Saturday, August 3, 2013

87. මචං බාප්පලා සහ 'ප‍ටුන'

පහුගිය පෝස්ට් එකේ මම හිරු, DDT, AKM, රෙහානි,  සහ සයුරිට දීපු පොදු පිළිතුරක  මෙන්න මේ කොටස අඩංගු වුනා.

>>මගේ මචං බාප්පලා සෙට් එකේ බාලම එකා මට වඩා අවුරුද්දක් බාලයි. මම ඌටයි ඊ ලඟ එකාටයි මචං කියනවා. උගේ ඊ ලඟ අයියට අයියා කියනවා, වැඩිමල්ම එකාට බාප්පා කියනවා. අපිට වඩා අවුරුදු කීයක් වැඩිමල් වුනාමද අයියා ඉවරවෙලා, මාමා පටන් ගන්නේ කියන එක ඇත්තෙන්ම ගැටළුවක්. ලොක්කට මම අයියා නොකියන්නේ ලොක්කා මට අවධාරනය කරලා පුතා කියන නිසයි. හෙහ් හෙහ්.<<

ඉතින් මට මතක් වුනේ මචං බාප්පලා ගැන මම අවුරුදු කීපෙකට ඉස්සෙල්ලා මට හිතෙන හැටි අඩවියට ලියපු මේ කතාව

මචං බාප්පලගෙ පවුලට තිබ්බා ව්‍යාපර කීපයක්ම. මුලින්ම ඔය ඔක්කොම තිබ්බෙ එක වහලක් යට. පිළිවෙලින්, ටේලර් සාප්පුව, පත්තර ඒජන්සිය සහ මුද්‍රණාලය. (මුද්‍රණාලය කියන එකට මට මැවෙන චිත්ත රූපය අර ඉස්කෝලෙදි චිත්‍ර පාඩමට, බ්ලේඩ් එකකින්  දෙකට කපලා, ඩිසයින් එකක් හාරලා, ඒකේ පාට ගාලා මෝස්තර මුද්‍රණය කරපු අර්තාපල් මුද්‍රණ අලය.) ඔය කඩ පේලියම තිබ්බෙ මහජන පුස්තකාලයට යන ලේන් එකේ.


මේ මචං බාප්පලාට උඩ ඉඳලා පහලට, ලොක්කා, සුද්දා, පොඩ්ඩා සහ චූටි කියලා අපි කිව්වට ගමේ මිනිස්සු කිව්වෙ ලොකු රාළහාමි, සුදු රාළහාමි, පොඩි රාළහාමි සහ චූටි රාළහාමි කියලා. 

ඔතන පත්තර ඒජන්සිය තිබ්බ නිසා paper route දෙකේ යන paper boys ල දෙන්නෙකුත් ඉන්නව. එකෙක් දවසක් කන පාත් වෙන්න ගහලා මචං බාප්පලට අදටත් වලංගු වෙන්න දුන්නනෙ චරිත සහතිකයක් කඩේ ඉස්සරහට ඇවිත් මය හයියෙන්, "මුං මහ _කේ රාළහාමිලා", කියලා. මේක අදත් කට්ටිය කිය කියා රස විඳිනවා. කතාව ඇදුනොත්, "මොනාද රාළහාමි, මේ කාපු බීපු වෙලාවට කියන දේවල්", කියල පොර හිනාවක් දාල ෂේප් වෙනවා.

ඉතිං ඉස්සර ඉඳන්ම 'කියවලා සම්පූර්ණ මිනිස්සු වෙන්න' කියලා හිතාගෙන අපි පුස්තකාලයට රිංගලා බුද්ධියේ නිම් වලලු පුලුල් කරනවා. ඇත්තටම පොත පත් කියවන්නත්, ඒ හා සමානවම පුස්තකාලයට එන නංගිලාට බැල්ම දාන්නත් යන දෙවැදෑරුම් කාරණාම නිසා තමයි අපි නිතර ඔතන වන්දනාමාන කලේ. ඒ මදිවට, සටහන් පොතකුත් අරගෙන ගිහින්, පුස්තකාලෙ ලොකු රිෆරන්ස් පොත් පෙරලගෙන, සටහන් ගන්න බවකුත් පෙන්නනවා. නමුත් ලංවෙලා බැලුවොත් ඇඳලා තියෙන්නෙ කුරු‍ටු. මේ වගෙ.



 

අනිත් හැම පුස්තකාලයකම වගෙ මේකටත් 'පිටතින් ගෙනෙන පොත් මෙතනින් තබන්න' කියලා දැන්වීමක් ගහපු රාක්කයක් තියෙනවා. මොන හේතුවකට හරි අපි ඕකට කැමති නෑ. අපි කරන්නෙ එන ගමන්ම අපේ පොත් අර මචං බාප්පලගෙ කඩේ තියලා එන එකයි. ඒ ගමන්ම එතනත් ටිකක් වල බැහැලා, කැහි කූරක් දෙකක් ඇදලා, තෙල බෙදලා තමයි ඉතින් යන්නෙ.



දවසක් මම අතින් අත ගිහිල්ලම මුල් පි‍ටු ගැලවිච්ච,18+ පොතක් බාප්පලගෙ කඩේ තියලා පුස්තකාලයට ගියා. එන ගමන් කඩේට ගොඩ වැදිලා බැලුවම පොත අතුරුදහන් වෙලා.

"ඒ චූටියො, කෝ බං අපි මෙතන තියලා ගිය පොත?" මං ඇහුවා.

"ඇයි බං ඔතන ඇති, හොඳට බලපං." චූටියා කිව්වා.

හොඳට බැලුවත් පොත තිබ්බෙ නෑ.

"මෙතන නෑ බං. මේ ෂෝ කේස් එක උඩනෙ තිබ්බෙ."

"ආ, ඔන්න ඔය ෂෙල්ටන්ගෙන් අහපං."

ෂෙල්ටන් කිව්වෙ එක paper boy කෙනෙක්. කැළණි ග‍ඟෙන් එගොඩහ ඉඳලා ආපු අහිංසක හිත හොඳ ඩයල් එකක්. ඔන්න එතකොටම ලඟ කඩේකට ගිහින් හිටිය ෂෙල්ටා ප්ලේන්ටී බෝතලේකුත් අරන් ආවා.

"ෂෙල්ටො, මෙතන තිබිලා පොතක් අරන් තිබ්බද?"

"පොතක් නේද? කෝ ඉන්න බලන්න."

ඔලුව කස කස ටිකක් වෙලා කල්පනා කරපු ෂෙල්ටා කිව්වා,

"ආහ් හරි, අර 'ප‍ටුන' කියන පොතනෙ ඔය මහත්තයා කියන්නෙ."

"මොනව කියන පොතද බං?"

"අර 'ප‍ටුන' කියන පොතනෙ." කියලා තව පාරක් කියපු ෂෙල්ටා කබඩ් එකක් ඇතුලෙ අරන් තියලා තිබ්බ අපේ පොත මේසෙ උඩට දාලා,

"කාගෙද කියලා දන්නෙ නැති නිසා මම අරන් තිබ්බා." කියල කිව්වා.


හැබෑම නේනං.  ප‍ටුන තමා ඒ පොතේ පළවෙනි පි‍ටුව. අනිත් ඔක්කොම ගැලවිලා ගිහින්.

අපි ඔක්කොම එක හඬින් බක බක ගාලා හිනාවුනු නිසා ෂෙල්ටනුත් අපිත් එක්ක හිනාවුනත් ඒ අහිංසකයට තේරෙන්න නැතුව ඇති ඇයි අපි ඒකට එච්චර හිනාවෙන්නෙ කියලා. පස්සෙ පොරට හෙමිහිට කිව්වා ප‍ටුන කියන්නේ මොකක්ද කියලා.



 


Originally published @  මට හිතෙන හැටි.

111 comments:

  1. මෙයා මේ යක්කු ගස් නගින වෙලාවටනේ පෝස්ට් දාන්නෙ, කමෙන්ට් හෙට. :)

    ReplyDelete
    Replies
    1. මෙයා කමෙන්ට දාන්නෙත් ඒ වගේ ම වෙලාවටනේ.

      Delete
    2. මං වගේ නිශාචරයෝ ඔය තවත් ඉන්නේ දෙන්නෙක්ම? ඇයි බං DDT, උඹ මේ ලඟදි ප්‍රකාශයක් නිකුත් කලා නේද 'අපි දැන් හොඳ ළමයි, රෑට කාපු ගමන් නිදියෙනවා කියලා? නලියා නම් රාත්‍රී වැඩ මුරය කියහංකෝ. :D

      Delete
    3. ප්‍රකාශයක් ? හික් හික් ... ඔව් නේද, මේ වෙන රස්තියාදුවක යන ගමන් අර උඩින්ම තියෙන DDT කෑල්ල දැකල දුවල ආවෙ අයියා, ඒ පාර මේ මොන මරාලයක් ද කියල බලන්න. ආපු එකේ ඉතිං ඉස්සරහ පේලියෙ බංකුවක් බුක් කරල ගියා.

      නලීන් අයියා නම් ඔන්න ‘රෑ වැඩ මුරේ‘ ඉවර වෙලා උදේ ඇහැරුන ගමන් ම වගේ කමෙන්ට් එක දමල තියෙන්නෙ. :))

      වයසයි නෑකමයි එකට යන්නෙ නැති සීන් නම් හුඟක් තැන්වල තියෙනවා. අපේ බාල මාමගෙ දුවයි, අපේ අක්කගෙ ලොකු පුතයි එක වයසෙ. කතාවට ගියාම මචං උඹ ටයිප් උනාට නෑකමට උගේ නැන්දා.

      නරක නෑ, සටහන් අස්සෙ ඇඳපු කුරුටුත්. තාමත් ඒ පුරුද්ද නම් තියෙනවා වගේ, ළමයින්ගෙ පොත් එහෙම මාක් කරද්දි කුරුටු ගාන්නෙ නැතිව ඇතිනේ.

      මරු බාප්පල පුතාල. දැන් ඒ මචං බාප්පලගෙ ළමයි එහෙම ඔයාගෙ ඥාති සහෝදරයොනේ. උනුත් මචං දෑ.... අනෙක ඔහොම දාලා යන පටුනවල් හදිසියෙ ලොක්කට අහුඋනානම් මොකද වෙන්නෙ, ගෙදර ගිහින් හමාරයි.

      ඉතිං ඔහෙල ‘පටුන‘ බලල බුද්ධියේ නිම් වළලු පුලුල් කරගත්තයි? =))

      Delete
    4. ප්‍රකාශයක්? ඔව් නේද. ඒ උණාට මම රෑට කන්නෙ කීයටද කියල කිව්ව බවක් නම් මට මතක නෑ. :D

      මේ වෙන රස්තියාදුවක යන ගමන් අයියා, අර උඩින්ම තියෙන DDT කෑල්ල දැකල දුවගෙන ආවෙ ඒ පාර මේ මොන මරාලයක්ද කියල බලන්න. ආපු එකේ ඉස්සරල පේලියෙ බංකුවක් බුක් කරලම ගියා, නැත්නම් ආයෙ එනකොට මෙතන සෙනඟ පිරිලනේ.

      නලීන් අයියා නම් ‘රාත්‍රී වැඩ මුරය‘ ඉවර කරල ඇහැඇරුනු ගමන් ම වගේ කමෙන්ට් කරල තියෙන්නෙ. :))

      ඔය වයසයි නෑකමයි එකට යන්නෙ නැති සීන් එක නම් හුඟක් තැන්වල තියෙනවා. අපේ අක්කගෙ ලොකු පුතයි බාල මාමගෙ දුවයි එක වයසෙ. කතාව උඹ මචං ටයිප් උනාට නෑ කමට ඒ උගේ නැන්දා.

      සටහන් අස්සෙ ඇඳපු කුරුටුත් නරකම නෑ. තාමත් ඒ පුරුද්ද එහෙමමද, ළමයිගෙ පොත් මාක් කරද්දි කුරුටු අඳින්නෙ නැතුව ඇතිනේ .....

      මරු බාප්පල පුතාල. ඉතිං ඔය බාප්පලගෙ ළමයි එහෙම ඔයාගෙ ඥාති සහෝදරයො නේද. එතකොට උනුත් මචංලද. අනෙක අර පටුනවල් එහෙම අර විදියට දාලා යනවද, හදිසියෙ ඒ අතරෙ ලොක්ක ආව නම් එහෙම, ගෙදර ගිහිල්ලත් ඉවරයි.

      ඉතිං ඔහෙල ඔය පටුනවල් කියවල බුද්ධියේ නිම් වලලු පුලුල් කරගත්තයි? =))

      (කමෙන්ට් එක කොටල දාද්දි ඒකට වෙච්චි දෙයක් හොයා ගන්න නැති උනා. මේ අයෙම කෙටුව, ඒකෙ කොටපුව මතකෙන්)

      Delete
  2. පෝස්ට් එක කියවලා අවුරුදු 30-40 ක අතීතයක් මතක් උනා මචං. ඔය කියාපු ප්‍රෙස් එක, පත්තර කඩේ, ටේලර් සාප්පුව පහු කරලා මමත් සිය දහස් වතාවක් ඒ පුස්තකාලෙට ගියා. සොඳුරු අතීතය ....!

    ReplyDelete
    Replies
    1. එතකොට මචං අපි සෙට් එක පිටකො‍ටුවේ සකුත්තලා මත්ස්‍යාගාරය ඇතුලේ හොරෙන් සිගරට් බොද්දි තව එවුන් සුදුකිට ගහගෙන ජා ඇල බස් පෝලිමේ වැටට හේත්තු වෙලා මල් කඩපු අතීතය! සොඳුරු අතීතය ....!!

      Delete
  3. පටුෙන අැත්ත නම කිව්වනම් බලන්න තිබ්බා අපිත් කියවපු එකක්ද කියලාපටු............

    ReplyDelete
    Replies
    1. මතක නෑ බං. ඇත්තමයි. උඹලා කියාගෙන ගියොත් ලැයිස්තුව සමහරවිට මතක් වෙයි. :)

      Delete
  4. පටුන අරූ කියෝලා නෑද? මටත් ඉන්නවා ඔය ජාතියේ මාමලා සෙට් එකක්,උන් මට බොන්නත් කියලා දුන්නනේ

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් බං. අද පවා හොඳින් ආශ්‍රය කරනවා හමු වුනාම. ඇත්තෙන්ම අපිට එයාපෝට් එකට ගෙනත් දාන්නෙත් ඔය දෙවෙනියා. ඌට සුදු අයියා කියන්නේ ඇයි කියන එක තමයි මට කවදාවත් හිතාගන්න බැරි වුනේ.

      Delete
  5. අපේ අම්මාගේ පවුලේ සහෝදර සහෝදරියන් ඔක්කොම එකලොස් දෙනයි. (අපි ඔක්කොම එකට තමා හැදුනේ-වැඩුනේ.) අම්මාගේ බාලම මල්ලි මට වඩා අවුරුදු දෙකක් විතර තමා වැඩිමල්. මෑන් මටත්, මම මෑන්ටත්; අදටත් කියන්නේ මචං තමා:D
    මගේ අනිත් මාමලා, පුංචි අම්මලා, ලොකු අම්මලාට විතරක් නොවේ අනෙක් නෑදෑයින්ටත් මම කියන්නෙත් අපේ මචං මාමා කියන නෑකම්ම තමා.

    දැන් ඉතින් ඔය වගේ දේවල් මතක් වෙනකොටත් මාරම මාර දුකක් තමා හිතට දැනෙන්නේ.....:(

    බොහෝම ස්තූතියි කීවා... ඩූඩ්.

    ReplyDelete
    Replies
    1. එකොළහක් කියන්නේ කෙලින්ම ක්‍රිකට් ටීම් එකක්නේ බං. සික්ස් අසයිඩ් මැච් ගහන්න පුලුවන් තාත්තවත් ගත්තා නම්.

      මේ කේස් එක හරියට තියෙනවා නේද? නමුත් ඒකෙත් මාර ජොලියක් තියෙනවා. ඇයි බං ස්තුතියි කිව්වේ? :)

      Delete
    2. //අම්මාගේ බාලම මල්ලි මට වඩා අවුරුදු දෙකක් විතර තමා වැඩිමල්. මෑන් මටත්, මම මෑන්ටත්; අදටත් කියන්නේ මචං තමා//

      ඕව නම් මොනවද.. මගෙ අක්කගෙ පොඩි එකාට දැන් වයස අවුරුදු හතයි. ඒකාත් මට වෙලාවකට කියන්නෙ මචං.. :D

      Delete
    3. අපේ අක්කගෙ කොල්ලොත් එහෙමයි බං. ගෙදර කට්ටිය අයියටයි මටයි ගෙදරට කියන්නෙ ලොක්කා, පොඩ්ඩා කියල. උනුත් සමහර වෙලාවට කියන්නෙ එහෙමයි. ඔන්න මොනව හරි ඉල්ල ගන්න වගේ නම් පොඩි මාමේ ගාගෙන එනවා.

      Delete
  6. Kolamba gana nam wadi danumak, mathakayak na. E unath school library 1 gana kathaa godak mathak una!

    ReplyDelete
    Replies
    1. ඉතිං ලියමුකෝ අඟහරූස්. මේ මොකද ඔයා මේ සිංග්‍රීසියෙන් කොටන්නේ? හරිම ලේසි යුනිකෝඩ් කොන්වර්ටර් තියෙද්දි? ෆෝන් එකෙන්ද? :)

      Delete
  7. පටුන කියුවා නේද නම ... ඕක තියෙන්න ඇත්තෙ කතාවෙන්න ඇති පින්තූර තිබුනනම් ........එක්කො ඕන්නැ

    ReplyDelete
    Replies
    1. මට පේන්නේ ජෝනාට මතක් වෙලා තියෙන්නේ සිතියම් සහිත ස්ත්‍රී චිකිත්සාවලිය වගේ! :))

      Delete
  8. මටත් ඔය පටුන පොත ඕන කියවන්න.

    ReplyDelete
    Replies
    1. දැන් ඒ පොතම හොයන්න බෑ මචං. නමුත් මම උඹට වෙන පොතක් ප‍ටුන කරලා දෙන්නම්. :D

      Delete
  9. මැක්කගේ පොතේ නම් පටුනක් තිබ්බේ නෑ වගේ මතක...ඩූඩ්ට මතකද? :-)

    ReplyDelete
    Replies
    1. මකුණා නේද කැන්ඩියන්? මට මතක ඒ වගේ.

      Delete
  10. මචං කිව්වම මතක් වුනේ . අපේ පොඩ්ඩි දවසක තාත්ත යාලුවෙක්ට කෝල් කරනවා අහන් හිටිය.

    ''අම්මි ඒ කවුද ''

    ''තාත්තගේ යාලුවෙක් ''
    ''යාලුවෙක් නම් ඇයි තාත්ති එයාට අච්චර බැන්නේ ''

    ''බැන්න , නැහැ මට නම් ඇහුනේ නැහැනේ ''

    ''හැම වචන දහයක් ගානෙම වගේ '' මචං '' කියලයි බැන්නේ ''

    පොඩ්ඩි හිතුවේ ඕක නරක වචනයක් කියල . එතකොට අක්ක කියනව

    නැහැ නංගි මචන් කියන්නේ ගොඩක් යාලු අයට ..හරියට'' ඩුඩ් '' වගේ වචනයක් .

    ආයේ මගේ යාළුවගේ පොඩි එකා එයාගේ තාත්තගේ එක යාලුවෙක් හඳුන්වන්නේ මචං අන්කල් කියලා .

    බාප්පල නම් ඉතින් මොකෝ ..ඒ කාලේ ළමයි දහයක් විතර හිටි නිසා ඔය වයස් පරතරය හරි අඩුයි. කොටින්ම අපේ බාප්පා බැන්දේ අපේ අය්යට සහ අපේ වැඩිමල් කසින්ලට වඩා බාල පුංචි කෙනෙක් . උන්ද නම් අර දඩෝරි කොල්ලන්ට පුතේ කියාපි කට පුරා .
    අපේ පොඩි මාම ඕලෙවල් කරන්ව මට මතකයි . ලස්සනම වැඩේ ඒ නැන්දලා පුන්චිලා මාමල බාප්පල ආදරේ කරන කාලේ . අපි නිවාඩුවට ගමේ ගියාම චුටි නැන්දගේ යාලු මාම ආව වෙලාවට අපි කොච්චර ඇණයක් වුනාද කියල හිතද්දී දැන්නම් හිනාත් යනවා .

    පටුන පොත නිකන් වඩිග පටුන වගේ එකක් වෙන්න ඇති නේ

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නාව මෙහේ ගොඩාක් අය දන්නේ මචං අන්කල්&මචන් ආන්ටි කියලා.මගේ යාලුවෙක්ගේ දුවෙක් එයා පොඩිකාලේ මගේ නම මචං කියලා හිතාගෙන.මේක භාවිතයට ඇවිල්ලා දැන් අවුරුදු දහයක් දොලහක්.පුංචිම එවුන් කියන්නේ මචන් සීයා කියලා.ඔය කියපු දුවගේ තාත්තයි මායි දවසක් ඩ්‍රින්ක් එකක් දාගෙන ඉන්නවා.අපි දෙන්නා ක්ලාස්මේට්ස්ලා ,නිතරම හම්බ්වෙනවා එකට කනවා බොනවා.දවසක් මූ නැමිලා වැඩක් කරකර ඉන්නකොට මම පුකට තට්ටුවක් දාලා ෂෝක් පුක කිව්වා.මූ මගෙන් ඇහුවා ඇයි පුකේ අමාරුවද කියලා.අපි දැක්කේ නැහැ පොඩි එකී පිටිපස්සේ.කතාව ඉවරයි දවසක් කෙල්ල ඉස්කෝලේ යන්න ලෑස්තිවෙනවාලු.මගේ යාලුවා ගිහින් පස්සට තට්ටුවක් දාලා ඉක්මන් කරන්න ඉක්මන් කරන්න කිව්වාම දුව අහනවාලු "ඇයි මොකද තාත්ති ඔයාට පුකේ අමාරුවද කියල."ගම වළඳනවා නේද?කෙල්ල දැන් ලමිස්සියක්.ඔව් මචං අන්කල් මම දැන් පුක දන්නවා කියලා කිව්වා ලඟකදී හම්බවුනාම.

      Delete
    2. @බින්දි: මරු කතාව බින්දි. මචං කියන එක සිංහල නොදන්න කෙනෙකුටත් අර්ථ දක්වන්න කොච්චර අමාරුද කියලා බින්දි දන්නවද? හිටපු ගමන් මෙහෙ උන් මට මචං කියලා බලනවා. මම උත්සාහ කරලා තියෙනවා මචං කියන්න පුලුවන් කාටද කියලා පැහැදිලි කරන්න. නමුත් ඒක මාර අමාරුයි.

      @අරූ: අරූ ග්‍රාමය භක්ෂණය කරලා නේද? කට අරින්න ඕනෙ පුදුම පරිස්සමෙන් බං. විශිෂයෙන්ම ළමයි ඉන්න තැන් වල.

      Delete
  11. පටුන පොත හොයාගන්න එන්න ඕන ඒ පැත්තේ...

    ReplyDelete
    Replies
    1. දේශා, පොතක් අරංම වරෙං, මම ප‍ටුන කරලා දෙන්න. :)

      Delete
  12. උඹට ෂුවර්ද ඒ පොත පටුන කියලා? මචං ඔය පොතේ තිබුන පින්තුරැ කීපයක් දාහන්කො අපිටත් බලන්න.

    ReplyDelete
    Replies
    1. ඒක පින්තූර තිබ්බ එකක් නෙවෙයි බං. හිතලා ඇඳලා දාන්නත් බෑ මොකද අපි දෙන්නගෙම බ්ලොග් වල No adult content කියලා සිලෙක්ට් කරලා තියෙන නිසා.

      Delete
  13. ‍එහෙනං ඩූඩ් පටුන බලල ඊට පස්සෙ තමයි පුස්තකාලෙ කෙල්ලො බලන්න යන්නෙ.

    ReplyDelete
    Replies
    1. පටුනෙ පිලිවෙලට.. :D

      Delete
    2. එක අතකට උඹලා ඒ වැඩේටම පංසල් යනවට වඩා මේක හොඳයිනේඔ නැද්ද?

      Delete
  14. පටුන බලල පිට් එකේ ලයිබ්‍රරියට යනව ඇති නේද මචං,අර පිංතූරෙ ඉන්න කෙල්ලෙගෙ මූණ නං හරිම සෞම්‍යයි කොල්ල උඹද.

    ReplyDelete
    Replies
    1. මේක මුලින්ම දැම්මම ගාමිණී දාලා තිබ්බ කමෙන්ට් එක මට මතක් වුනා.

      Gaminie

      16/11/2011 at ප.ව. 1:10

      කතාව වගෙම චිත්‍රෙත් හොඳයි. ඒකෙ ඉන්න බුවා මට ටිකක් දැකලා පුරුදුයි වගේ ..?

      Delete
  15. අර චිත්‍රය ඒ කාලෙ ඇන්ද එකක් ද..

    මොකක්ද අර 'මූ නම් කිව්වෙ' කියල එකක් ලියල තියන්නෙ.

    ReplyDelete
    Replies
    1. නෑ චන්දන. මේක ඒ කාලෙ ඇන්ද එකක් නෙවෙයි. ඇත්තටම එහෙම එකක් හොයාගන්න පුලුවන් ගෙදර හිටියා නම්. මේකත් හැබැයි මම කුරු‍ටු ගාපු එකක් ඔය මීටිං එකක් වෙලාවකද කොහෙද. ඔය දිග කතාවල් අහගෙන ඉන්න ගියාම මට නින්ද යනවා බං. මම කරන්නේ ඔය මොනවා හරි කුරු‍ටු ගාන එක.

      ඒ නම් මොකක්ද මන්දා, බං.

      Delete
  16. මට නම් වැදුනේ අර මුද්‍රණ අලයේ කතාව. අපේ ඉස්කෝලේ නම් ප්‍රෙස් එකක් තිබුනා. තොරණ හංදියේ දීපා ප්‍රෙස් එකට වඩා ළොකුයි ඒක. ඒකේ සර්ට අපි දාලා තිබ්බ නම "ප්‍රින්ටින්", ඕක සබ්ජෙක්ට් එකට කරපු, ප්‍රෙස් එකකුත් තියෙන එකෙක් හිටියා. ඌගේ නම "ප්‍රින්ටින්, ටින් ටින්" හෙයාස්ටයිල් එක ඒ වගේ.. අද නම් කෝටිපතියෙක්..

    ReplyDelete
    Replies
    1. ඉස්සර මුද්‍රණ කටයුතු කලේ බ්ලොක් හදලා නේ ..අපේ පියතුමා ඒ අංශයේ විශාරදයෙක් . හිටියා නම් විස්තර අහගන්න තිබ්බ . ඔෆ්සෙට් ආවට පස්සේ ඒ කර්මාන්තෙට බහින කලාව ආවේ . ඊටපස්සේ කම්පියුටර් ආවනේ .

      Delete
    2. @මාතලන්: ප්‍රින්ටින් ටින් ටින් මරු නම්, ඒ වුනාට හදිස්සියකට කියා ගන්න බෑනේ ලේසියෙන්.

      @බින්දි: ඔය මම කිව්ව ප්‍රෙස් නම් බින්දි, ක්‍රමයෙන් ඕෆ්සෙට් වලටත්, ඊට පස්සේ කම්පියුටර් වලටත් මාරු වුනා. ඒ කම්පියුටර් වලත් ඔය MS Office හෙම නෑ. උන්ට අවශ්‍ය වෙන graphics prog විතරයි තියෙන්නේ.

      Delete
  17. ඇයි බං ඩුඩ් අයියේ අපේ ආච්චිගේ නංගිලා සෙට් එකටම මම කියන්නේ පුංචි කියලා.
    මේ අර "පටුන" පොතේ අලුත් මුද්‍රණයක් එහෙම නැතෙයි...:D
    කුරුටු ගාපුවා ලොවෙත් නැහැ.පට්ට ඈ..:)

    ReplyDelete
    Replies
    1. හොයලා බලන්න ඕනෙ ආච්චිලගේ නංගිලට අක්කා කියන්න වෙච්ච උනුත් ඉඳීද කියලා!

      බොහොම ස්තුතියි මනෝජ්.

      Delete
  18. පටුනෙ E book එකක් නැද්ද හොයා ගන්න ?

    ReplyDelete
    Replies
    1. හම්බවුනොත් කියන්නම් යසිත්. ඒ නැතත් ඔය PDF Edit prog එකකින් මුල පි‍ටු ටික ඩිලීට් කරලත් හදාගත හැකි.

      Delete
  19. මටත් දැන් අලුත් පටුනක් කියවන්න හිතුනා උඹලා පරණ පටුනවල් මතක් කරලා.ඇත්තටම පටුන ෆිල්ම් එකක් කරේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ප‍ටුන ‍ෆිල්ම් නම් කොච්චර තියෙනවද මචං. අර වෙනියා ගාවා කලෙෂන් එකක්ම තිබ්බේ.:D

      Delete
  20. ඒකත් පොතකට හොඳ නමක් තමා නේ ? මම පොඩි කාලෙ ඉඳන්ම "පටුන පිටුව" කියන එකේ තියන රයිම් වෙන ගතියට කැමතියි..

    අර සිත්තරේ ඇත්තටම ඒ කාලෙ පොතක ඇඳපු එකක්ද, නැත්නම් එහෙම පේන්න දැන් ඇඳපු එකක්ද ?

    ReplyDelete
    Replies
    1. හරියට චිත්‍ර මිත්‍ර චිත්‍ර කතා පත්තරේ වගේ නේද, සෙන්නා?

      මේක මෑත කාලෙකදෛ ඇඳපු එකක්, නමුත් ඇත්තටම කුරුට්ටක්.

      Delete
  21. අපේ අම්මගේ නංගිලත් අපේ වයසට කිට්ටුයි එයාල එක්ක තමයි සෙල්ලම් කලේ එහෙම... ඒ වගේම එයාල කොල්ලෝ බලන්න යද්දි අපිවත් එක්කගෙන ගියා..දැනුත් යාළුවෝ වගේ ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. බලන් ගියාම මෙහෙම සිද්ධි කොයි පවුලෙත් වගේ තියෙනවනේ.

      ඔය මටත් ඉන්න සමහර මල්ලිලට මම ස්වේච්ඡාවෙන්ම පුතා කියනවා. :)

      Delete
  22. පටුනෙන් එහාට බැලුවනම් ඇප නැත

    ReplyDelete
    Replies
    1. එහෙමමත් නෑ සංජීව. අපි එතන ඉඳං කතා කරන ඒවාත් ෂෙල්ටා අහගෙන ඉන්නේ හිනාවෙවී. ඇත්තටම පොරගේ නම ෂෙල්ටන් එන්වෙයි, වෙනත් සමාන නමක්.

      Delete
  23. මට ඔය වගේ මචං බාප්පලා හිටියානම් අර යුද්දෙට සොල්දාදුවෝ හිග කාලේදී එකෙක් දෙන්නෙක් ආමි එකට බඳවා ගන්නත් තිබුනා.

    1970 දශකයේ මම ගුරු වෘත්තියේ වසට දෙකතුනක් හිටියා. ඒ පාසලේ හිටිය දෙමල ටීචර් කෙනෙක් වාරාවසාන විභාගයේ පරශ්න පත්‍ර ගහලාද කියලා බලන්න 'මුත්‍රනාලයට' ගිහින් එන්නම් කිව්වා.

    ඔය 18+ වගේ ඉස්සර 'අර පොත' කියලා පොතක් තිබිලා තියනවාඅපේ ගම් පලාත්වල. ඒ පොතේ තියෙන්නේ විවාහාසන්න තරුණියන්ට 'උපදෙස්' ලු. ගමේ වැඩිහිටි කාන්තාවක් අතේ තියන ඒ පොත නිසි කාලයේදී ඉල්ලාගෙන ඇවිත්, විවාහාසන්න තරුණියගේ අතට අහුවන ආකාරයට, 'නො/සැලකිල්ලෙන්' ගෙදර කොහෙහරි 'පෙනෙන්ඩ හංගන්නේ' ඒ තරුණියගේ අම්මාමලු. පොත අර තරුණිය කියවූ බවට රහසිගතව සනාථ කරගත් ගමන් ඒ පොත් අතුරුදන්වී අර වැඩිහිටි කාන්තාව අතටම ආපහු යනවලු 'ඊළඟ කියවන්නියට' ලැබෙනතුරු. :D :D :D

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඇත්තට! මම ඇහුවාමයි එහෙම කතාවක්. විචාරකට බැරි වෙයිද ඒ පොතේ පිටපතක් හොයාගෙන බ්ලොග් පෝස්ට් එකක් දාන්න?

      Delete
    2. මගේ පූරුවේ පිනක් පලදීලා, ඔය පොතේ එක පිටුවක් හරි හොයාගත්තොත්............අම්මපා වෙනම බ්ලොග් එකක් පටන්ගන්නවා ඒකෙ තියන දේවල් ලියන්න. :D :D :D

      Delete
    3. අම්මේ අර හොඳට අපිටත් අවවාද දිදී හිටි විචාරක මෙහෙම නාක් උනේ කොහොමද ? අටමා හින්දාද ?

      Delete
  24. මටත් ලගම සහ දුරින් ඥාති වෙන මාමල,බාප්පල රොත්තක්ම හිටිය.
    ගොඩක් අය සමග පරන කතා අහ අහ හීනියට අර මොකක්ද "තිත"ට කියන එකත් කොලා.

    ReplyDelete
    Replies
    1. ඇත්තට! මම ඇහුවාමයි එහෙම කතාවක්. විචාරකට බැරි වෙයිද ඒ පොතේ පිටපතක් හොයාගෙන බ්ලොග් පෝස්ට් එකක් දාන්න?

      Delete
    2. මොකක් ද බොල,විචාරක තුමාට දාපු පිලිතුරම මට දීල තියෙන්නෙ?.
      වලිනම් වලි මල්ලි හරිරිරිරි...ද..?:)

      Delete
    3. අනේ සමා වෙයං බං. පොඩි එකා මගේ හෙයා ක්ලිපර් එකක් අරං තනියෙම කොණ්ඩේ තට්ටෙටම කපාගන්නවා. කෙල්ල ෆෝන් එකේ ඇලිලා ඉන්න ගමන් සැන්විච් ටෝස්ට් කරනවා. දීපා කෑගහනවා අන්න පිච්චෙන සුවඳක් එනවෝ කියලා. මම කන පැලෙන්න මියුසික් දාගෙන මේ කමෙන්ට් කොටනවා. ඒ මදිවට එළියේ හෙණ කුණා‍ටුවක් බං. පට්ට සීතලයි. මම මේ මේසුත් දාගෙන ඉන්නේ.

      මම ඇත්තෙන්ම උඹට මේ කමෙන්ට් එක දැම්මා, නමුත් ඇලිලා ඇවිත් තියෙන්නේ ඊට කලින් දාපු එකමයි.

      "අපිත් ඔය කොරන්නේ ඉඳ හිට !"

      Delete
    4. //පොඩි එකා මගේ හෙයා ක්ලිපර් එකක් අරං තනියෙම කොණ්ඩේ තට්ටෙටම කපාගන්නවා. කෙල්ල ෆෝන් එකේ ඇලිලා ඉන්න ගමන් සැන්විච් ටෝස්ට් කරනවා. දීපා කෑගහනවා අන්න පිච්චෙන සුවඳක් එනවෝ කියලා. මම කන පැලෙන්න මියුසික් දාගෙන මේ කමෙන්ට් කොටනවා. ඒ මදිවට එළියේ හෙණ කුණා‍ටුවක් බං. පට්ට සීතලයි. මම මේ මේසුත් දාගෙන ඉන්නේ//

      අනේ ඊළඟ ලිපියකදී ඔන්න ඔය ටික පෙන්නන චිත්‍රයක් අඳින්න හොඳේ.

      Delete
  25. "ලංවෙලා බැලුවොත් ඇඳලා තියෙන්නෙ කුරු‍ටු. මේ වගෙ" මේවා කුරුටුද බං, මේවා විශිෂ්ට චිත්‍ර නේ. පොතේ නම පටුන කියලා කිව්වා කතාව හරියට , පොතේ කතෘ ආඥාත කියලා කෙනෙක් කියලා කිව්වා වගේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉවාන්. සමහර වෙලාවට කුරු‍ටුගාන වෙලාවට බෝල්පොයින්ට් පෑනෙන් බිහිවෙන නිර්මාණ ආයෙත් හිතලාවත් කරන්න බෑ.

      Delete
    2. ඔයාගෙන් බිහිවෙන ගොඩක් නිර්මාණ ඉහලයි..උපරිමයි

      Delete
  26. ඔන්න බලාන්න ළමයිනේ, කතාවට ගැලපෙන්න දීලා තියෙන උදාහරණ. මේ පෝස්ට් එකේ අන්තිමට, කමෙන්ට් පටන් ගන්න ඉස්සෙල්ලා තියෙන ඉඩ දිගේ දකුණු පැත්තට ගියොත් 18+ එකේ මුල පිටුව තියෙනවා. "මෙම්බර්ස්ලට විතරද අයියා රෙ#@ බර හැදෙන්නෙ?" වගේ තරු, ඇට්, කොටු වැටිච්ච මාත්තුරුකාත් ඕකේ තියෙනවා නෙව.

    මගෙත් ඒක අයිය කෙනෙක් නෑ කමට බාප්පා. එයාගේ අම්මා කිරිඅම්මා. එයාගේ මාමා අපෙත් මාමා. දුරින් ඔහොම නෑ වෙන කී දෙනෙකුට අයියා අක්කා කියලා තියෙනවද මංදා.

    අයියා, අක්කා නැත්නම් මාමා,නැන්දා කියල කරන ආමන්ත්‍රණවල නිකම්ම නම කියනවට වඩා ලොකු සුහදශීලීත්වයක් තියෙනවයි කියලයි මට හිතෙන්නේ. අංකල්, ඇන්ටි කියනවට වඩා මාමා, නැන්දා කියලා කරන ආමන්ත්‍රණ අහන්න ගොඩක් වැඩිහිටියො කැමතියි. හැබැයි ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වෙනවා.

    මගේනම් ගොඩක් ආමන්ත්‍රණ එවෙලෙට කටට ආපුවා තමයි. මේ ගැන මම කලින් ලියලා තියෙන නිසා ආයෙ මෙතන ලියන්න ඕනි නෑනේ.... :D

    ReplyDelete
    Replies
    1. අපේ ළමයිනුත් තමන්ගේ නෑදෑයින්ට කතා කරන්නේ මාමා නැන්දා කියලා, අංකල් ආන්ටි කියන්නේ නෑ දෑ නොවන වැඩිහිටියන්ට.

      බොහොම ස්තුතියි අකමා මෙච්චර මහන්සි වෙලා ලියපු කමෙන්ට් එකට.

      Delete
  27. හොද වෙලාවට පටුන විතරයි කියවලා තියෙන්නෙ. එතකොට යාපනේට යාපා පටුන කියන්නෙ මොකද?

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ ප්‍රශ්ණයක් තමයි සයුරි. නමුත් ඒකට උත්තරේ නම් මටත් දැනගන්න වෙන්නේ ඉතිහාසඥ සයුරිගෙන්මයි.

      Delete
  28. මචං බාප්පලා කියද්දී මතක් වුනේ, මීට අවුරුදු 10 කට විතර ඉස්සර අපේ අම්මා ගේ පෙර පාසලෙත් ඔය වගේම බාප්පයි පුතයි දෙන්නම එකට ඉගෙන ගත්තා.

    ReplyDelete
    Replies
    1. ඔව් ගිහාන්, මම කිව්වත් වගේ මේක හරිම සුලභ දෙයක් වගේ. මමත් මේක ලියන්න කලින් එහෙම හිතුවේ නෑ.

      Delete
  29. මචං කිව්වාම මට මතක් වුණේ කැම්පස් එකේ අපිත් එක්ක හිටිය හාමුදුරු නමක්ව. අපිත් එක්ක බොහොම හිතවත් මේ හාමුදුරුවෝ දැක්ක තැන කතාව පටන් ගන්නේ "මචං" කියලා. ඒක නිසා හාමුදුරුවන්ට කොල්ලෝ කිව්වේ මචං සාදු කියලා. අන්තිමට මචං සාදු තුන්වෙනි අවුරුද්දේ සිවුරු ඇරලා මචං කෙනෙක් වුණා

    ReplyDelete
    Replies
    1. හසිතලත් එක්ක නම් සෑහෙන හාමුදුරුවරු සංඛ්‍යාවක් ඉගෙනගන්න ඇති නේද කැළණියේ?

      Delete
    2. 1st year එකේ නම් සෑහෙන්න හාමුදුරුවරු හිටියා. 65 නමක් විතර. ඒ අවුරුද්ද ඉවර වෙද්දිම 5 නමක් සිවුරු ඇරියා. දැන් අපි 4th year නේ. මේ වෙද්දී අර 60 නමෙන් 20 ක් හෝ ඊට වැඩි ගණනක් සිවුරු ඇරලා ඉන්නේ

      Delete
  30. ඇත්තටම පටුන බලල තියෙනවද

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං ඇත්තම ප‍ටුන? :-?

      Delete
  31. අපේ පුතාටත් ඉන්නවා එයාට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමල් දුවල දෙන්නෙක්ම...... :D :D කවද හරි දවසක ඒ දෙන්න මොනවා කියල කතා කරයිද දන්නේ නෑ එයාට :D

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් කාන්ච්, සමහර ළමයි උපදින්නෙම මාමලා නැන්දලා හැටියට. :))

      Delete
  32. හෙහ් හෙහ් හෙහ් ..... "පටුන " =)) අනේ පව් ... මං හිතන්නේ එයාට කරකියා ගන්න දෙයක් නැති හින්දා වෙන්ට ඇති එහෙම කිවුවේ .. :-? නැත්තන් ඉතිං අහවල් එකටද ඔය පොත විතරක් අරං තියන්න හිතුනේ :D

    ReplyDelete
    Replies
    1. නෑ රෙහානි, ඒ පොත විතරයි එතන තිබ්බෙත්. අනික කියවන පුරුද්ද හැමෝම ගාවා නෑ. ඒ වගේම පොත් කියවන අයත් නොකියවන අයත් දෙගොල්ලම ඉන්නවනේ.

      Delete
  33. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොකෝ බං ඒ ලස්සන කමෙන්ට් එක මැකුවේ? ඒකෙ මොකුත් අප්සෙට් දේවල් තිබ්බේ නෑනේ. :-O

      Delete
    2. මචන් හිතල මැකුවේ නැහැ බන්.එකටම රෙප්ල්ය් කොරන්න ගිහින් මැකුණා.පුළුවන් නම් දහන මචන් මේකේ.මගේ එක හොයා ගන්න නැහැ.

      Delete
    3. ගමන් මගේ මඟියා has left a new comment on your post "87. මචං බාප්පලා සහ 'ප‍ටුන'":
      රිප්ලයි කරන්න ගිහින් ඩිලීට් වුනා? උඹටත් වෙන වැඩ! හොහ් හොහ්. මෙන්න ඒක.

      මචං කිව්වම මටත් මතක් උනා... මට කවුරු හරි කෝල් කලොත් පුතා ෆෝන් එක අරගෙන අහනව හලෝ කියල.කතා කරන කෙනාගේ කට හහඩින් මගේ යාලුවෝ කීප දෙනෙක් අදුනනව එහෙම අදුන ගත්තට නම දන්නේ නැහැ.ඉතින් එය කතාව පටන් ගන්නවා මෙහෙම" අහ් මචං අන්කල් කොහොමද? කොහෙද ඉන්නේ ? හොදින් ඉන්නවා නේද ? " ඔන්න ඔහොම වල වටාරම් කියවල තමා මට දෙන්නේ.මගේ යාලුවන්ගේ ගෙවල් ඔක්කොම "මචං ගෙදර".කොහේ හරි යනකොට අහන්නේ මචන් ගෙදර යනවද කියල...


      Delete
  34. පටුන බලන්න නෑතුව ඈතිනෙ.මොකො කොච්චර සුදු අයිය කියල කිවුවත් කවදාවත් පොර සුදු මල්ලි කියල කියන්න නෑතිව ඈතිනෙ.මචන් කියන්නෙ බ්‍රදර් ඉන් ලො නෙද

    ReplyDelete
    Replies
    1. එතකොට ඒකයි හේතුව නේද දමිත්?

      මචං කියන්නේ මාමගේ නැතිනම් නැන්දගේ පුතා වෙන්නත් පුලුවන්නේ? නමුත් මම නම් හිතන්නේ මචං කියන්නේ ඊට වඩා හුඟාක් වැදගත් වචනයක් කියලයි.

      Delete
    2. මචන් කියන්නෙ මමගෙ හරි නෑන්දගෙ හරි පුතාට නෙමෙයි මම හිතන්නෙ.තමන්ගෙ බිරිදගෙ සහොදරයට තමයි මචන් කියන්නෙ.මොකද අතිතයි විස්වාසයක් තිබුන මචන් තමයි තමන්ට හොදටම විස්වාසකරන්න පුලුවන් කෙනා කියල.හෙතුව තමන්ට කෙල වුනොත් මචන්ගෙ සහොදරි අමාරුවෙ වෑටෙනව නෙ.ඉස්සර වෑද්දො බඹර කඩන්න ගලෙන් බහිනකොට ඉනෙ බෑදගත්ත වෑල්පට අල්ලගන්න දෙන්නෙ මචන් ට.අර කලින් හෙතුව නිසා.එක නිසා මචන් කියන්නෙ තමන්ගෙ ජිවිතෙට වඩාත්ම විස්වාස කෙනා විදියට සෑලකෙනව.

      Delete
  35. මට නම් එහෙම කියන්න කවුරුත් නෑ. හැබැයි මගේ පුංචම්මාට මගේ පුතත් කියන්නෙ පුංචම්මා කියල. පොඩි කාලෙ හිටං ඇහුනෙ එහෙම නිසා.
    අපේ ගෙවල් ලඟ එක්කෙනෙක් හිටියා. එයාට මාම කියන්න කිව්වම එයා කියන්න ගත්තෙ අන්කල් මාම කියල.

    ප‍ටුන ගැන වැඩි විස්තරයක් දීල නෑනෙ. හැබැයි ගොඩක් අයට දැන් ප‍ටුන ඕන වෙලා වගේ. :-O

    ReplyDelete
    Replies
    1. අපෙත් හිටියනේ අංකල් අය්යා කෙනෙක්.

      මම හිතුවේ නෑ ප‍ටුන පොතට මෙච්චර ඩිමාන්ඩ් එකක් තියෙයි කියලා.

      Delete
  36. ඔය ප‍ටුන පොත ඔහොම වෙන්නෙ උවමනාවෙන්ම මුල් පි‍ටු අයින් කරන හින්දයි.. අපෙ එකෙක් ලඟ ඕක තිබ්බා. අපි කැම්පස් ඉන්න කාලෙ. ඌ ඕක කියවන්න ඉස්සර උගෙ කොන්දේසි දානවා.. ජොකා නැතිව සරමක් ඇඳන් උගෙ ඇ‍ඳෙ උඩු බැලියෙන් නිදා ගන්න කල් ඒක දෙන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔය පරීක්ෂනයට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන එවුන් ඉන්නවද?

      Delete
  37. පිදුමත් ගැලවිලා යන්ට ඇති....ඒක ඉතුරු වෙලා තිබුනා නම් "පටුන" "පිදුම" වෙයි

    ReplyDelete
    Replies
    1. ඇයි බං එක මූවී එකක් ආවේ Next කියලා. ඔන්න අන්තිමේදි ඒ දවස උදාවුනා. NEXT NEXT කියලා දැම්මා.

      Delete
  38. සිත්තරේ නම් පොඩි ගතියක් තියනවා..ලස්සනයි..
    පුස්තකාලේ පොත් රාක්කේ පොත් තියන්න කැමති නැත්තේ මොකෝ ඩූඩ්?

    ReplyDelete
    Replies
    1. පොඩි ගතියක් ඈ?

      පුස්තකාලේ රාක්කෙපොත් තියන්න අකමැති ඇයි කියලා මටත් පැහැදිළි නෑ. සමහර විට කවුරුහරි අරන් යයි කියලා වෙන්නත් ඇති. නැතිනම් අපි කොහොමත් මචං බාප්පලගේ කඩේට යන හන්දා වෙන්න ඇති.

      Delete
  39. කියවලා දවසක් ගියා කමෙන්ට් එක කොටන්න. මේ වගේ අය සමාජේ කොයි තරම් ඉන්නවද? කාටවත් හානියක් නැතිව අහිංසක විදියට අනෙක් අයට සතුටක් ලබා දෙන අය.

    ReplyDelete
    Replies

    1. නැතුව මචං. ඇයි මේ අහිංසක මම? :))

      Delete
  40. පිරිමි ළමයි බලි අඳිනවා වගේම, ගෑනු ළමයි පිරිමි ළමයි එක්ක කතා කරනකොට කොල කුරුටු ගානවා. මම පොඩි කාලේ හිතාගෙන හිටියේ ටියුෂන් මාස්ටර්ලාට කියන්නේ 'අරූ' කියලා. :D

    ReplyDelete
    Replies
    1. ඇයි ගස් වල කොල කඩනවා, පොතු ගලවනවා, බිත්ති වල පේන්ට් පොතු ගහනවා, පෝස්ටර් ඉරනවා, බිම හාරනවා, ලේන්සු අඹරනවා, etc etc...

      මට ඒ අරූ කතාව හරියට මීටර් වුනේ නෑ, පොඩ්ඩි.

      Delete
    2. පොඩ්ඩි පොඩි කාලේ , නෑ ගෙදරක ගිය වෙලාවක, ලොකු අය්යා කෙනෙක් එයාගේ යාලුවෙකුට ටියුෂන් මාස්ටර් පෙන්නලා 'අන්න අරූ එනවා' කීවා. ඉතින් එදා ඉඳන් පොඩ්ඩි කාලයක් යනකල් හිතුවේ 'අරූ' කියන්නේ ටියුෂන් දෙන්ට එන අයට කියලා හී හී...'මචං' කතාව දැක්කාම ඒක මතක් උණා අනේ. :D

      Delete
  41. මේක කියවගෙන යද්දි මට මතක් උනේ වෙන කතාවක්.... කෝච්චි වලට දාන්නේ ගෑණු නම්නේ. පිරිමි නමක් තියන කෝච්චිය මොකද්ද කියලා උඹ දන්නවද?

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද ඒ වෙන කතාව?

      කෝච්චි නම මට මතක් වුනේ නෑ මචං. ලංකාවේ කෝච්චිද? Viceroy Express? රාජධානි එක්ස්ප්‍රස්?

      Delete
    2. ලංකාවේ කෝච්චි.. දැන් උඹ අලුත් පෝස්ට් එකක් දාල නිසා පස්සෙම කියන්නං.... :)

      Delete
  42. සොරි වෙන්ඩෝන පරක්කු උනාට, ඔය මචං බාප්පල මාමල ඒකාලෙ, ඒ කියන්නෙ හෙන්රිලගෙ කාලෙ ටිකක් වැඩියි. මොකද දන්නවද පවුලක ළමයි දහයක් විතර ඉන්නකොට අන්තිමයයි පළවෙනියයි අතරෙ පරතරය සෑහෙන්න වැඩිවෙනව. ලොකු එවුන්ගෙ ළමයි සහ පවුලේ බාලයන් සම වයස් වෙනව. මේ තත්වෙ දැන් ටික ටික අඩුවෙමින් යන්නෙ. මොකද දැන් පවුලක ළමයි එකයි දෙකයිනේ. උදාහරණයක් විදියට උඹේ පවුල අරගෙන බලපං. කෙල්ලයි කොල්ලයි අතරෙ වැඩි වයස් පරතරයක් නෑනේ.

    18+ නං අපි බැලුවෙ පටුනෙ ඉඳල. :-)

    ReplyDelete
    Replies
    1. වෙන්න පුලුවන් රාජ්. නමුත් පවුලක ළමයි සංඛ්‍යාව වැඩි වෙන්න තව හේතු සාධක හුඟක් බලපානවා මම හිතන්නේ. මටත් ඉන්නේ නංගියි මල්ලියි විතරයි.

      නමුත් මේ රටේ තවම තියෙන්නේ ළමයි අධික පවුල්.

      Delete
  43. මටත් ඉන්නවා මටත් වඩා බාල මාම කෙනෙක්.. ඒක නෙවෙයි පටුන පොතේ කර්තෘ කවුද?

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com

    ReplyDelete
    Replies
    1. බලාපල්ලා හැම එකාටම ඒ පොත මොකක්ද කියලා දැන ගන්න තියෙන උවමනාව! කතාව කැලේ.

      එන්නම් දුලා. එන්නම්.

      මගේ ඩෙනිමට සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  44. වො යකෝ ඒ පොත් පත්තර අතින් අත ගිහින් ආයේ අයිතිකාරයට ලැබෙන කොට තියෙන්නේ පටුන කොලේ ඉතරයි . .

    හෆෝයි . . මෙන්න මේකා අපේ පරන මතක අවුස්සලා ගන්නවෝ . .

    ReplyDelete
  45. මේ නෑකම් සහ වයස කියන්නේ තවත් එක කුජීත සංසිද්ධියක්! දන්නා කියන නෑයන්ගෙන් මට හිටපු ලොකුම අයියා අපේ අම්මටත් වඩා වැඩිමල්,පොර මලා. ඉන්න එවුන්ගෙන් ලොකුම පුතා ඕලෙවල් වයසේ. මම නම් තව කමක් නෑ, හත අට වසරවල ඉද්දි මගේ යාලුවෙක් උගේ දුවෙක්ගේ වෙඩිමකට ගියා,ඉතින් ඇවිත් අපි එක්ක කිව්වම අපේ ප්‍රතිචාර හිතාගන්නකෝ!

    ReplyDelete
  46. ඔය නෑකම් නම් කාගේත් ඔහොම තමයි Dude..

    මගෙත් ඉන්නවා..නැන්දා කෙනෙක්..මට වඩා මාසයයි වැඩිමල්..මොන හිතකින් කටහැරලා නැන්දේ කියන්නද..?මූණ වත් බලන එකක් නැහැ...ඊට පස්සේ..

    ඒ නිසා..නම ම කියලා කතාකරන්නේ...

    ReplyDelete
  47. මචං (ගෞරවයෙන්) හෙන්රි අයියා මරු පොස්ටු...

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>