Friday, April 25, 2014

110. බදුලු කෝච්චිය. 4 කොටස. Great Western දක්වා.

මේ චාරිකාවේ මුල කොටස් මග හැරුනානම් මෙන්න පාර.:




පෙ.ව.11.46:
කෝච්චිය හැටන් පහුකරන් ඉදිරියට ඇදෙනවා.
හැටන් උඩරට මාර්ගයේ ප්‍රධාන නැවතුමක්.
හැම  කෝච්චියක්ම හැටන් වල නවත්තනවා.
ශ්‍රී පාද වන්දනාකරුවන්ට මෙතනින් බැස්සාම තමයි ලඟ.

පෙ.ව.11.49:
සුරංගනා කතාවක පින්තූරයක් වගේ පෙනුනට මේ ජීවිත සුරංගනා කතාවකින් හුඟක් ඈත වෙන්න ඇති.  නමුත් දර්ශනය නම් සුරංගනා කතාවක් වගේ තමයි, නැද්ද?.

පෙ.ව.11.52:
කොටගල දුම්රියපල. මුහුදු මට්ටමේ සිට උස මීටර 1239.2. කොළඹ සිට  කිමී 180යි. හැම දුම්රියපලටම මේ පාටම ගාලා තියෙන්නේ!

පෙ.ව.11.52:

මම කල්පනා කලේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ ආරම්භ කරපු,
බ්‍රිතාන්‍යයන්ටත් වඩා බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය රකින අය පාලනය කරපු
ලංකා දුම්රිය සේවයේ ඉන්ධන ප්‍රවාහනය කරන ටැංකිවල
පෙට්‍රල් වලට Gasoline කියන අමෙරිකානු වචනය විතරක් හැමතිස්සෙම පාවිච්චි කරන්න සිදුවුනේ මොන හේතුවක් නිසාද කියලා.

මේ Class M6 එන්ජිමට තීන්ත ටිකක් ගාන්න කෙනෙක් නැති හැටි හැබෑට!

පෙ.ව.11.55:
හිරුෂ Samsung Galaxy S4 එකකින් ගත්ත මේ පින්තූරේ
මගේ ප්‍රියතම එකක්.

පෙ.ව.11.55: හපොයි!

පෙ.ව.11.58: තවත් පාසැලක් වගේ..

මධ්‍යාහ්න12.00 : හෙවනැලි වලින් කියන්න පුලුවන්.
හරිත දනව්ව තුලින් ඇදී යන නිල්වන් දුම්රිය...
Noon: Neat landscape.


ටොන් ගණනක් බ‍රැති මෙම යකඩ යකා, මුහුදු මට්ටමේ සිට මීටර් 1898ක උසකට ඇදගෙන යාමට බලය සපයන බලසම්පන්න ඩීසල් එන්ජිම.



ප.ව.12.01: 


ප.ව.12.04:
අන්න ඒකයි, ගමනක් යනකොට ලස්සන පාරේ යන්න කියන්නේ. මේ St Clair'sදිය ඇල්ල වෙන්න ඕනේ. මම හරිද?
Derailed and abandoned! 
How many shades of green!
කොළ පැහැයෙත් විවිධ ... මොකක්ද?
ශත වර්ශයකට වඩා වයසැති පාලම්...
 
කොච්චර භයානක වුනත්, මේ වගේ මනස්කාන්ත පරිසරයක් හරහා හරහා යන ගමන ෆුට් බෝඩ් එකේ ඉඳගෙන යනවා වගේ ගතියක් නම්...


මම ඔය වගේ රේල් පාර ලඟින් යන මහ පාරේ යද්දි, අපි පහුකරගෙන යන කෝච්චි දිහා කොච්චර නම් ආසාවෙන් බලාගෙන යනවද වෙනදට!

 අද තිත්තයගේ වාරේ!
 
ප.ව.12.09: තලවාකැලේ දුම්රියපලට ඇතුල් වීමට මොහොතකට පෙර...

ප.ව.12.10

ප.ව.12.10: තලවාකැලේ දුම්රියපල. බලන්න ගෘහනිර්මාන ශිල්පය.

ප.ව.12.11 කෝච්චිලන්තය.

ප.ව.12.21: Blue ridged mountains...නිල්වන් කඳු අතරේ...

ප.ව.12.13 අලුත් පාලම 

ප.ව.12.13 ගමන් සගයෝ

ප.ව.12.14 ගේකට මරු තැන නේ?

ප.ව.12.15


ප.ව.12.15 ඉහල කොත්මලේ ජලාශය.
ජීවත් වෙන්න ආසා හිතෙන් තැනක් වෙන්නැති. Where living is a pleasure, I believe...


වෙන්නැති නෙවෙයි. ජීවත් වෙන්න මරුම තැනක් තමයි. Where living must be a pleasure, no doubt.

12.15 PM: Dammed!
 ප.ව.12.15 ඉහල කොත්මලේ බැම්ම.

12.17 PM: The long and winding road...


ප.ව.12.17: වංගු සහිත දුර මාවතේ

ප.ව.12.17:

12.17 PM:
ප.ව.12.17:
අප පසු කල පාලම.

ප.ව.12.19:

මේ වගේ දිය පාරවල් බොහොමයි.


ප.ව.12.20:
ප.ව.12.20:

ප.ව.12.20 PM: වැහි වතුර ගලා යාමට තැනූ අගල්.

ප.ව.12.20:
ප.ව.12.21

ප.ව.12.21

ප.ව.12.2: මෙන්න අර රෝස පාට වතුර බෝතලේ, ටෙඩිබෙයා බ්ලැන්කට් එකේ අයිති කාරි. අපි ලඟමයි ඉඳගෙන ගියේ.

ප.ව.12.22 : 
අපිට ඉස්සර කොච්චරවත් අඳින්න දෙන දර්ශනයක්නේ 
තේ දලු නෙලන්නියෝ.
 
12.22 PM: Green, green grass of home...
 
වටගොඩ දුම්රිය නැවතුම්පල. මේ ආසන්නයේ රේල්පාර අධික වංගු වලින් යුක්තයි. රවුමට කැරකිලා කලින් ගිය තැන කිට්‍ටුවෙන්ම යන අවස්ථා තියෙනවා
ප.ව.12.39:
ප.ව.12.39: Great Western වෙත ලඟාවෙමින්. 
ලංකාවේ මධ්‍යම පලාතේ කඳුකරයේ, නුවර එලි දිස්ත්‍රික්කේ පිහිටපු මේ ස්ථානයට ඔය නම වැ‍ටුනේ ඇයි කියලා මම තවම කල්පනා කරනවා.

මීටර් 2212ක් උස Great Western කන්ද ලංකාවේ හයවෙනි උසම කන්ද. ඒ නමම තමයි මේ අවට තියෙන තේ වත්තකටත් දුම්රියපලටත් දෙකටම ලැබිලා තියෙන්නේ.
 
ප.ව.12.42: 
කඳු නගින්නන්ට ඔන්න නියම තැනක්.
Plenty of ragged rocks for ragged robin to run 'round. 
I think this would be an ideal place for climbing.
මුහුදු මට්ටමේ සිට මීටර 1464ක් උසින් පිහිටි මේ කුඩා, ගම්බද දුම්රිය පල මනස්කාන්ත පරිසරයක පිහිටලා තියෙන්නේ.

ප.ව.12.45 AM: 
ටැබ්ලට් එක අතින් ගෙන මග බලා හිඳින දුම්රිය ස්ථානාධිපති...
(Not a Samsung Tablet, for God'd sake...:D) 
ප.ව.12.43 කොයි මොහොතේ හරි වාටිය පලල තොප්පි දාගෙන අස්සයා පිටේ නැගගත්තු කවුබෝයිලා රංචුවක්  පිස්තෝල ඇදගෙන අහසට වෙඩි තියාගෙන කන්දෙන් මතුවේයිදෝ කියලා මට නොහිතුනා නොවෙයි.

Dual manual signals...




අහස පැහැදිලි  දිනවලට මෙතනට ශ්‍රී පාදය පේනවලු.
මම නම් දැක්කේ නෑ.


ගමනක සතුට! 
මොකක්දෝ හේතුවක් නිසා මම මේ පින්තූරෙට හරිම කැමතියි.

ටිකක් වෙලා යයි වගේ. නමුත් මෙහෙම වටපිටාවක ඒක ගානක් නෑ.
විශේෂ ස්තුතිය ඡායාරූප සංස්කරණය කරන්න මට වඩා උනන්දුවෙන් කටයුතු කරපු, ඒ වගේම සුපිරි නිදහස් මෘදුකාංගයක් වන Gimp වෙත මට පාර කියපු ප්‍රොෆයිල් Anonymous ට.

ගමන තව ටිකක් දුරයි. ‍රැඳී සිටින්න. 

මීලඟට 111. බදුලු කෝච්චිය. අවසන් කොටස.. බදුල්ල දක්වා.

Originally published @ HeyDude in English Languagae
Also publishedd in Sinhala language @ මට හිතෙන හැටි for WordPress Lovers.






116 comments:

  1. මචෝ උඹ අර සොෆ්ට්වෙයාර් එක හරියට පවිච්චි කරල නෑ වගේ! මොකද මේ පාර බ්ලූ ටින්ජ් එක ගියපාර ඒවටත් වැඩිය වැඩියි වගේ!!

    අර සෙන්ට් ක්ලෙයර්ස් දැක්කම ඇඬෙනව. කොච්චර සාර සුහාවට උන්නු කෙනෙක්ද :(

    ඉහල කොත්මලේ අපි දැක්කෙ නැති අලුත් දර්ශනයක්. ඒත් ඒක සෙන්ට් ක්ලෙයර්ස් තරම් නම් ලස්සන නෑ!

    ඉන්දික උපශාන්ත (ලොග් වෙන්න බෑ, අනුන්ගෙ ලැපකින් බලන්නෙ )

    ReplyDelete
    Replies
    1. මචෝ ප්‍රොසෙසිං පොඩ්ඩක් වැඩී වගේ තමයි මටත්. කර්ව්ස් ඇජස් කරන කොට වැඩි වුනාද. නිල් චැනල් එකේ උඩ ලෙවල් එක බරපතල විදියට වැඩි වෙලා වගේ.

      උඹ ඇන්ජිම ඇතුලට රිංගුවෙ කොහොමද? ඒක පට්ට ක්ලීන් නෙ බන් පිට පැත්තට වඩා :))

      Delete
    2. //උඹ ඇන්ජිම ඇතුලට රිංගුවෙ කොහොමද? ඒක පට්ට ක්ලීන් නෙ බන් පිට පැත්තට වඩා // ඩූඩ කළු වෙලා තියෙන්නෙ ඒකෙ තිබ්බ ටික ගෑවිලා තමයි. :D

      Delete
    3. @ඉන්දික: අනුන්ගේ ලැපකින් හරි කමක් නෑ බං. ඇයි සෙන්ට් ක්ලෙයාර්ස් දැක්කම ඇඬෙන්නේ? හරි. මම මේ සොෆ්ට්වෙයා එකට තාම අලුත්. මම ඊ ලඟ පාර මීට වඩා හොඳට වැඩේ කරන්න උත්සාහ කරන්නම්.
      @ඇනෝ: මම තාම මේක ඉගෙන ගන්නවා බං. මේ ටික ඔහොම තියෙද්දෙන් මම ඊ ලඟ බැච් එක මීට වඩා හොඳට කරන්නම්. ඇත්තෙන්ම මම ඔටෝ කරෙක්ට් දාලා වයිට් බැලන්සිං කරලා කලර් එන්හෑන්ස් කලා සමහර ඒවයේ.
      එන්ජිම අස්සට රිංගුවේ නෑ බං. ගාඩ් එක්ක කතාව දාලා ගාඩ් රූම් එකේ වීදුරු දොර හරහා තමයි ගත්තේ.
      @ප්‍රසන්න: අඩෝ වර්ණබේද වාදියා.

      Delete
  2. තලවකැලේ ස්ටේෂන් එක එහෙම හදපු කාලෙ ස්ටේට් ඔෆ් ද ආර්ට් වෙන්න ඇති. සුද්දා කුණු වැඩ කරන්නෙ නැතුව උගේ රටේ තිබුනු කොලිටියටම අපිට සිස්ටම් එක ගහල දුන්නා. මේ බලපන් UK වල දැනුත් දුවන ස්ටේෂන්, අපේ ස්ටේෂන් මොඩල් එකමයි. එකම වෙනස මුන් ඒව නඩත්තු කරා, අපේ පක්කලි කාබාසිනියා කරා.

    link

    link

    link

    link

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම දෙයක් නඩත්තු කිරීම අතින් අපි ඉන්නෙ නම් හරිම පිටිපස්සේ බං. මෙහෙ උනුත් එහෙමයි. මම ජොග් කරන්න යන්නේ මෙහෙ තියෙන (Maldives) ලෝකල් ස්ටේඩියම් එකට. දවසක් වැස්ස නිසා මම ඒකේ පැවිලියන් එක යට ඉන්න ගමන් උඩ බැලුවා. යකෝ අර වහලේ ගහලා තීයෙන යකඩ බීම් සෑහෙන්න දිරලා මුහුදු හුළඟට. තීන්ත ටිකක් ගන්න විතරයි තියෙන්නේ. නමුත් ඒක නොකර, වහල කඩාවැටෙනකල් ඉන්නවා අලුත් එකක් ඉල්ලන්න.

      Delete
  3. //Great Western වෙත ලඟාවෙමින්. ලංකාවේ මධ්‍යම පලාතේ කඳුකරයේ, නුවර එලි දිස්ත්‍රික්කේ පිහිටපු මේ ස්ථානයට ඔය නම වැ‍ටුනේ ඇයි කියලා මම තවම කල්පනා කරනවා.//

    ග්‍රෙට් වෙස්ටර්න් කියන්නෙ එතන තීන කන්ද සහ තේ වත්ත නිසා (ග්‍රෙට් වෙස්ටර්න් කියන්නෙ ලන්කාවෙ පලමු කඳු දහය ඇතුලෙ තීන කන්දක් )

    ඉන්දික උපශාන්ත (ලොග් වෙන්න බෑ, අනුන්ගෙ ලැපකින් බලන්නෙ )

    ReplyDelete
    Replies
    1. ඉන්දික. ඔව් බංඒක ඇත්ත. මම අර කියලා තියෙන්නේ ඊ ලඟ ෆෝටෝ එකේ "මීටර් 2212ක් උස Great Western කන්ද ලංකාවේ හයවෙනි උසම කන්ද. ඒ නමම තමයි මේ අවට තියෙන තේ වත්තකටත් දුම්රියපලටත් දෙකටම ලැබිලා තියෙන්නේ." කියලා. මම අදහස් කලේ Great Western කියන ඔය නම මුලින්ම යෙදුනේ ඇයි කියලා කන්දට හරි. සමහර විට අර American Westerns වල තිබ්බ වගේ කඳු නිසා වෙන්නැති. කාන්තාර ගතියක් නම් නෑනේ.

      Delete
  4. ඇත්තටම මේ කඳු වැටි මෙච්චර නිල්පාටද? ලස්සණ පින්තූරු බලපුවාම අපිත් ඒ ගමන ගියා වගෙයි. ඒ වගේමයි ඒවට දාලා තියෙන කියමන් ටිකත්.

    ස්තූතියි ඩූඩ්...

    පින්තූරු බලන්ට නම් ටිකක් වෙලා ගියාලු... :-)

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඈත තියෙන කඳු නිල් පාට තමයි. ඒක වායු ගෝලයේ තියෙන ජලවාශ්ප නිසා වෙන්න පුලුවන්. ඒ ඇරෙන්න ඔතන නිකෝන් කැමරාවෙන් ගන්න ඒවයේ බ්ලූ ටින්ට් එක සැම්සුං ගැලැක්සි එකට හෝ සෝනි එක්ස්පීරියා වලින් ගන්න ඒවට වඩා වැඩියි. ඊටත් අමතරව, අර එඩිටිං වලදි කලර් එන්හෑන්ස් කලාම නිල්පාට පොඩ්ඩක් වැඩි වෙලා සමහර ඒවයේ. සමහර තැන් වලට ඒ ටින්ට් එක නරකමත් නෑ.
      ඒ ලඟ පාර ඒ වරද නිවැරදි කරන්නම්.

      Delete
  5. ඩියුඩ් මගේ ඊලඟ කඳු නැගිල්ල තමයි ඔය ග්‍රෙට් වෙස්ටන් හැබැ අපේ පෙලක් උන්දැල කියන්නේ " තුච්ච බටහිර කියල හෙක්ස් ආ සතිදෙකකට විතර කලින් අපි සප්ත්‍ය කන්‍ය කඳු වලල්ල තරණය කලා විස්තර ලියන්නම්කෝ ඒ ගමන නම් ටිකක් බයංකාරයි කවදාවත් නැතුව ඔක නගින්න යද්දි අපේ තාත්තත් පොඩි බකට් එකක් දැම්ම හැබැ අවුලක් නෑ යහතින් ආව " පස්සේ තමා තෙරුනේ දැන් තාත්තකෙනෙක් නේව ඒකයි අපේ තාත්ත බකට් එකක් දාල තියෙන්නේ " ඒත් ඉතින් ඇඩ්වෙන්චර් වැඩක් කලේ නැත්නම් කිසි ගතියක් නෑනේව.!!!

    ReplyDelete
    Replies
    1. අන්න පුතා කරනවනම් වැඩේ. අවශ්‍ය උපකරණ අරං පලයං. මම කියෙව්වා. ඇඟ හොඳට වැහෙන ඇඳුමක් ඇඳගෙන යන්න කියලා ක‍ටු පඳුරු තියෙන නිසා. තව කැපෙන පිහියක් වගේ දේවල්. හොයලා බලලා ගියානම් තමයි හොඳ. :)

      Delete
  6. බොහොම ලස්සන පින්තූර එකතුවක් බව මුලින්ම කියන්න ඕනේ. මට මුලදීම තේරුණා මේ පින්තූර ගත්තට පස්සේ කිසියම් සැකසීමක් කර ඇති බව.

    අර ඉහල කොත්මලේ ජලාශයට යට වුන ඉඩම් හිමි අයට හදලා දුන්න ගෙවල් ඈතට පෙනෙන තරම් හොඳ නැහැ ළඟට ගියාම. මම 1988 - 89 කාලේ තලවාකැලේ පැත්තේ හැමතැනම ඇවිද්දා. සමහර වතු බංගලා අද නිවාඩු නිකේතන බවට පත්කර තිබෙනවා. ඒ වතු වල තමයි වචනයෙන් කියන්න බැරි ලස්සනක් තියෙන්නේ. බදුල්ලේදී වාහනයක් කුලියට අරන් තේවතු මැදින් ටිකක් දුර ගියානම් අමුතුම ලෝකයක් බලන්න පුළුවන්. ඒ ලස්සන කියන්න පුළුවන් පින්තූර වලින් විතරයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක. වෙන්න ඇති. නමුත් ඈතට පේන හැටි නම් නියමයි. මේ පාර අවුරුදු උත්සවේට ගිහින් ඉන්නවා දැක්කා. :)

      Delete
  7. පොටෝස් වල ෂැඩෝස් ඇයි බං බ්ලු කලර් වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔන්න මම උඩ කමෙන්ට් එකක කිව්වා එහෙම වෙන්නේ ඇයි කියලා.

      Delete
  8. අර ළමයි ටික ඉන්න පොටෝ එකයි ඊළගට තියෙන එකයි තමා ගොඩක්ම හිතට ඇල්ලුවෙ. අනිත් දෙක අර අවුරුදු 100කට වඩා පරණ පාලමයි ඊට ටිකක් උඩින් තියෙන දිය ඇල්ලෙ එකයි.

    අරන් තියා ගන්න වටින පොටෝ ටික.

    ReplyDelete
    Replies
    1. මාත් කැමතියි ඒකට ප්‍රියා. ස්තුතියි. ප්‍රොෆයිල් පිචර් එක වෙනස් කරලා නේද?

      Delete
    2. හ්ම්ම් ඔව් ඩූඩ් අයියෙ. අවුරුදු උත්සවේ T එක ඇඳලා එකක් දැම්මා. :)

      Delete
  9. ඇයි මේ නිල් පාට මෙච්චරටම.......??
    පොටෝ ටිකනම් නියමයි..
    ඉහල කොත්මලේ ජලාශය හදන දවස්වල බැම්ම ලඟටම ගියා.එතකොටත් පිටිපස්සේන් පේන කන්දේ තියෙන ගෙවල් හදලා තිබුනේ.ඔක්කොම එක වගේ ගෙවල්.එවයෙ ඉන්න අයටනම් අපිට වගේ සුන්දරත්වයක් නැ.
    ඔකේ එක එන්ජිමක යකඩ අස්පයෝ 2000ක්ම ඉන්නවා.අදින්න 2000යි,තල්ලු කරන්න 2000යි...

    ReplyDelete
    Replies
    1. ඔන්න නිල් පාටට හේතුව උඩ කිව්වා, Kalhan. වෙන්න ඇති වෙන්න ඇති.අර දෙවේලේ දකින කුකුලගේ කරමලේ වගේ සීන් එකක්නේ ඕක.
      අන්න හරි. එන්ජින් ස්පෙක්ස් දීපු එක හොඳයි. එතකොට අස්සයෝම 4000ක්. මට ගාඩ් කිව්වා එන්ජිම ගැන විස්තර වගයක් නමුත් ඔක්කොම විස්තර මතක නැති නිසා ලියන්න ගියේ නෑ. ස්තුතියි Kalhan ඔය නම කියවන්නේ කොහොමද සිංහලෙන්? කල්හාන්ද?

      Delete
    2. ඔව් එහෙම තමයි.
      නම වරද්දන්නේ නැතිව අහපු එක ගැන ස්තුති..

      Delete
  10. ෆොටෝ ටික එඩිට් කරනකොටනං මොකක් හරි අවුලක් වෙලා වගෙයි.

    //හැම දුම්රියපලටම මේ පාටම ගාලා තියෙන්නේ!// ලංකාවෙ උංගෙ වැඩවල හැටියට ඔහොම හරි පාට ටිකක් ගාන එකත් ලොකු දෙයක්.

    //පෙ.ව.11.55 AM: හිරුෂ Samsung Galaxy S4 එකකින් ගත්ත මේ පින්තූරේ මගේ ප්‍රියතම එකක්.// ඒකනං වෘත්තීය මට්ටමේ එකක් තමයි.

    //පෙ.ව.11.55: හපොයි! // මොකනං හපොයි ම තමයි. නාය ගිහිල්ල නේද?

    //ටොන් ගණනක් බ‍රැති මෙම යකඩ යකා, මුහුදු මට්ටමේ සිට මීටර් 1898ක උසකට ඇදගෙන යාමට බලය සපයන බලසම්පන්න ඩීසල් එන්ජිම.// අර අ‍ැනෝ අහල තියෙනව වගේ මේක ගත්තෙ කොහේ රිංගලද?

    //ප.ව.12.04: අන්න ඒකයි, ගමනක් යනකොට ලස්සන පාරේ යන්න කියන්නේ. මේ St Clair'sදිය ඇල්ල වෙන්න ඕනේ. මම හරිද?// අපි වාහනේ යන ගමං ඔය ඇල්ල ගාව පාරෙ අයිනෙ නවත්තල පාන්දරම සෙට් උන එක මතක් උනා. අපේ ගොං වාහෙලගෙ තවත් අපරාධයක් තමයි ඔය ඇල්ලට වෙලා තියෙන එක.

    //වෙන්නැති නෙවෙයි. ජීවත් වෙන්න මරුම තැනක් තමයි.// එහෙම ජීවත් වෙච්ච අය තමයි දැං අර හුණ්ඩු වල ඉන්නෙ.

    //12.17 PM: The long and winding road...// මේ පූඬළුඔය පාර වෙන්නැති. අපි යන කාලෙ ඔය පාර වගේම ජලාශයත් හදනව.

    මොනව උනත් සුද්දො ස්වාභාවික පරිසරයට බද්ධ වෙන විදියට හැම දෙයක්ම හදල තියෙනව. ඒකට අපේ උන්දැල. වැඩේ කරන්න ඉස්සෙල්ල බලන්නෙ ගස් ටික කපාගන්න.

    ReplyDelete
    Replies
    1. ෆෝටෝ ගැන ඔන්න උඩින් කිව්ව ප්‍රසන්න.
      එකම පාට ගැන කිව්වොත්, උඹට මතකද ප්‍රේමදාස ආණ්ඩුව කාලේ පාලං වල ගාලා තිබ්බ තැඹිලි ඇනි කොරෝසිව් එක.
      ඇත්තෙන්ම ඒ ගැලැක්සි එකේ ෆෝටෝස් එඩිට් කරන්න දෙයක් නෑ බං. පට්ට ක්වොල්ටියක් තියෙන්නේ.
      ඇත්තටම ඒ නාය ගිහිල්ලද? මට හිතුනේ අපේ පොල් වතු වගේ තේ වත්ත සංවර්ධනය කරන්න යනවා කියලා.
      ඔන්න එන්ජිම අස්සේ රිංගුව හැටිත් උඩ කිව්වා.
      ඉතින් උඹ කිව්වේ නෑනේ ඔය සෙන්ට් ක්ලෙයාර්ස් ද නැද්ද කියලා. මොකක්ද ඒ කරපු අපරාදෙ? ආ අර සරත් ලංකාප්‍රිය එක පාරක් ඒක ලිව්වා නේද?
      ඒ හුණ්ඩු කතාව තව දුරටත් පැහැදිළි කලොත්...?
      පුන්ඩලුඔය පාරද? මම දන්නේ නෑ බං.
      ඒක ඇත්ත. අපිට යමක් ඉගෙන ගන්න ටිකක් කල් යනවා.

      ස්තුතියි ප්‍රසන්න දීර්ඝ කමෙන්ට් එකට.

      Delete
    2. ඔය ඇල්ල මේ වගේ තියෙන්න ඕන එකක්. ඔය විදුලි බලාගාරෙ හින්ද තමයි ඔය තත්වෙට පත්වෙලා තියෙන්නෙ.

      Delete
  11. Real "Udarata Menike or Podi Menike in first photo with observation car.

    ReplyDelete
  12. //Gasoline කියන අමෙරිකානු වචනය විතරක් හැමතිස්සෙම පාවිච්චි කරන්න සිදුවුනේ මොන හේතුවක් නිසාද?//
    හොද ප්‍රශ්නයක්.
    පෙට්‍රල් ගෙන්නුවෙ ඈමරිකන් සමාගම් වූ නිසාද?

    ReplyDelete
    Replies
    1. Pra Jay ඔව් එහෙම වෙන්නත් පුලුවන් නේද? Shell, Esso, Caltex තව මොනවද තිබුන ඔක්කොම එහෙමයි නේද?

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. අපූරු ෆොටෝ ටික.. මනස්කාන්තයි..සුන්දරයි :-) මම පාවිච්චි කරන්නෙත් GIMP. හරිම ලේසියි වැඩ කරන්ට.

    ගිය අවුරුද්දේ ඔය ට්‍රිප් එකේ ටික දුරක් එන්ජින් එකෙත් යන්ට වාසනාව ලැබුනා... ඔහියේ ඉඳන් හපුතලේ වෙනකං...

    ReplyDelete
    Replies
    1. මම Gimp වලට අලුත්. අර ඇනෝ තමයි මේක ගැන මට කිව්වේ.

      මමත් හරි ආසයි බං. මම ඔහොම එයාපෝර්ට් එකේ එයා සයිඩ් එකේ ෆෝටෝස් ගන්නත් සෙට් කරගත්තා ඉෂාරට කියලා. නමුත් බැරි වුනා.

      Delete
    2. ජොලියට වගේ මේකත් ට්‍රයි කරලා බලපං.....වෙලාවක් තියෙනවානං
      http://rawtherapee.com/

      Delete
  15. Devon, St. Clair's දිය ඈලි රේල් පාරට පේන්නෙ නෑද්ද?

    ReplyDelete
    Replies
    1. Devon නං දන්නෙ නෑ. St. Clair's ඇල්ලනං පාරට පේනව. අර ෆොටෝ එකේ පහලින් තියෙන්නෙත් පාර නේද?

      Delete
    2. Sorry. St Clair's තියනවනෙ,
      Devon දිය ඈල්ල?

      Delete
    3. නැත.ඒක බලන්නනම් පාරේ වහනේකම යන්න වෙනවා.

      Delete
    4. ඉතින් උඹලා එකෙක්වත් කිව්වේ නෑනේ මේක සෙන්ට් ක්ලෙයාර් නෙවෙයිද කියලා. දැන් කියාපල්ලා, ඔය පේන්නේ සෙන්ට් ක්ලෙයාර්ද ඩෙවොන්ද?

      Delete
    5. ඔය සෙන්ට් ක්ලෙයාර් වතුර සෑහෙන්න අඩු කාලෙ
      සෙන්ට් ක්ලෙයාර් -කොට මහත
      ඩෙවොන්- උස හීනි

      Delete
    6. ඔය පේන්නේ සෙන්ට් ක්ලෙයාර්ය..
      අපේ රටේ පළලම දිය ඇල්ල.
      ඉහල කොත්මලේ නිසා වතුර නැත්තේ.පැයකට සැරයක් දවල් වෙලාවට වතුර එවනවා.රැට සම්පූරනයෙන්ම වහනවා.

      Delete
    7. ඕක සෙන්ට් ක්ලෙයාර් තමයි බන්.මම ආසම කරන දිය ඇලි දෙක තමයි ඔතන මුහුණට මුහුණ බලා සිටින ඩෙවොන් සහ සෙන්ට් ක්ලෙයාර් දිය ඇලී දෙක. ඔය පාර තමයි හැටන් සිට නුවරඑලියට යන පාර, ඒ වගේම නාවලපිටියේ සිට නුවරඑලියට යනපාර, ඔය පාරවල් දෙක එකතු වෙන්නේ ඩෙවොන් දිය ඇල්ල ආසන්නයෙන්.

      මචෝ මගේ රාජකාරි ජීවිතය ඇරඹුණේ තලවාකලෙන්, ඒ රාජ්‍ය වැවිලි සංස්ථාව තිබුන කාලේ. ඒ කාලේ කොතරම් ඔය පාරේ සහ රේල් පාරේ ගිහින් තියෙනවද? සැම සති අන්තයේම ගෙදර (නුවර) එන්නේ කෝච්චියේ..

      ඒ කාලේ ඔය පැත්ත දැනට වඩා ඉතා ලස්සනයි. තේවතු නියමෙට මේන්ටේන් උනා. දැන් බොහෝ තේවතු එතරම් ලස්සනට නැහැ.

      Delete
    8. උඹ දැක්ක කල්! මොකෝ බං අවුල?

      Delete
  16. ඡායාරූප ප්‍රදර්ශනයක් වුණත් කරන්න පුලුවන්නේ මේ ෆොටෝස් ටික දාලා :)

    ReplyDelete
    Replies

    1. ස්තුතියි හසිත. උඹලට ප්‍රදර්ශණය කලාම මදෑ. :)

      Delete
    2. සිරාවටම මම කියන්න හිටියෙත් එකම තමයි.කොහොමද නිකන් "බදුළු කෝච්චිය ඩුඩ් ගේ ඇසින්"වගේ හරි ඊට වඩා හොද නමක් එක්ක හරි තිබ්බා නම් ඡායාරූප ප්‍රදර්ශනයක්.ඔය ලයනල් වෙන්ඩ්ට් එකේ හරි කොහෝහරි තියන්න බැරියැ.නලින් අයියාට කියලා පත්තරේ වුනත් දාගත්ත හැකි නොවැ....:D

      Delete
  17. 11.49. ඇත්තටම සුරංගනා කතාවක් වගේ තමයි ඩුඩ්
    11.52. 11.55. 12.39 පින්තූර හරිම ලස්සනයි
    //මම ඔය වගේ රේල් පාර ලඟින් යන මහ පාරේ යද්දි, අපි පහුකරගෙන යන කෝච්චි දිහා කොච්චර නම් ආසාවෙන් බලාගෙන යනවද වෙනදට!// ඔය පාරෙ නේද අර "අහසට සොඳුරුද සඳ කෙතරම්" සින්දුවේ වීඩියෝ එකේ, මිනින්දෝරු කොල්ලෝ දෙන්නෙක් ගෙ ප්‍රේමයට ලක් වුණු තරුණ ගුරුවරී ගෙදර යන්නෙ?
    12.13. පින්තූර ගන්න ගිහින් ඩුඩ් ගුටි කෑවෙ නෑ නේද :D
    අපි හැමදාම බයිට් කරන නිසා ඩුඩ් අර බබාගේ ෆොටෝ දැම්මට, ඒ බ්ලැන්කට් එක ඩුඩ් ගේ ම තමයි :)
    හැබැයි ඉස්සර අපෙ හිතේ මැවෙන තේ දළු නෙළන්නියෝ ඔයිට වඩා වෙනස්, අපේ තැනිතලා මුහුදුබඩ නගරේ තේ දළු නෙළන ලඳුන් නැති නිසා වෙන්න ඇති
    අර පොඩි බබාලා ඉන්න පින්තූරේ ගොඩක් ලස්සනයි තමයි..

    ReplyDelete
    Replies
    1. අනේ දන්නේ නෑ මානවිකා ලංකාවේ ටීවී එකේ පෙන්නන ටෙලිනාට්‍ය සින්දු ගැන. ඔය නිවාඩුවකට ගියාම අහම්බෙන් දකින ටික විතරයිනේ

      තේ දළු නෙලන්නියෝ ඉස්සර පිටේ බැඳගෙන හිටියේ වේවැල් කීඩයක් වගේ මට මතක. මේවා නම් වෙනස් නේද?

      නෑ. අර ළමයින්ගේ අම්මා ඉන්නේ හිනාවේගන.

      හරි ඒ බ්ලැන්කට් එක මගේ තමයි. කාටවත් කියන්නෙපා

      Delete
  18. ඇස් වලින් කඳුළුඑනවා බං දම්පාට පින්තූර බලලා. කෝච්චියත් දම්පාටයි ගසුත් දම්පාටයි.. මොකක්හරි කරලා හදාපන්කො..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඌට දම්පාට පේනවලු. උඹනම් කලර් බල්යින්ඩ් ලොක්කා. නිල්පාටට පේනවා නම් සමාව දුන්නෑකි. දැන් මට ආයේ නිල් පාට අඩු කරලා අප්ලෝඩ් කරන්න බෑ බං. ඔහොම බලපං ලේන්සුවක් අරගෙන.

      Delete
  19. ගති ෆොටෝස් ටික ඩූඩ්! උඹ කැමැති ඒ ෆොටෝ එකට මමත් හරි කැමතියි. අපේ කමක් පේනවා.

    ReplyDelete
    Replies
    1. Thanks Aru.
      එහෙමද? ඒ අම්මා නම් දෙමළ කාන්තාවක් වගේ නේද පේන්නේ?

      Delete
  20. හරි ලස්සනයි ඩුඩ් අයියේ,මේ 4ටොස් ටික දැක්කම ඊගාව නිවාඩුවකට ඔය ගමන යන්නම හිතෙනවා....:)

    ReplyDelete
    Replies
    1. ඉතින් පලයාං. කොච්චර හොඳද? ඔය වගේ බුක් කරලා ගියානම කිසි කරදරයක් නෑ.

      Delete
  21. මමත් අර ෆොටෝ එකට කැමතියි.

    ReplyDelete
  22. Tea estate wala thiyenne paalu musala gathiyak, me tika balladi mata okkareta wage , mama yanawa kabaraya parak dala enna. :D

    ReplyDelete
    Replies
    1. මේකට මට හිනා.

      මටත් ඔහොමයි බං. වමනේ යන්න වගේ ඉස්කෝල සහ ඒවාට සම්බන්ධ පුද්ගලයෝ දැක්කාම.
      :D

      Delete
    2. අනේ පලයන් යන්න ඩුඩ් අයියේ බොරු නොකියා.ඔච්චරම අකැමතිනම් පෙ.ව 11.58 මොකටද ස්කොලයක් අර පොටෝ අල්ලලා තියෙන්නේ....:D

      Delete
    3. ඒ ෆෝටෝ ගන්නකොට දන්නේ නෑ බං ඉස්කෝල කියලා. පස්සේ බලනකොටයි දන්නේ. :D

      Delete
  23. ඔය ගැසොලින් කේස් එක මමත් කම්පනා කොරල තියෙනව. අර කලින් කියල තියෙනව වගේ තෙල් සමාගම් ගොඩක් ඇමරිකන් නිසා වෙන්න ඇති.දැන් නිකමට නෙට් එකේ බැළුවම මෙහෙම එකක් දැක්කා, :D :D
    Gasoline is called Gasoline because we call it Gasoline. ...

    ReplyDelete
    Replies
    1. Absolutely. Gasoline is gasoline.

      ගොළු බෙල්ල කිව්වම මට මතක් වුනේ, අවුරුදු දවසේ උදේම කවුද හෙමින් දොරට තට්‍ටු කරනවා ඇහිලා පොරක් දොර ඇරලා බලනවා. බැලින්නම් ගොළුබෙල්ලෙක්!
      "සුභ අලුත් අවුරුද්දක් වේවා! ගොළු බෙල්ල කියනවා. මේ මොන විකාරයක්ද කියලා හිතන පොර ගොළු බෙල්ලට පයිං පාරක් දෙනවා ඈතට විසිවෙන්න.

      ඊ ලඟ අවුරුදු දවසේ ආයේ කවුද හෙමීහිට දොරට තට්‍ටු කරනවා ඇහිලා පොර දොර අරිනවා. මෙන්න යකෝ අර ගොළු බෙල්ල ආයෙම ඇවිත්.

      "මොකද ඕයි විෂ් කරාම මට පයින් ගැහුවේ? මොළේ කචල්ද?" ගොළු බෙල්ල අහනවා.

      Delete
    2. :D :D සිරාම සිරා කථාව ඒකනං ,

      Delete
    3. අඩේ මේ ගොළු හදවතමද ගොළුබෙල්ලා වෙලා තියෙන්නේ? මම එහෙම කියලා තියෙනවා දැක්කා කොතනකදි හරි.

      Delete
  24. නියම ෆොටෝ ටික..අපිත් ට්‍රිපක් ගිය වගේ දැනෙනව බලනකොට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උමේෂ්. :)

      Delete
  25. උඩරට මැණිකේ කෝච්ච්යෙන් මං ගියපු චාරිකාව ඔබ නැවතත් නෙතට සමීපකලා. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝෂ්. සතු‍ටුයි ඒ බව දැනගන්න ලැබීම ගැනත්.

      Delete
  26. පින්තූර ටික බලාගෙන පහළට එද්දි නිකං මොකක්දෝ මන්දා නුහුරු නුපුරුදු ගතියක් වගේ දැනුනා බං.. මොකක්ද දන්නවද? කෝච්චි පෙට්ටි නිල් පාටයි!!!!!!!!!!!! මගේ හිතේ ඇඳිලා තියෙන්නෙ කොළ පාට තේ වතු මැද්දෙන් යන රතු පාට කෝච්චි පෙට්ටි.. :-)

    අර තේ වතුවල පින්තූර දකිද්දි මට තේ ගස්වල සුවඳ දැනෙනවා දැනෙනවා වගේ.. හරිම නොස්ටැල්ජික් බං.. :-(

    ReplyDelete
    Replies
    1. ඔවු, නිල් පාටට වැඩිය කොළ පාටට මැච් වෙන්නෙ රතුපාට තමයි.

      Delete
    2. හිතේ ඇඳිලා තියෙන දේට විරුද්ද දෙයක් දැක්කාම එහෙම හිතෙනවනේ බුරා. දැන් උඹ රවියයි මායි එක්ක කොයිවෙලේ හරි ඩ්‍රින්ක් එකක් දාන්න සෙට් වුනත් මට උඹව පෙනෙයි මේ ප්‍රොෆයිල් පින්තූරේ වගේ. රවියව පෙනෙයි... එක්කෝ ඕනේ නෑ. මොකටද හතුරෝ හදාගන්නේ.

      @Praසන්ன: Really?

      Delete
  27. අර සිග්නල් කණු දෙක දකිද්දී මට කතාවක් මතක් වුනා මචං.ඒක මම වෙනම ලියඤ්ඤං.

    ReplyDelete
    Replies
    1. උඹ මේක බලපං මං කියනවට. :D

      Delete
  28. පින්තුර ටික නම් නියමයි. හැමදාම් පින්තුර දාන්නේ නැතිව කතාවක් දාන්න.

    ReplyDelete
    Replies
    1. මකසි. මම පින්තූර විතරක් දාන එකෙක් නෙවෙයි. මගේ කතා කියවල බලන්න පරණ පෝස්ට් වල. අනික මේ එක පෝස්ට් එකක් හදන වෙලාවේ මට කතා තුන හතරක් ලියන්න පුලුවන්.
      Thanks.

      Delete
  29. නියම පින්තුර ටික... ෂෝක් ට්‍රිප් එක.මාත් ගොඩක් කැමති පැත්තක් තමයි ඔය.

    ReplyDelete
    Replies
    1. මේ කොයි කැස්පර්ද? Friendly Ghost වෙන්න බෑ. :)

      Delete
  30. ඔහොම ඇවිත් බදුල්ලට ආවම අල්ලගන්නම්කො

    ReplyDelete
    Replies
    1. හයියෝ. අපරාදේ. උඹට අහුවුනානම් රහට කෑමවේලක් කන්නත් තිබ්බා. අපි අර මාතර කඩෙන් කෑවා බං.

      Delete
  31. නුවර ඉදලා බදුල්ලට යනකොට ඉදගෙන යන්න හොදම පැතත මොකක්ද? (ලස්සන දර්ශන බලන්න පුලුවන්)

    ReplyDelete
    Replies
    1. දකුණු පැත්ත,
      වම් පැත්තෙ ගොඩක් වෙලාවට කන්ද තියෙන්නෙ.

      Delete
    2. ස්තුතියි ගොළු බෙල්ලා. මෙකක්ද බොලග් එක, වෙිලාවක එන්නමි

      Delete
    3. මම ලියන්නෙ නෑ අෆ්ෆා, :)
      කියවනව විතරයි. :D

      Delete
  32. This comment has been removed by the author.

    ReplyDelete
  33. මෙයාලා විනාඩියෙන් විනාඩියට වගේ පින්තූර අරන්නෙ. මං හිතන්නෙ එක දුම්රිය ගමනකදි වැඩිම ඡායාරූප ගත් පුද්ගලයින් විදිහට ඩූඩුයි පුතයි වර්ල්ඩ් රෙකෝර්ඩ් එකක් තියල ඇති..කෝකටත් ටිකක් හොයල බලන්නකො. :D

    හැබැයි ඇත්තටම මේ පිංතූර ටික සෑහෙන්න වටිනවා ඩූඩ්... හැමදාම මේ ගමන ගැන පෝස්ට් බලද්දි යන්න තියෙන ආසාව වැඩිවෙනවා... g-)

    ReplyDelete
    Replies
    1. හැබෑට එහෙම චෑන්ස් එකක් තියෙයිද ඈ? අර ගිනස් පොතේ නම ලියාගන්න?

      ඉතින් කිය කියා ඉන්නේ නැතුව යන්නකෝ.

      Delete
    2. හැබෑට එහෙම චෑන්ස් එකක් තියෙයිද ඈ? අර ගිනස් පොතේ නම ලියාගන්න?

      ඉතින් කිය කියා ඉන්නේ නැතුව යන්නකෝ.

      Delete
  34. මම පට්ට මලෙන් ඉන්නෙ.උබ කලින් කමෙන්ට් වලට උත්තර දිල නැති නිසා.එක නිසා මෙක නොබලන්නත් කමෙන්ට් නොකරන්නත් තිරනය කරා.එකනිසා මම මෙ පොස්ට් එක බැලුවෙ නැ.
    එක නෙමෙයි උබ අර ෆොටො එකට කැමති වම්පැත්තෙ කොන නිසා නේද

    ReplyDelete
    Replies
    1. ඒ මොකද බං හා පෙන්නහං බලන්න මම උඹට උත්තර දීපු නැති තැනක්? මම උඹට රිටර්න් එක දෙන්න උඹ කරන විහිලු වලට හිනා නොවී ඉන්න තීරණය කලා.

      නෑ බං. ඒමගේ ටේස්ට් එක නෙවෙයි. අවංකවම. මම උන්දැව දැක්කෙත් ෆෝටෝ එක බලනකොටයි.

      Delete
  35. / ගමනක සතුට! මොකක්දෝ හේතුවක් නිසා මම මේ පින්තූරෙට හරිම කැමතියි. /

    මමත් කැමතියි..ස්වභාවික පරිසරය මොන තරම් චමත්කාර ජනක උනත් මිනිස් මුහුණක් සහිත ඡායාරූපයක තියෙනව එව්වයෙ නැති මහ අමුතු මොකක්ද එකක්.... :)

    ReplyDelete
    Replies
    1. ඇත්තට? මිනිස් මූණක් තියෙන පින්තුර වලට උඹ කැමතියි කිව්ව? ඇත්තෙන්ම මට නම් එහෙම විශේෂත්වයක් නෑ.

      තැංකූ වේවා.

      Delete
  36. පින්තූර බලලා මගේ හිතට ආව දේවල් ගොඩකට ඩූඩ් උත්තර දීල තියෙනව උඩ... එහෙනම් අර මං ආසයි කිව්ව දම් පාට තියෙන පින්තූරෙටත් උනේ ඕකමද...?
    කවුද මේ කෝම්පිට්ටු උඩ තේ වැව්වෙ...
    පින්තූර ටික නම් හරිම ලස්සනයි, පැහැදිලියි... මේ තේ වතු දකිනකොට මට අපේ එව්ව මතක් වුණා... ඒ කාලෙ ආසාවට දළු කඩපු හැටි මතක් වෙලා තේ ගස්වල සුවඳ නහයට දැනෙනව වගේ උනා...
    11.55 තියෙන්නෙ නම් නාය ගියපු එකක්ම වෙන්න ඕන ඩූඩ්... ඔය පැති නාය යන ඒවට ප්‍රසිද්ධයිනෙ... උවමනාවෙන් කපපු එකක් නම් ඔය විදියට අපිළිවෙලට තියෙන එකක් නෑ... අනිත් එක ඒක හොඳට මේන්ටේන් කරපු තේ වත්තක්...
    අය්යෝ අර දිය ඇල්ල හීනි වෙලා ගිහින් තියෙන හැටි... ඒක එහෙම උනේ ඇයි කියල දැනගත්තම හිතුනෙ ආයෙ අපට කවදාවත් ඕක ඉස්සර තිබුනු විදියට දකින්න ලැබෙන එකක් නැද්ද කියලා...
    ඔය පාරවල් අයිනෙන් කෝච්චිය යනකොට මිනිස් පුළුටක්වත් හිටියෙ නැද්ද බං ඒවයෙ...?
    12.14 පේන ගෙවල් හරි පුංචියි වගේ නේද... ඒවද ගෙවල් යට වුනු කට්ටියට දීලා තියෙන්නෙ...?
    දැන් දළු නෙලන අයගෙ කූඩ වෙනස් වෙලා වගෙයි නේද... වේවැල් කූඩ අභාවයට ගිහින්ද...
    ඔය හරියට ශ්‍රී පාදය පෙනෙන එක පුදුමයක් නෙවේ ඩූඩ්... ඉස්සර මං පාන්දර කොළඹ යන දවස්වල, කළුතර පාලම උඩින් යනකොටත්, අහස පැහැදිලි නම් දකුණු අත පැත්තෙන් පෙනුනා ශ්‍රීපාද කන්ද...
    අර ඩූඩ් කැමතිම ළමයි ඉන්න පින්තූරෙ දැක්කම ඒක නිකම් ළමා චිත්‍රපටයක කෑල්ලක් වගේ මගේ ඔළුවට ගියේ... ඒක ලස්සනයිම තමා...
    අම්මෝ... මගේ කමෙන්ට් එක පෝස්ට් එකක් වගේ... ඔන්න ඔහේ මෙහෙම්ම දානවා... බනින්න එපා බං...

    ReplyDelete
    Replies
    1. අපේ ඒවා කිව්වේ උඹලට තේ වතු තිබුනද? ඒ කියන්නේ උඹලා දෙනියාය පැත්තෙ වෙන්නැති නේද? අපිට නම් අපරාදේ කියන්න බෑ තේ පොල් රබර් කුරුඳු වී මොනවත් නෑ.

      ඇත්තටම ඕක නාය ගිය එකක් කියලා අම්ට හිතුනේ නෑ. මම හිතුවේ 'සංවර්ධනය' කරන්න හදනවා කියලා.

      දිල ඇළි ගැන ඔය අනිත් උනුත් දුක් වෙලා තියෙන්නේ. ඒ ඇයි කියලා ඇහුවාම තමයි මම කතන්දරේ දැනගත්තේ.

      මිනිස් පුලුටක්වත් නැති තැනුත් තියෙනවා. නමුත් පින්තූර ඔක්කොම දාන්න බෑනේ බං. ‍තෝරලා බේරලත් මෙහෙම නම්, ඩේට වලට අතින් ගෙවාගෙන කාලයත් කාගෙන ඔක්කොම දැම්මොත් කොහොම බැනුං අහන්න වෙයිද උඹලගෙන්. :D

      අනේ දන්නෑ බං, ඒ ගෙවල්ද යට වෙච්ච අයට දුන්නේ කියලා. එහෙම දැනගන්න කෙනෙක් නෑනේ. අපි එක්ක හිටියේ එක්කෝ සුද්දෝ, නැතිනම් අපි වගේම කාලෙකට පස්සේ කෝච්චියේ යන අපේ උන්.

      කමෙන්ට් වගේ පෝස්ට් වලට වඩා, පෝස්ට් වගේ කමෙන්ට් වලට මම හරි කැමතියි. ඒකනේ රවියගේ බ්ලොගට මම කැමති.

      Delete
  37. අනේ අර පොඩි එවුන් ටික ඉන්න පින්තුරේට මමත් හරිම කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඒකට හුඟ දෙනෙක් කැමතියි වගේ. ස්තුතියි සයුරි.

      Delete
  38. ඡායාරූප සංස්කරණයේදී කන්ට්‍රාස්ට් වැඩි වී ඇති බව පෙනෙයි...ඡායාරූපයෙන් ඡායාරූපයට වර්ණ මට්ටම් වෙනස් නිසා එකම සැකසුම හැම එකකටම ගැලපෙන්නෙ නෑ. තලවාකැලේ දුම්රිය ස්ථානයේ ගොඩනැගිලි බටහිර ගෘහ නිර්මාණ ශිල්පය හොදින් මතක් කර දෙන තැනක්...අපිත් ඔතනින් බැහැලා නුවර එළි ගිය කොල්ලො අරිද ? ඔයා අර කැමතියි කියලා දාලා තියෙන ෆොටෝ එකේ ඒ ළමයින්ගෙ අම්මගෙ අමුතු ලස්සනක් තියෙනවා නේද...කැමරාව දිහාද කඩවසම් හෙන්රි ගොයියා දිහාද එයා එක එල්ලේ බලාන ඉන්නෙ කියලා මට හිතාගන්න බැරුවයි ඉන්නෙ...

    ReplyDelete
    Replies
    1. එහෙමද? උඹලා එතනින් බැහැලා නුවර එළි ගිය කොල්ලෝ? එහෙනම් අපි සලකනවා මදි.
      අර පින්තූරේ ගැන මම ඔන්න උඩ කමෙන්ට් එකකත් කිව්වා.

      Delete
  39. Nice pics, love to make this journey n I am a hike lover too. Btw I realised you seem to know my uncle Umesh and stories you have written about us(Padidilians), just great n fun :)

    ReplyDelete
    Replies
    1. Thanks Kanishka. Are you Kandale? If so there was a post about you too. Actually I was looking up for you guys in Facebook and generally in the net but found no trace. If you are I'm so happy I found you. Where are the other dudes? Umesh, Suresh and the sisters?

      Delete
  40. පාටේ අවුලක් තියෙනවා නේද මචන්?
    දැන් මේක නිකම් ගෝ එකට කියනවා හෙම නෙමෙයි. ලෝකේ කොහේ ඇවිදලා ආවත් ලංකාවේ තියෙන සෞන්දර්‍ය ඒ කොහේවත් නෑ බං. එතකොට නිකම් කට ඇරිලා උඩ බලාගෙන පැය ගණන් ඉන්නවා දැනෙන්නේවත් නෑ. ඒවෙලාවට අර ජප්පොන්ට හිනාවෙන මම මට මතකවත් නෑ. ( මෙහේ එන ජප්පෝ මචන් පරණ පල්ලියක් හා ඔය මොකක් හරි දැක්කම උන්ගේ ආමන්ඩ් ඇස් ලොකු කරලා එහෙම පිටින්ම ඇරලා උඩ බලාගෙන යන්නේ. ඉස්සරහට එන එකාගේ ඇඟේ හැප්පෙනකම් දන්නේ නෑ. ඉතින් ඒකට අපි හිනාවෙනවා ජප්පෝ බලනවා වගෙ කියලා)

    ReplyDelete
    Replies
    1. පාටේ අවුල ගනං ගන්නෙපා. ඔය මැගසීන් වලත් තියෙන්නේ සමහර කලර්ස් එන්හෑන්ස් කරලා එක එක ඉෆෙක්ට්ස් අරගෙන.

      එතකොට අපි බණ්ඩා කොළඹ ගියා වගේ කියන එකමයි උඹලා ජප්පා ඉටලි ගියා වගේ කියලා කියන්නේ නේද?

      මමත් ඔය කොලෝසියම් එක හෙම දැක්කොත් එහෙම බලයි කා ඇරගෙන ඔය කිව්වට. :D

      Delete
  41. //..........ප.ව.12.04:

    අන්න ඒකයි, ගමනක් යනකොට ලස්සන පාරේ යන්න කියන්නේ. මේ St Clair'sදිය ඇල්ල වෙන්න ඕනේ. මම හරිද?.........//
    මහ පාරට උඩින් කෝච්චි පාරෙ යනගමන් සුන්දර දියපාරෙ දර්ශනයක් මටත් බලන්න තිබුනානම් හුළං පාරකුත් වැදී වැදී.......

    ReplyDelete
    Replies
    1. වෙලාවට අද නිවාඩු දවසක් උනේ. නැත්නම් ඉතින් නිවාඩු දාගෙන කමෙන්ට් කියවන්න එපැයි.මේ පින්තුර ටිකත් අපේ රටේ රතු මැයි රැළිය වගේ. නිල් පාටින් දිදුලනවා.

      පුතණ්ඩියා වගේ කැමරාවක් ගන්නැතුව කැමරා ෆෝන් එකක් ගත්තනම් ඉවරයිනේ. එකේ ෆොටෝස් ඔයාගේ කැම් එකට වඩා කොලිටියි.

      අර 9වෙනි පින්තූරෙනම් නායක් නෙවෙයි. මොකක් හරි ඉදිකිරීමකට ගෙපලක් කපලා. කරලා තියෙන කැපකිරීම අනුවනම් එක්කෝ හෝටලයක් නැත්නම් සල්ලිකාරයෙක්ගේ බංගලාවක්.

      මාත් පොඩිකාලේ ගෙදර කට්ටියම එක්ක බදුල්ලෙ ගිහින් තියෙනව ඔය වගේ ට්‍රිපක්. අම්මගේ වොරන්ට් එකෙන්. මට මතක එකම දේ කාත් එක්ක හරි කැන්ටින් එකට ගිහින් ආපහු තනියම අපි හිටපු පෙට්ටියට එන්න ගිහින් අතරමන් වෙච්ච එක විතරයි. එදා ඒ පෙට්ටිය හරහා දෙතුන් පාරක් එහෙමෙහෙ ගිහින් අඬන්න ඔන්න මෙන්න තියෙද්දී අපිත් එක්ක ගිය මිස් කෙනෙක් මගේ අතින් අල්ල ගත්තා. හපොයි...

      Delete
  42. තව ටිකකින් මගේ උපන්ගමට එනවා.... 80 ගනන් වල ග්‍රේට් වෙස්ටර්න් ස්ටේෂන් එක ගිනි ගත්තා මොකක් හරි වෙලා... අපේ ගෙදර ජනේලෙන් ඒක පෙණුනා.... පොඩි නිවාඩුවක් ගත්තා බං.... ඊළඟ එකත් දාපං ඉක්මනට.... අර ළමයි කෝච්චියේ කවුළුවෙන් බලන් ඉන්න එක වගේම එකක් මමත් අරං තියනවා... මම හිටියේ හිටාචි එකේ.. ඒ නිසා වීදුරු අරින්න බැහැ.. අපේ කැරේජ් එකේම ලයිට් වගයක් ඒ වීදුරුවේ රිෆ්ලෙක්ට් වෙලා පොඩ්ඩක් අවුල් වුණා..

    ReplyDelete
    Replies
    1. වීදුරුවක් පිටිපස්සෙ ඉඳලා ගන්න ඒවට ඔය අවුල තියෙනවා. අපෙත් රෝඩ් ට්‍රිප් වල ඒවායින් සීයට අසූවක්ම වගේ වින්ඩ්ෂීල්ඩ් එක හරහා ගත්තුවා. ඕක වෙනවා ප්ලේන් වල ඉඳන් ගන්න ඒවටත්, වීදුරුවට ලං කරලා නොගත්තොත්.

      Delete
  43. මේ ගමන අපිත් ගියා වගේ දැනුනා ඡායාරූප ටික දැක්කාම.

    ReplyDelete
    Replies
    1. ටිකට් නැතිව දුම්රියේ ගමන් කිරීමට දඩය රුපියල් විස්ස හා ගමන් ගාස්තුව මෙන් දෙගුණයකි.
      :))

      Delete
  44. ඩුඩ් ඔක්කොටම කලින් කියන්න ඕනේ කමෙන්ට් දාන්න පරක්කු වෙන්නෙ ඉස්සර වගේ මැල් එකට නොටි‍ෆිකේශන්ස් එන්න් නැති නිසා.....ආයෙම ඒක හදා ගන්න ඕනේ.... w-)

    හැමදාම වගේ හරිම ලස්සන් ෆොටෝස්.... :-h හරිම ලස්සන පැත්තක්...... උශ්නත්වයත් සනීපයිනෙ....... අර මල්ලි ගත්ත කිව්ව ෆොටෝ එකත් හරිම ලස්සනයි... :-g ..ඔය තුන් දෙනා නම් ෆොටෝ ගන්න හරිම දක්ශයි..... :-f

    ප.ව.12.45 Aඹ්: ටැබ්ලට් එක අතින් ගෙන මග බලා හිඳින දුම්රිය ස්ථානාධිපති..." මෙන්න මේක කියෙව්වම මම හිතුවෙ Samsung tab ekak වගේ tab එකක් කියල.....ෆොටෝ එක ඇතුලටම එබිල බැලුව හහ් හහ් හහ් =))

    ඉතුරි ටිකත් ඉක්මනටම දාන්න ඩුඩ් වෙලා ගියත් කමක් නෑ ඒව හරිම වටිනව :-D y-)

    ReplyDelete
    Replies
    1. ඒකට මම හිතන්නේ ආයෙ පාරක් ඊමේල් එක දාලා රික්වෙස්ට් කලා නම් හරියයි.

      ඔව් මේක combined effort එකක් තමයි. ෆෝටෝස් ගැනිල්ල ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ.

      හයියෝ. මට නම් එහෙම පටලැවිල්ලක් වෙයි කියලා හීනෙන්වත් හිතුනේ නෑ. ටැබ්ලට් එක කියන්නේ සුද්දන්ගේ කාලේ ඉඳලා තියෙන හිකං කවරේ දාපු ෆෑන්බෙල්ට් එකක් වගේ ගැජට් එකක්. ඒක තමයි ස්ටේෂන් එක පහුකරලා යන්න දෙන අවසරය.

      Delete
  45. ගාමිණි කාලෙකින් නොලිවුවෙ ඇයි ? හෙන්රි මල්ලිගෙ හොඳ යාළුවා නේද ?

    ReplyDelete
    Replies
    1. මම ගාමිණීගෙන් මේක අහලත් යැව්වා. තාම උත්තරයක් ලැබුනේ නෑ. මම හිතන්නේ හිනම බිසි ඇති. ආයෙම බලන්නම්.
      යකෝ මම මල්ලි නෙවෙයි. අයියා.

      Delete
  46. ලස්සන සටහන් පෙලක් ඩූඩ්. පින්තූරුත් ගොඩක් වටිනවා...ලංකාවේ මේ වගේ ලස්සණ තැන් පෙන්නලා දුන්නටත් ගොඩක් ස්තූතියි.

    රඟපාපු නලු, නිලියෝ ගැනත් කියලා වැඩක් නෑ.
    දීපාගේ අමුතු ලස්සණක් තියෙනවා නේද? :D

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ අර අනිත් පෝස්ට් එකට දාලා නැතිවෙලා කියලා අඬ අඬ හිටපු කමෙන්ට් එක. හනේද කියන්නේ.

      හැබැයි මේවට සල්ලි හම්බවෙන්නේ නෑ. නිකං ගරු රඟපෑම්.

      Delete
  47. හරි... කෝචිචි කතාව ඉවරකළා. ප්‍රශ්න ඇහුවෙත් නෑ, වැඩිය දිගට කමෙන්ට් කළෙත් නෑ. පරණ පෝස්ට් එකක් නිසා ඩූඩ්ගෙන් උත්තර ලැබෙයිද කියල ෂුවර් නැති නිසා.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් හැම එකකටම උත්තර දෙන්න අවශ්‍ය නෑ කියලා සමහරු කිව්වත්, මම නම් මම කරපු කමෙන්ට් එකකට උත්තර බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම උඹලගෙ කමෙන්ට් වලට උත්තර දෙන්න හැකි හැම උත්සාහයක්ම ගන්නවා. අද මේ ඉඳගෙන ඇරියස් කවර් කරනව. පණ යන වැඩක් බං.
      එහෙම වෙලත් කමෙන්ට් කරපු එකට බොහොම ස්තුතියි DDT.

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>