Wednesday, August 7, 2013

88. කටට බ්‍රේක් නැති විදුහල්පති සුපිරිපාල.


පහුගිය පෝස්ට් එකේ දාපු කතාව පැත්තක තියෙද්දි උඹලා හුඟ දෙනෙකුට ඕනෙ වුනේ අර පොත මොකක්ද කියලා දැනගන්න.  ඒ නිසාම, මට කාලෙකට කලින් ලියපු මේ කතාව මට මතක් වුනා. මේ කතාව කියවපු සරත් ලංකාප්‍රිය නම් කතා නායකයව  පෞද්ගලිකව හඳුනනවා වෙන්න ඇති කියලා සරත් එදා දාපු කමෙන්ට් එකෙන් මට හිතුනා. මට ඒක හරියට ම කියන්න අමාරුයි.

අපි හුඟ දෙනෙක් කරන රස්සාව ගෙදර ගෙනියන්නේ නැති වුනාට සමහර රස්සාවල් සමාජය විසින් 24/7 රස්සාව කරන පුද්ගලයගේ කරේ පටවලා තියෙන්නේ.  නීතිය, අධ්‍යාපනය එයින් සමහරක්. ඒකේ හරි වැ‍රැද්ද කෙසේ වෙතත්, මේක පෞද්ගලික නිදහසට නම් බාධාවක්.

උඹලා කවුරුහරි ගුරුවරුන්ගේ ළමයි නම් මම කියන දේ උඹලට තේරෙනවා ඇති. අම්මා, තාත්තා ගුරුවරු වීම නිසා අහිමි වෙන දේවල් අතර, නිදහස ඉහලින්ම වැජඹෙනවා. ගුරුවරුන්ගේ ළමයින්ට ඉස්සෙල්ලම කොක්ක අදින්නේ ගුරුවරු.

"ෂික්! බලන්න නිර්මලා, ඔයාගේ අම්ම ටීචර් කෙනෙක් වෙලත් ඔයා හැසිරෙන හැටි! බලන්න අර චරිත් කියන එකා කියපු කතාව.  ඒ වුනාව උගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු!"

මම ගුරුවරයෙක් නිසා ඩෙනිම් ඇඳගෙන උගන්නන එකත් සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඇත්තෙන්ම, මම ජීවිතේට අපේ ගමේ ඉස්කෝලෙක උගන්නන්න හිතුවේවත් නැති ප්‍රධාන හේතුවක් මට ෂෝට ගහගෙන කැමති විදියක පාරේ යන්න තිබ්බ නිදහස මට ඕනේ වීම.

හරි. දැන් යමු කතාවට.







අම්පාරේ ඉස්කෝලෙක වැඩ කරපු විදුහල්පති සුපිරිපාලතුමා සුපිරිම ඩයල් එකක් තමයි. මම හිතන්නෙ, ගම නම් මොර‍ටුව හරි පානදුරේ හරි. සුපිරිපාලතුමා මගෙ ප්‍රින්සිපල් නොවුනට, මට නිතර මුණ ගැහෙනෙවා, මොකද, මම උමේෂ් මුණ ගැහෙන්න නිතර ඒ ඉස්කෝලෙට යන නිසා .


උඹ, බං, දියං, පලයං කියලා තමයි  සුපිරිපාලතුමා සාමාන්‍යයෙන් කතා කරන්නෙ. හැබැයි ආදරේට. ඇත්තටම ඒ මිනිස්සුන්ගෙ බොක්ක හොඳයි. දෙපිටකාට්‍ටු වැඩ නෑ. බෙලි කැපිලි නෑ. හිතන්නෙත් සම්ප්‍රදායික ක්‍රමයට නෙවෙයි. හැබැයි කටට බ්‍රේක් නෑ. නිසි තැනට අදාල උත්තර කොහෙන් කටට එනවද කියලා දෙයියෝ තමයි දන්නෙ. ඒ උත්තරෙත් ඇද බාන්නෙ කිසි කලබලයකින් තොරව, ඇඟට පතට නොදැනි, කූල් පිට. ප්‍රතිඵලයත් හරියට මල්ටි බැරල් එකෙන් ගැහුවා වාගෙ. හැබැයි පොර හිනාවෙන්නෙ නෑ. අහගෙන ඉන්න
නුයි බඩවල් අල්ලගෙන හක්ක පනින්න හිනාවෙන්නෙ. මේකෙන් අදහස් වෙන්නෙ නෑ සුපිරිපාල තුමා ජෝකර් කෙනෙක් කියලා. පොරට මාර පෞරුෂයක් තිබ්බා.

දවසක් කට්ටිය වටවෙලා ඩ්‍රින්ක් එකක් දානවා. ඒ කාලෙ මතට තිතක් තිබ්බෙත් නෑනෙ. ඔන්න කට්ටිය දැන් කියෝනවා. අද බයිට් එක චූනා නොහොත් සංගීතය උගන්වන නාරද.

“ඒයි නාරද," ඒ සුපිරිපාලතුමා බයිට් කෑල්ලක් කටට දාගන්න ගමන්. “මම කීප දවසක් බලාන හිටියෙ. මොනාද බං උඹ අර ළමයින්ට  සංගීතේ කියලා උගන්නන්නේ?”

“ඇයි සර්? මොකද?” නාරදයත් ඇහුවා ඇස් ලොකු කරගෙන.

“නෑ බං. උඹ උගන්නනෙ බෝල මියුසිකුයි, පෙට්ටි මියුසිකුයිනෙ.”

දැන් අපි කාටත් කුතුහලේ මොකක්
මේ අලුත් genre දෙක කියල දැන ගන්න.

“මෙන්න මෙහෙමයි මූ උගන්නන්නෙ.
ස……(අත්ලවල් සමාන්තරව පහලට ගෙන එමින්)
රී…(අත්ලවල් සමාන්තරව පැත්තට ගෙනයමින්)
උඹ පෙට්ටියක්නෙ බං පෙන්නන්නෙ.
දැන් අනිත් උන් හිනාවෙනවා. නාරදයා එච්චර කැමති වුනේ නෑ මේකට.

“හරි, ඒ පෙට්ටි මියුසික්නෙ. බෝල මියුසික් මොනවද? මම නිවීයන ගින්නට පිදුරු ටිකක් දැම්මා.

“මෙන්න මූ දවසක් සින්දුවක් උගන්නනවා ගෑනු ලමයි කට්ටියකට, අත් දෙකෙන් මෙන්න මෙහෙම පපුව ඉස්සරහා බෝල දෙකක් කරකවකව.”

“මොකක්ද මචං මේ බොසා කියන සීන් එක?” එතකොට උමේෂයා ඇහුවා

“යකෝ මං ඉගැන්නුවෙ 'ඕලු නෙලාලා' සින්දුව. එහෙම නැතුව ඕලු පෙන්න
න්නෙ කොහොමද?” නාරදයා දැං ගොරවන්නෙ අපිට.

දැං කට්ටියම බක බක ගාල හිනාවෙනවා. නාරදයට මල.

“යකෝ,  ඒ සින්දුවෙ තියෙන්නෙ ඕලු මල් විතරක්යැ බං. ඕලු නෙලාලා, මාල ගොතාලා තවත් මොනවද කරනවා නේද? උඹ මුලු සින්දුවෙම කලේ බෝල කරකවපු එකනෙ.”

නාරදයගෙ මූණ රතුවෙනව දැක්ක මම මාතෘකාව වෙනස් කලා.

සුපිරිපාලතුමා හැමෝවම බයිට් කරන නිසා, මම බුවාව බයිට් කරන්න හිතාගෙන මෙහෙම ඇහුවා. (මගෙත් කට එච්චර හොඳ නෑයි කියලයි අනිත් උන් නම් කියන්නෙ.)

“මොකක්ද සර් මේ වැඩේ තේරුම?”

“මොන වැඩේද බං?” සුපිරිපාල තුමා සීරුවෙන් තව ෂොට් එකක් වීදුරුවට වක්කරන ගමන් පිළිතුරු දුන්නා.

“සර් බැඳපු මිනිහෙක් නේද?” මං ඇහුවා. දැං ඔන්න හැමෝගෙම ගොසිප් ඇන්ටෙනා මේ පැත්තට හැරුනා.

“ඔව්. ඉතිං උඹට මොකද තියෙන අමාරුව?”, කියපු සුසිරිපාලතුමා ගිණිවතුර ෂොට් එකක් උගුරෙන් පහලට ඇරියා. ඊට පස්සෙ මූන ඇඹුල් කරලා, කඩදාසි නැප්කින් එකකින් කට පිහදාගෙන, අර ලා කොල පාටට හුරු අලුපාට ඇස් වලින්, මගෙ මූණ දිහා බලං ඉන්නවා.

“ඉතිං මොකක්ද සර් ඔය වැඩේ තේරුම? සර් මෙහෙ. වයිෆ් අරෙහෙ පානදුරේ. කසාද බැන්දට වැඩක් තියෙනවයැ?”

“මූ කියන කතාව ඇත්ත.” සුපිරිපාලතුමා දිග සුසුමක් හැරලා නැප්කින් එක ගුලි කරලා පිඟානට අතෑරියා.

ඊට පස්සෙ වටේටම ඉඳගෙන ඉන්න අපි කට්ටියම ආවරණය වෙන විදියට වටේටම ගෙන ගිය ඇස් අන්තිමේදි මා ගාව නතර වුනා.

මගෙ ඇස්දෙක දිහා එක එල්ලෙ බලාගෙන පාපෝච්චාරණයක් කරන විදියට ඉතාම දුක්මුසු හඬකින් මෙහෙම කිව්වා.

“මං පොඩි කාලෙ බං හරියට බලු පූට්‍ටුවලට ගල් ගහලා තියෙනවා. ඒවා තමයි දැං මට ඔය හම්බ වෙන්නෙ.”

ඇත්තටම, මට හිනා ගිය පාරට මගෙ ඩ්‍රින්ක් එක නහයෙන් එලියට ආවා. සුපිරිපාලතුමා ගානක් නැතුව උඩ බලාගෙන තව බැදපු මස් කෑල්ලක් කටට දමාගෙන හපන්න ගත්තා.


තවත් දවසක සුපිරිපාලතුමයි, උමේෂුයි, මමයි ගියා යාලුවො වගයක් බලන්න චමරියකට. අම්පාරෙ චමරි වැහි වැහැලා. ඕන් කට්ටිය එකතු වෙලා වැල ‍ෆිල්ම් එකක් බලන්න. ඕවා ගේන්නත් ඒ දවස් වල එක පොරක් සල්ලි එකතුකරගෙන යනවලු කල්මුණේට.

කොහොම හරි බලන කොට, එතන ඉන්නවා නගරෙම ඉන්න වැදගත්, පරිපාලන, ව්‍යාපාරික, එකී නොකී සියලුම අංශ නියෝජනය වන සාමාජිකයෝ.

‍ෆිල්ම් එක විතරක් නෙවෙයි, බෝතල්-කීතල්ද, අරකද-මේකද හැම එකම. අපිව දැක්ක ගමන් ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන එක මුදලාලි කෙනෙක් කියනවා,

“යකෝ මේ අපේ විදුහල්පති තුමානෙ. ඉතිං බලන්නකො, අපිත් අපේ ළමයි යවනවනෙ ඔය ඉස්කෝලෙට!”

පොර ඒක විහිළුවට කිව්ව වුනත්, මටත් ඒක තදින්ම වැදුනා. මොකද අනිත් කෂ්ටියත් ඒකට පොඩි සපෝට් එකක් වගෙ දුන්නා. අපේ ගෞරවය එහෙම්පිටින්ම ‍රැඳිලා තිබ්බෙ අපේ ශ්‍රේෂ්ඨ, ජ්‍යේෂ්ඨ, විදුහල්පති තුමාගෙ බ්‍රේක් නැති කටේ.

“මේ මුදලාලි මහත්තයො,”සුපිරිපාලතුමා කියනවා. “මං මේ කට්ටියටමයි කියන්නෙ.”

දැන් කට්ටියම ඔලු හරවලා අපි දිහාට.

“මේ විදුහල්පතිවරු කියන්නෙත් අමුතු ජාතියක් නෙවෙයි. විදුහල්පතිවරුත් තමුසෙලා වගේම රෑට @#$%!”

කට්ටියම හොල්මං. කට උත්තර නෑ. අනාගෙන ගහන්න උරුක් කරපු 
මඩ ගුලි එහෙමම බිමට වැ‍ටුනා. මඩ ව්‍යාපෘතිය පටංගත්ත තැනම අවසන්. කට්ටියම හිනාවෙවී ආපහු තම තමන්ගෙ කතාවල් පටන් ගත්තා. අපිත් ෂොට් දෙකතුනක් දාගෙන, වැලත් බලල, අපේ චමරිවලට ගියා.




Originally published @ මට හිතෙන හැටි.

129 comments:

  1. අඩේ හැබෑටම උණුත් එහෙමද බන් ? මම ඒත් කල්පනා කළා ඕකුන්ට ළ... :D

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං කියන්නෙ.????

      Delete
    2. කෝ කියන්නේ සිත්තරේ නේද සෙන්නා? ඒක ලෙඩ දෙන්න ගත්තා. ඉතින් පොඩි වඩු වැඩ වගයක් කලා.
      ළ... කියන්නේ ළමයි. ඉතිරි ටික උඹ හිතාගනිංකෝ වීයා. :))

      Delete
    3. සිත්තරේනම් තිබුනා බන් මම බලනකොට... කෝ කිව්වෙ මාතෘකාව..

      Delete
  2. සුපිරිපාල සුපිරි පොරක්නේ අයියේ... :D

    ReplyDelete
    Replies
    1. ඒ නිසා තමයි මම පොරට සුපිරිපාල කියන අනවර්ථ නාමය දැම්මේ. ගැලපෙනවා නේද ඩිල්ෂාන්? :D
      Welcome!

      Delete
  3. Replies
    1. වැඩේ හැටියටයි නම දැම්මේ නාඩියා.

      Delete
  4. අප්පට මගේ කටට හපන්නේ බං අයියේ ඌගේ කට

    ReplyDelete
    Replies
    1. 'කට නැත්තං බල්ලොත් ඇදං ගිහිල්ලා මූව!' කියන ප්‍රකාශය උඹ නිතරම අහනවා වගේ. :D

      Delete
    2. කව්ද කියපන් උඹේ කටට බැනපු එකා, දැන්ම ගිහින් ඇන්කර් ටිකක් පොවන්න.

      Delete
  5. සමහර විට දැන් එතුමා විශ්‍රාමික වෙන්න ඇති..ඒත් ඒ දවස්වල උන්දැලව දාලකොහොම රටක් රාජ්ජෙක ගියාද බං..!!! රස ගුලාවක්නෙ.

    සත්තකින්ම..ඕයවගේ අත්දැකීම් මටත් තියෙනව...ගමේ කෙනෙක්ගෙ මගුලකට ගිහින් ෂොට් එකක් දාන්න බෑ..බලන්නෙ අමුතු විදියට. ෂෝටක් ගහන් පාරෙ යන්න බෑ...ටවුන් එකට පයින් ජොලියට යන්න බෑ....හැටහුටාමාරක් මග දිගට අහන්නෙ...ඇයි..මචං..හදිස්සියක්ද..?? කියල..!$#@$%$%%%$

    අනික මගේ හොඳම යාලුවෙක් ඉන්නව..විද්‍යා ගුරෙක්..! ඌට වාර විබාග වල ප්‍රශ්ණ පත්‍ර 350ක් බලන්න තියෙනව කිව්ව..දවස් දෙකට..හිතපන් කොච්චර මානසික පීඩනයක්ද කියල..කොහොම හරි නිවාඩු දෙන දවසෙ බලල ඉවර කරන්න එපෑ...!

    ReplyDelete
    Replies
    1. සමහරවිට නෙවෙයි දැන් විශ්‍රාමික වෙන්න ඕනේ.

      ඒකනේ කියන්නේ. ගුරුවරෙයෙක් වුනාම ඔයිට හපන්. හැබැයි මම දන්න ගමේ පොරක් හිටියා ඌ නම් ජීවිතෙන් බාගයක්ම වගේ කාණුවේ. මතට තිත තියන්න කලින් පොර නිතරම බයික් එකෙන් වැටිච්ච ගමන්මයි. නහය කට ගන්න දෙයක් නෑ. බේබද්දෝ පවා අධික බීමත් කමට උදාහරණය හැටියට ගන්නේ අහවල් සර්ව තමයි. :)

      Delete
    2. මමත් සාමාන්‍ය පෙළ සිංහල විශයට උපකාරක පන්ති ගිය සර් කෙනෙකුත් ඔහොමම තමා. උගන්නන එක වගේම දැනුමත් ඉතින් උපරිමයි. එක පාරක් චිත්‍රපට සම්මාන උළෙලක ජූරියෙත් හිටියා. හැබැයි ඉතින් බොනවා නෙමේ නානවා. සමහර දවස්වල පාරෙ වැටිලා ඉදලත් තියනවා. ඔය බේබදුකම හින්දාම අකාලයේ ජීවිතයෙන් සමුගත්තා.

      Delete
    3. ඩුඩ් ගේ මිත්‍ර අපේ පැත්තේ ගුරුතුමාගේ මිත්‍රයත් ඔහොම තමා. එක පාරක් බයිසිකලේ පිටින් වැටුන පාරේ තිබ්බ හෙන පත වලකට. ඊටම දවස් ගානකට පස්සේ තුවාල පිටින් බයික් එකේ යද්දී ආයෙම වැටුන කියන්නකෝ ඒ වලටම එතනින්ම!!!

      Delete
    4. @ Alexander Cage: ඒකත් එහෙමද ඇලෙක්ස්? යාලුවා නෙවෙයි, යාලුවගේ යාලුවා හන්දා හිත හදාගත හැකි.

      @ ගිහාන්: සමහරු බොන්නේ ඒක ලෝකෙ තියෙන අන්තිම බීම වීදුරුව වගේ. අනික ඒක අර සෝෂල් ඩ්‍රින්ක්, ආතල් ඩ්‍රින්ක් ස්ටේටස් පහුකරලා තනිකර පෙරේත ඩ්‍රින්ක් එක බවට අප්ග්‍රේඩ් වෙලා.

      Delete
  6. ඔය වැල ෆිල්ම් ගැන නම් කතා කෝටියයි. වෙලාවක ලියන්නම්. මෙහේ අය තාම අප්සට් එකේ ඉන්නේ. අදත් මරණයක් ඉස්සුවා...

    ReplyDelete
    Replies
    1. අපිත් මුලින්ම සිද්ධිය දැනගත්තෙත් උඹලගේ බ්ලොග් වලින්. ඊට පස්සෙ ගොසිප් සයිට් සහ පත්තර බැලුවා. ඇත්තෙන්ම මව්බිම ගැන කවදත් අහන්න තිබ්බේ කම්පාවෙන සිද්ධි තමයි.

      Delete
  7. සුපිරි කතාව, උඹේ අනික් බ්ලොගේ මම අසාවෙන් කියවපු එකක් මේක. ඒ දවස්වල කොමෙට් කරේ නැහැ. සිංහල කොටන්න දැනගෙන උන්නේ නැති නිසා.

    ReplyDelete
    Replies
    1. එහෙමත් කාලයක් තිබ්බා නේ? මම කියන්නේ කමෙන්ට් කරන්න සිංහල බැරිව හිටපු?
      අද උඹ කොච්චර දුර ඇවිත්ද?

      Delete
  8. //මං පොඩි කාලෙ බං හරියට බලු පූට්‍ටුවලට ගල් ගහලා තියෙනවා. ඒවා තමයි දැං මට ඔය හම්බ වෙන්නෙ//
    මං නම් ඕවා දැක්කට හිතලම ගල් ගහන්නේ නෑ බං.

    මොනවා වුනත් සුපිරි පාල නම් සුපිරිම ප්‍රින්සිපල් කෙනෙක්

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com

    ReplyDelete
    Replies
    1. හොඳයි පරිස්සම් වෙන එක.

      මම දුලාගේ අඩවියට ගිහින් තියෙනවා මුලදි. අර කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ කතාව හෙම කියෙව්වා.

      Delete
    2. අඩේ දුලා, ඩූඩ් ගේ බ්ලොග් එකට ඇවිත් කොමෙන්ට් එකේ වැඩ නොකරන ලින්ක් දාලා ඩූඩ්ට අපහාස කරන්න එපා බං.

      Delete
    3. එහෙම කියන්න එපා බං ඉවාන්.

      දුලා, මෙහෙමයි බ. ලින්ක් එකක් දාන්නේ උඹේ එකට.


      <a href="dulageadawiya.blogspot.com"> දුලාගේ අඩවිය | Dula's Place </a>

      Delete
    4. නෑ බං මම කිව්වේ උඹේ කොමෙන්ට් බොක්ස් එක ලග ඔය හැම වැඩ කෑල්ලක්ම දාන හැටි කියලා තියෙනවනේ,ඒකයි

      Delete
    5. කොහොමද අයියෙ අර ලින්ක් එක, ලින්ක් එකක් නොකර අකුරු ටිකක් විතරක් කළේ?

      Delete
    6. ඇයි බං මම අර පල්ලෙහා දීලා තියෙන්නේ "නාගන්නේ නැතිව HTML දාන්න" කියලා. ඒක ඔබලා බලලා තේරෙන්නෙ නැතිනම් අහපංකෝ. ඒක HTML escape tool එකක්

      Delete
  9. හපොයි..විදුහල්පති තුමා මාර මනුස්සයෙක්නේ..අර මියුසික් වල වෙන වෙන හැඩ නැද්ද කියලා බලන්න ඕන අමරදේව මාස්ටර්ගෙවත් සින්දුවක් අහලා..

    ReplyDelete
    Replies
    1. තව හැඩ තියෙනවා රූ. මම චෙක් කලා ඒ දවස් වලම. හුඟක් හැඩ හොයා ගත්තෑකි! :))

      Delete
  10. //“මං පොඩි කාලෙ බං හරියට බලු පූට්‍ටුවලට ගල් ගහලා තියෙනවා. ඒවා තමයි දැං මට ඔය හම්බ වෙන්නෙ.”//

    මේ කතාව ඇත්ත වෙන්නෝන. ඔව්වා මේ ආත්මෙදිම ඵලදෙන අර දිට්ඨ දම්ම වේදනීය ගොඩට අයිති වෙන පාප කර්ම ලු :)

    ReplyDelete
    Replies
    1. මොනවා? මේක අයිලාස්ගෙන් අහලා බලලා සැක හැර ගන්න ඕනේ.

      Delete
    2. ඒ කියන්නෙ වයසට ගියාම බලුපූට්ටු වලට ගලක් ගැහැව්වට අවුලක් නෑ...

      Delete
  11. බලු පූට්ටුවලට ගල් ගහපු කතාවනම් .... සිරාවටම වදිනවා වගේ

    ReplyDelete
    Replies
    1. කතාව සිරාවට වදින්නෙ උඹ ගහපු ගලුත් වදින්න ඇති. :D

      Delete
    2. නෑ නෑ මම කියුවෙ මෙතන හුඟදෙනෙක් ඔය කෑල්ල අල්ලගෙන කමෙන්ට් කරපු නිසා. මම ඉස්සර ඉඳන්ම ගල් ගහන්නෙ නෑ පූට්ටු දකිනකොට "සංසාරෙන් එතරවෙන්න දෙන්න දෙපැත්තට අදිනවා" කියන සිංදුව මතක් කරනවා. හැබැයි මට පෙන්න බෑ බල්ලො පාරෙ මලපහ කරන එක. අන්න එතකොටනම් ගල් ගහනවා.

      Delete
    3. මචං එහෙම කරන්නේ බලාගෙන මචං. එහෙම කරපු කොල්ලෙකුට අර බෙට්ට දාගන්න බැරුව දැන් සති ගානක් දුක් විඳිනවා අර නිදහස් සිතුවිලි හිතන රවියගේ 'ගුරුවරියක සමග ජීවිතය' කියන පඳුරු තැලිල්ලේ. හයියෝ ඌ විඳින දුකක්!

      Delete
    4. බල්ලෙක් රෙන්න හදනකොට ගලකින් ගැහුවම ඌ බෙට්ට ඩබල් එකේ දාලයි දුවන්නෙ. ඒ නිසා රෙන බල්ලොන්ට ගල් ගහපු එවුන්ට මල බද්දය නෙවෙයි හැදෙන්නෙ ක්ෂණික මෝචනය ( හරියටම කිව්වොත් ක්ෂණික මෝචනය මල පහ මොඩල් )

      Delete
  12. විදුහල්පතිලා සම්බන්ධ කතාවලින් මම අහලා තියන ලස්සන කතාවක් මේ. එක ඉස්කෝලෙක හිටියා වීචාරකයා, හෙන්රියා, අටමා, සෙන්නා, වගේ මහා ආනාදී කොල්ලෝ සැට් එකක්. (අම්මා......... නාකි විචාරකයත් කොල්ලෝ සැට් එකකට නමදාගෙන කියලා එකෙක් හරි කිව්වොත් බලාගෙනයි) මුන්ට ගණන් උගන්නන ටීචර් හරිම ඇණයක්. කොල්ලොටික දවසක් සැට් වෙලා හාෆ්ශීට් එකක ලොකුවට පුරුෂ ලිංග පද්ධතිය ඇඳලා, ටීචර් ගේ පුටුවෙන් තිබ්බා, චුවින්ගම් ගාලා. ටීචර් මේකත් පස්ස පැත්තේ එල්ලගෙන පීරියඩ් එකක් දෙකක් ඇවිදිද්දී තමයි තව ටීචර් කෙනෙක් දැකලා 'අයියෝ ඔය මොකක්ද' කියලා පෙන්නුවේ. ටීචර් අඬාගෙන ගිහින් නැවතුනේ ලොකුමහත්තයා ළඟ. ටීචර් පැමිණිලි කළා අහවල් පන්තියේ වල් කොල්ලෝ තමයි මේක කලේ කියලා. ලොක්කා ඇහුවා දැන් කොච්චර වෙලාද නෝනමහත්තයෝ ඔය වැඩේ වෙලා කියලා. පීරියඩ් එකක් විතර ඇති කියලා ටීචර් උත්තර දුන්නා. ලොක්කා කියනවා අනේ නෝනා මහත්තයෝ, නෝනමහත්තයා ඕක එල්ලගෙන හිටියේ එක පීරියඩ් එකනෙ, මම මේ අවුරුදු 52 ක් තිස්සේ එල්ලෙගෙන ඉන්නේ. කියලා.

    ReplyDelete
    Replies
    1. මෙහෙ ඔය ගුරු මේසේට පු‍ටුවට එහෙම වැඩි සැලකිල්ලක් නෑ ලංකාවේ වාගේ. ගුරු පු‍ටුව කියන්නෙත් ඔය ළමයි ඉඳගන්නවා වගේ ප්ලාස්ටික් පු‍ටුවක්. කොහොමත් ඕකේ ඉඳගන්නෙත් බොහොම කලාතුරකින්නේ.

      ඒ පු‍ටුවේ (අපායේ නෙවෙයි ඈ) පැන්සලෙන් ඇඳලා තියෙනවා ඔය විචාරක කිව්ව ජාතියේ එකක් ගානට ස්ථානගත කරලා. මම ඕක දැකලා ඒක දිහා ඇස් පුංචි කරලා බලනවා දැන් කට්ටිය බලාගෙන. එකිනෙකාට හොරෙන් ඉඟිමරනවා, මට නොපෙනෙන්න වෑලමිටෙන් අනිනවා, හිනා තද කරගෙන ඉන්නවා.

      "මේක 5S පු‍ටුවක්නේ ළමයි. "

      දැන් අර ඉඟි බිඟි නැවතිලා ප්‍රශ්ණාර්ථයක් හැම එකාගෙම මූණුවල.

      "ඒ කියන්නේ සර්?"

      "ඒ කියන්නේ ළමයි, 5S ක්‍රමය පිළිපදින තැන්වල අඬුව, මිටිය, කොස්ස, මොප් එක වගේ දේවල් වුනත් නියමිත තැන තමයි තියන්නේ. අපි හිතමු අඬුව මිටිය වගේ දේවල් වුනත් තැන් මාරු නොවෙන්න ඒ අදාල තැන්වල ඒවා එල්ලන්න ඇණයක් ගහලා අවුට්ලයින් එක ඇඳලයි තියෙන්නේ. ඒකයි මේක 5S ක්‍රමයේ පු‍ටුවක් වෙන්නේ."


      එහෙම කියලා මම ෆෝන් කැමරාව අරං ඒකේ ෆෝටෝ එකකුත් ගත්තා.

      Delete
    2. සුපිරිපාලය මෙතනනේ ඉන්නේ. ඉස්සෙල්ලා පස්ල් එකක් පිරෙව්වා. දැන් 5S.

      Delete
  13. නියමයි....මේක කියවන කොට කෙලින්ම ඔලුවට ආවේ රවී ලියපු අමා එකේ විජේපාල මහත්තයාව.මේ වගේ මිනිස්සු නැති එක ලොකු පාඩුවක්.බලු පූට්ටු ගැන කිව්වාම මතක් උනේ අපේ තාත්තාව.මම අපේ තාත්තා ගැන ලියලා තියනවා.දවසක් බලු පූට්ටුවක් අපේ ගෙයි මිදුලේ.බැල්ලි කෙඳිරි ගානවා.බල්ලා බලු වෙලා කන් කඩාගෙන එයා කරපු දෙයක් වගේ නොවෙයි ගානට ඉන්නවා.අපි පොඩි එවුන් බලන් ඉන්නවා.අම්මා කලබල වෙල වතුර ජෝග්ගුවකුත් අරගෙන ගේමට ලැස්තියි ආච්චිත් එක්ක.තාත්තා සුපුරුදු ලෙස පොඩි අඩියකට සෙට් වෙලා හිටියේ තනියම.සිද්ධිය දැක්කා අම්මා ලඟට ගියා"දයා කැත වැඩ කරන්න එපා.උන් දෙන්නා වැරදි රෙස්ට් හවුස් එකකට ඇවිත් තියෙන්නේ.ඔයාට මතකද ඒ දවස්වල අපි දෙන්නත් ඔහොම තැනකට ගිහිල්ලා කොල්ලෙක් ජනේලයක් අස්සෙන් බලන් හිටියා.කොච්චර කැතද?වැඩේ කරගෙන යන්න දෙන්න.පොඩි එවුන් ගෙට අරන් දොර වහන්න"අම්ම හිනාවුනාද,ඇඬුවාද මට මතක නැත.ආච්චී නම් තාත්තාට"ඔය කිව්වේ වනචරයා"යැයි කිව් බව මතකය.
    අපේ තාත්තා ලිංගික නිදහස ගැන හරි ස්වාධීන මතයක් දැරීය.මේ දවස්වල රස්ති බ්ලොග් එකේ ලිංගිකත්වය සම්බන්ධව හොඳ සාකච්ඡාවක්ය.මමත් සම්බන්ධය.ඇවිත් ගියොත් නරක නැත.

    ReplyDelete
    Replies
    1. මරු කතාව. අරූගේ අඩවියේ දාන්න පුලුවන් බ්ලොග් පෝස්ට් එකක්නේ. රස්ති බ්ලොග් එක කිව්වේ? රස්තියාදුකාරයාගේ දිනසටහන්ද? නෑ නේද? මොකක්ද අරූ ලින්ක් එක?

      Delete
    2. http://rasthiyadukarayamo.blogspot.co.uk/මෙහෙම ලින්ක් දාන එක කරදරයි නේද?වැඩ කරන ලින්ක් එකක් දාන්නේ කොහොමද කියන්නකෝ සමාවෙලා.සුපිරි සරළ විදිහට නම් වඩා හොඳයි.අයි ටි දැණුම බින්දුවයි.

      Delete
    3. මචං අරූ, තව පහලට ස්ක්‍රෝල් කරලා කමෙන්ට් බොක්ස් එකටත් යට තියෙන විස්තරවල් අන්තිම එක බලාපං.


      ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න." කියලා ලියලා ඇති.

      <a href="LINK HERE"> WORDS HERE</a>

      දැන් මේ ලින්ක් එක දානවානම් මෙහෙම දාපං.

      <a href="http://rasthiyadukarayamo.blogspot.co.uk/"> රස්‍තියාදුකාරයා a>


      එතකොට මෙහෙම පේනවා.

      රස්‍තියාදුකාරයා | Rasthiyadukaraya

      Delete
    4. TAN Q කිකිළිRY

      Delete
  14. ආයෙත් ඩෙනිමේ කියෙවුවා මේ පෝස්ට් එක,එපා උනේ නෑ සුසිරිපාල සෑර්ගේ කතාව

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩිලාන්. උඹ මට හිතෙන හැටි කියවපු බව මම දැනගෙන හිටියේ නෑ.

      Delete
  15. කටවල්නම් මෙන්න කටවල් සුපිරි කටක්නේ ...අර අන්තිමට කිව්ව වචනේ මොකක් වෙන්න ඇත්ද රෑට ..හු ද ?

    ReplyDelete
    Replies
    1. රෑට නිදාගන්නවනේ බං. වෙන මොනවද? :)

      Delete
    2. ඩූඩ් ත් රෑට නිදාගන්නවැයි ඉතිං?

      Delete
  16. සුපිරිපාල මහත්තය සාමාන්‍ය ගුරෙක් හැටියට අපේ ඉස්කෝලෙට එනකොට මං හිටියෙ නමයෙ..මට මතක හැටියට. හෙන්රි කියන හැටියට නම් එයාම තමයි .ඇස් කොලපාට වගේ අළුපාටයි. දක්ෂයි . මතක හැටියට පත්තරවලට කවිත් ලිවුවා. එක කවි පෙලක හෙඩිම මට මතකයි " මේ දම් දිවයිනද ලොකු ගැටළුවකි මට " කියල රටේ අපරාද ගැනයි ලිවුවෙ. අපරාද කිවුවට ඉතින් මාසෙකට වරක් වගේ ඔය පයාගල පැත්තෙ මිනිහෙක් මරපු එක තමයි.. අද වගේ දවසට විසි තිස් ගානක් මරන කලාවක් තිබ්බෙ නෑ ඒ කාලෙ.ටිකක් වපරයි වගෙ පෙනුනෙ ඇස් වල පාට නිසා වෙන්න ඇති.ආ ගමන්ම වගේ ලොකු පන්තියක හිටි ලස්සන අක්කා කෙනෙක් එක්කයි යාළු උනේ. ඕක අපි දැන ගත්තෙ එයාගෙ යාළුවො එයාගෙ කුඩේ නමල තියෙනකොට ෆෝල්ඩ් අස්සෙ සුපිරිපාල කියල ලියල ඒක එයා දිගෑරගෙන යනකොට ඔක්කොම දැක්ක නිසයි.. මට මතක හැටියට සර් එයාව බැන්දා. එයාගෙ චරිතෙ මේ ජොලි පැත්ත තියෙන්න ඇති.. හෙන්රි ඉස්කෝලෙ උගන්නන කාලෙ එයා උසස්වෙලා ඉන්න ඇති.

    ReplyDelete
    Replies
    1. >> මට මතක හැටියට සර් එයාව බැන්දා. <<

      සුවර් එකටම අර ගල් ගහපු කතාව කියන්න නැතුව ඇති... :D

      Delete
    2. බොහෝවිට අපි දෙන්නම මේ කතා කරන්නේ එකම චරිතය ගැන වෙන්න පුලුවන්. මටත් මුන ගැහුනේ මගේ ගුරු වෘතියේ පළවෙනිම අවුරුද්දෙදි. ආශ්‍රය කලෙත් ඒ අවුරුද්ද විතරයි.

      බොහොම ස්තුතියි මචං.

      Delete
  17. මගේ කටත් කරුමෙට සුපිරිපාලගේ වගේ හැකර කටක්... හැක්

    ReplyDelete
    Replies
    1. අපි නොදන්නවයැ උඹේ කට ගැන. හැක් හැක්.

      Delete
  18. මොකද්ද මචං අර රෑට කරනවා කිව්වේ.. ඒක පේන්නෙ නෑනේ.... මොනවද වෙන අකුරු වගයක් වැටිලා... නිදියනවද?

    ReplyDelete
    Replies
    1. නිදියනවා බං. උඹ හිතුවේ?

      Delete
  19. සුපිරිපාල කිව්වේ විදුහල්පති ලා ගැන විතරයි නේද?

    ඒ දවස්වල හිටපු ඉංගිරිසි ගුරා ලා මොනවද දන්නෙ නෑ රෑට කෙරුවේ?

    ReplyDelete
    Replies
    1. අපිත් අධයාපන සේවයේ හන්දා අධ්‍යාපන පරිපාලන සේවයට මුවාවෙලා ෂේප් වුනා කකා.

      Delete
  20. රස්සාවෙන් පරිබාහිරව පුද්ගලය මනිනවට මම නං කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඔව් බං. රස්සාව ජානමය දෙයක් නෙවෙයිනේ.

      මම බොන්නේ නැති එක වෙනම දෙයක්. නමුත් අපි දෙන්නට ඕනේ නම් අඩියක් පුඩියක් ගහන්න, පොඩි සද්දයක් දාන්න පුලුවන් වෙන්න ඕනෙ, නැද්ද?

      Delete
  21. මේක උඹ ලියපු හොඳම කතාවද මන්දා....? කොහොම වුනත් ඒ වගේ මිනිස්සු එක්ක වැඩ කරන්න ආස හිතෙනවා බං, බොරු පඩ ශෝ කාරයෝ වගේ නෙවෙයි එකට තමයි කියන්නේ අව්‍යාජත්වය කියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ ප්‍රින්සිපල් එක්ක මම වැඩ කලේ නෑ බං. මම අහල පහල ඉස්කෝලෙක හිටියේ. මගේ යාලුවා වැඩ කලේ පොරත් එක්ක. මමත් නියම ප්‍රින්සිපල්ලා සෙට් එකක් එක්ක වැඩ කරලා තියෙනවා.

      ඒකටත් එක්ක දැන් වැඩ කරන්නේ පඩ ෂෝ කාරයෙක් එක්ක බං.

      Delete
  22. හෙහ් හෙහ්. ඔය වගේ විහිලු කරන යාළුවො මටත් ඉන්නව. කටේ දිවේ නොගෑවෙන්න කියල දාල, මුකුත් උනේ නැති ගානට ඉන්නව වටේ ඉන්න එව්වො ඉල අදෙනකන් හිනා වෙද්දි. උන තමා නියම විහිලු කාරයො!

    ReplyDelete
    Replies
    1. මුහුදු, මට ඔය වගේ එවුන් දැන් හරීයට මිස් වෙනවා බං. දැන් මං වටේ ඉන්න එකෙකුටවත් ඔය sense of humor එක නෑ. ඉන්දියන්කාරයෝ ඉපදිලාම ඉන්නේ ඒක නැතුවද කොහෙද. ඕනෙ එකක් සිරා ගන්නවා. විහිළුවක් කලොත් විකිපීඩියා එකත් ඕනේ ඒක විස්තර කරන්න.

      Delete
  23. අම්පාරෙ කතා තාමත් උඹ ලඟ තියෙනව නේද මචං,තව ලියපං හරිම රසයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං. නොලියූ කතා හුඟක් තිබ්බට මම ලියන්නේ My Bloggables© විතරයි.

      Delete
  24. හාමුරුරුවන්ගේත් "බ්ලා බ්ලා බ්ලාබ්ලා කිව්වලු" ටයිප් කතාවක් අන්තිම එක...

    ඩ්‍රින්ක් එක නහයෙන් ආව කියන්නේ බෝතලයක් බිව්වා වගේලු.. අපේ එකෙක් ෂොට් දෙකක් දාගෙන වැටුණා.

    ReplyDelete
    Replies
    1. නහයෙන් ආවේ උගුර පහු කරමින් හිටපු ඩ්‍රින්ක් එක බං. :)

      මම අර කතාව දන්නේ නෑ.

      Delete
  25. ඒ දවස්වල අපිට දසවාදයක් උන ඉස්කෝල සර්ලා කොච්චර වටිනා චරිතද කියල දැන් තමයි හිතෙන්නේ .......

    ReplyDelete
    Replies
    1. කොහොම හරි උබ පටුනේ නම කියන එක මග හැරිය ඇ .............

      Delete
    2. උඹටත් ඒ පොතේ නම ගැනමයි සිහිය නේද මැලේ රාළ? ඒක නෙවෙයි, ඔය පැත්තට ආවේ නැද්ද අපේ සිරාගේ කාමරේ සිරා හෙම?

      Delete
    3. එන ඔක්කොමාලාව මට update වෙනවා සිරා තව සති 2කින් විතර හොද ජෝබකට යනවා කියල ආරන්චියි ... දැනට ඉන්ටව් පාස්ලු ...... තව පත්තරේක වේදකොරනගමන් බ්ලොග් ලියන පොරත් මේ දවස්වල මෙහෙ කුණු හොයනවා කියල ආරංචි

      Delete
    4. ෂා! මරුනේ බං. උඹත් අර dude with an ear to the ground නේද? අන්න එහෙමනේ ඉන්න ඕනෙ. ඇපල් කඩන්න නෙවෙයිනම් නියමයි.

      උඹටත් යහපතක්ම වේවා මැලේ රාළ.

      Delete
    5. හි හි හි....... තෙරිමා කසේ .......

      Delete
  26. ෂා සුපිරු පොරක් නෙ

    ReplyDelete
    Replies
    1. එනිසාම හේ සුපිරිපාල නම් වියැ.

      Delete
  27. 50,60 පොරවලුත් වැල බලනවද හැබෑටම :P

    ReplyDelete
    Replies
    1. උඹ ඔය කතාව කියනවා සුසිරිපාලතුමාට ඇහුනානම් උඹ අහගන්නේ අර මුදලාලි අහගත්ත එක වගේම එකක් තමයි.

      Delete
  28. ඔය වගේ ක‍ටේ ගෑවෙන්නෙ නැතුව වචන කියන්න පුලුවං කට්ටියට බොහෝ වෙලාවට ඕන ප්‍රශ්නයක් බේරගන්න පුලුවං.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක නම් ඇත්ත තමයි ප්‍රසන්න.

      Delete
  29. සදරු ගේ (හිස් අහස) ප්‍රින්සිපල් කෙනෙකුත් හිටියා ඔය වගේ සුපරි පොරක්

    ReplyDelete
    Replies
    1. මට මතකයි පැණි වද කඩාපු ගුරුවරයෙක් නම්. ප්‍රින්සිපල් කෙනෙක්...?

      Delete
  30. >>අර ලා කොල පාටට හුරු අලුපාට ඇස් වලින්, මගෙ මූණ දිහා බලං ඉන්නවා.<<
    මට අවුරුදු ගානක් තිස්සෙ තිබුන ප්‍රශ්නයක් තමා ලා කොල පාටද,ලා නිල් පාටද කියල.
    දෙහිඅත්තකණ්ඩිය පැත්තෙ හිටපු කාලෙ පදියතලාවෙ පියදාස මුදලාලි කියල පොරක් එක්ක නිතරම අම්පාර රෙස්ට් එකේ සෙට් වුනා ගොඩක් වෙලාවට එයාගෙ යාලුවො එක්ක.
    ඒ අතර ගුරු පියවරුද සමහර දවස් වල හිටිය.
    දෙක එක ලග නමාගද්දී මුලින් දැක්ක ගුරු සංවර බව කොහේද කියල නැතිව "ගිරව්"හඩ මතක් වුනා.
    බලු පුට්ටු කතාවත් නියමයි හෙන්රි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෙන්ජි. උඹත් නොහිටපු තැනක් නෑනේ බලාන ගියාම. මචං අපිත් හිටියනේ දෙහිඅත්තකණ්ඩියේ අවුරුදු පහක්ම.
      මිස්ට ඇතිපොල අධ්‍යාපන අධයක්ෂ වෙලා හිටියකාලද ඔය?

      Delete
  31. හපෝ අපිට හම්බුන ප්රින්සිපල්ලා මහා නපුරුයි ... ජීවිතේට විහිළුවක් කරයි කියල හිතන්න බෑ ..හැබැයි ඉතිං ඔය වගේ ස්ටාෆ් එකේ අය එක්ක නං විහිළු කරනවා ඇති

    එක්කෙනෙක් හිටිය ,කතාව තනිකර වරෙන් පලයන් උඹ තමුසේ තමයි ...අපිට නං දිරෙව්වෙ නෑ එයාව

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි රෙහානි. ප්‍රින්සිපල් කෙනෙක්ගෙයි ගුරුවරයෙකුගෙයි අතර තියෙන සම්බන්ධය ශිෂ්‍යයෙක් එක්ක තියෙන සම්බන්ධතාවයට වඩා වෙනස් වෙන්න එපායැ. නැතිනම් ඒක වෙනම කේස් එකක් වෙනවා.

      උඹ වරෙං පලයං භාෂාවේ අන්ත දෙකක් තියෙනවනේ. ඒකයි.

      Delete
  32. පුලුවන් නේද? මං දන්න ප්‍රින්සිපල් ල කීප දෙනෙකුත් ඉන්නව.රාජකාරි වෙලාවෙදි නම් බොහොම ගාම්බීරයි. ඒත් අනිත් වෙලාවට හරි ජොලි ලු! සර්ල තමා කියන්නෙ.
    හැබැයි මෙයා නම් ඇත්තටම බ්‍රේක් නැති කෙනෙක්.මට මැවිල පේනව අර දෙවෙනි සිද්දියෙදි කියපු මුදලලිගෙ මූන කොහොම තියෙන්න් ඇද්ද කියල. සහතික ඇත්තනෙ. ගුරුවරු වුනාම හරි අමාරුයි තමා. හැම වෙලාවෙම ප්‍රතිරූපය ‍රැක ගන්න ඕනනෙ. වෙන එකක් තියා ගෙදරත් ඉතින්.

    සමහර වෙලාවට සැමියත්.... ආ... ඔය කතා කරන්නෙ ඉංගිරිස් ගුරියක් නේද.... කියල අහනව. හරි අවාසියි. අදහස් ප්‍රකාශනයට හරියට භාදා ඇති වෙනව.

    ReplyDelete
  33. සර්ලට, මිස්ලට නැති වාසියක් තියෙනව නේද? unofficially ඔය වගේ සෙට් වෙන්න පුලුවන් නේද?

    කෑල්ලක් අඩු වෙලා.

    මං දන්න ප්‍රින්සිපල් ල කීප දෙනෙකුත් ඉන්නව.රාජකාරි වෙලාවෙදි නම් බොහොම ගාම්බීරයි. ඒත් අනිත් වෙලාවට හරි ජොලි ලු! සර්ල තමා කියන්නෙ.
    හැබැයි මෙයා නම් ඇත්තටම බ්‍රේක් නැති කෙනෙක්.මට මැවිල පේනව අර දෙවෙනි සිද්දියෙදි කියපු මුදලලිගෙ මූන කොහොම තියෙන්න් ඇද්ද කියල. සහතික ඇත්තනෙ. ගුරුවරු වුනාම හරි අමාරුයි තමා. හැම වෙලාවෙම ප්‍රතිරූපය ‍රැක ගන්න ඕනනෙ. වෙන එකක් තියා ගෙදරත් ඉතින්.

    සමහර වෙලාවට සැමියත්.... ආ... ඔය කතා කරන්නෙ ඉංගිරිස් ගුරියක් නේද.... කියල අහනව. හරි අවාසියි. අදහස් ප්‍රකාශනයට හරියට භාදා ඇති වෙනව.

    ReplyDelete
    Replies
    1. හැම විදුහල්පතිම එහෙම නෑ නිල් මානෙල්. හුඟක් ඈතින් ඉන්න අය ඉන්නවා. එක එක ගතිගුණ තියෙන අය ඉන්නවා. අනික මෙයා මගේ ප්‍රින්සිපල් නෙවේ.

      එහෙනම් ඔයා ගෙදරදි Home English: Kitchen Version කතා කරනවා ඇති. :))

      Delete
  34. කියවීමට කැමැත්තෝ වන අප විසින් පොත් පත් ගැන හාරා ඇවිස්සීම ගැන උදහස් නොවන සේක්වා!

    අර පින්තූරේ "මගේ ඩෙනිම" කියල ලේබල් කරල තිබුණට මං දැකලා තියෙන ඩෙනිම්වල අර වගේ සාක්කු නෑනේ.. :-?

    --------------
    හප්පේ ... දෙවෙනි පාර කියෙව්වා කියල නෑ. ආයෙත් හිනාවුණා බඩ කොර වෙනකම්.

    “මේ විදුහල්පතිවරු කියන්නෙත් අමුතු ජාතියක් නෙවෙයි. විදුහල්පතිවරුත් තමුසෙලා වගේම රෑට @#$%!” ඇයි අපි? :-))

    ReplyDelete
    Replies
    1. උඹ ඔච්චර කියවලත් උඹ සම්පූර්ණ මිනිහෙක් වුනේ නැති හැටි! කියවන ඒව හන්දමද මන්දා උඹ ඔච්චර කෙට්‍ටු!

      යකෝ, මගේ ඩෙනිම කියන්නේ කලිසමේ ලේබල් එක නෙවෙයි. මගේ බ්ලොග් හංවඩුව! උඹ හිතුවද මම චිත්‍රය ඇඳලා කොටසුත් ලේබල් කරනවා කියලා? උඹලත් එක්ක බෑ බං චිත්‍රයක් වත් ඇඳගෙන මගේ පාඩුවේ ඉන්න.

      Et tu, Brutus?

      Delete
    2. දැන් බලන්න හෙන්රි මහත්තයෝ..., [si="2"](උගුර පාදමින්)[/si] ඔය සීගිරි ලලනාවෝ ඉන්නව නේද? උන්ව නිල් පාටට රිදී පාටට පාට කරලා තියෙන්නේ ඇයි? විජ්ජුලතා කියයි තව මොකක් හරි කියයි. එක්කෙනෙක් කියයි පිදුරංගල වඳින්න යනවා කියලා.තව එක්කෙනෙක් නෑ කියයි. ඇත්තටම කවුද දන්නෙ ඕක ඇඳපු එකාට ලේසියෙන් හොයාගන්න තිබුනේ නිල පාට විතරද කියලා.
      අපි වගේ විචාරක මාත්තුරුත් ඒමයි ඈ....

      te potest intelligere?

      Delete
  35. ඒකත් හරි. ප්‍රින්සිපල් කියල අමුතු සත්ත්වයෙක් යැ. :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං! මේ දවස්වල උඹ ටිකක් නිශ්ශබ්දයි නේද?

      Delete
  36. මචං වාං පතුල් කතාවෙ විමලය මතකයි නේද? දවසක් අපි දවල් ඇවිල්ල නාල එහෙම බත් කනව. ඒ දවස්වල විමලෙ අපෙ චමරියෙන් කෑවට හිටියෙ අල්ලපු එකේ. මෙන්න මූ එනව ගිණි කුන්දමේ බෑග් එකකුත් කරේ දාගෙන කිටක් එහෙම මරාගෙන…

    " මචංලා මම අද ගෙදර යනව.."

    " ඈ? මොකෝ බං හදිස්සියෙ?..."

    " නෑ බං හදිස්සියෙම යන්ට හිතුන.."

    මෙන්න මූ බත් කටවල් දෙකතුනක් කාල දාල දනිපනි ගාල දිව්ව.

    " මොකාද මේකට මේ වැහිච්ච යකා?.." අපි කන ගමනුත් කතා කලා

    කාල පොඩි නින්දක් එහෙම දාල හවස වැඩට යන්ට අපි ආව ක්වාටස් එකෙන් එලියට..

    " හෙහ්, හෙහ්, හේ…." වසන්තය මහ හයියෙං හිනා වෙන්න ගත්ත.

    " මොකද බං?..",

    " උඹල දන්නවද විමලෙ හදිස්සියෙම ගෙදර දිව්වෙ මොකද කියල..ආං බලාපං..අරක දැකල තමයි ඕකට කුලප්පුව හැදුනෙ.."

    විමලෙලගෙ ක්වාටර්ස් එක එහා පැත්තෙ අම්මපට සිරි ගජ….. බලු පූට්ටුවක්!!!

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ වෙඩි වගේ! Inspiration!

      ඈ මචං රවී, උඹ කොහොමද මේ අකුරු බෝල්ඩ් කරලා තියෙන්නේ අර මම දීලා තියෙන ඔප්ෂන් පාව්ච්චි නොකරත්?

      Delete
    2. ඒක කරන විදිහ කියන්ට විදිහක් නෑ බං. කරන විදිහ ටයිප් කලාම බෝල්ඩ් වෙලා එන්නෙ. ..:) :)

      මම ඊ මේල් එකක් එවන්නං බොට.

      Delete
    3. ඒක හරි මචං. බෝල්ඩ් සහ ඉටැලික්ස් දාන්නේ මෙහෙමයි කියලා අර ලිස්ට් එකට එකතු කරන්න මම හිතාගත්තා. Thanks Ravi.

      Delete
  37. ඒකනම් මරුම කටක් තමයි හැබෑටම....

    ReplyDelete
    Replies
    1. මෙන්න බොලේ තොටියා ඇහැරලා! අපි දන්නේ නෑනේ තොටියාස්ගේ කට කොහොමද කියලත්! :))

      Delete
    2. කට අරින්න බැහැනෙ ඒකාලේ...මමත් අර ඩූඩ් කිව්ව ක්ලබ් එකටනෙ වැටෙන්නෙ.(".උඹලා කවුරුහරි ගුරුවරුන්ගේ ළමයි නම් මම කියන දේ උඹලට තේරෙනවා ඇති. අම්මා, තාත්තා ගුරුවරු වීම නිසා අහිමි වෙන දේවල් අතර, නිදහස ඉහලින්ම වැජඹෙනව")
      කට වැරදි ලෙස ඇරියොත් පැය කීපයක් යන්නට මත්තෙන් එහා පැත්තෙ ඉස්කෝලෙ රේඩාර් තිරයේ සටහන් වෙනවනෙ :D..

      Delete
  38. දැන් මේ සුපිරිපාල විදුහල්පතිතුමා ඔයාගේ බ්ලොගේ කියෝනවද? :)

    ReplyDelete
    Replies
    1. ඒක FaceBook, Skype, Twitter, Yahoo Messenger, SMS, Mobile phone යුගය නොවන නිසා මිස්ටර් සුපිරිපාලත් එක්ක කිසිම කන්ටැක්ට් එකක් ඊට පස්සෙ තිබ්බේ නෑ පොඩ්ඩි. කියවනවා නම් එළ කමෙන්ට් ටිකක් දායි.

      Delete
  39. හයියෝ සංසාරේ,සුසිරිපාලනම් මරේ මරු ගුරෙක්නේ..

    කෝ අපිට ඔහොම ගුරෙක් හම්බ උනේ නැහැනේ..:D

    ReplyDelete
    Replies
    1. මනෝජ්, උඹලටත් එහෙම කට්ටිය ඉන්න ඇති. නමුත් උඹලත් එක්ක පිස්සු කෙලියොත් ඒක ගුරුකමේත් අවසානය නිසා ගැන්සියත් එක්ක විතරක් පිස්සු කෙලින්න ඇති.

      Delete
  40. ඔය කියලා තියෙන්නේ දොඹෙන්ම යන්න......

    සුසිරිපාල මහථ්ථ්යාඅ නම් එල පොරක් තමයි. තව එකක්. ගුරුවරුත් දෙපැත්ත කැපෙන කතා කියන්න ගියාම අනිත් වෘත්තිකයන්ට හපන්, හැබැයි සිසු දරුවෝ ඉස්සරහ එහෙම කරනවා අඩුයි.

    වතාවක් අපේ ඉස්කෝලේ එකෙක් කෑල්ල පහේ ටීචර් කෙනෙක්ට විසිල් එකක් ගහනවා තව සර් කෙනෙක් දැක්කා. සර් අපේ එකාව කැඳවලා කණ අඹරන ගමන් උපදෙසකුත් දුන්නා,

    "ඔය වයසට ඔහොම තමයි පුතා. ගෙදර ගිහින් තැඹිලි කොම්බයක් අරගෙන ඒක හොඳට සුද්ධ කරලා අහවල් එක ඇතුලට දාගත්තම ඔය ගතිය හරියයි...."

    ReplyDelete
    Replies
    1. කට නැතුව කරන්න බැරි රස්සා කීපයක් තියෙනවනේ බං. නීතිඥයා, ගුරුවරයා, තෙල් බෙහෙත් වෙළෙන්දා, සේල්ස් රෙප්, යනාදී වශයෙන්.

      අර කතාව නම් පොඩ්ඩක් සැර වැඩියි වාගෙත් එක්ක. :-O

      Delete
  41. ලැබ් එකේදි එහෙං මෙහෙන් පෝස්ට් ටික කියෙව්වට කමෙන්ට් කරන්ඩ බැරි උනා ඩූඩ්...
    සුපිරිපාල ප්‍රින්සිපල් වගේ අදුරන අන්කල් කෙනෙකුත් ඉන්නවා... පැය බාගයක් කතාකරොත් බඩ කොරවෙන්ඩ හිනා වෙන්ඩ පුළුවන්. :D

    ReplyDelete
    Replies
    1. ලැබ් එකේදි කිව්වාම මට නොයෙකුත් චිත්ත රූප මැවුනා. පස්සේ හිතුවා language lab එකකදි වෙන්න ඇති කියලා. මම හරිද?

      Delete
    2. නැත නැත. IT ලැබ් එකේදී...
      මටත් ඒක වැඩිය ගානක් ගියේ නෑ... පුරුද්දට ටයිප් වුනා... :D

      Delete
  42. අන්තිම කතාව නම් මතකයි ...ඇත්තටම ගුරුවරු කියන්නේත් මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. ඒකනේ බින්දි. සිරකරුවෝද මනුෂ්‍යයෝ කියලා මතක් වුනත් ගුරුවරුද මනුෂ්‍යයෝය කියන එක මටත් අමතක වෙනවා අප්පා. :)

      Delete
  43. හික්ස්... බලු පූට්ටු කතාව තමා මරු... :D

    ReplyDelete
    Replies
    1. ඉගෙන ගනිල්ලා පාඩමක්. :D

      Delete
  44. නියම ගුරෙක් නේ. අපේ කට්ටියත් මේ වගේද දන්නේ නෑ. අපේ තාත්තා නම් ගෙදර එත්දී ඔය විදුහල්පති කම් ඉස්කෝලේ තියලා එන්නේ. අදත් සාමාන්‍ය මිනිහෙක් විදියට ගමේ ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තත් මෙච්චරම දරුණුවට නැතුවට, කොරවෙන කතා කියනවා කියලා තමයි දන්න හැමෝම වගේ කියන්නේ.

      Delete
  45. අම්මේ ..බඩ .. ගුරුවරුනම් අන්න ගුරුවරු මමත් ඔය වගේ ඩයල් කීපයක් ආශ්‍රය කරා. කටවල් නම් ඉතින් වක්කඩ වගේ තමයි. මගෙත් කට ඔය වගේ හින්දා දැන් නම් කතා නොකරන ගානට වහගෙන ඉන්නේ වෙන මොකුත් නෙවේ දැන් ඉන්න එවුන්ට කතාව අස්සේ තියන කතාව තේරුම් ගන්න බැරි හින්දා එන්නේ කොක්කටමයි.

    ReplyDelete
    Replies
    1. උඹ කට වහගෙන ඉන්න එක කොහොමත් ලාබයි නිශාන්ත, උඹ කන කෑමේ හැටියට, අර සවුදං ජෙමා වගේ. D

      Delete
  46. //“මං පොඩි කාලෙ බං හරියට බලු පූට්‍ටුවලට ගල් ගහලා තියෙනවා. ඒවා තමයි දැං මට ඔය හම්බ වෙන්නෙ.”//
    අම්මෝ.... මට මගෙ අනාගතේ ගැන බය හිතෙනවෝ.....

    ReplyDelete
    Replies
    1. කරන කලට ප්ව් මිහිරිය මී සේ. :D

      Delete
  47. //මමයි ගියා යාලුවො වගයක් බලන්න චමරියකට//

    චමරිය කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් ආවා ඒත් අන්තිමට ආපහු චමරියට ගියා කියන වාක්‍යය කියෙව්වාම හිතුනා මේ කියන්නේ බෝඩිමක් ගැනවත්ද කියලා ඒත් තාම හරි අදහසක් නෑ අප්පා....

    ඩුඩිතුමාගේ සිත්තරයක් දැක්කේ සෑහෙන කාලෙකට පස්සේ ආයේ ඉතින් කතා දෙකක් නෑ අති විශිෂ්ටයි.. ඇමරිකන් පයි ෆිල්මේ ඉන්න වැලන්ටයින්ද කවුද කියන කෙනාවත් මතක් වුනා මේක දැකලා.කතාව පංකාදුයි බ්‍රේක් නැති කටේ තරම හිතාගත්තෑකි දීලා තියෙන උත්තර වලින් ආයේ ඉතින් කාටවත් කියන්න දෙයක් නැතිවෙන්නම දීලා තියෙනවා..

    අපෙත් ඉන්නවා ඔහොම ඩයල් හැබැයි ඉතින් උන් නානකොට බලාන ඉන්න ආසයි...

    මේ කතා නායකයා පෙට්ටියා කියලා මගෙ යාළුවෙක්... කොළඹ ප්‍රධාන පෙලේ පාසලක එකෙක්... මේකාට තියෙන්නේ අමනම කටක් ඒක අමනයි කියන්නේ පාරෙ තොටේ කියලා නැතිව කුණුහරුප දෙසා බාන නිසා.මේකට ලොකු අවුලක් තිබ්බා මූණෙ තිබ්බ තඩි ලපයක් නිසා ඉස්සර නම් මූණට වඩා ඒක ලොකුයි.ලේසියට ඒ කාලේ කෙල්ලෙක් මේකගේ මූණ බලන්නෑ හැබැයි බැලුවොත් ඒ බලන්නෙ ලපේ දිහා.ඉතින් ඒ වෙලාවට මුට ඉහලම එකෙන් මල පනිනවා...

    ස්කූල් බස් එකේ නැගලා ජනේලෙන් ඔලුව දාලා මොනා හරි කියාගෙන තමයි මේ සෙට් එක ගෙදර එන්නේ ඕං ඔහොම එනකොට දවසක් කලර් ලයිට් එකට සෙට් වෙලා බස් එක නවත්තං ඉද්දි මුගෙ කරුමෙටම බාලිකාවේ බස් එකකුත් අයිනෙම ගහලා.. පෙට්ටියා ඔළුව එලියට දාගෙන කෑ ගහ ගහ ඉඳලා එක පාරටම සයිලන්ට් වුනේ මොකෝ බලන්න බස් එකේ සෙට් එකම ඒ පැත්තට ඔළුව දැම්මම පේනවලු පෙට්ටියා කෙල්ලෙක් දිහා අමන මලකින් රවාගෙන ඉන්න හැටි... කෙල්ලත් ගේම අතනෑර ඊට වඩා බයංකර විදියට මේකා දිහා බලාගෙන ඉඳලා... බස් එකේ සෙට් එක පෙට්ටියගෙන් හොඳ බයිටක් වැටෙනකන් බලන් ඉන්නවලු හූ කියන්න...

    පෙට්ටියා එක පාරටම මුළු පලාතටම ඇහෙන්න ඇහුවලු "ඇයි !@@ තෝ ප@@ බලනනේ" කියලා ඒ අහලා තප්පරයක් යන්නත් කලින් කෙල්ලත් දීලා ඇද්දලු " ඇයි තොගෙ #$ තියෙන්නේ මූනෙද" කියලා.අන්තිමේ බුවා එදා පන්ති ආවේ ඔළුවත් පලාගෙන...

    කෙල්ලගේ ටෝකට බය වෙච්චි ඌට අමතකවෙලා ජනේලෙන් එලියට ඔළුව දාගෙන හිටියයි කියලා එහෙන්ම අනිත් පැත්ත හැරිලා එන්න හදනකොට ජනේලෙ වැදිලා හිල් වෙන්න...

    සමහර වෙලාවට තමන්ට හොඳටම චාන්ස් තියෙනවා කියලා හිතෙන තැනක ඔහොම කට පාවිච්චි කරන්න යද්දි නොහිතන තරම් ප්‍රහාර වලට ලක්වෙන්න තියෙන අවදානම වැඩියි...

    අනික තමා බලු පූට්ටුව ගැන කතාව...

    අපේ ඉස්කෝලෙ හිටපු ප්‍රිෆෙක්ට්ලට සෑහෙන්න වගකීමක් තිබ්බා ඒක ඇවිල්ලා ඉස්කෝලෙ තිබ්බ දරුණුම ඩියුටිය..

    අපේ ඉස්කෝලේ එක මායිමක් තියෙන්නේ වෙල් යායකට මායිම් වෙලා.. ඒ පැත්තේ තාප්පේ ගහක් කඩා වැටිලා නිසා ඒ කාලේ කැඩිලා තිබ්බේ... ඒ ගහ සම්බන්ධවත් කතාවක් තියෙනවා ඒවා පස්සේ...
    ඉතින් ඔය කැඩිච්ච තැනින් ඉස්කෝලෙට තෑගි හම්බුවෙනවා හැමදාම වගේ... බැල්ලියක් පැටව් ගැහුවොත් අනිවාර්යෙන් බැල්ලි පැටව් කෙලින්ම ඉස්කෝලෙටයි එන්නේ... පූසන්ටත් එසේමයි.ඉස්කෝලෙ එවුන්ගෙ කරුණාව නිසා උන් බෝල වෙන්න හැදෙනවා... හැබැයි ඉතින් තියෙන අප්සටම් වැඩේ තමා ඉස්කෝලේ මහ රැස්වීම ගන්න හැමදාකම කොහේ හරි ඉඳන් ජෝඩුවක් ඇවිල්ලා අර කලින් කිව්ව කර්තව්‍ය කරන්න පටන් ගන්නවා හරියටම ගුරු මණ්ඩලේ ඉස්සරහා... අපි පිට්ටනියේ පහල ඉන්නකොට ටීචර්ලා ඉන්නේ පිට්ටනියේ බැම්මෙන් උඩ... ඉතින් මේ එක්සිබිෂනිස්ට් බලු ජෝඩ්ඩ කොහේ හිටියත් රැස්වීම දවසට තමා අදාල වැඩේට සෙට් වෙන්නේ...

    ඉස්කෝලෙ වැඩියෙන්ම ඉන්නේ මිස්ලා නිසාත් ඉන්න සර්ලා ලමයින්ගේ පෝලිම් අතර සැරිසරන නිසාත් ඔය වැඩේට බාධා කරන්න කවුරුවත් උඩ නෑ... එහෙන් මෙහෙන් හූ සද්ද වගේම ඒ ඩබලට හඬ කවන උදවියත් නියමෙටම වැඩේ කරන නිසා එකම කාලගෝට්ටියක් එතන...

    කරුමෙ කියන්නෙ කොහේදෝ ඉඳලා ආපු අපේ සිස්ස නායක සර්ට අහුවුනේ මාවයි මගෙ අහිංසක මිත්‍රයෙක්වයි..දැන් පලයංකෝ හැමෝටම පේන්න අර වැඩේ නවත්තන්න... ඇයි ඉතින් අණ දුන්නම පිළිපදින්න එපැයි..

    පුරුෂ වීරිය හිතට අරගෙන ඔය වැඩේට යනකොට මගෙ මිත්‍රයා කියාපි

    ඌ:අනේ මටනම් බෑ බං ඔය පව් වැඩේ කරන්න උඹ කඩපං මං එලවන්නම්
    මං:පිස්සුද යකෝ මට බෑ තනියෙන් නෝන්ඩි වෙන්න පයින් හරි ගහපන්

    ඌ:උඹට බැඳලා !@#$ ඕන නැතුවට මට ඕනේ යකෝ

    ReplyDelete
    Replies
    1. මේ චමරිය කියන එක අභාවයට ගිය වචනයක්ද, එතකොට? චමරිය කියන්නේ ගැමීස්, තනිකඩයෝ උයාගෙන කන, ජීවත්වෙන ක්වාර්ටර්ස් වලට. අපි නම් ඕවයේ ඉඳලා තියෙනවා අම්පාරේ, දෙහිඅත්තකණ්ඩියේ හෙම වැඩ කරනකොට. මේවා හොස්ටල් හෙම නෙවෙයි හරිද?

      ඒකනේ කියන්නේ. උඹට බ්ලොග් කරන්න පුලුවන් ලස්සන කතා කොච්චර තියෙනවද? උඹලටත් හම්බවෙන කොන්ත්‍රාත්! අර තාප්පේ බඳින්න ශ්‍රමදානයක් දැම්මා නම් ලාබයි කියලා හිතෙන්නේ නැද්ද? :))

      Delete
  48. අඩේ සුපිරිපාලතුමා අදහන්න වටින චරිතයක් බන් . .

    ReplyDelete
  49. //උඹලා කවුරුහරි ගුරුවරුන්ගේ ළමයි නම් මම කියන දේ උඹලට තේරෙනවා ඇති. අම්මා, තාත්තා ගුරුවරු වීම නිසා අහිමි වෙන දේවල් අතර, නිදහස ඉහලින්ම වැජඹෙනවා. ගුරුවරුන්ගේ ළමයින්ට ඉස්සෙල්ලම කොක්ක අදින්නේ ගුරුවරු.//

    හත්තිලව්වයි එහෙනම් අම්පාරටත් පොදු යුනිවර්සල් කතන්දරයක් නේ මේක.. සුපිරිපාල මහත්තයාගේ චරිතලක්ෂණ කියද්දී මට මතක් උනේ අපේ පිසික්ස් සර්, ඒකත් අමර කටක් තමයි.ඇඟට පතට නොදනී අම්ම මෝ නැති කියල ඔහේ ඉන්නවා හිනා පුළුටක්වත් මූනේ නැතුව.


    කාලෙකට පස්සේ(මාස දෙකහමාරක් වගේ) බ්ලොග් අඩවිවලට ගොඩවදිමින් යන්නේ ඩූඩ් අයියේ, බ්ලොග පොස්ටු කෙටිල්ලටත් වාරණ නියෝග පැනවුනා නොවැ,මේ ආවට තාම නියෝග එහෙමමයි. මොකක්! මාව අඳුරන්නේ නෑ? අඃ ආපු ගමන් මුලින්ම කලේ මගේ බ්ලොගේ නම වෙනස් කරලා දාපු එක.. ඔන්න ඇවිල්ල බලන්නකෝ ඩූඩ් අයියේ අලුත් මුහුණුවර කොහොමෙයි කියලා.. මම අර සුදු වැලි පාර කියලා තාත්තාට ලියුමක් ලියපු පෝස්ටුව දාපු කරූ කොලූ. !

    ReplyDelete
  50. මේ දවස් ටිකේ වැඩ වැඩියි ඩුඩ් ,,, මේ පොස්ට් එකත් මග ඇරුනනේ .....
    //“මං පොඩි කාලෙ බං හරියට බලු පූට්‍ටුවලට ගල් ගහලා තියෙනවා. ඒවා තමයි දැං මට ඔය හම්බ වෙන්නෙ.”//
    කකා හිටපු එකත් ඉස්මොල්ලේ ගියා යකෝ :) :) :)
    සුපිරියට ලියල තියෙනව බං , මම දැනට සති තුනකට විතර කලින් පොඩි වැඩක් පටන් ගත්ත , කට්ටියගේ බ්ලොග් සම්පුර්නෙන් කියවල ඉවර කරන එක.අපේ අටං ගේ බ්ලොග් එකයි , චාන්දනගේ බ්ලොග් එකයි කියවල ඉවරයි , තව ඩුඩ් ගේ බ්ලොග් එකේ නං අර පරිවර්තන ටික කියවනවා.
    උඹට මාර හැකියාවක් නෙ බං තියෙන්නෙ ,, සුපිරියි බං ඇත්තමයි ,,,,,
    අර ප්ලේන් එකක රෝද අකිලෙන මෙව්වා එක ඇතුලේ හැංගිලා යන සින් එක නම් නියමයි බං.ඒ කතාව තමයි සුපිරිම එක :)

    ReplyDelete
  51. හෙන්රි අයියා,
    මටත් ගුරුවරයෙක් සම්බන්ද පොඩි කතාවක් තියෙනවා.
    ඔට්‍ටු නැත්තම් අයින් කරන්න. thanz

    මෙන්න ලින්ක් එක - ස්වභාමෑණියෝ...!!!

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>