Friday, July 19, 2013

84. ඉංගිරිස් ඉන්ටර්විව්



ඔන්න එකෝමත් එක කාලෙක, හෙන්රිබ්ලොග්වෝකර් අධි සුඛෝපබෝගී ජර්මන්  කාර් වර්ගයක් ගෙන්වන සමාගමක මෝටර් ඉන්ජිනේරු විද්‍යා ආධුනිකයෙක් හැටියට හිටියා. ඕකෙ හිටියා රංග කියලා, අර කටින් වෙට්‍ටු දම දම කතා කරන, කටින් ගහලා ඕනෙ වැඩක් කරගන්න පුලුවන් ඩයල් එකක්. ඒ නිසාම මූට හිටියා සැලකිය යුතු ෆෑන් බේස් එකකුත්. මමත් මුගෙ කට දිහා බලාගෙන ඉන්න හරි ආසයි ඒ දවස් වල. මූත් අපි වගෙම ඇපෙක් වුනාට නිතරම හිටියෙ එන්ජිමක් එල්ලගත්ත ෆෝක්ලිෆ්ට් එකක් කරකවමින්.

ඒ දවස් වල අපි ඔක්කොටම තිබ්බා රථගායට අමතරව රට යන පිස්සුවක්. බ්ලොග්වෝකරුත් ජර්මනියෙ මව් සමාගමට යන්න හිතාගෙන ජර්මනුත් ඉගෙන ගත්තා ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයෙන්. සමහරු ජපන් භාෂාව ඉගෙන ගත්තා.

ඉතිං නිතරම අපේ උන් යනව විදේශිකයෝ පවත්වන සම්මුඛ පරීක්ෂන වලට. ඉතිං අපේ රංග බුවත් ගියා ඔයින් එකකට. ආ... මට කියන්න බැරි වුනානෙ. මුගෙ කඩුව නම් සෑහෙන මළකඩ. නමුත් අර කතාවට කියනවා වගෙ, රේඩියේටර් මූඩියෙන් ඇතුලට ගිහින් සයිලන්සර් බටෙන් එන්න දන්න පොර අර ඔබා අයියා වගෙ. (හැබැයි ඇත්තටම ඔහොම එන්න නම් ගෑස්කට් ගිහින් තියෙන්න ඕනෙ. අනික ගියර් බොක්ස්, ඩිෆරෙන්ෂල් ඔක්කොම මග ඇරෙනව. හික්ස්)

සම්මුඛ පරී
ක්ෂණය ඉංග්‍රීසියෙන්. ඉතින් රංගයත් ගියා පොර වගේ.

මෙන්න අහපු පලවෙනි ප්‍රශ්නේ.

Can you explain the procedure of fitting the fuel injector pump to the engine?
(එංජිමකට ඉන්ජෙක්ටර් පොම්පය සවිකරන ආකාරය පැහැදිලි කරන්න.)
රංගයා දඩස් ගාලා නැගිට්ටා. මොකද මේව ඉඳගෙන කරන්න පුලුවන් වැඩ නෙවෙයිනෙ.


"Simple thing" රංගයා කියනවා.


"First cylinder overlap." (දැන් ඇඟිලි දෙකකින් ඕවලැප් වෙන හැටිත් පෙන්නනවා)


"Mark to Mark" (අත් දෙකේම දබ‍රැඟිලි දෙපැත්තෙ ඉඳලා ඇවිත් පපුව ඉස්සරහදි එකට  මුන ගැහෙනවා)


"DIGGS...!" අත් දෙකම දකුණු පැත්තෙ ඉන ප්‍රදේශයෙ ඉඳල වේගයෙන් පැද්දිලා ඇවිත් මැශින් තුවක්කුවක් අල්ලනව වගෙ නතර වෙනවා.





විදේශිකයො ටික පෑන් කටේ ගහගෙන  ටිකක් වෙලා මූ දිහා පුදුමයෙන් බලා ඉඳලා, ඊට පස්සෙ එකිනෙකාගෙ මූණවල් දිහා තවත් ටිකක් බලන් ඉඳලා, ඊටත් පස්සෙ ඔලු ඉහලට පහලට වනලා,  කට පුරා හිනාවෙලා ඇහුව ඊලඟ ප්‍රශ්නෙ.


How do you know from the outside when the cylinder head gasket is blown ?
(ගෑස්කට් ගියාම අපි කොහොමද පිටින් දැනගන්න)

"Simple Thing" (මේක දැන් පුරුද්දකට ගිහින් වගෙ)


"Oil mixture water." (අත් දෙකේම ඇඟිලි එකට පටලවමින්.)
 

"Radiator cap open" (මූඩියක් ගලවනබව පෙන්වමින්)

"Whoosh.. Ooarrk...!" (වමනය දමන බව පෙන්වමින්)
(ගෑස්කට් ගිය වාහන වල රේඩියේටර් එකේ වමනෙ දාල වගෙ තියෙනවා.)



විදෙශිකයො ටික තව පාරක් පෑන් කටේ ගහගෙන  ටිකක් වෙලා මූ දිහා බලා ඉඳලා, ඊට පස්සෙ එකිනෙකාගෙ මූණවල් දිහා තවත් ටිකක් බලන් ඉඳලා, ඊටත් පස්සෙ ඔලු ඉහලට පහලට වනලා, කට පුරා හිනාවෙලා "Very good. Verry Verry goood!"කිව්ව කියලා තමයි මූ නම් කිව්වෙ.

(මම කොච්චර කිව්වත් කොමෙන්ට් දාන බුවාල කියනවනෙ ඕක මට වෙච්ච දෙයක් කියලා. ඉතින් මම වැඩේ සාධාරණ වෙන්න රංගයා වෙනුවට ඒ දවස්වල මගෙම පින්තූරෙ තමයි ඇන්දෙ.වෙනසකට තියෙන්නෙ පාට විතරයි. මම ඔයිට වැඩිය පාටයි. කොච්චර පාටද කියනවා නම් ස්‍ටුඩියෝ එකේ සෝමෙ අයියා, තියෙන ඔක්කොම හයි පවර් ෆ්ලඩ් ලයිට්, ෆ්ලෑෂ් ලයිට් ගහලා තමයි ෆෝටෝ හෙම ගන්නෙ.)

ඔය තියෙන්නෙ මගෙ driver's license photo එක කාරණාව ඔප්පු කරන්න.


Originally published @  මට හිතෙන හැටි. 

133 comments:

  1. ඒක සිම්පල් දෙයක් නේ.. පින්තුරේ දැක්ම හිතුනා රංගයා කෙසේ වෙතත් රැවුල් කාර හෙන්රියම තමා කියලා..

    ReplyDelete
    Replies
    1. මම රඟපානවා විතරයි බං. උඹ දන්නවනේ ඉතිං මම චරිතාංග නලුවෙක් කියලා.

      Delete
  2. ඔන්න දැක්කද මිනිහෙක්ගේ ජීවිතය වෙනස් වෙන්න අඩිතාලම වැටෙන හැටි...

    එදා ඉඳන්නෙ හෙන්රි අයියා මහන්සි වෙලා කඩ්ඩ ඉගෙන ගන්න ඇත්තේ...

    ReplyDelete
    Replies
    1. හා, ඈ. එහෙම තමයි වුනේ. උඹලා ඔහොම කියයි කියලා මම මේ කතාව මුලින්ම දෙදාස් එකොළහේදි ලියනකොටත් දැනගෙන හිටිය හැටි බලාපංකෝ. :D

      Delete
  3. කොහොමෙන් හරි රංගයා වැඩේ ගොඩ දාගත්තනම් එච්චරයි. මේ චිත්‍රනම් සුපිරි තමා හෙන්රි. ඒ කාලේ රූපේ හරි වෙනස්නේ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි නලියා. ඌ ඉන්ටවිව් කීයකට ගියාද කියලා මට මතක නෑ. ඌ විතරක් නෙවෙයි, හැමෝම වගේ එහෙමයි. අනික රංගයා එක උදාහරණයක් විතරයි. හුඟ දෙනෙක්ගේ ඉන්ටවිච් කතා ඔය වගේ තමයි බං.

      Delete
  4. බුහහහා....... එතකොට මේ කළු මාමා නෙමේ? ^_^

    මොනවා උනත් සුද්දන්ට වමනේ යන්න ඇති අන්තිම හරියෙදි... ලොල්!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. යකෝ රජතුමනි, කලු කියන්නේ කොච්චර ලස්සන පාටක්ද? උඹ නිකං බලාපං ඔය සුඛෝපබෝගී වාහනවලට කලු කොච්චර ලස්සනද කියලා. විශේෂයෙන්ම SUV වලට හෙම. ඒ මදිවට වීදුරුත් ටින්ට් කරලනේ තියෙන්නේ. :))

      සුද්දන්ට වමනේ ගිය බව වාර්තාවී නොමැත.:)

      Delete
  5. ඇත්ත නේන්නං රේඩියේටර් මූඩියෙන් රිංගල සයිලන්සරෙන් එන්න ගෑස්කට් හොඳට තියෙන වාහනේක බෑනෙ.

    ඕක පොතේ හැටියට කියල විතරක් විස්තර කළානං සුද්දො හිතන්නෙ මූ පොත විතරක් දන්න වැඩ බැරි එකෙක් කියලයි. ඒකයි මිනිහ ප්‍රායෝගිකව වැඩේ පෙන්නල තියෙන්නෙ. :D

    නියම චිත්තර‍ දෙක හෙන්රි.

    ReplyDelete
    Replies
    1. අන්න උඹට තේරුනා. මෙතන ප්‍රසන්න රංගනයයි, භාෂාවයි ‍ෆිෆ්ටි, ‍ෆිෆ්ටි. :D

      බොහෝම ස්තුතියි බං. මේ අවුරුදු දෙකකට කලින් ඇඳපුවා. ඒකාලේ ඔබා අයියත් හිටියනේ.

      Delete
  6. දෙවනි චිත්‍රෙ නං සුපිරි බං. ඔන්න ඔහොම මහන්සි වෙලා එපැයි පෝස්ටුවක් දාන්න

    ReplyDelete
    Replies
    1. උඹත් මාර චිත්‍ර රසිකයෙක් වෙලානේ රාජ්. දැන් මට නිකම්ම පෝස්ට් එකක් දාන්න විදියක් ඇත්තෙම නෑ බොලව් උඹලා වගේ රසිකයෝ හන්දා. හෙහ් හෙහ්. :))

      Delete
  7. ඉතින් මිනිහව තේරුනාද ? පළවෙනි චිත්‍රෙ දැකපු ගමන් මට හිතුනා මූ නම් ඩූඩ් වගේමයි කියලා.. අඩේ උඹ ඒ දවස්වල නියම රිචර්ඩ් ද සොයිසා නෙ..

    තෙල් මිශ්‍ර වෙච්ච වතුර කැප් එක ඇරගෙන එළියට ඇවිත් වමනෙ දාලා වගේ තියනවා කියලද පොර කියන්නෙ ?

    චිත්‍ර දෙකත් එළස් ....

    ReplyDelete
    Replies
    1. අන්න වචනේ මම මේ කල්පනා කර කර හිටියේ. රිචරඩ් හැන්රිද සොයිසා ජයවර්දන

      Delete
    2. මම ‍රැවුල වවං හිටියා බං දෙදාස් තුන වෙනකල්ම. රිචඩ් ඩි සොයිසාත් ඔය වගේ ‍රැවුලෙක් තමයි නේ? අපි ට්‍රේනිං කොලේජ් එකේ ඉන්නකොට රිචඩ් ඩි සොයිසා ඇවිත් ඉංග්‍රීසි සාහිතය ගැන ආරාධිත දේශනයක් කලා මට මතකයි.

      ඔව් සෙන්නා. ගෑස්කට් ගියාම, ඒක තුලින් යන වතුරයි, ඔයිලුයි මිශ්‍ර වෙලා රේඩියේටර් එකට ගිහින් රේඩියේටර් මූඩිය අස්සෙන් ගහනවා එලියට වමනේ දැම්මා වගේ.

      බොහොම ස්තුතියි සෙන්නා. ඔරිජිනල් පෝස්ට් එකේ චිත්‍ර මේ.

      Delete
    3. ඔන්න දැන් තමා වමනෙ කතාව තෙරුනේ...:(((

      Delete
  8. උඹ ඒ කාලෙ සුදුවට පෙනුමට ඉඳල තියනව නේද මචං.

    ReplyDelete
    Replies
    1. එහෙම නැතුව පුළුවන්ද// එහා ස්ටුඩියෝ එකෙනුත් පවර් ලයිට් ගෙනැල්ල ගහනවලු තියෙන ලයිට් මදි උනාම. මුගේ පොටොවක් ගන්න..

      Delete
    2. ඔය දේශකයා කියලා තියෙන්නේ බං හේතුව. :))

      Delete
  9. ඒ දවස්වල රංගයා කිවේ හෙන්රිගේ නික් නේම් එක වෙන්න ඇති නේද? ඔය ඉන්ටර්විව් එකට පස්සෙද මචං උඹ ඉංගිරිසි ඉගෙන ගත්තේ?

    හරි.. හරි.. උඹට ඒ ඉන්ටර්විව් එක අප්සෙට් උනේ ජර්මන් වලින් අහපු නැති නිසා කියලා අපිට තේරෙනවා. අපරාදේ බන් උඹට ජර්මන් ඉගෙන ගන්නේ නැතිව ඉස්සෙල්ල ඉන්ගිරිසිම ඉගෙන ගන්න තිබුනා.



    ReplyDelete
    Replies
    1. ඔන්න බලාපං. ඒකාලේ මට හිටියේනෑනේ උඹලා වගේ දැනමුතුකම්ගන්න පුලුවන් බොක්කවල් සෙට් එකක්. එහෙම උනානම් අපිත් අද මිනිස්සු. :((

      Delete
  10. මූ වෙනුවටද කොහෙද අර අහිංසක රිචඩ් ඩී සොයිසට ගේම දීලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මටත් මතක් වුනේ රිචර්ඩ, මේ පොටෝ එක දැකල.

      Delete
    2. අම්මපා, අතීතයේ වැලලුනු රහස් කියලා සීරීස් එකක් කරන්න පුලුවන් නේද මාතලන්තුමා.

      ‍රැවුල වවන එක කපනවට වඩා හුඟක් ලේසියි රයිගම්. හැබැයි ට්‍රිම් කරලා ගානට හදාගන්න ඕනෙ අර කැලෑ වැවිච්ච ආණ්ඩුවේ ඉඩමක් වගේ නැතිව. (තමාටම: යකෝ මම මෙහෙම කිව්වට රයිගමයත් ‍රැවුලෙක්ද දන්නේ නෑ)

      Delete
  11. පලමු චිත්‍රෙ දැක්ක ගමනුයි,හෙන්රිගේ පිතුරය දැක්ක ගමන් මතක් වුනේ රිචඩ් D.ව.

    ReplyDelete
    Replies
    1. දැන් උඹලා හැමෝම ඔහොම කියනකොට මටත් සැකයි මචං මේ මගේ ෆෝටෝ එකමද කියලා. :D

      Delete
  12. මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ අවුරුදු දෙකකට විතර කලින්නේ? එච්චර කල් බ්ලොග් එක සැලසුම් කරනවාද? මං නං වැඩියෙන්ම ලියලා තියෙන්නේ සති දෙකකට කතන්දර විතරයි!

    ReplyDelete
    Replies
    1. නැත්තං මේක අර අනිත් බ්ලොග් එකේ ගිය එකක්ද?

      Delete
    2. හපෝයි කකා, මේක 2011දි මට හිතෙන හැටි බ්ලොග් එකට ලියපු කතාවක්. ඇයි අර යටින් දාලා තියෙන්නේ 'Originally published @ මට හිතෙන හැටි' කියලා. :)

      Delete
  13. අපරාදෙ උගන්නන්න යොමු උනෙ රගපාන්නනෙ තිබුනෙ

    ReplyDelete
    Replies
    1. ඉගැන්නීමත් රඟ පෑමක් තමයි ලොකු ජෝන්.

      Delete
  14. ඩූඩ් අයියා ඉස්සර සුදුදෑ........ හි හි...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔව් ඔව්... මු කරෝල වාඩියට ගියාට පස්සේ තමයි කළු උනේ.

      Delete
    3. පිං පාට බොලව්. :D

      Delete
  15. මෙන්න අයියේ


    (අභිනය) මනුස්සයා රංග කලාව ප්‍රගුණ කරානම් හරි

    ReplyDelete
    Replies
    1. පැතුම්, මම බැලුවා ඒ ටික. පට්ටයි ඈ. අනික මේක හදලා තියෙන්නේ ඔය විදියටම නෙවෙයි කියලා දැක්කද? අර සයිලන්සර් වලට හෙමත් වෙන කෑලි දාලා තියෙන්නේ. ඒකේ තව අයිඩියාස් හෙන ගොඩක් තියෙනවා. කරලා බලන්න ඕනෙ. උඹට බොහොම ස්තුතියි පැතුම්. අන්න කිව්වොත් කරන කොල්ලෝ. :-h

      Delete
    2. ෂා .... ඒක මරුනේ බං. එතන තවත් තියෙනවනේ, මම ඔන්න බුක්මාක් කරාගත්තා ආයෙ බලන්නත් එක්ක. ස්තූතියි පැතුම්.

      Delete
  16. . හොදවෙලවට සුද්දො වෝටර් pump එකේ ලීක් එකක් හදන හැටි පෙන්නන්ඩ කිවුවෙ නැත්තෙ.ඇත්තටම අහන්නෙ සුදුවට හිටපු එකා කළු උනේ මාලෙ කරෝල වාඩියක්වත් කරනවද ?

    ReplyDelete
    Replies
    1. ඇයි දන්නේ නැතිද, ඩුඩ් ඉන්නේ කරෝල වාඩියක කියලා.

      Delete
    2. අඩේ කම්මල මලයා. උඹව දැකපු කල්, බං. හරිම සතු‍ටුයි.

      අයිලාස්, ඔය කම්මලයා මගේ කකුලෙන් අදිනවා ඔය. කම්මලයයි මායි මුණ ගැහිලා, ආශ්‍රය කරලත් තියෙනවා.

      Delete
    3. කම්මලයා එදා ගම්පහ ගෙට්‍ටුවෙදි..ටිකට් තියාන ඉන්නකොට..මම ‍රැව‍ටුනා සිරා කියල..:))) දෙන්නම බඩාලනෙ.

      Delete
  17. මේක නිකං කලිං කියෙව්වා කියෙව්වා වගේ මතකයක් තියෙනවා......
    ඇත්තකියපං අයියේ කාගෙද ඔය ලයිසොම? :D

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ මුන්ට අර දිළිසි දිළිසි තියෙන Originally published @ මට හිතෙන හැටි කියන එක පේන්නේ නැත්තේ!

      පූස් මලයා, මම මේ පෝස්ට් එක දානකල්ම හිතා හිටියේ ඕක මගේ ලයිසොම කියලා. මුං කියන දේවල අහලම මටත් දැං ෂුවර් නෑබං මේක මගේ එකද රිචඩ් ඩි සොයිසගේ එකද කියලා. :-?

      Delete
  18. අනේ ඩුඩ් හරි අහිංසක පාටයිනේ ඒ ෆොටෝ එකේ. ලස්සනයි ඈ.... නළුවා වගේ....

    ReplyDelete
    Replies
    1. සමණළී හරිනේ. ඩූඩ් කියන්නේ අහිංසක පාට වගේම අහිංසක නලුවා වගේ පොරක් තමයි. ඔය අනිත් කියන උන් ඔයා ගනං ගන්න එපා. ඉරිසියාවට කියන කතා. :))

      Delete
  19. යකොඔ උඩ කොමෙන්ට් කරපු එව්වො සෛරටම කියන්නෙ අහගනිව් , ඩුඩ ලස්සනට චිත්ර අදිනව. එඅ උබට මාර හෑකියවක් බන් ටියෙන්නෙ.
    පට්ට ඉන්ටර්විව් එක :D
    ......
    ඩුඩ් මගෙ අතින් උබ දාපු කොමෙන්ට් එක මකුන බන්., උබ අර කියපු කොමෙන්ට් බොක්ස් එක වෙනස් කරන හටි තෛරෙන්නෑ නෛ බන්....එඅක කරන්න ගිහින් තමා උබෙ එකත් මකුනෙ.

    ReplyDelete
    Replies
    1. අඩේ ඇත්තද බන්.. ඌ ලස්සනට චිත්‍ර අඳිනවද ? බලහන්කො උඹ ඔය කියනකම් මට ඕක හිතුන්නෑනෙ.. අනිත් උන්ටත් එහෙමම වෙන්නැති.. :D

      Delete
    2. විදුර, ඒකේ අවුලක් නෑ බං. මම ඒක ආපහු දාන්නම්. හැබැයි ඒ කමෙන්ට් එකේ එක මට මේල් ෆෝර්වර්ඩ් කරපං ඒකෙ තිබ්බේ මොකක්ද කියලා බලාගන්න. මගේ මේල් එක henry_jayawardene@yahoo.com

      ඕක දැම්ම හැදුවොත් උඹට කමෙන්ට් බේරාගන්න පුලුවන්. අපි දෙන්නම් සප් එක. නේද සෙන්නා.

      මම ඉස්සර බ්ලොගර් එකවුන්ට් එකක් තිබිලා පස්සේ ගූගල් ප්ලස් වලට අප්ඩේට් වෙච්ච නිසා අපේ ඩෑෂ්බෝර්ඩ් එකයි කෙලින්ම ගූගල් ප්ලස් වලින් පටන් ගත්ත උඹේ ඩෑෂ් බෝර් එකයි වෙනස්ද කියලා මම දන්නේ නෑ. එහෙම නෙවෙයිනම් පටන් ගමු. ලෑස්ති වුනාම කියාපංකෝ මෙතන කමෙන්ට් එකක් දාලා.

      Delete
    3. කවදාවත් නැතුව මටත් කමෙන්ට් එකක් මකන්න උනා විදුරගෙ බ්ලොගේදි, මගේ සොයන්නෙ බලන්නෙ නැතුව වැඩ කිරිල්ලෙන් සම්පූර්ණ නමම වැටිල තිබුනු නිසා. අන්තිමට කමෙන්ට් තුනක්ද කොහෙද මැකිලා. මුලින්ම කමෙන්ට් කරන්න තිබුනු විදිය හොඳයි කියල මමත් කලින් කිව්වා. කමෙන්ට් බොක්ස් එක වෙනස් කරන්න ලැහැස්ති වෙන එක නම් හොඳයි විදුර.

      Delete
    4. අනිවා ඩූඩ් අනිවා.. සප් දෙන්න අපි සැදී පැහැදී ඉන්නෙ.. හැබැයි පුළුවන් ඒවා විතරයි ඕන්.. පොඩ්ඩක් හිටහන් මුගෙ බ්ලොග් එක පැත්තට ඔළුව දාන්න..

      Delete
    5. Vidhura,

      ඒ කමෙන්ට් බොක්ස් එකනම් වාතයක් තමයි.. මම ඒක පාවිච්චි කරලා නැති නිසා හදන විදිහනම් දන්නෙ නෑ.. හැබයි ලොකු ජෝනාට පුළුවන් වෙයි.. එයා මේක දාගෙන ඉඳලා ආයෙ පුරුදු එකට ආවා.. පොඩ්ඩක් එයාගෙන් අහලා බලන්න. මෙන්න ලින්ක් එක.. ඒ අතර සමහර විට ඩූඩ්ට පුලුවන් වෙයි උදව් කරන්න.

      http://oldpettagama.blogspot.ae/

      Delete
    6. බලපං විදුර උඹට සප් එක දෙන්න කී දෙනෙක් ඉන්නවද කියලා. ඔව් උඹ ලොකු ජෝනාගේ එකේ කමෙන්ට් එකක් දාලා අහපස්ං ඉස්සෙල්ලම. .ae වැඩ නොකලොත් .com ගහලා බලාපං.

      Delete
    7. අහ්..ae !! මොන මගුලක්ද මන්දා මෙහෙදි මම බ්‍රවුස් කරන හැම සයිට් එකක්ම නිකන්ම .ae වෙනවා. ලංකාවෙ දි ඔය ලෙඩේ නෑනෙ..

      Delete

    8. @සෙන්නා. ඒක ගනං ගන්න එපා බං. උඹ ඕස්ට්‍රේලියාවේ හිටියොත් .au. USA හිටියොත් .us

      @විදුර: කෝ ඉතිං මේ විදුරයා? ගෝබි කාන්තාරේ මැද්දෙ කූඩාරමකවත්ද?

      අපේ බ්ලොග් වල නම් මෙහෙමයි කරන්නේ. බලාපං මේක හරියයිද කියලා.

      Design > Settings > Posts and Comments >

      Comments>

      Comment Location > Embedded

      Who can comment > Anyone
      Comment Moderation > Never
      Show Word Verification > No
      Show Backlinks > Show
      Comment Form Message (මෙතන කැමති මෙසේජ් එකක් ටයිප් කරලා දාපං. කරුණාකර ඔබේ අදහසත් කියලා යන්න වගේ. )

      Delete
    9. ඒක නෙවි බං විදුර, මම දැන්නෙ දැක්කෙ. උඹද අර අ.පෙ. ෂැගියා. එහෙනම් උඹට කතා පෙට්ටියක්ම දිගාරින්න බැරියැ. හා.. හා .. විගහට ලියාපන් මොනාහරි.

      Delete
    10. මොක්කදා මේ කේෂ් එක අයියා... මේකද ඔය කීන්නෙ ? :)

      http://angeloveth1.blogspot.com/2013/06/how-to-add-or-remove-google-comment_14.html

      (මං කරල බලල නම් නැත)

      Delete
    11. හරියට හරි චන්දන ද Blog Doctor. මේක තමයි පළවෙනි පියවර. මම හිතන්නේ මෙතනින් තමයි පටන් ගන්න ඕනෙ කියලා. ඉතිං කෝ බං මේ අසනීපෙ තියෙන එකා, විදුරයා? හිටිං මාම් බ්ලොග් එකට ගිහින් ආයෙම කියලා එන්නම්.

      Delete
  20. කාට වුනහම මොකෝ .ඒවායින් වැඩක් නැහැ . ඩ්‍රයිවින් ලයිසන් එකේ ඉන්නේ හෙන්රිමද ..ෆොටෝෂොප් ද . නිකන් දකුණු ඉන්දියන් නල;උ පෙනුමක් තියේ . අපරාදේ රඟපාන්න තිබ්බේ .

    ReplyDelete
    Replies
    1. "දකුණු ඉන්දියන්"? හයියෝ බඩ කපාගෙන මැරෙන්න හිතෙනවෝ!

      බිංදි දන්නවද, මේ බ්ලොග් එක 2011දි මට හිතෙන හැටි එකේ දාලා මාස දෙකකින් විතර මම නිවාඩුවට ලංකාවට ගියාම පංසල් හන්දිය, නවමා, ගෝල්ඩ්‍ෆිෂා සහ හම්බවෙන්න මම ගියා විහාරමහාදේවි උද්‍යානේට. ඊට අපි පස්සෙ වෙනියත් ගෙන්නගත්තා. ගෝල්ඩ් ‍ෆිෂා මාව දැක්ක ගමන් කලේ මගේ ඩ්‍රයිවර්ස් ලයිසන්ස් එක ඉල්ලගෙන මේ පින්තූරෙමද තියෙන්නේ කියලා සැක හැර ගත්ත එකයි. :))

      Delete
  21. මෑන් කොහොම හරි කියන්න ඕන එක කියාගෙන :)

    චිත්‍ර දෙකත් ලස්සනයි..(ඩූඩ් අයියා පටුනක් හෙම දාල තියන්නෙ. ඒක blog archive එකට වඩා පහසුයි.)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. භාෂාවකින් වෙන්න ඕනෙ අදහස් හුවමාරු කර ගැනීම නම් ඒක වෙලා.

      ඇත්තෙන්ම චන්දන, ප‍ටුන මාර ලේසියි. මම ස්ක්‍රෝල් බොක්ස් එකට දැම්මේ ඉඩ ඉතුරු කරගන්න. Get this Widget ඔබලා අරං දාගත්තත් පාඩු නෑ.

      Delete
    2. //Get this Widget ඔබලා අරං දාගත්තත් පාඩු නෑ.// ඔව්.. ඇත්තෙන්ම.

      මං ඔයිට වඩා පොඩ්ඩක් වෙනස් එකක් දාල තියනව කලින් ඉඳලම.

      Delete
  22. ඉතින් ඔය රංග අර ඉන්ටර්විව් එකෙන් පාස් උණාලුද? :)

    ReplyDelete
    Replies
    1. Welcome back Poddi. So nice to see you again.

      ඒක නම් මට මතක නෑ පොඩ්ඩි. ඒ ඉන්ටවිවි එකෙන් හරි පස්සේගිය එකකින්හරි පාස් වෙලා ඌ රට ගියා මට මතක විදියට. හැබැයි ඒ කොයිකෙත් වැඩේ වෙන්නේ ඔහොම තමයි.

      Delete
  23. මම මේ බෝලොක්කුවට ආවමද කොහෙද . සුභ පතනවා .
    හඃ හඃ හඃ පස්ට කතාව ආ .

    ReplyDelete
    Replies
    1. වයලීනෝව සාදරයෙන් පිළිගන්නවා. මේ අන්තිම පේළියේ වයලීනෝද?

      Delete
  24. Aru-ge adaviy ට වරක් ගොඩ වැඩි කියවන්න.රස ගුලාවක්.

    ReplyDelete
  25. බාගයක් කටින් බාගයක් අභිනයෙන් දක්වන මිනිස්සුන්ගෙ කතා අහන් ඉන්න ආස හිතෙනව තමයි. හැබැයි මෙතන කියවල හිනාවෙන්න පුළුවන් කේස් එකක් තිබුනත් ඒක ඉතිං එහෙමමත් නෙවෙයි කියලත් හිතෙනවා. මොකද එක බෝට්ටුවෙ ඉන්න ගමන් අනිත් එකාට හිනාවෙන්නෙ මොකටද. විශ්වාස කරන්න ඩූඩ් මට ඒ දවස්වල අපේ ඉංග්‍රීසි ටීච වාත වෙනකොට හිතිල තියෙනව ‘ෂික් අපිත් එංගලන්තෙ ඉපදුනා නම් ඉවරයි කියල‘ :D

    මේ චිත්තරේ ග්‍රැෆික් ටැබ්ලට් එකෙන් ඇඳලද, පෑනකින් ඇඳල පාට පැන්සල්වලින් පාටකරලද? අර මේස ලෑලිවල වයිරම ගන්න මමත් ඉස්සර කල්පනා කරල තියෙනවා කොහොම කරොත් හොඳයි ද කියල, මොකද ඕක පොල්ලෙන් ගැහැව්වා වගේ ඇන්දම ස්වභාවික ගතිය එනව අඩුයි. පාට පැන්සල්වලින් පාට කරද්දි නම් පැන්සල් තුඩ පොඩ්ඩක් තෙත් කරල පාට කරාම වියළි පිරවුමට වඩා සමහර තැන්වල අමුතු ලුක් එකක් එනවා.

    අර ලයිෂන් එක කල් පැනල නෑනේ. සිහිවටනයක් විදියට තියන් ඉන්න වටිනවා. ආයෙ කවද එහෙම ෆොටෝ එකක් ගහන්නද, නෙහ්. :))

    ReplyDelete
    Replies
    1. හිනා වෙන්න ඔච්චර හිතන්න එපා DDT, තමන්ට වෙච්ච වැඩේ උනාට රංගයා මේක කියන්නෙත් හිනාවෙවී තමයි. ඉති අපි හිනා වෙලා සතු‍ටු වුනාම මොකෝ. :D

      එංගලන්තේ ඉපදුනානම් අපිට දෙවෙනි භාෂාවට ප්‍රංස ඉගෙනගන්න වෙනවා. :))

      මේක 2011දි ඇඳපු එකක්නේ DDT. ඒ කාලේ ග්‍රැ‍ෆික්ස් ටැබ්ලට් එකක් අරං තිබ්බේ නෑ. මේක පෑනකින් ඇඳල පාට පැන්සල් වලින් පාට කරලා තමයි. ඔව්. වෛරම ගන්න උඹ කිව්ව විදිය නියමෙට වැඩ කරනව ඇති තමයි. ට්‍රයි කරලා බලන්න ඕනෙ.

      ඒ ලයිසන්ස් එක තවම වලංගුයි බං. මම ඒක තමයි දැනුත් පාවිච්චි කරන්නේ. ඒක බස් ලයිසන්ස් නොවන නිසා අවුරුදු තුනෙන් තුනට අලුත් කරන්න ඕනෙ නෑ. :)

      Delete
  26. ඇත්තනෙ ඉතින්, කිය කිය ඉන්නවට වඩා කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද රඟ දක්වලා පෙන්නන එක. ඒකෙන් ඔප්පු කළහැකි මේ පොතේගුරෙක් නෙවේ, වැඩේ කරලා ප්‍රායෝගික දැනුමෙන් කතා කරන එකෙක් වග.

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපි කියන්නේ වැඩකාරයට බොරු බෑ කියලා නලිනි. :)

      Delete
  27. උඹටත් කොහොමහරි ලයිසන් එකට දෙන්න රිචඩ් සොයිසගෙ පිංතූරයක් හම්බ උනා එහෙනං ඈ...
    දැකල තියේද මචං මගෙ ලයිසන් එක...ඒක ඔයිට හපන් කියල වැඩක් නෑ මම වෙලාවක දාන්නම්කො

    ReplyDelete
    Replies
    1. මගෙ ලයිසන් එක මම පෝලීසියටවත් පෙන්නන්නෑ.. එහෙම කොළොත් උන් මට වෙනම නඩුවක් දානවා වෙන එකෙක්ගෙ ලයිසන් එකෙන් වාහන එලෙව්වා කියලා.. :D

      Delete
    2. දාපං හැලපේ බලන්න. සමහරවිට එතකොට අපිට උඹව හරියට මතක් වෙයිද දන්නේ දන්නේ නෑ.

      සෙන්නා, මේ ලයිසන්ස් එකත් පොලිසියට පෙන්නුවාම එහෙමත් පොලිස්කාරයෙක් තමයි මේක වෙනස්නේ කියලා කියන්නේ. උඹ දන්නවද අපේ චූටි එකාගේ පාස්පෝර්ට් ෆෝටෝ එක ඌට අවුරුදු හතරෙදි නැතිනම් පහේදි ගත්ත එකක්නේ. ඒකා බලාගෙන ඉන්නේ ඒක වෙනුවට අලුත් එකක් ගන්න. මොකද ඒකාට ඒකට ලැජ්ජයි. :)

      Delete
    3. ඔය සෙතේම තමයි මගේ අයිඩෙන්ටියටත් වෙලා තියෙන්නෙ. අවුරුදු 16 දි ගත්ත එකක් තමයි තාම තියෙන්නෙ.

      Delete
    4. අඩේ ඩූඩේ, උඹ මට තිබුනු පුරස්නයක් ලිහලා දුන්නා. තැන්කුයි ඈ..

      Delete
    5. උඹ කාත් එක්කවත් කියන්න එපා හරිද...මම ලයිසොම ගත්තෙ ආර් ඇම් වී එකේ වැඩකරන කාලෙ...ඒ කියන්නෙ අනූහතේ

      Delete
  28. ඩූඩ් අයිය හොද ආට් කාරයෙක් වගේ නේද.

    ReplyDelete
    Replies
    1. උඹ එහෙම හිතනවද? බොහොම ස්තුතියි. ඒ වුනාට මම චිත්‍ර විෂයයක් හැටියට කරලා නෑ. ඔහේ අඳිනවා.

      Delete
  29. බොරු බොරු. මේකනම් බ්ලොග්වෝකරයාටම වෙච්චි එකක්. අපට නයා අරිනවා.

    'ගැටවරයෝ' චිත්‍රපටියේ, ගාමිණී ෆොන්සේකා අලුත් බෝට්ටුවක් ටෙස්ට් කරනකොට ඒ දිහා බලා ඉන්න boatyard engineer ජෝ අබේවික්‍රමට කියනවා, what a good performance කියලා. ජෝ දෙනවා උත්තරේ. what for telling sir, boat going sixty sixty, (මොකට කියනවද සර්, බෝට්ටුව යනවා හැටට හැටේ)කියලා.


    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අපි නම් සැලෙයි ඕවට! :))

      අපිට එහෙම දෙබසක් මතක හිටින්නේ ඒක මතක තියාගෙන පස්සෙ රස විඳින්න තියෙන ඕනෙකම නිසාමයි නේද විචාරක?

      Delete
  30. දැන් එතකොට කොයි කාලෙද ගෙදර එඩ්රස් එක ලයිසන් එකට දාන්ඩ පටන් ගත්තේ

    ReplyDelete
    Replies
    1. ඒක නම් දන්නේ නෑ අටම්. ඇයි දැන් දාන්නේ නැද්ද?

      Delete
    2. ඒ කියන්නෙ අටමට තාම ලයිසමක් නෑ. මූ හොරට බයික් පදින්නෙ.
      ස්මාර්ට් කාඩ් එකෙත් අංක 8 ට තියෙන්නෙ ගෙදර ඇඩ්‍රස් එක තමයි. :D

      Delete
  31. හැහ්.... මේ ඉන්නේ හෙන්රි අයියමද? ඒ කාලේ මොකක් හරි දඩ ෆෙයාර්නස් ක්‍රීම් එකක් පාවිචිකලාද එහෙම නැතිනම් පොටෝ සෝප් ගාලා නෑවද? එහෙමත් නැතිනම් දැන් කාලේ ෆොටෝ ගහන හෙන්රි අයියගෙ කැමරාවෙ කලු සුදු පාට් එකට අදාල සර්කිට් එක මඤ්ඤං වෙලා කලු සුදු මාරුවෙලාද?
    ආ තව එකක්... අර රැවුලට මොකද වුනේ. මම නම් හිතන්නේ රැවුල තිබ්බ නං අපායෙ මැර පංති පාලනයට ඕන හොඳ ලුක් එකක් ගන්නත් තිබුණා කියලා.

    ReplyDelete
    Replies
    1. මෙහෙමත් මඩ ගැහිල්ලක්! ඔය මඩ තියෙනවා නේද? ඕකත් එක්තරා ෆෙයානස් ක්‍රීම් එකක් තමයිනේ. විශේෂයෙන්ම මළ මුහුදෙ මඩ ටියුබ් වල හෙම දාලා විකුණනවා, හමේ ගාන්න, මඩ් පැක් හැටියට. ඒ හන්දා කමක් නෑ. :))

      ‍රැවුලෙන් වැඩක් නෑ තොටියා එතනට. ටැක්ටික් එකයි ඕනෙ. සමහර විච පච්චෙක නම් තරමක තාවකාලික ඉෆෙක්ට් එකක් තියෙන්න පුලුවන්.

      Delete
  32. මේක මම කලින් කියෙව්වා මට හිතෙන හැටි බ්ලොග් එකේ..
    කතාවත්, චිත්‍ර ටිකත්, අන්තිමට තියන චායාරුපයත් නියමයි :)
    ඒ කාලේ බොහොම සුදුයි වගේ...

    ReplyDelete
    Replies
    1. ඔව් මානවිකා. කාලයාගේ ඇවෑමෙන් එදාට වැඩිය ලොකු ෆෑන්බේස් එකක් අද ඉන්න නිසා එච්චර මහන්සියෙන් ලියපු දේවල් නැවත මතුකරලා ගන්න ව්‍යාපෘතියකුත් තියෙනවා මගේ.

      සුදු වෙච්ච හැටි ඉතින් දන්නවනේ. :D

      Delete
    2. පරණ දේවල් ආයේ මතු කරලා ගන්න එක හොඳයි, යලි යලිත් රස විඳින්න පුළුවන්.
      කොමෙන්ට් කියවද්දී නම් අපේ ගුරුතුමෙක් කියපු දෙයක් මතක් වුනා.
      එක සැරයක් අපේ යාලුවෝ වගයක් පන්තියට පරක්කු වෙලා ගිහින්, ගුරුවරයා සහ ළමුන් අතර ඇති වූ දෙබස මෙහෙමයි.
      "Why were you late?"
      "Sir I had a bath. Since the earlier session was not finished on time, we didn't have enough time to have a bath"
      "ok, in that case, I can give you some extra time to have a bath. How many times you want to bath per day?"
      මෙතැනදී ඇත්තටම අපේ ගුරුතුමාට අහන්න ඕන වුනේ, "නෑම සඳහා කොපමණ වෙලාවක් අවශ්‍යද?" කියලයි.
      මේ ගුරුතුමා ගැන නම් වෙනම පොස්ට් එකක් ලියන්න පුළුවන්, ඒත් මම ලියන්නේ නැහැ, හරි හොඳ මනුස්සය, පව්නේ.
      කොමෙන්ටුව දිග වැඩි උනාද මන්ද :D

      Delete
    3. කොහෙත්ම නෑ. දිග කමෙන්ට් වලට මම කැමතියි. මානවිකා, ඔය ප්‍රශ්නෙ මගෙන් ඇහුවා නම් ඒකෙ වරදක් මම දකින්නේ නෑ. මම උදේටට නැගිට්ට ගමන් නානවා. ඊට පස්සෙ වැඩට ගිහින් ආපු ගමන් නාලා තමයි කෑම කන්නේ. හවසට ජොග් කරලා ඇවිත් නානවා. ආයෙම ඇඳට යන්න කලින් නානවා. සමහරවිට අර තුන්වෙනි එක විතරක් වෙනස් වෙන්න පුලුවන් සීතල දවස් වලට වගේ. හැබැයි මේවා බාත් නෙවෙයි ෂවර්.
      :D

      Delete
  33. ඒ ෆොටෝ අල්ලලත් අන්තිමේදී ටෝච් ඒක ගහලලු හොයාගත්තේ නේද? :D

    අරූට අඳ, ගොළු, බිහිරි පාසලේ මිකැනිකල් උගන්නන්න ජොබ් එකක්වත් සෙට් උනාද දන්නෑ ඊට පස්සේ.

    ඒක පින්තූරේ දෙකට කඩල දාල වගේ. :D

    ReplyDelete
    Replies
    1. 1. Mud slinging

      2. Wiz idea!

      3. හරියට හරි. උඹෙත් නිරීක්ෂණ ශක්තිය උපරිමයිනේ.

      Delete
  34. කළු සුදු ෆොටෝ එකට නම් ලස්සනයු වගේ ඩූඩ් :D

    චිත්‍ර ටික නම් ගොඩක් වටිනවා. ලස්සනයි.

    ඇත්තටම් සෙන්න කිවා වගේ මමත් එක පාරටම හිතුවේ රිච්ඩ් ද සොයිසා කියලා. නිවුන්නුද නැත්නම් නෑයොද..

    ඩූඩ් ගේ සේවයට සුබ පැතුම් මගෙන්..

    ReplyDelete
    Replies
    1. >>කළු සුදු ෆොටෝ එකට නම් ලස්සනයු වගේ ඩූඩ්<< ඒ කියන්නේ කලර් එව්වට... :-O එක්කො ඕනෙ නෑ.

      බොහොම ස්තුතියි පුංචි කුමාරිහාමි. :)

      Delete
  35. හෙන්රිගෙ දෝණියන්ඩි මතක් කලා කියන්න.සමර් වැකේෂන් ඇවිල්ල කියල දැක්ක.
    මේ සැරේ නිවාඩුවට 4 දෙනාම ලංකාවට යනවද?
    (ලංකාවට ගියාම අපි යමු ට්‍රින්කොමලි එහෙ රස්නෙ වැඩි නම් අපි යමු නුවරඑළි.....)ද?:)

    ReplyDelete
    Replies
    1. අනිවා, මම කියන්නම් කෙන්ජි. කොහොමත් එයා මේක දකිනවා.

      නෑනේ මචං. සමර් වැකේෂන් එක එච්චර කල් දෙන්නේ නෑනේ. එයාට ආපහු යන්න වනවා. සුපුරුදු විදියට අපි තුන්දෙනා තමයි ලංකාවට යන්නේ.

      Delete
  36. අපෙත් හිටියා ඩූඩ්ගෙ "රංග" වගේ කඩ්ඩ ටිකක් අවුල් ලෙක්චර(ර්) කෙනෙක්. පොර දැන් උගන්නගෙන යද්දි site clearing කරන විදිහ ගැන මෙහෙම ගැන කියනවා...

    "you know site clearing....... site clearing......." ඉතුරු ටික විස්තර වෙන්නෙ, තිරස් තලයක වැඩ කරන වයිපරයක් වගේ එහෙටයි මෙහෙටයි කරකැවෙන අත් දෙකෙන්....

    ReplyDelete
    Replies
    1. මට තේරෙන්නේ නැත්තේ, උගන්නන්න ඔය භාෂාව අත්‍යාවශ්‍ය එකේ, නිකං හාස්‍යයට ලක් නොවී කඩ්ඩ ටිකක් පොලිෂ් කරගන්න උනන්දු නොවෙන්නේ ඇයි කියලා. ආකල්ප තමයි. :)

      Delete
  37. ඒ කියන්නේ Henry ඇත්තටම ඔයාගේ නමද ? ඒ කියන්නේ ඔබතුමා මොන ආගමේද ?(තරහ යාවිද මන්දා ඕන නැති මගුල් අහලා :-SS ) ම්ම්ම් හිතාගන්න අමාරුයි .. චිත්‍ර ටික බොහොම සජීවියි ! රංග නමේ හැටියටම රඟපාලා වැඩේ ගොඩ දාගෙන එහෙනං හි හි :) :) :)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ මගේ නම තමයි රෙහානි. මගේ මුලු නමම දැනගන්න ඕනෙ නම් අර උඩ විදුරට දාලාතියෙන කමෙන්ට් එක බලන්නකො. මම බුද්ධාගමේ.

      බොහොම ස්තුතියි රෙහානි චිත්‍ර අගය කලාට. By hook or crook' වැඩේ ගොඩ දාගත්තානම් එච්චරයි.

      Delete
  38. ගොඩක් කාලෙකින් මේ පැත්තේ ආවේ ඩූඩ්! කලු සුදු ෆොටෝ එකේනම් හරිම ලස්සනයි.

    කඩ්ඩ කතා තමයි මරු. අපේ ඉස්කෝලේ හිටියා ඉංග්‍රීසි ටීචර් කෙනෙක්. දවසක් එයා පන්තියේ ඉන්දැද්දි ප්‍රින්සිපල් එතනින් ගිහින්. ඉතින් එයා ළමයි ටික නිශ්ශබ්ද කරන්න හිතාගෙන මෙහෙම කිව්වලු. "Please be silent. Principal has just passed away. "

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි ටීචර්ගේ කතාව නම් ලොලේ ලොල්. : අපි ඔක්කොම ඒක කියවලා හිනා වුනා. =))

      බොහොම ස්තුතියි සිතූ.

      Delete
  39. ඌ අභිරුපන රංගනයක්නේ කරලා තියෙන්නේ ...අවුලක් නැහැ ...වැඩේ කරලම පෙන්නන ඒක වටිනවා නෙවැ ..හික්..හික්..හිකිස් ,

    ReplyDelete
    Replies
    1. එහ්..හෙනං, ඔය සුද්දන්ටත් ඉංග්‍රීසි නෙවෙයි ඕනෙ. වැඩේ කරන්න පුලුවන් එකෙක්. :D

      Delete
  40. මගේ පලවෙනි බයින් ඔෆිස් ඉන්ටවිව් එකත් ඔය වගේ තමයි. කන්ට්‍ර්යි මැනෙජර් ටික වෙලාවක් මම දිහා බලාගෙන ඉදලා ඉන්ජජ්ට කථා කරලා මොනවද කිවා(මිනහා ලංකාවේ එකෙක්) කොහම්හරි මාව වැඩට ගත්තා. මම පස්සෙ කාලයක ඇහුවා එදා මොනවද කිව්වෙ කියලා " මු වැඩේ දන්නවා ඉන්ග්රිස්යි බැරි උනාට උබ මුව හදලා ගන්න් කියලලු"
    මම ඔබ්සෙවර් එක බලබල කොහම්හරි ඉගැනගන දුන්නා කන්ට්‍ර්යි මන්ජේර්ට දුවන්න
    එදා එයාලා මට දුන්න අව්ස්ටව නිසා මම ජීවිතය ගොඩ ගියා. මම තවමත් එකට එයාලට නයගැත්ය්.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි සංජීව වැදගත් ඉංග්‍රීසි නෙවෙයි ඕනෙ. වැඩේ කරන්න පුලුවන් එකෙකුයි. ඉංග්‍රීසි පුලුවන් නම් ඒක අමතර සුදුසුකමක් විතරයි.

      Delete
  41. හාමුදුරුවංගේ ටෙක් එකේ මාත් දැන් මේ එන්ජිං එක්ක ඔට්ටුවෙනවනේ. මට මාවම සිහි වුණා මේ කතාවට.
    සෙනසුරාදට විතරයි මට ජාල ගතවෙන්න ඉඩ කඩ ලැබෙන්නේ. තාම මං තහංචි මැද.
    මම සෙන්කෝලයා

    ReplyDelete
    Replies
    1. ඇත්තට! හාහ් හාහ්! නියමයිනේ බං. හැබැයි ඔය දැණුම කවදාවත් අපතේ යන්නේ නෑ.

      Delete
  42. අපරාදෙ උඩු ‍රැවුල තියාගන්න තිබ්බෙ..!

    හැමෝම කියල තිබ්බත්..මටත් නොකියාම බෑ.චිත්‍රෙ ගැන..කොහොමද බං ඩෙනිම් ඔච්චර තාත්විකව අඳින්නෙ.!

    ReplyDelete
    Replies
    1. >>අපරාදෙ උඩු ‍රැවුල තියාගන්න තිබ්බෙ..!<<
      චෙහ් බං එතකොට ඉන්දියන් කාරයා වගේනේ. උඹ දන්නවද මේ ඉන්දියන් කාරයෝ උඩ ‍රැවුල වැව්වේ නැතිනම් උන් පිරිමි කියලා පිළිගන්නේ නැහැපු ගමේදි. :D

      මේක නම් කොටන් කලිසමක් මචං. ඩෙනිම් තාත්විකව අඳින්නේ ඩෙනිම් මගේ ප්‍රියතම ඇඳුම නිසා. ඒක සමානාත්මතාවය ඇති කරන ඇඳුමක්.

      Delete
  43. කොහොම හරි රංගයාව අල්ලලා කතාව ලිව්වා නේ.

    ReplyDelete
    Replies
    1. උඹට මාට්‍ටු වුනා නේද වැඩේ? :)

      Delete
  44. මේක රංගයාට උනත්,ඩුඩ් අයියාට උනත් මොකට උනත් මටනම් හිනා වෙන්න බැහැ.
    මොකෝ මුන්ට මේකට හිනා වේනවා කියන්නේ සමහරවිට මම මටම හිනා වෙනවා වෙන්නත් පුළුවන්.:((

    මේ ඒ කාලේ ඩුඩ් අයියේ උඹ නිකන් පාතාලේ පොරක් වගේනේ.
    හරි ස්වීට් පෙනුමක් බන් තියෙන්නේ...:D

    ReplyDelete
    Replies
    1. අනේ, පිස්සු නැතුව හිනා වෙන්න පුලුවන් වෙලාවට හිනා වෙයං බං. තමන්ටම හිනාවෙන එක තමයි ලොකුම හිනාව. අනික මේකට ඔක්කෝටම ඉස්සෙල්ල හිනාවෙන්නෙ රංගයා. :D

      පාතාලේ ? හපෝයි!

      Delete
  45. මමත් අහන්න හිටියේ කොහොමද පින්තූරෙට 2011 දිනයක් වැ‍ටුනෙ කියල කොමෙන්ට් කියවන කොට තමයි තේරුනේ.

    ඩූඩ් හරි ලස්සනයි නෙ ඉස්සර. හැබැයි පෙනුම සම්පූර්නයෙන්ම වෙනස්.මටත් මතක් වුනේ රිචර්ඩ් ඩි සොය්සා ව තමයි. අපිටත් එයා ආවා training college එකේ ඉද්දි. මට මතක 1986 වගේ. හරි ලස්සනට poetry reading වගයක් කලා. තාම මැවිල පේනවා එයා රඟ පාපු හැටි.

    ඉන්ග්‍රීසි රස කතා නම් ගොඩක් අහල තියෙනවා.මේව අපේ පවුලෙන්.

    මගෙ පලමුවෙනි නංගි ඒ ලෙවල් කරන කොට ඉන්ග්‍රීසි ඉගෙන ගන්න පංතියකට ගියා.දවසක් මම එයාට මගෙ වැඩක් කරන්න කීවා. එයා කීවා
    I very work. " (මට ගොඩක් වැඩ තියෙනවා.) ය්-)

    මේ අපේ පුතා ගැන. එයා හතේ පංතියෙ ඉද්දි අපි කොලඹ පොත් ප්‍රදර්ශනයට ගියා. කෑම ගන්න ඕන වෙලා ගියාම එතන හිටිය කෙනා ඇහැවා
    "to eat here or to take away කියල.

    පුතා කිව්ව. නෑ ගෙනියන්න කියල. :- o
    අර මනුස්සයා මගෙ මූන බැලුව. මම බිම බලා ගත්ත.

    ඉස්කෝලවලත් ගොඩක් ඒව තියෙනව. ලියන්න බයයි. බැරි වෙලාවත් කවුරු හරි බැලුවොත්.

    මොනව වුනත් රංග මොල කාරයා නේද? ඒ වගේම වැරදි වැරදි හරි ඉන්ග්‍රීසි කතා කරන්න බය නැති කෙනෙක්. එහෙම අය පස්සෙ තමන්ගෙ ඉන්ග්‍රීසි දැනුම වැඩි කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. >>ඩූඩ් හරි ලස්සනයි නෙ ඉස්සර. හැබැයි පෙනුම සම්පූර්නයෙන්ම වෙනස්...<< =D>

      මම හිතන්නේ රිචඩ් ඩි සොයිසා එකම ලෙක්චර් එක කරගෙන පේරාදෙණිය, බෝලවලාන, මහරගම වටේම රවුමක් ගහලා වගේ. :D

      Delete
  46. මේ එදා මම 'මට හිතෙන හැටි' බ්ලොග් එකේ මේ පොස්ට් එකට දාපු කමෙන්ට් එක :)

    "හෙන්රිබ්ලොග්වොකර්,

    මම නම් හිතන්නේ ඉන්ටවිව් පැනල් එකේ බුවලා රංගගේ මයිමින් වලින් තේරුම් ගන්න ඇති මෙයා හොදයි ගොළු බිහිරි පාසලක මොටර් මිකැනික් ඉන්ස්ට්‍රක්ට පෝස්ට් එකකට කියලා." :))

    ReplyDelete
    Replies
    1. හරියට හරි! අන්න ඒකනම් මිනිහට ගැලපෙනම ජොබ් එක, DeeJay.

      Delete
  47. මචං හෙන්රි
    උඹ ඇපා වෙලා හිටියෙ සුගතදාස ස්ටේඩියම් එක ලඟ තියන කොම්පැනියෙද ,ඉබ්බන්වල හංදියෙ තියන එකේද? තව ටික දවසක් හිටියනම් උඹටත් රේඩියේටරෙන් ගිහින් සයිලන්සරෙන් එලියට එන්න පුලුවන් වෙනවනෙ.
    මාත් ඉතින් ඉස්කෝලෙන් පස්සෙ ඕකමනෙ කලේ අර ඔබා ගිය ඉස්කෝලෙටම ගිහින්.පස්සෙ කාලෙක එතනම කොල්ලන්ට උගන්නන්නත් පුලුවන් වුනා. ඔය ගෑස්කට් ගිය එක ගැන පොඩි කතාවක් තියනව.අපේ අවුරුදු හතරෙ පුහුනුව ඉවර වුනහම ටෙස්ට් එකක් තියනව.ප්‍රැක්ටිකල්,ඕරල්,තියරි තුන් විදියකට.ඕරල් ටෙස්ට් එකෙදිඅපේ එකෙක්ගෙන් අහල තියනව ඔය බ්ලෝව්න් හෙඩ් ගෑස්කට් එකේ රෝග ලක්ශන කියල මොකද ඒ කියල.මූ ඉතින් කියල ගෑස්කට් ගිහින් කියල. ඒ ගමන අහනවලු කොහොමද ගෑස්කට් එක යන්න බෝල්ට් වලින් අල්ලගෙන ඉන්නකොට කියල.ඒ කාලෙ ගැන නම් කතා එමටයි අවුරුද්දක් විත්‍ර කියෙව්වත් ඉවර වෙන්නෙ නැතිතරම්.

    ලංකාවෙ නම් ඉංග්‍රිසි කතාකරන්න ගිහින් වැරදුනොත් නිකම් අපහාසෙට බලන එකයි හිනාවන එකයි කවදා නතරවෙයිද දන්නෙ නැහැ.හැබැයි සුද්දෙක් නෝ ගුඩ් කිව්වට ඌට හිනාවෙන්නෙ නැහැනෙ.

    පද්මකුමාර

    ReplyDelete
    Replies
    1. සුගතදාස ස්ටේඩියම් කිව්වට ජේතවනාරාමේ ගාවා තියෙන එකේ තමයි මචං. මමත් ඒක අවුරුදු තුනක් කලා මචං. පස්සෙ කොක්කක් ඇදගෙන අයින් වුනා. එදා මම තාත්තට පොරොන්දුවක් වුනා. ඒක නිසා තමයි තවම ටීචිං කරන්නේ. :))

      අහා, ඔහේ ඉන්න වැඩි දෙනෙක් ඒ ඔබා ගිය ඉස්කෝලෙට ගිය උන් තමයි නේද? :-?

      උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා. නමුත් මචෝ, ඔය ඉටැලියන් ඉංග්ලිෂ් වලට හිනාවෙන්නෙ බ්ලොන්ඩ් ජෝක්ස් අයිරිෂ් ජෝක්ස් කරලා හිනාවෙන්නෙත් උන්ම තමයි නේද? Mind Your Language series එක මතකද?

      Delete
  48. ඒ කාලෙ ඩූඩ් සෑහෙන වෙනස්නෙ :D
    මේ කතාව කියවද්දි ෆිල්ම් එකක තිබුන මෝටර් එකක් ස්ටාර්ට් කරන්නෙ කොහොමද කියල අහන සීන් එක මතක් උනා

    ReplyDelete
    Replies
    1. චාම්ස්, ඔන්න ඉතින් මට කුතුහලය ඒ මතක්වෙච්ච කතාව මොකක්ද කියලා දැනගන්න. ඇයි අප්පා බාගෙට කතාව මතක් කරන්නේ. හ්ම් හ්ම්, කියමු බලන්න කතාව.

      Delete
  49. අප්පට සිරි !
    අර රියදුරු බලපත්‍රයේ තියෙන පිංතූරෙ ඩූඩ්ව අදුනන්නත් අමාරුයිනේ.
    වෙනස...
    Drivers license එකට කලු සුදු පිංතූරෙ ස්කෑන් කරලා තියෙන නිසාද?
    තරුණ කඩවසම් පෙනුමද...:D

    ස්තුතියි කීවා.

    ReplyDelete
    Replies
    1. ඔන්න මඩ. :)) ඇයි බොල මිනිස්සු කාලයාගේ ඇවෑමෙන් වෙනස් වෙන්නේ නැද්ද? ඔය ස්‍ටුඩියෝ වල ගහන ෆෝටෝ කොහොමත් ලයිට් දාලානේ බං ගන්නේ. අනික අපේ හම්වල පාට බොහෝ විට කලු නෙවෙයි දුඹුරුවල එක එක ෂේඩ්.

      Delete
  50. කොච්චර සුදට හැන්ඩ්සම් එකට හිටි බුවෙක්ද ද මේ කලු වෙලා ඉන්නෙ ? එන්ගින් තෙල් මූනට විසි උනාද බං ?
    වරායෙත් ඔය වගෙ කතා බොහොමයි.. අපෙ ෆෝමන්ලා ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගත්තෙ භාවිතාවෙන්නෙ.. එකෙක් දවසක් නැවේ කාමර ලඟින් යනකොට පෙනෙනෙවලු කප්පියගෙ පවුල ඇඳුම් අඳිනවා පොඩි කවුලුවෙන්.. මූ ඒකට මූන තියාගෙන බලං ඉන්නවා දැකලා නැවට ගිය සුපිරින්ටෙන්ඩන්ට් මූව ඇදල වට් ඩූ යු තින්ක් යූ ආර් ඩුයින් කියල ඇහුවම මූ කිවුවලු සර් ලේඩි ලයික් අයි ලයික් කියල.. පස්සෙ කාලෙ ඌට මිනිස්සු ලේඩි ලයික් කියල කිවුව..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඉතිං. උඹත් විශ්වාස කරනවද සුදෙයි හැන්ඩ්සම් කමෙයි සම්බන්ධයක් තියෙනවා කියලා? එන්ජින් ඔයිල් වලින් මූණ හේදුවාම කලු වෙන්නේ නෑ මචං. මුණේ ගැඹුරෙ තැන්පත් වෙලා තියෙන කුණු පවා ඉවත්වෙනවා. ඔය ෆෙයානස් ක්‍රීම් වලට දානවමනේ එන්ජින් ඔයිල්. හැබැයි තරුණ අය SAE30 ගාන්න ඕනෙ. වයස අය SAE40 වලට ඉහල ඒවා. හොඳටම වයස අය ගියර් ඔයිල්, ATF(Automatic Transmission Fluid) හෙම ගෑවට කමක් නෑ. ඔය හමේ සිදුරු වල ප්‍රමාණය අනුවනේ.

      මොකක්ද මචං අරූට කියන්න ඕනෙ වෙලා තියෙන්නේ ඇත්තටම. මම අහන්නේ ලේඩි ලයික් කිව්ව එකාට.

      Delete
  51. ආන්න බලන්න මිනිස්සු වෑරදි හදාගන්න ලස්සන.දෑන් මිනිහ සුද්දන්ටත් ඉන්ග්‍රිසි උගන්නන්න තරම් වෑරෑද්ද හදා ගත්ත.චිත්‍ර ටිකත් මරු

    ReplyDelete
    Replies
    1. හම සුදු හැම එකාටම ඉංග්‍රීසි බෑනේ දමිත්. අනිත් එක ඉංග්‍රීසිවලට අපි තරම සලකන්නේ නෑ ඉංග්‍රීසි මව් භාෂාව නොවන සුද්දො කවුරුවත්, එහෙම නේද?

      Delete
  52. ඉතින් ඉන්ටර්විව් එක ගොඩ ගියාලුද?

    අර "පාටයි" කියලා කිව්වෙ මොන පාටද? :)

    ReplyDelete
  53. එ කියන්නේ ඩූඩ්ට ඉංග්‍රිසි සිංහල වගේම ජර්මනුත් පුළුවන්නේ..
    පින්තූරේ සුද්දෝ දෙන්නා නම් තක්බීර් වෙලා ඉන්න බව හොඳටම පේනවා..!!

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>