Saturday, July 25, 2015

133. රයිස් ඇන් කරි කමු නේද මචංලා? මොකද උඹලා කියන්නෙ?

 
මේක ඇන්දෙ මගෙ ග්‍රැ‍ෆික්ස් ටැබ්ලට් එකේ පෑන හොඳට තිබ්බ කාලේ



උඹලට කියන්න, දැන් දැන් භාෂාව කොච්චර වෙනස් වෙලාද කිව්වොත් ලංකාවේ රෙස්ටෝරන්ට් වල බත් කියන්නේ සාමාන්‍ය බත් වලට බවත්, රයිස් කියන්නේ ෆ්‍රයිඩ් රයිස් වලට බවත් මම දැනගත්තේ පස්සේ කාලෙකදි. මේ කතාව සිද්ද වෙනකොට රයිස් ඇන් කරි කියන්නේ සාමාන්‍ය බත්.
 
කමල් මගෙ මෙකැනික් සුගත්ගෙ ගරාජ් එකේ ටින්කර් වැඩකරන බුවා. මම නිවාඩුවට ගියාම අනිවාර්යයෙන්ම යන තැනක් තමයි සුගත්ගෙ ගරාජ් එක. මේ සුගත් ඇත්තටම හොඳ වැඩ කාරයෙක්. මාව ගොඩ දාලා තියෙනවා අනන්ත. මම ෆෝන් එකෙන් විස්තරේ කියනකොට අහන් ඉඳලා හරියටම රෝගයත් විනිශ්චය කරලා කියනවා, "අරන් එන්නකො මහත්තයෝ", කියලා. හරියටම හරි තමයි. 

සාමාන්‍යෙන් එතන යන්නෙම 18+ භාෂාව සහ කතන්දර නිසා මම චූටි පුතා එක්ක යනවට සුගත්වත් කැමති නෑ. මේ කතාව ඊට වැඩිය වෙනස්. ඒ කියන්නෙ එතන කියවුනු කතාවලින් ප්‍රසිද්ධියේ කියන්න පුලුවන් එකක්.

මේක වෙලා තියෙන්නෙ කමල් කලින් වැඩ කරපු ඈත ඩොටේ ඩොට් කොම් පළාතක ගරාජ් එකක.

ගරාජ් වැඩ කියන්නෙ ඉතින් ඇඟට දැනෙන වැඩ හන්දා හුඟාක් කට්ටිය හවසට දෙකක් ඇන ගන්නවනෙ. ඉතින් පඩි දවසට කන සාක්කුවෙ. එක දවසක ගැන්සියම මද පමනින් ස්ටෙලා වෙලා ගිහිල්ලා නගරේ රෙස්ටොරන්ට් එකකට කන්න. එක පොරකගෙ, අපි කියමු පාලිත කියලා, නියම නමයි ගම් පළාතයි නොකියා, ඔන්න කන සාකුවට වැටෙන්නෙ ඔන්න මෙන්න(ලු). දැන් ගැන්සියම මේසයක් වටේ ඉඳගෙන ඕඩර් කරන්න(ලු) ලෑස්තිය.

"මොනවද මචං කන්නෙ?"

"මොනවද ඉතිං තියෙන්නෙ බලපංකො ඉස්සෙල්ලා"

ඔන්න එතකොට වේටරුත් ඇවිත්.

"මොනවද මල්ලි තියෙන්නෙ කන්න?"

"රයිස් ඇන් කරි තියෙනවා, ෆ්‍රයිඩ් රයිස් තියෙනවා, තව..."

"ඒයි රයිස් ඇන් කරි කමු නේද? මොකද උඹලා කියන්නෙ?"

හැමෝම අත උස්සලා සභා සම්මත කරගත්තත් පාලිතයා සද්දයක් නෑ(ලු).

"අඩෝ, උඹ මොකද කියන්නෙ?"

"මට කන්න බෑ බං. උඹලා කාපල්ල කියලා." මූ සිගරට් එකක් පත්තු කරගත්ත(ලු).

"මූට වැඩියි තමයි මචං එක්කො ඔහොම හිටියාවෙ. නැත්තම් කබ්බ සෙට් වෙන්න පුලුවන්." කියලා කමලුත් කිව්ව(ලු).

පස්සෙ ඔන්න කට්ටියම, ඒ කියන්නෙ පාලිතයා හැර, බත් කනව(ලු),
පාලිතයා කිර කිර ඉඳලා හදිසියෙම කන සාකුවෙන් එලියට අරගෙන වටපිට බැලුව(ලු). එතකොට අනිත් උන් කාල ඉවර වෙන්නත් ලඟයි(ලු).
මූ එකපාරටම කියනව(ලු).

"අඩෝ, රයිස් කියන්නෙ බත් කියලා දන්නවනං මාත් ටිකක් කනව ඩෝ."

මේකට අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න මට ටිකක් වෙලා ගියා.

Originally published @ මට හිතෙන හැටි.  

68 comments:

  1. මෙන්න හෙන්රිටත් බ්ලොග් එකේ මකුලුදැල් කඩන්න හිතිලා.

    ReplyDelete
    Replies
    1. මකුලුවො මට වඩා කාර්යශූරයි මචං.

      Delete
  2. ලංකාවෙ හෝටල් වල කෑම වලට කියන නම් වෙන කොහෙවත් ගිහින් පුරුද්දට වගේ කිවුවොත් කොහොමද...?

    ReplyDelete
    Replies
    1. ෂොර්ට් ඊට්, ඉස්පංචි වගේද?

      Delete
  3. ඕකට අඬලා වැඩක් නෑ බන් හිනා වෙන්න තමා ඕනා...

    ඇයි ලංකාවේ ටී කියන්නේ කිරි තේ වලටනෙ. ප්ලේන් ටී කියන්නේ නිකන්ම තේ වලටනෙ. තේ බොන්ඩ හිතන් ඇවිත් ටී ඉල්ලලා කිරි තේ බීපූ ‍ටුවරිස්ට්ලම කී දාහක් ඇත්ද ?

    මට මරු වැඩක් වුනා රට ගිය මුල්ම කාලේ. එහේ ප්ලේන් ටී වලට කියන්නේ "සුලේමානි" කියලා. ගිය අලුත මට උන්ගෙ වචනයි, මිනිස්සුයි ඔක්කොම එක වගේ. දවසක් මම රෙස්‍ටුරන්ට් එකකට් ගිහින් තේ එකක් බොන්න ඉල්ලුවා. හැබයි දැන් මට දැන් හරි වචනෙ මතක නෑ. මට මතක නිකන් "රහුමානියා" වගේ. මම කිව්වා මට රහුමානියා එකක් දෙන්න කියලා. අරූ ඇස් දෙක ලොකු කරලා මොකක්ද කියලා ඇහුවා. මම ආයෙත් රහුමානියා කිව්වා. අරු පුදුම වෙලා කට ඇරන් බලන් ඉද්දි ළඟ හිටපු මගේ යාලුවා තමා කිව්වේ සුලේමානි එකක් ගේන්න කියලා.. :D

    ReplyDelete
    Replies
    1. ඕක මොනවද සෙන්නා.
      මම ලංකාවට ගියාම ප්ලේන් ටී ඉල්ලන්න ගියාම වෙන කරදර වල හැටියට.
      මුල් කාලේ තේ දහයක් විතර මාරු කරලා තමයි හරියට් තේ එකක් බොන්න වුනේ. දැන් නම් කෙලින්ම ගිය ගම්න්ම පොර වගේ කිරි නැති සීනි නැති තේ ගේන්න කියනවා. අනේ ඒ වෙලාවට වේටර් කොල්ලෝ බය වෙලා බලං ඉන්න හැටි මතක් වෙද්දිත් දුකයි... උන් හිතන්නේ මම ගහන්න ලෑස්ති වෙලා තේ ඉල්ලුවා වගේ කියලා... :)

      Delete
    2. හි හි ///තේ බොන්ඩ හිතන් ඇවිත් ටී ඉල්ලලා කිරි තේ බීපූ ‍ටුවරිස්ට්ලම කී දාහක් ඇත්ද ?
      ////

      Delete
    3. මේ පැත්තේ ලංකාවේ රෙස්ටෝරන්ට් එකකට ගිහින් එකෙ ගෑනු ළමයාගෙන් මම 'බ්ලැක් ටී' (expectation: කහට) එකක් සහ හබී 'ටී' (expectation: කිරි තේ) එකක් ඉල්ලුවා.
      මට ටී බෑග් 2 ක් දාපු තේ කෝප්පයක් සහ හබී ට ටී බෑග් 1 ක් දාපු තේ එකක් ලැබුණා! :D :D

      සාමාන්‍යෙන් මේ පැත්තේ කඩ වල කිරි තේ ඕනි නම් 'ටී විත් මිල්ක්' කිව්වම හරි. නැත්නම් ඉංග්ලිෂ් බ්රෙක්ස්ෆ්ස්ට්. ලංකාවේ කඩේ නිසා හබී ලංකාවේ සිස්ටම් එක පාවිච්චි කරේ.
      අපි ඉතින් ඔන්නොහෙ හම්බෙච්ච එක බීල දාල ආව.

      Delete
    4. @සෙන්නා: ඕක අරාබි වචනයක් වෙන්නැති මම හිතන්නේ. සද්දේ ඒ වගේ.

      @Buru Babe: උඹ ගහන්න වගේ වෙන්නැති තේ එක ඉල්ලන්නේ.

      @අපූර්වි: අපිට ඒක අහලම ගානක් නැතිව ගිහින් වුනාට ඒක තරමක අවුලක් තමයි.

      @ηiRσ: මේ නීරෝ අර වීනා වාදනය කරපු රෝම අධිරාජයගේ කවුරුහරිද? ඹෙහෙත් කියන්නේ බ්ලැක් ටී කියලා තමයි කිරි නැති තේ එකට.

      Delete
  4. Replies
    1. ස්තුතියි ටික්කා. අපි ඉස්සර ටික්කෝ අල්ලගෙන මේසෙ උඩට තද කරගෙන ඉන්න හැටි මතක් වුනා.

      Delete
  5. දැට් ඉස් සිරිලංකන් ඉස්ටයිල්.
    පේනව නේද අපේ බස කොච්චර පෝසත් ද කියල.

    ReplyDelete
    Replies
    1. බස් කාරයෝ ගැනනං කතා කරන්නෙපා බං. විශේෂයෙන්ම ප්‍රයිවට් බස් කාරයෝ ගැන. :D

      Delete
  6. සුපිරියි මචං................ දිගට ම ලියමුකෝ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුටූස්. දැන් ටිකක් මහංසි වෙලා ඉන්නේ ඒකයි. මේ ලඟදි බැලුවාම මම බ්ලොග් ලියලා තියෙනවනේ අවුරුදු හතරකට වඩා. ඉතිං මහන්සි නැතුවෑ. :)

      Delete
  7. අපේ අප්පේ ..... හෙන්රි අයියගෙ චිත්තරයක් දැක්ක කල්. ඔය ග්‍රැ‍ෆික්ස් ටැබ්ලට් එකේ පෑනට කෙළවෙච්ච දා ඉඳන් මේ බ්ලොග් එක නිකන් පුරහඳ නැති අහස වගේ. දැක්කත් පාළුයි, දකින්නත් දුකයි. ගනන් ගන්න එපා, මට හිතෙන හැටි... :)

    ඔව්ව ඉතින් කාලයත් එක්ක ව්‍යවහාරයෙදි ඇති වෙනස්කම් මගෙ හිතෙ. කාලයක් යද්දි සමහර වචන පාවිච්චි කරන්නෙ ඒ වචනවල මුල් තේරුමෙනුත් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. මෙන්න මගේ අංක එකේ චිත්‍ර විචාරකයෙක්. ඔව් බං. දැන් ඒක කෙරෙන්නේ නෑ තමයි.

      උඹේ දෙවෙනි වාක්‍යයෙ පොතක් ලියන්න කරුණු තියෙනවා. උදාහරණයක් හැටියට මල පැනිල්ලෙ මල.

      Delete
  8. මට නං හිනා යන ගමන් ඇඬුන .....
    දවසක් මට ඕකෙ අනිත් පැත්ත උනා හෙට්ටිවීදියෙදි ......
    මම ෆ්ර්යිඩ් රයිස් කන්න හිතං වේටර්ට කිව්ව රයිස් එකක් ගේන්න කියල .........
    බුවා රයිස් ඇන්ඩ් කරි ගෙනාව ...මොකෝ රන්ඩු වෙන්ඩ කියලද .....
    මම කෑවා ඉතිං ...හැක හැක හැක

    ReplyDelete
    Replies
    1. ඔව්, වේටර්ට කියන්න කිසිම දෙයක් නෑ. පොර හරිනේ. කොටාබාන එක තමයි තියෙන්නේ නොකර සද්ද.

      Delete
  9. ලංකාවේ "මස් කෑම" කියලා කියන්නේ හරක්මස් එක්ක කෑම එකක්.අනිත් මස් ජාතී උන්ට මස් නෙමෙයි.ඒවා චිකන් ,පෝර්ක්,මට්න්.

    ReplyDelete
    Replies
    1. "හරි හරි චිකන් කෑම එකක් තමයි, දැන් සතා මොකාද?"

      නුවර කුමාරි (උපේක්ෂා)

      Delete
    2. හරියට හරි ක‍ටුසු. I learnedit the hard way.

      උපේක්ෂා: හරියට හරි. කඩඉම ප්‍රශ්ණය. :D

      Delete
  10. කෑම කඩවල 'සිංහලෙන්' බෝඩ් දාලා තියනවා, රයිස් ඇන්ඩ් කරි 150 යි, රයිස් 110 යි, කියලා. අම්මපා සිංහල කියවන්න දන්නා සුද්දෙක් මේක දැක්කොත් හිතයි, ව්‍යංජන මොකුත් නැතුව, නිකං බතුත් විකුණන්න තියනවා කියලා.

    ReplyDelete
    Replies
    1. ඒකත් එච්චර සත්‍යයෙන් ඈත නෑනේ බලාගෙන ගියාම. ෆ්‍රයිඩ් රයිස් වල අඩංගු දේ බැලුවාම. :D

      Delete
  11. කෝ බොලව් මගේ කොමෙන්ටුව? ඩාල් කරියි පොලැ සැම්බල් එක්ක රයිස් කෑවා වගේ පිට් ඩූඩා ලියනවා දැකලා කියල තමා දැම්මෙ

    ReplyDelete
    Replies
    1. ස්පෑම් එකෙත් නෑ බං. මම ඔය ෆීලිං එක දන්නවා. මම ලියන කමෙන්‍ටුත් නිතර අතුරුදහන් වෙනවා. පස්සෙ ඒ ලියපු එක මතකත් නැති නිසා නිකං ඉන්නවා. උඹට නම් මේ මතක තියෙන්නේ. ස්තුතියි බං. ඩාල් කරියි පොල්සම්බලුයි කිව්වම ආයෙ රජ බොජුන් තමයි. දැන් මම වැඩිය කැමති කඩල පරිප්පු වලට.

      Delete
  12. එතකොට සෑර් හාල්මැස්සන්ට ඉන්ගිරිසියෙන් කියන්නේ රයිස් ෆ්ලයිස් කියලද....

    රයිස් ෆ්ලයිස් විත් ෆ්‍රයිඩ් රයිස්...

    ReplyDelete
    Replies
    1. ඔව් මාතලන් ළමයා. බ්ලැක්ෆැට් රයිස් ෆ්ලයිස් එරිත්මැටික්.
      උඹත් එක්ක එන ජැපනීස් ‍ටුවරිස්ට්ලා හොයන්නේ ෆ්ලයිඩ් ලයිස් නෙවෙයිද?

      Delete
  13. රයිස් කන එක ලාබයි රයිස් ඇන්ඩ් කරි කනවට වඩා. මොකෝ අනික ඒක පොඩ්ඩක් පොෂ් එකටත් තියනවනේ :p

    ReplyDelete
    Replies
    1. පොෂ් එක වැදගත්. අඩේ උඹලා දැන් ආශ්‍රය කරන්නේ අයින්ස්ටයින්ල හෙම නේහ්?

      Delete
  14. ඔය බත් කන්න ගියාම තමයි තේරෙන්නේ උදේ දවල් රෑට බත් කන ලංකාවේ බතුයි එළවළුයි කන්න තියෙන අමාරුව.
    අනේ මම මාසයක්ම බඩගින්නේ ඉඳලා ආපහු එනකොට කිලෝ ගාණකුත් අඩු වෙලා.

    ReplyDelete
    Replies
    1. ඉතිං හොඳයිනේ බං.

      අපිට නම් ඕනෙ කෑමක් ගිලින්න පුලුවන් දෙයියනේ කියලා. බඩගින්නේ නම් ඉන්නේ නෑ.

      Delete
  15. මේ බඩ්ඩක් කියන්නද ,, අර ගරාජ් එකේ කියන ප්‍රසිද්දියේ කියන්න බැරි එවුවා ටික ඔන්නොහෙ මේකේ ලියාදාන්න අනේ w-)

    ReplyDelete
    Replies
    1. මොකද ඔමා, බොක්සිං මැච් එකකට ගියාද ,ඇහැයට නිල් වෙන්න වැදිලා තියෙන්නේ :D :D

      Delete
    2. ඔව් ඇයි අවුල්ද b-(

      Delete
    3. මට එහෙම ලියන්න බැරි ඔමා, මගේ ළමයිනුත් හිතුනාම මේක කියවන නිසා. අනික කුණුහබ්බ වැඩි වුනාම ලුණු වැඩි හොද්දක් වගේ මෙලෝ රහක් නෑ.

      Delete
  16. ලංකාවේදී , "වීල්" එහෙක ගිහිං, "චයිනීස්" එහෙකින් "රයිස් එකක්" කාලා ,"ප්ලේන්ටියකුයි" "ගෝල්ලිප්" එකකුයි ගැහුවේ නැත්තං වැඩක් තියෙනවද ඩූඩ්.

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයාලගේ ගල්

      Delete
    2. වැඩක් නෑ බං. මට වීල් එකක යනවා කිව්වම මතක් වෙන්නේ අර ටයර් එකක් ඇතුලට රිංගලා කන්දකින් පහලට රෝල් වෙනවා වගේ එකක්. :D

      Delete
  17. අපෙ පැත්තෙ මේසෙන් වැඩ කරන කොල්ලෙක් හිටියා. මොනවද කෑවෙ දවල්ට කියල ඇහුවම පැරඩයිස් කියල කිව්ව. මට ටිකක් වෙලා ගියාමයි තේරුනේ මේ කියන්නෙ ෆ්‍රයිඩ් රයිස් කියල.. මිනිහ ඉන්ටර්සිට්ය් බස් එකට කිව්වෙ ඉන්දරසිරි කියලයි..

    ReplyDelete
    Replies
    1. පැරඩයිස් එක කාපු එවුනුත් රංචුවක්ම ඉන්න නිසා එක අතකට ඒකේ වැ‍රැද්දකුත් නෑ සරත්.

      Delete
  18. දවසක් මම දැක්ක කඩේක ඉස්සරහ සිංගලෙං ගහල තියෙනව ඩිජිටල් පිංට් කොරල ෆ්‍රයිස් රයිස් කියල මං ඒත් හිතුව අලුත් ජාතියක් වෙන්න ඇති කියල
    දවසක් කඩේකට ගිහිං තේ එකක් ඉල්ලුව සිංහලෙන් ඌ මට ඉංගිරිසියෙන් කිරි තේ එකක් ගෙනත් දුන්න
    අපි නිකං සාමාන්‍ය වෙලාවට ඩබල් කියන්නෙ මොකක් හරි දෙයක් දෙගුණ කරල ගන්න එක නෙව නැත්තං අර ජාතියෙ පිලුම් වලට නෙව ඒත් හෝටලේ ඩබල් කියන්නෙ
    මොකද්ද...???
    ලෝදිය දාපු උණු වතුරද
    අපෝ නෑ
    ඇල් වතුර කෙලපු උණු වතුර වලට
    බුහ් හහ් හා

    ReplyDelete
    Replies
    1. මේක රිසර්ච් පේපර් එකක කොටසක් වගේනේ.

      උඹ දන්නවද අපිත් එක්ක එක මේසෙ ඉඳගෙන කන මලයාලි යාලුවෙක් ඉන්නවා. මූ කන්නේ බත් කටයි වතුර උගුරයි යන පිළිවෙලට. මෙන්න දවසක් එක පාරටම මූ අර වතුර බෝතලෙන් වතුර වැක්කෙරුවා බත් එකට හෝස් ගාලා. මං බය වෙලා ඇහුවා ඒ මොකෝ කියලා. ඌ කිව්වා හොදි මදි කියලා.

      Delete
  19. මල්ලි කෑමට මෙනවද තියෙන්නෙ
    චිකන් ෆයිඩ් රයිස්, ඩිඡිටල් ෆයිඩි රයිස්..
    ඩිඡිටල් ෆ්‍රයිඩ් රයිස්? අම්මටහුඩු ඒ මෙනවද බං? අලුත් ෆ්‍රය්ඩ් රයිස් එකක් වගේ කලා බලමු..
    “මල්ලි අපට දෙන්න ඩිඡිටල් ෆ්‍රයිඩ් රයිස් දෙකක්“
    ඔන්න ගෙනවා ෆ්‍රයිඩ් රයිස් දෙකක්..
    “මල්ලි මෙහේ එනවා මොන මගුලක්ද ඔයි..මේ ? මේකේ මස් කැල්ලක්වත් නෑනේ?
    “ඇයි සර් මම කිව්වෙ... එලවලු ෆ්‍රයිඩ් රයිස් කියලා..

    සත්‍ය සිද්ධියක්

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් මම මෙතනට දාපු කමෙන්ට් එක ඩිලීට් කලා. ඒ මොකද මට ඒකෙන් පෝස්ට් එකක් ලියන්න පුලුවන් කියලා හිතුන නිසා.

      උඹට කතා කරන්න දෙයක් නෑ. ඌ disclaimer දාලා තියෙන්නේ.

      බබාල ලැබෙන්න පරක්කු උනහම දෙන්නවම පරීක්ෂා කරනවා වගේ උඹ කොට්න් බඩ් එකක් හරි කන් හැන්දක් හරි දාලා කණ සුද්ද කරගෙන ආයෙම ඒ රෙස්ටෝරන්ට් එකට ගිහින් ට්‍රයි කරපං. උඹේ වැ‍රැද්දද දන්නේ නෑ.

      Delete
  20. පෝස්ට් එකටම අදාල නොවුනත් මට තායිලන්තෙදි වෙච්චි අකරතැබ්බයක් මතක් උනා.. තායි බාසාවේ ගොඩක් වචන එකම වගේ.. උච්ඡාරනය කරන විදියෙන් තමයි වෙනස් වෙන්නේ.. 'කයි' කියුවම බිත්තර වලටත් කියනව චිකන් වලටත් කියනව.. තව මොන මොනවද ලඟින් යන තේරුම් වගේකුත් තියෙනව.. මට එහෙ ඉන්නකම් කවදාවත් චිකන් ප්‍රයිඩ් රයිස් එකක් කන්න බැරි උනා.. 'කාඔ පෑඩ් කයි' කියුවම දෙන්නෙම බිත්තර දාල.. ඉතින් මොනව කරන්නද ෆ්‍රයිඩ් චිකන් දිහා කෙල හල හල බල බල අරක කනවා..

    ReplyDelete
    Replies
    1. Cool story :D
      මගේ මස්සිනා vegetarian. ඌ තායිලන්තේ ගිහින් සති දෙකක්ද කොහෙද පළතුරු විතරක් කාලා ජීවත් වෙලා ආපහු ආවා. නෑ නෑ, උගෙ ඩයට් කරන්න දෙයක් නෑ. ඌ කොහොමත් ඇටෙයි හමයි විතරයි.

      Delete
  21. මචං මෙහේ රයිස් කියන්නෙ ෆ්‍රයිඩ් රයිස්. රයිස් & කරි කිව්වොත් නං බත්. එච්චරයි වෙනස

    ReplyDelete
    Replies
    1. මට ඕක මුලින්ම අවබෝධ වුන දවසෙ මගෙ කට ඇරිලා තිබ්බා විනාඩියක් විතර. :O

      Delete
  22. මගෙ කෙලි පොඩ්ඩි අකුරු අමුනගෙන වචන කියවන්න ඉගෙන ගත්ත විතරයි, ඊයෙ චිකන් ගන්ඩ ගිහින් ගම් කුකුල්ලු කියන්නෙ උන් ඇලෙනවද ඇහුව, පේරන්ට්ස් කියල ලියල තිබ්බ එකට කෙල්ලට අප්සෙට් .

    ReplyDelete
    Replies
    1. ඕකනෙ බං අපේ රටේ හූඟක් ඉස්සර කෙල්ලන්ට වැඩි දුරට උගන්නලා නැත්තේ. පළවෙනි බය ඕකුන් අකුරු ලියන්න ගත්තාම සෙනෙහෙ කොල ලියයි කියලලු.

      Delete
  23. අනිත් බ්ලොගේ පල කරපු එව්වා හිමීට මේ බ්ලොගට ඇදලා මකුළු දැල් කැඩීමෙන් ශේප් වීම පිලිබඳව මගේ බලවත් මෙව්වා එක.

    ආපහු ඇන්ඩි කතාවක් ලියන්නනම් කාලෙ හරි වගේ ඩූඩ්!

    ReplyDelete
    Replies
    1. හලේ බං මේවත් දාඩිය මහංසියෙන් ලියපුවනේ. ඒක හින්දා සමාව බාජනේකට දාන්ටලා.

      ඇන්ඩි කතා මගේ නෙවෙයි. ඒක නිකං හොරකමක් කරනවා වගේ.

      Delete
    2. හෙනං ඩූඩ් කතාවක් ඇන්ඩි ස්ටයිල් එකෙන් ලියමු?

      Delete
  24. ලිවිල්ල නම් රහයි කොමෙන්ටු ටික ඊ ටත් වඩා රහයි ඩූඩ්!

    ReplyDelete
    Replies
    1. අවංකවම ඒක හුඟක් වෙලාවට වෙන දෙයක්. පෝස්ට් එකට වඩා කමෙන්ට් රස වෙන එක මම කියන්නේ. ස්තුතියි දිලිනි.

      Delete
  25. Replies
    1. That awkward moment when you've already said 'What?" 3 times and still have no idea what the other person said. :D

      This was from FB

      Thanks Buddhi Kavindra anyways.

      Delete
  26. ලංකාවට ආවාම බත් ඉල්ලන හැටි දැනගත්තා. තේ එකක් ඉල්ලන්නේ කොහොමද? කරුණාකරලා, කලු තේ, කිරි දාපු තේ, ලෙමන් සහ හනි තේ ඔය හැම එකක්ම ඉල්ලන හැටි ලියලා දාන්ට. :D

    ReplyDelete
    Replies
    1. කලු තේ = වැඩි කහට ප්ලේන්ටියයා...යි..
      කිරි දාපු තේ = ටී එකා...යි..
      ලෙමන් තේ = ඔය තද කහට ටිකකට දෙහි ගෙඩියක් මිරිකල ගන්න මේ නෝනගේ බඩ දැඟලිල්ල වගේලු..
      හනි තේ = නෝනා පිස්සුද හැටිද? ඕන්නම් හකුරු කෑල්ලක් කාල කිරි කහට එකක් දෙන්නම්.. :p

      Delete
    2. කල්‍යාන මිත්‍ර: Words fail me!

      Delete
  27. ඉඳුරාගාරේ දම්මරතන හාමුදුරුවො දවසක් මෙහෙම කතාවක් කිව්වා.

    හාමුදුරුවෝ තමිල්නාඩු ගිහිං. එහෙ හෝටලේකදි තේ එකක් ඉල්ලලා හිංදියෙන්. “ඒක් චායි දේ...“ කියලා.

    වේටරයා ඔරෝලා බැලුවලු.

    “ඒක් චායි දේ?“ පොර හයියෙං ඇහුවලු. “සාදු මේ, මෙහෙ කතා කළොත් ආයෙ ඉතිං දෙමළෙන් තමා. දෙමළ නැත්තං සිංහලෙන් ඉල්ලන්න. අපිට සිංහල පුළුවන්. ආයෙ එහෙම හිංදි කතා කළොත් මෙහෙ ඉතිං සුම්මා තමා...“ කියලා බැණ බැණ ගියාලු ඇතුළට.

    ReplyDelete
    Replies
    1. ඉන්දියානුවෝ ගණනාවක් එක්ක වැඩකරන එකෙක් හැටියට මම දැකලා තියෙන දෙයක් තමයි මේ ඉන්දියානු ප්‍රාන්තවල මිනිස්සු එකිනෙකා කෙරෙහි දක්වන නුරුස්නාකම සහ සතුරු ආකල්පය. අනිකාත් ඉන්දියානුවෙක් හැටියට දකින්නෙ පොදු විපතකදි විතරයි. අනික තමන්ගේ ප්‍රාන්තය වෙනම රටක් හැටියට තමයි එයාලා දකින්නේ.

      Delete
  28. මට නං දිරවන්නෙ නැති කියමනක් තමයි ඔය "රයිස්" කතාව... මං දවසක් හොටලෙකට ගිහින් වේටර්ට කිව්වා "මල්ලි බලු බත් එකක් ගේන්න කුකුල්මස් දාල" කියල. අරූ ෆුල් හොල්මන්. බල්ලට දාන්න බත් එක ඇනුවමත් ඒක "ෆ්‍රයිඩ් රයිස්"එකක් වගේ නෙ. මම ඕක හඳුන්වන්නෙ එහෙම.

    ReplyDelete
    Replies
    1. මට මතක් වුනේ මම කාලෙකට ඉස්සෙල්ල මගේ ඉංග්‍රීසි බ්ලොග් එකට ලියපු මේ ලිපියේ මේ කොටස. කැමතිනම් කියවහං ලින්ක් එක ඔබලා ලිපියම බබාල ඉන්න තාත්ත කෙනෙක් හැටියට. :D

      The Wonder Years With My Kids-1

      She was five. We were moving back home after completing difficult area service. We were in the front of the truck. We stopped somewhere in Kandy and bought take away fried rice from a Chinese restaurant. She’s been sleeping all the time. When we parked and gave her the pack of fried rice she stared at mixed up fried rice sleepily and asked,
      “What’s this? Cat food?”
      We used to mix up all the left over rice and feed the stray cats.

      Delete
  29. මේ වගේ ප්‍රශ්න නිසා වෙන්න ඇති සිංහල භාෂාව ඉගෙන ගන්න ගොඩක් අමාරු භාෂාවක් කියන්නෙ.

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>