Sunday, January 19, 2014

103. ඇන්ටික්මේනියාව - Antiquemania

 
රතගාය අපි කාටත් අඩු වැඩි වශයෙන් තියෙන දෙයක් වුනාට, මගේ හොඳම යාලුවා මහින්දටයට තියෙන රතගාය වෙනම ප්‍රබේදයක්. අර සිරාට වගේ මේකට තියෙන්නේ සාමාන්‍ය රතගායට අමතරව, ඇන්ටික් රතගායක්.  මහින්දයා පරණ වාහන ලඩියක් ගේන්න යනවානම් නිවාඩුවට ගිහින් හිටියොත් මාවත් ඇදගෙනමයි යන්නේ. 



  

දැන් මේ පේන්න තියෙන මන්ත්‍රී මොඩල් ජීප් එකත්, ඒ විදියටම, එක නිවාඩු කාලෙක මාත් එක්ක ගිහින්, කෑගල්ල පැත්තෙන් අරන් ආපු එකක්. 



මහින්දයා ගිහින් කර ගහන වාහන ලඩි මට නම්  දැක්කාමත් බය හිතෙනවා, මේක අරන් කොහොම ගොඩ එන්නද කියලා. නමුත් පාවිච්චියට අලුත් වාහන තියෙන බුවාට ඒක විනෝදංශයක් විතරක් නිසා, ඒවට සෑහෙන ගානක් ගෙවලා ඇදගෙන ඇවිත් මාස ගනං, අවුරුදු ගනං හදලා කොහොම හරි ගොඩ දාගන්නවත් එක්ක. මේ තියෙන්නේ එහෙම එකක්.

 

මේක මුලදි තිබ්බ හැටි දැක්කනම්!

 


මේ නිවාඩු කාලේ මම මහින්දයත් එක්ක පරණ අමෙරිකන්/කැනේඩියන් ක්ලැසික් එකක් වන Pontiac Lorentian කාරෙකක් බලන්න ගියා. මේ වාහනේ අයිති අපේ ගමට නුදුරින් පිහිටි පළාතක අවුරුදු ගානක් තිස්සේ ජීවත් වෙන ක්ලවුස් කියන ඕස්ට්‍රියානු ජාතිකයෙකුට. මේ ඕස්ට්‍රියානුවා මුණගැහිලා ටිකක් ආශ්‍රය කරනකොට මට මතක්වුනේ රොබර්ට් නොක්ස්ව. මේ බුවාත් චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ ලංකාවට ඇවිත් මෙහෙන්ම කසාදෙකුත් බැඳලා, දරුවො දෙන්නෙකුත් හදාගෙන, කැලෑවක් වගේ පැත්තක, පයින් යන්නත් අමාරු කන්දක් උඩ ගෙයක් හදාගෙන ජීවත් වෙන්නේ.

"ඔයා ඇරෙන්න මම දන්න අනිත් ඕස්ට්‍රියන් කාරයා ෂ්වාර්ට්සෙනගර් තමයි." මම කිව්වා.

"හාහ්, හාහ්, හාහ්! ෂ්වාර්ට්සෙනගර්!" ක්ලවුස් හිනාවුනා.

"ෂ්වාර්ට්සෙනගර් කියන්නේ ඕස්ට්‍රියාවේ නිතර අහන්න ලැබෙන නමක්ද?"

"නෑහ්! හපෝයි නෑ. ඒක ඕස්ට්‍රියාවෙත් වැඩිය අහන්න තියෙන එකක් නෙවෙයි."

 



මේ අතරේම මහින්දයත් ක්ලවුස්  එක්ක ආපහු මිළ ගැන, වාහනේ අඩුපාඩු ගැනත් කතාව යනවා. වටේටම තියෙන්නේ උස කඳු මුදුන්. බලකො‍ටුවක් වගේ පේන ගේ හදලා තියෙන කන්දෙ උඩහා පේන්නේ අන්නාසි යායක්.

"ඒක නෙවෙයි ක්ලවුස් , අර අන්නාසි වගාවත් ඔයාගෙද?"

"හනේ නෑ. වගා කරනවා නම් නියම රටක් මේක. ඔයාට කියන්න හෙන්රි, මම මොකක් හරි පළතුරක් කාලා ඇටේ විසිකරනවානේ වත්තට. මෙන්න පස්සේ බැලුවම ඒක නිකම්ම පැළවෙලා. මේ වතුර දාලා පෝර දාලා නෙවෙයි. නිකම්ම. "

"ඔයා කියන්න හදන්නේ ලංකාවෙ පස ඒ තරම් සාරවත් කියන එකනේ."

"ඔව්. මේ හැම තැනම වගා කරන්න පුළුවන් වුනත් එහෙම කරන්නේ නෑ. මිනිස්සුන්ට එහෙම ඕනේ කමක් නෑ.  පාලුවට අතෑරලා දාපු ඉඩම් ඕනෙ තරම්. "

"හෙහෙ හෙහ්. නමුත් ඊශ්‍රායලය වගේ රටවල මිනිස්සු කාන්තාරෙත් වගා කරන්න හදනවා වතුර ගෙනියලා, නේද?"

"හරියට හරි. අන්න ඒකයි මම කියන්නේ..."

මම කියන්න යන්නේ ඕස්ට්‍රියානුවා කියාපු විදියට හැම තැනම වගා කරන්න පුලුවන් කියන එක වත් එහෙම කල යුතුයි කියන එකවත් නෙවෙයි. බුවා අපේ රට ගැන දරණ ආකල්පය ගැන කියන්නයි. අපි කොහොමත් ආසයිනේ අනිත් අය අපි ගැන හිතන හැටි දැනගන්න.

පොන්ටියැක් එකට අමතරව ක්ලවුස්  ගාවා ඒවගේ ඇන්ටික් වාහන තව කීපයක්ම තිබුනා. Triumph මෝටර්සයිකල් දෙකක්. තව මේක...
 

හුලං මදි නිසා ක්ලවුස්  මුලින්ම රෝද හතරටම හුලං ගැහුවා. ඊට පස්සේ අඩ කොට තිය තියා මේක ගරාජ් එකෙන් එලියට ගන්නත් මාර කට්ටක් කෑවේ මොකද මේකේ බ්‍රේක් නැතුවා මදිවට   එතන පොළොවේ පිහිටීමයි, හරවන්න ඉඩකඩ මදිකමයි නිසා.

 
 

 
මේ කාර් එක ගත්තා වගේ නෙවෙයි අර කැඩිච්ච ගල් මතුවෙච්ච මහා පල්ලං වංගු තියෙන පාර දිගේ මේ බ්‍රේක් කඳුලක් නැති වාහනේ ඇදගෙන එන එක. අනික මේකේ පොඩි බරකුත් නෙවෙයිනේ තියෙන්නේ. මේක කැනඩාවේ හදපු අමෙරිකානු කාර් එකක්.  දැවැන්ත එන්ජිම ගැලපෙන්නේ අදට නෙවෙයි, අර පෙට්‍රල් ගැලුම රුපියල් 4.50 ට තිබිච්ච කාලෙටයි. ඉතිං පාලිත මල්ලියි, අර මම කලිනුත් කියලා තියෙන අපේ මෙකැනික් සුගතුයි මුලින්ම යට රිංගලා ටෝ බාර් එක හයි කලා.

ඊට පස්සේ පොන්ටියැක් එක එල්ලාගත්ත ජීප් එක, ෆෝර්වීල් ඩ්‍රයිව් එකේ, ලෝ ගියර් එකකට දාගෙන තමයි පල්ලම බැහැගත්තේ.

මේ ගණුදෙනුව සෙට් කලේ අංකල් කියන බ්‍රෝකර්.  ලස්සනම වැඩේ අපි ආපහු අර අබලන් පාරේ අර මහා පල්ලමේ බ්‍රේක් නැති පොන්ටියැක් එක ජීප් එකෙන් ඇදගෙන එනකොට අංකල් වාහන දෙකෙන් එකකටවත් නගින්නේ නැතුව පයින්ම ගාටනවා වාහන දෙකටම පිටිපස්සෙන්.

 
"අංකල් පයින් කොටන්නේ මොකෝ? නගින්නකෝ මේකට."

"අනේ එපා සෑර්. පයින් ගමන ඇඟට ගුණයි කියනවනේ."

"හෙන්රි අයියේ ඔය යකා පයින් එන්නේ, පොරම බ්‍රෝකර් වැඩේ කරපු වාහනේ පොරටම ෂුවර් නැති හන්දා නගින්න බයේ" කියපු පාලිත මල්ලි කොක් හඬ දීලා හිනාවුනා.

අපි පාර දිගේ වාහනේ ඇදගෙන යනකොට තේ කඩයක් ලඟ හිටි කොලු කුරුට්ටෝ වගයක් "මෙන්න අර ලංකාවටම තුනක් තියෙන එකෙන් එකක් ගෙනියනවෝ" කියලා කෑ ගැහුවා.

ඊට පස්සෙ දවසක මම සුගත්ගේ ගරාජ් එක ලඟ ට ගියාම පොන්ටියැක් එකට මොකද කියලා බලන්න අමතක කලේ නෑ. අපි බලමු ඊ ලඟට එනකොට මේක හදාලා, ටිංකර් කරලා, පේන්ට් කරලා, මනමාලිවගේ අන්දලා තියෙයිද කියලා අපිටත් ටිකක් කරකවලා බලන්න.

ඉතිං උඹලා අහනවා මොනවද බං උඹට නිවාඩු කාලේ ඔය හැටි තියෙන වැඩ කියලා.

Simulblogged in මට හිතෙන හැටි for WordPress Lovers.




116 comments:

  1. ෂා නියමයි ,, මගේ ලොකු මාමට තියෙන්නේ ඔය පිස්සුවමයි .. එයා ආසයි නිකල් මඩ් ගාඩ් තියෙන බෙන්ලි බයික් වලට.. කොහේ හරි තියෙනවා කියලා ආරංචි වුණොත් යාලුවෙකුත් එක්ක යනවා ,, මාත් ඔයවගේ ගමන් ගිහින් තියෙනවා .. එයාගේ පරණ කාර් දෙකක් තිබ්බා ,, ඒවා හදනවා විතරයි පදින්න බැහැ .. අපි සෙල්ලම් ගෙවල් හිටන් \දානවා .. මං මේ ෆොටෝ ටික අම්මට ස්කයිප් එකට දැම්මා එයාට පෙනන්න කියලා . හි හි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්, ඔය කියන්නේ Honda CD 200/185 බයික් එක. ඒක නියම භාණ්ඩයක් තමයි. අම්මා මාමට පින්තූර පෙන්නුවාම මොකද දන්නෙ නෑ කිව්වේ.

      Delete
    2. අද තමයි කතාකලේ..මං ස්ක්‍රීන් ශෙයා කරලා පෙන්නුවා ,,එයාලා ඉන්ටර්නෙට් පාවිච්චියක් නැහැ ඒ නිසා මේ පළවෙනි වතාව වෙන්න ඇති දැකපු.. කට්ටියගේ කොමෙන්ට් දැකලා නැන්දට කියනවා "පේනවා නේද මං විතරක් නෙමේ තව කොච්චර මිනිස්සු මෙවුවට ආසද කියලා " thanks අයියේ

      Delete
  2. මමත් මේ පරන වොක්ස්වැගන් බීටල් එකක් හරි මිනි කූපරයක් හරි හොයනවා,,,පොඩි පිස්සුවක් අල්ලලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. http://ikman.lk/en/ads-in-sri-lanka?query=mini+coorper&category=&location=1506

      Delete
    2. වොක්ස් වැගන් පිස්සෙක් තමයි මමත්...මිනි කූපර් උනත් නරක නෑ...

      Delete
    3. ඩිලාන් VW හොයාගන්න ලේසියි මිනි කූපර් වලට වඩා නේද? මිනි එකත් මාර විදියට මොඩිෆයි කරන්න පුලුවන්නේ රෝද පන්නලා හෙම. පොඩි වුනාට රේස් පදින්න පුලුවන් කා එකක්.
      ස්තුතියි ඇනෝ ලින්ක් එකට.
      ඩීසල් වුනා නම් මාත් කැමතියි සිරා.

      Delete
    4. @ සිරා, ආවහම V W එකක් ගමු. මම කෙල්ලෙකුයි, කාරෙකකුයි දෙකක්ම බලල තියෙන්නේ, කාරෙක ගත්තහම කෙල්ල නිකම්.

      Delete
    5. හුටා යකෝ එහෙමත් පැකේජ් ඩීල් තියෙනවද? කාරෙක විතරකරන් කෙල්ල නොගෙන ඉන්න විදියක් ඇත්තෙම නැද්ද බලාපං. එක්කෝ උඹ VW එක අරන් කෙල්ල සිරාට දීපං.

      Delete
    6. මේ තියෙන්නෙ ලෝකෙ ජනප්‍රියම ඡායාරූප වෙබ් අඩවිය වන Flickr හි වොක්ස් වැගන් පරණ රථ වෙනුවෙන් මම හදපු ගෘෘප් එක...ලෝකෙ වටේම ඉන්න ඒ කාණ්ඩයේ වාහන රසිකයො මේ සදහා එවපු ෆොටෝ මෙතනින් බලන්න පුලුවන්....
      http://www.flickr.com/groups/vw_beetle/pool

      Delete
    7. ඇත්තමයි කම්මලා අයියා...ලගක හිටියා නම් උඹේ කටට හලනවා ගල් භාගයක්....වැඩේ අල්ලගෙන ඉන්න...ආව ගමන් ඩන්ස්ටන් අයියත් එක්කම බලන්න යමු....

      Delete
  3. ලංකාවේදී මේ කාර් අලුත්වැඩියාව අමාරු වැඩක්. නමුත් මේ වාහන අදාළ සමාගම හෝ එවැනි වාහන මුල් තත්වයට අලුත්වැඩියා කර සහතිකයක් සමග ආපහු දෙන සමාගමක් වෙත නැව් මගින් යවන්න පුළුවන්. හැබැයි මිලියන ගණනක පිරිවැයක් දරන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් විචාරක කියන දේ ඇත්ත. දෙවෙනි ලෝක යුද්දේ පාවිච්චි කරපු Fokker, Messerschmidt, වගේ ප්ලේන් වලටත් අමතර කොටස් හදන පුංචි පුංචි සමාගම් තියෙනවා. ඔය විදියට කාර් ගොඩ දාන බ්‍රිතාන්‍ය වැඩ සටහනක් මේ දවස්වල National Geographic Channel එකෙත් පෙන්නනවා Car SOS කියලා.

      ඔය වාහන ප්‍රතිසංස්කරනය කරන වැඩේ ලංකාවෙත් කරනවා. ඔය පොන්ටියැක් එක ගෙනිහින් දාලා තියෙන ගරාජ් එක අපේ ගෙවල් පැත්තේ තියෙන ඒ වගේ එකක්. එතන ඔය වගේ තව වාහන තියෙනවා. සමහර ඒවට අමතර කොටස් කෙලින්ම අමෙරිකාවෙන් DHL කරලා ගේන්නේ වාහන වල අයිති කාරයෝ.

      ඒවත් ගොඩද අගන්නකොට මිලියන් ගානක් යනවා ඇති.

      Delete
  4. //ඉතිං උඹලා අහනවා මොනවද බං උඹට නිවාඩු කාලේ ඔය හැටි තියෙන වැඩ කියලා.//
    කතාවේ හොදම කෑල්ල ඕක.
    අනුන්ගේ වැඩක් කිව්වොත් ඉතින් උබටත්........
    මේ,කළු ඉටි රෙද්දකින් වහල තියෙන රතු පාට ලඩිය ගන්න හිතුනේ නැත්තේ මොකෝ බං?
    මං දන්නා එකෙක් හද්ද පරණ කාර් එකක් අරගෙන හැදුව අවුරුදු ගානක්ම.මයිනර් එකක්ද කොහෙද.හරියට මතක නෑ.මරු වැඩේ කියන්නේ දවසක් ඕකේ යට පැත්තෙන් පදාසයක්ම මහා පාරේ ගලවන් වැටිලා.ටින්කරින් කොන්ත්‍රාත් ගත්තු බාස බාගෙට වැඩේ ශේප් කරලා මාරු වෙලා තියෙන්නේ.ලස්සනම සිද්දිය තමයි,කාර් එකේ අයිතිකාරය බිල්ඩින් කොන්ත්‍රාත් ගන්න එකෙක්.
    උබේ කොන්ත්‍රාත් වැඩත් ඔහොම්මම වෙන්නැති කියල උට තව කාඩ් එකක් වැදුන එකයි වුනේ.

    ReplyDelete
    Replies
    1. >>අනුන්ගේ වැඩ කිව්වොත් ඉතිං උඹටත්<<
      ඔව් බං. නිවාඩුවට විතරනේ උන්ව ආශ්‍රය කරන්න ලැබෙන්නෙත්. අනික මමත් කැමතියි ඔය වගේ චාටර් කන්න යන්න.
      ඇත්තෙන්ම ඒ ඉටිරෙද්දෙන් වහපු ලඩිය ගැන ඉන්ටරෙස්ට් එකක් නැත්තේ මොකද කියලා මමත් ඇහුවා. පොර ඒ වෙලාවේ උනන්දුවක් පෙන්නුවේ නෑ. ඒක එහෙම තිබ්බට පොඩි ක්‍රේන් එකක් පිටිපස්සේ හයි කරපු ට්‍රක් එකක්. මම මුලින්ම හිතුවේ ෆයර් ඩිපාට්මන්ට් එකේ එකක් කියලා.

      කොන්ත්‍රාත් කාරයට හොඳම වැඩේ බං. :D ඔය කලකම් පළදෙනවා වෙන්නැති. ඇයි උඹ අහලත් ඇති, ඔය දෙකට කපපු වාහන ගෙනල්ලා මෙහෙදි බඩ් කරලා හොරට පොත් හදලා රෙජිස්ටර් කරලා දුවනකොට හැප්පිලා දෙකට කැඩිලා ගිය සිද්දි තියෙනවා.

      Delete
    2. අඩේ ඔව්මයි නේහ්හ්....දැන් දැක්කේ ඒක ක්‍රේන් එකක් කියල.මං හිතුවේ පරණ සෆාරි ජීප් එකක් කියලනේ.හෙහ් හෙහ්...

      Delete
  5. ඔයා දන්නවද ගෑල්ලමයින්ට තියන මේනියාව?

    ඩ්‍රෙස්මේනියාව හිහ්....:))

    කිවුවත් වගේ සිරා අයියට නම් ගොඩක් ආස හිතෙයි මේ පෙස්ටුවට:)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම නංගි...මගේ කට දෙපැත්තෙන් ආශාව වැඩිකමට පෙරෙන කෙළ පිහ දදා මේක කියෙව්වෙ...

      Delete
    2. ඩ්‍රෙස්මේනියාව පිරිමින්ටත් තියෙන බව ඔයා දන්නෙ නැද්ද. ඒ ඔය අනිත් මේනියාවන්ට අමතරව.

      ඔව් රෙහානි හරි. ඔය සිරාම කියලා තියෙන්නේ.

      Delete
  6. නැතිවෙනවනං ඔන්න පොට පුතේ !!!!

    අර රතු පාට එක විලිස් ජිප් එකක්ද ඩූඩ් ? ගැරිජ් වල ව්හාටරේ නං ඕනෙම නෑ.. ඕව දකිද්දි ඇඟත් එක්ක හීතල වෙලා යනවා බං !!!

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලි, මේක Willys-Overland Motors හදපු Willys-Overand Jeepster හරි Willys Jeep Truck එක හරි වෙන්න ඕනේ. මම විකිපීඩියා එකේ බැලුවාම ඒ දෙක තමයි සමාන හැඩ හුරුකමක් පෙන්නන්නේ.

      හනේ ඔව් බං. මම් නම් මේවගේ ඒවට ඔලුව ගහන්න යන්නේ නැත්තේ මට ඕවගේ වියදම් කරන්න සල්ලිවත්, ගරාජ් වල රස්තියාදු වෙන්න වෙලාවක්වත් නැති හන්දයි. නමුත් මම ඉස්සර ඉඳන්ම ආසා VW Golf Mark II එකක් නම් කොහොම හරි ගොඩ දාගන්න ඕනේ.

      Delete
  7. /* අපි කොහොමත් ආසයිනේ අනිත් අය අපි ගැන හිතන හැටි දැනගන්න.*/

    හොඳ කියනවා නම් විතරයි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. ඒ වුනාට සමහරවිට අරූ මොනවද මං ගැන කිව්වේ? බැන්නද කියලත් සමහරු විපරම් කරනවා මම අහලා තියෙනවා කකා.

      Delete
  8. මේ අපෙත් ඔය ජාතියෙ එක්කෙනෙක් ඉන්නවෝ....

    ( හොඳ වෙලාවට ඕවා ගන්න සල්ලි නැත්තෙ... නැත්තං මහ විනාසයක් ... හි හි)

    ReplyDelete
    Replies
    1. එයා ගාව තියෙනවලු Austin A40 යක මැනුවල් එකක් නං... කාර් එකට වඩා පොඩ්ඩක් බර අඩුයිලු... හැබැයි කාර් එකක් නං නෑ... හි හි

      Delete
    2. Austin A40 එච්චරම දුර්ලභ ඝනයේ වාහනයක් නෙමෙයි හිරුවො...ඉරිදා ලංකාදීපෙ එක්ක දෙන ලහිපිට අතිරේකයේ තාමත් එවැනි කාර් විකුණන හෝඩුවාවල් වැටෙනවා...අපේ මහත්තයා එක්ක කථා වෙලා ගත්තොත් නරකද ?

      Delete
    3. මැනුවල් එකත් සෑහෙන වටිනවනේ. ඔය වගෙ කාර් යාපනේ නම් සෑහෙන්න තිබුනා දැක්කා. විශේෂයෙන්ම A30.

      Delete
  9. මාත් ආසයි ඩූඩ් අයියෙ පරණ වාහන වලට නම්. ඒත් හැබැයි මේ වගේ වාහනයක් ගන්නවා කියන්නෙ දරුවො හත් අට දෙනෙක් එක්ක කටකාර වඳකාර ගෑණියෙක් කර ගහ ගත්තා වගේ තමානෙ.

    ඒත් ඉතින් අන්දලා මේකප් කරලා ගත්තම දහ අටේ කෙල්ල වගේ පේද්දි තියෙන සතුටනම් කියලා වැඩක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඊටත් එහා බං. මමත් ඔය ඇන්ටික් බඩු අනිත් එවුන් ලඟ තියෙනවා දැකලා සතුටක් ලබනවා මිසක්, අයිති කරගන්න ආසාවක් දක්වන්නේ නෑ.

      Delete
  10. මහින්ද ළඟ දැන් අන්ටික් කියක් විතර තියනවා ද ඔය එකතු කරන හැටියට. පොන්ටියැක් එකේ පෙනුම නම් මරු.. පරණ ෆිල්ම් වල හෙම තියනවා නේද ඕවා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ පහක් විතර තියෙනවා. සමහර ඒවා විකුණලත් තියෙන නිසා මම හරියට දන්නේ නෑ.

      ඔව් චන්දන, ඔය පිටිපස්සේ ත‍ටු දෙක වගේ තියෙන ස්ටයිල් එක 50 දශකයේ හුඟක් අමෙරිකන් කාර් වලට තිබිලා තියෙනවා. විශේෂයෙන්ම කැඩිලැක්

      Delete
  11. අපි මේ සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් අරන් විදවනවා , අන්ටික් ගැන කවර කතාද

    ReplyDelete
    Replies
    1. මොකෝ යසිත් එච්චර විඳවන්නේ? මොකක්ද වාහනේ?

      Delete
  12. මචං අර විලීස් ඔවර්ලෑන්ඩ් එක විකුනන්න අදහසක් නැද්ද බලහන්කො. නැත්තං බ්‍රෝකරයගෙ නම්බරේ මේල් කරහන්.

    පොන්‍යැක් එකට කීයක් දුන්නද කියල ඇහුවට කමක් නැද්ද? නම්බරේ විදියටනං 56 විතර නිසා පොතේ ඇති ලංකාවෙ හොඳ දළ කාරයො ටිකක් නේද? කෙළ පිහදාන්න ටිෂූ ගානක් ගියා මේ පොසෙට් එක බලද්දි :D

    ReplyDelete
    Replies
    1. මෙන්න භාන්ඩෙ - Pontiac Star Chief 4 Door

      හදල ගත්තම ගින්දර වගේ තියෙයි. ඕකෙ වටිනාකම වැඩියි මොකද දොර හතර නිසා.

      Delete
    2. මචං. මම උඹ නිසාම මහින්දයට ඊයේ කතා කලා. පොර ළඟම නෑදෑයෙකුගේ මළ ගෙදරක හිටියේ. උඹ මට (henry_jayawardene@yahoo.com) මේල් එකක් එව්වොත් මම මහින්දයගේ ෆෝන් නම්බර් එක උඹට දෙන්නම්. මම ඒකට අවසර ගන්න තමයි කතා කලේ ඌට.

      ඌ ඒක කීයකට ගත්තද කියලා මට උඹට කියන්න බෑ ඒක උගේ පුද්ගලික කාරනයක් නිසා. පොතේ තියෙන නම් නම් මටත් බලන්න ආසයි.

      අනිත් ප්‍රශ්ණ උඹම උගෙන් අහපන්කෝ. හැබැයි දවස් දෙකතුනක් දියන් අර මළ ගෙදර නිසා ඌ එහෙ වැඩ.

      උඹේ ලින්ක් එකට මමත් ගියා. ඔව් මචං. මේක ජෙනරල් මෝටර්ස්ම කැනඩාවේ හදපු එක. ඒක USA වලට export කරන්න නෙවෙයි හදලා තියෙන්නේ. ඒකෙ නමේ වෙනස ඒක වෙන්න ඇති.

      Delete
    3. ස්තූතියි මචං!

      මම එකේ මෙසේජ් එකක් දාන්නං. ඒකට එවහන්.

      Delete
  13. ඩූඩ්........මේක කියවනකොට මට මතක් වුනේ මගේ පරණ යාළුවෙක්ගේ මස්සිනා ලාල් අයියා. වැඩ කරේ ඕටොමොබයිල් ඇසෝසියේශන් එකේ 1970 ගනන්වල. කාර් එකතු කරන්න තරම් සල්ලියක් නොතිබුනාට ඒ ගැන දැණුම ඉහලයි. ඒ කාලේ AA වැඩ කරන අයට දීලා තිබුනේ Triumph, BSA, BMC වගේ මෝටර්සයිකල්. මෙයා ගාවත් එකෙන් අයින් කරපු ROYAL ENFIELD, JAWA, HERCULES, MOTO GUZZI වර්ගයේ ඒවා තිබුනා.
    මටත් ඕවගේ පිටිපස්සේ වාඩිවෙලා යන්න ලැබුනා. නැගගන්නවත් බැහැ මට. මහ බරසාර සද්දන්ත බඩු.

    ලාල් අයියා මොරිස් මයිනර් පිස්සෙක්.

    එංගලන්තයේ මොරිස් මයිනර්ස් restoration වැඩ හරි උනන්දුවෙන් කරනවා.

    1980 ගනන් වල හම්බන්තොට හිටියා නියම මොරිස් මයිනර් බාස් කෙනෙක්. මිනිහා නැති වෙලාවට මයිනා කියලා කියන්නේ. අම්බානක බොනවා.

    ReplyDelete
    Replies
    1. මචං අරක BMC නෙවෙයි, BMW වෙන්නැති නේද? අපේ තාත්තටත් තිබ්බා බං 2 ශ්‍රී BSA C15 Star model එකක්. 250cc. මම නම් ඒක පැදලා තමයි අවුරුදු 14දි උසාවි ගිහින් දඩේකුත් කෑවේ.
      එංගලන්තේ තවම මොරිස් මයිනර් වලට උනන්දු අය ඉන්නවා කියලා මටත් දැනගන්න ලැබුනා. ඒක නෙවෙයි. මට ටිකක් කියාපංකෝ අර ලන්ඩන් ටැක්සිගැන සහ ඩබල් ඩෙකර් ගැන. ඒ ලන්ඩන් ටැක්සිය අලුතෙනුත් හදනවා නේද ටිකක් පරණ තාලෙ පේන්න? එහෙම තිබ්බට ඒවයේ තියෙන්නේ අලුත් එන්ජින් මම හිතන්නේ. ඩබල් ඩෙකර් ගැනත් කියාපංකෝ. අර උඩ ඇරපු ඩබල් ඩෙකර් එකේ කොහොමද බං winter එකට යන්නේ?

      Delete
    2. මචං.....ලන්ඩන් ටැක්සි කියන්නේ ලොකු ඉතිහාසයක් බව උඹ දන්නවානේ. Hackney carriages,Black Cabs නම් වලිනුත් කියනවා. දැන් නම් කළු පාටට අමතරව වෙනත් පාටත් ගානවා. මේවා යාන්ත්‍රික පැත්තෙන් මොඩිෆයි කරත් පෙනුම පරණ විදිහමයි. දැනටත් නිශ්පාදනය කරනවා සෑහෙන්න ප්‍රමාණයක්. වීල්චෙයාර් එකක් ඇතුලට ගන්න පුළුවන් විදිහටත් තියෙනවා. රියදුරා එක්ක කතාකරන්න ස්පීකර් සිස්ටම් එකක් තියෙනවා. ලන්ඩන් වගේ ලොකු නගරවල තමයි තියෙන්නේ.

      මේකේ රියදුරෙක් වෙන්න ලේසි නැහැ. අවුරුදු 3-4ක් විතර යනවා ටෙස්ට් එක පාස්වෙන්න. මේ ටෙස්ට් එකට කියන්නේ The Knowledge කියලා. ලන්ඩනයේ තියෙන හැම පාරක්, හැම වැදගත් ස්තානයක් සිතියමක් නැවිගේටර් එකක් නොබලා යන්න හැකියාවක් තියෙන්න ඕන රියදුරාට. මේ ලයිසන් එක ගන්න ලේසි නැහැ. බ්ලැක් කැබ් ඩ්‍රයිවර් කෙනෙක් කියන්නේ පොරක්.

      හැතැප්මයකට පවුම් 6-7ක් චාර්ජ් කරනවා. වැරදිලාවත් නගින්න එපා. මේ ටැක්සි හදන කම්පැනියක් චීනුන්ට විකුණුවා. ලොකු හාහෝවක් ගියා. මේක ලොකු බිස්නස් එකක්.

      ඩබල් ඩෙකර් බස් නම් තාම ඕන තරම් නගරවල තියෙනවා. කොන්දා ඉන්න අපේ රටේ තිබුනු මොඩ්ල් එකත් එකක් හෝ දෙකක් තියෙනවා. ඒකකට නැග්ගාම අතීතය මතක් වෙනවා.

      උඩ ඇරපු ඒවා තියෙන්නේ සිටි ටුවර්ස් වලට. වින්ටර් එකට කොහොමත් ඇඳුම් ලේයර්ස් 4-5ක් අඳින්න ඕන නිසා එහෙම ඇඳගෙන පට්ට සීතලේ ඕවා උඩ වට පිට බල බල ආතල් ගන්න ටුවරිස්ට්ලා ඕනතරම් ඉන්නවා. සීතල නම් අන්තිම කට්ටක් ඩූඩ්. ඒ මදිවට හීටින්ග් බිල් කටුකයි.

      Delete
    3. හෙන්‍රි,

      ඔය ලන්ඩන් කැබ් මෙහෙත් තීනව. හැබැයි ඔය කිව්ව වගේ අමාරු සීන් එකක් නෑ. ඒව හදන්නෙ ටොයෝට කම්පැනි එකෙන්. පෙනුම අර වගෙමයි, ඇතුල සුව පහසුයි.

      මම හිතන්නෙ සින්ගපුර්, හොන්කොන්, බහරේන් සහ ලන්ඩන් වල විතරයි තාම ඔය කැබ් පාවිච්චි වෙන්නෙ!

      අනික මෙහෙ, සින්ග සහ හොන්කොන් වල ලන්ඩන් කැබ් සහ අනෙක් කැබ් කියල ගානෙ වෙනසක් නෑ. බලනකොට ලන්ඩන් වල නමට හින්ද තව ගානක් ගන්නව වගෙ!

      Delete
  14. මුලින්ම කියන්න ඕනෙ...කාලෙකට පස්සෙ පුදුම ආශාවකින් කියවපු බ්ලොග් පෝස්ටුවක් බව...මට මේ කාර් ටික දකිද්දි ආශාව ඉහ වහා ගියා බොලං...මේ තියෙන වාහන වලින් මන්ත්‍රී මොඩ්ල් ජිප් එක තවමත් ලංකාවෙ හොද මාකට් එකක් තියෙන වාහනයක්...පොන්ටියක් කාර් එක නම් පළවෙනි වතාවට දැක්කෙ...ඒකෙ තියෙන බරසාර පෙනුමෙන්ම පේනවා ඒ කාර් එකේ වටිනාකම...නිකල් කෑලි බෑලි ටික දිලිසෙන්න පොලිෂ් කරලා පේන්ට් එක ගහලා ගත්තම...මගුල් හයර්ම දුවන්න සැට් වෙයි අම්බානක...

    අපේ ගෙවල් පැත්තෙ ඉන්නවා හාදයෙක් වාහන වයරින් වැඩ කරන...මිනිහා ලංකාවෙ ඉහළම පෙලේ මුදලාලි කෙනෙකුගේ අතිශයින් පරණ ඉතාම හොදම තත්වයේ වාහනයක් දීලා තියෙනවා පදවගෙන ගිහිල්ලා හදලා ගෙනත් දෙන්න....අපේ වැඩකරු ඩිමෝ එකේ කාලයක් වැඩකරලා අයින් වෙච්ච කෙනෙක්....ඉතිං මේ වාහනේ මග දිගට එනකං තරුණ ජෝඩු එළවගෙන ඇවිල්ලා අහනවලු අපේ වෙඩිමට දෙනවද කියලා...තවත් අය විකුණනවද කියලා අහනවලු...බැරිම තැන මිනිහා කාඩ්බෝඩ් කෑල්ලක් එල්ලලා විකිණීමට නොවේ කියලා...

    පරණ වාහන එකතු කරන මට හමුවෙලා තියෙන හැමෝම වගේ හරිම සුහද මිනිස්සු...ඒ අයගෙ හිත් වල සෞන්දර්යාත්මක සිතුවිලි තියෙන නිසයි මෙහෙම වැඩකට පෙළඹෙන්නෙ...ගම්පහ ලංකේෂ් උත්සව ශාලාව පිටුපසත් ගම්පහ ප්‍රසිද්ධ නීතිඥ මහතෙකුට අයත් පුද්ගලික පැරණි වාහන එකතුවක් තියෙනවා...එතන යුරෝපා වගේම ඇමරිකානු වාහනත් කීපයක්ම තියෙනවා හොදම තත්වයෙන්....ගම්පහ උඩුගම්පොල තියෙන තවත් මෙවැනිම තැනක තියෙනවා පරණම බස් රථයක්...ඒ වාහනේ අයිතිකරු කොහොමවත් විකුණන්නෙ නෑලු...වටිනාකාම කෝටි 3 ඉක්මවා යනවා කියලයි කියන්නෙ...ඊලග වතාවෙ ලංකාවට ආවම මේ දේවලුත් බලන්න...මම ලංකාවට ගියාම ඒ දේවල් බලලා ෆොටෝ ගහලා ලිපියක් ලියන්නම්...

    ඔය කොළඹ තිබ්බ තේ සමාගමක් මූල්‍ය පැත්තෙන් සෑහෙන පහළට වැටුනා එහි හිමිකරුවාගෙ පරණ වාහන ආශාව නිසා....ඔහු කෙතරම් වියදමක් ගියත් පරණ වාහන හොයාගෙන මුල් තත්වයටම අලුත් වැඩියා කරන කෙනෙක් කියලා එතන සේවය කරපු මගේ මිතුරෙක් කිව්වා....වරක් එතුමා හොය හොයා හිටිය දුර්ලභ වර්ගයේ වාහනයක් කුරුණෑගල පැත්තෙ පොල් වත්තක් මැද තියෙනවා කියලා ඔත්තුවක් ඇවිල්ලා සහ පිරිවර සමග බලන්න ගිහිල්ලා.. වත්තෙ හිමිකරුවා කිව්වලු අවුරුදු 30 කට කලින් නවත්තපු විදියටම තමයි තාම තියෙන්නෙ කියලා...වාහනයක් පේන්න නැති උනාට එක තැනක කැලයක් වගේ තිබුනලු...ඒ කැලේ කපාගෙන යද්දි වාහනේ මතු උනාලු...වාහනේ පොළවට පස් වෙන්න ඔන්න මෙන්න තත්වයේ තිබිලා තියෙන්නෙ...අර ලොක්කා වාහනේ අතගාලා මළකඩ සුවද විදගත්තලු...ඊට පස්සෙ වාහනේ යටට පොල් ලීයක් දාලා උස්සනකොට....කාර් එක දෙකට කැඩිලා...නමුත් කෝටි ගානක් වියදම් කරලා පිටරටකය යවලා වාහනේ ගොඩ දාලා තියෙනවා පස්සෙ කාලෙක...බලන්න ඇන්ටික් වාහන ප්‍රේමීන් තමන්ගෙ ආයතන බංකොලොත් උනත් මේවට පෙම් කරන ආකාරය...

    මගේ මිත්තරයා රත්නපුරේ කසුන්ට ඔත්තුව දෙන්නං අතන තියෙන පරණ බයිසිකල් විකුණනවා නම්..මතකනෙ කසුන් ලග තියෙන ඇන්ටික් රාජයො ටික...මෙතැනින් කියවන්න මගේ ඇන්ටික් බයිසිකලේ ලංකාවෙ තනිවෙලා ඉන්න හැටි මතක් වෙද්දි මට වාවන්නෙ නෑ අයියෝ....

    මෙවැනි ලිපියක් ලිව්වාට මගේ ව්‍යාපාරික සහකරු හෙන්රි උතුමාට මගේ අක්මාවෙන්ම මෙව්වා එක පුද කරමි.

    ReplyDelete
    Replies
    1. සිරාට ආතල් එක වැඩි කමට පොස්ටුවක්ම දාලා ..:D

      Delete
    2. මේ එළකිරි කමෙන්‍ටුවට මගේ පාට්නර්ට හිස් වැසුම ඔසවා ඩබල් සැලියුට් ගසා ආචාර කරමි.

      ඇත්තෙන්ම මගේ පෝස්ට් එකට වඩා රසයි උඹේ කමෙන්ට් එක. තව මතක් වුනොත් කියාපං.

      උඹේ ඇන්ටික් බයික් එකට ගැලපෙන ඇක්සෙසරීස් හෙම ඔහේ ඇතිනේ බං.

      Delete
    3. සිරා, සමර්විල් කියන තේ සමාගමේ අයිතිකරු තමයි මේ වාහන වලට ආදරේ කරපු කෙනා, මම ඒ හැම වාහනයක්ම දැකල තියනව. ඔහුගෙ ව්‍යාපාර පහලට වැටුනෙ මේ වාහන හින්ද නෙමේ, වෙනත් හේතු හින්ද.
      ලංකාවට ආවහම පරණ වාහන තියන තැනකට එක්ක යන්නම්.

      Delete
    4. කම්මල අයියා හරියටම හරි...එතන තමයි පොට් එක....

      Delete
    5. කිව්වට විශ්වාස කරන්න හෙන්රි අයියා...මෙහෙ ඉන්දියානු වාහනයක් දකින්නෙ ඉතාමත්ම කලාතුරකින්...ඒකත් බොහෝ විට ටාටා ලොරියක්...කාර් නම් එකක්වත් දැක්කෙ නෑ...පරණ බජාජ් ස්කූටර් එකක් දෙකක් ඇරෙන්න වර්තමාන බයික් කිසිවක් නෑ....මැලේසියාවේ සහ ජපානයේ නිෂ්පාදනය කරන වාහන තමයි මෙහෙ වැඩිපුර තියෙන්නෙ...වෙස්පා ස්කූටර් වල අලුත්ම මාදිලි තමයි ස්කූටර් වෙළදපොල ජය අරගෙන තියෙන්නෙ...

      Delete
  15. නැවක් වගේනෙ සයිස් එක :D හදපු කාලෙක පොටෝ ටිකක් ඇරන් තව පෝස්ටුවක් ලියන්නකෝ :)
    මමනම් ඔය පරන ඒවගෙන් ආසම මිනි කූපර් එකට තමා, සරලයි සැහැල්ලුයි පට්ටයි :)

    ReplyDelete
    Replies
    1. නැවක් වගේ තමයි. පෙට්‍රලුත් බොනවා ඇති. ඔව් ඒ වැඩේ කරන්න ඕනේ.

      මාත් ආසයි මිනි කූපර් එකට. නමුත් පුංචි වැඩියි බං.

      Delete
  16. මටත් හිතිලා තියෙන්නෙ පොඩි කාර් පොඩ්ඩක් ගන්න. අලුත් එකක් ගන්නවද පරණ එකක් ගන්නවද? කොහොමද ගන්නෙ තාම හිතාගන්න බෑ වාහන ඔස්තාද් කෙනෙක්ට පුළුවන් නම් තමුන්ගෙ අත්දැකීමුත් ඒ ගැන පෝස්ට් එකක් දාන්න පිංසිද්ධ වෙයි. :)

    මමත් ඔය වගේ ඇන්ටික් වාහන වලට ආසයි. ඒත් ඉතින් හදාගන්න කටුකන්න බැනෙ. අනික කබලකට එකකට අහුවුනොත් විනාසයිනෙ.

    ReplyDelete
    Replies
    1. මේ, 'හොඳ ලස්සන චූටි වාහනයක්' ගන්න. වෙන මොකවත් ගන්න එපා. වාහනේ අරන් පල්ලියට යන දවස අපිටත් කියන්න. :D

      Delete
    2. හෙක් හෙක්! විචාරක කියන කතාව ඇත්ත හරී. පල්ලි යනකොට අපිටත් කියාපං. ඔහේ හිටියොත් එන්න බැරියැ.

      සිරාවටම.
      ජපන් එකක් ගනිං ඉන්දියන් එකක් නැතුව
      ඩීසල් එකක් ගනිං පුලුවන්නම්.
      අලුත් එකක් අමාරු නම් පාවිච්චි කරපු එකක් වුනත් වරදක් නෑ ජපන් එකක් නම්.
      දැන් කොරියන් කාරුත් මාකට්.

      Delete
  17. ඇ හෙන්රි අයියේ ඒ කාර් එකේ පෙනුම උඹේ වැන් එකට වඩා හොදයි නේද
    ,

    ReplyDelete
    Replies
    1. හැහ් හැහ්! ඇයි බං, කවුරුහරි නාකි ගෑණු කෙනෙක් මලාද ඇරල්ඩයිට් වතුර බීලා? :D

      Delete
  18. අන්තිම වන්ඩිය නම් එළ..

    මම ආසයි පරණ කාර් කටු වලට.. ඒත් බං ඕව හදන්න අලුත් එකක් ගන්න යන සල්ලිම යයි නේද?

    ReplyDelete
    Replies
    1. හපොයි ඔව් බං. ඒකයි මමත් ලස්සන් බලලා සැනසෙන්නේ. ඕවට පාට්ස් හොයන්න ගියාමත් ඔය වගේමයි. සමහර ඒවා පට්ටලේ ලියවන්න ඕනේ.

      Delete
  19. එකම ප්‍රශ්නෙ පෙට්‍රල් පිච්චෙන ප්‍රමානෙ තමා ..නැත්තන් හොඳම ආරක්ෂාව ..යකඩ ගොඩක්නෙ.

    ReplyDelete
    Replies
    1. පෙට්‍රල් පිච්චෙන එක නම් හදන්න වෙන එන්ජිමක් තියන්න වෙයි වීයා.

      ඇත්තෙන්ම යකඩ ගොඩ නිසා ආරක්ෂාවක් නෑ මචං. එතකොට අර crumple zone එකේ ආරක්ෂාව ලැබෙන්නේ නෑ අපි එහෙම හිතුවට. පොඩිපට්ටම් වෙනකොට ඒකෙනුත් සෑහෙන ආරක්ෂාවක් ලැබෙනවා ශක්තිය ඒකට උරාගෙන.

      Delete
  20. මටත් තියෙන ලොකුම මේනියා එකක්! 2 ශ්‍රී vespa එකක් හොයා ගත්තා. පළවෙනි පඩිය හම්බ වෙච්චි දවසේ ඉඳන් කරන්න පටන් ගන්නේ මේ වගේ දෙයක් තමයි!

    ReplyDelete
    Replies
    1. නාඩියා උදව්වක් අවශ්‍ය උනොත් කියපන්...බුකියට හරි ඒකෙ පින්තූර ටිකක් දාහන්කො...

      Delete
    2. Vespa කියන්නේ ඉතාලියෙ හදපු ඔරිජිනල් එකනේද? ඒක කොපි කරලා තමයි මම දන්න විදියට බජාජ් හැදුවේ.

      සුභ පැතුම් නාඩියා. ඕක ගොඩ දාගන්න ලැබේවා.

      Delete
    3. මගේ ලිපියෙ ඒ ගැන වැඩි විස්තර තියෙනවා...

      Delete
    4. නාඩියා, මටත් ඔයඅමාරැව තියෙනව. මමත් ඉදල ඉදල ඉවසන්න බැරිව අම්මගෙන් සල්ලි ඉල්ලගෙන lambretta vega එකක් අරගෙන කෑලි නැතිව ගේ පිටිපස්සෙ දාල තියාගෙන ඉන්නව.

      Delete
  21. ඔය මේනියා එකනම් මටත් ලාවට තියෙනවා.. හැබැයි තාම ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් ලැබිලා නෑ.. තව ඉස්සරහට පුළුවන් වෙයිනේ.. එදාට බලමුකෝ..

    ReplyDelete
    Replies
    1. බලමු. එක හීනෙන්ම එලි වෙන්නේ නෑනේ, දිනේෂ්.

      Delete
  22. මගෙත් යාලුවෙක් ඉන්නවා ජීප් පිස්සුවක් තියන. යාලුවට විතරක් නෙමෙයි, උන්ගේ තාත්තට, මාමට ඔක්කොටම තියනවා ඒ පිස්සුව.

    මේ කාර් ජාතිය එච්චර දුර්ලභ නෑ නේද බං? (අර ලංකාවට තුනයි කතාව නිසා ඇහුවේ). මොකද මේකක් තිබ්බා අපේ මාමෙකුටත් අසූ මැද ගණන් වල.

    ReplyDelete
    Replies
    1. ඔය මහින්දයටත් තියෙනවනේ ජීප් පිස්සුව. ජීප් වලට ඇබ්බැහි වෙච්ච එකාට ඒකමයි ඕනේ.

      මේ කාර් එක දුර්ලභයි තමයි මචං. මේ වගේ කාර් තියෙන බව ඇත්ත. නමුත් මම මේවගේ පොන්ටියැක් එකක් දැක්කමයි.

      පිටිපස්සේ මේ වගේ ත‍ටු තියෙන කාර් පනහ දශකයේ විලාසිතාවක්ලු.

      Delete
  23. මටත් ඒ දවස් වල මාර ආසාවක් තිබ්බා ජිප් වලට. විලීස්, මිටිසුබිෂී කොට මොඩල් ජිප් (ටාර්පොලින්) එක දාපු. රට වටේම ඕවා බල බල පැද පැද ගියා. ඒත් කවදාවත් ගත්තේ නෑ. ඇන්ටික්කෝ දෙතුන් දෙනෙක්ම මට ඉන්නවා අදුනන. උන් හැබැයි අන්තිමට හොද ගානක් හොයාගන්නවා අනික ආමි එකේ ඔක්ෂන් දාන ඩිෆෙන්ඩර් පරණ ජිප් එහෙම ගත්තා. පස්සේ හදල විකුණුවා. දැන්නං ඒවා ඔක්ෂන් දාන්නැතිව ඇති මහරජා සල්ලි දීල කෙලින්ම ගන්නවද මන්දා

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඔය ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවල ඔක්ෂන් දාන වාහන ගන්න එකම පොරේ. හැබැයි ඒවා කොහොමහරි යන්නේ ඒ ඒ තැනට හරියට ඇනේ ගහන්න දන්න පුරුදු කාරයොන්ටම තමයි.

      Delete
  24. එක එක්කෙනාගේ ආශාවනේ. මම නම් ආස අලුත්ම වාහන වලට.

    ReplyDelete
    Replies
    1. මාත් එහෙමයි බං. අලුත්ම ඒවා ගන්න සල්ලිනේ නැත්තේ. මටත් අර KIA Sportage හෙම දැක්කම කෙල ගිලෙනවා.

      Delete
    2. චික් විතරක් අපේ නං කෙල හැලෙන්නේ ලුම්පන් පන්නයේ රේන්ජ් රෝවර් වලට..

      Delete
  25. ඔය වගේ යකඩ ගොඩවල් වලට පෙම් කරන්නනං ඉතිං හොඳ සල්ලියක් වියදං කරන්න වෙනවනෙ. මමනං ඕවට ආස නැත්තෙ වෙන මොනවත් හින්ද නෙමෙයි කොන්ට්‍රෙ‍ා්ලින් වල තියෙන අවුල නිසා.

    දැං ලංකාවෙ සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක්වත් නඩත්තු කරන එක සාමාන්‍ය මිනිහෙකුට අමාරු වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඔව් බං ප්‍රසන්න, උඹටයි මටයි මේවා හරියන්නේ නෑ. ඇත්තෙන්ම පවර් ස්ටියරිං තියෙන, ඩිස්ක් බ්‍රේක් තියෙන වාහනයක් එලවලා මේවා එලවනකොට පිස්සු හැදෙනවා ඇති.

      ඔය නඩත්තුවේ අපහසුව කවදත් තිබ්බා ප්‍රසන්න. එහෙමයි කියලා වාහනයක් නැතිව ඉන්නත් බෑ බං. ඒක තවදුරටත් සුඛෝපබෝගී දෙයක් නෙවෙයි. අත්‍යාවශ්‍ය දෙයක්, නැද්ද?

      Delete
  26. හැබැයි ඔය වාහන හදලා පාට කරලා තියෙන හැටි දැක්කම ආසාවේ බෑ .එත් ඕවා ගොඩ දාන්න පුදුම කට්ටක් කන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මමත් ආසයි එහෙම හදලා තියෙනහැටි බලන්න. ටිංකර්, පේන්ටිං වැඩ ඉගෙන ගත්තා නම් මම හිතන්නේ සෑහෙන වැඩක් තමන්ටම කරගන්න පුලුවන්.

      ඕකේ තියෙන රහස වාහනේට අපහාස කරන කම්මැලි, රින ආකල්ප තියෙන, බැරි බණේම කියවන බාස් කෙනෙක් නැතුව වැඩේට ආදරෙන්, කරන වැඩේ හරියට කරන කෙනෙක් අල්ලා ගන්න එකයි.

      Delete
  27. අපේ ගෙදර තිබුනා පරණ මොරිස් මයිනර් එකක්. ඒක අපේ සීයා බ්‍රෑන්ඩ් නිව් විදිහට ගත්තු එකක්ලු. සීයා නැති උනාට පස්සෙ ඒක ගෙදර ගැරේජ් එකකට දාල තිබ්බෙ. කවුරුත් පාවිච්චි කලේ නෑ. මාමා පස්සෙ කාලෙක ආපහු ඒක හොඳටම හැදුවා. ගොඩක් අය ඒක දැකල ඉල්ලුවට අම්මවත් මාමාවත් ඒක දුන්නෙ නැත්තෙ එයාලට ඒකේ ලොකු sentimental value එකක් තියෙන නිසා. ඒත් ඊයෙ අපේ නෑදෑවෙන කෙනෙක් ඇවිත් ඒක කෑලි කෑලි වලට ගලවල අරන් ගියා ඒක ආයෙත් හදනවා කියල...

    ReplyDelete
    Replies
    1. ඔව් චාම්ස්. ඒ කාලේ එක්කෝ බ්‍රෑන්ඩ් නිව්, නැතිනම් සෙකන්ඩ් හෑන්ඩ්. ඒ මොකද ඒ කාලේ රීකන්ඩිෂන් කියලා වාහන තිබ්බේ නැති නිසා. එහෙම නැතිනම් එහෙමත් කෙනෙක් තමුන් පිටරටදී පාවිච්චි කරපු වාහනේ අරන් ආපුවත් තිබ්බා.

      ඔව්, ඇත්තෙන්ම ඒක sentimental value එක තමයි.

      ඔය වගේම වැඩ සටහන් දෙකක් යනවා මේ දවස්වල Nat Geo එකේ. එකක් Car SOS. අනික Strippers, ඔය වගේ ලඩි දෙකක් ගන්නවා ටීම් දෙකක්. ඊට පස්සේ ඒක කෑලි ගලවලා විකුනලා, අන්තිමට ඉතුරු ටික පරණ යකඩ බරටත් විකුණලා වැඩිම ලාබය උපදවන ටීම් එක දිනනවා.

      Delete
  28. අඩෙ පට්ටම ආසහිතුන.ඔය කාර පරන ෆිලවල තියෙනව.මම පරන ෆිල්ම් බලන්නෙ ඔව බලන්න.මට මතක හැටියට අභිරහස ෆිල්ම් එකෙ මෙ ජාතියෙ එකක් තිබුන.මමත් හෙන කැමතියි ඔයවගෙ චටර් වලට සෙට් වෙන්න .මොකද මට ඔව කරන්න සල්ලි නැති නිසා.

    ReplyDelete
    Replies
    1. උඹට කිව්වම මොකද දමිත්, මමත් පරණ සිංහල ‍ෆිල්ම් බැලුවොත් බලන්නේ ඒවගේ වෙන ගතයුත්තක් ඇති නිසා නෙවෙයි. අර වාහන බලන්නයි, ඒ කාලේ ලංකාවේ එක එක තැන්වල හැටි බලන්නයි ආසා නිසා.

      අනේ ඔව් බං සල්ලි තියෙනවා නම් කරන්න වෙන වැඩ ඕනේ තරම් තියෙනවා මටත්.

      Delete
  29. මටත් ඇන්ටික් උණ තියනව, හැබැයි එකක් නඩත්තු කරන්න සල්ලි නෑ. මම දවසක් මහව යාලුවෙකුගෙ ගෙදර ගියා, වත්තෙ අයිනක බක්කි කරත්තයක් තිබිල විකුණනවද ඇහුව " ඔන්න ඕක නිකම් දිරල යනව අරන් යන්ඩ" කියල කිවුව. ගෙනාවට මොකද තාම හදා ගන්න බැරි උනා.
    පොන්ටියැක් එක හැදුවහම ෆොටෝ ටිකක් දාන්ඩ.

    ReplyDelete
    Replies
    1. යකෝ කම්මලක් තිබිලත් උඹට කරත්තේ හදාගන්න බැරි වුනානම් අවසේස අපි ගැන කුමන කතාද? :D
      පොන්ටියැක් එක හදන එක අරූ අතේ තියෙන්නේ. හැබැයි කම්මල අර උඩ තුන්වෙනි පින්තූරේ තියෙන හිල්මන් එක තියෙනවා නේද? අන්න ඒක නම් පේන්ට් කරලා, නිකල් කරලා හදලා තියෙනවා අඳුරන්න බැරි වෙන්න.

      Delete
  30. ඇන්ටික් උණ කියන්නේ නිකන් කුඩු ගැහුවා වගේ දෙයක්.. අපි කාටත් ඔය උණ තියෙනවා, ඒත් වියදම් කරන්න සල්ලි නෑ..
    මමත් ස්කූටරයකට වියදම් කරා සෑහෙන්න. ඊට පස්සේ බීට්ල් කාර් එකක් පස්සේ ගිහින්!!!! හපොයි යන්තං බේරුනේ අදටත් ගෙදර ස්කූටරයක් තියෙනවා පදින්න බැරි....

    ReplyDelete
    Replies
    1. හරියට හරි බණ්ඩා. කුඩු ගැහුවා වගේ තමයි.

      අනේ මටත් සල්ලි නෑ බං ඇන්ටික් වලට වියදම් කරන්න. අපිට ඕනේ දුවන්න පුලුවන් ප්‍රැක්ටිකල් වාහන මිසක් ඔය කලෙක්ටර්ස් පීසස් නෙවෙයිනේ.

      ඇයි ස්කූටරේම මොනවද අඩු? ඔය සිරා හෙම ඉන්නේ උදව්වට.

      Delete
  31. පට්ට වාහන සෙට් එක අෆ්ෆා..මටත් ආස හිතෙනව ඔයින් එකක් ගන්න..

    ReplyDelete
    Replies
    1. බලාගෙන උමේෂ්. මේක ආර්ථිකයට එච්චර හොඳ වැඩක් නෙවෙයි.

      Delete
  32. හපෝ මට නම් පරණ ලඩි එපා වෙලා ඉන්නේ ආයේ මම වාහන ගන්නවානම් ගන්නේ අලුත් එකක් මිසක් පරණ එව්වනම් ඇන්ටික් වලටවත් එපා.

    ReplyDelete
    Replies
    1. මමත් ඇන්ටික් වල ඔලුව ගහගන්න යන්නේ නෑ කෝරළේ මහත්තයා. නමුත් සමහර ඒවා තියෙනවා ඉස්සර ඉඳන් තිබිච්ච හීන. දැන් ඒවා නොදැනිම ඇන්ටික් වෙලා.

      මම දැක්කා උඹේ අලුත් කාරෙක. නියමයි. Congratulations!

      Delete
  33. ඔය පිස්සුව තිබ්බ මිත්‍රයෙක් මට හිටියා මිනුවන්ගොඩ පැත්තේ.. කොච්චර පිස්සුද කිව්වොත් මඟුල දවසෙ මනමාලිට බඳින්න තිබ්බ මාලෙට ගෙවන්න තිබුන ඉතුරු සල්ලි ටික දීල ලඩ්ඩක් ගත්තා. අන්තිමට මඟුලට ඉස්සරින්දාත් මාලෙ ගන්න සල්ලි නෑ.. මම තමයි ඒකට කර තිබ්බෙ.. ලියන්න වටින කතාවක් ඒක..

    ReplyDelete
    Replies
    1. හප්පා එච්චරටම පිස්සෙක්ද ඌ? ඒක නම් කුඩු ගැහුවා වගේ වැඩක්. බැන්දට පස්සෙ මොනවා කලාද දන්නේ නෑනේ මේකා!

      උඹව අන්තිමට දැක්කේ ගාලු පාරේ කොල්ලුපිටියත්, බම්බලපිටියත් අතරෙදි. මුණ ගැහීම අප්‍රමාණ සතුටක් මචං.

      Delete
    2. Honor is still mine කියලයි සිංහලෙන් කිව්වේ මොර්පස් කාරයා..

      Delete
  34. පොස්ට් එක කියවලා ගොඩක් දවස්, ඇන්ටික් වාහන වලට ආදරේ කරන අයට ඉඩ දීලා කොමෙන්ටු නොකර හිටියා.
    :)
    ඡායාරුප පෙළත්, පොස්ට් එකත් අපූරුයි. අර බ්රේක් නැති පොන්ටියැක් එක, බෑවුම දිගේ රූටලා ඇවිත් ඉස්සරහින් ඇදගෙන යන ජීප් එකේ වදින එක වැළකෙන්නේ කොහොමද ටෝ බාර් එක පමණක් මගින් ? නැත්නම් පිටිපස්සෙන් එන වාහනයත් පොන්ටියැක් එක ඇදලා අල්ලාගෙන එනවද රූටන්න බැරි වෙන්න? (වාහන එක්ක ගොඩක් මිත්‍ර ඔබලාට මෙය මෝඩ ප්‍රශ්නයක් වගේ පෙනේවිද මන්දා ඩුඩ්, නමුත් ඒ ඇරෙන්ජ්මන්ට් එක හරිම කුතුහලයක් මට. :D )
    තවම ඉගෙන ගන්න මට නම් මගේම වාහනයක් කියන්නේ හීනයක්. ඉතින් අන්ටික් වාහන ගැන කවර කතාද :D
    වාහන පිස්සුවක් නම් ලාවට හැදීගෙන එනවා, ඇන්ටික් වාහන පිස්සුවක් නම් නැති තරමට හොඳයි වගේ.
    හැබැයි ඉතින් වාහන පමණක් නෙවෙයි, පරණ වෙලා හොඳටම දිරන්න ගිහිපු ඕනෑම දෙයක් නැවත අලුත් කරලා පාවිච්චි කරන්න පුළුවන් තත්වයට ගත්තම, හිතට හරිම සතුටක් දැනෙනවා නේද. :)

    ReplyDelete
    Replies
    1. කිසිම ප්‍රශ්ණයක් මෝඩ ප්‍රශ්ණයක් නෙවෙයි මානවිකා.

      ඔයා කියන වැඩේ, ඒ කියන්නේ පල්ලමේදි කාරෙක ඇවිත් ජීප් එකේ වදිනවා tow bar එකක් නැතුව tow rope/tow cable එකක් පාවිච්චි කලා නම්. tow bar එක ඇදගෙන යනවා වගේම ඇවිත් ඇදගෙන යන වාහනේ නොවදින්න ස්ථාවර දුරක් වාහන දෙක අතර පවත්වාගන්නවා.

      එතකොට පල්ලමේ යනකොට ජීප් එක ඉස්සරහට තල්ලු වෙනවා පොන්ටියැක් එකේ බරට. නමුත් ජීප් එක four wheeld drive දාලා low gear එකක පල්ලම බස්සන නිසා පාලනයක් තියෙනවා. ඇත්තෙන්ම පල්ලමේදි නම් ඇදගෙන යනවට වඩා වෙන්නේ නිදහසේ පල්ලෙහාට එන්න නොදී බ්‍රේක් කරගෙන පාලනයක් ඇතිකරගෙන ඉන්න එකයි.

      වාහන පිස්සුව හොඳයි. අපි කාටත් අඩු වැඩි වශයෙන් තියෙන දෙයක්නේ වාහනයක් හිමිකර ගැනීමේ ආශාව. නඩත්තු කරන්න පුලුවන් පොඩි එකක් ගන්න.

      ඇත්තෙන්ම ඔය කියනවා වගේ restore කරපුවා දැක්කාම හරි ආසා හිතෙනවා තමයි.

      Delete
  35. ඇන්ටික් උණ හැදෙනවා කියන්නෙ එසේ මෙසේ අසනීපයක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ඉතාලියෙත් ඇතිනේ හොඳ ඇන්ටික් වාහන? ඇයි බොලං ඕක ස්පෝර්ස් කාර් වල නිජ බිමනේ. ලැම්බෝර්ගිනිද, ෆෙරාරිද, ඩුකාට්ටිද අරකද මේකද ඔක්කොම...

      Delete
  36. අඩේ ඩුඩ් අයියා වාහන ටික දැක්කාම පිස්සු හැදෙනවා අප්පා.එත් ඉතින් අපිට කොයින්ද ගොයියෝ උණු මාළු...:D හැබැයි ඉතින් ඔය ගරාජ් වල කට්ට කන වැඩේනම් මට නම් එපාම වෙන වැඩක් අයියෝ...:(

    ReplyDelete
    Replies
    1. මේවා උණු මාලුයෑ බං, කුණු මාලු මිසක. උඹටයි මටයි හරියන්නේ දෙයියනේ කියලා පාරේ දුවන්න පුලුවන්, ගරාජ් වල රස්තියාදු වෙන්න ඕනේ නැති, හොඳ තත්ත්වයේ වාහනයක්, නැද්ද? :D

      Delete
  37. මම නම් ආසම බයික්ස් දෙකට හෙන්රි අංකල් :D :D මට මතක හැටියට තාත්තලගෙ ගෙදරත් පරණ සිරා බයික් එකක් තිබ්බා

    ReplyDelete
    Replies
    1. :-? ඇත්තටම සචිත් පුතා, එහෙ තිබ්බා තමයි මොකක්දෝ හෙන පරණ බයික් එකක් අර දිග කාමරේ. මමත් කල්පනා කලේ ඒකට මොකද වුනේ කියලා. මොකෝ බොල බ්ලොග් එක ලියන්නේ නැත්තේ?

      Delete
  38. මේ ලෙඩේ හැදුනොත් නම් ඉතින් මලා තමයි.

    ReplyDelete
    Replies
    1. කැමරා පිස්සුවත් ඒ වගේ නේද බං? හෙහ් හෙහ්?

      Delete
    2. එක ඊට හපන් බන්...:D

      Delete
  39. මටත් ඔය මේනියාව පොඩ්ඩක් තියනවා. වාහනවලටනම් නෑ තාම. මොනවා උනත් කාරෙක නම් ලස්සනයි. හැඩ කරලා ගත්තම නියමෙට තියේවි.

    ReplyDelete
    Replies
    1. සයුරි, මේවගේ කාර් ඔහේ ස්ක්‍රැප් යාඩ් වල ඕනේ තරම් ඇති. අනික මහ ගානක් වෙන්නෙත් නෑ මම හිතන්නේ. ඊට සාපේක්ෂව ලංකාවේ වගේ රටකදි මේ වගේ පරණ ලඩියකට ගෙවන්න වෙන ගාන හරිම ඉහලයි.

      Delete
  40. කිරි කිරි ටොයින් ටයිප් අලුත් වාහනයකට ආසාවක් තිබුණත් පරණ වාහනයක් අරන් ලෙසටම හදලා ගන්න ඊට වඩා ආසාවක් තියේ.

    ReplyDelete
    Replies
    1. දෙවනි එක භයානක ආසාවක් කියලා කියන්න පුලුවන්. :)

      Delete
  41. "ඔයා ඇරෙන්න මම දන්න අනිත් ඕස්ට්‍රියන් කාරයා ෂ්වාර්ට්සෙනගර් තමයි."
    හිට්ලරුත් ඔස්ට්‍රියන්.
    මෙහෙ නිවාඩුවට ආපු ජර්මන් කාරයෙක් එක පාරක් මට කිව්ව (ටිකක් අප්සෙට් එකේ) කොහෙ ගියත් ලන්කාවේ මිනිස්සු අහන්නෙ හිට්ලර් ගෑනමයි කියල. (Germans prefer to have collective amnesia about Nazis)
    මාත් හරි කෑමතියි පරණ වාහන බලන්න (ඒ විතරයී)
    අලුත් ඒව වගේ නෙමේ character තියනව.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ප්‍රාජේ මට නම් හිට්ලර්ව මතක් වෙලාම නෑ ජර්මන් කාරයෙක් එක්ක කතා කරනකොට කවදාවත්ම. නමුත් අදත් අර neo nazi skinheads වර්ගේ උන් ඉන්නවා කියලා ගිය උන් කියන්නේ,
      ඇත්තෙන්ම හිට්ලරුත් ආර්ය ජර්මන් ජාතිය ගැන වද වුනාට පොර ඕස්ට්‍රියන් කාරයෙක් නේ?

      Delete
  42. මමත් හරිම ආසයි පරණ වාහන වලට (ගන්න නෙමේ බලන්න..:} )

    ඉස්සර (ඒකීවේ 78 දී විතර) මගේ බොහොම සිත් ගත්ත ඇන්ටික් බෙන්ස් කාර් එකක් තිබුණා නුවර මහයියාවේ "සේන මෝටර්ස්" කියන ගැරේජ් එක අයිති සේන බාස් උන්නැහැ ගාව. ටිප් ටොප් එකට තියාගෙන හිටපු ඒකේ නොම්මරේ Z-8469. මතක විදිහට මම ඒක අන්තිමට දැක්කේ 92 දී විතර. තාම තියෙනවාද මන්ද.

    ReplyDelete
  43. මට තියෙන්නෙ 4WD උණක් . දැන් නං ඒක අඩුවෙලා hybrid උණක් හැදීගෙන එනවදත් මන්ද .

    ReplyDelete
  44. මේ කාර් එක බැට්මෑන්ගේ කාර් එක වගෙයිනේ :D

    මටත් ඇන්ටික් බඩු එකතු කරන්න නම් ආසාවක් තියෙනවා. හැබැයි හොඳට අත මිට සල්ලි තියෙන කාලෙක :)

    ReplyDelete
  45. මගෙත් ඔය උන තියනවා. හැබැයි ගත්තට හදන්න වෙලා නැහැ. මිනි කුපර් එකක් අවුරුදු දෙකක් තිස්සේ ගැනිගෙන් බනුම් අහ අහ ගෙදර බුදි

    ReplyDelete
  46. මේ පේස්ටුව දැක්කාම මට ඉන්න තැනත් අමතක උනා හෙන්රි අය්යේ.මට තදටම ඇන්ටික් උන තියෙනව තාම රැකියා විරහිත නිසා ඉවසි්මෙන් ඉන්න වෙනව. මන් ආසය් ඔයාගෙ යාලුවව අදුරගන්න. පුලුවන්ද උදවු කරන්න.

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>