළු, කුඩා, පොඩි.. ඊට පස්සේ නමේ අගට මහත්මයා. ඉස්සර අපේ තාත්තා සමීති වල වාර්තා එහෙම කියවන්න දෙනවා මට. කියවන්න ගියාම මට හිනා. හීන් මහත්මයා මහත්මයා ගේ යෝජනාව කුඩා මහත්මයා මහත්මයා ස්ථිර... ඔන්න ඔහොම. පස්සේ නම් මහතා කියල වෙනස් කරලා ලියල තිබුන.

    ඇත්තටම අර වගේ බස් එකක නම් යන්නත් ආසයි..

    ReplyDelete
    Replies
    1. නැගලා යනවදත් අහනවා. බොහෝම ස්තුතියි චන්දන. යාලුවටත් එහෙමයි. දැන් ඒ පාරේ කීප දෙනෙක්ම ගිහින් මේ වැඩේ කලා.

      ඇයි ඔය කිව්ව විශේෂන පද වලටම මැණිකේ, එතනා, නෝනා සහ සමහර ඒවට හාමිනේ දාලා ගන්න එක.

      මාත් ආසයි එහෙම බස් එකක යන්න.

      Delete
  37. අන්තිම කතාවනම් නියමයි.. ඔය වගේ නම් තියෙන මිනිස්සුන්ට සෑහෙන ප්‍රශ්ණ තමා බලාගෙන යද්දී..

    ReplyDelete
    Replies
    1. මේ බුවාලා දෙන්නට හිනා යන්න ඇති මම හිතන්නෙ, දිනේෂ්.
      මොකෝ බං අද තනියෙම?

      Delete
  38. මේක මට වුන කතාවක් දෙවෙනි කතාවට සම්බන්දව. මම මුලින්ම කොංගෝ ගියාම එහෙ කතා කරන්නේ ෆ්‍රාන්ස භාශාවනේ. ඔවුන්ගේ නොදන්නා කමටද දන්නේ නැහැ. නම අහපුවාම කියන්නේ I'm *** කියලනේ උන් හිතන්නේ මගේ නමේ කැල්ලක් කියල I'ම කියන්නේ මගේ ඉංග්‍රීසි වල වැරද්දක් ද දන්නේ නැහැ. කාලෙකට පස්සේ හරිනමින් කතා කළා.

    පොස්ට් එක ඒමයි කමෙන්ට් වලත් තියෙන කතා ඔක්කොම සිරා

    වැඩ කාරයෝ වැහි වහලා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අසරණයා, ඇයි උඹ ප්‍රංස කතා කරන්න ගිහින් වෙච්ච ඇබැද්දි හෙම බ්ලොග් කරන්නෙ නැත්තෙ? ඒක එතිකල් නැති නිසාද? මම අදහස් කලේ, මටත් මෙහෙ ගැන කතා ඕන තරම් තිබ්බත් මේ රටේ රස්සාවක් කරන ගමන් ඒවා හැම එකම බ්ලොග් කරන එක එතිකල් නෑ වගේ පේන නිසයි සද්ද නැතිව කියන්න පුලුවන් ඒවා විතරක් දාන්නෙ. උඹටත් එහෙමද?

      Delete
    2. ඔව් මචං.. මම හිතන්නේ මම මෙහෙන් ගියාම ඒ කතා ලියවෙන්නත් ඉඩ තියෙනවා.

      Delete
  39. [ma]ටෙස්ට් එක,දෙක,තුන [/ma]

    ReplyDelete
  40. මටත් වැඩ පාරක් දාල කොමෙන්ට් එකක් දාගන්න බැරුව මළ පැනලා ඉන්නේ දැන්

    ReplyDelete
    Replies
    1. සිරාවටම? මොකද බං එහෙම වුනේ? Pulling my leg?

      ඕනෙ ඉෆෙක්ට් එක ගන්න කමෙන්ට් එක අර තිත් ඉරි වෙනුවට ඇලෙව්වා නම් හරිනෙ. ෆොන්ට් සයිස් ඔය තියෙන එක නම් පොඩි නිසා වෙනසක් තේරෙන්නෙ නෑ.

      Delete
  41. එහෙමත් කියන්න පුලුවන් ඇනෝ.
    Thanks ever so much කියලත් කියන්න පුලුවන්.
    Thanks a million කියලත් කියන්නෙ. :)

    ReplyDelete
  42. පෝස්ටුව නම් කියෝ ගත්තා..වැඩ දාලා ලියපු කෙමෙන්ට් ටික කියවගන්න සෑහෙන වෙලාවක් ගියා..!! මේක නිකම් ශිහාන්ගේ හෙයාකට් එක වගේනේ..!!හික්ස්..

    මහත්තයා කතාව නම් හරි ශෝක්..මටත් නිතරම හිතෙනවා මේ බස් කෙරුවාව වෘත්තිය විදිහට කරන්න බැරිද කියලා..!!්‍

    ReplyDelete
    Replies
    1. රූ, මම දන්නෙ නෑ ඒ හෙයාකට් එක ගැන. ඒකත් තොරණක් වගේ එකක්ද? බැරුවම නෙවෙයි.

      ඔය ඩ්‍රයිවර්ලට කොන්දොස්තරලටත් වැඩමුළු හෙම තියලා බස් වල යන්නෙ හරක් නොවෙයි කියන එක අවබෝධකරලා දුන්නොත් සමහර විට හරියන්නත් පුලුවන්.

      Delete
    2. ශිහාන්ගේ හෙයාකට් එක කියන්නෙ අපි අපි පාවිච්චි කරන Idiom එකක..ඒකෙන් කියන්නෙ එක්කෙනෙක් පටන් ගත්තාම අනිත් ඔක්කොම කරන්න පටන් ගන්නවා..ඊට පස්සෙ පටන් ගත්ත කෙනා වෙනස් කලත් ට්‍රෙන්ඩ් එක වෙනස් වෙන්නෑ..හික්ස්

      Delete
  43. කමෙන්ට් ගොඩක් එව්වා තොරන් වගේ හින්දා එව්වා රස වින්ඳා..කතාව කියවලා ලියන්ඩ ආපු කමෙන්ට් එක මතකත් නෑ දැන්.. චිත්තරේ නම් නියමයි..මාත් ආයි අඳින්න ගන්න ඕනි !

    ReplyDelete
    Replies
    1. හා වෙනී මහත්තයා. ඇත්තෙන්ම ආයෙ සිත්තර අඳිමුකො. අර ටැබ්ලට් එකත් පුස් කාල ඇති දැං.

      Delete
  44. ඔය බුලත් විට කන වැඩේ ගොඩක් ඩ්‍රයිවර් මහත්තුරු කරනව නේද? සමහරවිට නිදිමත නැති කර ගන්න වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. බුලත් විට කනවා විතරක්යැ. පාරට කෙළ ගහලා, ඊට පස්සෙ කට හෝදලා සොරෝස් ගාලා පාරට දිය ඇල්ලක් වගේ මුදා හරිනවා. ජරා පුරුද්දක් හැබැයි.

      Delete
  45. මමත් කියෙවුවා මහත්තයා. ගෙහුං එඤ්ඤං...

    ReplyDelete
  46. අම්මප මේ කොමෙන්ට් තොරං ටික බලපුවාම ඩූඩ්ගෙ කතාව මතකත් නෑනෙ.
    අර මහත්තය බස්එකනං නියමෙට තියෙන්න ඇති.

    [hi="yellow"]චිත්‍රත් ලස්සනට ඇඳල තියෙනව[/hi]

    ReplyDelete
    Replies
    1. ඇත්තටම Praසන්ன කියලා පාට තුනෙන් දුවන්න ගැහුවා නම් කොහොමද ආතල් එක.

      ස්තුතියි Praසන්ன. චිත්‍රය අගය කිරීමට.

      Delete
  47. අපේ ගමෙත් තිබුණා එක බස් එකක් ඒකෙ නම එදා වේල ටුවර්ස්.
    තවත් බස් එකක නම බුදු අම්මෝ ටුවර්ස්

    ReplyDelete
    Replies
    1. ආ හැලප කඩේ මහත්තයා. ඇයි මහත්තයෝ මග මරුවා ‍ටුවර්ස්?

      Delete
  48. හප්පා.... මේකේ හෙන සුකුරුත්තන් කමෙන්ට්ස් තියෙනවනේ. ලියල තියෙන ඒකට වඩා හැඩ වැඩ බලන් ඉන්න පුළුවන්.... හික්...

    අපිත් ඉස්කෝලේ යන කාලේ බස් වලට එක එක නම් දාලා තිබ්බා.....

    ReplyDelete
    Replies

    1. සමනළීත් දාගන්නකො ඉතින් සුකුරුත්තං කමෙන්ට් දාන්න ගැජට් එකක්.

      නම් නැත්නම් බස් වැඩක් නෑ.

      Delete
  49. අය්යෝ කමෙන්ට් එකක් දාන්න සෑහෙන්න දුර එන්න උනානේ.... ඕක තමයි කියන්නෙ අපායට ගියත් ඉස්සෙල්ල යන්න කියල මම මුලින්ම කියවල ගියා පස්සෙ කමෙන්ට් දාන්න කියල මදැයි...

    මහත්තයා නම් මරු අය්යේ... ඔහොම අය තාම ඉන්නවා අපේ මාමත් ඉන් කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. ත්‍රී වීලර් එකක එන්න වුනාද නදිනිට?

      එහෙමම නෑ නදිනි, අපායට පරක්කු වෙලා ගියාමත් හොඳයි. ලෝදිය නිවිලා, ක‍ටු ඉඹුලේ ක‍ටු ගෙවිලා, කැඩිලා.

      Delete
  50. හු හු... අපි යනව මහත්තයා......

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>