Sunday, December 16, 2012

30. බාස් කතා. මේසන් බාස්.


නවම් ගොයියයි, පන්සල් හන්දියයි අපේ ගෙදර ආපු දවසක ඇහුවා ඈ බං අයියෙ, අර කෑලි බෑලි හයි නොකර බිත්තියට හේත්තු කරලා තියෙන්නෙ මොකෝ කියලා. මම කිව්වාම ඕකට 2006 ඉඳන් බාස් කෙනෙක් අල්ලගෙන කරන්න වෙලාවක් හම්බවුනේ නෑ කියලා, දෙන්නම කියපු දෙයක් තමයි අනේ බං , මේ පාර වත් ගෙදර ආවාම ඔක්කොම පැත්තක තියලා බාස් කෙනෙක් අල්ලගෙන ඔය ටික හයි කරාපං කියලා.

 ඕන්න මේ පාර වැඩේ දෙන්නම හිතාගෙන තමයි ආවේ.

අපේ ගෙදර සමහර බාස් වැඩ කරලා තියෙන්නෙ දීපයි මායි අපේම අත් වලින්. බාත් රූම් එකේ තාවකාලික වොෂ් බේසින් එකකුයි ටොයිලට් එකකුයි හයි කලේ බදාම අනලා කොන්ක්‍රීට් දාලා අපි දෙන්නමයි. ඉස්සර කොන්ක්‍රීට් අනලා අමාරුවට දෙන්නම පැනඩෝල් දෙකක් බීලා තමයි නිදාගන්නෙ. අපි දෙන්නා බාස් වැඩ කලා කිව්වාම දැන් හිතන්න එපා   ඒවා බාල ක්වොලිටියෙ වැඩ කියලා. අර මම කවදත් කියනවා වගේ අපි බාස්ලට වැඩිය හොඳට ඒ වගේ වැඩ කරලා තියෙනවා. හේතුව ඒවා අපේම බඩු නිසා, අර පරෙස්සමෙන්, උපරිම ප්‍රමිතියෙන්, හැකි ඉහලම අයුරින් කරන නිසායි. වංචා නොකරන නිසායි.

ඉතින් අර වොෂ් බෙසින් එකයි, ටොයිලට් එකයි (සිංහලෙන් කොමෝඩ් එකයි) කොන්ක්‍රීට් බිමට හයි කරලා තිබ්බේ මම කොළඹ ගල්වලට ගිහින් අරන් ඇවිත් තිබ්බ මල නොබැ‍ඳෙන වානේ ඇණ මුරිච්චි භාවිතා කරලා. ඒක දැක්කාම කිසි කෙනෙක් හිතුවෙ නෑ මේක අපි වගෙ ආධුනික DIY ජෝඩුවකගෙ වැඩක් කියලා.

ඕන්න මේ පාර බාස්ලා සෙට් එකක් හොයාගෙන, (ඇත්තම කිව්වොත් සෙට් දෙකක්) වැඩේ කරගෙන යනවා. හැබැයි ඇහැ ගහගෙන නොහිටියොත් බඩුම තමයි. ඔන්න අර අපි දෙන්නා හයි කරලා තිබ්බ උපාංග ගලවන එක තමයි ඉස්සෙල්ලම කලේ. වොෂ් බේසින් එක හයි කරලා තිබ්බෙ පෙඩස්ටල් එකක් උඩ. ඔන්න බේසම නම් ගැලෙව්වා මම දාලා තිබ්බ ඇණ ගලවලා, ෆ්ලෙක්සිබල් හෝස් එක බිත්තියෙන් ගලවලා. එතකොටම මට යන්න වුනා විනාඩියකට හෝ දෙකකට එලියට අර අනිත් සෙට් එක කරන්න ගිය මක බාස් වැඩක් නවත්තන්න. ආපහු එනකොට පෙඩස්ටල් එක නෑ.

"අහ්, ගැලෙව්වද බාස් උන්නැහෙ පෙඩස්ටල් එක මෙච්චර ඉක්මනට?"

"ඔව් මහත්තයා, අන්න අර කාමරෙන් ගිහින් තිබ්බා, බේසමට එහා පැත්තෙ."

වැඩේ කරලා තියෙන හැටි මම දැක්කෙ, විනාඩි කීපයකට පස්සෙ බුවාලා තේ බොන්න ගියාමයි.

මේ කරලා තියෙන්නෙ ලෙසටම!

අර මම දාපු මල නොබැ‍ඳෙන වානේ බෝල්ට් දෙක, එක්කො දැකලා නෑ, නැතිනම් ඒක කරකවන්න රෙන්ච් එකක් හොයාගන්න කම්මැලි කමට පෙඩස්ටල් එක පොලොවෙන් උදුරලා අරගෙන. අඩියෙ කෑලි දෙකක් කැඩිලා ගිහින්. ආයෙ ඉතින් ඒකෙන් වැඩක් නෑ. ඇත්තෙන්ම ඒ සෙට් එකෙන්ම වැඩක් නෑ. මම බාත් රූම් එකට දුවලා බැලුවා. යකෝ මේ තියෙන්නෙ අර ඇණ දෙක තවම කොන්ක්‍රීට් එකට හයිවෙලා පෙඩස්ටල් එකේ මුලත් එක්ක.

පස්සෙ මම බුවාලාගෙන් ඇහුවා. කොහොමද බාස් උන්නැහෙ අරක කැඩුවෙ? දැක්කෙ නැද්ද ඇණ දෙක?"

"ආහ් ඒක කැඩුනනෙ ගලවන්න ගිහින්. මහත්තයලා එකට සිමෙන්ති දාලනෙ මුලට."

සභ්‍යත්වයේ නාමයෙන් මට හිතුන, කටට ආපු, නමුත් නොකියපු දේ මෙතන සඳහන් නොකර ඉන්න තීරණය කලා, මම.

ඒ එක සිද්ධියක්.

බාස් උන්නැහෙලා පාවිච්චි කලේ එලියෙ තිබ්බ, මම වාහනේ හෝදන්නයි ගස් වලට වතුර දාන්නයි හෝස් එකක් හයි කරලා තිබ්බ වතුර කරාමෙ. ඒකෙ අග මම හයි කරලා තිබ්බා අර වතුර පාර සීරුමාරු කරන්න පුලුවන් නොසල් එකක්. බාස් තුමාලා මුලින්ම කැඩුවෙ ඕක. මමත් හිටියා නොකර සද්ද. හවස බුවාලා ගෙදර ගියාම මම දැක්කා ටැප් එකත් කඩලා බව. ඒ කියෙන්නෙ අර ගාඩන් ටැප් කියන වර්ගයෙ අර හෝස් එකක් ගහන්න හදලා තියෙන කෑල්ල.

පහුවදා උදේ බුවාලා ආවාමවත් මම මොකුත් නොකියා ඉන්න තීරනය කලා.

ටිකකින් අත් උදව් දෙන බුවා මට කියනවා,

"සෑර්, අතෙන්ට ටැප් එකක් දාන්න වෙයි!"

"හුහ්, මට කියනවද කොහොමද ඔය ටැප් එක කැඩුවෙ කියලා."

" ආහ්, ඒක බාස් උන්නැහේට පෑගුනානෙ, ඊයෙ නානකොට"

"මොනවා මනුස්සයො? ටැප් එක පෑගුනා?"

මටත් හිතුනෙ නෑ ටැප් එකක් දාන්න. මම ඔහෙ නිකං හිටියා.
බුවාට මුලින් හෝස් එක ගහලා වතුර ගන්න තිබිච්ච චාන්ස් එක නැති නිසා වතුර බාල්දි උස්සගෙන යනවා මම දැක්කා. 

ඒ තවත් කතාවක්.

ඒ කතා දෙකම එකම වර්ගයෙනෙ, නැද්ද? "බාස් උන්නැහෙලා ඔහොම තමයි. ඒගොල්ලන්ට ගානක් නෑ ඔය වගෙ දේවල්!" ඔන්න ඔහොමනෙ අපි ඒවා සධාරණීකරණය කරන්නෙ. එහෙනම් මේන්න අහගන්න.

බාස් බුවා වැඩට එන්නෙ පල්සාර් එකක. බුවා බයික් එක නවත්තන්නෙ පාර මැද්දෙ හන්දා මම කිව්ව ඒක පඩිපෙල ලඟට දාන්න කියලා, පාර අවහිර වෙන නිසා. 

දවසක්  ගඩොල් ට්‍රක් එකක් ඇවිත් ගඩොල් බාන්න පඩි පෙල ලඟට රිවර්ස් කරනවා වැස්සෙම.  ටිකකින් ඔන්න දොර ඇරලා ගඩොල් බානවා.

ඔන්න මේ අස්සෙ මට ට්‍රැක් පනින්න වෙනවා. අපේ ගේ හදන්න මුලින්ම අපි ගෙනාපු ගඩොල් තොගේ බාගෙට හදපු ගේ ඉස්සරහ ගොඩ ගහලා තියෙනකොට, අසල්වැසියෝ ගඩොල් පන්සීය, දාහ වගෙ  ඉල්ලාගෙන ගියා එක එක හදිස්සි වලට. "අයියේ, අක්කේ, අනේ බං අර බාස්ලා ගඩොල් නැතුව වැඩේ නවත්තන්න හදන්නෙ, මට ගඩොල් පන්සීයක් දෙනවද, මගෙ ගඩොල්  ලෝඩ් එක ගෙනාපු ගමන් ආපහු දෙන්නම්."  ඉතින් ඔය විදියට මගෙ ගඩොල් දෙදාස් ගානක් නොඑන ගමන් ගියා. මම ආපහු ඉල්ලන්න ගියේවත්, එතුමලා ඒවා ආපහු ගෙනත් දෙන්න හැදුවේවත් නැතිබව ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.

ඔන්න  මේ වෙලාවෙ ඕනෙ වුනේ ගඩොල් 500ක් වගෙ සුළු ගනනක් විතරයි. ඉතින් අර කට්ටිය මාව හොයාගෙන් ඇවිත් අර ගඩොල් ආපහු දෙන්න අහන්න ඇති නේද? හෙහ් හෙහ්. මම අහන්න ගියේ නෑ. මම හාඩ්වෙයාර් එකෙන් අන්තිමට ගඩොල් ගත්තෙ. මොකද බලපු එක පෝරණුවකවත් ගඩොල් නෑ.

ඔන්න ඔය ගඩොල් ටික තමයි අර ට්‍රක් එකේ ආවේ.

ඕන්න බාස් දුවගෙන ආවා, ඇස් ලොකු කරන්.

"වැදුනද, වැදුනද?"

"මොනවද බාස් උන්නැහෙ?"

"මගෙ බයික් එකේ වැදුනද ට්‍රක් එක රිවර්ස් කරද්ද?"

"පිස්සු කතාකරනවද බාස් උන්නැහෙ? ට්‍රක් එක තියෙන්නෙ මෙතන. ඔයාගෙ බයික් එක තියෙන්නෙ අතනනෙ. අපි එච්චර පස්සට ගත්තෙ නෑ. මෙතනන ගඩොල් බාන්නෙ."

"ඇත්තද? මම හිතුවේ වැදුනා තමයි කියලා."

පේනවා නේද වෙනස?

ඒ කියන්නෙ බාස් උන්නැහෙලත් අපේ බඩු ගැන වගේ නෙවෙයි, තමන්ගෙ බඩු ගැන හරිම ප්‍රවේසම්, නැද්ද?

මෙන්න මම ආසම කතාව.

මීට දවසකට පස්සෙ, මම ගෙනාව යකඩ පලංචි දෙකක්, යාලුවෙක්ගෙන්. බාස් උන්නැහේලා පලංචි එකහමාරක් විතරක් පාවිච්චි කරන නිසා එක කකුලක් ඔහේ පැත්තක දාලා තිබ්බා.  මම ඒක බාස් උන්නැහෙ කෙනෙකුට කිව්වා මේක උඩට දාන්න කියලා. එහෙම කියලා මමයි පුතයි පඩිපෙල දිගේ උඩට ගියා. අර බයික් එක අයිති බුවාගෙ හොඳම යාලුවෙක් වන මේ බුවා, පලංචි කකුල උස්සලා ගත්තා. අරන්  රවුමක් කැරකුනා. පලංචි කකුලක් දඩාං ගාලා මොකකද වදින සද්දයක් ඇහුනත් මම ගනං ගත්තෙ නෑ.

පස්සෙ බැලින්නම් අර පොර පලංචිය වද්දලා යාලුවගෙ පල්සාර් එකේ.  වයිසර්  එක පුපුරලා. පෙට්‍රල් ටැංකිය එබිලා. දැන් හෙන අර්බුදයක්. ඇත්තෙන්ම ඔය පලංචිය හප්පපු බුවා හරිම අප්‍රවේසම්. ටිකකින් පොර දුවගෙන ආවා මා ලඟට.




"සෑර්, මාර අප්සැට් එකනෙ. අරක හදාගන්නෙ කොහොමද? මේ ලඟ තැනක් නැද්ද"

"පෙට්‍රල් ලීක් වෙනවද?

"නෑ, ඒ වුනාට අරයාට හෙන අප්සෙට්."

මම අත්දැකීමෙන්ම දැනගත්තා මේ එන්නෙ මගේ දත ගලවන්න බව.

"මම දන්න එවුන් මෙහෙ නෑ කවුරුවත්. හිටියත් මේ වෙලාවට වහලා."

පල්සාර් එක අයිති බුවාත් හරියට, හත්තිලව්වට ගහපු කලාබරේ වගේ මූණ හදාගෙන මා දිහා බලනවා, අරූට ගොරවනවා, ටැංකිය අතගානවා."

"තමන් ආදරේ කරන වාහනයකට මොනවා හරි වුනාම මාර අප්සෙට් නේද?"

"ඔව් මහත්තයා."

ඇස් යුගල් කීපයක බලාපොරොත්තුවේ එළි දැල්වුනා.

"මේ බලන්න, මම පෙන්නුවා වෑන් බොඩියෙ තියෙන පලුදු. මේක නුවර පාරෙදි එකෙක් ට්‍රැ‍ෆික් එක මැද්දෙදි කෙලලා ඇරලා. පේනවා නේද?
එතකොට මේක, මේ එක පොරක් මගෙ පාර හරහා කම්බි කණු හිටෝලා මම ඒවා අස්සෙන් රිංගන්න ගිහින්... "

අර  බලාපොරොත්තුවේ එළි නිවිලා ගියා.

මට මේ ලැයිස්තුවට එකතු කරන්න තවත් එකක් පලංචිය බයික් එකේ ඇන්න බුවාම හදලා ගිහින් තියෙන බව මම දැනගත්තෙ අපි කට්ටිය රෑ යාලුවෙකුගෙ ගෙදරයන්න හදනකොට. මේකා වීල්බැරෝ එක බිත්තියට හේත්තුකරලා ගිහින් මම වාහනේ හරවාගන්න රිවර්ස් කරන බිත්ති මුල්ලෙම.

57 comments:

  1. Replies
    1. කැතයි හොඳේ. මම අරක ටයිප් කරන අතරෙ මූ එක දාලා. ඇයි වදේ රෑ තිස්සෙ නිදිවරන් ඉඳලත් මට එක වෙන්න බැරි නම් වැඩක් තියෙද?

      කොලුවො, මේ දවස්වල නිදිවරන්න හොඳ නෑ බං, දැන්ම ගිහින් නිදාගනිං.

      Delete
    2. අපොයි නියම බාස්සුන්නැහැල වගයක්නේ ඩූඩ් අයියට ලැබිල තියෙන්නෙ. පිස්සු මරගාත ටිකක්.. අපේ ගෙදර හදනකොටත් හම්බුනා ඔය වගේ සෙට් එකක්. බාස්ල නෙමේ. තීන්ත ගාන අය. හැමදේම වරද්දනව. එක වැඩේ දෙක කලා. අපෝ අන්තිමට තාත්ත වෙන සෙට් එකකට බාරදුන්න. හැබැයි අපිට හම්බුනු මේසන් බාස්ල ටික නම් හොඳයි. හැමදේම පිලිවෙලට.. අත්වැරදීම් නැති තරම් . යනකොට යන්නේ හැමදේම අස්කරල. නියම කොලිටියට වැඩ ටික නම් කලා. ඇඟිල්ලෙන් අනින්නවත් ලඟ ඉන්නවත් ඕනි උනේ නෑ.
      ඔහොම තමයි වඩ අනන මිනිස්සු කොහෙත් ඉන්නවා. ඒ වගේම හරියට වැඩ කරන මිනිස්සුත් ඕනි තරම් ඉන්නව. :)

      සමීගේ පුංචි ලෝක‍ය
      ඔන්න මමත් දැන් නැට්ටක් දාන ඩූඩ් අය්ය වගේ :D

      Delete
    3. @DDT-අන්න ඒකනේ කියන්නෙ මචන්. ඉස්සෙල්ල නම මාක් කරල පස්සෙ කියවන්න ඕනි..බෙට(ර්) ලක් නෙක්ස්ට් ටයිම් පුතා..හී හී
      නිදා ගන්න යන්න තමයි හැදුවෙ. කොහෙද ඩූඩ් අය්යත් එක්ක බෑ නේ. කතාවක් දාලනෙ ඒ ටිකට. දැන් ඉතින් යනව නිදා ගන්න.තව කවුරු හරි ඒ ටිකට කතාවක් දාල තියෙයිද දන්නෑ

      Delete
    4. අඩේ කොල්ලනේ, බොලා නිදාගන්නෙ නැද්ද?

      සමී, ඇත්තෙන්ම මම සංහතියටම බැන්නා නෙවෙයි, මම මේ දවස්වල විඳින අත්දැකීම ටිකක් බෙදාගත්තා විතරයි.

      අනේ අපිට හම්බවෙන්නෙ නෑනෙ බං ඔහොම බාස් උන්නැහෙලා.

      නැටි එල්ලුවාට මොකෝ. ඉතින් හොඳයිනෙ. මට මතක් වුනේ ඊයෙ හවස ත්‍රීවීලර් එකක ගහල තිබ්බ කතාවක්.

      "ලිඳ මගේ නම්, මම ලිඳේනම් කාටවත් ඇයි වේදනා!" :D

      Delete
  2. හෆොයි දෙයියනේ ! පිස්සු නොවැටි ඉන්නව ඇති.

    මට හිතාගත්තෑකි ඩූඩ් ලේ වතුර කරන් ඉන්න හැටි මේ දවස්වල.

    ඒ උනාට අපරාදෙ කියන්න බෑ රස සාගරයක්. ජොලිම සීන් එක තමා අන්තිමට කියල තියෙන්නෙ. අයියගෙ වෑන් බොඩියෙ පළුදු තව ටිකක් පෙන්නුව නම් අර මෑන් කියයි, “නෑ .. නෑ .. මහත්තය, මගේ බයික්කෙක ඔහේ තිබුණාවෙ, මෙන්න මේ සල්ලි ටික අරගෙන ගිහින් මහත්තයගෙ වාහනේ හදාගන්ට“ කියල.

    ReplyDelete
    Replies
    1. මල පැනලා ඉන්නවා තමයි DDT, නමුත් විහිලු තහලු කරගෙන ජොලියෙ ඉන්නවත්. වෙන මොනවා කරන්නද?

      Delete
  3. ගොඩක් බාස්ලා ඔහොම තමා බං
    හැබැයි අටංබාස්නං එහෙම නැ
    ඇයි යකෝ බාස්ලා බාස්ලා කියනකොට අපිටත් තදවෙනවා
    අරහේ එකෙක් මකබාස් කියලා බ්ලොග්රෝලටත් දාලා
    අහුවෙයවුකෝ තොපි මට

    ReplyDelete
    Replies
    1. යකෝ මෙන්න සාධාරණ හොඳ බාසුන්නැහේ කෙනෙක් කිව්වම අපේ උන් එයිද බලන්න... ඔහොම දාපුවාම තමා එන්නේ මූ මොකාද කියලා බලලා යන්න.. තොපිලට හොඳක් කොලත් අහන්න වෙන්නේ නරකද තමා...තුක් ඉතරක්.. :D

      Delete
    2. හි හි ... කවුද කවුද අටම් අයියට මකබාස් කියපු එකා. අඩෝ ....ව්. :D

      (ඇත්තට නම් ටික නම් මල් හතයි, මමත් ක්ලික් කොර කොර ගියා බලන්න මේ මොකාට ගහපු කාඩ් එකක්ද කියල)

      Delete
    3. මගේ එකට දාන්න නමක් හිතා ගන්න බැරිවද කොහේදෝ ඉන්නේ.

      Delete
  4. බාස්ල ගැනනම් කියල වැඩක නෑ ....පොඩ්ඩක් එහෙමෙහෙ වුනානම් එක වැඩේ දෙක කරනවා....

    ReplyDelete
  5. ඔය ගැනනම් කතා කරල වැඩක් නෑ... අපි ඉගෙන ගන්න කාලෙ අපිට කියල දුන්න ගෝල්ඩන් රූල් එකක් තමයි " බාසුන්නැහැ ඊස් ඕල්වේස් පණ්ඩිතයා" කියන එක.. ඒ පණ්ඩිත කමට නොසැලකිල්ලත් එකතු වුනාම දෙයියන්ගෙම පිහිට තමයි. අනිත් කට්ටිය වාහන බාස්ලා... අනික් මිනිස්සුන්ගෙ කාලය හා මුදල් ලෝභ කමක් නැතිව කාලා දාන ගමන් වාහනෙත් අපූරුවට කාලා දානවා..
    කලා තුරකින් හොඳ මිනිස්සුත් නැතිවා නෙවෙයි ... නමුත් බහුතරය මකබාස්ලා ...

    ReplyDelete
  6. ඩූඩ් ඔය ගෙවල් හැදිල්ල වහාම නැවැත්තුවොත් හොඳයි.. මේ යන විදිහට.. බාස්ලා හින්දා මූ හෙට අනිද්දම ඩෙනිම අතෑරලා සිවුරකට බහිනවා..

    ReplyDelete
    Replies
    1. හි හි... හයියෝ සෙන්නා..මටත් හිතුනේ ඕකම තමයි......

      Delete
  7. බාස්ලා ගැන කලින් පොස්ට් එකට දාපු කමෙන්ටුව මෙකටත් වලංගුයි ඔන් . අපේ මකබාස්ලා මේ දවස් ටිකෙත් නෑ

    ReplyDelete
  8. බාස්ලගෙන් 90% ඔය වගෙ තමා...අපේ ගෙදර හදද්දි අපේ අප්පච්චි එක විනාඩියක් ඇහ එහාට ගත්තෙ නෑ...වලි කෝටියය්....වැඩෙ එතනමය්....

    ReplyDelete
  9. "යන්තම් බාස්" කියලා කියන්නේ ඔය වගේ කට්ටියට තමයි. මාසයක් දෙකක් බාස් කෙනෙක් ගාව වැඩ කරනවා. බාස් ගෙන් කටු කන්න (රැග් කන්න)තියෙන අකමැතිකම නිසාත්, ගෝලයාට වඩා බාස්ගේ තැන (පිළිගැනීම) හොඳ නිසාත්, මුදල් ලැබීම අතින් හොඳ නිසාත් ගෝලයා පට ගාලා බාස් වෙනවා.

    තව ඉන්නවා "දඩිබිඩි බාස්" කියලා කට්ටියක්. (වැඩිහරියක් කොන්ත්‍රාත් ගන්න අය) එයාලා බලන්නේ වැඩේ පට ගාලා ඉවර කරලා වෙන තැනක වැඩට යන්න. ලොකුම අවුල තමා කාගෙත් ඇස් වහලා වැඩේ කරලා ගියායින් පස්සේ තමයි මුන්ගේ ඇද පෙන්නේ. එතකොට පරක්කු වැඩියි.

    එතකොට "නිකම් බාස්" කියන්නේ දවසේ පඩියට වැඩ කරන අයට. වැඩි හරියක් ඉන්නේ නිකම්.

    "මකබාස්" කියන්නේ කරන කොයි වැඩෙත් කොස්සක් තියෙන අයට.

    ReplyDelete
    Replies
    1. මෙන්න බාස්ලා ගැන විචාරයක්ම තියනවා ...එතකොට හරියට වැඩේ කරන බාස් ලා ඇත්තෙම නැද්ද?:)

      Delete
  10. බ්ලොග්වල මං බලන්න ආසම කතා මෙන්න මේවා... ඒ කිව්වේ ආගිය කතා යාන් හෑලි.. හැබැයි ජීවත් වෙනකොට ලොකු ලොකු තියරි වලට වඩා මේ කතාවල ගන්න දෙයක් තියෙනවා...

    ReplyDelete
  11. ඩූඩ්..
    ඔය ව්ගේ මිනිස්සු වැඩියෙන්ම අහුවෙන්නෙ අපිට තමයි ක්ෂේත්‍රයෙ.
    බාස්ල ඉන්නව එක් එක් දේවල් වලට දක්ෂ...අත්තිවාරම් ව්ගේ දඩිබිඩි වැඩට තමා ඕය කියල තියෙන ඈයො හොඳ. තව ඉන්නව සෙමෙන් ප්‍රවේශමෙන් වැඩ කරන අය, ටයිල් නාන කාමර වලට වැඩ්ඩො වෙනම ඉන්නව...!

    උඹට උපදෙසක් දෙන්නම්... ඔය පලාතෙ...සැලසුම් ශිල්පියෙක් (හැබැයි විවිධ අය ඉන්නව..කොන්ත්‍රාත් නොකරන කෙනෙක් විය යුතුයි)හම්බවෙලා උඹේ අවශ්‍යතාවය කියන්න එතකොට සුදුසු පුදගලයෙක් මුනගස්සාවි.
    නැත්නම් හිතවතෙකුගෙ වැඩක් කරපු තැනකින් හොයාබලන්න බාස්ගෙ වැඩ කොහොමද කියල නියම රෙකමදාරුව ලැබෙන්නෙ එතකොට.

    ReplyDelete
  12. මේ කතා ටික ඇහුවට පස්සේ තව දුරටත් බාස්ලා වෙනුවෙන් පෙනී සිටින්නට නොහැකි නිසා නිහඩව ඉන්න එක හොදයි කියල හිතෙනවා. යකෝ මේ යන විදිහට බය හිතෙනවානේ.

    ReplyDelete
  13. ගේම බිමට සමතලා නොකර ගිය එකට බාස්ලට පින් දීහන් හෙන් රියො... මන් ඉස්සෙල්ලා හිටි ගෙදර තාප්පයක් හැදුවා මක බාස්ලා ටිකක්...මගේ බාත් රූම් එකට වතුර නෑ..උන් ඒ බට ටික පරිස්සමට ගලවලා පැත්තකින් තියලා..උන් හදපු තාප්පෙ උන්ගෙ බයික් එකක් උඩටම තප්ප ඩෝං උනාට පස්සෙ තමයි ආයි හරියට හැදුවෙ !

    ReplyDelete
  14. අපේ ජීවිතේටම හරියට වැඩ කරනවා කියලා අල්ලලා ගියේ එකම එක බාසයි.. මිනිහගේ අතක් ඇද උනත් බිත්ති කෙලින් වගේම මාර ඉක්මන්.. ගෝලයෝ බනිනවා බාසට.. මොකද බාසා ඉක්මන් නිසා බඩු ඉල්ලලා කෑ ගහනවා.. ගෝලයින්ටත් ඒ පිම්මෙම දුවන්න වෙනවනෙ..

    ඒත් ඒ බාසාව අල්ලගන්ඩ අමාරු නිසාම වෙන වෙන බාසලාට මාරුවෙන්න සිද්ධ උනා.. උන් එකෙක්වත් හරි ගියේ නෑ.. එකෙක් අපේ සින්ක් එක හරි කරපු ගමන්ම ඒක උඩ නැග්ගා.. ඒ මදිවට ඌ බුලත් කාලා කෙළගහන්නෙ බදාම එකට.. වහාම ක්‍රියාත්මක වෙන පරිදි පඩි දුන්නා ඇරියා ගෙදර..

    තව එකෙක් ආවා කුස්සිය හදන්න.. ඒත් එක්කම තමයි ටොයිලට් එකේ වහලෙට කොන්ක්‍රීට් එකක් දාන්නත් තිබුනෙ.. මූ කියලනෙ 'අපි නම් වහල උඩ කොන්ක්‍රීට් දාන්නෙ නෑ බිම දාලයි උස්සන්නෙ ' කියලා.. අපේ අම්මා බනිද්දිම කොන්ක්‍රීට් එක දාන්න ගත්තා බිම.. ඌ ගියාට පස්සෙ අම්මා මැනලා බලද්දි අඩි දෙකක් ද කොහෙද අඩුයි.. වහාම ගෙන්නලා රෑම ඉතුරු ටික දැම්මෙව්වා.. ඊළඟට තියෙන දවසෙ උස්සන හැටි ඇහුවම මූ දන්නෙ නෑ.. :| පස්සෙ කට්ටියක්ව එක්කගෙන ඇවිල්ලා හමයි උස්සලා තිබ්බෙ.. පෝරනුවෙ කොන්ක්‍රීට් එක දාන්න කාලෙ එනකොට උගෙ කොන්ද රිදෙනවා කියලා බාසා මාරුවුනා.. බලද්දි ඌ සැටලිම ගහන්න දන්නෙ නෑ..

    බාසෙක් අලුතින් ආපුවම කරන මුල්ම වැඩේ තමයි අනික් බාසාගෙ ඇද පෙන්නන එක 'බලන්න මහත්තයා මේ කරලා හියෙන කැත. මෙහෙමද වැඩ කරන්නෙ. නිකන් මහත්තයලගෙ සල්ලි කාලා.' ටික කාලෙකින් ඌත් එහෙමයි..

    ReplyDelete
  15. ඔය බාස්ල ඔහොම තමයි හෙන්රි. අපේ ගේ පේන්ට් කරන්න බාසෙක් කිවුවට යාලුවෙක් ඇවිල්ල මූ අර අවුරුදු ගානක් පරණ බිත්ති ලෙවල් කරන්න හදනව පොටි පුරෝල. දවස් විස්සක් විතර කරලත් එක තීන්ත බිංදුවක් ගාල නෑ. අන්තිමට උංට යන්න කියල මංම තින්ත ටික ගාගත්ත.

    ReplyDelete
  16. මල අතින් අරන් වගේ ලියල තියෙන්නේ... බාස් කථා ටිකක් මතක් උනා මටත්... ඒ ටික ලියන්න ඔනේ...ඊට කලින් ඩූඩ් අය්යේ දීප අක්කත් එක්ක ඇවිත් අපේ බාත් රූම් එකේ වැඩ ටික ෆිනිශ් කොරල දීහන්කෝ

    ReplyDelete
  17. ඕකුන් බාස්ලද මක බාස් ලද? හැමෝම තමන්ගේ දේට ආදරෙයි අනුන්ගේ දෙකට වැඩ ඔය වගේ දෙයක් ඩුඩ් අයියට උන නිසා සද්ද නැතිව ඉන්න ඇති මම වගේ එකෙක්නම් හවස ගණන් බේරන කොට අර කැඩිච්ච බදුවලට අඩුකරලයි ගෙවන්නේ. මුන් අන්තිම මිලිමීටරේට වෙනකම් ගනන්ගදල අපිට චාර්ජ් කරන එකේ පිත් ඒවගේ කලාට පාඩු නැහැ මගේ හිතේ. අනෙක අපි බාස්ලව ගෙන්වන්නේ දෙයක් හදාගන්න මිසක් තියෙන දේවලුත් කඩාගන්න නෙවෙයිනේ ඔතන වැරැද්ද ඩුඩ් අයියගේ මමනම් කියන්නේ පලවෙනි එකට සද්දයක් දැම්මනම් ආයේ කරන්න එන්නේ නැහැ.

    ReplyDelete
  18. අපේ ගෙදර හදන කාලේ වෙච්ච එව්වා මතක් උනා...... :(

    ReplyDelete
  19. ඔහොම තමා වැඩි හරියක් බාස්ලා.... එයාලට අනිත් අයගෙ බඩු මුට්ටු ගැන කිසිම ගානක් නැහැ. ඔහේ නාස්ති කරනවා.... හැබැයි ඔය අතර හොද මිනිස්සුත් නැතුවම නෙමෙයි.

    මට මතක් වුනේ ටික කාලෙකට කලින් අපේ ගෙදර මොකක්ද වයරින් වැඩකට ආපු බාස් අන්තිමට අපේ තාත්තගේ ආයුධත් (අර ස්කුරුප්පු නියන් අරව මේවා) අරගෙන ගිහින්. පස්සේ දවසක අපේ තාත්තා වැඩ වලට හොයනකොට ආයුධ ගොඩක් ඒවා නෑ. අපිටත් හිතා ගන්න බැරි වුනා මොකද වුනේ කියල.ඊට පස්සේ ආයෙත් දවසක ඒ මනුස්සය ආපු වෙලාවේ තමා අපි සීන් එක දන්නේ. මොකද අපේ තාත්තා ඕවයේ තාත්තගේ නම කොටලා තිබ්බේ. හික්.... ඒ මනුස්සය එක දන්නේ නැනේ..... අපි ඉතිං ඕක ඒ මනුස්සයට කියන්න ගියේ නෑ. ගෙදර අය හිනා වෙලා නිකන් හිටිය.... :)

    ReplyDelete
  20. අපේ මහ ගෙදර හදන්න බාස් කෙනෙක් ගෙනාවා...(පියසේන බාස්) අන්න බාස්... මාර පොර... මම මිනිහත් එක්ක කොච්චර යාළු වුනාද කිවුවොත් මම අන්තිමට පොරගෙ ගෝලයා වෙලා බදාම අනන්නත් සෙට් වුනා... ඒ නිසාම තාත්තා ගේ හදන වැඩේ නිවාඩු කාලෙට දාගත්තා... එතකොට බාසයි මම ගෝලයයි. හැබැයි තාත්තා හරි සාධාරණයි.. මට ගෝලයට ගෙවන ගාන ගෙවුවා... එතකොට මමත් ලෝබ නැතුව වැඩ කරන බව දන්න නිසා...
    බාස් තිතට වැඩ කළා... දැන් ගෙට අවුරුදු තිහත් පැනලා, දෙයියනේ කියලා කියන්න වැරැද්දක් නෑ...
    ඊලඟට සෙට් වුනේ වඩ්ඩෙක්, (සෙබස්තියන් බාස්) පොර ඊට වඩා වැඩකාරයා... මිනිහගේ කැටයම් කැපිල්ලට අපට හිතා ගන්න බැරි වුනා ඇයි මූ මෙහෙම වැඩ කර කර ඉන්නෙ කියලා...
    කොහොම වුනත් මට හම්බ වෙච්ච හොඳම බාස්ලා දෙන්නෙක් තමයි ඒ.. මම ඒ බාස්ලා දෙන්නගෙන් ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තා... නියනට අත කපා ගත්තත්, සිමෙන්තිවලට කකුල් පැලුනත් ඒ අත්දැකීම් නම් හරිම වටිනවා..

    ReplyDelete
    Replies
    1. මාත් ගෝල වැඩේ නම් කරලා තියෙනවා ඕන තරම්.. අන්තිමේදී කුස්සියේ භාගයක් කපරාරු කළෙත් මම.. ඒකට නම් බාසාගෙ මූණ ඇද උනා.. ඒත් මට නම් සත පහක්වත් ලැබුනෙ නෑ.. :(

      Delete
  21. එක එක බාස්ලට වැඩ නොදී හැමදාම එකම මිනිහෙක්ව අල්ලගන්න එතකොට මිනිහා අපිටම හුරු වෙනවා.

    ReplyDelete
  22. මගේ ගේ හදන්න ආපු මකබාස්ලා කරපු වැඩ ලියන්ඩ පටන් ගත්තොත් ටික වෙලාවකින් කුණුහරප ලියවෙනවා. ඒ නිසා උන්ට සාප වේවා කියලා ලියලා නවතිනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  23. ඔය බාසලා ගැන නම් කතා කරන්න එපා,,සදුදා වැඩට නොයන ජාතියක්,,,එක සැරයක් ඕකුන් බදාම අනලා ඒක හැන්දෑවේ ඉතුරු වෙලා මුන් හොරෙන්ම වලක් කොටලා ඒක වළ දාලා,,,

    ReplyDelete
  24. ඔහොම වැඩ වණ කරන බාස්ල, ගෝල තනතුරේ ඉඳල යන්තම් වැඩක් අල්ල ගෙන කරන අය. උන්ට එතනින් එහාට මොකුත් හිතන්න වුවමනාවක් නෑ. වැඩ ගොඩ ගහ ගන්නවා. මල්ලෙන් ගහල දාල යන්න තමයි බලන්නේ. එක ගෙදරක මං වයරින් වැඩක් කරන අතර වඩු බාස්ලා දෙන්නෙකුත් ජනෙල් ටිකක් හද හද හිටිය. මං හොඳටම දැක්ක උන් අතින් වීදුරු කීපයක්ම බිඳෙනවා. අන්තිමට ගෙදර කෙනාට කිව්වේ ගන්න කලින් බිඳිලා තිබුන කියල. අනේ ඉතින් අර මනුස්සයා ආයේ ගිහින් ඒ ටික අරන් ආව.

    උන් ගේ දොර හයි කරලා ගියා. දෙන්නෙක් ඕන ඒ දොර වහන්න. එකෙක් උස්සන්න ඕන ලොක් එකට සෙට් වෙන්න නම්. ආයේ අරින්න මිටියෙන් ගහන්න ඕනේ. ගෙදර මෑන් හෙවිල්ලක් නැති නිසා උන්ට කිසිම ගානක් නෑ හරියට කරන්න.
    තමන්ගේ වැඩේටත් වඩා හොඳින් බාර ගත්ත වැඩේ ඉවර කරන අයත් ඉන්නවා. අපි නොහිටියත් තිතට වැඩේ දීලා ඇති.
    ඩුඩ් අයියා හෝදිසියෙන් හිටපු නිසා හරි. නැත්තන් ඔව්වෝ බාත්රුම් එක අලුතෙන් හදන්න වෙන්න වැඩේ කරනවා.

    ReplyDelete
  25. පිළිවෙලකට ලස්සණට වැඩක් කරන්න නොදන්නකම නිසා තමයි මචං උං සදාකාලික බාස්ලා වෙලා තියෙන්නෙ. හොඳම දේ අපිට පුලුවන් විදිහට ඒ වැඩ අපිම කරගන්න එක. ඒකට කියන්නෙ මචං 'මට්ටකුන්ඩලයිස්' කරනවා කියලා. (මට්ටකුණ්ඩලී ජාතකේ උඹ අහලා තියෙනවා නේද ?)එදා රෑ උඹලා අපේ ගෙදර එනකොට මාත් ඒක තමයි කරකර හිටියේ.

    ReplyDelete
    Replies
    1. හැහ් හැහ්.. මරු වචනෙ... " මට්ටකුන්ඩලයිස් ". මේක ඉංග්‍රීසි බාෂාවට සිංහලෙන් එකතු වෙච්ච අලුත්ම වචනය කරන්ඩ ඕනා..

      Delete
    2. හි හි... මරු වචනේ..... දැං බඩුවල ගනන්වල හැටියට ඕක තමයි හැමෝටම කරන්න වෙන්නේ ඉස්සරහට.. හි හි

      Delete
    3. මට කියන්න අමතක උනා ඒ වචනය නිර්මාණය කලේ අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (සැලසුම්) සූරියබණ්ඩාර මහත්තයා.

      Delete
    4. සිරිසඟබෝයිං කියන්නෙත් ඔය වගේ එකක්. ළඟදී රිශානට වුනේ.

      Delete
  26. සිරාම කථා සෙට් එක.. ම‍‍රැ අහ්.. පහු ගිය දවස් වල වැඩ ගොඩ නිසා පෝස්ට් බලන්න බැරි උනා අයියේ.. ඔක්කොම පිලිවෙලට බලාගෙන යන්නම් හොදේ..

    ReplyDelete
  27. හෆොයි මේ බාස් සෙට් එකත් එක්ක වැඩ කරලා ඉවර වෙනකොට ඩුඩ්ට මොනවා වෙලා තියේවිද? දැන් අර ලැයිස්තුවේ ගොඩාක් හරියක් ඉවරද?

    ReplyDelete
  28. ලංකාවේ මේසන් බාස්ලා වගේම වඩු බාස්ලට හොඳ නමක් ඇත්තේම නැහැ බහුතරයක් උන් කරන අණ්ඩපාල වැඩ නිසා. අනික මෙච්චර ජාති වෙලත් මුන්ගේ ලොකුකම් වගේම ගණන් ඉස්සිල්ලත් අඩුවක් නැහැනේ

    ReplyDelete
  29. සමාවෙන්න ඕනෙ මේ පැත්තට එන්න පරක්කු උනාට... මම මෙච්චර කල් හිතාගෙන හිටියෙ අනිත් බ්ලොගේ යන දේවල් මයි මේකෙත් යන්නෙ කියලා... අදනෙ දන්නෙ එහෙම නෙමෙයි කියලා... අතපසු වෙලා තියෙන පෝස්ට් ටිකත් වෙලාවක කියවන්නම්...

    ඔය බාස්ලා ගැන කියලා මගෙත් ලේ රත් කරන්න එපා... අපේ බාත්රූම් එක හදන දවස්වල වැඩ කරපු මකබාස් ගොයියත් ඔය වගේමයි... එක එක දේවල් කඩනවා... මිනිහට කිසිම ගාණක් නෑ... වැඩේ ඉවරෙකුත් නෑ රබර් පටිය වගේ ඇදෙනවා... අන්තිමට ගෙනාපු ටයිල් ආගිය අතේ අල්ලලා, ටයිල් 4 ක් එකතු වුනාම එන රටාව හොයාගන්නත් නෑ... මිනිහගෙන් ඇහුවාම කියනවා... මම දන්නෙ නෑනෙ රටාවක් තියෙනවා කියලා... ඒක නිසා මෙහෙම ඇල්ලුවා කියලා... මිනිහා ටයිල් එක එක පැති වලට හරව හරව අල්ලලා... මොනා කරන්නද... අදටත් එහෙම තමයි තියෙන්නෙ...

    ඔය වැඩ අස්සෙන් මේ පැත්තටත් මංගච්චන්න වෙලාවක.. ජය !

    ReplyDelete
  30. හපොයි කතා කොරලා වැඩක් නැත. යන්තම් හරි හොඳයි කියන්නට පුළුවන් එකම බාසෙක් මුණ ගැහිල තියෙනවා, හැබැයි මිනිහගේ ගසා කෑම උපරිමයි. ඒත් හැම වැඩේම මිනිහට කියන්නේ කරන වැඩේ හරියට කරන්න තරමක් හරි උත්සාහ කරන නිසා.මිනිහත් පිස්සු කෙලින වෙලාවල් නැතිව නෙවෙයි. DIM තමා හොඳම වැඩේ.

    ReplyDelete
  31. බාස්ලා ඔහොම තමයි, වැඩේ දෙල් කරනවා. හත්පොලේ ගාගන්නවා. අපේ ගෙදරත් මේ ලඟදි කපරාරුවකට බාස් කෙකෙන් ඇවිත් මුළු ගේම කෑවා. අන්තිමට ඒ යකාව පන්නලා වෙන මනුස්සයෙක් එක්කන් ආවා. හැබැයි මිනිහා නම් ටිකක් ශේප් එකේ තමන්ගේ වැඩක් කරනව වගේ කරන ටයිප් එකක් තමයි තියෙන්නේ. කියන්න බෑ පහු පහු වෙනකොට

    ReplyDelete
  32. උඹල බාස්ල ගැන ඔහොම කිව්වට ආර්කිටෙක් ලොක්කොන්ගෙ කතා ගැන දන්නෙ නෑනෙ. උනුත් එහෙමම තමා. හිටහන්කො මන් ලඟදි ලියන්න.

    ReplyDelete
  33. ඒ අතින් සරා. මොකාටවත් දෙවෙනි නෑ අයියන්ඩි. කවදා හරි ටජ් මහලක් හැදුවත් බාසුත් ඌ ගෝලයත් ඌ. කිසිම වෘතියකට මකබාස්ලා හවුල්කර නොගනිමි.

    ReplyDelete
  34. අයියෝ සල්ලි....අපරාදෙනේ ඉතින්...ඉතින් ඔය බදු වලට මොකද කලේ...?අලුතෙන්ම ගෙනත් දැම්මද කඩපු ඒවා......?

    ReplyDelete
  35. මේ දවස්වල වෙන්නෙම ඩුඩ් පවුලට ප්‍රෙශර් වැඩි වෙන වැඩ නේද? කොහොම හරි ඉවසගෙන ඉමු වෙන කරන්න දෙයක් නෑනෙ....අන්තිම ප්‍රතිපලේ බලල සතු‍ටු වෙන්න පුලුවන් විදියට වැඩ කෙරෙයි කියල මම ප්‍රාර්තනා කරනවා!!!

    ReplyDelete
  36. ඉතින් ඩූඩු මේ පාර ගෙදර ආවයින් නියම ආදර්ශමත් කතා ටිකක් අපට ලැබුණා. බාස් වැඩ ඔහොමම තමයි. එයාලට අනෙක් අයගේ දේවල් ගැන කිසිම හැගිමක් නැ.

    ReplyDelete
  37. හයියෝ බාස්ලා. එපා වෙනවා. මේ ළඟදිත් අපේ බාත් රූම් එක කෑවා බාස් කෙනෙක්.

    ReplyDelete
  38. මටත් කතාවක් මතක් උනා.. මන් හිටිය රාජකරි නිවාසෙ නාන කාමරෙ තිබුනෙ කහපාට වෙච්ච රජ කාලෙ කොමොඩ් එකක්. ඕක ගලවලා අලුත් එකක් දානකල් පස්ස තියන්න හිරිකිත හින්දා මම ඕක අලුතින් දාන්න කිවුවා. ඔන්න ඉතින් ඉස්තරම් වර්ගයෙ එකක් අපෙම සිවිල් ඉංජිනෙරු අංශෙ කශ්ටිය අරන් ආවා. මුන් ඉතින් වැඩකාරයෝ කියලා මං හිතන් හිටි හින්දා ඒ වැඩේ කරන්න තියලා මම වැඩට ගියා. රෑ ඇවිත් එබිල බැලුවම අර කොමොඩ් එක හරිම කොටයි.. බැලින්නම් මුන් ටික වලක් කපලා කොමොඩ් එක බස්සලා කොන්ක්‍රීට් ගහලා. මට යකා ආවේශ උනා. හොඳ වෙලාවට කොන්ක්‍රීට් එක හයිවෙලා තිබ්බේ නැහැ. මම අරක හොල්ලලා හොල්ලලා උස්සල තිබ්බ. ෆෝමනයාට පහුවදා කතා කරලා පෙන්නුවාම ඌ දැනගෙන හිටියෙත් නැහ ඕක හරියට හයි කරන හැටි.. අන්තිමට මට උගන්නන්න සිද්ද උනා පොලොවට ඇන තියලා හයි කරන හැටි..
    නොදෝමකින් මෙහෙම මක බාස්ලා.

    ReplyDelete
  39. බාස්ලාට කිමුම් යනවා ඇති මෙ බ්ලොග් පොස්ට් එක කියවන ගානේ. :D

    ReplyDelete
  40. බාස්ල කියන්නේ හැමදාමත් අපේ ඇගේ ලේ වතුර කරන් කට්ටියක් නෙද් ඩුඩ්?

    මොනවා කරන්නද....

    වැඩේවත් කෙරුන කියල හිත හදාගමු... :D :D :D

    ReplyDelete
  41. අපේ ගෙදර දවසක් වැඩ කරපු එකෙක්ට එක තැනකට කරන්න ඕන දේ තේරෙන්නේ නැතිව රිලවා වගේ ඔලුව හරවා හරවා බලනකොට මම කිව්වා මෙන්න මේ විදියට ක(ර්)ව් කරන්න කියල. මිනිහා හදලා පස්සේ අපේ අක්කට පෙන්නලා එක දාගන්න හදනකොට මමත් එතන.

    ReplyDelete
    Replies
    1. මම හදන ගෙයි දවසක් මුන් බිත්ටියක්ම බැඳලා වැරදි තැනක. මම කිව්වා වහාම ගලවලා හරියට බඳින්න කියලා. උන්ගේ බිල ආවහම බිත්ති දෙකක් බඳින්නයි එකක් ගලවන්නයි දෙකටම බිල දාලා. එතකොට සිමෙන්ති. අයියෝ සල්ලි.

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>