Thursday, January 17, 2013

37. ඩයස් 2 – “මෙන්නෙ මෙව්ව තමයි දෙන්නෙ.”

 මේ තව ඩයස් කතාවක්.

 ඩයස්ගෙ පළවෙනි කතාව බැලුවෙ නැති නම් මෙතනින් ගියෑකි.

එක ගුරුවරයෙක් පන්තියෙං ගිහිං අනිත් ගුරුවරයා එනකල් පොඩි නිදහස් වෙලාවක් තියෙනවනෙ. ඔය වෙලාවට තමයි ළමයි කලු ලෑල්ල මකන්නෙ. ඔය  කලු ලෑල්ල මැකිල්ලත් අනිත් උන්ව හිනස්සන ආකාරයට කරන්න පුලුවන් විකට ශිල්පියො ඉන්නවනෙ පන්ති වල. 

ඩයසා ලමයින්ට දඬුවම් දෙන ගුරුවරයෙක්. ඉතින් ඩයස් නෝට් කරල තියෙනවා නිතරම වගෙ එයා පන්තියට යනකොට එක පන්තියක බෝඩ් එකේ ‘ගු’ යන්නකුයි ‘ටි’ යන්නකුයි ඉතුරු කරලා ඉතුරු ටික මකලා තියනවා. 

ඩයසා ඕක නොදැක්ක ගානට කීප දවසක් ඉඳලා. මූ බෝඩ් එක දිහාට හැරෙන කොට පොඩි හිකි හිකියකුත් එනවා.

එදා පන්තියට එනකොට මූ ඇත තියාම නෝට් කරල එදත් බඩු තියෙන බව.  ඩයසා ගිහිං බෝඩ් එක ඉස්සරහ පන්තියට මුහුණ දාලා හිටගෙන දුන්න පොඩි දේශනයක්. 

“… මේකෙ ඉන්නව ටිකක් ගානට වැඩි එවුං කීප දෙනෙක්. අහු වෙන්ඩෙපා මට…”දැන් කමිස අතත් පොඩ්ඩක් උඩට ඇදලා. අත මිට මොලවලා මාපට ඇඟිල්ල උරහිසට උඩින් කලුලෑල්ලදිහාට දික්කරලා කිව්වා, “මෙන්නෙ මෙව්ව තමයි දෙන්නෙ.” කියල. 





මුගෙ ටැක්ටික් එක වුනේ කලුලෑල්ලෙ තියෙන ගුටි කියන වචනය පාවිච්චි කරලා කොල්ලන්ටම සත්තම දාන්න. නැත්නම් ඌරගෙ මාළු ඌරගෙ පිටේම තියලා කපන්න.

නමුත් මුලු පන්තියම එක හඬින් බක බක ගාල හිනා වුනා. දැන් හොල්මන් ඩයසමයි. ඩයස හෙමීහිට ඔලුව කරකවලා කලුලෑල්ල දිහා බැලුවා මොකද අප්සෙට් එක කියලා. 

මල කෙලියයි. එදා ඉතුරු කරලා තියෙන්නෙ ‘ගුටි’ නෙවෙයි. ‘ගූ’ කියල විතරයි. ඩයසත් ඇරියෙ නෑ. ආපහු පන්තිය දිහාට හැරිලා,“හරි! ඕව යන්ඩ තමයි දෙන්නෙ!” කියලා යන්තම් වැඩේ ගොඩ දා ගත්තා.

 
මෙම ලිපිය මුල් වරට  මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ  පලවිය.

60 comments:

  1. මම මේක "මට හිතෙන හැටි" එකෙත් කියවල බොහොම රස විඳපු කතාවක්. ඕකට තමයි "තැනෙ හැටියට ඇනේ" කියන්නේ නේද Dude?

    ReplyDelete
    Replies

    1. ඇත්තෙන්ම අයිලාස්. "The fine art of survival."

      Delete
  2. හයියෝ........ චාටර් නේ ඩුඩ් අයියේ

    ReplyDelete
    Replies
    1. චාටර්දත් අහනවා කෝරළේ මහත්තයෝ.

      Delete
  3. හික්..හික්.. ඩයස් මොළකාරයා, චිත්‍රය නියමයි

    ReplyDelete
    Replies

    1. අපිත් කිව්වා ඔය මොළේ පිණිබාන්න නොදී පරිස්සම් කර ගන්න කියලා.

      ස්තුතියි චමී.

      Delete
  4. ඩයසත් මරු පොර.....යකඩ උණු කළේ කඩුවක් හදන්න වුනත් වැරදුනොත් ගුලි කරලා මිටියක් හරි හදලා වැඩේ ගොඩ දාගන්න මෑන් දන්නවා.

    ReplyDelete
    Replies
    1. හි හි.. ඒක මරු කතාව....

      Delete
    2. සුමිත් අය්ය ගාව සුපිරි කියමන් ටිකක් තියනවා නෙව.. දැක්ක කිහිප තැනකම .. මෙච්චර කරුනු කාරනා දන්න මනුස්සයා අර ප්‍රහාරයේ යන්තන් පාරවල් දෙකක් ගහල නිකන් බලන් ඉන්න එකනම් හරි අපරාධයක්

      Delete
    3. ඕකට පෙර පින් තියෙන්න ඕන මීගොඩයෝ. සුමියට බ්ලොග් ලියන්න පින් නෑ. සමාන්තර විශ්වයක ඉන්න කාලෙ බ්ලොග් වගයක් හැක් කරල.

      Delete
    4. ඒක මරු කියමන සුමිත්! ඒක එකතු කරගන්න ඕනෙ මතක ගබඩාවට.

      ඇත්තෙන්ම ඇයි දැන් ප්‍රහාර එල්ලවෙන්නෙ නැත්තෙ?

      Delete
    5. බල්ලොත් එක්ක බෑ නේද සුමියෝ

      Delete
  5. කලින් එකේ චාටර් වෙච්ච හැටියට ඔයින් ගොඩගියා මදැයි...

    ReplyDelete
    Replies
    1. ස්ථානෝචිත අහවල් එකනෙ තිසර.

      Delete
  6. හික්ස්ස්ස්.. පස්ට ටෝක......

    මේ සිත්තරේ ඩූඩ් අය්යගෙමද

    ReplyDelete
    Replies
    1. ඔව් බං මී ගොඩයා. මම දාන්නෙ මම ඇඳපු චිත්‍ර විතරයි.

      නැතිනම් මම හෝ අපේ පවුලේ කෙනෙක් ගත්ත ඡායාරූප විතරයි.

      Delete
  7. මම ඉස්කෝලෙ යනකාලේ මේ වගේ ගුරු සේවයේ රසකතා බොහොමයක් කියවලා තියෙනවා. ඒවගෙ බොහොමයක් තිබුණේ පාඨශාලා පරීක්ෂක ආවම සිද්දවුණු රසවත් සිදුවීම්. හෙන්රි අයියට නැද්ද ඒ වගේ අත්දැකීම්?

    ReplyDelete
    Replies
    1. අනේ බං රතූ උඹ ඔය කියන්නෙ අපේ තාත්තලගෙ පරම්පරාවෙ කතාවල්. ඒ කියන්නෙ ඔය පාඨශාලා පරීක්ෂක නැතිනම් school inspectors ලා ඉඳලා තියෙන්නෙ තාත්තලා ඉස්කෝලෙ යන කාලෙ. අපි ලංකාවෙ වැඩ කරනකොට එහෙම නිලයක් තිබුනෙ නෑ නමුත් කණ්ඩායම් පරීක්ෂණ (team inspection) කියලා එකකට ඔය කලාප අධ්‍යක්ෂලා, පර්ෂද විදුහල්පතිලා, ගුරු උපදේශකලා, සහ ‍තෝරාගත්ත ගුරුවරු කණ්ඩායමක් දන්වා හෝ නොදන්වා එනවා.

      ඔය රතු කියවලා තියෙන ඒවා පියසේන කහඳගමගේ ලියපුවා වෙන්න ඕනෙ. මමත් ඒවා කියවලා තියෙනවා

      වෙන තියෙන කතා මම HeyDude ඉංග්‍රීසි බ්ලොගෙත් දාලා තියෙනවා.

      Delete
    2. පියසේන කහඳගමගේ ලියපුවා මම කියවලා තියනවා , එව්වා මෙව්වට වඩා රහයි

      Delete
  8. ඩයසත් ඇණේ හැටියට තැන හොයාගන්න දන්න බුවෙක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. අනිවා. ඇනේ හැටියට තැන හොයාගන්න දන්න බුවෙක් තමයි ප්‍රසන්න.

      Delete
  9. යන්තං ගොඩදාගෙන තියනව ශිල්පෙ දන්න නිසා.

    ReplyDelete
    Replies
    1. ඕකත් ශිල්පීය ඥානය උපරිමෙන් පාවිච්චි කරපු තැනක් තමයි රාජ්.

      Delete
  10. හික්ස්..ගුරුන්ටත් අකුරු වරදී කියලා කියනවනේ..

    ReplyDelete
    Replies
    1. සිත්තරේ නියමයි කියන්න අමතක වුනා..

      Delete
    2. අකුරු වරදින තරමක් වරදින්නෙ ගුරුවරුන්ට තමයි රූ. මොකද පිඟන් හෝදන එකා අතින්නෙ පිඟන් කැඩෙන තරමක් කැඩෙන්නෙ. :D

      ස්තුතියි රූ.

      Delete
  11. පට්ටයි බොලේ... සිත්තරෙත් මසුරං....නව වසරේදිවත් මගේ සිත්තරේ අදිමුද ?

    ReplyDelete
    Replies
    1. අඳිමු. ඉතින් කෝ උඹ එවනවා කිව්ව දල සටහන?

      Delete
  12. කතාවට වඩා චිත්‍රයට හිත ගියා හෙන්රි. මුලු කතාවම එතැනින් කියැවෙනවා. අයියෝ මේව ඩයස් දන්නවනං ඔයාටත් ගුටි තමා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලීන්. මාත් ලොකු වින්දනයක් ලබනවා චිත්‍රෙ ඇඳලා.

      ඇත්තටම දැන් ඩයසා කොහෙද දන්නෙ නෑ. ඒකා නුවර එකෙක්.

      Delete
  13. කතාව දෙපාරක්.. ඒත් අර නලින් කිවුව වගෙ සිත්ත්‍රාගෙ හැකියාව නම් සුපිරි.. චික්.. මට අඳින්න පුලුව්ං උනානම් මගෙ අලුත් කතාවෙ මං දොරත් කඩං වැටිල ඉන්න හැටි අඳිනවා. කෝ ඉතින් බුද්ධියත් කොට උඩනෙ..

    ReplyDelete
    Replies
    1. මම උඩින්ම දාන්න ඉන්නෙ සරත් ලංකාප්‍රියට නොවේ කියලා ලයින් එකක්. :D ස්තුතියි සරත් ඇගයීමට. ඒ කතාව නම් එළ. මම හුඟක්ම කැමති වෙච්ච කතාවක් ඒක. චුවිංගම් වලින් වෝල්පේපර් අලවන එකම ඉන්ජීනියස් නේද?

      Delete
  14. Poor Dias! but intelligent enough to save his face.

    ReplyDelete
  15. මට හිතෙන හැටි කතා ආයෙ දාන එක හොඳ.. කියවපු නැති අපිට එළ..

    ඩයසටමනෙ වෙන්නෙ.... :-)

    ඩූඩ් මේ අතින් ඇඳපු සිත්තර වලට මම මනාපයි අරවට වැඩිය...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා. සෙන්නා අදහස් කරන්නෙ කෙලින්ම අතින් කඩදාසියෙ ඇඳපු චිත්‍ර ගැන වෙන්න ඕනෙ. නමුත් සෙන්නා ග්‍රැ‍ෆික් ටැබ්ලට් එකෙත් මම ස්ටයිලස් එකෙන් අතින් තමයි අඳින්නෙ මේ විදියටම. ඒක මීට වඩා අමාරුයි පුරුදු වෙනකල්. මොකද අඳින්නෙ අහක බලාගෙනනෙ.

      Delete
    2. ඔව් ඔව් ඒක තමා මම කිව්වෙ. ඔය ග්‍රැෆික් ටැබ්ලට් එක කියන්නෙ මොන වගේ උපකරණයක්ද කියලවත් මට අදහසක් නෑ.. මම අදහස් කළේ පැස්ටල්, පාට පැන්සල්, පැන්සල් හෝ පෑනක් වගේ දෙයක් භාවිතා කරලා කෙලින්ම කඩදාසියක ඇඳිම ගැන.. ඒවයෙන් එන ස්වාභාවික ගතිය අරවයෙ නෑ කියලා හිතෙනවා.. ඒත් ඉතින් එහෙම කියලත් බෑනේ.

      Delete
  16. ඩයස් යන්තම් "ගූ" නොවී බේරිලා...හොක් හොක්.. මරු ඈ..

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් ගූම තමයි. අර කට නිසාම බේරිලා.

      Delete
  17. ඩයස්ටත් වෙන වැඩ. වචන හරඹ කරන්න දන්නා නිසා ජාම බේරාගෙන :)
    චිත්‍රය නියමයි ඩුඩ් අයියේ.

    ReplyDelete
    Replies
    1. උපාය දන්නෝ අපායේ නොවැටෙති කියනවනෙ, චන්දන.

      ස්තුතියි චන්දන. චිත්‍රෙ පරන එකක්. දැක්කනෙ දිනේ.

      Delete
  18. තව පොඩ්ඩෙන් නානවා.. යන්තං ජාමේ බේරගෙන..

    ReplyDelete
    Replies
    1. අර එදා වගේ නේද?

      ඔය කටට ක්ෂනිකව උත්තර එන එකත් කලාතුරකින් පිහිටන ලක්ෂණයක් නේද බණ්ඩා?

      Delete
  19. කලින් ගිය ඒවා එක දිගට දාන්නේ කතා ඉවර වෙලාද?

    ඩයසනම් ඇනේ ගහගත්තා. ඒත් කොල්ලෝ ටික බය උනාද දන්නෑ. හිකිස්

    ReplyDelete
    Replies

    1. නෑ අකමා, අර සෙන්නා කිව්වා වගේ මේ වගේ ක්ලැසික් නොබලපු අයත් ඉන්නවානෙ.

      කතා එහෙම ඉවර වෙන්නෙ නෑ බං. දිනපතාම නිශ්පාදනය වෙනවනෙ.

      අනික පරන වයින් නේ රස.

      Delete
  20. හික්... අනේ ඩයසටත් වෙන වැඩ.....

    ReplyDelete
    Replies
    1. අනිත් උන්ටත් වෙනවා සමනළී. උන් නා ගන්නවා.
      මූ ශිල්ප දන්න නිසා යන්තම් බේරෙනවා.:D

      Delete
  21. අනේ ඩයස් වගේ සර් කෙනෙක් උගන්නන පන්තියක ඉන්ට උනේ නෑ කියලා දුකයි අප්පා...:)
    එහෙනම් එයාට තව හොඳ වැඩ වෙන්ට තිබුනා...:D

    ReplyDelete
    Replies
    1. අහා, සෙක්‍රටරි නෙවෙයි මෙන්න පොඩ්ඩිම දාපු කමෙන්ට් එකක්.

      ඇත්තෙන්ම පොඩ්ඩි හිටියානම් එයාට තව හොඳ වැඩ වෙන්න තිබ්බා තමයි. :)

      Delete
  22. සිරා කතා සැට් එකක් නෙව අයියන්ඩි. නැද්ද තව ඒ ජාතියෙන් කිලෝ එකක් විතර ගන්න.

    ReplyDelete
    Replies
    1. හිටපං මලයා. බඩු හෑව්.

      Delete
  23. කර කැවීමට දක්ෂයෙක්.

    ReplyDelete
  24. හිහ් හිහ් හිහ් .....මේ මනුස්සයට මොනවා හිතෙන්න ඇත්ද?

    කොහොමහරි තැනට සුදුසු නුවන නිසා බේරුනා....

    චිත්‍රේ හරිම ලස්සනයි ඩුඩ්...... :D :D :D

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් තිබිය යුතු දෙයක්නෙ තැනට සුදුසු නුවණ.
      Thanks very much.

      Delete
  25. Replies
    1. හායි, වෙල්කම් රත්ගමයා.

      Delete
  26. එන එන විදිහට ගහ උලුවස්සා.....

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>