Sunday, November 3, 2013

99. අපි එහෙමයි, ඈ.

තාම හති අප්පා.

ගෙදර ඉඳලා ඉස්කෝලෙට ඇවිදගෙන යන්න හරියටම විනාඩි දොළහක් යනවා. අද ඉරිදා උඹලට නිවාඩු වුනාට මේ රටවල් වල වැඩ කරන දවසක්නේ.
උදෙන්ම නැගිටලා නාලා, කාලා, ඇඳගෙන එළියට බහිනකොට 6.25යි. ‍ෆින්ගර්ප්‍රින්ට් අහවල් එකට ඇඟිල්ල තියන්න ඕනෙ 6.39 ට කලින්. අද විනාඩි කීපයක් පරක්කු නිසා දීපයි මායි වේගයෙන් ඇවිදගෙන ගියා. පාරට බැහැපු ගමන්ම පේන්නේ ලයිට් කණුවක් ගානේ දාලා තියෙන ජාතික කොඩි. ඒක මේ දවස්වල පුදුමයක් නොවෙන්නේ, ඡන්ද ආතල් එක නිසා පෝස්ටර් ගැහිලි, ජන්ද මීටිං, යකඩ කටෙන් කෑගැහිලි,  කොඩි, කොඩිවැල්, පෙළපාලි  පාරක් පාරක් ගානේ දකින්න තියෙන නිසයි.

"දීපා, බලන්නකෝ මුන්ගේ මොළේ. කොඩිය ලයිට් කණුවේ බඳින්න ඕනෙ නැතිවෙන්න හැම ලයිට් කණුවකම කොඩි දෙකක් දාන්න පුළුවන් වෙන්න හදපු බ්‍රැකට් එකකුත් ලයිට් කණුවෙම තියෙනවා. අර බලන්නකෝ. ඒක හොඳ සිස්ටම් එකක් නේ."

 

"අද පාර පාලුයිනේ," දීපා කිව්වා.

"ඒක තමයි මමත් නෝට් කලේ. අද නිවාඩු දවසක්වත්ද?"

"එහෙම නම් ප්‍රින්සා ටෙක්ස්ට් කරලා කියනවනේ."

මම හොඳට වටපිට බැලුවා.

අනිත් ඉස්කෝල එකකටවත් යන ළමයෙක්වත්, වෙනදට දකින ගුරුවරුවත් කවුරුවත් නෑ.


ඉඳලා හිටලා අපිව පහුකරගෙන යන වාහනයක යන කෙනෙක් අපි දිහා හොඳට බලනවා වගේ අපිට හිතෙන්නේ. පාර අතුගගා ඉන්න ගෑණු කෙනෙත් එහෙමයි.  අපි මීට කලිනුත් තුන් වතාවක් විතර නිවාඩු දවස්වලත් ඉස්කෝලේ ගිහින් තියෙනවා. ;P

ඕකෙ වැඩේ ඉන්දියානුවන්ට වරදින්නේ නැත්තේ, උන් එකෙක් දැනගත්තොත් කට්ටියටම කියනවා. ලාංකිකයෝ වන අපි දෙන්නාට වෙනම ඉංග්‍රීසියෙන් කිව්වේ නැතිනම් අපිට දැනගන්න විදියක් නෑනේ. මොකද අපි දෙන්නට දිවෙහි, හින්දි, මලයාලම්, දෙමල, මරාති, ගුජරාටි තේරෙන එකක්යැ? ඒ නැතත් අපි කොහොමත් අනිත් උන් කතාකරන දේට කණ දීගෙන ඉන්නේ නෑ. උන් කෑ ගහනකොට අපි කණ ඕෆ් කරගෙන කින්නේ. අනික කරුමේ කියන්නේ, උන් කවුරුත් අපිත් එක්ක හොඳින් හිටියත්, අපිට වෙනම නොකියන්නේ, අපි දැනටමත් දන්නවා ඇතියි කියලා හිතාගෙන ඉන්න නිසයි.. ඕපාදූප නොසොයා ඉන්න එකේ අවාසිය ඕකයි.

"මම බොසාට කතා කරලා අහන්නද?" මම ඇහුවා

"එපා, දැන් ළඟයිනේ. "

"නිවාඩුවක් වුනත් කමක් නෑ. ගිහිල්ල බලමු. නැතිනම් අපරාදේ මේ උදෙන්ම නැගිටගෙන. හොඳට නිදියගන්න පුලුවන්කම තිබ්බ දවසේ. මම හරි අමාරුවෙන් නැගිටගත්තෙත්."


කොහොමින් කොහොමින් හරි ඉස්කෝලෙටම යනකල් එකම ළමයෙක්වත්, ගුරුවරයෙක් දකින්න හිටියේ නෑ. වංගුවෙන් හැරෙනකොටම, ඉස්කෝලෙ ඉස්සරහම ගෙදරක ඉන්න ප්‍රින්සිපල්ගේ දොර වැහෙනවත්, ෂර්ට් අතක් අතුරුදහන් වෙනවත් මම දැක්කා. මම දොරට ගහන්න හදනකොටම දීපා කිව්වා, එපා නිවාඩු නෙවෙයි නම් පරක්කුවෙනවා, එන්න යන්න කියලා.

අපි ඉස්කෝලේ ගේට්‍ටුවෙන් හැරෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ප්‍රින්සිපල් මතුවුනා හිනා වෙවී.

"අද නිවාඩුද මිස්ට ....? මොකද අපි එකම ළමයෙක්වත් ගුරුවරෙයෙක්වත් දැක්කේ නෑ පාරෙ," මම ඇහුවා.

"හෙහ් හෙහ් මට ඔය දෙන්නගෙ කටහඬ ඇහිලා දොර ඇරියේ. අද නිවාඩුයිනේ. අද පබ්ලික් හොලිඩේ එකක්."


ඔන්න තුන්දෙනාටම හිනා.

"ඒකනේ. නැතිනම් මෙච්චර කාලෙකට ඔයා අපිට ටෙක්ස්ට් කරලා දැනුම් නොදී ඉඳලා නෑනේ." මම කිව්වා. පොර ඇත්තටම එහෙම කරනවා.

"මට ඒත් හිතුනා එහෙම කරන්නත්. ඒත් මම කල්පනා කලා මේක කැලැන්ඩරෙත් තියෙන හන්දා අවශ්‍ය නෑ කියලා. හෙහ් හෙහ්."

"හරි, දැන් අපි නම් වැරදිලා ආවයි කියමුකෝ. දැන් ඔයා මොකෝ මේ උදෙන්ම ඇහැරලා ඇඳගෙන ඉන්නේ?" මම ඇහුවා.

"මට කතා කරලා තිබ්බානේ අර කොඩිය උස්සන උත්සවේට එන්න කියලා. අද වික්ටරි ඩේ එක නිසා."


අපි ගෙදර එන්න පිටත් වුනා.

"ආ තව එකක්. හෙට වැඩක් කරන දවසක්, නමුත් අනිද්දා නිවාඩුවක් හරිය? ඔන්න මම දැනුම් දුන්නා දැම්මම ජෝඩුවටම, හෙහ් හෙහ්" කියපු ප්‍රින්සිපල් දොරෙන් ඇතුලට ගියා.

ආපහු ඇවිදගෙන ගෙදර එනකොට මිනිස්සු හිනාවෙනවා වගේ පේන්න ගත්තා.

ඉස්සරහ කඩේ පොරට කට පියාගෙන ඉන්නම බැරුව ඇහුවා ඇයි අද
නිවාඩු නැද්ද කියලා.


"නිවාඩු. ඒ වුනාට උදේම තිබුනනේ අර ජාතික ගීය කියලා කොඩිය උස්සලා එන්න. ඒකයි."

"ආ ඒක මිසක්."

(මම ෂෝට ගහගෙන ගිහින් මේ පින්තූර ටික අරගෙන ආවා උඹලා වෙනුවෙන්ම. අපි එහෙමයි, ඈ )

 තාම හති අප්පා.


 Happy Victory Day!


Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers. 









155 comments:

  1. හැක හැක මරු බං , හැබැයි ඔහොම අනපේක්ෂිත නිවාඩුවක් ලැබුනම එක අතකට මරු හැබැයි සමහර වෙලාවට ඇති වැඩකුත් නෑ . ඊළඟ එක 100 පොස්ටුවද ? පාටියක් දානවද?

    ReplyDelete
    Replies
    1. නිවාඩුවේ ආතල් එක තමයි ඉවාන්, උදේට ඇ‍ඳෙන් නැගිටින්න ඕනෙ නෑ කියලා දැනගෙන අනිත් පැත්තට හැරිලා ආයෙම නින්දට යාමට හැකිවීමේ වාසනාව. :)) මම ආසයි නිවාඩුවටත් අලාම් එක තියලා ඇහැරිලා, ඒක ඉග්නෝර් කරලා ආපහු නින්දට යන කෑල්ලට. සතියෙ දවස්වලත් මම පළවෙනි පාර අලාම් එක වැදුනාම ඒක snooze කරලා විනාඩි 10කින් තමයි නැගිටින්නේ.

      Delete
  2. කමෙන්ට් දාල ඩිස්ටබ් කරන්න හොඳ නෑ අනපේක්ෂිත නිවාඩු දවසේ .

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ දාපං රාමා. ආයෙ මොනවා ඩිස්ටර්බ් වෙනන්ද? :)

      Delete
  3. හපොයි :D
    මම ඉස්කෝලේ 12 ශ්‍රේණියේ ඉන්නකොට, 13 ශ්‍රේණියේ වාර විභාග තියන්න ඉඩකඩ ඕන නිසා, 12 ශ්‍රේණියට නිවාඩු දුන්නා... මට මතක නැතුව ඉස්කෝලේ යන්න ඇඳගෙන උදේ පාන්දර ස්කූල් වෑන් එකේ නැග්ගා.
    විභාගෙට යන්න ස්කූල් වෑන් එකේ නැගපු 13 ශ්‍රේණියේ අක්ක කෙනෙක් මගෙන් ඇහුව, "අද නංගිලට නිවාඩු නේද" කියල. ඉක්මනට ස්කූල් වෑන් එකෙන් බැහැගනිපු මම, කිලෝ මීටරයක් විතර ඇවිදගෙන, බිම බලාගෙන, ඉක්මනට ගෙදර ගියා. කඩවල් වල ඉන්න මිනිස්සු, පාරේ ඉන්න මිනිස්සු ඔක්කොම බලනවා, "මේ ළමය ආපහු ගෙදර එන්නේ මොකද" කියල.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ ආතල් එක විඳපු කෙනෙක්. ඕකෙත් මාර ගතියක් තියෙනවා. මම මේ අනපේක්ෂිත නිවාඩුවට, අනපේක්ෂිත බ්ලොග් පෝස්ට් එකකුත් ලිව්වේ.

      Delete
  4. ඒයි මල්ලි..උඹ මේ වික්ටරි ඩේ එකේ වැදගත්ම විස්තරේ ලියල නෑ නෙ බොල..

    1988 ප්ලොට් සංවිධානයෙ සාමාජිකයින් පිරිසක් මාලදිවයිනේ බලය අල්ලගන්ට හැදුව මාලදිවයින් වැසියන් කොටසකගෙත් සහය ඇතුව. අන්න ඒ කුමන්ත්‍රණය පරාජය කරපු එක තමයි අද සමරන්නෙ…

    බොලා දෙන්න අද කෝකටත් ගෙයි දොර හොඳට වහගෙන වංගෙඩියක් තියෙනං එහෙම ඒකත් හේත්තු කරල ඇලට් එකේ ඉඳහං...කියන්ට බෑ නෙව ..මම හිතන්නෙ උන්ටත් මතක නෑ මොකද්ද අද සෙලිබ්‍රේට් කරන්නෙ කියල...බැරිවෙලාවත් මතක් උනොත් එහෙම? :(

    ReplyDelete
    Replies
    1. ඔන්න විකිපීඩියාවෙ තියනවා, හිටපු ප්ලොට් සාමාජිකයෙක් කිව්ව කියලා ලලිත් ඇතුලත්මුදලිගෙ සම්බන්ධයක් මේකට තියනව කියලා. හැබැ‍යි ඔය කාලෙ ලංකාවට මේකෙන් ප්‍රශ්නයක් උණාය කියලා නම් මතකයක් නැහැ.

      Delete
    2. මම අහලා තියනවා එස්ටීඑෆ් එකෙන් බැහැලා තමා ගේම ක්ලෝස් කළේ කියලා. එහෙමද ? නැත්නම් ඒ වෙන එකක්ද ?

      Delete
    3. එහෙම ලියන්නත් තිබ්බා තමයි. නමුත් උඹ ඔය මා වෙනුවට ඒ යුතුකම ඉෂ්ඨ කරලා තියෙන්නේ. ස්තුතියි උඹට රවියා.

      අපි දෙමළ නොවන බව මෙහෙ වුන් දන්නවා මචං. ඒ හන්දා අවුලක් නෑ. :D

      තිසර, සෙන්නා, මම ඔන්න ඔය controversy නිසා තමයි ඔය ගැන මොනවත් ලියන්න නොගියේ. මට ඇත්තටම මතක නෑ ඔය සංවිධානේ ටෙලෝද, ප්ලොට්ද කියලාවත්. ඒ කෙසේ හෝ ඕකට ඉන්දියානු හමුදාව කැඳවලා ආධාර ගත්තා කියලා සටහන් වෙනවා. අපේ සහභාගිත්වය ගැන මම නොදන්න නිසාත්, ඔය තොරතුරුවල විශ්වාසනීයභාවය ගැන මට හරියට කියන්න බැරි නිසාත්, මේ අහක යන කක්කා බාල්දියකට අත නොදා, අපි දෙන්නට වෙච්ච වැඩේ විතරක් ලියන්න තීරණය කලා උණු උණුවේ. :))

      Delete
    4. අනේ පව්! ප්ලොට් සංවිදානෙ නිසා ලැබුන නිවාඩුව අහිමිවුන ලංකාවෙම ඩබලක්!

      Delete
    5. ඔය වැඩේ ඉන්දියාවේ යටිකූට්ටු වැඩක් බව කිහිප දෙනෙක්ම කියා තියනවා. මාලදිවයින අල්ලා ගන්න යටින් PLOT කැරලිකරුවන්ගෙන් කුමන්ත්රනයක් සැලසුම් කරලා, ඊට විරුද්ධව ඉන්දියාවේ කලින් සූදානම් කර තිබූ හමුදාවක් යැවීමෙන් තමයි කුමන්ත්රණය පරාජය කලේ. එයින් උනේ මාලදිවයිනට ඇති ඉන්දියානු බලපැවැත්ම වැඩිවීමයි.

      Delete
  5. දැං ඉස්සෙල්ලම කියහංකො මේකටද, ඊගාවට දාන එකටද 100 වෙනි පෝස්ට් එකට සුබ පතන්නෙ කියල. ආචීව් එකේ දැනටම 100 ක් පෙන්නනව 94 පෝස්ට් දෙකක් තියෙන හින්ද. කමක් නෑ ‍ඔන්නෝහෙ ඊගාව එකටම සුබ පතමු. :D

    යකෝ මුං වික්ටරිය ගත්ත දවසට ගෙවල් අස්සට වෙලා මක් කරනවද? පාරට ඇඳිරි නීතිය දාල වගේනෙ.
    ඔය වගේ නිවාඩු අමතක උනාමනං මල නෝන්ඩියක් කන්න වෙනව තමයි.

    ReplyDelete
    Replies
    1. උඹ පට්ට මීටරයක් බව නැවත නැවතත් ඔප්පු වෙනවා. ඔය අංක කතාව ඇත්ත තමයි බං. ඒක වුනේ මේ පෝස්ට් එකක් අප්ඩේට් නොවිච්ච කේස් එකක් හන්දානේ. අපි ඊලඟ එක 100 කියලා ගම්මු.
      >>යකෝ මුං වික්ටරිය ගත්ත දවසට ගෙවල් අස්සට වෙලා මක් කරනවද? පාරට ඇඳිරි නීතිය දාල වගේනෙ.<<
      මේ මිනිස්සු මහ රෑ වෙනකල් ඇහැරලා ඉඳලා පහුවදාට මද්දහන වෙනකල් නිදාගන්න සූරයෝ. මේ කට්ටිය ඇහැරෙන්න තව සෑහෙන වෙලාවක් යනවා. :)

      Delete
  6. ආපහු එන්න උනත් මොකෝ ඉතිං නිවාඩුව හම්බෙනවා නොවැ...අඩුම තරමේ වැඩිපුර බොලොක්ක ටිකක් කියවලා පෝස්ට් එකක් එහෙමත් කොටාගන්ට බැරියැ... :D

    මට මතකයි ගොඩාක් ඉස්සර නිවාඩු දවසක අමතක වෙලා ඉස්කෝලේ ගිහිං ආපහු ආවා....එදා තාත්තත් උදේම උයලා එහෙම වැඩටත් ගිහින්..ඉතිං මායි අපෙ අයියණ්ඩියි දෙන්නා අමතක වෙලා ඉස්කෝලේ ගියා.. මගදී ඔය විදියට අමුතු බැල්මක් දැම්මා මිනිස්සුත්...ඉස්කෝලේ කිට්ටු වෙද්දිම තමයි කවුරුහරි කීවේ අද නිවාඩු කියලා...c-)

    අපි දෙන්නගේ මොළගෙඩි දෙකට එතකොටයි මතක් උනේ කලින් දවසේ ටීචර් ගෙදර වැඩ කරන්න දුන්නා නේද කියලා නිවාඩු දවසේ....:))

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. නිවාඩුව ලැබුන එකවත් මදෑ. රෙහානි අනිද්දත් නිවාඩු ඔන්න ඈ.
      ඔය තියෙන්නේ. :D
      අපි කාටත් ඔයවගේ අත්දැකීම් තියෙන බව දැනගන්න මෙහෙම බ්ලොග් පෝස්ට් දාන්නම ඕනේ.

      Delete
  7. හෙහෙ හෙහ් හොඳ වැඩේ බොලාට කලින් විස්තර හොයන්නේ නැතිව යනවට.මට නම් ඔහොම නෙමේ බන් යාලුවෝ කිපදෙනේකුගේත් දවස ඉවර කරල තියෙන්නේ මම.මගේ විතරක් නෙමේ ., ඔව් '...

    ඔව්ව කොමොන් මිස්ටක් බොලව් ...ඉදගෙන

    ReplyDelete
    Replies
    1. මොනවද බං මගියා. වැඩට යන්න කලින් විස්තර හොයාබලන්නේ මොකාද, උදේට නැගිටලා වැඩට යනවා මිසක්? :D

      Delete
    2. ඕක කීවට තෙරුන්ගන්නේ නැහැනේ බන් මේ පෘතක්ජන යාලුවෝ !!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  8. නිවාඩු දවසක් ඉතින් හරිම කලාතුරකින් ලැබෙන එකක්නේ. ඔය වගේ අනපේක්ෂිත නිවාඩුවක වටිනාකම ගොඩක් වැඩියි. කැම්පස් එකේ ස්ට්‍රයික් තියන දවස් වලට අපිත් යනවනේ ස්ට්‍රයික් කියල දන්නේ නැතුව. එතකොට නම් එපා වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්ට්‍රයික් කියලා දන්නේ නැතුව කැම්පස් ගියාම 'සටන පාවා දුන්න හොරිකඩයෝ' කියලා කාඩ් එකක් වදින්නේ නැද්ද සිතූ? :))

      Delete
    2. හික්ස්. නෑ. නෑ. එදාට කැම්පස් ගිහින් ලෙක්චර්ස් නොයා ඉන්න ඕනෙ. ඒත් කවුද අප්පා ඔය වගේ නිවාඩු මිස් කරගන්නේ?

      Delete
  9. ඇයි බං උඹල ඉරිදා වැඩ කරන්නේ? නිවාඩු දවසක් නොවේද?

    ReplyDelete
    Replies
    1. නෑනේ බං රයිගම්. මුස්ලිම් රටවල සිකුරාදා සෙනසුරාදා තමයි සති අන්තය.

      Delete
    2. ඉස්සර බ්‍රහස්පතින්දා, සිකුරාදා නේද සති අන්තය?

      Delete
  10. මෙහෙත් ඉරිදා කියන්නේ ලංකාවේ සදුදා වගේ පබ්ලික් හොලිඩේ එකේ වැදගත්කමත් ටිකක් වෙන්න ලීවානම් අපිටත් වටිනවා මන් දන්නා තරමින් 1988 ප්ලොට් සංවිධානයෙ සිද්දියෙන් දිනපු එක වෙන්න ඕනේ සමරන්නේ " …

    ReplyDelete
    Replies
    1. අපූර්වි සාමාන්‍යයෙන් ඔය වගේ දින ගැන උනන්දුවක් දක්වනවා නේද? :) ඔන්න මම උඩ ලියලා තියෙනවා රවීගේ විස්තරයට පිළිතුරක් ඔය ගැන.

      Delete
  11. උඹලට තිබ්බේ ගෙදර නොගිහින් පොඩි රොමෑන්ටික් රස්තියාදුවක් ගහන්න යන්න...

    ReplyDelete
    Replies
    1. අර ලැප්ටොප්, ප්‍රශ්ණපත්තර, වතුර බෝතල් උස්සගෙන මොන රස්තියාදුවක්ද මචං? අනික මේකේ එහෙම රස්තියාදු ගහන්න ඉඩක් නෑ. මම මේ ගෙදර යනකල් බලා ඉන්නේ රස්තියාදු ගහන්න.

      Delete
  12. ඉතිං දෙයියනේ ඊයෙ නිකමටවත් කැලැන්ඩරේ දිහා බැලුවෙ නැත්ද?
    ඔහොම නිවාඩු ලැබුනත් වැඩක් නෑ. කලින් දන්නවා නම් ප්ලෑන් කරලා ෆන් ගමනක් වත් යන්න තිබුනා නේද? (ෆිල්ම් එකක් බලන්න වගේ).
    අර ලයිට් කණුවේ කොඩි ගහන්න හදපු ගැජට් එක මෙහෙ හයි කලොත් චන්ද කාලෙට අපේ උන් කොඩිය දා ගන්න මරා ගනී. අන්තිමට ලයිට් කණුවටත් සොරි තමා. ;-)
    "ඊලග පෝස්ට් එකට පාටියක් දෙනවැයි?."

    ReplyDelete
    Replies
    1. නෑනේ බං.
      අරක නම් පට්ට කතාව. ලයිට් කණුවටත් සොරිම තමා.
      ඒ වුනාට ඔය සෙන්නා පහළ කමෙන්ට් එකක කියලා තියෙන්නේ ඕක ලංකාවේ ලයිට් කණුවලත් තියෙනවා කියලා. මම නම් දැකලා නෑ.

      Delete
  13. පබ්ලික් හොලිඩෙ දවසටත් ක්ලිනික් ගිය කෙනෙක්ලු මම.... ඔහොම තමයි සේවය උතුම් කොට සලකන අය නේද ඩුඩ්

    ReplyDelete
    Replies
    1. අන්න සේවයට කැපවූ අය. ඇත්තෙන්ම අනිත් කොණ, ඔයාලට එහෙම නිවාඩුවක් කියලා එකක් නෑ නේද? නිවාඩුවට කියලා ඉස්පිරිතාල වහන්නේ නෑනේ OPD එක හැර, නේද?

      Delete
    2. ඕ ටී පාර වදිනවා

      Delete
  14. 6.39 ටත් පටන් ගන්න ස්කෝල තියෙනවද ඩූඩ්? මම හිතාගෙන හිටියේ (මම ඉස්කෝලේ ගියේ 7.45 හා 8.00 හා 8.30 වගේ) උදේ පාන්දරම කියලා හිතාගෙන.

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න තිබ්බා රංගි, මෙහෙත් මුල ඉඳන්ම single session ඉස්කෝල තිබ්බා නම්. අපි වැඩකරපු එක ඉස්කෝලෙක සෙෂන් තුනක් තිබ්බා. ඉවර වෙන්නේ රෑ 8.30ට හරි 9.00ට හරි. කොහොමද සනීපේ?

      Delete
  15. මගේ කමෙන්ට් එක නැතුව ගියෝ

    ReplyDelete
    Replies
    1. ආයි දාපං නලියෝ කම්මැලි නොවී. :)

      Delete
  16. ‍අයියෝ... ඩූඩ් අයියට නොතේරුණාට මට මුලින් ලියපු ටිකයි ජාතික කොඩියයි දකිනකොට හිතුණා අද එහේ නිදහස් දවසවත්දෝ කියලා.. හෙහ් හෙහ්... හූදී ජන පහන් සංවේගය උදෙසා හති දාගෙන ආපහු දුවල ගිහින් අපි වෙනුවෙන්ම පොටෝ අරං ආපු එකේ කමෙන්ට් එකක් නොදා කොහොමද?

    ReplyDelete
    Replies
    1. බයි ද වේ... සැන්චොරියට නම් මොනාහරි කරන්න ඕන...
      "“යකෝ ෂර්, අපි ෂර්ගෙ සැන්චොරියට මොනා අරි කරන්ඩෙපෑ බං!”
      "“යකෝ ෂර්, අපි ෂර්ගෙ සැන්චොරියට මොනා අරි කරන්ඩෙපෑ බං!”

      Delete
    2. පරීක්ෂණ නළ ටිකක් එහෙම ලෑස්ති කොරාගෙන ඉන්න වෙයි. :D

      Delete
    3. අනේ තොටියෝ, ජාතික කොඩියයි අනිත් කොඩියි මෙහෙ මේ දවස්වල නිතරම තියෙනවා. ඒකට හේතුව මේ නව වෙනිදට යෙදිලා තියෙන ජනාධිපතිවරනයේ දෙවෙනි වටය නිසා. අපි යන වෙලාවේ ඔය දැන් පේන්න ඉන්න තරම්වත් මිනිස්සු හිටියේ නෑ. මම ගෙදර ආපු ගමන් ෂෝට ගහන් පාරට දුවලා ගෝටෝස් කීපයක් ගත්තේ පාර ජනාකීර්ණ වෙන්න කලින්.

      ප්‍රසන්නයගේ මතකේ!

      Delete
  17. //(මම ෂෝට ගහගෙන ගිහින් මේ පින්තූර ටික අරගෙන ආවා උඹලා වෙනුවෙන්ම. අපි එහෙමයි, ඈ )//

    ෆොටෝ එකක් දාමුනේ. :D

    ReplyDelete
    Replies
    1. ඇයි පොඩ්ඩි ඔය දාලා තියෙන්නේ ඒවා තමයි. හංවඩුව ගැහුවේ නෑ. මොකටද කියලා හිතුනා.:)

      Delete
  18. ඔය රටේ ඉන්ගිරිසි මාධ්‍ය එකක්වත් නැද්ද කලින්ම විස්තරේ දැනගන්න?
    අදවත් ඩෙනිම හෝදන්න.

    ReplyDelete
    Replies
    1. ලෝකල් චැනල්වල යන්නෙම දිවෙහි නිසා අපි අහන්නේ බලන්නේ නෑ. ටීවී බැලුවත් බලන්නේ HBO, Fox Movies Premium, Star World, NatGeo, Sky News, Al Jazeera විතරයි.

      ඊයේ රෙදි හේදුවා. අද මේ බ්ලොග ලියලා Euro Truck Simulator ගැහුවා තුන්දෙනාම,

      Delete
  19. ඔය බ්‍රැකට් එක මෙහෙ ලයිට් කණු වලත් තියෙනවා...හැබැයි ඡන්දෙට පෝස්ටර් ගැහිල්ල නෑ...නගරය හරිම පිරිසිදුයි. ගහ මරා ගැනිලි...ප්‍රචණ්ඩ ක්‍රියා හරිම අඩුයි. ප්‍රචණ්ඩ ක්‍රියා 1 යි මට අන්තිම ඡන්දෙන් වාර්තා වුනේ...ඒ ප්‍රචාරක කාර්යාලයක කොඩි වගයක් ගිණි තියපු කේස් එකක්....

    අපිටත් අගහරුවාදා නිවාඩු...ඔහෙට දීපාවලී ලැබුවෙ ඉරිදද ? මෙහෙ නම් සිකුරාදා හැන්දෑවෙ ඉදන් ගස් යට මේස තියාගෙන බෝතල් කේස් පිටින් ගබඩා කරගෙන දෙමළ කොල්ලො දීපාවලී සැමරුවෙ...ඒවා බලන් ඉදලා අපිටත් හති බොලං...එදා රෑ මම තනියෙන් කාලක් අනුමත උනා.

    ReplyDelete
    Replies
    1. තනියම අනුමත උනා......... නිකන්වත් අපිටත් කිව්වනං නරකයි.... අපි ඔටුවෝ කියලා හිතුවද

      Delete
    2. මැලේ රාළ ඉතිං හැංගි මුත්තන් කරද්දි කොහෙන් පණිවිඩ දෙන්නද ? අඩේ පාට්නර් ඊළග ලිපියෙන් සෙන්චරිය දාන්නද යන්නෙ ? මගේ සුභ පැතුම්..Runout වෙන්න නම් එපා හොදේ....මමත් සෙන්චරිය දාන්න දැන් කිට්ටුව ඉන්නෙ....

      Delete
    3. කාලක් ගැන කියල නිසා මේකට මොනාහරි කොටලම එපයි . . .

      Delete
    4. පට්නර්ලා මෙහෙමද හැබෑටම සලකන්නෙ...හැමෝටම උත්තර දීලා...මට විතරක් නෑ...මේ වේදනාව නැති කරගන්න අද ගහනවා භාගයක්...

      Delete
    5. උඹට මම එහෙම කරනවද මගෙ පාට්නර්. මම මේකට උත්තරයක් දැම්මනේ.ඒක නෑ තමයි.

      මම ලිව්වේ බං. අපිට කොහෙන්ද දීවාලි. මේක එකම ජාතියක්, එකම ආගමක් තියෙන රටක් හන්දා වෙනත් කිසිම ආගමක නිවාඩු, සිද්ධස්ථාන නෑ.

      එතකොට ආයෙම ඇහුවා ඔය මැලේ රාලයා ඇත්තටම උඹ හම්බවුනේ නැද්ද කියලා.

      ඒ කමෙන්ට් එකට මොකද වුනේ කියලා මම තවම කල්පනා කරනවා.

      Delete
    6. සිරාට මාව හම්බවෙලා නැ.... එත් මට සිරා වනම් හම්බවෙලා තියෙනවා බැග් එකත් කරේ දා ගෙන බන්ඩරයා ඉට්ටේසම පැත්තේ ඉදන් පයින් එනවා වැඩට කැප් ස්ක්වයර් එක පැත්තට

      Delete
    7. මේ මැලයා කවුරු උනත් මම දන්න ලගම කෙනෙක් වගේ...තාම මම හරියටම කවුද කියලා දන්නෙ නෑ හෙන්රි අයියා...රාළයා එළියට එන්න භයයිලු...ජීවිත තර්ජන ගොඩායිලු...

      Delete
  20. ඩුඩ් අර විදුහල්පතිව බදා ගෙන ඉඹින්න ආදරයක් එන්න ඇති හිතට ...මට හිතා ගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. හපෝ නෑ JP. පොරට පුලුවන්කම තිබ්බා නම් ඔය නිවාඩුව සිකුරාදාටම දාගන්න අනිවා එහෙම කරනවා. :D
      මං දන්නේ නැද්ද පුතයගේ හැටි!

      Delete
  21. හැකිස්...නැගිටගන්න බැරුව උදේ පාන්දර ඇඳට වෙලා ඉද්දි 'අද නිවාඩු' කියලා අහන්න ලැබෙන එක තරම් සතුටක් වෙන කොයින්ද අප්පා

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම වුනානම් අන්න ඒක තමයි සතුට.

      සතුට යනු

      නැගිටගන්න බැරුව උදේ පාන්දර ඇඳට වෙලා ඉද්දි 'අද නිවාඩු' කියලා අහන්න ලැබීමයි. :))

      Delete
  22. අපරාදේ...ඒත් කමක් නෑ අඩු ගානෙ නිවාඩුනෙ w-)

    එහෙම කිව්වම හරි සතු‍ටුයි...ගියත් එදා නිවාඩු කියල දැන ගත්තම...මෙහෙත් එක දවසක් හොදටම සීතල වැඩි වෙලා නිවාඩු දීල ඒත් අපි ඔක්කොම නොදැන පන්ති ගියා...අපි ආපු හින්ද අපිට පන්ති තිබ්බ =D>

    ෆෝටෝස් දැක්කම ගෙදර මතක් වෙනව... හැමදේම අතට පයට...එක එක කෑම...ගේම්...අපි හතර දෙනාගෙ විහිලු කතා...හිනා...හරිම ලස්සන නිවාඩුවක්. හරිම ශෝක්. y-)

    ReplyDelete
    Replies
    1. දුවකගේ..නිවාඩු සිහින..)))

      Delete
    2. ඒක කලින් දැනගත්තා නම් එලි වෙනකල් නිදාගන්න තිබ්බනේ. ඒකට අමතරව Holiday Mood එකේ ඉන්න තිබ්බා සෙනසුරාදත්.

      ඔයාලටත් වෙන වැඩ!!

      ඔව් වීයා.

      Delete
  23. බොලාට අද නිවාඩුද,අපටත් අද නිවාඩුනේ මචං ඒ නං දීපවාලිය වීක් එන්ඩ් එකට වැටුණු නිසා ලැබුණු අමතර නිවාඩුව,උඹ කොච්චර සේවයට කැපවෙලා ඉන්න ගුරුවරයෙක්ද කියල හිතෙනව, අපි නං නිවාඩු දින කලින්ම ගණන් තියාගෙන ඉන්නෙ මළාට වරදින්නෙ නෑ.
    ගානක් නෑ ඉතිං පයින් යන දුරනේ බං ලංකාවෙ එහෙම නං වාහනවල ගිහිං එහෙම නිවාඩුය කිව්වහම මල පනිනවනෙ මගටම දවස ඉවරනෙ.

    ReplyDelete
    Replies
    1. අපිට පස් වෙනිදා නිවාඩුලු අවුරුද්ද නිසා.

      අන්න ඒ පාරවල් වල රස්තියාදුන් වෙන එක නම් මෙහෙ නෑ මචං.

      Delete
  24. මට උඹලා දෙන්නගේ පැහැදිලි පින්තූර දෙකක් එවහන්. උදේ හවා බුදුන් ලඟින්ම තියලා සුවඳ දුම් අල්ලන්න.. හැක් හැක්... යකෝ මොන ලෝකෙද උඹලා ඉන්නෙ ?

    අර ලයිට් කණු ගැජට් එක උඹැ ලන්කාවෙදි දැකලා නැද්ද හැබෑටම ආ ? මෙහෙත් තියනවනෙ බන් ඔය සිස්ටොන් එක ?

    මටත් ඉස්සර රට ඉන්නකොට ඔෆිස් එකට කාමරේ ඊන්ද විනාඩි පහයි.. දැන් යනවා බන් පැයවලින්ම දෙකක්.. උදේට දෙකයි, හවසට දෙකයි හතරයි.. ඉතින් කොහෙද බ්ලොග් ලියන්නෙ.. හයිවේ ආවට පස්සෙ ට්‍රැෆික් එකෙයි, බස්වල ක්‍රවුඩ් එකෙයි පොඩි අඩුවක් තියනවා..

    මේ පෝස්ට් එක මේ දැන්නෙ බන් මගෙ බ්ලොග් එකේ අප්ඩේට් වුනේ... ඒත් කමෙන්ට් විසිගානක්ම වැටිලා.. ඒ කොහොමද බන්... !!!

    ReplyDelete
    Replies
    1. අදහන්න වටින දෙන්නෙක්ද?

      අනේ මන්දා සෙන්නා, මම නම් දැකලා නෑ ඕක අපේ ලයිට් කණුවල.

      අර මම උඩ කමෙන්ට් එකෙත් කිව්වා වගේ, පාරට රස්තියාදුවක් නම් නෑ මෙහෙ.

      බ්ලොග් රෝල් පිච්චු කෙළිනවා බං. බලාපං මගේ HeyDude එක පෙන්නගෙන ඉන්නේ පරණ පෝස්ට් එකක් ඔය හැම බ්ලොග් රෝලෙම.

      Delete
  25. මමනම් මාසේ පටන් ගත්තු ගමන් බලන්නේ ඒ මාසෙට තියෙන නිවාඩු මොනවද කියලා.... වැරදිලාවත් බ්‍රහස්පතින්දා අගහරුවදා වගේ නිවාඩු නම් අනිවා ඒ සතියේ ඔක්කොටම කලින් අර වැඩ කරන මැද දවස මම කලින්ම නිවාඩු අරන්......... අපි එහෙමයි වැඩකරන තැනට පස්සපාතිව වැඩ කොරන්නේ..... දැනුත් මේ දවස් 5ක නිවාඩු සුවය විදින ගමන්

    ReplyDelete
    Replies
    1. පහලින් ලොකු ජෝනට දාලා තියෙන්නේ උඹට ලියපු රිප්ලයි එක. අද මොනවා වෙලාද මන්දා බං. අන්න සිරාත් මට ආඩපාලි කියලා ඌට ලියපු කමෙන්ට් එක මිසිං කියලා.

      Delete
  26. මැදැයී ඉඳලා ඉඳලා මාත් මේ පැත්තෙ ආපු දවස

    ReplyDelete
    Replies
    1. අපිත් හරි ලැදියි බං නිවාඩු වලට. ඒක මනුෂ්‍ය ස්වභාවය නේද?
      සුභ නිවාඩුවක් මැලේ රාල.

      Delete
  27. Kamak na Dude...udenma nagitina eka ssukyata honday lu ne

    ReplyDelete
    Replies
    1. අනේ ඒ වුනාට පැය අටක් ගෙඩි පිටින් නිදාගන්න එක ඊටත් වඩා සෞඛ්‍යයට හොඳයි මම හිතන්නේ.

      Delete
  28. හෑ.... ඩූඩ් ලංකාවෙ නෙවෙයිද එතකොට ඉන්නෙ ??

    ReplyDelete
    Replies
    1. නෑ යසිත්. ඒ වුනාට නිවාඩුවට ලඟදිම එනවා.

      Delete
  29. හයියො උබ කොයි ලොකෙද ඉන්නෙ?ඉලග එකෙදිම සුබ පතන්නම් නේ

    ReplyDelete
    Replies
    1. බලාගෙන ඉන්නවා උඹලාගේ සුබ පැතුම ඔන්න.

      Delete
  30. අනේ බං අය්යේ ඔය රටේ අල්ල්ගන්නවත් ඉඩ කඩක් තියේද?

    ReplyDelete
    Replies
    1. සහ‍රැල්ලෝ, ලංකාවේ පළල හැතැප්ම 140යි දිග හැතැප්ම 220යිද කොහෙද නේද?

      නමුත් මේ රටේ උඩම දූපතේ ඉඳලා යටම දූපතට සෑහෙන දුරක් තියෙනවා. ඇත්තෙන්ම සමකයත් පහුකරලා දක්ෂිනාර්ධගෝලයටම යනවා යටම දූපත.

      Delete
    2. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා දුර කි.මී.435 ;කොළඹ සිට සන්ගමන්කන්ද තුඩුව දක්වා කී.මී 225ක පළලයි ,, (මෙය නිකන් ඉන්න බැරුවාට දැමු කොමෙන්ටුවක් බව සලකන්න හි හි )

      Delete
    3. අපූර්විත් පට්ට මීටරයක්නේ. තෑන්ක්ස්.

      Delete
  31. මට මොකක්හරි මග ඇරිලද කියලා මම මේ කල්පනා කලේ... මේ කොඩිය නිකං නිකං බංග්ලාදේශේ කොඩිය වගේ මං දැක්කෙ.. පස්සෙ තමා වෙනස තේරුනේ ගූගල් දෙයියන්ට පිංසිද්දවෙන්න

    ඕං ඕක තමා කියන්නෙ කම්මැලියට දිවැස් තියෙනවා කියලා... උදාහරණයක් විදියට ඩුඩිතුමා වෙනුවට මං ඔතන හිටියනං ගේ පැත්තට හැරිලා කෝල් එකක් ගන්නවා කාරණේ දැනගන්න... වෙන මොකකටවත් නෙමේ හීනෙ ඉතුරු කොටස් නරඹන්න...

    ඔපීසි යන කාලේ නින්දෙන් ඇහැරෙන්න සෑහෙන්නම අමාරු උනොත් අනිවාර්යෙන් කෝල් එකක් දීලා අහනවා මේ සෙනසුරාදාට හැමෝම එනවද වැඩකරනවද කියලා... වෙලාවට සෙනසුරාදා අනිවාර්ය දවසක් නෙමෙයි හැබැයි අවුලක් ආවොත් තමයි යන්න ඕනෙ...

    කම්මැලිකම අතෑරලා ආයෙ ගිහින් පොටෝ ගහගෙන ආපු එකට ඉතින් ස්තූති නොකර කොහොමෙයි... බොහෝම ස්තූතියි ඩුඩිතුමනි...

    ReplyDelete
    Replies
    1. You're welcome ගැමියාස්.

      ඔව් කොඩිය ඒ වගේ තමයි නේ?

      මේක නම් අතපසු වෙච්ච නිවාඩුවක්. මෙහෙ සමහර නිවාඩු තියෙනවා කලැන්ඩර් වල නැති. උදාහරණයක් හැටියට පාර්ලිමේන්තුව මුලින්ම ‍රැස්වෙන දවස. රාමසාන් හඳ දැකීමට පසු දිනය. ඔන්න ඔය වගේ.

      අපි කොහොමත් ඉස්සරත් සමහරක් දවස් වල ඉස්කෝලෙ යනකොට කල්පනා කරකර ගිහින් තියෙනවා අද මිනිස්සු අඩු නිවාඩුද දන්නේ නෑනේ කියලා. නමුත් නිවාඩු නෑ . ටිකකින් කට්ටියම එනවා.

      Delete
  32. වැඩට ගියාම වැඩ නැහැ කියලා දැනැගත්තාම තියෙන සනීපේ මසුරන්....

    ඔය ප්ලෝට් සිද්ධිය වෙනකොට ඒකේ වගකීම තිබුනේ උමා මහෙශ්වරන් අතේ, අවුරුද්දකට විතර පස්සේ මැරුම් කෑවා මගේ හිතේ ඉංදියාවේදි.

    ReplyDelete
    Replies
    1. ඔන්න තවත් සතුට යනු කෑල්ලක්.

      සතුට යනු වැඩට ගියාම වැඩ නැහැ කියලා දැනගැනීමයි. :D

      වෙන්න ඇති මචං. මට මතක නෑ හරියට.

      Delete
  33. මේ ලඟදි බලවත් උත්තමයෙක් ඇවිල්ල ගියාටපස්සෙ අඩියෙන් අඩියට හිටෝල තිබුනු කොඩි කනු ඉතාම අනාරක්ෂිත විදියට කැන්ටරයක පටවන් යනව දැක්ක රෑ 7ට විතර .නිකන් හිතන්න අඩි 20ක් දිග යකඩ බට,අඩි14ක් දිග කැන්ටරයක පිටිපස්සෙ දාගෙන යනවකියන්නෙ බාගයක්ම එලියෙ අනික රෑ...අඩුම තරමෙ රතුපාට රෙදිකෑල්ලක්වත් එල්ලන් යන්න එපෑ.
    ලංකාවෙ අඩි20න් විතර එක්කො ලයිට් කනුව,නැත්නම් ටැලිපෝන් කනුවක්..ඉතිංඕවට ඇන්කබොල්ට් දාල පොඩිබටකෑල්ලක් අල්ලන්නනෙ තියෙන්නෙ.
    එහෙම කෙරුවත් මදිනෙ..අඩියෙන් අඩියට කොඩි ,බැනර් ඕනනෙ..නේ..? හික්..!!!

    ReplyDelete
    Replies
    1. දේශපාලනය සහ දේශපාලනඥයන් සම්බන්ධ සිද්ධි ගැන නම් කියලා වැඩක් නෑ වීයා.

      Delete
  34. ඔහොම ජාතික බයිට් වීමක් මටත් වෙලා තියෙනවා ඉස්කොලෙ කාලේ. ගුවන්විදුලියෙන් හදිස්සියේ නිවෙදනය කරල නිවාඩු දීපු දවසක ඉස්කොලේ ගිහින්. මටත් ඔය විදිහටම ප්‍රතිචාර හම්බවුනා එදා... :D :D :D :D

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් ඕනේ බං ඉඳහිට. නැතිනං වැඩක් නෑ. ජීවිතේ කහ පාටටම ගලා ගිහිල්ල. :D

      Delete
  35. නිවාඩු ගැනනම් කියලා වැඩක් නෑ.. කලාතුරකින් නේ එන්නේ.. මාත් මේ සිකුරාදා ඉදන්ම එහෙම නිවාඩුවක් අත්විදින ගමන්..

    ReplyDelete
    Replies
    1. නිවාඩුවක් කියන්නේ හිතට පුදුම සැහැල්ලුවක් දෙන, ස්ට්‍රෙස් අඩු කරන දිව ඔසුවක්නේ දිනේෂ්.

      Delete
  36. හෙන්රි
    ඔය මාලදිවයිනේ අජ්ජාපන ක්‍රමය මොකද්ද කියල පොඩ්ඩක් විස්තරකරන්න පුලුවන්ද?ආන්ඩුවෙ ඉස්කෝලයි, ප්‍රයිවෙට් ඒවටයි අමතරව තියන කොමියුනිටි ඉස්කෝල මොනවද?හෙන්රිලාගෙ ඉස්කෝලෙ ප්‍රයිවෙට් එකක් නිසාද ‍ෆින්ගර් ප්‍රින්ට් ගහන්නෙ?එ වගෙම ඔය Atol එකක් කියන්නෙ තනි දූපතක් නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. මම උඩ කමෙන්ට් වලටත් කලින් මේකට උත්තර දීලා ඉන්න හිතුවා.
      මෙහෙ pre-school (LKG - Lower Kindergarten, UKG - Upper Kindergarten), Primary School. Secondary School, High School කියලා තියෙනවා.
      හතේ පන්තියෙන් graduate වෙන (ඔව් graduate කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ) ළමයා අටේ පන්තියට (Secondary Education) වලට යනවා. අටේදි Arts, Business, Science කියලා විෂය ධාරාව ‍තෝරාගන්න වෙනවා. අටේ පන්තියේ ඉඳන්ම විද්‍යාව උගන්වන්නේ Chem, Phy, Bio වෙනම විෂයයන් හැටියට. දහයෙ පන්තියෙදි දේශීය භාෂාවට සහ ආගමට දේශීය අධ්‍යාපන දෙපාර්තමේන්තුව Department of Local Examinations පවත්වන SSC Senior Secondary Examination) විභාගයටත්, අනිකුත් සියළුම විෂයයන් බ්‍රිතාන්‍ය විසින් පවත්වන Cambridge International Examinations යටතේ එන IGCSE (International General Certificate of Secondary Education) හෝ GCE O/L විභාගයන්ටත් පෙනී සිටිනවා.

      ඊට පස්සෙ High school - උසස් පෙළත් පවත්වන්නේ බ්‍රිතාන්‍යනේ EdExcel මගින්. උසස් පෙළ අවුරුදු දෙකේදී විභාගය කොටස් දෙකකින් EdExcel AS (Advanced Subsidary) හා Exexcel AL (Advanced Level) හැටියටයි.

      ඉන් පස්සේ Maldives National University හෝ විදේශ විශ්වවිද්‍යාලයකට යන්න පුලුවන්.

      මෙහෙ ප්‍රයිවට් ඉස්කෝල වලට ආණ්ඩුවේ ඉස්කෝල වලට වඩා ඩිමාන්ඩ් එකක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ. මොකද ආණ්ඩුවේ ඉස්කෝලෙත් කරන්නේ ඔය මම කලින් කිව්ව කේම්බ්‍රිජ් ජාත්‍යන්තර විභාග නිසා සහ උගන්නන්නේ කොහොමත් ඉංග්‍රීසි මාධයයෙන් නිසා.

      ඉස්කෝල ආණ්ඩුවේ වුනාට සමහර ඉස්කෝලෙ තියෙනවා autonomous කියලා. ඔයා කිව්ව කොමියුනිටි වර්ගයේ ඉස්කෝලවල පඩි කෙලින්ම ගෙවන්නේ අමාත්‍යාංශයෙන්. අර තමන්ම යැපෙන ඉස්කෝල කිව්වට ඒවාට අවුරුද්ද මුලදී ආණ්ඩුව මිළියන ගානක බජට් එකක් වෙන් කරලා දෙනවා. අපි ඉන්න ඉස්කෝලේ ඒ වගේ ආණ්ඩුවේ එකක්. දැන් නොවැම්බර් හන්දා වියදම් කරලා කරලා කරලා දැන් අපේ පඩි ගෙවන්න විතරයි සල්ලි ඉතුරු වෙලා තියෙන්නේ. :D දැන් OT කොච්චර ලිව්වත් ගෙවන්නේ සීයට පහක් වගේ පොඩී ගානක් විතරයි සල්ලි ඉවර නිසා. ආයේ ජනවාරියේ තවත් මිලියන් ගනනාවක බජට් එකක් පාස් වෙනවා.

      ආණ්ඩුවේ ඉස්කෝල, ඉස්පිරිතාල සහ කාර්යාල හැම එකකම ‍ෆින්ගර්ප්‍රින්ට් තියෙනවා.

      ඇටොල් එකක් කියන්නේ දූපත් සමූහයක්.

      Delete
    2. ස්තුතියි හෙන්රි. මාලදිවයිනේ ජනජීවිතය ගැනත් පුලුවන්නම් කියන්න.ඔබේ ‍රැකියාවට ප්‍රශ්නයක් නොවනවානම් විතරක්.ළමයි A/L ඉවරවුනහම විදේශයක යුනි එකකට යනවානම් රජය වියදම් කරනවද?සමහර ඉස්කෝල වල ආරම්භක විදුහල්පතිවරු ලංකාවෙ අය බව මම දැක්කා.

      Delete
    3. ඒක ටිකක් අමාරු වැඩක් ඇනෝ.

      විදේශ අධ්‍යාපනයට ශිෂ්‍යත්වයක් ලැබුනොත් මිසක ආණ්ඩුවෙන් උදව් කරන්නේ නෑ මම දන්න විදියට.

      ඔව් සමහර විදුහල්පති වරු හිටියා තමයි ලංකාවේ අය, නමුත් දැන් නම් ලාංකික ගුරුවරු හරිම අඩු පතිශතයක් ඉන්නේ අනිත් අයත් එක්ක බලනකොට.

      Delete
  37. මොනවා උණත්, කලින් දැනන් හිටපු නිවාඩුවකට වඩා හදිසියේ දැන ගත්ත නිවාඩුවක තියෙනවා අමුතු ගතියක්... නැද්ද මං අහන්නේ..:)

    ඩූඩ්ලට එතකොට සති අන්ත නිවාඩු විදිහට ගැනෙන්නේ සිකුරාදා - සෙනසුරාදා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. හරියටම කලිසමක සාක්කුවක තිබිලා රුපියල් සීයේ කොල දෙකක් හම්බවුනා වගේ. ඒකෙන් කරන්න පුරුවන් මගුලක් නැති වුනාට, මේ නෑයි කියලා හිතා හිටිය සල්ලියක්නේ.

      ඔව්. උඹ හරි ගමේ එකා.

      Delete
  38. ඇයි යකෝ උඹල දෙන්න කන කට්ටෙ හැටියට මාසෙ පළමුවෙන්ම කරන්න ඕන,නිවාඩු දවස් ටික නෝට් කර ගන්න එකනෙ.
    පුතණ්ඩිය ඔබලා සමග නොවෙයිද දැන් ඉන්නෙ.
    මට ඇඩුන බං වෙච්ච දේ කියවල :(:(:( .

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි කෙන්ජි අපි ඒක එහෙමම කට්ටක් කියලා හිතන්නේ නෑ. ලංකාවේ හිටියත් පාරටම දියවෙන එකනේ වෙන්නේ.

      පුතාට මේ දවස්වල වාර විභාග. මේ දවසේ එයාට සබ්ජෙක්ට් එකක් නැති හන්දා ගෙදර හිටියේ.

      Delete
  39. ඉතින් ඊට පස්සේ ඇරියස් එක්කම ආයේ දෙන්නා එක්ක නිදා ගත්තද.. වෙන මක්කා හරි කොලාද...?

    ReplyDelete
    Replies
    1. මාතලංතුමා, ඊට පස්සෙ පාරට ගිහින් මේ ෆෝටෝස් අරං ඇවිත් මේ බ්ලොග් පෝස්ට් එක ලියලා දාලා Euro Truck Simulator ගැහැව්වා තුන් දෙනාම.

      Delete
  40. මටත් දවසක් ඔහොම වුනා. හැබැයි ඒ ඊට කලින් දවසේ කුණුවෙන්න බීල ඉඳල අපරාදේ ටිකක් වැඩි පුර නිදාගන්න තිබුණු දවස.

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම නම් හිතට අමාරුවක් නෑ බං, කෝරළේ.

      Delete
  41. නිවාඩු දවසටයි 100 වෙනි පෝස්ට් එකටයි දෙකටම ඔන්න මගෙන් කළින්ම සුහ පැතුම් ඈ....

    ReplyDelete
    Replies
    1. ඔන්න Thanks in advance ගන්දරයටත්. මගේ මස්සිනා වාහන එළවන්නෙත් ඩිම් එකේ. ඒ මොකද වාහනයක් එන ගානේ ඕක ඩිම් කරන්න ඌට කම්මැලි නිසා. මේකත් ටිකක් ඒවගේ, නැද්ද ගන්දරයා? :D

      Delete
  42. අනපේක්ෂිත නිවාඩුවෙන් අපට පින්තූර ටිකක් හරි හම්බ වුණා නෙ අන්තිමට :)

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. මටත් කතාවකට නිමිත්තක් හම්බවුනේ.

      Delete
  43. කොඩි ගහන්න දාපු ඔබ බ්‍රැකට් එක බේස් ලයින් පාරෙත් තියෙනව ඩූඩ්..

    නිවාඩුවේ පෝස්ට් ටිකක් ලියපං ඩූඩ්

    ReplyDelete
    Replies
    1. ඇත්තද සෑමා? මට මතක නෑ. ඕවා දකින්න එක්කෝ ට්‍රැ‍ෆික් එකේ ලැගගෙන ඉන්න ඕනේ. නැතිනම් දවසගානේ යන්න ඕනේ ඒ පාරේ.

      Delete
  44. සිරාවටම මටත් බෝඩිමේ ඉඳන් කන්තෝරුවට යන්න යන්නේ විනාඩි 12යි.

    "උන් කෑ ගහනකොට අපි කණ ඕෆ් කරගෙන කින්නේ" අනේ අයියේ හැබෑටම ස්විච් එක කොහෙද තියෙන්නේ කියන්නකෝ... අපේ බෝඩිමේ එකෙක් ඉන්නවා ටැමිල් වලින් මල් කඩන එතකොට මට කන ඕෆ් කරගන්න ඔනි..

    ඉස්සරහ කඩේ පොර කතා කරේ මොන බාසාවෙන්ද අයිෙයේ

    ReplyDelete
    Replies
    1. සිරාවටම කණ ඕෆ් කරගෙන බං ඉන්නේ. සමහර වෙලාවට අපිට ඉස්සරහ ඉඳගෙන ඉන්න පොර ඒකාගේ ෆෝන් එකේ අර තොසේ කඩවල යන ජාතියේ සින්දු දාගෙන අහගෙන ඉන්නවා. එතකොට කණ ඕෆ් කරගෙන ඉන්නේ . ඊ ලඟට මේකා මේ සින්දුව මට ඇහෙන්න දාලා පන්ති වලට යනවනේ බං. එතකොට මම ඉයර්ෆෝන් එක දාගෙන සින්දුවක් අහනවා අරක ඇහෙන්නේ නැති වෙන්න.

      In English, dude.

      Delete
  45. =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =))
    කාලෙකින් කාටවත් හිනා වුනේ නැහැ.=D

    ReplyDelete
    Replies

    1. ඔය හිනාවෙලා තියෙන්නේ ඇති ඇරියස් එක්කම. කෙනෙකුගේ ලේ පිරිසිදු කරන එක කොච්චර ලොකු පිනක්ද මනෝජ්!
      :D

      Delete
  46. උඹ අහම්බෙන් හරි ඊයේ නිවාඩුද// මමත් නිවාඩු බං... කොට කලසං ගහන් යන්න එපා ඩෝ පාරේ.. බැරි වෙලා චීනෙක් හිටියොත් උඹේ මඩ පාට යවාවි..

    ReplyDelete
    Replies
    1. කොට කලිසන් ගහගෙන පාරේ යන්න බැරි රටවල් මිඩ්ල් ඊස්ට් වල තියෙනවා කියලා කෝරළය කියලා තිබ්බා.

      Delete
  47. කොහොමද ඔහේ ඡන්ද කෙරුවාව. ලංකාවේ වගේ බොහොම සාමකාමීව සහයෝගයෙන් හොරමැරකම් නැතුව කරනවද නැත්නම් සිරිලංකාවේ වගේ ජරා වැඩ ඔක්කොම කරනවද?

    ReplyDelete
    Replies
    1. ලඟදීම ඒ ගානට එයි කියලා මට සාධාරණ සැකයක් තියෙනවා විචාරක.

      Delete
  48. කොඩිය උස්සලා කොලේ බේරාගත්තා එහෙනම්..ම්ම් මං නම් නිවාඩු දවස් කල් තියා දෙනගන්නෙ අපේ හාමිනේගෙන්..

    ReplyDelete
    Replies
    1. කොඩිය උස්සලා තමයි හෙලුව වහගත්තේ මචං.

      Delete
  49. ආන් හැලපෙ අයියා 100 ගහලා !

    ReplyDelete
    Replies
    1. හැලපෙට ජයවේවා. මම ගියා ඒ පැත්තේ.

      Delete
  50. ආයේ මොකටද නිදහස් දවසෙ මේ දෙන්න පාරෙ ගියාට මිනිස්සු අමුතුවට බලන්නෙ , අපිට නොකිවුවට යන්න ඇති අර පේරාදෙණියෙ රේල් පාරෙ ගියා වගේ තුරුල් වෙලා. :D

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං කම්මල? අපි ඔය දුර විනාඩි දොළහෙන් යන්න අධි වේගයෙන් ඇවිදගෙන යන්නේ බෑග් වතුර බෝතල් උස්සගෙන.

      Delete
  51. ඔයා මොනතරම් හොද යාලුවෙක්ද ?.. අපි වෙනුවෙන්ම ගිහින් ෆොටෝ අරන් ඇවිත්නේ. :D

    අනපේක්ෂිත නිවාඩුව හොදින් සමරන්න ලැබේවා..

    ReplyDelete
    Replies
    1. අන්න පුංචි කුමාරිහාමිට තේරුණා. සැමරුවා සැමරුවා.

      Delete
  52. ada niwadu...aniddath niwadu...marune appa

    ReplyDelete
    Replies

    1. නිකම් නෙවෙයි සයුරි. මේක Maldivian Victory Day. 5වෙනිදා Islamic New Year ඒකයි

      Delete
  53. අයියෝ මාලු කිව්වලු...!

    අපේ ඔෆිස් එකෙත් බුවෙක් ඉන්නවා ඌටත් අමතක වෙන ලෙඩේ තියෙනවා. ඕකා එක සෙනසුරාදා දවසක ඔෆිස් ගිහිල්ලා එලියට වෙලා ඉන්නවලු දොර අරිනකන්. සෙකුයුරිටි ගාඩ් ඇහුවමලු මූට මීටර් වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඇල්බන්, එක දවසක් මම දවල්ට කාලා නිදාගෙන ඇහැරිලා උදේ කියලා හිතාගෙන මාර පටලැවිල්ලක් වුනා.

      Delete
  54. ආ.......ලගදි එනවද ලංකාවට??? එමුකෝ එමුකෝ :))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹටත් සුභ වේවා. රාජ සම්පත් ලැබේවා.

      Delete
  55. හල්ලෝ කොහොමද අා..........
    අපි දැන් සිංහල ෙකල්ලො හරි.................
    කොහොමද අනේ ෙම් රවුම් වැටෙන ඒක නැතිකරන්ෙන

    ReplyDelete
    Replies
    1. amare මොකෙන්ද ටයිප් කරන්නේ කියන්නකො. සිංග්‍රීසි යුනිකෝඩ් වල වල නම් ඔහොම වෙන්නෙ කලාතුරකින්. සමහරවිට ඉස්පිලි පාපිලි වලට කලින් ඒක වෙන්න අකුරක් නොතිබුනාම ඔහොම වෙනවා ඇති.

      Delete
  56. Replies
    1. සන්ජීව නිවාඩු වුනාට ඔය ඇවිත් තියෙන්නේ. ස්තුතියි බොස්.

      Delete
  57. කොඩි සීන් එක නං හොඳයි. කොහොමත් උඹට මේවගේ දේවල් පේනව නේද?

    ReplyDelete
    Replies

    1. මට ඔය වගේ දේ වලට ඇහැ යනවා බං රාජ්.

      Delete
  58. මටත් ඔය වගේ වැඩ වෙනවා සඳුදා ඉස්කෝලේ නිවාඩු දවස් වලට පොඩි එකීගේ පොත් හදන්න ගියාම.

    ReplyDelete
    Replies
    1. ආ කියන්න බැරි වුණා. අපෙත් ඔය වගේ කොඩි එල්ලන විලි තියෙනවා ලයිට් කණු වල. පාර අයිනේ කොඩි කණු හිටවන කොංක්‍රීට් හිලවල් තියෙනවා නගරසභාවේ.

      Delete

    2. ඒ කොන්ක්‍රීට් කණුවේ හිල් තියෙන්නේ කොඩි දාන්නයැ බං? ඇත්තටම මොකටද ඒ?

      Delete
    3. මගේ කමෙන්ට් එකට රිප්ලයි නෑනේ අයියෝ

      Delete
    4. සමාවෙයං අතපසු වීමට. ඔන්න උත්තර දුන්නා.

      Delete
  59. රෑට උය උය උන්නු ගමන් ගෙදර දෙන්නම එලියට බැහැපු හැටියෙ හොරෙන් ආවෙ කමෙන්ට් එකක් දාන්න.පව් අප්පා. මටත් ආසම වැඩේ නිවාඩු දවසෙ, වෙනද වෙලාවට ඇහැරුනාම නිවාඩු කියල මතක් වෙලා අනිත් පැත්තට හැරිල නිදාගන්න එක.

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙම තමයි. ඉතින් මොකද මේ හොරෙන් කමෙන්ට් දාන්නේ?

      Delete
  60. දෙසැම්බරයේ ලංකාවට එනවනං 21 වෙන මොනවත් වැඩක් දාගන්න එපා. විස්තර පසුව දැනගන්නට ලැබේවි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දැනුවත් කිරීමට නලීන්.

      Delete
  61. මං කොම්පීතරේ ඉඳගත්තම කලය පිලිබඳව අමතක වන නිසා එයාලගෙ කෑම පරක්කු වෙනවා. :D

    ReplyDelete
  62. ....//අපි එහෙමයි ඈ...//.... කියලා ඔක්කොම නෝන්ඩි ටික වහගත්තා නේ. :D

    100ට උණුසුම් සුභ පැතුම්!!! (මේක නේන්නම් ඇත්ත සීය)

    ReplyDelete
    Replies
    1. උඹත් ගාන හදලා බැලුවා නේද? ස්තුතියි AKM. නමුත් ඒක පෝස්ට් කොටයක් නිසා සීයට ගනං කරන එක වංචාවක් කියලා මට හිතුනා.

      Delete
  63. //"දීපා, බලන්නකෝ මුන්ගේ මොළේ. කොඩිය ලයිට් කණුවේ බඳින්න ඕනෙ නැතිවෙන්න හැම ලයිට් කණුවකම කොඩි දෙකක් දාන්න පුළුවන් වෙන්න හදපු බ්‍රැකට් එකකුත් ලයිට් කණුවෙම තියෙනවා. අර බලන්නකෝ. ඒක හොඳ සිස්ටම් එකක් නේ."//

    අනේ හෙන්රියෝ, කොඩි සවි කරන්න ලයිට් කණු වල හදපු බ්‍රැකට් මෙහෙ පාරවල් වල ඕන තරම් තියෙනවා, උඹ ඉතින් ඔය කරෝල වාඩියට වෙලා ඉන්න නිසා මෙහෙ ආශ්ච්ර්යයද මොකක්ද එක පෙනෙන්නේ නැහැ නේ.

    ReplyDelete
  64. මොකද නැත්තේ කරවල නෙට්වර්ක් වලින් පෙන්නන්නේ ඔය . (හැබැයි අපි කරවල කෑල්ලක් ඇහැට වත් දකින්නේ ලංකාවට ආවාමයි. අපරාදේ කියන්න බෑ.)

    උඹ ආපහු දකින්න ලැබුන එක සතුටක්. පුතාට හොඳ ඇති දැන් නේද?

    ReplyDelete
  65. මදැයි මතක තියාගෙන ඉදලා කියවන්න ආවා.... බලාගෙන ගියාම බුලක් නේ! හෙහ් හේ

    ReplyDelete
  66. ''ඩුඩ් ලා වික්ටරි දිනේ ඉස්කෝලේ ගියා වගේ '' දැන් මාලදිවයිනේ අලුත්ම ප්‍රස්තාව පිරුළ

    ReplyDelete
  67. ලංකාවේත් සුගතදාස ස්ටේඩියම් එක හරියේ වගේම ඇස් වාට්ටු හරියේත් ලයිට් කණුවල කොඩි ගහන්න මේ වගේ කෑල්ලක් හයි කොරාලා තියෙන්නේ :)

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>