ගෙදරින් එලියට බහින කොටම හූනෙක් “චුක්
චුක්” ගෑවොත් නම් ඒක බාදාවක් කියනවනෙ. එතකොට අල්ල කසන්නෙ සල්ලි හම්බවෙනලු.
තව,… කපුටෙක් ගේ ලඟටම ඇවිත් “ක්‍රාව් ක්‍රාව්” ගාල කෑගැහුවොත් නෑදෑයො
එනවලු. නමුත් දන්නවද බල්ලා පස්ස පැත්තෙන් යන්නෙ ඇයි කියලා?
මම නම් හිතා හිටියෙ, බල්ලා ‘අර වැඩේ’
ඉවර කරලා, පස්ස පැත්ත පිහදාගන්න ටොයිලට් පේපර් එකක් වෙනුවට තණබිම පාවිච්චි
කරනවා කියලයි. ඇත්තෙන්ම මම හිතන් හිටියෙ මෙහෙමයි දවසක් කණ්ඩාලෙ, “අද අපේ ගෙදර කවුරු හරි එනවා… අපේ බල්ලා පු*න් ගියා!” කියලා මහ හඬින් තාලයට ඇදලා පැදලා ගායනා කරන කල්.
මම නම් ඒ තියරිය ඇහුවාමයි. මේකා මේක ගායනා කලෙත් අර පැඩිඩිලියන්ලාටම ආවේනික, කැටයම් සහිත භාෂා විලාශයෙන්, කටින් වෙට්‍ටු හෙම දාලා.
කණ්ඩාලෙ පැඩිඩිලියන් ගෙදර හිටපු, ශරීරයෙන් කුඩා, හුරුබුහුටි, වයසට වඩා පැහුණු , කටකාර කොලු පැටියෙක්. උමේෂ්ගෙ අක්කෙක්ගෙ පුතා. මම ඒ දවස්වල දැක්කට පස්සෙ දැක්කෙම නෑ. දැන් බ්ලොග් එකක් හෙම ලියනවද දන්නෙත් නෑ.
දවසක් සුරේෂුයි
මායි ඇවිදින්න යනකොට කණ්ඩාලෙත් පස්සෙන් වැටිලා ආවා. සෑහෙන දුරක් ඇවිදගෙන
ගිය අපි අඹතැන්නෙ කඩේකට ගොඩවුනා, තේ එකක් බොන්න. කඩේ මේසෙ උඩ තිබ්බා අති
දැවැන්ත ගෙඩි තියෙන ආනමාලු ඇවරියක්, සාමාන්‍ය ආනමාලුවලට වඩා දෙගුණයක් විතර
විශාල. සුරේෂුයි මායි ගෙඩි දෙකක් කඩාගත්තා. කණ්ඩාලෙත් අපිව අනුගමනය කරමින්
ගෙඩියක් කඩාඅගත්තා. ඇත්තෙනම කොල්ලට වැඩිය පොඩ්ඩයි කෙසෙල් ගෙඩිය පොඩි. නමුත්
කණ්ඩාලෙත් සීඝ්‍රයෙන් වැඩේ දීගෙන, දීගෙන යනවා.
සුරේෂයයි මායි මූණෙන් මූණ බලාගෙන, කණ්ඩාලෙයා මේ කෙසෙල් ගෙඩිය සම්පූර්ණයෙන් බස්සයිද, නැද්ද, කියන එක ගැන සැක පහල කරනවා.
“ඈ බං සුරේෂ්, මූ මේක කයිද ගත්තට?”
“ඒක තමයි හෙන්රි අයිය මාත් කල්පනා කලේ.”
“මූත් අරින්නෙ නෑ වාගෙ ගේම. බලාපංකො දැන්!”
“මේකා මේක කාලා, රෑට බත් නොකෑවොත්, අපි දෙන්නට පෝරියල් එක ගෙදරින් අද!”
“අඩේ, බලපං මූ වැඩකාරයා! අර බාගයක්ම බැස්සුවා කොහොම හරි! අනේ දෙයියංගෙ පිහිටයි උඹට කණ්ඩාලෙ!!”
ඔය විදියට, ටිකකින් මේකා කෙසෙල් ගෙඩියම බස්සලා, ලෙල්ල තිබ්බා මේසෙ උඩින්.
ඊට පස්සෙ ගුඩුස් එකකුත් යැවුනා හයියෙන්ම.
ඊට පස්සෙ ගුඩුස් එකකුත් යැවුනා හයියෙන්ම.
“ඒයි කණ්ඩාලෙ ගෙදර ගිහින් මමීට කියන්නෙ හෙම නෑ කෙසෙල් ගෙඩි කාපු කතාවක් හරිද?”, සුරේෂ් අනතුරු හැඟෙව්වා.
“බොරු කියන එක හරි නෑනේ,” කණ්ඩාලෙ කිව්වා, “පොඩි මාම කියන්න ‘ඔන්න ඔය චූට්ටං කෙසෙල් ගෙඩියක්ද කොහෙද නම් කණ්ඩාලෙයා කෑවා‘ කියලා.”
මේක දැක්ක ගමන් මට හිතුනු දේ කලින් කමෙන්ට් කරල තියෙනව. බොරු මොටද ඔන්න කවද හරි මටත් පුතෙක් හිටියොත් ඌත් මේ වගේ වෙනවනම් මම කැමතියි. :)
ReplyDeleteඇත්තම කිව්වොත් මාත් කැමති එහෙම එකෙකුට. මට නම් ඉන්නවා එහෙම එකෙක්.උඹටත් එසේම වේවා DDT!
Deleteමම මේක කලින් කියවලා තියනවනේ???
ReplyDeleteඇයි නැත්තෙ මාල්, ඒ මගෙම බ්ලොගේ තමයි. මට හිතෙන හැටි! මම ඩබල් ඇක්ටිංනෙ! :)
Deleteකලින් කියෙව්වා වගේ මතකයි..
ReplyDeleteඒත් අප්පා මේකගේ මේ කටට වගේම බඩතේ දෙයියන්ගේම පිහිටයි.. හි හි
ඔන්න ඉතින්හිරූටත් අමතක වෙලා. ඒ මගේ අනිත් වර්ඩ්ප්‍රෙස් "මට හිතෙන හැටි" බ්ලොගේ. මේකෙ අලුත් පෝස්ට් වගේම අරකෙ තියෙන පෝස්ට් transplant කරන එකත් කරනවා. අපරාදෙනෙ දුක් විඳලා ලියපුවා. :)
Deleteබ්ලොග් තුනක් නඩත්තු කරනවා කියන්නෙ ගෑණු තුන්දෙනෙක් කසාද බැන්දා වගේනෙ බන්.. මොකක්ද මේ සාර්ථකත්වයේ රහස ?
ReplyDeleteඅනිත් එක උඹේ මේ "මගේ ඩෙනිම" කියන එක මට හැමතිස්සෙම "මගේ වෙඩිම" කියලා පේන්නේ ඇයි ?
"මගේ වෙඩිම"
Deleteහෙහ් හෙහ් හෙහ් ......
අන්න සෙන්නා උඹට තමයි ඒක තේරුනේ! හෙහ් හෙහ්! මම මුල ඉඳන්ම බ්ලොග් දෙකක් නඩත්තු කරලා පලපුරුද්ද තියෙනවනෙ. හිතලා බලාපං කමෙන්ට් වලට උත්තර ලියන එක!
Deleteමගේ වෙඩිම තමයි බං. මල මගුලයි! :D
අති දැවැන්ත ආනමාලු??? නේත්‍රප්පලම් ද...
ReplyDeleteමම මේක ඉස්සෙල්ලම දැම්මාමත් හුඟ දෙනෙක් ඔහොම කිව්වා. මම හිතන්නෙ එහෙම වෙන්න ඇති චන්දන.
DeleteDDT. Maal,හිරු, සෙන්නා,Chandana, හෙට අපේ ඉස්කෝලෙ Open Day එක. මේ දවස්වල ජීවත් වෙන්නෙ ඉස්කෝලෙ. ඉතින් ඒක ඉවර වුන ගමන් උඹලා ඔක්කොටම වෙන වෙනම උත්තර දෙන්නම්, එතකල් සමාවෙයල්ලා. ඒ වගෙම බොහෝම ස්තුතියි කමෙන්ට් වලට.
ReplyDeleteමගේ කපාපු පළුව වෙන්න ඕනේ පොර හිකිස්.........
ReplyDeleteකෝරළේ මහත්තයගෙ කෙරුවාවලුත් ඔය තියෙන්නෙ බ්ලොග් එකේ, නැද්ද? හෙහ් හෙහ්!
Delete:) නැවත කියවීම :)
ReplyDeleteජය අංකල් :)
patta podi ekaa
ReplyDeleteohoma thamaa poddo inna one
knarunuru gaane nathuva kanna one :)
මට මේක මිස් වෙලානේ... (උපුටා ගැනීමකි)
ReplyDeleteමරු කොලු ගැටයා හෙන්රි අයියේ. ඇත්තටම ඌ දැන් මොනවා කරනවා ඇද්ද?
මේක බලද්දී අපේ කට්ටියගේ පරණ ප්‍රොෆයිල් පික් එහෙමත් දැකගන්න ලැබුණා. මරුනේ එව්වා.....