Wednesday, June 12, 2013

78. මා මෙතෙක් ලියූ අසීරුම බ්ලොග් ලිපිය. The Flight Beyond All Hope!



The jet is soaring high...ඉහල අහසේ පියඹන ජෙට් යානාවෙ මම ඉඳගෙන ඉන්නේ, ඕනෙම වාහනයක මගේ ප්‍රියතම අසුන වන කවුළුවක් අසලයි. ඉදිරි අසුනේ ඇන්දේ සවිකර ඇති LCD තිරය වෙත මගේ දෑස් යොමු වෙනවා. මුහුදු මට්ටමේ සිට උස අඩි 37000 යි. යානයෙන් පිටත අහසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘන  37යි. (-37˚C). ජනෙල් කවුලුවෙන් පිටත බලන මගේ ඇස  ගැටෙන්නේ,  වායුගෝලයේ ඇති කැළඹුමට හසුව ගැහෙන ගුවන් යානාවේ ත‍ටුව. මේ මොහොතේ ගුවන් යානාවෙන් පිටත සිටින ඕනැම කෙනෙක්, ඔව්, සුපර්මෑන් වුනත් සීතලෙන් මිදිලා මියයනවා සිකුරුයි...even the super man would have frozen to death.


Suddenly, I think of the ‘Drama In real Life’ story... මම වසර ගණනාවකට පෙර,  රීඩර්ස් ඩයිජස්ට් සඟරාවක කියැවූ,  ගුවන් යානාවක රෝද කුටීරය තුල සැඟව වෙනත් රටකට පළායන ළමුන් දෙදෙනෙකුගේ සත්‍ය කතාවක් මගේ හිතට එන්නේ නිතැතින්ම. ඉන් එකෙකුගේ නම මිගෙල් වැනි ස්පාඤ්ඤ නමක් බවයි මට මතක... it had some Spanish ring to it. 

The landing gear bay or the undercarriage compartment or wheel well, whatever you call it is neither heated nor pressurized..  ගුවන් යානාව ගුවන් ගතවූ පසු හැකිලී ඇතුලට එන රෝද තැන්පත්වීමට ඇති කුටීරය වායුගෝලීය පීඩනය රඳවාගැනීමක්  හෝ ඔක්සිජන් සැපයුමක් හෝ නොමැති තැනක්.  එවැනි තැනක ඔවුන් දිවි‍ රැකගත්තේ කොහොමද? ගෙදර ගිය විට මගේ පැරණි රීඩර්ස් ඩයිජස්ට් සඟරා එකතුව  අවුස්සා ඒ ලිපිය නැවත කියවා බැලීමට මම හිතාගන්නවා. මට ඒ කතාව ඇසුරෙන් මගේ ඉංග්‍රීසි සිංහල බ්ලොග් දෙකටම කතාවක් ලියන්නත් පුලුවන්!... Well I can blog it in HeyDude and My Blue Jeans.

What I discovered later, when I Googled ‘wheel well stowaway’... මා පසුව ගූගල්  ආධාරයෙන් අන්තර්ජාලයේ සැරි සරා සොයා ගත් තොරතුරු වලින්  මම ඉමහත් විශ්මයට පත් වුනා.

ඇත්තෙන්ම එවැනි දෙයක් කර තිබුනේ ඒ ළමුන් දෙදෙනා පමණක් නෙවෙයි!

ගුවන් යානා රෝද කුටීරයේ සැඟවී ගමන් කිරීමේ වාර්තාගත ඉතිහාසය  1947 වැනි ඈත කාලයක් දක්වා ඈතට දිව යනවා. එවක් පටන්, වරින් වර, පුද්ගලයින් 96 දෙනෙක් ගුවන් යානා 85 ක රෝද කුටීර තුල සැඟවී ගමන් කර  ඇතත් ඉන් 73 දෙනෙක්ම ජීවිතක්ෂයට පත් වෙලා! දිවි ගලවා ගත්තේ 23 දෙනයි. මොවුන්ගෙන් ලාබාලතමයාගේ වයස අවුරුදු නවයයි. වරක් අයෙක් අඩි 39,000ක් ඉහලින් ගමන් කල ගුවන් යානාවක සැඟවීත් දිවි ගලවාගෙන තිබුනා...survived the cruising altitude of 39,000ft. 


Please standby for henryblogwalker original


Coming up next...

ඔබ ඔය කියෙව්වේ මම පෙබරවාරි 28දා HeyDude බ්ලොග් අඩවියට ලියූ පෙරවදනයි. ඒ වන විටත් සෑහෙන දුරට වැඩ අවසන් වී ඇතැයි මා හිතාහිටි ලිපිය මා සිතූ තරම් ඉක්මනින් පළ කිරීමට නොහැකි වුනේ එය ඒ තරම්ම සංකීර්ණ, දුෂ්කර ලිපියක් බැවිනුයි.

මෙය සිදුවීම ප්‍රබන්ධයක් වුවත්, මෙහි දක්වා ඇති දත්ත සත්‍ය ඒවා වියයුතු අතර, කතාව හැකි තරම් සත්‍යයට සමීපවන අයුරින් නිමැවිය යුතු බව මම සිතුවා. ප්‍රමාදයට හේතුව එයමයි.

මේ ලිපියට කුමක් වීදැයි විපරම් කල මගේ දරු දෙදෙනාටත්, බිරිඳටත්, බ්ලොග් සහෘදයින් වන සෙන්නාටත් චාම්ස්ටත් මගේ ස්තුතිය.

ඔබ ඉංග්‍රීසි බසින් එය කියවීමට අකමැත්තක් නැත්නම්, දැන් මේ ලිපිය කියවීමට ඔබ තව දුරටත් බලා සිටිය යුතු නෑ. 


ඒ ලිපිය අද පළවුනා.

ඔබ කලයුත්තේ පහත සබැඳිය මත  'ක්ලික්' කිරීම පමණයි. සැබැවින්ම මෙවැනි තාක්ෂණික කරුණු ලිපියකට වඩාත් ගැලපෙන බසද ඉංග්‍රීසිය බවද කිව යුතුමයි. මේ දැන් ඔබ කියැවූ ලිපිය සිංහලට නැගීමේදීත් මම නව අත්හදාබැලීමක් කලේ ඒ බව ඔබටම වටහා දෙන්නටයි.

සමහරවිට මෙය ශ්‍රී ලාංකික රචකයකු මේ තේමාවෙන් (aviation topic) නිමැවුමක් කල පළමු අවස්ථාව  වීමට ඇති ඉඩ කඩද බොහෝමයි.

එහෙනම් මෙන්න සබැඳිය.




 Flight Beyond All Hope. Part 1. Dude's Originals.


 


85 comments:

  1. ඔය කතාව මාත් කියෙව්වා, රෝදේ අස්සේ සැඟවී ගිය කතාව ඇතුලත් චිත්රපටි ගණනාවක්ම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔය කතාව කිව්වේ ඉවාන් ඔය මම රීඩර්ස් ඩයිජස්ට් එකේ කියෙව්වයි කිව්ව ළමයි දෙන්නගේ කතාවද? ඒ මොකද අර සංඛ්‍යාලේඛන අනුවෙ සීයක් විතර ඔය වැඩේ කරලා තියෙනවනේ.
      හැබැයි මම ලියපු කතාව කොහෙන්වත් ගත්ත එකක් නෙවෙයි.මගේම නිර්මාණයක්.

      Delete
  2. mamath harima kemathi newa wahanei essara yanta saha widhuruwak ayinei pitadha narabamin yanta...

    ReplyDelete
    Replies
    1. නැතුව, නැතුව රාජ්. මම පාං ගෙඩියෙත් අයිනටයි කැමති. :))

      Delete
  3. උඹේ මහන්සියට මෙන්න හැට්ස් ඕෆ් වෙනවා ඉබේම. උඹ වගේ එකෙක් මේ බ්ලොග් ලෝකේ ඉන්න එක අපේ වාසනාවට වෙච්චි දෙයක් කියල මම බොට කිව්වා නේ.. කෝ තෝ අහන්නේ නෑ නෙව.. ජයම වේවා.. මට නං ඉතිං කියන්න දෙයක් නැ. බලමු වෙලාවම උඹ ගැන විචාරයක්වත් දාන්නං.. හැක්..

    ReplyDelete
    Replies
    1. හා හා තොප්පිය හුල‍ඟේ යයි දේශකයෝ.

      මේක වෙන කවුරුවත් ලියපු කතාවක් නෙවෙයි බං. මමම ලියපු එකක්.

      ස්තුතියි දේශකයා.

      Delete
    2. සිරාවටද කිව්වේ. මං මෙච්චර කලක් හිතුවේ මේකේ ලියන ඒවා කොටන්නේ වෙන එකෙක් කියලයි.. හැක් හැක්...

      Delete
  4. මමත් අහලා තියෙනවා ඔය වගේ කථාවක්, රෝදයක් අස්සේ හැංගිලා වෙනත් රටකට යන්න උත්සහ කරපු එකක් .. ප්ලයිට් ඒක අයෙමත් නතර කරන්න රෝද පහලට එනකොට මිනිය බිමට වැටිලා ..උදදීම මරිලලු ඉදලා තියෙන්නේ ..

    ReplyDelete
    Replies
    1. උඹ අර කතාව කියෙව්වා නම් දකින්න ඇති මේ කොටස:

      >>This may not be accurate as the ones who could have fallen off the aircraft into water or remote areas and were not even recovered, could be not included in the survey.<<

      Delete
  5. හොඳයි හොඳයි කියවල බලමුකො.

    ඕව ලිව්වට කමක් නෑ අත්හදා බලන්න එහෙම යනව නෙමෙයි ඕං.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න. මේ කතාවේ අන්තිම කොටස ලියනකෝ මම ලොකු ගැටලුවකට මුහුණ පෑවා මම හිතා හිටි අවසානය ලියන්නේ කොහොමද කියලා වැරදි අදහසක් නොදී.:)

      Delete
  6. Replies
    1. ඒක මුල් පිටපත් ලියවට වඩා අමාරු වැඩක් සංජීව. ඇත්තමයි.

      Delete
    2. Please, don't be.
      I'm working on it.

      Delete
  7. මමත් කියෙව්වා බං ඔහොම කතාවක් ඒකෙ ගියේ එක කොල්ලයි,පන බේරගත්තා.
    එක නෙවෙයි මචං උඹගෙ ප්‍රියතම ආසනේ තට්ට උඩද,මම නම් අකමැතිම ආසනේ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත තට්ට උඩ අසුනක ඉදගත්තාම මෙලෝ ***ක් පේන්නේ නෑ. මාත් කැමති වෙනත් තැනක අයිනේ අසුනකටයි.

      Delete
    2. උඹලා දෙන්න බිස්නස් ක්ලාස් යන වුනේ. උඹලට කොහෙන්ද ත‍ටු අහුවෙන්නේ? කෙලින්ම අර ඩැයිබර් පිටිපස්සේ පූජ්‍ය පක්ෂයට තියෙන සීට් එකේ නෝ ත‍ටු. :))

      Delete
    3. අන්න දැක්කද ඩූඩගෙ කපටි කම. මගදී හාමුදුරු කෙනෙක් නැග්ගොත් කියලා මූ ඒ සීට් එක මග ඇරලනේ. අනේ හලපයෝ, නලීනෝ දැන්වත් හැදියල්ලා.....

      Delete
  8. මේක සිංහලෙන් දාපන් බන්.

    ReplyDelete
    Replies
    1. ඔච්චර කම්මැලි වෙන්න එපා බං. අරක කියවපං. ඒක වඩා ස්වභාවිකයි.

      Delete
    2. අනේ අපිට ඉංගිරිස් තේරෙන්නේ නැහැ මහත්තයෝ.

      Delete
  9. ඩි කැප්රියෝ ගේ කැච් මී ඉෆ් යූ කැන් එකෙත් ඔහොම් සීන් එකක් තියෙනවා වගේ මතකයි!

    ReplyDelete
    Replies
    1. ඒකෙ මිනිහා ප්ලේන් එක ඇතුලෙ ඉඳලා තමා රෝදෙට බහින්නෙ. ඒක කොච්චර දුරට පුළුවන්ද කියන එකනම් සැකයක්.. ඒත් ඒක ඇත්ත කතාවක්..

      Delete
    2. ඇයි Commando එකේ Schwarzenegger රෝදෙට නැගලා ඇතුලට ගිහින් මිනිහෙකුත් මරලා එනවා නේද?

      Delete
    3. මට මතක් වුණෙත් මේ සිද්ධියම තමා. මෙතැන වෙන්නේ ඇතුළේ එකට ඉදලා මිනිහව මරා Schwarzenegger රෝද කුටීරයෙන් එලියට පැන ගැනිමයි හෙන්රි.

      Delete
  10. මැදෑ... මෙයා මෙච්චර කාලෙකට ලියපු අසීරුම ලිපිය බලන්න ආවා. දැන් අපි එපෑයැ අසීරුවෙන් කියවන්න. d(

    බොරු මොකටද, සරල තියෙන දෙයක් කියෙව්වට ඔය වගේ පත ලිපියක් කියවන්න ගත්තම හොම්බෙන් තමා යන්න වෙන්නෙ, මට කම්මැලියි අෆ්ෆා. බලමු ට්‍රයිකරල, වචනවල තේරුම් හොයලම මට වැඩේ එපාවෙයිද මන්ද.

    දැන් ඩූඩ් දෙන උත්තරෙන් බාගයක් මට හිතාගත්තෑකි, ඒ ටික නැතුව අනිත් ටික කිව්ව නම් :))

    ReplyDelete
    Replies
    1. අහන්ට බැරි උනා, දැන් එතකොට වාර්තා නොවී ඔය විදියට ගිය උන් ඉන්න විදියක් ඇත්තෙම නැත්ද

      Delete
    2. කොහෙද උඹ මට වාරණයක් දැම්මනේ.

      අපේ උන් ඉංග්‍රීසි බෑ කියලා නහයෙන් අඬනවා කොච්චරවත්. මාස හයෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙටි ක්‍රම නැද්ද අහනවා. ඇත්තෙන්ම බැරිකමම නෙවෙයි. ඒකට පළවෙනි හේතුව වෙන මොකුත්ම නෙවෙයි කම්මැලිකම.

      ඒ වගේම අපි ඒ කම්මැලි කම සාධාරණීකරනය කරන්නත් උත්සාහ කරනවා.

      නමුත් අපිට අමතක වෙන තව පැත්තක් මම කියන්නද?

      විදේශ වල ඉගෙන ගන්න සහ ජීවත් වන සිංහල ළමයින්ව සහ ඒ පවුල් වල අයව අපි විවේචනය කරනවා නේද ළමයි සිංහල ලියන්න කියවන්න කම්මැලියි කියලා. ඒත් ඔය හේතුවමයි කියලා අපිට මොහොතකට අමතක වෙනවා. (හැබැයි මම මෙතනදි අදහස් කරන්නේ ලංකාවේ ඉගෙන ගෙන විදේශ ගත වෙලා මාස කීපයකින් සිංහල මලපොතේ අකුරක් බැරුව යන උන් ගැන නම් නෙවෙයි)

      සරළව කිව්වොත් බස් තියන් පයින් යන්න කම්මැලියි ඔය මම කිව්ව දෙගොල්ලම.

      මේ බැන්නා නෙවෙයි, ඈ. සංවාදයකට මුල පිරුවා විතරයි.

      අර ප්‍රශ්ණෙට උත්තරේ කොච්චර ඉන්නවද දන්නේ නෑ. අර චමීෆෝර්යූට දීපු උත්තරේ බලාපං DDT. අනික අපි කොව්වර කිව්වත් ලෝකෙ පුරාම ආරක්ෂක විධිවිධාන එකාකර නෑ.

      Delete
  11. ඕන් වැටුනා අමාරුවක .....දැන් ඉතින් කියවපල්ලකෝ ..එක්කෝ කමක් නෑ ,අමාරුවෙන් හරි කියෝමුකෝ :D

    ReplyDelete
    Replies
    1. කල නොහැක්කක් නොමැත. රෙහානි DDTට දීපු උත්තරෙත් බලන්නකො.

      Delete
  12. ඔන්න ඔය වගේ කැපවීමෙන් කෙරෙන බ්ලොග් කලාව තමයි බොහොම සාර්ථක...මමත් සමහර ලිපි ලියලා මකලා දානවා ආපහු කියවද්දි මම තෘප්තිමත් නැත්නම්...සෘණ හතලිස් ගාණක උෂ්ණත්වයක...අඩු ඔක්සිජන් තත්වයක් යටතෙ කොහොම හිටියද කියලා හිතා ගන්නත් බෑ මට නම්...

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද බං. අපේ එව්වො සෙට් පිටිං ඔය බෝට්ටුවල මාලු දාන්න තියෙන පෙට්ටි ඇතුලෙයි, කන්ටේනර් පෙට්ටිවලයි රටිං පැනල යන්නෙ. :D

      Delete
  13. බලපල්ලාකෝ දාපු අමාරුවක තරම...:((

    මටත් හිතයි යන්න මේ විදියට ප්ලේන් රෝදයක් අස්සේ හැංගිලා..:D
    අත්හදා බැලීමක් ලෙස රත්මලානේ සිට යාපනේ දක්වා යන්ට ඕනි....

    ReplyDelete
    Replies
    1. හිටහං කතාවේ කැලි තුනම කියවනකල්. එතකොට හිතෙන්නේ මොනවද කියලත් කියාපංකො මට.

      Delete
    2. උඹට ට්‍රයල් එකකට බස් එකක ස්පෙයා වීල් එක උඩ ගිහිල්ල බැලුවෑකි මුලින්ම. :))

      Delete
    3. මම හිතුවේ ට්‍රයල් එකට රත්මලානේ ඉඳන් මත්තලට යන එක හොඳ වේවි කියලා. මත්තල airport security එකත් එච්ච්ර තදේට නැතිව ඇති නෙහ්? ඇරත් හදිසියකදි එහාපැත්තේ කැලේට උනත් පැන ගන්න පුළුවන් නේ. :D
      @ ඩූඩ්: කට කට. ඔය වගේ කතා අපේ ප්‍රයිවෙට් බස් අයියලට ඇහෙන්නෙ කියනවා හෙම නෙමෙයි. ඕක හරි ගියොත් හෙට ඉඳලා උන්දැලා ඕවා අස්සෙත් මිනිස්සු පැක් කරන්න ගනී.

      Delete
    4. අඩේ මට මත්තල අමතක උනානේ...
      ප්‍රයිවෙට් බස් අයියලා ඔය දැනට උනත් එහෙම මගී ජනයා අරන් යන්නේ..කොයි තරම් සේවයක්ද එකත්...?

      Delete
  14. හොරෙන් ඕස්ට්‍රේලියවට බෝට්‍ටුවෙ ගිහින් මැරෙන ගාන දැක්කම මේක ඊට වඩා සැප ඇති.කියල හිතෙනවා බං.. /..
    යකෝ මේක කියෙවුව මදිවට පලයංකො සුද්දගෙ බාසාවෙනුත් කියවන්න. හෆෝයි.. මේක ඊට වඩා සැප ඇති.කියල හිතෙනවා බං..

    ReplyDelete
    Replies
    1. මිනිස්සු නොකරන දෙයක් නෑ සමහර දේවල් ලබා ගන්න.

      හලේ ඉතිං සරත් මහත්තැංලත් ඔහොම කියනවා නම් මේ අපි වගේ උන් මොනවා කියන්න ඕනෙද? :D

      Delete
  15. මට නං කම්මැලියි බං. උඹ හොඳට ලියල ඇති කියල හිතනව :-)

    ReplyDelete
    Replies
    1. මු තමා දවසකටවත් මිනිහා

      Delete
    2. කම්මැලියාට දිවැස් තිබේ!

      හොර ගෙඩි! :D

      Delete
  16. ඔය ඉංගිරිසිය තමයි මට කෝකටත් පරහට හිටියෙ..!ම්හු මට කියවන්න බෑ..!

    ReplyDelete
    Replies
    1. බෑ කියලා බෑයි කියලා බෑ,
      බෑ කියලා බෑයි කියලා බෑ,
      බෑ කියලා බැරිය න‍ඟේ,
      බෑ කියලා බැරිය මලේ,
      බෑ කියලා බෑයි කියලා බෑ,

      Delete
  17. හපොයි !!! දැන් කියවපල්ලකෝ! නිවී සැනසිල්ලේ කියවලා කොමෙන්ට් එකක් දාන්නම්. සිංහලෙන් වගේ කඩ්ඩෙන් ඉක්මනට කියවන්න අමාරුයි :)

    ReplyDelete
    Replies
    1. මානවිකාටත් කියන්න තියෙන්නේ කල නොහැක්කක් නොමැත කියලා තමයි.

      DDTට දීපු උත්තරෙත් බලන්නකො. :)

      Delete
    2. යන්තම් කියවගත්තා :D
      කතාව නියමයි, කියන්න ඕන ටික ඔන්න එතන කොමෙන්ට් එකක දාල ඇති, ආයෙ මෙතනත් කිවුවොත් අගයක් නැහැ නේ :D
      කතාවට විතරක් නෙවෙයි; සත්‍ය තොරතුරු සොයා බලා කතාවට ඇතුලත් කරපු ආකාරයටත් හිත ගියා ගොඩක්.

      Delete
  18. ඉංග්‍රීසියෙන් කියවලා සිංහලෙන් කමෙන්ට් දැම්මට කමක් නැද්ද.....

    ReplyDelete
    Replies
    1. ඔයාට ඕනෙ බාසාවකින් කමෙන්ට් කරන්න හිරූ, නමුත් ඔයාගේ ඉංග්‍රීසි ඔයා හිතාගෙන ඉන්නවට වඩා හොඳ බව විතරක් හිතන්න. මම දැක්කා හිරූගේ ඉංග්‍රීසි කමෙන්ට් එකක් කොහෙදිද මන්දා. :)

      Delete
    2. තැන මතක නැද්ද යකෝ. උඹේ අර සිගරට් පෝස්ට්කටුවේ..

      Delete
  19. හ්ම්ම් එහෙනම් කියවලම එන්නන්කො පුලුවන් හෑටියකට

    ReplyDelete
    Replies
    1. හරි දමිත් කියවන්නකෝ. කියවලා කියන්නකෝ හිතෙන දේ.

      Delete
  20. කඩ්ඩ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එක මෙතනටත් ගෙඩි පිටින්ම අලවනවා.(තොටියා කම්මැලියා බව ඩූඩ් දන්නවා නෙව)
    What a story!!!! This is the very first time I'm reading about wheel well stowaway. I mean, it's suicidal like stepping in to a lion's den. It almost looks like an impossible task to survive in that high altitude with low temperature, pressure & oxygen. How he's gonna do it made me really curious.
    Hopefully this is not the end of story right? I'm waiting to read the next episode(with my belts fastened).
    The way of writing is also amazing Dude; completely deviating from your normal style of writing. For few seconds i just wondered whether u really emailed Carlos

    ReplyDelete
    Replies
    1. ආ ඒකට මොකද, ඒකෙ කමෙන්ට් එකක් දාපු එකයි වටින්නේ. මම මේ දැන් බැලුවාම කතාව පළවෙලා තියෙන HeyDude කඩ්ඩ බ්ලොගේ කමෙන්ට් 19කුත්, කතාව ගැන දැන්වීම පළවෙලා තියෙන මගේ ඩෙනිම සිංහල බ්ලොගේ කමෙන්ට් 53කුත් තිබ්බා. :))

      ඔව් ඒ තොරතුරු ඊ ලඟ කොටස් දෙකේ තියේවි තොටියාස්.
      අ ආ, එහෙනම් ඒ ලියපු විදිය තොටියා නෝට් කරලා තියෙනවා. සතු‍ටුයි. :)

      Delete
  21. අමාරුවේ නොවැටි යාන්තම් කතාව කියවගත්තා..

    වෙන රටකට යන්න මිනිස්සු කොයි තරම්නම් පොරකනවද කියලා හිතුනා.. බෝට්ටු වලින් රට පනින මිනිස්සු කොච්චරනම් මැරෙනවද.. ලෙඩක් හැදුනත් කෙලින්ම මුහුදට විසි කරනවා කියලා මම අහලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මිනිස්සු කරන දේවල් ඇහුවාම පුදුම හිතෙනවා තමයි. මේ කතාව ප්‍රබන්ධයක් වුනත් මේ දේ කොච්චර පාරක වෙලා තියෙනවද කියලා ඔය උඩ කියලා තියෙන්නේ.

      ස්තුතියි දිනේෂ්.

      Delete
  22. මං හිතුවේ ගුවනේදී ලියපු බ්ලොග් එකක් කියලා. :D

    අරෙහේ සෙන්නා සබ්මැරීන් ගැන කියනකොට මෙයා ගුවන් ගමන් ගැන කියනවා. පොඩ්ඩක් හිටු! මන් මහ පාර ගැනවත් ලියන්න. :)

    ඉක්මනින් පෝස්ට් එකත් දාන්ඩෝ.....

    ReplyDelete
    Replies
    1. ආ හා. මම පාර ගැන ලියලා තියෙන්නේ ඈ. උඹ ඔය කමෙන්ට් කරලත් තියෙන්නේ. පාර ගැන කොච්චර දේවල් තියෙනවද ලියන්න.

      Delete
    2. මතකයි මතකයි. මං කිව්වේ එකම දවසේදිනේ ගුවනයි, සයුරයි ගැන පෝස්ට් වැටිලා තියෙන්නේ.

      Delete
    3. මව් තුමියට දීපං ඒ පෝස්ට් එක කියවන්න ඉංග්ලිෂ් ටීචර්නේ?

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. ඩුඩ් ඔක්කොටම කලින් කියන්න තියෙන්නෙ මේ පෝස්ට් එකට පේටන්ට් එකක් වගේ මොකක් හරි ගන්න කියල[ඒ වගේ එකක්] :-h

    මම මේ විදිහට ලියපු පෝස්ට් එකක් කියෙව්වමයි.....හරිම ලස්සනයි....වෙච්ච මහන්සියේ ප්‍රතිපල ඉහලයි..... :-f

    මම නම් ප්‍රාර්තනා කරන්නෙම කාර්ලෝස්ව අහුවෙන්නෙ කියල දුවද්දි.... :-O

    ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න ඩුඩ්... g-)

    ReplyDelete
    Replies
    1. මම ඔයා සුව වෙලා හොස්පිටල් එකේ ඉඳලා එනකල් ඉන්නත් කල්පනා කලා මේක දාන්න. නමුත් මේ අපේ වැකේෂන් සතිය නිසා ආයේ මේවගේ අවස්ථාවක් උදාවෙන්නේ නෑනේ කාලෙකට.
      දැන් හෙමිහිට කියවන්නකෝ මග ඇරුන පෝස්ට්.

      Delete
    2. නෑ නෑ..මම එනකල් හිටිය නැති එක හොදයි....එතකොට මම ආවම මට කියවන්න ලස්සන පෝස්ට් තිබ්බා....

      :D :D :D

      Delete
  25. පෝස්ට් එක දාල කියල දැක්ක වෙලේ ඉඳන් කියවන්න නොඉවසිල්ලෙන් හිටියත් දැන් වෙනකම් වෙලාවක් හොයාගන්න බැරුව හිටියෙ. කථාව ගැන කියන්න ඕන දේවල් මම hey dude බ්ලොග් එකේ දැම්ම :D
    මම නම් ආසයි ඩූඩ් ඒ කතාව පරිවර්තනය කරනවා නම්. ඒක ලොකු අභියෝගයක් කියල දන්නව. ඒත් මේ තරම් දෙයක් කරපු ඩූඩ්ට ඒක ඒ තරම් අමාරු වෙන්න බෑ :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි චාම්ස් කරපු වර්ණනාවට. මම ඒකත් කරන්න හිතාගෙන නම් ඉන්නවා, නමුත් ගැලපෙන වචන ගැන පොඩි ප්‍රශ්ණයක් තියෙනවා ඉංග්‍රීසියෙන් ලියකොට කවදාවත් කරදර වෙන්න උවමනා නැති. Wheel bay එකට නම් රෝද කුටීරය කියලා දාගත්තයි කියමුකෝ. නමුත් තව වචන හුඟක් තියෙනවා. නමුත් වැඩේ අතාරින්නේ නෑ.

      චාමස් දැක්කනේ ගිය පාර සින්දුවෙ පද අස්සට වචන රිංගෙව්වා. මේ පාර ඉංග්‍රීසි ඡේද මැද්දට සිංහල දැම්මා පර්යේෂනයක් හැටියට . මේ අදහස ආවේ අර විදේශ භාෂාවකින් යන වැඩසටහනකදි ඒ භාෂාවෙන් ටිකක් යන්න ඇරලා ඒකෙ සද්දෙ අඩු කරලා ඒ මතට පරිවර්තනය දානේ අර superimpose කරනවා වගේ. අන්න ඒකෙන් තමයි මේ අදහස මට අවේ. මොකද හිතන්නේ ඒ ගැන.

      Delete
    2. කලින් වතාවටත් වඩා මේ කරල තියෙන දේ සාර්ථකයි කියල හිතෙනව ඩූඩ්. සිංදුව මැදට වචන දාලා තියෙනකොට දැනුණු වෙනසට වඩා මෙතනදි ඒ වෙනස දැනෙනව වැඩියි. අනික මෙහෙම කලාම කෙනෙක්ට ඉංග්‍රීසි ලිපිය කියවන්න ඇතිවෙන පෙළඹවීම වැඩි වෙනවා.
      මේ කථාව පරිවර්ථනය කරද්දිත් මේ වගේ පොඩිඅත්හදා බැලීම් කරන්න. විශේෂයෙන් සිංහල අර්ථය හොයාගන්න අමාරු වචන වලදි, ඒ වෙනුවට මේ ක්‍රමය, කතාවෙ ගලාගෙන යාමට ගැටලුවක් නොවෙන විදිහට යොදා ගත්තොත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියල හිතෙනවා :)

      Delete
  26. මෙහෙමයි හෙන්රි අයියේ... ඉංග්‍රීසියෙන් අපිට ඔය වගෙ කතා දුසිමක් කියවතෑකි. කරුණාකරලා අපේ මල විකසිත නොකර මේක සිංහලෙන් ලියපන්.

    ReplyDelete
    Replies
    1. නමුත් උඹලට උඹලගේම බ්ලොග් සගයෙක් ඉංග්‍රීසියෙන් ලියපු මේවගේ කතා දුසිමක්නම් හොයා බැරි බව මට හොඳටම විශ්වාසයි. කම්මැලි නොවී කියවපං බං. පස්සෙ දාන්නම් පරිවර්තනය.

      Delete
  27. මට මතක් උනේ කමාන්ඩෝ ෆිල්ම් එක. ඒකෙ ආනෝල්ඩ් අයියයත් ෆ්ලයිට් එකේ රෝදට බැහැලා බිමට පනිනවා, නිකං ඇත්ත වගේ.

    ReplyDelete
    Replies
    1. ආනෝල්ඩ් අයියා දෙනවනේ වැඩේ ලෙසටම. පොර ගිහින් එකෙක්ව මරලා තොප්පියෙන් මූණ වහලා ඇවිත් රෝදෙන් පනිනවනේ වතුරට.:))

      Delete
  28. අඩේ මං ඇහුවමයි රෝද අස්සේ හැංගිලා යනවා..

    ReplyDelete
    Replies
    1. මිනිස්සු විකල්ප ඉවර වුනාම කරන දේවල් පුදුමාකාරයි තරුවා.

      තැංකූ වේවා.

      Delete
  29. මට උණ... ඩොක්ටර් අන්කල් කිව්වා ඉංගිරිස් එහෙම කියවන්න හොද නෑ කියලා...

    ReplyDelete
    Replies
    1. හෙර!

      උණට කමක් නෑ. අජීරණේ, වමනේ වගේ තියෙනවා නම් හොඳ නෑ.

      එහෙනම් උඹට ඉංග්‍රීසි බේතුත් හොඳ නෑ. ඔය පස් පංගුව බීපං. :))

      Delete
  30. මට මතක විදියට එහෙම නිව්ස් එකක් කියවල නැහැ. ඉංග්‍රීසි එක කියවන්න උත්සහ කරන්නම්.

    මේ දවස් ටිකේ මට ඔෆිස් එකට අදාළ ලිපිවගයක් කියවන්න තියෙනවා කොළ 35 ක්. ඉතින් කොහොමද මේ පොස්ට් එක කියවන්න හිත හදාගන්නේ.

    ReplyDelete
    Replies
    1. අඩු ගානේ උඹ 100%ක් කම්මැලි එකෙක් නෙවෙයි උඹේ අවට ඉන්න හොරු වගේ. :))

      Delete
  31. මාත් මේ දවස්වල විභාගෙකට පාඩම් කරනවා. තටම, තටම ඉංග්‍රීසි පෝස්ට් කියවන්න වෙලාවක් නෑ. උඹේ සිංහල පරිවර්තනේ ආවහම සුරුස්ගාලා කියවලා කොමෙන්ට් එකක් දානවා.

    ReplyDelete
  32. මේ පොස්ට් එක Hey Dude එකෙන් කියවන්න ඉන්න කම්මැලියෝ ගොඩ. :O

    ReplyDelete
    Replies
    1. දැක්කම තන්තෝෂෙ බැරුවා, නේද අක්කෙ....... :))

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>