Monday, July 29, 2013

86. සය වසකට පසු... After Six Long Years...





එදා, අපේ ‍දියණිය රැගත් ගුවන් යානය පැමිණෙන තෙක් මම ගුවන් තො‍ටුපලේ ලතවෙමින් සිටියා. 

කවුරුන් හෝ විසින් ගුවන් තො‍ටුපොළ ජෙටියේ අතැර දමා ගොස් තිබුණු මේ ගමන් මලු ගෙනයන ට්‍රොලිය අහම්බෙන් මගේ ඇස ගැ‍ටුනු මොහොතේ, මගේ හදට නිතැතින්ම නැගුනේ ඉවසිය නොහැකි පාළු හැඟීමක් සහ විස්තර කල නොහැකි දුකක්. මා අත තිබූ කැමරාව නොකඩවා ක්‍රියාත්මක වෙත්දී, මගේ දෑස බොඳ වූ බවත්, උගුරේ  යමක් සිරවී ඇති ලෙසත් මට දැනුනා. සමහර විට මට පිස්සු වෙන්නැති. මොකක්දෝ හේතුවකට මේ ට්‍රොලිය මට සිහි කලේ කාගෙ හෝ තාත්තෙක්ව...



DAD



With you my son,
This is as far as I can come,
Shouldering your burden for you.
Unlike me, my son,
Who's at the end of the line,
Whole new world's waiting for you.
For you my son,
The limit is the sky,
Like a bird soaring high, with a twinkle in yer eye.
For you my son,
I'll be hanging around,
Praying for the day, our paths will cross again.

මා පබැඳූ මේ පද පෙළ, අද දහසය වැනි උපන් දිනය සමරණ අපේ පුත් හිරූෂට පිළිගන්වනවා.

ඒ එක්කම එදා මම ගුවන් තො‍ටුපලේ ‍රැඳී සිට පිළිගත් අපේ දියණිය, අවුරුදු හයකට පසුව, එකම මල්ලියාගේ උපන්දිනය සමරන දා අපිත් එක්ක ඉන්නවා. ඉතින් මේ උපන් දිනය අපි හතර දෙනාටම අති විශේෂ එකක් බව අමුතුවන් කියන්න ඕනෙ නෑනේ.

මේ අක්කන්ඩි, මල්ලිට ලියූ පද පෙළක්...

 Seeing how you've grown
I'm so totally blown
You've changed so much
It is hard to believe such

But yet in your heart
You are the same kind one
So full of wit and
Driving us all nuts

How you've become
Who you are today
The charming young man
You've turned out to be

Though in life we may
Take our separate ways
But nothing can ever change
Your place  in our hearts

Malli, we are Blessed
to have one like you
Wishing you very very many
Happy returns of the day

Wish you a very happy b'day my malla!!!!!





Simulblogged @ HeyDude

121 comments:

  1. සුබ උපන්දිනයක් හිරූෂ පුතා ! දිවියේ ඉදිරියත් වාසනාවන්ත වේවා !!

    ReplyDelete
    Replies
    1. කොල්ලා ඊයේ උපන් දිනේ නිසා ඉස්කෝලේ නොගිහින් ගෙදර ඉඳලා, අද ඉස්කෝලේ ගිහින්. ඒ නිසා මම කොල්ලා වෙනුවෙන් ස්තුති කරන්නම්. බොහොම ස්තුතියි සෙන්නා.

      Delete
  2. සුභ උපන් පුතාට!නිරොගිමත් දිවියකට සුභාසිංසන එකතු කරමි!!

    ReplyDelete
    Replies
    1. කොල්ලා ඊයේ උපන් දිනේ නිසා ඉස්කෝලේ නොගිහින් ගෙදර ඉඳලා, අද ඉස්කෝලේ ගිහින්. ඒ වෙනුවෙන් මම ස්තුති කරන්නම්. බොහොම ස්තුතියි ගයනී. ඔයාගේ ප්‍රොෆයිල් එකත් HAVE A NICE DAY නේද? :)

      Delete
  3. ට්‍රොලියකයි, තාත්තෙකුගෙයි සම්බන්ධයක් ගැන හිතා ගන්න හරි අමාරු වුනත්, මිනිස් හිතේ ක්ෂණිකව ඇඳී, නොඇඳී යන සමහර අමුතු සිතුවිලි හටගන්නවා කියන එකනම් මමත් දන්නවා.

    ReplyDelete
    Replies
    1. >>මිනිස් හිතේ ක්ෂණිකව ඇඳී, නොඇඳී යන සමහර අමුතු සිතුවිලි හටගන්නවා කියන එකනම් මමත් දන්නවා.<<

      අන්න ඒක තමයි මෙතන වුනේ සෙන්නා. ඔය ට්‍රොලිය සහ ඔය වගේ තව ට්‍රොලි සිය දහස් ගනනක් දවසගානේ දැක්කත් ඇති නොවන හැඟීමක් හදිස්සියෙන් කෙනෙකුට ඇති වෙන්න පුලුවන්.

      මේ ට්‍රොලිය කෙනෙකුගේ බර කර ගහන්නේ කිසිම පැකිලීමක් නැතිව. ඇත්තෙන්ම ට්‍රොලිය නැතුව මෙතනට බඩු ඔක්කොම ගේනවා කියන්නේ සෑහෙන අමාරු වැඩක්. නමුත් ට්‍රොලිය කිසි කෙඳිරි ගෑමක් නැතිව සතුටින් ඒ වැඩේ කරනවා. අපි ඒ ගැන දෙපාරක් හිතන්නේ නෑ. මොකද ට්‍රොලිය තියෙන්නේ ඒකට කියලා අපි හිතන නිසා. හරියට අම්මෙක් තාත්තෙක් දරුවෙකුගේ වගකීම් ඉ‍ටුකරනවා වගේ.

      ආපු කෙනා කෙලින්ම ට්‍රොලිය එතනම දාලා ස්පීඩ් බෝට් එකකින් පිටත් වෙලා ගිහින් අලුත් ලෝකයක් හොයාගෙන. ඒ මගියා අඩුම තරමින් ආපසු හැරිලා ට්‍රොලිය දිහා බලන්නවත් නැතිව ඇති. බලාපං ජෙටියේ කොනට වෙලා ට්‍රොලිය තනියෙම පරක් තෙරක් නොපෙනෙන සාගරය දිහා බලා ඉන්න හැටි! ට්‍රොලියේ ගමන මෙතනින් ඉවරයි. ට්‍රොලියට මෙතනින් එයාට යන්න වරම් නෑ. එයා එයාගේ යුතුකම කරලා බලාගෙන ඉන්න ඇති මගියා ‍රැගත් බෝට්‍ටුව ඈත දියඹේ නොපෙනී යන හැටි. හිතෙන් ආශිර්වාද කරමින්.
      හරියට තාත්තෙක් අම්මෙක් වගේ.

      නමුත් මගියගේ ගමන මෙතනින් ඉවර නෑ. ඔහුගේ ගමන පටන් ගත්තා විතරයි. හරියට කැදැල්ලෙන් පිටව යන දරුවෙක් වගේ.

      මට ඔහොමයි හිතුනේ සෙන්නා.

      Delete
    2. උඹ හරි අපූරු මිනිහෙක් බන්..

      දුන්න උදාහරණයෙ වචනාර්ථය විතරක් ගත්තොත්, ට්‍රොලි වලටනම් නෙමේ හැබැයි කාලයක් පාවිච්චි කරපු බඩු වලටනම් මම වෙන්වෙනකොට හිතෙන් ස්තූතියි කියලා ආයුබොවන් කියනවා. ජීවයක් නැති වුනත් උනුත් අපිට ජීවිතේ පහසු කරගන්න උදව් වුනානෙ.

      Delete
    3. ඩුඩ් අයියේ ඒ අදහසනම් මාරයි... හිතන්නපුළුවන් මාර අයිඩියා ගොඩක් තියනවා..

      සුබ උපන්දිනයක් වේවා !!!

      Delete
  4. ඉස්සෙල්ලම පොඩ්ඩට සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා.

    දුවත් ආපු සතුට බර්ත් දේ එකත් එක්ක එකතු කරලා ඉහලින්ම සමරනවා වගේ නේද ඩූඩ්....

    ඔය හතර දෙනාගෙම සතුට වෙනුවෙන්..... d-)

    ReplyDelete
    Replies
    1. මුල්ම ෆොටෝ ඒක දැක්කම මටත් හිතුනේ රෝද පුටුවක්දෝ කියලා. DAD කියලා දැක්කම ඔයා කියපු හැඟීම් විරහිත භාවය මටත් දැනුනා.

      "කණ්නාඩි කාරයෝ ආඩම්බර කාරයෝය" :D
      අන්තිම ෆොටෝ එකනම් මරු ඈ.

      Delete
    2. නැ අකමෝ මම ඇස්දෙකට දැක්කනේ පොරට තියෙන්නේ හැමවෙලාවෙම කල්පනාකරකර ඔලුවට ඔබාගන්න ඩයල් එකක් . කතා බහනං අඩුයි තමා , ඒ උනාට ප්‍රීය මනාපයි.

      අප්පට සිරි ඩුඩියෝ කෙල්ල අක්කගේ කපාපු පලුවක් නේ. එතකොට දැන් මේ තාත්තා සතුටෙන් ඉන්න කාලයක්ද

      Delete
    3. අකමයි අටමයි දෙන්නම අපේ කොල්ලව දැකලා තියෙනවා නේද කියලා මට එක පාරටම කල්පනා වුනා.

      කොල්ලා වෙනුවෙන් බොහොම ස්තුතියි උඹලා දෙන්නාටම. එයා ඉස්කෝලේ ගිහින්.

      අටමෝ, උඹ පැයක් විතර හැසිරීම බලාහිටියොත් අර කතාව අඩුයි කියන අදහස වෙනස් කර ගනීවි. කොහොමත් ළමයි පිට ගෙදරකට ගියාම, ටිකක් වෙලා සද්ද නැතිව ඉන්නවනේ. මේකත් එක්ක කතා කරලා පිරිමහන්න බෑ බං.

      අකමා, "කණ්නාඩි කාරයෝ ආඩම්බර කාරයෝය" :D
      දී කිරට බළල්ලුත් සාක්කි!

      Delete
    4. මමත් දැක්කෙ අටමා කියපු නිශ්ශබ්ද කොලු ගැටයම තමයි. ඊළඟට ආපු වෙලාවෙවත් අල්ලගන්න ඕනි කතා පෙට්ටිය ඇරගන්න.

      Delete
  5. ඔබ සියලු දෙනාටම වාසනාවක්ම වේවා.දුවට තව තවත් ලියන්න දිරිමත් කරන්න.අපේ දුවටත් බ්ලොග් එකක් තියෙනවා.හැබැයි කාලෙකින් අප්ඩේට් කරලා නැහැ.justpara-dont.blogspot.co.uk/?m=1

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරූ. ඒ බ්ලොග් එක සෑහෙන කාලෙකින් ලියලා නෑ තමයි. මම ගියා බලන්න.

      Delete
  6. ජීවීතේ කියන්නේ ඒක තමයි ඩූඩ්. මහා ළොකු බලාපොරොත්තු, සිහින තියාගන්න ඕන නෑ. ඒ වගේම තමයි බැඳිම්. මොකෝ එහෙන් කතා කරපු ගමන්, අපි මේ ඔක්කෝම දාලා යන්න එපයි.... එහෙම බැඳිම් වැඩි උනාම ලියවෙන කවි පන්තියක් හා ෆීලීන්ග් එකක් තමයි අර ලියලා තියෙන්නේ.. ඒ බයිලා ගැහුවට අවුරුදු 6 ක් කියන්නේ. උණුසුම නොදැනි කෙසේ සිටියේද උඹ.. හැබයි බය නැතිය එක දෙයක් නම් කීව හැකි.. කුමටද DNA Test......

    සුභ උපන් දිනයක් ඉලංදාරියා....!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුබ පැතුමට. ඉලන්දාරියා ඉස්කෝලෙ ගිහින්. දැනට මම සුභ පැතුම බාර ගන්නම් මාතලන්තුමා. :)

      ඔව් මචං ඒ අවුරුදු හය හරිම දිග අවුරුදු හයක්. තවත් ඉවර නෑනේ බං, තවත් තියෙනවා.

      Delete
  7. හිරූෂට සුබම සුබ උපන් දිනයක්!!!

    අක්කත් එක්ක ඇතිවෙන කල රන්ඩු අල්ලයි කියලා හිතනවා... :D

    ReplyDelete
    Replies
    1. ඔය ගැන කියල වැඩක් නැහැ.අපේ ගෙදරත් අක්කයි,මල්ලියි මේ හොදට එකට ඇලිගෙන ඉන්නව,එක තප්පරෙන් ගේ දෙවනත් කරල දෙන්න එක්ක රන්ඩු.
      කොහෙත් එකයි මම හිතන්නෙ.

      Delete
    2. බොහොම ස්තුතියි පොඩ්ඩි.

      ඔය තේරෙන්නේ කෙන්ජිට නියමෙට. :)

      Delete
  8. හිරූෂ පුතුට සුභ උපන්දිනයක් වේවා.!
    අක්කිය සමග ඉගෙනුම් කටයුතු සාර්ථකව සම්පුර්ණ කොට,අම්මි/තාත්ති දෙපලගේ ප්‍රාර්ථනාවන් ඉටු කිරීමට ශක්තිය සියලු දෙව් පිහිටෙන් ලැබේවායි පතමි..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කෙන්ජි සුභ පැතුමට. :)

      Delete
  9. සුභ උපන්දිනයක් පුතා.
    Dude උබගෙ ලස්සන පුන්චි පවුලෙ සතුට සදාකල් රෑදේවා.සුභ අනාගතයක්.බුදු සරනයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      දමිත්ටත් පවුලේ සැමටත් සුභ අනාගතයක්.:)

      Delete
  10. It's a very emotional poem and I too feel the same way for mine.

    I wish him a happy birthday and he seems to be a matured fellow who can tackle all the obstacles in his path.

    I love Hiruni's poem and her deep feelings of her one and only brother. She hasn't written anything for a long time.

    Deepa should be proud to have such good and intelligent children like them.

    ReplyDelete
    Replies
    1. Thank you very much Blue Lotus.

      She was too busy throughout with her studies. So we didn't encourage her either, to write.

      Me, too. Thanks again.

      Delete
  11. ගොඩ දවසකින් ඩුඩ් මගේ යාළු...
    අර අන්තිම ෆොටෝ එකට මම හරි ආසයි..

    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් පණූ යාලු. දැන් කැමරාවත් එක්ක හෝ ගාලා වැඩ ඇති කියලා මම හිතුවා. :)

      ඒ ෆෝටෝ එකට මමත් ආසයි. ඒකේ හැඟීම් හොඳට පෙන්නනවා නේද?

      පණුච්චිටත් ජයවේවා! සිනා බෝ වේවා! (කොච්චර ලස්සන පැතුමක්ද!) :-h

      Delete
  12. හෙන්රි,

    ඔයා මේ චුටි පුතා වෙනුවෙන් මේ ලියු පොස්ට් එකට ඔයාට සිය දහස් වරක් ස්තුති කලත් මදි. :X :-f :-h

    ඇත්තටම අක්කයි මල්ලියයි දෙන්නා අවුරුදු හයකින් එකිනෙකාව හමුවුනත්, දෙන්නා ගේ හැසිරිම් d(,බැදිම් :X,හිනාවල් :)),හු කිම් =)), ප්‍රෑන්ක්ස් :P,ජොක්ස් y-)එහෙම එදා වගේම අදත් අහන්න, දකින්න, රස විදින්න හා අත් විදින්න අපි දෙන්නා හරිම වාසනාවන්තයි. d-)

    Puthu,

    Thanks a million,billion,trillion,etc for making ur kid brother's day :-f. And also for treating him, caring him, loving him just like u did from the day he was born :X.It's absolutely fabulous :-h .We wish,hope and pray for both of u to move on like this for ever w-) g-) d-).

    Chutti putha,

    We Wish u a very happy,healthy,wealthy,loving,successful and peaceful Birthday g-) d-) .May all ur dreams come true g-),putha. We love u :X.

    ReplyDelete
    Replies
    1. Malla, Wish you a very very happy b'day! May all your dreams and wishes come true! We are so lucky to have you! We love you :X w-)

      Thath, the poem is awesome! It is one of the best you have written I think. :-h :X

      Amma, Thanks a loooot. He will always be my little brother no matter what. :-f :X

      Delete
    2. I want this holiday to last forever. Anyway, they ARE enjoying it.

      Thanks for all the nice things you said about the poem. :-f

      Delete
  13. පුතාට සුබ උපන් දිනකයකට සහ වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම් !

    ඩූඩ් පවුලේ සතුට සදාකල් රැඳේවා..

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට තුති, ප්‍රසන්න.

      ඔබ සැමටත් වාසනාවන්ත කාලයක් පතනවා.

      Delete
  14. සුබ උපන්දිනක් හිරුශ මල්ලිය...
    :)

    ReplyDelete
    Replies
    1. මේ සුභ පැතුම් ගෙන එන්නේ, හිමාල කන්ද පාමුල අවසන් ගම්මානයේ සිටයි. :D බොහොම ස්තුතියි විදුර.

      Delete
  15. සුභ උපන් දිනයක් පුතේ..!!!

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට බොහොම ස්තුතියි අයිලාස්. :)

      Delete
  16. Happy birthday to you Hirusha

    පොඩ්ඩක් හෝව්.. එතකොට දෙන්නටම “හිරු” කෑල්ල තියෙනවද.. ( මට ඉතිං ඔ‌ෙහාම ඒවනේ එකපාරටම මතක් වෙන්නේ.. )

    ( මං මේ කල්පනා කරන්නෙ තාත්තට ඩූඩ් අයියා කියලා පුතාට මල්ලි කියන්නේ කොහොමද කියලා... අනේ මන්දා මටත් වෙන දේවල්... හි හි)

    ReplyDelete
    Replies
    1. // මං මේ කල්පනා කරන්නෙ තාත්තට ඩූඩ් අයියා කියලා පුතාට මල්ලි කියන්නේ කොහොමද කියලා//

      මමත් කමෙන්ට් එක කොටන්න ගිහින් ඉස්සෙල්ලම කල්පනා කළේ ඒක. ආයෙ පුතාය කිව්වොත් මාත් ඔය හෙන්රි අයියලගෙ වයසක සංගමේට හේත්තු වෙන්නත් බැරිනෑ. ඒ නිසා ඔන්න මලයට මල්ලි කියලම කිව්වා.

      Delete
    2. අපි එච්චර කේන්දර බලන මිනිස්සු නොවන නිසා දරුවෝ ඉපදෙන්න කලින්ම හිතාගෙන හිටියේ අපි දෙන්නගේ නම් වල මුල් අකුරු වලින් එන නම් දාන්න. කෙල්ලෙක් ඉපදුනොත් හිරුණි, කොල්ලෙක් ඉපදුනොත් හිරුෂ වගේ. ඒ කෑල්ල මගේ H අකුරෙන්. මැද නම් දීපගේ නම් වලින්.

      අයියෝ ඕකට අප්සෙට් ගන්නේ මොකටද? අපේ ගේ ලඟ කඩයක් තිබ්බා. ඒකේ හිටියේ නැන්දයි දුවයි. කඩේට යන ඔක්කොම නැන්දට කඩේ අක්කා කියනවා, දුවට කඩේ නංගි කියනවා. කඩේ අක්කට අක්කා කියන සමහර අය අක්කට වඩා අවුරුදු තිහක් විතර වැඩිමල්. ඇයි හාඩ්වෙයා එකේ තාත්තා විමලේ අයියා. විමලේ අයියගේ පුතා මල්ලි. :))

      Delete
    3. මමනම් ලිස්සන ආමන්ත්‍රණයක් දැම්මා. මටනම් ඉතින් ඔහොම දේවල් නිතරම වෙනවා නෙව.

      Delete
    4. ඔය ප්‍රශ්නෙම මටත් ආවනේ ...පව් ත් සිද්දවෙනවා මේ වැඩෙන් , :( මම මීට පස්සේ නං කියන්නේ ඩුඩ් මහත්මයා කියලා මම ඕනිනම් ඩුඩ් මහත්තයාගේ දූට වඩා අවු 4ක් වැඩිමල් ඇති ...

      Delete
    5. ඔව් රෙහානි අක්කේ, මටත් ඕකම හිතුණා.

      Delete
    6. රෙහානි .. ඩූඩ් අයියට මහත්තයා කියලා මෙයා මාව එල්ලන්න හැදුවනේ දෙතුන් පාරක්ම... ඒක නිසා මං ඩූඩ් සීයා කිව්වත් මහත්තයා නං කියන්නේ නෑ... හි හි...

      (නේද ඩූඩ් අයියේ............ ( හි හි) )

      අපේ කඩෙත් ඔහොම තමා... අම්මට අක්කා කියාගෙන එන අය මට නංගි කියනවා.. ඒක නං කමක් නෑ කියමුකෝ.. මේ ළඟදි ඉඳලා තාත්තගේ යාලුවොත් හිටපු ගමන් අක්කේ ගාගෙන එනවා මටත්.. අම්මවයි මාවයි පැටලිලා... හි හි...

      Delete
    7. @ AKM :-O @හිරු ::::::::: හෑ ................ඒකත් එහෙමද :-? @ඩුඩ් මහත්මයා::::::::::::::: දූගේ වයස කීයද ඇත්තටම c-):-?

      Delete
    8. ආ..තව ගොඩක් අයටත් මට ආපු ප්‍රශ්නෙම ඇවිත් තියෙන්නෙ. මමත් හිරුෂ කියලා විතරක් දාන්නයි හැදුවෙ.
      අර කියපු කතාවත් ඇත්ත තමා..ඔය සමහරු අක්කේ අයියේ කිව්වට ඇත්තටම ඒ අදහසින් නෙමෙයි කියන්නෙ. සමහර වෙලාවට ඒකත් එක්තරා නමක් විතරයි :)

      Delete
    9. @හිරු, DDT, AKM,රෙහානි,සයුරි සහ මේ ප්‍රශ්ණය ඉදිරියේදී මතුවිය හැකි ඔබ සැමට.:D

      ඔය ප්‍රශ්ණේ ඇත්තටම ප්‍රශ්ණයක් නෙවෙයි, අපි ප්‍රශ්ණයක් කරගත්තොත් මිසක. මුලින්ම කෙනෙකුට මොන නෑදෑකමින්ද අමතන්නේ කියන එක ප්‍රශ්ණයක් කර ගත්තෑකි. උදාහරණ, මගේ මචං බාප්පලා සෙට් එකේ බාලම එකා මට වඩා අවුරුද්දක් බාලයි. මම ඌටයි ඊ ලඟ එකාටයි මචං කියනවා. උගේ ඊ ලඟ අයියට අයියා කියනවා, වැඩිමල්ම එකාට බාප්පා කියනවා. අපිට වඩා අවුරුදු කීයක් වැඩිමල් වුනාමද අයියා ඉවරවෙලා මාමා පටන් ගන්නේ කියන එක ඇත්තෙන්ම ගැටළුවක්. ලොක්කට මම අයියා නොකියන්නේ ලොක්කා මට අවධාරනය කරලා පුතා කියන නිසයි. හෙහ් හෙහ්.
      මගේ, සමහර ඥාති නංගිලා, මල්ලිලා මගේ දුවගේ වයසේ. උන් මට අයියා කියනවා. මම උන්ට නමින් කතා කරනවා.

      මගේ බොහොමයක් විදේශික යාලුවෝ (අවුරුදු විසි ගනන් වල උන්. අපි අගේට මුල් නමින් කතා කරගන්නවා. විදේශිකයොත් එක්ක මේ ප්‍රශ්ණේ කවදාවත් එන්නේ නෑ)

      ඊ ලඟට, උඹලට ඔය ගැටලුව එන්නේ නෑ මට නිකම්ම ඩූඩ් කිව්වා නම්. Dude කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන ඉතාම ප්‍රයෝජනවත් පදයක්.

      මම මේ වචනය ගැන බ්ලොග් පෝස්ට් එකක්ම ලියන්න අදහස් කර ගත්තා. මේ පදය 1883 එංගලන්තයෙන් උපදිනකොට එයින් අදහස් කරපු 'ජේත්තුකාරයා' කියන අදහස නෙවෙයි අද තියෙන්නේ. අපි කොහොමත් පරණ කෞතුක ඉංග්‍රීසි වලට ලැදි නිසාදෝ සිංහල ශබ්දකෝෂවල තියෙන්නේ ඒ යල් පැනපු තේරුම විතරයි.

      අද මේක The Universal Pronoun එකක්, වයස් බේදයක් නැති. ඒ වගේම තේරුම් ගොන්නක් තියෙන, ලෝකෙ හැම තැනම වගේ පාවිච්චි වෙන.

      උඹලා මට ඩූඩ් කිව්වට කිසි අවුලක් නැත්තේ ඒ වචනේ තියෙන ඒ ගුණය නිසාමයි.

      වැඩිය ඕනේ නෑ. උඹලා බලාපල්ලා චෙක් කරලා, මගේ දුවයි පුතයි මට කමෙන්ට් කරලා තියෙන තැන්වල (මේ පෝස්ට් එකේ සහ වෙනත් ඥාතිත්වය ඉස්මතු වෙන පෝස්ට් වල හැර) මට අමතන්නේ ඩූඩ් කියලා. :D

      හයියෝ, උඹලටත් ප්‍රශ්ණ නැතුවට ප්‍රශ්ණ! :))

      Delete
    10. අයියෝ .... ප්‍රශ්නයක් නෑ, ප්‍රශ්නයක් කරාගන්න එපා.

      //වැඩිය ඕනේ නෑ. උඹලා බලාපල්ලා චෙක් කරලා, මගේ දුවයි පුතයි මට කමෙන්ට් කරලා තියෙන තැන්වල//

      ඒක මම දැකල හුඟක් කල් හෙන්රි අයියා, ඒ නිසානේ හුඟ කාලෙකට කලින් දවසක් මම කිව්වෙ ඔයාලගෙ ෆැමිලි එකේ තියෙන විවෘතභාවයට මම හරි කැමතියි කියල.


      අපේ රටේ ඉතිං වැඩිහිටි කෙනෙක්ට නම කියල කතා නොකරන නිසා තමයි ඔය අවුල. මම නම් හැමතිස්සෙම මට වඩා වැඩිමල් අයට හෙන්රි අයියා, නලීන් අයියා, වෙනී අයියා, ප්‍රසන්න අයියා, කෙන්ජි අයියා, අටං අයියා, මාරයියා, හැලපයියා, දුකා අයියා, දුමී අයියා, ලොකු ජෝන් අයියා, ඕනයයියා, සුමිත් අයියා, චතුර අයියා (හෆොයි මේකෙ නාකි ඉන්න තරම් :))) කියල තමා කියන්නෙ. නැත්නම් කවිකාරි අක්කා, අරුණි අක්කා කියනවා. කතන්දර වැඩිමල් උනත් ආදරේට කකා කියනවා. මාතලන් වැඩිමල් කියල දැනුනත් ආදරේට මාතලන් කියලම කියනවා. ඔබා මාමට නම් ආදරේටම ඔබා මාමා කිව්වා. විචාරක ඒ දවස්වල අපිත් එක්ක වැඩිය විහිළු කළේ නෑනේ, ඒ නිසා විචාරක මහත්මයා කියල කිව්වා. :D අනෙත් අපේ වෙද මහත්මයා. දන්න හැටියට මගේ වයසෙ හරි ඊට වයසින් බාල එකෙක් හරි නම් නම කියනවා, නැත්නම් මචං, උඹ, යකෝ තමා. ඔන්න ඔහොමයි මගේ කතාව.

      තාත්තට අයියා කියල පුතාට මල්ලි කියන එක සාමාන්‍ය ජීවිතේදිත් නිතර වෙන දෙයක් මට නම්. අපේ අක්කගෙ ලොකු පුතාගෙ වයසෙ එවුන්ට මම කියන්නෙ මල්ලි, උන්ට මම අයියා. උනුත් අන්කල්ය කිව්වොත් ඊට අවුරුද්දක් දෙකක් බාල එවුන් සීයේ කියලත් කියයි. :))

      හැබෑට මේකත් මාර ප්‍රශ්නයක්, නේද. :))

      Delete
    11. @ DDT
      හරියට හරි බං.මට හිතේන්නෙත් එහෙම තමයි.

      Delete
  17. දුක පෙන්නලා සතුටු වෙනවා උපන් දිනයකට එකත් හොද trend එකක්..... මොකද උපන්දිනේ කියන්නේ තව අවුරුද්දකින් වයසට ගිය කියන එකනේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, මැලේ රාල. හුඟ දෙනෙක් ඔය විදියට උපන් දින ගැන හිතුවත් මම නම් එහෙම හිතන්නේ නෑ. හිතන්නේ උපන් දිනයක් කියන්නේ දුක් වියයුතු දිනයක් නෙවෙයි මම , සතු‍ටු වියයුතු දිනයක් කියලයි. :)

      Delete
  18. සුබ උපන් දිනයක් හිරුෂ පුතාට,අවුරුදු ගානකින් පවුලම එකතුවෙලා ඉන්න නිසා අම්මටයි තාත්තටයි ගොඩක්ම සතුටු ඇති.
    මුළු පවුලටම වාසනවන්ත අනාගතයකට අපෙන් සුබ පැතුම්.
    හෙන්රි,උඹට උත්තර ලියලම ඇතිවෙයි මචං අදනං.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලපේ, මචං. උඹලගේ පවුලටත් වාසනාවන්ත අනාගතයක් පතනවා.
      කතාව ඇත්ත. මම තාම උත්තර ලියනවා ටික ටික.
      කොල්ලා කටින් ස්තුතියි කිව්වට, ඌ උත්තර ලියන්න හොරයි භාෂා ගැටලුව නිසා. :))බොහොම ස්තුතියි

      Delete
  19. හිරූෂ මල්ලිට සුබ උපන්දිනයක් කියල ප්‍රාර්ථනා කරන ගමන්ම ඉදිරි අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වී ජීවිතයේ හැමදාම මේ වගේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි DDT ඒ ලස්සන ප්‍රාර්ථනාවට. උඹටත් ප්‍රීතිමත් අනාගතයක් පතනවා.
      දැනට මමම උත්තර දෙන්නම්.

      Delete
  20. සුබ උපන් දිනක් ඩූඩ් මල්ලියාට...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සෙංකෝලේ.

      Delete
  21. පුතාට සුබ උපන් දිනයක් මචං! මටත් ටිකක් අතීතයට යන්න පුළුවන් කම මේ සටහනෙන් ලැබුනා. අපේ දෙමාපියනුත්, එදා මේ වගේ බලා ඉන්න ඇතිද? අදත් ඉන්නවා ඇති! :(

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රයිගම්.

      "ඔබට අහිමි ලොව මා රජකරවා..." මතක් වුනා මචං මටත්.

      Delete
  22. ඩුඩ් ආය එනකොට කලින්ම මට sms එකක්වත් දාල එන්න. ඊ විද්දට නම් වැඩක් නැ සමහර දවස් වලට බැලෙන්නේ නැ. මම තව ගොඩක් කල් මෙහෙ ඉන්න එකක් නැ සමහර විට. ප්‍රීතිමත් කාලයක් වගේ මුළු පවුලටම.

    ReplyDelete
    Replies
    1. නිශාන්ත. උඹටත් පවුලේ සැමටත් ප්‍රීතිමත් අනාගතයක් පතනවා.

      මට පුලුවන්නම් ස්ම්ස් එකක් එවාපංකෝ I'm Nishantha කියලා, මට නම්බර් එක සේව් කරගන්න. මගේ ෆෝන් එකේ හිස්ටරි එක මැකිලා වැඩේ අඤ්ඤකොරොස් වෙලා වගේ තියෙන්නේ.

      Delete
  23. Little birds would be leaving their nest,
    sooner or later and that’s ordained in stars,
    Soaring on to the blue sky so vast,
    Twittering happily to the content of their hearts,

    Beware little one the skies could be rough,
    Buffeting winds would be hurting your wings,
    Knowest thou, whenever you get tired of flying,
    The nest would be waiting with welcoming warmth,


    Happy Birthday Hirusha!!!

    ReplyDelete
    Replies
    1. Thank you very much for this awesome poem, Ravi. You should post this in my English blog where it really belongs. This is simulblogged there in English.

      Delete
  24. පුතාට ශුභම-ශුභ උපන්දිනයක් ! කීවා ඩූඩ්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගමේ හිතවතා. :)

      Delete
  25. සුභ උපන්දිනයක් හිරූෂ.... !

    පුතාගෙ වයස කීයද ?
    අක්ක රටින් කණ්නාඩි 2ක් ගෙනත් දීලද කොහෙද මල්ලිට..

    ReplyDelete
    Replies
    1. මා පබැඳූ මේ පද පෙළ, අද "දහසය වැනි" උපන් දිනය සමරණ අපේ පුත් හිරූෂට පිළිගන්වනවා.

      මට පේන්නේ යසිත් කොලුවටත් කණ්නාඩි කුට්ටමක් ගන්න වෙනවා. :D

      නෑ යසිත්, මල්ලි දාගෙන ඉන්නේ අපි ලංකාවෙන් එනකොට අරන් ආපු කණ්නාඩි කුට්ටමක්. ඇත්තෙන්ම, අනිත් හුඟක් දේවල් වගේම, ඇස් කණ්නාඩිත් ලංකාවේ තරම් ලාබ නෑ මෙහෙවත්, අක්කා ඉන්න රටේවත්

      Delete
  26. බොහෝ කාලෙකට පසුව සිය පවුලම එකට සිටින මොහොතක්.. ඩූඩ් ගේ හිතේ ඇති සතුට මට හිතාගන්න හැකියි. පුතන්ඩියාට සුබ උපන් දිනක් වේවා. සතුට සොම්නස පිරි වාසනාවන්ත අනාගතයක් ඔබ හතර දෙනාටම උදා වේවා.

    ReplyDelete
    Replies
    1. ඔව් නලීන් උඹ හරි. බොහොම ස්තුතියි පැතුමට. උඹ ඇතුලු පවුලේ සැමටත් සතුට සොම්නස පිරි අනාගතයක් පතනවා.

      Delete
  27. හිරුෂ පුතාට සුබම සුබ උපන්දිනයක් !!!!!!! අනාගත බලාපොරොත්තු ඒ හිතන පතන විදියටම ඉටුවේවා කියල කියන්නම්.
    හෙන්රී උඹේ උදාහරණය නම් හරියටම හරි.මමත් මේ ළමයි දෙන්න නැතුව කට්ට කනවා.මොකද කරන්නේ අපි එයාලගේ අනාගතය හදන්න තනියම ඉඳල හම්බ කරන යනකොට එයාල එයාලගේ ජිවිතේ හොයාගෙන යනවා.අන්තිමට අපි ජීවිතෙන් වැඩි කාලයක් තනියම.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මගියා.

      ඒක තමයි පහුගිය කාලේ ඔක්කොම දමලා ගහලා යන්න හැදුවෙ නේද? ඒ දවස ඉක්මනින් උදාකරගන්නට ප්‍රමාණවත් ආර්ථික ස්ථාවරත්වයක් අපිට ලැබේවා.

      Delete
  28. හිරුෂට සුභ උපන් දිනයක් වේවා කියල හදවතින්ම සුභ පතනවා ..ඒ වගේම අක්කටයි මලිටයි වාසනාවන්ත අනාගතයක් පතනවා ....!!! මෙහෙම බෑ හැබැයි අපිට කේක් පාටියක් ඕන :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රෙහානි. කේක් නම් මොනවද! මේ පැත්තේ ආව වෙලාවක හදලා දෙන්න බැරියැ. :)

      Delete
  29. පහුවෙලාආවත්...පාටියට මාවත් එකතුකර ගනීකියල හිතනවා..!

    සුබ උපන්දිනයක්වේවා..!

    හැබැයි තාත්තෙක් වෙන මට හරියට අමතක වෙන දෙයක් තමා ඕය උපන්දින කියන මෙව්ව..!ඒ අතින් ඩූඩ්....!

    ReplyDelete
    Replies
    1. කමක් නෑ බං. ඔන්න ඔහෙ වරෙං.

      බොහොම ස්තුතියි වීයා.

      >>හැබැයි තාත්තෙක් වෙන මට හරියට අමතක වෙන දෙයක් තමා ඕය උපන්දින කියන මෙව්ව..<<

      ඇයි බොල ඔය ෆෝන් කට්ටේ තියෙන්නේ ඉවෙන්ට් රිමයින්ඩර් එකක්.

      Delete
  30. දරු පවුල එකතුවෙලා ඉන්නවා කියලා අහලා හුඟක් සතු‍ටු උනා මචං. කොලු පැංචට ආයෙත් සුබ උපන් දිනයක් පතනවා ...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං. මේ දුර්ලභ කාලයක්.

      Delete
  31. //So full of wit and
    Driving us all nuts//

    :D :D
    සුභම සුභ උපන්දිනයක් වේවා හිරුෂ පුතාට..කාලෙකට පස්සෙ ගෙවුන සතුටුම උපන්දිනය වෙන්නැති නේද?

    ReplyDelete
    Replies

    1. බොහොම ස්තුතියි රූ. ඇත්තෙන්ම ඔව්.


      //So full of wit and
      Driving us all nuts//

      ඔයා ටික වෙලා අහගෙන හිටියානම් කියන කතා! :))

      Delete
  32. Replies
    1. බොහොම ස්තුතියි වයලීනෝ සුභ පැතුමට. මේ අන්තිම පේලියේ එකා නේද? :)

      Delete
  33. පොඩි ඩූඩ් ට සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගිහාන් සුභ පැතුමට. :)

      Delete
  34. පොඩ්ඩට සුබ උපන් දිනයක් වේවා..!

    [im#]http://f1.pepst.com/c/406152/17746/ssc3/home/010/sms-blast/birth_day__10_.jpg_480_480_0_64000_0_1_0.jpg[/im]

    ReplyDelete
    Replies
    1. ෂාහ්! මරු කාඩ් එක. බොහොම ස්තුතියි චන්දන.

      Delete
  35. මල්ලියට සුභම සුභ උපන් දිනයක් පතනවා... (ඩූඩ් අයියා, පුතා මල්ලි)
    තේරුම් ගන්න පුළුවන් කොයි තරම් සතුටක් අක්කටයි, අයියටයි ඇතිද කියලා.. අපේ අම්මි ඔක්තෝම්බර් වෙනකන් ඉන්නවා ඒ සතුට විදින්න..

    ReplyDelete
    Replies
    1. කෙල්ල ගෙදර නැතත් කිරිබතක් එහෙම ඉදෙනවලු ගෙවල් පැත්තේ නේද? දැම්ම රිමයින්ඩර් එකක් දාගන්න ඕනි ඔක්තෝම්බර් මාසෙට. :)

      Delete
    2. බොහොම ස්තුතියි නදිනි. ඔය නෑ දෑකම ගැන අන්න මම උඩ කමෙන්ට් එකක් දාලා තියෙනවා. ගිහින් බලන්නකෝ. :))

      ඇත්තෙන්ම හරිම සතු‍ටුයි.

      ඔක්තෝබර්? ඒ කාලෙට නදිනි ගෙදර යැවෙනවද?

      Delete
    3. ඔව් අයියා ඔක්තෝම්බර් මැද වෙද්දි ලංකාවේ..:D

      Delete
  36. පොඩි දුවගේ සිනා වැලයි,
    පොඩි පුතුගේ කතාපෙලයි,
    පිය බිරිඳගේ සෙනේ විලයි ,
    මගේ නිවන මගේ පැල්පතයි,

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං.

      බොහොම ස්තුතියි ඉවාන්.

      Delete
  37. උඹේ කවි පෙළ දැකලා මට හිතුනේ කවදා හරි මගේ පුතාත් මේ විදිහට අලුත් ලෝකයක් හොයාගෙන යන දවසක් ඒනවා නේද කියලා. ඒ ගැන හිතනකොටත් මොකද්ද වෙනවා බං...

    පින්තූරේ නම් පට්ටයි මචං... මම දන්නෙ නෑ මෙතන ඉස්සර තියෙන්නේ තනිකර මුහුද ද, නැත්නම් වෙන මොනාහරිද කියලා, හැබැ‍යි, මුහුදේ විශාල බව පේන්න, ක්සිතිජ රේඛාව පේන්න වගේ composition එක වෙනස් වුනා නම්, මේක මීට වඩා උඹේ කවියට ගැලපෙනවා.

    දුවත් උඹේ අඩිපාරේ යනකොට උඹට සතුටු ඇතිනේද? ළමයෙක් කවියක්, කතාවක් ලියනවා කියන්නේ මට නම් මාරම වටින දෙයක්. මචං මම දැක්ක තවත් දෙයක් කියන්නම්, උඹ වරදවා ගන්නෙ නැති බව මට ෂුවර්. දුව පලවෙනි වර්ස් එකේ රයිම් වෙන විදිහට ලියලා තියෙන්නේ (සිංහල කවි වල එළිසමය වගේ). දුව ඒ රටාව දිගටම ගෙනිහින් නෑ. ඉංග්‍රීසි කවි වල මේක කරන ක්‍රම කීපයක් තියනවානේ. (උඹ මට වඩා හොඳින් ඒක දන්නවා ඇතිනේ). මම යෝජනා කරන්න කැමතියි, :) ඒ ආකෘති හදාරන්න පොඩ්ඩක් දුව ව දිරි ගන්වනවා නම්. එහෙම ආකෘතියකට හිර වෙන්න ඕනෙ කියල එතනින් අදහස් වෙන්නේ නෑ.

    හතවෙනි වර්ස් එකේ lfe > life කරපං ඉඩක් ලැබුණාම...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං. ඉස්සෙල්ලම කලේ life හදපු එක බ්ලොග් දෙකේම.

      ඇත්තෙන්ම මට කවි හදන්න දක්ෂකමක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ මචං. කවියක් හැදුවත් ඒක නිකං prose ලියනවා වගේ අයාසයක් නැතිව ගලාගෙන එන්නේ නෑ. දූගේ කවිය ගැන උඹ කියපු දේ ඇත්තක් තියෙනවා. එයා මුලම stanza එක හිතලා රයිම් කලා නොවෙන්නත් පුලුවන්. කොහොම වුනත් එයා මේක ලිව්වේ මම වගේ අමාරුවෙන් නෙවෙයි, මල්ලිත් එක්ක රණ්ඩුවෙන ගමන් ෆෝන් එකේ කොට කොට, ගේ පුරාම දුවන ගමන්, විනාඩි කීපයකින්. ඒක ලියපු වේගයට මෙහෙම තියෙනවා හොඳටම ඇති. :D නමුත් මේ බව කියන්න ඕනෙ ගෙදර ගියාම.

      මචං, අර ට්‍රොලියේ ගන්න පුලුවන් හොඳම angle එක ඕකයි. මම තව හත අටක් ගත්තා එක එක විදියට. නමුත් උඹ දන්න දන්නවනේ මේක බිසි තැනක්. වටේටම බෝට්‍ටු. තව පොඩ්ඩක් එහායින් breakwater එක. ඊට එහායින් නැව්. ඊටත් එහායින් අවට දූපත් පේනවා. එතකොට ඔය අදහස ගන්න බෑ. ක්ෂිතිජයක් නෑ කොටින්ම. මේ තමයි මචං කවියට ගැලපෙන එකම ෂොට් එක.

      Delete
  38. සුභ උපන්දියනක් වේවා.. හිරුෂට.. අක්කා එවපු සුභ පැතුමත්ඒ වගේම විශේශයි.. රජ පවුලක්.. ජය වේවා..

    ReplyDelete
    Replies

    1. බොහොම ස්තුතියි දේශකයා. අක්ක එවපු පැතුම් නෙවෙයි බං, අක්කා ඇවිත් ඉන්නේ. :)

      Delete
  39. හප්පට සිරි අයියේ,මල්ලිගේ උපන්දිනේ 28 ද එහෙනම්.
    සුහ උපන් දිනයක් වේවා හිරුෂ මල්ලිට.d-)
    අනික් එක ඩුඩ් අයියේ උඹ දන්නවාද පළවැනි ලෝක යුද්ධය පටන් ගත්තෙත් ඔය ජුලි 28 වෙනිදාවකනේ.c-)
    ඇයි බං අනික මම ඉපදුනෙත් ජුලි 28 වෙනිදාවකනේ.y-)

    ReplyDelete
    Replies
    1. දෙයියෝ සාක්කි! මනෝජ් ඉපදුනෙත් ජූලි විසි අටද? මුලින්ම
      සුභ (ප්‍රමාද වූ) උපන් දිනයක් අපේ මනෝජ් කොලුවට!)
      "Very Happy belated Birthday!"

      හැබෑටම ලෝක යුද්දේ පටං ගත්තෙත් ජූලි 28කද, ඈ? වෙන්නත් ඇති බං. මූයි අක්කයි ගෙදර ඉන්නකොට ලෝක යුද්දෙ වගේ තමයි. මම වෙලාවකට කියනවා ඔය හැටි සද්ද කරන්න එපා අහල පහල මිනිස්සු පොලිසියට කතාකරයි කියලත්.

      Delete
    2. බොහෝම ස්තුතියි ඩුඩ් අයියේ.
      එහෙනම් පරිස්සමින් ගෙදර හිටු.ඔය කාල බෝම්බ,මිසයිල් එහෙම පිපිරෙන්න බැරි නැ හිටි ගමන්..:D

      Delete
  40. My heartiest greetings dear son !

    ReplyDelete
  41. My heartiest greetings dear son !

    ReplyDelete
    Replies
    1. Thanks veru much, dear Weni.

      Hope you are better now.

      Delete
  42. උපන් දිනේට නම් ඉතින් බිලේටට් විෂස් තමයි... කමක් නැහැ නේ...

    දරුවෙක්ගේ උපන්දිනයක් කියන්නේ දෙමවුපියන්ගේ නැවත ඉපදීමක් වගේ. මුලින්ම දරුවා ගේ මුණ දැක්ක දවසේ දැනුණ හැඟීම් වල තියෙන ප්‍රභලබව අවුරුද්දෙන් අවුරුද්ද දැඩි වෙනවා. මේ ගැන පොස්ටුවක් ලියන්න හිතන් මම අද හිතන් හිටියේ. හෙටම ලියන්නම්කො.
    මටත් ඔය වගේ නිමිති ඇති වෙලා තියෙනවා ඩුඩ්... ඒවා හරියට තමන්ට සිද්ද වුනා වගේ පුදුමාකාර සමීප බවක් දැනෙනවා... ඒ වගේ වෙලාවට ලියපු දේවල් ඇත්තටම වෙන ය වෙරදිය හිතල තියෙනවා ඒවා මගේ අත්දැකීම් කියල... හි.. හි...
    ඔයාගේ ඒ පින්තුරේ දැක්කම ඩුඩ් මට ඇති උනෙත් ඒ වගේ වියෝගයක් වගේ හැඟීමක්... හැබැයි ඒක තාත්තෙක්ට වඩා සමීප උනේ තනිකඩයෙක් ට

    ReplyDelete
    Replies
    1. බිලේටඩ් වුනාට විෂස්නේ! බොහොම ස්තුතියි උපේක්ෂා.

      >>දැක්ක දවසේ දැනුණ හැඟීම් වල තියෙන ප්‍රභලබව අවුරුද්දෙන් අවුරුද්ද දැඩි වෙනවා. මේ ගැන පොස්ටුවක් ලියන්න හිතන් මම අද හිතන් හිටියේ. හෙටම ලියන්නම්කො.<<

      ඒක තමයි අර ලියලා තියෙන්නේ නේද? අපි ‍රැව‍ටුනත් එක්ක.

      ඔව්. එහෙමත් හිතන්න පුලුවන් තමයි. කොහොමත් උපේක්ෂා, ඔය ගුවන් තො‍ටුපොළවල්, දුම්රිය නැවතුම් පොළවල් එහෙම හරිම සංවේදනා දැනෙන තැන් මටත්. පිටත් වෙලා යන කෝච්චියක්, ප්ලේන් එකක් දැක්කාම මට හිතට බරක් දැනෙනවා.

      Delete
    2. අනේ අප්පා මටත් දැනෙනවා නොවැ එහෙම හරිම දරාගන්න බැරි හැඟීමක් ඒ තැන්වලදී..... මම හිතන් උන්නේ මට විතරයි ඒ පිස්සුව කියලා.. බලනකොට මෙන්න හෙන්රියත් ඉන්නවා!!!! ( හි.. හි.. හෙන්රිය කිව්වේ යාලු ෆිට් එකට හොඳේ..... කමක් නැහැ නේ?)
      මට උස බිල්ඩින්, කෙලින් තියෙන පාරවල් දිගේ වේගෙන් යනකොටත් මහා වියෝවක් දැනෙනවා.... ඒ වෙලාවට ඈතින් වලාකුලක් තිබ්බත් එක නිමිත්තක් වෙනවා.... හි.. හි... ඒ වගේ එක නිමිත්තක් ඇති මට නවකතාවක් ලියන්න උනත්...

      Delete

  43. Very Happy belated Birthday Hirusha putha!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. Thank you very much for the wishes, Kammala.

      Nice to see you.

      Delete
  44. මුළු පවුලටම සුභම සුභ වේවා..

    මේ සතුට හැමදාම තියෙන්නෝනි මචං.. !

    ජය !

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සෑම් ඒ ප්‍රාර්ථනාවට.
      උඹටත් ජය!

      Delete
  45. හිරුෂ මල්ලිට සුබ උපන්දිනයක්..

    පවුලෙ හැමෝම එකට ඉන්න දවසක් කියන්නේ හරිම සතුටු දවසක් නේ. අපේ ගෙදර පස් දෙනාගෙන් මම විතරයි අඩු එහේ :(

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සයුරි.

      ඇත්තට? මම හිතාහිටියේ සයුරිගේ පවුලේ හැමෝම ඉන්නේ එකට කියලා. :(

      Delete
  46. පමා වෙලා අවාට සමාවෙයං ! මටත් ඉන්නෙ කෙල්ලයි කොල්ලයි.. අවුරුදු හතරකින් දෙන්නගෙ උපන්දිනවලට එකට නෑ. කෙල්ල නං තනියම.. ගෙදර ආ දවසට මල්ලිට රජ මඟුල්.. මට හිතාගන්න පුලුවන් කොල්ලාගෙ සතුට.. පුතාගේ අනාගතය සරු සාර වේවා කියල පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සරත්. ඒක මට හිතාගන්න අමාරු නෑ. දෙයක් ලබාගන්න දෙයක් කැප කරන්න ඕනැනේ.

      Delete
  47. හොඳටෝම පරක්කුයි ..ඇත්තටම ලිපිය නම් කියෙව්වා එදාම .කමෙන්ටුවක් කොටන්න වෙලා නැති වෙලා . නමුත් හිතේ තිබුණ මේ ගැන ..

    පුත්තරයට ලස්සන අනාගතයක් පතනවා . ඒවගේම ඔබේ සොඳුරු කැදැල්ලේ සදා සතුට ඉතිරේවා කියායි මගේ හදපිරි පැතුම

    ReplyDelete
    Replies
    1. බින්දිටත් බොහොම ස්තුතියි සරත්. ඔයාගේ පවුලටත් සුබ අනාගතයක් පතනවා.

      Delete
  48. අද තමයි කලකට පස්සේ ආවේ. හිරූෂ මල්ලියට\පුතාට මාත් සුභ පතනවෝ!
    (හැබෑට ඩූඩ් ඕකනෙ ප්‍රශ්නෙ, මගේ මල්ලිලා නංගිලා ඉන්නවා අවුරුදු 15,16 හැබැයි මගෙන් ඉගෙන ගන්න අවුරුදු දහ අටේ විස්සෙ ළමයින්ටත් මම පුතා කියනවා. ලස්සන වැඩේ තමයි මේ ළඟදි 1987 ඉපදිච්ච එක්කෙනෙක්ටත් පුතා කියලා කතා කරලා තිබ්බා. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. දැන් නම් හිතාගෙන ඉන්නෙ නම කියලා කතා කරන එක හොඳයි කියලා. තාම ගමේ කමට වැඩිමල් අයට නම කියලා කතා කරනකොට ඒක අමුත්තක් දැනෙනවා!)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලකීට. මගේ මාමණ්ඩියා ඉන්නකොට එයාගෙත් පුරුද්ද තමයි ඕනේ කෙනෙකුට පුතා කියලා කියලා කතා කරන එක. ‍ෆිලිං ස්ටේෂන් එකකදි "ලීටර් දහයක් ගහන්න පුතා," කියලා කියන්නේ සමහර විට එයාගෙම වයසේ කෙනෙකුට.


      නමින් කතා කරාම හුඟක් ප්‍රශ්ණ වලින් නිදොස්. යම් කෙනෙක් අකමැතිනම් විතරක් වෙන්රක් වෙන විකල්පයක් හොයාගන්න එකයි තියෙන්නේ. ඔන්න මම අකමැති නෑ. :))

      Delete
  49. සුභ උපන්දිනයක් වේවා මල්ලී (මල්ලී වෙන්න ඕන) :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මානවිකා.

      ලඟකදි මොකුත් ලිව්වෙත් නෑ නේද?

      Delete
  50. පුතාට සුබ උපන්දිනයක් කියලා පැතුවා කියන්න Dude...

    සුදු නැන්දා...(කළු සහ සුදු..)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කලු සහ සුදු. මම එහෙමම කිව්වා. :)

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>