Friday, June 28, 2013

81. මාරක පියසැරිය අවසන් කොටස. Flight Beyond All Hope. Part 3. Dude's Originals.


“So the captain grits his teeth තිං කැප්ටන් දත්මිටි කාගෙන, හෙන ගේමක් දීලා, ෆ්ලැප්ස් ෆුල් දාලා, බ්‍රේක් කෑගස්සගෙන ටයර් පාර බිම ඇ‍ඳෙන්න ප්ලේන් එක යන්තම් නවත්ත ගන්නවා. නවත්තගෙන කියනවා කෝ-පයිලට්ට,  "යකෝ මම ප්ලේන් එකක් බාපු කොටම රන්වේ එක වෙන්නෝනෙ මේක !" කියලා. කෝපයිලට් ඔලුව හරවලා උරෙස්සට උඩින්  සයිඩ් එකේ ජනේලෙන් බලලා කියනවා, "ඒ වගේම පළලම එක."“And the ****ing widest!” 

ඔබ මාරක පියසැරියේ පළමුවන සහ දෙවන කොටස් කියවා නැතිනම් මෙතනින් යන්න.

 මාරක පියසැරිය FLIGHT BEYOND ALL HOPE PART 1
 මාරක පියසැරිය FLIGHT BEYOND ALL HOPE PART 2


Captain Kevin Landers let out a loud guffaw and in fact, a too loud one,  that made the first Officer පිතාන් කෙවින් ලෑන්ඩර්ස් මහ හඬින්, කොක් හඬලා සිනාසුනේය.
විසිපස් හැවිරිදි සහායක නියමු, ඇල්වින් රොජර්ස් ඔහු දෙස බැලුවේ සැකයෙනි.
"මම කල්පනා කලා කැප්ටන් ඒක කලින් අහලා තියෙන්න ඇතිද කියලා."

"අහලා තියෙනවා තමයි බං. නමුත් උඹ ඒක ඔච්චර මහන්සි වෙලා කිව්ව හන්දා මට පව් කියලා හිතුනා."

"නෙද්දකිං!"

හතලිස් තුන් හැවිරිදි කපිතාන් කෙවින් ලෑන්ඩර්ස්, හිස උදුම්මවා නොගත්,  විනෝදකාමී,  ප්‍රිය මනාප චරිතයක් ලෙස පතලව සිටියේය.

"උඹ මේක අහලා තියෙනවද?" හිස් ප්ලාස්ටික් බන්දේසිය නියමු කුටියේ බිම තබමින් ලෑන්ඩර්ස් මුල පිරීය. "ඔන්න ප්ලේන් එකක් JFK එයාපෝර්ට් එකෙන් ටේක් ඕෆ් කරලා ඉහල නගිනවා. දැන් ඔන්න කැප්ටන්ගේ කටහඬ ඇහෙනවා ඉන්ටකොම් එකෙන්. "නෝනා වරුනි මහත්වරුනි, මේ ඔබේ කපිතාන් වරයායි කතාකරන්නේ. JFK ගුවන් තො‍ටුපළේ සිට, ලොස් ඇන්ජලස් ගුවන් තො‍ටුපළ දක්වා යන සීඝ්‍රගාමි ගුවන් ගමනට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. කාළගුණ වාර්තාවලට අනුව ඉදිරියේ ඇත්තේ ඉතාමත්ම යහපත් කා
ගුණයක් නිසා අපිට ඉතාම හොඳ ගමනක් බලාපොරොත්තු වෙන්න හැකියි. ඉතින් සුව පහසුව  ඉඳගෙන ගමන රසවිඳින්න.  OH, MY GOD!

ඊට පස්සෙ කිසිම සද්දයක් නෑ. ෆුල් හො
ල්මං. විනාඩි කීපෙකට පස්සෙ ඔන්න කැප්ටන් ආයෙම කතා කරනවා ඇහෙනවා.

නෝනාවරුනි මහත්වරුනි. ඔබව භීතියට පත් කිරීම ගැන, මම මුලින්ම ඔබෙන් සමාව අයදිනවා. මම ඒ නිවේදනය කරමින්  සිටිනාවිට ගුවන් සේවිකාව අත් වැරදීමකින් උණු කෝපි කෝප්පයක් මගේ උකුලට හැලුවා. හඃ හඃ !ඔබලා
දැන් මගේ කලිසමේ ඉස්සරහ පැත්ත දැක්ක නම්! හඃ හඃ!

එතකොටම බිස්නස් ක්ලාස් එකේ ඉඳගෙන හිටපු පොරක් කියනවා, "ඕක මොකක්ද. දැන් මගේ කලිසමේ පස්ස පැත්ත දැක්කා නම්!""

මහ හඬින් සිනාසුනු ඇල්වින්, බොමින් සිටි කෝපි කෝප්පයෙන් කොටසක් කලිසමේ ඉහිරවා ගත්තේය. on the front of his pants.



෴ * * ෴  ~ ෴ * * ෴  ~ ෴ * * ෴


The Boeing 777 cruised on auto pilot බෝයිං 777 යානය
කිසිදු විශේෂ සිදුවීමකින් තොරව, අඩි 37,000කට ඉහලින් නිසල රාත්‍රී අහස තුලින්, ස්වංක්‍රීය නියමුවෙන් යාත්‍රා කලාය. with fine weather for flying.
෴ * * ෴  ~ ෴ * * ෴  ~ ෴ * * ෴


The Boeing 777 was homing in on Miami International Airport, Florida.බෝයිං 777 යානය සිය ගමනාන්තය වූ, ෆ්ලොරිඩාහි, මයෑමි ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොල වෙත ලඟාවෙමින් පැවතිනි.

ගුවන් සේවිකා ඇනී ඩේවිස්, නවක සේවිකාවක් වූ මිෂෙල් කූපර්,  කඩවසම් සහායක නියමු ඇල්වින් රොජර්ස් පිළිබඳව දැක්වූ උනන්දුව සම්බන්ධයෙන්, ඇයට කවටකම් කරමින් සිටියාය.  යානයේ ආහාර පිළියෙල කල ගැලියේ, බේසම අසල සිටගෙන ආහාර ගනිමින් සිටි, රන්වන් කෙස් වැටියක් හා මන බඳිනා රූ සපුවකින් හෙබි විසි තුන් හැවිරිදි මිෂෙල්, මුහුණ රතු කර ගත්තාය. eating a burger standing by the galley sink, blushed.

෴ * * ෴  ~ ෴ * * ෴  ~ ෴ * * ෴


Two hours later,  the PA system crackled හෝරා දෙකකට පසු, යානය නොබෝ වේලාවකින් මයෑමි ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොළට ගොඩ බැසීමට නියමිත බව, යානයේ මහජන ඇමතුම් පද්ධතිය තුලින් නිවේදනය විය. බෝයිං 777 යානය ක්‍රමයෙන් පහතට ගමන් කිරීම ඇරඹුවාය. ඇතැම් මඟීහු, ගුවන් සේවිකාවක විසින් බෙදා දුන් ගොඩබැසීමේ පත්‍රිකා පුරවන්නට වූහ. බෝල් පොයින්ට් පෑනක් ගෙන ඒමට අමතක වූවෝ, එසේ කිරීමට තරම් කල්පනාවක් තිබූ අයගෙන් පෑන ඉල්ලා ගැනීමේ බලාපොරොත්තුවෙන් කල් මැරූහ.

තරුණ මවක් උකුලේ හොවා ගත් බිළිඳාගේ ඩයපරය මාරු කරනු, යාබද අසුනේ සිටි ඇගේ සැමියා බලා සිටියේ ගෞරවය මුසු විශ්මයකිනි.

ගොඩබැසීමේ පියසර රටාවට අනුගත වීම පිණිස, යානය වම් පසට ඇලවී වාමාවර්තව පියාසර කලාය. aircraft banked left in a wide curve, to enter the landing pattern. 


෴ * * ෴  ~ ෴ * * ෴  ~ ෴ * * ෴



Photo from Wikimedia
The Boeing 777 was on the final approach on the glide slope with the onboard computers tuned and locked on the ILS frequency of the runway 12/30.  ගොඩබෑමේ අවසන් අදියරට එළඹි  බෝයිං 777 යානය ආනතියකින් යුතුව පහළට ගමන් කලාය. මේ වන විට ධාවන පථයට සැතපුම් පහක් ඔබ්බෙන් , අඩි 2000ක උසකින් පියාසර කරමින් තිබූ යානයේ පරිගණක පද්ධතිය අංක 12/30 ධාවන පථයේ ILS සංඛාතයට සුසර කර තිබිණ.. කපිතාන් ලෑන්ඩර්ස් ත‍ටුවල සවිකර තිබූ ෆ්ලැප් පළමු අදියරට පහත් කිරීමට අණ දුන්නේය. දැන් එලැඹ ඇත්තේ යානාවේ රෝද පහත් කිරීමේ වේලාවයි. මනා ලෙස පුහුණු වූ නියමුවන්ගේ දෑත් කඩිසර ලෙස උපකරණ පැනල මත ක්‍රියාත්මක විය. went through the motions.

First officer Alvin යානාවේ රෝද කුටීර දොර විවෘත වී  රෝද කට්ටල පහතට ගමන් කරමින් පවතින බව හඟවමින්,  සුදු කො‍ටු රටාවකින් උපකරණ පැනලයේ දැල්වෙමින් තිබූ දර්ශකය වෙත සහය නියමු ඇල්වින් රොජර්ස් නෙත් යොමුකරගෙන සිටියේය. මෝටරයකින් නැගෙන ගුම් නාදයක්ද, ඉන් අනතුරුව යානය තුලටම දැනුනු ගැස්සීමක්ද සමඟ, රෝද කට්ටල පහත් වී අගුලු වැටෙත්ම, පැනලයේ දර්ශකය කොළ පැහැති විය. wheels were down and locked and the indicators turned into green.


With the airspeed now reduced to just above the stall speed. පියාසර වේගය, එන්ජින් අක්‍රීය වන වේගයට මඳක් ඉහලින් සිටිනසේ අඩු කර තිබු අතර,  ත‍ටු මත ක්‍රියාත්මක වූ ෆ්ලැප් සහ වායු තිරිංග නිසා එන්ජින් වල හඬේ පැහැදිළි වෙනසක් දැනුණි. due to the deployed flaps and the armed speed brakes.



The big jet came in screaming out of the skies, toward the lit up runway 12/30. The engines slightly accelerating to හ හඬ නඟමින් ගුවන් ගැබින් මතුවූ දැවැන්ත ජෙට් යානය, විදුලි එළියෙන් ඒකාලෝක වූ ධාවන පථය දෙසට  පහත් විය. පහත් කල රෝද කට්ටලය සහ ෆ්ලැප් වලින් ඇතිකල අධික වායු ප්‍රතිරෝධය නිසා, යානයේ ඉදිරිපස ඉහලට එසවීම වැලැක්වීමට ප්‍රමාණවත් තරමින්, එන්ජින් යන්ත්‍ර යන්තමින් ත්වරණය වෙමින් පැවතුනි. ධාවනපථයේ ආරම්භය හඟවන සළකුණු යානයට යටින්  විදුලි වේගයෙන්  පසුපසට ඇදී  යත්ම, කපිතාන් කෙවින් ලෑන්ඩර්ස්, පතන කෝණය වැඩි වන සේ,  සුක්කානම ආපසු ඇද යානයේ ඉදිරිපස මඳක් ඉහලට එසවීය. අත්ත‍ටු විහිදා, නිය පහුරු ඉදිරියට දිගු කරගෙන, ගොදුරක් මතට පහත් වන දැවැන්ත රාජාලියකු සේ, බෝයිං 777 යානය  පොළොවට ලඟාවිය. claws outstretched to grab the prey.


The landing gear just skimmed the runway and then sparks
flew as the rubber the met the tarmac at the touchdown,
Photo from Wikimedia.
ධාවන පථයේ ගෑවෙමින් නොගෑවෙමින් මඳ දුරක් ඇදී ගිය පසු පස රෝද කට්ටල, ගිණි පුපුරු නිකුත් කරමින් ධාවන පථය සිප ගත්හ. රබර්, තාර මත ගැටීමෙන් ඇතිවූ දුම් වලාව අතරින්, යානාවේ රෝද පැයට කිලෝමීටර 0 සිට 250 දක්වා මොහොතකින් ත්වරණය වී කැරකෙන්නට විය.  යානාව සිසාරා නැගුණු කම්පණයත් සමඟ රෝද හා අවලම්බන පද්ධතිය යානයේ බර කරට ගත්තේ 'ස්ස්ස්' හඬක් නගමිණි.  gear suspension hissed and took over the total weight of the aircraft. 

In a few seconds, the nose wheels touched down adding more rubberප්පර කිහිපයකින්, ධාවන පථයට තවත් රබර් පැල්ලමක්  එක්  කරමින් ඉදිරිපස රෝද කට්ටලයද පතිත විය. යානයේ ආරෝහක පාලකය උදාසීන කල කපිතාන් ලෑන්ඩර්ස් සුක්කානම් පැඩලයන් ආධාරයෙන් යානය ධාවන පථයේ හරි මැදින් ධාවනය කලේය.  උපරිම මට්ටමෙන් ක්‍රියාකල ෆ්ලැප්, ස්පොයිලර,  එන්ජිමේ පසු තෙ‍රැපුම් බලය හා තිරිංග නිසා, එක වර නැඟුණු හඬ අති උච්ච ස්වරයකට පත්විය. a howl and roar and scream at the same time which reached a crescendo.

As the ground handling crew watched the Boeing 777 thundered down the runway making the windows rattle බෝයිං 777 යානය, අවට ගොඩනැඟිලි වල කවුලු පියන්පත් දෙදරවන  ගිගුරුම්  හඬක්  නංවමින් ධාවන  පථය දිගේ අධිවේගයෙන් දිව යනු, යානය එනතෙක් ‍රැඳී සිටි ගුවන් තො‍ටුපොළ කාර්‍ය මණ්ඩලය බලා සිටියහ. ධාවන පථය කෙළවරේදී වේගය අඩුවූ යානය, අංශක අනූවක කෝණයකින් හැරී, ටැක්සි මඟ දිගේ, ලැසි ගමණින්, පර්යන්තය වෙතට ගමන් කලාය. මඟීහු සුපුරුදු පරිදි යානාවෙන් පිටවීමට සූදානම් වූහ. getting ready to deplane with usual chatter.  


෴ * * ෴  ~ ෴ * * ෴  ~ ෴ * * ෴


Several hours later, Nick Ortega stood in the floodlights on the concrete ramp and ticked off the check list පැය කිහිපයකට පසු, ගුවන් යානයේ බාහිර තත්වය,  ලිපි ගොණු කවරයක ‍රැඳවූ ලැයිස්තුවක සළකුණු කරමින් නික් ඕර්ටේගා විදුලි එලියෙන් නැහැවුනු කොන්ක්‍රීට් පොළොව මත ඒ මේ අත ඇවිද්දේය. ම
කින්, යානයේ වම්පස ත‍ටුව යටට  ඇවිද ගිය ඔහු, යානාවේ රෝද එකලස පරීක්ෂා කර ලැයිස්තුවේ හරි සළකුණු කිහිපයක් දැම්මේය. එකක් පසු පස එකක්, මහ හඬ නංවමින් දිවයන ජෙට් යානාවල ඝෝෂාවට ඔර්ටේගා මුහුණ ඇඹුල් කර ගත්තේය. 

පැන්සලයේ තුඩ දිවගින් පෙඟවූ ඔහු, ලෝහයක් මත ලෝහයක් මෘදුව ගැටෙන හඬක් ඇසුන නිසා රෝද කට්ටලය සවිකර තිබූ යෝද සිරස් ලෝහ පාදයේ  උඩ කොටස දෙස නෙත් හෙලීය. මඳ සුලඟ වැනෙමින්, ලෝහ ගාංචුව ලෝහ පාදයේ වැදෙමින්,  එයින්  එල්ලෙමින් තුබූ  මෝටර් රථයක ආසන පටිය දු‍ටු ඔර්ටේගාගේ ඇස් සිහින් වී, මුහුණට ප්‍රශ්ණාර්ථයක්  පැන නැඟුනේ නිතැතිනි.

"මේ මොන ...?"

ඔහු, අතැතිව තිබූ විදුලි පන්දමේ දීප්තිමත් ආලෝකය රෝද කුටීරයට එල්ල කලේය. අමුත්තක් නැත. ඔහු, වැඩි හොඳට, රෝද එකලසට ගොඩවී රෝද කුටීරය තුලට ආලෝකය එල්ල කර බැලීය. එහි කිසිවක් නොමැත. පැන්සලේ තුඩ නැවතත් දිවගා පෙඟවූ ඔහු, විශේෂ නිරීක්ෂන කොටසේ ලිවිය යුතු වාක්‍යය සිතින් ගොඩ නඟා ගැනීමට තැත් කලේය. "වම්පස රෝද සවිකල ලෝහ පාදයෙන්, මෝටර් රථ ආසන පටියක් එල්ලෙමින් තිබුණි," යන වාක්‍යය අභව්‍ය බව ඔහුට  හැඟුනි.

වහා වෝකි ටෝකි යන්ත්‍රය මුවට ලංකල ඔහු එහි TALK බොත්තම ඔබා වේගයෙන් කතා කිරීමට පටන් ගත්තේය.. pushed the talk button and started talking into it rapidly.

෴ * * ෴  ~ ෴ * * ෴  ~ ෴ * * ෴


Two weeks later, henryblogwalker ති දෙකකට පසු, හෙන්රි බ්ලොග්වෝකර් කෝපි කෝප්පයක් තොල ගාමින් Yahoo Mail සේවයේ, 'Inbox' ගොනුව විවෘත කලේය.

23 unread messages! ඔව් , බ්ලොගර් කෙනෙක් වුනාම ලැබෙන ලිපි වලින් නම් අඩුවක් නෑ, ඔහු සිතීය.

නමුත් තුන්වන ලිපිය ඔහු වෙත කඩා පනින්නාක් මෙන් විය.



Carlos                    Hey Dude                     8.55 AM


"මේකා අර උගේ පිස්සු වැඩේ ගැන මොනවා කලාද දන්නේ නෑ," ඔහු තමන්ටම මුමුණා ගත්තේය.


කාලෝස්ගේ නම මත ක්ලික් කල ඔහු, ඇඟිලි තුඩින් ලැප්ටොප් පරිගණකයේ යතුරු පුවරුව අසල දාරයට නොඉවසිල්ලෙන්  තට්‍ටු කරමින්, ලිපිය තිරයේ දර්ශණය වන තෙක් බලා සිටියේය. drumming an impatient tune on the edge of the laptop keyboard.


THE END
නිමි.

WARNING: THIS IS FICTION. PLEASE DON'T TRY THIS. THIS IS DEADLY. THE STATISTICS ARE TRUE.
අවවාදයයි. මෙය ප්‍රබන්ධයක් පමණි. මෙය කිසිවිට අත්හදා බැලීමට උත්සාහ නොකරන්න. ප්‍රතිඵල මාරාන්තික විය හැකි අතර මෙහි සඳහන් කල සංඛ්‍යාලේඛණ සත්‍ය වේ.






References:

http://www.dailymail.co.uk/news/article-32111/Cuban-stowaways-died-jet-soared.html#ixzz2J5vFW3af

http://en.wikipedia.org

http://www.boeing.com/boeing/commercial/777family/pf/pf_200product.page

http://www.bbc.co.uk/news/magazine-19562101

http://www.slate.com/articles/news_and_politics/explainer/2003/12/do_jet_stowaways_ever_survive.html

http://www.slate.com/articles/news_and_politics/explainer/2003/12/do_jet_stowaways_ever_survive.html




Originally published @ HeyDude in English Language. 
Simulblogged @ මට හිතෙන හැටි WordPress Lovers. 

100 comments:

  1. Replies
    1. එතකොට එච්චරයි විමුක්ති. මම ඔන්න පාඨකයට හිතාගන්න දේවල් කීපයක් ඉතුරු කලා, ඔක්කොම මමම කියන්නේ නැතිව.
      එතකොට? :)

      Delete
  2. කාලෝස් ට උන දෙයක් නැද්ද //?

    ReplyDelete
    Replies
    1. අර ඊ මේල් එකේ මොනවද තිබ්බේ කියලා අහන්න ඕනෙ මගෙන් නෙවෙයි. අර හෙන්රිබ්ලොග්වෝකර් කියන එකාගෙන්. මම ඩූඩ්. :)

      Delete
  3. අනේ බං...මුකක් කියනවද මන්දා..!
    එක්කොමටමෙලෝ හසරක් තෙරෙන්නැද්ද මන්දා..??

    ReplyDelete
    Replies
    1. එහෙනම් මචෝ උඹ කලබලෙන් කියවලා තියෙන්නේ. තව පාරක් හෙමිහිට කියවලා බලපංකෝ. මම උඹලගේ පරිකල්පනයටත් ඉඩ තියලා ලිව්වේ.

      Delete
  4. අතනදි මම මේ විහිළු කතාව වැරදියට වටහා ගත්තා. මම හිතුවේ ඒක මේ පයිලට් කළ නිවේදනයක් කියලා. ඒකයි ගොන් ප්‍රශ්ණයක් ඇහුවේ.. :(

    මේකත් එළම එළ... අමුතුම ආරකට ලියවෙච්ච පෙරනොවූ විරූ බ්ලොග් ලිපියක් කියලා කියන්න පුලුවන්..

    නැවතත් ස්තූතියි ඩූඩ්..

    මේ ජාතියෙ කතාත් අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා ඕන් ඈ..

    ReplyDelete
    Replies
    1. අආ, සෙන්නා ඒක නිසයි එහෙම හිතුවේ කියලා මට තේරුනේ දැන්. ඒක ගොන් ප්‍රශ්ණයක් නෙවෙයි බං. සමහරවිට එහෙම අහන ප්‍රශ්ණ නිසා මම වැරදි නිවැරදි කරගන්නවා.
      පෙර නොවූ විරූ බ්ලොග් ලිපියක් ? ෂාආආආ! හැබැයි මේවගේ aviation topic එකකින් ලාංකිකයෙක් කතාවක් ලියලා නැතිව ඇති කියලා මම හිතුවා.

      උඹටත් ස්තුතියි සෙන්නා මට දුන්න ධෛර්යයට. :-h

      ඔව්, ආයෙම ලියන්න ඕනෙ. මේකෙනුත් මම පුදුම ආශ්වාදයක් ලැබුවා. :)

      Delete
    2. නව හදුන්වා දිමක්

      Delete
  5. මම හිතන්නෙ කාලොස් මේ ගමන යන්න මහන්සි උනා වගේම ඩූඩ් මේ කතාව ලියන්න මහන්සි වෙලා තියෙනව..ඒ වගේ ගමනක් යන එක වගේම මේ වගේ කතාවක් තාත්විකව ලියන එකත් සෑහෙන ලොකු අභියෝගයක්. අන්තිමේදි කාලොස් වගේම ඩූඩුත් ඒ අභියෝග සාර්ථකව ජය අරන් g-)

    ReplyDelete
    Replies
    1. ඒ අභියෝගය ජයගන්න මගේ පවුලේ අය වගේම දායක වුනු බ්ලොග් සහෘදයන් අතර ඔබත් එක්කෙනෙක් චාම්ස්.

      ඒ වගේම ඉංග්‍රීසි මුල් ලිපිය කියවා ප්‍රතිචාර දක්වා මාව දිරිමත් කල කිහිප දෙනාගෙන් එක්කෙනෙක්.

      බොහොම ස්තුතියි. :-f

      Delete
  6. ප්ලේන් එකේ ගිය එකාට මොකද උනේ. ඌ චෙක් වෙන්න කලින් පැනගත්තා කියල තමයි හිතාගන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කෝරළේ මහත්තැන්ට කැමති විදියක හිතාගන්න ඉඩ තියලයි තියෙන්නේ. :)

      Delete
  7. කොහොම තියෙන්නේ ඇද්ද අර බයවෙච්ච මිනිහගේ කලිසමේ පස්ස පැත්ත හම්මෝ...................

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ලස්සනට තියෙන්න ඇති නේද විචාරක? :))

      Delete
    2. ලඟ හිටිය කෙනා කොහොම ආවද දන්නෑ ඉතිරි ටික..නහය තියාගෙන..:))

      Delete
    3. මචං, ඔහොම දෙයක් වුනොත් ඔය වැඩේ වෙන්නේ එකෙකුට විතරක් නෙවෙයි.

      Delete
  8. නියමයි මචං උපරිමයි.

    උඹ අර ප්ලේන් එකේ තටුවේ ෆොටෝ එක ගත්තේ ජනේලයෙන් එලියට ඔලුව දාලාද, නැතිනම් තට්ට උඩට නැගලාද?

    රෝද බිම වදින ෆොටෝ එකනම් ගන්න ඇත්තේ කාලෝස් වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං.

      මම ජනේලෙන් ඔලුව එලියට දාලා ගත්ත එකක් වගේ පේන්නේ නේද? :D

      කියන්න බෑ, කාලෝස් කැමරාවකුත් අරන් ගියාද කියලා. :D

      Delete
  9. අයියෝ..මේල් එකේ තිබුනේ මොනවද කියලා අපිට කියන්නේ නැද්ද? මම හිතන්නේ කාලෝස් බේරුනා. නැත්නම් අර පටියේ එල්ලී එල්ලී කලොසුත් ඉන්න ඕනනේ

    ReplyDelete
    Replies
    1. මේල් එකේ තිබ්බ දේ දන්නේ හෙන්රිබ්ලොග්වෝකර්. මම ඩූඩ්. ඌ මට කිව්වේ නෑ. ඒක නොදැන ඉන්න එක වඩා හොඳ නැද්ද සයුරි? :D

      Delete
  10. ඇත්තටම අති විශිෂ්ට නිර්මාණයක්.100%හිතේ කැතක් නැතිව දෙනව.
    ෂුවර් එකට කාලෝස් ෂෙඩ් එහෙක ජොබකුත් හොයාගෙන වෙන්න ඇති ඊය විදල ඇත්තෙ.
    කතාව ඇතුලෙ පුංචි කතා තිබීම හරිම ප්‍රිය ජනකයි.
    මෙවැනි උසස් නිර්මාන බිහි කිරීමට සිතට,ඇගිලි තුඩු වලට ශක්තිය ලැබේවායි පතමි...!

    ReplyDelete
    Replies
    1. හිතේ කැතක් කහටක් නැතිව කරපු කමෙන්ට් එකටත් කෙන්ජිට තුතියි පුදන්න ඕනෙමයි. :-h

      මමත් හිතන්නේ පොර හෙමිහිට ෂෙඩ් එකක පෙට්‍රල් ගහනවා ඇති තමයි කියලා. පොර ලතින් අමෙරිකානු රටක වුනාට ඉංග්‍රීසිත් හොඳට ඉගෙන ගත්තනේ. :)

      Delete
    2. පෙට්‍රල් ගහපු එව්වො තමයි පස්සෙ රජ පොරවල් වෙන්නෙ.
      උගත් එකා හැමදාම මොකාද එකා වගේ තමයි ඉතිං :).

      Delete
    3. හ්ම්ම් කෙන්ජිත් දන්න දේවල්.. ජපානෙම ඉන්න එක හොඳයි..

      Delete
  11. දැන් ඉතිං හිටපන්කෝ කාලොස්ට වෙච්ච දේ? වෙහෙසකර කැපකිරීමක අතිසාර්ථක අවසානයක්, විශිෂ්ටයි ඩුඩ් . ,

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඉවාන්. :)

      ඒ වුනත් සාර්ථක වීමේ ප්‍රතිශතය 20%ක් තරම් අඩු ප්‍රමාණයක් නිසා මේක මාරාන්තිකයි.

      Delete
  12. අවසාන කොටසනම් , අතිශයෙන් රස වින්දෙමි . සමාන්තර කතා ටික ලස්සනට ගැටෙනවා .. තුන් දෙනාත් එක්කම ජුලි වල ලංකාවට යන්න , ටිකට් දෙකක් අරන් මේ ක්‍රමේ අත්හදා බලනවද කියලා බැලුවේ

    ReplyDelete
    Replies
    1. Adventure stories වලට දැන් අකමැතියි කිව්ව JP ගෙන් මෙහෙම එකක් අහන්න ලැබීම මා ලද භාග්‍යයකි.

      ඔන්න මට නම් දොස් කියන්න එපා වැඩේ වැරදුනොත්. :D

      Delete
  13. උ පරිස්සමට ගිහින්. එකනේ මෛල් එකක් තිබුනේ උගේන් අනික මොටර් රත පටිය තිබුනේ ගන්ජුවන් ගලවලා.
    ඔයා අපි වෙනුවන් කරපු කැප කිරිමට ඉස්ටුති.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අන්න හරි සංජීව. ඒකනේ මේල් එකක් එව්වේ. ඒ පණිවිඩය දෙන්න තමයි.

      බොහෝම ස්තුතියි සංජීව.

      ජයවේවා.

      Delete
    2. ඌඔ පන පිටින් ආවටත් වඩා මට සතු‍ටු සන්ජීව හිංහලෙන් කොටන එකටයි..

      Delete
  14. බ්ලොගර් කෙනෙක් වුනාම ලැබෙන ලිපි වලින් නම් අඩුවක් නෑ, නමුත් තුන්වන ලිපිය ඔහු වෙත කඩා පනින්නාක් මෙන් විය.

    අඩුපාඩුවක් නැතුම මේල් ලැබෙන බ්ලොගර් කෙනෙකුගෙ ඉන්බොක්ස් එකේ සති දෙකකට පස්සෙත් තුන්වෙනියට වගේ අලුත් ලිපියක් තිබීමෙන් පේන්නෙ කොල්ල ගොඩ ගිහිල්ල ව‍ගේ.
    දැං ‍ඉතිං මේක අත්හදා බලන්නනං එයාපෝට් එක ගාවින් බෝඩිමක් හොයාගෙන ඉන්න වෙනව ඉස්සෙල්ලම. :D

    නියමයි, ආයේ මේවගේ කතාවක් ලියයි කියල හිතනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න මලයා, මට උඹව තවම මුණ ගැහිලා කතා කරලා නොතිබුනාට උඹ ඉතා කල්පනාකාරී පොරක් නොහොත් පට්ට මීටරයක් බව නම් තේරිලා තියෙන්නේ. :)

      බොහොම ස්තුතියි බං.

      Delete
  15. හයියූ ......... මෙයා මේක සිංහලෙනුත් දාලානේ. මම කොයි ලෝකෙද මංදා හිටියෙ. පරණ ටික කියවලාම එන්නම් ආයිබොවන් කමෙන්ට් කොටන්න. :D

    ReplyDelete
    Replies
    1. DDT ය ‍මෙච්චරකල් ප්ලේන් එහෙක රෝද කුටීරෙ අස්සෙද හිටියෙ. :D

      Delete
    2. :D

      නෑ ප්‍රසන්න අයියා, පහුගිය සතියක් විතර තිස්සෙ බ්ලොග් පැත්තට පාරක් දෙපාරක් ඔළුව දාලා ගියා ඇරෙන්න වැඩිය කියවන්න එන්න බැරිවුනා. ඊයෙ පෙරයිදා තමයි නැවත බ්ලොග් ටිකක් කියවන්න වෙලාවක් ලැබුනෙ. ඒකත් මේ දුවන පෙරහරේ කියවන්නෙ. ඒකයි පොඩ්ඩක් මේක මඟ ඇරුනෙ. මඟ ඇරුණු පොස්ට් බරගානක් තියෙනව දැන්, දවසක් නිවාඩු අරන්ම කියවන්න තමා හිතන් ඉන්නෙ. :D

      Delete
    3. මේ දවස් වල උඹේ ජීවන රටාවේ යම් වෙනසක් තියෙන බව මටත් තේරිලා තියෙන්නේ DDT.

      ඒ කොයි හැටි වෙතත් උඹේ අදහස් දැනගැනීමේ පිපාසය නම් මම ඇතුලු අනිකුත් බ්ලොග් කරුවන් සමහරෙකුටත් තියෙනවා. ඉඩක් ලැබුනම කියවලා අදහසුත් දක්වපංකෝ.

      Delete
  16. කොල්ල බැහැල ගිහින් කාගෙත් ඇස් වහලා. අවසානය අපටම තියලා ඩූඩා ඇඟ බේරගත්තා. ඔන්න කුතුහලාත්මක කතා කලාවෙන් ගොඩ යන හැටි. අගෙයි අගෙයි.
    දැන් ඉතින් ඇරල පෙන්නපංකො කට්ටියට මේල් එකත්. හැක් හැක්..(දේශකයගෙන් ණයට ගත් හිනාව)

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ හැම දේම මමම නිකියා පාඨකයාගේ පරිකල්පනයටත් තිබ්බොත් හොඳයි කියලා.

      හෙහ් හෙහ් (රවියාගෙන් ණයට ගත් හිනාව) :))

      Delete
  17. ඉංග්‍රීසි කතාවත්, සිංහල පරිවර්තනයත්, දෙකම කියවන්න ලැබුණෙ මේ දැන් තමයි. සුපුරුදු පරිදි, ලිපි දෙකම විශිෂ්ටයි.
    ඉතින්,
    කුතුහලෙන් ගත කරපු කාලය අදින් අවසාන විය. :D

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි කතාවත්, සිංහල පරිවර්තනයත් ඩෙකම කියවන එක තමයි හරි දේ මානවිකා. මොකද ඔයා දකින්න ඇති සමහර දේ පරිවර්තනයෙදි අහිමි වෙන බව. උදාහරණයක් විදියට, glide slope, final approach, control column වගේ වචන පරිවර්තනය කරන්න ගියාම අසරණ වෙනවා. මම auto pilot වලට ස්වයංක්‍රීය නියමුව කියලා ලිව්වේ ඒක වෙන කොහෙවත් දැකලා තියෙන නිසා නෙවෙයි. නිකම්ම ඔලුවට ආපු නිසා.

      එහෙනම් ඔයා කුරුම්බා ගෙඩියත් බීලා, ලොඳත් කාලා, ටින් කරපු කුරුම්බත් බිව්වා. :))

      Delete
  18. Grand finale කියන්නෙ මෙන්න මේකට තමයි!!!:-f

    මම කැමතිම කොටස තමයි මේ!!! මුලින්ම මම හිතුවෙ මට කොහේ හරි අත ඇරිලද දන්නෙ නෑ කියල ආයෙමෙ ගිහින් කියෙව්වා.... :-o :)

    ප්ලේන් එක ලෑන්ඩ් කරන හැටි, ගුවන් නියමුවන්ගේ සහ සේවිකාවන්ගෙ විහිලු සහ කතා, අන්තිමේට නික්ට සීට් බෙල්ට් එක හම්බවෙන හැටි....මේ ඔක්කොම අති සාර්තකයි!!!! :-h

    කාර්ලොස් බේරුනා!!! කිව්වත් වගේ ඔක්කොම කියවද්දි අපි හැමෝම හිතුවෙ කාර්ලොස් ගැන තමයි!!! y-)

    නිදහසක් ලැබුනම ආයෙම ඔක්කොම කියවන්න ඕනේ... මේ ඒවියේශන් ගැන ලියපු පලවෙනි කතාව වෙන්න ඇති කියල මටත් හිතෙනව w-)

    ඩුඩ් ඔයා බ්ලොග් ලෝකෙ අලුත්ම පි‍ටුවක් පෙරලුවා! අපේ සුබ පැතුම්! අපිට හරිම ආඩම්බරයි! :-f g-)

    ReplyDelete
    Replies
    1. ඔයාගේ අගය කිර්මට මමට් එකගයි..ඔයාගේ කොමෙන්ටුවට මෙන්න මගෙන් ඔයට මල් මිටක්

      Delete
    2. Hiruuz Theories නිතරම මට කරදර කරලා, කෝ මේ කතාවට මොකද වුනේ කියලා හොයලා බලලා, HeyDude බ්ලොග් එකට කාලෙකින් මොකවත් ලියලා නෑ කිය කියා මතක් කර කර මාව දිරිමත් නොකලා නම් මේ Grand finale එකට එන්න තව කල් යනවා. :-h

      ඒ ජයග්‍රහණයේ කොටස් කාරියක් ඔයාත්. :-f

      Delete
  19. ඩුඩ් අයියේ කියන්න වචන නැහැ බන්:D

    මේක ලෙසටම තියෙනවා.g-)

    කාලෝස්ගේ මේල් එකේ මොනා තිබුනත් කමක් නැහැ.උගේ උත්සාහය හරි ගියානේ.:-h

    උඹට දෙන්න ඕන බන් සම්මනයක්.....ම්ම් මොකක්ද දෙන්නේ.:-?
    ලංකාවේ සාහිත්‍ය සම්මාන දෙන්නේ පොත් නොලියන අයටනේ.එක නිසා මගේ ගානේ මම දෙනවා මල් මිටක්.මේ කරපු කැපකිරීමට.:-f:-f:-f
    දැන් අපිට තවත් එකක් ඕනි.:P

    ReplyDelete
    Replies
    1. ඔයාගේ අගය කිර්මට මමට් එකගයි..ඔයාගේ කොමෙන්ටුවට මෙන්න මගෙන් ඔයට මල් මිටක්

      Delete
    2. >>කාලෝස්ගේ මේල් එකේ මොනා තිබුනත් කමක් නැහැ.<<
      අන්න හරි බං, අන්න හරි. අපිට වැඩක්යැ කාගෙවත් ගෙවත් පෞද්ගලික ලියුම් බලන්න. ඌ බේරුනා නම් එච්චරයි, නැද්ද?

      බොහොම ස්තුතියි මනෝජ් ඒ ඇගයුමට. :-h

      ඔව් ආයේ තව එකක් ලියන්න හිතන්න ඕනෙ. :)

      Delete
  20. හ්ම්! එහෙනම් කාලෝස් ගොඩ ගියා.

    අවසානය කොහොම වෙයිද කියලා දොලෝ රත්වෙලා බැලුවේ. කාලෝස් ට වෙන දේ ගැන හිතලා නෙමෙයි. උඔ කොහොම මේ ගමන යථාර්ථවත් විදිහට අවසන් කරයිද කියලා හිතා ගන්න බැරුව. මට හිතෙන හැටියට උඔ නියමෙට වැඩේ කලා. අන්තිමේ අර සීට් බෙල්ට් එක පැද්දි පැද්දි තියෙන විදිහ මැවිලා පෙනුනා. ඒක හරියටම ත්‍රාසජනක ඉංග්‍රිසි චිත්‍රපටියක අවසාන දර්ශණය වගේ හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරලා.......

    කොහොම වුනත් ඒ බෙල්ට් එක දැක්ක හැටියේ ඔය විදිහට රටින් පනින්න ඉන්න එවුන්ට කාලෝස් වීරයෙක් වෙන එක නම් නවත්තන්න බැරි වෙනවා.

    ස්තුතියි! වෙනස් විදිහේ කතාවක් කිව්වට!

    ReplyDelete
    Replies
    1. ඔව් බං, අපරාදෙන ඌට මැරෙන්න දෙන්නේ. එහෙම කලා නම් උඹලා හුඟ දෙනෙක් මගෙ ඔලුව කයි කියලා මට හිතුනා.

      එහෙම වුනානම් ඇත්තටම උඹ මොකක් කියාවිද, බුද්ධියා?

      බොහොම ස්තුතියි බං, ඇගයීමට. :-h

      Delete
    2. එහෙම වුනානම් ඇත්තටම උඹ මොකක් කියාවිද, බුද්ධියා?//

      මම මොකවත් කියන්නේ නෑ. බෝම්බයක් ඇටෑච් කරලා ඊ මේල් එකක් එවනවා මිසක්. මෙගා නාට්ටි වලත් ඔය කරන්නේ - කරන්න ම දෙයක් නැතුව ගිය තැන චරිතේ මරලා දානවා. ඒක හරිම සිම්පල් වැඩැක් නේ.

      මීට කලින් දවසක බිට්ල් බෙයිලි තවත් එක සුපිරි ගණයේ කතාවක් ලියලා තිබුනා “සඳ ගමනේ අභිරහස“ ඒ කතාවේ කියවුනේ නීල් ආම්ට්‍රෝං කාටවත් නොකියපු රහසක් ගැන. අපි හැමෝම බලාගෙන හිටියේ අන්තිමේ නීල්ගේ යාලුවා ස්ක්වයිරස් මේ රහස එලි කර ගනීවි කියලා. ඒත් මේ සුපිරි කතාවේ වීරයා හදිස්සියේ මිය ගිහිල්ලයි කතාව අවසාන වෙන්නේ. එතන ලොකු අඩුවක් වුනා කියලා මට දැනුනා. අන්තිමේ මමයි සෙන්නයි (තව අය එකතු වුනා ද නැද්ද කියලා දැන් මතක නෑ) එක්කහු වෙලා කතාව තවත් පියවරක් ඉදිරියට ගෙනිහින් අවසාන කලා. අපි එහෙම කලේ බීටල්ගේ ඒ අද්විතීය කතාව මරණයක් හන්දා දියාරු වෙනවට අකමැති හන්දා.

      දැන් උඔට තේරෙනවා නේ මෙච්චර හෑල්ලක් මම කිව්වේ මොකද කියලා?

      කියවන්න “සඳ ගමනේ අභිරහස“ නීල් ආම්ස්ට්‍රෝන් නොකී කතාව

      Delete
    3. අවංකවම කියනවනම් මටත් ඔය සීට් බෙල්ට් එක පැද්දි පැද්දි තියෙනවා මැවිලා පෙනුනා.

      Delete
    4. Uwiniran, මට උඹේ ප්‍රොෆයිල් පිචර් එක දැක්ක ගමන් පේන්නේ ඔය යූ අකුර ජුකී මැෂික්මක් වාගේ. ඒ කියන්නේ උඹ මහන මැෂිමක මහනවා වගේ. හෙහ් හෙහ්.

      Delete
  21. ඒ කියන්නේ කාලෝස් අනතුරක් නැතිව ගොඩබැහැලා තියෙනවා කියන එක තමයි නේද ?,

    මේ කථාවනම් ලියලා තියෙන විදිය සුපිරි .. මම හරි ආසාවෙන් කියෙව්ව කථාවක් ,

    ReplyDelete
    Replies
    1. ඔව්, බුවා අනූනවයයි තුන් කාලෙන් බේරිලා වගේ.
      ස්තුතියි චමී ඇගයීමට. :)

      Delete
  22. රසවත් කතාවක්. මම කොටස් 3 නම කියෙව්වා.පරිවර්තනය නියමෙට කරලා තියෙනවා. හරියට "බද්දේගම" වාගේ.ඉදිරියටත් මෙවැනි කටයුතු කිරීමට ශක්තිය,සහ ධෛර්ය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. wmk ව සාදරෙයෙන් පිළිගන්නවා මගේ ඩෙනිමට.
      අපි දෙන්නා මීට කලින් මුණ ගැහුනේ ඉන්දිකගෙ බ්ලොග් එකේදි. මතකද ?


      මේක රචකයා විසින්ම කරපු පරිවර්තනයක් wmk.

      බොහොම ස්තුතියි දිරිගැන්වීමට.

      Delete
  23. ඉංග්‍රීසි ලිපිය කියවපු නිසා මවිතයක් නොවුනත්, මේක විශිෂ්ඨ කතාවක් ඩූඩ්. මෙහි අවසානය පාඨකයාට හිතන්න යමක් ඉතිරි කිරීමත් වටිනවා. ඉදිරියටත් මෙවනි කතා ගොඩක් අපි බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්, සුදීක මුල් ලිපිය කියවපු නිසා කුතුහලය නම් ලැබෙන්නේ නෑ. නමුත් පරිවර්තනය කරන්න ගිහින් කාපු කට්ට නම් හොඳාකාරව දකින්න ඇති සංසන්දනය කරන කොට, නේද?

      බොහෝම ස්තුතියි සුදීක, භාෂා දෙකෙන්ම කියවලා, ප්‍රතිචාරත් දැම්මට.

      Delete
  24. කුතුහලයෙන් පිරි අවසානය ඉතාමත්ම සිත්ගත්තා.... ඩූඩ්.
    {මට ඔන්න එක ... එක.... අයුරේ සතුටින් පිරි.... අවසානයන්, සිතේ මැවෙන්න ගත්තා...:)}

    ඒ එක්කම, මම හිතනවා .... කාලෝස්ගේ මේල් එකේ තියෙන්නට ඇත්තේ... හෙන්රිබ්ලොග්වෝකර් දුන් සියලුම උපදේශාත්මක (ප්‍රායෝගික) තොරතුරුවලට පිංසිද්ද වන්නට තම ජීවිතය බේරා ගත්ත බවත්... බ්ලොග්වෝකර් කීවා වගේ; “රෝද එලියට එන්න අර දොර ඇරුන විගස මුහුදට වැටුන අයගේ මිනියවත් හොයාගත්තේ නැතිවුන්ගේ ගානකීයද කියලා කවුරුවත් නොදන්නවා” විතරක් නොවේ.... මූදට වැටිලා ගොඩ පීනලා බේරිච්චි එවුන්ගේ ගාන කීයද කියලාවත් කවුරුවත් නොදන්නවා ඇති කියලා... වෙන්න ඇති ...:D

    සත්‍ය තොරතුරුත් වෙනත් තාක්ෂණික තොරතුරුත් සමග ඉතා රසවත්ව අප වෙත ඉදිරිපත් කල අගනා නිර්මාණය ඉතා විශිෂ්ටයි.... ඩූඩ්. ඒ සඳහා වැය කල ඔඹගේ වටිනා කාලයටත්, මහන්සියටත් ස්තූතියි!

    ඔඹ අතින් නිර්මාණයවූ මෙවන් නිර්මාණ, ඉදිරියේදී තව-තවත් කියවීමට ලැබේවා..... කීවා ඔන්න.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ගමේ හිතවතා. උඹලා දෙන්නා දැන් බැන බැන ඉන්න තැනට එන්න ඕනෙම රිස්ක් එකක් ගන්න මිනිස්සු ලෝකෙ කී ලක්ෂයක් ඇතියි කියලා උඹ හිතනවද? :))

      කතාව ඇත්ත. මුහුදට වැටිලා ගොඩට පානපු අර්ධ-කල්ල‍තෝනි කී දෙනෙක් ඇතිද කියලා කවුරුවත් දන්නේ නැතිව ඇති. පේනවද හිතා ගන්න ඉඩ ඇරියාම මොන තරම් ඔප්ෂන් එනවද කියලා හිතට.

      නැවතන් බොහොම ස්තුතියි. ගමේ හිතවතී මේ බ්ලොග කියවනවද?

      Delete
  25. 3 ත් කියෙව්වා. කාලෝස් ඊ-මේල් එකක් එව්වා කියන්නෙ එයා නිරුපද්‍රිතව ගොඩ බැස්සා කියන එකනෙ. මේ කොටස ටිකක් amusing නේද? මම ඉමොක්ශන්ස් දාන්න ට්‍රයි කලා. හරි ගියෙ නැ. කොහොමත් මම ඉතින් ටියුබ් ලයිට් නෙ.

    මට නම් ඊරිසියයි. (අනිත් බ්ලොගර්ස්ලගෙන් බැනුම් අහන්න වෙයිද දන්නෑ.)

    සුබ පතනවා ඔබේ නව ආරක ලිපියට. ඔබ ඉතින් කොහොමත් දක්ෂය නෙ?

    ReplyDelete
    Replies
    1. ඕව් ඊ මේල් එකෙන් කියවෙන්නේ ඒ දේ තමයි. Amusing වෙන්න ලිව්වේ, එකක් සියළු රස සමඟින්. අනික මේ ඒ ගුවන් යානයේම ඉදිරිපස ඉන්න අය හිනාවෙවී විහිළු කරද්දි, අපි ඒ විහිලු වලට හිනා වෙද්දි, අනේ අර අසරණයාට මොනවා උනාද දන්නෑ කියන හැඟීම යටි හිතේ ඇති කරවන්න.

      Emoticons ගැන නිල් මානෙල් අහපු හැම වතාවකම මම ඒක කරන හැටි ලිව්වා පිළිතුරු හැටියට. මම ආයෙම කිව්වොත්. පෝස්ට් එක ඉවර වෙන තැන තියෙන Show emoticons කියන ලින්ක් එක එබුවාම ට්‍රේ එකක පෙන්නනවා ඒ ඒ ඉමොටිකොන් එක ලඟින්ම මොනවද අවශය key stroke එක කියලා.

      ඔබ ජීවත් විය යුත්තේ අනිකාගේ ඉරිසියාවට ලක්වන අයුරින් මිස අනුකම්පාවට භාජනය වන අයුරින් නොවේ කියන හන්දා කමක් නෑ.

      බොහෝම ස්තුතියි නිල් මානෙල් අගැයීමට.

      Delete
    2. I'm pasting this reply here as I'm not sure you'll notice it in the previous post.

      මම දාලා තියෙන සිංහල වචන ගැන නම් වැඩි විශ්වාසයක් තියා ගන්න එපා නිල් මානෙල්. ලංකාවේ නොඉන්න මට ඔය පාරිභාෂික ශබ්ද හොයාගන්න ක්‍රමයක් නෑ. අර තියෙනවයි කියන සිංහල ශබ්දකෝෂ වල අපිට ඕනෙ දේවල් නෑ. ඉතින් මම හිතලා කණා පොල්ලෙන් ගහනවා. හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්.
      මේ මම හිතලා දාපු වචන.
      wheel well / wheel bay/ landing gear compartment රෝද කුටීරය
      auto pilot ස්වයංක්‍රීය නියමුව
      control column සුක්කානම (වෙන මොනවා කියන්නද? පාලන කුලුණ කියන්නයැ?)
      rudder pedals (සුක්කානම් පෙඩලයන් - මේකට නම් මම එච්චර ආසා නෑ, නමුත් මොනවා කරන්නද?)
      reverse thrust පසු තෙ‍රැපුම් බලය.
      elevator control (ආරෝහක පාලකය - මේකටත් මම කැමති නෑ)

      මේ වචන වලට ගැරන්ටි නෑ. එක්කො සිංහල වියත්තු මට පස් පඩංගුවේ බනී භාෂාව කනවා කියලා. නැතිනම් මට හිතෙන් පින් දිදී මේවා පාවිච්චි කරන්න ගනී. නැතිනම් මේ වචනම වෙන්නත් පුලුවන් මම නොදන්න පාරිභාෂික වචනත්.

      ගුවන් යානා, මෝටර් රථ මෝටර් සයිකල් ගැන මට නොසංසි‍ඳෙන උනන්දුවක් තියෙනවා. ඉතින් මේ කාර්මික දේවල් නම් බොහොමයක් මම කතාව ලියන්න කලිනුත් දැනගෙන හිටියා. ඒ මොකද මම ඒ දේවල් නිරීක්ෂනය කරන හිසා.

      කොච්චර උනන්දුද කිව්වොත්, මම ලස්සන කෙල්ලෙක් පාරේ හිටගෙන හිටියොත් බලනවා තමයි අනිත් උන් වගේම. නමුත් ඒ කෙල්ල හාලි ඩේවිඩ්සන් එකක් හරි ෆෙරාරි එකක් හරි උඩ හිටියොත් මම බලන්නෙ වාහනේ දිහා. කෙල්ල දිහා බලන්නේ පස්සෙ.

      ඇත්තෙන්ම කිව්වොත් මම වාහන පදවන්න ඉගෙනගත්තේ බලා ඉඳලා.

      Delete
    3. මට නම් ඒ වචන හරි. මොකද, meaning is conveyed භාශාවක් හැදෙන්නෙ සාමාන්‍ය ජනතාවගෙ ව්‍යවහාරයෙන් නෙ.ඉතින් ඔබේ වචන අනිත් අයත් පාවිච්චි කරන්න ගනී. :-f

      Delete
  26. දැන් කට්ටිය බෝට්ටුව අත ඇරල, මේ ක්‍රමේට ක්‍රිස්මස් අයිලන්ඩ් එකට යන්න හදයි ද දන්නෙ නෑ!! මේ smileys බලාගන්නෙ කොහොමද ඩුඩ්?

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ මුහුදු. සමහර උන් එපා කියන දේම තමයි කරන්න ආසා.

      ඉමොටිකොන් දාන හැටි ඔන්න උඩ කමෙන්ට් එකට මම දාපු රිප්ලයි එකේ තියෙනවා. :)

      Delete
  27. මේ කතාව ලස්සණට සිත් ඇදගන්නා ලෙස ලිවිමට සහ ඒ වෙනුවෙන් ඔයා මාස ගණනාවක් තිස්සේ වුන මහන්සියට හා කැපවිමට, මෙන්න අපි තුන්දෙනා ගේ සුභ පැතුම් :-h :-h :-h :-f :-f :-f !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි DeeJay. ඒ සඳහා දීපු සහයෝගයටත්, ඒතරම්ම ස්තුතියි.:-f :-h

      Delete
  28. තුන්වෙනි කොටස පටන් ගත්තත් හරි කාලෝස් ගැන හාන්කවිසියක්වත් නැතිවෙච්චි කොට මම හිතුව පොරට වින්නැහියක්වත් වෙලාද කියලා.

    //තරුණ මවක් උකුලේ හොවා ගත් බිළිඳාගේ ඩයපරය මාරු කරනු, යාබද අසුනේ සිටි ඇගේ සැමියා බලා සිටියේ ගෞරවය මුසු විශ්මයකිනි.// මට හිතෙන්නේ මේක ඩුඩ් අයියා සිරාවටම ඇස් දෙකෙන් දැකපු අත්දැකිමක සිද්ධියක් වගේ..?

    නියමයි ඩුඩ් අයියේ.. කාලෝස් මුලින් ඉදන් කරපු හපන්කම දිහා බලපුහාම අවසානේ මොකද වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන් වුනත් ඒක කෙලින් කියන්නනේ නැතුව පාඨකයාට හිතාගන්න ඉඩ තියපු එකට මම හරි කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඔව්, මම මේ කතාව ලියද්දි දන්න ශිල්ප ඔක්කොම වගේ දැම්මා. හැම වාක්‍යයක්ම වගේ කතාවට යමක් එකතු කරන ඒවා වෙන්නයි මට ඕනෙ වුනේ.

      අර ඩයපර් මාරු කරන වැඩේ ලඟදිම උඹටත් වේවා. දෙයියනේ මූට ඩයපර් මාරු කරන්න වේවා. :))

      අවසානය ගැන මම දහ අතේ කල්පනා කලා බං. එක එක විදිය ට්‍රයි කරලා මේකට සෙට්ල් වුනා.

      බොහෝම ස්තුතියි පැතුම්. :)

      Delete
  29. බෝල් පොයින්ට් පෑනක් ගෙන ඒමට අමතක වූවෝ, එසේ කිරීමට තරම් කල්පනාවක් තිබූ අයගෙන් පෑන ඉල්ලා ගැනීමේ බලාපොරොත්තුවෙන් කල් මැරූහ.
    mehema eun naethi thanak nae ne.niyama kathawa.end ekath hodai okkoma kelinma kiyanne naethiwa

    ReplyDelete
    Replies
    1. පෑනක් අතේ නැති උන් තමයි දමිත් වැඩි. ඒ මදිවට ණයට ගන්න පෑන ආපහු දෙන්නත් අමතක වෙනවා සමහරුන්ට. පෑන ගෙනාපු අවාසනාවන්තයා සමහර වෙලාවට පෝලිමේ ඉන්න ඕනෙ පෑන ආපහු ගන්න. ඒක ආපහු දෙන්නෙත් අනේ මූ වගේ කුණු ලෝබයෙක් මේ බෝල් පොයින්ට් පෑනකට මැරෙන්න හදන්නේ කියන්නා වගේ බැල්මක් දාලා තමයි දෙන්නෙ. ඉතින් හුඟක් වෙලාවට පෑන අමතක් කරලා දාලා ඊගාවා තැනදි තමනුත් පෑන් හිඟාකන උන්ගේ ගොඩට එකතු වෙනවා.

      Delete
  30. අද වෙනසකටත් එක්ක සිංහල කෑල්ල ඉස්සෙල්ල කියෙව්වා... මුල් ටික කියවනකොට නම් ඩූඩ් එක්ක හොඳටම මළ පැන්නත් එක්ක. අපි ඔක්කෝම අර රෝද කුටීරයෙ සිහියන් නැතිව ඉන්න කාලෝස්ට වෙන දේ බලං ඉන්න අතරේ ඩූඩ් අර කොහේවත් ඉන්න කෝපි බොන කැප්ටන් ගැනයි, බිස්නස් ක්ලාස් එකේ එවුන් ගැනයි, සහය නියමුවා ගුවන්සේවිකාවට බැල්ම දාන එක ගැනයි විකාර කියවනවා.
    ලිපිය අන්තිමට ආවම ඒකත් හරියටම කියල නෑ. පාඨකයට අවසානය හිතාගන්න ඉඩතියෙන විදිය නිම කරපු හොඳ ලියවිල්ලක් තමා. හැබැයි ඉතින් ඩූඩ්ට ඊමේල් එවන්න(අහ් වැරදුනා! බ්ලොග්වෝකර්ට ඊමේල් එවන්න) නම් ඌ පණපිටින් ඉන්න එපායැ. ඒ කියන්නේ මිනිහා බේරුණා කියන එක තමා නෙහ්!!!!

    ReplyDelete
    Replies
    1. හරි, කොහොම හරි මම හිතෙන් බැණුම් අහලා හරි වැඩේ ගොඩ දා ගත්තනේ, නැද්ද?
      බොහොම ස්තුතියි, තොටියා. දැන් ආපහු අර දීර්ඝ නින්දට නොගිහින් අර බ්ලොග් එකේ මොනව හරි ලියමුකෝ. ඔය පැත්තේ ලියන්න දෙයක් සිද්ද වෙන්නෙම නැද්ද?
      :)

      Delete
    2. සිද්ධවෙන දේවල් වැඩි හින්දම බ්ලොග් මැෂිම ස්ටක් වෙලා තියෙන්නේ :D

      Delete
  31. Before I read the last part of...... මේකෙ අන්තිම කොටස කියවන්න කලින් මම කලේ කලින් කොටස් දෙක කියවලා එන එක... මට ලාවට තිබ්බ මෙහෙම හැඟීමක්... බ්ලොග්වෝකර් ගෙ ඊමේල් එකෙන් කාලෝස් ව අධෛර්යමත් කරනවට වඩා කරන්නේ, ඌව හොඳට සූදානම් කරනවන එක කියලා. සමහර විට බ්ලොග්වෝකර් මේ විස්තර ඔක්කොම කියන්නේ, මූ මම කියන දේ නාහ මේක කලොත් අඩුම ගානේ මේ විස්තර ටික හරි ඌට ප්‍රයෝජනවත් වෙයි කියන අදහසින් වගේ කිව්වොත් හරි නේද? මුලින්ම කියවද්දි බ්ලොග්වෝකර් ගෙ ඊමේල් එක උඹ පාවිච්චි කරලා තියෙන්නේ මේ සම්බන්ධ ෆැක්ට්ස් පාඨකයාට දෙන්න, නමුත් ඒක ටිකක් ඕවර් යනවා වගේ හිතුණා... නමුත් දෙවෙනි පාරට කියවද්දි හිතුණ දේ තමයි කලින් කිව්වේ. .....when I read it for the second time.

    After that, my biggest concern was.... ඊට පස්සෙ මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි, මේකෙ අවසානය. උඹට කාලෝස්ව මරන්න තියන හැකියාව ගොඩාක් අඩුයි. ඒ නිසා මූ අනිවාර්යයෙන් බේරෙන්න ඕනේ. ඒත් ඒ අනිවාර්යය, උඹ අපිට බෝරිං නොවී කියන්නෙ කොහොමද කියලා මම බලාගෙන හිටියේ. අන්තිම කොටස පටන් ගන්න, කැබින් එක අතුලේ විස්තර කියවද්දි මම බැළුවා මොකාටද එන්න යන්නේ කියලා. අවසානයත් එක්ක තේරුණා උඹ නියමෙටම වැඩේ කරලා කියලා. .....that you have done a great job.

    I give you 10 out 10 for.... උඹේ ඇටේන්ශන් ටු ඩීටේල් වලට දහයෙන් දහයක්ම දෙනවා. සිරාවටම ඒ පොඩි පොඩි විස්තර පවා එකතු වුනාම කතාවේ විශ්වාසනීයත්වය උපරිම වෙනවා. අනිත් සිත්ගත්ම දේ තමා, අවසානය... ඇත්තටම ඔයිට වඩා කාලෝස් මොකද කලේ කියලා ලියන්න ගියා නම්, ක්ලයිමැක්ස් එකක් නැති වෙනවා. මොකද උඹ අර ඊමේල් එකේ තැනින් තැන ගොඩබානකොට සිද්ධවෙන දේවලුත් ලියලා තියන නිසා, ඒවා හිතාගන්න අමාරු නැහැ. නමුත් මේ වගේ ඇඩ්වෙන්චර් කතා වලට සුදුසු විදිහට උඹ පොසිටිව් අවසානයක් ඉඟි කරලා තියනවා ඊමේල් එක හරහා. මචං මේ කතාවේ තිර රචනාවක ලක්ෂණ සෑහෙන තියනවා. විශේෂයෙන්ම අවසාන කොටසේ. උඹ වැඩියෙන්ම මහන්සි වෙලා ලියපු පෝස්ට් ටිකනේ.. උඹේ මහන්සියේ ප්‍රතිඵල තියනවා. උඹේ අපූරු උත්සාහයට මගේ ආචාරය පිළිගනිං. ......for your excellent effort.

    ReplyDelete
    Replies
    1. මෙන්න මූට වෙච්ච වැඩේ!

      Delete
    2. This is one of the best and most creative comments I've...මේ මට ලැබුණු ප්‍රතිචාර වලින් හොඳම සහ වඩාත්ම නිර්මාණාත්මක ප්‍රතිචාරයක්. උඹ, මම අදහස් කරපු දේ විනිවිද දැකලා. ඒ ගැන ආයෙ කියන්න දෙයක් මට ඉතිරි වෙලා නෑ. Attention to detail ගැන විතරක් කිව්වොත්, තිසර, අර මම කලින් ප්‍රතිචාරයක කිව්වත් වගේ බොරුවක් වුනත් පණ පිහිටවලා කියන්න පුලුවන්, කෙනෙකුට චෙක් කරලා බලන්න පුලුවන් ඇත්තත් එක්ක කවලම් කලාම. එතකොට තමයි අර විශ්වාසනීය භාවය convincing ඇතිවෙන්නේ. උදාහරණයක් හැටියට ලෑන්ඩිං ගියර් එක බානකොට උඹට මතක ඇති ප්ලේන් එක ඇතුලට ඇහෙනවා දැනෙනවා මෝටර් හම් එකයි, දඩස් ගාලා පාත් වෙලා ලොක් වෙන කම්පනයයි. රන් වේ එකක් දිගේ දුවනකොට වීල්බේ එක ඇතුලේ නැතිව කැබින් එක ඇතුලේ හිටියත් දැනෙනවා දඩ බඩ ගාලා ගැස්සෙන හැටි, අර රන්වේ එක ඈත් වෙලා සීනරි එක zoom out වෙන එක ඔය එයාබස් එකෙත් තියෙන ඩවුන් කැමරා එක දාන් හිටියොත් පේනවා. එතකොට ඇත්තෙන්ම ජෙට් එන්ජිමක සද්දෙ විස්ල් එකක්, අහස ගෙරවීමක්, හූවක් ඔක්කොමගේම එකතුවක් කියලා උඹට හිතිලා නැද්ද? ඉතින් මම ඒ සංවේදනාමයි පාවිච්චි කලේ විශ්වාසනීයත්වය වැඩි කරන්න.

      බොහෝම ස්තුතියි මචං මේ වටිනා කමෙන්ට් එකට...for this valuable comment.

      Delete
  32. පට්ට ම ලයික්. මෙන්න මේ වගේ අවසානයකට මාත් කැමතියි. නැත්තං සියගෙ කතන්දර වගේ වෙනව. මේ ආකෘතිය හොඳයි.

    ඈ බං හෙන්රි, මම උඹට කි‍ව්වෙ චිත්‍රයක් ඕන කියල, කවුද මේ කලු ඩයල් එක?

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි රාජ්. ඔව් නැතිනම් ඔන්න එකමත් එක රටක කියලා පටන් අරන් අන්තිමේදි හැමෝම සතුටින් ජීවත් වුනා කියලා ඉවර කරන්න වෙනවනේ නේද?

      රාජ් මලයා, අනේ බං මම චිත්‍ර ඇඳලා දාන්න හිටියා නම් මේකෙ කරන්න හම්බවෙන්නෙඔ නෑ. කාලය පිළිබඳ අර්බුදයක් තියෙනවා මදිවට දැන් චිත්‍ර අඳින්නේ අතින්, අර ග්‍රැ‍ෆික්ස් ටබ්ලට් එකේ පෑන අප්සෙට් ගිහින්. හැබැයි මම හිතුනොත් පස්සෙ ඒ ටික ඇඳලා දානවා.

      උඹ ඔය කියන්නේ අන්තිමට ඉන්න කලු, නළුවා වගේ ඩයල් එක ගැනද? ඒ කවුද දන්නේ නෑ බං. ගූගල් එකෙන් හොයා ගත්තේ handsome sexy guy කියලා සර්ච් කරලා. උඩින්ම ආපු ෆෝටෝ එක ගත්තා. හැබැයි කවුරු වුනත්, පට්ට හැන්ඩියා නේද?

      Delete
    2. බොහෝම ස්තුතියි රාජ්. ඔව් නැතිනම් ඔන්න එකමත් එක රටක කියලා පටන් අරන් අන්තිමේදි හැමෝම සතුටින් ජීවත් වුනා කියලා ඉවර කරන්න වෙනවනේ නේද?

      රාජ් මලයා, අනේ බං මම චිත්‍ර ඇඳලා දාන්න හිටියා නම් මේකෙ කරන්න හම්බවෙන්නෙඔ නෑ. කාලය පිළිබඳ අර්බුදයක් තියෙනවා මදිවට දැන් චිත්‍ර අඳින්නේ අතින්, අර ග්‍රැ‍ෆික්ස් ටබ්ලට් එකේ පෑන අප්සෙට් ගිහින්. හැබැයි මම හිතුනොත් පස්සෙ ඒ ටික ඇඳලා දානවා.

      උඹ ඔය කියන්නේ අන්තිමට ඉන්න කලු, නළුවා වගේ ඩයල් එක ගැනද? ඒ කවුද දන්නේ නෑ බං. ගූගල් එකෙන් හොයා ගත්තේ handsome sexy guy කියලා සර්ච් කරලා. උඩින්ම ආපු ෆෝටෝ එක ගත්තා. හැබැයි කවුරු වුනත්, පට්ට හැන්ඩියා නේද?

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  33. අප්පා.... කොටස් 3නක් තියනවෝ කියවන්න. ඒ ටික කියෝලම එන්නම්......

    ReplyDelete
    Replies
    1. හම්මේ.... එක හුස්මට කොටස් තුනම කියෙව්වා.... නියමයි ඈ.... මං රෝදේ අස්සේ හැංගිලා ගියා වගෙයි දැනුනේ....

      දැන් මේ කාලෝස් බේරුනා නේද.....

      Delete
    2. ගිහිල්ලා එන්න. ගිහිල්ලා එන්න. සුබ ගමන්. හැබැයි සීට් බෙල්ට් එක දාගෙන ඉන්න.

      Delete
    3. ඔව් නේද? නැතිනම් ඊ මේල් එකක් එවයිද නේ? බොහොම ස්තුතියි සමණළී.

      Delete
  34. පරක්කු උනා ඩූඩ් එන්ඩ.... අද තමයි කොටස් තුනම කියෙව්වේ හරියටම. කියන්ඩ ආපු දේවල් කස්ටිය කියල ගිහින් නේ.. අපේ බාසාවෙන් ගිනි ගින්දර creation එකක් කියල යන්නම්...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඉමල්ක. මේ දවස්වල අපේ කට්ටියම හෙන බිසි තමයි. :)

      Delete
  35. අවසානය මොන වගේ වෙයි ද කියලා හිත හිත හිටියේ.. කාලෝස් අතක් පයක් කඩා ගන්නෙ නැතුව බේරිලා යන්න ඇති කියලා හිතලා හිත හදා ගත්තා.

    උඹේ පෝස්ට්වලින් හොඳම එක මේක වෙන්න ඕනෑ මචං ..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතිය් මචං. මම වැඩියෙන්ම මහන්සි වෙච්ච පෝස්ට් එකත් මේකයි.

      Delete
  36. හෙන්රි අයියා හුඟක්ම මහන්දි වෙල ලියපු එකම තමයි මමත් හුඟක්ම මහන්සිවෙල කියවපු එක. :D

    අද තමා කොටස් තුනම කියවන්න ලැබුනෙ. වෙන වෙනම කොටස් කියවල අනිත් කොටස එනකන් සද්දෙ දදා කමෙන්ට් කරපු යාළුවො ටික දකිද්දි හිතුනෙ ඔක්කොම එකපාර කියවන මම වාසනාවන්තයි කියල ඕං. අපායට යතත් ඉස්සෙල්ල පලයං කියපු එකා මෝඩයෙක් වෙන්ට ඕන.

    මේක ටිකක් අපේ සෙන්න ලියන ජාතියෙ කතාවක් කියල මට හිතුනා. ඒත් ඩූඩ්ගෙ මුල් උත්සාහයේදිම ඔයා ඒ අභියෝගය අපූරුවට ජයගෙන තියෙන බව නම් ලෝභ නැතිව කියන්න පුළුවන්.

    ඉතිං, කතාව පුරාවටම කමෙන්ට්ස් දෙතුන් සීයකම ඒ ගැන අදහස් විචාර පළවෙල තියෙන නිසාම ආයෙ අමුතුවෙන් ඒගැන කියන්න දේකුත් නෑ වගේ. ඔය ෆිල්ම්ස්වල පෙන්නන ඒව හැමවිටම හැබෑ ජීවිතේදි වෙන්නෙ නැති නිසා මම නම් මීට කලින් මෙහෙම දෙයක් හිතල තිබුනෙම නෑ, ඔය බෝට්ටුවකින් රටපනින කතා ඇරෙන්න. අපිට හීනෙන්වත් හිතෙන්නෙ නැති ඒව අත්හදාබලන අයත් ලෝකෙ ඉන්නව එහෙනම්.

    හරි එහෙනම් දැන් හුඟ දවසකින් ඩූඩ්ගෙ ලස්සන චිත්‍රයක් දැක්කෙ නෑ. මම දැක්ක රාජ්ට කියල තිබුන මේකටත් කටු සටහන් ඇන්දට ඒව සම්පූර්ණ කළේ නෑ කියල. මේ දවස්වල වැඩි සද්දයක් නැත්තෙ ලොකු වැඩක් කරනවා වෙන්න ඕන. එහෙනම් ඉක්මනටම ආයෙ අලුත් කතාවකින් හමුවෙමු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බං DDT. ඔන්න දවස් පහකට කලින් ගෙදරින් එළියට බැහැපු මම අද පාන්දර තමයි ගෙදර ආවේ. අර පැය 13 බෝට්‍ටු ගමන් දෙකක් ඒ අතට මේ අතට ගියානේ. බ්ලොග් කියෙව්වට රිප්ලයි කරන්න තරම් හැකියාවක් තිබ්බේ නෑ. ඉතින් කොහෙද චිත්‍ර අඳින්නේ.

      Delete
  37. පහුවෙලා ආවට සමා වෙයං.. බ්ලොග් නො එන්න තරමට දේවල් තිබුණා. හිත බොහොම සසල වෙලා තිබ්බ කාලෙකට පස්සෙ එබෙනකොට කවුරුත් මං ගැන හොයල තිබ්බෙ නෑ කියල මට බොහොම හිතට අමාරු උනාට ඒකට පිටිපස්සෙන් තිබ්බෙ වෙනත් දෙයක් ඩූඩ්.. මම හැමදේම බෙදාගන්න මගෙ බිරිඳටවත් බෙදල දෙන්න බැරි...

    ReplyDelete
    Replies
    1. ආව එක මදෑ මචං.

      මොකක් හරි අවුලක් හිතේ තියෙන බව නම් මටත් තේරුණා. ඒත් ඉතින් කොහොමද අහන්නේ කියලා කල්පනා කරලා නිකම් හිටියා.

      Delete
  38. පමා වුනාට සමාව භජනය කරන්න...

    කතාව නම් ආයෙ කියන්න දෙයක් නෑ.. ඉතාම රසවත්. කතාව අස්සෙන් අර තාක්ෂණික තොරතුරු ටිකකුත් බෙදා හද දෙන එකත් අගේට කරනව ඩූඩ් අයියා. අනික තමයි මේකෙ අවසානය ලියල තියන විදිහ. කෙලින්ම කියල දානවට වඩා මේ විදිහට ව්‍යංගයෙන් කියන කොට හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණයක් නෑ චන්දන. පහුගිය කාලේ උඹට වැඩ අධික කාලයක් කොහොමත් නේද?

      හොහොම ස්තුතියි චන්දන.

      Delete
  39. මම හිතන්නෙ ඩුඩ් මේක සෑහෙන සාර්ථක නිර්මානයක් (සති තුනකට පස්සේ අද තමයි බ්ලොග් කියවන්න ආවේ )

    ReplyDelete
  40. http://www.gossiplankahotnews.com/2014/04/teen-survives-after-flying-to-hawaii-in.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+gossiplankahotnews%2FvPcK+%28++++++++++++++++Gossip+Lanka+Hot+News%29

    ඔබ සිහිවේ ..........!!!!!!!!!!!

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>