ඒ අසමසම 7D සිනමා වින්දනය
7D! මොකක්ද දෙවියනේ 7D කියන්නේ? මම ඊයෙ රෑ සෑහෙන වෙලා කල්පනා කලත්, නිවැරදි සංකල්පයක් ඔලුවට ආවෙම නැහැ.
මම 3D චිත්‍රපටය “ඇවටාර්” බලල තියෙනවා. ත්‍රිමාණ කියන දේ මට තේරෙනවා. නමුත්
7වන මාණය මොකක්ද? ශරීරයෙ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වත් පෙන්නනවද දන්නෙ නැහැ
කියන එක තමයි නින්දට වැටෙන්න කලින් අන්තිමට ඇතිවූ සිතිවිල්ල.අපි සිනමා ශාලාවට යනකොට උදේ දහයට ඇති. නිල් හා රතු උපැස් යුවලක් එක්ක, 7D කියලා නියොන් බල්බ වලින් කරපු සිත් ඇදගන්නාසුලු විශාල දැන්වීම, මට සිහිපත් කලේ මට ලාස් වේගාස් පුරවරය. නමුත් පුදුමය කියන්නෙ, අපි ඇරුනම චිත්‍රපටිය නරඹන්න ඇවිල්ල හිටියෙ,පොඩි පිරිමි ළමයෙකුයි, එයාගෙ අම්මයි විතරයි. පොඩි එකා විශාල පෙප්සි බෝතලයකුයි, පොප් කෝන් ටින් එකකුයි තුරුළු කරගෙනයි හිටියෙ. “කොහෙන්ද ටිකට් ගන්නෙ?” මම ඒ අම්මගෙන් ඇහුවා. ටිකට් කවුන්ටරයෙ වැඩ කරන යුවතිය තව ටිකකින් එයි කියලා, ඇය රුසියානු භාෂාවෙන් පිළිතුරු දුන්නා.
මම නිකං ඉන්න ගමන් සිනමා ශාලාව ඇතුලට එබිලා බැලුවා. මට මතක් වුනේ කොළඹ ග්‍රහලෝකාගාරය. ආසන කීපයකුත්, කවාකාර තිරයකිනුත් යුක්ත සිනමා ශාලාව, අපේ සාලෙට වඩා පොඩ්ඩක් විතර ලොකු ඇති කියලා මට හිතුනා.
එතකොටම. සේවකයෙක් ඇවිත් ශාලාවේ පිටත තිබ්බ රූපවාහිණී යන්ත්‍රය දැම්මා විතරයි. ඒකෙ පෙනුනේ මොනවද කියලා දන්නවද? ප්‍රේක්ශකයන්ගෙ ආසන!! තව විදියකට කිව්වොත් අපි ඇතුලෙ ඉඳන් චිත්‍රපටය නරඹනකොට පාරෙ යන මිනිස්සු රූපවාහිණී තිරයෙන් අපිව දකිනවා!
චිත්‍රපට 12ක පමණ නම්. ටිකට් කවුන්ටරය වටේට ප්‍රදර්ශනය කරල තිබ්බා. අපි කොයි එක බලන්න යනවද කියලා අපි දැනගෙන හිටියෙ නැහැ. ඔන්න අන්තිමේදි. ටිකට් නිකුත් කරන යුවතිය ඇවිත් ටිකට් දෙන්න පටන් ගත්තා. ඉස්සෙලාම අම්මයි පුතයි. ටිකට් එක්කම දෙන්නටම අර විශේෂඋපැස් යුවලක් ලැබුණා.
කවුන්ටරයේ යුවතිය අපෙන් ඇහුවා අපිට බලන්න ඕනෙ මොන චිත්‍රපටියද කියලා. අපි ගත් කටටම කිව්වෙ, පෙන්නන ඕනැම එකක් කියලා. ඇය අපේ ටිකට් දෙක දීලා, අපට 2 වන පේලියට යන්න කිව්වා.
අපි ගිහින් ඉඳගත්තාම අර අම්මයි පුතයිත් හිටියෙ අපි ළඟමයි. අපට ඉදිරියෙන් තිබ්බ පුටු මත. වතුර මල් වගෙ nozzles වගයක් තිබුනට. ඒවයෙන් ඇති වැඩේ අපට තේරුණේ පස්සෙ.
ඉතින් ඔන්න එතකොටම. ශාලාව අඳුරු වුනා.අනුග්‍රාහක දැන්වීම් වගයක් පෙන්නුවා. මොකක්දෝ අභ්‍යවකාශය ගැන යමක්. අකුරු වැටුනේ මං ඉදිරියෙන්ම. මට ඕනෙ නම් අතින් අල්ලන්නත් තිබ්බා.
ඔන්න චිත්‍ර පටය පටන් ගත්තා.
සජීවිකරණය කරපු චරිතයක් (animated characters) යනවා ගුවන් යානාවක, නිල්ලෙන් වැසුනු බිමට ඉහලින්. එක පාරටම, මොකක් හරි කරදරයක් වෙලා යානාව පැද්දෙන්න, කැරකෙන්න, පටන් ගත්තා. මට ක්ලාන්ත ගතියකුත්, ඔක්කාරයට එන ගතියකුත් ඇතිවුනේ, ඇත්තටම අපිත්, ආසනත් එක්කම, ශාලාවෙ පොලොව කඩාගෙන වැටෙනවා අපට දැනුන නිසයි. වැටෙන ගමන් කරකැවිකැවි, අපි පහළට, පහළට, පහළට, ඇදීගෙන ගියා. අන්තිමට 'දඩාං' ගාලා පොලොවට ඇදගෙන වැටුනා. පුටුව බිම වැදුනු පාරට, මම වීසි වෙලා ගියෙ නැත්තෙ පුදුමෙකට. අර අපිත් එක්ක හිටපු කොලු පැටියා කෑ ගහන හඬ, මට ඒ එක්කම ඇහුනා.
ඔන්න දැන් අපි නැගිටලා, කැළෑව තුළින් යනවා. හැම තැනම ගහ කොළ අතු. මම ඒව අල්ලන්න හදපු හැමවිටම, මගෙ අත ඒව තුලින් ගියා. අතු රිකිළි වලින් ඔලුව බේරාගන්න, මට නිතරම ඔලුව නවාගෙන, පාත් වෙන්න සිදු වුනා.
ඔන්න දැන් ඉන්නවා අලි රංචුවක්. උන් හොඬවැල මගෙ මුහුණ ගාවට ලං කලා. මට හොඬවැල් අල්ලන්නත් තිබ්බා උං ලඟ තිබ්බ පොකුණෙන් වතුර අරගෙන මගෙ මුහුණට විද්දෙ නැත්නම්. දැන් ඇත්තටම අපේ මුහුණු වලින් සීතල වතුර බේරෙනවා.
එතකොටම ආව ලස්සන පාට පාට සමණල්ලු රැනක්.. මගෙ පසු පසින් මතුවෙලා, මගෙ ඇස් අසලටම. මට දැනුනෙ මම දිව්‍ය ලෝකයෙ ඉන්නවා වගෙ. මම හැකිතරම් සමණලයො අතින් ඇල්ලුවා. මම කවදාවත් සමණලයින් එච්චර ළඟට දැකලා නැහැ.
හපොයි! ඔන්න දිවියෙක්!! අපි පණ බේරගෙන දුවන්න පටන් ගත්තා. පැන, පැන, මුහුණෙ වදින අතු වලින් බේරෙන්න නැවි, නැවී, දිව්වා. අන්තිමට ඒ මේ අත ඇඹරුන ගස් වල පළල් අතු දිගෙත් දුවන කොට, මට මතක් වුනේ ගෙදරදී මල්ලියි, මායි සෙල්ලම් කරන TARZAN වීඩියෝ ක්‍රීඩාව.
මේ හැම දෙයක්ම වෙන අතරෙ දිවියා උඩ පනිමින්, මහා හඬක් නගාගෙන, පොලොව දෙදරවාගෙන, බිම පතිත වෙමින්, මහා කලබැගෑනියක් කලා. අන්තිමේදි අපි දුවලා දුවලා උගෙන් බේරෙන කොට රෑත් බෝ වෙලා.
ඔන්න එනවා කළාමැදිරියොත්. මම කීප දෙනෙක්ව අතින් ඇල්ලුවා. ඊට පස්සෙ තමයි හොඳම හරිය වුනේ. තව පොඩ්ඩෙං මගෙ පණ යනවා.
හැම තැනම ගෙම්බො! ගස් වල කොළ මත ඉඳගෙන, දිව එලියට දාගෙන!! මුං එක පාරටම බිමට පැනලා, අපේ කකුල් දිගේ නගින්න ගත්තා! මම යටි ගිරියෙන් කෑ ගහලා, නැග්ගා පුටුව උඩට. මම ලඟම හිටපු අර කොලු පැටියත් බය වෙලා, බෙරිහන් දුන්නා. ගෙම්බො තවමත් මගෙ ඇඟ දිගේ නගිනවා.
අන්තිමේදි ගෙඹි කරදරය ඉවරවුනාම, මම සැනසුම් සුසුමක් හෙලුවා. දැන් ආයෙම එලි වෙලා. දැන් ඔන්න තියෙනවා, යෝද පිඹුරෙක් විසින් ආරක්ෂා කරන, මිනිස් හිස් කබල් වලින් පිරුනු තැනක්. ඒ අපි හිටපු තැනට තරමක් දුරින් නිසා මට සතුටු හිතුනා.
නමුත් ඒ සතුට වැඩි වෙලා රැඳුනෙ නැහැ. අපි මිනිස් වාසයක් සොයාගෙන ඉදිරියටම ඇදුනා. එතකොටම කුරුලු රංචුවක් අපිව පහු කරන් පියෑඹුවා. උන්ගෙ තටු වලින් නැගුනු සුළං පහර, අපේ මුහුණු වල වැදුනා. උන්ගෙ හොටවල් වලින් අපේ ඇස් බේරාගන්න අපි පස්සට නැමුනා.
ඒ කරදරෙන් බේරිලා වටපිට බලන කොටයි දැක්කෙ, අපි අර හිස් කබල් තියනෙ ප්‍රදේශයටයි ඇවිත් තියෙන්නෙ කියලා. දෙවියනේ!! මෙන්න කඩු වර්ෂාවක්. ඒවා කෙලින්ම අපේ ඇස්වලටමයි එල්ල කරලා එවන්නෙ. කඩු මුහුණ ලඟින් යනකොට, හුලං පාරකුත් මුහුණට වදිනවා. අපි එහාට, මෙහාට, පැනලා පණ බේරා ගත්තට, ඒ වෙලාවෙ නම් මම හිතුවෙ ඇත්තටම, එක කඩුවක් හෝ, මගෙ ඔලුව පසාරු කරගෙන යයි කියලා.
මම දැක්කා එක පාරටම, එක හිස් කබලක් ඇලවෙලා, ඒකෙන් මීයෙක් එලියට එනවා. ටිකකින් තව එකෙක්..! ඔන්න තව එකෙක්!!! මුන් උන්ගෙ තියුණු උල් දත් විලිස්සාගෙන පැන්නෙ අපි දිහාට. තව මීයො අපේ කකුල් දිගේ නගිනවා.උඩට උඩට. නැවතත් මගෙ කකුල් පුටුව උඩ. තව පොඩ්ඩෙන් මම දුවනවා ශාලාවෙන් එලියට.
භයානකම අත්දැකීම් ඉවරයි කියලා හිත හදාගන්න හදන කොටම, ඔන්න අර යෝද පිඹුරා දරණය ලිහාගෙන, ඇදීගෙන එන ගමන්, කෙලින්ම බැලුවා මා දිහා. ඉන් පස්සෙ නැවත ඇකිලිලා මුලු වෙර යොදලා පැන්නා කෙලින්ම මගෙ මුහුණට!!! ආයෙත් ඇකිලිලා ආයෙත් පනින්නයි සූදානම. මට හිතුනෙ, මම හදවත් රෝගියෙක් නම් එතනම මැරිලා වැටෙනව නේද කියලා. එහෙනම් ඒක තමයි මගෙ අවසානය!
අම්මෝ ඇති යාන්තන් කියලා සැනසුම් සුසුමක් හෙලුවා විතරයි. මොන!! ඔන්න අපි හිටගෙන හිටපු පොලොව ගිලා බහින්න පටන් ගත්තා!! අපි දැන් ආයෙම වැටීගෙන වැටීගෙන යනවා. ඔන්න නැවතත් අර ඔක්කාර ගතිය. ඒ මේ අත පැද්දෙමින්, අඳුරු අගාධය තුලින් වැටිලා, වැටිලා, අන්තිමේදි මහා හඬකින් බිම පතිත වුන පාරට, මම හිතුවේ මගෙ හෘදය වස්තුව කටින් එලියට වීසිවුනා කියලයි.
අම්මෝ දැන්වත් ඉවරද?
නැහැ. ඔන්න මුලු භූමියම ඇලවුනා. ඇලවෙලා අවට තිබ්බ කඳු, ගල්, ගස් හැමදේම, කඩාවැටෙන්න ගත්තා මහ හඬින්. අපේ දෙපා වලට යටින් පොලොව දෙදරනවා, වෙවුලනවා, කම්පා වෙනවා. අපි නැවතතත් වැටෙනව පහළට පහළට අන්තිමට උණු ලෝදිය මතට.
මේ පාර නම් ඉවරයි! ඉවරෙටම ඉවරයි!! පොලොව කුහරය පතුලෙන් මතු වූ ගිනි ජාලාව මතට වැටෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි හදිසියෙම කඳු බෑවුමෙන් මතුවුනු ගල්තලාව අපව බේරා ගත්තා.
ඊට පස්සෙ අපිට ඇහුනෙ මුලු ලෝකෙම තියෙන ලස්සනම හඬ. ඔව්. හෙලිකොප්ටරයක හඬ. අන්තිමේදි අපිව බේරා ගන්න ඇවිත්. නමුත් එච්චර ලේසියෙන් මෙතනින් බේරිලා යන්න? ඒ වැරදිලා.
අපි රැඳිලා හිටපු ගල් තලාව පුපුරලා ඉරිතලන්න ගත්තා. කුට්ටි, කුට්ටි කඩාගෙන වැටෙනවා. අපි දුවනවා, ගල් කුලේ මුල දිහාට! ඔන්න එතකොටම හෙලිකොප්ටරයෙන් විසිකලා ලණු ඉනිමඟක්, අපි දිහාට. මගෙ මුහුණ ඉස්සරහම පාවුන ඉනිමඟේ හරස් පොලු නෙතට රසඳුනක් වුනා. මම අත දික් කලා ඉනිමඟ අල්ල ගන්න… මා එක්කම අත දික්කලා ජෝ ජෝ!! අර මුලදිම ගුවන් යානා අනතුරකට මුහුන පෑව, සජීවීකරනය කරනලද චරිතය!!! මෙච්චර වෙලා, ජීවිතය පරදුවට තියලා, ඔහුගෙ චරිතය රඟමින් ඉඳලා තියෙන්නෙ, මම!
ඉතින් අන්තිමේදි, අද්භූත භූමියෙන් අපිව ආරක්ෂිතව බේරා ගනු ලැබුවා.
ඊට පස්සෙ, නාමාවලිය දර්ශනය වුනා. අන්තිමේදි විදුලු බුබුලු වලින් ශාලාව ආලෝක වුනා. පොඩි එකාගෙ අතේ තවම, පෙප්සි බෝතලෙයි පොප් කෝන් භාජනෙයි. අල්ලලා වත් නැහැ. පොඩ්ඩ අම්ම දිහා, ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා.
ඔව්, 7D Movie එක ඉවරයි. මම ජීවිත කාලයෙම ලබපු, විනාඩි විස්සක් පමණක් වූ, හොඳම සිනමා අත්දැකීම! ජීවිත කාලයෙම බැලූ පැයයි විනාඩි හතලිස් පහේ කිසිම සිනමා පටයකට හුවමාරු නොකරන, අසමසම වින්දනය!
කුඩා මුහුණ වසාගත් කුඩා අතැඟිලි අතරින්, අර කොලු පැටියා මේ සිනමා දර්ශනයේ කොපමණ කොටසක් දකින්නට ඇත්දැයි, මට මොහොතකට සිතට නැඟුනා. ඉන් කොටසක් හෝ රස විඳින්නට ඔහුට ඉඩ දීමට, ඔහුගේ මව කුඩා ඇඟිලි ඉවත් කරන්නට අපමණ වෙහෙසක් ගනු දුටුවා මට මතකයි.
අප ශාලාවෙන් එලියට පැමිනි විට අපෙන් උපැස් යුගල් ආපසු ලබාගත් කවුන්ටරයේ යුවතිය, අප සිනමා පටය රස වින්දා දැයි ඇසුවත්, එයට පිළිතුර පිටත සවිකර ඇති රූපවාහිනී තිරයෙන් දැක ඇති බවට, අපට සැකයක් තිබ්බෙ නැහැ.
එය නම් කිසිදා අමතක නොවන අත් දැකීමක්.
ඉතිරි 7D සිනමා පට 11ද නැරඹීමට, අප එවෙලේම අදිටන් කර ගත්තා.
නිමි.
පස්සෙ, මමත් කල්පනා කලා මේ දේවල් කොහොමද කරනව ඇත්තෙ කියලා. පුතු මාත් එක්ක කරපු චැට් එක පස්සෙ කියෙව්වම, ඒකෙ සමහර දේවල් විස්තර කරල තිබ්බා. වතුර නොසල්, රබර් පටි (rubber strips) , එතකොට, කම්පනය වන ආසන (vibrating seats), ආදී එකී නොකී දේ. මේ ලිපියට ලැබුනු ප්‍රතිචාර අතර, සමහරුන්ට දැනගන්න ඕනෙ වුනා මේ මාන හත මොනවද කියලා. අර උඩම පින්තූරේ දොරට ඉහලින් ගහලා තියෙන පෝස්ටරයේ වම් පැත්තෙ පහල කෙළවරේ තියෙන කොටු වලින් විස්තර වෙන්නෙ ඒ අමතර මාන තමයි.
ලොබි එකේ දොරට ඉහලින් මේ ප්‍රදර්ශනය කරලා තියෙන්නෙ අනිත් 7D Movie එකතුව. |
මේ තමයි ඒ අමතර මාන |
මේ තියෙන්නෙ බලපු 7D Movie එකේ ටිකට් එක |
මේ ලොබි එකේ දර්ශනයක්. සිනමා ශාලා සේවකයෙක් ඇතුලෙ ඉන්න නරඹන්නන්ව පෙනෙන රූපවාහිණී තිරය දිහායි බලා ගෙන ඉන්නෙ |
මේ තියෙන්නෙ එකේ පෝස්ටරය.නම "затерянный остров" සිංහලෙන් නම් "නැතිවුනු දූපත" |
දැන් මෑතකදි ඉඳන් මම සුළු වශයෙන් පරිවර්තන කටයුතු වලටත් අත ගහලනෙ. මේ තමයි මා නොලියූ කතාවක්, පළමු වරට මා විසින් පරිවර්තනය කරපු අවස්ථාව. මම එයින් අදහස් කරන්නෙ මම මගේ සිංහල සහ ඉංග්‍රීසි බ්ලොග් අඩවි දෙකේ, මමම ලියූ කතා එක් භාෂාවකින් තව භාෂාවකට පරිවර්තනය කිරීම හැර. මේක 2011 අගෝස්තු මාසෙ වෙච්ච සිද්දියක්. මේ කතාව ලිව්වෙ මගෙ දුව, එයාගෙ අත් දැකීමෙක් ගැන. මම කලේ ඒ ඊමේලය සිංහලට පරිවර්තනය කරපු එක විතරයි.
මෙහි මුල් ලිපිය ඔබ කැමතිනම් කියවන්න ඔන්න පල්ලෙහායින් අමුණලා තියෙනවා.
This is Hiruni’s Original version blogged simultaneously on Hey Dude at: http://dude-heydude.blogspot.com/
The Day We Watched A 7D Movie. Wow!!
A 7D MOVIE! What on earth was 7D? I spent around 2 hours last night,
trying to figure it out and still couldn’t come up with any reasonable
concept. I have watched the3D Movie “Avatar”. Three Dimensions, I
understand. What are 7 dimensions? Could it be that, we can see the
internal organs, this was the last idea that crossed my mind before I
drifted to sleep. And this morning, I woke up and couldn’t get back to
sleep, due to the fear of oversleeping and missing the movie.
We reached the cinema around 10. 00 am. The neon lights sported the
word 7D and a pair of specs in blue and red. It reminded me of Las
Vegas. Anyway to my amazement there was just another small boy and his
mom. The little guy had a huge Pepsi bottle and a can of popcorn tucked
under his arm. I asked the lady, where to buy the tickets and she
answered me in Russian that the lady at the ticketing counter would arrive soon.
I took a sneak peek into the hall. The first thought that crossed my
mind was that, this was like the planetarium that we were taken to so often, on
field trips as kids. There were so few seats and the screen was curved
and it was a bit bigger than our living room.
Then this boy came and switched on a TV that was outside the hall and
guess what! we could see all the auditorium chairs from outside. In other words, we
[the spectators] were on screen, for the people who pass by the cinema to see!
There were around 12 movies displayed on the ticketing booth and we
didn’t know which we were gonna watch. Then finally, this girl came and
sold us our tickets. The mom and the son were first to go. They were
each handed in a pair of specs. And then we approached her and she asked
us what we wanted to watch and we promptly answered that whatever was
shown was what we wanted to watch. Then she handed us two tickets and
told us to go to seat row no. 2. We found ourselves seated right next to
the mom and the son.
On the row of seats in front of us, we saw nozzles, which we later understood the purpose of. Then all of a sudden, the
lights dimmed. And the sponsors were advertised, just some astronaut
thing. And the letters were right in front of me, I could reach out and
touch them. And then it all began…………………..
There was this animated guy in a plane. Soaring over all these lush
green lands and suddenly something goes wrong with his plane and it
begins to swing and go all over like crazy. I felt dizzy and nauseous as
I realized that we too were falling. Falling and swaying down down,
down. And then bang! We crashed to the ground. I was nearly thrown out
of my chair as we landed. I heard the little boy scream.
And then we stood up and started walking through the jungle. The
leaves were everywhere and so were the branches. I could touch them and
every time I did, my hand passed right through them. And I had to duck
and bend just to save my head from hitting the branches and twigs.
Then we came across some elephants. They put their trunks just near
my face and I could touch them. And I would have if they hadn’t taken
some water from the pond they were in, and sprayed it right over me. I am
not lying. By the time we passed the elephants our faces were dripping
water! It was so cool.
Then we came to this spot with the butterflies and they were so
colorful and flying just in front of my eyes and were coming up from
behind me. It felt as if I was somewhere else, somewhere like
heaven. I touched so many of them. It was the closest I’ve ever gotten
to live butterflies.
Then came the leopard. Just like that. Out of nowhere. We ran and ran
for our lives. Trudging and ducking to avoid being slapped in the face
by branches and we ran up the wide branches of the trees, up and up
tilting this way and that way. It reminded me of the Tarzan video game I
used to play with my little bro. And all the while the leopard was
thumping and jumping and landing with such terrific shudders that the
earth vibrated and rumbled beneath our feet. Then finally we were safe
and it was night.
It was then, the fireflies came out. I touched about two or three of
them. And then came the part when I nearly passed out. Well, almost.
There were the frogs. They were on the leaves and sticking their tongues
out. And alas then, they just jumped out and began crawling up our legs.
Believe me they really really did crawl up our legs. I screamed and
took my legs up onto the chair. And I heard a commotion to my right and
saw that the little boy too has freaked out. They were just squirming up
my legs.
Then to my utmost relief that part ended and it was day time. They
showed an area full of skulls guarded by this huge, gigantic python. I
was so glad we were not in that territory. But how was I to know that my
relief was only short lived? And we started our walk to find some help, any
help.
A flock of birds just passed us and the wind that followed their wake blew at our faces. We had to tilt away, to miss their beaks piercing our eyes.
A flock of birds just passed us and the wind that followed their wake blew at our faces. We had to tilt away, to miss their beaks piercing our eyes.
It was then we came to the land of the skulls. And, oh, my God! There
were these daggers coming right at our eyes. Swishing past us with the
wind following their wake blowing right at us. They were coming straight
at us. This way and that way and we were ducking all along to avoid
them. I was so scared believe me I really expected one to hit me in the
head!
Then one of the skulls tilted forward and out of it came, one rat.
Then two and three. And they jumped straight at us, baring their sharp,
pointy teeth all the while. And then it was happening again. They
started climbing up our trouser legs. Climbing and climbing. Once again
my feet were on the chair and I was almost running out of the hall.
Then, when I thought I had seen it all, the giant python started
sliding. It was so huge. It unwrapped itself and then looked directly at
me. Just at me. It recoiled and then with great vengeance it lunged
forward at me!!!!!!!! Right in my face. Right there. Then it recoiled
once again and lunged back at me. If in any case I had some heart
problem, that would have been it for me. I would have rested in peace then
and there. Then it was the end.
Oh no, not yet. Not at all. The ground beneath us started to cave in,
and we were falling and falling and falling. I just wanted to throw up.
We were tilted this way and that way and then once again, we landed with
such jarring impact, I nearly spat out my heart. It was such a harsh
landing!
Then was it over? No.
The land once again tilted and everything around us came crashing down. The mountains, the rocks the trees. Absolutely everything. And the Earth beneath our feet was rumbling and quivering. And we were tilted and were falling, down, down, down, into the lava. Yes. This was it. It was how it was all going to end. And when we were just about to touch the flames that were coming up from the great depths of the Earth, we landed on a wedge of rock that was protruding from a mountain.
The land once again tilted and everything around us came crashing down. The mountains, the rocks the trees. Absolutely everything. And the Earth beneath our feet was rumbling and quivering. And we were tilted and were falling, down, down, down, into the lava. Yes. This was it. It was how it was all going to end. And when we were just about to touch the flames that were coming up from the great depths of the Earth, we landed on a wedge of rock that was protruding from a mountain.
And then, we heard the nicest sound in the world. A chopper! Right
there to save us. But were we to be saved that easily? No way. The
wedge of rock started crumbling, giving away chunk by chunk. We were
running back. Then at the same moment, a ladder was thrown out of the
chopper. It was there right in front of my face. The rungs so inviting
and I stretched my hands to catch it. And, so did Jo Jo. The guy who was
me all this time. The guy who crash landed.
The animated guy, who took me
through all the terror.
And we were safely rescued from all the horrors of the unknown land.
And then the names were cast. And the lights came back on. And the
little boy still had his Pepsi and pop corn in his hands, untouched. He
looked at his mom with bewilderment!
Yes it was over. The best 20 minutes any moviegoer can ever have.
A 20 minutes, I would not trade for 1 hour 45 minutes of any movie, I’ve
ever watched. It was all over. I wondered how much the little boy managed
to see through his fingers, which were covering his face all the while.
The fingers his mom was trying to pry away and show him what was
happening.
And as we were coming out, the lady at the counter took back our specs
and asked us if we had enjoyed the movie.
Had we enjoyed it? She already knew the answer as she could see us on the TV outside! It was an experience of a life time. We determined to see the rest of the 12 7D MOVIES, too.
Had we enjoyed it? She already knew the answer as she could see us on the TV outside! It was an experience of a life time. We determined to see the rest of the 12 7D MOVIES, too.
දක්ෂ කෙල්ලෙක්... මම හිතුවෙම ගොතපු කතාවක් කියලා.... නියමයි...
ReplyDeleteස්තුතියි හිරු මේ හිරු නැති හෝරාවෙත් ඇහැරලා ඉඳන් කමෙන්ට් දානවට.
Deleteමාත් නිකන් ෆිල්ම් හෝල් එකේ ඉඳන්ම ෆිල්ම් එක බැලුවා වගේ හැඟීමක් ආවා.ඕවා අපිට ලංකාවේ කවදා බලන්න හම්බ වෙයිද මන්දා.
ReplyDeleteඇයි නිශාන් එහෙම හිතන්නෙ. ඉතින් බං මම බලලත් නෑනෙ. තාක්ෂණය වැඩේ ඈතක නෑ.
Deleteඇයි වදේ, මේකෙ මුල ඉඳල අගට යන්න ත්‍රීවිල් එකක් එපෑයැ. :) (ඔයාගෙ වචන ටික)
ReplyDeleteහෙමිහිට කියවල නැවත කමෙන්ට් කරන්නම්.
හයියූ ... අර ගෙම්බො පිඹුරො ගැන කියනකොට මමත් කකුල් දෙක කෝකටත් කියල පුටුව උඩට ගත්තා. කොහොමටත් ඔය විෂකුරු සත්තු ගැන එහෙම කියනකොට මටත් නොදැනිම කකුල් දෙක පුටුව උඩට එන්නෙ.
Deleteටික කාලෙකට කලින් මොකක් හරි පත්තරේක තිබිල මමත් ඔය වගේ සීන් එකක් ගැන කියවපු මතකයක් තියෙනව.
එහෙනම් උඹ කැරපොත්තන්ට බය නැතුව ඇති නේද DDT? මේකත් ගිය අවුරුද්දෙ මට හිතෙන හැටි එකේ දාපු කතාවක්.:)
Deleteනිශාන් කිවුවත් වගේ අනේ ඇත්තමයි මාත් එතන ඉඳන් බැලුව වගේ අදහසක් ආව.
ReplyDeleteදුවගේ දක්ෂකම ගැන අහන්න දෙයක් තියෙනවයි තාත්තගේ බ්ලොග් කතා කියෙවුවම..
නියමයි ඩුඩ්.. පුදුම විදියට රසවින්දා ..මගේ හිතේ තිබිච්ච ප්‍රශ්නෙත් අමතක වෙලා ගියා මේක කියවද්දී..
ජය වේවා ඩුඩ්!!!
සිනා බෝ වේවා!!
හෙහ් හෙහ් හේ! බොහොම ස්තුතියි පණුච්චි. මොනවද අප්පේ ඔය හැටි තියෙන ප්‍රශ්න ඔය වයසට. අපිට සිනා බෝවේවා කියන එකීට සිනා බෝ නොවෙන්නේ මන්ද? :D
Deleteමට ප්‍රශ්න නැතුවට මගේ අයට ප්‍රශ්න නේ වුඩ් .. ඉතිං එවුවා මගේ වගේ තමයි... හ්ම්ම්
Deleteකියෙව්වා අයියේ ,,ඒත් කොමෙටුව්ක් කොටන්න නම් නිවීහැනහිල්ලේ එන්න ඕනෙ, දොණිට උඹේ හැකියාව හොදට පිහිටලා තියෙනවා. ඒත් මේ පාර නම් දුවගෙ හැගීම් හරියටම පෙරළන්න උඹ්ට බැරිවෙලා තියෙන හැඩයි.අමනාප නැහැ නොවැ එහෙම කිව්වට ??ආයිත් පාරක් කියවලා ස්ථීරෙටම , ජය
ReplyDeleteපිස්සුද බං රතු, මේ මගේ පළවෙනි පරිවර්තනයනෙ බං. ඒක පුදුමයක් නෙවෙයි. හරි හරි ආයෙ එමුකො.
Deleteකලින් අහල තිබුනත් මෙහෙම පැහැදිලි විස්තරයක් දැන ගත්තේ අදයි. ෆිල්ම් එක බලන අයව බලන එකත් නියමෙට ඇති. :) ...
ReplyDeleteහිරුනිත් තාත්තා වගේම දෙයක් කියවන්නා ඉදිරිපිට මවල පෙන්නන්න දස්සයි කියල පේනවා. සුභ පැතුම් ...
ටික කාලෙකින් පොත් ප්‍රකාශන සමාගමක්ම දාගන්න පුළුවන් කස්ටියට.. :)
මාත් හිතුවෙ ඒකයි රාමා. නරඹන්නන්ව නරඹන එක මූවී එක නරමනවට වඩා ගති ඇති!
Deleteබොහෝම ස්තුතියි රාමා!
මට කියන්නකො රාමා, මේ බ්ලොගර් බ්ලොග්වල කමෙන්ට් බොක්ස් ලෝඩ් වෙන්නෙ නැත්තෙ ඇයි කියලා දැන් දවස් කීපයක ඉඳලා. වර්ඩ්ප්‍රෙස් බබා වගේ වැඩ. දැන් මේ දාන්නෙත් ෆයර්ෆොක්ස් වහලා ගූගල් ක්‍රෝම් ගිහින් කමෙන්ට් එක ඩිලීට් කරන්න ගිහින් කැන්සල් ඔබලා ආපහු පේජ් එකට ගියාම රිප්ලයි ඔබලා. මලම ඇණයක්. කමෙන්ට් එකක් දාගන්න දස වද විඳින්න ඕනෙ.
ammoh...
ReplyDeleteඅය්යෝ! :D
Deleteශා ...ශා..දුවත් තාත්තා වගේම හැබෑ හපනියක්නේ...සිංහලෙන් පරිවර්ථනය කරද්දී ඒ වචන හිත ලඟටම තියන්න ඩූඩ් හරිම දක්ෂයි...නියමයි ...ඔය 7D MOVIE එකක් බලන්න අපිට කවදා ලැබේවිද....
ReplyDeleteවැඩි දවසක් යන එකක් නෑ ළිහිණි. කවුද හිතුවෙ ගෙවල් වට ඉඳ 3D බලන්න පුලුවන් වෙයි කියලා අනූ ගනන් වලදි? හැබැයි මගෙ තාත්තා 3D මූවී එකක් බලලා තිබ්බා අපි ඔක්කොටම කලින් ලංකාවෙදි. මම ඉපදෙන්නත් කලින්.
Deleteහතේ පන්තියෙදි ඇහුවට පස්සෙ අදමයි ඇහුවෙ 7D ගැන..
ReplyDeleteඅත්දැකීම හොඳට විස්තර කරලා තියනවා දෝණියැන්දා..තාත්තගෙ හැකියාව අඩු නැතිව පිහිටලා තියනවා කියලා කිව්වැකි..
මමත් බලලා තියෙන්නෙ හතේ පන්තියෙ ඉන්න කොට තමයි 7A, 7B, 7C, 7D, 7E.... හපොයි ගනනාවක්ම තිබ්බනෙ.
Deleteබොහෝම ස්තුතියි සෙන්නා.
කවදානම් බලම්දෝ........ කමක් නැහැ අපේ ඩුඩ් අයියව බැලුව කියල සැනසෙන්නම් කෝ, හිකිස්............. හැබැයි මේවා යතාර්තරයක් වෙන දවස වැඩි ඈතක නැහැ තාක්ෂනය දියුණුවෙනවා ඒ තරම් වේගයෙන්
ReplyDeleteමම බලලා නෑ කෝරළේ මහත්තයෝ. හැබෑට ඔය අරාබිකරයෙ නැත්ද ඕවා? ඒක නම් ඇත්ත තමයි. තාක්ෂනය දියුණු වෙන්නෙ අධි වේගයෙන්!
Deleteමම එකක් බලල තියනවා.සිගප්පුරුවේදී...මුනට වතුරත් ඉහුනා....:)
ReplyDeleteමට මතකයි මහ වෙදනාත් සිංගපූරුවෙදි බැලුවා කිව්වා 5D/ එකක්. එතකොට මකර රාජයත් එහෙම කිව්වා වගේ මතකයි.
Deleteස්තුතියි මාල්!
Chak man hithuve meka prabandayak kiyala
ReplyDeleteAdayi danne 7D film thiyenqva kiyqla
Pattayi,siraavata liyqla thiyenava
Apith ethana hitiya vage danenava siddi tika lesatama oluve mavenavaa
Maathaniva balanna ynava lankaavata oya technology aavahama :)
ස්තුතියි මඩයා. මාත් යනවා ලංකාවට ආවාම. ඔන්න ව්‍යාපාරික අදහස් කරනවා නම් නැද්ද?
Deleteෂා මරු මරු මාත් යන්න ඕණැ එකක් බලන්න.....
ReplyDeleteමටත් හිතිලා බං තියෙන්නෙ කොහොම හරි එකක් බලන්න. :D
Deleteලංකාවෙනම් ලගදීම 7D එයි කියලා හිතන්න අමාරුයි හරි හමන් විදියේ 3D ෆිල්ම් හෝල් කිහිපයක් හැදුනෙත් මෑතකදීනේ.. ලබපු අත්දැකීම කියවන කෙනාටත් යම් තරමක් ලැබෙන විදියට ලස්සනට ලියලා තියෙනවා ...
ReplyDelete(ඊයේ ගියා වැඩේ හිතපු තරම් දරුණු උනේ නැහැ ..අදුරන කෙනෙක් මාර්ගයෙන් ලයිසන් එකත් බේරාගත්තා )
හපෝයි ලොකූ දෙයක් චමී. මාත් චකිතයෙන් හිටියෙ. දැන් ඉතින් පරිස්සම් වෙමු.
Deleteස්තුතියි චමී කමෙන්ට් එකට.
දැන් ඉදලා පරිස්සමින් තමයි වැඩ කටයුතු..
Deleteආයිත් කියෙවුවා පොඩි එකී ලියපු එකනේ.. නොකියවා යන්න ලෝබයි..
ReplyDeleteබොහෝම ස්තුතියි සරත්. Very understanding!
Deleteඩී එන් ඒ ටෙස්ට් තියන්න ඕන නෑ.. මට කියන්න තියෙන්නේ එච්චරයි.. කෙල්ලගේ අම්මටත් කොලර් තියෙන කමීසයක් අඳින්න කිව්වට අවුලක් නෑ.. පින්වත් දෙමව්පියෝ....
ReplyDeleteහප්පට සිරි!
Deleteබොහෝම ස්තුතියි මහාචාර්ය මාතලං තුමා! ආඩම්බරයි!
දෙවන පාරටද කියෙවුවෙමි, සුපිරියි !
ReplyDeleteවටරවුමේ - මුදියන්සේ
Deleteබොහෝම ස්තුතියි මුදියන්සේ! වටරවුමේ මොකද කරන්නෙ මුදියන්සේ කෙනෙක් ඇත්තට? ට්‍රැෆික් සාජන්ට් කෙනෙක් නම් හිතුවෑකි.
අනේ ඩූඩ් මාමේ මාවත් එක්කයන්ඩකෝ ඕකක් බලන්න :(
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
උඹටත් රජ පුතේ හිටපු ගමන් අමතක වෙනවා උඹ රජෙක් බව. ඇයි බං රජා එපෑ අපිවත් එක්ක යන්න. :D
Deleteනියමයි හෙන්රි. මමත් මේ අද්දැකීම ලබලා තියනවා හැබැයි මම බැලුවේ 6D එකක්.එය මා නැරඹුවේ තායිලන්තයේ ඇවිදින විදියේ දී.මෙහි කියැවෙන සේරම වගේ එතනත් තිබුණා.වැඩි වු අංගය මොකක්ද කියලා තාම මම හිතනවා. මම බැලුවේ තායි භාෂාවෙන් හදපු චිත්‍ර පටයක්.
ReplyDeleteෂාහ්! නියමයිනෙ නලීන්! තායි වලිනුත් හදනවා නම් ඇයි අපිට බැරි නේ බං?
Deleteකියන්න අමතක වුනා. මම බලපු එකේ ගඳ සුවඳත් දැනුනා.මල්වල සුවඳ සතුන් කූණු වි ඇති තැන්වල ගඳ ඒ දේවලුත් හොඳට දැනෙන්න තිබුණා.
Deleteඒ වගේම දුවට මගේ උනුසුම් සුබපැතුම්..
නියමයි නේ., ඔතනදි ඕඩියෝ නම් සරවුන්ඩ්, ඒක වීඩියෝ වලට එනකොට 7D..
ReplyDeleteඒවගේ එකක් නේද වෙනවා ඇත්තේ..
චන්දන, ඔව්, තරමක් දුරට. නමුත් විඩියෝ කියන්නෙ ඇහැට දැනෙන සංවේදනාවනෙ. එතනදිත් වර්චුවල් රියැලිටි එකට අමතරව මෙතන ඇඟට දැනෙන කම්පන, හුළං පාරවල්, ඇඟ දිගේ නගින සත්තු, වතුර හෙම තියෙනවා නේද?
Deleteබලපං හෙන්රියා තාක්ෂණය සෑමාට වඩා කොච්චර ප්‍රමාදද කියලා. මම අපෙ අයියා ඕලෙවල් කරපු අවුරුද්දේ (1998) බැලුවේ 4ඩී ෆිල්ම් එකක්. විස්වාස නැතුව ඇති. ඒත් විස්වාස කරපං අපෙ අයියට තිබ්බා රිසල්ට් ෂීට් එකේ ඩී අකුරුම 4ක්. අන්න ෆිල්ම්.
ReplyDeleteෆිල්ම් එකක් කිව්වට තිර රචනයක්නෙ බං. :D
Deleteහැබැයි අපි O/L කරනකොට D එක තමයි බං ඩිස්ටින්ක්ෂන්.
TanQ Sam!
3D ෆිල්ම් එකක් බල බලා ඉද්දි අර පුටුවෙ කකුල් හතරෙන් දෙකක් උඩ යන්න පොඩ්ඩක් ඉස්සෙන්න ගිහින් මන් පුටුව පල්ලෙ වැටුනා ඩෝන් ගාලා..එතකොට ෆිල්ම් එකේ ගියෙත් මනුස්සෙක් ගහකින් බිම ඩෝන් ගාලා වැටෙන සීන් එකක්...ගියේ එතකොට ඒක 4D නේද හෙන්රි ?
ReplyDeleteහරියට හරි මචං හරියට හරි. ඔය තියෙන්නෙ පොල්ලෙං ගැහුවා වගේ. වෙනියා මයිනස් වෝට්! :D
Deleteඇත්තටම මම කියවනකොට හිතුනේ ප්‍රබන්දයක් පරිවර්තනය කොරලා කියලා . හැබැයි ඔය D (Dimension) කියන එක ගැලපෙනවද මන්දා.
ReplyDeleteවෙන්න ඇති ජෝනා. ඒක නම් කල්පනා කරලා බලන්න ඕනෙ වෙනම. මොකද ඇසට හසුවන මානයේ විතරක් නොවන නිසා නේ? :)
Deleteඅඩේ මටත් එහෙම එකක් බලන්න යන්න ඕනේ...කියවනකොට නිකන් මමත් ෆිල්ම් ඒක බැලුවා වගේ.
ReplyDeleteඔව් පැතුම්, මාත් හරිම ආසයිනේ . ඉතින් මට බැරිවුනා තවම.
Deleteෆිල්ම් එක බැලුවා වගේ දැනුනා....ඒ තරම්ම රසවත් විදිහට ලියලා තියෙනවා.මුල් ලිපිය වගේම පරිවර්තනයත් හරිම අපූරුයි :)
ReplyDeleteබොහොම ස්තුතියි Chams. හයියෝ ඔයාගෙ අලුත් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න තියෙන අමාරුවක්. ලින්ක් උඩ කොච්චර කෙටුවත් මොකුත් වෙන්නෙ නෑනෙ. ඇයි දන්නෙ නෑ.
Deleteචිත්ත රූප මැවී පෙනුනි...!අප්පගේ දේ පුතාට කිව්වට...
ReplyDeleteබොලේ දූටනෙ පිහිටල තියෙන්නෙ..!
ස්තුතියි වීයා. පුතාටත් පිහිටලා තියෙනවා. එයා බ්ලොග් ලියන්නෙ නෑ තාම. :)
Deleteදන්නවද අංකල්,,කාලෙකට පස්සේ හොඳටම වින්ද පෝස්ට් එකක්..මාරම ලියවිල්ලක්..මම ඇත්තටම එතන හිටියා වගේ..ඒ වගේ මූවි එකක් බලන්න ගොඩක් ආස හිතුනා..නියමම නියමයි!
ReplyDeleteකෝ අංකල් මම අන්තිම පෝස්ට් එකට දැම්ම කමෙන්ට් එක ස්පෑම් වෙලාද බලන්න ටිකක්..
ReplyDeleteහිරු, මමත් හරි ආසාවෙන් ඉන්නෙ එකක් බලන්න. කෝ ඔයාගෙ කමෙන්ට් එක ස්පෑම් එකේ නෑනෙ. ආයෙ දාන්නකො තරහා නැතුව.
Deleteමේ දවස් වල කමෙන්ට් අතුරුදහන් වෙනවා. මං බ්ලොග් කීපයකම දාපු කමෙන්ට් වලට එහෙම වෙලා තිබුනා.
Deleteහිරුනි ලියලා තියෙන්නේ මගේම අත්දැකීම් කියලයි මට හිතුනේ...
ReplyDeleteහරිම දක්ෂයි. කවුරු ආරෙට ගිහින්ද දන්නේ නෑ. :D
බොහෝම ස්තුතියි පොඩ්ඩි. අම්මගෙ ආරෙට! අම්මගෙ ආරෙට!
Deleteඅඩේ එළ ඈ.. අපිටත් බැරිය ටික දවසක් ගියාම 7ඩී දේශනාවක් පවත්වන්ට හැක්.. හැක්.. කෙල්ලට සුභපැතුම් නියමෙට ලියල තියෙනවා. පරිවර්තනය නං මහ ජේත්තුකාරයි. හොහ් හෝහ්
ReplyDeleteදේශක තුමා සාදරයෙන් පිළිගන්නවා. ඔන්න බ්ලොග් රෝලෙත් ඉන්නවා දේශකයනෝ! ආයේ අන්න ඈ!
Deleteහැමෝම ලියලා තියෙන කමෙන්ට්ස් මට හරියට වටිනවා....මම ඒ හැම එකකට පිලිතුරු දෙන්නම් නිවාඩුවක් ලැබුන වෙලාවක...මේ දවස්වල හරියට වැඩ වසිලිස්සිගේ රට පැත්තෙ... :D
ReplyDeleteඩුඩ් පරිවර්තනය නම් ඉහලයි....බොහොම ස්තුතියි..... :D
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමම මෙ පොස්ට් එක 'මට හිතෙන හැටි' එකේ බලලා තිබුනත් ආයෙත් සැරයක් කියෙව්වා. :D එක කියවන හැම වතාවකම හිතෙන්නේ 7D මුවී එකක් බලන්නමයි. එකත් බැරිවෙන එකක් නෑ උත්සාහ කලොත්.
ReplyDeleteපුතූ, ඔයා අනික් එවා බලනවා කිව්වට තවම ගියෙ නෑනේ. මෙ පාර වින්ට වැකේෂන් එකටවත් යන්න. ඔයා හරීම හොරානේ මෙ මං වගේ නිවාඩු දවස් වලට එලියට යන්න. :)
ඒ වුනාට මෙවගේ චාන්සස් සහ ෆීඩම් එක හරීම රෙයා. So enjoy while u can. :P
Oh, my!What a strange coincidence! The new post I have written(but not published yet) is about a 3D film I watched many years ago.So I can very well understand her experience more than anyone else here.It must be very frightening to feel all the senses and your daughter is lucky to have that experience. Her writing style, I must say sometimes surpasses even her father.
ReplyDelete4D නම් ලංකාවෙත් තියෙනවා මම මීට අවුරුදු 5 කට විතර කලින් බැලුවා. excel world එකේ තියෙනවා ටිකට් එකක් රුපියල් 400 ද කොහෙද ඒ දවස්වල. ඔබ කියපු වගේ චලනය වන ආසන. උණුසුම් සීතල වතුර වදින නොසල්. ඔය ඔක්කොම තියෙනවා.
ReplyDelete