Saturday, August 8, 2015

136. උඹලෑ කකුල් වලටත් කෝල්ස්, එස් එම් එස් එහෙම එනවද මගෙ වගේ?


දැන් මේ මාතෘකාව කියවලා පාඨක ජනතාව වැරදි තීරණ වලට බහින්න කලින් මේක කියවමු.

ඔන්න මම මගේ ජංගම දුරකථනය කලිසම් සාක්කුවේ දාගෙන ඉන්නවා. මට එක පාරටම දැනෙනවා කකුල, නැතිනම් සාක්කුව කම්පනය (vibrate) වෙනවා. මම සාක්කුවෙන් ජංගමයා අරං බලනවා. එක්කෝ ඇමතුමක්. නැතිනම් කෙටි පණිවිඩයක්. ඒත් නැතිනම් වෙනත් දැනුම් දීමක්. ඇමතුමක් නම් මම කොලපාට බොත්තම ඇදලා ජංගමයා කණට තියාගෙන 'හලෝ' කියනවා. කෙටි පණිවිඩයක් නම් ... ඔව් ඒ හරිය උඹලට කියන්න දෙයක් නෑනේ.

ඔය ගැන බ්ලොග් ලිපියක් ලියන්න දෙයක් නෑ. ගෙදරට කියන්න දෙයකුත් නෑ.


හරි දැං මේ සිද්ධිය බලමු.

ඉස්සෙල්ල වගේම මම ඔන්න මගේ ජංගම දුරකථනය කලිසම් සාක්කුවේ දාගෙන ඉන්නවා. මට එක පාරටම දැනෙනවා කකුල, නැතිනම් සාක්කුව කම්පනය (vibrate) වෙනවා. මම සාක්කුව අත දානවා. ජංගමයා නෑ. මම කලබල වෙලා අනිත් සාක්කුවට අත දානවා. මෙන්න තියෙනවා භාණ්ඩෙ. නමුත් ඒක තියෙන්නේ දකුණු සාක්කුවේ. මට හොඳටම විශ්වාසයි කම්පනය වුනේ වම් සාක්කුව කියලා.  ඕනෙ මගුලක්. මම ජංගමයා පරීක්ෂා කරලා බලනවා. මුකුත් නෑ.

ඔන්න දැන් ටිකක් හිතට අමාරුයි.

හරි ඔහොම යංකෝ.

ඔන්න ඉස්සෙල්ල වගේම මට එක පාරටම දැනෙනවා කකුල, නැතිනම් සාක්කුව කම්පනය වෙනවා. මම සාක්කුව අත දානවා. ජංගමයා නෑ. මම කලබල වෙලා අනිත් සාක්කුවට අත දානවා. ජංගමයා ඒකෙත් නෑ. මම වටපිට බලනවා.මෙන්න ජංගමයා ඉන්නවා මේසෙ උඩ. කෝකටත් කියලා මම ඒක අතට අරං පරීක්ෂා කරලා බලනවා. මුකුත් නෑ.

ඔන්න දැන් තවත් හිතට අමාරුයි.

හරි ඒකත් එහෙමයි කියමුකෝ.

ඔන්න මම නානවා. ඇයි යකුනේ මම නානවා තමයි. මොකෝ කට ඇරං බලා ඉන්නේ? මෙන්න යකෝ වම් කලවේ පිට පැත්තේ  උඩ හරිය කම්පනය වෙනවා.  මොන මගුලක්ද මේ? හරියටම ඒක එන්නේ කළවේ මස්පිඬු අතර හංගලා තියෙන ජංගම දුරකථනයකින් වගේමයි. තාක්ෂනය තවම එච්චරටම දියුණු නැති නිසා මම දොරෙන් එබිලා බලනවා. ජංගමයා යහතින් ඉන්නවා නිදන කාමරේ ඇඳ උඩ. මට හොඳටම විශ්වාසයි මගෙ කකුලට දුරකථන ඇමතුමක් ආපු බව.

පස්සෙ මම ජංගමයා පරීක්ෂා කරලා බලනවා. මුකුත් නෑ.

මම කල්පනා කරනවා.

මම දුරකථනය කම්පනය වෙන්න (vibration mode) දාන්නේ බොහොම කළාතුරකින්. සාමාන්‍ය විදියට නාද වෙන්න  තමයි තියෙන්නේ. මම ටිකක් කලබල වෙනවා. මේක දිගින් දිගටම වෙනකොට මම ගූගල් දෙවියන්ගේ පිහිට පතනවා. මෙන්න මෙහෙම.



හම්මෝ දැනෙන සනීපෙ. Phantom phone vibrations කියලා කොටන කොටම මට තේරෙනවා මේක මට විතරක් වෙන සංසිද්ධියක් නෙවෙයි කියලා. මොකක් හරි කරදරයක් මට විතරක් නෙවෙයි වෙලා තියෙන්නේ කියලා දැනගන්න එක කොච්චර සහනයක්ද කියලා මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.

හරි ගූගල් දෙවියා පෙන්නපු පාරවල් ගණනාවක මම ගිහින් බලනවා . ඒවයෙ තියෙන හැම දෙයක්ම කියලා ආතල් එක කඩන්න ඕනෙ නෑනෙ මම නම් ගැහුවෙ Phantom phone vibrations කියලා. උඹලත්  Phantom phone vibrations ගහලා කියවලා බලලා ඒ ආතල් එක ගනිල්ලා.

කෙටියෙන් කිව්වොත් මට වගේ කකුලට දුරකථන ඇමතුම්. කෙටි පණිවිඩ හෙම එන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ලෝකෙ ඉන්නවා. 


මේකෙ ඒ හැටි අවුලක් නෑ.

මේ ගැන සිංහලෙන් පළවෙච්ච පළවෙනි ලිපිය මේක කියලා මම විශ්වාස කරනවා. නමුත් මම ඒක නම් හොයලා බැලුවේ නෑ.

දැන් මට කියාපල්ලා ළමයිනේ, උඹලටත් මෙහෙම දැනිලා තියෙනවද? නැතිනම් මෙහෙම වෙච්ච පළවෙනි ලාංකිකයා මමද? ඒක එහෙම වෙන්න බෑනේ. හරි කියාපල්ලා බලන්න.ලැජ්ජා වෙන්න එපා.


96 comments:

  1. අම්මාපල්ලා මටත් ඕකම වෙලා තියෙනවා.. ලජ්ජාවට මෙච්චර කල් කාටවත් කියුවේ නෑ.. දැම්ම කියවලා බලන්නොනේ..
    ඩුඩ් ම ඉන්නොනේ ඉතින් මෙහෙව් එකක් ලියන්න.. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කමියා. ඒවගේම සං‍තෝසයි. කියවපං කියවපං.

      Delete
  2. ඇත්තටම මේක විහිළුවක් නෙවෙයි. මේක වෙන්නේ අධික ෆෝන් ඇබ්බැහිය නිසා කියලයි මට හිතෙන්නේ. මටනම් ෆෝන් එක කලිසම් සාක්කුවේ දාගෙන යාම අප්‍රසන්නයි. හදිස්සියකට ගන්න අමාරුයි, ෆෝන් එක නැවිලා හානි වෙන්නත් ඉඩ තියනවා. දැන් තියන තඩි ෆෝන් කොහොමවත් සාක්කුවක දාගන්න බැහැ. ප්‍රමාණයෙන් තරමක් විශාල මගේ ෆෝන් එක කමිස සාක්කුවේ දාන්න පුළුවන්. මම ටී ෂර්ට් ගත්තත් ෂර්ට් ගත්තත් සාක්කුවක් තියන ඒවා ගන්නේ.

    මේ ඇබ්බැහිය සහ තමන්ට ලැබෙන පණිවිඩ සංඛ්‍යාව මත මේ භූත ඇමතුම් රෝගයේ උත්සන්න භාවය වෙනස් වෙනවා ඇති කියලා හිතනවා.

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි විචාරක තුමා. අනේ ලොකු අයියේ.

      ෆෝන් එක කලිසං සාක්කුවෙම ඔබා ගන්න බලමු. මොකද දැන් ළමයිත් ලොකු මහත්වෙලා වගකීම් වලිනුත් නිදහස් වෙලා ආතල් එකේ ඉන්න නිසා ඒ අවට දේවල් මයික්‍රොවේව් වුනාට දැන් ගානක් නැති නිසා. සමහරවිට ඒක වාසියක් වෙන්නත් පුලුවන්, නැද්ද!

      නමුත් ඕක ටීෂර්ට් එකේ සාකුවේ දාලා ඒ හරියේ ඇතුලේ තියෙන වැදගත් අවයව ටික මයික්‍රොවේව් වුනොත් ඒකනං එච්චර හොඳදෙයක් නෙවෙයි.

      මගේ ෆෝන් එක නම් (Samsung Galaxy S5) කලිසම් සාක්කුවට දාන්න පුලුවන් කිසි අවුලක් නැතුව. විචා පාවිච්චි කරන්නේ ටැබ් එකක්ද?

      Delete
    2. මම පාවිච්චි කරන්නේ Nokia asha 308 ෆෝන් එකක්. ඔය විකිරණ ප්‍රශ්න අවමයි.

      http://www.microsoft.com/en-in/mobile/phone/asha-308/specifications/

      Delete
    3. //ෆෝන් එක කලිසං සාක්කුවෙම ඔබා ගන්න බලමු. මොකද දැන් ළමයිත් ලොකු මහත්වෙලා වගකීම් වලිනුත් නිදහස් වෙලා ආතල් එකේ ඉන්න නිසා ඒ අවට දේවල් මයික්‍රොවේව් වුනාට දැන් ගානක් නැති නිසා. සමහරවිට ඒක වාසියක් වෙන්නත් පුලුවන්, නැද්ද!

      නමුත් ඕක ටීෂර්ට් එකේ සාකුවේ දාලා ඒ හරියේ ඇතුලේ තියෙන වැදගත් අවයව ටික මයික්‍රොවේව් වුනොත් ඒකනං එච්චර හොඳදෙයක් නෙවෙයි.//

      :D :D :D

      Delete
  3. //ඔන්න මම නානවා //

    දෙයියන්‍ට ඔප්පුවෙච්චාවෙ !!
    මට ඇස් අදහගන්නත් බෑ.. යකෝ හෙන්‍රි අයියා නානවා… හුරේ !!!! :D :D

    ReplyDelete
    Replies
    1. කවුද යකෝ බාත් රූම් එකට එබිලා බලපු එකා කියලා මම බැලුවේ. :D

      Delete
    2. වැඩක් නෑ පත්තරේ.
      මිනිහ නෑවට මිනිහගෙ ඩෙනිමනං කවදාවත් නාන්නෙ නෑ. :P

      Delete
    3. අවුලක් නෑ ලඟදිම එනවලු එකසැරයක් ගැස්සුවම කුනු ඔක්කොම සූස් කියල විසිවෙන කුනු දූවිල් වතුර අල්ලන්නැති රෙදි විශේෂයකින් මහපු ඩෙනිම්. ලංකාවෙ කස්ටියක් හොයාගෙන කියන්නෙ නැනෝ තාක්ෂනෙන්.

      Delete
    4. සැහෙන්ඩ බොන්න වෙන කේස් එකක්...ඩුඩ් නනාවා කියන්නේ

      Delete
  4. අඩේ මේක මටත් වෙනව බොලව්...මං හිතුවෙ ඒක මගේ මොලේ කචල් එකක් කියලා නොවැ...හැක්

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මලියා. තවත් ලක්ෂ (සමහරවිට) කෝටි සංඛ්‍යාත ජනතාවක් අපි සමඟයි.

      Delete
  5. ඔහොම ෆෝන් වයිබ්රේටිං වගෙ දැනෙන්නෙ මචං මෙහෙම උනහම. ඔය තියනවනෙ බැටරි ඔපරේටඩ් වයිබ්රේටර්ස් සරීරෙ නොයෙක් ඉස්තානවලට ඔබාගෙන සුට්ටි සුට්ටි ආතල් ගන්ට හදාපුව. ඔය වැඩේ නිතර දෙවේලෙ කරන්ට ගිහාම වෙන්නෙ ඒ වයිබ්රේටිං ෂොක් වේව්ස් වලට ඉස්නායු පද්දතිය ඇබ්බැහි වෙනව. ඊට පස්සෙ අර වබ්රේටර්ස් ගහගෙන නැතිවෙලාවට උනත් එහෙම දැනෙන්ට ගන්නව. අපේ මොලේ ඒ මැසේජ් එක තේරුං ගන්නෙ ෆෝන් එක වයිබ්රේට් වෙන විදිහට. ඕක ගැන ඔයහැටි කලබොල වෙලා බ්ලොග් පෝස්ට් දාගෙන දඟලන්ට ඕන නෑ බං..අර පුරුද්ද අතෑරගනිං..එතකොට නිකම්ම ඕක හරියයි.

    ReplyDelete
    Replies
    1. සංසා‍ෙරෙේ ‍ෙ....
      ඩුඩ් ඔයා

      Delete
    2. මම උඹ ගැන ආඩම්බර වෙනවා මචං අනිත් උන්ට අනතුරක් වෙන්න කලින් තමන්ගෙ අත්දැකීමක් මෙහෙම ප්‍රසිද්ධියේ බෙදාගත්ත එක ගැන. හුඟ දෙනෙකුට ඔය පරාර්ථකාමී ගතිය නෑ. අනික කියන්නත් ලැජ්ජ වෙනවා.

      මගෙනුත් යුතුකමක් වෙන්න ඕනෙ කියලා හිතනවා මෙතනදි. අනේ මචෝ අර කොන්ක්‍රීට් අනන වයිබ්‍රේටර් ඒ වැඩේට ඇර මොනම හේතුවක් නිසාවත් ස්ටෝර්ස් වලින් නිකුත්කරන්න එපා කියලා SK ගොයියට අනාඥාවක් දාහං බීපු නැති වෙලාවක. :D

      Delete
    3. රවී අයිය ඔය සයිට් වල එහෙම වැඩකරල පුරුදු බුවා වෙච්චි. කොන්ක්‍රීට් වයිබ්‍රේටරයක් උනත් කොන්ට්‍රෝල් කරල ගානට වැඩේ කරගනියි. හැබැයි හෙන්‍රි අයිය එහෙම ඒව එක්ක සෙල්ලං කරන්න යන්න එපා.

      Delete
    4. Dude,

      / අනිත් උන්ට අනතුරක් වෙන්න කලින් තමන්ගෙ අත්දැකීමක් මෙහෙම ප්‍රසිද්ධියේ බෙදාගත්ත එක ගැන /

      මට ඔහොම අසනීපයක් නෑ බොල ඒ නිසා මට ඔහොම අත්දැකීමකුත් නෑ. මම කිව්වෙ ඔය වයිබ්රේටින් ලෙඩේ තියන බොලා වගෙ එවුන්ට.. :D

      Delete
    5. එහ්හෙම කියහං. මං මේ ඒත් බැලුවා දැක්කවගේ විස්තර කරනකොට. :D

      Delete
  6. අඩේ මේක මට විතරක් තියන ලෙඩක් නෙමේ එහෙනං ...
    මම කාටවත් කියන්ඩ ගියේ නෑ ... අනිවා මාව පිස්සංකොටු කුදලං යයි කියල .....

    ReplyDelete
    Replies
    1. උඹ බයවෙන්නෙපා ඇනෝපිලිස්. පිස්සංකො‍ටුවට ගියත්, අපායට ගියත් අපේ යාලුවෝ ඉන්නවා ඕය කොහෙත්.

      Delete
  7. ඇයි කොයි වෙලෙත් ෆෝන් එක රිං වෙනවා වගේ ඇහෙන එක, එත් බලනකොට ෆෝන් එක රිං වෙන්නේ නෑ,

    "ringing ear syndrome" කියල සර්ච් කරලා බලන්න

    ReplyDelete
    Replies
    1. හුටා. එහෙමත් එකක් තියෙනවද? ඒකනම් තවම නෑ වගේ මට. හැබැයි කණේ පාරක් කාපු වෙලාවට නම්... :))

      Delete
    2. අම්මේ ඇති යන්තම් මට තියෙන ලෙඩේ තව එකෙකුට තියනවා ...ගමේ එකෙක්ම වෙච්චි එක ගැන තවත් ආඩම්බරයි ...හැක් හැක්

      Delete
    3. මේ ලෙඩේ නම් මටත් තියෙනවා. වෙලාවට තාම කකුල දෙදරන්නේ නෑ

      Delete
  8. හෙහ් හෙහ් දෙයියන්ගේ නාමෙට මට දැන් මේක නෑ, ඉස්සර තිබ්බ, හැබැයි වයිබ්රේට් නෙවේ මට කෙලින්ම කණේ තිබ්බා වගේ රින්ග් ටෝන් එක ඇහෙනවා :D දැන් නම් ඇත්තට රින්ග් වෙද්දීත් ඇහෙන්නේ නෑ :3

    ReplyDelete
    Replies
    1. එහෙනං පු‍තෝ කණේ සර්කිට් බ්‍රේකර් එක එක්කෝ ඕෆ් වෙලා නැතිනං අලුතෙන් දාන්න වෙලා. ;D

      Delete
  9. අනාගත ලෝකයටම බලපානා අලුත් ලෙඩක පෙරනිමිති. ස්තුතියි හෙන්රි සටහනට.

    ReplyDelete
    Replies
    1. අලුත්මත් නෑ. අනාගතත් නෑ මචෝ. උඹ ඔය ලින්ක්ස් දිගේ ගිහින් කියවලා බලාපංකෝ.

      Delete
  10. කකුලෙ නම් දැනෙනවා.... බයික් ඒකේ යනකොට කොයි වෙලෙත් දැනෙනවා... මං හිතන්නේ හුලං වදිද්දි වෙන්ටෑ... ඒත් අර තැනනම් දැනිලා නෑ තාම... අදවත් නාලා බලන්න ඔ්නේ

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, නාලා බලහංකො එහෙනම්. සමහරවිට ස්නායු කෙළවරවල් මතුවුනාම වැඩේ හරියන්න පුලුවං.
      බයික් එකේ යනකොට එහෙම තමයි මටත්.

      Delete
  11. මට නං නෑ පුතේ.. ආතල් එකක් තියේනං අරක දෙයියගෙන් ඉල්ලං බලන්නං. ඒක නෙමෙයි බං උඹලගේ හිත පෝන් වලට ඇබ්බැහි වෙලා ඒකයි අවුල.. මම නං කොහේ ගියත් මොනා කරත් වයිබේට් නෙයෙමි ලෝකේ ගලවල ගියත් මට ඕන වෙලාවට විතරයි පෝන් එක දිහා බලන්නේ.. හැක්.

    ReplyDelete
    Replies
    1. බලාගෙන උඹේ අහවල් එකත් ගැලවිලා යයි ඔය වගේ නොබල හිටියොත්.

      Delete
    2. අපි ෆෝන් වලට ඇබ්බැහි වෙලානෑ බං. රස්සාව කරනකල් ෆෝන් එක සාක්කුවේ තියාගෙන ඉන්න ඕනෙ. ඒක අවශ්‍යතාවයක්.
      ගෙදර ගිය වෙලේ ඉඳලා ෆෝන් එක ලඟ තියාගන්නේ නෑ. කොට්ටේ යට තියං නිදාගන්නෙත් නෑ. VIber, FB යන්නේ බෝහෝවිට ලැප්ටොප් එකෙන්. කෝල්ස් ගන්නේ සහ එන්නේ අවම වශයෙන්.

      Delete
    3. dude අයියා එක්ක මාත් එකඟයි. ඉස්සරම ඒ ඇබ්බැහිය තිබ්බා ඒත් දැන් ජොබ් එකේ අවශ්‍යතා නිසා ළඟ තියන් ඉන්න වෙනවා,,, ඒත් පුළුවන් තරම් අඩුවෙන් තමයි පාවිච්චි කරන්නේ..

      Delete
  12. හොඳ වෙලාවට මම කවදාවත් ෆෝන් එකේ වයිබ්‍රේට් දාන්නෙ නැති නිසා තාම ඔය ලෙඩේ මට හැදිල නෑ.
    මම හිතන්නෙ නානකොට හෙන්රි අයියගෙ මොළේ පොඩ්ඩක් පෙඟිල තියෙනව. ශුවර් නේද වයිබ්‍රේට් වෙන්නෙ කකුළ කියල. නැතුව කකුල් දෙක මැද තියෙන මොකුත් දෙයක් නෙමේනෙ. :D

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්නයා මේ ටිකට හොඳටම නරක් වෙලා කියලා කමෙන්ට් ටික කියෙව්වාම කිව්වැකි. ගන්නම දෙයක් නෑ වගෙ.

      මමත් ෆෝන් එක vibration දාන්නේ මීටිං වලදි විතරයි බං. මේකට ඒක හැමතිස්සෙම අදාල නෑ.

      කකුල. ඇත්තෙන්ම වම් කකුලට කෝල්ස් එන්නේ.

      Delete
    2. ඊයා ඔව්

      Delete
  13. ඕකේ මළම පනින වැඩේ තමා කෝච්චියේදි ලඟ කවුරු හරි ඉඳගෙන ඉන්නවා නම්, බොහොම පරිස්සමෙන් ලඟ ඉන්න මනුස්සයට අත වැදෙන්නේ නැති විදිහට, ඇඹරිලා හෙමීට අත ඇතුලට දාලා ෆෝන් එක අතට ගත්තහම කිසි දෙයක් නැති එක.... ඊට පස්සේ ආයෙම ෆෝන් එක දානවා ගත්ත විදිහටම සාක්කුවට... වැඩේ කියන්නේ තව විනාඩි දෙකකින් වගේ ආයෙත් කෝල් එකක් එනවනේ...

    ReplyDelete
    Replies
    1. උඹට ඒකට කොච්චර වෙහෙසක් ගන්න ඕනෙ ඇත්ද කියලා මට හිතාගතහැකි. හෙහ් හෙහ්. කෙට්‍ටු පොරනෙ.

      Delete
  14. මේ සංසිද්ධියෙන් ප්‍රයෝජනවත් දෙයක් ලබාගන්න උත්සාහ කරමු ;-)

    ReplyDelete
    Replies
    1. තව කල්පනා කරලා යෝජනා ගෙනෙං බලන්න.

      Delete
  15. මගෙ කමෙන්ට් එක කෝ......? ෆෝන් බහිරවයෙක් වත් ගිල්ලද...? ඔය ලෙඩේ නිතරම ෆෝන් එක ලඟ තියන් ඉන්න අයට හැදෙනවා. මටත් තියෙනවා ඕක නම්. සාක්කුවෙ තියෙන ෆෝන් එක කීපසැරයක්ම ඇදලා බලනවා රින්ග් වෙනවා වගේ දැනෙන නිසා. ඔළුවෙ අවුලක්ද දන් නෑ...... :D

    ReplyDelete
    Replies
    1. මම අර උඩිනුත් කිව්වා වගේ යෂ්‍යන්ත, මම ෆෝන් එක නිතර තියං ඉන්නේ නෑ. රස්සාව කරනකල් ෆෝන් එක සාක්කුවේ තියාගෙන ඉන්න ඕනෙ. ඒක අවශ්‍යතාවයක්.
      ගෙදර ගිය වෙලේ ඉඳලා ෆෝන් එක ලඟ තියාගන්නේ නෑ. කොට්ටේ යට තියං නිදාගන්නෙත් නෑ. VIber, FB යන්නේ බෝහෝවිට ලැප්ටොප් එකෙන්. කෝල්ස් ගන්නේ සහ එන්නේ අවම වශයෙන්.

      Delete
    2. සාක්කුවෙ තියෙන ෆෝන් එක කීපසැරයක්ම ඇදලා බලනවා රින්ග් වෙනවා වගේ දැනෙන නිසා.
      කැමායියේ ඕක කෙල්ල පොඩ්ඩක් තරහ උනාම හැදෙන ලෙඩක් අප්පා ගනන් ගන්න එපා....

      ඩුඩි අයියේ ඉතින් ඕක නිසා වෙන ලෙඩ හැදෙන්නත් බැරි නැනේ.........

      Delete
  16. මටත් ඔය වැඩේ වෙනවනෙ :D. මං හිතුවෙත් මට විතරයි ඒක වෙන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. කිසිදේකට බයවෙන්ටෙපා. කට්ටිය ඕනෙ තරම් ඉන්නවා.

      Delete
  17. ඔය සෙල්ෆෝන් හොයා ගන්න කලිනුත් අපේ සීයට ඔය ලෙඩේ තිබුනා බන්. ඒකට කිව්වේ හිරි වාතේ කියල

    ReplyDelete
    Replies
    1. හරි හරි මචං. අර තෙල් ගාලා අතගාවාගන්න එකනේ. තව උඩහට තව උඩහට කියලා. මේ ඒක නෙවෙයි.

      Delete
  18. අඩේ ඩූඩ්...බයික්කෙ යනවෙලාවට වැඩිපුර වෙනවනෙ ඔය මගුල

    ReplyDelete
    Replies
    1. ඔව් බං. බයි එකේ ගියොත් තරහ වෙනවා ෆෝන් එකට උත්තර දෙන්නේ නෑ කියලා.

      Delete
  19. මට ඔහොම වෙන්නේ නැහැ නේ.. මට හිතෙන්නේ මේක මේ වයසට යනකොට හැදෙන ලෙඩක් ද කොහෙද... :D

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නැති. නැතිනම් ස්නායු මැරිලා ඇති. :D

      Delete
  20. //Phantom vibration syndrome/// ගැන මමයි සීයයි ඊයේ කතා වුණේ. මේ ලිපිය මං දැන් දැක්කේ,, එයා ෆෝන් එක උඩ සාක්කුවේ දාන්නේ නෑ එයාගේ හාර්ට් එකට හයි කරලා තියෙන මැෂින් එකට හොඳ නැති නිසා, එයා කලිසම් සාක්කුවේ දාන්නෙත් නෑ බෙල්ලේ එල්ලගෙන ඉන්නේ කෝර්ඩ් එකකින්,, ඒ ගැන කතා කරද්දී තමයි මට මේ ගැන කිවුවේ. රෑටත් සමහර වෙලාවට නිකන් නැගිටලා බලනවලු.. බෙල්ලේ එල්ලන් ඉන්න ක්‍රමයේදී එයා නිතරම මතක තියන් ඉන්නේ ඇගට සම්බන්ද නෑ කියලා.

    ඒ එයාට, ඒත් මට ඒක ඔයාට වගේම තමයි . ෆෝන් එක හෑන්ඩ් බෑග් එකේ දාන් ගියොත් කොයිවෙලෙත් දැනෙන්නේ වයිබ්රේට් වෙනවා වගේ,, ඒක තේරුම් අරගෙන හොඳට කල්පනාවෙන් ඉඳලා බලලා තියෙනවා ඒත් වයිබ්රේට් වෙනවා දැනෙනවා, ඒවා මාර වැඩ ටමයි අප්පා.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ සීයට pace maker එකක් හයි කරලා ඇති එහෙනම්, නේද?

      බෑග් එකේ තියෙනකොටත් එහෙම දැනෙනවද? මට ඒක හිතුනේ නෑ. ඒ කියන්නේ ඔයා බෑග් එකේ හැර ඇඳුමේ සාක්කුවකට ෆෝන් එක දාන්නෙම නැද්ද?

      Delete
    2. ඔව් අවුරුදු 10 ක් දැන් ඒකට.

      නැහැ මං නිතරම පොඩි බෑග් එකක් එල්ලන් යනවා හෑන්ඩ් බෑග් එකක්ම නෙමේ කැමරා බෑග් එකක් වගේ. කලිසමේ දැම්මොත් දාන්නේ පිටිපස්සේ සාක්කුවේ.පිටිපස්සේ සාක්කුවේ තියෙද්දී ඇඟට තද වෙන විදිය වෙනස් අර විදියේ වයිබ්රේට් අනම් මනම් දැනෙන්නේ නෑ අයියේ ඔරිජිනල් ඒවා විතරයි දැනෙන්නේ, ට්‍රයි කරලා බලන්න, ඒත් ඉතින් පිරිමි පිටිපස්සේ සාක්කුවේ දාන්නේ පර්ස් එකනේ.

      Delete
  21. 1)බස් එකේ යද්දි ඔන්න මගේ ෆෝන් එක රින්ග් වෙනවා ඇහෙනවා. මම සාක්කුවට අතදාලා ෆෝන් එක ගන්නවා. මුකුත් නෑ. ඒ වෙලාවෙම යාබද එකත් සාක්කුවට අතදාලාඖගේ ෆෝන් එක අරං ආන්ස්වර් කරනවා. මම මූන හකුලං (යකෝ මූටත් මගේ රිගින් ටෝන් එකම දාගන්න ඕන උනානේ යයි සිතමින්.) මගේ ෆොන් එක සාක්කුවට දාගන්නවා
    2)බස් එකේ යද්දි ඔන්න මගේ ෆෝන් එක රින්ග් වෙනවා දැනෙනවා.මම සාක්කුවට අතදාලා ෆෝන් එක ගන්නවා. මුකුත් නෑ. ඒ වෙලාවෙම යාබද එකත් සාක්කුවට අතදාලාඖගේ ෆෝන් එක අරං ආන්ස්වර් කරනවා. මම මූන හකුලං (යකෝ මූටත් මගේ කකුලෙ ගෑවෙන්න උගේ සාක්කුවෙ ෆෝන් එක තියාගන්න ඕන උනානෙ සිතමින්.. ) මගේ ෆොන් එක සාක්කුවට දාගන්නවා
    3)බස් එකේ යද්දි බහින්න තියෙන යන්න තැනට පැයක් විතර යන තියෙන නිසා ෆෝන් එකේ එලාම් එක වයිබ්‍රේශන් එක්ක පැයකින් වදින්න සැට් කොරලා මම නිදා ගන්නවා. දෙයියනේ කියලා (බස් එකේ සංගීතෙත් පරයා) හොඳට නින්ද යාගෙන එනවා. එක පාරටම ෆෝන් එලාම් එක වදිනවා. දඩි බිඩි ගාල නැඟිටලා බෑග් එකත් ලෑස්ති කර ගන්නකොට දකිනවා එහා පැත්තෙ එකා උගේ ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරනවා. . මම මූන හකුලං (යකෝ මූටත් මගේ එලාම් ටෝන් එකම උගේ ෆෝන් එකත් තියාගන්න ඕන උනානෙ සිතමින්.. ) ආයෙ සීට් එකේ වාඩිවෙලා හරි බරි ගැහෙනවා.

    මේ සියල්ලට වඩා අතිභයානක තත්වය මේකයි :- බස් එකේ යද්දි බහින්න තියෙන යන්න තැනට පැයක් විතර යන තියෙන නිසා ෆෝන් එකේ එලාම් එක ප්ලස් වයිබ්‍රේශන් දාල පැයකින් වදින්න සැට් කොරලා මම නිදා ගන්නවා. දෙයියනේ කියලා (බස් එකේ සංගීතෙත් පරයා) හොඳට නින්ද යනවා. එකපාරටම කොන්ද කෑගනවා තේ බොන්න බහින්න ආයෙ නවත්තනෙ නෑ කියලා. මේ යකා තේ බොන්න නවත්තලා මදිවට තව කෑගහනවා එක්ක. නින්දත් කැඩුවා යයි හිතෙන් බනිමින් මේ කොයි හරියෙද බලන්න වටපිට බලනවා. හෝටලේ බෝඩ් එක දකිනවා.. කිරි අප්පට බල්ලො පැනපි! බහින්න තියෙන තැන පහුවෙලා තව කිලෝමීටර ගානකුත් ගිහින්. එතකොට අර තියපු එලාම් එක? සටස් ගාලා සාක්කුවට අතදාලා ෆෝන් එක අරං බලනවා . එලාම් එක සැට් කොරලා තියෙන්නෙ 10.30PM වෙනුවට 10.30AM ට කියලා දකිනවා

    ReplyDelete
    Replies
    1. මේක මාර විස්තරයක්නේ තොටියා.

      ඒක නෙවෙයි. මම ඉස්සර බස් එකේ ගෙදර යනකොට (මටත් කවුරු මොනවා කිව්වත් බස් එකේ වගේ සැපට නින්ද යන්නේ නෑ වෙන කොහෙදිවත්) ඔලුවේ දුවනවා අලාම් ක්ලොක් එකක්. මගදි ඇහැරලා එක ඇහැකින් එළිය බැලුවාම මම හිතාගෙන හිතපු තැනට වඩා වැඩි වෙනසක් නෑ. ඔන්නම් හෝල්ට් එකක් දෙකක් වෙනස් වෙයි. කොහොමත් අපේ ගෙවල් ගාවට එනකොට ගානට ඇහැරෙනවා මොකද එක පාලමක් තියෙනවා පොඩ්ඩක් උඩ විසිවෙන. වැරදිලා ගිහින් තියෙන්නේ අතේ ඇඟිලි ගානට.

      Delete
    2. එලාම් එක වෙනුවට ටයිමර් එකෙන් අවශ්‍ය පැය ගණන සෙට් කරන එකයි මම කරන්නේ.

      Delete
  22. මටත් ඕක ඕනේ තරම් වෙලා තියෙනෝ , මං හිතුවේ මට විතරයි පිස්සු කියල

    ReplyDelete
    Replies
    1. කිසි දේකට බයවෙන්නෙපා ඉමල්ක. පිස්සු නෑ. පිස්සු උනත් තව කට්ටිය ඉන්නවා.

      Delete
  23. වයබ්‍රේටරයක් ගන්න ඕන නැතිවෙයි සල්ලි දීලා...

    තේරුනාද මන්දා...

    ReplyDelete
    Replies
    1. තේරුනා මචං. අර උඩ රවියගෙන් ඉල්ලගත්තෑකි කොන්ක්‍රීට් ස්ලැබ් දාන එකක් නම්. වෙන වැඩකට නම්... උගෙන්ම තමයි අහන්න වෙන්නේ.

      Delete
  24. මගේ ෆෝන් එක හැම තිස්සෙම ඕෆ්. කිසි කරදරයක් නෑ. :P

    ReplyDelete
    Replies
    1. සාක්කුවේ දාගෙන යන ලෑන්ඩ් ෆෝන් එකක්ද?

      Delete
  25. මට ඕක හැම වෙලේම ඉන්නවා! දැන් ඒ මදිවට අතේ වයිබ්‍රේට් වෙන බෑන්ඩ් එකකුත් දාගෙන ඉන්නේ!

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම බෑන්ඩ් එකක් ගැනනම් ආරංචි වුනා... නමුත්...

      Delete
  26. සමහරවිට වෙනත් යමක් ස්පන්දනය වුණා විය නොහැකිද? සහර ගොන්නු තණකොල හොයාගෙන කානුවලටත් බහිනවානෙ. එහෙම වෙලාවට පස්කණ්ඩිවලට එහෙම අනිනවා නේද? නාන වෙලේනං හීතලට වෙව්ලුවා වෙන්නත් පුළුවන්... :P

    ReplyDelete
    Replies
    1. අපි උඹට සලකනවා මදි ෂර්ලොක් හෝම්ස්. :)

      Delete
  27. අත්දැකීම් ඇත. ඉස්කෝලෙ කාලේ ඇහෙන්නෙම එස්.එම්.එස්. ටෝන් එක. විනාඩියට රුපියල් දොලහක් ගෙවල කෝල්ස් ගන්න තරම් වත්කමක් නෑ නෙව ඒ කාලෙ.

    මට දැනෙන්නේම කම්ප්යුටර් ටේබල් එක වයිබ්‍රේට් වෙනව කියල. ඉතින් සේරෝම වැඩ නවත්තල ෆෝන් එක අරන් බලනවා. ම්හු!

    අර තිසර කියපු බස් එකේ වැඩේනම් මටත් වෙනවා. ඇයි අප්පේ ජීන් එකෙන් එලියට ෆෝන් එක පන්නගන්නම මොන දහදුකක් විඳින්න ඕනෙද. හැබැයි එකපාරක් එහෙම උනාට පස්සෙ ආයෙ බහින තැනට යනකල්ම මම ෆෝන් එක අතේම තියාගෙන යන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ. මට කිව්වාම මතක්වුනේ ඔය පින්තූරෙ තියෙන මගෙ ෆෝන් එකේ alarm එක එක පාරටම වදින්නේ නෑ. මුලින්ම උඩ විසිවෙලා ඇහැරෙන්නෙ නැතිවෙන්න කනට ඇහෙන්නෙ නැති තරම් සියුම් මෘදු සංගීතයක් පටං ගන්නවා. ඊට පස්සෙ ටික ටික හෙමීහිට වෙඩි වෙනවා විනාඩි දෙකක් තිස්සෙ. මට දවල්ටත් ඕක ඔලුවේ වෙඩ කරනවනේ.

      Delete
  28. දැන් මම ෆෝන් එක දාන්නේ උඩ සාක්කුවේ, හැබැයි දවසටම පැයක්වත් එහෙම දාල තියා ගන්න වෙන්නේ නැහැ.
    ඒ ටික වෙලාවෙදිත් පෑන් යතුරු එහෙම එක්ක එකට ඕක දාල තියෙන නිසා වයිබ්‍රෙට් වෙනවා වගේ දැනෙන බව තමයි මටම හිතාගෙන හිටියේ.
    ඔෆිස් එකේ ඉන්න වෙලාවේ ෆෝන් එක තියෙන්නේ මේසේ උඩ. කෝල් ගන්නේ හෑන්ඩ් ෆ්‍රී එකෙන්. ඒ ෆෝන් එකේ ස්පීකර් එක කැඩිලා නිසා.
    නිදා ගන්නකොටත් ෆෝන් එක ඇඳ යටින් බිම තියනවා. (අමතක වෙලා ඇඳ උඩ තියා ගන්න දවසුත් නැත්තේ නැහැ...)
    ඒ නිසා ෆෝන් එකෙන් මට සිද්ධවෙන හානිය බොහෝ දුරට අඩු ඇති කියල හිතනවා.

    ReplyDelete
    Replies
    1. නමුත් ෆෝන් එක උඩ සාක්කුවේ දාන එකනම් එච්චර හොඳ වැඩක් වෙන්න බෑ ලොකු පුතා.

      Delete
  29. මට මතක් උනේ අර Total Recall අලුත් ෆිල්ම් එක. (පරණ ආනේල්ඩ් ඉන්න එක නෙවෙයි.) ඒකෙ ෆෝන් එක තියෙන්නෙ වං අතේ. මතකද දන්නෑ?

    ReplyDelete
    Replies
    1. https://www.google.lk/url?sa=i&rct=j&q=&esrc=s&source=images&cd=&cad=rja&uact=8&ved=&url=http%3A%2F%2Fwww.apfeltalk.de%2Fcommunity%2Fattachments%2Fphone-png.115766%2F&ei=OlPIVajaNYiOuATix4eoAQ&psig=AFQjCNHn_H_eofPOeYZ8ryFtsjrUm7ivag&ust=1439278267401841

      Delete
    2. ඩ්‍රැකී උඹත් හුඟක් ඉංග්‍රීසි චිත්‍රපටි බලනවා නේද? ඒකත් දැනගත්ත එක හොඳයි ඒ මොකද බලපු චිත්‍රපටියක් ගැන කතාකරන එකත් ඒක බලනව තරම්ම වින්දනාත්මක දෙයක් නිසා.

      ස්තුතියි ලින්ක් එකට.

      Delete
  30. මට වෙන්නේ ඔහොම vibrate වෙනවාට වඩා හිටි ගමන් මැසේජ් එන සද්දේ,ෆෝන් එක රින්ග් වෙන සද්දේ ඇහෙන එක.එත් ගොඩක් වේලාවට බලපුවාම ආපු මැසේජ් එකක්වත් කෝල් එකක්වත් නැහැ.

    ඈ බං ඩුඩයියේ ඇයි ඕක වම් කකුලටම උඹේ දැනෙන්නේ.වම් අතේ අසාමාන්‍ය රිදුමක් එනවානම් ඒක හෘදයාබධයක පෙර නිමිත්තක් කියලා අහලත් තියෙනවා.එත් උඹේ එන්නේ කකුලටනේ.:D

    ReplyDelete
    Replies
    1. මනෝජයෝ. මම ෆෝන් එක වම් සාක්කුවට දාලා යතුරු දකුණු සාක්කුවට දාන්න පුරුදු වෙලා ඉන්නේ හේතු කීපයක් හන්දා.
      එකක් දකුණු සාක්කුවේ ඔය පින්තූරෙ තියෙනවා වගේ කොයින් පොකට් එකක් තියෙනවනෙ පොඩියට. ඕකෙ රිවට් වලාට ෆෝන් සීරෙනවා.
      අනික බයික් එකක් පදිනවා නම් වම් සාක්කුවෙ තියෙන ෆෝන් එක ඇක්සලරේටරේ අල්ලාගෙනම ගන්න පුලුවන්.
      තුන්වෙනි එක රෝදහතරේ වාහනේක ඉඳගෙන දකුණු අත සාක්කුවට දාලා ෆෝන් එක ගන්න අමාරුයි වැලමිට වදිනවා දොරේ. ඒවගේම වැ‍ටුනත් දොර අස්සට වැටෙන්නේ නෑ.
      ඔයවගේ කරුණු කීප්යක්ම හන්දා ෆෝන් එක දාන්නේ වම් සාක්කුවට.

      Delete
  31. මොකක් කියන්නද කියල දවසක්ම කල්පනා කළා...

    කොටින්ම මේකයි සිද්ධිය... කොහේදී උනත් මට නම් රින්ග් වෙනවා ඇහෙනවා හරියටම. හැබැයි අනුන්ගේ ඒවා. මගේ ෆෝන් එක රින්ග් වෙන වෙලාවට මම ආතල් එකේ ඉන්නවා. කකුලට කෝල් එනව නම් මමත් හරි මනාපයි. එකෙ ආන්ස්වර් කරන එක අල්ලේ හයි කරනවා නම්?? නැද්ද?

    මට ඔය ලෙඩේ නැත. ( ඇති යන්තම්, මොකක් හරි ලෙඩක් කිව්වම ඒ ජාතියෙන් නැහැ කියල කියන්න පුළුවන් එකක් ලිව්වා... පුදුම සනීපයක් දැනෙන්නේ)

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත වෙන්නැති. හැබැයි මට එහෙම දැනිලා නෑ. මොකද ඕනෙම රෝගයක් ගැන කියෙව්වාම මට හිතෙනවා මටත් ඒ රෝග් ලක්ෂණ තියෙනවා කියලා. ඒකට විසඳුමක් හැටියට මම තවදුරටත් ඒවගේ ලිපි කියවන්නේ නෑ.

      Delete
  32. නිකන් ෆොන් එක රිං වෙනවා රිං වෙනවා වගේ ඇහෙනවා..ගිහින් බලනවා සදුගෙන් බැනුනුත් අහනවා..කොල් එකක් ආවේ නැතත් නිකන් වයිබේරෙට් වුනා වගේ දැනෙනවා අතට අරන් බලනවා...
    හරි...දැන් අවුලක් ඔයාලා කස්ටිය එක්කම මමත් එනවා බේත් ගන්න යන්න.

    ReplyDelete
    Replies
    1. උඹ අර ලින්ක් දිගේ ගිහින් කියවලා බලපං මෙන්ඩා බේත් ගන්න කලින්.

      Delete
  33. අපි වෙනුවෙන් අපි..!!
    එක අතකින් ඩ්‍රොවින් එකයි කැල් එකයි,අනිත් අතින් වෝකි ටෝකි එකයි අරන් ලෙස්සන කඳු බෑවුමක ඉන්නකොට ඔය සීන් එක උනාම දැනෙන ආතල් එක... හප්පේ.. කන්දෙකෙන් බේරෙනවා...
    ජයවේවා..!

    ReplyDelete
    Replies
    1. ෆෝන් සිග්නල් නැති තැනක කකුලට කෝල් එක ආවොත් කොහොමද!

      Delete
  34. යකොඩෝ මටත් ඕක වෙනවා... සිරාවටම.. වයිබ්රේට් නෙවෙයි එකදිගටම එකම රිඟින් ටොන් එකක් දාගෙන හිටියම නිකනුත් ඒක ඇහෙනවා.. ඒ නිසා කාලෙන් කාලෙට මම ඒකත් මාරු කරනවා... බයික් එකේ යනකොට හැමවෙලේම වයිබ්රේට් සීන් එක ඇහෙන නිසා ෆෝන් එක කකුලට තදවෙන්න තියාගෙන යන්නෙ.. අනේ මන්ද මාර ලෙඩ තමා...

    ReplyDelete
    Replies
    1. වැඩි දෙනෙකුට එහෙම තමයි කියලා දැනගත්තාම උඹට සනීපයක් දැනෙන්නේ නැද්ද සජ්ජා?

      Delete
  35. ඕක මටත් වෙන කාරණයක්...හැබැයි මම සාක්කුවෙ නෙමෙයි දාගෙන ඉන්නෙ..මගේ කාර්යාල මේසෙ උඩ ජංගමයා තියාගෙන ලංකාවෙ එෆ් එම් එකක් අහගෙන මම හැමදාම වැඩ කරන්නෙ. දුරබණුවට පයින්ඩයක් ආවම ඒක කම්පොනය වෙන විදිය මගෙ අතට දැනෙනවා. සමහර වෙලාවට හොදට දැනෙනවා කම්පොනය උනා කියලා...ඒත් ජංගමයෙ ඉබ්බා ගලවලා බලනකොට මොකක්වත් නෑ.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා අවතාර දුරබනු කම්පන සමාජයට.

      Delete
  36. මේක කියවලා දවස් දෙකක්. හදිසි කාරණයක් නිසා කමෙන්ට් කරන්න බැරි වුණා. මමත් ලැජ්ජාවේ හිටියේ කෙනෙකුට කියන්න. මෙහෙම වෙනවා තමයි. ගිය සතියේ හදිසි අවශ්‍යතාවකට දකුණු සාක්කුවට දාපු වෙලාවේ වැඩේ ටක්කෙටම වුණා. මම සේරම නවත්තලා ඔෆිස් එකේ එවුන්ගෙන් අහන්න පටන් ගත්තා. බලනකොට හැම එකාටම මේක වෙනවා.

    ReplyDelete
  37. මට නම් ඔය අත්දැකීම තියෙන්නෙ ටිකක් වෙනස් විදියකට....

    අපේ හොස්ටල් එකේ මගෙත් ක්ක කාමරේ තව යාළුවෝ හතර දෙනෙක් ඉන්නවා. ෆැකල්ටි ගිහින් ඇවිත් රටේ නැති ඕපදූප කියවලා කාලා වැඩ කරන්න පටන් ගන්නකොට හුඟක් වෙලා ගිහින්. ඔන්න අපි වැඩ කර කර ඉන්නකොට ඇහෙනවා ෆෝන් එකක් වයිබ්‍රේට් වෙන සද්දයක්.

    අපි හතර දෙනාම ඉතින් ඔය බෑග් ඇතුළේ, පොත් කඳු යට වගේම සමහර වෙලාවට ඇඳ යටත් කැනීම් කරලා ෆෝන් එක හොයාගෙන බලනකොට අපි එක්කෙනෙක්ගෙවත් ෆෝන් එකකට කෝල් එකක්, මැසේජ් එකක් තියා මිස් කෝල් එකක්වත් නැහැ.

    වැඩේ කියන්නෙ මේ phantom phone එක වයිබ්‍රේට් වෙනවා අපි හතර දෙනාටම ඇහෙන එක නේ...

    ReplyDelete
  38. තාත්තපා යා ෂා ටත් එහෙම වෙන්නෙහිය. මේ දැන් සුට්ටකට කලිනුත් උනෙහිය.

    කියලා කියන්නේ්
    4/15 ඉදං ලියන යා ෂා

    ReplyDelete
  39. බස් එකේ යන වෙලාවට නම් ඕක මාත් හොදට අත් දකිනවා..කොඉ වෙලෙත් 4න් එක සාක්කුවෙන් එලියට අරන් තියන්න පුරුදු වෙලා දැන් නම් ear syndrom එකත් තියෙනවා ලාවට ලාවට වගේ

    ReplyDelete
  40. මම හිතන්නේ මට ඕක වෙන්නේ නැත්තේ මම ෆෝන් එක සාක්කුවේ නොදාන හින්දා වෙන්න ඇති. දැන් කාලේ තියන තඩි එව්වා ඉතින් අපේ සාක්කුවලනම් දාන්න අමාරුය්.

    ReplyDelete
  41. කතාව ඇත්ත මටත් එසේම වෙනවා,හැබැයි එක ගැන හිතුවේ නම් නැ මෙච්චර :)

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>