එදා, අපේ දියණිය රැගත් ගුවන් යානය පැමිණෙන තෙක් මම ගුවන් තොටුපලේ ලතවෙමින් සිටියා.
කවුරුන් හෝ විසින් ගුවන් තොටුපොළ ජෙටියේ අතැර දමා ගොස් තිබුණු මේ ගමන් මලු ගෙනයන ට්‍රොලිය අහම්බෙන් මගේ ඇස ගැටුනු මොහොතේ, මගේ හදට නිතැතින්ම නැගුනේ ඉවසිය නොහැකි පාළු හැඟීමක් සහ විස්තර කල නොහැකි දුකක්. මා අත තිබූ කැමරාව නොකඩවා ක්‍රියාත්මක වෙත්දී, මගේ දෑස බොඳ වූ බවත්, උගුරේ යමක් සිරවී ඇති ලෙසත් මට දැනුනා. සමහර විට මට පිස්සු වෙන්නැති. මොකක්දෝ හේතුවකට මේ ට්‍රොලිය මට සිහි කලේ කාගෙ හෝ තාත්තෙක්ව...
DAD
With
you my son,
This is
as far as I can come,
Shouldering
your burden for you.
Unlike
me, my son,
Who's
at the end of the line,
Whole
new world's waiting for you.
For you
my son,
The
limit is the sky,
Like a
bird soaring high, with a twinkle in yer eye.
For you
my son,
I'll be
hanging around,
Praying
for the day, our paths will cross again.
මා පබැඳූ මේ පද පෙළ, අද දහසය වැනි උපන් දිනය සමරණ අපේ පුත් හිරූෂට පිළිගන්වනවා.
මා පබැඳූ මේ පද පෙළ, අද දහසය වැනි උපන් දිනය සමරණ අපේ පුත් හිරූෂට පිළිගන්වනවා.