Saturday, January 25, 2014

104. ලදුදෙ භංගවේවා! DOWN WITH SLR! සලංපෙසං සටනට මගේ ඩෙනිමේ සහය!

නිවාඩු කාලේ කියන්නේ සංචාරයටම කැපවෙච්ච කාලයක්නේ. මේ නිවාඩු කාලෙත් අපි සතර දිග්බාගේ ඇවිදිනකොට දැකපු අමුතු ජාතියේ සටන් පාඨයක් අපේ ඇහැට යොමු වුනා. මේක උතුරු, උතුරු මැද, මධයම, වයඹ, දකුණු, බස්නාහිර වගේ හැම පළාතකම දකින්න ලැබුන නිසා අපි මේ ගැන කරුණු විමසපුවාම තමයි අපිට මේ පට්ට අසාධාරණේ ගැන දැනගන්න ලැබුනේ.

පේරාදෙණිය හන්දිය

 
වටවල

A9 මාර්ගය

මුලදිම කවුද මේ සටන මෙහෙයවන සලංපෙසං කියලා හොයලා බලනකොට, "යකෝ ඒක වත් දන්නේ නැද්ද තමුසේ" කියන්නා වගේ කිච බැල්මක් දාලා මා දිහා බලපු ගෝල්ෆේස් එකේ කුඩයක් යට හිටපු සලංපෙසං සාමාජිකයෙක්මයි කිව්වේ ඕක සමස්ත ලංකා පෙම්වතුන්ගේ සංගමය කියන එක බව.

පස්සේ පෙම්වතුන්ට  ලංකා දුම්රිය සේවයෙන් වෙච්ච මෙච්චර ලොකු අසාධාරණේ කියලා මොකක්ද කියලා හොයන්නම අපේ පවුලේ කට්ටිය  කෝච්චියෙන් වෙනම චාරිකාවක්  ගියා. එතනදි තමයි මට තේරුණේ සලංපෙසංගේ සටනේ සාධාරණකම.

කිව්වාම විස්වාස නැත්නම් මෙන්න ඇසින් දු‍ටු සාක්කි!


පැහැදිළි මදි? එහෙනම් මෙන්න බලාගන්න.



සලංපෙසං සටනට මගේ ඩෙනිමේ සහය!

අපේ උඩරට දුම්රිය චාරිකාවේ ඡායාරූප ලඟදීම බලාපොරොත්තු වන්න.

Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.





147 comments:

  1. උඩ ෆොටෝ 3 ම මට නම් පේන්නේ පේන්ට් වලින් එඩිට් කරපුව වගේනේ අයියේ :)

    ReplyDelete
    Replies
    1. ජර්මන් මල් වල පොටෝ කියලා ලංකාවේ බැද්දක තියෙන මල් වල පොටෝ දාලා ලියපු ඇත්ත වගේ ලියපු බොරු කතාවක් නොවේ මේක ප්‍රහසනයක්.

      Delete
    2. thanks ඇනෝ දන්නේ තේරුණේ ,,

      Delete
    3. පොස්ට් එක හරියට කියවන්නේ නැතිව එක වෙන්න දාපු කමෙන්ට් එකක්ද කොහෙද?

      Delete
    4. මං දන්න තරමින් ඔයා මට වඩා වැඩිමල් කෙනෙක් , ඒත් පොඩි ළමයි වගේ මිනිස්සුන්ට හිනාවෙන්නේ ඔයා. මං කියවන්නේ නැතුව කමෙන්ට් කරන්නේ නැහැ, ඒ වගේම ඉස්සර බ්ලොග් වලට ආපු කාලේ එහෙම කමෙන්ට් කරලා තියෙනවා එක වෙන්න ,දවසක් මාතලන් බැන්නා. දැන් ඒ ළදරු ගති නැහැ. ඔයාගේ ළදරු ගති හදාගන්න මිනිස්සුන්ට හිනාවෙලා සතුටු වෙනවට වඩා සතුටු වෙන යහපත් ක්‍රම මේ ලෝකේ ඕනේ තරම් තියෙනවා..

      Delete
    5. ඒ වගේම පහල කොමෙන්ට් එකකින් වරද නිවැරදි කළා .

      Delete
    6. අදහස් දැක්වීම හිනාවක් වෙන්නේ කොහොමද නෝනේ.ඔබ මට කියපු ටික ඔබ වෙනුවෙනුත් එසේම වලංගුයි නෝනේ

      Delete
    7. හරි හරි බොලල්ලා. භේද නොවී සටනට සහයෝගය දීපල්ලකෝ. :)

      Delete
    8. @ විශ්ව

      ඇයි බන් හැම වෙලේම වාදෙටම යන්නෙ...පෝස්ටුව පිළිබද තමන්ගෙ අදහස කියලා අපි වගේ පාඩුවේ පලයල්ලකො...

      Delete
  2. සලංපෙසං කියපු ගමන් මට මතක් වුනේ ජැක්සන් ඇන්තනිගේ සලංහංතේ..මේක නම් උපරිම සහයෝගයක් දෙන්න වටින සටනක්..තහනම් මදිවට දඩේකුත් ගෙවන්න....

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඩැයිවර් කොල්ලා. ගෙඩි රුපියල්ම දෙසිය පනහක්. ලදුදෙට කොහේ තියෙන අයිතියක්ද ප්‍රේමෙට භාදා කරන්න? :(

      Delete
  3. සුද්දන්ට පේරාදෙනිය මල් වත්ත පෙන්නන කොට.. අපි කියන්නේ එන්ඩමික් බර්ඩ්ස් කියලා.. එතන ඉන්න හුඟක් අය ගයිනෝකොලජිස්ට්ලා..

    ReplyDelete
    Replies
    1. එතකොට සුද්දෝ මොකද කියන්නේ මාතලංතුමා? එහෙත් ඔහොමයි කියනවද? :)

      Delete
  4. මාර සටනක්නේ...මගෙත් සහය...

    ReplyDelete
    Replies
    1. අන්න යුතුකම් දන්න, අතීතය අමතක නොවන යාවජීව සලංපෙසං සාමාජිකයෝ!

      Delete
    2. අපේ එක්කෙනා ගාව ඔය ස්ටේෂන් එකක මල් කඩන්න ගිය කැම්පස් කොල්ලෝ ටිකක් ගැන රස කතාවක් තියෙනව .දවසක් ට්‍රිප් එකක් ගිහින් එකෙක් කෝච්චිය අද්දන කම් ඉඳල මලක් කඩාගෙන කෝච්චියේ එල්ලුනාලු . ස්ටේෂන් මාස්ටර් විසිල් ගහල කෝච්චිය නවත්තල ..ඉතින් ඊට පස්සේ ශෝචනීයයි තත්වය .මේකා හිතල තියෙන්නේ ඇද්දුවට පස්සේ ආයේ අල්ලයි මගේ නැට්ට කියල .

      Delete
  5. ඔය විතරක් නම් මදෑ. මුන් මගේ නමින් හදලා තියන වැසිකිළිත් පාවිච්චි කරනවා මල් කඩන්න ගියාම. මගේ නමින් හදලා තියන වැසිකිළි දැකලා නෑ කිව්වා? ඇයි අප්පේ ඔය හැම ඉට්ටේසමකම තියෙන්නේ 'මහතුන් ගේ වැසිකිළිය' කියලා. මට ගෙදරට කියන්නේ 'මහතුන්' කියලා.

    ReplyDelete
    Replies
    1. මහතුං අයියගේ ටේලර් සාප්පුවකුයි, බාබර් සාප්පුවකුයිත් තියෙනවා අපේ පැත්තේ. ආ අනික, ඔය හැම ඉස්ටේසොමේම මහතුං අයියටම හදපු විවේක කාමරේකුත් තියෙනවා දැක්කා. (තමාටම: මහතුවට අපි සලකනවා මදිනෙ! පුහ්)

      Delete
    2. අපේ ගෙදරත් ඉන්නව මහතුන් කෙනෙක්... අපේ තාත්තා... තාත්තට පුංචි කාලෙ කියල තියෙන්නෙ එහෙම... ඒත් දැන් ඒ නම කියන්නෙ තාත්තගෙ බාප්ප කෙනෙක්ගෙ පවුලෙ අය විතරයි... කාලෙකට පස්සෙ ඒ අය අපේ ගෙදර ඇවිත් 'මහතුන් බාප්පෙ' කියල කතා කරනකොට අපි උඩ ගියා කවුද බොල ඒ කියල... ඊට පස්සෙ අම්ම නම් හිටි ගමන් නෝන්ඩියට කියනව ඇහෙනවා මහතුන් කියලා තාත්තට.. :D

      Delete
  6. ඩූඩ් අයියා හැබැයි අර පෝස්ටර් එච්චරම සාර්ථක වෙලා නෑ වගෙයි

    ReplyDelete
    Replies
    1. සලංපෙසං කාරයෝ ඔය M S Paint එකෙන් කලබලේට කරපුවනේ වැව් ඉස්මත්ත.

      Delete
  7. අපෙත් පූර්ණ සහයෝගය.

    තහනම් කොරලා මදිවට දඩත් ගහනවා. මේවා මහ පොලව උහුලන අප‍රාධද හත් දෙයියනේ.
    'අපි වවමු… මල් කඩමු…'

    ReplyDelete
    Replies
    1. ජයවේවා! උඹලා තමයි මේවට මුල් තැන ගන්ඩෝනැ. අපි මේ උඹලා වෙනුවෙන් හඬ නගන්නේ අපිට පාන්ද කියලා නිකං නොඉඳ.

      Delete
  8. සලංපෙසං සටනට මගෙත් සහය.
    (ඇත්තටම මට සැකයක් එනව ඇයි ඩූඩ් මේකට සහය දක්වන්නෙ කියල. මොකද දැන් ඩූඩ් වෙන කා හරි එක්ක මල් කඩනවද?)

    ReplyDelete
    Replies
    1. ඕකෙ ඕල් බෝයිස්ස්ලා වන අපි මේ අලුත් පරපුර වෙනුවෙන් හඬ නගන්නේ අපිට පාන්ද කියලා නිකං නොඉඳ.

      Delete
  9. ඩූඩ් අංකල් මේකට විරුද්දව හඩ නගන්නෙ මගෙ හිතේ සලංපෙසං සමග නෙමේ...සලංඋසං (සමස්ථ ලංකා උපාසක සංගමය) එක්කයි, මල් නැතුව කොහොමද උපාසක මහත්තුරු ටික පන්සල් යන්නෙ :D

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සසිඳුවා, එහෙම කුමන්ත්‍රණයක් තියෙන්නත් පුලුවන් නේද හැබෑට. එහෙම වුනොත් වැඩේ සංකීර්ණ වෙන්න පුලුවන්.

      Delete
  10. දුම්රියේ, දුම්රිය ස්ථානයේ මල්කැඩු පෙම්වතෙක් ලෙස සලංපෙසං ට මගේ උපරිම සහයෝගය.
    ල.දු .දෙ භංග වේවා !!!!!!
    ඒත් මේක සම්බන්දව වෙල්ගම ලොක්ක දන්නෙ නැතිව ඇති, මොකෝ එයත් මල් කඩන්න යන්නෙත් ඔය තැන වලටම තමයි.

    ReplyDelete
    Replies
    1. අන්න යුතුකං දන්න කොල්ලෝ! ල.දු .දෙ භංග වේවා !!!!!!

      Delete
  11. අද පෝස්ට් එක ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් :D
    මම මුලින් බැලුව ඒත් මේ තරම් ලංකාවේ කොච්චි වල යන අපිත් නොදැකපු විරෝධතා ව්‍යාපාරයක් ඩුඩ් දැක්කේ කොහොමද කියලා. :)

    ReplyDelete
    Replies
    1. මේ සටන මානවිකාවන් සහ මානවකයෝ වෙනුවෙන් තමයි. අර සීයා අඹ ඇටේ හිටවපු කතාව වගේ. :D

      Delete
  12. මලක් කඩන්න හිත ගිහිංවගේ....

    ReplyDelete
    Replies
    1. අපි මල් කඩන්න ඕනෙ කාලේකඩලා තියෙන්නේ. මේ මතු පරපුර වෙනුවෙන්.

      Delete
  13. / මේ නිවාඩු කාලෙත් අපි සතර දිග්බාගේ ඇවිදිනකොට දැකපු අමුතු ජාතියේ සටන් පාඨයක් අපේ ඇහැට යොමු වුනා. /

    කොහෙද බං මේ නිවාඩු කාලෙ වෙන්නෙ? යටින් දිනේ තියෙන්නෙ 26.12.2012 12.49 කියලනෙ.

    උඩරට මැණිකෙ නේද උඹල ගියේ?...වෙලාව අනුවනම් එහෙම වෙන්න ඕන...

    අවුරුදු ගාණක් සතියට දවස් තුනක් උදේ හවස ඔය පේරාදෙණිය මංසන්ධිය බෝඩ් එක පහුකරල ගියා මං..සික් උඹ ඒක විනාස කරල දාල. බොහොම නරකයි, අසෝබනයි, අසික්කිතයි :(

    ඔය බෝඩ් එකේ තියනව නේද මුහුදු මට්ටමේ සිට උස මීටර් 478.36 කියල. පොඩි කාලෙ කෝච්චියෙ යද්දි මම කොටුරූල් පොතක් අරගෙන යනව මඟදි හම්බ වෙන ස්ටේෂන් වල ඔය මුහුදු මට්ටමේ සිට උස ලියාගන්ට. ඒ දවස්වල නම් තිබ්බෙ අඩි වලින්. ආය යනකොට බලපන් පේරදෙණිය ස්ටේෂන් එකේ ටොයිලට් එක පිටිපස්සෙ තියනව 1958 ගංවතුර මට්ටම ලකුණු කරල. පොල්ගහවෙල, අනුරාධපුර, මහව, ගල් ඔය වගෙ ස්ටේෂන් කීපයක ඔය 58 ගංවතුර මට්ටම සටහන් කරල තියනව මට මතක විදිහට. 58 තමයි ලංකාවෙ එතෙක් මෙතෙක් ලොකුම ගංවතුර ඇවිල්ල තියෙන්නෙ.

    මට හැමදාම තිබ්බ ප්‍රශ්නයක් හරියටම දශමස්ථාන දෙහෙකට දෙන්ට ඔය උස මනින්නෙ කොතනටද කියල. පස්සෙ මම ඇහුව මගෙ යාලුවෙක්ගෙ අයිය කෙනෙක්ගෙන්. මිනිහ Class One Station Madster කෙනෙක් Now Retired..... හන්රි ..මචෝ කිව්වට විස්වාස කරහං ඔය උස මනිනව කියන්නෙ ස්ටේෂන් මාස්ටර්ගෙ *** *** ගාවට...Believe it or not..heh, heh :D

    පලි - යකෝ උඹ රජ්ජුරුවංගෙ බිල් බෝඩ් එහෙකුත් විනාස කරල. ගස් බඳියි ඔන්න ඊළඟ පාර කටුනායකට බැස්ස ගමංම .බලාගෙන හොඳේ...

    ReplyDelete
    Replies
    1. //පේරදෙණිය ස්ටේෂන් එකේ ටොයිලට් එක පිටිපස්සෙ තියනව 1958 ගංවතුර මට්ටම ලකුණු කරල.// ඇතුලෙ හිටපු උංට ගිය ගංවතුර මට්ටම වෙන්ටැ. :D

      Delete
    2. පේරාදෙනිය ඒ වතුරට යට උනා කීම හිතාගන්නත් බෑ. මොකද ගඟ තීන්නෙ ගොඩක් පහල කැම්පස් එකටත් එහා නිසා!

      අනුරාධපුරේ අර යෝධ ඕක් ගහ ගාව තීන දුම් රිය නිවාසෙ තමයි ඔය ලකුණ තීන්නෙ. අනුරාධපුඒට එහෙම විසාල වතුරක් ඇවිත් තීන්නෙ නුවර වැව පරන බස්ටෑන්ඩ් එක ගාවින් කඩන් ගිය නිසාලු!

      ඔය වතුර ගැන නේද අර "ගුවනින් ගිය ගොඩයා" පොතේ තීන්නෙත්?

      Delete
    3. ගම්පොල දුම්රිය ස්ථානයේත් ගං වතුර මට්ටම බොහොම පැහැදිලිව ලකුණු කරලා තියෙනවා.අවුරුදු ගණනාවකම.

      Delete
    4. ඉන්දික,

      / පේරාදෙනිය ඒ වතුරට යට උනා කීම හිතාගන්නත් බෑ. මොකද ගඟ තීන්නෙ ගොඩක් පහල කැම්පස් එකටත් එහා නිසා /

      පේරාදෙණිය ස්ටේෂන් එක හරිය යටවෙලා තියෙන්නෙ මහවැලි ගඟ උතුරල නෙවෙයි. ස්ටේෂන් එකට මීටර් 50-60 වගෙ එහායින් ගලනව කුඩඔය කියල තරමක් විශාල ඔයක්. ඔය කුඩ ඔය පටන් ගන්නෙ කඩුහන්නාව ස්ටේෂන් එක ළඟින්. පිළිමතලාවෙ ඔර්ලෝසු කණුව ළඟ පාලම එතකොට නානුඔය දුම් රිය කෞතුකාගාරය ළඟ පාලම ..එව්වට යටින් ගලන්නෙ ඔය කුඩ ඔය.

      පේරාදෙණිය ඉංජිනේරු පීඨය ළඟින් කුඩඔය මහවැලි ගඟට වැටෙනව. ඔන්න ඔය කුඩඔය උතුරලයි පේරාදෙණිය ස්ටේශන් එක යටවෙලා තියෙන්නෙ.ජැක්සන් සට්ටඹියා ඒ දවස්වල කලා අපූරු වැඩසටහනක් ( ඒ ඔය රණ විරු ඉස්ටාර් විනිස්චය කරන්ට යන්ට ඉස්සරවෙලා ) ගඟ දිගේ කියල මහවැලි ගඟ ගැන. ඒකෙදි මනුස්සය කිව මහවැලි ගඟට වම් පැත්තෙන් වැටෙන පලවෙනි අතු ගංගාව කුඩඔය කියල.

      ගුණදාස ලියනගේ ගුවනින් ගිය ගොඩයා පොතේ කියන්නෙ ඔය 1958 ගංවතුර ගැන තමයි.ගල්ඔය නිම්නය යටවෙලා තියන හැටි බලන්ට ගුවනින් ගිය ගමනක් ගැන.

      Delete
    5. >>කොහෙද බං මේ නිවාඩු කාලෙ වෙන්නෙ? යටින් දිනේ තියෙන්නෙ 26.12.2012 12.49 කියලනෙ.<<

      ඒ කියන්නේ කලින් ඉඳන්ම සටන තිබිලා තියෙනවා මම නෝට් නොකලට. ඒක පෙන්නන්නම තමයි මම හිතා මතාම ඒ පින්තූරෙ එතනට දැම්මේ දිනේ වෙනස් නොකර, අනික පාඨකයෝ (උඹ වගේ අපතයෝ) උනන්දුවෙන් කියවනවද බලන්න.
      අර උඹට වගේ ඕනෙ ප්‍රශ්ණෙකට මොකක් හරි උත්තරයක් දීලා මග අරින එක මටත් බෝවෙලාද මන්දා. :D

      >>උඩරට මැණිකෙ නේද උඹල ගියේ?...වෙලාව අනුවනම් එහෙම වෙන්න ඕන...<<

      නෑ මචං. පොඩි මැණිකේ.

      මචං මුහුදු මට්ටමේ සිට උස මැනීමට ස්ටේෂන් මාස්ටර්ගෙ සම්බන්ධය duly noted and filed for further reference. එකට දැනට අපූර්වි ගේ උත්තරේ තමයි ගැලපෙන්නේ. "ඉඳගෙනද?" මම කියන්නේ පොර හිටගෙන ඉන්නකොටද ඉඳගෙන ඉන්නකොටද දන්නේ නෑ නේ?

      Delete
    6. රවී,

      බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට. කොඉම්ම මම ගූගල් අර්ත් එකෙත් බැලුව කොහොමද යකෝ පේර ස්ටේෂන් එක යටවෙන්නෙ කියල :D

      පොඩි දෙයක්. මගෙ මතකෙ නිවැරදිනං ඔය ගුලිගෙ පොතේ තීන්නෙ ගංවතුරට කලින් මොනා හරි රාජකාරි වැඩකට මඩකලපු ගිය ගුලි ප්ලේන් එකේ නැගල ගංවතුරෙන් බේරෙන එක ගැන. මට පැටලිල වෙන්නත් පුලුවන් මොකද ගුලි ඔය කතාවට මූලික වෙච්චි ඇත්තම සිද්දිය ගැන මිනිහගෙ දිවලකඩ ගුණදාස පොතෙත් ලියල තිබ්බ නිසා!

      Delete
    7. ගුලිගේ ඔය කතාව සිංහල පාඩම් පොතක තිබ්බ . කන්න දෙයක් නැතුව මහා රෑ කඩයක් අරවන හැටි හෙම . තව අර බෝට්ටුවේදී ද කොහෙද ගෑනු ළමයෙක් අනික් අයට හොරෙන් මෙයාට කේක් දෙන හැටි හෙම

      Delete
    8. @Bindi,

      මහ වතුරක මරු ගමණක්.

      Delete
  14. දුම්රිය මාර්ගෙ විතරක් ඔය ප්‍රශ්නෙ තියෙනව නම් මොකද...අපේ පැත්තෙ නගර අලංකරණය යටතේ පාරවල් අයිනේ , ඔරලෝසු කනු වටේට එහෙම වැඩ දාලා හදල තියෙන තැන් වලත් ඔය දැන්වීම ගහල තියෙනවනේ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ, මේක කුමන්ත්‍රණයක්. දැනටම බූවල්ලෙක් වගේ අඬු විහිදුවලා තියෙන්නේ.

      Delete
  15. මළ කෙලියයි දීපා දෙයි තොට බැට් එකෙන්...

    ReplyDelete
    Replies
    1. ඒ මොනවටද? එයත් මේකෙ යාව ජීව සාමාජිකයෙක්නේ. ඇයි යකෝ කසාද බැන්දට පස්සේ සාමාජිකත්වය අහිමි වෙන්නේ නෑ.

      Delete
  16. ඔය එන්නේ පිපී පිපී !!!

    ReplyDelete
    Replies
    1. රේණු නටන වනේ මලක හැප්පිලා.
      අරං වරෙන් සුළං ...

      Delete
  17. ඒම කෝමද..මල් කඩන්න තහනම් කරන්නේ ඈ..

    (සලංපෙසං -සාමාජිකයෙක් )

    ReplyDelete
    Replies
    1. ඒකනේ මාත් කියන්නේ. ඒක කොහොමද ඒම කරන්නේ?

      Delete
  18. ඔය කියන අය සලංහලං ඉන්න නිසා තමා කෝචිචි වල තහංචි දාල තියෙන්නේ බං... හැක්

    ReplyDelete
    Replies
    1. කඩාකප්පල්කාරයා. ප්‍රතිගාමියා. පාවාදෙන්නා. හොරිකඩයා. හැක්

      Delete
    2. වෙරලුවා බන් වෙරලුවා හෙහෙ හෙහ්

      Delete
  19. මම මේ එකපාරටම ඩූඩ්ගේ ෆොටෝෂොප් වැඩේ දැකපු ගමන් නිකන් ටියුබ් ලයිට් වුණා වගේ වුණා..
    පස්සෙනෙ මීටර් වුණේ විරෝධතා පාටයන් සහ මල් කැඩිල්ල.......:D

    කලින් මේක කියවනකොට, එක පාරටම හිතට ආපු දේ; මෙතැන කෙටුවා නම් එහෙම වස විලි ලැජ්ජාවක් වෙන්නේ...:)

    ReplyDelete
    Replies
    1. මට උනේ ඒ වැඩේනේ අප්පා ,,ලැජ්ජාවේ බෑ ,දැන් මොනා කරන්නද. ඒ මදිවට තව නොන්ඩියකුත් දාලනේ ,, සොරි හෙන්රි අයියේ ,ගැත්තාට සමාව මෙවුවා කරන්න ,, මාත් ටියුබ් ලයිට්

      Delete
    2. ටියුබ් ලයිටි කියන්නේ ලයිට් පොලුවලට ඒව ඔනම නං ඔය වෙන වැඩවලටත් ගන්න පුලුවං

      Delete
    3. ඔය බට ලයිට් සීන් එක අපි කාටත් අඩු වැඩි වශයෙන් තියෙනවා. ගනං ගන්නෙපෝ.

      Delete
  20. mokoo ban aayi thawa kasaadhayakwath kara gannadha kalpanaawa ??? mal kadana ewwata sahaya dheelaa !!
    :-)

    ReplyDelete
    Replies
    1. ඒ මොකෑ උනිකෝඩ් අමතක වෙලාද දැන් පෙනෙල බීවයින් පස්සෙ?

      Delete
    2. පෙනෙල උගුරකුත් එක්ක කොම්බුවක් පෙවුනලු.

      Delete
    3. පෙනෙල බීලා විතරක්යැ. පැකට් එකත් ඔලුවේ දාගෙන ඉන්නවනේ.

      Delete
  21. දුම්රිය ස්ථාන සහ දුම්රිය වල මල් කැඩීම එහෙම තහනම් කරන්න අපි දෙන්නේ නැහැ. අපිත් ඉස්සර මල් කපු තැන නේ ඔය.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ විශ්ව. සටනට ජයවේවා.

      Delete
  22. ඔයා මොකට සලංපෙසං එකට සහයෝගේ දෙන්නේ. ..?

    ReplyDelete
    Replies
    1. කොල්ල වෙන්න හදනව බං..

      Delete
    2. @ඉවාන් ඇයි අපි සහය නොදිය යුත්තේ? අපේ වැඩේ හරි නිසා අලුතෙන් මල් කඩන උන්ට හෙන ගැහිලා ගියදෙන් කියලා නිකං ඉන්නද ඕනේ? අනික බැඳපු උන්ව කෙලින්ම සාමාජිකත්වයෙන් ඉවත් වෙනවද?

      @සෑම්: මේ ඊයේ පෙරේදා බැඳපු එකා අතීතය ආතක කරපු හැටි මම කල්පනා කලේ.

      Delete
  23. අපිට නම් දැන් අදාල නැහැ. ඒ කාලෙත් අදාල වුණේ නැද්ද මන්දා..

    ඇයි බං, ඔය වගේ තැනකට ගියාම අහවල් දේවල් නොකර ආතල් එකේ මුහුද දිහා බලන් ඉන්නෙ නැත්තෙ මුන්??

    ReplyDelete
    Replies
    1. පුදුමයිනේ මල් කඩන එක උඹට අදාල නොවෙන එක.

      Delete
  24. භංග නෙවෙයි තොලොංචි වෙලාම යන්න ඕනේ!

    ReplyDelete
    Replies
    1. එසේය එසේය. හිතට මාරුයි නේ නාඩියා?

      Delete
  25. හා....අය්යෙ..උඹ ඕකට සහයෝගෙ දීපං...අපිනම් නෑ ඕවට..!!
    අපි දන්නෙත් නෑ ඕන්න ගෙදරදි...බාල්කෙක එල්ලුවොත්..!:)

    ReplyDelete
    Replies
    1. උඹලා මේ සංකල්පය වරදවා තේරුම් අරගෙන ඉන්නේ මට පේන්නේ. :-?

      Delete
  26. ස.ලං.පෙ.සං. ට මමත් සහයෝගය දක්වනවා.... කෝච්චි පාරකදි තමයි අපි දෙන්නත් මුනගැහුනෙ . (ගමනක් යද්දි නෙමෙයි, සෝට් පිලුමක් කොරන්න ගිහින් කෝච්චි පාරෙ.

    ReplyDelete
    Replies
    1. මුණගැහුනට පස්සේ සෑහෙන සෝට් පිලුම් කොලයි කියන්නේ කොච්චිපාරේ ...අනේ මන්දා ලෝකයා කියන කතා ..ඔන්න මාව අල්ල ගන්න එපා ලෝකයාව අල්ල ගනිං

      Delete
    2. දුප් මැට්ටා..... එනව මෙතන අහිංසක මට මඩ ගහන්න.

      Delete
    3. ඔය රේල් පාරේ ඩබල් ලයින් තියෙන හරියෙ නම් සෝට් පිලුම් කොරන එක බයානකයි. මොකද ලයින් දෙකේම කෝච්චි එනවා. සද්දෙ ඇහෙන්නෙත් නෑ.

      Delete
  27. ලංකාවට ආපු ටිකට සංගමේකුත් හැදුව එහෙනම්.. ඩූඩ් අයියට ජයවේවා..! :)

    ReplyDelete
    Replies
    1. නෑ බං අපි නොදැනුවත්වම අපි ඕකෙ ඉඳලා තියෙනවා. නම වෙනස් කරලා. ඒකයී අඳුනන්න බැරි වුනේ එක පාරටම.
      ජයවේවා..!

      Delete
  28. මල් විතරක් කඩලා නිකං ඉන්නවා නම් මොකද කොළ අතු සේරමත් කඩනවනේ

    ReplyDelete
  29. නියමයි.ඇත්ත වශයෙන්ම අසාධාරණයක් වෙලා තියෙනවා..සටනට අපෙත් සහයෝගය

    ReplyDelete
    Replies
    1. JP මේකට පෙරමුණ ගන්න බව මම දන්නවා. හා ඔය පාප්ප බාල්දිය ඔතන.

      Delete
  30. පහුගිය දවසක කලුසුදු අක්ක ලදුදෙ ට බැනල තිබුන.දැන්නෙ බොලෙ වැඩෙ තෙරුනේ.කෙලින්ම අපෙ සහයොගය දෙනව බොක්කෙන්ම .

    ReplyDelete
    Replies
    1. උඹ එනකල් මේ හිටියේ. දමිත් හා හා බලාගෙන උඹ තව පොඩ්ඩෙන් පාප්ප බාල්දියට අඩිය තියනවා.

      Delete
  31. දැන් පෙම්වතියක් නැති පෙම්වතුන්ටත් සලංපෙසං එකට සහය දෙන්න පුලුවන්ද ????

    ReplyDelete
    Replies
    1. නැතුව? උඹ බ්‍රහ්මචාරීව ඉන්න අදහස් කරන්නේ නෑනේ?

      Delete
  32. මෙවන් සටනකට සහයෝගය දෙන්නට කිසිම මාධ්‍යයක් ඉදිරිපත් නොවෙන අවධියක බ්ලොග් කරුවෙක්ගේ ඉදිරිපත්වීම අගය කරන්නෙමු. මල් කැඩීම තහනම් කලාසේම මල් ගැසීම තහනම් කෙරුවොත් එයට විරුද්ධව වීදි බැසීමටත් ජනතාව සුදානමින් සිටී. අද මෙන් එදිනටත් ඔබගේ මාධ්‍ය සහයෝගය අපේක්ෂා කරන්නෙමු.

    ReplyDelete
    Replies
    1. අපි බලමු, උඹලටම රිද්දන්න ලදුදේ ඒ තරම්ම දරුණු ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙයිද කියලා. Desperate measures for desperate times. Then it would be desperate times.

      Delete
  33. අ.පො.ස සා/පෙ ලියන කාලෙ මමත් රාත්‍රී බදුලු තැපැල් දුම්රියේ ලස්සන චාරිකාවක් ගියා...ඒ චාරිකාව බොහොම ලස්සන මතක සමුදායක් එක්ක මගේ හිතේ තැන්පත් වෙලයි තියෙන්නෙ.....මමත් දුම්රියෙන් උඩරට පළාතට යන මේ ගමනට බොහොම මනාපයි....ඊළගට දාන්නෙ ෆොටෝ ටිකද ?

    ReplyDelete
    Replies
    1. ඔව් සිරා. මේ ඒකට පූර්විකාවක් නොහොත් කමිං කෑල්ලක්. උඹ දන්නවනේ මම ටිකක් වෙනස් විදියෙ පූර්විකාවල් දාන්න කැමති බව.

      Delete
  34. සලංපෙ සංගමේ අනුශාසක ධූරය ඩූඩ් අයියව දැම්මොත් නරකද? අහ් ඩූඩ් ට මිස් වුන කොටසකුත් තියෙනවා. ඔය මුහුදු බඩ පැත්තෙ කෝච්චි යද්දි අපි නම් අනත්තවත් දැකලා තියෙනවා මූද සයිඩ් එකේ ගල් පර අස්සෙ ඉන්න සංගමේ සාමාජික සාමාජිකාවන් කෝච්චි දැකලා කුඩ අස්ස්සෙයි ගල් අස්සෙයි හැංගෙන්න යනවා.. බලන්න හෆ්ෆා කෝචිචි වලින් කොච්චර කරදර වෙලාද?

    ReplyDelete
    Replies
    1. අනේ එපා බං. මම ඔය තානාන්තර වලට කොහොමත් මනාපයක් නෑ.

      එහෙමත් එකක්ද? එහෙනම් මේ පෝස්ටර් ව්‍යාපාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙයි කියලා වෙන්නැති හැංගෙන්නෙ. වෙන හේතුවක් නෑනේ.

      Delete
  35. සටනට ඔන්න අපෙත් සහය..

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම වරෙං. උඹව හොයන්න පයිණ්ඩයක් යවන්න හිටියේ. උඹලා කොච්චර නම් මල් කඩන උන්ද!

      Delete
  36. මල් කැඩීම සඳහාම වෙන් උන මල් වතු හදන්න ඕනෙ කියල ඉස්සර කාලෙ ඇමති කෙනෙක් කීවාම පත්තර කාරයෝ ඒ මිනිහව කෑවා. ඇත්තනෙ.. ඔය වයසට නොකඩන මල් කඩන්නෙ වලපය තියන කාලෙදිද ? බොහොම කාලෝචිතයි ඩූඩ්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ යෝජනාව එහෙමම හමස් පෙට්ටියට ගියාද මචං? අපරාදේ. මම නම් කැමතියි කාට හරි හරියනවා නම්.

      Delete
    2. කාලොචිතයි කිවුවෙ ඔය දෙන්නගෙන් කාටද?

      Delete
  37. ල.දු.දේ ට එරෙහිව ස.ලං.පෙ.සං.විසින් ගෙන යන මේ විරෝධතා පිටුපස සිටින්නේ බහුජාතික දුරකථන සමාගම් බව ප්‍රවාහන අමත්‍ය කුමාර් වෙල්ගම මහතා ප්‍රකාශ කර සිටි.මේ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්කු ඒ මහතා කියා සිටියේ මේ කුමන්තණය පිටුපස සිට මෙහෙයවන පුද්ගලයා සිටින්නේ මාලදිවයිනේ බවත් ඔහුට ඒ සදහා දුරකථන සමාගම් වලින් ඩොලර් වලින් කුට්ටි ලැබෙන බවත් පවසා සිටි අමත්‍යවරයා ස.ලං.පෙ.සං තමන්ට හෝ දෙපාර්තමේන්තුවට අභියෝගයක් නොවන බවත් තමන් සමගින් ස.ල.ත.ස (සමස්ත ලංකා තනිකඩ සංගමය )සිටිනා බවත් කියා සිටි.

    ReplyDelete
    Replies
    1. සලතස එහෙම පාවාදීමක් කරන්නේ නෑ බං. ඕවා හිතේ අමාරුවට කියන කතා. ඇත්තෙන්ම දුරකථන සමාගම් නම් සටන පිටිපස්සේ ඉන්නවා වෙන්න පුලුවන්. නමුත් ඩොලර් කුට්ටි කතාව නම් සහගහන කතාවක්. අඩු ගානේ නිකං රීලෝඩ් එකක්වත් දීලා නෑ කියලයි ඔය උඹ කියන පුද්ගලයා කියන්නේ.

      Delete
  38. ලදදෙයින් සතුටු වෙලා ලන්විමට හිටියනම් හරිනේ

    ReplyDelete
    Replies
    1. ලදදෙයින් සතු‍ටු වෙන එක හොඳයි කිව්වට එතන එක තැන පල්වීමක් නැද්ද ප්‍රා? :-?

      Delete
  39. ඔය සටනට මගේ සහයත් බොහොම කැමැත්තෙන් සපයන්න කැමති . . . මමත් වැඩි හරියක් ඔය සේවාවෙන් මගේ සේවේ සපයා ගත්ත කෙනෙක් නිසා ඒ කල ගුණ තියන්න එපයි . . .හා නැද්ද ?

    ReplyDelete
    Replies
    1. අන්න හරි. කළගුණ සැලකීම නිසා තමයි මේකත් ලියවුනේ.

      Delete
  40. උදේ හවස යන්නෙ එන්නෙ ඕකෙ නිසා මොකුත් කියන්න බැහැ අෆ්ෆා...

    ReplyDelete
    Replies
    1. කෝච්චියක හිත රිද්දන්න එහෙම ලේසියෙන් බෑ.

      Delete
  41. නියම සංගමේ අම්මපා ඔකට ආයි බැඳෙන්ඩ වෙන්නේ ලබන ආත්මේ තමා ඉතිං..!!!

    ReplyDelete
    Replies
    1. උඹලා ඒ ටිකට ඒකෙන් අස් වුනාද? අනේ මන්දා!

      Delete
  42. ඇඩෝව්ව්....
    මොකාද යකෝ රේල්ලුව භංග වේවා කියන එකා??
    අපේ ස්ටේෂන් එකෙත් ඕක ගහල තියනවා..

    ReplyDelete
    Replies
    1. අඟහරුවා මොකෝ කලබලවුනේ? කෝච්චිය ඒ විදියටම තියෙනවා. මේ මල් කැඩිල්ලට පාට් එක දාන බලධාරීන් එක්කයි කොක්ක.

      Delete
  43. කෝ කෝ ඉක්කොනට ලේස්ති වෙලා බෝඩ් කෑල් දෙක තුනකුත් උස්සං යමල්ල... මාත් එනව එකෙන්ම... යකෝ මේක හලි කෙලියක්නෙ අහිංසක අපේ පෙජාතන්තවාදී අයිතියට මක්ක වෙන්නද

    ReplyDelete
    Replies
    1. මේ මොනවා කතා කරනවද මහේෂ් මේ වෙලාවට කට පියං හිටියොත් වැඩක්ම නෑ. ආ, මෙන්න මේ පාප්ප බාල්දිය ගනිංකෝ අතට.

      Delete
  44. මටනම් අවංකවම ඔය සටනට සහය දෙන්න බහ මොකද මම දැන් පවුල් කාරයා

    ReplyDelete
    Replies
    1. උඹ පවුල් කාරයෙක් වෙන තැනට පාර කැපුනේ මල් කැඩිල්ලෙන් නෙවෙයි කියලද කියන්නේ?

      Delete
  45. යකෝ මම මේක දැක්කා.. කියෙව්වත් එක්ක, හැබැ‍යි කියන්න හිටිය එක කියන්න අමතක වෙලා.... එහෙම කොහොමද යකෝ ලදුදේ භංගවේවා කියන්නේ.... මම යන්නෙ එන්නෙ වැඩි හරියක් කෝච්චි වල. මට බස් දිරවන්නේ නෑ. මල්කඩන්න පලයංකෝ මල් වත්තකට, අපි කොච්චියේම ගිහින් දාන්නම්... මම පටන් ගන්නවා මේකට විරුද්ධව සටනක්.... "ලංදුට අත නොතබනු" කියලා. ඒ කියන්නේ ලංකා දුම්රියට අත නොතබනු. විරෝධ පාඨය හැටියට කියනවා "සලංපෙසං සල්ලං වේවා" කියලා

    ReplyDelete
    Replies
    1. එක අතකට උඹ සටන්කරුවෝ අස්සෙම හැංගිලා ඉඳලා පස්සෙ පාවා දෙන්නේ නැතුව මුලින්ම පැත්තක් ‍තෝරාගත්ත එකට අපේ ප්‍රණාමය.

      Delete
  46. මාත් බැඳෙන්න ඕනා ඔය සලන් පෙසන් එකට. එතකොට කොළ කැඩීම තහනම් නැද්ද දන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ගහ දන්න අයට කොළ කඩා පාන්න එපා කියලයි ඉරිසින්නාන්සෙලා කියලා තියෙන්නේ. නමුත් අපි බලමු චක්‍රලේඛනයේ මොකුත් හිදැසක් තියෙයිද කියලා.

      Delete
  47. මමත් ස.ලං.පෙ.සං.
    ඒත් අපි ඕක කියන්නේ 'සමස්ත ලංකා පෙරන්නන්ගේ සංගමය' :P

    ReplyDelete
    Replies
    1. ඒක තවත් හොඳයි. සමගිය බලය වේ.

      Delete
  48. අනේ යකෝ බොට හිතෙන දේවල්

    ReplyDelete
    Replies
    1. ඇයි නරකද අයිලාස්?

      Delete
  49. මේ දවස්වල හොඳට රැකගෙන ඉන්න වෙයි ඩූඩෝ ඔය සලං පෙසං සටන් පාඨ ටික පරෙස්සන් කොර ගන්න... ඔයගොල්ලො පාප්ප බාල්දිය බිමින් තියන කොටම තව කට්ටියක් ඕක වහගෙන පනාව දාගෙන වැඳගෙන ඉන්න මූණත්තහඩු ටිකක් අලවගෙන යයි... ඒ නිසා ඔය ඉන්න අනිත් සාමාජිකයන්ව ස්ටෑන්ඩ් බයි තියාගන්න වෙයි පටාර් ගාලා සටන් පාඨ ටික අළුත් කරන් යන්න... ඒවා වගේද මේවා...
    හනේ ඩූඩෝ බොටත් හිතෙන ඒවා... :D

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මේක මේ ප‍ටු පරමාර්ථයකින් කෙරෙන වැඩක් නෙවෙයි. හුදී ජනයාගේ ලාම්පු කණගා‍ටුව උදෙසාමැයි.

      උඹව දැක්ක කල්!

      Delete
  50. උඹගේ බ්ලොගයට අද තමයි මුලින්ම ආවේ. නැවත එන්නම්.ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. වෙල්කම් චන්දන. ආයේ වරෙං කෝපි එකක් හෙම බීලා පොඩ්ඩක් කතා කර කර ඉඳලා යන්න.

      Delete
  51. මල් කඩන්නේ නැතත් මාගේ සම්පූර්ණ සහයෝගය ඩූඩාට...

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම වරෙං නදිනි. මොකෝ බ්ලොග් ලෝකයත් එක්ක තරහ වෙලාද, නැතිනම් මට වගේ කම්මැලි කමක් ගහලද?

      Delete
  52. මොකවත් ලියන්නේ නැද්ද ලොකු සෑර්

    ReplyDelete
    Replies
    1. කම්මැලි වෙලා බං. ඒත් මේ ලියනවා. ඇත්තෙන්ම ලියන්න තියෙන දේ වැඩිවෙලා තියෙන්නේ.

      ලොකු සෑර් කියන්න එපා බං. ප්‍රින්සිපල් කෙනෙක් කියලා හ්තලා ජීවිත තර්ජන එන්න හැකියි

      Delete
  53. අනේ අයියේ, මහත්තයෝ, සේර් තුන් ගමනක්ම කියවලයි පෝස්‍ටුවේ යට අර්ථය තේරුම් ගත්තේ.
    ආයේ මක්කැයි තමුන්නැහේ වර්ජන ගර්ජන දෝස්මුර වලට සම්බන්ධ වෙන කෙනෙක්යෑ එහෙම ලේසියකට.
    අරකට නැති අහවල් එක මක්කටද කියලා නියම වෙලාවට නෙව වැඩේට බැහැල තියෙන්නේ.

    ජයවේවා.... ලදුදේ භංග වේවා...!!!

    ReplyDelete
    Replies
    1. අපි උඹව අතුරුදහන් වූවන්ගේ ගොඩට දාලා හිටියේ. උඹ තියා උඹේ බිරින්දැගේ කමෙන්ට් එකක්වත් දැක්කේ නෑ ඊට පස්සෙ.

      Delete
  54. ඔබේ පොස්ට් කියෙව්වා. නමුත් කමෙන්ට් කරන්න බැරි වුනා. කොහොම හරි පොඩි කෑල්ලක් දාල හැමෝගෙම කුතුහලය අවුස්සනව නේද?

    ReplyDelete
  55. ලදුදේ භංග වේවා...!!!

    ReplyDelete
  56. මම හිතන්නේ සේරටම ඉස්සර්ලා ඔය සලංපෙසං කට්ටියට Ms Paint ගැන පොඩි වැඩමුළුවක් දෙන්න වෙයි වගේ.

    ReplyDelete
  57. මොකෝ ලියන එක නැවැත්තුවයි. කාලෙකින් පෝස්ට් එකක් කියෙව්වේ නෑ වගේ මතකයි. මොකක් හරි අවුලක්ද?

    ReplyDelete
  58. කෝ ඩුඩ් දානවා කියුව පොස්ට් එක :(

    ReplyDelete
  59. අද තමා මුලම ආපු දවස ..

    ReplyDelete
  60. අලුත් පෝස්ට් එකක් දාන්නකො ඩූඩ්. දැන්නම් ඉවසුවා ඇති!!!!

    ReplyDelete
  61. ලදුදෙ නෙමේ මම බොලාව බංග කරනවා ඉක්මනට මොනා හරි ලියුවේ නැත්නම්. ආයෙ ඒකෙ දෙකක් නෑ.. ඕන්..හොඳටම තරහා ගිහින් ඉන්නේ දැන්නම්..

    ReplyDelete
    Replies
    1. ඒයි අනුන්ට සද්දේ දාන උඹ එපායෑ කලින් ලියන්න.

      මොකෝ තරහා යන්නේ බොලාට විතරයි කියලද හිතං ඉන්නේ ඈ... මෙහෙ අපිත් ඉන්නවා.

      Delete
    2. මුන්ට කෙලින් යන්න කිව්වට යන්නෙම නෑ බන් සරා....ඒකයි පොඩි සද්දයක් දැම්මේ.. හෙහ් හෙහෙ.. :D

      Delete
  62. සලංපෙසංවල ගරු අනුශාසක ධූරයක් හම්බෙලා රටවටේ යනවද පෙම්වතුන්ට උපදෙස් බෙද බෙද ?? කෝ මොකුත් අලුතෙන් ලියන්නේ නැද්ද අයියා ?

    ReplyDelete
  63. කම්මැලි නැතිව මොනා හරි ලියමුකෝ ආයිබොවන්..!!

    ReplyDelete
  64. අනේද කියන්නෙ සරත්... අපි පරක්කු වෙනකොට බලන්නෝන... වහා එව...කියවන්නට යමක් ලියව...

    ReplyDelete
  65. This comment has been removed by the author.

    ReplyDelete
  66. This comment has been removed by the author.

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>