Sunday, June 16, 2013

79. මාරක පියසැරිය. Flight Beyond All Hope. Part 1. Dude's Originals.


Dude, Please Don't Try It.

From: henryblogwalker

Dear Carlos,

Dude, I’m writing this to ask you not to do what you are about to do. Maybe... හිතවත්  කාලෝස්, මම මේ ලියන්නේ උඹ ඔය කරන්න හදන වැඩේ කරන්න එපා කියන්නයි. හරි, හරි, අපි කවදාවත් මුණ ගැහිලා නැති එක ඇත්තයි.  ඔව්, අපි මේ මූණු පොතේ යාලුවෝ විතරක් බවත් ඇත්තයි. මම ඇත්තෙන්ම උඹව අඳුනාගත්තෙ උඹ මගේ HeyDude බ්ලොග් එකේ  “Forgive Me Dude, If You Can”. පෝස්ට් එකට දාපු කමෙන්ට් එකෙන්නේ. මම සාමාන්‍යයෙන් නොකරන වැඩක් වුනත්, මට ඒ කමෙන්ට් එක මකන්න වුනා. නමුත් ඒ සිද්ධියන්ම තමයි මම උඹව අඳුනා ගත්තේ.

ඒ යාලුකම අදටත් එහෙමමයි. පිස්සු කෙලින්නේ නැතිව මම කියන එක අහපං.  ඔය වැඩේ කරන්න එපා බං.  ඕක මහාම මෝඩ වැඩක්.trying to do is stupid.

Carlos checked his gear for the last time with his checklist. කාලෝස් අවසන් වතාවටත් සිය ආම්පන්න කිහිපය, ලැයිස්තුවත් සමඟ සසඳා බැලීය. උණුසුම් බෝතලය, පැරණි වාහන ආසන පටියකින් ඔහුම සකසාගත් ආරක්ෂක බඳ පටිය, කන් ඇබ, උණුසුම් අත් වැසුම්...ear plugs, winter gloves,…

I once read in an old Reader’s Digest, under ‘Drama In real Life,’ යාලුවෙකුත් එක්ක, ජෙට් එකක රෝද කුටීරෙ අස්සේ හැංගිලා, වෙන රටකට යන්න හදපු කොල්ලෙක් ගැන, වතාවක් මම රීඩර්ස් ඩයිජස්ට් සඟරාවක, සත්‍ය කතාවක කියෙව්වා.  ඒකාගේ නම මිගෙල්ද මන්දා! කොහොම හරි උඹේ නම වගේම ස්පාඤ්ඤ නමක් තමයි  ඒකත්. ඔය ගුවන් යානයක් ගුවන් ගත වුනාට පස්සෙ, රෝද ඇකිලිලා ගිහින් හැංගෙන්න හදලා තියෙන රෝද කුටීරේ (ඕකට වීල් බේ, වීල් වෙල් නැතිනම් ලෑන්ඩිං ගියර් කම්පාට්මන්ට් කියලත් කියනවා) උෂ්ණත්වය, පීඩනය  පාලනය කරලා තියෙන තැනක්වත් වත් ඔක්සිජන් සැපයුමක් තියෙන තැනක්වත් නෙවෙයි. උන් නොමැරි බේරුනේ කොහොමද කියන එක මට නම් හිතාගන්නවත් බෑ. How they survived, beats me!

Another jet roared overhead climbing steeply into the gathering dusk and banking left. දැනටමත්  අඳුරු වෙමින් පවතින සැඳෑ අහස් කුස  වෙත දැඩි බෑවුමකින් ඉහල නගිමින්ම වමට හැරවූ ජෙට් යානයක එන්ජින් යන්ත්‍රවල ගෙරවුම පරිසරය සසල කලේය. ඒ මියුනික් කරායන ලුෆ්ට්හන්සා යානාව බව මේ වනවිට ගුවන් යානා කාලසටහන කට පාඩමින් දත්  කාලෝස් හඳුනාගත්තේය. ඊට අමතරව ඔහු පසුගිය සය මස තුලදී ගුවන් තො‍ටුපලේ ධාවන පථය අවට ප්‍රදේශයද හොඳින් අධ්‍යයනය කර තිබුනි.

එවිටම, මිලිටරි සපත්තුවකට බොරළු මැඩෙන හඬ ලඟින්ම ඇසුනේ, ඔහු අපේක්ෂාකල පරිදිමය. AK47 ස්වයංක්‍රීය අවි දරා, ගුවන් තො‍ටුපොල සීමාවේ ජංගම මුර සේවයේ යෙදෙන ආරක්ෂක භටයෝ දෙදෙන ඔහු සැඟවී සිටි ස්ථානය අසලින්ම පියමං කරද්දී, පඳුර පි‍ටුපස මුනින් වැතිර ගත් කාලෝස් නිසොල්මන්ව සිටියේය. He lay flat on his belly, behind the bush. 

 
I checked this on the internet because you said your mind was set on this weird ඹේ, මේ රෝද කුටීරෙක හැංගිලා අමෙරිකාවට පැනගන්න පිස්සු අදහස නිසාම, මම මේක ගැන සෑහෙන්න හොයලා බැලුවා, විශේෂයෙන්ම ජාලේ. මම හොයාගත්ත ලැබුන දේවල් දැක්කම පිස්සු හැදෙනවා. අර මම කිව්ව කොල්ලො දෙන්නා විතරක් නෙවෙයි බං, මේ වැඩේ කරලා තියෙන්නේ. වරින් වර, දේශපාලන ‍රැකවරණ පතන්න, බටහිර යස ඉසුරු හොයන්න, සරණාගතයො හැටියට  ඔය වගේ එක එක ජනප්‍රිය ලේබල් ගහගෙන සෑහෙන පිරිසක් රෝද කුටීරේ ගිහින් තියෙනවා. අමෙරිකන් ගුවන්  සේවා අධිකාරිය කියනවා, වසර 2000දි විතරක් 13 දෙනෙක් ඕවයේ හැංගිලා අමෙරිකාවට ඇවිල්ලලු. එයින් නොමැරි බේරිලා තියෙන්නේ තුන් දෙනයිලු. දෙදාස් එකේදි හය දෙනයි, එකෙක්වත් පණපිටින් ඇවිත් නෑ. The next year none of the six attempted the feat survived it.




Another departing Boeing 777 thundered down the runway with the powerful Rolls Royce engines roaring and whistling at the same time.  ම්පන්න රෝල්ස් රොයිස් ජෙට් එන්ජින් වලින් එක විට නැගුනු සිවුරුහම් හඬින් සහ ගිගුරුම් හඬින් වා තලය කම්පිත කරවමින්, තවත් නික්ම යන බෝයිං 777 ගුවන් යානයක් ධාවන පථය ඔස්සේ අධි වේගයෙන්   දිව ගියාය.  යෝධ එන්ජින් පසුපසින්  නිල් දැල්ලක් නිකුත් කරමින් ධාවන පථය කෙලවරින් ගුවනට නැගි අහස් යානයේ රෝද කට්ටල හැකිලී, යානයේ බඳ තුල සැඟවී යනු ඔහු බලා සිටියේ මිශ්‍ර හැඟීමකිනි. ඒ සමගම රෝද කුටීරයේ පියන්පත් වැසී යනු දු‍ටු කාලෝස්ගේ උදරය හිරි වැටීගෙන යනු ඔහුට දැනින.  felt butterflies in his stomach.


Dude, like I said, when I checked on the net, කාලෝස්, මම කිව්ව වගේ, ජාලේ හොයන කොට මේ වාර්තා 1947 වගේ ඈත කාලයක්  ඉඳන් පටන් ගන්න බව දැකලා මම හොල්මං වුනා. එදා ඉඳලා. 96 දෙනෙක්, ප්ලේන් 85ක රෝද කුටීරේ හැංගිලා ගිහින් තිබුනත්, එයින් 73ක් මැරිලා, 23යි පණ පිටින් ඇවිත් තියෙන්නේ. බාලම එකාට අවුරුදු නවයයි. අඩි 39,000ක් ඉහලින් ගිය ඒවයින් පණ ‍රැකගෙන තියෙන්නේ එකම එක මිනිහයි.  උඹ දන්නවද ඔය සෙල්ලම දාලා පණ ‍රැකගත්ත වුන්ගේ අනුපාතය 20.3%ක් විතරයි කියලා. ඔය ගාන ඔයිටත් අඩුවෙනවා කාලෝස්, මොකද ප්ලේන් එක බාන්න ආපහු රෝද එලියට එන්න අර දොර ඇරුනාම, වතුරට, ඔය කැලෑවල් වලට හෙම වැටිලා මිනියවත් හොයාගත්තේ නැතිවුන්ගේ ගාන කීයක්ද කියලා කවුරුවත් නොදන්න නිසා. not even recovered, could be not included in the survey.

Carlos peeped for any sign of the මු භටයන් පේනතෙක් මානයක සිටීදැයි හාත්පස විමසිලිමත්ව පරීක්ෂාකල කාලෝස්, මිටි බඩ වැටිය ඔස්සේ , පඳුරින් පඳුරට මුවා වෙමින් ධාවන පථයේ කෙලවර වෙත හැල්මේ දුවන්නට විය.  උණුසුම ‍රැකෙන පරිදි ඝනව නිමවා තිබූ ශීත සෘතුවට පළඳින පාවහන්වල  රබර් අඩි, තණ බිම මත කිසිදු හඬක් නොනැගීය. heavily padded winter boots with thick rubber soles made no noise on the grass.

The higher the altitude and longer the flight time, fewer the odds of survival යානය ගමන් කරන උසත්, ගමනට ගතවෙන කාලයත් වැඩිවෙන තරමට පීඩනය, උෂ්ණත්වය පාලනය කිරීමක් නැති ගුවන් යානා රෝද කුටීරෙක පණ ‍රැක ගැනීමට ඇති ඉඩකඩ  අඩුවෙනවා.

අනික,  සෙල්සියස් අංශක සෘණ 45කට විතර පහල යන උෂ්ණත්වයට මූණ දෙන්න සූදානමක් නැති එකා, සීතලට ගල්වෙලා මැරෙනවා.

ඒ ඔක්කොමටත් වඩා, ඉහල අහසේ ඔක්සිජන් ඝනත්වය අඩු කම නිසා පණ‍රැක ගන්න තරම් ඔක්සිජන් ප්‍රමාණයක් නැතිවා මදිවට, අඩු පීඩනය නිසා සාමාන්‍ය විදියට හුස්ම ගන්න පෙනහලු වැඩ කරන්නෙත් නෑ.

ඉතින් ඔක්සිජන් හිඟ කමයි, දරදඬු වෙලා ගල් ගැහෙන සීතලයි නිසා, ඕකෙ යන මිනිස්සු සිහි මුර්ඡා වෙනවා, ඒ නිසාම, ප්ලේන් එක බාන්න, අඩි 1500ක් විතර ඉහලකදි, අර පියන් ඇරිලා, රෝද පාත් කරන කොටම සිහිමුර්ඡා වෙලා ඉන්න මිනිහා, රෝද කුටීරෙන් බිමට ඇදගෙන  වැටිලා මැරෙන්න තියෙන අවස්ථාව හරිම ඉහලයි. ඒ වෙලාවට සිහිය ඇවිත් තියෙන වාසනාවන්තයෙකුට  විතරයි අර මිදිලා, ගල් ගැහිලා, හිරිවැටිලා තියෙන අත් වලින් ඔය මොකක හරි එල්ලිලා බිමට නොවැටි ඉන්න චාන්ස් එක තියෙන්නේ.

මම දේසනාවක් පවත්තනවා කියලා උඹට හිතෙනවද මන්දා? Do I sound like a teacher?

Carlos was out of breath when he finally arrived at the vantage කාලෝස් සැලසුම් කල ස්ථානයට ලඟා වන විට සිටියේ හති ලමිනි. සරුවට වැඩුනු මිටි පඳුරකට මුවාව බිම ඇණ තියාගත් කාලෝස්, සිය පිටෙහි එල්ලා ගෙන ආ  මල්ල උරහිසින් පැන්නීය. එකක් මත එකක් හැඳගත් ඩෙනිම් ජීන්ස් දෙක හා අත්දිග කමිස දෙක නිසා ඔහු දැනටමත් දහඩියෙන් තෙත් වී සිටියේය. මේ සියල්ලටම උඩින්, කෘතිම සමින් නිමකල ඝන කබාය හා කලිසම ලොම් ආවරණයකින් සමන්විත සම් අත්වැසුම් සමඟ  හැකි තරම් පමාවී  හැඳ ගැනීමට ඔහු තීරණය කලේය. ඔහුට මේ අදහස ලැබුනේ හෙන්රිබ්ලොග්වෝකර්ගේ ඊමේලයෙනි.පැරණි වාහන ආසන පටියකින් සෑදූ ආරක්ෂක බඳ පටිය පැලඳිය යුත්තේ කබායට පිටිනි. salvaged from the scrap yard should be worn over the jacket.

It’s not easy for a prospective wheel bay stowaway ය රෝද කුටීරෙ හැංගිලා යන කෙනෙකුටත් සාමාන්‍යයෙන් ගුවන් තො‍ටුපලක තියෙන දැඩි ආරක්ෂාව අස්සෙන් වැටෙන් රිංගලා, හොරෙන්ම ඇතුලට පැනගන්න එක ලේසි වැඩක් නෙවෙයි. නමුත් ගුවන් තො‍ටුපොල ආරක්ෂාව ලෝකෙ හැම තැනකම එකම ආකාරය නෙවෙයි. ඉතින් හුඟ දෙනෙක් කරන්නේ, කලින්ම ඇතුලට පැනලා, හැංගිලා ඉඳලා, ප්ලේන් එක ගුවන් ගතවෙන්න මොහොතකට කලින්, දුවලා එල්ලෙන එක. උඹලෑ රටේ නම් ආරක්ෂාව කොහොමද මම දන්නේ නෑ, ඒ කොහොම වුනත් ඕක නම් මහම පිස්සු වැඩක් කියලා කිව්වෑකි.  Still, it is a mad scheme to try.

Carlos glanced at his cheap digital  කාලෝස් සිය බාල වර්ගයේ ඩිජිටල් අත් ඔරලෝසුව දෙස නෙත් හෙලීය. ගුවන් යානය මේ වෙන විට මෙතැනට පැමිණිය යුතුය. ගුවන් තො‍ටුපල පර්යන්ත ගොඩනැගිලි  සහ වාහන වලින් නැගෙන දැඩි ආලෝකය නිසා ඇස් කුඩා කල කාලෝස් ඈත ගුවන් තො‍ටුපලේ සිදුවන දෑ  නිරීක්ෂණය කලේය. අර පෙනෙන්නේ ගුවන් යානා අදින  ටෝ ට්‍රැක්ටරය ගුවන් යානය පසු පසට තල්ලු කරනවා නේද? 


ඉන් අනතුරුව ගුවන් යානාව ස්වාධීනව සිය එන්ජින් බලයෙන් උපයෝගී කරගෙන ධාවන පථය දෙසට ලැසි ගමනින් එන බව සහතික කර ගැනීමට ඔහු තවත් දෑස් කුඩා  කලේය. the plane actually started to taxi towards the runway under its own power.

It’s no wonder so many තින් කාලෝස් උෂ්ණත්වයවත්, පීඩනයවත් පාලනය නොකල, ඔක්සිජන් සැපයුමක් නැති  ගුවන් යානා රෝද කුටීරයක හැංගිලා යන හුඟ දෙනක් ගුවන් ගාස්තුව ගෙවන්නෙ ජීවිතයෙන් කියන එක පුදුමයක් නෙවෙයි නේද? landing gear compartment with no oxygen supply,  with their lives.

The Boeing 777 taxied slowly towards the end of the runway බෝයිං 777 යානය ටැක්සි මග ඔස්සේ, ධාවන පථයේ කෙළවර කාලෝස් සැඟවී සිටි ස්ථානය අසලට ලැසි ගමනින් පැමිණියාය. කාලෝස් මල්ල විවෘත කර සිය ආම්පන්න පිටතට ගත්තේය. කෘතිම සමින් නිමකල ඝන කබාය ඇඟලා ගැනීමට පෙර, ඔහු  සමින් නිමැවූ කලිසම, එකක් මත එකක් හැඳ සිටි රළු ඩෙනිම් ජීන්ස් දෙකට උඩින් ඇඳගත්තේය. තරමක් අසීරුවෙන් සිzපරය වසාගැනීමෙන් අනතුරුව, උණුසුම් අත්වැසුම්ද ලා ගත් ඔහු, අවසන් වශයෙන්, ආසන පටියෙන් සාදාගත් ආරක්ෂිත පටිය ඉණ වටා පළඳා ගාංචුව සවිකර ගත්තේය. තැඹිලි පැහැ මෘදු රබර් කන් ඇබ කන් සිදුරු වලට ඇතුරු කිරීමට පෙර, පහන් තිර සේ ඇඟිලි වලින් අඹරා ගැනීමට ඔහු කල්පනාකාරී  විය. ear plugs and rolled them  into thin wicks before inserting them deep into his ears.



The rumble of the Boeing 777’s powerful engines changed the note as it slowed up.  බෝයිං 777 යානයේ වේගය අඩුවෙත්ම,  බල සම්න්න ජෙට් එන්ජින් වල ගෙරවුම් හඬ බාල විය.  කාලෝස් සැඟවී සිටි ස්ථානයට මඳක් ඔබ්බෙන් වූ ‍රැඳවුම් ස්ථානයේ නැවැත්වූ යානය, ගුවන් යානා  පාලක කුළුනෙන් ගුවන් ගත වීමට අවසර ලැබෙන තෙක් බලා සිටියාය. කාලෝස් පුල පුලා බලා සිටි අවස්ථාව එලඹ ඇත.  for the clearance from the control tower. It was now or never.

The stowaways usually hide nearby the end of the runway where the aircraft would taxi to, සාමාන්‍යයෙන් හුඟ දෙනෙක් කරන්නේ, අහස්යාත්‍රාව හෙමිහිට ධාවන පථයේ කෙලවරට ඇවිත් ආපහු හැරිලා පාලක කුළුනෙන් අවසරය දෙනකල් නවත්තාගෙන බලා ඉන්නතැන කිට්‍ටුව හැංගිලා ඉන්න එකයි. නැතිනම් ගුවන් තො‍ටුපලේ සැලැස්ම අනුව, යානය ටැක්සිවේ එකේ ඇවිත් ධාවන පථයට ඇතුල්වෙන්න කලින් නවත්තාගෙන ඉන්න නියමිත තැනක් කිට්‍ටුව වැහි වතුර බැහැලා යන්න හදලා තියෙන කාණුවක වැතිරිලා ඉන්න එකයි. මෙහෙම ඉඳලා දුවලා ගිහින් රෝදෙට නැගලා, රෝද කුටීරය ඇතුලට රිංගනවා. stowaway would run and mount the landing gear and haul himself into the wheel compartment.


Carlos looked around. The coast was clear. කාලෝස් අවට බැලීය. කිසිවෙකු පෙනෙන්නට නැත. ඔහු සිටියේ යානයේ පසුපස නිසා නියමු කුටියේ කවුලුවලින් නියමුවන්ගේ හිස් හෝ යානයේ බඳේ කවුලු වලින්  ඔහු දෙස එබී බලන මගියෙකුගේ හෝ මුහුණු කිසිත් නොදිටීය. "මට ඔහුව නොපෙනේනම්, ඔහුටද මා දැකිය නොහැක" යන ඔහුගේ පියාගේ කියමනක් කාලෝස්ට සිහිපත් විය. වහා නැගීසිටි කාලෝස් ගුවන් යානයේ යෝධ රෝද කට්ටලය වෙත වේගයෙන් දුව ගියේය. He sprang to his feet and raced towards the giant undercarriage. 




කාලොස්ගේ ඉරණම කුමක්වේද.?
දෙවන කොටසින්.
 

ඔබට එතෙක් බලාසිටිය නොහැකි යයි හැ‍ඟේ නම්, දෙවැනි කොටසේ ඉංග්‍රීසි මුල් පිටපත කියවීමට HeyDude බ්ලොග් අඩවියට මෙතනින්.
 

මෙම ලිපියේම ඉංග්‍රීසි මුල් පිටපත රස විඳීමට HeyDude බ්ලොග් අඩවියට මෙතනින්.

ඉංග්‍රීසියට හොර, මගේ කම්මැලි සහෘදයන්ගේ ඉල්ලීම නිසාම :D අමාරුවෙන් සිංහලට නැගුවත්, මුල් පිටපතින් ලැබෙන වින්දනය මෙයින් ලැබේදැයි මට නම් සැක සහිතය. අවම වශයෙන් මෙය  කියවා, ඉන් පසුව මුල් ලිපිය කියවා,  ඔබම වෙනස වටහා ගන්න.

P.S:
This is the blog post I took the longest to compose. If you just check the last countdown post I published as a prologue to this, you would understand what I mean. It was published on February 28th.  I started writing this even before that. Obviously, it took so much research as I wanted to be as accurate with facts as possible.

I also would like to thank my children  Hirusha and Hiruni, my wife Deepa and the fellow bloggers Senna and Chams who kept reminding me of this post ever since the countdown post was published.

References:

    • http://www.dailymail.co.uk/news/article-32111/Cuban-stowaways-died-jet-soared.html#ixzz2J5vFW3af

    • http://en.wikipedia.org

    • http://www.boeing.com/boeing/commercial/777family/pf/pf_200product.page

    • http://www.bbc.co.uk/news/magazine-19562101

    • http://www.slate.com/articles/news_and_politics/explainer/2003/12/do_jet_stowaways_ever_survive.html

    • http://www.slate.com/articles/news_and_politics/explainer/2003/12/do_jet_stowaways_ever_survive.html
Originally published @ HeyDude in English Language.
Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.

92 comments:

  1. මේ මනුසසයා යන්න හඳනවා වගේ හොදට සූදානම් වෙලා.. හොදට ප්ලෑන් කරලා ගියොත් අවුලක් වෙන එකක් නෑ නේද??

    ලාබෙට රට යන්න නියම ක්‍රමයක්.. නිවාඩු පාඩුවේ ට්‍රයි කරලා බලන්න ඔනේ...

    ReplyDelete
    Replies
    1. හඳට යනවට වඩා මේක අමාරුයි බණ්ඩා.

      තව ක්‍රමයක් ලාබෙට රට යන්න. තියෙනවා. ජෙට් ෆ්‍යුවල් බීලා...

      :))

      Delete
    2. ටැංකියේ ධාරිතාව අඩු නිසා, වැඩි දුර යන්න බැරුව ඇති බං ඒවා බීලා... කොලඹ ඉඳන් ගාල්ල දිහාට යන්න පුළුවන් වෙයි වැඩිම උනොත්...

      Delete
  2. අපූරු ආරක පරිවර්තනයක්!
    දැන දැන මරණයට අත වනනවා වගෙයි. ලොමුදැහැ ගැන්වෙන ත්‍රාසජනක කතාවක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලිනි. ඔරිජිනල් එක කියෙව්වේ නැද්ද?

      ඇත්තෙන්ම මිනිස්සු කරන දේවල් හරි පුදුමයි, විකල්ප ඉවර වුනා කියලා හිතුනම.

      Delete
    2. විකල්ප ඉවර වුනාම??? එතකොට මේක විකල්පෙට විකල්පයක් නෙවෙයිද? හා නැද්ද?

      Delete
  3. මෙතන ලාබෙට රට යාමම නෙවෙයි වැඩේ වීසා ගන්න එක. වීසා නැතිව රටකට ඇතුල් වෙන එකයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. හැමෝම රෝදේ එලියට එන එක හිතුවට, ආපහු ඇතුලට යන එක ගැන හිතන්නේ නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් සුදීක ඒක තමයි අරමුණ. ඉස්සර ලංකාවට කල්ල‍තෝනි ආවයි කියන්නේ පෝක් සමුද්‍ර සන්දිය හරහා පීනලා.

      බොහොම ස්තුතියි මචං කමෙන්ට් එකට.

      Delete
  4. නියමයි... සිංහල පරිවර්ථනයත් හරි අමුතුම ආරක එකක්... සාමාන්‍යයෙන් අසාමාන්‍ය ආකාරයේ පරිවර්තනයක්. ඩූඩ්ගේ කතාව ඇත්ත ඉංග්‍රීසි ලිපිය කියවනකොට එන thrill එක සිංහල ලිපිය කියවද්දී දැනෙනෙවා අඩුයි. මම මේ කියන්නේ සිංහල ලිපිය නරකයි කියලාහෙම නෙවි... හරියට ඉංග්‍රීසි චිත්‍රපටියක් ඉංග්‍රීසිම උපසිරැසි බලන එකයි සිංහල උපසිරැසියෙන්/හෝ සිංහල හඬකවපු එකක් බලන එක අතර වෙනස වගේ

    ReplyDelete
  5. මං මෙව්වට ආසයි

    ReplyDelete
    Replies
    1. ප්ලේන් එහෙක රෝද කුටීරෙකට ද? :D

      Delete
    2. තොටියා කියන දේ මට හොඳාකාරව තේරෙනවා. අන්න ඒකයි මම අර යටින් දාලා තියෙන්නෙත්. ඇත්තෙන්ම සමහර දේවල් වලට වඩා ගැලපෙන භාෂාවල් තියෙනවා. අර තාක්ෂණයට ජර්මන්, කලාවට ප්‍රංශ, සංගීතයට ස්පාඤ්ඤ වගේ. සමහර දේ සමහර වලින් විස්තර කරනකොට වඩා ස්වභාවික ගතියක් දැනෙනවා. අමුතු ආයාසයක් අවශ්‍ය නෑ ලියන්න කියන්නවත් තේරුම් ගන්නවත්.

      >>Another departing Boeing 777 thundered down the runway with the powerful Rolls Royce engines roaring ...<<
      මේක ලියන්න මම දෙපාරක් හිතුවේ නෑ. ඔලුවට ආවා ලිව්වා. නමුත් මේක ලියන්න මම සෑහෙන්න තැටමුවා. වාක්‍ය මැද්දට කොටස් ඉන්සර්ට් කරන්න, මකන්න වුනා.

      >>බලසම්පන්න රෝල්ස් රොයිස් ජෙට් එන්ජින් වලින් එක විට නැගුනු සිවුරුහම් හඬින් සහ ගිගුරුම් හඬින් වා තලය කම්පිත කරවමින්, තවත් නික්ම යන බෝයිං 777 ගුවන් යානයක් ධාවන පථය ඔස්සේ අධි වේගයෙන් දිව ගියාය.

      ඇත්තෙන්ම බං ප්‍රසන්න, අටමා ආසා රෝද කුටීරෙටද? ඒකෙ හැංගිලා යන්නද? :))

      Delete
  6. අපටත් කරල බලන්න හිතෙන වැඩක්නේ. බලමු දෙවන කොටසත්.

    ReplyDelete
    Replies
    1. උඹ මොන එකකට රෝද කුටීරවල යනවද? උඹව රස්සාව කරන තැනින්ම යවනකොට? :)

      බොහොම ස්තුතියි නලීන්.

      Delete
  7. මේකත් සුපිරි බන්... උඹ ලෙසටම දීලා තියනවා.. මටනම් ඔය කියන විදිහේ වෙනසක් දැනුන්නෑ..

    ඇයි අර ඉංග්‍රීසි අකුරුත් යාන්තමට බොඳ කරලා දාලා තියෙන්නෙ.. ?

    පියසැරියද ? පියාසැරියද ?

    ReplyDelete
    Replies
    1. ඒ බොඳ කරල තියෙන්නෙ ඉස්සෙල්ල ඉංග්‍රීසියෙන් දාපු ඡේදෙ මුල අග කොටස් දෙක. ඒක වැඩිපුර තියෙන එකක්.

      Delete
    2. බොහොම ස්තුතියි සෙන්නා ඒ වචන සෙට් එකට.

      අකුරු ගැන මම ගිය පෝස්ට් එකේ චාම්ස්ට දාපු කමෙන්ට් රිප්ලයි එකෙන් උපුටලා දාන්නම්.


      මම කිව්වා මෙහෙම:
      >>දැක්කනේ ගිය පාර සින්දුවෙ පද අස්සට වචන රිංගෙව්වා. මේ පාර ඉංග්‍රීසි ඡේද මැද්දට සිංහල දැම්මා පර්යේෂනයක් හැටියට . මේ අදහස ආවේ අර විදේශ භාෂාවකින් යන වැඩසටහනකදි ඒ භාෂාවෙන් ටිකක් යන්න ඇරලා ඒකෙ සද්දෙ අඩු කරලා ඒ මතට පරිවර්තනය දාන්නේ අර superimpose කරනවා වගේ. අන්න ඒකෙන් තමයි මේ අදහස මට ආවේ.<<

      (වැඩි හොඳට මම ඒක තව දුරටත් වැඩින් දියුණු කරලා වචන ෆේඩ් කරලා සිංහල පටන්ගන්න මුල අකුර ලොකුත් කලා.)

      චාම්ස් කිව්වා මෙහෙම: (මෙතන තියෙනවා මම එහෙම කරන්න හේතු වුනු සමහර අරමුණු)
      >>සිංදුව මැදට වචන දාලා තියෙනකොට දැනුණු වෙනසට වඩා මෙතනදි ඒ වෙනස දැනෙනව වැඩියි. අනික මෙහෙම කලාම කෙනෙක්ට ඉංග්‍රීසි ලිපිය කියවන්න ඇතිවෙන පෙළඹවීම වැඩි වෙනවා.
      මේ කථාව පරිවර්ථනය කරද්දිත් මේ වගේ පොඩිඅත්හදා බැලීම් කරන්න.<<

      ස්තුතියි ප්‍රසන්නයා. උඹ හරියට හරි.

      Delete
    3. පියසැරිය හරි නේද?

      Delete
    4. ආ උඹ පරීක්ෂණයක් කරළා තියෙන්නෙ....ඒකත් හොඳයි, අමුතුයි..

      පියසැරිය හරි වගේ, මධුරෙත් තියෙන්නෙ එහෙමයි.

      Delete
  8. සෙන්නා කිව්ව වගේ ..උඹ විශිෂ්ඨයෙක්..!
    අපූරුයි..!
    මට නම් මේ පින්තූර දකින කොටත් ඕලුව කැරකෙනව වගේ.
    ආයිත් කියවන්නම ඕන..! දෙවැනි කොටසත් එක්කම.

    ReplyDelete
    Replies
    1. අනේ මොන විශිෂ්ඨ කමක්ද මචං? මම ඔය අලුත් දේ අත්හදා බලන්න කැමතියි. මම කොහොමත් ඉංග්‍රීසි ගුරෙක්නේ බං.

      ඇයි බං ඔලුව කැරකෙන්නේ? උඹ දෙකක් ලඟ නවාගෙනවත්ද ඉන්නේ? d-)

      Delete
  9. පරිවර්තනය කරන්න අදහස් කරපු එක හොඳයි, පරිවර්තනය විශිෂ්ටයි සුපුරුදු පරිදි, ඒ උනාට කඩ්ඩෙන් කියවනකොට හිතට දැනුනා වැඩිද මන්දා :)

    ReplyDelete
    Replies
    1. මම එහෙම කරන්න අදහස් කලේ නෑ මානවිකා. අපේ උං මාර කම්මැලියිනේ අරක කියවන්න. ඔරිජිනල් ඉංග්‍රීසි කතාවට කමෙන්ට් 31යි. ඒක ගැන සිංහලෙන් දාපු ට්‍රේලර් එකට කමෙන්ට් 81යි. පිස්සු හැදෙනවා නේ? :D

      ඔයා බලන්න මම උඩින් තොටියට දීපු උත්තරේ.

      Delete
  10. dude ඇයි මේ Fade වෙන්න ෆොන්ට් පාවිච්චි කරන්නේ ?

    ReplyDelete
    Replies
    1. සුභ උපන් දිනයක් ජෝන්. පරක්කු වුනත් කමක් නෑනේ.

      ඒකට උත්තරේ මම උඩින් අරන් ආයෙම දාන්නම්කො.

      ඉංග්‍රීසි ඡේද මැද්දට සිංහල දැම්මා පර්යේෂනයක් හැටියට . මේ අදහස ආවේ අර විදේශ භාෂාවකින් යන වැඩසටහනකදි ඒ භාෂාවෙන් ටිකක් යන්න ඇරලා, ඒකෙ සද්දෙ අඩු කරලා ඒ මතට පරිවර්තනය දාන්නේ අර superimpose කරනවා වගේ. අන්න ඒකෙන් තමයි මේ අදහස මට ආවේ.<<

      (වැඩි හොඳට මම ඒක තව දුරටත් වැඩින් දියුණු කරලා වචන ෆේඩ් කරලා සිංහල පටන් ගන්න මුල අකුර ලොකුත් කලා.)

      ඒකේ එක අරමුණක් මම උඩ සෙන්නාට දාපු කමෙන්ට් එකේ තියෙනවා.

      Delete
    2. මම සුලෝහිතයෙක්වීම ගැන ආඩම්බර වෙනවා ඒ වෙන දෙයක් හන්දානෙමෙයි සාර්තක පර්යේශකයෙකු නිසා

      Delete
  11. එදා ඔරිජිනල් එක කියෙවුවා.. අද සිංහලෙනුත් බැලුවා.. හැබැයි පරිවර්ථනය දාපු විදිහේ අමුතු වෙනසක් තියෙනවා.. ඒකත් හොදයි.. අනිත් කොටස දානකන් බලාගෙන ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. අන්න කොල්ලෝ.

      ඒ වෙනස ගැන දිනේෂ් මම උඩ සෙන්නගේ කමෙන්ට් එකට දාපු රිප්ලයි එකේ තියෙනවා.

      බොහොම ස්තුතියි.

      Delete
  12. මම දන්නෑ මේ හෙන්රියාවර්තය ගැන මොනා කියන්නද කියලා. උඹ බ්ලොග් ලෝකේ කාටවත් අල්ලන්න බැරි තරමේ කස කාරයෙක් වී හමාරයි. පර්යේෂණ හා විස්මිත නිර්මාණාත්මක හැකියාවකින් බ්ලොව හැඩ කරන ඩුඩෙට මෙන්න මගේ ආචාරය. මේ ආකාරයේ එකක් මම කොහේවත්ම දැකලා නෑ බං..

    මට මේක (අනිත් කොටස්තු එක්ක) හොදට කියවන්න ඉතිං සතියක් දෙකක්වත් යනවා.. හැක්

    ReplyDelete
    Replies
    1. මෙන්න පහක් !

      Delete
    2. අඩේ දේශක සම්මානයත් මට හම්බවෙලානේ. රොම්බ තෑන්ක්ස්. ඒ වුනාට මම එහෙම පොරක් නෙවෙයි බං. මම කරන්නේ ප්‍රබධය , ඇත්තත් එක්ක අනලා පත අට එකට හින්දවලා ගන්න එක.

      >>"මට ඔහුව නොපෙනේනම්, ඔහුටද මා දැකිය නොහැක" යන ඔහුගේ පියාගේ කියමනක් කාලෝස්ට සිහිපත් විය.<<

      මේක ඇත්තටම කිව්වේ මගේ තාත්තා මට.

      >>මම ඇත්තෙන්ම උඹව අඳුනාගත්තෙ උඹ මගේ HeyDude බ්ලොග් එකේ “Forgive Me Dude, If You Can”. පෝස්ට් එකට දාපු කමෙන්ට් එකෙන්නේ. මම සාමාන්‍යයෙන් නොකරන වැඩක් වුනත්, මට ඒ කමෙන්ට් එක මකන්න වුනා.<<

      ඇත්තෙන්ම එහෙම දෙයක් වුනා. මම ඔය කතාවත් ඔය මම කිව්ව ටෙක්නික් එකට ලියලා යටින් ඒක ප්‍රබන්ධයක් කියලා නොදාපු නිසා, එකෙක් මට සාප කරලා තිබ්බා. ඒක මගේ හිතට කාවැදිච්ච සිද්දියක්. මම ඒක මෙතනදි පාවිච්චි කරලා.(නමුත් ඒ කාලෝස් නෙවෙයි)

      ඔය වගේ තව උදාහරණ ඕනෙ තරම් මේ කතාවෙම ඇති. අන්තිමට මටම ඇත්ත මොකක්ද ප්‍රබන්ධය මොකක්ද කියලා හොයාගන්න බැරි වෙනවා බං. හැක්©

      Delete
    3. "මට ඔහුව නොපෙනේනම්, ඔහුටද මා දැකිය නොහැක"

      හැබැයි මේක වැරදිනෙ ඩූඩ්. අපිට නොපෙනෙන කී දෙනෙකුට අපිව පේනවද..

      ඔය වගේ තියරියක් මම ගාව තියනවා කෑමට පෙර අත හෝදන්න. උඹ දන්නවද සමහර කුණු තියනවා කොච්චර සබන් දාලා හේදුවත් යන්නෑ.. ඉතින් බැරිම තැන මම කියන්නෙ, හෝදනකොට යන්නැත්නම්, කනකොට යන්නෙත් නෑ කියලා. :D

      Delete
    4. ඒක තමා බං නිර්මාණය සාර්ථක වීමේ විදිය. තනිකර අත්දැකිම් දාලා වැඩකුත් නෑ තනිකර පරිකල්පනය දාලා වැඩකුත් නෑ. ඔය දෙකම සමබරව අවශ්‍ය තැනදි අඩු වැඩි කරගෙන ලියන්න ඕන.

      අනික මම උඹට සම්මානේ දුන්නේ මීට සෑහෙන්න කලින්. කරුමේ තමා අද වගේම එදත් උඹ ඒක පිළිගත්තේ නෑ.. හැක්..

      Delete
  13. මේ හෙන්රිය තමයි එක එක උපදෙස් දීල අර කොල්ලව නරක් කරල තියෙන්නෙ. :D

    කොහොම උනත් නියමෙට ලියල තියෙනව. ඔක්සිජන් සිලින්ඩරේකුත් අරං ගියානං බේරෙන්න තියෙන අවස්ථාව වැඩියි නේද?

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං. මම තමයි ඌට ඕක කරන්න එපා කියන්නේ. ඌ ඒකෙ තියෙන විස්තර අරගෙන ඒවට වෙන වෙනම ලෑස්ති වෙලා. මම මොනවා කරන්නද? :-O

      අර සෙන්නත් ඔය ඔක්සිජන් කතාව කිව්වා. ඇත්තෙන්ම ප්‍රසන්න, අවංකවම මට ඒක මතක් වුනේ නෑ. නමුත් පාඨකයග්ට හිතාගන්න තියෙන ඒවට උඹලට ඒක දාගන්න පුලුවන් වෙන විදියට බුවාගේ බඩු ලැයිස්තුව මම ස්ම්පූර්ණයෙන් ලියලා නෑ. :)

      Delete
  14. votre écriture est superbe dude... :D

    ReplyDelete
  15. ජීවිතය රැකගන්න රටකින් රටකට පනිනවා වගේම වීරත්වය, ත්‍රාසය, ප්‍රදර්ශනය/ලබාගැනීම සඳහාත් මේවා කරනවා වගේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති විචාරක. අර රවි කියලා තියෙන්නේ ඉංග්‍රීසි පෝස්ට් එකේ අර ළමයි දෙන්න ඒක කරලා තියෙන්නේ සෙල්ලමට කියලා.

      Delete
  16. මටත් කරල බලන්නමයි හිතෙන්නෙ... මෝඩ කම තමයි ඉතින්... මම නම් ඉංග්‍රීසි එක පැත්තෙවත් ගියේ නෑ.. මොකටද උණ වැඩි කරගන්නේ..

    ReplyDelete
    Replies
    1. හැබැයි මේක කලොත් උණ නම් බහිනවා, ෂුවර්. :))

      Delete
  17. ඉංග්‍රීසියට හොර, මගේ කම්මැලි සහෘදයන්ගේ ඉල්ලීම නිසාම :D අමාරුවෙන් සිංහලට නැගුවත්, මුල් පිටපතින් ලැබෙන වින්දනය මෙයින් ලැබේදැයි මට නම් සැක සහිතය. අවම වශයෙන් මෙය කියවා, ඉන් පසුව මුල් ලිපිය කියවා, ඔබම වෙනස වටහා ගන්න//

    අනේ පලයං බං යන්න. මෙච්චර හොඳ ස්ටෝරියක් පරිවර්තනය කරන්න තියන කම්මැලිකම අපේ පිටින් යවනව. විගහට දෙවනි කොටස දැම්මෙ නැත්තං..........

    ReplyDelete
    Replies
    1. @රාජ්, ++++++++++++++++++++++

      Delete
    2. එක අතකට උඹලා මගේ ගෝලයෝ නොවෙච්ච එකත් හොඳි කියලා දැන් මට හිතෙනවා. :)

      Delete
  18. Replies
    1. ඔය පේන්නෙ නැද්ද? යකෝ මුන්ට මාර ඇලර්ජි එකක්නේ තියෙන්නේ.

      Delete
  19. සුද්දො ලියපු පොත් සුපිරියටම පරිවර්තනය කරන්න පුළුවන් නම් තමන්ගෙ ඉංග්‍රීසි නිර්මාණය සිංහලට ලියන්න බැරි මොකද.
    ඔබ විසින්ම නිර්මාණය කල මෙම ලිපියෙ,සැගවී යන්නකුගේ පෙර සැලැස්ම කිසිම අඩුවක් නැතිව සහ ධාවන පථයේ වැහි කානු ඇතුළු A -Z ලිවීම නම් කියවන්නාව කාලොස් කෙනකු කරල තියෙනව.
    එයින්ම තේරුම් යනව ඔබ මේ ලිපිය නිර්මාණය කිරීමට ගත් මහන්සිය.පළමු කොටස නම් සුපිරි.දෙකත් බලමු.
    ඉංග්‍රීසි ඉගන ගත්තෙ රෑ පංති වලින් නිසා කියවන්න පුළුවන් රෑට.6න් පස්සෙ කන් සාක්කුවෙ නිසා කියවන්න ගත්තත් ඩබල් වෙලා පේන්නෙ.හොද වෙලාවට සිංහලෙන් දැම්මේ :).

    ReplyDelete
    Replies
    1. අන්න රට හිටියත් නියම සිංහයො!

      Delete
    2. අයියෝ කෙන්ජි තාම අර නලියට එවපු කෑම වට්ටෝරුවමද බං කන්නේ.. එළම ප්‍රතිචාරයක් තමා.. මේක

      Delete
    3. අමු කොල නැහැ බං.ඔය තරහ එකෙකු ගෙ නමට/එඩ්රස් එකට ලංකාවෙන් පත්තරයක් දෙකක් ගෙන්න ගන්නව ඉදල හිටල කාබන් කොල වල ඔතල.
      ලංකාවෙ සෙට් එක පත්තර වල ලාවට පත්තර පිටු වල පාප්ප ගාල වියලි මල් කැබලි තවරල වියලල තමයි ගෙන්න ගන්නෙ.
      වියලි ඒවත් නරකම නැහැ අමුව නැති හින්ද.
      අහු උනත් මම ගෑවෙන්නේ නැතිවම තරහ එකාටත් නිකම්ම බඩුනෙ :).

      Delete
    4. ඔය රෑ පන්තියෙන් ඉංග්‍රීසි ඉගෙන ගෙන රෑට විතරක් ඉංග්‍රීසි පුලුවන් කේස් එක අර විනෝද සමයේ විකට තුන්කට්‍ටුවටත් තිබ්බා මට මතක විදියට.

      බොහෝම ස්තුතියි කෙන්ජි. I usually let my imagination run wild.

      Delete
  20. අනේ කම්මැලියි බං ඉංගිරිසි කියවන්න ඕකනෙ උදෙ හිටං හවස් වෙනල්කල් කරන්නෙත්.. ඒකට ගියා ඒත් කම්මැලියි.. ඔන්න ඔහේ ඉන්නම් අනික ලියනකල්. මේ කාලෙ නං හොරෙං ඔතෙන්ට යන්න බැ නේද ? ඒ මොකද යට පැත්තෙ බලන්න සී සී ටී වී තියෙනවානෙ..

    ReplyDelete
    Replies
    1. හනේ බං උඹලත් ඔහොම කම්මැලිවෙලා කොහොමද? මට නම් මේක අදහාගන්නවත් බෑ.

      සරත්, ලෝකෙ හැමතැනම ආරක්ෂාව ගැන තියෙන ආකල්පය, උනන්දුව, කාර්යක්ෂමතාවය එකම නෙවෙයි නේද මොන තාක්ෂණය ආවත්?

      Delete
  21. ඔය තියෙන්නෙ g-)
    කලින් ඉංග්‍රීසියෙන් පල උන කතාව කියවපු නිසා මුලින් දැනුන කුතුහලය ඒ විදිහටම දැනුනා කියන්න නම් අමාරුයි. ඒ උනත් පරිවර්තනයක් විදිහට ගත්තම නම් හැමදාමත් වගේ නියමයි කියල තමයි කියන්න තියෙන්නෙ. මේ පාර ඩූඩ් අමුතුම විදිහක පර්යේෂණයක්නෙ කරල තියෙන්නෙ...ඒ වෙනසට ගොඩක් අය කැමති වෙයි කියල හිතෙනවා :)

    ReplyDelete
    Replies
    1. ඔව් චාම්ස් ඒකැහෙම වෙයි කියලා මාත් හිතුවා. ඒක තමයි මම අර ඉහල තොටියටත් කිව්වේ.

      බොහොම ස්තුතියි චාම්ස් මේ ගැන දක්වන උනන්දුවට. :)

      Delete
  22. කඩ්ඩෙන් කියවන්න මහන්සි වෙන්නේ මක්කටෙයි ඩුඩ් අයියා සිංහලෙන් දානකොට...

    ඉතුරු කොටහත් දැම්මා නම් ඉක්මනට. අර ෆේඩ් ඉෆෙක්ට් එකේ මාර ගතියක් තියනවා ඈ. කලින් පරිවර්තන කියවලා කියවලා මම හිතුවේ මේකත් පරිවර්තනයක් කියල.. ඇත්තටම ඩුඩ් අයියේ මෙව්වා තමයි ඕනි. අලුත් සංකල්ප.

    ReplyDelete
    Replies
    1. අන්න හරි! දැන් අපි සංගමයක් පිහිටුවනව "හෙන්රි අයියගෙ කතා සිංහලෙන් කියවන්නන්ගේ සංගමය" කියල. දාපිය බලන්න ඉංගිරිසියෙන් මීට පස්සෙ!

      Delete
    2. හෙන්රි ගෙ නම දාන එක හරි නැහැ බං.මෙච්චර අපිව සතුටු කරන එකාගෙ නම කාල දාන්න නරකයි.මේ කාලේ නැගල යන නම් වලට ගැලපෙන ලෙසට මෙහෙම දැම්මොත් කොහොමද?" සිංහල බොග සුරැකුම් බල සේනාව"ලේකම් නිට්ටඹුඅත්තේ මාරසාර ඇතුලු ..............................................කියල තව අපේ කස්ටිය සමග එකතු කරගෙන පටන් ගමු.

      Delete
    3. අම්මපා කම්මැලි හොරු එකට එකතුවෙන ලස්සන! :D

      පැතුම් ඉතිං මේක පරිවර්තනයක් තමයි. වෙනස ඔරිජිනල් එක ලිව්වෙත් පරිවර්තකයම වීම විතරයි.

      Fade effect එක හොඳයි නේද?

      Delete
  23. සතුටුයි මචන් උඹේ කම්මැලි කම නැති වුන එකට.

    නියමයි හොඳින් රස වින්දා.

    ReplyDelete
    Replies
    1. හික් හික්! ඈ මචෝ, දැන් මේක ගැන මාස ගානක් හොයලා බලලා කතාව ලියපු මම තමයි කම්මැලියා, ඈ?
      තැංකූ වේවා.

      Delete
  24. රසයේ වෙනසක් නොදැනේ, පරිවර්තන කරන්න හැමෝටම බෑ, මොකද පරිවර්තනය කියන්නේ එක භාෂාවකින් තවත් භාෂාවකට පෙරලීමම නොවන නිසා, විශිෂ්ඨයි ඩුඩ්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉවාන්.
      දැන් මෙතන ඉවාන් පව්ලූශයි, ප්‍රගීත් අනුරාඅධයි දෙකම තියන නිසා මම කොයි නමින් කතාකරනවටද උඹ කැමති? ඕනෙ එකක් කියන්න එපා. කැමති එක මොකක්ද?

      Delete
    2. ඉවාන්ම කියමු එකනේ බ්ලොග් නම.

      Delete
  25. මං ගියා ඉංග්‍රීසි එක කියවන්න. මට පුළුවනැයි මෙහෙම බලා ඉන්න :) හෙන්රි මේක අප්ඩේට් වෙන්නේ නෑ නේද සිම්බ්ලොග් එකේ? අර වර්ඩ්ප්‍රෙස් එකේ?

    ReplyDelete
    Replies
    1. අන්න කොල්ලො!
      ඇලෙක්ස්, අර ලින්ක් ටිකට ස්තුතියි, මම ඒ ටික බලන්නම්. දැන් ආපහු ගිහින්ද ඉන්නේ? නැතිනම් ලංකාවෙද?

      අරක අප්ඩේට් නොවුනා නෙවෙයි, ඒකෙ තාම දාන්න වෙලාවක් ලැබුනේ නෑ. මේකෙ ෆෝර්මැටිං වැඩියිනේ. fade කරන්නයි අරක මේක. WordPress එක ඒ අතින් එච්චර user friendly නෑ. අකුරු ලොකු කරන්නත් පැරා එකක් ගානේ HTML code එකක් අලවන්න ඕනෙ.

      Delete
  26. පරිවර්ථනය ඉහලයි ...ඊළඟ කොටසත් ඉක්මනින් දාන්න .මේක තනිකරම ප්‍රබන්ධයක් නෙවෙයි නම් ඇත්ත මොකද්ද කියල දැනගන්න ආසයි මට :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි රෙහානි.

      >>මේක තනිකරම ප්‍රබන්ධයක් නෙවෙයි නම් ඇත්ත මොකද්ද කියල දැනගන්න ආසයි මට<<

      මෙහෙමයි රෙහානි. මෙතනදි මේ කාලෝස්ගෙ කතාව විතරයි ප්‍රබන්ධය. නමුත් ඔය විදියට ලෝකය දැනුවත්ව ගිය ගිය මිනිස්සු 100කට ආසන්නයි. නොදැන කීදෙනෙක් ගියාද දන්නේ නෑ. ඉතින් මේක සත්‍ය කරුණු අනුසාරයෙන් කරපු ප්‍රබන්ධයක්.

      දැන් ටයිටැනික් කතාව ගත්තොත්, ටයිටැනික් කියන නැව අනතුරට පත් වෙච්ච එක ඇත්තනේ, නමුත් ජැක් සහ රෝස්ගේ කතාව අර සත්‍ය පසුබිම් කතාව මත ගොඩ නගපු ප්‍රබන්ධයක්. ඒවගේ සිද්දියක් වෙන්නත් ඇති, නොවෙන්නත් ඇති.

      Delete
  27. අපෝ හිරි ගඩු පිපෙනවනේ...දෙවැනි කොටසත් බලමු එහෙනම්

    ReplyDelete
    Replies
    1. ඔයත් ඉංගිරිස් වලට හොරද? අන්න එහෙම නැතිනම් අනිත් කොටස බලන්න පුලුවන්.

      Delete
  28. දෙක දාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාන්........

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිටපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපා
      පාපාපාපාපාපාපාපාන්........

      Delete
  29. ප්ලේන් එකක රෝදෙ එල්ලිලා මේ වගේ ගමනක් ගිය එකෙකුගෙ කතාවක් ඉස්සර අහලා තිබුනා මතක් උනා, මචං. උඹ කියාපු රීඩර්ස් ඩයිජස්ට් එකේ කතාවම වෙන්න ඇති. මේ වගේ දේවල් හිතලා, ප්ලෑන් කරලා කරන්න උන්ට ලොකු චිත්ත දහිරියකුත් තියෙන්න ඇති නේද මචං..

    ReplyDelete
    Replies
    1. උඹයි, රවියයි, මමයි තුන්දෙනාම ඔය මතකයි කියන්නේ ඒකම කතාව වෙන්නැති. ඔව්. මචං. මේ වැඩේ නොකලයුතු වැරදි වැඩක් වුනත් මේකට හිත හදාගන්න එක කොච්චර අමාරු ඇත්ද? උඹට මතකද නැගෙනහිර ජර්මනියේ ඉඳලා බටහිර ජර්මනියට බලූන් එකකින් පැනලා ගිය කීප දෙනෙකුගේ කතාව?

      Delete
    2. මට ඒ ‍ෆිල්ම් එක බැලුවා මතකයි මචං. නම මතක නෑ ...

      Delete
  30. ඩුඩ් මුලින්ම කතාව කොච්චර හොදයිද කියන්නද නැත්නම අපිට බලාගෙන ඉන්න වෙනවට තරහ ගන්නද කියල හිතාගන්න බෑ... g-) :-f

    ඇත්තරම කියන්න වචන නෑ...මේ ලිවීමේ ශෙලිය හරිම වෙනස්...හරිම ලස්සනයි.... :-h

    මට හිතුනේ මාත් ඒ වීල් බේ එකේ හිටිය වගේ.... :-O

    මම ඇත්තටම ප්‍රාර්තනා කලේ කාර්ලෝස්ව අහුවෙන්න කියලා :( ... පන පිටින් පරිස්සමට යන්න ලැබුනොත් හොදයි....

    කාර්ලෝස් කන්නේ මොනවද? [ මට තියෙන ලොකුම ප්‍රශ්නේ හිහ් හිහ් හිහ්] =))

    ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න ඩුඩ්...නැත්නම් කාර්ලොස්ට කලින් අපිට මොනව හරි වෙන්න ඉඩ තියෙනව =D> හිහ් හිහ් හිහ් :))

    ReplyDelete
    Replies
    1. අනේ තරහ ගන්නනම් එපා මොකද මේක ලියන්න මම මාර කට්ටක් කන්නේ. :D

      ඇත්තෙන්ම මම නොයෙකුත් අත්හදා බැලීම් කරන බව ඔයා දන්නවනේ. මේත් ඉතින් එයින් එකක්. මම කියන්නේ ලිවීම ගැන. වීල් වෙල් එකේ යන එක නෙවෙයි. :D :D

      හරි, මේ ඒ ගැන වැඩ කරගෙන යන ගමන්. බොහෝම ස්තුතියි.

      :-f

      Delete
  31. මචං පහු ගිය දොහේ ආවේ අඩුවෙන්.. ඉඳලා හිටලා ආවත් පොඩි පොඩි ඒවා කියවලා ගියා මිසක් මේ වගේ දිග එකක් කියවන්න වෙලාව තිබ්බේ නෑ.

    උඹ රේඩියෝ මික්සිං ඉෆෙක්ට්ස් දාලානෙ ලියලා තියෙන්නේ.... :)... මම ඉංග්‍රීසි එක කියෙව්වෙ නෑ බං... මම මේ බ්ලොග් කියවන්න එන්නෙම සිංහලෙන් යමක් කමක් කියවන්න තියන ආසාවට... අනික මුල් කෑල්ල සිංහලෙන් කියවලා දෙක ඉංග්‍රීසියෙන් කියවන්න ගියොත් වැඩේ අවුල් වෙයි කියලා හිතෙනවා. ඒ නිසා දෙක සිංහලෙන් එනකං බලං ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මම බැලුවේ කෝ මේ තිසරතුමා කියලා. දැන් ඒ බිසි කාලේ පහුවුනාද?

      ඔව් මචං මම එක එක අත්හදා බැලීම් කරනවනේ ඉතින්.

      උඹත් කම්මැලියා වලා තියෙන හැටි. එතකොට උඹ අර නැවුම් පළතුරු තියෙද්දි, ටින් කරපුවා කාලා නිකං ඉන්නවා නේ?

      Delete
  32. ඩුඩ් අයියේ ඇත්තම කියනවානම් බන් මේකේ ඉංග්‍රීසි එක කියවන්න ගියාට වැඩේ එපා උනා බන් සමහරක් වචන වල තේරුම හොයන්න ගියාම.:-?

    එහෙව් එකේ මේක සිංහලෙන් දාපු එකනම් නියමයි.:-h
    මුලින්ම මේ පරිවර්තනය දැක්ක ගමන් පොඩ්ඩක් අවුල් උනා.c-)

    හැබැයි බන් අයියේ පලවැනි පරිච්චේදය කියවනකොටම අවුල්,නිරවුල් උනා.
    එක නිසා අයියේ අපිව අයෙත් අවුල් නොවෙන්න විගහට මේකේ අනිකත් සිංහලෙන්ම දාහන් බන්. :)

    ReplyDelete
    Replies
    1. උඹ බටර් තලි තලි ගාලා.
      ඉතින් කොලුවෝ ඉංග්ලිෂ් එක කියවලා ඊට පස්සෙ සිංහල එක කියවලා ආපහු එංග්ලිෂ් එක කියෙව්වාම තමන්ට නොතේරුන තැන් තේරුම් අරගෙන, අලුත් වචන සෙට් එකකුත් ඉගෙනගෙන, ඒ වචන උඹේම කරගන්නත් පුලුවන්. මම මෙහෙම කියන්නේ මගේ ඉෂ්ග්ලිෂ් බ්ලොග් එක අලෙවේ කරගන්නවත් හිට්ස් වැඩි කරගන්නවත් නෙවෙයි. ඒකෙන් අපි කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඉංග්‍රීසි වලට තියෙන කම්මැලිකම පොඩ්ඩක් අඩුවෙලා, අඩුම ගානේ එකෙක් දෙන්නෙක්වත් ගොඩ යයි කියලා හිතලා. ඒකෙන් තමයි උඹට නියම භාෂා රසය ගන්න පුලුවන්. නැතුව හිට්ස් ගන්න නම් ලංකාවේ ඉඳන් ඉංග්‍රීසි බ්ලොග් ලියලා කරන්න අමාරු බව මම එදා ඉඳන්ම දන්නවා. අනික හිට්ස් ගන්න මෙහෙම කට්ට කාගෙන මහන්සි වෙලා පෝස්ට් ලියන්න ඕනෙත් නෑ. පට්ට කුණුහරප ටිකක් ලිව්ව නම් පුලුවන් කියලත් මම දන්නවා. :))

      හිටහං. මම මේ ඒක ලියන ගමන්.

      Delete
  33. ඩූඩ් අයියා අත්හදා බැලීමකුත් කරල තියන්නෙ. ඔය වැඩ ටික දාන්නම සෑහෙන්න මහන්සි වෙන්න ඇති නෙ.. කතාව නම් හොඳින් ම රස වින්දා..

    අදවත් ගිහින් අර පරණ කතාවෙ අනෙක් කොටස බලල එන්නම්. ඒක බලන්න බැරි වුනා නෙ..

    ReplyDelete
    Replies
    1. චන්දන, උඹව ආපහු දකින්න ලැබීමක් සතුටක්.
      ඔව්, බං මේ මුල් ඉංග්‍රීසි තතාව ලියන්න මාස ගානකුත්, ඒක පරිවර්තනය කරන්න සෑහෙන වෙහෙසකුත් ඉෆෙක්ට්ස් හිතලා දාන්න තව කාලෙකුත් වැයවුනා. නමුත් මම ඒකෙන් රසයක් ලැබුවා.
      හරි කියවලා මොනවද හිතෙන්නේ කියලත් කියාපංකෝ.

      Delete
  34. හරිම තාක්ශනික ලිපියක් ලස්සනට පරිවර්තනය කරල තියෙන්නෙ. මට තේරෙනවා කොච්චර අමාරු වෙන්න ඇද්ද කියලා ඒ වැඩේ කරන්න.ඉන්ග්‍රීසි කොහොම හරි ලියා ගත්තැහැකි. සින්හලට පරිවර්තනය කරන්න තමා අමාරු. සින්හල වචන තාක්ශනික දේවල් පැහැදිලි කරන භාශාවම යොදල පැහැදිලි කරල තියෙනවා. අලුත් අත්හදාඅබැලීමක් නේද? කොහොමත් ඉතින් ඩූඩ් ඔරිජිනල් විදියට හිතන කෙනෙක් නෙ.

    සමහර සින්හල වචන නම් ඩූඩ් ගෙම වචන කියල හිතෙනව. අලුත් පර්යේෂන කෘතියට සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. පරිවර්තනය කරන්නත් අමාරු තමයි. නමුත් මම ඒකට නම් දවස් ගානක් මහන්සි වුනේ නෑ. පැය ගානයි. නමුත් මේ සීරීස් එක ලියන්න මට මාස ගානක් ගියා.

      ඇයි නිල් මානෙල් අර ඔරිජිනල් එක නොකි යවා මේක කියෙව්වේ? ඒක තමයි ෆුල් ඔප්ෂන් සහිත එක.

      >>සමහර සින්හල වචන නම් ඩූඩ් ගෙම වචන කියල හිතෙනව.<<

      ඇත්තෙන්ම මේවගේ aviation පසුබිමක් ඇතිව සිංහලෙන් ලියපු කතා මම දන්නේ නෑ තියෙනවද කියලා. ඒ නැතත් මේවට පාරිභාෂික වචන තියෙන්නත් පුලුවන්, නැතිවෙන්නත් පුලුවන්. රෝද කුටීරය වගේ වචන මම හිතලා ලිව්ව ඒවා. සමහරවිට නියමිත පාරිභාෂික වචනෙත් ඒකම වෙන්න ඇති කියලා හිතෙනවා. Control Tower පාලන කුළුණද මැදිරියද කියලා දැනගන්න මට විදියක් නැති නිසා මම පාලන කුළුණ කියලා ලිව්වා.

      Delete

  35. ඊලග එපිසොඩ් දෙකත් පරිවර්තනය කරන්න කියලා ඉල්ලිම් එවි ෂුවර් එකටම ;p

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් පටන් ගත්තා නම් ඉවර කරන්නත් එපායැ. එක කොටසක් විතරක් කරලා වැඩක් නෑනේ.
      :)

      Delete
  36. ඇත්තටම මන් පරක්කු වෙලා ආවේ නිවිසැනසිල්ලේ මේක කියවන්න ඕන නිසා ..ඇත්තටම මේ ලෝකේ අවදානමක් ගත්තු මිනිස්සු නිසා තමයි වෙනස් වුනේ . හැබැයි මට හිතා ගන්න බැහැ මේ වගේ අවදානමක් ගැනීම ගැන .

    බෝට්ටුවල හැංගිලා රටකට පනින එකේ පොඩි හරි චාන්ස් එකක් තියෙනව . ඒ වුනාට මෙහෙම කරන්න ..අම්මෝ

    ස්තුතියි ඩුඩ් ..මන් හිතන්නේ මම සිංහලෙන් මේ ගැන කියෝන පළමු වතාව . හුඟක් අය එහෙම වෙන්ට ඇති

    ReplyDelete
    Replies
    1. මිනිස්සු කරන දේවල් පුදුමාකාරයි. අපි ඈත ඉඳන් බලනකොට ඒක කොහොම පෙනුනත්, ඒ තත්වෙට පත්වෙච්ච මිනිස්සු එහෙම කරන එක පුදුමයක් නෙවෙයි එක අතකට.

      බොහොම ස්තුතියි බින්දි.

      Delete
  37. කෝ දෙක???????????????????????

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>