Saturday, June 22, 2013

80. මාරක පියසැරිය. Flight Beyond All Hope. Part 2. Dude's Originals.

Carlos arrived at the rear port side landing gear precisely at the same moment  the crew got the control tower clearance for takeoff. කාලෝස් ගුවන් යානයේ වමේ පසුපස රෝද කට්ටලය වෙත ලඟා වූයේ, යානයේ නියමුවන්ට  ගුවන් ගතවීමේ අවසරය පාලක කුලුණෙන් ලැබෙනවාත් සමඟමය. විශාල රෝද ඉදිරිය බලා ගමන් ඇරඹීය. ඔහුට වම් පසින්, අඩි කීපයක් ඔබ්බෙන්, සුවිසල්  වම් ත‍ටුවෙහි එල්ලා තිබූ  යෝධ ජෙට් එන්ජිමේ පසු පසින් පිටවූ ගිණියම් වායු ප්‍රවාහයේ බලය සුළි කුණා‍ටුවක් මෙන් කාලෝස්ට දැණින. පසු පස රෝද යුගලය අතරින් ලඟාවූ කාලෝස්, රෝද සවිකර තිබූ සිරස් පාදයෙන් පිටතට නෙරා තිබූ කොටසක  එල්ලී උඩට ඇදුනේය. scrambled up. 





කාලෝස් මේ කුමක් කරන්නේ දැයි ඔබට සිතාගත නොහැකි නම්, පසුගිය කොටසට මෙතැනින් යන්න.

 
The wheels started to roll faster, gathering speed, දෑතින්ම වානේ කඳේ එල්ලී සිටි කාලෝස්ගේ එල්ලෙන දෙපාවලට සෙන්ටිමීටර කීපයක් ඔබ්බෙන්, යානාවේ රෝද වඩ වඩා වේගයෙන් කරකැවුනි. වියරුවෙන් මෙන් පය ‍රැඳවුමක්  සොයමින් සිටි දෙපයට  මඳ වෙලාවකින් ලද ඉස්පාසුවෙන්, කාලෝස් වානේ කඳ දිගේ සවිකර තිබූ සිහින් හයිඩ්‍රෝලික් බට වල එල්ලී ඉහලට ඇදුනි. ඔහුගේ බරට බට ඇදවනු අතට දැනුනෙන්, ඔහු වහා විකර්ණව ස්ථානගත කර තිබූ වානේ බටය බදා ගත්තේය. ඉන් පසුව, තවත් උඩට ඇදුනු ඔහු,  විවෘතව  පහලට එල්ලෙමින් තිබූ තහඩු පියනේ උඩ දාරයේ එල්ලී, රෝද කුටීරය තුලට රිංගා ගත්තේය. and climbed into the wheel bay.

First of all Carlos, there is no guarantee that you won’t be  crushed to death ක්කොටම ඉස්සෙල්ලා කාලෝස්, රෝද සෙට් එක විතරක් ‍ෆිට් වෙන ගානට හදපු ඔය රෝද කුටීරෙට රිංගාගන්න එකාව , හයිඩ්‍රොලික් බලයෙන්  ආපහු ඇකිලිලා උඩට එන රෝද සෙට් එකට අහුවෙලා, චප්ප වෙලා, මැරෙන එකක් නැහැයි කියලා, කිසිම විශ්වාසයක් තියාගන්න බෑ. only the landing gear.


Carlos watched the tarmac rushing under him at alarming speed. මාට පහතින්, ධාවන පථය අධි වේගයෙන් පසු පසට දිව යන අයුරු, පහල බැලූ කාලෝස් දු‍ටුවේය . ගුවන්ගත වීමේදී හා ගොඩ බෑමේදී, ගුවන් යානා යානා ටයර වලින් ධාවන පථයේ ඇඳුනු තද කලු  රබර් පිළිස්සුම් රේඛාවනුත්, ධාවන පථයේ ගිල්වා සවිකර තිබූ විදුලි පහනුත්, ධාවන පථයේ ඇඳ තිබූ සලකුණුත් සියල්ල අධි වේගය නිසා එකට මුසුවී මැවූයේ බොඳවුනු චිත්‍රයකි.  කිරි කිරි හඬ නඟමින්,  කෙඳිරි ගාමින් වෙව්ලූ රෝද එකලස, වරින් වර  මහ හඬින් ගැස්සිනි. කුඩා ඉඩකඩකින් හෙබි රෝද කුටීර තුලට ජෙට් යන්ත්‍රවල ඝෝෂාව ඇසුනේ කන් බිහිරි කරවන ස්වරයකිනි. හදිසියේම කිරි කිරි හඬත්, කෙඳිරියත්, වෙවුලුමත්, ගැස්සීමත් එක්වරම නැවතුනේ, යානය ගුවන්ගත වෙත්ම, දැවැන්ත රෝද ධාවන පථයෙන් ඉහලට එසවී, හයිඩ්‍රොලික් පද්ධතියෙන් නැඟුනු 'ස්ස්ස්' හඬත් සමඟ,  එතෙක් යානයේ බර දැරූ  අවලම්බන පද්ධතියේ බර සැහැල්ලු වූ නිසාය.  මහ මගේ පදික මාරුවක් සිහි ගැන්වූ ධාවන පථයේ කෙළවර බව හඟවන සලකුණ වේගයෙන් පහලට කිමිදී යනු කාලෝස් බලා සිටියේය. ඉන් පසුව රෝද කුටීරයේ විවෘත කවුලුව පිරී ගියේ  වේගයෙන් ඈත්වන භූමි දර්ශණයෙනි. ධාවන පථය, ගුවන් තො‍ටුපොල ගොඩනැගිලි, ගුවන් තො‍ටුපලේ මායිම් වැට, තුරු මුදුන්, මහා මාර්ගය, කෙත්වතු,... එය සැබවින්ම මනරම් දර්ශනයක් විය. the fields, …. What a view!



Dude, they say, depending on the type of aircraft and the landing gear කාලෝස්, ඔය රෝද කුටීරෙ අස්සෙ යන්තමට රිංගලා ඉන්න ඉඩ ලැබෙන්නේ, ප්ලේන් එකේ වර්ගයයි, ‍තෝරා ගන්න ලෑන්ඩිං ගියර් සෙට් එකයි අනුවලු. උදාහරණයක් විදියට, පරණ DC 8 එකක දකුණු පැත්තේ රෝද කුටීරේ පොරකට රිංගලා ඉන්න ඉඩ තියෙනවලු. නමුත් මොන කරුමෙකට හරි, වම් පැත්තෙ එකට රිංගලා හැංගුනොත්, රෝද ඇකිලිලා ඇතුලට එනකොටලු තේරෙන්නෙ ඒ පැත්තේ හයි කරලා තියෙන  හයිඩ්‍රොලික් ෆ්ලුයිඩ් ටැංකියි, තව තව ගැජ‍ටුයි නිසා, ඒක ඇතුලෙ ඉඩ නැති බව. එතකොට ප්‍රමාද වැඩියි . මොකද  එතකොට රෝදෙට හිර වෙන නිසා වැඩේ අතෑරලා දාන්න ඕනෙ වුනත්, විදියක් නෑ.  කෙලින්ම මැස්සෙක් වගේ චප්පම වෙලාම යනවලු, ඒ ඇරත්, යටින් දොරත් ඒ එක්කම වැහිලා, ලොක් වෙලා, ප්ලේන් එක තවත් ඉහල නගින්න ගන්නවානේ.  doors would close beneath with finality and the aircraft would be climbing higher.


ගුවන්යානාවේ රෝද, යානාව ගුවන් ගත වූ වහාම,
හැකිලී රෝද කුටීරයට යන්නේ, ආසන්න වශයෙන්
මේ ආකාරයටය. මෙහිදී, පහසුවට එක
රෝදයක් පමණක් පෙන්වා ඇත.

And then, he heard the hiss of the hydraulics and the hum of a giant motor විටම ඇදහිය නොහැකි ලෙස,  ජෙට් එන්ජින්වල ගිගුරුමද යටපත් කරමින් ඇසුන යෝධ මෝටරයක් කරකැවෙන හඬත්, හයිඩ්‍රොලික් පද්ධතියක් ක්‍රියාත්මකවන 'ස්ස්ස්' හඬත් සනි‍ටුහන් කලේ, ඇතුලට හැකිලීමට පටන් ගත් රෝද කට්ටලයට ඉඩ දීම සඳහා, රෝද කුටීරයේ රෝද ආවරණය වන දොර‍ටුව පහලට විවෘත වීමේ ඇරඹුමය. රෝද කට්ටලය සවිවූ දැවැන්ත වානේ පාදය ඇතුල් පැත්තට නැවෙද්දී  විකර්ණව සවිකර තිබූ ආධාරකය  හැකිලිනි. කාලෝස් නරඹමින් සිටි මනරම් දර්ශණය වසා ගනිමින්,  දැවැන්ත රෝද කට්ටලය කාලෝස් දෙසට ඇදී ආවේ, එහි මඟ  ඇති ඕනෑම දෙයක් පොඩිපට්ටම් කරගෙන යන තරම් වූ අධික ජවයකිනි.

තවමත් කැරකෙන රෝදයට හසු නොවී කාලෝස්ගේ හිස අනූ නවයෙන් බේරුනේ, ඒ සමගම ඇදී ආ රෝද සවිකල පාදයට අත තබා මඳක්  පසෙකට තල්ලුවූ නිසාය. රෝද කුටීය එක් වරම තවත් ඉඩ ඇහිරී, අඳුරු වූයේ කාලෝස්ව තැති ගන්වමිනි. රෝද කට්ටලය කුටීරය තුල තැන්පත්වූ වහාම, කුටීර දොරවල් වැසී ගියේ, තවමත් මන්දාලෝකයක ගිලී පැවති බාහිර ලෝකයෙන් කාලෝස්ව වෙන් කර, ගනඳුරේ ගිල්වමිනි.  fading lights from the outside world and completing the nightmare.


If you managed to survive that, dude, ඹ ඒ මාරකෙන් බේරුනත් කාලෝස්, ඉහල නගින හැම අඩියක් පාසාම පහත බහින උෂ්ණත්වය උඹට සතුරු වෙනවා.

තත්වය තවත් භයානක වෙන්නේ, ගුවන් යානාව සුපුරුදු ගමන් වේගයෙන් යන්න නියමිත ඉහලට නගින අතරමගදිම, මුහුදු මට්ටමෙන් අඩි 18,000
විතර උසකදි , වායුගෝලයේ ඔක්සිජන් මට්ටම හොඳටම තුනී නිසා 'හයිපොක්සියා' කියන තත්වය ඇති වෙන්න පටන් ගන්න නිසයි. එතකොට කෙඩෙත්තු ගතිය, ඔක්කාරය, අධික හිසරදය වගේ ලක්ෂණ පහල වෙලා හුස්ම ගන්නත් පුදුම සටනක් කරන්න වෙනවා. වැඩේ තවත් දුර දිග ගියොත් කෝමා එකකට ගිහින්, මැරෙන්න වුනත් පුලුවන්.  ඒක හැබැයි බොහෝම වර්ණවත් මරණයක් වේවි, මොකද, හයිපොක්සියා වලට ඇඟ නිල් පාට වෙන නිසා. උඹට හිනා ගියාද මන්දා. මම ඒ විහිළුවක් කලේ. හරි හරි, ඒක ඇඬෙන විහිලුවක් තමයි.  නිකම්ම මෝඩ ජෝක් එකක්!

උඹ ඉස්කෝලෙදි විද්‍යා විෂයයන්නේ කලේ නේද? උඹට මම කියන දේ තේරුම් ගන්න අපහසුවෙන්න බෑ. So, you know what I mean.



Suddenly Carlos felt බර් ටයරයට තමන්ගේ මුහුණ ගෑවී පිළිස්සෙමින් තිබෙන බව කාලෝස්ට හදිසියේ දැනිනි. ගුවන් ගතවීමට ධාවන පථයේ අධිවේගයෙන් දුවන ගුවන් යානාවක ටයර අධික ලෙස රත්වන බව, ඔහුට අවබෝධයක් නොතිබිනි. තිබූ ඉඩකඩේ හැටියට  කාලෝස් හැකි තරම් මුහුණ ටයරයෙන් ඉවතට ගත්තේය. cramped enclosure allowed him.


Above 20,000ft, you will also be at the risk of ඩි 20,000 පහු කරනකොට, ලේ නහර වල නයිට්‍රජන් බුබුලු ඇතිවීමේ අවදානමත් (nitrogen gas embolism), ඒ නිසාම අර කිමිදුම්කාරයන්ට හැදෙන decompression sickness කියන තත්වයත් හැදෙන්න පුලුවන්. අන්න ඒ නිසයි, යානාව ඇතුලත  pressurize කරලා, පොලොව මට්ටමේ පීඩනයම කෘතිමව පවත්වාගෙන යන්නේ.

අඩි 33,000දි (මීටර් 10, 065) පෙනහලු සාමාන්‍ය විදියට ක්‍රියා කරන්න කෘතිම පීඩනයක් අවශ්‍යයි. උඹට දැන් මේක කියවලා ඇතිවෙලා වගේද, මේ විස්තර අහලා? Do I sound like a goddamn manual or a textbook?



Those stowaways whose bodies are not mangled by the retracting landing gear or killed by these extreme conditions ඩාගෙන බිඳගෙන ඇතුලට ඇකිලෙන රෝද වලට අහු වෙලා චප්ප නොවෙන, ඒ වගේම මේ තරම් දරුණු තත්වයන්ට මූණ දීලත් ජීවිතේ බේරාගන්න වාසනාව තියෙන එකා,  යානාව බාන්න පොළොවේ ඉඳලා අඩි දාහක්, දෙදාහක් උඩදි රෝද කුටීරේ දොර ඇරුන ගමන්ම බිමට ඇදගෙන වැටෙන්නේ ඒ වෙනකොට අනිවාර්යයෙන්ම සිහි මුර්ඡා වෙලා ඉන්න  නිසයි. causing them to plunge to their deaths.


Carlos wriggled his feet ගුලකට හසුවුනාක් මෙන් සිරවී ඇතැයි දැනුනු දෙපා, ඒ මේ අතට අඹරා, ඉවතට ඇද නිදහස් කර ගැනීමට කාලෝස් වෙර දැරීය. වාසනාවකට මෙන්, එක් වරකට එක් පය බැගින් ඉවතට ඇදගැනීමට කල උත්සාහය සාර්ථක විය. ඉන් අනතුරුව, තරමක වේලාවක්  ඒ මේ අත හැරෙමින් කල් ගත කල කාලෝස්, මඳක් පසෙකට හැරී, වැතිරී සිටීමට පහසුම ස්වභාවික ඉරියව්ව සොයාගැනීමට සමත් විය.

අඳුරේම ආසන පටිය  අතපත ගෑ කාලෝස්, එහි ගාංචුව සොයා ගත්තේය. ඔහුගේ වමත ගාංචුව අල්වා ගෙන සිටියදී,  දකුණත පටිය පටලැවීමට සුදුසු ආධාරකයක් සෙවීය. එක ලඟ තිබූ ප්‍රමාණ දෙකක ලෝහ බට දෙකක් සොයාගත් ඔහු, කුඩා බටය වටා පටිය යැවීමට තරම් ප්‍රමාණවත් දිගක්,  ගාංචුවෙන් පටිය සීරු මාරු කර ලබාගත්තේය. අවසන, ගාංචුව අගුල් දමාගත් ඔහු සැනසුම් සුසුමක් හෙලීය. "දැන් අඩුම ගානේ, මම රෝද කුටීරෙන් වතුරකට, නැත්නම් කැලෑවකට නම් වැටෙන්නේ නෑ අර හෙන්රිබ්ලොග්වෝකර් කිව්ව විදියට." as henryblogwalker had said,” he thought.



I don’t mean to sound very pessimistic දැන්, මම සර්වාශුභවාදියෙක් කියලා හිතන්න එපා උඹ. ඒත්, මෙන්න මම හොයාගත්ත, නොකියම බැරි,  කරුණු සමහරක්. මේවා හොයා ගත්තේ, උඹ කරන්න යන අමන වැඩේ කරන්න එපා ඇයි කියන්න, ජාලේ පීරනකොට.

අවට පරිසරයේ උෂ්ණත්වය පහල බහිනවත් එක්කම, ඔක්සිජන් මට්ටමේ පීඩනයත් PP O2 (Partial Pressure of Oxygen) පහල බහින නිසා සිහි නැති වෙනවා.  ශරීර තරල වල ආම්ලික ගුණය අධික වෙලා (buildup of acid in body fluids) කෝමා එකකට වැටීමක් හරි, මරණය හරි පවා සිද්ධ වෙන්න පුලුවන් කියලා තමයි කියන්නේ.


ඉතිං බං කාලෝස්, මේ අති දරුණු තත්වයන් යටතේ, අඩි 37,000ක උසක ජීවිතය ‍රැකෙනවා කියන එක, වෙන මොකුත් නෙවෙයි, ප්‍රාතිහාර්යයක්!

ඉතින්, අන්න ඒක නිසා, ඔය ගොං වැඩේ අල්ලලා දාපං, කාලෝස්.
  So don’t be a moron, Just give up.


The noise from the giant jet engines sounded incredibly louder in the confines of ඩකඩ ඇහිරුණු රෝද කුටීරය තුලට, යෝධ ජෙට් එන්ජින් වල හඬ, ඉමහත් ඝෝෂාවක් සේ ඇසුනි. තම කන් ඇබ තවමත් කන්වල ‍රැඳී ඇතිදැයි කාලෝස් පරීක්ෂා කලේය. ඒවා මනාව කන් සිදුරු තුල සවිවී තිබුනි. එක මත එක ඇඳුම් ගණනාවක් හැඳ සිටි කාලෝස්ව දහඩියෙන් නැහැවීමට ප්‍රමාණවත් තාපයක්,  රබර් ටයරවලින් තවමත් නිකුත් විය. හයිඩ්‍රොලික් ලීවර පද්ධති තුල කැකෑරෙමින් පැවති උණුසුම් දියර නිසා, ඒවා තවමත් රත්ව පැවතුනි. තමා පෝරණුවක් තුල දැමූ පාන් ගෙඩියක්  මෙන් නොවේදැයි කාලෝස්ට සිතුනි.

කන් පසාරු කරගෙන ගිය වේදනාව සමනය කර ගැනීමට ඔහු කිහිප වරක් කෙළ ගිල්ලේය. යානාව පියාසර කරන නියමිත උසට ලඟාවීම සඳහා, සැලකිය යුතු ආනතියකින් සීඝ්‍රයෙන් ඉහල නගිමින් පවතින බව දැනුනි. ජෙට් එන්ජින් වල ඝෝෂාව නිසා ඔහුගේ හිස රිදුම් දෙන්නට විය. ඒ සමඟම, අවට පරිසරය වේගයෙන් සිසිල් වීම ඇරඹී තිබුනි. It was beginning to get colder.



At the same time, hypothermia is එක්කම සමහරවිට -63˚Cට පවා පහල බහින උෂ්ණත්වය නිසා, ශරීර උෂ්ණත්වයත් අස්වාභාවික විදියට පහල යනවා. හයිපොතර්මියා කියන මේ තත්වයට ආවාම, සාමාන්‍ය පරිවෘතීය ක්‍රියාකාරිත්වයට බාදා වෙන නිසා, සිහිය තිබුනත් සිහිවිකල් ගතියක් දැනෙනවා. ඒ වගෙම  පාලනය කරගන්න බැරි විදියට වෙව්ලන්න ගන්නවා. සුදුසු ඇඳුම් ඇඳගෙන නොහිටියොත් වැඩේ අන්තිම දරුණු වෙනවා. made worse if you are not wearing proper warm clothing.


It was growing colder and colder. ශීතල අධික වෙමින් පැවතින. කාලෝස් සිය පතුල් ඒ මේ අතට ඇඹරීය. අත්වැසුම් පැලඳි දෑතින්, කම්මුල්වලට අතුල් පහර කීපයක් එල්ල කරගත්තේය. ඒ සමඟම ඔහුට ක්ලාන්ත ගතියක් දැනිනි. හෙන්රිබ්ලොග්වෝකර් පැවසූ දේ සැබෑ වෙමින් පවතී. හුස්ම වඩ වඩා කෙටි විය. ඇදුම රෝගයෙන් පීඩා විඳින සිය මිතුරු හුවාන්, කාලෝස්ට සිහිවිය. ඇදුම උත්සන්න වූ විට, ඉන්හේලරය උරණ තෙක් ඔහුත් හුස්ම ගත්තේ මෙසේ නොවේද?

වේගයෙන් පහල බසිමින් පැවති මුත්, ටයරවල තවමත් යන්තමින් ‍රැඳී උණුසුම, දැන් දැන්  ගෙන දුන්නේ ඉමහත් සුවයකි. තමා අසලම තිබූ, තවමත් උණුසුම් හයිඩ්‍රොලික් ද්‍රවය පිරි ලෝහ බටයකින්, නව තාප ප්‍රභවයක් සොයාගැනීමට කාලෝස් සමත් විය. still warm from the hot hydraulic fluid inside them.



Frostbite will be one of your worst enemies at these high altitudes.හල ආකාසෙදි අන්තිම දරුණු සතුරෙක් තමයි frostbite. අධික සීතලට මිදිලා, පටක මැරිලා, හම කලුවෙලා, තුවාල වෙලා, ඇත්තටම නහය, ඇඟිලි වගේ දේවල් මැරිලා, කපලා දාන්න වෙනවා. 

ඇත්තටම, සමහරු ඔය විදියට මිදිලා, ගල්වෙලා ඉඳලා තමයි හම්බ වෙලා තියෙන්නේ.

කාලෝස්, මම ජාලේ කරක් ගහන කොට දැක්කා,  වික්ටර් අල්වාරෙස් මොලීනා කියලා කියුබානු සරණාගතයෙක් ගැන, DC 10 එකක හැංගිලා කැනඩාවේ මොන්ට්‍රියල් වලට ආපු.  පොර මාර වාසනාවන්තයෙක් කියන්නේ, පැය හතරක ගමන,  -40˚C උෂ්ණත්වයේ ඇවිල්ලත් පොර බේරිලා තියෙන්නේ, රෝද කුටීරේ අස්සේ තිබ්බ කැඩිච්ච පයිප්පෙකින් නොකඩවා කාන්දු වෙච්ච උණුසුම් වාත ධාරාවක් නිසා. මේකාගේ වෙලාව කියන්නේ,  ගොඩබාන්න ලෑස්තිවෙලා රෝද පාත් කරන්න රෝද කුටීරේ දොර ඇරුනාම පොර බිමට නොවැටි බේරිලා තියෙනෙත්, අර පයිප්ප කෑල්ලේ එල්ලිලා.


ඒක නම් බුවාගේ වාසනාව. ආයෙ, වෙන මොකක්වත් නෙවෙයි. ඉතින් ඒවගේ ප්‍රාතිහාර්ය දෙපාරක් වෙයි කියලා හිතන්න බෑ කාලෝස්.  ඒක නිසා බං, ඔය වැඩේ  අතෑරලා දාපං. ඕක කරන්න එපා.

මම මේ කියන දේවල් ගනන් නොගෙන, උඹ ඔය වැඩේ කරනවා නම්, මට මෙතන ඉඳන් උඹව නවත්තන්න බෑ. එහෙම වුනොත් මොට්ටපාල, උඹේ අමන වැඩේට දෙවියන්වහන්සේගේ අනුකම්පා කරත්වා කියලා මම පතනවා.

උඹට දෙ
වි පිහිටයි, God bless you, you stupid idiot!

Take care,

henryblogwalker.


Carlos was floating between wakefulness and unconsciousness. කාලෝස් සිටියේ සිහියත්, අසිහියත් අතර පාවෙමිනි. පපුව මත ගඩොල් පැටවූවාසේ දැනුන නිසා, සෑම හුස්මක්ම පපුවට වේදනා දුන්නේය.  අදිසි දෑතකින් සිය ගෙල සිර කරන්නාක්සේ ඔහුට දැනින. හුස්ම ගැනීමට බලවත් ප්‍රයත්නයක් යෙදීමට සිදුවිය. ජෙට් යන්ත්‍රවල කන් බිහිරි කරවන ඝෝෂාව වරින් වර මුලුමනින්ම නෑසී ගියේ, විශ්මිත අයුරිනි.  තමා මේ වැතිරී සිටින්නේ, බුර බුරා නැගෙන ගිණිජාලා නිකුත් කරමින් කැරකෙන, දැවැන්ත ජෙට් යන්ත්‍ර එල්ලා ඇති, සුවිසල් ගුවන් යානා ත‍ටුව තුල,  නිරන්තරයෙන් කැලතෙමින් පවතින ජෙට් ඉන්ධන ගැලුම් දහස් ගනනකට, කොතරම් කිට්‍ටුවෙන්දැයි, හදිසියේම කාලෝස්ගේ සිතට නැගුනි. වැඩිම වුනොත්...ඔන්නම් අඩි පහක්.. හත...ර...ක්... තු...න...ක්... ... ...

කාලෝස් ගුවන් යානයේ රෝද කුටීරය තුල සිහි සුන්ව වැතිර සිටියේය. ඔහු අවට උෂ්ණත්වය සහ ඔක්සිජන් මට්ටම තව දුරටත් පහත වැටෙමින් පැවතුනි. The air temperature and oxygen levels  around dropped  further.

The Boeing 777 leveled out at 37,000 feet and settled to cruise at a steady speed of 0.84 Mach. මුහුදු මට්ටමින් අඩි 37,000ක උසකදී ඉහල නැගීම නතරකල බෝයිං 777 යානය, Mach 0.84ක ඒකාකාර වේගයකින් පොළොවට සමාන්තරව පියාසර කිරීම ඇරඹීය.

ගුවන් යානා කාර්ය මණ්ඩලය මගීන්ට සහ නියමුවන්ට රාත්‍රී භෝජනය පිළිගැන්වූහ. වායුගෝලයේ සුළු කැලඹීමක් තුලින් ගමන් ගත් යානය තරමක් දෙදරීමකට භාජනය වූවද, ගුවන් කාර්යමණ්ඩලය සිය සුපුරුදු වෘතීයමය සිනහව මුව රඳවාගෙන සිටියේ, මඟීන්ගේ චකිතය දුරු කරමිනි.

කිවයුතු විශේෂයක් නොමැතිව,  නිහඬ රාත්‍රී අහස තුලින් ඇදී ගිය බෝයිං 777 යානයේ බඳ,
සඳ එලියට රිදීවන්ව බැබලුනි. its body glowing silver in the moonlight.

කාලෝස්ට කුමක් වේද?
අවසන් කොටසට මෙතනින්.

To read the original English version CLICK here.
(කරුණාකර ගමනාන්තය දක්වා බඳපටි පැලඳ සිටින්න.)




References:

http://www.dailymail.co.uk/news/article-32111/Cuban-stowaways-died-jet-soared.html#ixzz2J5vFW3af

http://en.wikipedia.org

http://www.boeing.com/boeing/commercial/777family/pf/pf_200product.page

http://www.bbc.co.uk/news/magazine-19562101

http://www.slate.com/articles/news_and_politics/explainer/2003/12/do_jet_stowaways_ever_survive.html

http://www.slate.com/articles/news_and_politics/explainer/2003/12/do_jet_stowaways_ever_survive.html




Originally published @ HeyDude in English Language. Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers. 

97 comments:

  1. පළමු ලිපියෙ වගේම රසය අඩුවක් නැතිව සියුම් තැන් පවා විස්තර කර තිබීම කදිමයි.
    කතාව අවසානයේදී තමයි ලකුණු කීයද කියල කියන්න පුළුවන් :).

    ReplyDelete
    Replies
    1. සියුම් තැන් විස්තර කරන්න නම්, මම කාලෝස් නම් කොහොම දැනෙයිද කියලා හිතෙන් මවාගෙන, මම දැනටම දන්න කරුණුත්, නොදන්න දේ ජාලෙන් හෙම හොයාගෙන ඒවත් එකට අනලා මසාලා එකක් හැදුවා මචං.

      දැන් අර ගුවන් ගත වෙනකොට අර ඩවුන් කැමරා එකෙන් පේන විදිය උඹත් දැකලා ඇතිනේ. මෙතන කෙලින්ම ප්ලේන් එක යට ඉඳන් බලා ඉන්න එකාට ඒක පියවි ඇහැට කොහොම පේනවා ඇද්ද කියන එක හිතාගන්න අමාරුම නෑනේ නේද?

      බලමු හොඳට වැඩ කරලා ලකුණු කීයක් ගන්න පුලුවන් වෙයිද කියලා. :D

      බොහොම ස්තුතියි කෙන්ජි.

      Delete
  2. පියාඹන ගමන් කීපයක් ලෑස්තිවෙලා තියෙන වෙලාවේ මේ කතාව කියවන එක හොඳද මන්දා... :)

    ReplyDelete
    Replies
    1. මුදල් ගෙවල,විසා අරන් යන හින්ද භය වෙන්න කාරියක් නැහැ.
      දැන් මොනවට භය වෙනවද?"සහයට ඩැනී"කෙනෙක් ඉද්දි.

      Delete
    2. හෙහ් හෙහ්, මේක ඒ තරම් ත්‍රාස ජනකයිද? එහෙනම් ඔයා එක ගමනට කලින් AIR CRASH INVESTIGATIONS, SECONDS FROM DISASTER series බලන්න කියලා මමයෝජනා කරනවා. :))

      ඒකනේ, ඔයාලා ප්ලේන් එක ඇතුලේ නේද යන්න ඉන්නේ? :-O

      Delete
    3. සාරිය ගන්න ඉන්දියාවේ යනකොට පරිස්සමින් හොදේ :D

      Delete
    4. හහ්...මම කල්පනා කලේ හනිමූන් එක ගැන...:D

      Delete
    5. අපොයි ඔය ඩූඩ් කියල තියෙන දෙක මීට වැඩිය බොහොම භයානකයි.

      Delete
    6. මට පේන විදියට පොඩ්ඩි හනිමූන් එක උඩු ගුවනෙදි ගන්න වගේ ප්ලෑන් එක ආ... ;)

      Delete
  3. දැන් නම් පටි තද කරගන්නම වෙනවා, නැත්තම් මේක කියවලා ඉවර වෙනකොට කාලෝස්ට කලින් මම වැටෙයි වගේ සිහිනැතිවෙලා.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් බං. පටිය දාගෙන ඉන එක කොහොමත් හොඳයි. මේකෙ දුම් බොන්නත් බෑ, හරිද? :D

      Delete
  4. අතිවිශිෂ්ටයි සර් , ඉක්මනට අනිත් කෑල්ලත් දාන්න

    ReplyDelete
    Replies
    1. හරි බං අටං. පොඩ්ඩක් ඉවසගෙන ඉඳිංකෝ. බොහොම ස්තුතියි උඹට.

      Delete
  5. ලබ්...ඩබ්..ලබ්...ඩබ්.............ඩිග්..............ඩිග්..ඩිග්..ඩිග්...ඩිග්..!
    හෘදය...ස්පන්දනය...වැඩිවෙලා..එක සැරේටම..පොෂ්ගාල..නැවතුනාද මන්ද...!

    ඇයි බං..අසාධාරන විදියට නවත්තන්නෙ..!ප්‍රශ්න අහන්න විදියක් නෑ..ප්ලේන් එකක් අතින් අල්ලල වත් තිබ්බ නම් මොනව හරි අහන්න තිබ්බ..
    ලකුනු නම් දැන්ම දෙන්න බෑ..අන්තිමත් හොඳ වෙන්න ඕන..ඕං..!

    ReplyDelete
    Replies
    1. උඹට බැරිද මේ නවත්තන තැන්වලට ලකුණු දෙන්න? ඒකත් හොඳම තැනින් නවත්තනවා කියලා උඹට හිතෙනවා නම්?

      ප්‍රශ්ණ අහපං බං.

      Delete
  6. කතාව කියනකොට නිරායාසයෙන්ම පටි තද වෙනවනේ. ඔයා අසිරුවෙන්ම පරිවර්ථනය කළැයි කිව්වට මාරම ගතියට කතාව පරිවර්ථනය කරලා තියනවනේ. කොහොමත් මේ සිංහල කතාවත් ඇගට වදිනවා හොදට.

    ReplyDelete
    Replies
    1. උඹ තනය මතක් කර ගනිං...සුපුරුදු දෙයනෙ...එතකොට ඔය අනවශ්‍ය මහප්‍රාණ ලියන එක නැතිවෙලා යයි

      Delete
    2. ඔහොම මදි ගුරු තුමනි,ටොක්කක් ඇනලම කියන්න.
      ඇත්තටම හැලප හුගක් වටිනව ඔහොම කියල දෙන එක.ඔබට හැකි විදියට මෙහෙම පෙන්වල දෙන්න.ටික දවසක් යද්දි අපිට ගොඩක් වැරදි හදාගන්න පුලුවන්.

      Delete
    3. බොහොම ස්තුතියි නලීන්. මහන්සිය පළ දරලා තියෙන නිසා කමක් නෑ.

      හැලපේ, ස්තුතියි මචං පුංචි උනත් ලස්සන උපදේසෙට. :)

      Delete
  7. රාජ්June 17, 2013 at 3:12 PM

    අන්න හරි! දැන් අපි සංගමයක් පිහිටුවනව "හෙන්රි අයියගෙ කතා සිංහලෙන් කියවන්නන්ගේ සංගමය" කියල. දාපිය බලන්න ඉංගිරිසියෙන් මීට පස්සෙ!
    Kenji @ JapanJune 17, 2013 at 5:27 PM

    හෙන්රි ගෙ නම දාන එක හරි නැහැ බං.මෙච්චර අපිව සතුටු කරන එකාගෙ නම කාල දාන්න නරකයි.මේ කාලේ නැගල යන නම් වලට ගැලපෙන ලෙසට මෙහෙම දැම්මොත් කොහොමද?" සිංහල බොග සුරැකුම් බල සේනාව"ලේකම් නිට්ටඹුඅත්තේ මාරසාර ඇතුලු ..............................................කියල තව අපේ කස්ටිය සමග එකතු කරගෙන පටන් ගමු.

    ReplyDelete
    Replies
    1. හැබැයි මීඩියා වල ප්‍රෝග්‍රෑම් වලට යන්න එපා. :D

      Delete
    2. ගියාට කමක් නැහැ ප්‍රසන්න,
      එරෙන තැනක් ආවොත් කියන්න තියෙන්නෙ විනාඩි 20ක් විතර යනව,අපි ඊලග ප්‍රශ්නෙට යමු කියල.
      එහෙම කියන සේනා නාන්සේලා ඔය හොදට ඉන්නෙ කිසි විලි ලැජ්ජාවක් නැතිව.

      Delete
    3. හප්පට සිරි. සිබොසුබසේ නේද? හරියට අතකසය වගේ. මට සසුකොබකො එකට මොකෝයකෝ කියපු එකත් මතක් වුනා අර ටෙලිග්‍රෑම් එක යවද්දී. :))

      Delete
  8. //ගුවන් යානා කාර්ය මණ්ඩලය මගීන්ට සහ නියමුවන්ට රාත්‍රී භෝජනය පිළිගැන්වූහ. //

    කාලෝස්ටත් මේවා ලැබුනද බන්.

    ReplyDelete
    Replies
    1. අනේ පව් බං අසරණයා. ඌට සිහි තියෙන්න එපායැ කන්න.

      Delete
  9. රෝද කුටීරේ හැංගිලා මෙච්චර ගොඩක් ගිහින් තියනවා කිවුවහම මට නම් හිතාගන්නවත් බෑ ..එහෙම ගිහින් තියෙන්නේ මෑත කාලෙක නෙවෙයිද /?ආරක්ෂක නිලධාරීන්ගේ ඇස් වහල යන එක !අනේ මන්ද පුදුම සහගතයි ! අදත් කියන්න තියෙන්නේ පරිවර්ථනය නම් උපරිමයි කියලා ...!ඊළඟ කොටස එනකන් අසාවෙන් බලන් ඉන්නවා . :)

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද රෙහානි ඔයත් අර නලින්ට කිය තියෙන එක බලන්න

      Delete
    2. රෙහානි, වාර්තා පටන් අරන් තියෙන්නේ 1947 ඉඳලා. නමුත් දැනුත් මේ දේ වෙනවා. ලෝකෙ ආරක්ෂක අංශ සහ ක්‍රමවේද දියුණුයි කියලා කිව්වට ප්‍රායෝගිකව එහෙම නැති බව ඔප්පුවෙනවා මේ අදට මාස නවයකට කලින්ට පළවෙච්ච වාර්තාව කියෙව්වොත්/

      http://www.thebasource.com/body-found-in-wheel-bay-of-inbound-ba58/

      Body Found in Wheel Bay of Inbound BA58.
      August 23, 2012

      A body was discovered in the wheel bay of Boeing 747-436 G-BNLU this morning when it arrived into London Heathrow as BA58 from Cape Town. It is understood that a man was spotted scaling the perimeter fence at Cape Town and approaching the aircraft as it prepared for departure. A search was made of the airfield but not of the aircraft. G-BNLU was released to traffic later and operated BA285 London Heathrow – San Francisco.

      Tags: B747-438, Cape Town, G-BNLU

      ඉතින් මේ දකුණු අප්‍රිකාවෙ Cape Town කියන්නේ නොදියුණු තැනක්යැ? :)

      Delete
    3. රෙහානි, මේක පරිවර්තනයක් කිව්වට කතෘ විසින්ම කරපු පරිවර්තනයක් හොඳේ? මේක ලිව්වෙත් මමමයි. :)

      Delete
  10. නියමයි බං, රෝද කුටිය අස්සේ රිංගගෙන මමත් යනවා වගේ තේරුනේ කියවගෙන යනකොට .. හරියට නිකන් ත්‍රසජනක චිත්‍ර පටයක් බලනවා වගේ ... මේක ලියන විදියනම් ආයේ සුපිරි ..

    ReplyDelete
    Replies
    1. අන්න එච්චරයෛ චමියෝ. උඹලා මේ ගොං වැඩේ අත් හදා බලන්න නොයනවා නම් එච්චරයි.

      Delete
  11. කාලෝස් ට කරදරයක් වෙන්න එපා ...කාලෝස් ..උබට බුද්දු සරනය් .
    හෙන්රය් බ්ලොග් වල්කෙර් උබ ඕනවට් වඩා කොල්ලාව බය කරන්න එපා.
    ජයවෙවා

    ReplyDelete
    Replies
    1. ඌ රෝමානු ක‍තෝලිකයා හන්දා මම එහෙම කිව්වෙ සංජීව. නමුත් ඌට බුදු සරණයි.

      මට ඌව සාධාරණ විදියට අධෛර්යය කරන්නයි ඕනෙ කම තිබ්බේ, බං. නමුත් ඌ ඒ හැම පොයින්ට් එකටම වෙන වෙනම ලෑස්ති වෙලානේ. මම කිව්වේ ඌට කරන්න හැකි හැම දෙයක්ම වගේ. :)

      Delete
    2. කොල්ලා සාර්ටක උනොට් ඔයාට එ ගව්රව්‍ය හෙමී වෙන්න ඕන
      අහස් යට්‍රවක් යනකොට මට හිටනවා එකය් කර්ලොඑස් ඇති කියල, දැනට 3 පාරක් කියෙවව් ඒ ටරම් මම කතාවට වශී වෙලා
      ජයවේව

      Delete
  12. මේක නියමයි හෙන්රියො. අර රෝද දෙක අරූගෙ මූනට එනකොට ඒක නිකං මැවිල පෙනුන.

    කරුමෙටවත් අරූ අස්සට රිංගල අර රෝද ඇතුලට එන්න ඇරෙන පියන උඩ හිටියනං එහෙම ගුවන්ගත වෙනකොටම බිමට වැටෙන්න තිබ්බ.

    වෙලාව තිබ්බොත් ඔය කොහෙවත් යන හෝස් එකක් කැඩිල කාලෝසයවත් උණුසුමුවෙලා තියෙන්නෙ නැතැයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න උඹ මේක ඉතාම කල්පනාවෙන් කියවපු බව මේ කොටසම සාක්කි.

      >>කරුමෙටවත් අරූ අස්සට රිංගල අර රෝද ඇතුලට එන්න ඇරෙන පියන උඩ හිටියනං එහෙම ගුවන්ගත වෙනකොටම බිමට වැටෙන්න තිබ්බ.<<

      ඕක කෙනෙකුට ලේසියෙන් තේරුම් ගන්න බෑ. මොකද ඔය පියන කෑලි දෙකකට එන්නේ. එක කෑල්ලක් ඇරිලා වැහෙනවා, අර රවුමට තියෙන එක, අනිත් පියන රෝද හයි කරපු කකුලටම හයි කරලා ඒකත් එක්කමයි උඩ පාත යන්නේ. අර ත‍ටුවක් වගේ තියෙන්නේ ඒක. උඹට මගේ විස්තරය කියවලා ඒක තේරුනා නම් මට මාර සතු‍ටුයි, උඹ ඒක කලින් ඉඳන්ම දැගෙන හිටියා නම් ඒත් මම උඹ ගැන ආඩම්බර වෙනවා. :-h

      කොහොම හරි ඒක උඩ හිටියානම් බඩු බනිස්ම තමයි. :((

      Delete
    2. මේක බැලුවනං 777 එකක ලෑන්ඩිං ගියර් එක ගැන අදහසක් ගන්න පුලුවං.

      මෙකෙ අර නිල්පාට තටු දෙක වගේ දොරවල් දෙක ප්ලේන් එක උඩට නග්ගනකොට වැහිල තියෙන්නෙ.

      Delete
    3. බොහොම ස්තුතියි ප්‍රසන්න. අන්න කොල්ලෝ! :D

      Delete
  13. කතාව නම් හරිම රසවත්.. මරුවා සමග අහසේ :)

    ReplyDelete
    Replies
    1. මට ඇත්තටම හිතුනා චන්දන මේකට සුදුසු නමක් උඹලාගෙන් අහන්න. පස්සෙ 'මාරක පියසැරිය' දැම්මා. නමුත් 'මරුවා සමඟ අහසේ'ත් මරු නම, ඈ. :D

      Delete
  14. මම කල්පනා කළේ උඹ මොකද කතාවෙ මැදට පනින්නෙ කියල පොර ටෝක් දිදී...පැත්තකට වෙලා කතාව කිව්වනං ඉවරයිනෙ බං

    ReplyDelete
    Replies
    1. That's the teacher in me, මචං.
      Habits die hard කියනවනේ.

      උඹට ඉඳලා තියෙනවද ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය කියලා කොච්චර උඩ පැන්නත් පොර ටෝක් නොදී පැත්තකට වෙලා ඉන්න ගුරුවරෙයෙක්ව?

      මේ ලෝකෙ කවුරුවත් අහගෙන නොහිටියත් කතාව නවත්තන්නෙ නැති උන්ගෙන් එකෙක් තමයි ගුරුවරයා,

      හා කියාපල්ල අනිත් උන් ගැන පුලුවන්නම්.

      (උදාහරණ: වයිෆ්)

      Delete
    2. අන්න් දවස කතාව
      "(උදහරන බිර්ද )"

      Delete
  15. ඩූඩ්ට මතකද මේ ගැන ලියවුන පළමුවැනි කතාවේ,ගුවන්යානයේ නියමුවා, රෝද හැකිලුවාට පස්සේ, ඔහුගේ යානයේ පාලන පැනලයේ රතු එළියක් දැල්වෙනවා රෝද කූඩුව හරියට වැසී නැති බව දන්වමින්. ඔහු නැවතත් රෝද දිගහැර වසනවා. ඒ වෙලාවේ අර හාදයා වින්ද දුක අපමණයි. ඒ වගේම එක වෛද්‍යවරයෙක් කියලා තියනවා 'මේ මිනිහාට ජිම්නාස්ටික් කාරයකුගේ මෙන් ඕනෑම අතකට නැවිය හැකි සිරුරක් තිබිය යුතුයි මෙහෙම රෝද කූඩුව අස්සේ ඉන්න' කියලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මට මතකයි විචාරක. මේ කතාවෙත් අන්තිම කොටසේ ඔය ලයිට් එක ගැන මම සඳහන් කලේ සමහරවිට යටි හිතේ තිබුන ඒ මතකය නිසා වෙන්න ඇති. ඒකත් එක්තරා ට්‍රැ‍ෆික් ලයිට් එකක් වගේ තමයි.

      ඔව්, නම්‍යශීලී භාවය අත්‍යාවශ්‍යයි මම හිතන්නේ.

      බොහොම ස්තුතියි විචාරක.

      Delete
  16. සෑහෙන්න "ගෙදර වැඩ" කරලා, මහන්සි වෙලා ලිව්ව කතාවක්k. ත්‍රාස රසය නොඅඩුව

    ReplyDelete
    Replies
    1. සෑහෙන ගෙදර වැඩකලා තමයි නලිනි. නමුත් ලැබෙන ප්‍රතිචාර කියවනකොට ඇතිවෙන්නේ පුදුම සතුටක්. :)

      Delete
  17. ලිපිය දැක්ක ගමන් සුරුස් ගාලා අග කොටස බැලුවේ කලින් එකේ වගේ අන්තිම කොටසට ලින්ක් එකක් තියේවිද කියලා... ඒ කියන්නේ තව දුරටත් පටි තද කරන් ඉන්න වෙන පාටයි

    ReplyDelete
    Replies
    1. මට මේ දැන් පොඩි අයිඩියාර් එකක් ආව. අහස්යන්තරේ බඳ හයිය වීදුරු වගේ විනිවිද පේන ජාතියක් හදන්න පුළුවන් නම් අපිට ඇතුලේ සැපට ඉඳගෙනම ආතල් එකේ වට පිට බල යන්න පුළුවන් නෙහ්?

      Delete
    2. ඉංග්ලිෂ් තුවෙනි කොටසයි, සිංහල දෙවන කොටසයි එකට දාන්න මාර කට්ටක් කන්න වෙනවා තොටියා, නමුත් එහෙම දැම්මයි කියලා ඔරිජිනල් එක බලන අය අඩුයි. ඉතින් ඉස්සෙල්ලා මේක දාලා හිටියා.

      අදහස හොඳයි, නමුත් අව්ව තමයි ප්‍රශ්ණේ. :D දැනුත් අව්ව වෙලාවට අර පොඩි පෝට් හෝල් එකෙන් එන එලියත් වැඩියි. අනික ඔය උසේදි අල්ට්‍රා වයලට් වලට නිරාවරනය වීම දැනටමත් ගුවන් කාර්යමණ්ඩලවලට ප්‍රශ්නයක් කියලා කියනවා. විශේෂයෙන්ම අර ඉස්සර තිබ්බ සුපර්සොනික් කොන්කෝඩ් එක හෙම. ඒක මාර උසකින්නේ යන්නේ.

      අනික එහෙනම් ඒ වීදුරු අධික පීඩනයට ඔරොත්තු දෙන, UV වලකන, ස්වංක්‍රීයව අඳුරු වෙන, ගුවන් යානා නිශ්පාදනයට ගන්න composite material වල ගුණ තියෙන, ස්ට්‍රෙස් එකට ඔරොත්තු දෙන එකක් වෙන්න ඕනෙ. බලමුද ට්‍රයි කරලා? :)

      Delete
  18. මේ ලිපි මාලාව කියවන්න මහා කම්මැලියෙන් හිටියේ ඩුඩ් . හැබැයි ඊයේ කියෙව්වා .
    සුභ පැතුම් ඔබේ වෑයමට . අති සාර්ථකයි ..
    කියවලා ඉවර උනාම මට හිතුනේ , අපි අපේ මනසින් කොච්චර නම් සීමා බන්දන හදා ගෙන ඉන්නවද කියලා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි JP

      මට ගැටළු දෙකක් ආවා.

      >>මේ ලිපි මාලාව කියවන්න මහා කම්මැලියෙන් හිටියේ ඩුඩ් <<

      ඇයි JP, aviation වගෙ මාතෘකා වලට අකමැතිද?

      >>කියවලා ඉවර උනාම මට හිතුනේ , අපි අපේ මනසින් කොච්චර නම් සීමා බන්දන හදා ගෙන ඉන්නවද කියලා<<

      උදාහරණයක් කිව්වොත්? :-?



      Delete
    2. නැ ඩුඩ්, මට තියෙන ප්රශ්නය adventure storiesකියවන්න නම් දැන් කම්මැලියි.
      සීමා කිව්වේ මිනිහෙක්ට අවශයතා ඇති උනාම කොච්චර දේවල් කරන්න පුලුවන්ද කියලා හිතුනා

      Delete
  19. ඩූඩ්.... මුල් දිනක මා හට දුන් කිසියම් උපදෙසක් සමඟ “ මම වැඩ්ඩෙක්වත්...පොරක්වත් ...නොවෙයි” කියලා කීවා මතකද??... ඔබ එසේ පැවසුවත්, මෙවන් අතිවිශිෂ්ඨ නිර්මාණයන් තුලින්ම ඔබ කවරෙක්ද යන්න මොනවට පෙන්වා දෙනවා ඇත.

    ඩූඩ් ඉතින්..පෙර ලිපි වල... රසවත්ව ලිව්වා මදිවට, යමෙකු මොහොතකටවත් නොසිතන ඉතා සුලු කරුණු පිළිබඳවත් සැලකිලිමත්වී අන්තර්ගත කොට ඇති සිතුවම් ආදියත් ගැන හිතනකොට; මේ නිර්මාණය වෙනුවෙන් කොපමණ නම් වෙහෙසෙන්නට ඇත්ද යන්න හිතාගන්නත් අපහසුයි. මෙහිදී, ඔඹගේ කැපවීමත් වැයවූ ඔඹගේ වටිනා කාලයත් ස්තුතිපූර්වකව ඉතා අගය කරමි.

    {මෙහාට එනකොට අර අඩි 37,000 ක් උඩදී -40˚C රසවිදින්න නොලැබුණාට; හැම අවුරුද්දෙම සතියක් දෙකක් පොලොව මට්ටමේ ඉදගෙන -40˚C වල හෙන කුණක් කනවා අපි. :( }

    ඕන් ඩූඩ් කොටස් දෙකම එක හුස්මට කියවාගෙන ගියා. ඉතුරු කොටස සුද්දාගේ භාෂාවෙන් කියවා වෙනින් එකක් තේරුම් ගන්නවාට වඩා... සිත් ගන්නා ඩූඩ්ගේ භාෂාවෙන් ඉක්මනින්ම අනෙක් කොටස කියවන්ට ලැබේවා කියා.. සිත් තුල ඇති වූ කෑදරකම කම පසෙකලා, නිදා ගන්නට යනවා..:D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගමේ හිතවතා. මම මේකට මහන්සි වුනබව ඇත්තයි. ඒත් මම වැඩ්ඩෙක්වත් පොරක්වත් නෙවෙයි තමයි. නිකම්ම නිකං බ්ලොගර් කෙනෙක් උඹලා වගේම.

      ඒක නෙවෙයි,
      >>මෙහාට එනකොට අර අඩි 37,000 ක් උඩදී -40˚C රසවිදින්න නොලැබුණාට<<
      ඉතින් උඹලා එන්නේ ඔය උසින් නෙවෙයි නෙවෙයිද? උෂ්ණත්වය කෙසේ වෙතත් සමහර ඒවගේ cruising altitude එක අඩි 39000ත් වෙනවනේ.

      මම කල්පනා කලේ, කැනඩාවේ ඉන්න එකත් සුද්දගේ බාසාවට ඇලර්ජික් වෙච්ච හැටි! සංසාරේ!

      Good night!

      Delete
    2. මම අදහස් කලේ; ප්ලේන් එකේ “LCD Screen” එක එලියේ තත්ත්වය -52 ලෙසින් පෙන්නුවට ඇතුලේ ඉන්න අපිට ඒකේ තියෙන නියම සැප මොහොතකටවත් අත්විදින්න නොලැබෙන බවත්, ජනවාරි මාසේ මැදක් හරියෙ ඉදන් පෙබරවාරි ඉවරවෙනකම්ම අතරින් පතර සමහර දිනවල -40 වලට වඩා අඩු වනකොට (මෙහේ ඉන්න අපි වාගේ පූරුවේ පව් කරපු අයට) පොලවේ ඉදන්ම ඔය සැප අත් විදින්නට පුලුවන් බවයි.

      (එවන් දිනවල කොපමණ හොඳින් ඊට සරිලන ඇදුම් ඇදගෙන සිටියත් අනිවාර්යයෙන්ම පිටතට යන්නට සිදුවන විනාඩියක-දෙකක වැනි ඉතා කෙටි කාලය තුල, ඇග ඇතුලට කිදා බසින සීතල සමඟ ඇතිවන පුදුමාකාර අපහසුතාවය විස්තර කරන්නත් අපහසුයි. එහෙව් එකේ, අරවාගේ කුටීරයක සිරවෙලා ඉන්න අයෙකුට රත්වූ පයිප්ප තුලින් යම්තමින් හෝ උණුසුම් සහනාධාරයක් නොලැබුනොත් වැඩි වෙලාවක් යන්න කලින් “frozen to death” තමා)

      (මෙහේ ඩූඩ්... ජනවාරි මාසේ මිදිච්ච “Lake Superior” එකේ ඉවුරේ -තදට හිම වැටුනේ නැත්නම්- හැම සති අන්තයේම වගේ කාර් රේස් - “Ice Racing”- තියෙනවා)

      එහෙනම් ඉතින් තැන්කූ කීවා...:D

      Delete
    3. ඒක මිසක්. අපේ දූ සිඟිත්ත ඉන්න ප්‍රදේශයත් ඔය දේශාංශ අතරම තමයි මම හිතන්නේ -40˚C, -45˚C වලට බහිනවාමයි වින්ටර් එකට. සමර් එකට ඕකෙ අනිත් පැත්ත. පිච්චෙනවා.

      ඒ වුනත් උඹලට ඔක්සිජන් තියෙනවා, ඒ වගේම සාමානය වායු ගෝලීය පීඩනය තියෙනවනේ. අරූට හීතල මදිවට හුස්මගන්නත් බෑනේ.

      Ice racing මරු ඇතිනේ.

      Delete
  20. හෙන්රි රස ලිපි ලියන්න පුළුවන් අපේ කොල්ලෙක් "වන් මැලේසියා"කියල ලිපි ලියන්න පටන් අරං.
    ඔබගෙ හොදන්නේ නැති ඩෙනිමේ එල්ලලා සප් එකක් දෙන්න කියල ඉල්ලා සිටිනව.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි මේ නවකයන්ට දෙන සප් එකට බොහොම ස්තුතියි.

      මම ඒක කියෙව්වා. අර මැලේෂියාවේ ඇපල් කඩන්න ගිය කේස් එක හෙම.

      එල්ලන්නම්, ඈ.

      Delete
  21. මාත් හිතුවෙ තුන්වෙනි කොටසත් දාල ඇති කියල. මං හිතන්නෙ ගිය පෙබරවාරි වල ඉඳන්නෙ ඩූඩ් අපිට ආසන පටි තද කරගෙන ඉන්න කිව්වෙ...තව වැඩි දවසක් එහෙම ඉන්න වෙන එකක් නෑ කියල හිතනව :)

    Waiting to read part 3... :)

    ReplyDelete
    Replies
    1. මේකනෛ චාම්ස්. ලියනවත් වෙලා උපරිමෙන්ම දෙන්න තමයි ට්‍රයි එක.ඒකයි වෙලා යන්නේ. තව පෝඩ්ඩක් ඉවසන්නකෝ. බොහොම ස්තුතියි මේ පෙන්නන උනන්දුවට.

      Just hang on...

      LOADING. PLEASE WAIT...

      Delete
  22. මේක නිකන් විද්‍යා ප්‍රබන්ධ කතාවක් වගෙයි

    ReplyDelete
    Replies
    1. විද්‍යා ප්‍රබන්ධයක් වගේ වුනාට මේක අනාගතය ගැන නම් නෙවෙයි නේද, කෝරළේ තුමා?

      Delete
  23. අන්තිම කොටසට පස්සේ තමා ප්‍රතිචාර

    ReplyDelete
    Replies
    1. හරි බලමු එතකොට කෙහෙල් කොරොට්ටා මොකක් කියයිද කියලා. :D

      Delete
  24. නියමයි මචං.... ඇත්තටම බලං හිටියා මේක කියවන්න... අන්තිම එකත් ඉවර වෙලාම කියන්න තියන දේවල් කියන්නම්...

    ReplyDelete
    Replies
    1. මමත් බලාගෙන ඉන්නේ ඔය අන්තිමට කියන්න හිතාගෙන ඉන්න කමෙන්ට් කියවන්න. හරියට විභාගෙක ප්‍රතිඵල එනකම් ඉන්නකොට තියෙන හැඟීමමයි. එහෙම එකෙක් තමයි ඔය උඩින් ඉන්නෙත්. :)

      බොහොම ස්තුතියි තිසර.

      Delete
  25. >> බුර බුරා නැගෙන <<

    උඹ බූරගෙන් අවසර ගත්තද ඕක පාවිච්චි කරන්න.. ඌට කොපි රයිට් තියනවා ඕකට.. :D

    ReplyDelete
    Replies
    1. හුටා, මට හාංකවිසියක් අමතක වුනානේ. හැබැයි ඕකට අර බුරතීනෝ ලී බෝනික්කයි කෙහෙල් කොරොට්ටයි අතරේ පොඩි ගැ‍ටුමක් තියෙනවා නේද?

      Delete
    2. නෑ නෑ ගැටුමක් නෑ.. කෙහෙල්කොරොට්ටට ඕකට කොපිරයිට් මෙව්වා එක තාවකාලික පදනමක් මත දීලා තියෙන්නෙ.. :D

      Delete
  26. පටි තද කරන් තවත් ඉන්න බැරියෝ.....:(:(:(:(:(:(:(
    ඉක්මනට තුන දාපියෝ....:) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. උඹ මැරෙයි ලේ ගමනාගමනය නැවතිලා. පොඩ්ඩක් පටිය බුරුල් කරගනිං මනෝජ්.

      මම ඊයේ රෑ දෙගොඩහරියක් වෙනකල් කර කර හිටියෙත් ඒක මනෝජ්. මේක ප්‍රබන්ධයක් වුනාට, කරුණු මතබේදයට තුඩු දෙන ඒව නොවෙන්නත් එපායැ. මොකද මේක කියවන්නෙ එක්ස්පර්ට්ලා වෙන්න පුලුවන්. ඉතින් මම හුඟක් පරිස්සම්.

      බොහෝම ස්තුතියි මනෝජ්.

      Delete
    2. //මේක ප්‍රබන්ධයක් වුනාට, කරුණු මතබේදයට තුඩු දෙන ඒව නොවෙන්නත් එපායැ//
      ඒක හරි. මෝබිඩික් ලියපු හර්මන් මෙල්විල් තල්මසුන් දඩයම සම්බන්ධ කාරණා හරියටම ලියපු ලේඛකයෙක්. කොටින්ම එ් පොත නවකතාවකට වැඩිය ඒ සබ්ජෙක්ට් එක ගැන ලියවුන එකක් වගේ. මෙතනදි උඹත් ඒ වගේ හෙන්රි අයියා.

      Delete
    3. ඔව් බං රාජ් මලයා. බොරුවක් උනත් කියන කොට පණ පිහි‍ටුවලා කියන්න ඕනෙ. ඒක තව දුර ගියාම තමන්ම ‍රැවටෙන්න පුලුවන් විදියට.

      උඹ ඔය කියන ක්‍රමයට ලිපි ලියන එක ලේඛකයෙක් තමයි Arthur Haily තව Harold Robbins. තව ඉන්නවා.

      මොකක් හරි නව කතාව්ක් ලියනකොට මාස ගනං, අවුරුදු ගනං ඒ පසුබිම් විස්තර හොයලා ලියන්නේ මාස්ටර්පීස් එකක්. AIRPORT, WHEELS, OVERLOAD උදාහරණ.

      හැබැයි උඹ වරදවා හිතන්න එපා මම මේ ඒ ලේඛකයන් තරම් ස්මාට් පොරක් බව මේකෙන් මම මේ ඉඟි කරනවා හෙම කියලා. එතැනට එන්න තව ගවු ගානක් තියෙනවා.

      Delete
    4. //බොරුවක් උනත් කියන කොට පණ පිහි‍ටුවලා කියන්න ඕනෙ. ඒක තව දුර ගියාම තමන්ම ‍රැවටෙන්න පුලුවන් විදියට.//
      දැන් ඩුඩ් අයියේ :))උඹත් රැවටිලාද ඉන්නේ...?උඹ රැවටිලා හරි කමක් නැ ඉක්මනට අනිකත් දහන්කෝ බන්...

      Delete
  27. පිස්සු හැදෙනවා. මේ ලියපු විදිහත් මරු ඈ..කතාව මැවිලා පේනවා කියවද්දි. හරියට මාත් ඒ විදිහට ඉන්නවා වගේ :)

    ReplyDelete
    Replies
    1. අඩේ මගේ ඩෙනිමට තරුත් පායලා. එහෙම වෙන්නම තමයි ඕනේ. ටැංකූ කිව්වා තරුවා.

      Delete
  28. ටයර් එකට මූන පිච්චෙනවා කිවුවම න්නිකම්ම මගෙ අත කම්මුලට ගියා.. හැබෑවටම මේක කිය්වපු එකෙක්නං ඔය ගමන යන එකක් නැ. ඕං මං නං අතෑරිය අදහස. ඊට හොඳා බෝට්‍ටුවක නැගල යන එක..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක කිසි කෙනෙක් නොකලයුතු දෙයක් තමයි. මොකද අවදානම වැඩියි.

      ඔව් බං බෝට්‍ටුව හොඳා. :))

      Delete
  29. උඹ ඕල්රවුන්ඩර් කෙනෙක්. ලියන්න පරිවර්තනය කරන්න චිත්‍ර අඳින්න. අන්තිම කොටසට චිත්‍රයකුත්....
    බොහොම ස්තුතියි අපි වෙනුවෙන් මහන්සි උනාට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රාජ් මල්ලියේ වර්ණනාවට.

      උඹට කියන්න මම චිත්‍ර පැන්සලෙන් ස්කෙච් කරලා තිබ්බේ.
      එකක් කාලෝස් බිම ඇණ තියාගෙන බෑග එකේ තියෙන බඩු එලියට ගන්නවා.
      අනික මේකා දුවගෙන ඇවිත් ලෑන්ඩිං ගියර් එකේ එල්ලිනවා
      අනික අඳුරේ මේකා වීල් බේ එක ඇතුලේ නිදාගෙන ඉන්න සමීප රූපයක් සහ
      අන්තිම කොටසට තවත් එකක්.

      ඒවා ඇන්ද නම් මට මේක දාන්න වෙන්නේ නැති හන්දා කතාව ඉවරකරලා පස්සෙ චිත්‍ර අඳින්න හිටියා බං.

      හැබැයි මේකට මගේ ගාව තියෙන අපි ගත්ත ෆෝටෝසුත් සෑහෙන ගැලපෙනවා කියලා මට හිතුනා කපලා කොටලා ගත්තාම.

      Delete
  30. කෙටි කතාවක් ලියන්න වුනත් භාහිර ලෝකය ගැන කොච්චර විස්වාසනීය දැනුමක් තියෙන්න ඕනිද කියලා පුදුම හිතෙනවා. ඊගාව කොටස එනතුරු....

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ බාහිර දේ ගැන යම් කුතුහලයක් තියෙන්න ඕනෙ කියලයි පැතුම්.

      ඒ කියන්නේ, මේ අල්ලපු ගෙදර ගෑණිට හොර මිනිහෙක් ඉන්නවද කියලා තියෙන වර්ගයේ කුතුහලය නෙවෙයි.

      ඈත්තටම ස්පීකර් එකකින් සද්දෙ එන්නේ කොහොමද කියලා දැගන්න තියෙන කුතුහලය වගේ ඒවා. :D

      Delete
  31. ara sinhala magula weda ne ban.eka nisa liyanna parakku una.english eka kiyewwe ne ban.meka niyameta liyala thiyenawa .hariyata uba aethule hitiya wage.anika mama ube mulu denima ma kiyewwa.niyama lipi tika.good luck

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතු‍ටුයි දමිත්. ඇත්තෙන්ම.

      උඹ මේ කොටන්නේ ෆෝන් එකෙන් නම් මම ඒකට උත්තරයක් දන්නේ නෑ. නමුත් කම්පියුටර් එකකින් නම්, බාගනිං බං සිංග්‍රීසි යුනිකෝඩ්. පොඩී සොෆ්ට්වෙයා එක, නමුත් හරිම ලේසියි. මම මේ බ්ලොග් කොටන්නෙත් ඒකෙන්.

      Singreesi Unicode 1.8.1. කියලා සර්ච් කරපංකො හොඳ එකා වගේ.

      Delete
    2. googal deiya ehema ekak ne kiyanawa ban.puluwannam tharaha nethiwa eyak dapan mekata damithg@ualink.lk

      Delete
  32. හප්පේ මේක කියවන්න මම කාපු කට්ටක්..තුන් හතර පාරක්ම ස්ටක් වෙලා මැසිම රිස්ටාර්ට් කරන්න උනා. මොකද මන්දා ..හොඳම හරිය එනකොට ස්ටක් වෙනවා.. X-(

    ReplyDelete
    Replies
    1. කොම්පීතරේ ස්ටක් වෙන්න තරම්ම සිරා බ්ලොග් එකක්ද මේක? :-o හරි කමක් නෑ වැඩේ ගොඩ දාගත්තනේ. :)

      Delete
  33. පෙරේදා හදිසියේ කියවලා අද ආයෙත් කතාව හෙමින් කියවලා රස වින්දා මචෝ.

    මුල් ලිපිය ලියන්න වුන මහන්සියම මේ පරිවර්තනයටත් උඹ මහන්සිවෙන්න ඇති. එලට ලියවිලා තියෙනවා මචං ...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං. අන්තිම කෑල්ල දාගන්න තමයි මේ දත කන්නේ. :)

      Delete
  34. Replies
    1. අඟහරුවට ටොක්කක් අනින්න ලඟක නෑනේ.

      Delete
  35. ලිපි දෙකම කියෙව්වා. ලස්සනට ලියලා තියනවා. මිනිස්සු සැප විඳින්න ඕන දුකක් විඳින්න සූදානම් කියන එක තමා මේ වගේ සිද්ධි වලින් පේන්නේ. බෝට්ටු වලින් රටවල් වලට යන එකත් මේ වගේ තමා, හැබැයි ඒක මේ ගමනට වඩා නම් අවදානම් අඩුයි.

    ඊලඟ කොටස එනකන් බලන් ඉන්නවා.

    ප.ලි.: කුරුන්ද හරහා තමා මේ පැත්තට සබ්මැරීනයකින් ගොඩවුණේ. දැන් ඉතින් පුළුවන් විදිහට දිගටම එන්න බලන්නම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගිහාන්.

      මේක මම ලියලා තියෙන්නේ, පාඨකයගේ පරිකල්පනයට ඉඩ තියලා. මිනිස්සු සැප විඳින්න, ඕනෙ දුකක් විඳින්න ලෑස්ති වගේම, දේශපාලන හේතූන්, ඒකාධිපති පාලනයකින් මිදීම, පාතාලයන්ගේ ඉලක්ක බවට පත්වීම වගේ නොයෙකුත් හේතු නිසා මේ දේ කරන්න පුලුවන්. ඒකයි මම හේතුවක් නොදී ඔප්ෂන් දීලා තියෙන්නේ.

      ඊ ලඟ කොටස දාලා තියෙන්නේ ගිහාන්.

      ඒ එක්කම, මේකෙ ඉංග්‍රීසි මුල් පිටපත කියවන්න මම ගිහාන්ට ආරාධනා කරනවා.

      Delete
  36. දෙවෙනි කොටස අදයි කියෙව්වෙ. මම උනන්දුවෙන් බලන්නෙ ඩූඩ් ඉන්ග්‍රීසි වචනවලට දාල තියෙන සින්හල වචන. මොකද මම ඒවලින් ඉගෙන ගන්නවා.ඇත්තටම ඒ හැම වචනෙකටම හරියන නියම සිංහල වචනය ඔබ දැනගෙන සිටියාද, නැත්නම් මොකක් හරි රිෆර් කලාද? හරියටම හැම technical word එකකටම නියම සින්හල වචනය දාල තියෙන නිසයි ඇහුවෙ. එහෙම මොකක් හරි තියෙනව නම් මටත් ප්‍රයෝජං වෙන නිසා.

    මාස හයක් පමන ගත කලාඅ කියන එක සාදාරනයි. මොකද මේක ලියද්දි ගුවන් යානාවක යාන්ත්‍රනය ගැන නියමුවෙකුට වගේ දැනුමක් තිබිය යුතුයි.

    ඔබේ ලිපියත් සුපිරියි. (දැන් මමත් ඔබේ වචන යොදනවා. මගේ ඊලඟ පරිවර්තනයෙ ඔබේ වචන මම යොදල තියෙනවා.)

    කාලෝස් ගෙ ඇක්ශන්ස් එක්ක ඔබේ අදහස් මුසු කරමින් ලිව්ව නිසා අමුතු ගතියක් තියෙනවා.මෙහෙම පරිවර්තනයක් මට නම් අමාරුයි මොකද ගුවන් යානා ගැන මගේ දැනුම බිංදුවයි.නමුත් ඔබ ගුවන් යානා ඉන්ජිනේරුවෙක් වගේ විස්තර කරල තියෙන්නෙ.

    "ගුවන්ගත වෙත්ම, දැවැන්ත රෝද ධාවන පථයෙන් ඉහලට එසවී, හයිඩ්‍රොලික් පද්ධතියෙන් නැඟුනු 'ස්ස්ස්' හඬත් සමඟ, එතෙක් යානයේ බර දැරූ අවලම්බන පද්ධතියේ බර සැහැල්ලු වූ නිසාය. "

    "රෝද කුටීරයේ රෝද ආවරණය වන දොර‍ටුව පහලට විවෘත වීමේ ඇරඹුමය. රෝද කට්ටලය සවිවූ දැවැන්ත වානේ පාදය ඇතුල් පැත්තට නැවෙද්දී විකර්ණව සවිකර තිබූ ආධාරකය හැකිලිනි."

    උත්සාහය විශිෂ්ටයි. මේ ගමන් තුන්වෙනි එකත් කියවනවා.

    මම ඊමේල් එකක් එව්වා. හම්බ වුනේ නැද්ද?

    ReplyDelete
  37. මම දාලා තියෙන සිංහල වචන ගැන නම් වැඩි විශ්වාසයක් තියා ගන්න එපා නිල් මානෙල්. ලංකාවේ නොඉන්න මට ඔය පාරිභාෂික ශබ්ද හොයාගන්න ක්‍රමයක් නෑ. අර තියෙනවයි කියන සිංහල ශබ්දකෝෂ වල අපිට ඕනෙ දේවල් නෑ. ඉතින් මම හිතලා කණා පොල්ලෙන් ගහනවා. හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්.
    මේ මම හිතලා දාපු වචන.
    wheel well / wheel bay/ landing gear compartment රෝද කුටීරය
    auto pilot ස්වයංක්‍රීය නියමුව
    control column සුක්කානම (වෙන මොනවා කියන්නද? පාලන කුලුණ කියන්නයැ?)
    rudder pedals (සුක්කානම් පෙඩලයන් - මේකට නම් මම එච්චර ආසා නෑ, නමුත් මොනවා කරන්නද?)
    reverse thrust පසු තෙ‍රැපුම් බලය.
    elevator control (ආරෝහක පාලකය - මේකටත් මම කැමති නෑ)

    මේ වචන වලට ගැරන්ටි නෑ. එක්කො සිංහල වියත්තු මට පස් පඩංගුවේ බනී භාෂාව කනවා කියලා. නැතිනම් මට හිතෙන් පින් දිදී මේවා පාවිච්චි කරන්න ගනී. නැතිනම් මේ වචනම වෙන්නත් පුලුවන් මම නොදන්න පාරිභාෂික වචනත්.

    ගුවන් යානා, මෝටර් රථ මෝටර් සයිකල් ගැන මට නොසංසි‍ඳෙන උනන්දුවක් තියෙනවා. ඉතින් මේ කාර්මික දේවල් නම් බොහොමයක් මම කතාව ලියන්න කලිනුත් දැනගෙන හිටියා. ඒ මොකද මම ඒ දේවල් නිරීක්ෂනය කරන හිසා.

    කොච්චර උනන්දුද කිව්වොත්, මම ලස්සන කෙල්ලෙක් පාරේ හිටගෙන හිටියොත් බලනවා තමයි අනිත් උන් වගේම. නමුත් ඒ කෙල්ල හාලි ඩේවිඩ්සන් එකක් හරි ෆෙරාරි එකක් හරි උඩ හිටියොත් මම බලන්නෙ වාහනේ දිහා. කෙල්ල දිහා බලන්නේ පස්සෙ.


    ඇත්තෙන්ම කිව්වොත් මම වාහන පදවන්න ඉගෙනගත්තේ බලා ඉඳලා.


    ඊ මේල් එකක් හම්බ වුනේ නෑනේ.

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>