Friday, December 14, 2012

29. බාස් කතා / ගරාජ් බාස්.

කට්ටිය කියලාත් තිබ්බ නිසා බාස් කතා කීපයක් ලියන්න හිතුනා. මේ මොහොතෙත් අපි දෙන්නටම මේසන් බාස්ලත් එක්ක මල පැනලා ඉන්න ගමන්මයි මේ ලියන්නෙ.

ඒත් මුලින්ම 'ගරාජ් බාස්'.

ඉතින්, මේක පුලුවන් තරම සරළව කිව්වොත්, මට සිද්ද වුනා මගෙ දුප්පත් වෑන් පොජ්ජෙ 'පවර් ස්ටියරින් ‍රැක්' එක දාන්න. ඉතින් දැම්මා. මේ තියෙන්නෙ ඒක අහවල් එකක්ද කියලා නොදන්න අයට බලාගන්න ගලවලා අයින් කරපු එක.
මම ගරාජ් එකට ගියෙත් මේකෙ පොඩි ලීක් එකක් තිබ්බ නිසා, 'ඕන්නම් ඔය ඔයිල් සීල් දෙකක් ගැහුවාම ගොඩ යයි,' කියලා හිතාගෙන.

"මේකට මහත්තයෝ ‍රැක් එක දාන්න වෙනවා," කිව්වාම මම ගල් වුනා.  


හරි, ඉතින් ‍සෑහෙන ගානක් කෙලවාගෙන, දවසක් නාස්ති කරගෙන, ගරාජ් එකේ රස්තියාදුවෙලා රැක් එක දැම්මා කියමුකෝ.
ඔයවගෙ ගැජට් එකක් දැම්මාම අනිවා වාහනේක අලයින්මන්ට් ආපහු තියන්න ඕනෙ. අලයින්මන්ට් කියන්නෙ ඉස්සරහ රෝද දෙක තියෙන්න ඕනෙ කෝණ කීපයක්. මේවා කැස්ටර්, කෑම්බර්, ටෝ ඉන් කියලා තුන් ආකාරයි. ඕක වැරදුනාම ටයර් වල පැත්තක් අධික වේගයෙන් ගෙවී යාම, වේගයෙන් ධාවනය කිරීමේදී පාලනය අපහසු වීම, වගෙ විවිධ රෝගාබාධ හැදෙනවා.

අර ගැජට් එක හයි කරලා ඉවරවෙනකොට රෑ වේගන ආපු නිසා මම ටිකක් අප්සෙට් ගහලා හිටියෙ,  අලයින්මන්ට් තියන වර්ක්ෂොප් එක වැහැව්වොත් කියලා, මොකද පහුවදා ගල් පාන්දර දඹුල්ලට යන්න යෙදිලා තිබ්බ නිසා අලයින්මන්ට් තියන්න බැරිවේවි කියලා. එතකොටම අර මගෙ බාස් උන්නැහෙ බුවා කිව්වා, 'අන්න අහවල් සුලුනගරෙ තියෙනවා අලුත් තැනක්, ගිහින් බලන්නකො නියමෙට කරනවලු', කියලා.

මාත් අර මම වෙනදට යන තැන බලා වේගයෙන් ගමන් කරද්දි, අර කියපු සුලු නගරෙ පහුවෙනකොට වෙලාව හයත් පහුවෙලා තිබ්බ නිසා
ත්, අර කිව්ව අලුත් තැන තවමත් ඇරලා තිබ්බ එතැනට ගියා කොහොමද කියලා බලන්නත් එක්ක.

වාහනේ වලට දාලා, කම්පියුටරේට සම්බන්ධ කලා. නමුත් කම්පියුටරේ වැඩ සටහන තෝරන්නෙ අලයින්මන්ට් තියන බුවා නෙවෙයි, සමහර විට හතර, නැතිනම් පහ වසරෙ ඉගෙනගන්න බුවාගෙ පුත්තරයා. අනික මේකෙ අලයින්මන්ට් තියන්න මේ බුවා වැඩි දෙයක් කලෙත් නෑ, 'කැස්ටර් කැම්බර් නම් හරි, තියන්න ඕනෙ නෑ,' කියලා පොර කිව්වා. කොහොම හරි බුවා අලයින්මන්ට් තියන ගමන්ම ටයර් කඩේට දුවනවා, ටයර් එකක් විකුණන්න හරි, ගණං කියන්න හරි. ඊට පස්සෙ ආපහු දුවගෙන ඇවිත් පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා ආයෙම දුවනවා පැච් එකක් දානවා. ඔන්න ඔය විදියට බුවා අලයින්මන්ට් තියලා රුපියල් අටසිය පනහක ගාස්තුවක් අය කරලා,  මාස කීපයක වගකීමකුත් එක්ක
මට සහතිකේකුත් නිකුත් කලත්, මට මේ අලයින්මන්ට් තිබිල්ල නම් ඇල්ලුවෙම නෑ.

මට පුදුම හිතුනෙ මේ බුවාට ස්ටියරිං වීල් එක ගලවාගන්න බැරි වෙච්ච එකයි. (අලයින්මන්ට් තිබ්බාම ස්ටියරිං වීල් එක කෙලින් තියෙන්න ගලවලා ආපහු හයි කරනවා නියම අතට.)

 මේ බුවා නට් එක ගලවලා ස්ටියරිං වීල් එකට දෝයි දෝයි ගාලා ගහලා ගහලා, පස්සෙ එතනට ආපු යාලුවෙකුටත් කියලා, ඒ බුවත් තවත් ටිකක් පතබෑවත් ස්ටියරිං එක ගැලවුනේ නෑ. පස්සෙ මේකා කිව්වනෙ, 'අනේ ආපහු ගරාජ් එකට ගිහින් මේක ගලවා ගන්න,' කියලා.
 

පස්සෙ ගරාජ් එකට ගියාම බුවා අර පැය කීපයකට කලින් මට නිර්දේශ කරපු අලයින්මන්ට් බාස්ගෙ මව්ගුන වයලා එක පාරින්ම (වන් ෂොට්) වීල් එක ගැලෙව්වා.

 පහුවදා ගල්පාන්දර දඹුල්ලට ගිහින් ගෙදර ආවා පට්ට පාන්දර.


මේ තියෙන්නෙ අලයින්මන්ට් තියන්න අවශ්‍ය උපකරණ රෝද වලට සම්බන්ධ කරලා තියෙන හැටි
මේ තියෙන්නෙ අලයින්මන්ට් තියන්න භාවිතා කරන පරිගණකය



දවස් කීපයකට පස්සෙ මම අර මගෙ සුපුරුදු අලයින්මන්ට් තියන බුවා හම්බවෙලා කතාව කියලා දැම්මා අලයින්මන්ට් චෙක් කරන්න වලට. පොර වලට බැහැලා දිග ලීවරයක් අරගෙන එහෙට මෙහෙට ඇනලා පෙන්නුවා මට.

අයියෙ ලෝවර් සස්පෙන්ෂන් ආම් බුෂ් එක ගිහින්. මේ!
ආයෙම ඇන්න ලීවරෙන්.
අයියෙ, ටයි බාර් බුෂ් ගිහින්, මේ!
"එතකොට මල්ලි ඒවා ගහන්නෙ නැතුව අලයින්මන්ට් තියන්න බෑ නේද?"
"බෑ අයියෙ, ගිහින් මේ  බුෂ් ටික ගහගෙනම එන්නකො.
මාත් ඉතින් ගිහින් බුෂ් ගහගෙන පහුවදා ආවා.



පොර රුපියල් හත්සිය පනහකට එළකිරි වගෙ අලයින්මන්ට් තිබ්බා. ඇත්තටම මේ බුවා නියම ප්‍රොෆෙෂනල් වැඩ්ඩෙක්. පාවිච්චි කලෙත් ඉතාලියේ නිශ්පාදිත අලුත්ම පරිගණක පද්ධතියක් සහ වැඩ සටහනක්.

පළවෙනි ප්‍රශ්ණය: මේකට ඔය කිට්‍ටුවම තියෙන පවර් ස්ටියරිං ‍රැක් එක දාන්න යට රිංගපු වෙලේ බාස් උන්නැහේ ඔය බුෂ් ටික නොදැක්කෙ ඇයි?

දෙවෙනි ප්‍රශ්ණය: ඇත්තෙන්ම ගලවලා බැලුවාම ගන්නම දෙයක් නැති, මේ බුෂ් ටික දාන්නෙ නැතිව අලයින්මන්ට් තියන්න බැරිනම් අර යක්සයා අලයින්මන්ට් තියලා මට මාස මාස කීයකද වගකීමකුත් එක්ක සහතිකයක් නිකුත් කලේ කොහොමද?


ප ලි: මේ පින්තූරවල තියෙන්නෙ අර ප්‍රොෆෙෂනල් අලයින්මන්ට් බුවාගෙ වර්ක්ෂොප් එක.

සමාවෙන්න ඕනෙ. මට ඔය ඇත්තන්ගෙ බ්ලොග් වලට  ඇවිත් යන්නවත්, ඔය ඇත්තො මගෙ බ්ලොග් එකේ දාන ප්‍රතිචාර වලට උත්තර දෙන්නවත් ඉස්සර වාගෙ කාර්‍යක්ක්ෂමව නොකෙරෙන්නේ මම තවමත් බාස්ලාව අධ්‍යයනය කරමින් ඉන්න නිසයි. ඔන්න දෙන්නෙක් ආවා. හැකි ඉක්මනින් නැවත හමුවෙමු.

89 comments:

  1. හෙන්රි අයියත් දැන් අලයින්මන්ට් තියන්න දන්නවා එහෙනම්.

    ReplyDelete
    Replies
    1. ප.ලි. කෑල්ලට තව ටිකක් එකතු වෙන්න තියෙනවා. "අක්ෂර වින්‍යාසය, වාක්‍ය ගැලපුම හරියට නැත්තෙත්, හඳුන්වා දී ඇති තැන්වලටම පිංතූර දාන්න බැරි උනෙත් (පලවෙනි එක) මේ කාර්ය බහුලත්වය නිසාමයි" කියලා දාන්නත් ඕනි.

      මක බාස්ලත් ඉන්නවනේ.....

      Delete
    2. දැන් විතරක් නෙවෙයි අකමා ඉස්සර ඉඳන්ම අලයින්මන්ට් තියනවා.
      ඇත්ත. වැරදි ඕනෙ තරම් ඇති.
      අපිට හම්බවෙන්නෙම මක බාස්ලා තමයි බං. ඇයි ඒ?

      Delete
  2. කලින් ටයි පොස්ට් එක කියවල ඉවරකරන කොට අලුත් එකක් දාලා. :)
    වගකීම් සහතිකයකුත් දීලා!!! අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කන හොරු..පොලොසියට අල්ලලා දෙන්න තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මම ඒක අතෑරලා දැම්මා කැරළිකාරි. එහෙම නම් තව කොකු දාගන්න වටින උන් වැලක්ම ඉන්නවා.

      Delete
    2. කියල වැඩක් නෑ.. මට පේන්න බෑ ඔහොම එවුං.. විශේෂයෙන් ෆෝන් හදන යයි ලැප්ටොප් හදන අයයි..
      හුම්ම්ම්
      ජය වේවා!!!
      සිනා බෝ වේවා!!!

      Delete
  3. මමත් මචෝ ෆුල් බිසි. ඒත් රාජකාරි අස්සෙ කෙසේ හෝ එබෙනවා.... ටයි පන් පන් එකත් පට්ටයි හොඳේ...

    ReplyDelete
    Replies
    1. ටැන්කූ මාතලන් මචෝ. මමත් ඔය බෝට්‍ටුවෙමයි. දැනුයි ඕන් පොඩ්ඩක් නිදහසක් ලැබුනෙ ජාලෙ පැත්තෙ එන්න. දැන් නිදිමතේ ඇස් වැහෙනවා.

      Delete
  4. බාස්ලා ගැනනම් කතාකරන්න එපා මාසෙකට කලින් අපේ ගෙදර පොළවේ ටයිටෙනියම් කපන්න බාර දුන්නා තාම කපනවා මාස එකහාමාරක්. අපිත් හුඟක් වෙලාවට කොන්ත්‍රාත්තු බාරගත්තු මනුස්සයගෙ මවුගුන සිහිකරනවා. අපේ බාස්ලට වෙලා තියෙන්නේ රෝල හරියට ගෙනියන්න බැරිකම පලවෙනි වැඩේ සල්ලි වියදම් කරගන්නවා දෙවන වැඩේ සල්ලිවලින් පලවන වැඩේ කරනවා. දෙවන වැඩේ පටන් අරගෙන නවත්වනවා තුන්වන වැඩක් සෙට් වෙනතුරු.. ඔන්න ඔහොමයි ඒ රෝල යන්නේ.
    …,
    …එලයින්මන්ට් වගේ වැඩක් නම් අලුත් බාස්ලගෙන් කරගන්න එක නුවනට හුරු නෑ කොහොමත් අලුත් බාස්ලා විස්වාස කරන්න පුලුවන් අය නෙමෙයි. වැඩකාරයො ළඟ අත් උදව් දීපු අය අර වැඩ වලට හම්බවෙන ගාන දැකලා කෙලහලාගෙන ගරාජ් එකක් දාගන්නවා ඌ දන්න වැඩකුත් නෑ ඇති අත්දැකීමකුත් නෑ. ඔය ෆීල්ඩ් එක අත් දැකීමෙන් කරන්න ඕන වැඩක්.

    ……මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. මගෙනුත් ඇහුවා බං ඉස්සරහ කොලම් වල ටයිටේනියම් ගාමුද කියලා. මම එපා කිව්වා.

      අර අන්තිම කතාව නම් පට්ට ඇත්ත.

      Delete
  5. අපි නම් තාම බිසී නැති හෙයින් දාන ඕනි එකක් කියෝල යන්න එනෝ :P
    2වෙනි ටයි ගැටේ එනකන් බලන් සිටිමි :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමී.
      අරක ෆෝටෝස් ටිකක් ගන්න වෙලාවක් ලැබුන ගමන් දාන්නම්.

      Delete
  6. මේ ඩූඩු අයියේ,
    මගෙත් කාර් එකේ තියනවා ඔය උඹ කියපු ලෙඩේම, පොඩි ඔයිල් ලීක් එකක් පවර් ස්ටියරින් එකේ. ඒක හදා ගන්න ඕනි. ඇහුවම කිව්වේ සීල් ටයිප් නිසා, පවර් ස්ටියරින් රැක් එකක් දාන්න වෙයි කියලා. අතට කීයක් හරි හම්බ වෙනකම් ඉන්නේ වැඩේ කර ගන්න. ඒක කරලා අලයිමන්ට් කරන්න ඕනි කියලා දැන ගත්ත එකත් ලොකු දෙයක්.

    කොහෙද අයියේ ඔය එලයිමන්ට් කරන තැන?
    මම එක පාරක් මැග් සිටි එකෙන් කරා , මෙලෝ රහක් නෑ. කරලා සතියෙන් අවුල් ගියා. වොරන්ටියක් ඇත්තෙත් නෑ. ඒකෙන් කරපු දවසේ ඉදන් ස්ටියරින් වීල් එක ඇදයි.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් මුදියන්සේ. ඔය අලුතෙන් ටයර් දැම්මාම, ටයි රොඩ්, බෝල් ජොයින්ට් ඇතුලු ඉස්සරහ රෝද දෙක සම්බන්ද මොන දේ කලත් අලයින්මන්ට් තියන්න ඕනෙ. නැතිනම් අපරාදෙ ටයර් දෙක පැත්තක් ගෙවෙනවා බලා ඉන්දැද්දි.

      මේක බං දෙල්ගොඩ තියෙන්නෙ. කම්පියුටරයිස්ඩ්. ඉන්ෆ්‍රාරෙඩ් සෙන්සර්. දෙල්ගොඩ හන්දියෙන් පූගොඩ පාරෙ යනකොට පලවෙනි කන්ද මුදුනෙ දකුණු අත පැත්තෙ තියෙන තාරකගෙ වර්ක්ෂොප් එක. රුපියල් 750යි ගන්නෙ.

      ස්ටියරිං එක උඹටම කෙලින්කර ගන්නත් පුලුවන්. අර කුරුස වීල්බ්‍රේස් එකේ එක පැත්තකින් වීල් එක මැද්දෙ තියෙන නට් එක ගලවලා (හෝර්න් බටන් එකට යට) දෝයි ගාලා පාරක් දුන්නම ගැලවෙනවා.ඊට පස්සෙ කෙලින් තැනක නවත්තලා වීල් එක උස්සලා කෙලින් ගෲව් එකට දාලා උඹ කැමති විදියකට සෙට් කරලා නට් එක තද කලානම් හරි.

      අලුත්ම වාහනවල නම් පාරෙ යනගමන් නෙවෙයි, වලේ තියෙද්දිම අර කොම්පීතරේ කිව්වාම වීල් එක ගලවලා හයි කලාම හරියනවා.

      ඔය තාරක බුවා ඕක නියමෙට කරනවා.

      Delete
    2. යකෝ අපේ ගෙවල් ගාවනේ...

      Delete
    3. පූගොඩ පාර කියන්නේ කොයිපාරද බං, ඩුඩියෝ උමඉන්නේ දෙල්ගොඩද බං මම අදත් ආවානේ , දන්නවනං එනවා මරුමූස් මූණ බලලා යන්ඩ

      Delete
  7. අපේ නම් ඔය වාහන මකබාස් ගෙදරමනේ ඉන්නේ... හි හි....

    ReplyDelete
    Replies
    1. එහෙවු මක බාස් ගත්තෙත් ලෙඩ වාහනයක්නේ... :D:D:D

      Delete
    2. ඒකනේ මක බාස් කියන්නේ මාරයියේ... හි හි

      අවුරදු 11ක් බලං හිටියලු බර වාහනේ ලයිසන් හදාගෙන අරං එන්න.. ආවට පස්සේ තේරෙනවලු ලෙඩ ඔක්කොම වහලලු දීලා තියෙන්නේ.. කාගෙද වැරැද්ද... හි හි..

      Delete
    3. හැබැයි මේ වාහනේ ඔයිල් සීල් හොඳට තිබිල තියනවා.

      Delete
    4. ඕන්න අපි නම් කිව්වෙ නෑ අපේ මහත්තයට මකබාස් කියලා! :)

      Delete
    5. නලින්,

      ඒ උනාට ඔව්වයෙ නිතර ගෑස්කට් යනව

      Delete
  8. අපේ අම්මට ගමේ බාස් කෙනෙක් නැතුව මට කතා කරලා අහනවා දන්න බාස් කෙනෙක් ඉන්නවද කියලා. මට ඉතින් දාහක් දේවල් ආවා කියන්න. ඒත් ඉතින් සද්ද වහගෙන උන්නා. ඇයි අප්පා..ගමේ නැති බාස්ලා මම මෙහෙ කොහෙන් හොයන්නද...බලන් ගියාම ඔය මක බාස්ලා එක්ක හැමෝටම මළ වගේ....

    ReplyDelete
    Replies
    1. හයීයෝ ළිහිණි, බාස්ලද!!!

      Delete
  9. හොඳ වෙලාවට බෝල් ජොයින්ට් ටිකත් දාන්න කිවුවෙ නැත්තෙ.

    කොහොමත් අලුතෙං පටංගන්න තැං ඔයවගේ තමයි. අනික එක වැඩක් කරන ගමං තව වැඩක් කරනවනං වැඩ දෙකම හරියට කෙරෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. බෝල් ජොයින්ට් දාලා බං තියෙන්නෙ.
      එක පාර එකට කරන්න පුලුවන් වැඩ ටිකයි තියෙන්නෙ.

      Delete
  10. බහුතරයක් ඉන්නෙ හොරු... ඔය හැමදේකම ප්‍රමිතියක් ඇතිකරණ එක රජයේ වගකීම. එක අතකට, අනුන්ගෙ ප්‍රමිති හදන්න කලින් උන්ගෙ ප්‍රමිතිය හදන් ඉන්න එපැයි නේද ?

    ReplyDelete
    Replies
    1. "ඔවා දෙනු පරහට..."

      කියනවනෙ සෙන්නා. :)

      Delete
  11. ආ .... මකබාස්ල ගැන ලියන්න පටා ... න් අරන්. අනිත් බාස්ලගෙ ගුණ වයනකම් බලා සිටිමි. අයියෝ ... ඩූඩ්ටමනේ වෙන්නෙ.

    මේ .. ඒක නෙවි, හෙන්රි අයියා නිකම් කොල්ල වගේනේ. :) කවුද අර ෆොටෝව ගැහුවෙ, පුතාද?

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් බං. මටමයි වෙන්නෙ.
      මේසන් බාස්ලා ගැන ලිව්වාම උමට හිතෙයි මේක මොකක්ද කියලා.
      ඔව් ඒක පුතා ගත්තෙ. මේ ඔක්කොම පුතා තමයි අරන් තියෙන්නෙ අර පවර් ස්ටියරිං ‍රැක් එක ඇර. ඒක ගත්තෙ මංතුමා.

      Delete
  12. ඩූඩ් මේ දවස් වල ලංකාවෙද

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ පිණිබිඳු. නමුත් නිවාස අඩස්සියෙ ඉන්නෙ. :)

      Delete
  13. මම නං හිතං ඉන්නේ, වාහනේ තමන්ටම කරන ගන්න පුළුවන් හරිය කරලා, පුළුවං තාක් කල් පාවිච්චි කරලා, බැරිම ගානට ආවහම විසික් පරණ යකඩ වලට හරි විකුනන එක තමයි ලාබම. නිකමට සර්විස් එකකට කියලා එකම ලඟ දවස් දෙක තුනක, බාස් ලා දෙතුන් දෙනෙක් ලඟට ගෙනිහින් බලන්නකෝ. හැම එකාම අනික් එකා ට බැරි වෙච්ච ලෙඩ කීපයක් හොයා ගන්නවමයි. අනික් එකා හොයපු ලෙඩ වලට වෙන විකල්පයක් දෙනවාමයි.

    ReplyDelete
    Replies
    1. වාහන විතරක් නෙවෙයි තිසර කොයි දේත් ඕවගෙ තමයි.

      හැබැයි මේ අපි විතරක් නෙවෙයි, මේ අලුත්ම ලක්ස පනහෙ හැටේ ඒවාත් ගරාජ්වල තියෙනවානෙ හදන්න ගෙනත්

      Delete
  14. හෙන්රි අයියේ... ඔය යන එන කොට ඒ ඒ තැනවල නං ගං හිටං දාන්න ඇහැකිනං වටිනවා... ඒ වගේමයි අර රැක් එක දාන්න කීයක් ගියාද කියලත් ලිව්වනං ඒකත් වටිනවා...

    ReplyDelete
    Replies
    1. ඇයි බයික්එක පවර් ස්ටියරිං කරන්නද හදන්නෙ.

      හැබැයි හෙන්රි කියල තියෙනව වගේ ඔය ගානට කොම්පියුටරයිස් එලයින්මන්ට් කරගන්න පුලුවං තැං තියෙනවද? රත්නපුරේ ලේසර් එලයින් කරන්නත් බර ගානක් ගන්නව.

      Delete
    2. මාරෙ, ප්‍රසන්න, ඔන්න මම උඩින් දැම්මා හොඳ බුවාගෙ විස්තරේ නම්.

      මාරෙ, රීකන්ඩිෂන් ‍රැක් එකක් විස්සකට පොඩ්ඩක් වැඩියි හුඟාක් තැන්වල. ටවුන් ඒස් එකක් තියෙන මගෙ යාලුවෙක් ඉස්සරහ පැත්තක්ම ගෙනත් තිබ්බා ඌට ඕනෙ කෑලි ගන්න. මම බුවාගෙන් පවර් ස්ටියරිං ‍රැක් එක ගත්තා දොළහකට, ඊට අමතරව බූට් දෙක දාලා ATF කෑන් එකකුත් ගත්තා.

      Delete
  15. මගේ මරුටියක් තියෙන්නෙ...වොරන්ටි කාලෙම ටක..ටක කියල සද්දයක් ආව ඉස්සරහ රෝදවල වගේ මට දැනුනෙ.කෙලින්ම කම්පැනි ගියා ස්ටීරියන් වීල් ‍රැක් දැම්ම.
    අන්තිමට කිව්ව සල්ලි දීල එතනම තියෙන පිට්ස්ටොප් එකෙන් එලයිමන්ට්....බැලන්සින් දෙකම කොරගන්න කියල..2000 ස් ගානක් ගත්තනෙ බං..!(බො‍රැල්ලෙ තියෙන්නෙ)

    ReplyDelete
    Replies
    1. boralle reddata yanna epaa... horu inne.... Rajagiriye HSBC eka gaawa thana maru

      Delete
    2. වොරන්ටි කාලෙම! මාරයිනෙ! එක අතකට ඒක එහෙම වෙච්ච එකත් හොඳයි.

      දෙදාස් ගාන අර වීල් බැලන්සිං වැඩේටත් එක්කනෙ. වෙන්නත් ඇති බං.

      Delete
  16. මකබාස්ල හැම තැනම වැහි වැහැල ඩූඩ්... කොහේ ගියත් අපිටම තමයි කෙලවෙන්නෙ. අරක කරන්න මෙච්චරයි මේක කරන්න මෙච්චරයි කියල ඒගොල්ලොනං ඇඟට පතට නොදැනී කියනව. ඒ උනනාට අන්තිමට බලද්දි ගහපු බෙරේකුත් නෑ බෙරේ පළුවකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. පරිකල්පන, මම මක බාස්ලා සෙට් එකක් අල්ලගෙන මම මේ දාස්වල පොඩි වැඩක්! හයියෝ!!!

      Delete
  17. අර පින්තූරෙ නම් ඩූඩ් හොඳටම මහන්සි පාටයි. ඩිප්‍රෙස් මූඩ් ද මළ මූඩ් ද කියලත් හිතාගන්න බෑ.ඒ අස්සේ පොටෝත් ගහලාලු. අර ගල් පාන්දර කිව්වේ කීයට විතරද? මට නම් උදේ 6ත් ගල් පාන්දර, 6.30 පාන්දර, 7.00 තමා උදය..හැක් හැක්.. දඹුල්ලේ තලගොයි හිටියේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හයියෝ, මෙච්චර දේවල් වෙද්දි කොහොමද තොටියා ඔයිට වඩා හොඳ මූඩ් එකක ඉන්නෙ?
      ගල් පාන්දර කිව්වෙ පහට විතර. පට්ට පාන්දර කිව්වෙ එකට දෙකට.


      කම්මැලියෝ!!

      Delete
  18. ඩුඩ් අයියේ මගේ වෑන් එකෙත් වැඩ වගයක්තියෙනවා ඔය බුවාගේ වර්ක් ෂොප් එක තියෙන්නේ කොහෙද? මට පොඩි මේල් පොජ්ජකින් විස්තරේ එවන්නකො.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. මේ දාලා තියෙන්නෙ ටයර් ෂොප්/අලයින්මන්ට් ෂොප් එකක විස්තරයක් විතරයි කෝරළේ මහත්තයා. ගරාජ් බාස්ලාව නම් රෙකමෙන්ඩ් කරන්න හරි අමාරුයි බං. මේ බුවාලා බෑ කියලමනෙ පටන් ගන්නෙ.

      Delete
  19. අනේ ඩූඩ්ටත් වෙන වැඩ. මටමනේ වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ නලීන්. මටමයි වෙන්නෙ. Morphy's Law!

      Delete
  20. apoy dude mahath wela...

    nirosha

    ReplyDelete
    Replies
    1. මේ අවුරුද්දෙ ජොගිං පාර අප්සෙට් නිරෝෂා. ඒකයි ම‍ෆින් ටොප් එක.

      Delete
  21. ඔය වගේ මක බාස් දෙන්නෙක්ට අහු උනොත්... හෙන්රිට අළුත් වෑන් එකක්ම ගන්න පුළුවන්..වෙයි වගේ !

    ReplyDelete
    Replies
    1. වෑන් පැත්තකට දාපංකො. කැමරාවක් හෙම හදන්න ට්‍රයි කරලා තියෙනවද?

      Delete
  22. Replies
    1. ලස්සන යෙදුම නේ, හරී?

      Delete
  23. අර මක බාස්ගේ ආච්චි අම්මට...

    ReplyDelete
    Replies
    1. හා හා හාල් ගනං තරුවා,

      Delete
  24. මාර කට්ටක් නේ. ඔහොම වාහන කන බාස්ලා ඉන්නවා. වැඩ පුළුවන් තරම් ගොඩ ගහ ගන්නවා. එකක් වත් හරියට කරන්නේ නෑ. හැබැයි ඉතින් ඔහොම තැන් වැඩි කල් කෙරෙන්නේ නෑ. දන්න කිසි කෙනෙක් ආයේ යන්නේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඕක කොයි බාස්ටත් පොදු දෙයක් චන්දන.

      Delete
  25. අපිටමයි වෙන්නේ කියලා හිත හදාගන්න සර්.මට නම් මොනවා හරි දෙයක් බ්‍රෑන්ඩ් නිව් පැකින් පිට ගත්තත් එක මාරු කරන්න අනිවා ආපහු පාරක් යන්නම වෙනවා.ඒක මගේ දෛවයේ හැටි කියලා හිතාගෙන මම හිත හදාගෙන ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. අයියෝ එහෙම හිතන්න එපා නිශාන්. ඔහොම දේවල් කාටත් වෙන්න පුලුවන්.

      Delete
  26. හික්ස්.... ඔය වගේ මකබාස්ලා හැම තැනම ඉන්නවා ඩුඩ්.....

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව සමනළී! මම මේ ඒ සෙට් එකක් එක්ක වැඩ මේ දවස්වල. :D

      Delete
  27. ඉස්සරවෙලාම කියන්න ඕනේ ලංකාවේ ව්‍යාපාර වර්ග දෙකක ඉන්න අය වැරදියට ලියන වචන දෙකක් තියනවා.

    1. alignment මේක බොහොතන් වල ලියලා තිබෙන්නේ 'එලයිමන්ට්' කියලයි. බාස්ලා කියන කුණුහරප ඉංගිරිසි වචන පැත්තක දාමුකෝ. නමුත් ව්‍යාපාරයක බෝඩ් එක ගහනකොට දැනුම් තේරුම් ඇති එකෙකුගෙන් අහන්නේ නැති අහංකාර මෝඩකම නිසා මෙහෙම වෙනවා කියලයි මට හිතෙන්නේ.

    2. Short Eats හාපෝ...........90% ක් විතර කඩවල ලියලා තියෙන්නේ 'සෝටීස්' කියලා. සමහරු කඩෙන් ඉල්ලන්නෙත් එහෙම කියලා. සෝටීස් කියන්නේ තෝරලා පැත්තකට කරපු (තේරිච්ච) දේවල් කියන තේරුම නේද ඩූඩ්? ඒ කියන්නේ අපේ අය කන්නේ ඒ වගේ තෝරලා අහකදාපු දේවල්ද?

    ගරාජ් බාස්ලා නෙවෙයි බාස් සංහතියම මටත් තිත්තයි. වාහන විදුලි පද්ධති අලුත්වැඩියා කරන මකබාස් කෙනෙක් මගේ කාරෙකේ රේඩියෝව පිච්චුවා. තව බාසෙක් මගේ ගෙදර බිත්තියකට අල්ලන්න ගෙනාපු ග්ලාස් බ්ලොක්ස් හයක් කැඩුවා. මම ඉන්න පැත්තේ තියනවා ලෝකයේ සුප්‍රසිද්ධ සමාගම්වල වාහන අලුත්වැඩියා ඒජන්තවරුන්ගේ මහා පරිමාණ ගරාජ් . උන්ගේ ගණන් ඇහුවොත් අපිට හෘදයාබාධ හැදෙනවා. ගොඩනැගිලි කොන්ත්‍රාත් සමාගම් තියනවා. උන් එක ගෙදරකට කියන ගණන් වලින් අපිට ගෙවල් පහක් විතර හදන්න පුළුවන්. ඊට වැඩිය අර මක බාසා හොඳයි. ළඟ ඉඳලා අපිත් අත්වැඩ දුන්නම වැඩේ දුවනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මගෙ මේසන් බාස්ලා ගැන කතා තව ඉස්සරහටයි විචාරක.

      ඔයින් ගියා ඇති!

      Delete
  28. Replies
    1. ගයනිටත් මක බාස්ලගෙන් වැඩ ගන්න සිද්දවෙන දවසක් ලඟදීම ඒවි! :D

      Delete
  29. බාස්ලා කියන ජාතියෙන් අති මහත් බහුතරය ඔය විදිහෙ හොරුම තමා. ඔක්කොටමත් වඩා කියන ගණන් හිලව්වත්, වාහනේ තියෙනවාය කියල ඒගොල්ලො කියන ලෙඩේවත්, හැදුවාය දැම්මාය කියන කෑලිවත් සත පහකට විශ්වාස කිරීමට ඇති නොහැකියාව.
    ඇත්තටම දාන්නකො ඔය ගරාජ් එකේ නම් ගම්, අපිටත් දැනගන්න.

    ReplyDelete
    Replies
    1. ඕකනෙ නලිනි වැඩේ. ඉතින් එහෙමයි කියලා අපි ක්ෂේත්‍ර කීයක් කීයලා දැනගෙන ඉන්නද!

      Delete
  30. අඩෝව් පරණ වාහන විකුණපියව්. ව්‍යාපෘතිය

    ReplyDelete
    Replies
    1. අලුත්ම කිරි කිරි ටොයියොත් ඔය ගරාජ් ගානෙ රස්තියාදු වෙන්නෙ බං. :)

      Delete
  31. අර ෆොටෝ එකේ ඉන්නේ ඩූඩ් අයිය ද ?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව බොලං.
      බුම්මාගෙන ඉන්නෙ මොකෝ කියලා හෙම ඇහුවොත් ගහනවා මාලු ටැංකියට ගලකින්.

      Delete
  32. බාස්ලා ඔක්කොටම බනින්න එපා අප්පා ..අපේ තාත්ත පව් :(
    ........................
    මක බාස්ලා ගැනනම් (ගරාජ් නෙවෙයි )මට ඕන තරම් දේවල් කියුවහැකි හික් ..අපේ තාත්තා ගාවට මිනිස්සු එන්නේ කලින් බාස්ට බැන බැන !

    ReplyDelete
    Replies
    1. ඉන් පස්සෙ යනව උන්දැට බැන බැන. එහෙමද?

      Delete
    2. @ඉන්දික උපශාන්ත
      +++++++++++++++++++++++++

      Delete
    3. හිත් රිදීමක් වුනා නම් සමාවෙන්න රෙහානි. මේ කතාව ඇත්තමයි.

      Delete
    4. @ඉන්දික උපශාන්ත
      ඒක නම් දන්නේ නෑ ..මොකෝ අපිට ඇහෙන්න බැනල නෑනේ ,අනික අපේ තාත්ත කරන වැඩේ හරියට කරන මිනිහෙක්

      Delete
  33. ඔය ජාතියේ මිනිස්සු හැමතැනම ඉන්නවා අයියන්ඩි.හැම වෘතියකම තමන්ට කියපු වැඩේ විතරමයි කරන්නේ.ඒකට අදාල අනිත් කොටස්වල මොන අඩුව තියෙනවා දැක්කත් උන් නොදැක්ක ගානට ඉන්නවා. හැබැයි සමහර මෝඩයන්ටත් හොඳ ඔහොම උන්ම තමයි. ඉස්සර මගේ ෂොප් එකට එන සමහර මිනිස්සුන්ගේ මූන දිහා බලලා අඩු ගනනක් කිවුවොත් එහෙම
    ( සමහරවිට ඒක මගේ වියදමම විතරක් වගේ වැඩ කුලියක් අයනොවී) උන් මගේ මූන බලන්නේ වැඩේ සක්සස් නෑ වගේ. එකම ගැටළුව මම උන් ගැන හිතලා අඩු ගානක් අය කරපු එක. එහෙම කරහම සමහරු හිතන්නේ මේ හාදයට වැඩ තේරෙන්නේ නෑ කියලා. ටිකක් රිදෙන ගානක් ගත්තම අහවල් තැන වැඩ නම් සුපිරි කියන අයත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙනවා නේද බං, සරා.

      සමහරු තමන්ට ඕනෙ දේ නෙවෙයි ‍තෝරාගන්නෙ. බාස් උන්නැහේට ඕනෙ දේ.

      Delete
  34. හෙන්රියෝ උඹ ඉතින් යමක් ලිව්වොත් සර්ව සම්පූර්ණව ලියන එකානේ අයියේ. මට නම් මේ එලයිමන්ට් කතා නිකන් ග්‍රීක් වගේ. අර බාසා ගැන කීව්වොත් නම් ඉතින් ඔය වගේ නොසුදුස්සන් හැම තැනම වැහි වැහැලා. ලංකාවනේ මේ. හැබැයි මචං ඔය කතාවෙන් කියවෙන්නේ අපේ බහුතරයික් කියලා තියෙනවා වගේ බාස්ලා නම් හොරුය කියන එක නෙමෙයි. සුදුසුකම් නොමැති උන් නුසුදුසු තැන්වල බොහෝමයි කියන එක සහ එවැනි උන්ට යහතින් ඉන්නට හැකිවන සේ අපිද කටයුතු කරමින් ඉන්නා වගයි. හොදම උදාහරණය උඹ. පාඩුවේ ආවා මිසක් ආයෙ පැත්ත පළාතකවත් ගියෙ නෑ නොවැ.

    ReplyDelete
    Replies
    1. අලයින්මන්ට් කියන්නෙ මහා අභිරහසක් නෙවෙයි බං රතු. ඉස්සරහ රෝද දෙක සීරු මාරු කල යුතු කෝණ කීපයක්. ඒක අල්ලලා දාහංකෝ.

      මට අර බුවාත් එක්ක හැප්පිලා වැඩක් නෑනෙ දැන්. මම ආයෙම මගෙ සුපුරුදු තැනින් අලයින්මන්ට් තියාගත්ත නිසා මට අර බුවාගෙ වොරන්ටියවත් සහතිකේවත් වැදගත් නෑ. අනික මට පොරට උගන්නන්න යන්නත් බෑනෙ. ඉතින් නිකං හිටියා.

      ඒ වගේම, පොර යම් දවසක වැඩේ ඉගෙනගෙන, වැඩේ අල්ලාගන්නත් බැරි නෑ. කවුරුත් දණගගානේ පටන් ගන්නෙ.

      Delete
  35. හොර බාස්ලා සහ මකබාස්ලා හැමතැනම

    ReplyDelete
  36. Henry
    I can't understand one thing.As far as I know no need to remove the steering wheel to centre it.Think about a new car with an Air bag.It is a somewhat hard to remove the wheel as first you have to isolate air bag and then after reinstalled it to the safety computer.Can't do all these without a scanner or proper analyser.

    ReplyDelete
    Replies
    1. Hi Anonymous. Thanks for the comment. It is like this. The alignment program, at one point displays the on screen message "Now straighten the steering wheel" or something similar to that. The alignment dudes ignore this. When I asked the more experienced dude why won't he follow that, he said the older vehicles have too much play in the steering system that it won't really do the trick. And that really would work with the latest vehicles with airbags," he added.
      I think in the vehicles like that simply straightening the steering wheel would do the trick.

      Delete
  37. කාලෙකින් බ්ලොග් එක පැත්තෙ එන්න බැරි වුනාට සමාව බජනය කරනව ඩුඩ්...මේ දවස්වල හරියට වැඩ හින්දයි බැරි වුනේ.:D :D :D

    ශිහ් කරන රස්සාව වත් හරියට කරන්න බැරි මිනිස්සුත් ඉන්නවනේ මේ ලෝකෙ....හිතන්න මගදි බුශ් ගියානම්.... :O

    ReplyDelete
  38. දැන් කාලෙ බාසෙක්ගෙන් වැඩක් ගන්න නම් අපි වැඩේ ඉස්සෙල්ල ඉගෙනගෙන ඉන්න ඕනේ. ඔය වගේ 2009 දෙසැම්බරේ මම කුලියට ගත්ත වාහනේ දහාට වංගුවෙ යනකොට පට පට ගාල සද්දයක් ආවා. අතරමග ගරාජ කීපෙකට ගෙනිච්චා. එකෙක්වත් හොයාගත්තෙ නැහැ.. එක එක මගුල් කියලා මගෙ සල්ලි කඩා ගත්තා විතරයි.. හැතප්ම සිය ගනනක් දුවලා දහාට වංගුවත් බැහැලා නැගලා ආපහු එන ගමනේ කඩවතදි හොයා ගත්ත හැටියට තව කිලෝ මීටර බාගයක් දිවුවා නම් අපි කපෝති.. වාහනෙ එක රෝදයක් එල්ලිලා තිබුනෙ එක නට් එකකින්. අරක සර්විස් කල බුවා හරියට නට් හයි කරලා නැහැ.. එහෙම නැත්නම් කවුරුහරි රෝදෙ ගලවන්න හදලා අතරමගදි නවත්තලා. ඔන්න අපි බේරිච්ච බේරිල්ල

    ReplyDelete
  39. ආ! මම මෙ පොස්ට් එකට කමෙන්ට් එකක් දාලා නෑනේ.

    හැම අවුරුද්දෙම මෙ ගරාජ් බාස්ලා මොකක් හරි නොසැලකිලිමත් වැඩක් කරලා අපෙන් අමතර ආදායමක් උපයා ගන්නවාමනේ.

    ReplyDelete
  40. bohoma waradiy, mamath bass kenek, habai adu ganata wada karanne naha, rack 1 dala alignment thiyanna 10000k wath ganna wenawa(only labour chargers)...........wada hondanam gana sarai

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>