Monday, July 15, 2013

83. කලු සහ සුදු BLACK & WHITE


අපායේ ගතකල හොඳම විනාඩි විස්ස මතකද? 


අමතක වෙන්න නම් අමාරුයි. නමුත් එහෙම වුනා නම් මෙතනින් ගිහින් කියවලාම එන්නකෝ. 






 ඔව්, ඉතිං ඒ ජනේලේ එදා බේරුනානේ. මේ ඊට සති කීපයකට පස්සේ වෙච්ච දෙයක්. මේත්, ඒ වගේ නැගීගෙන එන අපා පන්තියක  ජනේලෙට වෙච්ච දේ. හොඳයි හැඳින්වීම ඉවරයි. දැන් මෙන්න කතාව.

මේ මොකක්ද?




හෙන පවර්ෆුල් මෝටර් බයික් එකක් නේද? හුඟ දෙනෙක්ගේ  Dream machine එකක්, හරිනේ?

මේක මොනවායින්ද හදලා තියෙන්නේ කියල කියන්න පුලුවන්ද?

බලමු තව එකක් දෙකක්.






ඔව් මේක හදලා තියෙන්නේ කැඩිච්ච සිගරට්  ලයිටර් කෑලි කීපයකින්. පට්ට නිර්මාණයක් නේද? දැන් පුලුවන්නේ කෑලි ටික අඳුනාගන්න? බැරි නම්, ලයිටරයක් හොයාගෙන බලන්න.



මම මේවගේ වැඩ වලට හරි ආසයි. දවසක්, මම අපායේ උගන්නන කොට එක බුවෙක් සුපුරුදු විදියට වෙන වැඩක්. මම ළඟට ගිහින් බැලුවාම තමයි මේක හොයාගන්න පුලුවන් වුනේ.

සාමාන්‍යයෙන්, සාමාන්‍ය පන්තියක නම්, මම කල යුත්තේ මේක අත් අඩංගුවට අරගෙන, හදපු එකාට ලෙඩක් අදින එක වුනත්, මට එහෙම කරන්න හිතුනේ නෑ. පන්තිවල මම උගන්නනකොට චිත්‍ර අඳින උන්ටත් මම කියන්නේ, චිත්‍ර ඇඳපල්ලා, නමුත් මම උගන්නනකොට අඳින්න එපා කියලා. මම කැමති නෑ කාගෙවත් නිර්මාණාත්මක හැකියාවල් මොට කරලා දාපු පව්කාරයෙක් වෙන්න. අනාගත මයිකල්ආන්ජලෝලා, ඩාවින්චිලා, අයින්ස්ටයින්ලා, බිල් ගේට්ස්ලා උපන් ගෙයිම මරා  දාපු තවත් කාලකන්නියෙක් වෙන්න.
 


බොහෝවිට වෙන්නේ, මේක ගුරුවරයට හොයන්න බැරිවෙන්න හංගන එක වුනත්, මම මේක ඉල්ලුවාම, වැඩි අකමැත්තක් නැතිව පොර මට මේක දුන්නා. පස්සෙ මම මේක ඉල්ලගෙන, ඉස්සෙල්ලම සුපාට පෙන්නලා කිව්වා, මේකට ඇක්ෂන් ගන්න නෙවෙයි මම මේක පෙන්නන්නේ, උඹට මේකේ තියෙන නිර්මාණාත්මක ගුණය පෙන්නන්නයි කියලා. හිත හොඳ බුවෙක් වෙච්ච සුපාත් මේක දැකලා සතු‍ටු වුනා. ඔන්න ගෑණු අංශ මාත් එක්ක තරහ වෙන්න එපා, මම මේක ගෑණු සුපාලට පෙන්නුවේ නෑ. මොකද ඒගොල්ල මේක බාරගන්නේ කොහොමද කියලා මම දන්න නිසා. හෙහ් හෙහ්.

පස්සෙ, මම මේක ගෙදර ගෙනත් ගත්ත ෆෝටෝස් තමයි මේ තියෙන්නේ. පහුවදාම මම මේක ආපහු ගෙනිහින් අයිතිකාරයට දීලා කිව්වා, ආයේ ඕක මම උගන්නන වෙලාවට එළියට ගන්න එපා කියලා.




පස්සේ, මම මේ බුවාගේ රිපෝර්ට් එකේ ධන ලක්ෂණ හැටියට ඉතාම නිර්මාණශීලීයි කියලා සඳහන්කලා. දෙගුරු, ගුරු, සිසු හමුවේදී, (PTS Meeting) මේ
නිර්මාණශීලිත්වය ගැන සඳහන් කරලා, ඒක මැරිලා යන්න දෙන්න එපා කියලා අම්මාගෙන් ඉල්ලීමක් කලා. අම්මා පුදුම වුනා එහෙම හැකියාවක් තමන්ගේ ළමයට තියෙන බව මම කිව්වාම. වැඩියෙම පුදුම වුනේ, මූ මේ කරන පිස්සු වැඩ, අර පිස්සු ගුරුවරයා නිර්මාණාත්මක දෙයක් හැටිඔයට වරදවා තේරුම් ගැනීම ගැන වෙන්න ඕනෙ. හෙහ් හෙහ්!

දැන් මෙතනින් කතාව ඉවර වෙන්න ඕනෙ නේද අර කෙහෙල් කොරොට්ටා කිව්වා වගේ? මොකද දැන් කතාවේ ක්ලයිමැක්ස් එකට ඇවිත්. ආදර්ශයකුත් ලැබිලා. සෑම කලු වලාවකම රිදී රේඛාවක් ඇත කියන ආප්තෝපදේශය සැබෑ වෙලා.

ම්හ්ම්,

මේ ඊට දවස් දෙකකට පස්සෙ මම දීපු වර්ක් ෂීට් එකක්. කතෘ අර බුවාමයි.  ඔය මම රතු ඊ තලෙන් පෙන්නලා තියෙන වාක්‍ය ලියන්න කො‍ටු මේකෙ තිබ්බෙත් නෑ. පොර අමතරව කො‍ටු ඇඳලා තමයි FCUK කියලා අලුත් වචනයකුත් එකතු කරලා තියෙන්නේ.






ඔව්, දැන් මම 'හරි' නම් මොකක්ද කරන්න ඕනෙ? ඔය 'හරි' දේත් සාපේක්ෂයි. 
මේ මම කරපු දේ.  



Additional Word! අමතර වචනයකි!
Creative!  නිර්මාණශීලීයි!

මතක තියාගන්න.  සම්ප්‍රදායික ඉගැන්නුම් ක්‍රම මේකට හරියන්නේ නෑ. මේ අපාය.



 






Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers. 

129 comments:

  1. ගහට ගහක් මාලෙදි හම්බෙලා වගේ.. කියලා මේකට කියන්න පුළුවන්ද ? දෙන්නම නිර්මාණශීලියි. අර මෝටර් බයික් එක වැඩ කරනවද ? ( තවත් ගොන් ප්‍රශ්ණයක් ඕන් :D )

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අර රෝද නියමෙට කැරකෙනවා. බයික් එක පෙරලෙන්නෙත් නෑ. උඹත් මම වගේ යක්කු ගස් නගින වෙලාවටත් ඇහැරලා ඉන්නේ නේද? :D

      Delete
    2. මම සාමාන්‍යයෙන් නිදියන්නෙ මෙහෙ වෙලාවෙන් රෑ දොළහට...මම හිතන්නෙ උඹ මට වැඩිය පැය භාගයක් ඉස්සරහින් ඉන්නෙ.

      Delete
    3. මම නම් දැන් නිදිවරන්නෙ නෑ. කලින්ම කාලා බීල දොයියනව. අපි හොඳ ළමයි. :D :D :D

      Delete
    4. අන්න හොඳ ළමයි.
      අපිට GMT + 5.00

      Delete
  2. අනුමානයක් නෑ මුගේ තාත්තා ලංකාවේ රස්සාවක් කරපු එකෙක්. එහෙමත් නැත්නම් ගිය ආත්මෙදි හෙන්රිගෙන් ඉගෙන ගත්ත එකෙක්. ලංකාවේ රස්සාවක් කරානම් මූ දකිනවා මෙහෙ ඔයවගේ විච්චූරණ වැඩ කරන හැටි. ගිය ආත්මෙදි හෙන්රිගෙන් ඉගෙන ගත්තානම් ඒ ජාන මේ ආත්මයටත් ගෙනල්ලා. මූ හිතලාමයි නියම අකුරු පිළිවෙල වෙනස් කරලා FCUK ලියලා තියෙන්නේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, විචාරක මට ජාන වෙනස්වෙන්න තරම් උගන්නන්න හැකියාවක් නම් නෑ. ඒ නැතත්, මොන අඩුපාඩුකම් තිබ්බත් මේ මිනිස්සූන්ගෙන් හුඟදෙනෙක් උපතින්ම ගෙනාපු විශේෂ කුසලතාවයන් කීපයක් තියෙනවා. එකක් මේවගේ අත්කම්වලට තියෙන දක්ෂතාවය. එතකොට බෙර වාදනය, බෝට්‍ටු නිර්මාණය වගේ.

      විචාරක මේ වචනය නම් මේකාගේ නිර්මාණයක් නෙවෙයි. අර සුප්‍රසිද්ධ/කුප්‍රසිද්ධ FRENCH CONNECTION UNITED KINGDOM විලවුන්, ඇඟලුම් නිශ්පාදකයගේ (ඕනෙ කමින්ම නිර්මාණය කරපු) මුල් අකුරු හතර. මේකෙන් නිර්මාතෘවරයා බලාපොරොත්තු වුනෙත් අවධානය. ඒ කියන්නේ සම්මතයෙන් ඔබ්බට ගිය අවධානය.

      FCUK ගහපු ටී ෂර්ට් අඳින එකා බලාපොරොත්තුවෙන්නෙත් එක්තරා අසම්මත අවධානයක්. මේකත් තනිකරම ගුරුවරයා අමාරුවේ දාන්න කරපු වැඩක්. :D

      Delete
    2. http://en.wikipedia.org/wiki/Fcuk

      Delete
  3. අපි හිතන්නෙවත් නැති අය ලඟ හොද නිර්මානශීලිබවක් සැඟවිලා තියෙන්න පුලුවන් නේද? ඇත්තෙන්ම සමහර ගුරුවරුන්ගේ අනුකම්පාවක් නැති වැඩ නිසා ඒවා නිකන්ම සැඟවිලා යන්නත් පුලුවන්. ඇත්තෙන්ම මේක හොද නිර්මානයක්..

    ReplyDelete
  4. අපි හිතන්නෙවත් නැති අය ලඟ හොද නිර්මානශීලිබවක් සැඟවිලා තියෙන්න පුලුවන් නේද? ඇත්තෙන්ම සමහර ගුරුවරුන්ගේ අනුකම්පාවක් නැති වැඩ නිසා ඒවා නිකන්ම සැඟවිලා යන්නත් පුලුවන්. ඇත්තෙන්ම මේක හොද නිර්මානයක්..

    ReplyDelete
    Replies
    1. මම අර කවුද වගේ 'ඉගැන්වීමට උපන්න' එකෙක් නම් නෙවෙයි. ඒ තියා මේක මම ප්‍රිය කරන රස්සාවක්වත් නෙවෙයි. ඒ කොයි හැටි වෙතත්, මම නිසා කාගෙවත් අනාගතයක් අඳුරු වෙන්න නම් මම ඉඩතියන්නෙ නෑ දැනුවත්වම. :)

      Delete
    2. ඉගැන්වීමටම උපන් එකා අපේ ගුරෙක් , අන්තිමට එයා රටටම ඉගැන්නුවා පාඩමක් ..හෙක්..හෙක්

      Delete
  5. මේක මචන් අර බ්‍රෑන්ඩ් නේම් එකට ආසා ළමයෙක් හෝ ඒ බ්‍රෑන්ඩ් නේම් එකෙන් මොකක් හරි දෙයක් තියන ළමයෙක් හෝ පාරේදී බිල් බෝර්ඩ් එකක් දැකපු නිසා විතරක් ලියුව දෙයක් වෙන්නත් පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. උඹ කියන සංසිද්ධිය වෙන්න පුලුවන් මචං. මම උනත් CocaCola, Levi's වගේ වෙළඳ සන්නාම ලියලා තියෙන විදියට ප්‍රිය කරපු නිසා ඒවා නිතර ඇන්දා තමයි. නමුත් මෙතන තියෙන්නේ ඒක නෙවෙයි. මේක මෙතන වෙන ඒවගේ සිය ගනං සිද්ධි වලින් එකක් විතරයි. මට ඕනෙ වුනේ කලු සුදු දෙකම එකම චරිතයේ අඩංගුවෙන හැටි පෙන්නන්න අලු නැතුව වුනත්.

      උඹ දන්නවනේන් හුඟක් ගුරුවරු පොත් මාක් කරන හැටි. හිතපං මම මේක නොදැක ඔහේ හරි දාලා අත්සන ගහලා දුන්නයි කියලා. එතකොට මොකද වෙන්නේ? මේක මගේ නොසැලකිල්ල, ඇත්තෙන්ම ගුරු සංහතියෙම නොසැලකිල්ල පෙන්නන්න අනර්ඝ නීතිමය ලියවිල්ලක් වෙනවා නේද? "මේං බලාපං, අපේ සර් කාරයා මේක උඩිංපල්ලෙන් බලලා හරි දාලා අත්සනුත් කරලා දුන්නනේ," කියන කොට කොහොමද ආතල් එක.

      අනික, මේක මගේ ඉවසීමේ සීමාව බලන්න, මම අර්බුදයකදී ක්‍රියාකරන හැටි බලන්නත් හොඳ අවස්ථාවක්. මචං උඹ දන්නවනේ අපි උනත් ගුරුවරු ඔරොප්පු කරන්න මොන තරම් මහන්සි වුනාද කියලා. මම මේක ට කෑගහලා, උඩ පැනලා, පැමිණිළි කරලා යකා නැ‍ටුවානම් වෙන්නේ පොරගේ ජනප්‍රියතාවය ඉහල යන එක විතරයි.

      මගේ කමෙන්ට් එකෙන් කියන්නේ, මම ඒක දැක්ක බවයි. නිර්මාණශීලීයි කියන එකෙන් කියවෙන්නේ උඹේ බලාපොරොත්තු බිඳ වැ‍ටුනා නේද කියන් එකයි.

      මචං. මම ඉඳගන්න ඕනෙ වෙලාවක පු‍ටුව ඇත්තටම තියෙනවද කියලා බලනවා. Survival of the fittest. :))

      Delete
    2. //උඹ දන්නවනේන් හුඟක් ගුරුවරු පොත් මාක් කරන හැටි. හිතපං මම මේක නොදැක ඔහේ හරි දාලා අත්සන ගහලා දුන්නයි කියලා.//

      මේන් මේක ගැන නම් කියල ඕන් නෑ. අපේ අක්කගේ පොඩි එකාගේ සමහර පොත් වල, වැරදි ඒවටත් ලස්සනට හරි දාලා අත්සනත් ගහල තියෙනවා. අපිත් වැරදියි කියල දන්නේ නැති දෙයකට එහෙම හරි දාල තිබ්බොත් ඉතිං ඉවරයි. එතකොට අර පොඩි එකා ඉගෙන ගන්නේ වැරදි දේවල්නේ....

      Delete
  6. ගොඩක් රටවල ඕක සාමාන්‍ය වච්නයක් වෙලා නේද.. මම පොඩි කාළේ ලියපු කවි ඇප්‍රිෂේට් කරපු ගුරුවරු කීප දෙනෙකුත් උන්නා. එක සර් කෙනෙක්නම් කිව්වේ කළා කරලා. කොහොම හරි ලේඛකයෙක් වෙයන් කියලා. මම අද ඒ ගැන ඇත්තටම දුක් වෙනවා...

    ReplyDelete
    Replies
    1. මේක මචං අර මම උඩ රයිගම්ට දාපු කමෙන්ට් එකේ ලියපු අරමුණ ඉ‍ටු කර ගන්න, විචාරකට දාපු කමෙන්ට් එකේ තියෙන වෙළඳ සන්නාමය යොදා ගැනීමක් විතරයි. මොනතරම් සාමාන්‍යකරණය වුනත් ඉස්කෝලෙක මෙහෙම දෙයක් අසංවරයි කියලා තමයි පිළිගන්නේ. එහෙම නැතිනම් මටත් පුලුවන්කම තියෙන්න ඕනෙ FCUK ගහපු ටීෂර්ට් එකක් එක්ක බෙල්ට් බක්ල් එකක් ඇඳගෙන ගිහින් උගන්නන්නත්. මොකද නිදහස ගුරුගෝල දෙපාර්ශවයටම සමානව තියෙන්න එපායැ. :))

      ඇත්තෙන්ම මචං, අපේ දක්ෂතාවයන්ට අතදෙන ගුරුවරු හිටියානම් අපේ ඉරණම මීට වඩා හුඟක් වෙනස් වෙන්න තිබ්බා. හුඟක් අය කලේ විචාරයක් නැතිව තඩිබාපු එක විතරනේ.

      Delete
  7. හෙක් හෙක් ....මාර කොල්ලෙක් තමයි ...ඔබ කලේ හොඳ දෙයක් ඇත්තටම ,ඔහුගේ නිර්මාණශීලිත්වය අගය කිරීම ගැන ! තවත් ඇපයේ දේවල් අපිට කියවන්න ලැබේවි ඉස්සරහට නේද ?ඔබ හරි ,අපායේ වැඩ අපායේ විදිහට පරිස්සමින් ! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෙහානි. මම හොඳට පදම් වෙලා ඉන්නේ. කොච්චර හොඳට පදම් වෙලාද කිව්වොත් ඔයාලට වුනත් උගන්නන්න පුලුවන් දැන්. :))

      Delete
    2. අන්න රෙහානියෝ, ඩුඩ් නොකිය කිව්වා ඔයාට.... ඔයා අපායේ එකෙක්ටත් වඩා අන්තයි කියල....

      Delete
    3. සමනළී දන්නෑ ආන්ටිලාට උගන්නන්න තියෙන අමාරුව. ඒක තමයි නොකියා කිව්වේ.

      Delete
    4. මේ අකම් අංකල් ඊට වඩා හපන් නේ ඉතිං :D

      Delete
  8. ලංකාවෙ අපාය පංතියක නෙමෙයි සාමාන්‍ය පන්තියක උනත් ඔය වගේ දෙයක් අහුඋනොත් තත්වෙ අති භයානක වෙන්න පුලුවං. ඒ අතිං ඩූඩ් වගේ ගුරුවරු හම්බවෙන එක උංගෙ වාසනාව.

    ReplyDelete
    Replies
    1. අපි ගන්න වැරදි පියවරකින් වෙන හානිය සමහරවිට අපිට දැනගන්න ලැබෙන්නෙත් නෑ බං ප්‍රසන්න.

      ඒකනේ ටයි වලින් බෙල්ලෙ වැලදාගන්න තරමට වැඩ දුරදිග යන්නේ.

      Delete
  9. මචං ඒ බයික් එකනම් නියම නිර්මාණයක් නේද?

    මට මතක් උනේ අපේ පන්තියේ හිටපු එකෙක්. ඌට පණ පිහිටවල වාහන අදින්න පුළුවන්. පබ්තියේ මුගේ වැඩේම වාහන වල පින්තුර අඳින එක.

    දැන් එකා ඉන්සුවරන්ස් කොම්පැනියක මහපුටුවක් දරනවා.මේ ලඟදි දවසක මම ඌට ෆෝන් කරපු වෙලාවක ඇහුවා උඹට මතකද A/L ක්ලාස් එකේ එන්නකල් උඹ කරුපු වැඩේ කියලා. එතකොට එකා කියනවා මචං මම තාමත් බෝර්ඩ් මිටින් වලට ගියාම කරන්නේ කාර් අඳින එක තමයි කියලා. :D

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මචං ඒක නම් පට්ටම නිර්මාණයක් තමයි නේ?

      උඹ කියන්නේ, මමත් මාර ආසයි බං වාහන අඳින්න. මම දැනුත් ඒක කරනවා. උඹ කියන්නේ මමත් මීටිං වලට යන්නේ කොලයක් පැන්සලක් හෙම අරගෙන. ගිහින් ඇඳ ඇඳ ඉන්නවා.

      උඹේ යාලුවව මතක් කලා කියහං ඒ ජාතියෙම එකෙක්.

      Delete
  10. බලං ගියාම අපායෙත් මරු පොරවල් ඉන්නෙ. මම හිතුවෙ යමපල්ලො විතරයි ඕකෙ ඇත්තෙ කියල.

    හුඟක් වෙලාවට ඕනම පන්තියක ඉගෙන ගන්නෙ නෑ කියල පස්සෙ පේලියට දාලා ඉන්න ළමයි ළඟ මුල් පේලියෙ ඉන්න ඉගෙනීම විතරක් කරන ළමයි ළඟ නැති දක්‍ෂතා තියෙනවා. වැරැද්ද ඔවුන්ගෙ ඒ හැකියාවන් දියුණුකරගෙන ඉදිරියට යන්න රුකුල් දෙන අධ්‍යාපන ක්‍රමයක් නැතිවීම. අපේ පන්තිවලත් එහෙම ළමයි හිටියා. බාහිර ක්‍රියාකාරකම්වලදි ඒ ළමයි හරි දක්‍ෂයි.

    සිද්ධි දෙකම එක ළඟම වගේනේ වෙලා තියෙන්නෙ. ඔයාගෙ ෆොටෝ එක අනුව බයිසිමොටෝ සීන් එක 02.04.2013. අත්සන අනුව නිර්මාණාත්මක වචනය එළිදක්වල තියෙන්නෙ 09.04.(2013). මිනිහ අකුරු මාරුකරල ලියපු වචනෙට උපකාරක පදේට මොකුත් ලියල තිබුනෙ නැතෙයි?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං කලු සහ සුදු කියන්නේ.

      හුඟක් ගුරුවරු උගන්නන්නේ ඉස්සරහන් පේලි දෙකට විතරයි. මමත් අන්තිම පේලියේ කොල්ලෙක්. මම අන්තිම පේලියට අවධානය දෙනවා වැඩිද මන්දා ඒ හන්දම. :))

      උඹත් මාර ෂර්ලොක් හෝම්ස් කෙනෙක්නේ DDT. අනේ උඹ වගේ ගෝලයෙක් මට හිටියානම්!

      Delete
  11. මමත් පොඩි කාලේ හොරාට නිර්මාණශීලි වෙන්න ගිහිං ගුරුවරියකගේ උදහසට ලක් වෙලා තියෙනවා...
    හැබැයි ඒ උගන්වන වෙලාවේ නෙවෙයි...
    ඩුඩ් ඔයා කියන කතාව ඇත්ත... ගොඩක් වෙලාවට පිරිමි ගුරුවරු ඔය වගේ දේවල් දිහා බලන්නේ හරිම නිදහස් විදියට. මොන කරුමෙකටද මන්දා මට 13 ග්‍රේඩ් වෙනකල්ම හිටියේ ගුරුවරියන්. 13 දී තමයි ෆිසික්ස් වලට ගුරුවරයෙක් ලැබුනේ. හරිම නිදහස්, ඒ වගේම විනෝදශීලි ඉගැන්වීමක් තිබ්බෙත්...

    මම 3 වසරේ ඉන්නකොට මට මතකයි මගේ පන්තිභාර ගුරුතුමියව බලාගෙන ඇන්දා.. ඇත්තටම මම හොඳට ඇන්දා ... ඇය ඒ පින්තුරේ අන්දලා ඉවර වෙනකොට මගේ ලඟට ඇවිත් ඒක ඉල්ලුවා මමත් දුන්නා.එයා ඒ ගැන නම් ආයෙත් මගෙත් එක්ක කතා කලේ නැහැ....

    8 ග්‍රේඩ් වෙනකොට මගේ වැඩි වෙලාවක් ගත උනේ සින්දු ,කවි (සඳැස් , නිසඳැස්) ලියන්න. මගේ සිංහල ගුරුවරියන් 90% දෙනා ඒක දැනගෙන හිටියා. මට මතකයි එක පාරක් මම පන්තියේ වෙන කාලපරිච්චේදයක් ගත කරද්දී මගේ එක සිංහල ගුරුවරියක් එකපාරට මගේ ලඟට ඇවිල්ලා කිව්වා
    "උපේක්ෂා ______ ඉස්කෝලේ සාහිත්‍ය දිනේට යවන්න මට කවියක් ලියල දෙන්න. අද අන්තිම දවස... මම ඊළඟ පීරියඩ් එකේ එනකොට ලියල තියනවද ?"
    මමත් හා කිව්වා.... එවෙලේ හිතට ආපු දේ ලිව්වා.... හි හි.. මට 2 වෙනි තැන ලැබුන අප්පා.....
    (නයෙක් ඇරියා නේද? කාටවත් පෙනුනේ නැහැ මම හිතන්නේ....)
    මේ ලඟදි ඒ ගුරුවරිය මට හම්බ උනා කොළඹදී... අපි දෙන්න කලේ බදාගෙන කඳුළු පෙර පෙර අඬන එක විතරයි... හි හි... මිනිස්සු බල බල ගියා......

    ReplyDelete
    Replies
    1. ඉතින් බලන්නකො උපේක්ෂා පෝස්ට් වලට ලියන්න වටින කතාවල් කමෙන්ට් වලට දාන හැටි. එහෙම ගුරුවරියක් හමුවුන එක හැමෝටම නොලැබෙන වාසනාවක්. Congratulations!

      අර තත්වය හැම පිරිමි ගුරුවරයටවත්, ගැහැණු ගුරුවරියටවත් අදාල නෑ. මම කිව්වේ වැඩි පිරිස.

      ඒත් සූදානම් ශරීරේ කියලා මම ඔය එයාලයින් චෙක් ඉන් කවුන්ටර් එකකට හරි, බැංකුවකට හරි, වෙන ඕනෙම තැනකට හරි ගියොත් කොල්ලෙක් ඉන්න කවුන්ටරේට තමයි යන්න කැමති. මොකද ෆස් එක අඩුයි කියලා. නමුත් පිරිමි, ගැහැණු පාරිභෝගිකයෙකුට කරදර අඩුවෙන් සේවය සලසනවා. නමුත් ගැහැණු සේවිකාවක් ගැහැණු පාරිභෝගිකයෙකුට වැඩක් කරලා දෙන්න ගියාම පොඩ්ඩක් අවුල් වෙනවා.

      මේවා බොහෝවිට සත්‍ය වුනත් හැමවිටම එහෙම වෙන්නේ නැති බව සලකන්න. අසාමාන්‍ය සිදුවීම් වෙනවා සමහරවිට.

      Delete
    2. ලියන්න ගියාම මතක නැති වෙනවා අප්පා මේ ලියන්නේ කොමෙන්ටුවක්ද නැත්තම් පොස්ටුවක්ද කියල.... මම කොහොමත් මගේ ගුරුවරු ගැන ලියන්න හිටියේ පොස්ටුවක්.... එකට දාන්නම්කො ඔක්කොම විස්තර...

      Delete
  12. ගුරා ගෙ වැඩ දන්න හන්දා ගෝලයගේ හැටි හිතාගත්ත හැකියි. ඩුඩ් කලදේ අගය කරනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු ජෝනා. මේ මම උගන්නලා නම් නෙවෙයි. මේක උගේ සහජ හැකියාව.

      Delete
    2. මම කීවේ ඌව අගය කරපු එක

      Delete
  13. ඌ නම් මාරම නිර්මානශීලි යකෙක්නේ...:)

    ඩුඩ් අයියේ උඹලා වගේ ගුරුවරුන්ට මම:-h :-h :-h :-h

    ReplyDelete
    Replies
    1. මාරම නිර්මාණශීලී යකෙක් තමයි බං. බලපං සයිලන්සර් දෙක අර ගෑස් නිපල් එකෙන් හදලා තියෙන හැටි! එතකොට සීට් එක, ෆ්‍යුවල් ටෑන්ක් එක! මටත් මාර ආසා හිතුනා ඒකට.

      බොහෝම ස්තුතියි බං. :-h හා හා දැං තොප්පිය ආපහු දාගනිං. උඹට කොහෙන්ද බං ඔය හැටි තොප්පි? :D

      Delete
  14. අමතරව කොටු ගහන්නත් මේකට වෙලාව තිබ්බ එකනේ වැඩේ කියන්නේ... හි හි...

    අපේ රටේ ඔය අපාය පන්තියක් හදනවා නං මොන වගේ ළමයි ඒකට වැටෙයිද... මේ මට මේක කියවද්දි මතක් වෙච්ච එක... මම 4දි අපේ එහා පන්තියේ කොල්ලන්ගේ ලොකුම ජොලිය පන්තියෙ කෙල්ලන්ගේ ගවුම් උස්ස උස්ස දුවන එක... අපේ පන්තියෙ එවුන්ට ඒක පේන්න බෑ... ශිෂ්‍යත්වෙදි වැඩ බැරි ළමයි පුළුවන් ළමයි කලවමේ පන්තිවලට දැම්මේ.. අර 4 එහා පන්තියෙ හිටපු කොල්ලො ටිකත් මං හිටපු එකට වැටුනා... අර ජරා සෙල්ලමේ අවසානයත් එතනම තමයි....

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ හිරු ඒ කොල්ලගෙ කලිසම ගැලෙව්වද? :D

      Delete
    2. මටත් හිතුනේ ඕකමයි ප්‍රසන්න. අනේ අර කොල්ලන්ට සොරි ඩොඩ් කොම් තමයි. h-(

      ඔව්, උන්ට ඕනෙ තරම් වෙලාව තියෙනවා. දවස ගෙවාගන්න බැරුවන්න බැරුව ඉන්නේ. මේ දවස්වල ඒක අපායම නෙවෙයි. සෑහෙන වෙනස්.

      Delete
    3. හි හි...
      හි හි...
      හි හි...
      හි හි...

      Delete
  15. දක්ස යක්ස කොල්ලෙක්. උගෙන් වැඩක් ගන්න තරං දස්ස ගුරුවරෙයෙක් නෑ නෙව. අඩුගානේ මොකක් හරි හරියට ලියාගන්නවත්, අඩු ගානේ චිත්තරයක් වත් අදින්න පුළුවන්.. හැක්..

    ඩුඩේ කොල්ලා නේටිව් බුවෙක්ද?? මම නං කියන්නේ උඹ ඕකට වෙන විදියකට සප් එකක් දෙන්න ඕන.. ඕකා හැදේවි.. අර FCUK කියල මාත් කාලෙකට උඩින් කිව්වා..

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි දේශකයා. මෙහෙම හැකියාවල් තියෙන උන්, මේ පන්තියෙ, මේ ඉස්කෝලෙ, මේ රටේ විතරක් නෙවෙයි, ලෝකෙ හැම තැනම ඉන්නවා. ඇත්තෙන්ම උඹ අවටත් ඇති. වැදගත් දේ ඒක හඳුනාගන්න එකයි.

      හුඟක් වෙලාවට අපි අමුතු උදව්වක් කරන්න, බැරි පොරොන්දු දෙන්න අවශ්‍ය නෑ. බාදා නොකර හිටියාම ඇති. ධෛර්යමත් වචනයක් කිව්වාම ඉහටත් උඩින්.

      අනික මේ කට්ටියට ප්‍රැක්ටිකල් ආට් කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා, ඒකට ගුරුවරයෙකුත් ඉන්නවා.
      මම මේකට හොට දාන්න ගියොත් ඒක බල්ලගේ වැඩේ බූරුවා කරන්න යාමක් වෙනවා.

      ඔව් දේශකයා, නේටිව් බුවෙක් තමයි. මේ ඉස්කෝලෙ ඉන්නේ ඔක්කොම නේටිව් බුවාලා තමයි. එකම එක රෂියන් කොල්ලෙක් හිටියා ඩොකෙක්ගෙ පුතෙක්. දැන් ඒකාත් එන්නේ නෑ.

      Delete
    2. සාර්ථක උත්තරයක්.. අනේ හැබෑට මට බෑ නේ බං විගහට උත්තර දෙන්න.. Replyforbia එකක්ද කොහේද මට තියෙන්නේ.. හැක්

      Delete
    3. දේශක යා
      උඹ ලිව්වෙ "හරි" වචනෙ. මම ආවෙත් ඒ පෝස්ටුවෙන්.

      Delete
    4. හරියට හරි බං.. මට මතකයි උඹ ඉස්සෙල්මම මට කෆ් කරේ එකේන් තමා..

      Delete
  16. ඩූඩ්, මම ඔයාට ඊමේල් 2 ක්ම එව්ව. හම්බ වුනේ නැති හැඩයි. ප්‍රස්නයක් නෑ. ඒකෙ කියල තියෙන්නෙ ඔයාගෙ අපාය වගේ පාසලක් මට ජීවිතේ පලමුවෙනි වතාවට හමුවුනා කියල. කලින් මම දුන්නු ඇපීල් එකක් නිසා දැන් වෙන පාසලකට මාරුවක් ලැබුන. අර වචනෙට ඔබේ ප්‍රතිචාරය නම් ශ්‍රේෂ්ටයි. මට නම් එක පාරම තරහ යනව. නමුත් ඔබ වගේ මමත් ඒ වගේ පාසලක සිටිය නම් තරහ පෙන්නන්න කලින් මාත් ටිකක් කල්පනා කරාවි. ඒ පාසලේ මම හය මාසයක් වැඩ කලා. ඒ හය මාසෙට මට ලැබුනු අත්දැකීම් මෙතෙක් මට කොහෙත්ම අත්විඳින්න නොලැබුනු, ආයෙ කවදාවත් අත්විඳින්න නොලැබෙන දේවල්. ඒ ගැන පොස්ට් එකක් ලියන බලාපොරොත්තු වෙනවා. ඒත් සමහර දේ කියන්නත් ලජ්ජ සහගතයි.

    නිර්මානශීලිත්වය තිබෙන බව නම් ඇත්තයි. ඒත් ඒ වගේ වෙලාවට ගුරු වුර්තිය තිත්ත වෙලා යනවා. හිතට හරි අසරන බවක් දැනෙනවා ලමයි මෙහෙමද අපිට සලකන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. ඔය ඊ මේල් එක එවලා ඇත්තේ මගේ යාහූ මේල් එකට නෙවෙයි වෙන්න ඇති. :)

      ඇත්තට? එහෙනම් අත්දැකීම ඇතිනේ නැවකට. ලියමුකෝ බලන්න අපිටත් දැනගන්න. එකම දේ There are no fixed rules.

      Delete
  17. හික් ..හික් . කොලුවා නිර්මාණශීලියි .. කොහොම උනත් අපායේ ඉන්න එකෙන් ඩුඩ්ගේ ඉවසීමේ සීමාව වර්ධනය වෙන පාටයි ..

    ReplyDelete
    Replies
    1. මේ එක උදාහරණයක් විතරයි චමී. නිර්මාණශීලිත්වය අපි අවටත් තියෙනවා.

      ඉවසීම ගැන නම් අනේ මන්දා. මට එච්චර ඉවසීමක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ. මම කියන්නේ සාපේක්ෂව.

      ම්ම්ම්, මේ දවස්වල අපාය විසුරුවාහැරලා තියෙන්නේ. :)

      Delete
  18. උඹ බොහෝම හොඳ ගුරුවරයෙක් කියල පේනව. මට හිතෙන්නෙ එච්චරයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ්. මම හොඳ ගුරුවරයෙක් කියලා මම හිතන්නේ නෑ, නමුත් නරක එකෙක් නෙවෙයි කියලා නම් හිතනවා. මට ඒ ඇති.

      Delete
  19. මේකේ තව ජොයින්ට් එකක් තියෙනවා SEXY කියලා ඒක දැක්කෙ නැතෙයි???

    ReplyDelete
    Replies
    1. කවුද මේක දකින්නෙ කියලා, උඹ අතින් දාපු එකක් නේද හෙන්‍රියො මේක.

      Delete
    2. නැතුව නැතුව Uwiniran, විශ්වාස කරපං අන්තිම පේලියේ හිටපු හතර දෙනෙක්ම ඔය වචන දෙක ඔය විදියටම දාලා තමයි මේක හදලා තිබ්බේ. මම මේක ගත්තේ, අර දවස් කීපයකට කලින් මම මේකගේ නිර්මාණයක් අගය කරපු එක මීටර් වෙච්ච නිසා. ෆෝටෝ එක ගත්තේ ඒකාගේ ඩෙස්ක් එක උඩින් තියලා. එකක් මාක් කරන්න කලින්. අනික මාක් කලාට පස්සෙ. උන් ඔක්කොම හිනාවෙවී හිටියා මිසක් කලබල වුනේ නෑ.

      අන්න අන්න උඹේ conspiracy theory එක! :))

      Delete
  20. මම මේ දරුවාගේ මල්ලිට උගන්නනවා. :) මම පාඩම ඉවර වෙලා පන්තියෙන් එලියට එන්න [ඉන්ටවල් එකට ඉස්සෙල්ලා පිරියඩ් එක] හදන කොට ඒ ළමයා මෙ වගේ මොටර් බයික් එකක් අර ගෙන ඇවිත් පෙන්නුවා ' මැඩම් අයියෝ අද මට පයින් තමයි ගෙදර යන්න වෙන්නේ, මොකද මගේ බයික් එකේ හැන්ඩ්ල් එක කැඩුණානේ, මේ කියලා පුංචි මො බයික් එකක් පෙන්නුවා. :-O

    මට එක දැක්කාම එකට හරි ආසා හිතුනා. :D මම කිව්වා ෂා! හරී ලස්සණයිනේ, කොහෙන්ද කියලා. :-f එතකොට කිව්වා මම හැදුවේ ඉවර වුන ලයිටර් එක්කින් කියලා. මං කිව්වා මෙක දැක්කොත් මගේ මහත්තයත් පුදුම වෙවි ඔයා ගේ මේ නිර්මාණය ගැන, ඔයාට පුළුවන්ද ඔක එයාටත් පෙන්නන්න. :-?

    එතකොට එයා කිව්වා මගේ අයියත් මෙවා හදනවා, එයා ඉන්නේ අපායේ, මම එයාට කියන්නම් සර්ට එකක් පෙන්නන්න කියලා. අයියයි මල්ලියි දෙන්නාගෙම එක විනෝදාංශක් තමයිලු මෙ ඉවර වුන ලයිටර්ස් වලින් එක එක විදිහේ බයික්ස් හදන එක. d-)

    ඉතිං මම කිව්වා ඇත්තටම ඔය දෙන්නාටම ඔය ලැබිලා තියෙන්නේ සහජ් දක්ෂතාවයක්, මට හරිම සංතොසයි, Keep it up! කියලා :-h එතකොට එයා තැන්ක් කරලා කිව්වා, ටිචස්ලා ගෙන් මම මෙක පෙන්නුවේ මැඩ්ම්ට විතරයි කියලා, අහිංසක හිනාවකුත් එක්ක. :-SS

    ReplyDelete
    Replies
    1. දැන් මහත්තයත් ගෙදර ඇවිත් ඕක හදන්න ට්‍රයි කරනවා නේද?

      Delete
    2. අක්කගේ කමෙන්ට් එකක් මම මේ දැක්කමයි

      Delete
    3. ඔන්න සාක්කි. නිර්මාණශීලීබව ලේවලම තිබිලා තියෙනවා.

      ඇත්තෙන්ම නලීන්, මම මේක හදන්න තවම උත්සාහ කලේ නෑ. නමුත් මේක කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ලයිටර් කීපයක්, සුපර් ග්ලූ එකක් හෙම අර ගෙන සෙට් වෙන්න ඕනෙ.

      ඇයො බොල අටමෝ DeeJayගේ කමෙන්ට් ඔය හැල පෝස්ට් එකේම වගේ තියෙන්නේ.

      Delete
    4. අද තමා මගේ ඔලුවට ඒක හරියට වැටුනේ , ගණන් ගන්න එපා , මහන උන්ටයි මැෂින් හදන උන්ටයි දෙගොල්ලන්ටම ටිකක් පිස්සු

      Delete
  21. අකමැත්තෙන් කලත් ඉගැන්වීම හෙන්රි ඒක රසවිඳින බව නම් සිකුරුයි.. විවෘත මනසක් තියෙන මනුස්සයාට අපායත් රස විඳින්න පුලුවන්.. හැම ලිඳේම වතුර රස වෙන්න නම් අතේ හකුරු අරං යන්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. //හැම ලිඳේම වතුර රස වෙන්න නම් අතේ හකුරු අරං යන්න ඕනෙ..//

      මරු කතාව

      Delete
    2. ඒ කතාව නම් මම අහලා නෑ සරත්. නමුත් ඒකේ අදහස නම් පංකාදුයි. කතාව ඇත්ත නේද?

      මචං දැන් අපාය විසිරුවා හැරලා පොඩී කොටසයි දුවන්නේ.

      Delete
    3. අපේ තාත්තා කියලා තියෙන්නේ ඕනෙම නිර්මානයක් රසවිඳින්න පුලුවන්, ටොපියක් කකා බැලුවහම කියලා.

      Delete
  22. හෙන්රි අයියට තිබුණේ යටින් Across : FRENCH CONNECTION UNITED KINGDOM කියලත් ලියන්න. එහෙම වුණා නං . . .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට ඒක කල්පනා වුනේ නෑ ධාරා. බොහොම හොඳ අදහසක්. :)

      Delete
  23. මට ලිපිය කියෙව්ව ගමන් මතක් වුනේ ලංකාවෙ පසුගිය වෙසක් පහන් තරගයකට,ඉවත දමන දෑ නිර්මානය කොට පළමු තැන හිමි උවත් ලැබුනේ කෝටූ පාර.
    ගුරු පියාණන්/මෑණියන් කියල වචන වලින් කියන්න පුලුවන් නියම අය ඔබලා වැනි අයට.
    හැබැයි හෙන්රි ඔබ රයිගම ගෙ කොමන්ට් එකට පිළිතුරක් ලෙස අන්තිමට දීල තිබෙන දේ දැක්කම හිතා ගන්නත් බැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම කෙන්ජි, ඒ කතාව කියවලා මට හරිම කණගා‍ටුවක් වගේම ලැජ්ජාවක් ඇති වුනේ අපේ රස්සාව ගැනත්. ඒවගේ සිද්ධි අහන්න ලැබීමත් අවාසනාවක්.

      බොහෝම ස්තුතියි මචං.

      Delete
  24. කිවයුතු සියල්ල හැමෝම කියලා තියනවානේ. මට ඇත්තම කියන්න ගෙදර ඇවිත් ඔයා මේක හදන්න ට්‍රයි කළා නේද?

    ReplyDelete
    Replies
    1. සිරාවටම. මම මේක හදන්න තමයි යන්නේ මචං, නිවාඩුවක් හම්බ වෙච්ච ගමන්. :)
      ඔය කතාව අපි මේ ලඟදි කියෙව්වා නලීන්.

      Delete
  25. අවංකවම කියන්නම්..උඹට ..උචිතම(ඊටවඩා ගැලපෙන වචනයක් මතක් වෙන්නෑ) රස්සාව උඹට ලැබිල තියෙන්නෙ. ඇත්තටම තෙම්පරාදු උන ගුරෙක්.මෙහෙමගුරුවරුන්ට ලමයෙක් හැරෙන කොට කියතෑකි.

    මම දන්නෑ උඹට තවත් ඇ‍ඟෙන් එන හැකියාවන් තියෙනවද කියල...හැබැයි ගුරුකමට ඇරෙන්න උඹට මෙහෙම රහට ලියන්නත් ඇහැක් උනේ..ඇ‍ඟෙන්ම ආපු නිසයි.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මචං වීයා. උඹ එහෙම කිව්වට මම පොඩ්ඩක්වත් කැමති නැති රස්සාවක් තමයි මේක. අර වැසිකිළි හේදුවත් ඒ වැඩේ හරියට කරන ගුණේ නිසා කරනවා මිසක් නැතිනම් ඕනෙම නෑ.

      ඒ කොහි හැටි වෙතත් උඹට ස්තුතියි.

      Delete
  26. හැබැයි ඉතින් අපායක් නොතිබෙන්න මේවගේ කතා අහන්න වෙන්නෙත් නැහැ ලියන්න වෙන්නෙත් නැහැ ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. හැබැයි අපාය නොවන පන්තිවල කතාවලුත් තියෙනවා රසවත් ඒවා.

      ඒක නෙවෙයි සචිත් කොලුවා, දැන් අර ගිටාර් එක ගහනවද හි‍ටු කියලා?

      කෝර්ඩ්ස් ශ්‍රී ලංකා කියලා බ්ලොග් එකකුත් තියෙනවා සචිත්, ඔයාට වැඩක් වෙයිද කියලා බලන්න. තව ඔය චමී4යූත් ගිටාර් ලෙසන්ස් දාලා තිබ්බා. නමුත් ඔයා දැනටමත් වැඩ්ඩෙක්ද දන්නේ නෑ. :D

      Delete
  27. මේකට කියන්න දෙයක් නෑ අප්පා.

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඒ? මොනවා හරි කියපංකෝ. :)

      Delete
  28. අපූරු නිර්මාණ හැකියාවක් තියන එකෙක් නෙ. මං පින්තුරේ ලොකු කරලත් බැලුවා. ඔහු අස්සෙන් මේ එබිකම් කරන්නෙ සමහර විට අනාගතේ දවසක හැමෝටම වැදගත් වෙන නිර්මාණයක හිමිකරුවෙක් වෙන්න පුළුවන්. අර ඇගයීම තමයි හුඟක් වටින්නෙ..

    ReplyDelete
    Replies
    1. මාත් මේක එක එක අතට හරවලා බැලුවා මේක කරලා තියෙන හැටි බලන්න. ඒ ඒ කොටස් යොදාගෙන තියෙන හැටි හරිම අපූරුයි නේද චන්දන?

      Delete
    2. හ්ම්. මං ලයිටරයකුත් අරන් බැලුව. ඒත් තිබුනෙ ඔය වර්ගයෙ ලයිටර් එකක් නෙවෙයි, කොයිල් ටයිප් එකක්. අර හෙඩ් ලයිට් දෙකට අරන් තියන්නෙ මොකක්ද මන්දා.. උඩට ගෑස් එන්න තියන හෝස් එක සම්බන්ධ කොටසක් ද..

      Delete
    3. මම හිතන්නේ ඒක අර සමහර ලයිටර් වල තියෙන ගෑස් රී‍ෆිල් කරන්න පුලුවන් කට කියලා. මම ඒක හොයලා බලලා කියන්නම චන්දන.

      ඉඳපං මමත් හදන්න ඉන්නේ.

      Delete
    4. එහෙනම් හදලම බලමු. :)

      Delete
  29. හැම තැනම හොද නරක දෙකම තියෙනවා.... ඒ ළමයට හොද නිර්මාණාත්මක හැකියාවක් තියෙන පාටයි. ඩුඩ් ගුරුවරයෙක් වශයෙන් ඒ ළමයව දිරිමත් කල එක වටිනවා. ඔහොම ගුරුවරු හරි අඩුයි.... හැබයි පුතෝ... අපායත් එක්ක වැඩ පරිස්සමෙන්....

    ReplyDelete
    Replies
    1. අපායෙදි විතරක් නෙවෙයි මම කොහොමත් පරිස්සමෙන් තමයි වචන පාවිච්චි කරන්නෙත්.

      දැන් ඇත්තටම ඔය පන්තියේ ඉතුරු වෙලා ඉන්නේ බොහොම ටික දෙනයි, සමණළී.

      Delete
  30. 1. උඹ නියම ගුරුවරයෙක් හෙන්රියා..

    2. ලංකාව වගේ සිස්සයෝ ඉන්න තවත් රටවල් තියෙනව එහෙනම් :)

    උබ දන්නවද පිරිමි ගුරුවරු වයසට යන්නෙ හරිම හෙමින්. ඒ ලමයින්ගේ දග වැඩ සතුටින් දරා ගන්න නිසා. උදා- අපෙ තාත්තා
    බහුතරයක් ගැහැණු ගුරුවරු වයසට යන්නෙ හරිම ඉක්මනින්. උදාහරණ ඕන තරම්. මොකද එයාලට කේන්ති යනවා ලමයින්ගේ වැඩ වලට.

    ජය !

    ReplyDelete
    Replies
    1. ඒ පළවෙනි ප්‍රකාශය පිළිගන්න තරම් සුදුසුකමක් මට තියෙනවා කියලා මම විශ්වාස නොකලත් බොහෝම ස්තුතියි සෑමා.

      දෙවෙනි ප්‍රකාශය නම් මම හරියි කියලා පිළිගන්න ආසයි. නමුත් හැම තිස්සෙම ඒක එහෙමම නෙවෙයි බං.

      Delete
  31. අනේ මට හිටියේ නෑනේ බං උඹ වාගේ ගුරුවරයෙක් පොඩිකාලෙම මගේ මූණ බලලා ගැරිජ් එකක වැඩට දාන්ඩ ,

    ඇත්තම කතාවක් කියන්නං හෙන්රි අයියේ . මම පාසල් ගුරු සංහතියටම වෛයිර කරපු කාළකණ්නියෙක් , උඹව කියවන්න ගත්තට පස්සේ ඒ හැගීම 75% විතර දියවෙලා ගියා , තව 25%ක් ඉතුරුයි , ඒ 25% නං මම දියකරලා අරින්නේ නැ , බෙට්ටටත් අඩන පට්ට පජාත , කුහක ‍ගුරුහොරු අනන්තවත් ඉන්න හන්දා

    ReplyDelete
    Replies
    1. හරි හරි ඒවා අතෑරලා ලයිටරයක් අරං අරක හදන්න ට්‍රයි කරපන් මයෙ අම්මා. උඹට නං ඒක හදන්න හැකියි.

      Delete
    2. උඹේ ඒ හැඟීම එහෙම දියවෙලා ගියානම් මට ඒක ලොකුම සතුටක්. උඹ කියන දේ මම තේරෙනවා. ළමයිනට ඉස්කෝලෙ ජීවිතේ එපා කරන ගුරුවරු ඉන්න බව මම පිළිගන්නවා. මටත් එහෙම ගුරුවරු හිටියා බං. මගේ දරුවන්ටත් හිටියා, දැනටත් ඉන්නවා.

      නමුත් හැමෝම එහෙම නැති බව විතරක් මතක තියාගනිංකෝ.

      ඇත්තටම නලියා කියනවා වගේ අපි ඕක හදන්න ට්‍රයි කරමු බං. :D

      Delete
  32. මුලින්ම ෆොටෝ ඒක දැකපු ගමන් එතන ඉඳන්ම කල්පනා කළා මේ මොකක්ද කියලා. මම හිතුවේ රෙදි හුලන්ගේ යනවට පාවිච්චි කරන ක්ලිප් එහෙකින් හදපු එකක් කියලා.

    මම නවයේදී නැත්නම් දහයේදී, සමාජ අධ්‍යයනයේදී අවට ග්‍රහලෝකවල පිටසක්වල ජීවීන් නැත්තේ හුස්ම ගන්න විදියක් නැති නිසා කියලා සර් කියද්දී මං ඇහුවා නයිට්‍රජන්, ඇමෝනියා වගේ දෙයක් හුස්ම ගන්න ජීවීන් ඉන්න බැරිද කියලා.
    ලැබුන උත්තරේ මොකක්ද දන්නවද? "මේ ළමයො, ඔක්සිජන් නැතුව මොකෙක්වත් ජීවත් වෙන්නේ නෑ. පණ්ඩිතයා නොවී පැත්තකට වෙලා ඉන්නවා" කියලා.
    --------------------

    ඔයා දන්නවද, කවදා හරි දවසක මහා පාරේදී හම්බු වුනොත් කතා කරලා යන්න ඉන්න කොල්ලෝ දෙතුන් දෙනාගෙන් එකෙක් තමයි ඕකා. අනිත් උන් දැක්කත් නොදැක්කා ගානට යයි.

    ReplyDelete
    Replies
    1. ඔව්මයි අර ඇඟිල්ලෙන් තද කරන ට්‍රිගර් එක ඒ වගේ තමයි.

      අනේ වාසනාවං ඒ සෑර්! සමහර බුවාලා ගුරු අත්පොතේ නැති දේවල් දන්නේ නෑ, බං. :)

      දැක්කත් නොදැක්ක ගානට යන එකෙක් දෙන්නෙක් කොළඹත් හිටියා බං.

      Delete
  33. මිනිහෙක්ගේ නිර්මාණශීලීත්වය මනින මිම්මක් නෑ. ඒක පාසල් විභාගයකින් මනින්න බෑ. ඒත් වඩාත් වැදගත් මේ වගේ අය. මොකද සාමාන්‍ය ජීවිතයේදී මේ අය සාර්ථකයි. මේ වගේ අයට Walk Around Solution වගේ දේවල් කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. පුලුවන්, හරි ට්‍රැක් එකට වැ‍ටුනොත්. වැරදුනොත් හොර සල්ලි අච්චු ගහන්නේ හොර කච්චේරි දාන්නෙත් මේ වගේ හැකියාවල් වලින්ම තමයි, සුදීක.

      Delete
  34. //"ඔන්න ගෑණු අංශ මාත් එක්ක තරහ වෙන්න එපා, මම මේක ගෑණු සුපාලට පෙන්නුවේ නෑ. මොකද ඒගොල්ල මේක බාරගන්නේ කොහොමද කියලා මම දන්න නිසා. හෙහ් හෙහ්"// දවසේ කතාව

    ReplyDelete
    Replies
    1. පිළිතුර මඳහසක් පමණි. :)

      Delete
  35. ඉස්කෝලෙ කාලෙ ගුරුවරු අපි කරපු හොඳ දෙයක් අගය කලාම දැනෙන සතුට නම් කියල නිම කරන්න බෑ.අදටත් ගුරුවරු කරපු දිරිගැන්වීම් මට හොඳට මතකයි. ඩූඩ් වැනි ගුරුවරයෙක් ලැබීම මං හිතන්නෙ ඒ ළමයින්ගෙ වාසනාවක්.අද හෙට නැතත් කවදා හරි දවසක ඔවුන්ට ඒක තේරුම් යාවි..

    ReplyDelete
    Replies
    1. ගුරුවරු විතරක් නෙවෙයි චාම්ස්, කවුරු හරි අපි කරන දෙයක් අගය කරනවට අපි දැනුත් කැමතියි නේද? දැන් අපි ලියපු බ්ලොග් පෝස්ට් එකකට ඒවගේ කමෙන්ට් එකක් වැ‍ටුනාම තියෙන සතුට බලන්නකෝ.

      Delete
  36. ඩුඩ් අයියේ ඕවගේ එකක් මම කොහේ හරි දැක්කා. ෆේස්බුක් ද කොහෙද... ඕවගේ බයික් හදපු එකක් ලයිටර් එකකින්

    ReplyDelete
    Replies
    1. ඇත්තට? මේකා ඒක බුකියෙන් දැක්කා වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්. ඒ වුනත් මේකා අපායේ කොල්ලෙක් නිසා මේක ඉහටත් උඩින්. පුලුවන් නම් ඒ දීපංකෝ.

      මම අද ඇහුවාම කිව්වා මේ දවස්වල හාලි ඩේවිඩ්සන් එකක් හදන්න ට්‍රයි කරනවා කියලා. මමත් අදහස් කීපයක් දුන්නා. මම කිව්වා අර වී ටයිප් එන්ජින් බ්ලොක් එක අර ස්ප්‍රිං එක ප්ලාස්ටික් එකට බස්සලා හදන්න පුලුවන් කියලා. තව සයිලන්සර් දෙකම එක පැත්තට දාලා ස්පීඩෝ මීටරේ ටැංකිය උඩට දාන්න වගේ දේවල්. පොර හරි සතු‍ටු වුනා.

      Delete
  37. සමාවෙන්න මට නම් මේ අපායේ පීඩනය දරන්න බැහැ... :( අර බයික් එක නම් හරිම ලස්සනයි..එහෙම එකක් හදන හැටි කියලා දෙන්නකෝ වෙලාවක ..

    ReplyDelete
    Replies
    1. සහන්, මේ සෙට් එක ඔක්තෝබර් නොවැම්බර් විභාගේ කරනවා. දැන් ඒ ඒ සබ්ජෙක්ට් එකට සල්ලි බැඳපු අය විතරයි පන්තියේ ඒ ඒ වෙලාවට ඉන්නේ. ඉතින් දැන් හතර පස් දෙනෙකුට වඩා නෑ. ඉතින් ඒ පීඩනයත් නෑ දැන්. එපාම කරපු උන් හැලිලම ගිහින්.

      ඔව් ඒක හොඳ අදහසක් තමයි. බලමු.

      Delete
  38. මරුනේ...බයික් එක අර ලමයම හදපු එකක්ද? "සුපා" ලා කිව්වේ කවුද කියලා නම් මට තේරුනේ නෑ. ඔය වගේ නසරානි ළමයෙකුට කරන පුංචි ප්‍රශංසාවක් නිසා එයාගේ ජිවිතේ උනත් වෙනස් වෙන්න පුළුවන්. (හෙන්රි බ්ලොග් වෝකර් වගේ හොඳ ගුරුවරයෙක් ලැබුනොත් තමා)

    ReplyDelete
    Replies
    1. සයුරි, සුපා කිව්වේ සුපවයිසර්ට. ගුරුවරු ලඟට ඉන්නේ සුපවයිසර්ලා. නමුත් මේ ඉස්කෝලෙ එයාලට කියන්නේ ලීඩිං ටීචර්ස්ලා කියලා වුනත් අපිට අර පුරුද්දට කියවෙන්නේ සුපවයිසර් කියලාමයි.

      අනේ බොලව්, මම මේක දැම්මේ මම කොච්චර හොඳ ගුරුවරයෙක්ද කියලා කියන්න නෙවෙයි. එකම පුද්ගලයා තුල කලු සහ සුදු පවතින හැටි කියන්නයි.

      Delete
  39. තමන්ටත් වෑඩියෙන් ලමයට තෙරෙන්න ඔන කියල හිතෙන ගුරුවරු ඉන්නලොකෙ උබ හොදයි බන්.අනිව ඔව අගය කරන්න ඔන.අක්කව දෑන ගත්තෙ අද

    ReplyDelete
    Replies
    1. ඔව් බං දමිත්. මටත් මහා ලොකු වෙනසක් කරන්න බැරිවුනත්, වචනෙකින් හරි තල්ලුවක් දෙන්න තමයි හදන්නෙ පුලුවන් හැටියට.

      Delete
  40. වනක්කම් කීවා ඩූඩ්...

    ඔන්න මේක කියවපු ගමන්ම මටත් අතීත කථාවක් මතක් වුණා.

    මට මතක විදිහට අපි අටේ පංතියේ ඉන්නකොට වෙන්න ඕනැ. අපිට දෙමල විෂයක් හැටියට ඉගැන්වූවා. දෙමල හෝඩිය තමා අවුරුදු දෙකක්ම (7 – 8 පංතිවලදී) ඉගෙන ගත්තේ. දෙමල උගන්වන්න ආවේ පාරම්පරික නියම දෙමල මහත්තයෙක්. මේ වයසක මහත්තයා (පැන්සනුත් ගිහින් ආය ආපු කෙනෙක්ද කොහේද) සුදු වේට්ටිය ඇදලා, පුංචි කලු හතරැස් කන්නාඩි දෙකක් එහෙම දාලා සෙරෙප්පු දෙකක්වත් නැතිව තමා එන්නේ. වහින දවසට වේට්ටියත් කැහැපොට ගහගෙන තමා යන්නේ කිසිම ගින්නක් නැතිව. සර්ගේ නම නම් මට මතක නැහැ. අපි සර්ට කීවේ “ම් යන්නා” කියලා. ඒකට හේතුව තමා, (මොනවා හරි කියන්න කලින්) සැරින් සැරේ “ම් -ම්” කිය කියා බොරු දත් සෙට් එක යාන්තමින් එලියට තල්ලු කරන එක.

    සර් ඉතිං දෙමල උගන්වන්නවාට වඩා කෝටුවෙන් මේසෙට ගහ ගහ (ඒ දවස්වල ගොඩක් සර්ලා කෝටුවක් වේවැලක් අරන් තමා එන්නේ, ඔය හෑන්ඩ් ෆෝන් එකක් අරන් එනවා වගේ) ලමායී...නිශ්ෂබ්ද වෙන්න/// කිය කිය තමා වැඩි පුරම ඉන්නේ. සර් පංතිය දිහා බලන්නේ දාගෙන ඉන්න පුංචි කන්නාඩි දෙකට උඩින් - ඔලුව පාත් කරලා වන වනා.

    අපිට ඉතිං කොහොමත් දෙමළ ලියවිල්ල අන්ඩර දෙමළයක්ම තමා වචන දෙක තුනක් අල්ලා ගත්තට මොකද. අපේ හිටියා “සකල බුජං” කියලා නියම භාණ්ඩයක්. මෑන් සර් කියන විදිහටම “ආනා ම්..වන්නා මා..වන්නා” .... “අම්මා” “ආනා ඉප්...වන්නා පා...වන්නා” .... “අප්පා” වගේ වචන සෙට් එකක් කියනවා බොහෝම සද්දෙට සර්ට ඇහෙන්න. සර්ගේ හිතේ අපේ මෑන් දෙමල ඉගෙන ගන්න ආසයි ඒ වගේම දෙමල දන්නවා කියලා. ඒත් අපේ එකා කෑ ගැහැව්වට මෙලව සංසාරයක් දන්නෙත් නෑ. ඔය ඉස්සරහා පේලි වල ඉන්න කීප දෙනෙක් ඇරුණු කොට අනෙක් එකකුටවත් ඉගෙන ගන්න ඕනෙත් නැහැ දෙමල.

    දවසක් දෙමල පොතේ පිටුවක් පිටපත් ලියන්න කියලා. හැම එකාම වාගේ වෙන වෙන වැඩ. අපේ මෑනුත් කොලයක් අරන් සද්දෙට සුපුරුදු දන්නා දෙමල වචන ටික කිය කියා පට්ට කුනුහරුප ලියනවා. ටිකක් වෙලා ගිහින්, මේක දැකපු පේලියේ අනිත් උනුත් අම්බානකට හිනාව. මල පැන්න සර් අපේ මෑන් ලඟට කඩාගෙන ආවේ අපි කවදාකවත් නොහිතපු වේගයකින්.

    සර් ආපුගමන් කොලේ ඉල්ලනවා. අපේ එකාට කරගන්න දෙයක් නැහැ. මෑන් අතේ කොලේ ගුලිකරන් “සර් - සර්ට හොඳ නැහැ මේක කිය කියා කියනවා” සරුත් “ගන්නවා අයිෂේ..ගන්නවා ඕක//” කිය කියා ඉල්ලනවා මෙලෝ සිහියක් නැතිව.

    බය වෙලා.. රතු වෙලා ... හිරිවැටිලා හිටපු අපේ එකා බැරිම අත කොලේ කටේ දැමීමා. සරුත් අරින්නේම නැහැ කටේ දාගත්ත එකත් ඉල්ලනවා. කර කියා ගන්න දෙයක් ගැන හිතා ගන්න බැරි වෙච්ච පොර යාන්තමට කෙල ගෑවුණු කොලේ සර්ගේ අතේ තිබ්බා නෙවෙයි තියවුණා.

    සරුත් කිසිම ගේමක් නැතුව, සර්ගේ අතින්ම දිග ඇරලා ඒක බලලා “අයිෂේ... තමුෂේ... සිංහලෙන්නේ ලියලා තියෙන්නේ .... ලියනවා ඕක දෙමලෙන්... මම කීවේ ... ඕක දෙමළෙන් ලියන්න... “ කියලා, සර් යන්ට ගියා.

    හොල්මන් වෙච්ච අපිට සර්ගේ වැඩේ හිතාගන්න බැහැ. සමහරවිට යන්තමින් සිංහල අකුරු දැක්ක සර්, අපේ මෑන් දෙමල පිටුව සිංහලට පරිවර්තනය කරලා පිටපත් කරා කියලා හිතුවද මන්දා...:D අදටත් අන්ඩර දෙමලයක්ම තමා එදා වෙච්ච දේ.

    එහෙමනම් ඔන්න නන්ද්‍රි කීවා ඩූඩ්.

    ReplyDelete
    Replies
    1. ගමේ එකා පෝස්ට් ලියන්න පුලුවන් ඒවා කමෙන්ට් වලට දාලා තමන්ගේ බ්ලොග වේලෙන්න අරින්නේ ඇයි කියලා මම කල්පනා කරන්නේ.

      ඔය ඉස්කෝලෙදි දෙමළ ඉගෙනගත්තවුගෙන් කැමැත්තෙන් ඉගෙනගත්ත එකෙක් වත් මම දැකලා නෑනේ තවම!

      Delete
    2. හාහ්... හා....... මාරු කතාව. ඔන්න ඩුඩ් මම වගේ කෙනෙක්... ලියන්නේ කොමෙන්ටුවක්ද, පොස්ටුවක්ද කියලා මතක නැති එකෙක්

      Delete
  41. උඹේ කොමෙන්ට් ඒරියා එකේ අග හොයාගන්න සෑහෙන අමාරුයි බං... ස්ක්‍රොල් කරනවා කරනවා.. නෑ... :)

    මූ නම් නියම ගෝතයෙක්... මෝටර්බයික් එක වගේමයි අර ක්‍රොස්වර්ඩ් එක... බලපං ඌ කොටු ඇඳලා තියෙන්නේ කොච්චර සැලකිල්ලෙන්ද කියලා. උගේ එක අරමුණක් වෙන්න ඇත්තේ උඹට ඕක නෝට් නොවී තියෙයි කියලා වෙන්න ඇති. හැබැ‍යි නෝට් උනොත් ගැලවිල්ලටත් රෙඩි පිට ඌ වැඩේ කරලා තියෙන්නේ. ඌ කෙලින්ම අකුරු මාරු කරලා F වචනේ ලිව්වා නම්, ඌ කරන්නෙ වැරැද්දක්... නමුත් ඌ දන්නවා FCUK කියලා බ්‍රෑන්ඩ් එකක් තියන බව... මූ... ගැන ඇහැ ගහගෙන ඉඳපං...

    ReplyDelete
    Replies
    1. ඒ වගේම අමාරුයි මචං බ්ලොග් රෝලෙන් උඹේ බ්ලොග් එක හොයා ගන්න එකත්. ඒක උඩට මතුවෙච්ච කාලයක් මට මතක නෑ. හෙන ගැඹුරේ වැලලිලා තියෙන්නේ. :))

      ඇහැ ගහගෙන තමයි මචං ඉන්නේ. අද මම ඌට මේ බ්ලොග් පෝස්ට් එක පෙන්නුවා. පොර මගෙන් ඇහුවා මොනවද ලියලා තියෙන්නේ කියලා. ඉතින් මම පරිවර්තනය කර කර කිව්වා උඹ කරපු හොඳ වැඩේ ගැන හොඳ තමයි කියලා තියෙන්නේ කියලා. පොරට මාර සතු‍ටුයි.

      පස්සේ මම පන්තියෙන් එන්න ඉස්සෙල්ලත් කිව්වා ඕන්න දැක්කද, හොඳ දෙයක් කලාම කවුරුත් අගය කරනවා, නරක දෙයක් කලාම ඒකේ අනිත් පැත්ත කියලා. පොර ඒක පිළිගත්ත බව පෙනුනා.

      උඹලට පුලුවන්නම් ඌට කෙලින්ම තේරුම් ගන්න පුලුවන් විදියට සරළ ඉංග්‍රීසියෙන් හොඳයි කියලා කමෙන්ට් එකක් දැම්මා නම් තවත් ගති, මචං.

      Delete
  42. සුපිරියි ඩුඋඩ් . මම අගෛකරන චරිතයක් ආයෙමත් හම්බුනා.අන්න ගුරුවරු.මම බ්ලොගින් වලට අලුත්.අදමයි ආවෙ.ඩිගටම එන්නම්.
    තව ඩෙයක් තියෙනව , මමත් nc

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා විදුරව මගේ ඩෙනිමට. මම ඒ පැත්තේ ගියා. ඒක ටිකක් හෙමිහිට කියවන්න ඕනෙ බ්ලොග් එකක් රස්තියාදුකාර දේශාඨනය.

      NC කිව්වේ සුලෝහිතේද විදුර?

      Delete
    2. ඔව් ඩුඋඩ් සුලොඑහිතෙ, මම ඩුඋඩ් ගෙ ප්රොෆයිල් එකෙ දක්ක වගෛ මතකයි.එඅකයි එහෙම කිව්වෙ....
      හිමින් කියවන්නකො :) දිරවයිද මන්ද එකෙ තියෙන විකාර.

      Delete
    3. අපි ඔක්කොම ලියන්නේ විකාරනේ බංස්. නෝ ප්‍රොබ්.

      එහෙනම් මේක හදවතට සමීප ඇති. මේ ලියන්නෙත් මමම වේයැ.

      ධර්මාරාම ධයන්න පුතා! ධර්මාරාම ධයන්න!!

      Delete
  43. සුපිරියි බන්ස් සුපිරියි, මතකය අපහු ගෙනාවට ස්තුත්යි.ලන්කාවට ආපු දවසක මම ගියා දන් පුදුම ලස්සනක් නෙ තියෙන්නෙ.පුස්තකාලෙ කොරිඩො එකෛ වෑටට හෙත්තු වෙලා සෑඅහෙන වෙලා හිටිය. ඩුඩ් ට පප්පව මතකද :)

    ReplyDelete
    Replies
    1. පප්පා මතක නෑනේ බං. විදුර, ඒක නෙවෙයි. මම උඹේ බ්ලොගේ මෙම්බර් කෙනෙක් වුනා. උඹව මගේ ඩෙනිමේ සහ HeyDude බ්ලොග් රෝල් වල එල්ලුවා. මොකද දේශාඨන සටහන් කියන්නේ මගේ ප්‍රියතම විෂයයක් නිසා.
      අවුලකට තියෙන්නේ උඹේ බ්ලොග් එකට කමෙන්ට් කරන හැටි හොයා ගන්න බැරි කමයි. ඒ තියා වෙන එකෙක්වත් කමෙන්ට් කරපු තැනක්වත් පේන්න නෑ. කොහොමද බං ඒක කරන්නේ?

      Delete
  44. Henry, This kid has a great talent. I really love the way he has concentrated on all the details of a Motor Cycle and how he perfectly arranged and matched the every bit and piece of lighter to do his creation. On the other hand he is really lucky to have a teacher like you in his life and I’m sure this recognition and appreciation from you will add a new dimension to his life. Keep the good work up BOYS !!!!

    ReplyDelete
    Replies
    1. Thank you very much Reader. Even I was astounded when I saw it for the first time.

      Delete
  45. ශාහ් නියමයිනේ ඩුඩ්. මගෙන් මල් මිටක් . මෙන්න නියම ගුරුවරු.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි බින්දි. ෂිහ් කොලර් එක නැති ටී ෂර්ට් එකක් ඇඳගෙන ඉන්න කොට ඕවගේ ඒව කිව්වට වැඩක් නෑ. :))

      Delete
  46. විද්‍යා ගවේශණ බ්ලොග් එකේ මේ ලඟදි ගියා චීන්නු හදලා තියෙන දැනට ලෝකයේ තියෙන සුපිරිම පරිගණකය ගැන විස්තර. මම පොඩිම උන්ගේ කොම්පියුටර් ක්ලාස් එකට ඒක පෙන්නලා තව අමතර විස්තර ටිකකුත් කියලා ඉවර වේගෙන එද්දි කොලුවෙක් අත උස්සගෙන ඉන්නවා. මම ඇයි කියලා ඇහැව්වා. පොරට ප්‍රශ්ණයක් මතු වෙලා. පොර අහනවා “ශර් මේකේ ඇන්ග්‍රි බර්ඩ් ගහන්නත් පුලුවන්ද?“ කියලා.

    හැබැයි ඒක අපාය පංතියක් නෙමෙයි. ඉතිං අපාය පංතියක් කොහොම වෙයිද කියලා හිතාගන්න මට බැරි නැහැ.

    ReplyDelete
    Replies
    1. ඕ ලෙවල් (අපාය නෙවෙයි) පන්තියේ කොල්ලෙක් හිටගත්තාම මම දැක්කා සුදු ෂර්ට් එකට යටින් පේනවා අඟල් අටක් විතර පළල තැඹිළිපාට පටියක් බඩ වටේ ඔතලා තියෙනවා. මම ඇහුවා මොකද කියලා ලඟ ඉන්න එකාඅ කියනවා සර්, "ඒ මුගේ බොක්සර් ෂෝට් එක," කියලා. මම ඇහුවා කලිසම වැටන්න ඔන්න මෙන්න ගානට පාත් කරලා එල්ලගෙන බොක්සර් එක පපුවට උස්සගෙන ඉන්නේ මොකද කියලා. පොර කියනවා, "මේක ඇංග්‍රි බර්ඩ්ස් බොක්සර් එකක් සර්."

      එහෙම ඇද්දෙ නැතිනම් ඒක පේන්නේ නෑනේ බං ඒකයි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අපි ඒකාලේ දුනු ඊ තල හදා ගන්න කොච්චර කට්ටක් කෑවද? දැන් ළමයිගේ වීරයෝ කෙලින් ම ටීෂර්ට් වල, සපත්තු වල, පැන්සල් පෙට්ටි වල, මක්ක වල, ඔල්ලෝසු වල, බයිසිකල් වල පොලු වල ප්‍රින්ට් කරලා ම එනවා. එයාලට තියෙන්නේ දෙමාපියන්ට ඒවා පෙන්වන්න විතරයි. ඒ කියන්නේ ආය කට්ට එන්නේ අපිටමයි. ඒවා අරන් දෙන්න සල්ලි හොයන්න, සල්ලි නැත්තම් ඒවා උන්ට තේරෙන බාසාවෙන් පැහැදිලි කරලා දෙන්න. මේක හරිම අසාධාරණ ලෝකයක් - නැද්ද අයියේ?

      Delete
    4. පුදුම අසාධාරණයක් බං. අපිට චාන්ස් එකක් හම්බ වෙන්නෙම නැතුවා වගේ. දැන් මගේ කට්ට ඉවර වේගනද මන්දා එන්නේ, මොකද මගේ පොඩි එකා දැන් අවුරුදු පහළොවක් නිසා, ඔය ඇංග්‍රිබර්ඩ්ස්, ස්පොන්ජ් බොබ්, බෙන් ටෙන් ගහලා තියෙන බඩු පාවිච්චි කරන්න ලැජ්ජයි. පොඩි එකෙක් වගේ පෙනෙයි කියලා. රෝස පාට ගෑවිලාවත් තියෙන ඇඳුම්, පොත් දිහා බලන්නෙත් නෑ. ගෑණු පාටවල් කියලා. වයසනේ බං. උඹට නම් තාම පටන් ගත්තා විතරයි.

      Delete
  47. ගුරාටම ගැලපෙන ගෝලයා..නැත්නම් අනිත් පැත්තද මන්දා..

    ReplyDelete

  48. බලන්න හැම ලමයටම පුලුවන් දේවල් තියෙනව... ඒවා තේරුම අරගන්න ගුරුවරුන්ට පුලුවන් වෙන්න ඕනේ. අම්මයි ඩුඩුයි ඒ වගේ ගුරුවරු. :-h

    ඒ ලමයට හරි සතු‍ටු හිතෙයි මේ පෝස්ට් එක දැක්කොත් y-)

    අපායෙ ඉන්න ලමයිනුත් මනසින් අහින්සකයි ඒත් ඉන්නෙ දරුනු ලමයි වගේ. එයාලටත් එයාලගෙ දක්ශතා දියුනු කරගන්න පුලුවන් විශයන් තිබ්බ නම් හරි නේද? g-)

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>