උමේෂ්ගෙ ඩැඩී ටිකක් එක විදියක චරිතයක්
කියලයි මට හිතෙන්නෙ. එයා වැඩිය ගෙදර ඇත්තෙත් නෑ. සති අන්තයෙ විතරයි ගෙදර
එන්නෙ මොකද එයා ඈත පලාතක උසාවියක වැඩ කරපු නීතිඥයෙක් නිසා. හිටියත් කා
එක්කවත් වැඩි කතාවක් නෑ. මම මග ඇරලමයි හිටියෙ. මට හිතුනෙ, ඇත්තටම මම එහෙ
ඉන්නවට, එයා කැමති නැතුව ඇති කියලයි. ඒ, මට ඒ දවස්වල හිතුන හැටි.
මම දවසක් සුරේශ්ගෙන් ඇහුව, “මොකද බං
උඹලගෙ ඩැඩී මාත් එක්ක ඔරොප්පුද?” කියල.
“අනේ නෑ බං. ඒ එයාගෙ හැටි. උඹ
අප්සෙට් වෙන්න එපා. සමහර වෙලාවට මමීගෙන් අහනවලු උඹ ගැන – අර ළමයා කාලද
ඉන්නෙ කියලත්” සුරේශ් කිව්ව.
නීතිඥයෙක් හන්දද කොහෙද, ගෙදර කෑම මේසෙත්
එයා ඉන්නකොට උසාවියක් වගෙ තමයි. නිශ්ශබ්දයි. වචන පාවිච්චිය පරෙස්සමෙන් –
අවශ්‍යම දේකට පමණයි. උමේෂ්, කෑම මේසෙදි, ඩැඩීට කතා කරනව මං අහල තියෙනව “Yes
sir!”, “No sir!” කියල. උසාවියක වගෙ.
ඒ වගේමයි, මෑන් හරිම unpredictable. හිටපු ගමං, මහ හයියෙන්, ඕනැ කෙනෙකුට, ඕනැ තැනකදි බනින්න පුලුවං. කොකු කිං.
“අනේ බං මම ඩැඩිත් එක්ක ගමං යන්න කැමතිම
නෑ. මොකද හෙන කොක්කනෙ. මමී මාව බලහත්කාරෙන් යවන නිසයි යන්නෙ. ඒ මදිවට අර
බෑග් එක – බෑග් එකක් කිව්වට අර නයි මල්ල – ඕකත් මං උස්සං යන්න එපැයි බං. ඔන්න
අහපංකො දවසක් වෙච්ච වැඩක්… හොදි ඕනැ නෑ!”
“ඔන්න දවසක්, ඩැඩී මාව ඇදගෙන ගියා එයා
වැඩ කරන දිහාට. මාත් ඉතිං ගියා. ආපහු එන්න, දෙන්න එක්ක ආවා බස් හෝල්ට් එකට,
පහුවදා උදේම, කුකුළා අතින් අරගෙන. ඉස්සෙලම මට දුන්නා එයාගෙ අර නයි මල්ල. මට හරි
ලැජ්ජයි ඕක උස්සගෙන යන්න. ඒත් ඉතිං කරන්න දෙයක් නැහැනෙ.
දැන් දෙන්න එක්ක ඉන්නව බස් හෝල්ට් එකේ
හිටගෙන. ඔන්න ඉතිං, දැන් තව කට්ටිය එකතුවෙනව. මම හෙමිහිට තිබ්බ බෑග් එක
බිමිං. මෙන්න යකෝ දැං ඉස්කෝලෙ යන කෙල්ලො ගැන්සියකුත් ආවා. ආපු වෙලේ ඉඳල
කිචි බිචිය. මාත් දැං සැහෙන උනන්දුවෙං ඉන්නෙ ඒ පැත්තට ඇහැ දීගෙන. ඇත්තටම
එකක් හරියාගෙන වගෙ තමයි ආවෙ.
කරුමෙට කකුල් අටයි කියනවනෙ බං. ඔන්න
එතකොටම පාත් වුනා කොහෙද දඩාවතේ යන නාටු බල්ලෙක්. මූ ආවා. ඉව කරා ඉස්සෙල්ලම
බස් හෝල්ට් එකේ කනුව. ඉස්සුව කකුල. ඇරිය ටැප් එක.
බස් එකක් නැතුව වේලි වේලි හිටපු උං ඕක දැකල මදහස පෑව. කෙල්ලො හිකි හිකි ගෑවා.
මට විතරක් හිනා ගියෙ නෑ. මොකද මට තියෙනව
අර සිංහලෙන් sixth sense කියන එක. මොකක් හරි විනාසයක් අත ලඟ එන කොට, මගෙ
මුලු ඇඟේම රෝම කූප වලට දැනෙනව. තොල කට වේලිලා, හීං දාඩියක්. දානව. කන් වලට
ඇහෙන්න ගන්නව හර්දය වස්තුව ගැහෙන හඬ. මේ වෙලාවෙත් ඔය ඔක්කොම පිළිවෙලින්
වුනා.
මේ පර බල්ල, බස් හෝල්ට් එකේ උගෙ ටෙරිටරිය
මාක් කරල හැරුන යන්න. එතකොටම මූ දැක්ක බිම තියෙන නයි මල්ල. ආව ලඟට. ඉව කරා
හොඳට. මම ගල් ගැහිල ඉන්නව, මොකද බෑග් එක මගෙ කියල ක්ලේම් කරන්න දැන්
කොහොමත් බෑනේ.
ඉතුරු ටික උනේ ස්ලෝ මෝෂන්. බල්ල ඉස්සුව
කකුල. ඇරිය ටැප් එක. මට කලන්තෙ වගෙ දැනුනා. කෙල්ලො හිකි හිකි ගෑවා. කවුද
පොරක් “චැහ් කාගෙද දන්නෙ නෑ බෑග් එක” කියනව ඇහුනා.
මෙච්චර වෙලා පත්තරේ කියව කියව හිටපු
ඩැඩීට, ඔය කෑල්ල ඇහෙන්න ඇති. ඩැඩී පත්තරේ මෑත් කරල කන්නාඩියට උඩින් ඔරවලා
බැලුවා. මම අසරණව බලා හිටියා. ඩැඩීගෙ ඇස් ලොකු වුනා. කට ඇද වුනා. දත් මිටි
කාලා මං දිහා බලල, “යකෝ පොට්ට වෙලාද? බල්ල හුජ්ජ කරනකං බලං හිටියෙ බෑග්
එකට?” කියල ගිගුරුවා.
කාඩ් කුඩේ කුඩු. පටි හතම රෝල්. කෙල්ලො
අත් වලින් කටවල් වහ ගන්නව මට ඇස්කොනින් පේනව. මොනව කරන්නද? මම බෑග් එක වඩා
ගත්ත. කෙල්ලන්ගෙ කටවල් වලිං හිකිස් ගාල හිනා පනිනව මට ඇහුනා. කෙල්ලො දැන්
බක බක ගාල හිනා වෙන්නෙ.
ඔන්න එතකොටම බස් එක ආවා. කට්ටියම දිව්ව
බස් එකට. ඒත් ඩැඩීටයි මටයි කලිං තිබ්බ හදිස්සිය නෑ වාගෙ. “හ්ම්හ්,
හදිස්සිකාරයො ගියදෙං.” කියලා ඩැඩී කිව්වෙ ඇත්තටම මං ගැන අනුකම්පාවෙන් කියල
මට තේරුනා.”
මට හිතෙන හැටියට, මේ කොල්ලෙකුගෙ අසරණකම උපරිමයටම පිළිබිඹු වෙන කතා පිංචක්… මොකද හිතන්නෙ?
මෙම කතාවේ ඉංග්‍රීසි පරිවර්තනය 'Marking The Territory' කියවන්න මෙතනින්.
මෙම කතාව මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ මුලින්ම පළ කරන ලදි.
********************************************************************
********************************************************************
කොල්ලා නාගෙන වගේ උදේ පාන්දර ම!
ReplyDeleteඌඌඌ...හ්. සීතල නැත්ද මන්දා, නේ? ප්‍රශණයක් නෑ උණු වතුරනෙ.:)
Deleteඅපොයි අහිංසකයා....
ReplyDeleteඔය වගේ වාත තාත්තලා ඉන්නවා අප්පා... කොහෙ හරි යන එක මරන්ව ඇදගෙන යන එළුවා වෙග් තමා ඉතිං...
ඒත් එහෙම උනාම ලොකු උනාට පස්සෙත් බය පක්ෂපාත කමක් මිසක් ආදරයක් නම් ඇති වෙන එකක් නෑ ළමයින්ට....
හිරු, මෙහෙමයි මම හිතන්නෙ. පෞරුෂත්වය විවිධයි. එක සිද්ධියකින්ම මිනිහෙක් මේ වගෙයි කියලා අපිට කියන්න බෑ. නමුත් මේ වගෙ සිද්ධි අර කොල්ලගෙ මනසට පෞරුෂත්වය හානිකර වෙන එක නම් අහන්න දෙයක් නෑ.
Deleteඔන්න තාත්තල! නෑඹුල් සූඹුල් හිරිමල් යෞවනයට ඔය වගේ තාත්තලම තමයි හරියන්නෙ, නැත්නම් ඉතිං ඕකුං යන යන තැන පෙර පෙර ඉන්නව ඇරෙන්න වෙන වැඩක් තියෙනවැයි, එක වචනෙන් චැප්ටර් ක්ලොස්.
ReplyDeleteDDT, Chapter closed & End of Story! :D
Deleteකොච්චර හොඳ තාත්තා කෙනෙක් උනත් තමුන්ගේ දරුවා අනිත් පිරිසක් විශේෂයෙන්ම සමවයස් විරුද්ද ලිංගික පිරිසක් ඉදිරියේ අර විදිහට පාච්චල් කිරීම නම් අවනඩුවක්.. ඒ වගේ දෙකින් දරුවාගේ මනසට වෙන හානිය අපමණයි.. ඒවා අනාගත චරිත ලක්ෂණවලට බලපානවා.
ReplyDeleteසරත් ඕක අපේ සමහර ගුරුවරු අතින්, පොලිස් නිළධාරීන් අතින් කොච්චර වෙනවද නේද?
Deleteඅසරණයි නෙවෙයි ....අනාථයි....... :'(
ReplyDeleteඅයියෝ කමෙන්ට් අකුරු පුංචි වැඩියි....අඩුම ගණනෙ ෆික්සල් 14 ක්වත් දාන්නකො.
අනාත පින්ඩිකස්ස!
Deleteඒ අකුරු කේස් එක ටෙම්ප්ලේට් එකෙන් හදන්න බෑ. ටෙම්ප්ලේට් ඩිෆෝල්ට් සෙටිං එක ඕවරයිඩ් වෙන්න මම ලියපු කමාන්ඩ් එක එක්කො බ්‍රව්සර් වලින් නැතිනම් බ්ලොගර්ම ඔවර්රයිඩ් කරනවා.
මම කලා වෙනත් සම්‍යක් ප්‍රයෝගයක්. දැන් සෑහෙන දුරට හරි නේ?
මට ඔහොම එකක් ඇත්තටම උනා.. කරුමෙට කකුල් අටටත් වැඩිද මන්ද බල්ල පිටිපස්සෙන් ඇවිත් මාක් කලේ මගේ කකුල. එදා යන්න ගියා ගමනත් යන්න බැරි උනා. බලු සුළු දියෙන් තෙමුණු මගේ කකුල.. දැනුත් දැනෙනවා වගේ ඒ සුවඳ...
ReplyDeleteඋඩ කමෙන්ට් එකේ "මටත් ඔහොම එකක් උනා" ලෙස සංශෝධනය විය යුතුය. කොල්ල අසරණයි කියන්නේ වලක් කපාගෙන වැලලෙන්න හිතෙන්න ඇති. අනික තාත්තට සර් කියනවා කිව්වම..!!!
Deleteඔය වගේ සිද්ධියක් මම කොහේ හරි කියෙව්වා කාලෙකට ඉස්සර.
ඇත්තක් ද නිර්මාණයක් ද කියල දැන් මතක නෑ. එකේ තාත්ත හමුදා නිලධාරියෙක්. ඒ තාත්ත ගෙ නීති අනුව ගෙදර හිනා වෙන්න බෑ, අක්ක ගෙ කාමරේට මල්ලිට යන්න බෑ. ඔය වගේ නීති ගොඩයි.
එපා වෙනවා එහෙම උනාම.
බ්ලොග් එකටත් ඩෙනිමක් අන්දලා තියන්නේ. මටත් කාලයක් ඔන්ලි ඩෙනිම් වෙලා තිබුන. ඕන දෙකට ඔට්ටු ඇඳුම.
චන්දන, කරුමෙට කකුල් හරියටම දාසයයි. ඕකත් යන්නෙ අර සිස්ටම් එකටම තමයි මායම් වගෙ. :D
Deleteබල්ලො නිතර නාවනවනෙ වාහන ටයර් නම්. චන්දනට ඔය වැඩේ වෙනකොටත් කට්ටිය බලා හිටියද? හික් හික්!
අර විදියෙ මූවී එකක් නම් තියෙනවා The Sound Of Music කියලා
ඒකේ තාත්තා මාර හැන්ඩියා ඩූඩ්... ළමයි 7ක් හිටියත් කමක් නෑ කියලා හිතෙනවා..හි හි.... . මම මේ දැනුත් ෆිල්ම් එක දාගෙන බල බල ඉන්නේ..
Delete( ඇත්තටම මම ඒකේ සින්දු ටිකට ආසයි...)
Deleteහහ් හහ් මේ හරියට ඩූඩ් වගෙ නේ? නෑ නෑ ඒකට උත්තර දෙන්න ඕනෙ නෑ. ප්ලීස්!
තාත්තා බනින එකට වඩා ලැජ්ජාව අඩුයි බල්ලව එළවලා බෑග් එක අතට ගත්තා නම් :)
ReplyDeleteඒකනෙ. ඒ වුනාට, මූ විස්තර කරලා තියෙන්නෙ ඇයි එහෙම බැරි වුනේ කියලා.:)
Deleteවැඩිහිටියො වුණහම ළමයින්ට ගරුසරුවක් තියෙන්න ඕන, විශේෂයෙන් යෞවන වයසෙ ඉන්න දරුවන්ගෙ ගෞරවය ගැන හිතන්න ඕන. පව් අර ළමයා. ළමයෙක් තාත්තට සර් කියනවා කියන්නෙ ඉතින්.. අන්තිමයි. ඒ පියා සහ මව දෙන්නම ලැජ්ජ වෙන්න ඕන.
ReplyDeleteකමෙන්ට් එක එක්ක ලින්ක් එක තිබ්බ නිසා..මේ අහටත් ආවා..කවුද දන්නෙ බ්ලොග්ස්පොට් ඇවිත් කියලා..නියමයි..කතාව ඉංග්‍රීසියෙන් රස විඳලා තිබ්බත් අඩුවක් නැතුව සිංහලෙනුත් රස වින්ඳා ඕන්..
ReplyDeleteබොහොම ස්තුතියි වෙනියා ඉව පාරෙ ආවට. :)
Deleteඅයියෝ.....පව් කොල්ලා :D
ReplyDeleteහොදි ඕනෙ නෑ, ළිහිණි! :D
Deleteඅයියෝ ලැජ්ජා බිමින් තියලා බැග් එක අතට ගත්ත නම් හරි නේ :/
ReplyDeleteඑහෙම උනා නම් බැනුම් නාහ වත් ඉන්න තිබ්බා :)
අර කිව්වා වගෙ සමහර දේවල් වෙන්න තියෙනවා නම් වෙනවා. 'Everything happens to prevent something worse happening', කියලා පුරාණ ඉරිසින්නාසෙලාත් කට කහනවට කියලා තියෙන්නෙ. :)
Deleteඅසරණ කොලුවා. මට මැවිලා පේනවා. සෑහෙන අසරණ වෙන්න ඇති.
ReplyDeleteමොනවද, කතා කලෙක්ෂන් එකට හිට් සිංගල් එකක් එකතු වුනා කෝරළේ මහත්තයා.
Deleteහච්චෝ පව් අප්පා :(
ReplyDeleteහෆොයි තව ටිකක් වෙලා ගියා නම් බලු පෝතකයා ඇවිත් කලිසමේ කකුලටත් අල්ලලා සීමාව මාර්ක් කරන්න ඉඩ තිබූණ.. ඇත්තටම බල්ලා ලඟට එනකොට පොඩ්ඩක් "ශිප්"/"දුප්" වගේ ශිෂ්ටසම්පන්න ඌට අමතලා හොඳින් කියලා දුන්නනම් මේක වෙන්නේ නෑනෙ
ReplyDeleteමේකනෙ තොටියා වැඩේ. මූ මේ නයි මල්ල ගෙනියන්න කොහොමත් ලැජ්ජයි. අර කෙල්ලොත් හිටපු හන්දා මූ ඒක උගෙ එකක් නෙවෙයි වගේ රඟපෑවේ. අනික ඒ මල්ල ලඟට බල්ලා එනකොට 'චිප් දුප්' ගෑවා නම් අර කෙල්ලො ටික ආයෙ හිකි හිකි ගායි. අනික වැඩේ මාට්‍ටු.
Deleteawesome.. :D
ReplyDelete