මතක ඇතිනෙ පැඩිඩිලියන් අංක එක? මේ ඒ සීරීස් එකේම තව කතාවක්.
සුරේෂ්
තමයි උමේෂ්ගෙ මල්ලි. මම මාස කීපයක් ඒ ගෙදර බෝඩ් වෙල හිටියනෙ. බෝඩ් වෙලා
හිටිය කිව්වොත් ඇත්තටම ඒක පැඩිඩිලියන් පවුලට කරන අපහාසයක්. ඒ මොකද මම හිටපු
මුලු කාලෙටම, බෝඩින්ං ගාස්තු කියලා සත පහක් වත් අයකලේ නැති නිසා.
යකෝ,
උඹ මේ බ්ලොග් එකක් අටවගෙන කරන්නෙ, ඒ මිනිස්සුන්ට මඩ ගහන එක නේද කියල
කෙනෙකුට දැන් හිතෙන්න පුලුවන්. නමුත් මගෙ චේතනාව පවිත්‍රයි. මේ කරන්නෙ
ඇත්තටම උපහාරයක් කියලයි මට හිතෙන්නෙ. තව තව උපහාර, තව තව ඉස්සරහට. ඔහොම
යංකෝ.
පැන්නනෙ පීලි. මේ පවුලෙ උන් ඔක්කොම මට ඒ දවස්වල මගේම පවුලෙ උන් වගේ තමයි. තමන්ගෙම දරුවෙකුට වගේ තමයි මමීත් මට සැලකුවෙ ඇත්තටම.
ඉතිං,
මේ නොමිලේ වාසය කිරීම හිතට වද දෙන නිසා. මම දවසක් ලොකු එළවලු මල්ලක් අරං
ගෙදර ආවා.
ගෙට ගොඩ වෙනකොටම ඕක දැකපු සුරේෂයා උගෙ අර කැත හිනාව දාලා "කොහෙද
බං උඹ මේ යන්නෙ අතිං කටිං එල්ලගෙන?" කියල ඇහුව.
මමත්, "මේක ගිහිං ඇතුලෙං තියපංකො හොඳ එකා වගේ" කියලා කිව්ව ගොනා වගේ.
"ඒයි! උඹ මේ මෙහෙටද ඕක ගෙනාවෙ?" කියපූ මූ බෙරිහන් දෙන්න ගත්තෙ නැත්ද,
"මමී, මමී, මෙහෙ එන්න. මේං මූ නැදෑ ගම් ඇවිල්ල."කියල.
කට්ටියම දුවගෙන ඇවිත් මාව වටකරගෙන, කිච කරා මාව නැතිවෙන්නම.
ඊට පස්සෙ මං ගෙනාපු එළවලුවක් උයන ගානෙ මාව මඩවනවා.
"අද උයල තියෙන්නෙ පරිප්පුයි, හෙන්රියගෙ/අරූගෙ/උඹේ (සුදුසු වචනය යොදා) බෝංචියි, පපඩනුයි..." යනාදී වසයෙන්.
කොහොම
හරි කතාව ඉවරවෙන්නෙ මමී මන් දිහා හිනාවක් එක්ක බලං ඉඳල " You are a
wonderful..." කියනකොටම මම පැනල, " idiot " කියල සම්පූර්ණ කරනව මමී ඊට
වැඩිය හොඳ වචනයක් දාන කලිං..
ඒ
එළවලු ටික ඉවරවෙච්ච දවස මට පුදුමාකාර අස්වැසිල්ලක් සහනයක් ලැබිච්ච දවසක්
කියලයි මට හිතෙන්නෙ. පස්සෙ මම හොස්ටල් එකට යන කල්ම, ඒ වගෙ ගොං වැඩක් කලේ
නෑ.
ඉතුරු කතා පස්සෙ අහමුකො.
Monday, September 24, 2012
03. වරදකාරී හැඟීමට එළවලු වලින් ප්‍රතිකාර
Labels:
පැඩිඩිලියන්ලා,
මතක මාවත දිගේ,
යාලු මාලුවන්ගෙ කතා
:)
:(
:))
:((
=))
=D>
:D
:P
:-O
:-?
:-SS
:-f
d(
:-*
b-(
h-(
g-)
5-p
y-)
c-)
s-)
d-)
w-)
:-h
:X
Show Emoticons
34 comments:
වැඩ දාලා කමෙන්ට් කරන්න:
Video: Youtube video link
Images: [im]...........................[/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
නා ගන්නෙ නැතුව HTML දාන්න.
ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>
Subscribe to:
Post Comments (Atom)
නොමිලේ ම ගෙදරක ඉන්න කොට ඔහොම දෙයක් කරන්න හිතෙනවා තමයි. ඒ අය හරිම හොද මිනිස්සුනේ.
ReplyDeleteඔව් චන්දන අර ගිල්ටි ෆීලිං එක හිතට වද දෙනවනෙ. කන කෑම ගිලෙන්නෙත් නෑ. ඒ මිනිස්සු නියම මිනිස්සු තමයි. ඒකෙ දෙකක් නෑ.
Deleteහි හි....මතකයි එයාල ගැන..කියන්නකෝ ඉතිරි කතා ටිකත් එහෙනම් අපිට අන්කල් හ්ම්ම් :)
ReplyDeleteඅන්න ඒකනෙ. ඔව් ඔව් කියනවා හිරුහිමාවි. :)
Deleteඅන්න හරි.. දැන් මේක මගේ රෝලේ එල්ල ගත්තාම හොය හොයා යන්න වෙන්නේ නැහනේ..
ReplyDeleteඒකනෙ සරත්. බොහෝම ස්තුතියි.
Deleteම්ම්ම්... මොකද සරත් අර උඩ මෙම්බර්ස්ලගෙ ලිස්ට් එකේ ඔයාගෙ ටෙඩිබෙයා මූණ නැතුව ඇනෝ වගෙ ඉන්නෙ? :)
ඉල්ලන් කනවා කියන්නෙ ඕවට වෙන්නැති :P
ReplyDeleteමේකයි ළිහිණි, මේ දේම මම නැවත වතාවක් කරනවා මේ වගෙ අවස්ථාවකදි. ඔයාත් ඒකම කරවි කියලා මට ෂුවර්. අපෝ අර ඇනෙක්ස් ආන්ටි වගේ නං ඕන්න කිසීම ප්‍රශ්නයක් නෑ. :D එයා එහෙම එහෙම එකක් කලොත් බස්නාහිරින් ඉර පායයි නේහ්? :D
Deleteනිකම් කකා ඉන්නකොට හිතට මහා අපහසුවක් දැනෙනව නේන්නම්... ඒත් අර මිනිස්සුන්ට දැනෙන්න ඇත්තෙ තමුන්ට මහා අපහාසයක් කළා වගේ... කඩෙන් සල්ලි දීල ගෙනත්ම පරිප්පු කාල තියෙන්නෙ නැතිවෙන්න... :D
ReplyDeleteහැම එකාටම, හැම එකා වෙනුවෙන්ම එහෙම දැන්නෙනෙත් නෑ මියුරු.
Deleteඔව් බං පරිප්පුත් ගෙනාව වගෙ තමයි මතක. :)
ඔහොම ඒවා වෙනවා නොවැ අනන්ත...
ReplyDeleteනිකං කකා ඉන්න බෑ කියලා ඉල්ලන් පරිප්පු කන එක ඉතිං හොද වැඩක් නේ.. නේද ඩූඩ් අයියේ.......
පරිප්පු කියන්නෙ අපේ ජාතික ආහාරයෙ කොටසක්නෙ හිරු නැත්ද? කවුරු මොකක් කිව්වත් අපේ ජාතික ආහාරය පානුයි පරිප්පුයිනෙ.
Deleteඒ නැතත් මම ගියෙත් අර උඹලගෙ ඉස්කෝලෙ ගාවා තියෙන පරිප්පු ඉස්කෝලෙට තමයි උඹලා ගිය ආත්මවල නාකියට ඉන්නකොට. :D
ඔය ඉතිං.. අපියැ කියන්නේ... පරිප්පුම තමා... හි හි...
Deleteඅමතක උනා... අර සුලෝහිත කතාව දැනුයි අපේ මහත්තයා මට තෝරලා දුන්නේ... හි හි
Deleteකොහොම උනත් උබ කරලා තියෙන්නේ හොද වැඩක්නේ...
ReplyDeleteමොකෝ මේ අලුත් බ්ලොගයක් අටවා ගත්තේ ...
හික් හික්, හොඳම වැඩක් කියලා හිතාගෙන තමයි මාත් එහෙම කලේ බං.
Deleteඅලුත් බ්ලොගේ අටවපු විස්තරේ දිග කතාවක්. ඔන්න මම අදාලා තියෙනවා මට හිතෙන හැටි එකේ.
සිරාවටම මචං අපිට කිසිම නෑකමක් නැති මිනිස්සු ලේ නෑයන්ටත් වඩා සමීප වෙනව තමයි.. මටත් ඔය වගේම අත්දැකීමක් තියෙනවා... ඒත් යාලුවෙක්ගෙ ගෙදර උ.පෙ. කරද්දි නැවතිලා හිටිය කාලේ...
ReplyDeleteමමත් ඔය අනම් මනන් අරන් යනවා.. එදාට ඉතින් ඔය කථා ඔන තරම්.. මම කොහොමත් පොඩි එකා වගේ තාමත්.. ලෙඩක් හැදුනොත් නම් බබාම තමයි... දවසක් රෑ මට උණ ගැනිලා මගෙ යාළුවගෙ අම්ම එළිවෙනකන් ඇවිත් මගෙ උණ බලනවා .. නලලට ඕඩිකොලොන් පොගවපු රෙද්දක් දානව.. මෙ ලියද්දිත් කඳුළු ව්ටේනව බං...
පුදුම දේ කියන්නේ මමයි මගෙ යාළුවයි පෙනුමෙන් ගොඩක් සමානයි... ඊටත් වඩා පුදුමෙ කියන්නේ අපි දෙන්නගෙම බෙල්ලෙයි උරහිසෙයි උපන්ලප තියෙනව එකම විදියට...
මලා.... හි හි
Deleteසංවේදී පුද්ගලයෙක් අපේ මීයා.
Delete
Deleteමී ගොඩයා ඇත්තෙන්ම ඔය උඹ කියන යාලුවගෙ ගෙදර මිනිස්සුත් අදහන්න වටිනවනෙ. ඉතින් ගිහිල්ල හෙම වරෙන් පුලු පුලුවන් වෙලාවට ඒ මිනිස්සුන්ව බලලා එන්න.
ඇත්තටම කොයි තරම් හිතවත් කෙනෙක්ගෙ උනත් ගෙදරක එහෙම ඉන්න කොට ගිල්ටි ෆීලින් එකක් එනව.ඒ වෙලාවට ඕන කෙනෙක් කරන්නෙ ඩූඩ් කලා වගේ දෙයක් තමයි...
ReplyDeleteඔව් Chams, මාත් එහෙම හිතනවා. ස්තුතියි බොහෝම.
Deleteහ්ම්ම් අර මී ගොඩයාත් කිව්වා වගේ අපේ අයට වඩා පිට අය අපිට සලකනවා.මාත් ඒක අත්දැකලා තියෙනවා අපේ ඉස්සරහ ගෙදර නැන්දාගෙන්.
ReplyDelete
Deleteඑහෙම අයත් ඉන්නවා නිශාන්. :)
comments වලත් අකුරු ලොකු කරපං හෙන්රි අයියේ. ඔන්න මම බ්ලොග්රෝලටත් දාගත්ත.
ReplyDeleteකරන්නං රාජ් මල්ලියේ. මේ දවස් වල අර පස්ස පැත්ත කැඩිච්ච කඩියා වගෙ බං උඹට බොහෝම ස්තුතියි ඩෙනිම බ්ලොග් රෝලෙ එල්ලුවට.
Deleteහා හා අය්යා සුදු කොඩි දාල ආව නේද බ්ලොගර් වලට ...වෙරි ගුඩ්..congradulations!!!!!!!!!!!!!!!
ReplyDeleteඔන්න ඔන්න ඉතින්, ඇයි බින්දියො මගෙ මේ Dude කියන ප්‍රොෆයිල් එකත් බ්ලොගර්නෙ. බොහෝම ස්තුතියි බින්දි.
Deleteෂාඃ නියමයි....බ්ලොගර් වලට ආව එක ගැන බොහොම සතුටුයි. දැන් ඉතින් එච්චර අවුලක් නෑ.
ReplyDeleteරාජ් කිව්වා වගේ කමෙන්ට් වල අකුරු ටිකක් ලොකු කළානම් හොදයි.
ජය වේවා....!
හරි සුමිත්, මට පොඩ්ඩක් කල් ඕනෙ. මේ දවස්වල කලබලයි.
Deleteඅදටත් අපිට සමහර යාළුවන්, නෑදැයෝ මෙහෙම දෙවල් අර ගෙන යනවාට කැගහනවානේ. :D කොච්චර කිවත් එහෙම යන්න හිතෙන්නේ නෑ. :P
ReplyDeleteඒක ඇත්ත. ලැජ්ජාව කියලා එකක් තියෙනකොට එහෙම තමයි ඩීජේ.
DeleteOh, yeah!!!! :)
ReplyDeleteපරණ රස කතාවක් කියෙව්වා ඇවිත්.. අපේ බයෝ සර්ගේ අම්මගේ දානෙට යද්දී හොඳ බබා වෙන්න ගිහින් මාත් අපහසුතාවයට පත් වුනා,ඉතින් තේරුම් ගන්න පුළුවන් තත්වේ! සෝචනීයයි!
ReplyDelete