Friday, June 7, 2013

77. බෝම්බයද? ඔබද? BEAT THE BOMB! අවසන් කොටස.


ඩැනී හිනාව නතර කරලා මා දිහා ඔරවාගෙන බලා ඉන්නේ මට පිස්සුද කියලා වෙන්න ඕනෙ.

(මේ කතාවේ අගක් මුල තේරෙන්නේ නැතිනම්, මෙතනින් යන්න මුල් කොටසට.)

"මොකක්? ඩැනී අහනවා.
   
මම අතින් කියනවා ඩැනීට කට වහගන්න කියලා.

"ස්තුතියි මාර්වි,"  මම කියනවා.  මේ තෑගි මුදල ඔබ අතට පත් කරන්නේ කොහොමද කියන එක, අපි ඉදිරි දින කීපය ඇතුල ඔබ අපට ලබා දීපු ලිපිනයට දැනුම් දෙනවා.

"ක්‍රිස්," මාර්වි කියනවා. "ඔයා අද මගේ මමීගෙයි, මගෙයි සිත් මේ තරම් සතු‍ටු කලාට ඔයාට කොහොම ස්තුති කරන්නද මන්දා."

"සුළු දෙයක් මාර්වි," කියන මම රිසීවරය තියනවා.

"උඹට පිස්සුද බං? ඩැනී කෑගහනවා. "උඹට මඤ්ඤංද?"

"මාර්වින්ගේ තාත්තා නෑ."

"ඉතිං?"

"ඉතිං උන්ට ඇත්තෙන්ම සල්ලි ඕනෙ."

"ඉතිං උඹ ගොනා වගේ පොරොන්දු වුනා ඩොලර් පන්සීයක් උන්ට දෙන්න?"

මම ඔලුව වනලා අනුමත කරනවා.

"අම්මා ගහයි කී බෝඩ් එකෙන්," කියන ඩැනී ඔලුව දෙපැත්තට වනන්නේ කට ඇද කරගෙන. "යකෝ, උඹත් කරන්නේ මහ..."

"මාර්වියගේ අම්මා අඬනවා ඩැනී.  මාර්වින් කියනවා ඒ දෙන්නා පුදුම සටනක්ලු දෙන්නෙ ජීවිතේ ගැට ගහ ගන්න.  ඉතිං මම කොහොමද බං කටක් ඇරලා කියන්නේ, අපි විහිලුවක් කලේ , ඕවා ගනං ගන්න එපා කියලා? මට බෑ බං ඩැනී එහෙම කරන්න."

"ඉතිං හරකෝ උඹ හදන්නේ කරපු පොඩි විහිලුව පොඩ්ඩක් ගැස්සිලා ගිහිල්ලා චාටර්  වෙලා, උඹට දුක හිතුන නිසා, ඒ මිනිස්සුන්ට ඩොලර් පන්සීයක් යවන්නද?"

"මේක පොඩි විහිළුවක් නෙවෙයි මචං. මේක අපි ඉල්ලගෙන කාපු, මහා පරිමානේ, මෙගා චාටර් එකක්."

"මම කියන්නද වැඩක් ඕකට?"

"කියපං බලන්න."

"අපි මොකුත් නොකර, සද්ද නොකර ඉම්මු,  එතකොට ඕකට නිදහසට කරුණු කියන්න ඕනෙත් නෑ.   අපියි ගින්න දුන්නෙ කියලා මාට්‍ටු වෙන්නේත් නෑ."

"හරි, උන් රේඩියෝ ස්ටේෂන් එකට කතා කරල ඇහුවොත්?"

"අවුලක් නෑනේ බං.  උන් මේ ගැන මෙලෝ දෙයක් දන්නෙත් නෑනේ. මාර්වියට තේරෙයි කවුරු හරි ඌට අණ්ඩරයක් දීපු බව."

"ඒ වුනාට ඒක මහ පජාත වැඩක් බං. නිකං හිතපං ඌට මොනවා හිතෙයිද කියලා. ඒක නිකං මේ තමන් ලණුවක් ගිල්ලා කියලා දැනගත්තට වඩා අප්සෙට් වැඩක්නේ බං.  අනික ඒ මිනිස්සු විඳලා තියෙන කරදර මදිවට! අපිට මේ සල්ලි යවන්න වෙනවා."

"උඹ කොහොමද මේ සල්ලි හොයන්නේ කියලා මට කියහං බලන්න. බැංකුවක් බිඳලා?"

"නෑ. අපි කාර් හෝදමු.  ලෝන් වල තණකොළ කපමු.  අපේ දෙන්නගෙම පොකට් මනි දාමු,  ඊට පස්සෙ ඒ සල්ලි වැඩිම පොළියක් දෙන බැංකුවක දාමු. එතකොට ඔය ගාන හොයන එක අපිට  මහා ගේමක් වෙන එකක් නෑ."

"අපිට?" ඩැනී අහනවා.

"ඇයි මොකද?"

"උඹනේ කෝල් එක දුන්නේ."

"උඹ ඒකට සප් එක දුන්නේ නැද්ද?"

"උඹේනේ ඔය ගොං අයිඩියා එක."

"උඹට තිබුනනේ මාව නවත්තන්න."

ඩැනියා උගේම ඔලුවට අත්දෙකෙන්ම චටාස් පටාස් ගාලා පාරවල් කීපයක් ගහගෙන අත් දෙකෙන්ම ඔලුව බදා ගන්නවා.

"උඹ කියන්නේ ඇන්ඩි, අපිට කාර් කීයක් හෝදන්න වෙයි කියලද ඔය ගාන හොයන්න?"

මම ඒකට උත්තරයක් දෙන්න කලින් ෆෝන් එක වදිනවා මහා හඬින්. අපි දෙන්නම තිගැස්සෙනවා.

"හෙලෝ."

"මට ඇන්ඩි ග්‍රි‍ෆිත්ස්ට කතා කරන්න පුලුවන්ද?"

"කතා කරනවා."

"හෙලෝ ඇන්ඩි, මම ක්‍රිස් රොබින්ස් BBB FM එකෙන්."

මගේ බඩ එක පාරටම හිරි වැටිලා යනවා වගේ මට දැනෙනවා. වැඩේ ගස් වගේ.  මේකා කොහොමද දැනගත්තේ මම ඒකා වගේ පෙනී ඉඳලා වංචාවක් කලා කියලා?  මාර්වින් ආපහු කෝල් එකක් අරන් චෙක් කරන්න ඇති මේක ඇත්තක්ද, බොරුවක්ද කියලා.  බොරුවක් බව දැන ගත්ත ගමන් මාව සැක කරන්න ඇති.

"කවුද බං ඒ ගමන ඔය?" ඩැනී අහන්නේ මගෙන්. මම රිසීවරය අතින් වහගන්නවා.

"ක්‍රිස් රොබින්ස් බං. බුවා සීන් එක දැනගෙන වගේ. දැන්  මං මොකක්ද කියන්නේ?"

"කතා කරපං.  පොරට ඒක ඔප්පු කරන්න බෑනේ."

"ඇන්ඩි, " ක්‍රිස් අහනවා. "ඔයා අහගෙනද ඉන්නේ?"

"ඔව්, ඔව්. මේ අහගෙන ඉන්නේ."

"මම හිතුවා සද්දයක් නැති වෙනකොට ඩිස්කනෙක්ට් වුනාවත්ද කියලා."

"නෑ. මට මේ පුදුම හිතුනා, ඒකයි. ඉතින් ක්‍රිස් මගෙන් මොනවද කෙරෙන්න ඕනේ?"

"ම්ම්ම්... මම මේ දැන් කුසපත් ඇදලා ඔයාගේ නම  ‍තෝරාගත්තා 'බෝම්බයයි-ඔබයි' ක්‍රීඩා කරන්න. නමුත් ඔයා අකමැතිනම්..."

"පිස්සු කතා කරනවද ක්‍රිස්?" මට කෑ ගැස්සෙනවා. "මම අකමැති වෙන්නෙ මොකෝ? "

මේක නම් හීනයක් වගේ.  මෙහෙම දෙයක් වෙන්න පුලුවන් සම්භාවිතාවය කීයද? මිලියනයකට එකක්? හපොයි වෙන්න බෑ. සමහරවිට ට්‍රිලියනයකට එකක් වගේ...

"හොඳයි ඇන්ඩි, එහෙනම් සූදානමින් ඉන්න. අපි තව මොහොතකින් ඔයාගේ කටහඬ ගුවනට මුසු කරනවා.  ඊට කලින් අපේ අනුග්‍රාහක භවතුන්ගේ ප්‍රචාරක දැන්වීම් කීපයකුත්, ඉන් පස්සේ අපේ BBB FM තේමා වාදනයත් ඔයාට ඇහේවි. තේමා වාදනයට පස්සේ අපි තරඟය පටන් ගන්නවා... ම්ම්ම්... ඒක නෙවෙයි ඇන්ඩි තව පොඩි දෙයක් තියෙනවා."

"ඕව්?"

"ඔයාගේ රේඩියෝ එක ඕෆ් කරන්න. මොකද අපි තප්පර 10ක ප්‍රමාදයක් ඇතිව විකාශනය කරගෙන යන නිසා රේඩියෝ එකදාලා තිබ්බොත් ඒක තරමක් පැටලිලි සහගත වෙන්න පුලුවන්."

"හරි."

ටෙලිෆෝන් රිසීවරය තුලින් මට ඇහෙන  'චීපීස් - කාපට් පිරිසිදු කිරීමේ අග තැන්පත්  විශේෂඥයෝ' දැන්වීමේ, පුදුමාකාර සමීප බවක්, හුරුපුරුදු බවක් මට දැනෙන්නේ. මේ මොහොතේ ඩැනියා මා ලඟම හිටියේ නැති නම්, මම අනිවා සැක කරන්නේ ඌ මාව අන්දන්න හදනවා කියලා.

ඔන්න සුපර් මාකට් දැන්වීමට පස්සේ BBB FM තේමා වාදනය. වල්ගාතරු, සමග උල්කාපාත නැවතත්..."BBB FM, Taking you back to the sixties and seventies.. ටැං ටිං ‍ටුං ටිංගලිං ලිං"

ක්‍රිස් රොබින්ස්ගේ හඬ.

"සුභ සන්ධ්‍යාවක්. මේ ඔබේ ප්‍රියතම චැනලය BBB FM. මම ක්‍රිස් රොබින්ස්.  මේ පැයේ, 'බෝම්බයද- ඔබද' තරඟ කිරීමට දුරකථනය ඔස්සේ අප සමඟ එකතු වෙලා ඉන්නවා, ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් . ඉතින් කොහොමද ඇන්ඩි?"

"හොඳින් ඉන්නවා."

"අහන්නත් සතු‍ටුයි, අද හවස මොනවත් විශේෂ දෙයක් කලාද ඇන්ඩි?"

කොහොමද මම මේ යකාට කිව්වොත්, අද හවස මම බුවා වගේ රඟපාලා ෆෝන් එකෙන් එකෙකුට බෝම්බයද ඔබද ලණුවක් ගිල්ලවලයි මේ ඉන්නේ කියලා. පට්ට අයිඩියා එක, නමුත් මට මේ සල්ලි ඕනෙ කරනවා මේ මොහොතේ.

"එහෙමට දෙයක් කලේ නෑ."

"නියමයි, නියමයි!  ලෑස්තිද බෝම්බයයි-ඔබයි ක්‍රීඩා කරන්න?"

"මම ලෑස්තියි."

"හොඳයි එහෙනම් - ඇන්ඩි  දන්නවනේ තරඟයේ නීති රීති, නේද?"

"ඔව් මම දන්නවා,"

මම එහෙම කිව්වත් ක්‍රිස් නීති රීති නැවත මතක් කරනවා.

"හොඳයි එහෙනම් මෙන්න අපි ටයිමරය ඔන් කරනවා."

ටික් ටික්...ටික් ටික්...

"ඩොලර් විස්සයි," අභ්‍යාවකාශයෙන් එන හඬ කියනවා.

ටික් ටික්...ටික් ටික්...ටික් ටික්...ටික් ටික්...

මට හිතෙනවා විස්සෙන් සෑහීමකට පත්වෙලා ටයිමරේ නවත්තන්න කියන්න. මේ බෝම්බ විශ්වාස කරන්න බෑ. සමහර වෙලාවට ‍ෆියුස් එක හරිම කොටයි. ඩෝං ගාලා පුපුරනවා. 

"ඩොලර් විසි පහයි."

ටික් ටික්...ටික් ටික්...ටික් ටික්...ටික් ටික්...

"ඩොලර් එකසිය හතලිස් අටයි."

දැන් නම් මට මේක නවත්තන්නම ඕනෙ. නමුත් කට ඇරියට වචන පිටවෙන්නේ නෑ. මාව ගල් ගැහිලා.  අනේ මට තව...

"ඩොලර් දෙසිය අනූවයි"

ටික් ටික්...ටික් ටික්...ටික් ටික්...ටික් ටික්...

"ඩොලර් හාරසිය හැට හයයි."

දැන් නම් 'ටික්-ටික්' සද්දේ මගේ කන් බිහිරි කරවන තරම් . දැන් කොයි වෙලාවේ හරි බෝම්බේ පුපුරනවා.  මගේ කෑලි කාමරේ පුරාම විසිරිලා යාවි.  ඒත් මම ගොලුවෙලා.

"ඩොලර් පන්සිය දෙකයි."

මට තවත් ඉන්න බෑ.

"නවත්තන්ඩෝ." මම කෑගහන්නේ යටි ගිරියෙන්.

"ඇන්ඩි?"

"ඔව්?"

"ඔයා දන්නවද ඔයා දැන් කරපු දේ?"

"ඔව්," මම කියන්නේ හීනෙන් වගේ.

"ඇන්ඩි ඔයා ඩොලර් පන්සිය දෙකක් දිනුවා. මොකක්ද ඔයාට කියන්න තියෙන්නේ ඒ ගැන?"

මම ආයෙම ගොලු වෙලා.

ඩැනියා උඩ පනිනවා.

"කීයක්ද  (ඩැනියා ගුවනේ) මචං (ඩැනියා බිම)?
"කීයක්ද  (ඩැනියා ගුවනේ) මචං (ඩැනියා බිම)?
"කීයක්ද  (ඩැනියා ගුවනේ) මචං (ඩැනියා බිම)?
"කීයක්ද  (ඩැනියා ගුවනේ) මචං (ඩැනියා බිම)?

"ඩොලර් පන්සිය දෙකයි." මම කියනවා.

ඩැනියා හූ කියමින් උඩ පනිනවා.

"දාපං පහාක්! දාපං පහාක්"  ඩැනියගෙයි මගේයි අත්ලවල්, අපේ හිස් වලට උඩ අවකාසෙදි 'චටාස්' හඬින් එකට ගැටෙනවා.

"ඒක නෙවෙයි ඇන්ඩි," ක්‍රිස් කියනවා. "ඔයා මොනවද කරන්න යන්නේ මේ මුදලින්?"

එවරස්ට් කන්ද තරම් උස මාර්ස් චොක්ලට් බාර් කන්දක් මගේ ඇස් ඉදිරිපිට මැවිලා, ටිකකින් මතුවෙන දැවැන්ද සීඩී කුලුනකටත්, පපුවට දෝයි දෝයි ගාලා වදින සබ් වූෆර් එකක් තියෙන, කං අඩි පැලෙන චැනල් 7.1 සරවුන්ඩ් සවුන්ඩ්  සිස්ටම් එකක හඬ සමගත්  මුසු වෙනවා. ඩිහ්හ්-ඩිග්ග්, ඩිහ්හ්-ඩිග්ග්, ට්ෂ්-ට්ෂ්, ඩිහ්හ්-ඩිග්ග්, ඩිහ්හ්...ඒ දර්ශනය මැකී ගිහින් මතුවෙන්නේ  ඇස් නිලංකාර කරමින් දැල්වෙන,  නිවෙන,  පාට පාට එලි, මල් වෙඩි සමග, ආර්කේඩ් එකේ ගත කරන සති අන්තයක්.

ඒත් ඒ එක්කම මට මතක් වෙනවා...


මාර්වින්වයි අම්මවයි.


"මට ඒක හරියට කියන්න බෑ, ක්‍රිස්," මම කියනවා. "සමහරවිට මම ඒක මගේ යාලුවෙකුට දෙන්නත් ඉඩ තියෙනවා."

ඩැනී ඇහිබැම උඩ දානවා.

"ඒක ඔයාගේ කැමැත්තක් ඇන්ඩි." ක්‍රිස් කියනවා. "එහෙනම් අපේ උණුසුම් සුභ පැතුම්!  අපිට ඔයා ගැන තව විස්තර ටිකක් අවශ්‍ය කරන නිසා තව පොඩ්ඩක් වෙලා අපිත් එක්ක රැඳිලා ඉන්න. එතෙක් ඔබේ රසාස්වාදයට සඳහාම  අපි ඔබට ගීතයක් ඉදිරිපත් කරනවා. ඇන්ඩි, ටොම් ජෝන්ස්ට කැමතිද?

මට ටොම් ජෝන්ස් පේන්න බෑ. නමුත් ඩොලර් පන්සිය දෙකකට මම ඕනෙ දෙයක් කියන්න ලෑස්තියි අද.

"ටොම් ජෝන්ස්ට කැමතිද? කැමතිද නෙවෙයි මම පට්ට ලයික්! ටොම් ජෝන්ස් මගේ ෆේවරිට්"

"ඇත්තට? එහෙනම් මේ ඔබ වෙනුවෙන්මයි. ටොම් ජෝන්ස්, ඒ උපන් ගමේ නිල් තණ යාය ගැන ගයන්නට," ක්‍රිස්ගෙ වචන  ඇහෙන්නේදැනටම පටන් ගත්ත ටොම් ජෝන්ස්ගේ Green Green Grass of Home ගීතයේ ආරම්භයට උඩින්.

"මේ ඇන්ඩි ග්‍රි‍ෆිත්ස්ෆ්ගේ වගේම, ඔබේත්, ඔබේ මිතුරන්ගේත් සිහින සැබෑ කරන, BBB FM!
The old home town looks the same (උණුසුම් සුභ පැතුම්, ඇන්ඩි!")
as I step down from the train,"(ස්තුතියි, ක්‍රිස්.")
and there to meet me is my Mama and Papa.
Down the road I look and there runs Mary
Hair of gold and lips like cherries.
It's good to touch the green, green grass of home.
Yes, they'll all come to meet me, arms reaching, smiling sweetly.
It's good to touch the green, green grass of home.
The old house is still standing
tho' the paint is cracked and dry,
and there's that old oak tree I used to play on.

Down the lane I walk with my sweet Mary,
Hair of gold and lips like cherries.
It's good to touch the green, green grass of home.
Yes, they'll all come to meet me,
arms reaching, smiling sweetly.
It's good to touch the green, green grass of home...

Then I awake and look around me
At four gray walls that surround me
And I realize - yes - that I was only dreaming.
For there's a guard and there's a sad old padre
Arm in arm we'll walk at daybreak.
Again I'll touch the green, green grass of home.

Yes, they'll all come to see me in the shade of that old oak tree
As they'll lay me neath the green, greeeen gra...ss o.....f ho...me.

මට කැරකිල්ල වගේ.  මම මේ ලෝකෙ ඉන්න ලොකුම වාසනාවන්තයද, නැතිනම් ලොකුම අවාසනාවන්තයද කියලා  මම කල්පනා කරනවා. 

හරි මම ටොම් ජෝන්ස්ට කැමතියි කියලා, ගල්-පැලෙන-පට්ට-පල්-බේගලයක් අතාරින්න වෙච්ච එකත් කමක් නෑ කියාපංකො. මේ මගේ නමින් ටොම් ජෝන්ස්ගේ සින්දුවක් දාපු එක නම් අන්තිම ශෝචනීයයි! මම කොහොමද හෙට ඉඳන් අනිත් උන්ට මූණ පෙන්නන්නෙ?  ඇඬෙනවා තනි ඇහැට!

"උඹ ඒ සල්ලි මට දෙන්නද යන්නේ, මචං?" ඩැනී අහන්නේ  කට කනේ තියාගෙන. උගේ කෙල කාපට් එකට බේරෙන්නෙ ඔන්න මෙන්න!

"පිස්සුද උඹට," මම කියනවා. "කවුද එහෙම කතාවක් කිව්වේ?"

"ඇයි දැන් උඹනේ කිව්වේ, උඹ ඒ සල්ලි යාලුවෙකුට දෙන්න යනවා කියලා."

"ඔව්, ඒ වුනාට ඒ උඹට නෙවෙයි."

"එහෙනම් කාටද?"

"මාර්වින්ට."

ඩැනියගේ කට ඇරිලා නිකට බිම ඇතිල්ලෙන්නම. 

"අනේ ප්..පලයං බොරු නොකියා."

"බොරු නෙවෙයි මචං. ඇත්ත."

"ඒ  ඔක්කොම සල්ලි?"

"නෑ. ඔක්කොම නෙවෙයි. අපි මාර්වින්ගේ ණය ගෙව්වට පස්සෙ, ඩොලර් දෙකක් ඉතුරු වෙනවා.  උඹ කැමති නම් මම උඹට ඒකෙන් හරියටම බාගයක් දෙන්නම්."

"තැංක් යූ මචං." ඩැනියා කියන්නේ බිම බලාගෙන. "උඹ නම් නියම බොක්කක්."

"අයියෝ, ඕවා නම් මොනවද මචං?.  ඔහොමත් නැතිනම් මොනවටද අපේ යාලුකං?




නිමි.



Simulblogged @ මට හිතෙන හැටි WordPress Lovers.

ඕස්ට්‍රේලියානු ලේඛක Andy Griffiths ලියූ, Just Joking කෙටි කතා එකතුවේ පළවූ BEAT THE BOMB කතාවේ සිංහලානුවාදයි. 




115 comments:

  1. හපොයි දෙයියනේ ඇඩෙනවා නේන්නං තනි ඇහැට.....! මේක යකාගේ විහිලුවක් වුනානේ. කතාවේ කොතනින් අල්ලාගත්තත් සෑහෙන්ඩ හිතන්න දේවල් තියෙනවා.

    අරුං දෙන්නා තව පැයක් ඉවසුවා නං අර අලුගුත්තේරු වැඩේ කරන්න දෙන්නට ඩොලර් 502 ක් හම්බෙනවා. ඕන්නං දැන් වුනත් ඒක තියාගන්න තිබ්බා. කොහොම වුනත් මුං හිත හොඳ කොල්ලෝ දෙන්නෙක්!

    උඹේ පරිවර්ථන හැකියාව නං - එක්කෝ ඕන්නැ... හැමදාම ඕක කියන්න ඕනෙ යැයි! :D

    ReplyDelete
    Replies
    1. උඹට තිබුන්නැද්ද තව විනාඩි 5 ක් ඉවසන්න කොමෙන්ට් එක පබ්ලිෂ් කරන්න ඉස්සෙල්ල. :D

      Delete
    2. ඇඬෙනවදත් අහනවා බං බුද්ධි. මටත් ඇඬුනා තනි ඇහැට. ඒක නේන්නං. සමහරවිට ඌ ඔය ප්‍රෑන්ක් එක කරලා තිබ්බේ නැතිනම් ඌ ඩොලර් පන්සිය දෙකකට ගාන නගිනකල්ම බලා නොඉන්නත් තිබ්බ කියලා මට හිතෙනවා.

      කමක් නෑ බං ඩොලර් දෙකක් තියෙනවනේ.

      බොහොම ස්තුතියි බං.

      Delete
  2. ට්‍රිලියනයකට එකක්වත් මේක වෙන්න බෑ. හරිම අසාධාරණයි.

    අර චිත්‍රෙ කාර් එකක්ද හෝදන්නෙ කළු ගලක්ද?

    ReplyDelete
    Replies
    1. උඹට කා වොෂ් එකේ පෙණ නිසා එහෙම පේන්නේ බොල. මේක කලු පාට නිසාන් සෙරීනා එකක පස්ස පැත්ත. :))

      ස්තුතියි ප්‍රසන්න. :)

      Delete
    2. මෙච්චර ලස්සන කාර් තියෙද්දි කළු පාට කාර් එකක්ම අඳින්න මතක් වුන එකනේ වැඩේ..!!

      Delete
    3. කොච්චර ලස්සන වාහනයක් වුනත් ඇඩක් ඇතියැ සබන් පෙණ වලට වැහිලා තියෙනකොට. මේක වෑන් එකක්නේ රූ. :)

      Delete
    4. ඒ මදිවට හෝදන්නෙත් [co="red"]පස්ස පැත්ත[/co]

      Delete
    5. රූ,

      මෙච්චර ලස්සන කාර් තියෙද්දි කළු පාට කාර් එකක්ම අඳින්න මතක් වුන එකනේ වැඩේ..!!// කලු අය හෝදන්න කැමති කලු කාර්!:D

      Delete
    6. මචං මම හිතුවෙත් උන් දෙන්නා කළු ගලක් හෝදනවා කියලමයි.

      Delete
    7. යකෝ මම හිතුවෙ අලියෙක් නාවනව කියල..හික්..හික්..!

      Delete
    8. උඹලා මාර ෆන් එකක් ගන්නවනේ බොලව් ඒ චිත්‍රෙන්. ඕක වෑන් එකක් වගේ පේන්න ලා පාටකින් ඇන්දනම් කිසි ගතියක් නෑ මම හිතන්නේ. y-)

      Delete
  3. BBB FM ඇත්තටම ඇන්ඩිට කෝල් කරාද ?
    ඇන්ඩි ඇත්තටම ඩොලර් 502ක් දිනුවද ?
    මාර්වියා මුන් දෙන්නව ඇන්දුවද ?

    නොවිසඳුන ගැටලු !!

    මම කලින් පෝස්ට් එකේදි ඇන්ඩියට එරෙහිව දාපු කමෙන්ට් එක ඉල්ලා අස්කරගන්නවා.. ඔව් ඌ හොඳ එකා. :( ඒත් මිනිහා ඔය කියන තරම්ම බොක්කක්ද ? මට හිතෙන්නෙම ඩූඩ්ගෙ බොක්කත් ඌට එකතුවෙලා වගේ..

    ReplyDelete
    Replies
    1. ඔච්චර සැක හිතන්න එපා බං. :)

      BBB FM ඇත්තටම ඇන්ඩිට කෝල් කලා. කිව්වත් වගේ මූ ඇප්ලිකේෂන් 15ක්ද කොහෙද දාලත් තියෙනවනේ.

      මාර්වියා ඇත්තටම අහිංසක පොරක්. ඒකනේ ඌ නිතරම මුන්ගේ බයිට් එක වෙන්නේ. මේ ඌ කරපු වැඩක් නෙවෙයි නෙවෙයි. පව් බං. :((

      මිනිස්සු සමහර වෙලාවට අදහාගන්න බැරි වැඩ කරනවා හැඟීම් උත්සන්නවුනාම. සමහරවිට වරදකාරී හැඟීම්.

      Delete
    2. ආඅහ් මට මතකම උනානෙ මූ ඇප්ලිකේශන් දාපු බව...

      Delete
  4. කතාව ටිකක් සීරියස් උනා නේ. කමක් නැහැ මොනවා වුනාත් හිත උණුවෙන කොල්ලෝ දෙන්නෙක්.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි. ඔය දඟකාරකම්කලාට සමහර කොල්ලන්ගේ හිත මල් වගේ තමයි. :)

      Delete
    2. හරියට මගේ වගේ.

      Delete
  5. ඇන්ඩිත් බලාගෙන යනකොට හිත උණුවෙන පොරක්නේ..!

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. මේ අපි වගේ තමයි රූ. :-f

      Delete
  6. ඩූඩ් බලාපොරොත්තු නොමැති ආශ්වාදනිය අවකාශයක්. පුදුමාකාර රසයක් වින්දා මේ කතාවෙන්. අර චිත්‍රයත් ජීවමානයි. සබන් පෙන ඒ විදියටම තමා. උපරිමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් නලීන්. මේ චිත්‍රේ ඇඳලා ඒකේ ගෑවා ටූත් පේස්ට්. මම පොඩි කප් එකකට දියකලා හෑන්ඩ් වොෂ් එකක්, ඊට පස්සෙ ඒකට ස්ට්‍රෝ එකක් දාලා පිඹලා පෙණ ඇති කරලා ඒක හැලුවා අච්චර මහන්සිවෙලා ඇඳපු චිත්‍රේ උඩට. මම පෙණ හලද්දි චූටි පුතා ෆෝටෝ එකක් ගත්තා. :D

      බොහොම ස්තුතියි මචං නලීන්.

      Delete
    2. මාර චිත්‍ර ඇඳිල්ලක්නෙ මේක...

      එහෙනම් Henry Blogwalker & Son's creations කියලා දැම්මනම් තමා වඩා හරි ... :D

      Delete
    3. මටත් හිතාගන්න බැරුව ගියා එක පාරටම මුන් දෙන්නා හෝදන්නේ කළු ගලක්ද කියන එක. ඒත් කමක් නෑ චිත්‍රෙ සබන් පෙන ටිකනම් පට්ට ගතියට ඇඳලා තියෙනවා ඒ ගැනවත් අගය කරන්න ඕනි කියලා හිතාගෙන ආවෙ. පෙන ටික ඔයා නොඇන්දට කරපු නිර්මාණයනම් බොහොම අගෙයි. නිර්මාණයකදී එක මාධ්‍යයක් මත්තෙම නහින අයට මේක හොඳ පාඩමක්.

      Delete
    4. බොහොම ස්තුතියි අකමා, උඹ මගේ චිත්‍ර වල ලොකුම රසිකයෙක් වීම ගැන. :-h

      Delete
  7. ඇන්ඩියා වගේ උන් ඔහොම තමයි බං. ඒ වගේ උන් තමයි. හැලපේ, උඹලා වගේ මිනිස්සුත්. උඹ උනත් මේ කතා ලියන්නේ උඹ ඇතුලෙත් ඇන්ඩියෙක් ඉන්න නිසානේ. මේකනම් බොක්කට වැදිලා කූල් වෙලා ගියා.....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මාතලංතුමා. මම හිතුවා උඹ මේකට හුඟක් කැමති වෙයි කියලා. :)

      Delete
  8. මං හිතුවා ඇන්ඩියට කළ කම් පල දේ වැඩක් වෙයි කියලා... මර්වියා අනිත් පැත්තට මූට ලණුවක් දීලා තිබ්බනං... අර කෝල් කරපු වෙලාවේ කියපු ඔක්කොම බොරු කියලා.. මර්වියයි අම්මයි උඩ පැන පැන හිනාවෙනවා වගේ සීන් එකක්...

    මේකත් නරක නෑ.... ඒත් හිනාවෙනවට වඩා දෙයක් දැනෙනවා....

    ReplyDelete
    Replies
    1. ඔව් මාත් හිතුවේ හිනාවත් එක්කම තවත් යමක් මේකේ තියෙයි කියලා තමයි හිරූ.

      මාර්වින් එහෙම කට්ටයෙක් නම් ඒක මුන් දෙන්නා අතින් ඔච්චර බයිට් වෙන්නේ නෑ නේද? ඌ එච්චර තැලිලා පොඩිවෙලා තියෙන එකෙක් නෙවෙයි.

      Delete
  9. සුපිරියි ඩුඩ්. ගොඩාක් හිතන්න පුලුවන් කතාවක්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ජෝනා. මටත් එහෙම හිතුනා.

      Delete
  10. හොද වැඩේ ඇන්ඩියාට, බලාගෙන ගියාම කොල්ලා නරකමත් නැහැනේ ..නේද ?

    ReplyDelete
    Replies
    1. මාත් කියන්නේ ඌ හොඳ බොක්කක් කියලා. ප්‍රතිරූප ගොඩනගා ගන්න එපා කියන්නේ ඕකයි.:)

      Delete
  11. ඔතන ඇත්තටම වෙච්ච් දේ හෙන්රීස් උඹ දන්නෙ නෑනෙ...ඇන්ඩිය ෆෝන් එක තිබ්බට පස්සෙ මාවිය කතා කරනව ක්‍රිස්ට . නෑ..සැකයක් හිතල නෙවෙයි...ආයෙම ස්තූති කරන්ට..ක්‍රිස් හොල්මන් ද පොල්කොල වෙනව...ඒත් මිනිහ පාවිච්චි කරනව කිඩ්නිය....කෙලින්ම තමුසෙට පිස්සුද ඕයි..අපි එහෙම ඩොලර් පන්සීයක් දෙන්න පොරොන්දු උනේ නෑ කියල හොම්බට කිරි ගහෙං ඇන්න වගෙ කියන්නෙ නැතුව..හීන් නූලෙං අහගන්නව අහනව කීයටද කෝල් එක ආවෙ වගෙ විස්තර. ඒ කරල ට්‍රේස් කරල බැලින්නං මෙන්න පොර...ඇන්ඩිය අහුවෙනව.

    ක්‍රිස්ගෙ ටීම් එක කතා කරනව මොකද දැං කරන්නෙ කියල...මාවියව ඩිසපොයින්ට් කරන්නත් බෑ. අනික් අතට ඩොලර් 500 දුන්නෙ නැත්තං BBM FM එකේ නම තමයි කැත වෙන්නෙ. මාවිය ගම හැමතැනම කිය කිය ඇවිදියි BBM FM එක කියන්නෙ නීල හොරු රැලක්ය කියල.

    ඇන්ඩිය ලව්වම තමයි වැඩේ ගොඩ දාගන්ට පුළුවන්ය කියල තීරණය කරල ක්‍රිස්ල ඒ මොහොතෙම ඇන්ඩියගෙ ගේ ළඟට State of the art long distance listening devices තියන ට්‍රක් එකක් එවල ඇන්ඩියයි ඩැනීයි කතා කරන එව්වට ඇහුංකං දෙනව. ඇන්ඩියට තණකොල කපල කාර් හෝදල මේ කපේදි ඩොලර් 500 හොයාගන්න බැරි බව ආය කියන්ටත් දෙයක්ය....වැඩේ පරක්කු වෙන්ට පරක්කු වෙන්ට උංගෙ චැනල් එකේ නම තමයි සවුත්තු වෙන්නෙ. එතකොට ඔන්න ක්‍රිස්ලට මීටර් වෙනව ඇන්ඩි ඔය Beat the bomb තරඟෙට ඇප්ලයි කරලයි තියෙන්නෙ කියල...ඔන්න ක්‍රිස්ගෙ කිඩ්නිය වැඩ කරනව Over drive...ගන්නව කෝල් එකක් ඇන්ඩිට…You know the rest

    ප.ලි - ඇන්ඩිය බැරි වෙලාවත් ඩොලර් 500 ට එන්ට කලින් Stop කියල කිව්වොත් එහෙම ඒක රෙකෝඩ් නොකර කොහොම හරි ඇන්ඩියට ඩොලර් 500 දිනාගන්ට දෙන්නත් එයාල ප්‍රෝග්‍රෑම් කරගෙනයි ඉන්නෙ...

    ReplyDelete
    Replies
    1. හි හි... මේක තමයි දවසේ කමෙන්ට් එක මං හිතන්‌නේ...

      Delete
    2. ඇඩෙනවා බොල රවියගේ කිඩ්නියට තියෙන හිතීමේ හැකියාව ගැන සිතනකොට....

      Delete
    3. කදිම අදහසක්

      Delete
    4. ඉතින් බන් රවි අයියේ, ඔච්චර ජහනයක් කර කර දගලන්නැතුව කෙලින්ම අරූට (මාර්වියට) ඩොලර් පන්සීය යැව්වනම් ඉවරනෙ බන්.. මුන් ටිකක් වැඩේ ත්‍රාසජනක කොරලා දෙන්නද එහෙම කරලා තියෙන්නෙ.. ??? ආන්න ඇන්ඩියා යාළුවගෙ බහට අවනත වෙලා ඩොලර් පන්සීය තියා ගත්තනම් එහෙම FM කාරයට බඩුම තමා.. මොකෝ ඇන්ඩියට කියන්නයෑ ඕකා දැන් අරූට දීපන් කියලා.. :D

      Delete
    5. සෙන්නා,

      පිස්සුද බොල?....එහෙම කරල කොහොමද?..මේක ඇතුලෙ තියනව ලොකු අභ්‍යන්තරයක් ..තේරුනාද බොට?

      එහෙම ක්‍රිස් ගොයිය නිකම්ම සල්ලි යවල අත පිහද ගත්තනං අපෙ ඇන්ඩිය ඕකෙං පාඩමක් ඉගෙන ගන්නෙ නෑනෙ..ඌ බලනව මේක මරු ආතල් එක...කිසි ප්‍රශ්නයක් නෑ මට තියෙන්නෙ හිතෙන හිතෙන එකාට ලණු දෙන්ට විතරයි BBM FM එකෙං සල්ලි දෙනවනෙ කියල ඌ හතර අතේ කරයි ඔය වැඩේ...දැං මෙහෙම කලාම ඇන්ඩිය දන්නෙ නෑනෙ ඇත්ත සීන් එක. ඌ හිතන්නෙ උගෙ පූරුවෙ වාසනාවකට වැඩේ කැරකුන නැත්තං ඌ අනාතයි කියල...ආය ජීවිතේට ඌ ඔහොම එකක් කරන්නෙ නෑ ඒ නිසා...හෙහ්, හෙහ්

      Delete
    6. හිරු, බුද්ධි සහ නලීන්...

      ස්තූතියි :)

      Delete
    7. හෆ්ෆටසිලි, ඒ අස්සෙ ෂර්ලොක් හෝම්සුත් ඇවිත් ගිහින්. හෙහ් හෙහ් හෙහ් ....

      Delete
    8. @ රවී

      හරි හරි.. ඒකයි මේ හොරේ නේද.. දැන් ඔක්කොමල්ලා ගොඩ.. :D යකෝ ඇන්ඩිටවත් මේක මෙහෙම වෙයි කියලා හිතෙන්ඩ නැතුව ඇති.. :)

      Delete
    9. උඹ මේ ඔක්කොම කතා කියන්නේ රවී අර ඩොලර් දෙසිය පනහ දෙන්න වෙනවට කියලයි මම හිතන්නේ. බලපං ඒ ගානෙන් මොන තරම් හොඳ කමෙන්ට් එකක් බිහිවෙලාද කියලා. :))

      Delete
  12. ONNA OYAGE KATHAWA BELUWA. MENNA MEKATH TIKAK BALANNAKO " FACE BOOK OF ASHAN SHAMIKA BANDARANAYAKA"

    ReplyDelete
    Replies
    1. ඩේටා හුට පටේ හදාගත්තාම බලන්නම්. ස්තුතියි.

      Delete
  13. oyage Translate hakiyawata adenawa tani ahata. niyamai.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සංජීව. අමාරුවෙන් කොටන කමෙන්ට් එකේ පුදුම වටිනාකම තියෙන බව මතක තියාගන්න.

      Delete
    2. ea Comment ekta oyalage Reply ekyat mara watinakama Ayyandi apit.
      Jayawewa

      Delete
  14. මේකට තමයි කියන්නේ පන පිහිටවලා ලියනවා කියලා. මේ ලියලා තියෙන්නේ මේ චරිත අපේ හිත ඇතුලේ මහ හඬින් දෙබස් කියන ආකාරයට. ඊළඟට මොකක්ද කියන්නේ අති විශිෂ්ඨයි කිව්වම පරණ වැඩියි. හෙන්රි උඹනම් නියම කොල්ලෙක් කියන්නම්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. >>චරිත අපේ හිත ඇතුලේ මහ හඬින් දෙබස් කියන ආකාරයට.<<

      මේකට නම් මට හිනා ගියා.

      ඇත්තෙන්ම කිව්වොත් මම එහෙම කරනවා.

      විචාරක දන්නවද අර...

      ඩැනියා උඩ පනිනවා.

      "කීයක්ද (ඩැනියා ගුවනේ) මචං (ඩැනියා බිම)?
      "කීයක්ද (ඩැනියා ගුවනේ) මචං (ඩැනියා බිම)?
      "කීයක්ද (ඩැනියා ගුවනේ) මචං (ඩැනියා බිම)?
      "කීයක්ද (ඩැනියා ගුවනේ) මචං (ඩැනියා බිම)?


      ...කෑල්ල ලියන්න මම බාත් රූම් එකට ගිහින් උඩ පැනලා බැලුවා. :D

      බොහොම ස්තුතියි විචාරක ඒ නොමසුරු පැසසුමට. :-h

      Delete
  15. අනේ බං හෙන්රි අයියෙ මටත් ඔය වගේ බෝම්බ සෙල්ලම් කරන තැනක් නැද්ද තැපැල් පත් ටිකක් යවන්න...ඇයි බොලං කජු ඇටද කොස් ඇටද...ගෙඩි පිටින් ඩොලර් නොවැ....

    බ්ලොග්වෝකර්ගෙ වචන වලට ගහන්න සූරයෙක් තවත් නෑ...පරිවර්තනයක් කියලා දැනෙන්නෙවත් නැති වෙන්න වැඩේ දීලා තියෙනවා කිරි ගහට මන්නෙන් කෙටුවා වගේ....

    අර සිත්තරේ සබන් පෙණ බොහොම තාත්විකයි...ඒ ටික ෆොටෝෂොප් ද?

    අපිට ජය වේවා ! යහමින් ඩොලර් ලැබේවා !

    ReplyDelete
    Replies
    1. මගේ පාට්නර්, උඹ මෙහෙම හරි ඔලුවදාලා යන්න ඔය වැඩ රාජකාරි අස්සේ එන එකත් ලොකු දෙයක්.

      කජු ඇටද, කොස් ඇටද! ඒකනේ බං! අපේ අර ඩූඩ්සිරා බෑග් වැඩේ වැඩ කලානම් කොහොමද? ඔහේ නෑනේ බං මුල් ඇඳුම ඇඳන් කසාද බඳින උන්, නැද්ද?

      සබන් පෙන තාත්වික, ඒවා ඇත්ත සබන් පෙණ නිසාමයි. අන්න උඩ කමෙන්ට් එකක මම ඒක දාලා තියෙනවා.

      ඒ ප්‍රාර්ථනාව උඹටත් ඒ අයුරුන්ම වලංගු වේවා.
      අපිට ජයම වේවා.

      Delete
    2. ෆොටෝෂොප් වලින් අපි ලේසියෙන් කරන වැඩේ මැනුවල්ම කරලා... නියමයි...ඔච්චර කැපවීමෙන් බොගක් ලියනවා කියන්නෙ කොච්චර වටිනවද...මමත් එහෙම කැපවෙලා ලියන එකෙක්..

      එහෙනං නැවත වාරයක් අපිටම ජය වේවා !

      Delete
  16. mamath hithuwe andiyath adala thama kiyala

    ReplyDelete
    Replies
    1. Nssan serena da anna vaahana(matath thiyena nisa)

      Delete
    2. හරි දැන් කොහොම හරි වැඩේ සිද්ද වුනානේ, නැද්ද?

      නිසාන් සෙරීනා මම ආසම වාහනයක් දමිත්. නමුත් දන්නවනේ ලංකාවේ වෙනම වාහන සංකෘතියක් තියෙනවනේ අපිට අනුගත වෙන්න සිද්ද වෙන. මම සෙරීනා එකක් අතගාලා බලලා ටවුන් ඒස් එකක් ගත්තා මොකද මාකට් එක වැඩි ටොයෝටා එකේ නිසා. ඇත්තෙන්ම ඒක එහෙම තමයි. ටවුන් ඒස් එකත් නියම බඩුවක් තමයි, නමුත් මට පාරේ යන සෙරීනා එකක් දැක්කාම කෙල ගිලෙනවා බං තාමත්. :))

      Delete
  17. මුලින් නම් මටත් හිතුනෙ මාර්වින් මේ දෙන්නට ලණුවක් දෙනව කියල. ඇත්තටම ඇන්ඩි හරිම හොඳයි. ඩොලර් පන්සීයක් මාර්වින්ට දීල ඉතුරු ඩොලර් දෙකෙනුත් එකක් ඩැනීට දෙන්න තරම් ඇන්ඩි හිත හොඳ කොල්ලෙක්. හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ අර Green green grass of home සිංදුවට එක එක ඒවා කියපු එක... මොකද ඒක මගෙ ප්‍රියතම ගීතයක් :)

    තව දෙයක් ඩූඩ් ඇඳල තියෙන චිත්‍රෙ හරිම තාත්විකයි. අර සබන් පෙන ඒ විදිහට ගත්තෙ කොහොමද කියල අහනවමයි කියල හිතාගෙන එනකොට ඩූඩ් ඒකට උත්තරෙ දීල තියෙනව දැක්ක.

    ReplyDelete
    Replies
    1. මට ඉස්සෙල්ලම කියන්නකෝ මේ Chams කියන එක සිංහලෙන් චාම්ස් කියලා ගැහුවොත් හරිද කියලා. මොකද මම ඒක හරියට නොදන්න නිසයි අමතර කීස් දෙකක් ඔබන්නේ.

      ඇත්තෙන්ම ඇන්ඩි හිත හොඳ කොල්ලෙක් තමයි. ඒක මේ කතාවේ විතරක් නෙවෙයි. අර කේක් කතාවේ, කැරපොතු කතාවේ පවා සැඟවිලා තියෙනවා.

      සින්දුව ගැන කතා කලොත්, Chams, ඒක මගෙත් ප්‍රියතම එවර්ග්‍රීන් එකක්. මේක මම මෙතනට දැම්මේ පරම්පරා ගැ‍ටුම නියෝජනය කරන්නයි. ඇත්තෙන්ම ඔයා දන්නවද දන්නේ නෑ, මම මේ පරිවර්තන පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරනවා හැකි උපරිම වින්දනය ලබා දෙන්න. ඔරිජිනල් එකේ තියෙන්නේ වෙනත් නොදන්න ගායකයෙකුගේ නොදන්න සින්දුවක්, ඒකෙන් ඒ හැටි බලපෑමක් නැති වෙයි කියලා මම හිතපු නිසා, මම වැඩි දෙනෙක් දන්නවයි කියලා මම හිතපු මගේ ප්‍රියතම පරණ ගීතයක් මේකට දැම්මා.

      පරම්පරා ගැ‍ටුම කියන එක කොහෙත් තියෙන දෙයක්. සමහර විට අපි තරුණ කාලෙදි අම්මලාගේ කාලේ සින්දුවලට අකමැති ඒවා නරක නිසා නෙවෙයි, අර ගැ‍ටුම නිසා. ඒ වගේම ඒ බව කොයි කවුරුත් දවසක දැන ගන්නවා. ඒක නිසා ඇන්ඩි අරෙහෙම කිව්වට සින්දුවේ අගය අඩු වෙන්නේ නෑ. පරම්පරා ගැ‍ටුම සිහිවෙලා පොඩි හාස්‍යයක් ඇති වෙනවා විතරයි.

      අනික තමයි Chams, ඇත්තෙන්ම මුල් කතාවේ මෙහෙම සින්දුවේ වචන දාන්නේ නෑ. මේකෙ මුල් කොටසේ Crocodile Rock සින්දුවත් එහෙමයි. මම මේකෙන් උත්සාහ කලේ සින්දුව ගැනත් යම් කතිකාවක් ඇති කරලා රස විඳින්න. ඔයා දැක්කද මම සින්දුවේ මුල් පේලි දෙක අස්සට දෙබස් රිංගවලා කරපු පර්යේෂණය?

      Delete
    2. ඔව් ඩූඩ් චාම්ස් කිව්වම හරි :D

      ඇත්තටම ඩූඩ් මම මේ සිංදුව ගැන දැනගත්තෙ මගෙ මාමගෙන්. මාමා මේ සිංදුවට ගොඩක් කැමතියි. කොහොම හරි මුලින්ම මේ ගීතය අහපු දවසෙ ඉඳන් මාත් මේ ගීතයට ගොඩක් ආසා උනා. මේ ගීතය අහද්දි හිතේ මැවෙන චිත්තරූපත් ඒකට එක හේතුවක් කියල හිතෙනව. මේ සිංදුව අහන හැම වෙලාවෙම මනසින් මමම හදා ගත්ත විශුවල් එකක් මට පේනව :)
      පරම්පරා ගැටුම ගැන කියනවනම් ටොම්ජෝන්ස්, එන්ගල්බර්ට් වගේ අයගෙ ගීත වලට මගේ අම්මල වගේම මමත් කැමතියි...හැබැයි හැම ගීතයකටම නෙවෙයි. එයාලා අහන සමහර සිංදු වලට මම එච්චර කැමති නෑ. මේ වගේ සිංදු කීපයක් තියෙනව අපි හැමෝම රසවිඳින. අනිත් දේ තමයි දැන් තියෙන සමහර ඉංග්‍රීසි ගීතවල කිසිම තේරුමක් නෑ.මහ ඝෝශාවක් විතරයි.ඒවට වඩා නම් මේ වගේ පරණ සින්දු ගොඩක් ලස්සනයි. දැනුත් එහෙම අර්ථවත්, ලස්සන සිංදු තියෙනව..ඒත් ඒ කාලෙට සාපේක්ශකව අඩුයි :( (ඒ මගේ පුද්ගලික අදහස)

      //ඔයා දන්නවද දන්නේ නෑ, මම මේ පරිවර්තන පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරනවා හැකි උපරිම වින්දනය ලබා දෙන්න.//
      ඩූඩ්ගෙ ඒ වෙනස්කම් නිසා තමයි මේ කථා කියවන්න මේ තරම් කට්ටිය කැමති. එහෙම නැතුව බොහොම සාම්ප්‍රදායික විදිහට මේ පරිවර්ථන ඉදිරිපත් කලා නම් අපිට ඇන්ඩිවත් එපා වෙන්න ඉඩ තිබුන:)

      // ඔයා දැක්කද මම සින්දුවේ මුල් පේලි දෙක අස්සට දෙබස් රිංගවලා කරපු පර්යේෂණය?..// ඔව් ඩූඩ් ඒකෙන් මේ කතාව ඇත්තටම උන දෙයක් විදිහටත් දැනෙන්න සලස්වනව.මොකද ගීතයක් ප්‍රචාරය වෙන අතරත් සමහර වෙලාවට නිවේදකයො කතා කරනවනෙ. ඉතින් එදිනෙදා අපි අත්දකින දේවල් කතාවට බොහොම සියුම් විදිහට ඇතුල් කරල කියවන කෙනාගේ විශ්වාසය කතාව ඇතුලෙ රඳව ගන්න ඩූඩ්ට පුලුවන් වෙලා තියෙනව.

      ඉතින් ඒ අත්හදා බැලීම්, වෙනස් කිරීම් එක්ක මීට කලින් ඇන්ඩිගෙ කතා කියවල නැති මම වගේ අයවත් ඇන්ඩිගෙ die hard fansලා කරන්න ඩූඩ්ට පුලුවන් වෙලා තියෙනව. You are doing an excellent job dude! Keep it up g-) :)

      තව දෙයක්...ඩූඩ් අර ලියන්න යනව කියපු flight beyond all hopes කථාව කියවන්න තව ගොඩක් කල් අපිට බලාගෙන ඉන්නවෙයිද? :-?

      Delete
  18. කථාව කියවාගෙන යන අතරතුර එක එක විදිහේ අවසානයන් හිතේ මැවෙන්න ගත්තා...:D (ඉතිං ඒකත් අමුතු රසයක් වුණා...ඩුඩෝ.)
    /"හලෝ ඇන්ඩි, මම ක්‍රිස් රොබින්ස් BBB FM එකෙන්."/ කියලා දකින කොටම මට හිතුනේ එකත් එකටම මාර්වි කාරයා හොම්බෙන් යන්නම රිටර්න් එක දෙන්න තමා යන්නේ කියලා....:)

    ඇත්තටම ඩූඩ්, අර අන්තිමේදී කියලා තිබ්බා වගේ ඉතුරු රුපියල් 2 ත් දෙකට බෙදෙන සයිස් එකේ බොක්කක් තියෙන එවුන් තමා ගොඩක් වෙලාවට (ආතල් එකට) එක එකාට අන්ඩර දෙන්නේ; පිටින් මරුමුස් වගේ පෙනුනට.

    ඈ ඩූඩ්... අර චිත්‍රයේ ඇදලා තියෙන තරම් වතුර පාවිච්චි කරනවාද මන්දා ... ඕස්ට්‍රේලියාවේ කාර් සෝදන්න...:D (වෙන එකක් නිසා නෙවේ.... එහේ වතුර පිළිබඳ පොඩි ඉෂූ එකක් තියෙනවා කියලා අහලා තියෙනවා)

    ReplyDelete
    Replies
    1. මම උඹට දාපු කමෙන්ට් එක කෝ කියලා මෙච්චර වෙලා හෙව්වා. ඉස්සෙල්ලම මගේම ස්පෑම් එකේ බැලුවා. ඊට පස්සෙ මේල් චෙක් කලා. ඊට පස්සෙ අද මම කමෙන්ට් කරපු හැම බ්ලොග් එකකටම ගිහින් බැලුවා. මොඩරේට් නොකරපු හැම එකේම බැලුවා ඒත් නෑ.

      සමහර මරුමුස් වැඩ කරන එවුන්ගේ බොක්ක හොඳ බව මම අත්දැකීමෙන්ම දන්නවා, ගමේ එකෝ.

      ඇත්තටම ඕස්ට්‍රේලියාවේ එහෙම ඉසූ එකක් තියෙනව්ද? ඒක දැනගන්න ඕනෙ එහෙ ඉන්න කෙනෙක්ගෙන්මයි.

      මේ රටෙත් බොන වතුර නම්හෙන ඉසූ එකක් තමයි. අනිත් වතුරත් එහෙමයි මොකද පොළොවේ වතුර හුඟක් වෙලාවට අප්සෙට්. ඒත් අපි හොඳට නාලා කරලා ඉන්නේ හරිද? :))

      Delete
  19. අඩේ සුන්දර අවසානයක්... ඒත් ඔහොම උන් අද කාලෙ නෑනේ :(

    ReplyDelete
    Replies
    1. ඉන්නවා බං ඉන්නවා. සමහර විට කණ්නාඩිය ඉස්සරහට ගිහින් බැලුවත් එහෙම එකෙක් උඹටත් දකින්න පුලුවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. :)

      Delete
  20. මචන් මේකේ මුල කොටස කියවන කොට මට හරිම සංවේදී බවක් දැනුනා. ඇත්තටම මචන් දරාගන්නන බැරි තරම් හැඟීමක් ආව. ඒ වෙලේ මම හිතුව අනිදියා මේ වගේ දෙයක් කරයි කියලා. නමුත් නිකමටවත් මෙහෙම් මේ විදිහට ඌට සල්ලි ලබයි කියලා හිතුවේ නැහැ. මට හිතුනේ ඌ හෙන කට්ටක් කාල සල්ලි හොයලා දෙවි කියලා.

    ReplyDelete
    Replies
    1. කොච්චර කට්ටක් කෑවත්, සාධාරණෙන් නම් හොයන්න ලේසි ගානක් නෙවෙයිනේ මේක කොල්ලො දෙන්නෙකුට. දැන් මෙහෙම ලැබුනයි කියලා අවුලක් නෑනේ බං. චේතනාවනේ වැදගත් නේද?

      Delete
  21. මචං උඹගෙ චිත්‍රෙ ගැන කට්ටිය ගොඩක් කියල තියනවනෙ...මම මොකුත් කියන්නෙ නෑ...උඹේ බ්ලොග් ලිවිල්ල මුලු පවුලෙම සාමූහික ව්‍යාපෘතියක් නේ...
    හැබැයි කතාවෙ තියෙන දේ වෙන්න තියෙන සම්භාවිතාව ලක්ෂ කීයකට එකද

    ReplyDelete
    Replies
    1. >>බ්ලොග් ලිවිල්ල මුලු පවුලෙම සාමූහික ව්‍යාපෘතියක් නේ...<<

      ඇයි මචං මම හිතුවේ හැලප කඩෙත් එහෙමයි කියලා. ඇයි උඹ කෑම හදනකොට හැලපි නේද ෆෝටෝ ගන්නෙත්? ඇයි පුතාට කියවන්නෙත් එයාම නේද?

      අල්ලලා දාහං බං සම්භාවිතාව. අපේ අල්ලපු ගෙදර හිටපු ඉන්ඩියන් ටීචර්ට වොෂිං පවුඩර් පාවිච්චි කරලා වොෂිං මෂීන් දිනුම් ඇදුනා. අපි ඩිටර්ජන්ට් මොන තරම් පාවිච්චි කලත් කෝ බං මොකුත් නෑනේ. :))

      Delete
  22. එහෙනම් ඒකත් එහෙමයි උනේ, ඈ ......

    කතාව මැදදි විචිත්‍රවත් අවසානයන් පාඨකයොන්ගෙ හිතේ ඇඳුනත් ලේඛකයා එය විය යුතු ආකාරයෙන්ම අවසන්කරල තියෙනව. ළිඳේ වැටිච්චි එකා ළිං කටින්ම එපෑයැ ගොඩ එන්න.

    පටන් ගත්තගමන්ම මම බැලුව ඩූඩ් ආයෙ මුලටම ගිහින්වත්ද කියල, ඩැනී අහනවා - මම කියනවා - මාර්වි කියනවා. තව එතකොට // "සුළු දෙයක් මාර්වි," කියන මම රිසීවරය තියනවා. // (‘කියන‘ කෑල්ල වැඩියි වගේ) පටන් ගත්ත ගමන් එහෙම දැක්කම මම හිතුව මට පේන හැටි වෙන්නෝන කියල, ඔන්නොහෙ ඉග්නෝර් කරල කියවගෙන ගියා. :)

    සිරාට හිතිච්ච වගේම චිත්තරේට සබන් පෙන ආවෙ ෆොටෝෂොප්වලින්ද කියල අහන්න හිතාගෙන ආවත් ඔය උත්තරේ කලින්ම දීල තියෙන්නෙ. සමහර විට ඔයා වෙහිකල් එකෙ වැඩිය ඩීටේල්ස් ගන්න නැතුව ඇත්තෙ ඒ ටික හෝදන්න හිතන් හිටපු නිසා වෙන්න ඕන. අර යකා අල්ලගෙන ඉන්න හෝර්ස් එකත් එක්ක ඔයා හෝදල දාලානේ. :) දැන් එතකොට ඔය චිත්තරේ ඇන්ඩි කවුද,...... මම හිතන්නෙ වම් පැත්තෙ කැප් එක හරි පැත්තට දාගෙන ඉන්න එකා. ඔයා හැමතිස්සෙම ඇන්ඩිව අඳින්නෙ කොණ්ඩෙ තඹ පාටට. අනෙක උන් දෙන්නම එකම පාටින් කැප් දාගෙන ඉන්න හැටි. යාළුවො කොහොමත් එහෙමනේ, එකටම ගිහින් එක විදියෙ ඒවම මිලට ගන්නවනේ. චිත්‍රයක් අඳිද්දි මම හිතන්නෙ හෙන්රි අයියා ගොඩක් සැලකිලිමත් වෙනව, සමහරවිට අවශ්‍ය තරමටත් වඩා. ඒ නිසාමයි මම ඔයාගෙ පෝස්ට් එකක චිත්‍රයට ගොඩක් කැමතිත්, ඒ අංගය ගැන වැඩිපුර කතාකරන්නෙත්.

    ReplyDelete
    Replies
    1. DDT, ස්තුතියි වෙනදා වගේම උඹේ constructive comment එකට. මම උඹ ඔය කියන ඩැනී අහනවා - මම කියනවා - කොටස් අවම කරලා තියෙන්නේ. උඹ මුල් පොත බැලුවොත් ඒක පැහැදිළි වෙයි. මම එහෙම කරන්න හිතුවේ උඹේ විවේචන නිසමයි කියලා මම ගිය පාර උඹට දාපු කමෙන්ට් රිප්ලයි එකෙනුත් කිව්වා. :D

      ඇත්තෙන්ම මම ටේල් ලයිට් නම්බර් ප්ලේට් හෙම ඇන්දත් සබන් දාන නිසා බොඩියයි වීදුරුවයි විතරක් යන්තම් ඇන්දා. මම ඇත්තෙන්ම බලාපොරොත්තු වුනේ චිත්‍රයේ වඩේ හරියක් සබන් බෝල වලින් පුරවන්න. නමුත් ඒක manually කරන්න අමාරුයි සොෆ්ට්වෙයා පාවිච්චි නොකර.

      ඔව් උඹ හරි. උන් දෙන්නා ඒ විදියට තමයි ඇන්දෙ. ඒත් හුටා! හෝස් එකත් මැකිලා ගියා නේන්නම්. මම ඒක පස්සෙ අඳින්න හිටියේ. :-O

      ඔව් බං, මම ඩීටේල්ස් වලට හුඟක් කැමතියි. :)

      Delete
  23. අන්තිමට මාර වැඩේනේ වුනේ.මං මුලින් හිතුවේ ඇන්ඩි ලණුවක් කන්න තමා හදන්නේ කියලා..... මොනා වුනත් ඇන්ඩ් හිත හොද කොල්ලෙක්.....

    ReplyDelete
    Replies
    1. උගේ මේ පැත්ත හොම්බට ඇනලම පෙන්නයි මම මේ කතාව ‍තෝරාගත්තෙත් සමණලී.

      Delete
  24. කප්පරක් ප්‍රශ්ණ ආවා බොල..!

    මම හිතුවෙ මාර්වින් ගේමක් දෙනව කියල මුන් දෙන්නට

    ReplyDelete
    Replies
    1. මොනවද බං ඔය හැටි ප්‍රශ්ණ? මේකෙ වංගු (twists) පොඩ්ඩක් වැඩි තමයි. නමුත් ආපහු ගමනාන්තයට ලඟාවෙනවා.

      Delete
  25. ABC FM එකේ බීට් ද බෝම්බ් එකත් කරන්නෙ මෙහෙමද බං ?

    හැබැයි මේකෙ එකා අප්‍රමාණ හොද කොල්ලෙක් නේ ?

    ReplyDelete
    Replies
    1. උඹ ABC FM කියන එකෙන් අදහස් කරන්නේ, ලංකාවේ "Gold FM හෙම අයිති ABC Radio Network එකද නැතිනම් ඕස්ට්‍රේලියානු ගුවන් විදුලියද?

      >>හැබැයි මේකෙ එකා අප්‍රමාණ හොද කොල්ලෙක් නේ ?<<

      අපි වගේ නැත්නං වැඩක් නෑනේ බං. :p

      Delete
  26. හරිම පුදුම අහඹුවක්. හරියටම ඩොලර් 502 ක් දිනුව. පව් ඉතින් ඉතිරි වුනේ ඩොලර් 2 යි නෙ.
    මං හිතුවෙ එයාටත් කවුරු හරි ලනුවක් දෙනව ඇති කියල.

    පුරුදු විදියට ලස්සන බාසාව.

    'ඩැනියා උගේම ඔලුවට අත්දෙකෙන්ම චටාස් පටාස් ගාලා පාරවල් කීපයක් ගහගෙන අත් දෙකෙන්ම ඔලුව බදා ගන්නවා.'

    එවරස්ට් කන්ද තරම් උස මාර්ස් චොක්ලට් බාර් කන්දක් මගේ ඇස් ඉදිරිපිට මැවිලා, ටිකකින් මතුවෙන දැවැන්ද සීඩී කුලුනකටත්, පපුවට දෝයි දෝයි ගාලා වදින සබ් වූෆර් එකක් තියෙන, කං අඩි පැලෙන චැනල් 7.1 සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එකක හඬ සමගත් මුසු වෙනවා. ඩිහ්හ්-ඩිග්ග්, ඩිහ්හ්-ඩිග්ග්, ට්ෂ්-ට්ෂ්, ඩිහ්හ්-ඩිග්ග්, ඩිහ්හ්...ඒ දර්ශනය මැකී ගිහින් මතුවෙන්නේ ඇස් නිලංකාර කරමින් දැල්වෙන, නිවෙන, පාට පාට එලි, මල් වෙඩි සමග, ආර්කේඩ් එකේ ගත කරන සති අන්තයක්.

    උගේ කෙල කාපට් එකට බේරෙන්නෙ ඔන්න මෙන්න!

    කෙල බේරෙන හැටි මට පේනව පේනව වගේ.

    පව් නේද Andy ට. දුක තමා.

    ReplyDelete
    Replies
    1. කෙළ බේරෙන එක ඇර අනිත්වා ටික ටික exaggerate කරලා තියෙන්නේ Blue Lotus.

      දුක තමා, මොනවා කරන්නද. :((

      Delete
    2. මට ඉමොක්ශන්ස් දාන්න දන්නෙ නෑ.

      Delete
  27. බලාගෙන යද්දී ඇන්ඩි මාර හොදයිනේ.. අවසානය හිතුවට වැඩිය වෙනස් උනානේ..

    ReplyDelete
    Replies
    1. මටත් ඕකමයි හිතුනේ කතාව කියවපු මුල් දවසේ දිනේෂ්. විශ්මිත අවසාන මම පරිවර්තනය කරපු කතා කීපයම ලියපු ලේඛකයෝ හතර දෙනාගෙම තිබ්බ පොදු ලක්ෂනයක්.

      Delete
  28. ඇති යන්තම්...හොඳ කොල්ලොත් ඉන්නවා... :D

    ReplyDelete
    Replies
    1. පුදුමයක්යැ පොඩ්ඩි, ඔය ඉඳ..................................................................................................................................................................................ල හිටල හොඳ කෙල්ලොත් ඉන්නව කියලා කියන්නේ. :))

      Delete
  29. ඔබ ඇතුළු සිය පවුලටම සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්න ඕන,අපිටම ඔබින වචන වලින් මේ කතාවල් ලියල රස සාගරයෙ ගිල්වනවට.
    මාතලන් කියල තියෙන දේත් හරියටම හරි.
    වෑන් එක කළු නැතිව වෙන පාටක් උනා නම් ඔයිට වඩා ගතියක් එන්න තිබුන කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි, ඒ කියන්නේ සුදු වෑන් එකක් උනා නම් ගතියක් එන්න තිබුනා කියල ද?

      Delete
    2. හෙහ්...හෙහ්.....වෑන් නම් ඉතිං ලංකාවට නම් සුදුම තමා.
      නැහැ මම කිව්වෙ වෙන තද පාටක් වුනා නම් සුදු සබන් පෙනත් එක්ක වාහනයක් සෝදන බව එකවර හදුනා ගන්න හැකිවෙයි හිතල.

      Delete
    3. කෙන්ජි පින් අනුමෝදම් කරලා. බොහෝම ස්තුතියි කෙන්ජි ආශිර්වාදයට.

      මටත් ඕක හිතුනා, නමුත් මගේ ඔලුවට එකපාර ආවේ කලු වාහනයක්. එකක් මම ඔය කලුපාට SUV වලට ආසා නිසා. අනික සෙරීනා වලට ලස්සන ඔය කහ, නිල්, රතු, වගේ පාටක් වුනත්, අපි ඉස්කෝලේ ඇරිලා එනකොට මේ දවස්වල දකින කලු සෙරීනා එකක් පෙන්නලා මම දීපට ඒ පාට ඒකට කැතයි කියලා කිව්ව කතාව මගේ යටි හිතේ තිබිලාතියෙනවා. අනික මගේ අතට අහුවුන පාට ටියිබ් වලින් කටින් අල්ලලා අරින්නැ නැතුව ලේසියෙන්ම ඇරුනේ කලු පාට ටියුබ් එක.

      Delete
  30. හප්පේ හරි දුරක් එන්න උනා නොවැ කමන්ට් එකක් දාන්න :-?
    කතාව නම් උපරිමයි හෙන්රි අයියේ :-F
    මේ ඕස්ට්‍රේලියානු ලේඛකයා තමන්ගේ නමින්ම "ඇන්ඩි"චරිතය අරන් තියෙන්නේ මිනිහාත් ඇන්ඩිට හුගක් කැමති නිසා වෙන්න ඇතිනේ...:)

    ReplyDelete
    Replies
    1. අනේ දුර කියලා බලන්නෙ නැතුව වරෙං බං. කැලරි කීයක් නම් පිච්චෙනවද?

      >>මේ ඕස්ට්‍රේලියානු ලේඛකයා තමන්ගේ නමින්ම "ඇන්ඩි"චරිතය අරන් තියෙන්නේ මිනිහාත් ඇන්ඩිට හුගක් කැමති නිසා වෙන්න ඇතිනේ...<<

      ඇන්ඩ් ග්‍රි‍ෆිත්ස් ලියන්නේ පොඩි කාලේ එයාටම වුනු අත්දැකීම් තව ටිකක් ලුණු ගොරක දාලා කියලා එයාම කියලා තිබ්බා. බලන්නකො andigriffiths.com

      Delete
  31. මිලියනේකට එකක් උනත් සම්බාවිතාව ඕක තමා රසම කතාව හැටි. අපි සුරංගනා ලෝකෙක ඉන්නවා අනිත්මිට නිමි කියල තියෙද්දිත් මම බැලුවේ යටින් පලි හරි දාලා තියේද කියල මේ වැඩේ ඇන්ඩියට කරේ මාර්වියයි කියලා. ඒ තරං විස්වාස කරන්න බැරි උනා. පස්ටයි මචෝ.. මම දැං ආයේ පොත් කියවනව කියල හිතෙනවා.. උඹේ මේ කතා කියවල..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ දේශා උඹලා දැන් පොත් කියවන්නෙම නෑයි කියන එකද? එහෙම නම් කරන්න එපා බං. ඔය නිදාගන්න ගියාම වත් පොතක් කියවපං.

      ඔව් බං. සම්භාවිතාවයට අනුව වුනත් මෙහෙම දෙයක් නොවෙන්න බෑනේ.

      Delete
  32. මට හිතෙන්නේ බෝ පටන් ගන්න ඕනේ ඔය ළමා කතා ලියන්න. එහෙම නැත්නම් ඇන්ඩිගේ පොත්ම ට්‍රාන්ස්ලේට් කරන්න. මේවා නිකම් සජීවි කතා වගේනේ.

    මාත් කොහෙන් හරි ඇන්ඩෘගේ පොත හොයා ගන්න ඕනේ. නැතුව මෙහෙම කියවලා කිතිකවාගෙන විතරක් මදි වගේ දැන්.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ස්තුතියි රංගි. එහෙමමත් බෑ මචං. මම වඩා කැමති ස්ව නිර්මාණ කරන්න.
      ඇත්තෙන්ම කවුරු හරි ඒ පොත් කියවලා මට කියනවානම් පරිවර්තනයෙන් මුල් කෘතියට සාධාරණයක් ඉ‍ටු වෙලාද කියලා මම හරිම කැමති

      Delete
  33. මම නම් හිතුවා ඇන්ඩි සල්ලි එකතු කරල දෙයි තමයි කියලා.. ඒත් ප්‍රශ්නේ තිබුනේ කොහොමද එහෙම කරන්නේ කියන එක... හැබැයි මෙහෙම නොවුනනම් අපිට බලන්න තිබුනා තව කොටස් දෙක තුනක්, ඇන්ඩි කාර් හෝදද්දි, තණ කොළ කපද්දි කරන ඇට්ටර වැඩ, ඒකත් අපරාදේ එක අතකින්...

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් ඇත්ත. නමුත් කලබල වෙන්න එපා මේකා කරපු පෝරිසාද වැඩ තව නැවකට තියෙනවා ලේ පිරිසිදු කරගන්න. :D

      Delete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. මචන් මේක බන් කී දෙනෙකුගේ පින් බල මහිමයේ ප්‍රතිපලයක්ද බලහන්, ඇන්ඩිගේ මොකද උඹ කාර් හෝදන්න තීරණය කරලනේ තිබ්බේ,ඩෑනිගේ මොකද ඌත් උඹ එක්ක වැඩ කරන්න වෙනවනේ..අනික් එකා තමයි මර්වියා ඌ තමා ලොකුම ලක් කාරය....

    ReplyDelete
    Replies
    1. මඟියා, මේක මල්ටිපල් පටිසන් දීමක් තමයි.

      Delete
  36. මේ කතාව ලියලා තියෙන්නේ පාඨකයාට අවසානය තීරණය කර ගන්න.

    ReplyDelete
    Replies

    1. මම නම් මේ පෙන්නලා තියෙන අවසානයට තමයි කැමති, සුදීක.

      Delete
  37. කතාව අස්සේ ලොකු මනුස්සකමක් තියෙනවා මචං ... කොටස් දෙකම ආසාවෙන් කියෙව්වා ..

    ReplyDelete
    Replies
    1. මමත් ඒ මනුස්සකම තමයි මේ කතාවේ දැකපු විශේෂය මචං.

      Delete
  38. කලින් කොටස කියවලා දුක හිතුනත්, මේ කොටස කියවලා සතුටු හිතුණා හේතු කීපයක් නිසා.
    1. ඇන්ඩි හොඳ කොල්ලෙක් නිසා
    2. මාවිගේ දුෂ්කර ජීවිතයට සහනයක් ලැබුණු නිසා
    3. ලස්සන චිත්‍රයකින් හැඩ වූ මේ පරිවර්තනය විශිෂ්ට නිසා :)
    මම මේ කල්පනා කලේ, ලෝකේ ජීවත් වෙන හැමෝම ඇන්ඩි වගේ උනා නම්; ලෝකය විනෝදකාමී, නමුත් ගොඩක් ලස්සන එකක් වේවි නේද :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මානවිකා ඔයාගේ අදහස් දැක්වීමට.

      කවදාවත් එහෙම වෙන්නේ නෑ නිපුනි. විවිධත්වය කියන එක අනිවාර්ය අංගයක්.

      Delete
  39. ශික් මම වැරදියි.. මං හිතුවෙ ගතම් එක ගන්න අරයා බොරුවට තාත්ත නැති පාට් එකක් දැම්ම කියලයි,,, අන්න එහෙම වෙලා මුං දෙන්න කාර් හෝදලා සල්ලි දුන්නා නම් ෂහ්...

    ReplyDelete
    Replies
    1. ඉතින් මේ වෙච්ච විදියත් නරකම නෑනේ නේද මචං?

      Delete
  40. මැරෑටි හිත් වලත් කරුණාව බොහොම තියෙනවා. ස්තූතී ඩූඩ්. හරි ආසාවෙන් කියෙව්වා ඉඩක් ලැබුන සැනින්. කමෙන්ට් කරන්නේ නම් පසුවය

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි අනිත් කොන. ආයේ එන්න.

      Delete
  41. ඇන්ඩියා දග d( හා හිත හොද :-h කොල්ලෙක් බව මේ කතාවෙන් ලස්සනට කියවෙනවා.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. ඔය ලක්ෂණ දෙකම එකට යනව වෙලාවල් තියෙනවා. :)

      Delete
  42. ඔහොම මගෝඩි කොල්ලන්ගේ හිත හොඳයි සාමාන්‍යයෙන්. හොඳ වෙලාවට තමයි මේ චාන්ස් එකවත් ලැබුනේ. නැත්නම් දෙන්නට කළු ගල් හෝදන්න තමයි වෙන්නේ :)

    ReplyDelete
  43. ඩුඩ් කිව්ව වගේ ඇන්ඩි හරි හිත හොද ලමය..... :)

    ඩැනීට නම් හරි දුක ඇති....=D> එයාට ගානක් වත් නෑ විහිලුව ගැන S-)

    ඩුඩ්, චිත්‍රේ ගැන නම් කියන්න දෙයක් නෑ...මගේ යාලුවෙකුත් කිව්ව ඩුඩ්ට හොද හැකියාවක් තියෙනව කියලා... :-h

    තව මේ වගේ කතා ලියන්න ඩුඩ් :))

    ReplyDelete
  44. noticed the soap foam...wooooooooooooooow!!!!!!!!!!!! looks so real!!!! how did u do it dude?

    ReplyDelete
  45. ඔන්න හිමින් සීරුවෙ කියෙව්ව.. එලම තමයි.

    ReplyDelete
  46. අන්න දැක්කද? බයිට් දුන්නට මොකද හිත හොඳ නම් වරදින්නේ නෑ....

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>