Friday, May 9, 2014

111. බදුලු කෝච්චිය. අවසන් කොටස.. බදුල්ල දක්වා.

CAUTION: THE MEMORIES ARE IN THE MAKING...


අමතක නොවන සුන්දර දුම්රිය චාරිකාවක අවසන් කොටස.

මුල් කොටස් මග හැරුනා නම් මෙන්න පාර.


   107. බදුලු කෝච්චිය. 1 වන කොටස
   108. බදුලු කෝච්චිය. 2 කොටස. මහනුවර දක්වා.
   109. බදුලු කෝච්චිය. 3 කොටස. හැටන් දක්වා.
   110. බදුලු කෝච්චිය. 4 කොටස. Great Western දක්වා.



මුහුදු මට්ටමේ සිට මීටර් 1455ක් ඉහලින් පිහිටි Great Western දුම්රියපොලට ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථාන ලැයිස්තුවේ නවවෙනි තැන හිමියි.


අවසානයේදි අපි Great Western පසුකර ඉදිරියට ඇදෙනවා...


Great Western හා රදැල්ල අතර යම් තැනක...

Great Western සිට බදුල්ල දක්වා යද්දී හමුවෙන දුම්රිය ස්ථාන නම්:
Great Western, රදැල්ල. නානු ඔය, පැරකුම්පුර, අඹේවෙල, පට්ටිපොල, ඔහිය, ඉදල්ගස් හින්න,  හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, කිණිගම, හීල් ඔය, ඇල්ල, දෙමෝදර, උඩුවර, හාලි ඇල සහ බදුල්ලයි.


පුවරුවෙන් කියැවෙන්නේ අපි රදැල්ලට ලඟාවුන බවයි.

දුම්රිය ම‍ඟේ මුර දේවතාවෝ. 
The force behind. The rail road crew.


ගම්බද දුම්රිය ස්ථානයකට හොඳම උදාහරණයක් වන මුහුදු මට්ටමේ සිට මීටර 1573.31 ඉහලින් පිහිටි රදැල්ල අර ලැයිස්තුවේ අටවෙනි තැන හිමිකර ගන්නවා. දැන් අප කොළඹ සිට කිමී 202ක් මග ගෙවා තියෙනවා. රදැල්ල කිව්වාම මට නම් නීතැතින්ම මතක් වෙන්නේ ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය. 
රදැල්ලෙන් මෙගාහර්ට්ස්...



මේ දුම්රිය මං ජාලයේ තවත් වැදගත් නැවතුමක් වන නානුඔයට ලඟා වෙමින්...


නානු ඔය දුම්රිය අංගනය. නොස්ටැල්ජියාව පිටාර ගලමින්...
අපි පොඩි කාලේ තාත්තා රට පුරා මාරුවීම් ලබද්දි, ගෙදර බඩු මුට්‍ටු පටවගෙන ගියේ මේ වගේ බඩු පෙට්ටි වල. වැඩි ආරක්ෂාවට තාත්තා වෙනම ඉබ්බෙකුත් පෙට්ටියට දානවා. මම මේ කතාවක් කිව්වා මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ.



හොඳට පදම්වුනු සම්ප්‍රදායික කෝච්චි පෙට්ටියක්...

එන්ජින් හරවන්න පාවිච්චි කල මේ  turntable අද කෞතුක භාණ්ඩයක් විතරද මන්දා...


මෙතනත් තියෙනවනේ අර දෙබිඩි සිග්නල් කණුව. 
එතකොට අර  Great Western කණුවේ විශේෂත්වය මොකක්ද?


නානුඔය පසු කරමින්.  කොළඹින් කිමී 207.05ක දුරුන්ද මුහුදු මට්ටමේ සිට මීටර් 1613.10ක් උසින්ද පිහිටි නානුඔය ලංකාවේ හයවැනි උසම දුම්රිය ස්ථානයයි.

දේශපාලන නිරවද්‍යතාවය (Political correctness) කෙසේ වෙතත් මට නම් මේක කතන්දර පොතක පින්තූරයක් වගේමයි.



කඳු විනිවිද යන බිම්ගෙවල් තරම්ම, කඳු යාකරන මෙවැනි යකඩ පාලම් ගණනාවක්ම මේ මාර්ගයේ දකින්න පුලුවන්.





Edinburgh Estate.
අඹේවෙලට ලඟාවෙමින්...
පුංචි නවසීලන්තය නම අනවර්ථනාමයෙන් හැඳින්වෙන අඹේවෙල කිරිපට්ටි පාලනයට ප්‍රසිද්ධයි. මෙහි නවසීලන්ත ගොවිපල සහ අඹේවෙල ගොවිපල යන සත්ව ගොවිපොලවල් දෙකක් පිහිටා තියෙනවා. ඒ වගේම ලංකාවේ එකම කිරිපිටි කම්හලත් තියෙන්නේ අඹේවෙල.

අඹේවෙල මිහිදුම් සලු අතරින් ඉදිරියට ඇදෙන පොඩි මැණිකේ...
 

ලංකාවේ දෙවැනි උසම දුම්රියපොළ. අඹේවෙල. 
මුහුදු මට්ටමේ සිට උස මීටර 1827.77. කොළඹ සිට දුර කිමී 221.45යි


නුවර එළිය දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටි පට්ටිපොල දුම්රිය ස්ථානය ශ්‍රී ලංකාවේ ඉහලින්ම පිහිටි දුම්රිය ස්ථානයයි. (ඉස්සර අපෙන් අහන සාමාන්‍ය දැනුම ප්‍රශ්ණයක් මේ.) 

මුහුදු මට්ටමේ සිට උස මීටර් 1891.56යි. 
කොළඹ සිට දුර කිමී 222.92යි.




පට්ටිපොල අවට බලන්න තැන් ගණනාවක් ඇති බවයි දැනගන්න ලැබුනේ. තව දවසක බලමු.


පට්ටිපොල සහ ඔහිය අතරමඟ...


The highest it gets!

මේ ශ්‍රී ලංකා දුම්රිය මං ජාලයේ මුදුන් මල්කඩ. 
ඔහිය සහ පට්ටිපොල අතර සි‍ටුවා ඇති මෙම පුවරුවේ සඳහන් වෙන්නේ මෙතැන දුම්රිය ම‍ඟේ ඉහලම ස්ථානය බවයි. The Summit Level. 
එනම් මුහුදු මට්ටමේ සිට උස මීටර 1898.1යි 
කොළඹින් කිලෝමීටර් 224.027යි.
මේ මම හුඟක් ආඩම්බර වෙන ඡායාරූපයක්.

හෝර්ටන් ජාතික වනෝද්‍යානයට ඇතුල්වෙන මේ ස්ථානය පිහිටා තියෙන්නේ ඔහිය දුම්රිය පොල අද්දරමයි.
මේත් බැලිය යුතුම ස්ථානයක්.


මුහුදු මට්ටමේ සිට මීටර් 1791.77ක් ඉහලින් පිහිටි ඔහිය දුම්රියපොලට ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථාන ලැයිස්තුවේ තුන්වෙනි තැන හිමියි. කොලඹ සිට කිමී 231.63
පරිවර්තනය දුශ්කරයි. අමුවෙන්ම විඳින්න.
Travel young. Arrive late. Wise-ass remark of henryblogwalker. :D


ඔහිය පසුකරමින්...

කිලෝමීටර් 9ක පමණ පරතරයකින් පිහිටි ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය පොළවල් දෙක අතර බිම්ගෙවල් 13ක් ඇති බව දැනගන්නට ලැබුණා.  මේ දුම්රිය ස්ථාන දෙකක් අතර පිහිටි වැඩිම බිම්ගෙවල් සංඛ්‍යාවලු.





 ඉදල්ගස්හින්න දුම්රිය නැවතුම්පොළ. කොළඹින් කිමී 240ක දුරකින් සහ මුහුදු මට්ටමේ සිට මීටර් 1665.85ක් ඉහලින් පිහිටි ඉදල්ගස් හින්න නැවතුම පිහිටා ඇති උසින් පස්වැනි තැනට පත් වෙනවා.

(මට නම් ඉදල්ගස් හින්න කිව්වාම මතක් වෙන්නේ අපි 2000දි හිටාචි කෝච්චියේ ආපු ගමනෙදි දීපාගේ ස්ටාෆ් එකේ මිතුරියකගේ නොබොන සැමියෙක් බීලා ඉදල්ගස්හින්නේ කණුවකට නැගලා වැටිලා, මූණකට සමතලා කරගත්ත සිද්ධිය.)





කොළඹට රේල්පාරෙන් දුර කිලෝමීටර් 248ක් වුනත් මහපාරේ ගියොත් කිලෝ මීටර් 189ක් පමණක් බවයි අර කොළපාට බෝඩ් එකේ සඳහන් වෙන්නේ. මේ අර දැක්කාම බඩදනවා කියන, තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කපු, පහුතලේ කන්ද නේද?

වාහනවල බෆර් ගැන කතාකරන අයටයි මේ පාඩම. මේ තියෙන්නේ බෆර් එකක්. බෆර් තියෙන්නේ කෝච්චි වල. වාහනවල තියෙන්නේ බම්පර්. බෆර් නෙවෙයි. ඩූඩ්ගෙන් නොමිලේ ඉංග්‍රීසි. ආයෙම කාර් එකේ බෆර් එක ගැන කතා කරලා මට අහුවෙන්නෙපා උඹලා.

Steel to cushion steel. The train buffers. And cars have bumpers.


මම මේ පින්තූරේ නම් කලේ 
පරම්පරා පරතරය The generation gap කියලා.

කොළඹින් කිමී 246ක දුරින් හා මුහුදු මට්ටමේ සිට 
මීටර 1479.57ක උසින් පිහිටි හපුතලේ දුම්රිය ස්ථානය 
පිහිටි උස අනුව හත්වැනි ස්ථානය ලබයි.

.................

Memories in the making...සිහිවටන බිහිවෙමින්...
....................
සිසිල් කාලගුණය සහ හමුදා කඳවුරු නිසා ප්‍රසිද්ධියට පත් දියතලාව.



ජීවත් වීමට උචිත සිසිල් සුවදායී පරිසරයක් ඇතැයි බොහෝදෙනා විශ්වාසකරන බණ්ඩාරවෙල සංචාරක පාරාදීසයකි.

..................


කිණිගම. නියම ගම්බද දුම්රිය ස්ථානයක්.  


හීල් ඔයත් එහෙමයි.



ඇල්ල. 

..............

මුලු කෝච්චියම අපේ වගේ වෙච්ච වෙලාවලුත් තිබ්බා.

දුම්රිය මඟ ඉදිකරපු ඉංජිනේරුවන්ට කන්ද විදින එක ඇරෙන්න වෙන විකල්පයක් තිබුනයි කියලා හිතන්න අමාරුයි මෙතනදි නම්. අනික මේවා අර TBM යොදාගෙන විදපුවා නෙවෙයිනේ. තනිකර මිනිස් ශ්‍රමය.

සුප්‍රසිද්ධ දෙමෝදර ආරුක්කු පාලම.
..........

දෙමෝදර ශ්‍රී ලංකා දුම්රිය වංශකතාවේ විතරක් නෙවෙයි, ලෝක දුම්රිය වංශ කතාවෙත් වැදගත්ම දුම්රිය පොලක්. ඒකට හේතුව දුම්රිය මග මත ඉදිකරපු එකම දුම්රිය නැවතුම්පල දෙමෝදර වීමයි. තව පැහැදිළි කලොත් දෙමෝදරදි රේල්පාර පාරාවලයක් Spiral වගේ  සම්පූර්ණ වටයක් කරකැවිලා ආපහු තමන් පහුකරපු තැනකට යටින් ගමන් කිරීමයි. මෙතනට කියන්නේ Demodara Spiral Loop කියලා. මේ විශේෂ ස්ථානයේ කන්ද මත දෙමෝදර දුම්රිය ස්ථානය පිහිටනවා. ඊට යටින් බිම්ගෙය තුලින් වරක් දුම්රිය ස්ථානය පසුකල දුම්රිය නැවතත් ගමන් කරනවා. ඇත්තෙන්ම බලන්න ආසා දර්ශණයක්.

මේ තියෙන්නේ රවුම ගහලා නැවත එන දුම්රිය මඳ වේලාවකට පෙර තමන් පහුකල දුම්රිය ස්ථානය පිහිටි කන්ද හරහා විද ඇති දුම්රිය උමගය වෙත ගමන්කරන අන්දමයි. උනන්දුවෙන් බැලුවොත් මේ දුම්රියෙන්ම බැසගත් මගීන් කන්ද උඩ දුම්රියපල අද්දර සිටගෙන තමාපැමිණි දුම්රිය තමන්ට යටින් ගමන් කරනවා බලා ඉන්න හැටි පෙනේවි.


ගමනාන්තයට පෙර අන්තිම නැවතුම. හාලි ඇල.
.....

 බදුල්ල. ගමනක අවසානය. උඩරට මාර්ගයේ අවසන් දුම්රිය ස්ථානය.
End of the line.


ගමන මෙතනින් අවසන් වුනත් හෙට උදේම ආපහු යන ගමන ගැන හිතලා හිත හදාගන්න පුලුවන්.

ඉතින් පහුවදා උදේ අටහමාරට තියෙන ඊලඟ දුම්රියෙන් ආපහු එන තෙක් රෑ ගතකරන්න අපි නවාතැන්පොලක් හොයාගත්ත හැටිත් රසවත් කතාවක්. අර මුලින්ම කිව්වා වගේ අපි බදුල්ලට ගියේ නිකං ආසාවට වගේම නවාතැන් කලින් හොයලා තියලා එන්නත් අපි කිසිම උනන්දුවක් ගත්තේ නෑ. ඒකත් මේ ඇඩ්වෙන්චර් එකේම කොටසක්නේ.
දුම්රිය පොලෙන් එලියට ආ අපි ටැක්සියක් හොයාගන්න වටපිට බලනකොටයි මේ සාරබුලත්විට වෙළෙන්දා මට කිට්‍ටු කලේ.
"සර් කමුද සාර බුලත් විටක්?"
"එපා. බොහොම ස්තුතියි. මම විට කන්නේ නෑ."
"එහෙනම් සර් ගෙස්ට් හවුස් එකක් හෙම හොයනවා නම් කියන්න. තියෙනවා හොඳ තැනක්."
"අන්න හරි. අන්න එහෙම එන්න. කොහෙද තැන, කොහොම තැනක්ද කියන්න බලන්න."
"නොම්බර එකේ ගෙස්ට් හවුස් එකක් සර්."

"මෙහෙමයි. අපිට ඕනේ ඔක්කොටම වඩා ආරක්ෂාව තියෙන තියෙන තැනක්." මම මගේ කොන්දේසි මාලාව ඉදිරිපත් කලා. " ඊ ලඟට මේ ස්ටේෂන් එකට ලඟ, ඒ වගේම පිරිසිදු, ඒ වගේම සාධාරණ මිළකට තියෙන එකක්. අපි ඉන්නේ එක ‍රැයයි."

"ඒවා ඔක්කොම හරි සර්. සර් කැමතිනම්, එන්න යන්න ගිහින් බලන්න. කැමතිනම් විතරක් නවතින්න.  ටැක්සි ඕනෙත් නෑ සර් අන්න අර පේන දුර. පයින් යතෑකි."

අපි සාරබුලත් විට විට වෙළෙන්දා ඉස්සර කරගෙන පිටත් වුනා පයින්ම.  
"සර් කැමතිනම් ෂෝට් කට් එකෙක් ගියෑකි. නැතිනම් පාර දිගෙත් ගියෑකි." 
ආරක්ෂිත පියවරක් හැටියට මම මෙහෙම අමුත්තෝ එක්ක කෙටි පාරවල් වල යන්නේ නෑ. 
"අපි මහ පාර දිගේම යමු එතකොට පාර මතක තියාගන්න ලේසියි." 
යන ගමන් මම මිනිහත් එක්ක නොයෙකුත් දේ ගැන කතා කලා. ඇත්තෙන්ම දුම්රිය පොළ පාරෙම විනාඩි පහක විතර දුරක් එතනට තිබුනේ.  ඇත්තෙන්ම මිනිහා  ගෙස්ට් හවුස් මැනේජර්ට අපි වගේ කස්ටමර්ලා අල්ලලා දීලා අමතර ගානක් හොයාගන්න අහිංසක,  හොඳ මිනිහෙක්.

ඇත්තෙන්ම තැනත් නරක නෑ. මැනේජර් සල්ලි ඉස්සර කලේම නෑ, 
"ඉස්සෙල්ලා සර් තැන බලලා හොඳද කියන්නකෝ. සල්ලි මොනවා කරගන්න බැරිද?" 
මම ඒ ප්‍රතිපත්තියට කැමති වුනා.

තැන පිරිසිදුයි. ඒ වගේම ආරක්ෂාවත් කියන්න තරම් නරකක් නෑ. අපි වැඩිපුර ගානක් ගෙවලා නාන්න උණු වතුර තියෙන කාමරයක් ‍තෝරා ගත්තා. ඇත්තෙන්ම ගානත් සාධාරණයි. විශේෂයෙන්ම මීට සතියකට විතර පස්සෙ අපි යාපනේ ගෙස්ට් හවුස් එකකට ගෙවපු ගානත් එක්ක බැලුවාම මේක පුදුම සාධාරණයි.

අපි කැමරා දුරකථන සහ මුදල් පසුම්බිය පමණක් සාක්කුවල ඔබාගෙන රාත්‍රී නගර සංචාරය කලා. ඔහේ ඉබාගාතේ ඇවිද මහන්සි වූ පසු, හොඳ වගේ පෙනුනු ආපන ශාලාවකින් takeaway කෑම පාර්සල් තුනක් මිළට ගෙන ආපහු කාමරයට ඇවිත් කෑවා. කෑමත් රසට තිබුනා.

දුම්රිය භෝජනාගාර රථයේ ප්‍රශ්ණය නිසා එන ගමනේදී වින්ද දුශ්කරතාවය මතක් තිබූ බැවින් පහුවදා උදේම ඒ ඒ ආපන ශාලාවේම බේකරියට ගිය මම මාලුපාන්, කිඹුල් බනිස් සහ තව කෑම ගොන්නක් මිළදීගත්තා.

නමුත් ආපසු එන ගමනේදී කතා බහ කර මා හා මිත්‍රත්වයක් ගොඩ නගාගත් ඔය ඉහල පින්තූරයේ ඉන්නා ගාඩ් වරයා නිසා අපේ කෑම ප්‍රශ්ණය විසඳුනා. අපි බදුල්ලට එද්දී බඩගින්නේ  සිටි කතාව ඇසූ ඔහු, අප කැමතිනම් ඉදිරි දුම්රියපළකදී ඔහුට කෑම පාර්සලය ලබාදෙන තැනින්ම අපටත් කෑම ඇණවුම් කර දිය හැකි බව පැවසුවා.  කිව්වා වගේම දුරකථන ඇමතුමක් දී අමතර කෑම පාර්සල් තුනක් අපටත් මිළදී ගත් නිසාම උණු උණුවේ රස කෑම වේලක් කන්නට අපට හැකි වුනා. අපේ මාලුපාන් වලින් කොටසක් අපිට යන ගමනේදි වුනාක් මෙන්ම බඩගින්නේ සිටීමට සිදුවූ පවුලකට දුන්නා.

ඇත්තෙන්ම මේ සුන්දර ගමනේදී මෙවැනි සුන්දර මිනිසුන් කීපදෙනෙක්ම අපිට මුණ ගැසුනා. මේ ගමන මෙතරම් රසවත් වීමට භූමි දර්ශණයට අමතරව මෙවන්  සිදුවීමුත් බලපාන්න ඇති.


කාලසටහනේ විදියටම හරියටම වෙලාවට 
බදුල්ලෙන් කොළඹ බලා පිටත් වුනා.


ඉතින් නැවතත්, එපා නොවන ඒ මඟ ඔස්සේම තවත් මනස්කාන්ත දර්ශන නරඹමින් අපි ආපසු එන්න පිටත්වුනා.

 ඉතින් 
ගමන මිස ගමනාන්තය කිසිසේත්ම වැදගත් නොවූ තවත් ගමනක්  
එසේ නිමා වුනා

මෙතෙක් දුර අප සමඟ ගමන්කල ඔබට ස්තුතියි.

පසු වදන: මේ අලුත්ම දුම්රිය වලත් තවම පාවිච්චි වෙන විසි එක්වන සියවසට වඩා දහ අටවන සියවසට ගැලපෙන දුම්රිය මඟට වැසිකිලි අපද්‍රව්‍ය නිදහස් කරන ක්‍රමය නම් වහාම ක්‍රියාත්මක වෙන පරිදි වෙනස් කල යුතුයි. ඇත්තෙන්ම මේ සෞඛ්‍යයට සහ පරිසරයට හානිකර, අප්‍රසන්න, යල්පැනගිය ක්‍රමය වෙනුවට වෙන විකල්පයක් යෙදීමට දුම්රිය බලධාරීන් නොසිතන්නේ ඇයි?

ඒ වගේම දුම්රිය මැදිරිත් upholstery cleaner, glass cleaner වැනි දේ යොදා නිතිපතා පිරිසිදුකර තැබීමත් ඔය හැටිම දුෂ්කර දෙයක්ද? විශේෂයෙන්ම දර්ශනීය මාර්ගයක් වන උඩරට මාර්ගයේ විසිතුරු නැරඹීමට, දූවිලි වැකුණු දුම්රිය කවුලු බාදාවක් වියයුතුද?

අපි සාමාන්‍යයෙන් ජාතියක් හැටියට මෙවන් සුළු දේවල් කෙරෙහි නම් එතරම් අවධානයක් යොමු නොකරන බවට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා කවුලුත් ශාක්ෂි දරනවා.













Originally published @ HeyDude in English Language. 
 Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.

124 comments:

  1. අයියේ බ්ලොග් දෙකක් තියෙනවද :-?

    ReplyDelete
    Replies
    1. බ්ලොග් තුනක් තියෙනවා මෙයාට...එකක් ලියවෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන්.

      Delete
    2. ඇත්තෙන්ම කියනවානම් මා බදුල්ලට ගිහිල්ලා තියෙන්නෙ ජීවිතේ එකම එක වතාවයි. ඒ රාත්‍රී තැපැල් දුම්රියේ නිදන මැදිරිය වෙන්කර ගෙන නැසීගිය කිරිඅම්මා සහ ඇයගේ හිතෛෂීන් එක්ක. මේ ගමනට මගේ දෙමාපියන් සහභාගි වුනේ නෑ. ඒ ගමන පුරාවටම නාහෙන අහන්නෙ නැති වයසක හිටිය මා ආරක්ෂාකාරීව නැවත නිවසට ගෙන එන්නට ඇය දැරූ වෙහෙස මට මේ පින්තූර දකිද්දි නැවත නැවතත් සිහිපත් උනා. ඇයගේ නික්ම යාම මට තවමත් විශාල වේදනාවක්...

      පස්සෙ කාලෙක මිත්තරයො එක්ක දුම්රියෙන් නුවරඑළි ගිය අවස්ථාවත් මතකයට ආව. ඒ ගමනත් හරිම සුන්දර එකක්...ඉදිරියේදී ඉඩ පාඩු ඇති විදියට මේ කථා යුනිකෝඩ් බවට පෙරලන්නම්‍ෙ

      දෙමෝදරින් එහාට භූමියේ තියෙන සීඝ්‍ර බෑවුම නිසා කොළඹ ඉදන් ආපු දුම්රිය මාර්ගය කොහොමද මෙතනින් එහාට අරගෙන යන්නෙ කියලා සුදු ජාතික ඉංජිනේරුවරුන්ට උහතෝකෝටික ගැටලුවක් වෙලා තිබෙනවා. ඉංජිනේරු ශිල්පය නිසිආකාරව ඉගෙන ගෙන හිටිය ඒ ඇත්තන්ට විසදුමක් නැති වෙච්ච ගැටලුවට අන්තිමේදී ඒ ගමේ සාමාන්‍ය මනුස්සයෙක් තමයි විසදුම දුන්නා කියලා මම අහලා තියෙන්නෙ. තමා හිස වටා දවට සිටි රෙදිකඩ දක්වා මෙන්න මේ ආකාරයෙන් සීඝ්‍ර බැස්ම ක්‍රම ක්‍රමයෙන් තරණය කර එතනින් එහාට දුම්රිය මග යායුතු බව මේ මිනිසා තමා දන්නා භාෂාවෙන් කිව්වලු. ඒ ක්‍රමය තමයි අන්තිමේදි සුදු ජාතිකයො පාවිච්චි කරලා තියෙන්නෙ.

      ඇත්තටම ඔබට මොකද හිතෙන්නෙ. සුද්දා ආවෙ නැත්තං මේ දුම්රිය මාර්ගය ලංකාවෙ ඉදිවේවිද ?

      Delete
    3. කමෙන්ටුවට මේ කොටස ඇතුලත් කරන්න බැරි වෙච්ච හින්දා ආයෙමත් කොටනවා...මම ඉතාමත් අගය කරනවා ඔබේ මේ ලිපි පෙල...පින්තූර කථා වලට මම කොහොමත් ප්‍රියයි. මේ වගේ කැමරාවකින් පරිගණකයකට ගන්න ඡායාරූප ඔක්කොම වගේ එක්වරම ප්‍රමාණයෙන් කුඩා කරලා තවත් සැකසුම් කරන්න පුලුවන් සරළ මෘදුකාංගයක් ඕනෙද ? කාලය බොහොම ඉතිරි වේවි.

      Delete
    4. එහෙමද අයියේ අපරාදේ මං මගේ කොමෙන්ට් එක දැම්මේ දවල් ඉන්ග්ලිෂ් එකේ, ෆොටෝ ටික නියමයි.. අපිට ඉරිසියාව ඇති කරනවා. turntable එකේ කෝච්චියක් හරෝනව බලන්න ආසාවක් තිබ්බා ඉස්සර ඉදන් ඒක කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ .ස්තුති අයියේ,

      Delete
    5. මම හිතන්නෙ ගල් අගුරු එන්ජින් හරවන්න තිබුනෙ ඒව .....

      Delete
    6. @අපූර්වි: ඔව් සිරා කියනවා වගේ මම බ්ලොග් තුනක් කරනවනේ. අපූර්වි ඉස්සෙල්ලම ගිහින් තියෙන්නේ මගේ ඔරිජිනල් ඉංග්‍රීසි බ්ලොග් එකට. ඒක තමයි මගේ පළවෙනි එක. හුඟක් බ්ලොග් පෝස්ට් වල තිඹිරි ගේ එතැනයි.
      Turntable එකේ කෝච්චියක් හරවනවා බලන්න මාත් ආසයි. මම ඔය වැඩේ කරනවා Train Simulator Game එකේ නම්...:D

      @ සිරා: ස්තුතියි සිරා. කිරි අම්මා ගැන මමත් දන්නවනේ උඹේ බ්ලොගෙන්ම කියවලා. දෙමෝදර කතාව ඇත්ත වෙන්නත් පුලුවන් ප්‍රබන්ධයක් වෙන්නත් පුලුවන් සිරා. දැන් ඔය spiral loop තාක්ෂණය ලෝකේ තව තැන්වලත් පාවිච්චි වෙලා තියෙනවා. ලූප් එකේ overpass එක උඩම ස්ටේෂන් එක තියෙන එක තමයි අපේ දෙමෝදර තියෙන විශේෂත්වය.

      මෙන්න ලෝකේ තාක්ෂණය පාවිච්චි වෙලා තියෙන තැන් සහ එහි තාක්ෂණික පැත්ත ගැන වැඩි විස්තර.

      RAILWAY SPIRALS

      දීපං දීපං ඒ ෆොෆ්ට්වෙයා එක. ඇත්තෙන්ම ෆෝටෝ බ්ලොග් පෝස්ට් එකක් දාන්න මොන කට්ටක් කන්න ඕනෙද කියලා උඹත් දන්නවනේ නේද? මේ එක එපිසෝඩ් එකක් දාන්න කන වෙලාවෙන් නිකම් පෝස්ට් හතරක් විතර ලියන්න පුලුවන් මට.

      සුද්දෝ ලංකාවට ඒම ගැන වෙනම ඉඳගෙන කතා කරන්න ඕනෙ බං. මෙහෙම නෙවෙයි.

      Delete
    7. සුද්දො හදල තිබ්බ කෝච්චි පාරවල් ටිකත් ගලවල දාපු අපේ උං අලුතෙන් පාරවල් හදයි කියල හිතන්නෙ කොහොමද.

      Delete
    8. Apurvi,

      try this (turn table of Badulla),

      https://ca.news.yahoo.com/video/incredible-way-turn-around-train-160504700.html

      Delete
    9. ස්තුතී ඉන්දිකයියේ. මගේ අවුරුදු ගාණක හීනයක් සින් ගාලා සැබෑ වුණා. මාරයි, මං හිතුවේ ඒක කරකවන්නේ මැෂින් එකකින් කියලා බලද්දී මිනිස්සු දෙන්නෙක් නේ අත්වලින් තල්ලු කරන්නේ.

      Delete
    10. තාමත් turn table එකේ හරවනව.නානුඔය station එකේ එන්ජිමේ දිගින් අඩු කොටස ඉදිරිපසට ගන්න එහෙම කරකවනව කියල තම්‍යි අහපු වෙලවෙ කිවුවෙ.

      Delete
    11. ඔය කෝච්චි ඇන්ජින් හරවන උපාංගය තවමත් භාවිතා කරනවා මරදාන දුම්රිය අලුත්වැඩියා කරන ස්ථානයේ...මා වතාවක් දැක්කා දුම්රිය ඇන්ජිමක් හරවන ආකාරය.

      Delete
    12. මරදානෙ කරකවනවෝ.

      Delete
    13. Turntable ගැන updates දුන්න හැමෝටම ස්තුතියි.

      Delete
    14. කෝ කෝ අනිත් බ්ලොග් දෙක. සොයා බලාලා එන්නම් ඩූඩ්.

      Delete
  2. අපුර්වී, turn table එකේ කෝච්චියක් හරවනවා බලන්න එන්න ඇමරිකාවේ Cumberland වලට. එතන ඉඳන් Frostburg වලට යන ගල් අඟුරු කෝච්චියේ එන්ජිම ඔය වගේම turn table එකකින් හරවනව. Please visit
    http://www.wmsr.com/ for more information.

    ReplyDelete
    Replies
    1. thanks ඔයාට. ඒ ෆොටෝ ටිකත් මාර ලස්සනයි, පරිසරය දැක්කමත් ආස හිතෙනවා. නොර්ත් ඇමරිකා යන සිහිනේ ආයෙම අලුත් වෙලා තියෙද්දී ඔයා ඒක තවත් අලුත් කළා ඔන්න,, thanks again

      Delete
    2. ස්තුතියි ප්‍රභාත්. :)

      Delete
  3. ලස්සනයි ලස්සනයි, බොහොම ලස්සනයි. අද තමයි අර දෙමෝදර සින් එක හරියටම දැක්කේ. අපි ගියපු ට්‍රිප් එකේ අපි බන්ඩාරවෙලින් බැස්සනේ. දෙමෝදර අහු උනේ නෑ. ආපහු යන ගමනේදී ෆොටෝස් ගත්තේ නැද්ද ඉතින්?

    ReplyDelete
    Replies
    1. බැටරි බැහැලා වෙන්න ඕනා..

      Delete
    2. නිකෝන් එකේ බැටරි තව සෙට් එකක් තිබ්බා. ඇත්තෙන්ම මේ කොටසේ පින්තූර දාන්න දවස් දෙකේම ඒවා පාවිච්චි කලා. ඒකයි වෙලාව දැම්මේ නැත්තේ. ඒකයි අපි ඇඳං ඉන්න ඇඳුම් හිටපු ගමන් වෙනස් වෙලා තියෙන්නේ.

      Delete
  4. Thanks Machan!
    මා කොමෙන්ටුවක් දාන්න මේ පින්තුර කතාව ඉවර වෙනතුරු සිටියේ. යන්තම් ඇති කියන්න නොවේ. :D අපගේ පොඩි කාලයේ දෙසැම්බර වල හැම අවුරුද්දෙම මේ ගමන ගියා. ඒ ඇයි කියල විස්තර කරන්න යන්නේ නැහැ. උඹ පින්තුර පෙලින් නැවත ඒ අතීත ගමන රැගෙන ගියා. මේ පින්තූර edit කිරිල්ල මට නම් හරිම කම්මැලි වැඩක්. උඹගේ ඉවසිලිවන්තකම අගේ කළ යුතුයි.
    දහසක් වචන එම පින්තූර වල තිබුනා.
    Cheers again!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රයිගම්. ඇත්තටම ෆොටෝස් වලින් බ්ලොග් පොස්ට් එකක් දාන්න පුදුම කට්ටක් කන්න ඕනේ.
      එකක් වෙලාව. අනික මේවා අප්ලෝඩ් කරන්න යන බයිට්ස් ගාන.

      Delete
  5. මමත් බණ්ඩාරවෙලට විතරයි ගියේ.. බණ්ඩරවෙල ඉඳන් බදුල්ලට ඔච්චර ස්ටේෂන් තියනවා කියලා දන්නෙත් අදයි ඕන්...

    මට හරිආසයි අර ගම්බද ස්ටේෂන් එකක ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙලා ඉන්න. හෙන කූල් ජොබ් එකක් වෙන්න ඇති කියලා හිතෙනවා ඒක..

    ඇයි එන්ජින් හරවන ඒවා දැන් භාවිතා වෙන්නැද්ද ? එතකොට කොහොමද එන්ජින් හරවන්නේ ?

    ඇයි අර ෆොටෝ එක ගැන ආඩම්බර වෙන්නේ ?

    "නොබොන සැමියෙක්" කිව්වම එයාට බොන සැමියොත් ඉන්නවද කියලා ප්‍රශ්ණයක් එනවා. ඕක උඹේ අවුලක් නෙමේ භාශාවේ අවුල්ක් කියලා මට හිතෙන්නේ.. වෙන හොඳ විදිහක් තියනවද ඔය අදහස හරියටම ඉදිරිපත් කරන්න...

    දෙමෝදර කතන්දරෙත් අද තමා දැනගත්තේ...

    මේ පින්තූර අර කැම්බල් මහත්මයා ගත්තු ඒවා වගේ තව දශක දෙක තුනක් ගියාම හරි වටිනවා.. පරිස්සම් කරලා අරන් තියා ගනින්...

    අවසාන වශයෙන් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. එන්ජින් හරවන්නෙ නෑ බ්‍රදර්... ඒ මල ඉලව් දෙපැත්තටම වැඩ

      Delete
    2. හරි, දැන් තමා මතක් වුනේ අර එන්ජින් වල වෙලාවකට දිග පැත්ත ඉස්සරහට තියනවා, වෙලාවකට කොට පැත්ත ඉස්සරහට තියනවා. (ඩ්‍රයිවර් කැබින් එකේ ඉඳන් ) හේතුව ඒකයි එහෙනම්.. ස්තූතියි..

      Delete
    3. බලං ගියාම සෙන්නො තෝ දන්නේ කොහේ හරි තියෙන විත්තරපටියක් බලාගෙන කතාවක් ලියන්න විතර නේ.. අනේ මෙහෙමත් බෝතලේ පැතේතේ කෝච්චි වල ගියපු උන්.. හැක්...

      Delete
    4. දේශකයා,

      මම සාමාන්‍යයෙන් මට අදාල නොවන දේවල් ගැන එච්චර කරදර වෙන පොරක් නෙමේ.. කෝච්චි එන්ජින් හරවන්න ඕනද නැද්ද කියන එක මගේ ජීවිතය පවත්වා ගැනීමට බලපාපු දෙයක් නෙමේ ඉතින් මම ඒ ගැන එච්චර හිතන්නවත්, හොයන්නවත් ගියේ නෑ.. කෝච්චි එන්ජින් හරවන රවුම් මම මරදානෙදි, දෙමටගොඩදි අනන්තවත් දැකලා තිබුනා.. මම හිතුවේ ඒවා තාම පාවිච්චි කරනවා කියලා.. ඒ හිතුවිල්ලත් එතනින්ම නතර වුනා.. ඔය බලාගෙන ලියපු කතාත් එහෙමයි.. ඒ වෙලාවට බැහැලා විස්තර හොයලා ලියනවා.. ඊට පස්සේ අමතක කරලා දානවා.. ඕක තමා මගේ ක්‍රමේ.. මේකෙන් ඇත්වෙලා ටික දවසක් හිටියොත් දේශකය කියලා එකෙක් හිටියද කියලත් මට අමතක වෙයි.. හෙහ් හෙහ්.. Simple, trouble free living style...

      Delete
    5. එන්ජිමේ කොටපත්ත ඉස්සරහට සිටින සේ දාවනය ඉස්සර අනිවාර්ය දෙයක්. ලු

      Delete
    6. මේ තියෙන්නෙ ලංකාවේ එන්ජින් කරකව සීන් එකක්...http://youtu.be/1qdbaKxI87o

      Delete
    7. සෙන්නා ...මරදාන දුම්රිය අළුත්වැඩියා අංගනයේ තියෙන දුම්රිය හැරවීමට භාවිතා කරන උපාංගය නම් තවමත් භාවිතා කරනවා.

      Delete
    8. එන්ජින් දෙපැත්තටම ධාවනය කරන්න හැකියි. ඒත් රියදුරු ගේ පහසුව තකා අවශ්‍යනම් අර වැනි තැනකදී එන්ජිම හරවාගන්නත් හැකියි.

      Delete
    9. පොඩි පොඩි ස්ටේෂන් ගණනාවක් තියෙනවනේ සෙන්නා වැඩිය අහන්න ලැබෙන්නේ නැති.
      මමත් ආසයි ගම්බද ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙන්න. උගන්නනවට වඩා ඔය ඕනෙම එකක් හොඳයි බං. :D
      Turntable තාම භාවිතාවෙනවද නැද්ද කියලා මම දන්නේ නැති නිසා තමයි මම ඒගැන මොකුත් නොකියා හිටියේ. නමුත් හුඟ දෙනෙක් කියලා තියෙනවා නේද කමෙන්ට් වල ඒගැන?
      ඒ ෆෝටෝ එක ගන්න අමාරු එකක්. එකක්, ඒකට කලින් ලෑස්ති වෙලා ඉන්න ඕනේ. අනික බෝඩ් එක පහුවෙනකොටම ගන්නත් ඕනේ. ඕනෙවට වඩා ලං වුනාම බෝඩ් එක මිසක් පරිසරය පේන්නේ නෑ බෝඩ් එකට වැහිලා. මම හිතන්නේ වෙච්ච මහන්සියට දුක නැති වෙන්න ඒ වැදගත්ම ස්ථානේ ෆෝටෝ එක වැදිලා ටියෙනවා. ඒකයි ආඩම්බර.
      නොබොන සැමියා ගැන කතාව උඹට තේරුණානේ. ඒ ඇති.
      දෙමෝදර ගැන අහලා තිබ්බට හරියට ඔලුවට ගියේ අද තමා මගෙත්. ඕක අර කලින් වතාවේ දැක්කට අපි කට්ටියක් එක්ක ගිය නිසා එච්චර නිදහසක් තිබ්බේ නෑ.
      ඔව්. ඔය වගේ ෆෝටෝස් තව හෙන ගොඩක් තියෙනවා සෙන්නා.
      උඹටත් ස්තුතියි මේ දිග කමෙන්ට් එකට.

      Delete
    10. ඒ වුනාට මේ ෆොටෝ ඔක්කොවන්ගෙන්ම හොඳම එක අර ගිය පාර, එහා කෝච්චියෙ ගිය කටිටියගෙ එකක් දාලා තිබුනේ.. ඒක සුපිරියි...

      Delete
  6. දුම්රිය සේවයේ බෝජනාගාර වැසිකිලි කැසිකිලි සහ පිරිසිදුකම වර්ථමානයට ගැලපෙන ලෙස වෙනස් කරගත්තොත් මීටත් වඩා සංචාරකයින් ගනනක් ආකර්ශනය කරගැනීේම හැකියාව දුම්රියට තිබෙනවා කියල මට හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම විශ්වාස කරනවා අමිල.
      භෝජනාගාරේ ප්‍රශ්ණේ අපි යනකොට ඒකේ ටෙන්ඩර් ඉවරවෙලා වහලා. එහෙම නැතිනම් ඔය කෝච්චියේ කෑම සාධාරණ මිලකට, හොඳ තත්ත්වයේ තියෙනවා මම දන්න තරමින්.
      පිරිසිදි කම ඇත්තෙන්ම ඉස්සරට වඩා හොඳයි. නමුත් තව දියුණු කරන්න පුලුවන්. අර මම අන්තිමට පසු වදනේ කියලා තියෙන්නේ ඒකයි.

      Delete
  7. එහෙනම් අපේ ගමට ඇවිත් හොරෙන්ම ගියා , මම ඩූඩ්ගේ මේ ලිපි ටික ඉවරවෙනකං බලන් හිටියේ , මේ පින්තූර හැම තැනක්ම අපි ඇස දෙකෙන් දැකපු තැන නිසා , කොහොම වුනත් කොළඹ ඉඳන් කෝච්චියේ ගමන මම නම් ඉතාම කම්මැලි දෙයක් , නමුත් පාසල් නිවාඩු හැම එකකටම වගේ කෝච්චියෙන් ඔය කියන හැම ස්ටේෂමකටම යන එක අපේ පුරුද්දක් , ඔහිය ස්ටේෂන් එකෙන් බැහැලා පුරුදු පාර දිගේ යන්නේ නැතුව ලොකාන්තෙට යන කැලෑ පාරේ ගමන් තමයි ඒ අතරින් ජනප්‍රියම එක .

    දෙමොදරට කොච්ච්චියේ ගිහින් ස්ටේෂම ලඟින් පහලට බැහැලා ගඟ දිගේ ආපහු බදුලු යන එක තව ට්‍රිප් එකක්, බණ්ඩාරවෙල ඉඳන්ම ඇල්ල, හල්පේ,දෙමෝදර , උඩුවර , හාලි ඇල මේ හැම තැනකම යාළුවොන්ගේ ගෙවල් තිබ්බ නිසා කෑමබීම ගැන කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නෑ, මේ හැම ගමනක්ම ගියේ අතේ රුපියලක්වත් නැතුව . හදිසියේ අතක් පයක් සීරුනත් ප්ලාස්ටරයක්වත් ගන්න සල්ලි නෑ එකෙක් ළඟවත්,

    දවසක් කැලෑ පැනලා ආපහු එනකොට පට්ටිපොලදී කෝච්චිය මිස් වුනා , පට්ටිපොළ ස්ටේෂන් එකේ රෑ හිටියේ , සීතල කියන්නේ බුදු අම්මේ ඒ ගුලිවෙච්ච හැටියට රුපියල් දෙකේ ටිෂු බෑග් එකක දාගෙන යන්න පුළුවන් . ඔය ඩූඩ් කියා කතාව ගැන මාත් ඉස්සර හිතුවා , මොකද මේ මිනිස්සුන්ට වීදුරු තරමක් විශාලව තියෙන මැදිරි කීපයක් එකතුකරන්න් බැරි ඔය දුම්රියට කියලා , මොකද මම අත්විඳපු දෙයක් තමයි මිනිස්සු හරිම ආසයි මේ ගමනට , බොහෝ දෙනෙක් මේ සුන්දරත්වය වින්දින්නම මේ ගමන යනවා ,

    නවාතැන් නම් ඒ තරම් ඉහල මට්ටමේ නෑ ස්ටේෂම අවට, ඔය ස්ටේසහමේ ඉඳන් ටවුන් එකට යන්න තියෙන පාලම වැහෙන්න වතුර දැම්මා කිව්වොත් ඩූඩ් විශ්වාස කරනවද?

    ReplyDelete
    Replies
    1. ඔහිය කිට්ටුව ඉතාම සුන්දර නිවාඩු නිකේතනයක් තියෙනවා කියලා වතාවක් මට වෙනී අයියා කිව්වා..පරණ බංගලාවක් වගේ තැනක්...උදෑසන 6 විතර වෙද්දි වලාකුළු යන්නෙ එතැන මිදුල උඩින්ලු...ඉවාන් දන්නවද මේ කියන තැන...ලංකාවට පැමිණි දවසක යන්න ආසයි එතනට...

      Delete
    2. මොකටද බං කාටවත් වාත කරන්නේ?

      ඇත්තෙන්ම අපි රෑ ටවුමේ පාරක් ගානේ ඇවිද්දා. කෑම ගත්තේ අර රුහුණු හරි මාතර හරි කියන මහා ව්‍යාපාරයෙන්. ඒකෙම බේකරියකුත් තියෙන්නෙ. ගෑණු කෙනෙක් තමයි රන් කරන්නේ. බොහොම තද පාලනයක් වගේ පෙනුනේ.

      නවාතැනේ නම මට මතක් නෑ. ඒ කාඩ් එකත් ලංකාවේ දාලා ආවනේ. නමුත් මෙහෙමනේ ඉවාන්. එතන ගෙවන මුදලට වටිනවා කියලා මම හිතෙනවා. අනික අපි එහෙම තරු පහේ තැනක පහසුකම් බලාපොරොත්තු වෙන්නෙත් නෑනේ ඒ වගේ තැනකින්. නමුත් සමහර තැන් තියෙනවා අනුරාධපුරේ හෙම, බුදු අම්මෝ. ඇඳන් කිළු‍ටුයි. මදුරුවෝ පිරිලා. මදුරු දැල ඇතුලේ මකුළු දැල්. ටොයිලට් එක ටයිල් තියෙන ඒවා නෙවෙයි තෙත් අඳුරු ගුහාවල්. ඒ මදිවට එකම ප්ලග් පොයින්ට් එකක්වත් නෑ ඔක්කොම ගලවලා ඉන්න ගෙස්ට්ලා හොරෙන් උයාගෙන කනවා කියලා හොට්ප්ලේට් හෙම ගහගෙන. අපිට දවසක් ඕකෙත් ඉන්න උනානේ බං වෙන තැනක් නැති නිසා.

      ඒ අතින් බදුල්ලේ තැන නියමයි.

      වෙන්න ඇති. ගංවතුර ගැලුවාම ආයි කොහෙන් යයිද කියන්න බෑනේ.

      Delete
    3. ඔය කියන්නේ රුහුණු හෝටලේ, අපිත් නිතරම යනවා ,කෑමට වැඩ අපේ පන්තියට පන්ති යක් විතර උද පන්තියක හිටපු මුදලාලි නෝනගේ දුව බලන්න , අප්පා ඒ කාලේ ඩයනා වගේ

      Delete
    4. සිරා - කීපයක්ම තියෙනවා වෙනියා මොන එක ගැනද දන්නේ නෑ කිව්වේ , හැබැයි අපින් අම කවදාවත් ඕවයේ නැවතිලා ඉඳලා නෑ, ගෙදර ඉඳන් ගියා අපහු ගෙදර ආවා

      Delete
  8. ඇන්ජිම දාල කරකවන අයිටම් එකක් පොල්ගහවෙල තියේ මං පහුගිය දවසක පළවෙනි වතාවට වගෙම අන්තිම වතාවටත් දැක්ක ඒකත් මහ පික්ෂු හැදෙනවැඩක්.. ඒමයි කීවට ඒම මත් නෑ...
    අර දාල තිබ්බ රතු පාට පෙට්ටි නං වැඩුපුරම යූස් වෙන්නෙ නාවල පිටියෙන් එහාට කියල තමා මට මතක.... මං හැටන් වලට මිසක් එතනිං එහාට ගිහිං නෑ... ඒත් ලංකාවෙ දිගම දුම්රිය බිංගෙය සාමිමලේ බලන්න නං ගියා... හැටන් පහු කොලාම හම්බෙන පස්ට් එක නෙව පයිංම ඇද්ද

    ReplyDelete
    Replies
    1. ඉතින් යන්න එපායැ මහේෂ්. අනික පොල්ගහවෙල නේද ඉන්නේ? හැටන් වලට එහා යන්නම ඕනේ හැම ලාංකිකයෙක්ම මම හිතන්නේ,

      එන්ජිම කරකවන ඒවා ගැන ඔන්න කට්ටිය දාල තියෙනවා විස්තර.

      Delete
  9. නගාරන්තර සිගුිගාමි දුමිරියද? කොලබින් පිටත් වෙනකොට අපි ඉදගන්න ඔානේ කොයි පැත්තේද? නුවරට ගිහින් බදුල්ලට යනකොට පැත්ත වෙනස් වෙනවාද?

    ReplyDelete
    Replies
    1. පේරාදෙණියෙන් දකුණු පැත්තට වෙන්න තියෙන දුම්රිය මාර්ගයේ තමයි බදුලු දුම්රිය ධාවනය වෙන්නෙ මට මතක විදියට.

      Delete
    2. @සිරා,
      …මේ අහන්නෙ කෝච්චියෙ කොයි පැහ්තෙද වාඩිවෙලා යන්න වඩාත් හොඳ කියලා..

      Delete
    3. ඔය ප්‍රශ්ණෙට උත්තර දෙන්න මට නම් අමාරුයි. ඒකට හේතුව අපි අර වෙන්කරපු ආසන ගත්තයින් ඒවාට කවුරුවත් පොරකන්නේ නැතිනිසා නිදහසේ දෙපැත්තෙම ගියා. හිටගෙන, ෆුට්බෝඩ් එකේ, වෙන හිස් සීට්වල වගේ.

      ඉඳහං බලන්න. අපි නුවරට යනකල් ඉඳං ගියේ දකුණු පැත්තේ. නුවර ඉඳලා ආපස්සට යන නිසා අපි හිටියේ වම් පැත්තේ. ඉතින් අපි හිටපු පැත්ත හොඳයි.

      Delete
  10. කියන්න වදන් නැහැ උපරිමයි. නවාතැනේ නම සහ දුරකථන අංකය දෙන්න හැම කෙනෙකුටම වටිනවා.

    ReplyDelete
  11. වෙලාසනින් ආසන වෙන්කිරිමක් කරාද?

    ReplyDelete
    Replies
    1. ඔව් වෙන් කලා. නමුත් ඒවා තුන්වන පන්තියේ. . දෙවෙනි පන්තිය ගන්න මාසයකටද කොහෙද කලින් වෙන් කරන්න ඕනෙ.

      නවාතැනේ කාඩ් එක අපි ලඟ දැන් නෑ. ඒක ගෙදර. නම මතකත් නෑ හරියට. ස්ටේෂන් එකෙන් එලියට ගිහින් ටවුම පැත්තට නෙවෙයි දකුණට හැරිලා පොඩ්ඩ දුරක් ගියාම වම් පැත්තේ තියෙනවා. හැබැයි එතන අපිට හොඳ වුනාට අනිත් උන් ඊට වඩා දේවල් බලාපොරොත්තු වෙයිද දන්නේ නෑ.

      Delete
    2. ස්තුතියි..ස්තුතියි

      Delete
  12. උඹ නං මාර කැපවීමෙන් කරපු පෝස්ට් පහක් තමා මේ... අවසානයේදි තමා කතා කරේ.. අනිත් ඒවා පොටෝ කතා..

    ස්තුතියි සෑර්.. කාර් වලට බෆර් නෑ කිව්වට ටොයෝටා ලංකා එකත් ඇස්ටිමේට් එකේ දාන්නේ ෆ්‍රන්ට් බෆර් කියල තමා. අනිත් ඒවා කෝමද මන්දන්නෑ.

    අනිත් කාරනේ කෝචිචියේ ක්ලීන්ං පිළිබදව. උඹ කියන කතාව හරි කොයි තරං අතුපතු ගෑවත් වින්ඩෝස්, ප්‍රේම්ස් වගේ තැන් ක්ලීන් කරන්න හොද ක්‍රමවේදයක් තිබුන නං කොච්චි මේ තරං සවුත්තු වෙන්නෑ. ලී වගේ නෙමෙයි දැන් ඔක්කෝම ෆයිබර් නිසා කුනු එකතු උනාම සුද්ද කරන්නත් බෑ වටේටම පැතිරෙණවත් එක්ක.

    මරු බං.. මේක බලන කෙනෙකුට ආසා හිතෙනවා යන්න... චියර්ස් මචා...

    ReplyDelete
    Replies
    1. ඔව් දේශකයා. මම මේකට පුදුම කට්ටක් කෑවා. අන්තිමට මට අර කොටි වලිගේ අල්ලගත්තා වගේ වැඩක් වුනේ.

      දේශකයෝ, මම කියන එක අහපංකෝ. බෆර් තියෙන්නේ කෝච්චියේ. බම්පර් තියෙන්නේ පාරේ යන වාහනවල. ඔය වගේ ජනගහනයෙන් වැඩි පිරිස වැරදියට කියන තව ඒවා තියෙනවා. නමුත් එහෙමයි කියලා වැ‍රැද්ද නිවැරදි වෙන්නේ නෑ.

      ඔව් බං. වැඩියෙම අර ඇලුමිනියම් ජනෙල් රාමු ඇතුලේ තියෙන කුණු තට්‍ටුව තමයි කැත. ඇයි ඔය නිල් පාට සීට් කලු නාවර ඇලීගෙන එන්නේ. ඕක සුද්ද කරන එක මහ ගේමක්ද බං?

      ඉතිං උඹත් පලයං දේශා ගෙදර උනුත් එක්ක.

      Delete
  13. චාරිකා සටහන් ලියන්න අපූරුම ක්‍රමයක්නේ මේක මං මේක නම් කරනවා පිංතුර චාරිකා සටහන කියලා. කතා කරන පිංතුරවලින් සම්පූර්ණ චාරිකා සටහනක්. අපේ බදුලු ගමන් කීපයක්ම මතක් වුණා. අර ඉදල්ගස් හින්න කියන්නේ කාලයක් අපේ ගෙදර වගේ තිබ්බ තැනක්. එහි ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති වරයා වුණේ අපේ ගමේ මිත්‍රෙයක්. ඉතින් නිවාඩුවට දින ගණන් එහේ තමා. හපුතලේට ඩක්කුවේ යනවා පයින් එනවා එකම රස සාගරයයි.

    ReplyDelete
    Replies
    1. ඔය ඩක්කු හෝඩි පොතේ තමයි මම දැකලා තියෙන්නෙ..සැබෑ ජීවිතයේදි දැකලාම නෑ...ඒකට ඇන්ජිමකුත් තියෙනවද ?

      Delete
    2. https://www.youtube.com/watch?v=76PDv1NWbZQ

      Delete
    3. ඔන්න හරි දාල තියන ලිංකුවෙන් ගියානං ඩක්කු පැද්ල්ල තේරුම් ගන්න හැකියි. එහෙමත් නැත්තං කෝච්චියක අන්තිමට කඹයකින් ගැට ගහලා කන්ද පැත්තට එනවා.

      Delete
    4. අප්පට සිරි ඩක්කුවක් දැකල නැද්ද. කෝච්චියක් එන කොට උන් ලෑල් අරන් ගලවල පැත්කින් තියලා අර රෝද කට්ටල් දෙකත් ගලවල පැත්කකින් තියනවා කෝචිචයට යන්න ඉඩ දෙන්න. දැන්නං ඩක්කු නැැහැ පොඩි යන්ත්‍රයක් නේ තියෙන්නේ.. අගේ ගේ ඉස්සරහ රේල් පාර. ඒ දවස් වල පාර හදන කොට ඩක්කු නිතරම යනවා එනවා. මං ඩක්කුවේ ගිහිලල්ත් තියේය.. ලීවරයක් ඉස්සරහට පස්සට ඇදල තමා ඒක යන්නේ..

      Delete
    5. හෝඩි පොතේ ඩක්කුව තිබ්බේ ඩයන්නටද බං?
      මේ ලඟදි FB එකේ තිබ්බා දැන් alphabet එක උගන්නන්න ගන්න ඕනෙ වචන සෙට් එක.
      A-Apple, B-Bluetooth, C-chat, D-Download, E-E-mail, F-Facebook, G-Google, H-HP,I-Phone, J-Java, K-Kingston, L-Laptop, M-Messenger, N-Nero, O-Orkut, P-Picassa, Q-Quick Heal, R-Ram, S-Server, T Twitter, U-USB, V-Vista, W-WiFi, X-XP, Y-You Tube, Z-Zorpia

      Delete
    6. ඒකත් නරක නෑ..නැගලම යයි

      Delete
    7. හරීට ස්තූතියි...ඕවා දැකලා තියෙනවා...ඕකටද ඩක්කුව කියන්නෙ...මම හිතාන උන්නෙ වෙන ගැජට් එකක්....දැන් කෝච්චි කෝච්චිත් හැප්පෙන එකේ ඩක්කුවට වංගුවකදි කොහොමද කෝච්චියක් සැට් උනාම මුහුණට මුහුණ....ආතොල් කන් දෙකෙන් බේරෙයි.

      Delete
  14. ලොක්ක නැවතුන තැන දුක අරන් ආවෙ නැද්ද.ලගදිම යනව මම ඕ ටෙස්

    ReplyDelete
    Replies
    1. ඩුඩ් දන්නවද.උඩරට දුම් රිය මාර්ගයෙ හැරුනම ලන්කාවෙ තියෙන එකම බිම්ගෙය තියෙන්නෙ ගාල්ලෙ.

      Delete
    2. ඔන්න ඔය උඩ කමෙන්ට් එකක මම දැම්ම දමිත් ඔය ගැන. උඹලට ඒක හොයාගන්න පුලුවන්.

      >>නවාතැනේ කාඩ් එක අපි ලඟ දැන් නෑ. ඒක ගෙදර. නම මතකත් නෑ හරියට. ස්ටේෂන් එකෙන් එලියට ගිහින් ටවුම පැත්තට නෙවෙයි දකුණට හැරිලා පොඩ්ඩ දුරක් ගියාම වම් පැත්තේ තියෙනවා. හැබැයි එතන අපිට හොඳ වුනාට අනිත් උන් ඊට වඩා දේවල් බලාපොරොත්තු වෙයිද දන්නේ නෑ.<<

      ඇත්තට? මම ඒ බවක් දැනගෙන හිටියේ නෑ.

      Delete
  15. හම්මේ මේ ටික කියෝල මාත් නිකං දැං බදුල්ලෙ වගේ ඉන්නෙ.
    ඇත්තටම මේක වෙනස්ම අත්දැකීමක් බ්ලොග් වලට. වැඩියෙන් පින්තූර දාල තියෙන එකෙන් බලන එකාටත් කෝච්චියෙ යනව වගේ හැඟීමක් ඇතිවෙනව.
    ඔහිය සහ පට්ටිපොල කියන්නෙ හෝටන් යන්න තියෙන පාරවල් දෙකේ අහුවෙන ස්ටේෂන්. ඔහිය ළඟින්ම නගින්න තිබුණත් නුවර එළිය පැත්තෙන් යනකොට පට්ටිපොල ස්ටේෂම පහුකරල අඹේවෙල පැත්තෙන් ටිකක් දුර යන්න ඕන.
    කොහොම හරි ට්‍රයි එකක් දීල ඔය ගමන යන්න බලන්න ඕන. බදුල්ලෙ නවාතැන් ගැනනං ප්‍රශ්නයක් නෑ. මොකද ගොඩකවෙල මම දන්න කට්ටිය ටික දෙනෙක් සහ අපේ නෑදෑයො වෙන දෙන්නෙකුත් බදුල්ලෙ ඉන්න නිසා.

    එහෙනං අපිව බදුල්ලෙ එක්ක ගියාට බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද බං. මම උඹව කර තියාන ගියායැ. උඹ ෆුට් බෝඩ් එකේනේ ගියේ.

      ඇත්තෙන්ම එහෙම වෙලාව තියෙනවනම් උඹලට තව තැන්වලත් ඇවිදින්න යන්න පුලුවන්. අපිට වෙලා තියෙන්නේ සති හයක විතර කාලයකට අසීමිත දේවල් කරන ප්ලෑන් එකක්නේ. ඉතින් අපිට එහෙම වෙලාව නෑ. ඇත්තෙන්ම අපි ගෙදර ඉන්නත් ආසයි කොහෙවත් නොගිහින්. නමුත් එහෙම ඉන්න ලැබෙන්නේ නෑ දවසකට දෙහෙකට වඩා.

      Delete
  16. උඹෙ මේ පොස්ට් එකේ අගට මගෙත් බදුලු ගමන්වල අත්දැකීම් එකතු කරන්න උන්නෙ. ටිකක් දිග කමෙන්ට් එකක් වෙයි වගේ. ඒ නිසා හවහට දාන්නං.

    ReplyDelete
    Replies
    1. කෝ බං ඉන්දික ඒ කමෙන්ට් එක? මමත් මේ උඹ ඒක දානකල් බලාහිටියේ. මම කැමතියි උඹේ constructive comments වලට.

      Delete
    2. බොහෝ අය අකමැති, ඉඳහිට එක දෙකෙක් කැමති මගේ කමෙන්ට් එක එහෙනං මෙන්න ( සතුටුයි උඹ කැමති වීම ගැන :D ).

      ඔය බදුලු කොළඹ ගමන, අඩු ගානෙ කොළඹ බන්ඩාරවෙල වෙනකල්වත් මම ගිය ගාන මටත් මතක නෑ. ඒත් ඒ මම ඔය පළාතකපදිංචි කරුවෙකුත් නෙමෙයි.

      ඉතින් උඹ ඔය ගමන ගිය බව, ඒ ගමෙනෙ පින්තූර දාන බව දැක්කම පරණ යාළුවෙක් කලෙකින් හම්බවුනා වගේ සතුටක් ඇති උනේ.

      මම හිතන්නෙ නෑ ජාලෙ මේ ගමන ගැන මේ තරම් සවිස්තර පින්තූරු එකතුවක් තව ඇති කියල. උඹ ඔය පින්තූර ටික එක්ක පෝස්ට් එක ලක්දසුන් ට්‍රිප් රිපෝර්ට් ෆොරම් (http://www.lakdasun.org/forum/index.php?board=4.0 ) එකට ලියපන්.

      මම මුලිම්ම ඔය ගමණ ගියෙ අසූ තුනෙදි හරි අසූ හතරෙදි හරි. මගේ චරිතෙ හොඳ නිසා හාලි ඇල බෝඩින් ස්කූල් එහෙකට දාන්න ගිය ගමණ.
      ඒ ඉස්කෝලෙ තමයි අපේ අම්ම ඉගෙනගෙන තිබ්බෙ, සහ ඒ කාලෙ බදුල්ලෙ හිටපු සිංහල බෞද්ධ ලොකු බුවාල එහෙම ඉගෙන ගෙන තිබ්බෙ. ඉතින් මාව උපශාන්ත කරන්න හිතන් තමයි එහෙ එක්ක ගියෙ. ඇත්තටම ඒ ඉස්කෝලෙ කෙල්ලොත් හිටිය නිසත්, නිවාඩුවට කෝච්චියෙ අර සුන්දර ගමණ කෝච්චියෙ එන්න ලැබෙන නිසත් මම කැමති උනා යන්න.

      ඉස්කෝලෙට ගිහින්, විදුහල්පති හාමුදුරුවො හම්බු වෙලා, මාව දාන වැඩේ ලෑස්තිකරගෙන, අපි කොළඹ ආව. ඇවිත් ආයි ඊලඟ නිවාඩුවට ගියා නවතින දේ සහ තවත් දේ පිලිවෙලක් කරගන්න කියල. ආයි අර සුන්දර කෝච්චි ගමණ. අපොයි, කරුමෙක මහත. මට ඉතින් මගෙ කැමැත්ත ඇතීඋනු කෝච්චිය නිසම ඒ ඉස්කෝලෙ යෑම එපත් උනා.

      උනේ මේකයි, අපි දෙවනි පාර යද්දි ඔය කෝච්චි පාරට පස් කන්දක් වැටිල නානු ඔයෙන් කෝච්චිය නවත්තල.

      ඉතින් නානු ඔය ඉඳන් බන්ඩරවෙලට යන්න තිබ්බෙ රේල්ලුවෙම්ම දීපු බස් වල. අපි ගියෙ නයිට් මේල් එකේ. හොඳට නිදන් ඉඳල, පන්දරම සීතලේ නානුඔයෙන් බැහැල, අර ටාට සීටීබී බස් වල බඩගින්නෙ ගැස්සි ගැස්සි හිටගෙන කඳු පාරවල් දිගේ බන්ඩාරවෙලට ගියා ජීවිතේ එපාම කරපු ගමනක්. ඒ ගමනෙදිම හිතා ගත්ත "අම්මෝ මම මේ ඉස්කෝලෙට යන්නෙ නෑ කියල, ඉතින් එච්චරයි.

      ඒ කතාව එතනින් ඉවරයි.

      ඒත් පස්සෙ මම බෞද්ධ සම්මේලනේ ඉන්න කාලෙ මගේ ඒරියා එකක් තමයි ඔය උඩරට. දියතලාවෙ, බන්ඩාරවෙල, බදුල්ල කියන්නෙ මම සම්භන්ධීකරනය කල ශාඛා. ඉතින් මාසෙකට සැරයක්, සමහරවිට කොඩි දින වගේ දේට සතියකට වරක් අපි ඔය රවුම යනව.

      ඒ ආගිය ගමන් වල තරම කියන්නෙ ඒ කාලෙ මට ඔය ගම්පොලින් උඩහට ස්ටේෂන් ටික කට පාඩම්.

      ඒ කොච්චර ගියත් ඔය ගමන මට එප වෙලා නෑ. එක පාරක් මායි යාලුවො දෙන්නෙකු නිකන් හිතුන, ඇඳුම් දෙකතුනක් මල්ලක දා ගත්ත බදුලු ගියා කෝච්චියෙ. තව පාරක් අපි තුන් දෙනෙක් යන්න ගිහින්, කෝච්චිය එනකල් මලක් ඇද්ද කොටුවෙ කෙරෝලෙ වේදිකාව. මලේ පවර් එකට හරි ෆ්ලැට්ෆෝම් එකට එන්න පඩි නගින්න අමාරු හින්ද ගමන ෆුල් රැයක් කල් දාල උදේ කෝච්චියෙ ගියා.

      තව පාරක් අර කලින් කියපු "එක ෆොටෝ එකක් විතරක් තිබ්බ බදුලු කෝච්චියෙ ඔබස්වේෂන් එකේ ගමණ" ගියා.

      තවත් සැරයක් මම බන්ඩාරවෙලින් කොළඹ එන්න ඉන්නකොට සෙන වැඩි නිසත් කෝච්චිය පරක්කු නිසත් ගමේ කෝච්චියක පහලට ගියා, තනි ට්‍රැක් එකනෙ, මාරුවෙනකොට පනිනව ඒකෙන් මේකට කියල. ඒත් කරුමෙට හාලි ඇලේදි මාව තියල අරක පිඹගෙන ගියා 

      තවත් පාරක් ඔහියෙ ස්ටේෂන්මාස්ටර් හිටපු යාලුවෙකුගෙ මාම කෙනෙක් හින්ද එහෙ ගිහින් ඔහියෙ ඉඳන් පයින් ලෝකාන්තෙ ගියා. අන්තිමෙදි පාර වැරදිල කෝච්චි පාරකට වැටිල හොයාගෙන පැය ගානක් හීතලේ බඩගින්නෙ ඉඳල චාටර්වෙලා කෝච්චියෙම්ම යාලුවගෙ ගෙදරට ගියා.

      ඔය වගේ තව අටෝරාසියක් මතක ඔය පාරෙ තීනව. ඒත් ඒ සීරටම වඩා වටින, ලේසියෙන් කෙනෙකුට නොලැබෙන වටිනම අවස්ථාවක් තීනව.

      එක පාරක් අපි ( මායි තව එකෙකුයි ) බන්ඩාරවෙලින් නැග්ගෙ අන්තිම පෙට්ටියට. සාමාන්‍යෙන් ඔය අන්තිම ගාර්ඩ් පෙට්ටියෙ අග ඉන්නෙ ගාර්ඩ්ල. තුන්වෙනි පන්තියෙ සීට් ඊට කලින්. ඒත් එද වෙලා තිබ්බෙ මේ පෙට්ටිය අනික් පැත්ත අමුනල. එතකොට ගාර්ඩ් නෙමෙයි, මිනිස්සු ඉන්න භගෙ තමයි අග.

      එතකොට අර පෙට්ටියෙන් පෙට්ටිය මාරුවෙන්න තීන දොර ඇරියම කෙලිම්ම බිමට, රේල්පාරට.

      මායි මගෙ යාලුවයි කරේ ඒ දොර ඇරල, එතන වාඩිවෙලා ආ එක. අපි එතකොට තුවෙනි පන්තිට්යෙ ඔබ්සර්වේෂන් සැලුන් එහෙක :D ඉතින් අවට දර්ෂනේ හොඳ එකෙම්ම පේනව. ඒත් එකම විතරක් නෙමේ ආතල් එක. එදා ඉතාම ලස්සනට හඳ පායපු පෝය රැයක්. වැහි වළාකුලු නැති පැහැදිලි අහසක්.

      නිකන් හිතහන්. ඔය උඹල දැක්ක සුන්දර පරිසරය, කෝච්චි පෙට්ටියෙ අගම ඉඳන්, දොර ඇරගෙන ෆුට් බෝර්ඩ් එකේ, හඳ පායපු රෑකට දකිද්දි තියෙන්න පුලුවන් දර්ශනය ගැන.

      තව කතා ගොඩක් තීනව. ඒත් මේක බොරින් වෙන නිසා අපි ඒ ගැන හම්බ උනු දාක කතා කරමු. මේ පාර නිවඩු අවම එක්ස්පොරේල් එකේ බදුලු යන්න හිතන් ඉන්නව. ඒ ගියොත් උඹට මඟෑරිච්චි දියඇලි ටිකට මොකද උනේ කියල බලාගන්න පුලුවන් වෙයි.

      බොහොම ස්තූතියි මචෝ මේ පෝස්ට් සෙට් එකටම!

      Delete
    3. පට්ටම කමෙන්ට් එකක්.

      ඇත්තෙන්ම පරණ යාලුවෙක් ඇතුවුනාවගේ උගුර පොඩ්ඩක් හිටවෙන අත්දැකීමක් තමයි මටත් තියෙන්නේ කෝච්චියක් දකින ගානේ. ඒක ඒ තරම්ම ආත්මයට බද්ධ වෙලා බං.

      ලක් දසුන් කියන එකට මම ලිවීම කෙසේ වෙතත් එතන හොඳ සංචාරක සටහන් ඇතිය කියලා මම විශ්වාස කරනවා උඹ රෙකමෙන්ඩ් කරපු විදියෙන්. ගිහින් බලන්න ඕනේ. ඔය වගේ තොරතුරු අපි වගේ පාරෙම ඉන්න උන්ට කොයි තරම් වැදගත්ද කියලා උඹ දන්නවා ඇති. උදාහරණයක් විදියට මේ දවස් වල අර පොල් අතු බත් කඩේ, එතකොට වල් ඌරු මස් හෙම ගැන තොරතුරු ඇතුලත් කමෙන්ට් තියෙන පෝස්ට් එක මම සේව් කරලා තියාගන්න හිතා ඉන්නේ අනාගත ප්‍රයෝජනය සඳහා. :D

      උඹ අර ඒ ඉස්කෝලෙ කෙල්ලොත් හිටිය නිසත්, නිවාඩුවට කෝච්චියෙ අර සුන්දර ගමන එන්න ලැබෙන නිසත් උඹ කැමති උනා කිව්වම මට ආයෙම හිතුනා මම කියන්නම කැමති, නමුත් කාගෙවත් හිතෙ රිදෙන නිසා කියන්න අකමැති කතාවක් ඕනෙ මගුලක් කියලා කියලා දාන්න. පස්සේ ලියන්න ඕනෙ.

      කෝච්චි අත්දැකීම් ටික නම් එල බං. මම කැමතිම අර නැරඹුම් මැදිරිය අනිත් පැත්ත අමුනලා උඹලා අරජොයින්ට් එකේ ඉඳන් ගිය ගමන. ඇත්තටම එතන උඹලා දෙන්නටම පස්ස තියාගෙන එන්න ඉඩ තිබ්බද? මට හිතාගත්තෑකි පට්ට සීතල හුලං පාර, හඳ එලියෙන් නෑවුනු කඳු මිටියාවත්, හඳ එළියට රිදී පාටට දිළිසෙන රේල් පීලි දෙක ඒ මේ අතර හැරෙන හැටි. කියලා වැඩක් නෑ බං. සිගරට් අරක්කු හෙම බොනවා නම් ඔන්න ආයේ ඔය තරම් ගැලපෙන තැනක් අවස්තාවක් එන එකක් නෑ.

      Delete
    4. //සිගරට් අරක්කු හෙම බොනවා නම් ඔන්න ආයේ ඔය තරම් ගැලපෙන තැනක් අවස්තාවක් එන එකක් නෑ.//

      අපි ගාව භාගෙකුයි, ජොයින්ට් එහෙකුයි සිගරටුයි තිබ්බ. ඒත් සිගරට් විතරක් බිබී ගම්පොළට වෙනකල් ඇවිත්, ගම්පොළ නවත්තල තියෙද්දි ජොයින්ට් එක ගහල, ඉන් පස්සෙ ඇතුලට ඇවිත් භාගෙත් ගහල ආතල් එකේ පාන්දර කොටුවෙන් බැස්ස.

      ගම්පොළට වෙනකල් නොබී ආවෙ අපි හිටපු තැන බීල එන්න සුදුසු නැති හින්දත්, අවසිහියෙන් අර සුන්දර දර්ශනය මිස් කරගන්න තිබ්බ අකමැත්තත් නිසා. හැබැයි අල්ලගන්න පොඩි වැටක් හරි තිබ්බනං, අනිව එන්නෙ මලක් ගහල පාවෙලාම තමා. :D

      Delete
  17. දැන් නම් කල් ඇරලා බෑ. ඉක්මනටම යන්න වෙනවා.

    බෆර් බම්පර් වෙනස කියා දුන්නට ස්තූතියි ඩූඩ් අයියෙ.

    මේ පින්තූර ටිකයි පෝස්ට් ටිකයි වෙනුවෙන් ඔයා සෑහෙන්න මහන්සි උනා. ඒ මහන්සියෙ සාර්ථකත්වය දැනෙන්නෙ ඒ පෝස්ට් ටික විඳපු අපිටයි.

    ReplyDelete
    Replies
    1. ඉතිං පලයං ප්‍රියා.

      උඹට තව ඔය වගේ පාඩම් කීපයක්ම කියවන්න පුලුවන් හෙන්රිබ්ලොග්වෝකර්ගෙන් නොමිලයේ ඉංග්‍රීසි කියන ටැග් එක සර්ච් කලා නම්. Z අකුර ගැනයි, සීට් එක සහ ෂීට් එක ගැනයි හෙමත් මම ලියලා තියෙනවා. සමහරවිට උඹට ප්‍රයෝජනවත් වෙයි.

      සන්තෝසයි උඹලා පෝස්ට් එක රස වින්ද කිව්වාම. මගේ උත්සාහය අහක ගිහින් නෑ,

      Delete
  18. බොහෝ දුම්රිය ස්ථානවලින් රැගෙන ගිය මතක සටහන් ආපහු අළුත් වුනා..ස්තුතියි ඩූඩ් අපිවත් ගමන එක්ක ගියාට...

    ReplyDelete
    Replies
    1. You're welcome.
      රූගේ රයිටර්ස් බ්ලොක් එක තවම ගියේ නැද්ද?

      Delete
  19. මේ පාර පින්තූර ටික කලර්ස් හොඳයි.

    රදැල්ල කිව්වම මටත් මතක් වුනේ රේඩියෝ ස්ටේෂන් එක. වෙන කොහෙවත් නිවුස් එකක වත් ඔය නම අහල නෑ. සාමාන්‍ය දැනීම ප්‍රශ්නෙ ඇරෙන්න කොහෙවත් නිවුස් එකකවත් පට්ට්පොල ගැන අහලත් නෑ.

    ඔය ගාඩ් තුමා වගේ තාමත් අවුට් ඔෆ් ද වේ ගිහින් මිනිහෙක්ට උදව් කරන එක තාමත් ලංකාවෙ තියන එල කොලිටියක්. සමහර රට වල නම් ඔහොම උදව්වක් කරන්න අහන්නත් බයයි මූ මේ මොකාටද එන්න හදන්නෙ කියල අමුතු ලූක්ස් ඒවි.

    මචන් ඔය පීල්ලට බොග වැටෙන සීන් එක ලෝ ටෙක් කෝච්චි වල ස්ටෑන්ඩර්ඩ් සීන් එකක් නේද? බ්‍රිටිෂ් නැෂනල් රේල් එකෙත් වැසිකිලි වල මම දැකල තියෙනව ස්ටේෂන් වල දි යූස් කරන්න එපා කියල ගහල තියනව.

    ReplyDelete
    Replies
    1. ඔව්, උඹටයි ස්තුති වෙන්න ඕනේ.

      ඔව් බං රදැල්ලේ නම සඳහන් වෙන්නෙඔ මම හිතන්නේ SLBC එකේ චැනල් අහන කොටයි. ඇයි උඹට මතකද වීරකැටිය?

      ඔව්. ඒක එල ක්වොලිටියක් තමයි. වැඩේ හොඳ මිනිස්සු, සංඛ්‍යාත්මකව නරක මිනිස්සුන්ට වඩා වැඩි වුනත්, අපි දන්නේ නෑනේ කොයිකවද විශ්වාස කරන්න පුලුවන් කියලා. අනික මිනිහෙකුට උදව්වක් කරන්න හිතෙන්නෙත් මම හිතන්නේ කතාකරන ප්‍රතික්‍රියාකරන හැටියටත් වෙන්නැති. මේ මනුස්සයත් එක්ක මම හෙනට ‍ෆිට් වුනා එයා එයාගේ රාජකාරිය ඉවර වෙලා බැහැලා යන වෙලාව එනකොට. අර එන්ජිමේ පින්තූර ගත්තෙත් එයාගේ උදව්වෙන්.

      අනික, අපි වගේ කෝච්චි පිස්සොන්ට එයාලා කැමතියි. අපි මේ කෝච්චියේ යන්න ආසාවට යනව කිව්වාම එහෙම යන තව කට්ටිය එයාට හම්බ වෙලා තියෙනවා කිව්වා.

      උඹ කියන්නේ තවම බ්‍රිටන් වල බොග පීල්ලට වැටෙන ට්‍රේන් දුවනවා කියලද?

      උඹ කිව්වත් වගේ මම දැකලා තියෙනවා ස්ටේෂන් එකේ නවත්තලා තියෙන කෝච්චියෙන් ප්ලැට්ෆෝම් එක ලඟම පීල්ලට බොගක් වැටෙනවා හුඟක් ඉස්සර.

      Delete
    2. // උඹ කියන්නේ තවම බ්‍රිටන් වල බොග පීල්ලට වැටෙන ට්‍රේන් දුවනවා කියලද? //

      මචන් ස්ටේෂන් වල පාවිච්චි කරන්න එපා කියන්න වෙන හේතුවක් නෑ නේද?

      Delete
  20. මේක නියමම finale එකක් ඩුඩ්! කියවද්දි නිකන් අපිත් ඒ ගමන ගිහින් ආව වගේ! g-) හරිම ලස්සනයි!

    ඔයාල නවාතැන් හොයාගත්ත හැටි කියෙව්වම ඉස්සර අපි හතර දෙනාම ගමන් යන හැටි මතක් වුනා d-) .....ඉන්න මමත් ඉක්මනට එනවනේ එතකොට අපිට යන්න පුලුවන් c-)

    මේ පෝස්ට් එක ලියල ඉවරවෙලා රිලැක්ස් වෙලා අර ගිය එකත් ෆෝටෝස් දාන්න.....ඔය තුන් දෙනාම හරිම ලස්සනයි..... y-)

    ලෝකෙ හැම තැනම හොද මිනිස්සු ඉන්නව නරක මිනිස්සු අතරෙ.....අපිට මේ වෙද්දි ඒ වගේ කොච්චර හම්බ වෙලා තියෙනවද.....මට හරිම සතු‍ටුයි :D

    ReplyDelete
    Replies
    1. Finale එක හොඳයිද? මම කතාව දැම්මේ මුලටයි අගටයි. එතකොට හොඳයි කියලා මටත් හිතුනා.
      ඔව්, අපි එච්චර ප්ලෑන් කරලා ගමන් යන අය නෙවෙයිනේ කවදත්. මතකද අපි පාර අයිනේ නවත්තලා මැප් එක බලලා ගමන් යනවා.

      ඔව් එතකොට ගමන් යමු

      හොඳ මිනිස්සු අඳුන ගන්න තමයි බැරි.

      Delete
  21. ඩූඩ්.......මම මේ සීරිස් එකේම වඩාත් සිත්ගත් ටික තමයි උඹ මේක ඉවරකරපු ලස්සන. හරි පාළුවක් දැණුනා ගමන අවසන්නේ කියලා. නියමයි ඩූඩ්. ක්ලැසික්!!

    ඒක වඩාත් දැණුනා සොඳුරු මිනිසුන් ගැන ලිවීමෙන්.

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නේ අරූ, මටත් ගමනක් ගිහින් ඉවර වුනාම හරි දුකයි. පාළුයි. හැබැයි, අපි වෙනදට ගමන් යන්නේ වෑන් එකේනේ. ඉතින් පාන්දර දෙකට තුනට ගෙදර ඇවිත් නාලා ඇඳට වැටිලා නිදාගන්න එකෙත් මාර ගැම්මක් තියෙනවා. හීනෙනුත් පේනවා පාර මම දිහාට ඇදිලා එන හැටි.

      Delete
    2. // ඉතින් පාන්දර දෙකට තුනට ගෙදර ඇවිත් නාලා ඇඳට වැටිලා නිදාගන්න එකෙත් මාර ගැම්මක් තියෙනවා. //

      I must go down to the seas again, to the vagrant gypsy life
      To the gull’s way and the whale’s way where the wind’s like a whetted knife
      And all I ask is a merry yarn from a laughing fellow-rover
      And quiet sleep and a sweet dream when the long trick’s over.

      John Masefield

      අපරාදෙ කියන්න බෑ අපේ ඉංග්‍රීසි පොත් ටිකට කන්ටෙන්ට් තෝරපු උන්ට පට්ට ටේස්ට් එකක් තිබුනා.

      Delete
  22. ඩූඩ් .. ඔය ට්‍රිප් එක කොයි තරම් ගියත් ඇති වෙන්නෑ.

    ඉදල්ගස් හින්න ස්ටේෂන් එක විශේෂ තැනක්. එතෙන්ට හොඳ පැහැදිලි දවසක එක පැත්තකින් මුහුදත් අනිත් පැත්තෙන් නුවරඑළිය බදුලු කඳු පේලියත් පේනවා. ලෝකයේ රේල්වේ ස්ටේෂන් දෙකක් අතර වැඩියෙන්ම ටනල්ස් ගානක් තියෙන්නේ ඔහියයි ඉදල්ගස් හින්නයි අතරේ, ටනල්ස් 14 ක් තියෙනවා . ලංකාවේ දිගම ටනල් එකයි කෙටිම ටනල් එකයි තියෙන්නෙත් ඔය අතරේ. තව එකක්..road access නැති එකම ස්ටේෂන් එක තමයි ඉදල්ගස් හින්න. මේ විස්තර මං දැන්ගත්තෙ ඔය මැණිකේලයී නයිට් මේල් එකයි ගෙනියන මගේ හොඳ යාළුවෙක්ගෙන්.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි.

      ඔව් සමහර ස්ටේෂන් තමයි ඒ ගමටම බාහිර ලෝකයත් එක්ක තියෙන එකම සම්බන්ධය කියලා මම ඇහුවා. නමුත් ඇහින් දැකලා නැහි නිසා කියන්න ගියේ නෑ. ඒ කියන්නේ life line
      දැන් ඒ හොඳම යාලුවා කෝ මචං? තවම කෝච්චි දක්කනවද

      Delete
    2. https://goo.gl/maps/PyWy3
      මචෝ..මෙන්න ඉදල්ගස් හින්නෙ ගූගල් සැට් මැප් එක. පාරක් ලඟ පාතකවත් නෑ. හැබැයි ෆනි කෑල්ල තමයි ස්ටේෂන් එකේ ප්ලැට්ෆෝම් එක ඉවර වෙලා රේල් පාරට බහින තැන තියෙනවා අර '....අච්චු කරනු ලැබේ' බෝඩ් එක :-)
      ඔව යාලුවා තාම මැණිකෙලා දක්කනවා... නයිට් මේල් එකත් ගෙනියනවා ඉඳලා හිටලා...

      Delete
  23. හෙට උදේට එන්නං සුබ දෙයක් වෙන්න යන වෙලාවක්නේ.........තව පොඩ්ඩයි මදි...

    ReplyDelete
    Replies
    1. මොකක් වෙන්න යනවා කිව්වා..

      Delete
    2. වැඩක් නෑ නලින් අයියා ඒක මේ වෙනකොටත් වෙලා.
      දැං 100001

      Delete
    3. බොහොම ස්තුතියි උඹලට මටත් වැඩිය ඒ ගැන සෙවිල්ලෙන් හිටියට.

      Delete
  24. අපේ බ්ලොග් දර්ශකය සමග සම්බන්ධ වී ඔබේ බ්ලොග් පිටුවත් ඊට ඇතුල් කරන්න. මෙන්න ලින්ක් එක.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  25. ඉස්සර යාල්දේවි සහ උදයදේවි එන්ජින් වල ඉස්සරහ තිබ්බ මහ විසාල බෆර් එකක්..Cow Catcher කියල ඒකට කිව්වෙ. දැන් එන්ජින් වල ඒක පේන්ට නෑනෙ.

    ඔහීය දුම්රිය ස්ථානය ගැන මම අහල තියන කතාවක් මේ. දුම්රිය ස්ථානයෙ දෙපල වහලෙ එක පැත්තකට වැටෙන වතුර මහවැලි ගඟටත් අනික් පැත්තට වැටෙන වතුර කැළණි ගඟටත් එකතු වෙනවලු.

    අපරාදෙ බං ගෙස්ට් හවුස් වලට සල්ලි වියදං කලේ...ස්ටේෂන් මාස්ටර් එක්ක බාගයක් ගැහුවනං කෝච්චි පෙට්ටියෙම උඹල තුන්දෙනාට බුදිය ගන්ට තිබ්බ. ඔය කෝච්චියම තමයි උදේට ආපහු එන්නෙ.

    නියමයි මචං..බොහොම අපූරුයි.....The ending is simply superb…..අර Debra නංගි කියනව වගේ Shit a brick and **** ** **** ** in both my ears, :D

    ReplyDelete
    Replies
    1. 'තිලක සිත' ලියන තිලක ලියලා තිබ්බා ඒ ඉදල්ගස් හින්න කියලා. එක පැත්තක වතුර මහවැලි ගඟටත්, අනිත් පැත්තේ වතුර වලවේ ගඟටත් යන බව තමයි ලියලා තිබ්බේ.

      Delete

    2. ස්ටීම් එන්ජින් වලනේ කව් කැචර් එක හෙන විශාලෙට තිබ්බේ නේද? හරකව උස්සලා පැත්තට විසි කරන්න ඒක හැඩ කරලා තියෙන්නේ.

      උඹට මතකද ඉස්සර දත් ඉස්සරහට ඇවිල්ල තියෙනවට කියන්නෙත් කව් කැචර් එක කියලා.

      ඔය වතුර වැටෙන කතාව මමත් අහලා තියෙනවා. කොහෙද කියලා ෂුවර් නෑ.

      මචං එකම කෝච්චියේ නෙවෙයි අපි නම් ආවේ. හිටපං බලන්න.

      අපි ගියේ කො‍ටුවෙන් උදේ 5.55ට පිටත් වෙන අංක S12 TC 16453 කෝච්චියේ.
      ආපහු ආවේ බදුල්ලෙන් උදේ 8.30ට පිටත් වෙන අංක S12 TC 16450 කෝච්චියේ

      ස්තුතියි, මචං. උඹ එහෙම අපූරුයි කියනවා නම් අපූරු ඇති.

      Delete
    3. බුරා,

      මමත් අහල තිබ්බෙ ඔහිය කියල. කොයිකටත් කියල ආයි ගූගල් අර්ත් බැලුව. හරි ඔහියම තමා. මොකද එක පැත්තක් ( උතුරෙන් ) උමා ඔයට බෑව්ම් වෙනව අනික් පැත්තෙන් බෙලිහුල් ඔයට බෑවුම් වෙනව. එතකොට වඩා නිවැරදි "ඔහියෙ වහල" :)

      Delete
  26. ඔන්න මුල ඉඳන් අගටම කියෙව්වා.. නියම විස්තරයක්. කෝච්චියේ බදුලු යන්න ඕනෙ කියලා හිතුනා..

    ReplyDelete
    Replies
    1. ඉතින් හිත හිතා ඉන්නේනැතුව පලයං හරී.

      Delete
  27. Replies
    1. You put it in the previous post Poddi. The One up to Great Western. :D

      Delete
  28. උඩරට දුම්රිය මාර්ගය මට හොඳට හුරුපුරුදු මාර්ගයක්. මගේ ජීවිතයේ අතිශයින් වැදගත් සිදුවීම් රාශියක් මේ දුම්රිය මාර්ගයට සම්බන්ධයි. එහෙත් ඒවා අතිශයින්ම පෞද්ගලිකය සිදුවීම්.

    දෙමෝදර අර ආරුක්කු පාලමට ඉහලින් තියන බිම්ගෙයි තියන හරස් බැම්ම උඩ මම සොල්දාදුවන් තුන් දෙනෙකු සමග දවස් තුනක් රැකලා ඉඳලා ජවිපෙ නායකයකු අල්ලා ගන්න උත්සාහ කළා. යටත්වීමට අකමැතිවූ ඔහු මට වෙඩි තියන්න උත්සාහ කිරීමේදී මගේ සොල්දාදුවකු අතින් වෙඩිකා එතනදීම මියගියා.

    දෙමෝදර මම කාලයක් හිටියා ඒ කාලේ ඔය දෙමෝදර දුම්රිය මගේ පයින්ම කීප වතාවක් ඇවිද එහි පිහිටීම අධ්‍යයනය කළා.

    ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දිග කෝච්චියක් යනවනම් (කොහෙද යකෝ දැන් දුම්රිය තියෙන්නේ?) කෝච්චියේ එන්ජිම එක බිම්ගෙයකත්, ගාඩ් පෙට්ටිය තවත් බිම්ගෙයකත් පිහිටන්න පුළුවන්.

    හෙන්රි, ඔයාට වැදගත් වේයැයි සිතන පින්තූර කීපයක් තියනවා. මට ඔබේ ඊ මේල් ලිපිනය දෙන්න wmjgslsr@gmail.com

    ReplyDelete
    Replies
    1. නැහ්නං විචාරක. ඇයි දියතලාව, ෆොක්ස් හිල් තව කීයක්ද?

      ඌප්ස්! දෙමෝදර ආරුක්කු පාලම ගැන පත්තරේක පළවෙච්ච වැදගත් ලිපියක් බදුල්ලේ අපි හිටපු ගෙස්ට් හවුස් එකේ ලොබි එක වගේ තැන රාමු කරලා එල්ලලා තිබ්බා, අම්ට ඒක කියවන්න බැරි වුනා. ඒකේ ෆෝටෝ එකක් අරන් එන්න තිබ්බා කියලා දැන් තමයි මතක් වුනේ.

      විචාරක හරි වාසනාවන්තයි එහෙම ඇවිදලා කරලා රසවිඳින්න අවස්ථාවක් ලැබීඅට.

      ඇයි බොලේ මගේ ඊ මේල් එක ඔයා ගාවා තියෙන්නේ. බලන්නකො කන්ටැක්ට් ලිස්ට් එකේ. අපි ඉස්සර අර වර්ඩ් ප්‍රෙස් බ්ලොග් එල ෆොර්මැට් කරන එක ගැනම කොච්චර ඊමේල් ගහගත්තද. හා ඒකෙන් කමක් නෑ මෙන්න ඒක. henry_jayawardene@yahoo.com
      බොහොම ස්තුතියි.

      Delete
  29. ඔන්න ගමනේ මම ආසම කොටස.. උඹලා පහුවෙනිදා පාන්දර එද්දී ඔය හරියෙ ෆොටෝස් ගත්තෙ නැද්ද? හැන්දෑවට දකිනවාට වඩා වෙනමම ලස්සනක් උදේ මීදුමත් එක්ක දකිද්දි තියෙන්නෙ.. හරියට වළාකුළු අස්සෙන් යනවා වගේ..

    ඇයි බං උඹලා රදැල්ල සම්ප්‍රේශනාගාරය ගැන විතරය අහලා තියෙන්නෙ.!? රදැල්ලෙ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක අමතක වුනාද.?? එක අතකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් දැන් ඒක අමතක වෙලා තියෙන එකේ බොලාට අමතක වීම පුදුමයක්යැ..

    ReplyDelete
    Replies
    1. Bura,

      /රදැල්ලෙ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක අමතක වුනාද.?? /

      හෙන්රිය දන්නෙ නෑ බං රදැල්ලෙ ග්‍රවුන්ඩ් එක ගැන.....මූට ක්‍රිකට් අරහං… :D

      රදැල්ල ග්‍රවුන්ඩ් එක ගැන මට මතක් උනා. ඒත් කලින් ලියපු කමෙන්ට් එකේ මොකවත් කිව්වෙ නෑ ආය තම්බියගෙ ගෙදරට ඌරු මාලු අරං යන එක හරි නෑනෙ කියල.

      රදැල්ලෙ ග්‍රවුන්ඩ් එකේ ඒ කාලෙ ලංකා ටීම් එක ප්‍රැක්ටිස් උනා ඔය එංගලන්තෙ ටුවර් එකක් යන්ට කලින් සති දෙකක් වගෙ කාලයක්. ඒ එංගලන්තෙ දේශගුනේට පුරුදු වෙන්ට. 1975 පලවෙනි ලෝක කුසලානෙට කලින් එහෙම කලා මට මතකයි.ඒත් 79 ඉඳල කලේ වර්ල්ඩ් කප් පටන් ගන්ට මාසෙකට වගෙ කලින් එහෙ ගිහිල්ල මැචස් ගහන එක.

      තව තිබ්බ දරවෙල ග්‍රවුන්ඩ් එකක්.දික් ඔය - මස්කෙළිය ක්‍රිකට් ක්ලබ් එකේ හෝම් ග්‍රවුන්ඩ් එක ඒක.

      70 දශකයෙ මුල් කාලෙ තිබ්බ Up-country League කියල රග්බි ටූනමන්ට් එකක්. ඒකට සෙල්ලං කලා දිඹුල- දික් ඔය ( Dim-Dicks) කැලණි වැලි RFC, ඌව, Kandy ටීම් එක එහෙම.

      Delete
    2. // ආය තම්බියගෙ ගෙදරට ඌරු මාලු අරං යන එක හරි නෑනෙ කියල//

      :D :D

      Delete
    3. බුරා, ගත්තා බං ගත්තා. මම බැලුවා මෙහෙම ෆෝටෝස් දාන්න ගියොත් මම හිඟන්නෙක් වෙනවා. ඒ මදිවට මේක ඉවරවෙනකල් මට වෙන පෝස්ට් එකක් දාන්නත් බෑ. ඒ හන්දා මම කලේ යනකොටයි, එනකොටයි ගත්ත දෙකම කවලමේ වෙලාව නොදා ගැලපෙන විදියට දාපු එක. උඹ දන්නවද ඒක arrange කරන්නම මට දවස් ගානක් ගියා.

      අමතක වුනා බං. ඕනැම දෙයක් කරපං. පස්සේ අමතක වෙච්ච දේවල් ඕනෙ තරම්, එක පාරක් කැමරාව මෙහෙ ගෙනත් තිබ්බා බැටරි පැක් එක ගෙදර දාලා. හිටපු ගමන් මම කුස්සියට ගිහින් නිකමෙනවා කරන්න කාරණාව අමතක වෙලා.

      @රවී, උඹ අර දවසක් මම කිව්වා වගේම මාව ලේබල් කරනවා, මාව ... I am identified with it..

      Delete
  30. 100000 ට සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න. මම සද්ද නැතුව හිටියේ උඹල පාටි ඉල්ලයි කියලා. :D

      Delete
  31. ඔන්න මචං නානුඔයට ආවා... මම පොඩිම කාලේ අවුරුදු කීපයක් ගතවුණේ නානුඔය. උඹ ෆොටෝ අරං තියෙන්නේ නානුඔය පහු කරලා යද්දිනේ.. එහෙම නැතුව නානුඔය ලංවෙද්දි ෆොටෝ එකක් ගත්තා නම් නානුඔය ස්ටේෂන් එකේ ඉඳලා උඩහට යනකොට රේල්පාරට වම් අත පැත්තේ, නනුඔය ටවුම කොණෙන් පටන් ගන්න අපි හිටපු ගේ තියන කන්දත් අහුවෙන්න තිබ්බා. මචං මම කන්ද උඩ ඉඳගෙන කොච්චර කෝච්චි දිහා බලං ඉන්න ඇද්ද? ඔය ටර්න්ටේබල් එක පාවිච්චි කරනවා බලන්න කොච්චර ආසාවෙන් හිටියද? අපේ අම්මා කියන කතාවක් තමයි මම කලුවෙලා තියෙන්නේ පොඩි කාලේ අව්වට වෙලා කෝච්චි දිහා බලාගෙන හිටිය නිසා කියලා. ඔතන ඉන්නකොට, ග්‍රේට්වෙස්ටර්න් හරියේ ඉඳලම කෝච්චියක් එනකොට පේනවා. කෝච්චිය ඇවිත් නානුඔය නවත්තලා, ඊට පස්සේ මම හිටගෙන ඉන්න කන්ද යටට ඇදිලා යනවා වගේ මට පේන්නේ.

    නානුඔය මට මතක හැටියට ගබඩා සංකීර්ණයක් හරි මොකක් හරි එකක් තිබ්බා. නානුඔය රේල් පාර ට්‍රැක් හතරකට පහකට බෙදෙනවා. ඔය හැම තැනම බඩුපෙට්ටි පෝලිමේ නවත්තලා තියනවා. ඉතිං ඇන්ජිමක් ඔය පෙට්ටි ෂන්ටිං කිරිල්ල මම අපේ කන්දේ ඉඳන් ආසාවෙන් බලා ඉන්නවා. ටර්න්ටේබල් එක නම් නිතර පාවිච්චි උණා මට මතක හැටියට.

    උඹේ කම්ප්ලීට් බදුලු ෆොටෝ ඩයිරිය බොහොම ආසාවෙන් බැලුවා. උඹටත් කවදා හරි හොඳ මතක සටහනක් වෙයි මේක...

    ReplyDelete
    Replies
    1. සමහර කමෙන්ට් වලට වෙන දේ හිතා ගන්න බෑ බං. මම උඹේ මේ කමෙන්ට් එකට දවල් රිප්ලයි කලා දැන් ඒක ආගිය අතක් නෑ.
      මේකයි මචං වුනේ. මේක අන්තිමට කොටි වලිගයක් අල්ල ගත්තා වගේ වුනා. මුලදි මම ආපහු ගමනේ ඒවා නොදා හිටියත් පස්සෙ මට මේක පස්වෙනි කොටසින් ඉවර කරන්න ඕනේ වුන නිසා ෆෝටෝස් හුඟාක් අකමැත්තෙන් වුනත් අඩු කලා. ඒ වගේම ආපහු එන ගමනෙදි ගත්ත ඒවත් මේවට නොදැනෙන්න රිංගෙව්වා.

      ඒකයි අර නානුඔය කේස් එක.

      උඹත් හරිම වාසනාවන්ත ලමා කාලයක් ගත කරලා තියෙන්නේ මෙච්චර ලස්සන පරිසරයක. උඹ ටර්න් ටෙබල් එක ගැන මුලින් කියපු වාක්‍යයෙන් මම හිතුවේ උඹෙ ඒකේ කෝච්චියක් හරවනවා දැකලා නෑ කියලා. නමුත් ආයෙම කියලා තියෙනවනේ නිතර පාවිච්චි වුනා කියලා. ඒකෙන් කුතුහලය අඩුවුනා. ඇත්තෙන්ම ඒක අතින්ද බං කරකවන්නේ?

      ඔව්. මම කොහොමත්, ෆෝටෝගැනිල්ලටත්, සිහිවටන වලටත් ආසයිනේ බං.

      Delete
  32. හප්පේ ඩුඩ්යියා එක්ක ගිය ගමන අවසානේ උඩරට මාර්ගේ ගැන කොයි තරම් දේවල් දැනගත්තාද කමන්ට් ටිකෙන්ම.
    ඊගාවට ලියන්නේ යාපනේ ටුවර් එක ගැන වෙන්න ඇති මයේ හිතේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්. අපෝ මෙහෙම දාන්නේ නෑ බං. ඒක පණ යන වැඩක්. යම් යම් කොටස් විතරක්දැම්මත් මුලු ට්‍රිප් එකක්ම දාන්න අදහසක් නෑ. ඒක නිකං අතින් කාගෙන හරක් බැලිල්ලක්. ඊට ලාබයි මේ කුණුහරපයක්, දේශපාලන කතාවක්, ලියාගෙන මඩ පාරක් ගහගෙන අතල් එකේ ඉන්න එක.:D

      Delete
  33. චෑ ... චෑ ... ඉඳල ඉඳල මම ගොඩවෙල තියෙන්නෙ අන්තිම කෝච්චි පෙට්ටියටනේ.

    මාව වයසට ගිහින් හොම්බ බිම ඇනිල හැරමිටියෙන් ගියත් කෝච්චි කිව්වම අර පොඩි එකා සන්දියෙදි ඇතිවුනු මෙව්ව එක හැමදාටම එහෙමම තියේවි. මේ කොටස්ටික නම් මුල ඉඳලම බලන්න ඕන.

    අවාසනාවට ඉඳල ඉඳල බ්ලොග් පැත්තට ඔළුව දාපු අද මගේ කනෙක්ෂන් එකේ අවුලක්ද කොහෙද බ්ලොග් ලෝඩ් වෙනව හොරයි. පොටෝස් ලෝඩ් වෙල තියෙන්නෙත් තැනින් තැන එකක් දෙකක්. නැවත එන්නම්.

    ReplyDelete
    Replies
    1. උඹ දැකපු කල් බං. අම්ම තාත්ත දැක්ක වගේ. නමුත් උඹ මම කලින් කෝච්චි ගැන ලියපු ලියපු
      73. අපේ සංක්‍රමණික ජීවිතය සහ කෝච්චි
      පෝස්ට් එකට දාපු මේ කමෙන්ට් එක මට ජීවිතේට අමතක වෙන්නේ නෑ.

      >>සුන්දර මතකයක් අයියා අවදිකළේ. ස්තූතියි ඒකට. ළඟදි මාරය අයියත් කෝච්චි ගමන් ගැන ලියල තිබුණ. අපිත් පොඩි කාලෙ හැම ඉස්කෝල නිවාඩුවකටම දුර ගමනක් යනව කෝච්චියේ. අපේ තාත්තටත් අවුරුද්දකට නිදහස් ගමන් බලපත් තුනක් තිබුණ. ඔය ජනේලෙ ළඟ සීට් එකේ වාඩි වෙන්න අයියයි මමයි පොරකනව මට මතකයි. අපි වාඩිවුනේ එකිනෙකට මූණදාල තියෙන සීට් දෙකක නිසා අයින් දෙකක් තිබුණ. පොරකන්නෙ නම් ඉතිං පුරුද්දට. අනෙක ගාල්ලෙ ඉඳන් කෝච්චිය යන්නෙ අනිත් පැත්තට නිසා සීට් දෙකෙන් එකක් තමයි හුඟක් වැදගත්. දෙන්නටම ඕන ඉස්සරහ බලාගෙන යන්න. ඔය ගමන් යන්න කලින් දවසෙ අම්ම මොනව මොනව හරි කෑම ජාති එහෙම හදනව. අපිටත් අමුතු සතුටකින් හිත පිරිල. එදා රෑට හරියකට නින්ද යන්නෙත් නෑ. උදෙන්ම යනව ස්ටේෂන් එකට. අඩ අඳුරෙ තියන කෝච්චිය දැක්කම පුදුම සතුටක් දැනෙන්නෙ. බඩු ඇතුලට දාල අම්මල අක්කල වාඩි කරල කෝච්චිය යන්න වෙලා තියෙන නිසා අයියයි මමයි තාත්තත් එක්ක යනව එන්ංජින් එක බලන්න. පාන්දර මීදුමේ දුම දාගෙන සද්දෙ දාගෙන ඉන්න එන්ජිම බලන්න වටිනව. මමත් 2 වසරෙ ඉද්දි, තාත්තලගෙ ඔෆීස් එකේ වැඩකරපු අයගෙ පවුල්වල අය ට්‍රේන් එකක් වෙන්කරන් පොසොන් එකට අනුරාධපුරේ ගියා මතකයි. ඒක අපි වෙනද යන ට්‍රේන්වලට වඩා ගොඩක් සුඛෝපභෝගී එකක්. මගේ හිතේ විශේෂ ගමන්වලට වෙන්කරපු එකක්. ඒ දවස්වල වැඩි තේරුමක් නෑ ඒගැන. අනුරාධපුරේදි ඇවිදින්න ලංගම බස් දාල තිබුණ. චාරිකාව ඉවරකරල දවස් දෙකින්ද කොහෙද ආයිත් ඒකෙම ගෙදර ආවා. තව නුවර, ගම්පොල එහෙම කීප පාරක් ගියා. උඩරට මාර්ගෙ තමයි මම නම් කැමතිම. වටේට පේන කඳු, මිටියාවත් තේ වතු මීදුම ඒ වගේ සුන්දර දර්ශන බලන්න ඉතිං කෝච්චියෙම යන්න ඕන.

      අර ජර්මන් සුද්ද කියන සමාජ ක්‍රමේට ඇත්තටම මම කැමතියි. එහෙම බැළුවම අපේ රටවල්වල මිනිස්සු ආකල්ප අතිනුත් ගොඩක් දුප්පත් තවමත්. පාර පිරිසිදුකරන මිනිහත් වෛද්‍යවරයෙක්, නීතීඥයෙක්, ඉංජිනේරුවෙක් වගේම වෘත්තියක් කරන්නෙ. ඒ වෘත්තීන්වල උස් පහත් බවක් නෑ. ඒක මිනිස්සු හිතින් හදාගන්න දෙයක්. හැම වෘත්තියකම යෙදෙන අය එකිනෙකා මත යැපෙනව. එකිනෙකා කෙරෙහි බැඳිල ඉන්නව.<<

      Delete
    2. ඔන්න හෙන්රි අයියා, අද තමා මේ ඡායාරූප හැම එකක්ම හිතේ හැටියට නැරඹුවේ. දවස්ගානකින් අද තමයි මගේ මේ මඟුල් කනෙක්ෂන් එකෙන් පේජ් එකක් සම්පූර්ණයෙන් ලෝඩ් උනේ. කොහොමහරි මටත් අදහසක් ආවා ඔය විදියට කෝච්චි සවාරියක් ගිහින් එන්න. දැනට නම් ප්‍රශ්නෙ තියෙන්නෙ මම මේ කරන වැඩ දවස් කීපයක් එකදිගට නතරකරන්න බැරිකම. බලමු මොකක් හරි කරන්න.

      Delete
  34. කෑවා කෑවා. මේ කොහේදෝ නැති ශ්‍රීලන්කන් එකක් මතක් කරලා මගෙ රසවිඳීම කෑවා..

    ReplyDelete
    Replies
    1. උඹ ශ්‍රී ලාංකන් එකත් එක්ක තරහා ඇති කියල හිතාගත්තා.

      Delete
  35. අදයි කියෙව්වෙ. ඇත්තම කිව්වොත් මේ පින්තුර කතා පහ උඩින් පල්ලෙන් බැලුව විතරයි. (මගේ මනාපයක් නෑ ඕවට:)
    හෙන්රි පුතත් දැං ඉලන්දාරිය නේද?

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නෑ බං.හැමෝම එකම දේවල් වලට කැමති වුනේ ලෝකෙ හරිම බෝරිං වේවි.

      ඔව් ඉතිං, එහෙම වෙන්නෙපායැ නේද?

      Delete
  36. කොටස් දෙකකට ලියන්නම්..

    මුලින්ම ඔය ගමන මම ගිහින් නෑ නේ. ඩුඩ් ගේ පින්තුරු ටිකත් එක්ක මම ගමන ගියා වගේ ඔන්න.. බොහොම ස්තුතියි ඒ වැඩේට. මට ඒත් වැඩේ වෙන්නේ ඔය ගමන මගේ කැමරා බඩු ටිකත් එල්ලගෙන නිදහසේ යන්න තව ටික කාලයක් බලාගෙන ඉන්න වෙන එක. මොකද අපේ පවුල ටිකක් ලොකු මහත් වෙනවා ආයෙම ලඟදි..

    දෙක.. ගමනක නිමාවේදී සුන්දර මිනිසුන් හමුවෙලා කතාබහ කරලා එන මතකයන් ඇත්තටම පස්සේ කාලේදී හරි සුන්දර දේවල් විදියට මතකයට එනවා.. මට ඒ අත්දැකීම තියෙන්නේ එහෙම. මම ආසා නැති දෙයක් තමා ට්‍රිප් එකක් හරි මොකක් හරි ගමනක් ගිහින් ඔය කොහෙවත් යන මරාලෙකට මාට්ටු වෙන එක.. එපා වෙනවා. ඒ අතින් ඔබ වාසනාවන්තයි..

    අවසානෙට.. මම කොහොමහරි ඔය කෝච්චියේ යනවා.. බලමුකෝ කවද්ද කියල නමුත් මම ආස සීතල දෙසැම්බර් වල ඔය ගමන යන්න. මීදුම අතරින් මට හොඳ පින්තුරු ටිකක් ගන්න ඇහැකි වෙයි..

    ReplyDelete
    Replies
    1. පවුල ලොකු මහත් වෙනවා? සුභ පැතුම් පිළිගනින් ක්සැන්ඩර්.

      කෝච්චියේ යන්න නම් එච්චරම කල් බලාගෙන ඉන්න් ඕනෙ නෑ බං. ඒක ඔය සීට්බුක් කලාට පස්සෙ කරදරයක් නෑ. හරිම සුව පහසු වාහනේනේ. ටොයිලට් ඕනෙ නම් එහෙමයි. පොඩ්ඩක් නැගිටලා ඇවිදින්න හිතුනාම එහෙමයි.

      කෝච්චියෙදි ඉතින් මරාලෙකට සෙට් වුනොත් නැගිටලා ගිහින් ෆුට් බෝඩ් එකේ ඉඳගන්න එකනේ තියෙන්නේ.

      උඹට ලස්සන පින්තූර ටිකක් ගන්න ලැබේවා.

      Delete
  37. very helpful document to sucsess my first badulu tour.thanks

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>